Saturday 23 September 2017

සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 3 - විජේවීර හා පොල්පොට්

සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 1 - පැරැණි වමේ මූලාරම්භය

සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 2 - පැරැණි වම තුළින් නව වම බිහිවීම


සලොත් සර් හෙවත් පොල්පොට් 
ජනතා  විමුක්ති පෙරමුණ මෙහෙයවූ ප්‍රථම කැරැල්ලේදී සිරගතව සිට ඉන්පසු අධ්‍යාපනය ලැබීමට සෝවියට් දේශයට පැමිණි කිහිප දෙනෙක් මට මොස්කව් වලදී හමුවුණි. ඔවුන් සියල්ලගේම මතය වූයේ සෝවියට් දේශයට පැමිණි පසු දැනගත් කරුණු එදා දැන   සිටියා නම් කිසි විටෙකත් කැරැල්ලට සහභාගී නොවන බවයි. මේ අනුව විජේවීර මහතාගේ (සහෝදරයාගේ) සංවිධාන ශක්තිය, ව්‍යාපාරයට ඇති කැපවීම, පක්ෂයක් ගොඩ නැගීම ආදී සියල්ල නොඅඩුව තිබුනද '71 කැරැල්ල වනාහී ඕනෑ කමින් කළ අත්හදා බැලීමක් පමණක් වී යයි සිතමි. හැත්තෑ එකේ කැරැල්ල දක්ෂිණාංශික ධනවාදී ආණ්ඩුවකට එරෙහිව නොව අර්ධ වාමාංශික සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කළ  රජයකට එරෙහිව කළ එකක් වීම නිසාම  එය පැහැදිලිය.

එසේම වාමාංශික රජයක් වුවද එහි පොලීසිය සහ නීතිය  සම්බන්ධ ආයතන කැරැල්ලට ප්‍රථමව ජවිපෙ හා අනිකුත් රජයට පක්ෂ නොවන වාමාංශික සංවිධාන වල සාමාජිකයන් නීති විරෝධී ලෙස අත් අඩංගුවට ගැනීම් කරමින් මර්දනයක් දියත් කළ බවද නොරහසකි.

සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව රට නැංවීම සඳහා 1971 නොවැම්බර් මාසයේදී පස් අවුරුදු සැලැස්මක් ප්‍රකාශයට පත් කළේය. මේ පස් අවුරුදු සැලැස්ම සෝවියට් දේශයේ මෙන්ම  අනිකුත් සමාජවාදී රටවල ක්‍රියාවට නංවන ආකාරයේ පස් අවුරුදු සැලසුම් හා සමාන එකකි.  සෝවියට් දේශයට පක්ෂපාති ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ට්‍රොස්ට්කිවාදී සම සමාජයද රජයේ හවුල් කරුවන් විය.

සෝවියට් සාහිත්‍යය ශ්‍රී ලංකාවේ  ප්‍රචලිත වන්නට හරියට පදනම වැටුනේ මේ කාලයේය.

හැත්තෑවේ මැද කාලයක මගේ පියා කරත්ත රෝදයක් සම්බන්ධ කතාවක්  රැගත් සෝවියට් ළමා පොතක පරිවර්තනයක් ගෙනදුන් අයුරු මට මතකය. ඒ කාලයේ සෝවියට් ළමා පොත් ඉතා ජනප්‍රිය විය. සෝවියට් දේශය සඟරාවද සෝවියට් සංස්කෘතික මන්දිරය හරහා බෙදා හැරීමද සිදු විය. නොබැඳි සමුළුව (1976) පවත්වන කාලයේ රජයේ බොහෝ ප්‍රකාශන සෝවියට් ආධාරයෙන් කළ ඒවා වුනු අතර සෝවියට් හා රුසියන් පොත් වල පරිවර්තන කිහිපයක් එලි දැක්වුණි.

පරිවර්තකයන් අතුරින් සෝවියට් දේශයේ වාසය කරමින් ම රුසියානු පොත් පරිවර්තනය කල දැදිගම වී රුද්‍රිගු ගේ පොත් මින් ප්‍රධාන තැනක් ගති.   "වානේ පන්නරය ලැබූ හැටි " සහ ගෝර්කිගේ "අම්මා " පොත තරුණ මනසට බලපෑම් කරන අන්දමේ පොත් විය. එසේම බොරිස් පලේවොයි ගේ "සැබෑ  මිනිසෙකුගේ කතාවක්", ෂෝලහොව් ගේ "මිනිසෙකුගේ ඉරණම"වැනි සෝවියට් සොල්දාදුවන්ගේ වීර ක්‍රියා සම්බන්ධ පොත් ද සිංහලට පරිවර්තනය වී මොස්කව් හි  ප්‍රගති ප්‍රකාශක මන්දිරයෙන් පල කෙරුණි.

විවෘත ආර්ථිකයක් ගොඩ නැංවීම ප්‍රධාන අරමුණ කොට ගත්  ජේ ආර් ජයවර්ධන රජය 1977 දී බලයට පත්වන විට ඉන්දියාවේ තිබුනේ සෝවියට් හිතවාදී සංරක්ෂණවාදී ආර්ථික ප්‍රතිපත්තියක් සහිත රජයකි. මේ නිසා ඉන්දියානු විදේශ ප්‍රතිපත්තිය බටහිර දෙසට  නෙත් යොමු කරමින් සිටි ශ්‍රී ලංකාවට ප්‍රති විරෝධී එකක් විය.

අපරාධ විමුක්ති කොමිෂන් සභාව අහෝසි කළ නිසා ඒ යටතේ දඬුවම් ලබාසිටි රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ නායකයන් නිදහස් වුනි. ජවිපෙ ග්‍රාමීයව හා සිසු ප්‍රජාව අතර සීග්‍රයෙන් වැඩුණත් නාගරික කම්කරු පන්තිය අතරේ වැඩි බලයක් තිබුනේ නැත. කම්කරු බලය තිබුනේ නව සමසමාජය, සම සමාජය, බාලා තම්පෝගේ වෙළඳ හා කාර්මික   කම්කරු සංගමය ආදීන් අතය.

පැරණි වම විසින් වැඩි පඩි ඉල්ලා 1980 දී දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කරන ලදී. තමන්ගේ සීමිත කම්කරු සාමාජිකත්වය ආරක්ෂා කර ගැනීමේ අරමුණින්  ජවිපෙ නායකත්වය තම සාමාජිකයන්ට වර්ජනයට සඳහා  එලියට බැසීමට අණ කලේ නැත. මා අසා තිබුනේ වැඩ බිම්වල, තම නම්ගම් ප්‍රසිද්ධ සුළුතරයක් ජවිපෙ සාමාජිකයන්ට පමණක් වර්ජනයට සහභාගිවන ලෙස අණ දුන් බවකි.

බ්‍රිතාන්‍යයේ මාගරට් තැචර් ගල් අඟුරු ආකර වසා දමා  කම්කරු වර්ජන නැවැත්වූ ආකාරයෙන්ම ජේ ආර් සියලුම වර්ජිත සේවකයන් අස් කර දමා  වර්ජනය මැඩ පැවැත්වූවේය.  පරණ වමට වැදුණු මේ දැඩි ප්‍රහාරයෙන් ඔවුන් අකර්මණ්‍ය වුනු අතර ජවිපෙ බලය වැඩි විය. ජවිපෙ ක්‍රම ක්‍රමයෙන් ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී දහරාවට එකතු විය.

ජයවර්ධන රජය සමයේ කළ ප්‍රධාන වැරදි දෙකින් එකක් වූයේ 1982 කුප්‍රකට ජනමත විචාරණයයි. ජයවර්ධන මහතාට පහසුවෙන් දිනිය හැකි වුවත් ඔහු ප්‍රබල භිෂණයක් විපක්ෂයට එරෙහිව දියත් කළේය. සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා  අයිතිය අහෝසි කර තිබු අතර විපක්ෂයේ ප්‍රබල චරිතයක් වූ  විජය කුමාරණතුංග නැක්සලයිට් චෝදනාවට සිරගත කරන ලදී.

දෙවැන්න නම් 1983 ජාතිවාදී  කෝලාහල පාලනය කිරීම  ප්‍රමාද වීම සහ එයට වැරැද්ද පටවමින් නිරපරාදේ  ප්‍රධාන වාමාංශික පක්ෂ තුනක් තහනම් කිරීමයි.  අනිත් පක්ෂ දෙකේ තහනම ඉවත් කළද ජවිපෙ තහනම  ඔහු ඉවත් කළේ නැත. මෙම 82/83 ජයවර්ධන රජයේ ක්‍රියා කලාපය ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය තබා සිටි තරුණ පරපුරේ බලාපොරොත්තු බිඳවන්නක්  විය.

 මහා බ්‍රිතාන්‍යය, නොබැඳි රටක් වූ ආර්ජන්ටිනා රජයට එරෙහිව කළ ෆෝක්ලන්ත සටනට සහය  දුන් රටවල් හතින් එකක් වූයේ ශ්‍රී ලංකාවයි. ඉන්දියාව ඇතුළු නොබැඳි රටවල් ගත්තේ ආජන්ටිනාවේ පැත්තයි. මේ සිද්ධීන් සමුහයේ ප්‍රථිපලයක් ලෙස වැඩුණු ලංකාවට එරෙහි ඉන්දියාවේ නුරුස්නා  භාවය උතුරේ සන්නද්ධ කණ්ඩායම් වලට තමිල්නාඩුවේ පුහුණුව හා ආයුධ ලබා දීම් මගින් පැහැදිලි විය.

ජයවර්ධන රජය විමුක්ති කොටි සංවිධානය පරදවන්නට ඔන්න මෙන්න තිබියදී යුද ආක්‍රමණයක් කරන බවට තර්ජනය කොට ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කෙරෙනුයේ 1987 දීය. රෝහණ විජේවීරගේ "ඉන්දියානු ව්‍යාප්තවාදය " පන්තියට තද ගැම්මක් ලැබුනේද මෙනයිනි.

මේ කාලය වනවිට ජේ ආර් විසින් මුදාහල  ලිබරල් වාදී ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා රැකියා අවස්ථාවන්  වැඩිවී තිබුණු අතර නව ධනපති කොටසක්ද රටේ බිහිවෙමින් පැවතුනි. මොවුන් ඊට කලින් අවුරුදු වල සිටි සම්ප්‍රදායික ධනපති රාමුවෙන් ඔබ්බට ගිය පිරිසක් විය. එසේම මහවැලිය ආදී විශාල යෝජනා ක්‍රම, ගම් උදාව, මහපොළ ආදියද ක්‍රියාත්මක විය. මේ වෙනස්  කමට අසු නොවුණු  ගම්බද සහ නාගරික තරුණ පිරිසක් සිටියහ.  "සාහිත්‍යය කන්න දැයි " ඇසූ  ජේ ආර් ට එරෙහිව පෙළගැසුණු මේ තරුණ පෙලට ජවය සැපයු සාහිත්‍යයක් ද  විමුක්ති කාමී ලේබලයේ සංගීතයක්ද නිදහස් ආර්ථිකය යටතේම බිහිවුණි. ඔවුන් බලා සිටියේ අවස්ථාවකි.

තහනමින්  පසු සැඟවී වැඩ කළ ජවිපෙ, බහුලව තිබූ සෝවියට් පොත පත කියවා  බිහි වෙන්නට සිටින ලංකාවේ තරුණ පාවෙල් කොර්චාගින් ලාට ගර්භාෂය විය.

අරගලය මතු වූයේ ප්‍රථමයෙන්ම අධ්‍යාපන ඇමති  රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කල ධවල පත්‍රිකාවට එරෙහිවය. ඉන් මතුවූ අරගලය ඉන්පසු රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිවත් ඉන්පසු නිදහස් අධ්‍යාපනය රැක ගැනීම දක්වාත් දිග ඇදුනි.

කාම්බෝජයේ 1925 මැයි 19 උපන් සලොත් සර් ධීවර ගම්මානයක උපත ලද්දෙකි. ඔහු මුලින් උගත්තේ බෞද්ධ ආශ්‍රමයකය. කාම්බෝජය එවකට පැවතියේ ප්‍රංශ ආධිපත්‍ය යටතේය. සලොත් සර් කාර්මික අධ්‍යාපනයක් ලබන්නට ශිෂ්‍යත්වයක් ලබා ප්‍රංශයේ පැරිස් නුවරට ඉගෙනීමට  ගියේය. (සලොත් 1949-1953 දක්වා ගුවන් විදුලි කාර්මික ශිල්පය උගත්තේය). ඔහු 1950 දී පමණ  ජාත්‍යන්තර කම්කරු සහෝදරත්වය මගින් යුගොස්ලවියානු සමාජවාදී සමුහාණ්ඩුවේ සගේර්බ් නගරයේ මංමාවත් ඉදි කිරීමේ තරුණ කණ්ඩායම් වලට එකතු වී වැඩ කළේය.ඔහු සහ ඉයන් සාරි  ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂයට බඳුනේ 1951 දිය.

සෝවියට් දේශය වියට්මින් ගරිල්ලා කණ්ඩායම වියට්නාමයේ නිත්‍යානුකුල  රජය ලෙස පිළිගත් පසු සලොත් සර් වියට්නාම නිදහස් අරගලයට ප්‍රංශයේ  සිට සහය දුන්නේය. වසර 1951 දී පැරිසියේ රහසිගත අධිරාජ්‍ය විරෝධී (ප්‍රංශ) කොමියුනිස්ට් කණ්ඩායමකට බැඳුණි. විභාග එක දිගට අසමත් වීමෙන් පසු මේ සලොත් සර් කාම්බෝජයට පැමිනියේ අර රහසිගත කොමියුනිස්ට් කණ්ඩායමේ කාම්බෝජ ශාඛාවට ඇතුළු වෙමිනි.

කාම්බෝජයේ  කොමියුනිස්ට් පක්ෂය තහනම්ව පැවතුණි. එහි නායකයා වන  ටෞ සමුත් නරෝදම් සිහනුක් රජු ගේ ඔත්තු සේවා විසින් අත් අඩංගුවට ගෙන මරා දැමුණි. වසර 1963 දී පක්ෂයේ ඊළඟ රහසිගත  සැසි වාරයේදී සරොත් සර් මධ්‍යම කාරක සභාවේ ලේකම් වරයා ලෙස පත් වුනි. මේ වෙන කිසිවකුත් නොව පොල් පොට් ය.
ඔහුගේ දෙවැනියා වූයේ ඉයන් සාරි ය.


වියට්නාම සහයෙන් කාම්බෝජයේ බේස් කඳවුරක් පිහිටුවා ගත් පොල්පොට් තමන්ගේ මුලික බෞද්ධ ඉගැන්වීමේ බලපෑමෙන් කොටසක් තම දර්ශනයට ඇතුලත් කර ගත්තේය. ඒ සුඛෝපභෝගී භාණ්ඩ ආදිය  කෙරෙහි ඇති ඇල්ම නැති කර ගත යුතුය යන්නයි. එසේම කම්කරු පන්ති අරගලය මුලික කරගත් ප්‍රධාන මාක්ස්වාදී දහරාවෙන් පිට පැන ගම්බද ගොවින් ප්‍රධාන නිර්ධන  පංතියක්  ලෙසද විප්ලවයට ජිවය සපයන්නන් ලෙසද හඳුන්වා ගත්තේය. ඔහුගේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ වැඩි හරියක් මේ වැඩවසම් දාස  භාවයේ සිටි දිළිඳු ගොවීන්ගෙන් පැවතෙන්නන් විය.

- මා ඉහත ලියූ  පොල්පොට් වියට්නාම අරගලයට එකතුවී සිටියාය යන්න හෝ වියට්නාම සහයෙන් බේස් කඳවුරක් පිහිටුවීම නිවැරදි නොවේ. මා එය දැනගත්තේ මේ අවුරුද්දේ කල කාම්බෝජ සංචාරයෙනි. 2019-12-26 

ගොවීන්ගේ අරගලය 1966 දී පටන් ගත් අතර පොල්පොට් සහ පක්ෂය 1968 සිට එයට නායකත්වය දුනි. චීනය විසින් ආයුධ සහ මුදල් වලින් දෙන ආධාර වලින් පොහොසත්ව පොල්පොට් ගේ කෙමර් රූජ් ගරිල්ලන් කාම්බෝජ හමුදා වලට පහර දුනි. වසර 1975 දී ඔහු කාම්බෝජයේ බලය අල්වා ගැනීමට සමත් වුනි. ඉන්පසු පිහිටුවන ලද "ප්‍රජාතන්තවාදී " කම්පුචියා  ජනරජයේ අගමැති වූයේ පොල් පොට්ය. නාමික ජනාධිපති වූයේ  කියූ සම්පන් ය. කියූ සම්පන්ට ආර්ථික විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධියක්ද තිබුණි.  කෘෂිකර්මාන්තය රටේ ප්‍රධාන ජිවනාලිය ලෙස හඳුන්වා දුන් පොල්පොට් -කියූ සම්පන් රජය ගොවිතැන් කාර්මීකරණය කිරීම තුලින් රටම ස්වයංපෝෂිත කල හැකි යයි විශ්වාස කළේය. කිසිම රටකින් භාණ්ඩ ආනයනය තහනම් කෙරිණි. වසර 1975 නම් කරන ලද්දේ බින්දුවේ වසර (year zero) ලෙසය. ඉතිහාසය පටන් ගන්නේ එතැනිනි.
පොල්පොට් රජයේ ඝාතන 

ඉන්පසු නොම්පෙන් සහ ප්‍රධාන නගරවලින් සියලුම් ජනයා ගම්  වලට පිටමන් කරන ලදී. ගම්වල කොමියුන් පිහිටවන ලද අතර ජනතාව  වර්ග තුනකට බෙදන ලදී . එනම්  මූලික සියලු හිමිකම් සහිත  (බේස් මිනිසුන් - නිර්ධන ගොවි ජනයා සහ කෙමර් රූජ් සහායකයන්) ,  අයදුම්කරුවන් (මුලික වෙන්නට අයදුම් කරන, කෙමර් රූජ් දර්ශනයට  විරුද්ධ නොවන වැසියන්.) , ශේෂයන් (මේ අය බොහෝ විට නගර වලින් පිටුවහල් කළ බුද්ධිමතුන්, බටහිර රටවල අධ්‍යාපනය ලද්දන්, යම් ධනයක් තිබු මධ්‍යම පන්තිකයන්,  අනිකුත්  නගර වැසියන්  ආදීන් විය)  ලෙසය. "ශේෂයන්" ට කන්නට දුන්නේ දවසටම  කුඩා බත් පොල්කටු දෙකකි.  බොහෝ දෙන්නෙක් සාගින්නෙන් මිය ගියහ. සාගතයෙන් මියය යන  බොහෝ දෙනාට තමන්ගේම අතින් වලවල් සාරා ගෙන වැතිරෙන්නට නියම විය. නැත්නම් වෙඩි තබා මරා  දමන ලදී.

මේ කොමියුන් වල ළමුන් ජිවත් වූයේ දෙමව්පියන්ගෙන්  වෙනම ය. සමහර විටක වැඩිමහල් ළමුන් කෙමර් රූජ් හමුදාවට බඳවා ගන්නා ලදී. ඔවුන් බොහෝ විට ඝාතකයන්ගේ භූමිකාවට යොදා ගන්නා  ලදී.

මේ අතරේ  පොල්පොට් චීනයේ මාඕවාදයට සම්බන්ධ පිළිවෙතක් අනුගමනය කල අතර සෝවියට් හිතවාදී වියට්නාමයටත් සෝවියට් දේශයටත් විරුද්ධ පිළිවෙතක් අනුගනමය කළේය. සෝවියට් දේශය තම ප්‍රධාන සතුරා ලෙස සලකාගෙන සිටි ඇමෙරිකා  එක්සත් ජනපදය ප්‍රමුඛ  බටහිර රටවල් මේ නිසා පොල්පොට් ගේ ප්‍රතිපත්ති කෙරෙහි මුලදී තැකීමක් නොකළහ. පොල්පොට් කාම්බෝජයේ සිටි සුළු ජන කොටස් කෙරෙහිද තැකීමක් නොකළේය. මේ බොහෝ අය අධිරාජ්‍යවාදී ගැත්තන් ලෙස නම්කර ඝාතනය කරන ලදී.

සියලු ආගම් තහනම් කරන ලද අතර බෞද්ධ හිමි වරුන් 25000 පමණ ඝාතනය කරන ලදී. ඔවුන් විසින් නගරයෙන් පිටමං කළ මිනිසුන්ටත් ගම්වල  සිට කැලෑවලට දක්කන ලද මිනිසුන් ටත් කෑම බිම හෝ ජලය මේ දීර්ඝ ගමන් වලදී ලබා දුන්නේ නැත. මේ නිසා  විශාල සංඛ්‍යාවක් කුස ගින්නෙන් සහ දුර්වල කමින් හැදුනු ලෙඩ රෝගවලින් මිය ගියහ. වෙඩි තබා හෝ ආයුධ වලින් පහර දී මරා දැමුවන් ද සමග  සමග මේ ඝාතනය වූ සංඛ්‍යාව මිලියන 1.7 ත්  2 ත් අතර වේ යයි නොයෙකුත් අධ්‍යයන වලින් තහවුරු වී ඇත.

දැනුදු මගේ යහළුවෙකු වන මේ ලිපියේ ඡායාරූපයේ සිටින මා  සමග විශ්ව විද්‍යාලයේ උගත් එන්ග්  වෙන් න්ගුයෙන් රාත්‍රියේ සෑම විටම විදුලි පන්දමක් කොට්ටය යට තබා නිදා ගත්තේය.  ඔහු පසුව කී  පරිදි ඒ පුරුද්ද ආවේ සිටි තැනින් කොයි වෙලේ පැන යන්නට සිදුවේද නොදන්නා නිසා බවයි. ඔහු නිතර ගැස්සී නැගිටියි. ඔහුගේ පවුලේ අය විඳි දුෂ්කරතා බොහොමයක් ඔහු මට විස්තර කළේය.

මේ ඝාතන  හා  මිනිසුන් සාගින්නෙන් හාමතින්  මිය යාම නතර වුයේ සෝවියට් දේශයේ අනුග්‍රහයෙන් වියට්නාම හමුදා කාම්බෝජය ආක්‍රමණය කිරීමෙනි. වියට්නාම ආක්‍රමණයෙන් පොල්පොට් ගේ බිහිසුණු ක්‍රියා බොහොමයක් හෙලිදරව්  වුනි. එය එසේ වුවත් නැවතත් මහජන චීනයේ සහ තායි රජයේ ආධාරයෙන් පොල්පොට්,  හෙන්  සම්රින්, ඉයන් සාරි නැවතත් වියට්නාම හමුදා සහ ඔවුන් සමග එක්ව සිටි කැම්පුචියා  සමාජවාදීන්ට පහර දුනි. වියට්නාම චීන යුද්ධයක් සුළු වශයෙන්  පටන් ගත්තේද මේ කාලයේය.  කාම්බෝජ හමුදා ජයගත් අතර පොල්පොට් චීනයට පැන ගියේය. ඔහු මියගියේ 1998 අප්‍රේල් 15දාය.

රෝහණ විජේවීර සහෝදරයා හැට ගණන්වල වෛද්‍යවරයෙකු වීමට සෝවියට් දේශයේ උගත් අතර ඉගෙනීම හැර දමා පැමිණිය හෝ විසා නැති වීම නිසා ලංකාවේ හිර විය. ඔහු සෝවියට් දේශයේ සිටියදී බයිකල් අමූර් දුම්රිය මාර්ගය හදන තරුණ  කණ්ඩායම් වල වැඩ කළේය. ඔහු තම මුලික පක්ෂ දේශපාලන අයන්න ශන්මුගදාසන් ගේ කොමියුනිස්ට් පක්ෂයෙන් (චීන පිල ) කියැවූ  බවද 71 කැරැල්ල බොහෝ විට ගම්වල තරුණයන් මූලික කොට හටගත් එකක් මිස නාගරික  කම්කරුවන්ගේ සහයෝගයක් නොතිබූ බවද කීවෙමි. කොටින්ම  විජේවීර සහෝදරයා  මාක්ස්වාදයේ මුලික ඉගෙනුමකින් බැහැරව කටයුතු කළේය.

ලයනල් බෝපගේ 1984 ඉවත් වනවිට ජාතීන් ගේ ස්වයං නිර්ණය (මෙය බොහෝ ධනවාදී රටවල් අනුගමනය කරන පිළිවෙතකි) පිළිබඳ විජේවීරගේ මතයට විරුද්ධ වූ බව මා ඒ දිනවල අසා තිබේ. (ඔහුගෙන් විමර්ශනය කළ යුතුය). අප උගත් සෝවියට් රුසියානු පොත්වල රුසියානු රජවරුන් (මහා පීටර් ග්‍රේට් වැනි අය) හා  නැපෝලියන් පැරදවූ සාර් හමුදාවේ ජෙනරාල් කුතුසෝව්  වැනි වීරවරුන් ගැන වර්ණනා කර තිබේ. චීන මාඕවාදීන් මෙන්ම පොල්පොට් ද   කාම්බෝජ වීරයන් භාවිතා කළේය. ඔහුට දාව උපන්  (පොල් පොට් ගේ ) 1986 උපන් දියණියගේ නම "සීතා" රැගෙන ඇත්තේ කාම්බෝජයේ ප්‍රසිද්ධ රාමායනයේ පරිවර්තනයකිනි. (එහි නම් රීම්කර් ය) රෝහණ විජේවීර යොදා ගත්තේ සොළින්ට එරෙහිව සටන් කළ කිර්ති කුමරු (පසුව විජයබාහු රජු) ආදීන් ය.

1977 දී හෙළිදරව් කරන තුරුම පොල්පොට් ගේ පක්ෂයේ නම වූයේ අන්කාර් (angkar) ය. ඔහුගේ ව්‍යාපාරය ඛේමර් රූජ් ය. එනම් කම්පුචියාවේපෞරාණික නම  සහිත කේමර් දේශප්‍රේමී ව්‍යාපාරයයි.  පොල්පොට් ගේ නියම නම සලොත් සර් ය. ඔහුගේ පක්ෂයේ ප්‍රධානීන්ට ප්‍රාදේශීය  නායකයන්ට හෝ පක්ෂ කේඩර්  වරුනට තිබුනේ අන්වර්ථ නාමයන්ය. පොල්පොට් මුලිකව අනුගනය කළේ මාඕ වාදයයි. ඉන්පසු කෘෂිකාර්මික සමාජවාදයයි. පොල්පොට් ලාට සැබවින් අවශ්‍ය වුයේ පෞරාණික  කාම්බෝජ රාජධානියක් වූ අන්කාර් වට් හි ශ්‍රී  විභුතිය නැවත  ගොඩ නැගීමටයි.  මිලිනය ගණනක ජනතාවක්  මේ පර්යේෂණයට භාජනය කළේ එබැවිනි.

රෝහණ  විජේවීර ද රහසිගත ජනතා  විමුක්ති පෙරමුණට යොදා ගත්තේ එම උපක්‍රමයන්මය.  දේශප්‍රේමී ජනතා  ව්‍යාපාරය, දේශප්‍රේමී කම්කරු මධ්‍යස්ථානය අසූව දශකයේ මැද පිහිටවුනි.  සාමාජිකයන්ට තිබුනේ අන්වර්ථ නාමයන්ය.  ජවිපෙ මුලික ආර්ථික ප්‍රතිපත්තියක් වුයේ ගරා වැටුණු වැව් ප්‍රතිසංස්කරණය කර  රටේ කෘෂි ආර්ථිකය නගා සිටුවීමය. කාර්මික දියුණුව සමග මිනිසුන් ගේ රැකියා අවස්ථා  අඩුවෙන බවට  ජවිපෙ චෝදනාවක් විය. විජේවීර සෝවියට් දේශයේ සිටි කාලයේත් ඉන් පසුවත් මුලිකව අනුගමනය කළේ ස්ටාලින්වාදී  මාඕ වාදයයි. ලෙනින් ගේ හා මාක්ස් ගේ පින්තුර රැගෙන පෙළපාලි ගියේ ඔවුන් මූලික විප්ලවකාරීන් නිසා හා පක්ෂ සාමාජිකත්වය රවටන්නට පමණක් යයි සිතමි.

~ මතු සම්බන්ධයි

මුලාශ්‍ර:

http://www.bbc.co.uk/history/historic_figures/pot_pol.shtml
https://en.wikipedia.org/wiki/1987%E2%80%9389_JVP_insurrection
https://en.wikipedia.org/wiki/Khmer_Rouge


44 comments:

  1. හොඳ සංසන්දනයක්.
    88/89 කැරැල්ලේ ජවිපෙ ක්‍රියාකාරිත්වය බෙහෙවින් ලාමක මට්ටමක පැවතුනා. ගම් වල සිටි ක්‍රියාකාරිකයන් කිසිදු දේශපාලනික දැනුමකින් යුක්ස්ත උනේ නැහැ. ඔවුනට තිබුනේ බලෙන් කාවද්දන ලද මතවාදයක් පමණයි.

    ReplyDelete
    Replies
    1. දේශපාලනය කියන එක අඩුවෙන් දෙන තරමට භයානක වැඩියි.

      Delete
  2. ඉතාම වැදගත් ලිපියක් නිවීබසැනසිල්ලේ කියවා අදහස් දැක්වීමට සටහන් කර ගනිමි

    ReplyDelete
  3. අපිත් උද්ගෝෂණ කරා රනිල්ගේ ධවල පත්‍රිකාවට එරෙහිව, කොළඹට කිරි ගමට කැකිරි කියල. උද්ඝෝෂනේ යනකොට ඉස්කෝලෙට පල්ලෙහා පාරේ පොලිස් ට්‍රක් එකක් ආව, අය්යල කිව්වා එකට ගල් ගහන්න කියා අපි ගල්ගැහුවා, එක වේගේ වැඩිකරලා ඉක්මණින් නොපෙනී ගියා,අපි හු කිව්වා. පස්සේ ආරංචි වුණා ඒ ට්‍රක් එක රෙපයාර් කරන්න ගැරේජ් එකකට ගිය එකක් කියා, එකේ පිටිපස්සේ කවුරුත් නොසිටි නිසා අපි ගල් ගැහුවා, හු කිව්වා කියල එයාල දැන නොසිටියාය කියල.

    රනිල් ගේ ඒ අද්යාපන ධවල පත්‍රිකාව හොයාගෙන කියවන්න ඕන ඒකාලේ එකේ මොනවාද යෝජනා කරලා තිබ්බේ කියල.

    ReplyDelete
    Replies
    1. //ය්යල කිව්වා එකට ගල් ගහන්න කියා අපි ගල්ගැහුවා// හේ හේ
      අධ්‍යපන ධවල පත්‍රිකාවේ පොකුරු පාසල් හදන්න කියල නේද තිබ්බේ පොඩි පාසැල් වහල දාල. අද්‍යාපනය පෞද්ගලිකරණය කරන්නත් හැදුව කියනවා. හරියට මතක නැහැ. හොයල බලන්න ඕනේ.

      Delete
    2. විරෝධතා හමුවේ ධවල පත්‍රිකා යෝජනා හකුලා ගනු ලැබුවත් පොකුරු පාසැල් නැත්නම් පර්ෂද පාසැල් ක්‍රමය පසුව ටික කලක් ක්‍රියාත්මක වුණා. එහිදී පොඩි පාසැල් වැහීමක් සිදු වුනේ නැහැ. ජනප්‍රිය ලොකු පාසැලකට ජනප්‍රිය නැති කුඩා පාසැල් හත අටක් එකතු කර පාසැල් පර්ෂදයක් කියා එකක් හැදීමයි සිදු වුනේ. මම උපගුරුවරයෙකු ලෙස සේවය කළ පාසැලත් මෙවැනි පර්ෂදයකට අනුයුක්ත කර තිබුණා. නමුත්, එයින් කුඩා පාසැල් වල සිසුන්ට ලොකු දෙයක් ලැබුණේනම් නැහැ. එයට හේතු වුනේ ක්‍රමයේ වැරැද්ද නෙමෙයි. සමාජ ආර්ථික පසුබිම අනුව සිසුන්ට වෙනස් ලෙස සැලකීමට ලංකාවේ බොහෝ දෙනෙක් පුරුදු වී තිබීම එකවර වෙනස් කළ නොහැකි වීමයි. අජිත් පැරකුම්ගේ නැන්දම්මාට ගුරුවරයා ආමන්ත්‍රණය කළ ආකාරයෙන් පිළිබිඹු වන ඇත්ත දශක ගණනකට පසුවත් වෙනස් වී තිබුණේ නැහැ. ඒ නිසා, නිවාසාන්තර ක්‍රීඩා උත්සව ආදියේදී පොඩි පාසැල් වල සිසුන්ට ප්‍රධාන පාසැලේ සිසුන්ට ලැබුණු ප්‍රමුඛතාවය ලැබුණේ නැහැ. පර්ෂද ක්‍රමය තුළත් ඔවුන්ට ලැබුණේ කුඩම්මාගේ සැලකිලි. එවැනි ප්‍රශ්න තිබුණත්, අද වුවත්, මේ ක්‍රමය ලංකාවට ගැලපෙන ක්‍රමයක් බව මගේ අදහසයි. ජනප්‍රිය පාසැල් සමඟ කුඩා හත අටක් එකතු කිරීමෙන් ජනප්‍රිය පාසැල් වලට තිබෙන තරඟය අඩු කළ හැකියි. එහිදී කළ යුත්තේ ප්‍රධාන පාසැලේ උසස් පෙළ පන්ති (හෝ අවශ්‍යනම් සාමාන්‍ය පෙළ පන්තිත්) පවත්වා කුඩා පාසැල් වල පොඩි පන්ති පැවැත්වීමයි. එසේ කිරීමෙන් සියල්ලන්ටම අවසානයේ ජනප්‍රිය පාසැලට යන්න අවස්ථාව ලබා දිය හැකියි.

      Delete
    3. මමත් හිතනවා එහෙම. හැබැයි ඕව හරියන්නේ එංගලන්තේ වගේ රටවලට. අර ඔබ කීව වගේ වෙනස් කම් කරන්නේ නැති නිසා. ජවිපෙ මොන හේතුවකට ඕවට විරුද්ධ වුනාද කියන එක අදටත් මට හිතා ගන්න අමාරුයි.
      මගේ දියණියන යන පාසැල පහුගිය වසර ගාන ඇතුලත පළාතේ හොඳම විද්‍යාලයක් බවට පත්වුණා. එහි විනයත් ඉතා ඉහල මට්ටමක පවත්වා ගෙන යන්නේ. දැන් ඒ ළඟ තියන කුඩා විදුහලක් රජය විසින් අනුබද්ධ කරලා අර තත්වෙට ගෙන්න. දියණියන් යන විදුහලේ විදුහල්පති හා පාලක දෙමාපිය මණ්ඩලය ඉතා කැමැත්තෙන් උදව් කරනවා ඒකට. ක්‍රමය සාර්ථක වෙන බවට මගේ විශ්වාසයක් තියනවා.

      Delete
  4. අකුරු ටිකක් ලොකු කරන්න පීස්.... ඇස් රිදෙනව

    ReplyDelete
  5. නෙළුම්යාය පදනමේ සභාපතිත්වයට ඉදිරිපත් වීමට විවිද චරිත සූදානමින් සිටි ඒ අතර සභාපති පුටුවට අජිත් ධර්ම මහතා ඇස ගසාගෙන සිටියේය. ඔහුගේ නම හෝ කරලියට ආවේ එම තනතුරට දමන චරිතය ලෙස ඔසවා තැබූ නිසාය. එලෙස ඔසවා තැබුවේද අනෙකෙකු නොව අජිත් ධර්ම මහතාමය. එහෙත් අද ඔහු බ්ලොග් පාලනයට එන්නේ එන්නේ නෙළුම් යාය පාර්ශ්වය නියෝජනය කරමින් නොවේ. සමාජවාදය නිරූපණය කරමිනි. කල දුටු කල වළ ඉහ ගැනීම කදිම කලාවකි. අජිත් ධර්ම මහතා මේ පෙන්වනුයේ ඒ දස්කමය.

    මේ යන රටාවට අනුව මෙරට බ්ලොග් යන්නේ වලපල්ලට බව නොරහසකි. බ්ලොග් බොහොමයක් අතහැර දමාය.
    අජිත් ධර්ම මහතා බොහෝ කඩිනමින් දේවල් කරන බවට ප්‍රකාශ නිකුත් කළද ඒවා ප්‍රකාශ පමණක්මය. ක්‍රියාවෙන් ඒවා වන ලකුණක්ද නොපෙනේ. මේ හැම කිරීමට දක්‍ෂ මිනිසුන් බ්ලොග් ලිවීමට අවශ්‍යය. අද බ්ලොග් ලොව නැත්තේම එවැනි අයය. බ්ලොග් ලිවීමට උපදෙස් දීම නිලවරණ පැවැත්වීම අජිත් ධර්ම මහතාගේ වැඩක් නොවේ. එය බ්ලොග්කරුවන්ගේ රාජකාරියකි. මෑත ඉතිහාසය තුළ බ්ලොග් ලිවීමට ආ දුර්වලම ලේඛකයා මොහු විය යුතුය. එහෙව් අයකු සමඟ දුර ගමනක් යන්නට හදන වත්මන් බ්ලොග්කරුවන් ගැන කනගාටුය.
    අනික නම් බ්ලොග් යනු හුදු ලේඛන ක්‍රමයක්ම පමණක්ම නොවේ. එය අදහස් පලකිරීමේ ඇති ප්‍රබලතම මාධ්‍යයකි. අදටත් ආ ගිය වැඬේ අමතක කොට උදැසනම බ්ලොග් නරඹන සංස්කෘතිය ඉතිරි වී ඇත. නිවසේ රාජකාරී අතපසු කොට වුව බ්ලොග් ලියනා උමතුව තවමත් බහුතරය තුළ නොනැසී පවතී. ඒ අද මුදලට හෙට ණයට මෙන් නෙළුම්යාය සම්මානය ලැබේ ඇතැයි විශ්වාසයෙනි.
    මේ අහිංසක බලාපොරොත්තු භාවිතා කොට බ්ලොග් පාලනයට පැමිණි අජිත් ධර්ම මහතා මේ කාර්යයේ දී කෲර බුද්ධියකින් හෙබිය. ඔහු මාධ්‍යයෙන් වසන් වෙනවා වෙනුවට සිදුකරනුයේ මාධ්‍ය ඉදිරියට පැමිණීම ය. අනුන්ගේ ඇපිල්ලීමට වඩා තමන්ගේ ඇපිල්ලීම විශ්වාස බැවින් ඒ අනුව කටයුතු කිරීම ය. ඔහුට සමාජවාදය හෝ අන් කිසිවක් අදාළ නැත. ඔහු ඔහුගේ කාර්යයන් අපූරුවට සර්ව සාධාරණ කළේ ය.බ්ලොග් ගොඩ ගැනීමක් ගැන කතා කරනවාට වඩා තමන් විසින් මෙතෙක් කළ කී දේ වඩාත් ම නිවැරදි යයි මතයක් පැතිරවීමට උත්සාහ කළේ ය. එහිදී අජිත් ධර්ම මහතා අන් සියල්ලට ම වඩා වෙනස් ය. පසුගියදා හදිසි උපත් පාලන ක්‍රම ගැන බ්ලොග් ලොව සිදුවූ කතබහ මෙහිදී මතකයට ගත හැක. එහිදී අජිත් ධර්ම මහතා අසත්‍ය කරුණු ප්‍රකාශ කර ආකාරය සහ ඒවා පෙන්වා දුන් විට හැසිරුණු ආකාරය ඉතාම අප්‍රසන්න සහගත බව සැමට මතකය. එබැවින් තවදුරටත් අජිත් ධර්ම මහතාගේ දෙබිඩි ප්‍රතිපත්තිය සමාජයෙන් වසන් කිරීම, මේ ප්‍රශ්නය තවත් ඔඩු දිවීමක් මිස ප්‍රතිකාරයක් නොවන බැව් බ්ලොග් කරුවෝ වහා වටහා ගත යුතුය.


    ReplyDelete
    Replies
    1. ඇනෝ සහෝදරයා මේ ප්‍රතිචාරය ලියන්නට ගත් මහන්සිය සලකා එය පල කෙරුවෙමි. ඒ ඇරත් උදේ පාන්දර මුවගට සිනහවක් නංවන්නට හැකි වීමම ඇනෝ සහෝදරයාගේ ජයග්‍රහණයකි.
      //පසුගියදා හදිසි උපත් පාලන ක්‍රම ගැන බ්ලොග් ලොව සිදුවූ කතබහ මෙහිදී මතකයට ගත හැක. එහිදී අජිත් ධර්ම මහතා අසත්‍ය කරුණු ප්‍රකාශ කර ආකාරය සහ ඒවා පෙන්වා දුන් විට හැසිරුණු ආකාරය ඉතාම අප්‍රසන්න සහගත බව සැමට මතකය// මේ කවද කොහේ සිද්ධ වෙච්ච දෙයක්ද? මට මතක නැහැ , මම දන්නේ නැහැ , මම හිටියෙත් නැහැ.

      Delete
  6. රනිල් ඒ කාලේ ඉදලාම කරලා තියෙන්නේ හිතුවක්කාර වැඩමනේ අම්මපා.

    ReplyDelete
    Replies
    1. ධවල පත්‍රිකාව ඉදිරිපත් කෙරුව මතකද? මමත් ඒ කාලේ හිටියේ ලංකාවේ.

      Delete
  7. 70 දශකයේ මුල් කාලයේ රුසියන් කාර් ලංකාවේ තිබුනේ නෑ. තිබුනේ බටහිර යුරෝපියානු ඒවා .

    ReplyDelete
    Replies
    1. මුල් කාලයේ තිබ්බ කියල මේ ලිපියේ කියල නැහැ. 1976 නොබැඳි සමුළුවට ගෙනාවේ.

      Delete
    2. නෙබැඳි සමුළුවට ගෙනාවේ පර්ජෝ 404 සහ 504 කාර් වගේ මට නම් මතක. ඒ වට ඒදවස්වල කීවෙ 6 ස්‍රී කාර් කියල. තව මිටිසුබිශි කෝල්ට් කියල ජපන් කාර් එකකුත් ඒ දවස්වල ලංකාවට ආව .

      Delete
    3. අජිත් ධර්ම වැරදි. නොබැදි සමළුවට ගෙනාවේ පර්ජෝ කාර්. මේ ගැන ඩොනල්ඩ් වීරකෝන් ලියු ලිපි වලත් සදහන්ව තිබෙනවා. ඔහු එවකට කටයුතු කලේ අගමැතිනියගේ ලේකම් ලෙසයි. කර්නල් ගඩාෆි වැන්නවුන් නම් කොළඹ එද්දී ඔහුගේ වාහන අරං අවා කියලා සදහන්ව තිබුනේ.

      අජිත් බොහෝ විට කරුණු කරනා පටලවාගෙන ලියන නිසා පොඩ්ඩක් හොයලා බලන්න ලිපි ලියන්න කලින්.

      Delete
    4. සේරෙන්දිපිටි සහ ඇනෝ මහතා - පර්ජෝ 404 මොඩල් 1975 න් ඉවරයි නේද. මට මතක විධිහට පොලිසියට සහ හමුදාවට ගෙනාවේ පර්ජෝ කාර්. ඔය ලාඩා හෙවත් ශිගුලිය සෝවියට් දේශයෙන් තෑගි හැටියට ලැබුනේ මම හිතන්නේ. මුදලට නෙමේ. හැබැයි සමුළුව ඉවර වෙලා ඒවාට මොනවා වුනාද කියල කවුරුත් දන්නේ නැහැ. ඒවා නිල් පාට ගාල තිබුනේ. ලාඩා කාරෙක තනිකරම ප්‍රංශ කාර් එකේ කොපියක්. ප්‍රංශ එක 1968 ආවේ . ලාඩා එක 1970 විතර. ඔය දෙක එකම වගෙයි. ඔයාල දෙකම එකයි කියල හිතන්න ඇති.
      ලාඩා කාර් 25 විතර නතර කරලා තිබ්බ තැනත් මම දන්නවා. කොම්පඤ්ඤ වීදියේ පොලිසිය පිටි පස්සේ සහ එයාර් ෆෝර්ස් ග්‍රවුන්ඩ් එකේ. ඩොනල්ඩ් වීරකෝන් ඒ ගැන නොලිව්ව්වේ ඊට පස්සේ කාර් වලට වෙච්චි දේ ගැන අහයි කියලද කවුද දන්නේ. ඒ මිනිස්සු අවංක නිලධාරීන් නේ.

      Delete
    5. ඇනෝ මම පටලව ගෙන නැහැ. මේ දැන් කතා කලා මාත් එක්ක ඒ ලාඩ කාරෙකක ඉඳ ගත්ත කෙනෙක් එක්ක. මට වයස 12 එතකොට. එයත් තහවුරු කලා ගෙනාව කියල. එයා තවදුරටත් තහවුරු කලා ගෙනාවේ ඒ වගේම පර්ජෝ 404 නෙමේ පර්ජෝ 406 කියල. ආණ්ඩුව සමුළුවෙන් පස්සේ ඒවා (පර්ජෝ ටික) උසස් සිවිල් සේවකයන් (නිලධාරීන් ට ) සහ පොලිසියේ වන් නයින් (හදිසි සේවය) ට ලබා දී තිබෙනවා. එක කාරෙකක් ඔහුගේ යහළුවෙකුගේ පියාට (ඒ දවස් වල සිවිල් සේවයේ හිටි) ලැබිල තියෙනවා රජයෙන්. විශ්‍රාම ගියහම අරගෙන නැතිව ඔවුන් ළඟ මේ මෑතක් වෙනතුරු තිබිල තියනවා. ලාඩ කාර් වල පාට වෙනස් කරලා හොරෙන් විකුණුව කියල තමා ඔහු කියන්නේ.

      Delete
    6. පර්ජෝ, සිඑස් ලා ගරෙජ්වල දල පරෙස්සම් කරලා තිය ඉඳල පැන්සන් යනකොට ගෙදර අරන් ගියාලු. පරණ හිතවතකු ළඟ එකක් තිබ්බ ක්ෂයවීම් කාලය ඉවරවුණාම රුපිලක් රජයට ගෙවලයි ගත්තේ කිවා, ගරෙජෙකෙම තිබ්බ නිසා වාහනේ නම් ක්ෂය වෙලාම නැ. පර්මිට් ලැබෙන්න ඉස්සර කතාවක් වෙන්න ඇති.

      Delete
    7. ඔව් ඒක තමයි ඔය පර්ජෝ වලට වුනේ. මේ ප්‍රශ්නේ කවුරුත් පිලි ගන්නේ නැහැනේ ලාඩා එකත් ආව කියල. කොළඹ හිටපු අපි විතරද ඒක දැක්කේ

      Delete
    8. ජවිපෙ ඉතිහාසය සම්බන්ධයෙන් නිවැරැදි කරුණු දැක්වීමක්

      Delete
    9. ස්තූතියි මොහොට්ටි. ජවිපෙ සහෝදරවරු පිළිගන්නේ එකක් නැතිවෙයි

      Delete
  8. 71 ත් 89 ත් අතර ලංකාවේ පැවති ආර්ථික දේශපාලන වාතාවරණය පිළිබඳ මෙවැනි වටිනා කියමනක් මීට පෙර මුණ ගැසී නැහැ අජිත්ට තුති පුදමි

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තූතියි. ඔබේ ලිපියේ ප්‍රතිචාර කියෙව්වා. ඒ ගැන ලියන්න තිබෙනවා. පස්සේ එන්නම්.

      Delete
  9. සමුලුවට ගෙනාවේ Holden Statesman සහ Peugeot 504. රාජ්‍ය නායකයා ගියේ Holden Statesman එකේ. ඒකට ඉස්සරහින් සහ පස්සෙන් දෙක බැගින් 504 හතරක් ගියා ඒක convoy එකක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ දෙකත් ගේනවා. මැතිනිය ගියේ ලොකු කාර් එකක. පින්තුරයක් දැක්කා පළ කරන්නම්. ඒක Holden Statesman කියල දන්නේ නැහැ. පොලිසියේ හදිසි සේවය පාවිච්චි කලේ පර්ජෝ. පයිලට් කාර් හැටියට ඒවා ගිය. ලාඩා කාර් තිබ්බ. ගියේ සුළු නිලධාරීන් සහ පොඩි රටවල නායකයන් වෙන්න ඕනේ. කොච්චර සමාජවාදී වුනත් ප්‍රංශ කරවල හෝ ඇමෙරිකන් කාර් වලම නේ යන්නේ.

      Delete
  10. මේ වාදය අවසන් කිරීමට - 1976 දී ලාඩ කාර් මම ඇහින් දැකල අතින් අතගාල නිසා කියන්නේ සෝවියට් දේශය දුන්න කියල. මේ සඳහා අනිත් සාක්ෂිය කොලින් සුරියබණ්ඩාර මහතා. ඉන්නේ එංගලන්තයේ. එයා තමයි ඒ ගෙනාපු කාරෙකක් ඇතුලේ ඉඳගෙනත් හිටියේ. අවශ්‍ය කෙනෙකුට ඔහුගේ නොම්මරේ දෙන්නම් කතා කරලා අහන්න. තවත් කිහිප දෙනෙක්ම ඉන්නවා මේ කාර් දැකපු. මම ඊයේ හැමෝටම කතා කරලා තහවුරු කර ගත්ත මම හීනයක් නෙමේ දැක්කේ කියල. ඔය කාරෙකක අමුත්තෝ අරන් ගිය පොලිස් නිලධරයෙක් හිටියා මම දන්නා. දැන් ජිවතුන් අතර ඉන්නවද දන්නේ නැහැ. හොයල බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ලංකාවට ගෙනාපු ඒවයෙත් පැදවීම වමෙන් නේද?

      Delete
    2. ඕව් මචන්. මගේ යාලුව කිවේ පොලිසියේ අය කිව්වේ "වැරදි පැත්තෙන් යන කාර්" කියලලූ. ලාඩා නීවා කියන එක්ස්පෝර්ට් මොඩල් එක විතරයි දකුණෙන් පදවන ඒවා තිබ්බේ. එංගලන්තයට එවපුව.

      Delete
  11. මගේ පියා සිවිල් සේවකයෙක්. 1976 දී ඔහු මුදල් අමාත්‍යාංශයේ ඉහල නිළයක් දැරුවේ. සමළුවට ගෙන්වූ පර්ජෝ 504 ක් ඔහුගේ භාවිතයට පසුව ලැබී තිබුනා. අජිත්ගේ ලිපිය දැක්කම මං මගේ පියාට දුරකතන ඇමතුමක් දීලා ඇහැව්වා රුසියානු වාහන ගෙනාවද කියලා 76 සමළුවට. පියා නම් කිවේ යුරෝපිය වාහන පමණයි ගෙනාවේ කියයි. රුසියන් වාහන ගෙනාවයි කියන ඔබගේ කතාව පිළිගන්නට අමාරුයි මට එම නිසා අජිත්.

    ඇසල

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. යුරෝපිය වාහන මුදල් ගෙවා ගෙනාපුවා . ඔය පර්ජෝ 504 දකුණෙන් එලවන එකක් ලංකාවට විශේෂයෙන්ම හදපු (මම හිතන්නේ ) සමහරවිට ඔබේ පිය දකින්න නැතුව ඇති හෝ පර්ජෝ 404 කියල හිතන්න ඇති . මම අහින් දැකපු දෙයක්නේ මම කියන්නේ. මම විතරක් නෙමේ. ඒ දවස්වල ඒ ළඟ ජිවත් වුනු දෙතුන් දෙනෙකුත් සනාථ කළා ඒක. ඒ දවස්වල කාර් නැහැනේ ගොඩක්. ඒ නිසා මේක හොඳට මතකයි. ලංකාවට හරි හමන් batahira වාහනයක් ආවේ 1977න පස්සෙනේ. මතකද datsun හෙම. //පියා නම් කිවේ යුරෝපිය වාහන පමණයි ගෙනාවේ කියයි.// අනික රුසියාව කියන්නේ යුරෝපිය රටක්. :)

      Delete
    2. සමවන්නේ, මගේ කොමෙන්ටුව පහත පරිදි විය යුතුය.

      ' පියා නම් කිවේ බටහිර යුරෝපිය වාහන පමණයි ගෙනාවේ කියායි.'

      Delete
    3. දැන් නම් මටත් හිතෙනවා මගේ මතකය අප්සට් ද කියල. කිහිප දෙනෙක්ම කියන නිසා. මම කියන්නේ ලංකාවෙන් විශේෂයෙන් ආනයනය කරපු වාහන ගැන නෙමේ . සෝවියට් දේශයෙන් ප්‍රදානය කළ ලාඩා කාර් වගයක් ගැන. මේවා සමුළුව සඳහා ප්‍රදානය කළ ඒවා.
      දැන් මට ලොකු කුතුහලයක් ඇවිත් තියනවා මේවා ගැන හොයන්න මොකද වුනේ කියල. රුසියාවේ මේ එක ක්ලැසික් වාහනයක් ඩොලර් 8000 -10,000 අතර ගනනට දැන් විකිනෙනවා. ලංකාවට එන රුසියානුවෝ පරණ වාහන පටවනවා කියල ආරන්චියකුත් ආව.

      Delete
  12. 76 සමළුව ගැන රසවත් ලිපි පෙළක් පුවත්පතක පලවුවා. ලංකාදීප දියත අතිරේකයේ වියුයුතුයි. එහි සදහන්ව තිබුනා සමළුවට පැමිණෙන රාජ්‍ය නායකයන්ට නවාතැන් දුන් ආකාරය, අලි ඇතුන් මගින් පිළිගත් ආකාරය,ආහාර සැපයීම, ආරක්ෂාව, ප්‍රවාහන පාහසුකම් ලබාදුන් අයුරු ගැන හොද විස්තරයක්.

    ගඩාෆි ලංකාවට පැමිනියේ ඔහුගේ නැවක බවයි සදහන්ව තිබුනේ. අනිකුත් රාජ්‍ය නායකයන් සමග එකට නැවතීම ඔහු ප්‍රතික්ෂේප කල තිබුනා. ලංකාවේ සමළුව අතරතුර වරක් ඔහුට ඔහු නොරිස්සූ වෙනත් රටක නායකයෙක් ම්හුනට මුහුන හමුවී දෙපිලේ ආරක්ෂකයන් අතර ගැටුමක් ඇතිවෙන්නටත් ගිහින් ලංකාවේ ඉහලම පරිපාලන නිලධාරීන් බොහෝ වෙහෙස වී ගැටුම නිරාකරණය කර ගෙන තිබු බවත් සදහන් උනා.

    එම ලිපි පෙළ මා ඉතා ඕන කමින් කියවූ නිසා මට මතකයි එහි සදහන් උනේ සමළුවට ගෙන්වුයේ පර්ජෝ වාහන බව. රුසියානු කාර් ගෙනාපු බවක්/ ලැබුණු බවක් කොහෙවත් තිබුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ස්තුතියි ලින්ක් එකක් තියනවද? ගඩාෆි යන ඕන තැනක එයාගේ කුඩාරම ත් අරන් යනවලු. මම එක මෙහෙදී ත් (ලන්ඩන් වල) දැක්ක. මෙහෙමයි මම ඔය උඩත් සඳහන් කරලා තියෙන්නේ. මෙතන විවාදයක් නැහැ ප්‍රංශ කාර් එක ගෙන්වූ බවට. ඒක මමත් පිලි ගන්නවා. ගෙන්නුව කාර් නුයි තෑගී ලැබිච්ච එකයි කියන්නේ දෙවිදියක්. ගෙන්නුව ඒවාට ලංකාව ගෙවල විශේෂයෙන් ගෙන්න ගත්ත ඒවානේ. සමිට් කාර් කියල. ලාඩ කාර් ආණ්ඩුවෙන් ගෙන්නේඋවේ නැහැනේ. ඒවා ත්‍යාග.
      දියත ලේඛකයා නොදුටුව හෝ නොදැන හිටිය වෙන්න පුළුවන්. මම මගේ යහළුවා එක්ක ආයෙත් කතා කරා. එයා නම් කියන්නේ අත හැරලා දාන්න අපි දැක්ක දේ අපිනේ දන්නේ කියල. තවත් එක ක්‍රමයක් තියනව මේක හරියටම ඔප්පු කරන්න. මම ඒකත් උත්සහ කරල බලන්නම්.
      දැන් ඉන්න හුඟාක් අය දන්නේ නැහැනේ ඔරුවල වානේ කම්හල , තුල්හිරිය පෙහ කම්හල, කැලණියටයර් කර්මාන්ත ශාලාව (පස්සේ පෞද්ගලික අයට දුන්නු) හෙම සෝවියට් දේශයෙන් ලංකාවට ප්‍රදානය කලා කියල.
      ඔය කොම්පඤ්ඤ විදිය පොලිසිය ඉස්සරහ රමාඩා හෝටලේ හදන්න කලින් තිබුනේ ග්‍රවුන්ඩ් එකක්. ඒකෙ අපි ෆුට්බෝල් ගහල තියනවා. (දැන් එහෙම එකක් තිබ්බේ නැහැ කියල කියන්න ඕන කෙනෙකුට පුළුවන්. මැප් බලන්න තමා වෙන්නේ.) රෝයල් තෝමියන් රෙගටා එකට රෝවින්ග් (බෝට් ) පුරුදු වෙන්නේ ඒ ග්‍රවුන්ඩ් එකට අල්ලපු බේරේ වැවේ. එතකොට ඒක ඇතුලට ඔය පොලිසිය ඉස්සරහිනුත් ගිය හැකි. නැත්නම් බාලදක්ෂ මුලස්තානේ ගාවින් ගිය හැකියි.
      එතකොට ඔය පොලිසිය ඉස්සරහ පෙට්‍රල් ෂෙඩ් එකක් තිබ්බා. ඔය කාර් වලට එතැන පෙට්‍රල් ගැහුවා පෝලිමට. ඉස්සර දැන් වගේ පොලිස් ජාතික රහස් ඔත්තු සේවය තිබ්බේ නැති නිසා සි අයි ඩි නිලධාරීන්, හදිසි සේවයේ අය ට, හමුදාවේ අයට තමා ඔය කාර් පදවන්න දීල තිබුනේ.

      Delete
  13. Replies
    1. ප්‍රා තෙමේ නිහඬ සිනවහකින් සංග්‍රහ කොට නික්ම ගියේය.

      Delete
  14. ලාඩා වාහන ගැන : මේ පිළිබඳව මතකයක් ඇත්තේ අප දෙදෙනෙකුට පමණක් නිසාත් ඇනෝ මහතෙකු හෝ දෙදෙනෙකු , කුමාර, ඇසල ආදී වැඩි පිරිසක් එම කාරය ලංකාවට සමුළුව සමයේ නොතිබුන බවත් පවසන හෙයින් එයට අදාල සටහන ඉවත් කලෙමි. මට එවැන්නක් ඔප්පු කිරීමට නොහැකිය. දැනට ඇත්තේ මම සහ යහළුවෙකු ඇසින් දුටු මතකයන් පමණි. මවිසින් රුසියානු තානාපති කාර්යාලයට සම්බන්ධ මහත්මයෙකු ගෙන් මේ පිළිබඳව විමසු නමුත් තවම පිළිතුරක් ලැබුනේද නැත.

    ReplyDelete
  15. රෝහණ ගේ මතාවාද හොදයි.ක්‍රියාත්මක උන වෙලාව නරකයි.ඔහු ට සැබැවිම් ඔහුගෙ මතවාදය ඉස්සරහට ගෙන්න තිබ්බ නම් 👍

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .