සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 2
දයලෙක්තිකය |
ලිංගිකත්වය හා හැසිරීම් පිළිබඳව වැඩි අවදානමක් ලෙනින් හෝ අනිකුත් නායකයන් නොදක්වන ලද බව පෙනේ. ඔවුන් වඩාත් වැදගත් කොට සළකා ඇත්තේ පාලන ක්‍රමයේ හා ආර්ථික ක්‍රමයේ වෙනස් කම් ඇති කිරීම කෙරෙහිය..
පුද්ගල අවශ්‍යතා තහනම් කිරීමේ හා සීමා පැනවීමේ අවශ්‍යතාවය පැන නගින්නේ ඒකාධිපති පන්නයේ රජයන්ටය. එසේ කිරීමෙන් හා නිදහසේ සීමාවන් පැනවීම මගින් මිනිස් සමාජය තමන් ට රිසි පරිදි හැසිරවීම පහසුය.
ස්වින්ගින් සික්ස්ටිස් |
බටහිර යුරෝපයේ මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේත් ප්‍රබල සංස්කෘතික වෙනසක් හැටේ දශකයේ සිට පටන්ගත්තේය. ස්වින්ගින් සික්ස්ටිස් (මාරු කරන හැටේ දශකය) ලෙස මාධ්‍යවේදීන් තවමත් හඳුන්වන මේ කාලය සනිටුහන්වන්නේ හිපි සංස්කෘතියේ ප්‍රචලිත වීම, ලිංගික නිදහස, ගැහැනුන්ට සමතැන පිලිබඳ ඉල්ලීම ඉදිරියට ඒම ආදිය මගිනි. විවාහයන් පිළිබඳව දක්ෂිණාංශික පක්ෂ වල අදහස ප්‍රතිගාමී ලෙස සැලකුණි. කම්කරු හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රජයන් මගින් ගබ්සාව නීතිගත කරන ලද අතර සම ලිංගික සේවනය වරදක් ලෙස තව දුරටත් නොසලකන ලදී.
බ්‍රිතාන්‍යයේ පසුගිය කාලයේ පැවති ඩේවිඩ් කැමරන් ගේ දක්ෂිණාංශික රජය සමලිංගික විවාහ පවා නීතිගත කරන ලදී. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී එස් පි ඩි පක්ෂ සමග රජය පිහිටවූ ජර්මනියේ ඇන්ජෙලා මෙර්කල් ගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්තවාදී සංගම් පක්ෂය ද මේ මාර්ගයේම ගමන් කළහ. සමලිංගික විවාහ පමණක් නොව වෙනත් රටවලින් නිදහස සොයා එන සංක්‍රමණිකයන් වැඩි වැඩියෙන් රටට ගැනීමටද ඔවුන් පෙළඹුණි. එසේමේ මේ බොහෝ රටවල් වල සංක්‍රමණිකයන් සඳහා වන නීති රිතිද ලිහිල් විය.
මේ වෙනස් වීම් සමගම ලෝකයේ බල තුලනය දේශපාලනික ලෙස වෙනස් විය. රුසියාවේ ස්ටලින්වාදී පුටින් සමලිංගික විවාහ වලට විරුද්ධ අතර එම අදහස් ඉගැන්වීමද තහනම් කර ඇත. ස්ටාලින් මෙන්ම පුටින් ද රුසියානු පවුල් ආර්ථික ඒකකයක් ලෙස ලෙස ඉස්මතු කරයි. (ඔහුගේ දික්කසාද වීම ප්‍රශ්නයක් නොවේ) පිලිපීනයේ ජනාධිපති ඩුඅර්ටේ කැරලිකාර තරුණියන්ගේ රහසඟ ප්‍රදේශ වලට වෙඩි තබන්නයි හමුදාවට අණ කරයි. නඩු ඇසිමකින් තොරව මත්ද්‍රව්‍ය වෙළඳාම හෝ භාවිතා කිරීම කරන අය මරා දැමීමට ආරක්ෂක සේවාවන්ට අවසර දෙයි. ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිටින්නේද මේ අක්ෂයේය. කොතරම් ට්‍රම්ප් සමග වාද කළද උතුරු කොරියාවද ඒ පැත්තේය. (ට්‍රම්ප් තමන්ගේ ගේ ට්විටර් මෙසේජ් සටනේ ප්‍රධානතම විරුද්ධවාදියා වන උතුරු කොරියානු ජනාධ්පති කිම් හමුවන බවද දැන් පවසයි.) ඔස්ට්‍රියාවේ දක්ෂිණාංශික රජයක් තේරී පත්වී ඇත. ලෝකයේ නව ලිබරල්වාදී ධනවාදී රටවල දේශපාලනය දයලෙක්තික ප්‍රති විරෝධයකට බඳුන්ව ඇත.
හේගල්ට අනුව දයලෙක්තික ප්‍රතිවිරෝධයක දී එකම ප්‍රශ්නයක (හේතුවට) තිසිසයට ඇන්ටි තීසිසයක් හෙවත් ප්‍රතිවිරෝධයක් (ප්‍රති හේතුවක්) ඇති අතර සත්‍යය සොයා යාමේදී ඒ දෙකේ ප්‍රතිවිරෝධයෙන් නව සින්තෙසිස් එකක් හෙවත් නව අදහසක් ඉදිරිපත් වෙයි. මාක්ස් පැවසුවේ හේගල්ගේ මේ අදහස විඥාන වාදී එකක් කියායි.
In the Phenomenology of Spirit, which presents Hegel’s epistemology or philosophy of knowledge, the “opposing sides” are different definitions of consciousness and of the object that consciousness is aware of or claims to know.
මාක්ස් මෙය ඔලුවෙන් හිටවූවා යයි කියන්නේ එය ඔහු භෞතිකවාදයට සම්බන්ධ කළ නිසාය. මාක්ස් මේ තීසිස් , ඇන්ටි තීසිස් සහ සින්තෙසිස් විඥානයට සම්බන්ධ කොටස ප්‍රතික්ෂේප කළේය. ඔහු දයලෙක්තික භෞතිකවාදය සැලකුවේ භෞතිකවාදයේම (materialism) කොටසක් ලෙසය. මාක්ස් ස්වභාව ධර්මයේ ප්‍රතිවිරෝධයන් තුලින් නව භෞතිකවාදී නිරූපණයක් අදහස් කළ අතර මාක්ස් හා එංගල්ස් ට අනුව ප්‍රයෝගික දේශපාලනයේ දේශපාලනික ප්‍රතිවිරෝධයන් තුලින් නව දේශපාලන ක්‍රමයක් බිහිවීම වැලැක්විය නොහැකිය. එසේත් නැත්නම් සමාජ ප්‍රගමනයේදී (පරිණාමයේදී ) පෞරාණික සමාජයේ පන්තීන් අතර ප්‍රති විරෝධයෙන් නව සමාජයක් බිහිවේ. එනම් දියුණුව හට ගන්නේ භෞතිකවාදී අරගලයන් තුලිනි. එනම් තිසිසයේ හා ඇන්ටි (ප්‍රති විරෝධී) තීසිසයේ වර්ධනයෙන් හටගන්නා සින්තෙසිසය මගින් තීසිසය හා ඇන්ටි තීසිසය නිශේධනය වේ. මාක්ස්ට අනුව හේගල්ගේ විඥාන වාදය ප්‍රතික්ෂේප කළවිට ඉතිරිවන්නේ, ඉතිහාසය නිර්මාණය වනුයේ සමාජය තුල පන්තීන් අතර ප්‍රතිවිරෝධතාවය තුලින් හටගන්නා අරගල වලින් බව හා එය නිශ්චිත කරන සාධකය ආර්ථිකය බවත්ය.
ලෙනින් විසින් ඇතුලත් කලේ කුමක්ද?
කෘප්ස්කයා ගේ චීත්තය පිලිබඳ ලෙනින් ගේ සටහන් නොවේ |
ලෙනින් විසින් හෙගලියන් දයලෙක්තිකයේ භෞතිකවාදී ප්‍රතිලෝමය පැහැදිලි කරන ලදී. සදාචාරාත්මක මුලධර්ම මත පන්ති ප්‍රතිවිරෝධයන් (අරගල) පවතින බව ලෙනින් සඳහන් කළේය. (නරෝද්නික වාදයට හෙවත් විප්ලවය සඳහා දේශපාලන විරුද්ධ ගේ ඝාතනයට ලෙනින් එක හෙලාම විරුද්ධ විය. (සැ.යු: ස්ටාලින්, පොල්පොට් ගේ සිට විජේවීර දක්වා - ලෙනින්ට එරෙහිව යාම)
එසේම ලෙනින් විසින් භෞතික විද්‍යාවේ ප්‍රමේයයන්හි පරිණාමය (හෙල්ම්හොල්ට්ස්) , චාල්ස් ඩාවින් ගේ පරිණාමවාදය හා කාල් මාක්ස් ගේ දේශපාලන ආර්ථික විද්‍යාව එකට ගොනු කළේය. (convergence)
දැන් මෙහි පුදුමයට පත්කරවන දෙය නම් මාක්ස් ගේ (මාක්ස්වාදයේ) දයලෙක්තික භෞතිකවාදය - දයලෙක්තික භෞතිකවාදය හා එංගල්ස් ගේ ඓතිහාසික භෞතිකවාදය නමින් වඩා පැහැදිලි ලෙස නිරූපණය කරමින් ග්‍රන්ථයක් සම්පාදනය කළේ ස්ටාලින් වීමය.
ඔක්තෝබර් (නොවැම්බර්) විප්ලවයෙන් (1917) පසු දෙබෝරින් ගේ නායකත්වයෙන් "දයලෙක්තිකවාදීන්" හා නිකොලායි බුහාරින් ගේ නායකත්වයෙන් "යාන්ත්‍රිකයන්" යනුවෙන් සෝවියට් දේශපාලන දර්ශනවාදය දෙකොටසකට බෙදුණි. මෙහිදී ලෙනින් ගේ නව ආර්ථික පිළිවෙතට පක්ෂව සිටි බුහාරින් ලෙනින් ගේ මරණයෙන් පසු ස්ටාලින් ගේ "තනි රටක සමාජවාදය" තියරියට එකඟ විය. මෙහි ප්‍රතිඵලය වුයේ එයට විරෝධය පළ කල ට්‍රොට්ස්කි,සිනොවියෙව් , කාමනෙව් (ආචාර්ය නලින් ද සිල්වා මහතා නිතර පවසන යුදෙව් විප්ලවවාදීන් ) සෝවියට් කොමියුනිස්ට් පක්ෂයෙන් නෙරපා දැමීමයි. දෙදෙනෙකු පසුව දේශද්‍රෝහී ලේබලය යටතේ මරා දමන ලදී (ට්‍රොට්ස්කි මරා දැමුනේ පසුවය) .
කොසක් වරුන් හා සමුහ ගොවිපල ක්‍රමයට විරෝධය පාන ගොවීන් මරා දමමින්, බලයෙන් සමූහ ගොවිපලවල් ඇති කිරීමේ ස්ටාලින් ගේ ප්‍රතිපත්තියට විරෝධය පෑමේ වරදට දේශද්‍රෝහියකු ලෙස 1937 දී ඝාතනය කරන ලදී.
ස්ටාලින් විසින් තම මිත්තනිය ගේ චිත්තය පිලිබඳව ලියු සටහන් නොවේ |
ට්‍රොට්ස්කි විසින් මෙක්සිකෝවේ සිට පොත් සහ පත්‍රිකා ලියමින් ඉදිරිපත් කළේ ස්ටාලින් විසින් පිටුවහල් කළ මාක්ස්, එංගල්ස් හා ලෙනින්ගේ දර්ශනයේ ම ස්ටාලින් වසා දැමූ කොටසය.
අද වන විට ඇමෙරිකාවේ ඩෙමොක්‍රටික් පක්ෂයේ මෙන්ම බ්‍රිතාන්‍ය යේ කම්කරු පක්ෂයේ ත් යුරෝපයේ ඇතැම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ වල ත් , ඇතැම් දක්ෂිණාංශික එහෙත් වමට බර පක්ෂ වලත් දේශපාලන දර්ශනයට එම අදහස් දැඩි බලපෑමක් කරන ලදී. ක්ලින්ටන්, ඔබාමා, මෙර්කල් ඇතුළු කණ්ඩායම කිසියම් ආකාරයකට පුටින්, ට්‍රම්ප් විරෝධී වන්නේත් තමන් ලෝකයේ ඇතැම් පැතිවල අප්‍රසාදයට පත් වුවද ගඩාෆී වැනි ඒකාධිපතියන්ට විරුද්ධ වන්නේත් මේ අනුවය. බ්‍රිතාන්‍යයේ තෙරේසා මේ ඇතුළු කොන්සර්වටිව් රජයට කෙලින්ම ට්‍රම්ප් ට සහයෝගය දීමට අපහසුද මේ කාරනාව නිසාය. ට්‍රම්ප් බොහෝ විට ආපසු හැරෙනු ඇත.
ශ්‍රී ලංකාවේ එදා සිට අද දක්වාම තම ස්ථාවරය වෙනස් නොකර ට්‍රොට්ස්කිවාදී දේශපාලනයේ දී සිටින්නේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාය. මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේත් , කොළඹ ආනන්ද විදුහලේත් උගත් ඔහු ලංකා විශ්ව විද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු උපාධියක් ලත් අයෙකි. (මොස්කව් විදුලිබල තාක්ෂණික විශ්ව විද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු උපාධියක් ලැබීම ගැන මම අදත් සතුටු වෙමි. සමහර විට එකම ආකාරයෙන් සිතීමට උදව්වක් වෙනවා දැයි නොදනිමි) වික්‍රමබාහු මහතා පසුව ශිෂ්‍යත්වක් ලබා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ඇතුලත්ව තම දර්ශනවාදී උපාධිය (PhD) ලබා ගත්තේය.
ආචාර්ය වික්‍රමබාහු ශ්‍රී ලංකාවේ ජාතිවාදයට එරෙහි තම මතය ඉතා අපකීර්තියට පත්වූවද ඒ වෙනුවෙන් පෙනී සිටි අයෙකි. එසේම පසුගිය කාලය පුරා නව ලිබරල් රනිල් ගේ රජයට යම් ප්‍රතිපත්තීන් සඳහා සහය දෙන අයෙකි. ඔහු ඒකාධිපතිවාදයට විරුද්ධ නිදහස් කාමියෙකි.මේ අනුව ඔහු සිටගෙන ඇත්තේ ඔහුට වඩාත් සුදුසු තැනය . ට්‍රම්ප් /පුටින් අක්ෂය සමග ඔහුට එක්විය නොහැකිය. ලෝක දේශපාලනයේ දයලෙක්තික ප්‍රතිවිරෝධය ගැන හොඳ අවබෝධයක් ඔහු සතුව ඇති බවට මට හොඳ විශ්වාසයක් තිබේ.
රනිල්ට දයලෙක්තිකය උගන්වන බාහු |
වර්තමාන බටහිර සමාජයේ ජිජැකියානු දර්ශනවාදය හා ලැකානියානු මනෝ විශ්ලේෂණයන් ගේ බලපෑම අර ඉහත සදහන් කල සෝවියට් දේශයේ රාජ්‍ය ධනවාදයේ පරාජයට බල පෑ සංස්කෘතික බලපෑම සමග සංසන්දනය කරන්න. (දෙවැනි ලිපිය) එය ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කළේ හා කරමින් සිටින්නේ දීප්ති කුමාර ගුණරත්න ගේ කණ්ඩායමය. අනිකුත් ප්‍රධාන වාමාංශික පක්ෂ හා කණ්ඩායම් තරමක් දුරට ඒ ගැන සංවේදී වුවද තවමත් සිටින්නේ ස්ටාලින් ගේ දයලෙක්තික යකඩ කූඩුවේය.
එසේ නම් අනුර කුමාර, කුමාර් ගුණරත්නම්, දීප්ති කුමාර ගුණරත්න ගේ භූමිකාවන් ගේ අනාගතය කෙබඳු විය හැකිද? ප්‍රධාන රටවලින් ලංකාවට ඇතිවන බලපෑම ජාතිවාදී පිබිදීමකින් පරාජය කළ හැකිද?
මුලාශ්‍ර :Dialectical materialism
~ මතු සම්බන්ධයි
හතරවෙනි ජාත්‍යන්තරයට අයත් ලංකාවේ ට්‍රොට්ස්කිවාදී පක්‍ෂය නම් සමාජවාදී සමානතා පක්‍ෂයයි (Socialist Equity Party). එය අපේ කාලේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (Revolutionary Communist League) නමින් හැඳින්වුණි.
ReplyDeleteමේ පක්‍ෂය සැබැවින්ම ජාත්‍යන්තර පක්‍ෂයකි.
https://rasikalogy.blogspot.com/2015/03/blog-post.html
.
විකොස දේශනා වලට කොල්ල කාලේ ගිහින් තියනවා , මහාචාර්ය සුචරිත ගම්ලත් හිටියෙත් විකොසේ නේද
Deleteනැත. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ. පස්සේ කොළ කැඳ (අැ)මැටි තුමා එක්ක රැස්විමක වැඩි අනා කියලා පක්සේන නෙරපුවා. මහාචාර්ය පියසීලි විජේගුණසිංහ හා විජේ ඩයස් නම් විකොසේ
Deleteඋදාර ඔබ වැරදියි.
Deleteසුචරිත ගම්ලත් විකොස හෙවත් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ නායකයෙක් ලෙස කටයුතු කළා. මං හිතන්නේ කීර්ති බාලසූරියගෙන් පසු ඔහු තමයි නායකයා. ඒ විකොස තමයි පසුව සමාජ සමානතා පක්‍ෂය වූනො.
නුවර ප්‍රදේශයේ සිටි සුචරිත කතා කළ රැස්වීම් කිහිපයකට මා ගොස් තියෙනවා. ඔහු ඒ කාලයේ විශ්වවිද්‍යාලයෙන් නෙරපන ලදුව ඉංග්ලිෂ් ටියුෂන් කරමින් තමයි ජීවත් වුනේ.
සුචරිත ගම්ලත්ව විකොසෙන් නෙරපා දැමීමට හේතු වූයේ, ඔහුගේ විශ්ව විද්‍යාල ඇදුරෙකු වූ එදිරිවීර සරච්චන්ද්‍ර අනුස්මරණ උත්සවයකට ගොස් විජමු ලොකු බණ්ඩාර සමග එකම වේදිකාටව නැග්ගාය කියන චෝදනාව මතයි. ඒ රැස්වීම රජයෙන් සංවිධානය කළ එකක් ද විය හැකියි.
මටත් එහෙම තමා මතක
Deleteඔබලා නිවැරදියි. සරච්චන්ද්‍ර අනුස්මරණයක් නම් වෙන්න බැහැ. මොකද සරච්චන්ද්‍ර මලේ චන්ද්‍රිකා බලයට අවට පස්සේ . නෙරපුවේ ඊට කළින්.
Deleteඅනුස්මරණ වචනය වැරදියි. අභිනන්දන විය යුතුයි.
Deletehttps://www.wsws.org/sinhala/2011/2011dec/slgl-22d.html
/* ඔහු ලංකා විශ්ව විද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු උපාධියක් ලත් අයෙකි. (මොස්කව් විදුලිබල තාක්ෂණික විශ්ව විද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු උපාධියක් ලැබීම ගැන මම අදත් සතුටු වෙමි. සමහර විට එකම ආකාරයෙන් සිතීමට උදව්වක් වෙනවා දැයි නොදනිමි) */
ReplyDeleteඉංජිනේරු පීඨයේ ඉගෙනීම ගැන බාහුගේ මතක සටහන්-
http://efacmemories.blogspot.com/2011/01/introduction-to-engineering-and.html
.
මේක බාහුද ලියන්නේ , ස්තුතියි යොමුවට
Deletehttp://efacmemories.blogspot.co.uk/search/label/Bahu
Deleteමෙවන් වූ පටිසෝතගාමිණීලා අතරම කොතෙක් බාධක දුෂ්කරතා මැදින් වුව උඩුගං බලා පිහිනීමේ සිය වෑයම අත් නොහළ දේශපාලකයකුද දැක්විය හැක. ඔහු,අපේ කොච්චියා එදා ටක්කෙටම කොමෙන්ටුවක් හරහා කියූ පරිදි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නය. පසුගිය 40 වසරක් පුරාවට ඔහු වෙනස් වී නොමැත. දරුණු මර්ධනකාරී යුද්ධයකදී රටේ අති බහුතරයක් යුධවාදීන් වෙද්දී බාහු දෙමළ ජනතාවගේ අරගලය පිළිබඳව සිය ස්ථාවරය දශමයකින් හෝ ආපස්සට ගත්තේ නැත. දෙමළ ජනතාවට ස්වයං නීර්ණ අයිතිය හිමි විය යුතු බවට වන ඔහුගේ දේශපාලන දැක්ම කිසිවෙකුට වෙනස් කිරීමට හැකිවූයේ ද නැත. මියගිය LTTE සටන්කාමීන් සැමරීම සඳහා සහභාගී වී ආපසු ලංකාවට පැමිණෙද්දී ගුවන්තොටුපළේ දී ම ජාතිවාදී ඇම්බැට්ටයින්ගේ පහර දීමට ලක්වුවද ඔහු සැළුණේ නැත. රැකියාව අහිමි කරණු ලදුව තිස්වසක් ඉක්ම ගියද ඔහු ඒගැන විස්සෝප වූයේ නැත. පිනට ගත් පිනාචාර්ය පට්ටමක් නොව සැබෑ ආචාර්ය උපාධියක් හිමි, එංගලන්තයේ කේම්බ්‍රිජ් සරවියේ වුව රැකියාවට යා හැකිව තිබුණු උගතෙක් වුව ද ඔහු ලංකාවේ දේශපාලනය හැර දමා එසේ යන්නට සිතුවේ නැත. හම ගිය රතු කමිසයත් ගෙවුණු රබර් පෙරෙප්පු දෙකත් හැඳ පැළඳගෙන තමන් අනුදත් දේශපාලන මතවාදය වෙනුවෙන් ඔහු දිගින් දිගට ම පෙනී සිටියේය. කලක් ඔහුගේ සටන් සගයා වූ වාසුදේව නානායක්කාර හතිවැටී හොට බිම ඇණී රාජපක්ෂට තුරුළට වැටුණද ආචාර්ය වික්‍රමබාහු එවන් දේශපාලනික සියදිවි නසාගැනීමක් ගැන සිතුවේවත් නැත. ‘ත්‍රීවීල් පක්ෂයක්’ යැයි ඔලොක්කු දැමුවද ඔහු එරෙහි විය යුතු දෙයට එරෙහි වන්නට බිය වූයේ නැත. සෙනඟ සොයා ගලන අතට ගලා යාම වෙනුවට ඔහු තනිවම හෝ උඩුගං බලා පිහිනීම ප්‍රගුණ කළේය, සැබැවින් ම පටිසෝතගාමියකු වූයේය.
ReplyDeleteපටිසෝතගාමයේ පටි බැඳගෙන ඇට්ටි හැළෙන කතා වලින් ලොරි ටෝක් වපුරන, පටි වන වනා හරඹ පෙන්නන පටිසෝතගාමිණී අයියලාට අන්තිමේ වෙන්නේ පටිරෝල් කරගන්නටය. එහෙත් සැබෑ පටිසෝතගාමීන්ට, අනුන් තමන් ගැන සිතන, විවේචනය කරන, තරමින් වැඩක් නැති අතර ඔවුන් උත්සාහ ගන්නේ කෙසේ හෝ ප්‍රවාහයට එරෙහිව ගමන් කරන්නටය.
http://magelokaya01.blogspot.com/2018/01/blog-post_29.html
*****************************************************************
"ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාය. මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේත් , කොළඹ ආනන්ද විදුහලේත් උගත් ඔහු ලංකා විශ්ව විද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු උපාධියක් ලත් අයෙකි. "
ආචාර්ය බාහු , ලංකා විශ්ව විද්‍යාලයේ අවසන් වසර පරීක්ෂණයේ දී ප්‍රශ්න තෝරා පිළිතුරු සපයන්නට අවස්ථාව දුන් ප්‍රශ්න පත්‍රයේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු සපයා කැමති පිළිතුරක් කපා හරින්න යැයි කියූහ .
බොහොම ස්තුතියි ප්‍රතිචාරයට. වැදගත් එකක් . මම ඔබගේ බ්ලොගයත් රෝලට දාගත්ත
Deleteබොහොම ස්තුති ඔබතුමාටත්
Deleteවික්‍රමබාහු කරුණාරත්න කියන්නේ මම කැමතිම දේශපාලඥයෙක්.මනෝ ගනේෂන්ටත් මම ඒ වගේ කැමතියි.වික්‍රමබාහු කරුණාරත්න කියන්නේ අපේ පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනේ ජාතියේ අයෙක්.එත් අවාසනාවට ඔහු එහි නැහැ.
ReplyDeleteපරිලිමේන්තුවේ ඉන්නේ - එක්කෝ ඕනේ නැහැ
DeleteCurrently he is the only politician with integrity.
ReplyDeleteI like Deepthi as well.
Deletehttps://www.bloomberg.com/view/articles/2016-05-30/what-s-behind-the-global-rise-of-demagogues
ReplyDeletePOLITICS
DeleteWhat's Behind the Rise of Demagogues?
They address feelings of powerlessness that elites have too long ignored.
By
May 31, 2016, 3:30 AM GMT+5:30
Fascists promise a new relationship between rulers and ruled. Photographer: Spencer Platt/Getty Images
In Austria last month, nearly half of the electorate voted for the presidential candidate of a set up by former Nazis. The politics of fear unequivocally triumphed in Assam, a state in India’s northeast, where Prime Minister Narendra Modi’s Bharatiya Janata Party came to power for the first time on an explicitly xenophobic platform.
To continue reading this article you must be a Bloomberg Professional Service Subscriber.
Read this article on the Terminal Request a demo to learn more
If you believe that you may have received this message in error please let us know.