Sunday, 4 March 2018

සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 1

මේ ලිපියට ලියන ලද හැඳින්වීම - බංගලි ගමයා ගේ   සෝවියට් නංගි 
ජෙහාන් ලෙනින් ගැන කතා කරන විට සමහරු වරදවා වටහා ගත්තේ ලෙනින් ද "අර" කූඹි ජෙහාන් ලෙසටය. මම ජෙහාන් යෙදුම  භාවිතා කරන්නේ එයින් කියන්නට යන්නේ කුමක් ගැනද යන්න වෙනත් යෙදුම් නොමැතිවම ඉබේම වාගේ පැහැදිලි වන නිසාය.
රැසියන් පැරණි ග්‍රීෂ්ම, වසන්ත සමයට  නිවසක් (දාචා එකක්) 

මා දැන  සිටි සිසුන් දෙදෙනෙක් (ඔවුන්ගේ නම් ගම් මේ කතාවට අවශ්‍ය නැත)  සමග දීමා යන නමින්  රුසියානුවෙකු යහළු වී සිටියේය. ඒ වෙළඳම් කිරීමටය. ඔහු විදේශික  සිසුන් බටහිරින් ගෙනා භාණ්ඩ විකුණා දී  ලාභයක්  ගන්නා අයෙකි. ඉංජිනේරුවකු වූ ඔහුට  මොස්කව් වල  ටගන්ස්කයා පෙදෙසේ ක්වර්තිරා හෙවත් තට්ටු නිවසක් ද කුස්මින්කි නම් පෙදෙසෙන් එහාට වන්නට පද් මොස්කව් හෙවත් මොස්කව් නගර සීමාවෙන් පිටත (මහා මොස්කව් ප්‍රදේශයේම ) දාචා එකක් ද තිබුණි. දාචා යනු ග්‍රීෂ්ම නිවාසය. ඒවායේ එළවලු වගා කිරීමට ඉඩකඩද, (sauna) සෞනා හෙවත් ඇඟ  උණුසුම් කර ගැනීමට ගල් අඟුරු වලින් රත් කරන කාමරයක්ද බොහෝ විට තිබේ. රුසියානුවෝ සෞනා ඇතුලේ සිටින්නේ නිරුවතිනි. බොහෝ විට තුවායක් එහි ඇති බංකුවල එලා ගනිති. මෙය යුරෝපයේ සෞනා වල ද එසේය. නමුත් එංගලන්තයේ පිහිනුම් සඳහා අඳින ඇඳුමක් හැඳ සිටිය යුතුය . (වික්ටෝරියානු සදාචාරය)
රුසියානු දාචා වක නවීන සෞනා එකක් 

ඇතැම් රුසියානුවන් ගේ සැන්දෑ සාද  වලට තරුණයන් තරුණියන්, ගැහැනුන් මිනිසුන් එක සමානව ගෙන්වීම සිරිතකි. නැතිනම් ඇතැම් අයට යහළුවෙක් හෝ යෙහෙලියක් නැතිවන නිසාය. මේ වර්ගයේ සාද  ගැන අදහසක් ලැබෙන්නට ඇතැයි  සිතමි.  මේවායේ වොඩ්කා හා කල්බසා (සොසේජස් වර්ගයක්) ද නොයෙකුත් සලාද වර්ගද හොඳට කෑමට තිබේ. (කඩ වල කෑම නොතිබුනාට)

දීමා නිතර කියන යෙදුමක් තිබේ. "සොත්සලිස්මා ඒත, ත්වයියා ෂෙනා මයියා , අ මයියා ෂෙනා ත්වයියා "යනුවෙනි. "සමාජවාදය යනු උඹේ බිරිඳ මගේ, මගේ බිරිඳ උඹේ "(socialism is, your wife is mine , my wife is yours). මා කියන සිසුන් දෙදෙනාට දීමා ගේ බිරිඳ තට්ටු නිවාසයේ දී  වරක් මුණගැසී තිබුණු අතර  ඇය රූමත් කාන්තාවක් බව සහතිකවම කීහ. රැකියාව කලේ බුහල්තෙර් හෙවත් බැංකු නිලධාරිනියක්  ලෙසටය.
හැබැයි අර දීමා  නිතර කියන යෙදුම නිවසේදී ක්‍රියාත්මක වූයේ නැත. සමහර විට මා කියන  සිසුන් දෙදෙනා කසාද නොබැඳ සිටි නිසා වෙන්නට පුළුවන්.

වරක් ඔවුන් ගෙනා වටිනා භාණ්ඩ වගයක් විකිණීමෙන් දෙගොල්ලන්ටම මහත් ලාභයක් ලැබී තිබුණි. ඉමහත් ප්‍රීතියට ට පත් දීමා ඔවුන්ට දාචා එකේ සැන්දෑවක්   ගත කිරීමට ආරාධනා කළේය.

බෝතලයකුත් රැගෙන එහෙ ගිය අපේ යහළුවන් දෙදෙනාට හමුවූයේ දිමා හා  ඔහුගේ බිරිඳත් තවත් සුරූපී රුසියානු ලඳුන් දෙදෙනෙකුත් ය. සිසුන් දෙදෙනා දීමාට යටි හිතින් ස්තුතී වන්ත වෙමින් සිටියදී  කට්ටිය කෑමට, බිමට, නැටීමට පටන් ගත්  අතර ඉන්පසු දාචාවේ ඇති සෞනා එකට ගිනි තැපීමට ගියහ.  මේ සෞනා වල සිට එක වරටම එළියේ ඇති ශීතල ජලය පිරි ටැංකියකට පැනීම රුසියානුන් ගේ සිරිතය. සිරුර ලෙඩ නොහැදී හොඳට පදම්  වන්නේ එවිටය.

තමන් දෙදෙනාට පෑදුනු රූමත් වාසනා  දෙක සමග වොඩ්කා  බොමින් කතා  කරමින් සෞනාව ඇතුලේ ගිනි තැප්පේ අපේ සිසුන් දෙදෙනාය. සිසුන් දෙදෙනා විස්මයට පත් කරමින්, වතුරට පැන්න දීමා ඉන්පසු කලේ නැවත පැමිණ රූමත් කෙල්ලන් දෙදෙනා සමග කාමරයක ට යාමයි. සිසුන් දෙදෙනා දීමා ගේ බිරිඳගේ තනි රකින්නට සෞනාවේ ඉතිරි විය. නිවසේ කෑම කාමරයට  ගොස් වොඩ්කා විදුරු තුනක් රැගෙන  පැමිණි දීමා ගේ බිරිය වැඩි වෙලා යාමට ප්‍රථම සිසුන් දෙදෙනා අතර දිගා වූවාය . දීමා නිතර කියන සමාජවාදී කතාව හෙවත් දීමා ගේ ගේම් එක ඔවුන්ට තේරුම් ගියේ එවිටය.

හැබැයි ඉන් පසුවවත් ඔවුන් ඒ ගැන මැසිවිලි නම් නොකීහ.
ලෙනින් ගේ පෙම්වතිය ඉනෙස්සා අර්මන්ඩ් 

ලෙනින් හා ඔහුගේ බිරිඳ කෘප්ස්කයා ගේ සිය විවාහ ජිවිතයේ  දේශපාලන  ක්‍රියා ප්‍රමුඛ කොට සැළකු  අතර   ළමුන් සැදීම ප්‍රමුඛ කොට සිතා නැති  බවක් පෙනී යයි. ලෙනින්ට ඉනෙස්සා ෆෙදොරෝවිනා ආමන්ඩ් නමැති ප්‍රංශ පෙම්වතියක් සිටි අතර 1919 කාලයේ කෘප්ස්කයා ට අමතරව ඇය බෝල්ෂෙවික් පක්ෂයේ ඉතා බලවත් තැනැත්තියක් වූවාය.
ලෙනින් ගේ බිරිඳ නද්යෙශ්දා කෘප්ස්කයා 
කෘප්ස්කයා හා ඉනෙස්සා අතර විරෝධයන් තිබුනද ඔවුන් තිදෙනා අතර සම්බන්ධතාවය දැඩි එකක් විය.  පැරිස් නුවර උපන් ඇය තරුණ වියේ සිට විප්ලවවාදී දේශපාලනයට යොමුවුනු අතර සෝවියට් රජය පිහිටුවීමේ කාර්යයේ ඉමහත් වැඩ කොටසක් කල කෙනෙකි. ස්ටාලින් විසින් පසුව ඉතිහාසයෙන් මකා  දමන ලද ඇය  තරුණ වියේදීම කොලරාව සැදී  1920 වසරේදී මිය ගියාය.
ට්‍රොට්ස්කි ගේ මෙක්සිකන් පෙම්වතිය ෆ්රීඩා 

ලියොන් ට්‍රොට්ස්කි ට පෙම්වතියන් කිහිප දෙනෙකුන්ම සිටි අතර ඔහු සෝවියට් දේශයෙන් පිටුවහල්  කරන විට නතාලියා නම් රුසියානු කාන්තාවක්  සමග එකට දිවි ගෙවීය. මෙක්සිකෝ හිදී ඔහු ෆ්රිඩා  කාලෝ (Frida Kahlo) නමැති චිත්‍ර ශිල්පිනියක්  සමහ ආදර  සම්බන්ධයක් පවත්වා ගත්තේ නතාලියා ට මුලින් එය සඟවමිනි .

ලෙනින් හා ට්‍රොට්ස්කි ගේ  මුලිකත්වයෙන් පිහිටවූ ළඳරු සෝවියට් සමුහාණ්ඩු වේ විවාහ නිතිය සාර්  රුසියාවේ තිබු රුසියානු ඔර්තොඩොක්ස් ආගමේ නීතියට  වඩා ලිහිල් එකක් විය.

ඔවුන් විවාහය පිලිබඳ  නියෝග දෙකක් නිකුත් කළහ. දික්කසාද නිතිය  ගැන  1917 දෙසැම්බර් 19 දාය. සිවිල් හෙවත් සාමාන්‍ය, (සාමාජිය)මහජන   විවාහයත් දරුවන් පිලිබඳ නියෝගත්  1917 දෙසැම්බර් 20 දාය. ආගමික විවාහ සම්පුර්ණයෙන්ම තහනම් කරන ලදී.

ප්‍රධාන නීතියක් වූයේ ලියා පදිංචි නොකරන ලද විවාහයකින්  තොරව උපදින දරුවන්ට විවාහයකින් උපදින දරුවනට ඇති අයිතීන් ම දීමයි. තව දුරටත් අවජාතක දරුවන් සෝවියට් දේශයේ නැත. මව නම්කරන ඕනෑම අයෙක් පියා විය.

දික්කසාදය දුන්නේද මේ සිවිල් නීතිය මගිනි. එය ඉතා පහසු විය.  දෙදෙනාගේ කැමැත්තෙන් හෝ එක් සහකරුවෙකු ගේ කැමැත්තෙන් දික්කසාදය දෙන ලදී. දික්කසාදයට හේතු දැක්වීමක් (ground for divorce ) අවශ්‍ය  වූයේද නැත. ගැහැනුන්ට වයස 16 දීත් පිරිමින්ට වයස 18දීත් විවාහ විය හැකි විය. දරුවන් සෑදීම අපහසු නම් ගබ්සා කිරීම් වලට අවසර  දෙන ලදී.

නීතිය කවරක් වුවත් ට්‍රොට්ස්කි හා සිනෝවියෙව් ආදීන් කටයුතු කලේ ධනවාදී ක්‍රමයේ පවුල නමැති ආර්ථික ඒකකය අහෝසි කර කොමියුන ආර්ථිකයක් ගොඩ නැංවීමටය. ධනවාදී සමාජ ක්‍රමයේ පවුල නමැති ආර්ථික ඒකකයත්, ආදායම  උපයන සැමියාත්  දරුවන් බලා  ගන්නා මවත් වැදගත් විය.  සෝවියට් ආර්ථිකයට සැමියා සහ බිරිඳ දෙදෙනාම වැඩ කිරීම අත්‍යවශ්‍ය විය. එනිසා ගැහැනුන්ට සම තැන දීමද අත්‍යවශ්‍ය විය.

සෝවියට් බලධාරීන් විසින් බොහෝ මාළිගා  හා ධනවත් නිවාස රජය සතු කරන ලද අතර මේවායේ කාමරවල නිවාස  නැති කම්කරුවන්, සොල්දාදුවන් ආදීන්  පදිංචි කරන ලදී. මේවා අදටත් මොස්කව් හා ශාන්ත පිතර්බුර්ගයේ තිබෙන අතර එක මුළුතැන් ගෙයක්, පොදු වැසිකිලි හා නාන කාමර පෙලකින් සමන්විත එක තට්ටුවක  පවුල් කිහිපයක් ජිවත් වෙති.

මුල් අවධියේ ළමයින් බලා ගැනීම එකපාලිකාවකට පැවරුන අතර අනිත් සියල්ලෝම රැකියා සඳහා පිටව ගියහ. පසුව ළමයින් සඳහා වෙනම පෙර පාසැල්  පිහිටවන ලදී.

සැමියා හා බිරිඳ, පෙම්වතා  හා පෙම්වතිය වශයෙන් එකට ජීවත්වීමට අනුබල දෙන ලදී. (living together). පක්ෂයට අවශ්‍ය  විටෙක එක අයෙකු ඈත පළාතකට  යැවුහ හොත් පවුලක් කඩා ඉහිරෙන්නේ නැත. ළමයින් බලා ගැනීමට පෙර පාසල් තිබීමත් නැත්නම් ජිවත්වන කොමියුනයෙන් ලැබෙන  සහයත්, එසේම අවජාතක ළමයින් වශයෙන් කොටසක් නොමැති වීමත් නිසා ගබ්සාවට නීතියෙන් අවසර තිබුනද එසේ කිරීමට තරුණියකට අවශ්‍ය  වුයේ ද  නැත.

මේ තත්වය 1926 වනතුරු පැවති අතර 1922 දී පක්ෂයේ ලේකම් තනතුරට පත් ස්ටාලින් ට්‍රොස්කි ව සියලු තනතුරු වලින් අස් කර රටින් ද  පිටුවහල් කරන ලදී. සිනොවියෙව් , කාමනෙව් ආදීන් ද්‍රෝහීන් ලෙස නම් කර අත් අඩංගුවට ගෙන පසුව මරා දැමිණි. විවාහ නීතියද වෙනස් වුනි. සෝවියට් සංස්කෘතික අමාත්‍යංශයක් 1936 දී පිහිටුවන ලදී. ගබ්සාවද තහනම් විය.

ස්ටාලින්ගේ රාජ්‍ය ධනවාදය පවත්වාගෙන යාම  සඳහා පවුල නමැති ආර්ථික ඒකකයේ වැදගත්කම නැවත  සනිටුහන් කරන ලද අතර විවාහ සහ දික්කසාද නීතිද වෙනස් කරන ලදී.
-ලිපිය දිග වැඩි වෙන හෙයින් ජෙහාන් ට්‍රොට්ස්කි ගේ සැලසුම් ඊළඟ ලිපියෙන්.
-මතු සම්බන්ධයි
ප.ලි. - දීමා සහ බිරිඳ දැන් ජිවත් වන්නේ ඇමෙරිකා  එක්සත් ජනපදයේය.


36 comments:

  1. /මේවායේ වොඩ්කා හා කල්බසා (සොසේජස් වර්ගයක්) ද නොයෙකුත්../

    "සැබෑ මිනිසකුගේ කතාවක්" පොත මතක් වුනා. ඒකෙ තියනව ඔය කල්බසා ගැන..හැබැයි තිබ්බෙ "කොල්බසා නම් මස් වර්ගය" කියල...

    ReplyDelete
    Replies
    1. රවී........අජියා මේක ලියලා තියෙන විදිහ හරි වෙන්න ඕන. ඌ රුස්සා නිසා. මම මේ සෝසේජ් වර්ගය අහලා තියෙන්නේ කිල්බාසේ කියලා. මේකේ හොඳ ගාලික් ෆ්ලේවර් එකක් තියෙනවා. මෙහෙ තියෙන පෝලිශ් කඩවලින් ගන්න පුලුවන්. මම නම් හැබැයි තාමත් ප්‍රිය කරන්නේ ජර්මන් සොසෙජස් හෝ මෙහේ හදන ලින්කන්ශයර් සොසේජස්. මට ඒකාලේ ලංකාවේ පවත්වපු ඔක්ටෝබර්ෆෙස්ට් එක මතක් වුනා. බියර්, සොසේජස් සහ සවර්ක්‍රෞට් ....sauerkraut සිංහලෙන් ලිව්වා හරිද මන්දා

      Delete
    2. The word entered English directly from Polish kiełbasa (/kiːlˈbɑːsə/ or /kɪˈbɑːsə/),[b] meaning "sausage". Etymological sources state that originally, the word comes from Turkic kol basa, literally "hand-pressed", or kül basa, literally "ash-pressed" (cognate with modern Turkish dish külbastı), or possibly from the Hebrew kol basar (כל בשר), literally meaning "all kinds of meat;"[1] however, other origins are also possible.[2]

      Delete
    3. කීල්බසේ කියන්නේ පෝලිෂ් , රුසියානු භාෂාවෙන් කියන්නේ ටර්කිෂ් වගේම කල්බසා නමුත් ලියන්නේ කොල්බසා කියල. කේ ඕ එල්

      Delete
    4. අනික කල්බසා කියන්නේ මස් වර්ගයක් කියන එක වැරදියි. ඒක ඌරු මස් සොස්ජස් . එකම දේ ලනක්වේ තියෙනවා වගේ පොඩි ඒවා නෙමයි. පත දොඹ සොස්ජස්. පෙති කපල කන්නේ. බැදලා අල පෙති එක්ක මරු බයිට් එක

      Delete
    5. යකෝ මම මේ කල්පනා කලේ ලිව්වේ හඳ ගැන මුන් දෙන්නම කතා කරන්නේ ඇඟිල්ල ගැන නේ කියල :)

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. //"යකෝ මම මේ කල්පනා කලේ ලිව්වේ හඳ ගැන මුන් දෙන්නම කතා කරන්නේ ඇඟිල්ල ගැන නේ කියල :)"// එකනේ මෙච්චර ලස්සන පෙම්වතියො ටිකක් ගැන කියල තියෙනකොට ඉලව් සොසේජ් එකක ගැන කතා කරනවා :P

      Delete
    8. ඉවාන් ට විතරයි තේරුනේ මැදගිල්ලේ දිග

      Delete
  2. බලාගෙන යනකොට පුටිනුත් කලින් හිටපු නායකයො වගේම තමා

    ReplyDelete
    Replies
    1. හේ හේ , අර ජිම්නාස්ටික් ගැහැණු ළමය ගැන වෙන්නැති කියන්නේ. ස්තූතියි මේ පැත්තේ ආවට පුෂ්පිකා තුමියට

      Delete
  3. සමාජවාදී ක්‍රමයේ තියන ලොකුම දුර්වලකම විදිහට මට පේන්නේ දීර්ඝකාළිනව බලය ඒකරාශී වීම.එහෙම කරන්න බෑ, පොලිටි බියුරෝ සාමාජිකයො ඉන්නවා කිව්වට, මේ ක්‍රමය ඒකාධිපතියො බිහිකරන්න නියම රෙසිපි එකක්. The rest is history :)

    දේශපාලනයට වැඩිය රහයි සොසේජස්. අස්ස ලාඩම හැඩේට තියෙන පෝලිෂ් සොසේජස් කිව්වාම ආයෙ වෙන මොනවද? " මහත්තයො නියම මස් ජාතියක් ඇවිත් තියනවා "පොසේජ..ස්" කියල. තනිකරම මස් කරල". ඔය එලිෆ්න්ට් හවුස් ලිංගුස් විතරක් තිබ්බ ලංකාවට , සොසේජස් ආපු මුල් දවස් වල වේටර් කොලුවෙක් කියපු දෙයක්.

    සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා. මේ විදිහටම මැදහත් විදුහට ලියන්න, අජිත්. පැත්ත ගියත් ඇත්ත කතාකරන එක වටිනවා.ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. //සමාජවාදී ක්‍රමයේ තියන ලොකුම දුර්වලකම විදිහට මට පේන්නේ දීර්ඝකාළිනව බලය ඒකරාශී වීම.එහෙම කරන්න බෑ, පොලිටි බියුරෝ සාමාජිකයො ඉන්නවා කිව්වට, මේ ක්‍රමය ඒකාධිපතියො බිහිකරන්න නියම රෙසිපි එකක්. The rest is history :) //- ඒක ඇත්ත , මොකද ලෙනින් සහ ට්‍රොට්ස්කි මුලින් පිහිටවපු රජයේ පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදය වගේම එලියේත් සෝවියට් සභා වලට බිම බලයත් නිදහසත් තිබ්බට ලෙනින් මැරුණ ගමන් තත්වය වෙනස් වුනා

      Delete
    2. //සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා. මේ විදිහටම මැදහත් විදුහට ලියන්න, අජිත්. පැත්ත ගියත් ඇත්ත කතාකරන එක වටිනවා.ස්තූතියි.// ස්තූතියි . ඇත්ත හැම වෙලේම වැදගත්. දෙයියන්ට වගේ වඳින්නේ පුදන්නේ නැතිව මේ මිනිස්සුත් අප වගේම ජීවත්වුණු අය බව මුලින්ම පිලි ගන්න ඕනේ. ඊළඟට ඔවුන්ට සුක්ෂම බුද්ධියක් තිබුන . ඔවුන් එය භාවිතා කලා

      Delete
  4. මේ මොන මල විකාරයක්ද පීටරට සිට ලංකාව හදන්න උපරිමය ගේමක් දෙන ලන්ඩන් අජියා වගේ එවුන් ලංකාව ජාති / දේශපාලන අවුල් වලින් ගිනි ගනිද්දී ලන්ඩන්වල සිට විනා වලින් බයිලා කොටනවා මුන් කියන්නේ නම් කියන්නේ අපි ලාංකිකයෝ කියලා
    අපොයි මෙහෙම කුක්කෝ

    ReplyDelete
    Replies
    1. ඇනෝ කුක්කෝ
      1. ඇනෝ මම ලංකාව හදන්නට කිසිම උත්සහයක් ගන්නේ නැත. ඒකට ඔහෙලගෙ දේශපාලකයන් දිවා රෑ වෙහෙස ගෙන කටයුතු කරති.
      2.ලංකාව ජාති / දේශපාලන අවුල් වලින් ගිනි ගනිද්දී - ඒක මගේ වැරැද්දක් නොවේ. ජාතිවාදී අමනයන් ඕනෑම රටක සිටිති. එය පාලනය කර ගන්නට නොදන්නා රජයක් ලංකාවේ තිබේ , ජාතිවාදය අවුස්සන විපක්ෂයක් ලංකාවේ තිබේ.

      Delete
    2. එහෙනම් මොන පුකටද ඔහේ පිටරට ඉඳගෙන මෙහෙ අහ-වල් උත්සව අවුරුදු 3 සංවිධානය කලේ කුක්කෝ පඳුරට කකුල උස්සන්නේ හුජ්ජ කරන්න නොවේද

      Delete
    3. කුක්කො ඒවා ගෝලීය දේශපාලනයට අදාල වැඩ නේ. ඔය තොරතුරු දැන ගැනීමේ පනත වගේ ඒවා සුදු අධිරාජ්‍යවාදී සුද්දට ඕන වෙනවනේ ඉන්දියන් අධිරාජ්යයයි චීන අධිරාජ්යයයි ලංකාවේ ෆුට්බෝල් ගහනකොට. කුක්කට මේවා තේරෙන්නේ නැහැ තමයි. ඒක ඉතින් මගේ වරදක්යැ. අනික බ්ලොග්කාරයෝ ඉන්නේ ලංකාවේ විතරක්යැ, දැන් අර බ්ලොගේ ලියන්නේ නැත්ද? ඒකට වමනේ දාන්න එන කට්ටියට තැනක් නැතිව වේලෙනව ඇති

      Delete
  5. සෝනා පසුව හිමට හෝ අයිස් වතුරට පනින පුරුද්ද වයිකිංස්ලා (the Rus)ගෙනාව දෙයක්ද රුසියාවෙ මුල ඉඳම්ම තිබුනද දන්නෙ නෑ.

    බර්ච් කෝටුවලින් ගහන S & M කෑල්ල රුසියාවෙ නැතුව ඇති නේ. https://en.wikipedia.org/wiki/Finnish_sauna



    ReplyDelete
    Replies
    1. ඔව් තවම තියනවා. කහඹිලියා වලිනුත් ගහනවා

      Delete
  6. අපි රුසියාව දැක්කෙ ඒකාලෙ සෝවියට් දේශය පොත්වලින් හා පොත් වලින්. මා ලද ප්‍රථම පොතත් රුසියන් එකක්. ඒ "හත් පෙති මල" එතැන් සිට තමයි කිය වීම ඇරඹෙන්නේ! වානෙ පන්නරය , උනු හිම වගේ පොත් අතර සැබෑ මිනිසෙකුට ලෑබුනේ අපූර්ව පිළි ගැනීමක්! සැබෑ මිනිසෙක් නොකියවා තිබීම " පොත් කියවන්නෙකු " නොවීමට සාධකයක්! මා අසල එම පොත නැතත් පැරණි පොතේ බුක් ජැකට් එක තවම ලඟ! සමාජවාදය හා පැරණි රුසියාවට අපේ බොහෝ දෙනා දොස් කීවද එමගින් අපේරටේ සංස්කෘථියට කල ධනාත්මක බලපෑම මෙතැකැයි කියන්න බෑ. අපේ රටේ ඩීමන් ආනන්දගෙන් කියවීම ඇරඹූ අය ඒ කාලෙ කොතරම් සිටියද? අනර්ඝ ලිපියක්! සමා වෙන්න මම ලිව්වෙත් ඇඟිල්ල ගැන! හැබැයි ඒ මගේ ඇඟිල්ල!?

    ReplyDelete
    Replies
    1. https://sithgathsahithyakalakruthi.blogspot.com/2018/03/blog-post.html

      Delete
    2. මම උඩ ඇඟිල්ලේ කතාව කිව්වේ විහිළුවට. ඒ වගේ ප්‍රතිචාර නැත්නම් වැඩක් නැහැ අන්තිමට. කියවීම බොරින් නැතිවෙන්නේ එතකොට. රවිය එක්ක බුකියේත් හිටපු ගමන් ටීස් කිරිල්ලක් යනවා.
      ඔබේ ප්‍රතිචාරය අගෙයි. මමත් ඔය පොත හැම එකක්ම වගේ කියවල තියනවා. තවමත් ටෝල්ස්ටෝයි ගේ ෂෝලහොව් දක්වා පොත් ටික මගේ ළඟ තිබෙනවා.

      Delete
  7. එහෙම බැලුවාම පරණ සෝවියට් දේශය අද සමාජ වටපිටාවට වඩා නවීනයි වගේනේ අජිත් අයියේ.

    ReplyDelete
    Replies
    1. / අද සමාජ වටපිටාවට වඩා නවීනයි// මට මේකනම් තේරුනේ නැහැ. අද රුසියාව වඩා දියුණුයි තමා . අදහස් අතින් නම් පස්සට ගිහින් පුටින් නිසා.

      Delete
  8. රුසියානු සාහිත්‍යයට බැඳී පෙම නිසා එරට පිලිබඳ කියවන්න ඇති ඇල්ම අනන්තයි .අපුරු ලිපියක් . ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉන්දුමතී තුමියට. නැවත එන්න

      Delete
    2. indumathie adikari6 March 2018 at 09:34

      නිතර කමෙන්ට් නොකලාට හැමදාම වගේ එනවා .

      Delete
    3. ඔහ් එහෙමද බොහොම ස්තූතියි , ඉඳල හිටලා ප්‍රතිචාරයක් දමන්න මේ වගේ

      Delete
  9. Wow . Love this post . TFS .... Mr.Ajith

    ReplyDelete
  10. හොඳ විස්තරයක්.. රුසියන් ජීවිතය ගැන මෙහෙම අත්දැකීම් කියවන එක පොත් වලින් මවා ගන්නවට වඩා සිරා...

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. අනවසරයෙන් උපුටා පල කිරීම සපුරා තහනම්ය.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .