භෞතිකවාදයෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි -1
භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - දෙවන කොටස
භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - තෙවන කොටස
පෙරේදා මා සිටියේ මැක්ලැරෙන් F1 වාහන සමාගම භුමියේ සීඑන්එන් ස්ටුඩියෝ එකේය. එහි CNN සමාගමේ "මේ ලොවින් එපිටට " යන රුපවාහිනී සමුඛ සාකච්චා වැඩ සටහන පටිගත කෙරුණි. මට එය නරඹන්නට අරාධනා කලේ රාජකීය තාරක විද්‍යා සංගමයයි. ඒ මා එහි සාමාජිකයකු හෙයිනි. එහි තේමාව "out of this world " "මේ ලොවින් එපිටට " යන්න මළවුන්ගේ ලෝකය ගැන නොවේ. පෘතුවියෙන් එහා ගමනක් ගැනය. අඟහරු ලොවට යාමට සැරසෙන කණ්ඩායමේ එක අයෙකුද එහි සමාගමේ සභාපතිද එහි විය. ඒ ගැන ඉදිරියේ දී ලිවීමට සිතමි.
එඩ්ගාර් කේසි පොත් කියවන මට "වේලයෙන් පිටු පස " කණ්ඩායමේ අයෙක් යෝජනා කල දෙයක් ඉමහත් කුතුහලයක් දැනවීය. ඒ සිල්වර් බර්ච් නමැති ආත්මවාදී ඇමෙරිකානු ආදී වාසි (රතු ඉන්දියානු) මිඩියම් ගැන කියවන ලෙසයි. මේ මිඩියම් වරු ගේ නම්ද අර මුල් වාසීන්ගේ (රතු ඉන්දියන්) නම් මෙන් අමුතුය. සුදු බර්ච් ගස ඔහුගේ නමයි. ඔහුගේම කටහඩින් දෙන රිඩින් (reading) හෙවත් මළවුන් ගේ කතා මෙතැන ඇසිය හැකිය.
"සුදු බර්ච් ගස" ගෙන්වන්නේ මොරිස් බබනෙල් නමැති මිඩියම් හෙවත් සිල්වර් ගේ මාධ්‍යය වශයෙන් කටයුතු කළ තැනැත්තායි. . සුදු බර්ච් කියන්නේ ඔහුට මාස්ටර්ලා හෙවත් ගුරුන් විස්තර සපයන බවය. කේසිට සියලු විස්තර දෙන්නේ කලින් සිටි වෛද්‍යවරයෙකු ගේ ආත්මයකි. සෘෂි වරයෙක්ද විය හැක. මේ විස්තර දෙන අය හඳුන්වන්නේ මාස්ටර් හෙවත් ගුරු හැටියටය. ඔවුන් විස්තර ගන්නේ මහා පුස්තකාලයක් වැනි තැනකිනි. ලෝකයේ ජිවත් වන හැමෝගේ ම විස්තර, බල්ලන්, බළලුන් ගේ පවා, එහි ඇත.
මම මේ ගැන අපේ කණ්ඩායමෙන් ඇසුවෙමි. මෙහිදී ලවුලෙන් ප්‍රකාශ කලේ ඇගේ මියගිය පියා ප්‍රථමයෙන් පෙනී සිටින බවත් ඔහු හරහා ඇය අනිකුත් අය ගෙන්වන බවත්ය. මෙහිදී මා කිවේ එසේනම් ඇය කථා කළේ මගේ පියාට නොවන බවයි. මගේ පියා දාන ශාලාවේ සිටි නිසා එය විස්තර කළ හැකි අතර ඇගේ පියා ඒ ගැන නොදන්නා බවද ඇය කීවාය.
සිල්වර් බර්ච් |
ඉන්පසු මා කීවේ ඒ ඇගේ පියා නොව අර සිල්වර් බර්ච් හෝ කේසි කි ජාතියේ මාස්ටර් කෙනෙක් විය හැකි බවත් එසේ නැති නම් ලංකාවේ හාමුදුරුවරු කියන ආකාරයට භූතාත්ම, ප්‍රේතාත්ම විය හැකි බවත් කෙසේ නමුත්, මා ඒවා කිසි දිනෙක විශ්වාස නොකළ බවත්ය. ඇය හෝ අනිත් අය භූතාත්ම කතාවට එකඟ නොවූ අතර ඔවුන් කීවේ මේ මළ ගිය ආත්ම පෙන්නුම් කරන්නට උදව් දෙන අය හොඳ මිනිස් ජිවිත ගත කළ තමන්ට හොඳින් ජිවත් වීමට උපදෙස් දෙන සුපිරිසුදු ආත්ම බවයි. ඔවුන් ජිවත් වන්නේ අපට තලයක් දෙකින් උඩින් බවද ඔවුහු කීහ. (astral plane) එම තල මොනවාද යයි ඇසීමේදී එසේ තල හත අටක් ඇති අතර උඩට යන්නට යන්නට එම තලවල අය බලවත් බවද ඔවුහු කීහ.
මෙහිදී ශ්‍රී ලංකාවේ සිට කණ්ඩායමට ලොගින් වෙන ඩිව් නමැති පරීක්ෂකයෙක් හමුවිය. ඔහු සමග කුළුපග වීමේදී මම ඔහු සිටින තැන ගැන විස්තරයක් කලෙමි. ඒ මට එසේ කළ හැකි දැයි බලන්නටය. ඔහු සමග තවත් තැනැත්තෙක් සිටින බවත් ඔහු අත් කොට ටි ෂර්ට් එකක් ඇඳ සිටින බවත් පැවසුවෙමි. (මට එසේ පෙනුනේ සිතේ හැඳි රූපයක් මගිනි)
ශ්‍රී ලංකාවේ බෞද්ධ, හින්දු , රෝමානු කතෝලික හා මුස්ලිම් ජනතාව ගෙන් සමහරු මේ මළවුන් ගෙන්වීම් විශ්වාස කරති. මුස්ලිම් වරුන්ගේ ෂියා නිකාය ඒවා තදින් විශ්වාස කරති.
තවත් දිනෙකදී මගේ කාමරයේ නිවසක ඇති පින්තුරයක් ගැන සමන්තා නමැත්තියක් පැවසුවාය. එය ඇයට පෙනෙන අන්දමට මගේ බිරිඳ සුදු ඇඳුමක් ඇඳ සිටින අතර මා සිටින්නේ සිට ගෙනය. මේ කියන්නේ මම පලමු ලිපියේ දක්වා ඇති අපේ මංගල ඡායාරූපය ගැනය. පසුව දැනගත් පරිදි සමන්තා ගේ පියා හා පියාගේ පියා (සීයා) හා මව ජර්මන්ය. ඔවුන් මගේ ජර්මන් බිරිඳගේ ප්‍රාන්තයෙන් සංක්‍රමණය වූවන්ය. මේ සමන්තා පසුව කණ්ඩායමෙන් ඉවත්ව ගිය පළමු තැනැත්තියයි.
මගේ බිරිඳ මේ විස්තරයට කැමැත්ත පළ කලේ නැත. ඔවුන් අපේ නිවසට භූතයන් එවති යයි ඇය බිය පළ කළාය. එවැනි කිසිවක් සිදු නොවන බවත් ඔවුන් කිසියම් ආකාරයක මායාවක් (මැජික් එකක්) ක්‍රියාත්මක කරන බවත් පවසා ඇය අස්වැසුවෙමි.
මෙහිදී ලවුලෙන් ඇගේ ඉංගිසි ජාතික සම්භවය ගැන අපට පැවසුවාය. ඒ අනුව ඇගේ මිත්තණිය ලන්ඩනයේය. වඩා හොඳින් විමසා බලන විට ඇය පොන්ඩර්ස් එන්ඩ් නම් පෙදෙසේ ජිවත් වූ කෙනෙකි. ඒ කියන්නේ මා ජිවත් වන නිවසේ සිට කිලෝමීටර එකහමාරක් ඈතින් ඇති එන්ෆිල්ඩ් නගරයේම අනු කොටසකි. ලවුලෙන් කිවේ මේ සම්බන්ධකම් අහම්බයක් නොව එම සම්බන්ධකම් නිසාම සමහර විට ඇයට හා සමන්තා ට මේ විස්තර කිව හැකි බවය. මගේ අදහස වූයේ ලෝකය අපට ලොකුවට පෙනුනත් විශ්වයට අනුව කුඩා බවත් මේවා නිකම්ම නිකම් අහම්බයන් බවත්ය.
ලවුලන්ගේ සැමියා ගේ පියා යුගෝස්ලාවියාවේ (එවකට සමාජවාදී සමුහාණ්ඩුව) ස්ලොවේකියා රටේ බ්‍රට්‍රිස්වාලාවා නගරයෙන් කැනඩාවට සංක්‍රමණය වූ කෙනෙකි. ඒ කියන්නේ අගේ සැමියාට ස්ලෝවේකියන් කතා කළ හැකිය. අපේ නිවසට ඒ කාලයේ ළමයි බැලීමට පැමිණි නැනී ද ස්ලෝවේකියාවේ බ්‍රට්‍රිස්වාලාවා වල ඉපදුනු යුවතියකි. ලවුලෙන් මා හගිස්වන්නට මේ කරුණද භාවිතා කළාය.
සිල්වර් බර්ච් ගැන සොයද්දී මට හමුවුයේ හෙලේනා බ්ලවට්ස්කිය. මෙය මට මහත් පුදුමයට කරුණක් විය. ඒ මා බ්ලවට්ස්කි ගැන කලින් කියවා තිබීමයි. කොළඹ විශාඛා විදුහලේ උගත් මගේ සොයුරිය ළඟ කර්නල් ඕල්කට් තුමා, ඇනී බෙසන්ට් හා බ්ලවට්ස්කි ගේ පින්තුර රැගත් පොත් පිංචක් තිබුණි. එයට හේතුව ඕල්කට් හා බ්ලවට්ස්කි විසින් පිහිටවූ තියෝසොපිකල් සොසයිටි (දෙවියන් ගැන දැනුම හෝ පරම විඥාණාර්ථ සමාගම) මගින් බෞද්ධ විදුහල් වන ආනන්ද, නාලන්ද, ධර්මරාජ හා විශාඛා වැනි විදුහල් පිහිටුවීමයි.
හෙලේනා පෙත්රෝව්නා බ්ලවට්ස්කි යනු රුසියානු රදළ (aristocratic) කාන්තාවකි . ඇගේ පියා රුසියානු හමුදාවේ සේවය කළ ජර්මන් රදළ සෙන්පතියෙකි. මවද රුසියානු රදළ කාන්තාවකි. හෙලේනා බ්ලවට්ස්කි මිඩියම් කෙනෙකි. ඇය සම්බන්ධ කරගන්නා මළගිය මාස්ටර් ලාගේ නම් වන්නේ මොර්යා හා කුට් හූමිය. මොවුන් කව්දැයි ඇයවත් දන්නේ නැත. කර්නල් හෙන්රි ස්ටිල් ඕල්කට් යනු ඇගේ මිතුරෙකි. සැකෙවින් කතා ව කියතොත් මලගිය ලෝකයේ මාස්ටර් ලා විසින් දේව සභාවක් ගැන කියා තිබේ. ඈත පෙරදිග රටක සත්‍යය සොයා ඔවුන් යා යුතු බවත් ඔවුන් සත්‍යය වටහා ගන්නා බවත් පවසා ඇත. ඕල්කට් හා හෙලේනා දෙදෙනාම ඉන්දියාව බලා නැව් නැගුනහ. එහි අර්ද්‍යා නගරයේ තම සංගමයේ මුලස්ථානය පිහිටුවා ගත් ඔවුන් දෙදෙනා ආර්ය සමාජය නම් සංවිධානයක් ගොඩ නැගුහ. එහිදී බෞද්ධාගම වැළඳ ගත් මුල්ම බටහිරයන් වුයේද ඔවුන්ය.
පසුව ලංකාවට (ceylon) පැමිණ බෞද්ධ පුනරුදයක් ඇති කරන්නට අනගාරික ධර්මපාල තුමාට උදව් කළේත්, බෞද්ධ පාසැල් පිහිටුවන්නට ජෙරමියෙස් ඩයස්, ඇනි බෙසන්ට් ආදීන්ට උදව් කළේත් මොවුන්ය.
මේ අනුව වර්තමාන ලංකාවේ බුද්ධාගම පිහිටුවා ඇත්තේ බටහිරයන් දෙදෙනෙකුට මළවුන් කියූ සාස්තරයකටය. එනම් භූතයන් හා ප්‍රේතයන්ට විරුද්ධ හාමුදුරුවරුන්ගේ ඒ මුළු ආගම ම පිහිටුවන්නට උදව් කල දෙදෙනා භූතයන්ගෙන් අවවාද ගත් යයි. එසේ නැත්නම් මේ භූතයන් ගෙන් ලද නියෝගයක් නොව ආනන්ද මෛත්‍රය හිමි කියන ආකාරයට දේව සභාවකින් ලත් නියෝගයක්ය. ආනන්දය, නාලන්දය ආදී විද්‍යාල පිහිටුවන්නට උපදෙස් දෙන්නට ඇත්තේද මළවුන් යයි මෙහිදී සැක ඇතිවේ. කෙසේ වුවද එසේ කිරීමෙන් ශ්‍රී ලංකාවට වූවේ හොඳකි. ආචාර්ය නලින් ද සිල්වා මහතා බටහිර බුදු දහමට මෙතරම් බැන වදින්නේ සමහර විට මේ නිසා විය යුතුය.
මට වැටහෙන ලෙසට ක්‍රි ව. 217 වට්ටගාමිණී අභය රජු විසින් පිහිටුවන ලද අභයගිරි විහාරය පැවති සමයේ දී ශ්‍රී ලංකාවේ නියම බුදු දහම පැවතුනි. මහාවිහාර අභයගිරි ප්‍රශ්නය මත බෙදී වෙන්වී පසුව සොළින් විසින් විනාශ කරන ලද අභයගිරි විහාරය මහායානික බුදු දහමේ මුලස්ථානයකි.
මේ වන විට 2007 වසර වූ අතර මම මෙහිදී මේ සියල්ල තනිකරම මායාවක් බව ලවුලෙන් ට පැවසුවෙමි. මා ලංකාවේදී මේ දේව සභා කතා කවදාවත් විශ්වාස නොකළ බවද පැවසුවෙමි.
මෙහිදී තවත් අයෙකු පැහැදිලි කිරීමක් කරන්නට ඉදිරිපත් විය. මේ තැනැත්තා ගේ යහළුවා වා ජේම්ස් ****** මරා දමා ඇත්තේ ඔහු කියන ආකාරයට ඇමෙරිකන් ඔත්තු සේවා මගිනි. ඒ මැද පෙරදිග තෙල් වලට විරුද්ධ යමක් ඔහු සොයා ගෙන ඇති නිසා බව කීය. ඔහු මරා දමා ඇත්තේ පොටෑසියම් ක්ලෝරයිඩ් ඉන්ජෙක්ෂන් එකක් ගසා කෘත්‍රිම හෘදයාබාධයක් සාදවාය. එහිදී පොටෑසියම් දිය වෙන නිසා මරණ පරීක්ෂණයක දී සොයා ගැනීමට නොහැකිය. මේ යහළුවා සිරින්ජය සොයාගෙන තිබේ. එදා සිට ඔහු ජිවත් වන්නේ හොරෙන්ය.
එසේම ඔහු පැවසුවේ, ඔහු එම රහස් ඔත්තු සේවාවේ රිමෝට් (remote viewing) බැලීම වැඩ සටහනේ සිටි බවයි. ඔවුන්ගේ කාර්යය වුයේ මැද පෙරදිග ආදී ඇමෙරිකානු හමුදා ඇති පෙදෙස් දෙස සිතෙන් බැලිය හැකිද යන්න සොයා බැලීමයි. එම වැඩ සටහන පසුව නවතා දැමුවාක් බවද ඔහු කියා සිටියේය.
මෙය මා යහලුවෙකුට පැවසුවෙමි. ඔහුගේ අදහස වුයේ මේ කණ්ඩායමම රහස් ඔත්තු කරුවන් විය හැකි බවත් ඔවුන් මගේ චිස්තර මුලින් සොයා බලා පසුව මා පුදුමයට පත් කරන්නට ඒවා කියන බවත්ය. මේ සිද්ධීන් එසේ විය නොහැකි යයි කියා ඉවත දැමුවෙමි. ඔවුන්ට එසේ කිරීමට හේතුවක් නැත.
මම මෙයින් පසු කණ්ඩායමෙන් ඉවත්ව යාමට සැරසී සිටියෙමි. මේ කාලයේ මගේ ලංකාවේ මිතුරා වෛද්‍ය බ්‍රයන් වයිස් ගැන කියවන ලෙස දැන්විය. ඔහුගේ many lives many masters ආදී පොත් සියල්ල මා ළඟ තිබේ. යුදෙව් වෛද්‍යවරයෙකු වන ඔහු පුනරුත්පත්තිය විශ්වාස කරයි. past life regression (අතීත භව වලට යාම) නමැති මෝහන ක්‍රමයකින් අතීත පුනර්භාවයන් ගැන කියන බව කියති. ඔහු ලන්ඩනයට නිතර පැමිණෙන මුත් මට ඔහු ගේ සම්මන්ත්‍රණයකට යාමට නොහැකි විනි.
වයිස් ගේ පොත්ද කියවූ නමුත් මගේ අදහස් දැඩි ලෙස වෙනස් කරන්නට ඒවාට නොහැකි විය. මේ වන විට වසර 2008 ද එළඹ තිබුණි. ලවුලන් ගේ අන්තිම රිඩින් එක හෙවත් කියැවීම ලැබුනේ මේ දිනවලය. මේ වනවිට ඇය මුදලට මෙසේ මළවුන් ගෙන්වීම ද අරඹා තිබුණි.
~ මතු සම්බන්ධයි.
සිල්වර් බර්ච් - http://www.silverbirchpublishing.co.uk/page.asp?pageid=3
ඔහුගේ කටහඬ - https://www.youtube.com/watch?v=3aFtkVRrizU
ඇමෙරිකානු මුල් වැසියන් වන මීඩියම් ලා ගේ නම්: http://whitecrowbooks.com/michaeltymn/entry/why_red_indians_so_often_control_mediums
හෙලේනා බ්ලවට්ස්කි - https://en.wikipedia.org/wiki/Helena_Blavatsky
http://www.magickalmind.com/blavatsky.htm
(මා තවමත් භෞතිකවාදියෙකු බව සිතමි. එහෙත් මා නොදන්නා දේවල් ගැන සෙවීම කවදාවත් අත් හැර නැත. එනිසා පුර්ව-විනිශ්චයකින් තොරව ලිපි පෙළ කියවන්න. මේ ලිපියේ සඳහන් ලවුලන් හෙවත් ජැමී විල්සන් හල් මගේ යෙහෙළියක වන අතර ෆේස්බුක් හි ඇගෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇසීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි. මා ලියන දෙයෙහි හරි වැරැද්ද ඇයට මතක නම් ඇගෙන් ඇසීය හැකිය. මා මේ ලිපිය ලියන බවට ඇයට දන්වා තිබේ. එහෙත් මළවුන් සමග කථා කිරීමට ඇයට යෝජනා නොකරන්න. ඇය දැන් එයින් ඉවත් වී සිටී . එයට හේතුව මේ ලිපි පෙලේම ඉදිරියේදී ලියවෙනු ඇත.)
අර එක් එක් ඉහල තලවල සිටින කතාව බෞද්ධ දේව සංකල්පය එක්ක ලඟින් යනවානේද
ReplyDeleteඔව් සෑහෙන්න ලඟින් යනවා.
Deleteඅජිත්, ඔබේ මේ ලිපි පෙල පිටුපස ඉතා දුරට විහිදී ගිය අධ්‍යයනයක් ඇති නිසා මේක බොහෝම වටිනා ලියවිල්ලක්.
ReplyDeleteඑසේම ඔබ මිත්‍යාවකැයි මූලික නිගමනයක සිටිනා වූ කාරනාවක් ගැන මෙතරම් අධ්‍යයනයක් විවෘත්ත මනසකින් කිරීමම වැදගත් දෙයක්.මා ඔල්කට් තුමා ගැන කියවා ඇති මුත් බ්ලැවට්ස්කි මැතිනිය ගැන කියවා තිබුනේ නැහැ. ඇය මීඩියම් කෙනෙකු බව මූලිකවම දැන ගත්තේ මේ ලිපියෙන්.
තව මගේ අවධානයට ලක් වූ තැනක් මේ. මාස්ටර් ලා පොළොවට ඉහලින් ඇති තලයක ජීවත් වන බවත් ඉහලින් ඉහලින් තවත් තල ඇති බවත් ඉහලට යනවිට ඒවායේ ඉන්නා අය බලවත් බවත්....
පැරනි ඉන්දියානු දැනුම ඇසුරින් විශ්වයේ සැකැස්ම ගැන පහත බ්ලොග් ලිපිය හැකිනම් කියවන්න.
http://katha32.blogspot.com/2014/02/gods.html
මෙහි සිතුවිළි නමින් ප්‍රශ්ණ විමසා ඇත්තේ මමයි.
එතකොට මීඩියම්ලා කියන ලෝකයත්, පැරණි ඉන්දියානු හා බෞද්ද ඉගැන්වීම් වල ඇති දේත් එක සමානද?
ඔබට මේ ගැන මොකද හිතෙන්නේ.
මම 2001 වසරේ සිට 2008 දක්වා මේවා හැදෑරුවෙමි. මේ ගැහැනුන් බොහොමයක් යුරෝපයේ හා ඇමෙරිකාවේ ගිනි තබා මරා දමන ලද්දේ ඇයිද යන් සෙවීමද එක හේතුවකි. ඔවුන් කිසියම් දෙයකට බිය වුනාද? මා සෙවූ සියල්ල ලියන්නේ නම් මට නිබන්ධනයක් කර විශ්ව විද්‍යාලයකට ඉදිරිපත් කර පශ්චාත් උපාධියක් ලබා ගැනීමට ඉඩ තිබුන යයි දැන් සිතේ. කනිෂ්කගේ බ්ලොගය ම සමහර කාලවල කියව ඇත.
Deleteඔහුගේ බ්ලොගයේ ඇති ලෝක ගැන මා දැනුවත්ව සිටියෙමි. ලවුලෙන් ලා හා වෙනත් අය ඔය තලයන් (astral plane ) ගැන කියන විට මට ඒවා මතක් වුනි. මා පසුව ඔවුන්ට ඒ ගැන පැවසුවෙමි.
Delete//එතකොට මීඩියම්ලා කියන ලෝකයත්, පැරණි ඉන්දියානු හා බෞද්ද ඉගැන්වීම් වල ඇති දේත් එක සමානද?// මිඩියම් කෙනෙකු වන බ්ලවට්ස්කි ඕල්කට් සමග ඉන්දියාවට ගියෙත්, පසුව බුදු සමය වැළඳ ගත්තේත් ඉන්පසු ලංකාවේ බෞද්ධ විදුහල් පිහිටෙව්වෙත් කුමක් නිසාද?
Witch-hunt/Witch-burning ආගමික, මානසික, දේශපාලනමය හා සාමාජීය හේතු හුඟක් ඇති දෙයකි. ලොකුවට පටන්ගත්තේ බටහිර පූර්ව ක්‍රිස්තියානි පේගන් ඇදහීම් හා ක්‍රිස්තියානියට විරුද්ධ හෝ වෙනස් දේශීය දැනීම් යටපත් කිරීමටය.
Deleteඊට ඉහතදී රෝමයේ මුල් ක්‍රිස්තියානුවන් යටපත් කිරීම , යුදෙව්ව්වන් සංහාර පමණක් නොව ඊටත් ඉහත වුවද mainstream යයි සැලකූ අයට වෙනස් අය යටපත් කිරීම තිබුනි.
දැන් xenophobia ද එයට ස්මානකම් දක්වයි.
කෙසේවෙතත් witch-hunts හුදෙක් බියකට වඩා සංකීර්ණ දෙයකි
ඒ දවස් වල ආගම් ප්‍රචාරණය කඩුවෙන් කලේ. ක්‍රිස්තියානි ආගම හි මුස්ලිම් ආගම වැඩ ප්‍රගතිශීලි හැටියට හිතල තමයි - මළවුන්ට කතා කරන අය - මායා කාරියෝ කියල මැරුවේ. බෞද්ධ හා හින්දු ක්‍රමයේ ඒවා accommodate කලා කියලයි මට හිතෙන්නේ.
Deleteමේ ලිපි ගැන විමසිය යුතු දේත් කතා කල යුත්දේත් මහා ගොඩක් ඇත.
ReplyDeleteටික ටික කථා කරමු.
ලිපි පෙළ අවසන් කරන්න හිතන් ඉන්නවා තව දෙකකින් විතර.
Deleteමෙය අවසන් වන විට බොහෝ විට මා නිරාගාමික බව ඔබට වැටහේවි. එනිසා ඔබේ ඉගෙනීම් එලෙසම කරගෙන යන්න.
Deleteඒකට කමක් නැහැ, මමත් බොහෝ දුරට නිරාගමික තමයි.
Deleteමම කිසිම දෙයක් අදහන කෙනෙක් නෙවෙයි.
හැබැයි යමක් මට හරියි කියලා තේරුනොත් මම ඒක පිලි ගන්නවා.
ඊළඟ කොටසත් බලාපොරොත්තුවෙමි. මේකේ ඉන්න පුද්ගලයන් ගැන දැන්ම ලින්ක් දිගේ ගිහින් හොයන්ට වෙන තැනටම ඉන්ටෙරෙස්ටින් උන. ස්තුතියි. 👍🏽
ReplyDeleteස්තූතියි. හැම දෙයක් ගැනම විශේෂයෙන් නොදන්නා දේ ගැන හොයන එක හොඳයි.
Deleteඉතිරි ටිකත් ලියනකම් ම ඉන්නම්..
ReplyDeleteඅදහස කියන්නද?
Deleteමට හිතෙන්නේ අජිත් මේ දේවල් වලට අපිට මේක තමයි හරි කියල එක අදහසක් කවදාවත් දෙන්න බෑ කියන එක.. තමන් විසින් අත්දැකලා තමන් පිළිගන්න දේ ගොඩක් වෙලාවට වෙන කෙනෙකුට කිව්වට පිළිගන්නේ නෑ.. සාක්ෂි එක්ක ඔප්පු කරන්න ට්‍රයි කලාට විද්‍යත්මක විදියකට කරන්න බැරි නිසා තේරුමක් නැති වෙනවා.
Deleteමම මේ දේවල් ගැන කාලයක් උනන්දු වෙලා අත ඇරල දැම්මේ ඒකයි.. මම ඇසු දුටු දේවල් එක්ක මේ කතා ගොඩක් දුරට එක වගෙයි... හැබැයි මම ඒවා අජිත්ට කිව්වට අජිත් විශ්වාස කරන එකකුත් නෑ.. හෙහ් හෙහ්..
ඔය දේව මණ්ඩල සහ දේව විමාන තියෙනවා කියන කතාව මම පිලිගන්නවා. ඒ මම ඒක ඇහුවේ කියපු අනිත් සියලු දේ මම පිළිගන්න කෙනෙක් ඒක මට කියපු නිසා.. ඒවගේ අය කියපු රසවත් කතා තමයි අපිට සාක්ෂි විදියට කියන්න වෙන්නේ.. තමුන් ගේ හිත දියුණු කරලා තමන් ම ඔය කියන දේව යක්ෂ ප්‍රේත කියන අයත් එක්ක සම්බන්ධ වෙලා ඒ අත්දැකීම ගන්න කම් මේ ඔක්කොම කවුරු හරි කියපු කතා විතරයි..
මම පිළිගන්නවද නැත්ද කියලා හිතනවට වඩා මේ දේවල් දිහා උපේක්ෂාවෙන් බැලීම තමා කරන්නේ. බොහෝ අය කරනවා වගේ හිනා වෙන්නේ නැහැ. එහෙම හිටපු කාලයකුත් තිබුණා.
Deleteපටන්ගැම්මේදී මේ මොන පිස්සුවක්ද කියා හිතුනත් මේකනම් නියම ස්ටඩි එකක්, මතක තියේ නම් තවත් විස්තරාත්මකව ලියන්න.
ReplyDeleteපස්වග තවුසන්ගේ කාලයෙත්, ඊටත් ඉස්සරිනුත් ඕල්කට් ලා බ්ලවට්ස්කි ලා ඉන්න ඇති නේද?
තව විස්තර ලිව්වොත් මට ඉවර කරන්න වෙන්නේ නැහැ.
Delete//පස්වග තවුසන්ගේ කාලයෙත්, ඊටත් ඉස්සරිනුත් ඕල්කට් ලා බ්ලවට්ස්කි ලා ඉන්න ඇති නේද? // අහලම තමයි කියන්න වෙන්නේ . කාගෙන්ද අහන්නේ කියන එක තමා ප්‍රශ්නේ. හා හා
මමත් ලංකාවේ සාස්තර කීම් පිලිබඳව ප්‍රාථමික මට්ටමින් සොයා බලනවා. ඒ ගැන යම්කිසි දැනුමකුත් තියෙනවා. නමුත් මේවා අපේ සංවේදනයට අහුවෙන මට්ටමේ නොවන නිසා අප රැවටෙන ප්‍රතිශතය බොහොම වැඩියි. නමුත් විශ්වාස කළ හැකි අත්දැකීම් කිහිපයක් මා සතුයි.
ReplyDeleteඅපේ සංවේදනයට අහු නොවෙන නිසා හරි කියන්නත් බැහැ , හරි නැහැ කියන්නත් බැහැ නේද ?
DeleteVery interesting Ajith...
ReplyDeleteThank you.
Deleteමමත් මරණින් මතු ජීවිතය පිලිබඳව ලියවුනු බටහිර පොත් බොහොමයක් කියවා තියනවා. ඒ පිලිබඳව කිසිදු ආකල්පයක් නොමැතිව සිටි මා, මේවා කියවීමෙන් ඒ ගැන විශ්වාස කරන්නෙකු බවට පත් වුනා. මා මුලින්ම කියවුවේ The Search for Bridy Murphy යන පොතයි. එය මරණින් මතු ජීවිතය පිළිබඳව මුලින්ම වාගේ ලියවුනු පොතක්. ඉන් පසුව, Dr Raymond J. Moody ගේ Life After Life මරණය අසලටම ගොස් ආපසු පැමිණි අය කියන දේ බොහොමයක් දැනගත්තා. ඉන්පසුව, Life Before Life නම් පොතින්, ඉපදීමට පෙර හා ඉපදෙන අවස්ථාවේ 'ආත්මය' (entity - සුදුසු වචනයක් සොයා ගැනීමට නොහැකි වූ නිසා ආත්මය නමින් හැඳින්වුවත්, ආත්මයක් තියනවාද නැද්ද යන්න පිළිබඳව විවාදයකට යාමට අවශ්‍ය නැහැ!) කරන දේ ගැන දැනගත්තා.
ReplyDeleteතවත් එවැනි පොත් ලිවූ කතුවරියක් වන්නේ, Dr Helen Wambach ය. ඇය, සිය ගණනක් දෙනා එකවර මෝහනය කරමින්, ඔවුන්ට එක එක වකවානු වල ජීවත් වූ අවස්ථාවන් මතක් කරගන්නට කියා, අවදි වූ පසු ඔවුන්ගේ ඇඳුම් යනාදිය ගැන දැනගෙන තියනවා. උදාහරණයක් හැටියට, රෝමයේ වැසියන් ඇඳි robe වර්ගයේ ඇඳුම් සහ චීනයේ ඇඳි කලිසම් ප්‍රතිශත වශයෙන් ගත්විට, එම අගයන් ඉතිහාසඥයන් විසින් ඒ යුගය පිළිබඳව ගණනය කරනු ලැබූ අගයන් හා සැසඳෙන බව ඇය සොයාගෙන තියනවා.
මෙය ඉතාමත් ආසාවෙන් හැදෑරිය හැකි විෂයයක් බව කිවයුතුයි.
ඔය මුඩි ගේ කතාවේ අයිරිෂ් කාන්තාවට ක්‍රිප්ටෝම්නේසියා තිබ්බ කියල නේද කියන්නේ. ඒ කියන්නේ සැඟවුණු මතකය. කාල් යුංග් ගේ පොතක ඕක ගැන කියල තියනව, මට මතක නැහැ නම. parapsychology. Dr Helen Wambach දාහකට වැඩිය හොයල තියෙන නිසා විද්‍යාත්මක පර්යේෂණයක් හැටියට ගොඩක් අය සලකනවා. නමුත් එයාත් වයිස් වගේම තමයි. එකේම රේග්‍රේෂන් ක්‍රමය භාවිතා කරන්නේ. ඒකත් මෝහනයක් නිසා එහි විද්‍යාත්මක පදනම ගැන සැක සහිතයි නේද?
Delete++++
ReplyDelete*********
Deleteකියෙව්ව.
ReplyDeleteඅප්සෙට්ද? ඔහොම වෙනවා.
Deleteස ර ස තුමා නම් සාත්තර, අන වින, ගුරුකම්, අන්ගම්, සුන්ගම්, ඇස්වහ, කටවහ, බූතාත්ම පෙරේත්තාත්ම වගේ දේවල් සීයට සීයක් විස්වාස කොරනවා...
ReplyDeleteඑතුමා දන්න කියන, නෙලුම් යායටත් ආරාදනා ලැඹුනු ඇමැටියෙකු වන කරුනාරත්න පරනවිතාන තුමා මේ ඊයේ පෙරෙයිදා බූතාත්මයක් වුනා නේ හිටන්!
මොකෝ සරසා කොමෙන්ට් කොපි කරනවද. :) මේක ආර මල්ලෙපොල් අඩවියේ තිබ්බේ කොමෙන්ටුවනේ.
Deleteමම බොරැල්ලෙ කනත්තට යන ගමින් හිටන්... අද ලසන්ත තුමා ගේ ඇට ගොඩ ගන්නවා.... ඒ ඇටේකට කතා කොරලා අහන්න යන්නේ කවුද එයාව මැරුවේ කියලා හිටන්!
ReplyDeleteFCID එක අයින් කරමු. ඒකාබද්ද විපස්සේ බේරාගනු. මළවුන් ගෙන්වනු.
Deleteඅජිත්ගේ මේ ලිපිය දෙවන වරටත් කියවමින් ඒ සමග ඇති ලින්ක් වලටත් යන්නට උත්සාහ කළා. 1991- 1998 දක්වා කාලයේ බළන්ගොඩ ආනන්දමෙත්‍රෙය හිමියන් වරින්වර මුණ ගැසීමටත් පවසන දෑ සවන් දීමටත් ලද අවස්ථාවල ඔබ පවසන දේවලට සමාන්තරව දිවෙන බොහෝ දෑ අසන්නට ලැබුණා. ඒ නිසා ඇවිස්සුන කුතුහලයට යම් පිළි සරණක් ඔබේ ලිපි පෙළින් ලැබෙනවා හදිසියේ නොනවත්වා දිගටම ලියන ලෙස සිටින්නේ මෙවැනි කෝණයකින් මේ විස්තර ලියවෙන තැනක් දකින්නට නොලැබෙන නිසයි
ReplyDelete