එදා ලැබූ මිහිරි අත්දැකීම් මෙන්ම රුස්සන් සමග ගෙවූ දවස ගැනද ගිහාන් නිතර මෙනෙහි කළේය. ශිෂ්‍ය නවාතැනේ යහළුවන්ට සමහර විස්තර පමණක් කීමට ඔහු පරිස්සම් විය. කතාබහේදී කේ ජී බී පාසැලේ ඉගෙන ගන්නා නමුදු පාලනය හා මාක්ස් උපහාසයට ලක් කරන විහිළු කතා ඔවුන් කිව් බව ඔහු ශ්‍රී ලංකික යහළුවන් සමග පැවසීය.
ලෙනින්ගේ ස්මාරකය අසල පොලිස් නිලධාරියෙක් (පින්තුරය කතුවරයාගේය) |
"අපොයි මම ඕව ගොඩක් අහල තියනවා." ජ්‍යෙෂ්ඨ සිසුවකු වන මහින්ද කීවේය.
"මතකද අර ලෙනින් ගෙනාපු කතාව, ප්‍රසිද්ධ එකක්" කිරින්ද ඇසුවේය.
"මොකක්ද" තවෙකෙක් විමසීය.
"ඇමෙරිකන් කාරයෙක් ලෙනින්ගේ මව්සලොයෙම් එක (රතු චතුරශ්‍රයේ ලෙනින්ගේ සිරුර තබා ඇති මැදුර) බලන්න ගියාලු. හෙන පෝලිම. පොර වට පිට බලල ගියාලු ඩොලර් කඩේට. ගත්තලු ටීචර්ස් විස්කි පෙට්ටියක්. ඒක ටැක්සියක දාගෙන ඇවිත් මුර කරන භටයෙක් ගාව නැවත්තුවලු. අර භටයා ගාවට ගිහින් කිව්වලු
"තවරිෂ් සොල්දාත් (සොල්දාදු සහෝදරයා) මට ලෙනින් බලන්න යන්න ඕනේ. ඒත් හවසට ෆ්ලයිට් එක නිසා වෙලා නැහැ පෝලිමේ ඉන්න. පොඩ්ඩක් එනවද ටැක්සිය ගාවට "
සොල්දාදුවා ටැක්සිය ඇතුලේ බැලුවම දැක්කලු ටීචර්ස් පෙට්ටිය.
සැලියුට් එකක් ගහල කිව්වලු මෙහෙම.
"තවරිෂ් ඇමෙරිකානෙට්ස් (ඇමෙරිකානු සහෝදරයා) ලෙනින් බලන්න යනවද? ලෙනින් මෙතනට ගේන්නද? "
සියල්ලෝ කොක් හඬලා සිනාසුනහ.
"මේ කතා ඔක්කොම වගේ මෙහෙ තියන නිලධාරීන් ගේ අල්ලස දුෂණයට එරෙහිව කියන ඒවා නේද?" ගිහාන් ඇසීය.
"නැහැ, දැන් අර මාක්ස් ගේ කතාව වගේ ඒවා කෙලින්ම සිස්ටම් එකට ඇටෑක් එකක් නේද? ඇමෙරිකන් කාරයෝ හදල එවනවද දන්නේ නැහැ " සුහද විහිළුවට මෙන් කීය.
"මම නම් හිතන්නේ නැහැ මචන්ලා . සම්භාව්‍ය මාක්ස්වාදය අනුගමනය කරන අය එහෙම නැත්නම් පැරණි මාක්ස්වාදීන් සහ ට්‍රොට්ස්කිවාදීන් මේ සිස්ටම් එකට මුළුමනින්ම පක්ෂ නැහැ. අනික මෙහෙ මාක්ස් ලෙනින්වාදය අනුගමනය කරනවා කියලනේ රට ගෙනියන්නේ. නමුත් ඇත්තටම මාක්ස්, ලෙනින්, ස්ටාලින්වාදය නේ තිබ්බේ. කෘෂෙව් ටිකක් වෙනස් කලා. දැන් ගොර්බචොව් හෙනට වෙනස් කරගෙන යනවා. ඉස්සර මේ කතා කිව්වනම් රුස්සා කෙලින්ම සයිබීරියාවේ වැඩ කඳවුරක නේද" ප්‍රියාන් පැවසීය.
"මේ රට අපේ රටට වඩා දියුණුයි මචන්ලා. අපේ වගේ දුප්පත් මිනිස්සු, මුඩුක්කු වල ඉන්න මිනිස්සු නැහැ. රස්සා නැති මිනිස්සු නැහැ. බඩගින්නේ ඉන්න මිනිස්සු නැහැ. මට පේන්නේ ප්‍රශ්න කිහිපයයි නේ තියෙන්නේ. එකක් ආණ්ඩුව කෙලින්ම විවේචනය කරන්න බැරිකම. ගොර්බා දැන් ඒකත් පෙරෙස්ට්‍රොයිකා ව යටතේ දීගෙන යනවා. අනික නිලධාරීන්ගේ වංචාව දුෂණය, මිනිස්සු වැඩ කරන්නේ නැති කම, අයිස් ගහනවා, බටහිර රටවල වගේ සුඛෝපභෝගී භාණ්ඩ අඩුයි. ඕව හදාගන්නනේ ඕනේ ?" ටිකක් වමට බර යහළුවකු වන අමල් පැවසීය.
"මචන්ලා විප්ලවය වෙනකොටත් රුසියාව ලෝකයේ ප්‍රබල රටක්. සාර් දරුණු විධිහට රට පාලනය කලා කියලත් අපි දන්නවා. කෙටියෙන් කියනවනම් පළමු ලෝක යුද්ධය නිසා ප්‍රශ්න, සොල්දාදුවෝ පලා එනවා, මිනිසුන්ට ඉඩම් නැහැ, කන්න නැහැ . ඒනිසා විප්ලවය වුණා. නමුත් මචන් මාක්ස් ඕක වෙන්න ඕනේ කියල කිව්වේ ජර්මනිය, එංගලන්තය වගේ ඒ දවස්වල කාර්මික වශයෙන් දියුණු ධනවාදී රටකනේ. එනිසා රුස්ස තමන්ව සංසන්දනය කරන්නේ දියුණු ධනවාදී රටක් එක්ක මිසක් ලංකාව, ඉන්දියා ව එක්ක නෙමෙයි. ඕකයි අපි වටහා ගන්න ඕනේ. අනිත් එක වෙන රටවල මිනිසුන්ට වගේ රුස්සට වෙන කිසිම රටකට යන්නත් බැහැ. වෙන නගරෙක නිදහසේ පදිංචියට යන්න පුලුවන්ද අපට වගේ. රෙජිස්ටර් වෙන්න ඕනේ . පක්ෂේ ඉන්නවා නම් තියනවා යම් නිදහසක්. ඇයි මේ රට මෙච්චර හොඳනම් , ස්ටාලින් කිව්වා වගේ කොමියුනිස්ම් ඇවිල්ල නම් ඒ ගොල්ලන්ට පුළුවන්නේ මිනිසුන්ට යන්න දෙන්න අනිත් රටවල් බලල එන්න. " ප්‍රියාන් සුපුරුදු ලෙස දිග හෑල්ලක් දෙඩුවේය.
"හරි හරි ඒක කිව්වහම මතක් වුනේ. තාන්යා කියනවා එයාව එක්ක යන්නලු එංගලන්තේ යන දවසට බ්‍රෙස්ට් එනකන්. ඊට පස්සේ එයා නිවාඩුවට වොරොනේෂ් හරහා ගෙදර යන්නම්ලු. රොස්ටොව් පැත්තේ ගෙවල්. " ප්‍රියාන් කීවේය.
සිතූ ලෙසින්ම සුහදට පමණක් නොව අනිත් එවුන්ටද මළ පැන්නේය.
"පිස්සු කතා කරන්න එපා යකෝ. ඒකිව කැබින් එකට ගෙනිහින් කොහොමද අපි අර හොර ගේම් ටික ගහන්නේ, අනික උන්ට බ්‍රෙස්ට් එනකන් යන්න පුලුවන්ද ? බ්‍රෙස්ට් තියෙන්නේ බෙලොරුසියාවේ නේ " සුහද කෑ ගැසුවේය.
එංගලන්තයට යන ගමන තුල ප්‍රශ්න කිහිපයකි. සිසුන් විසින් ලංකාවෙන් රැගෙන එන්නේ සීමිත මුදල් ප්‍රමාණයකි. සමහර දෙමාපියන්ට ලොකු වත්කම් නැත. එනිසා මසකට දෙන රූබල් අනූවෙන් මුදලක් ඉතිරි කර ගත් පසු එංගලන්ත ගමනට මුදල් ඇතිය. ඉන්පසු කෙරෙන්නේ රුස්සන් ට අවශ්‍ය දේ ගැන ඕඩර් ගැනීමය. ලෙවයිස් ජීන්ස්, සංගීත තැටි (රෙකොර්ඩ්ස්) පමණක් නොව ගැහැණු ඇඳුම් හා සුවඳ විලවුන් ආදී දේටද ඇණවුම් ලැබේ. මේවා සෝවියට් දේශයේ නැති සුඛෝපභෝගී ගණයට වැටෙන භාණ්ඩය. රුසියානුවන් මේවාට මුදල් දෙන්නේ රූබල් වලිනි. ගෙනෙන්නට වඩා ලාභ දේ නම් ඇම්ප්ලිෆයර්, ඉලෙක්ට්‍රික් ගිටාර්, මෙන්ම සෝනි, සන්යෝ වැනි කැසට් ප්ලේයර් සෙට් ආදියයි. ඒවායින් එන ලාභය වැඩිය.
මේවාට ලැබෙන රූබල් ඩොලර් වලට මාරු කෙරෙන්නේ ශිෂ්‍ය නේවාසිකාගාර වලම සිටින ඇරබ්බන් හෝ විට්ටන් (වියට්නාම් සිසුන්) ගෙනි. හොර බියුරෝ දෙ ශාන්ෂ්(ජ්) (ප්‍රංශ -Bureau De Change) පවත්වා ගෙන යන්නේ උන්ය. සිරියානු, ජෝර්දාන් අරාබීන්ට උන්ගේ රටවලින් මසකට ඩොලර් 50 ක් 100ක් පමණ ලැබේ. උන් ඒවා මෙසේ බ්ලැක් මාකට් මාරු කරති. විට්ටන් කරන්නේ තනිකර බිස්නස් එකය.
මේ බිස්නස් කිසිවක් නොකළ එකම එක සිසුන් කණ්ඩායමක් පමණක් සිටියහ, ඒ උතුරු කොරියානුන්ය. ඔවුහු කිසිවෙකු සමග අවශ්‍ය ප්‍රමාණයට වැඩිය ඔවුන් කතා නොකළහ. කතා කළත් "ඔව් නෑ" පමණය. ගිහාන් හේතුව දැන ගත්තේ කියුබානුවෙකු ගෙනි. කොරියානුන් අතර දේශපාලන කොමිසාර් ලෙස සිතෙන්නේ (ඔත්තු කරු) කවුරුද යන්න කිසිවෙක් නොදත්හ. හැම කොරියානුවෙක්ම පැමිණ ඇත්තේ එක්කෝ දරු පවුල නැත්නම් දෙමාපියන් උගසට තබාය. පොඩි වරදකදී හිරේට යැවෙන්නේ උන්ය.
බොහෝ සිසුන් කරන මේ වෙළඳාම ට දක්ෂ නොවන ගිහාන්, ප්‍රියාන් වැනි සිසුන් බොහෝවිට කළේ ලන්ඩනයට ගොස් ගිම්හාන රැකියාවක් කිරීමය. ලන්ඩනයට මේ කාලයට පිරෙන සංචාරකයන් නිසා විශේෂිත දක්ෂතා අවශ්‍ය නැති රැකියා බහුලය. සංචාරක කාලය අවසන් වූ පසු එම රැකියාද නැත. වෙළඳම් කරන සිසුන් ගේ මුදල් සඟවන්නේ බොහෝවිට දුම්රියේ කැබින් එකේය. තමන්ගේ රටේ සිට එනවිට පිරවීමට දෙන පත්‍රිකාවේ ගෙනා මුදල සඳහන් කළ යුතුය. එය වෙනස් කර රුසියන් තමොශ්න්යා (රේගුව) ගහන මුද්‍රාව වෙනස් කරන සිසුන්ද සිටී . නමුත් එය තරමක් අනතුරුදායකය.
දුම්රිය කැබින් එකක් තුල |
ගමන යන්නේ බෙලොරුස්කයා වක්සාල් හෙවත් දුම්රිය පලේ සිටිය. දුම්රියේ සෝවියට් ගමනාන්තය බෙලොරුසියානු සෝවියට් සමුහාණ්ඩුවේ බ්‍රෙස්ට් නගරයයි. සෝවියට් දුම්රිය මාර්ග පද්ධතිය එවකට ලෝකයේ තිබූ විශාලතම දුම්රිය පද්ධතියයි. එහි පළල මදක් වෙනස් නිසා (european-to-russian gauge (1435 to 1524 mm).) බ්‍රෙස්ට් නගරයේදී දුම්රිය පැය 4ක් පමණ නවත්වනු ලැබේ. එසේ නවත්වන දුම්රියේ පෙට්ටි යුරෝපයට යන රෝද පද්ධතියට තබනු ලැබේ.
එසේ වෙනස් කරන අවස්ථාවක් පහත ඇත.
බ්‍රෙස්ට් වලින් පසු දුම්රිය පෝලන්තය, නැගෙනහිර ජර්මනිය, බටහිර ජර්මනිය, බෙල්ජියම හෝ ඕලන්දය (ප්‍රවේශ පත්‍රය අනුව) වෙත ලඟාවේ. ඒ බ්රුගේ හෝ හුක් වැන් හොලන්ඩ් නම් වරායන් ඇති නගරයන්ටය. ඉන්පසු නෞකාවෙන් ඉංග්‍රීසි ඕඩය තරණය කළ යුතුය. ඩෝවර්, හාර්වීච් හෝ රම්ස්ගෙට් වලින් නැවත ලන්ඩනයට දුම්රියෙන් පැමිණේ.
"මචන් රුස්සන්ට බ්‍රෙස්ට් එනකන් ආව හැකිනේ. ඉතින් උඹට සල්ලි තියනවනම් තාන්යා එතනට එනකන් අරන් පලයන්. පව්නේ මචන්. ගිහිල්ලත් නැතිව ඇති. අර අනිත් වැඩ ටික සුහද ලාට කලින් ගිහිල්ල කර ගන්න පුළුවන්නේ. කොන්දොස්තරව අල්ල ගන්න බලපල්ලා මොනවා හරි දීල " ප්‍රියාන් පැවසීය.
සුහදද එම සැලසුමට එකඟවිය.
මේ දුම්රිය වල කොන්දොස්තරවරු සිටිති. නිදා ගැනීමට අවශ්‍ය අදියාලි හෙවත් ඇඳ රෙදි දෙන්නෙත් තේ සාදා දෙන්නේත් ඔවුහුය. ඔවුන් යාළු කර ගැනීම වාසි සහගතය.
කොන්දොස්තර නංගිලා දෙන්නෙක් |
~~~~~~~~~~~~~මතු සම්බන්ධයි.
සියළු නම් ගම් මනඃකල්පිතය.
plaskarthnaya වැගන් මතකද ?
ReplyDeleteඊළඟ එකෙන්. තාන්යා ට යන්න වෙන්නේ ඒකෙනේ.අපි ඊය අපි දෙතුන් දෙනෙක් පාටියක දී හමු වුණා. පට්ටියගේ, කීව් රෝහිත, කීව් කුමාර, උදයංග වීරතුංග එක්ක නාලන්දේ එක පන්තියේ හිටපු ධම්මික හෙම. ඔයාවත් මතක් කලා. plaskarthnaya වැගන් වල රුස්සෝ ගාල් කරලා යන හැටි, කොන්දට සල්ලි දීලා ඒවාට රිංගන හැටි හෙම.
Delete++++++++
ReplyDelete:)
Delete+++++
ReplyDelete:) :)
Deleteකතාව ලස්සනට ඇදෙනව. අද රුසියන් වචන අඩුවෙලා
ReplyDeleteතමෝශ්නයා - රේගුව
Deleteස්තූතියි වැව්
Delete+++
ReplyDelete:)
Deleteලංකාවෙත් දුම්රිය සේවය දියුණු කරන්න කොන්දොස්තර නංගිලා දාමු !!!
ReplyDeleteබස් වල හිටිය නේද කාලයක්.
Deleteකොන්දොස්තර නංගීලා ගැන නිහාල් නෙල්සන් සින්දුවකුත් කිව්වා!
Delete"කොන්දොස්තර නංගී, කොන්දොස්තර නංගී මාරු සල්ලි ඕනි ද නංගී?
ඩෙකර් එකේ හැංගී බම්බලපිටි යද්දී තට්ටු බට්ටු දැම්මද නංගී?"
/ඩෙකර් එකේ හැංගී බම්බලපිටි යද්දී තට්ටු බට්ටු දැම්මද නංගී?// ඒ කියන්නේ අනිටං ය හැන්ගෙන කොට මෙයාල තට්ටු දැම්මද?
DeleteHmmmmm
ReplyDeleteහ්ම්ම්ම්
Delete