Wednesday, 14 August 2019

චෙර්නෝබිල් - සැඟවිය නොහුණු සත්‍යය 3

පෙර ලිපි:

චෙර්නෝබිල් - සැඟවිය  නොහුණු සත්‍යය 3

චෙර්නොබිල් න්‍යෂ්ටික විදුලි බලාගාරයේ හතරවන රිඇක්ටරයේ වාරික නඩත්තුව (routine maintenance) හෙවත් දෝෂ සෙවීමේ නෛතික වැඩ නැවැත්වීම යෙදී තිබුනේ 1986 අප්‍රේල් 25 දාටය.  කලින් ලිපියට ලැබුන ප්‍රතිචාරයක තාප හුවමාරු මධ්‍යස්ථානය (heat exchanger)   ගැන පවසා තිබුණි. මතක තබා ගත යුත්තේ මෙහි ජල වාෂ්ප කෙලින්ම ටර්බයිනයට ගමන් කරන බවය. heat exchanger  වෙනස්කම මෙවැනිරිඇක්ටර සඳහා පසුව පැමිණි  අලුත්වැඩියාවකි.  ඕනෑම විදුලි බලාගාරයක බලාගාරයේ යන්ත්‍ර සුත්‍ර ක්‍රියා කරවීම ආදී වැඩ සඳහා තමන් උපදවන විදුලියෙන්ම ක්‍රියා කරන  වෙනම විදුලි සැපයුමක් තිබේ. (supply) මේ විදුලි සැපයුම හදිසියේ හෝ ක්‍රියා විරහිත වුවහොත් විදුලි බලය සැපයීම සඳහා වෙනම  ඩීසල් ජෙනරේටර් තිබේ. මෙය සාමාන්‍ය ක්‍රියා පිළිවෙතයි.

සාමාන්‍යයෙන් විදුලි ජෙනරේටරයක් නැවැත්වීම සඳහා අනුමත කරන ලද ක්‍රියා පටිපාටියක්  තිබේ. මෙය පැහැදිලිව ලියා බලාගාර අධ්‍යක්ෂක හෝ ප්‍රධාන  ඉංජිනේරු තැන අත්සන යොදා ඉන්පසු ඒ  අනුව ක්‍රියා කලයුතුය, චෙර්නොබිල් යනු විශාල ධාරිතාවයක්  ඇති බලාගාරයකි, හතරවන රිඇක්ටරයෙන් පමණක් විදුලි මෙගාවොට් 500 (MWe) ටර්බයින්  දෙකකට වාෂ්ප සපයයි.  එමනිසා  එම රිඇක්ටරයෙන් විදුලි මෙගාවොට් 1000 හා තාප 3200 මෙගාවොට් තාප බලයක්  නිපදවීමට පුළුවන. (නවත්වන තුරුම  එහි විදුලි හා තාප බල නිෂ්පාදන අගයන් වූයේ ඒවාය.මෙහිදී විදුලි මෙගාවොට් (MWe) හා තාප මෙගාවොට් (MWt) අතර වෙනස හඳුනා ගැනීම වැදගත්ය. විදුලි ධාරිතාව යන බලාගාරය නිපදවන විදුලියයි. තාප ධාරිතාව යනු එම විදුලි ධාරිතාව නිපදවීමට අවශ්‍ය  තාප ශක්තියයි.(heat energy ))

අප්‍රේල් 25 වනදා මෙම සාමාන්‍ය රිඇක්ටරය නැවතීමේ සැලසුම් කරන ලද ක්‍රියා පිළිවෙතට  සමගාමීව වෙනත් පරීක්ෂණයක් කිරීමටද තීරණය කරන ලදී.   එනම් ප්‍රධාන විදුලිය කපා හැරීමකදී නැවතී යන  ටර්බයින් හරහා කෙතරම් දුරට ප්‍රධාන ජල පොම්පාගාරයට   විදුලි සැපයුම සිදුවේ ද යන්න සොයා බැලීමයි. ජල පොම්පාගාරය මගින් ශීතල ජලය රිඇක්ටරයට යවන අතර එය අත්‍යවශ්‍ය දෙයකි. මෙම පරීක්ෂණය මීට  කලින් අවුරුද්දේ චෙර්නෝබිල් බලාගාරයේ කරන ලද මුත් ඉන් ලැබුණු දත්ත ගැන සෑහීමකට පත්වීමට ඉංජිනේරුවන්ට නොහැකි වුනි. එයට හේතුව වූයේ ටර්බයින් වලින් එන විදුලි බලය අවශ්‍ය දත්ත ගැනීමට ප්‍රථම ඉක්මනින්ම අවසන් වීමයි. මේ නිසා නව වෝල්ටේජ් රෙගියුලේටර වල (වෝල්ටීයතාවය හසුරුවන පාලකය)  සැලසුම් පරීක්ෂාවද සිදු කිරීමට තීරණය විය. මීට අමතරව විදුලිය සපයන  අතිරේක ඩීසල් ජෙනරේටර ක්‍රියාත්මක වීමට කොපමණ කාලයක් ගතවේද යන්නද සොයා බැලීමට නියමිතව තිබුණි.  රිඇක්ටරය නවතන කාලයේ මෙයද කිරීමට අධ්‍යක්ෂකවරු අනුමැතිය දෙන ලදී.

 චෙර්නෝබල බලාගාරයේ ඇතිකර  තිබූ   දේශපාලන තනතුරු වලින් ඉහලින්ම සිටියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක සෙර්ගෙයි පරශින් ය. ඔහු අදත් ජිවතුන් අතර සිටී . රිඇක්ටරයේ දෝෂ සහගත බව ගැන ප්‍රධාන වශයෙන් චෝදනා කරන එක අයෙක්ද ඔහුය. ඔහුට බලාගාරයේ වැඩ පිලිබඳ ප්‍රමාණවත් දැනුමක් තිබෙන්නට හැකි මුත් ඔහු ඉංජිනේරුවකු හෝ  න්‍යෂ්ටික  විද්‍යාඥයකුද නොවේ. 

   සෙර්ගෙයි පරශින් මේ සැලසුම් කළ අමතර පරීක්ෂණය ගැන දැන  සිටියේය.  

දැන් ඔය කියන රිඇක්ටරයේ දෝෂය සහ වැරැද්ද සමග සැබෑ වැරැද්දද විමසා බලමු.  මේ කියන දෙවන පරික්ෂාව සිදු කිරීම සඳහා දහවලේ සිටි ඉංජිනේරුවන් කළ කී දෑ පිලිබඳ නිසි වාර්තාවක්  හවස වැඩට වාර්තා කළ  ඉංජිනේරුවන් හා සහායක නිලධාරීන්ට භාරදී තිබුනේ නැත. එසේම මේ පරික්ෂාව  සිදු කරන ඉංජිනේරු / කාර්ය නියාමක  කණ්ඩායම හා රිඇක්ටරයේ ක්‍රියාකාරීත්වය (operation)  හා  ආරක්ෂණ  ක්‍රියාමාර්ග (safety procedure) භාරව සිටි කණ්ඩායම අතර සම්බන්ධතාවයක් තිබීද නැත. රිඇක්ටරයේ නැවතීමේ ක්‍රියාවලිය හා  තමන් ගේ පරීක්ෂණය අතර සම්බන්ධයක් නැතැයිද කිසිදු බාධාවක් නැතැයිද  අමතර විදුලි බල සැපයුම පිලිබඳ පරීක්ෂණය මෙහෙයවන ඉංජිනේරුවන් සිතුවේ ඇයි?

දැන් මේ සැලසුම් කල පරීක්ෂණ න්‍යායපත්‍රයට අනුව රිඇක්ටර කුහරයේ හදිසි ශීතකරන පද්ධතිය  (emergency core cooling system- ECCS) නැවැත්විය යුතුය. මින් කරන්නේ හදිසි අවස්ථාවක කුහරයට ශිතල ජලය සැපයීමයි. ඉන්පසු සිදුවූ දේ කුමක් වුවත් මෙය අනුමත ආරක්ෂක ක්‍රියාවලියයෙන් බැහැර යාමකි.

රිඇක්ටරය නවතා දැමීමේ ක්‍රියාදාමය යන අතරතුර එය මුළු ධාරිතාවයෙන් භාගයක් පමණක් නිපදවමින් තිබුණි. මෙහිදී කීව් නගරයේ ස්ථානගතව සිටින ප්‍රධාන විදුලි සැපයුම් බෙදාහැරීමේ නිලධරයා (electrical  load dispatcher)  තව දුරටත්  විදුලි නිෂ්පාදන අඩු කිරීමට අවසර නුදුන්නේය. ඒ ප්‍රධාන ජාලයට (main grid)  විදුලිය අවශ්‍යව තිබූ බැවිනි.  

එය එසේ තිබියදීම (භාග ධාරිතාවයෙන් වැඩ කරද්දීම) අර ඉහත කී
පරීක්ෂණය ක්‍රියාත්මක කරන කණ්ඩායම තම න්‍යාය පත්‍රයට අනුව යමින් විසින් කුහර ශීතකරණ පද්ධතිය  ECC  වසා දැමුණි.  අප්‍රේල් 25 රාත්‍රි එකොළහට පමණ ප්‍රධාන විදුලි ජාල නියාමක (grid controller) රිඇක්ටරයේ බලය (reduction of power) අඩු කිරීමේ ක්‍රියාවලිය නැවත  පටන් ගැනීමට අවසර දුනි.

චිත්‍රපටයේ සඳහන් නොවන කාරණාවක් වූයේ මෙයයි. මෙම පරික්ෂාව සඳහා තාප මෙගාවොට් 1000 (MWt) බලයකට රිඇක්ටරය තබා ගත යුතුය. මේ රිඇක්ටරය නවතා  දැමීමට ප්‍රථම තබා ගත යුතු තත්වයකි. කෙසේ හෝ වේවා මෙහෙයුම් දෝෂයකින් මේ තාප බලය තාප මෙගාවොට් 30 (MWt) දක්වා පහත වැටුණි.
දැන් මේ මෙහෙයුම් දෝෂය කුමක්දැයි කිසිවෙක් කොහෙවත් කියන්නේ නැත. චිත්‍රපටයේනම්  එදා ඒ අවස්ථාවේ සිටි නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු අනතෝලි දියතලොව් තාප බලය පහලට දැමීමට අණදුන් බවක් පෙන්වයි. එසේ කීමට කිසිදු සාක්ෂියක් නැත. පාලක යෂ්ටි (control rods)  පහලට දැමීමට අණ දුන්නේ නම් ඔහුය. (එය ඔහු පසුව පිලි ගත්තේය ) 

මෙතැනදී මම කලින්  ලිපියේ සඳහන් කල ධනාත්මක රික්තක සන්ගුණකය (positive void coefficient ) වැදගත් වන්නේ මේ සංගුණකය මෙවැනි අවස්ථාවකදී  බලාත්කාරී සාධකය වන නිසාය.

අපි නැවතත් මෙය මතක් කර ගන්නවා නම්  බලය වැඩි වන විට හෝ එන ජල ප්‍රමාණය අඩු වන විට ජල වාෂ්ප නිෂ්පාදනය වැඩිවේ. සාමාන්‍යයෙන් වැඩි ජලය මගින් අවශෝෂණය කරන ලබන නියුට්‍රෝන් මෙහිදී නිදහස් වී  ප්‍රතික්‍රියාව වැඩි කිරීමට දායක වේ. අනිත් පැත්තට බලය හා ඉන්ධන (මෙහිදී යුරේනියම්) උෂ්ණත්වය වැඩි වන විට නියුට්‍රෝන් දහරාවේ  (flux) ප්‍රමාණය අඩුවේ. මෙය සෘණාත්මක ඉන්ධන සංගුණකය   (negative fuel coefficient) නමින් හැඳින්වේ.  නමුත් නිෂ්පාදිත බලය (power output) අඩු වන විට  ධනාත්මක රික්තක සන්ගුණකය බලාත්කාරී වී රිඇක්ටරය අස්ථාවර වේ. මෙසේ අස්ථාවර වූ වහාම ඉතා වැඩි බලයක් හදිසියේ නිපදවීම වැනි දෙයක් සිදුවීමේ  සම්භාවිතාව අතිශයින් වැඩිවේ. 
අප නැවත දාම ක්‍රියාවලියට යමු. දැන් නියුට්‍රෝන අවශෝෂණය වනවා වෙනුවට ප්‍රතික්‍රියාව වැඩිවීමේ අවදානමක් මතුවේ. 

දැන් මම ඔබලාට ඉතාමත් පරිස්සමින් කලයුතු නිරීක්ෂණයක් කියන්නම්. මයික්‍රෝවේව් අවන්  එකක්  තිබේනම් කිරි වීදුරුවක් නටන උෂ්ණත්වයට  එනතුරු රත් කරන්න. බීමට  පෙර එය මදක් නිවිය යුතු බව ඔබ දන්නෙහිද? විකිරණයෙන් රත් කරන විට වතුරු බුබුළු ඉවත් විය යුතුය. නමුත් කිරි ප්‍රෝටීන ඛණ්ඩනය වීමේදී කිසියම් ස්තරයක් (foam) වතුරු බුබුළු වටා බැඳේ. තවත් තාපය  වැඩිවන විට මේවා  තවත් ප්‍රසාරණය වේ.
 සාස්පානක  ළිපේ උණු   කිරීමේදී බිත්ති වල බැඳෙන ජල වාෂ්ප  මෙන් නොව  කිරි බුබුළු තාපය වැඩිවන විට පුපුරා යයි.

 ඊළඟ ලිපිය කියවීමේදී මෙය මතක තබා ගන්න.

ඉතිරි කොටසින් පිපිරිම ගැන කතා කරමු.


~~~මතු සම්බන්ධයි ~~~~~~~

21 comments:

  1. දෛපාරක්වත් කියවන්න ඕන තේරෙන්න නං

    ReplyDelete
    Replies
    1. ආපහු ලියන්නද ?

      Delete
    2. පොඩි අප්ඩේට් එකක් දැම්ම. දැන් බලන්න

      Delete
    3. @දේශකයා, මයික්‍රෝවේව් කරල බලන්න

      Delete
    4. ගෙදරදී කරන පර්යේෂණ වලට වග කියනු නොලැබේ

      Delete
  2. තමුන් නොදන්නා මාතෘකා ගැන මෙවැනි අසත්‍ය ලිපි ලියන්නේ ඇයි අජිත්? කරුණාකර මේ ගැන දන්නේ නැතිනම් ඒ ගැන දැනගෙන ලිපි ලියන එක නේද වඩා හොද?

    රංග තේනුවර
    gtrz@elakiri.com

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. දැන් තමුන් මේ ලිපියේ තියෙන අසත්‍ය කාරනා එකින් එක කියනවද බලන්න. ඔප්පු කරල පෙන්වනවද ඒවා අසත්‍යයි කියලා. බැරිනම් කටවහගෙන යනවා ගිහිල්ල අර සූකිරි කෙල්ලෝ කොල්ලෝ තොදොල් වෙන ඔහ්ගේ එළකිරි එකේ ඇඩ්මින් වැඩේ බලා ගන්නවා. නොදන්න දේවල් වලට කට ගහන්නේ නැතුව .
      මම සෝවියට් දේශයේ මොස්කව් බලශක්ති හා තාක්ෂණ විශ්ව විද්‍යාලය තාප විදුලි බලාගාර පාඨමාලාව (MSc ) අවුරුදු 5.5 හදාරපු කෙනෙක්. ඔහේ එහම් මොනවත් කරලා හෙම තියනවයි

      Delete
    3. සාමාජිකයන් ලක්ෂ පහහමාරකට වැඩ සිටින ශ්‍රී ලංකාවේ ප්‍රමුකතම වෙබ්අඩවියේ හිමිකරුට මෙලෙස ආමන්ත්‍රණය කිරීම නුසුදුසු බව දැන්වීමට කැමැත්තමු.

      රංග තේනුවර
      gtrz@elakiri.com

      Delete
    4. ඇත්තද :) එහෙනම් මොනවා හරි දැනගෙන ඇවිල්ල මිට පස්සේ කොමෙන්ට් කරන්න. මොකද මට අදාල නැහැ ඔයාගේ වෙබ් අඩවි.

      Delete
  3. oya comment karanne Elakiri admin nowei. Oya boruwata wena kenek oyawa bite ekata ganne.

    ReplyDelete
    Replies
    1. එහෙම නම් ඉතින් මුලින්මුලින් ඔය කට්ටිය දම්මවල කුණුහරුප කොමෙන්ට් එවෙ ඇයි . මම පල කලේ නැහැ ඒවා. මේක මගේ බ්ලොගය. හැබැයි ඉතින් ඒ දවස් වල ඉඳන්ම දන්න බ්ලොග් කරන අය ඔහොම ඇවිල්ල කුණු කමෙන්ට් දාල තියනවා.

      Delete
  4. අද ගෙදර ආවේ ශල්‍යකර්මයකට මුහුණ දීල. බොහොම හොඳ ලිපියක්. පස්සෙ කමෙන්ට් කරන්නං.

    ReplyDelete
    Replies
    1. ලොකු අමාරුවක් නැත කියා සිතනවා. ගෙදර එව්ව නිසා. wish you to get well soon හතරවන කොටස සැප්තැම්බර් වලින් පස්සේ තමයි. ලංකාවට යනවා

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. පිළිතුරු දෙන්න කලින් ආතර් අයිය අයින් කරලා

      Delete
    4. /පමණට වැඩිය උදව් උපකාර කිරීම පසුතැවීමට හේතු වෙනවාමය// sahathika aththa

      Delete
  5. මේ ලිපි මාලාවේ 4වැනි ලිපියක් පල කරාද අජිත් මහත්මයා. එය හොයා ගන්න නැහැනේ

    ReplyDelete
    Replies
    1. නැහැ , 1. වෙලාවක් තිබුනේ නැහැ. 2. දත්ත වගයක් හෙව්වා ලැබුනේ නැහැ. ඉදිරියේදී ලැබෙයි කියා හිතනවා.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .