Monday 4 September 2017

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ - (19) - වීසා පෝලිමේ




ගමන් මාර්ගය මොස්කව් සිට බෙලෙරුසියාවේ මින්ස්ක්, බ්‍රෙස්ට්, පෝලන්තයේ වර්ෂාවා, පොස්නන්, ජර්මනියේ බර්ලින්, කොලෝන්, බෙල්ජියමේ බ්‍රසල්ස් හෝ ඕලන්දයේ ඇම්ස්ටඩෑම්  හා හාර්විච් හෝ ඩෝවර් හරහා  ලන්ඩන් 
"මට ටිකක් අප්සෙට් උඹලා මේ ලෙනින්ට බනින එක. විහිළු කරන එක. කොච්චර වුනත් අපිට ශිෂ්‍යත්වයක් දීල උගන්වනවා මේ රට. අපෙ දෙමව්පියන්ට අපිව  ඇමරිකාව, එංගලන්තය වගේ රටකට යවන්න  සල්ලි නැහැ. විශ්ව විද්‍යාලෙට යන්න ලකුණු යන්තම් මිස් වෙච්ච ගමන් අපි ලංකාවේ අනාථයි. මේ රටනේ අපිව බේරා ගත්තේ. දේශපාලනේ ගැන කතා නොකර සරලව ගත්තොත් මම සෝවියට් දේශයට ආදරේ ඒකයි"
තාන්යා රැගෙන යාමට කොල්ලන් එකඟවූ පසු ගිහාන් සතුටු සිතින් කීය.

"අනික නැත්නම්  උඹට තාන්යා හම්බවෙන්නෙත් නැහැනේ " තෙන්නේ කීය.

"ඒක තමයි වැදගත්ම එක. නැත්ද මචං " සුහදය පිටට තට්ටුවක් දැම්මේය.

"අපි වුනත් බනින්නේ නැහැ මචන්. අපි මේ කතා කලේ ඇයි රුස්සෝ මේ වගේ උපහාසෙන්  උන්ගේ රට ගැන කතා කරන්නේ කියල. අපට සලකන එක නෙමෙයි. ඔන්න උඹට ඕක ගැන හොඳ විවරණයක් අහ ගන්න පුළුවන් අර ....සන්  එක්ක කතා කරානම්." ප්‍රියාන් පැවසුවේය.

"අපොයි පොර නේද අර උදේට තේ එකට වොඩ්කා  බොන්නේ. දවල්ට කන්නේ නැතිව රෑට බත් එකට වොඩ්ක  බෙදාගෙන කන්නේ කියල මුන් කාඩ් ගහන්නේ, හැබැයි හරි අහිංසක හොඳ බොහිමියන් බුවෙක්. හැබැයි දැක්ක වෙලේ  මට භය හිතුන හුළඟට වැටෙයි කියල බං"

"ඒ ..සන් තමා. ...සන් කියන්නේ  අර පක්ෂය ගහන පත්තරේ කර්තෘ ගේ පුතා නේද? ඒ කර්තෘ ත් නියම පොරක්. ඒ  පත්තරේ විතරයි කියවන්න පුළුවන් දේශපාලනික පත්තරයකට තියෙන්නේ එයා නිසාම.   කොමියුනිස්ට් පක්ෂයේ ගොඩක් අයට වඩා කෙලින් පොරක්." ගිහාන් කීය.

"ඒක ඇත්ත. ..සන්ට වෙලා තියෙන්නේ පොර ආවේ අර  විප්ලවීය ජිව ගුණයද මොකක්ද කියන එක පිරුණ  පරමාදර්ශී සෝවියට් රාජ්‍යයක් බලාගෙන. ආවහම දැක්කේ වෙන එකක්. මෑන්  ඉන්නේ ඉච්ඡා භංගත්වයෙන් කියල උඹට හිතෙන්නේ නැත්ද?

"ඉච්ඡා භංගත්වේ කොහොම වෙතත් මාර  ලස්සන රුස්සියෝ දෙන්නෙක් එක්ක නම් හිටියා මම එදා යද්දී. අර චිත්‍ර අඳින තේ... ගේ කාමරේ හිටියේ" තෙන්නේ කීය.

"පොර ඉන්න විධිහට කෙල්ලෝ කැමති ඇති. උන් ගැන්සිය ගිටාරයක් අරගෙන සින්දුවක් ගහගෙන ඉන්නවා. අර නියමෙට වයලීන් ගහන පොරකුත් ඉන්නවා ඒ සෙට් එකේ."

" ඔය බජාර් එක ගිය පාර අපේ වෙචේර් එකේ  (වේචේර් යනු විවිධ ප්‍රසංගය යන අරුත දෙන්නකි. ශිෂ්‍ය සභාව විසින් මෙවැනි විවිධ ප්‍රසංග වසරකට වරක් සංවිධානය කරන ලදී)  පොඩි අයිටම් එකක් දැම්මා. දන්නවනේ  විප්ලවීය, වාමාංශික ලෙවල් එකට. ලංකාව නිදහස ගත්ත විධිහ පෙන්වන්න. අර විශ්ව විද්‍යාලයේ උප කුලපතිත් ඉන්න නිසාද කොහෙද? ඒකෙ කෙළවර මුන් බ්‍රිතාන්‍ය කොඩිය කඩලා ඉරල දානවා. මගෙන් අර හාර්කොෆ් ඉඳන් අපූ කොල්ලෙක් අහනවා දැන් අපට ලන්ඩන් යන්න දෙයිද දන්නේ නැහැ නේද සුද්ද කියල."

හැමෝම කොක් හඬලා සිනා සුනහ.

"අපොයි මෙහෙමත් එවුන්. මචන්  වාමාංශික පක්ෂ වල ඇමතිලගේ පුත්තු, අධ්‍යාපන අමාත්‍යංශ යේ ලොකු එවුන්ගේ ළමයි හෙමත් ඔය සෙට් වල ඉන්නවා නේද?  ප්‍රේමදාස ගේ මුස්ලිම් ඇමතිගේ ආධාරකාරයන්ගේ ළමයි සෙට් එකකුත් එවල අර මොස්කව් ළඟ සිටි එකට යවල කියල ආරංචියි. අපිව මුලදී යුනිවසිටි ග්‍රාන්ට් කොමිෂන් එකෙන් එව්වත් දැන් දැන් පේමයාගේ   ආණ්ඩුවත් අත දානවා මේ ශිෂ්‍යත්ව වලට "

"ඇමැත්තා  කියල තියනවලු මුස්ලිම් ළමයි ලංකාවේ මෙඩිසින් යනවා අඩුයි කියල."

"ඉතින් බං මෙහ එවල හරි යනවයි ඔය විධිහට. වෙන එකෙක්ගේ චාන්ස් එකක් නේ මුන් ගන්නේ "

"ඔන්න  ඔතනනේ සෝවියට් නිලධාරිවාදයේ වරද එන්නේ මචන් ලා. සෝවියට් ආණ්ඩුව අර ජෝර්ජ් ඕවෙල් ගේ ඇනිමල් ෆාම් පොතේ වගේ තියෙන ඕන ගවන්මන්ට් එකක් එක්ක සෙට් වෙනවා.  "

"විජේවීර මුන් ධනවාදයට යනව කියල හැට ගණන් වල චීන පිලට සෙට් වුනේ මෙහෙම වෙනවා කියල දන්නා නිසා වෙන්න ඇති"

"අනේ මොන පිස්සුද? පොරට ආපහු මෙහෙට එන්න වීසා දුන්නේ  නැහැ. සෝවියට්  ආණ්ඩුව විවේචනය කරනවා කියල අපේම එකෙක් කට්ට ගහල කියල කියන්නේ දන්නා එවුන්. එහෙම කරපු විවේචනයක් නැතිලු. එන්නේ දුන්නේ නැති වුනහම පොර ගිහින් චීන පිලට සෙට් වුණා. මොකෝ දැන් චීනේ  කියල අමුතුය. කොහොමද ඩෙන් ෂියා ඕ පින් දෙන ගේම. කෙළින්ම  ජේ ආර්  ගේ මාකට් එකොනොමි එක වගේනේ. විජේවීර මොකක්ද ඒකට කියන්නේ "

"ඒකට  මොනවා කියනවද දන්නේ නැහැ. ලංකාවේ  විශ්ව විද්‍යාල නම් වහල. අර පිඑම්සී කේස් එකට. මොරටුවේ ඉන්න  මගේ යාළුවෙක් ලියල එවල තියනවා අපි වාසනාවන්තයි මෙහෙට ආපු එකට දැන් උන්ට  අවුරුද්දක් විතර පන්ති නැහැ. පෙළපාලි යනවා, වැඩිපුරම ඉන්නේ ගෙවල් වල කියල. තත්වේ හෙන අප්සෙට් ලු. ඒ මදිවට ඉන්දියන් කාරයෝ ඇඟිලි ගහලා උතුරේ. අනාතයි ලු බන්. "

"ඔය '71 තුවක්කු කෑලි වලින් පොලිසි වලට ගහපු විප්ලවේදී සෝවියට් දේශය උදව් කළේ සිරිමාටනේ බන්. විජේවීර ගැන අපට කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය  උගන්වන ටීචර් කිව්වේ අර ලෙනින්ගේ පොතේ කෑල්ලක් එක්ක, -අති වාමාංශික ළදරු වලිප්පුව තියෙන උන් කියල"

"ඔව් මුන් කැමති නැහැ දැන් විප්ලව වලට. මුන් නිකරගුවා වලට උදව් කරන්නෙත් ඇමෙරිකන් කාරයා එක්ක තියෙන ඔරොප්පුවට. මටත් හිතෙනවා බන් රටකට  ඉස්සෙල්ලම  ඔය එංගලන්තේ වගේ ධනවාදී දියුණුවක් එන්න ඕනේ කියල. සමාජවාදී ක්‍රමයක් හරියන්නේ එහෙම දියුණුවක් ආවහම කියල. මුන්ට වෙලා තියෙන්නේ  දැන් එතනට ආපහු යන්න බැරි විධිහට දුරක් ඇවිල්ල. එනිසා මේකෙන්ම ගොඩ වෙන්නයි ඕනේ. "

"අඩෝ විජේවීර ලන්ඩන් ගියා නම්, සයිබීරියාවේ රේල් පාර හදන්න  යන්නේ නැතිව '71 කීයටවත් වෙන්නේ නැහැ.  ඒ කාලේ කොල්ලෝ කවුරුත් ගිහිල්ල නැහැ. නැත්නම් අර 60 ගණන්වල ලන්ඩන් පැත්තේ තිබ්බ නිදහස් වාතාවරණයට අහු වුණා නම් කොහොමද? "
 ප්‍රියාන්  අදහස් කලේ ස්වින්ගින් සික්ස්ටිස් යනුවෙන් ඉතිහාසඥයන් හඳුන්වන කාලයයි. බීට්ල්ස් සංගීත කණ්ඩායම ප්‍රසිද්ධව සිටි, හිපියන්ගෙන් සහ ලිංගික වශයෙන් මෙන්ම අදහස් අතින්ද නිදහස් තරුණ පරපුරක් එංගලන්තය, ප්‍රංශය , ජර්මනිය ආදී රටවල් සිසාරා පැතිර ගියේය. පැරණ කොන්සර්වටිව් සම්ප්‍රදායන් බිඳ දමමින් ඉදිරියට ආ එම  තරුණ රැල්ලට බටහිර සමාජය දෙදරුම් කෑවේය.

"ඔන්න ඕව නවත්තපල්ලා බන්. ලන්ඩන් ගමනට සෙට් වෙමු. තෙන්නේ උඹ සීල් ගහනවා නේද. මගේ අන්තිම විභාගේ ලබන සතියේ ඉවරයි."

සුහද අදහස් කලේ තමොශ්නයා (රේගුව ) පසු කර එනවිට සිසුන් අතේ ඇති ඩොලර්, පවුම් ප්‍රමාණය සටහන් කර දෙන පෝරමය ගැනය. එහි සීල් එක තම්බපු බිත්තරයකට ගෙන එය අලුතින් දැමු මුදල් ගණන් ඇති  අලුත් පෝරමයකට ගැහීමට තෙන්නේ දක්ෂයෙකි.

වීසා ගැනීමට මුලින්ම යා යුත්තේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයටය. ඉන්පසු නැගෙනහිර ජර්මනිය, බටහිර ජර්මනිය හා නෙදර්ලන්ත වීසා ගහ ගත යුතුය. සෝවියට් රුසියාව පුරා සිටින සිසුන්වී සා ගැනීමට මොස්කව් පැමිණිය යුතුය. කිව්, ටිබ්ලිසි, දනියෙත්ස්ක්, හර්කෝෆ්, ඔඩෙස්සා, සඵරෝෂි, වොරනේෂ්, අල්මා අටා  ආදී සතර  කොනින් සිසුන් ඇදී එති. එනිසා මේ දිනවල තානාපති කාර්යාල වල දිග පෝලිම්ය.

විභාග අවසන් වූ පසු උදේ පාන්දරින්ම බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ වීසා පෝලිමට යා යුතුය. එහි සිසුන්ම හදන නම්  ලිස්ට් එකක් තිබේ. නම් ලිස්ට් එකට නම් දාගත්  පසු කෙසේ හෝ ඇතුලට පැනගත හැකිය. බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට ලොකු මුදලක් පෙන්විය යුතුය. සිසුන් කරන්නේ කිහිප දෙනෙකුගේ මුදල් එකතු කර එම ප්‍රමාණය සාදා ගැනීමයි. ඉන්පසු හැමෝම එය වීසා කාර්යාලයට පෙන්වති.

වරක් ඉතා දිග පෝලිමක සිටි එක ලාංකික සිසුවෙකු ජර්මන් තානාපති කාර්යාලය අසලදී සිහි නැතිව වැටුණි. ජර්මානුන්  ඔහු වහා ඇතුලට ගෙන ප්‍රතිකාර දී වීසා ද දුන්හ. ඉන්පසු අප්‍රිකානු සිසුන්  කිහිප දෙනෙකු එම උපක්‍රමය උත්සාහ කලමුත් හරි ගියේ නැත.

මින් වසර කිහිපයකට කලින් නම් ලාංකිකයන්ට බ්‍රිතාන්‍ය වීසා කලින් ගැනීමට අවශ්‍ය වූයේ නැත. බ්‍රිතාන්‍ය දේශ සීමාවේදී මාස හයකට සියළුම ශ්‍රී ලාංකික, මාල දිවයින්, මොරිෂස් සිසුන්ට වීසා ගසනු ලැබිය. නමුත් 1983 වසරේ  සිංහල දෙමළ  කෝලාහල වලින් පසු බ්‍රිතාන්‍යයට එන දෙමළ ජාතිකයන්ගෙන් 90% පමණ දේශපාලන අනාතභාවයට අයදුම් කළහ. ඉන්පසු අගමැතිනී තැචර් විසින් එසේ තොටුපලේ වීසා දීම නවත්වන  ලදී.

"මුන්ට මේක තේරෙන්නේ නැත්ද බන්. අපි හොර කරනවා කියල" ගිහාන් වරෙක සුහද ගෙන්  ඇසීය. එතනම සිටි  වැඩිහිටි සිසුවෙකු කිවේ සුද්දන් සිසුන්  මෙය කරන බව හොඳින් දන්නා බවය.

"බලපං, උන්ට කොහොමත් සෙනග ඕනේ  සමර් (ගිම්හාන කාලය)  එකට වැඩ කරන්න. අඩු ගානට පඩි ගෙවල. සුද්දන්ට ජොබ් දෙන්න නම් ගොඩක් ගෙවන්න  වෙනවා. ඊට වඩා ලේසියි සුද්දට සහනාධාරයක් දීල අපිටයි,  දේශපාලන අනාථ භාවය ඉල්ලන එවුන්ටයි අඩු පඩියට ජොබ් දෙන එක. අපි ගෙවන ටැක්ස් එකත් උන්ට යන්නේ.  අනිත් කේස්  එක අපි ඒ සල්ලි වියදම් කරලා උන්ගේ බඩුත් අරන් මෙහෙ එනව. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. ඉතින් මොකටද අපි බොරු කරනවද කියල හොයන්නේ"

"රුස්සත් දන්නවා ශිෂ්‍යයෝ මේක කරනවා කියල. උන්ටත් කිසියම් ප්‍රමාණයකට අපි ගේන දේවල් ඕනේ. එනිසා දෙගොල්ලම නොදැක්කා වගේ ඉන්නවා. මට නම් හිතෙන්නේ  එහෙමයි." සුහද කීය.
විදේශික නොවන වැසියන් යන රුසියානු දුම්රිය මැදිරියක් (1984-85)

ගිහාන් සියලුම වීසා සතියක් තුල ගමන් බලපත්‍රයේ ගසාගෙන  තාන්යා සමග ගොස් ඇගේ  ප්‍රවේශ පත්‍රයද ගත්තේය. තාන්යා සතුව තිබූ  ස්වදේශික ගමන් බලපත්‍රයට කැබින් සහිත යුරෝපයට යන දුම්රිය කොටසේ ඉඩ ලැබෙන්නේ  නැත. ඇයට බ්‍රෙස්ට් දක්වා යන රුසියානුවන්ගේ මැදිරියක ඉඩ ලැබිණි. මේවා නම් කර ඇත්තේ ප්ලස්කර්ත්නයා  යනුවෙනි.
රුසියානු මගී මැදිරියක්  (1986 පමණ )

මෙහි කැබින් එකක  ඇඳන් හතරක් හෝ හයක් ඇති අතර කොරිඩෝරයේ ද ඇඳන් තිබේ. නැත්නම්  සීට් දෙකකි. මිනිසුන් බොහෝ ප්‍රමාණයක් ගාල් වී යන නිසා සුඛෝපභෝගී බවින් අඩුය. නමුත් ප්‍රවේශ පත්‍රය ලාභය.  තාන්යා ගේ මුහුණ ඇඹුල් වුවද  ගිහාන් සමග දවසක් හෝ යන නිසා සතුටු වූවාය.

~ මතු සම්බන්ධයි

සියලු නම් ගම්  මනඃකල්පිතය.

39 comments:

  1. ගොඩ කාලෙකින් අජිත් අයිය... කියවන්නත පෝස්ට් ගොඩයි..!
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ඒකනේ, අලුත් ගැජට් එකක් හදනව නේද?

      Delete
    2. ඔව් රාස්බෙරී බෝඩ් එකක් තෑගි ලැබුනා

      Delete
    3. මම ලඟත් එකක් තියෙනවා. තවම මුකුත් කරගන්න බැරිවුනා. වෙලාව නැතිකම.

      Delete
  2. බිත්තර සීල් ha ha ha ha

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් බිත්තර සීල් කාරයෙක්.

      Delete
  3. මමත් සිල් ගැහුවනේ, සමහර ඒවා බිත්තරේ වගේ හැඩයි :)

    /සියලු නම් ගම් මනඃකල්පිතය./ හැබැයි අර චිත්‍ර අඳින තේ... නම් දැන් ෆොටෝ ගහනවා.

    ReplyDelete
    Replies
    1. තවත් එක්කෙනෙක්. හා හා
      සමහර ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් ඉතින් ඕනෑම නවකතාවක වුනත් දානවනේ. දැන් ජේ ආර් , ප්‍රේමදාස, විජේවීර වගේ නම්. තේ කියන්නෙත් ඒවගේ ප්‍රසිද්ධ චරිත වෙන්න ඕනේ නේ.

      Delete
  4. මචෝ මේ කතාව මුල ලිපි කීපයක් කියවනකොට එපා උනා නම දැක්කමත් ක්ලික් කරන්න හිතුනේ නෑ ඒ උනාට දැන් කියවනකොට නියම කතාවක්. මේ කට කලින් කොටසත් කියැව්වා .
    දැන් ඉතින් ඉතුරු ටිකත් කියවපන්කෝ.

    පට්ට කතාවක්නේ මිස් කරගෙන තියෙන්නේ කියල හිතෙනවා
    මුළු කතාවම එන්නං.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. එහෙමත් හිතුනද? මම හිතන්නේ නැහැ මේ කතාව හැමෝටම හරියනවා කියලත්.
      ස්තූතියි. ඔය උඩ තියනව මෙතෙක් කතාව කියල ලින්ක් එක.

      Delete
  5. මචෝ මුල ඉඳල කොටස් ටික ලින්ක් දාපන් හොයා ගන්න අමාරුයි

    ReplyDelete
    Replies
    1. මේ පේජ් එකට යන්න.
      http://kolambagamaya.blogspot.com/p/blog-page_23.html

      Delete
  6. මටත් හිතුනෙ දම්පාට ජීවන කියපු කතාවමයි. අපරාදෙ මේ කතාව අතෑරුනේ. රුසියන් ජීවිතේ අපිට අහුලන්න ජාති බොහොමයක් මේ කතාව ඇතුලෙ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුරංග. නැවත එන්න.

      Delete
  7. මතකද අර Joke එක .

    සුද්දගේ එම්බසි එකේ Visa Officer කිවලු කොල්ලෙකුට මේ ෆෝරම් එකේ සිල් එක ඇදය් .

    ගිහිල්ල අර න---ර් ට කියල හරියට සිල් එක ගහගෙන වරෙන් කියල

    ReplyDelete
    Replies
    1. මතකයි මතකයි. ඒ තව සිරා සීල් කාරයෙක් නේ.

      Delete
  8. ලංකාවේ ගුගල් සර්ච් එකෙන් සෙක්ස් පීරන අපිට මේවා මොන කතාද ගෘන්ගාර රසය ඉලිප් වෙන්න තව හොඳට ලියන්න මහතාණෙනි

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මහත්මයාණනි, ඔබේ යෝජනාට ස්තූතියි. මේ කතාව ගෘන්ගාරය උලුප්පවන්නට හෝ සෙක්ස් ගැන කියන්නට ලියන කතාවක් නොවෙයි. සෝවියට් දේශය පිලිබඳ ඇති දුර්මත බිඳ හෙලීමට ත් ඇත්ත ඇති සැටියෙන් කීමටත් අවශ්‍ය නිසා ලියන දෙයක්. කිසියම් ලිංගිකතාවය මතුවෙන කොටසක් එනවා නම් ඒවා කතාවට අදාල නිසා ලියනවා පමණයි. සෝවියට් දේශය කියන්නේ නීරස මිනිසුන්ගෙන් පිරිණු දේශපානලනය විතරක් කතා කරපු තැනක් ම නෙමෙයි කියන්නයි මට අවශ්‍ය. සෝවියට් දේශයේ කලක් උගත් ශ්‍රී ලංකාවේ එක්තරා (හිටපු) දේශපාලකයෙක් තම පක්ෂයේ තරුණ තරුණියන් ට ආදරය කිරීම පවා තහනම් කලා. ආදරය කියන්නේ එහෙම ටැබූ සබ්ජෙක්ට් එකක් නෙමයි. සතුට තිබුනේ සෝවියට් දේශයේද ධනවාදයේද කියල අපි දන්නේ නැහැ. හැමෝම අපිට කියනවා එහෙ නෙමේ මෙහෙ කියල. මම ඔබට කියන්නේ පූර්ව විනිශ්චයකින් තොරව කතාව කියවන්න කියල. අවසානයේදී වැටහේවි.

      Delete
  9. හොඳයි හොඳයි තාන්විත් එක්කන් යනවනේ...
    මට කොටසක් මගහැරිලද මන්දා...

    ReplyDelete
    Replies
    1. මග හැරුණු කොටස් ඔක්කොම කියවන්න පුළුවන් මෙතෙක් කතාව කියන එකට ච්ලික් කෙරුවම. (නිර්මානි අලුත් නමක් හැදුවනේ තාන්චි :))

      Delete
  10. Brest or Breast? Or both? :-D

    ReplyDelete
    Replies
    1. බ්‍රෙස්ට් කියන්නේ බෙලොරුසියාව හා පෝලන්තය දේශ සිමාවේ ඇති නගරයක්

      Delete
    2. ප්‍රංශෙත් තියනවා නේද?

      Delete
    3. ඔව්. ප්‍රංශ බ්‍රෙස්ට්
      https://en.wikipedia.org/wiki/Brest,_France
      බෙලොරුසියන් බ්‍රෙස්ට්
      https://en.wikipedia.org/wiki/Brest,_Belarus

      Delete
  11. අජිත්,

    මේ බ්ලොග් එකේ පැත්තකින් තිබ්බා නේද මාතලන්ගේ සින්ඩියට ලින්ක් එකක්? ඒක අයින් කලේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ඒක පල්ලහට ගිහිල්ල. මම හිතන්නේ මම පේජ් උඩට ගත්ත වෙලේ පහලට යන්න ඇති.

      Delete
    2. ඔන්න ආපහු හැදුවා

      Delete
    3. මම දැන් කාලයක් තිස්සේ අජිත්ගේ බ්ලොග් එක කියනවා. මට නොටිස්‌ උන දෙයක් තමයි අජිත් හරිම කලබලයි.

      කවුරු හරි ප්‍රශ්නයක් ඇහැව්වම උනත් අජිත් ක්ෂණිකව ඒකට මොකක් හරි උත්තරයක් දීලා ටික වෙලාවකින් ආයේ ඒ කොමෙන්ට් එක ඩිලීට් කරනවා. ඊට පස්සේ වෙන උත්තරයක් දීලා සමහරවිට ඒකත් අයින් කරනවා. නිරවුල් මනසක් නැති නිසාද ඒ ?

      Delete
    4. හේ හේ වෙන්න පුළුවන්. කොමෙන්ට් ඩිලීට් කරන්නේ නම් සිංහල වචන හරියට ටයිප් වෙන්නේ නැති වුනහම. මම ටිකක් ෆාස්ට් ටයිප් කරන්නේ. ගූගල් ලෝඩ් වෙන්නේ ප්‍රමාද වෙලා. ඔන්න ඕකයි ඩිලීට් කරන්න හේතුව. ජිවිතේ බිසි නැත්තේ කාටද. බ්ලොග් දෙකක් කරලා , තව ඉගෙන ගන්න දේ පැත්තක, කියවන පොත් පැත්තක, ළමයින්ට ලෙසන්ස් හදන්න වැඩ කෝටියයි. නිරවුල් මනස ගැන නම් දන්නේ නැහැ එහෙම වෙනකොට. සමහර විට බ්ලොග් කරන්නේ එනිසා වෙන්න ඇති.

      Delete
  12. රුසියානුවන් යන්නේ බටහිර රටවල් වලට විතරද?
    රුසියානු නැගෙනහිර දේශසීමාවේ ඇති චීනය, ජපානය, උතුරු / දකුණු කොරියාව, ඇලස්කාව, කැනඩාව වැනි රටවලට ඔවුන් යන්නේ නැත්ද?
    රුසියාවේ නැගෙනහිර ප්‍රදේශය සංවර්ධිත කලාපයක්ද? නැගෙනහිර රුසියානුවගේ හැඩරුව වඩා ලග Caucasian race එකටද? Mongoloid race එකටද? මම අහන්නේ විශාල භූමි ප්‍රදේශයක සහ කාලකුණික පරාසයක පැතිරෙන විට ජීවත් වන ප්‍රදේශය පැහැදිලිව අදුනාගත හැකි ලක්ෂණ හෝ වර්ණ මුහුනේ සහ ශරීරයේ තිබෙනවාද?
    විදේශිය සංචාරකයන් නැගෙනහිර ප්‍රදේශවලට යනවාද?.
    මේවා කතාවටනම් අදාල නෑ. රුසියාව ගැන දැනගන්නයි අහන්නේ. ☺

    ReplyDelete
    Replies
    1. රුසියානුවන් යන්නේ බටහිර රටවල් වලට විතරද? - නැහැ . මම දන්නා තරමින් යන්න පුළුවන් හැම රටටම යනවා. ලංකාවට හුඟක් යනව.
      රුසියානු නැගෙනහිර දේශසීමාවේ ඇති චීනය, ජපානය, උතුරු / දකුණු කොරියාව, ඇලස්කාව, කැනඩාව වැනි රටවලට ඔවුන් යන්නේ නැත්ද? - දන්නා තරමින් ඕන තරම් යනවා.

      Delete
    2. ඇලස්කාව අයිති රුසුයාවට. 99 අවුරදු බද්ද ඉවරයි. යුද්ධයක් ඇතිවෙයි කියල ඉල්ලන්නේ නැහැ මම දන්නා විධිහට. ඇලස්කා මුල් පදිංචි කරුවන් රුසියන්.
      රුසියාවේ නැගෙනහිර ප්‍රදේශය සංවර්ධිත කලාපයක්ද? නැගෙනහිර රුසියානුවගේ හැඩරුව වඩා ලග Caucasian race එකටද? Mongoloid race එකටද? - ඉර්කුට්ස්ක් වගේ ප්‍රදේශ වල යුරෝපිය රුසියානුවන් හැරුනම ඉන් ජන වර්ග කිහිපයක් ඉන්නවා.
      ජෙන්ගිස් කාන් නිසා ආක්‍රමණයට ඇවිත් නතර වුනු කට්ටිය.. Mongoloid කියන්න පුළුවන්. ව්ලඩිවොස්ටෝක් වල හෙම. මොන්ගෝලියාව සමග දිග දේශ සීමාවක් තියනවා. ඒක හුඟක් ඕපන්.
      විදේශිය සංචාරකයන් නැගෙනහිර ප්‍රදේශවලට යනවාද?. මා දන්නා තරමින් යනවා. අපි ලබන අවුරුද්දේ අර ට්‍රාන්ස් සයිබිරියන් දුම්රිය මාර්ගය හරහා මොන්ගෝලිය ටිබෙට් යන්න අදහසක් තිබෙනවා.

      Delete
    3. බොහොම ස්තූතියි !

      Delete
  13. ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ- katawa iwarada? anith kotas nadda?

    ReplyDelete
    Replies
    1. නැහැ ඉවර නැහැ. ලියන්න පටන් ගන්නව හෙට අනිද්දා

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .