Thursday 29 August 2019

ජර්මනියේ කඳු මුදුනේ කැලෑ හෝටලය (නැගෙනහිර ජර්මනිය)


මේ ලඟදි  නෑදෑයින් දෙපළක ගේ විවාහ සංවත්සරයකට  ගියා ජර්මනියට. ඒ ගොල්ලෝ උත්සවය සැමරුවේ ඒ කාලයේ නැගෙනහිර ජර්මනිය හෙවත් ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස හැඳින්වූ රටේ (දැන් ජර්මන් සමුහාණ්ඩුවේ ) හෝටලයක. වල්ඩ්හොටෙල් බෙර්ගොෆ් කියන එකේ. ඒක තේරුම  කඳු මුදුනේ කැලෑවේ(වල්ඩ්)  හෝටලය  කියන එක. තුරින්ගියා වනය අසල ලුයිසේන්තාල් නගරයේ අක්කර ගණනක්  පුරා විහිදී ඇති හෝටලයක්.

මම  මීට කලිනුත්  නැගෙනහිර ජර්මනිය ගැන ලිපි පේලියක්ම ලිව්වා. ඒවා පහල ඇති. සෝවියට් දේශයේ ජීවත්වුණු ශිෂ්‍යයෝ හුඟක් අය දන්නේ තමන් දුම්රියෙන් පහුකරගෙන ගිය පෙදෙසයි නැගෙනහිර බර්ලිනයයි ගැන  විතරයි. මොකද බටහිරට යන්න නැගෙනහිර බර්ලිනයේදී  දුම්රියෙන් බහින්න වෙන  නිසා.  ඉතින් හුඟක් වෙලාවට මේ රට ගැන තීරණය කරලා ලියන්න ඇත්තේ ඒ දැකපු දේ අනුව වෙන්න පුළුවන්.

අපේ නෑදෑයින් දෙපල අන්ද්‍රියාස් සහ ඔහුගේ බිරිඳ ගීසේලා ගේ 20 වන විවාහ සංවත්සරය මේ හෝටලයේ තමයි ගත්තේ. සාමාන්‍යයෙන් අපි ඔක්කොම එදා අළුයම  වෙනකන්ම  මේ උත්සවය සමරන නිසා නතර වුනෙත් හෝටලයේමයි.

විශේෂත්වය මේකයි. මම නිකමට අන්ද්‍රියාස් ගෙන් ඇහුව මේ හෝටලේ අලුතෙන් හදපු එකක්ද කියල. මොකද මම උදේම සෞනා එකට ගියා ගිනි තපින්න. (ඇඟට හොඳයි). පිහිනුම් තටාකයේ  පීනුවා, උදේ කෑම එකත් නියමයි බුෆේ ක්‍රමයට.  එයා කීව නෑ  මේ පරණ හෝටලයක් අළුත් අයිතිකාරයෝ කියල.

කුතුහලය නිසා මම පොඩ්ඩක්  හොයල බැලුව.  කතාව ඇත්ත.  නැගෙනහිර ජර්මන් රට බටහිරට එකතු වුනු මුල් අවුරුදු කිහිපයේ නැගෙනහිර ජර්මන් රජයට අයත්ව තිබූ මේ හෝටලය වසා දැමුනා. ජරා ජීර්ණ වෙමින් තිබුණු හෝටලය සමාගමක් විසින් මිලදීගෙන පරණ තුබුණු අන්දමටම ගොඩ නැගුවා.
 මෙහි භුමියේ නොයෙකුත් විනෝදාත්මක ක්‍රියාකාරකම් තිබෙනවා එන අයට කරන්න. ඒ කියන්නේ කඳු නැගීම, බෝට්ටු පැදීම් වැනි දේ.

ඒ කියන්නේ මේ නැවත ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ පරණ හෝටලයමයි. නැගෙනහිර ජර්මනියේ මේ වගේ හොඳ හෝටල් තිබුණා කියන එක තමයි දැන් නිගමනය. බලන කොට එහෙම ඒවා කිහිපයක්ම තිබිල තියෙනවා. එතකොට කවුද ඒවාට ගියේ. මම හිතුවේ කොමියුනිස්ට් පක්ෂයේ , ස්ටාසි එකේ උසස් නිලධරයන් වෙන්න ඇති  කියල. එහෙමනේ සාමන්‍යයෙන් වෙන්නේ.

නැහැ මේ හෝටලේට නම්  එවල තියෙන්නේ තමන් වැඩ කරන තැන්වල වැඩිම තරු ගාන හම්බ වෙච්ච අය හෙවත් හොඳම වැඩ කරුවා හෝ ඊළඟට ඉන්න කෙනා. හොඳම  ඉන්ජිනේරුව, හොඳම කම්කරුවා ඔන්න ඔය  වගේ. (ඒ ගොල්ලෝ කොහොමද තේරුවේ කියන එක දන්නේ නැහැ දැනට. පස්සේ හොයල කියන්නම්)

එතකොට තමන්ගේ පවුල පිටින්ම මේවාට  එන්න දුන්නලු. කෑම බීම  ඔක්කොම  නොමිලේ. එතකොට මේ ගිනි තපින සෞනා එක, පිහිනුම් තටාකය, මසාජ් කරන තැන් අනිත් එළි  මහන්  ක්‍රීඩා ඔක්කොමත් ඇතුළුව. ඒ ඔක්කොම නොමිලේ.

අම්මට සිරි, ඉතින් මම කිව්වා මගේ බිරිඳගේ නෑදෑයට ,
"ඉතින් කොච්චර හොඳද? එහෙමෙ තියෙද්දිනෙ ඔයාල මේ තිබ්බ සමාජවාදෙට බනින්නේ , ස්ටාසි එකෙන් විතරනේ  ප්‍රශ්නෙ තිබ්බේ කියල "
මිනිහ කියපි:
"ඔව් ඉතින්, නොමිලේ නම් තමයි, ඒත්  මේ හෝටලේට එන්න අවුරුදු හතක් පෝලිමේ ඉන්න ඕනේනේ "

ඉතින් සමාජවාදේට කෙළවුණ එක අහන්නත් දෙයක්ද?

දැන්  ජර්මනියේ නැගෙනහිර පැත්තේ සමාජවාදේ ඉවරවෙලා අවුරුදු 20 කටත් වැඩියි. හෝටලේ තවම  තියනවා. සල්ලි දීල බුක් කරලා ඕන කෙනකුට ඇවිල්ල විනෝද වෙලා යන්න පුළුවන්.

සමානාත්මතාවය සල්ලි වලට ගන්න පුලුවන්ද?

ඔය වෙලාවේදී තමයි මට කල්පනා වුනේ සමාජවාදී රටවල හිටපු ගොඩක් අය ඒ  කියන්නේ රුසියානුවෝ, නැගනහිර ජර්මන් ජාතිකයෝ, යුක්රේනියන් වරු සහ මෙකී  නොකී ජාතින් නිවාඩු යනකොට එළිමහනේ ඉන්න තමයි වඩා කැමති. කැලෑවක් හෝ වෙරළක් අයිනේ කුඩාරමක් ගහගෙන කඳු නගින්න, ගිනි තපින්න වගේ මුදල් අඩුවෙන්ම  වියදම් වෙන ක්‍රම වලින් නිවාඩුව ගත කරන්න තමා හදන්නේ. සමහරවිට ඕව පුරුදු වෙන්න ඇත්තේ අර වගේ පෝලිමේ ඉන්න ඕන නිසා වෙන්නැති නොමිලේ දෙන එකට .
හෝටලය ඉදිරිපස 

හෝටලයේ පිළිගැනීමේ කාර්යාලය 

ඇතුලේ පිහිනුම් තටාකය 
මේ පින්තුරය මම ගත්තේ 

සෞනා එක (උණුසුම් කාමරය)

15 comments:

  1. ඔය උනුසුම් කාමරයේ ඇයි ලොම රෙදි දමලා තියෙන්නේ? සීත රටවල් වල අයගේ ඇගේ තියෙන දහඩිය පිට කරන්න නේද ඔය කාමර හදලා තියෙන්නේ. ලොම් රෙදි වලට දහඩිය උරාගන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. පටන් ගන්න කොට ඒවා අයින් කරනවා අවශ්‍ය නම් විතරක්. නමුත් ඒ ගොල්ලෝ කැමති නැහැ දාඩිය වැටෙනවට බංකුවට. ඒකයි
      https://www.finduselsewhere.com/places/the-naked-truth-about-european-sauna-etiquette/

      Delete
  2. https://www.oxfordscholarship.com/view/10.1093/oso/9780198809975.001.0001/oso-9780198809975-chapter-21

    ReplyDelete
    Replies
    1. දැන් මේක දැම්මේ කොරප්ෂන් කොහෙත්ම නැති රටක ඉන්න කෙනෙක්ලු :)

      Delete
  3. මහත්මයා ජර්මානු ජාතිකයෙක්ද?

    ReplyDelete
    Replies
    1. මහත්මයා මගේ බිරිඳ ජර්මානු ජාතික කාන්තාවක්, මට ඇත්තේ යුරෝපියානු ගමන් බලපත්‍රයකි

      Delete
    2. මහත්මයාගෙ පුක සුදුද?

      Delete
  4. මම බොහෝ කාලෙක ඉඳලා ඔබගේ ලිපි කියවනවා. ඒත් කෙමෙන්ට් කරන්නේ කලාතුරකින්. ඒ ඔබත් සමඟ සමබර සාකච්චාවක් පවත්වාගෙන යන්න අසීරු යැයි මට හිතෙන නිසා.

    ඒත් නිහඬ පාඨකයෙක් ලෙස ඔබගේ ලිපි කියවීමෙන්, මා අත්නොදු‍ටු "සමාජවාදයේ යකඩ තිරයෙන් " එහා ලෝකය ගැන බොහෝදේ මා දැණ ගත්තා. ඒ ගැන ඔබට ස්තූතියි.

    ඔබගේ අත්දැකීම් අනුව, සමාජවාදී රටවල ක්‍රියාත්මක වුනේ මොන වගේ අධිකරණ ක්‍රමයක්ද? කැමති නම් විතරක් උත්තර දෙන්න.

    සමාජවාදයට පාර වැටී ඇත්තේ ධනවාදය හරහා යැයි කාල් මාක්ස් කිව් බව මා අසා තිබෙනවා. සමහර විට අද සිදු වන්නේ ඒ දෙය යැයි මට වෙලාවකට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. //ඒ ඔබත් සමඟ සමබර සාකච්චාවක් පවත්වාගෙන යන්න අසීරු යැයි මට හිතෙන නිසා.//බොහොම කණගාටුයි එහෙම හිතුන නම්. මොකද මම හිතන්නේ මම වගේ අය තමා සමබර කියල. සමහර මම පල කරන දේවල් මට අවැසි වුනත්, හිතන් හිටිය විධිහට වෙනස් වුනත් මම දානවා , සත්‍යය එලියට ඇදීමේ බලාපොරොත්තුවෙන්.
      දෙවෙනි කරණය අර පශ්චාත් භාගයේ වර්ණය ගැන ඇහුවෙත් ඔබතුමා නේද? මෙහමයි සිකුරාදා , සෙනසුරාදා මට වැඩ අධිකම වෙලාවල්. දැන් හවස 3.00 ලන්ඩන් වෙලාවෙන් . දැන්තමයි විවේකයක් ලැබුනේ. ප්‍රතිචාර වල උත්තර දෙන්න පමාවෙන්නේ ඒ වගේ වෙලාවට. බොරුනම් ඔය උඩ කමෙන්ට් කරලා තියෙනේ ප්‍රදීප් ගෙන් අහන්න
      ස්තුතියිලිපි කියවීම ගැන.
      සමාජවාදී රටවල විශේෂයෙන් සෝවියට් දේශයේ අධිකරණ ක්‍රමය ගැන මගේ එතරම් පැහැදීමක් තිබ්බේ නැහැ. ඒ පිළිබඳව පැහැදිලි කරලා ලිපියක් ලියන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ අධිකරනයට තදින් බලපෑම් එල්ල වෙනවා නේද? ඒ වගේම සුළු ලිපිකරුගේ සිට නීතිඥවරු දක්වා දූෂිත පැත්ත වැඩියි නේද? සෝවියට් ක්‍රමයේ වැඩි වෙනසක් නැහැ. ඒ කියන්නේ දඬුවම කලින්ම දන්නවා. විනිසුරු ට තියෙන්නේ ඒකට නියෝග දෙන එක විතරය. ජූරිය වගේ ඉන්නේ පක්ෂ නිලධරයන් සහ රජයෙන් පත් කළ අය . අධිකරණ ක්‍රමය ලංකාවේ තරම් වත් ස්වාධින නැහැ. හැබැයි සුළු හොරකම් වගේ දේවලදී පක්ෂ නිලධාරීන් වැඩිය අත දමන්නේ නැති නිසා විනිසූරු ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා. මිනීමැරුම් වගේ දේවලදී ඒක ඉතා සීමිතයි. වරදකරු කියල පොලිසිය, සහ පක්ෂය හිතුවොත් අධිකරණ ක්‍රියා මාර්ගය නිකන් විහිළුවක් විතරයි.
      //සමාජවාදයට පාර වැටී ඇත්තේ ධනවාදය හරහා යැයි කාල් මාක්ස් කිව් බව මා අසා තිබෙනවා. සමහර විට අද සිදු වන්නේ ඒ දෙය යැයි මට වෙලාවකට හිතෙනවා.// මාත් හිතන්නේ එහෙමයි., නමුත් අපි වගේ අයට කියන්නේ ප්‍රති සංස්කරණ වාදීන් , ප්‍රති සංශෝධන වාදීන් ආදී වශයෙන්. මොකද අපි වගේ අය විප්ලව/සන්නද්ධ අරගල ප්‍රතික්ෂේප කරන නිසා.

      Delete
    2. //මොකද මම හිතන්නේ මම වගේ අය තමා සමබර කියල. //

      අපෝ ඔයාගේ සමබර.. ඇනෝ කෙනෙක් රෙද්ද උස්සල පුක පෙන්නුවම ඇති කියවන්න. හැක්

      Delete
  5. //පශ්චාත් භාගයේ වර්ණය ගැන ඇහුවෙත් ඔබතුමා නේද?//

    නෑ ඒ මම නෙමෙයි. පිලිතුරු පමාවීම ගැන මට නං කිසිම ගැටලුවක් නෑ. ඉස්සෙල්ලාම ස්තූතියි දීර්ඝ පිළිතුරට.

    ඔබගේ ලිපිවල ඇති සමබර , සත්‍ය ගරුක බව මම අගය කරනවා. දිගටම කියවන්න ඒක ලොකු හේතුවක්. අර සමබර සාකච්චා අසීරු කතාව කිව්වෙ වෙන හේතුවකට. සමහර විට ඒක වැරදි මතයක් වෙන්නත් පුළුවනි.

    Under the Hawthorn Tree ලඟදි බැලුවා. තනි ඇහැට ඇඬෙනවා. ඒකයි සමාජවාදී ඉස්ටැයිල් අධිකරණ යුක්තිය ගැන ඇහැව්වෙ.

    ඔය විප්ලවවාදීන්ගෙ සන්නද්ධ අරගල/ තුවක්කුවෙන් බලය ඇල්ලීම ගැන මගේ මගේ කොන්ස්පිරසි තියරියක් තියනවා. උන්නැහේලා එහෙම කරන්නෙ, හුදී ජනයාගෙ හොම්බට ඇනලා සමාජවාදී අමුර්තෙ පොවන්නඕනෙයි කියලා හිතන නිසා වෙන්ටැ?

    Democracy is not perfect, but it is the best among worst.

    ReplyDelete
    Replies
    1. //Under the Hawthorn Tree ලඟදි බැලුවා. තනි ඇහැට ඇඬෙනවා. ඒකයි සමාජවාදී ඉස්ටැයිල් අධිකරණ යුක්තිය ගැන ඇහැව්වෙ. //
      මට මේ සම්බන්ධය තේරෙන්නේ නැහැ. අයර්ලන්ත සාගතය (අල සාගතය) සහ සමාජවාදී අධිකරණය අතර සම්බන්ධය . මම අයර්ලන්තයට ගිය වෙලේ දැක්ක ඔය වගේ ගම්මාන , එහෙම පිටින්ම මිනිස්සු මැරුණ හැටි, උන් තවමත් ඉංග්‍රීසින් එක්ක තරහයි. සමහර තැන්වල පුදුම වෛරයක් තියෙන්නේ.එක ටැක්සි කාරයෙක් මම ඉපදුනේ ලංකාවේ කීවම මගෙන් ටැක්සි චාර්ජ් එක ගත්තේ නැහැ. බිරිඳ ජර්මන් නිසා මිනිහට තවත් සැට. මම ගමන පුරා මිනිහ ඉංග්‍රීසින්ට බැනපුව අහ අහ ආව. හැබැයි මම ඒ මිනිසුන්ට කීව සාමාන්‍ය ඉංග්‍රීස් මිනිසුන් පවා අන්ත දුප්පත්ව හිටියේ. අරිස්ටෝක්‍රසි එකතමා තනිකරම ඒක මෙහෙයව්වේ කියල. මමත් මුලදී සුද්දන් කෙරෙහි ලොකු තරහකින් හිටියත් (වෙල්ලස්සේ කැරැල්ල වගේ දේ නිසා) මෙහෙදී තේරුනා සාමාන්‍ය මිනිස්සු වින්ද දුක. අරකට දෙවෙනි නැහැ. නමුත් දියුණුවට යන ගමනේ මාවත් තමයි ඒ. සුද්දගේ තත්වේ වෙනස් වෙන්න ගත්ත කාර්මික විප්ලවය නිසා. අල සාගතය නම් අධිරාජ්‍යවාදී ආණ්ඩුව දරුණු විධිහටම කළ දෙයක්.

      සමාජවාදීන් තම තමන් අතරේ විතරනේ ඉන්නේ. කතා කරන්නේ.ගමන් යන්නේ. ලයික් දාන්නේ, කොමෙන්ට් දාන්නේ සහ මෙකි නොකී හැම දෙයක්ම කරන්නේ හැබැයි එහෙම ඉන්න ගමන් අනිත් අයව ලිබරේට් කරන්න යනවා . ඒ ලිබරේට් කරන්නේ භාගයක් විතර මරලත් එක්ක (කියුබාවේ වුනී නැහැ ඒ පළමු විප්ලවය සමාජවාදී එකක් නොවුන නිසා) . ඔන්න ඕක තමයි මට තේරෙන්නෙම නැත්තේ.
      Democracy is not perfect, but it is the best among worst. - ඔව්

      Delete
  6. වෙනස් මානයක් දැක්කා සමාජවාදේ ගැන

    ReplyDelete
    Replies
    1. එහෙමද ? සමාජවාදින් අලුත් ජනතාවක් ඕනේ කියන එකේ තේරුම දැන් තෙරෙනෙවයි ඔබතුමාට

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .