Sunday, 11 March 2018

සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 2

සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු නැවත රුසියාවට පැමිණි එඩි හන්ටින්ටන් USSR ගීතය ගයන අයුරු පහත  වීඩියෝවේ.

සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 1ලිපියේ  මුලින් සඳහන් කළ හැසිරීම් සෝවියට් දේශයේ බහුල දෙයක් නොවේ. එය අද බටහිර සමාජයේ වුවද  සුළුතරයක් අනුගමනය කරන ජිවන රටාවකි. ලිපියේ මුඛ්‍ය අදහස වූයේ එවැනි නිදහසක් තිබු බව කීමට මෙන්ම ලෙනින් සහ ට්‍රොට්ස්කි ගේ සුක්ෂම මොලයෙන් විප්ලවය මෙහෙයවුවද ඔවුන් සාමාන්‍ය ලෙස ජීවත්වූ බව කියන්නටය.

සෝවියට් විවාහය පිලිබඳ ප්‍රබල වෙනස් කම් 1936න් පසුව ඇතිවුණු බව මුල් ලිපියේ සඳහන් කලෙමි. වසර 1926 ප්‍රධාන වෙනස් කම් දෙකක් කරන ලදී. විවාහය ලියා පදිංචිය රජයට අවශ්‍ය දෙයක් ලෙස සැලකුණි. එකට ජීවත්වීමට බාධාවක් නොමැත. දික්කසාදය තවත් ලිහිල් කරන ලදී. එනම් උසාවි යාමක්  නොමැතිව දික්කසාදය ලියා පදිංචිය පමණක් ප්‍රමාණවත් විය. කාන්තාවන්ගේ  විවාහ වයස 18 දක්වා දික් කරන ලදී.

ස්ටාලින් ගේ පාලන සමයේ  ගබ්සාවන් කිරීම (1936 දී)  තහනම් කරන ලදී. දික්කසාදය වඩාත් අපහසු විය. දෙපාර්ශ්වයම සිවිල් විවාහ දෙපාර්තමේන්තුවට (ශාඛා වලට)ගොස් දික්කසාදයට මුදල් ගෙවිය යුතු විය. දික්කසාද වූ බවට ගමන් බලපත්‍රයේ සටහනක් වැටුණි. මෙය සමහරවිට අවාසිදායක විය.

දෙවන ලෝක යුධ සමයේ 1944 ජුලි 8 දා සම්මත කල පනතින් රාජ්‍ය ධනවාදය වඩා තහවුරු කරමින් විවාහය ලියාපදිංචි කර නොමැති නම් කිසිම දේපලක සාමුහික අයිතිය අහිමි කරන ලදී. නිවෙස් මිලදී ගැනීමට අවසර නොතිබූ මේ කාලයේ කෙනෙකු සතුව තිබෙන ඕනෑම දෙයක අයිතියට මේ නීතිය බල පෑවේය. එකට ජිවත් වන කසාද නොබැදි අය සඳහා වූ නීති මාලාවේ  අංක 8 කොටස අහෝසි කෙරිණි.
දික්කසාද වීමට නම් ඒ සඳහා අය කරන මුදල ගෙවීමට අමතරව පුවත් පත් දැන්වීමක්ද පල කල යුතු විය. දෙපාර්ශවයේම චෝදනා විභාග කරන ලදී.

කොමියුනිස්ට් පක්ෂයේ නිලධාරීන්  කිසිවෙකුට දික්කසාද වීම ඉතා අපහසු විය.  පසුව පැවති  ලියොනිඩ් බ්‍රෙශ්නෙව් ගේ ( ජනාධිපති/පක්ෂ ලේකම්) සාපේක්ෂව නිදහස්  කාලයේ මෙන්ම  අප උගත් කාලයේදීත් (අසූව  දශකයේ) එය එසේම විය. සාමාන්‍ය වැසියන්ට වඩා උසස්  සමාජ දර්ශනයකින් හා උසස් විප්ලවීය මනසකින් යුත් කොමියුනිස්ට් පාක්ෂිකයන් දික්කසාද වන්නේ නැත යන මතයක් සමාජගත කර තිබුණි.  ඒ දිනවල වෙන්ව ජිවත් වන සැමියා වෙනම නිවාඩුව  ගත කිරීමට යන අතර බිරිඳ වෙනත් පෙදෙසක නිවාඩුවට තනියම යයි. බොහෝ අවස්ථාවල  දෙදෙනාම තාවකාලික පෙම්වතුන් සොයා ගනී. මෙවැනි  දේ ප්‍රසිද්ධ  රහස්ව පැවතුනි. එවැනි කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් වූ කාන්තාවන්, සැමියා ගෙන් වෙන්ව, එහෙත් එකම නිවසේ ජිවත්වන්නේ රැකියාව සහ නිවස රැක  ගැනීමටය. නමුත් ඔවුන්  විදේශික ශිෂ්‍යයන් මෙන්ම වෙනත් නගර වලින් පැමිණියවුන්  සමග ආදර සම්බන්ධතාවයන්  පවත්වාගෙන ගියහ.

සමලිංගික සේවනය තහනම් නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් විය. නමුත් මා වෙනත් ලිපියක සටහන් කළ පරිදි දික්කසාද අසීරු වුවත් බ්‍රෙශ්නෙව් ගේ කාලයේ දික්කසාද ක්‍රමයෙන් වැඩි විය. බොහෝ කාන්තාවන් තනි දරුවෙකු සාදාගෙන තනිව ජිවත් වීමට වඩා  කැමැත්තක් දැක්වූහ.

සෝවියට් දේශයෙන් පිටුවහල් කළ ට්‍රොට්ස්කි මුලින් තුර්කියේ ජිවත් වුනු අතර පසුව මෙක්සිකෝවට පලා ගියේය. වාමාංශික මිලිටන්ට් පන්නයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාර හැර අනිකුත් ප්‍රධාන දහරාවේ ට්‍රොට්ස්කිවාදී පක්ෂ වඩා  ප්‍රගතිශීලි රජයන් සමග කටයුතු කිරීමට  පටන් ගති. එසේම මුලින් ට්‍රොට්ස්කිවාදිව සිටි දේශපාලන ක්‍රියාධරයන් වෙනත් ප්‍රධාන දහරාවේ දේශපාලනයන්ට එක්වන්නට විය. බොහෝ අය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සමග එකතු විය.
බටහිර දක්ෂිණාංශික සමාජ ක්‍රමයෙන් වෙනස් වන්නට වීය.

සෝවියට් දේශයේ සිදුවුයේ කුමක්ද?
අසූව දශකය වනවිට ඇතැම් බටහිර වාදක කණ්ඩායම් සෝවියට් දේශයට ගෙන්වන ලදී. බොනි එම්  සංගීත කණ්ඩායම 1978 දී මොස්කව් වල සංදර්ශනයකට  පැමිණියහ. (ඉහත  වීඩියෝව බලන්න)  විශ්ව  විද්‍යාල ආදියේ  පැවති ඩිස්කෝ සැන්දෑ හැඳින්වුයේ ඩිස්කොටෙකා(තේකා) යන නමිනි.

සෝවියට් ඩිස්කෝ එකක්.

ඉතාලියානු ගායක  යුවලක් වන රිචී හා පොවෙරි මෙන්ම ටොටෝ කුටුඥෝ ද සෝවියට් දේශයේ ඉමහත් ජනප්‍රිය විය. පහත ඇත්තේ  ඉතාලියානු ගායිකා යුවල 1986 දී මොස්කව් හි කල ප්‍රසංගයයි.


ඉන්පසු එක දිගට ඔටාවන්, මොඩර්න් ටෝකින් , සි සී කැච් (ජර්මන් ), බනානරාමා  ආදීන්  මොස්කව් වන්දනාව කළහ.

ඔවුන්ගේ ගීත සෝවියට් ඩිස්කෝ සැන්දෑ වල ඉමහත් ජනප්‍රිය ඒවා විය. ක්‍රම ක්‍රමයෙන් ස්ටලින්වාදීන් ට නොදනුත්වම ඔවුන්ගේ දෙපය යටින් කාපට්  එක ඇදීමට සෝවියට් දේශයේ ඉතිරිව සිටි ට්‍රොට්ස්කිවාදීන් හා ලෙනින් වාදීන් සමත්වූහ. නීතියට බියව සිටි ස්ටාලින්වාදී සෝවියට් වැසියාගේ සංස්කෘතික  මනස ක්‍රම ක්‍රමයෙන් ආක්‍රමණය කරන ලදී .  අප වැනි විදේශික ශිෂ්‍යයන් ලවා සෝවියට් දේශයේ තහනම් ගීත කණ්ඩායම් වන බ්ලැක් සබාත් ආදීන්ගේ ගීත තැටි පවා ගෙන්වා ඇසීමට  රුසියානුන් නිර්භීත වූහ.

දැන් මගේ මුල් ලිපිය වන බංගලි ගමයා ගේ සෝවියට් නංගි නැවත කියවන්න.  ලිපියේ සඳහන් ස්වේතා නමැති තරුණිය නොකළ එක දෙයක් විය. ඇය කිසිම විටෙක නේවාසිකාගාරයේ ස්තුඩ් සවියේත් හෙවත් ශිෂ්‍ය පාලනයේ කිසිවෙක් සමග කිසිම ඇසුරක් නොපැවැත් වූවාය. බංගලි සිසුවා  කසාද බැඳීම දක්වා ඇගේ  ගමන් මග තුල ඇය පාලනයට විරෝධය පෑවේ  ඔවුන්ගේ සදාචාර නීති කිසිවක් නොතකමිනි. ඒ ඇය විරෝධය පල කිරීමට අපහසුම තැනක විරෝධය පල කළ අයුරුයි.

දෙවන ලිපියේ දීමා වෙළඳම්  කළේ නීතියට පටහැනිවය. එසේම ඔහු විසින් බිරිඳට අමතරව  ඇසුරු කළ එක තරුණියක පළාතේ පක්ෂ ලේකම් කෙනෙකුගේ දියණියකි.  ඒ තරුණිය ඔහු සමග ගනුදෙනු කරන්නන්ට හඳුන්වා දීමටද ඔහු නොමසුරු විය. ඒ සෑම  අවස්ථාවකම  දීමා  ඇගේ පියා ගැන මතක් කිරීමට  අමතක නොකරයි. ඒ තරමක් අසාධාරණ ලෙස හෝ දීමා තම විරෝධය පල කළ අයුරුයි.

ජර්මනියේ 1800 ගණන් වල සිට පැවති දෙයක් වන  ෆ්‍රී බොඩි කල්චර් හෙවත් නිදහස් ශරීර සංස්කෘතිය නැගෙනහිර ජර්මනියේ ඉතා ප්‍රසිද්ධව අනුගමනය කරන ලදී. (Freikörperkultur (FKK) is a German movement whose name translates to Free Body Culture. It endorses a naturistic approach to sports and community living. Behind that is the joy of the experience of nature or also of being nude itself, without direct relationship to sexuality.  -wikipedia )

බටහිරට ඉතා ආසන්න  දේශ සිමාවේ නිසාම නැගෙනහිර ජර්මනියේ ස්ටාසි රහස් පොලිසිය දැඩි පාලනයක් ජර්මන් ජනතාව  අතර ගෙන ගියහ. නැගෙනහිර ජර්මනියේ  වෙරළ ආසන්නයේ, වැව් ආසන්නයේ හා තුරින්ගියා කැලෑ ප්‍රදේශයේ   නිරුවත් ජනපද (nudist colony) බොහොමයක් විය.මේ සංඛ්‍යාව බටහිර ජර්මනියට හෝ ස්වීඩනය ආදී රටවලට වඩා  වැඩිවිය. මෙය ලිංගික නිදහසට කිසිසේත් සම්බන්ධ නොවිය. මිනිසුන් වැඩිපුරම රජයට තම විරෝධය පළ  කලේ වෙරළ ආදී ප්‍රසිද්ධ ස්ථාන වල නිරුවත් වීමෙනි. තමන් අතර ස්ටාසියට සම්බන්ධ කෙනෙකු නොමැති වීමට නම් එසේ කළ  යුතු බව ඔවුන්ට වැටහී තිබුණි.

නැගෙනහිර ජර්මන් වාසීන් බොහෝවිට බටහිර රේඩියෝ සේවාවන් ශ්‍රවණය කළ අතර  බටහිර ගීත හරහා ප්‍රබල සංස්කෘතික ආක්‍රමණයක් ඇතිවිය. මේ සංස්කෘතික වෙනස ඇති කිරීමට බොහෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා ට්‍රොස්කිවාදී පක්ෂවල අනියම් සහය හිමි විය.
ට්‍රොට්ස්කි ගේ ජීවිතය ස්ටාලින් ගේ නියමයෙන් දරුණු ලෙස අවසන් කළද ට්‍රොට්ස්කිගේ සැලසුම පරාජය නොවිය.

බටහිර ගීත සමග ආ සංස්කෘතික  රැල්ල සෝවියට් දේශය  හරහා යාමට ගතවූයේ ඉතා සුළු කාලයකි.

පහත වීඩියෝවේ  ඇත්තේ සෝවියට් දේශය බිඳ වැටුණු පසු මොස්කව් වල පැවති ඩිස්කොටෙකා එකක ගීත ගයන බටහිර සංගීත කණ්ඩායම්ය. (2014)  තරුණ තරුණියන් සමග අවසාන සෝවියට් පරම්පරාවද මෙහි සිටී .

වැඩි දුර කියවන්න. 
~ මතු සම්බන්ධයි  

21 comments:

  1. බොනී එම්. නම දැක්කම මම කැමතිම " ජිමී " ගීතය මතක්වුණා. ඒ ගීතයත් බොනී එම්. ගෙ නේද අය්යෙ.

    ජයවේවා!!!

    ReplyDelete
  2. කාලයක් තිස්සේ රුසියානු කෙල්ලෙක් මටත් ඊමේල් එවුවා. ඇය හෝටලේක වේටර්වරියක් කිව්වා. උන්දැට ඕන උනේ මෙහෙ ඇවිල්ලා මාව බැඳගන්ට. පස්සෙං පහු මට තේරුණ විදිහට ඒක කාගෙ හරි උප්පරවැට්ටියක්. ඒ තරං යසට ඉංග්‍රීසි ලියන්න රුසියන් එකියකට පුළුවන් වෙන්න විදිහක් නෑ.

    ReplyDelete
    Replies
    1. සුරංග කාලෙකින් , ඕව ඔය රුසියානු ඩේටින් සයිට් වලින් කරන ඒවා වෙන්න ඇති. ඉංග්‍රීසි කතා කරන්නපුළුවන් රුසියන් එවුන් ඉන්නව.

      Delete
  3. සමහර දේවලින් නැගනහිර ජර්මනිය ඉතා ලිබරල්ව (සමාජයීය ) තිබුනා බැලුවාම.

    ඒක නෙමෙයි, නැහෙනහිර ජර්මනිය වයිද්‍ය විද්‍යාව මගින් ක්‍රීඩා සුපිරි බලවතෙක් වුන හැටිත් ලියන්න. බාගෙට ජෝක් කතාවක් තිබුනා මගඩිය දිගටම කරගෙන යන්න දුන්නනම් ඵිහිනුම් ක්‍රීඩකයින්ට කරමලුත් එයි කියලා.

    ReplyDelete
    Replies
    1. සෝචනීය කතාවක් වෙලාවක ලියන්න ඕනේ , වෙන ලිපි මාලාවක් එක්ක.

      Delete
  4. ෆේස්බුක් Block කර අනිද්දාට දින හතක් පසුවේ. බුකියේ රවුම් ගමින් සිටි උන්ට, පොරටොක් සංගම්වලට, කේලම්කාරයන්ට, ගොසිප්කාරයන්ට ,පොශ් නංකිලාට, කීබෝඩ් විප්ලවකාරයන්ට, ජාතිවාදින්ට, ජඩයන්ට අන්තවාදින්ට, සිගිිති පාතාලයන්ට ,ආගමික උන්මත්තකයින්ට ,පරයන්ට , බ්ලොග් ලියන එවුන්ට උඹ වගේ මේ වනවිට තදින් උන ගැනී තිබේ. දැන් ලන්ඩන්හයිඩ් පාක් එකට හරි සිරි ලන්කන්හ යිකොමිසන් එකට හරිගිහින් පිකට් කරපන්

    ReplyDelete
    Replies
    1. මට උණ ගැනෙන්නේ මොකටද?මොකටද පිකට් කරන්නේ අහවල් රෙද්දකටද

      Delete
    2. ආ ආ තේරුනා , මේ අර අන්තරජාල වල ඇනෝ ගැහීමේ, සකර්බුර්ග් ට කේලම් කීමේ , ජනාධිපති කාර්ය සාධක බලකායේ කට්ටිය නේද? කෙටියෙන් කිවොත් ජනාධිපති ගේ මලයගෙන් සල්ලි ගන්න සෙට් එක නේද? කොමෙන්ට් එකකට කියක් දෙනවද බන්. අපටත් සෙට් කර ගන්න බැරිද? හැබැයි පවුම් වලින්. උඹලට වගේ රුපියලක් වලින් වැඩක් නැහැ.

      Delete
  5. සෝවියට් දේශය කිව්වම ට්‍රාන්ස් සයිබීරියා කෝච්චි පාර තමයි මට මතක් වෙන්නේ ,.

    මම ආසයි ට්‍රාන්ස් සයිබීරියා කෝච්චියේ යන්න . මැරෙන්න ඉස්සර කරන්න ඕනම දෙයක් විදියට වෙන් කරගෙන ඉන්නේ මේ උවමනාව .

    ReplyDelete
    Replies
    1. ඊට ප්‍රථම කඩේ ගිහින් ගතමනාවක් හොයාගන ඉන්න

      Delete
    2. ඔච්චර ඉඳලත් ට්‍රාන්ස් සයිබීරියා කෝච්චියේ යන්න බැරිවුනා.හැබැයි කොහොම හරි යනවා ඒ ගමන

      Delete
  6. බෝනියම්ස් දැක්කම මට මතක් උනේ by the rivers of babylon සින්දුව.බැබිලෝනියාවේ ලොකු වෙනසක් පරිවර්තනයක් ඇති කරපු ගීතයක්. සෝවියට් දේශය මැවිලා පෙනුනා.වැදගත් සටහනක් අයියේ.ගොඩක් දේවල් දැන ගත්තා.ජය

    ReplyDelete
    Replies
    1. //බැබිලෝනියාවේ ලොකු වෙනසක් පරිවර්තනයක් ඇති කරපු ගීතයක්.//මොකක් කිව්වා ---
      ස්තූතියි මේ පැත්තේ ආවට

      Delete
  7. නීති වලින් සංස්කෘතියක් යට කරලා දාන්න බැහැ.පාලනයක් නම් කරත හැකි වේවි.
    මිනිස්සු යම් දෙයකට විරෝධය පල කරන්න තොර ගන්න සමහර ක්‍රමයන් සිත්ගන්නා සුළුයිනේ අජිත් අයියේ.

    ReplyDelete
    Replies
    1. අම්මප ඒක ඇත්ත , ඔය විපිඑන් සීන් එක බලන්නකෝ හේ හේ , වතුර ඕන වෙලාවක ගලන්න තැනක් හොයාගන්නවා නැත්නම් වාෂ්ප වෙනවා

      Delete
  8. අන්න උඹේ නෙලුම්යය කෙහෙද කෙල්ලන්ට පෑඩ් බෙදලා අදින විදිහ කියාදෙනවා ඔහෙට පුවන්නේ එපැත්තේ කොල්ලන්ට කොපු දාන හැටි කියාදෙන්න ෆ්‍රී එයාර් ටිකට් එකක් ඉල්ලගෙන වරෙන් ලොක්කා කොපු බෙදන්න

    ReplyDelete
    Replies
    1. කොපු බෙදනවා වගේ දෙකයි පනහේ වැඩ කරන්න ඔහෙලා ඉන්නවනේ මම මොකටද වද වෙන්නේ

      Delete
  9. ඔව් අපි 2.50 කරනවා උඹ 1.50 කරන නිසා තමයි එන්න කිව්වේ අපිට වඩා අඩුවට කරන්න පුළුවන්නේ නෙලුම් යායට එකකින් රුපිඅල් 1 ලාබයි

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .