Thursday, 17 January 2019

සහන් කසීර ගේ නැගෙනහිර ජර්මනිය

ඔබෙහොෆ් 
බුකියේ පළවෙන සහන් කසීර වික්‍රමසිංහ ලියන හුඟක් දේවල්  කියවන කෙනෙක් මම. එයා ලියන බොහොමයක් දේට කැමතිත් එක්ක. ගාල්ලේ  දී පැවැත්වීමට නියමිත  ෆෙයාවේ සාහිත්‍ය  උළෙලේ " සිංහල සාහිත්‍යයේ ස්ව ජීවන අත්දැකීම් " පිළිබඳව සහන් කසීර  කතා කිරීමටත් නියමිතයි. 

මම අද දැක්ක ලංකානිව්ස්වෙබ් වෙබ් අඩවියේ ලිපියක් පළ කරලා තියනවා සහන් කසීර  වික්‍රමසිංහ. මිහිපිට කිසිවක් අලුත් නොවේ ! කියන  ඒ ලිපියට මේ යොමුවෙන් යන්න පුළුවන්.

  ලිපිය කියවන කොට මට හිතුනේ  ඉඳල හිටලා ගුරුන්ටත් වරදිනවා ඇති කියල. මෙන්න මේ ඡේදයන් දැකලා.

මම මෙය උපුටා ගත්තේ එම වෙබ් අඩවියේ පළවී තිබුන ලිපියෙන්.

//සෝවියට් සංගමයේ බලපෑමෙන් සමාජවාදී පාලනයක් රැගත් නැගෙනහිර ජර්මනිය දිළින්දන්ගෙන් පිරුණු අපායක් ව තිබියදී බටහිර සහාය ලද බටහිර ජර්මනිය ඉන්ද්‍රජාලික ආර්ථිකයකින් කේතුමතියක් බවට පත්ව තිබිණ.
බර්ලින තාප්පය බිඳ දැමූ පසුව බටහිර කලාපයට පිවිසුණු නැගෙනහිර ජර්මානුවන් එහි සශ්‍රීකත්වය ; නාන කාමර වල සුවපහසුව දැක විස්මයට පත් වූ බව පැවසේ.//

සමහර වෙලාවට ලිපියේ අන්තිමට කියන මේ වාක්‍යයට අනුව,
//මිත්‍රවරුනි ; දේශපාලනික , සංස්කෘතික සහ ආගමික පඹවැල් තුළින් මිනිස් බව තවමත් නිදහස ලබා නැති බව ඔබ වැටහේද ?//  මම තවම ඔය කියන දේශපාලනික පඹ වැල් වලින් නිදහස ලබලා  නැතිව ඇති.

මම දන්නා තරමින් නැගෙනහිර ජර්මනිය දිළින්දන් ගේ අපායක්  බවට පත්වෙලා තිබ්බේ නැහැ. ඒ තර්කයෙන්ම ගත්තොත් ලංකාව තවමත් ඊට වැඩිය දිළිඳුයි. දිළින්දන්ගෙන්  පිරිලා කියල කිව්ව හැකි සමහර පැති. නැගෙනහිර ජර්මනිය කියන්නේ  සමාජවාදී ලෝකයේ වඩා හොඳට තිබ්බ රටවල් කිහිපය අතරින් එකක්. අදත් එහි කුඩා ළමුන්  සඳහා තිබු කෙයාර් හෝම්  පද්ධතිය තවමත් පාවිච්චි වෙනවා. මම එයින් එකකට ගිහිනුත් තිබෙනවා. ළමයින් බලන්නේ උපාධිය  දක්වා උගත් තරුණ ගුරුවර ගුරුවරියන්. ඒ උසස් තත්වය තවමත් එහෙමයි.

අනික් සමාජවාදී රටවල් තමා  හංගේරියාව, යුගෝස්ලාවියාව වගේ ඒවා. බටහිරට හිතවත්ව හිටි රුමේනියාව, ඇල්බේනියාව නම්  දිළින්දන් ගෙන් පිරි තිබු රටවල් . මම රුමේනියාවට ගිහින් තිබෙන නිසා ඇහින් දැක්කා ඒකනම්.

අපි සෝවියට් දේශයේ උගත් කාලයේ බටහිර ජර්මනියට එන්න  කලින් හොඳට මිල අඩුවට ආහාර ගන්නේ නැගෙනහිර බර්ලිනයේ රෙස්ටුරන්ට් වලින්.

උන්ට බටහිර මිනිසුන්ට තරම්  හොඳ ඇඳුම් පැළඳුම් කාර්  තිබ්බේ නැහැ. නමුත් බඩගින්නේ මුකුත් නැතිව හිටි හිඟන්නෝ නම් නෙමෙයි.
බටහිර ජර්මනිය ඉන්ද්‍රජාලික ආර්ථිකයකින් කොහොම වෙතත් ඇමෙරිකන් මාර්ෂල් ප්ලෑන් එක නිසා ගොඩ ආව රටක්. කොටින්ම ඇමෙරිකන් සල්ලි වලින් නැවත ගොඩ නැංවුන රටක්. බටහිර ජර්මනිය  පින් දෙන්න ඕනේ ඇමෙරිකාවට  ඒකට නම්.

මම ලියපු එක ලිපියක්   තියනවා මෙතන.  වර්තමාන ජර්මනිය එක රටක් වුනත් නැගෙනහිර වාසීන්ට තවම කියන්නේ ඔසී කියල. (ඕස්ට්‍රේලියානුවන්  නොවේ)  මගේ බිරිඳගේ සොයුරිය බැඳලා ඉන්නේ නැගෙනහිර ජර්මන් වැසියෙක්. නම අන්ද්‍රියාස් . ඔහුගේ ගම තුරින්ගියා ප්‍රාන්තයේ කර්ස්දොෆ්. ඔහු  ඔබෙහොෆ් වල ස්කි ජම්පින් කරපු ක්‍රීඩකයෙක්.  අපි නිවාඩුවට සමහර විටෙක  ඔවුන්ගේ තට්ටු හතරක නිවසේ නතර වෙනවා. එම නිවස 1920 හදපු එකක්. නාන කාමර හතරක් තිබෙනවා තට්ටුවට එක ගානේ. ඒවා සහ බටහිර ජර්මනියේ තිබ්බ නාන කාමර වල  වල වෙනසක් නැති බව සහතික කරලා කියන්න පුළුවන්. මොකද එකම වසර වල බටහිර ජර්මනියේත් ඉඳල තිබෙන නිසා.  මේ ගමේ අනිත් නිවෙස් හුඟක් ඒවගේ.

මේ ඒ ගම ගැන ලියපු එකක්.

ධනවාදී රටක සමාජවාදී ගම 


මේ නැගෙනහිර ජර්මනියේ නිවාස ගැන මම ලියු ලිපියක්. සහන්ට කැමතිනම් කියවන්න පුළුවන්.  

මේ ගමේ මගේ බිරිඳගේ තවත් ඥාතිවරියක් ඉන්නන නිසා අපි එහි ගියා. ලස්සන ගමක් නිසා දෙතුන් වරක් ම නැවතී ඉඳල තිබෙනවා  ශීත කාලයේ නිවාඩුවට.  ඥාතිවරියත් ඇය ගේ දරුවනුත් නැගෙනහිර රාජ්‍යය පැවති  සමය පුරා  ජීවත්වූ දෙමහල් නිවස තමයි පින්තූරයේ තිබෙන්නේ. ඔවුන් සහන්  කියන තරම් දිළින්දෝ කියල නම් හිතෙන්නේ නැහැ. නැගෙනහිර ජර්මනිය පැවති  කාලයේ ගත්  පින්තුර පවා තිබෙනවා තවමත්. ඔවුන්ගේ පරණ ට්‍රබන් කාරයේ විනෝද ගමන් ගිය ඒවා හෙම හැත්තෑව අසූව දශකයේ.  ලංකාවට වැඩිය නම් හොඳයි.
නැගෙනහිර ජර්මනියේ තුරින්ගියා වල සූල් සහ එර්ෆුට් කියන නගර දෙකටත් ගිහින් තිඑබෙනවා. නැගනහිර ජර්මන් රජය කාලේ හදපු තට්ටු නිවාස එහි තවම තිබෙනවා. බටහිර ජර්මනියේ කවුන්සිල් (රජයෙන් දෙන) ගෙවල් සහ ඒවා අතර වැඩි වෙනසක් නැහැ. ලංකාවේ ඒ කාලේ තිබුන තට්ටු නිවාස වලට වඩා දෙතුන් ගුණයක් හොඳයි.
  
මේ නැගෙනහිර ජර්මනියේ පුටීන් ගේ භූමිකාව ගැන ලියපු එකක්.
 විසි පස් වසරකට පෙර ඇද වැටුණු බර්ලින් තාප්පය, පූටින් හා ස්ටාසිලන්තය

හැබැයි එක දෙයක් ඉතා පැහැදිලිව කිව යුතුයි. බටහිර ජර්මනිය කේතුමතියක් වෙන්නේ නාන  කාමර නිසා නම් නෙමෙයි.  නිදහස නිසා. නැගෙනහිර ජර්මනියේ පවත්වාගෙන ගිය  කේජිබි එකේ ගෝලයා වුනු ස්ටාසි ඔත්තු සේවාව නිසා රටම  අපායක්  වෙලා තිබුන සමහරුන්ට. විශේෂයෙන්ම ලේඛකයන්ට, විද්‍යාඥයන්ට අනිකුත් බුද්ධිමතුන්ට.    ස්ටාසි එකට ඔත්තු දුන්නේ නැත්නම් වධ දෙන නිසා. තමන්ගේම යහළුවන් ගැන ඔත්තු දෙන්න බැරි නිසා දිවි  නසාගත් මිනිසුන් හිටිය. මිනිස්සු වෙඩි කාගෙන හරි බටහිරට පැනල ගියේ ආර්ථික සුව පහසුවක් සෙවීමට වඩා නිදහස සොයා .

හැබැයි තවමත් පරණ නැගෙනහිර ජර්මනියට කැමති මිනිසුත් ඉන්නවා. අර ගුඩ්බයි ලෙනින් කියන චිත්‍රපටයේ  කියවෙන්නේ එහෙම  කතාවක්.  කැමති නම් හොයාගෙන බලන්න හොඳ ක්ලැසික් චිත්‍රපටයක්.



අහ්, ලියන්න අමතක වුණා. සවුදි කෙල්ල ගැන කතාවට නම් සම්පුර්ණයෙන්ම එකඟයි. ඒ දෙන පබ්ලිසිටිය දැක්කම සැකත් හිතෙනවා. සම්පුර්ණයෙන්ම අනවශ්‍යයි වගේ.  ඔයාලටත් ජමාල් ඛශෝගී  අමතක වුනාද? නැත්නම් යේමනය.

35 comments:

  1. නැගෙනහිර ජර්මනිය ක්‍රීඩා අතින් නම් ඉතා ඉහලින් හිටියා. ඊටත් වඩා ඉහලින් හිටියා තහනම් ක්‍රීඩා උත්තේජක බෙහෙත් රාජ්‍ය අනුග්‍රහය සහිතව පාවිච්චිය ගැන

    ReplyDelete
    Replies
    1. ඒවා ඇත්ත. තහනම් උත්තේජක පාවිච්චිය ඒ දවස් වල චෙක් කලේ නැහැ නේද? ඒක මිනිසුන්ගේ වැරැද්ද නොව කොමියුනිස් ස්ය්ස්ටම් හොඳයි කියල පෙන්වන්න ක‍රපු වැඩක්. https://www.theguardian.com/sport/2005/nov/01/athletics.gdnsport3

      Delete
    2. හයිකී ඩ්‍රෙෂ්ලර්..මරීටා කොක් සහ මාලීස් ගොයර්...හැත්තෑව දශකයෙ අපිට හොඳට හුරු පුරුදු නම්...:)

      Delete
    3. මාර දේවල්නේ ඔයත් දැනගෙන ඉඳල තියෙන්නේ

      Delete
  2. Last month, meanwhile, Germany's athletics federation announced that it was checking 22 national records set by East German athletes. The investigation came after Ines Geipel, a member of the record-holding East German women's 4x100 metres relay team, asked for her record from 1984 to be struck off. She revealed she had been doped. In a separate case another former East German swimmer Karin König is today suing the German Olympic committee for damages. König claims that she was also a victim of doping between 1982 and 1987

    ReplyDelete
  3. හැබැයි ඔය කියන විධිහේ දිලන්දන් පිරුණු රාජ්‍යයක් වෙලා තිබ්බේ නැහැ, සහන් හරියට ඇහින් දැක්ක වගේ ලියන්නේ.

    ReplyDelete
  4. ඕකට හේතුව ඇමරිකානු මාධ්‍ය වලින් මවලා තිබ්බ ප්‍රතිරූපය. මේ ගැන කියවෙන චිත්‍රපට වල උනත් පෙන්නන්නේ එහෙමනි. එතකොට හරියටම නොදන්නා අය හිතන්නේ නැගෙනහිර පළාත දිළිඳු එකක් කියලා.

    දැන් අපේ රට ගැන උනත් පෙලක් බටහිර රටවල මාධ්‍ය කතා කරන්නේ එහෙමනි. බටහිර රටක කොන්ඩම් ඇඩ් එකකුත් තියෙනවා නේද ලංකාව තුට්ටු දෙකට දල.

    මේ තියෙන්නේ ඒ ඇඩ් එක.

    ReplyDelete
    Replies
    1. ටිකක් මෝඩ වීඩියෝ එකක්. හැබැයි ඇමෙරිකාවේ සාමාන්‍ය ජනතාවගේ භූගෝලීය දැනුම ගැන මුළු ලෝකයම හිනා වෙනවනේ . එංගලන්තේ හුඟක් වීඩියෝ තියනවා ඒ ගැන. එංගලන්තය අධිරාජ්‍යයක් හෝ යුරෝපය් අනිත් රටවලට ගිය නිසා රටවල් ගැන ඒ මිනිස්සුන්ගේ දැනුම වැඩියි . ඇමෙරිකාවේ වැඩිදුර ඉගෙනගත්තේ නැති මිනිසුන්ට ශ්‍රී ලංකාව එක්සොටික් ග්යුප්ත රටක්. තවම අර ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපටයේ ගානට හිතන් ඉන්න මිනිස්සු ඉන්නවා.

      Delete
    2. මේක බලන්න https://www.youtube.com/watch?v=a0TK_vk-XDM

      Delete
  5. Thank you for sharing
    https://aab-edu.net/

    ReplyDelete
  6. සහන් කසීර වික්‍රමසිංහ ඉතා දක්ෂ ලේඛකයෙක්. තොරතුරුවලින් විස්තරවලින් පස්සෙන් සහ උපහාසයෙන් පිරි ඔහුගේ ලිපි කියවීමට මාත් ඉතා කැමැතියි. හෙන්රි වර්ණකුලසූරිය ගේ කී නොකී කතා කෘතිය ජනගත කිරීමේ උත්සවයේදී සහන් කසීර වික්‍රමසිංහ හොඳ කතාවකුත් කළා.

    බොහෝ දෙනෙකුට වෙනවා මෙන්ම සහන්ට ද මේ වැරදීම සිදුවී ඇත්තේ තමන් නොදන්නා දේවල් දන්නා විදිහට මූලාශ්‍ර හරහා සැකහැර තහවුරු කරගන්නේ නැතිව ලියන්නට යෑම නිසයි.

    අජිත් ඔබටත් යම්කිසි සම්බන්ධයක් තිබෙන පොඩි කතාවක් කියන්නම්.

    කලකට පෙර මම කියවූ නවකතාවක ප්‍රධාන චරිතය පාසල් අධ්‍යාපනය නිම කර මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විද්‍යා උපාධිය හැදෑරීම සඳහා ඇතුළත් වෙනවා. එතැන් සිට ඔහු විශ්ව විද්‍යාලයේ ගත කරන ජීවිතය කාලයේ ලංකාවේ විශ්ව විද්‍යාලයේ සිසුවෙකු සාමාන්‍යයෙන් ගත කරන්නට ඇතැයි අපට නිශ්චිතව කිව හැකි ආකාරයට වඩා අහසට පොළොව මෙන් වෙනස්.

    කොටින්ම මට හිතාගන්නට බැරිවුණා ඇයි ඒ ආකාරයට මේ චරිතය පිළිබඳ සිදුවීම් පෙළගස්වා ඇත්තේ කියා.

    හේතුව වැටහුනේ පසුවයි.

    මේ නවකතාව ලියූ ලේඛකයා ලංකාවේ පාසැල් අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපනය සඳහා ගොස් ඇත්තේ සෝවියට් සමූහාණ්ඩුවේ විශ්වවිද්‍යාලයකටයි. ඒඑහි ජීව විද්‍යාව හැදෑරීමටයි. එනිසා මේ ලේඛකයාට ඉංජිනේරු විද්‍යා විෂය පිළිබඳව හෝ ලංකාවේ විශ්වවිද්‍යාල පිළිබඳව හෝ ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව හෝ අදාළ කාල වකවානුවේ ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන පරිසරයෙහි සිදුවුණු වෙනස්කම් පිළිබඳව හෝ කිසිදු අවබෝධයක් නෑ.....!!!

    ලේඛකයෙකු ලිවිය යුත්තේ තමන්ගේ පළමෝත අත්දැකීම් (first hand experience) ගැන පමණක්ම නොවේ. නමුත් යන දේ සුදීක මුලාශ්‍ර ආශ්‍රයෙන් තහවුරු කරගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. සිරස ටීවී නමැති ආයතනයේ මාධ්‍ය භාවිතාව ගැන සහන් කසීර ප්‍රශ්න කර තිබුනා. ඊට පස්සේ එහි සේවකයන් සහන්ට විරුද්ධව ෆේස්බුක් ඔස්සේ ප්‍රභාර එල්ල කරමින් යනවා මේ දවස් වල. මේකත් එකේම දිගුවක්ද දන්නේ නැහැ. සහනුත් සිරස ආයතනයේ සේවක සේවිකාවන්ගේ වැඩ ගැන ලියලා තිබ්බා ගේම අතාරින්නෙ නැතිව.

      රසික මෙහි කියා ඇති හෙන්රි නමැති පුද්ගලයා නං අමුම අමු මුඩුම කුහකයෙක්. මිනිහගේ මුණ දැක්කම පේනවා කුහක කම.

      Delete
    2. බොහෝ දෙනෙකුට වෙනවා මෙන්ම සහන්ට ද මේ වැරදීම සිදුවී ඇත්තේ තමන් නොදන්නා දේවල් දන්නා විදිහට මූලාශ්‍ර හරහා සැකහැර තහවුරු කරගන්නේ නැතිව ලියන්නට යෑම නිසයි.
      තමුන් කරන්නෙත් මේ මෙ මුල්ලිපිය ලියු පුද්ගලයාත් කරන්නේ ඔය දෙම තමයි. නොදන්නා දෙයක් තමන්ටකිසිත් අදාල නැතිව විදේශයක ආභාශය මත ලාංකීය දේ සංසන්දනය කර ලිවීමයි

      Delete
    3. //අජිත් ඔබටත් යම්කිසි සම්බන්ධයක් තිබෙන පොඩි කතාවක් කියන්නම්.
      // මම දන්නා කෙනෙක්ද රසික , හැබැයි ඒක තමයි මම කවදාවත් පේරාදෙණිය ගැන කතාවක් ලියන්න හිතන්නේ නැත්තේ වැරදි හදන්න , රසික තිලකසිත ඇතුළු අති විශාල ප්‍රමාණයක් ඉඳීවි හේ හේ

      Delete
    4. Anonymous19 January 2019 at 08:09මහත්මයා මමත් සිරස ආයතනයත් අතර කිසිම සම්බන්ධයක් නැහැ , මම ඒ නාලිකාව බලන්නෙත් නැහැ. සහනුයි සිරස අතර ප්‍රශ්නයක් ගැන දන්නෙත් නැහැ

      Delete
    5. ඔය ලිපියේම තියනවා ලියන්න හේතුව , සෝවියට් දේශය හරහා ආපු කාලේ නැගෙන හිර ජරමනියට ගිය නිසා මගේ ළඟ තවම මගේ පරණ උසස් ප්‍රක්ටිකා කැමරාව තිබෙන නිසා (නැගෙනහිර ජර්මනියේ නිෂ්පාදිත , ) නැගෙන හිර ජර්මනියේ නෑදෑයෝ සිටින නිසා ඔවුන්ගේ ඉතිහාසය ගැන සෑහෙන දුරට දන්නා නිසා . පෞද්ගලිකව සහන් එක්ක ප්‍රශ්නයක් නැහැ

      Delete
    6. මා වොයිස් ටයිප් කළ ඉහත දිගු ප්‍රතිචාරයේ අකුරු වැරදි කිහිපයක් තිබෙනවා. ඉන් වැදගත්ම එක (අවසාන වාක්‍යය) නිවැරදි කරන්නම්.

      .....නමුත් ලියන දේ secondary මුලාශ්‍ර ආශ්‍රයෙන් තහවුරු කරගත යුතුයි.

      Delete
  7. සහන් කසීර වික්‍රමසිංහට මෙතැනදී සිදුවී ඇත්තේ වෙනත් කාලයක වෙනත් කරුණක් පිළිබඳ කතාවක් ටැපලීම බව මට පෙනෙනවා.

    මා කියවා ඇති පරිදි ජර්මනියේ නිවාසවල තිබුණු නාන කාමර දැක පුදුමයට පත් වී ඇත්තේ, දෙවන ලෝක මහා යුද්ධයේ අවසාන කාලයේ දී ජර්මනියේ නැගෙනහිර කොටසට කඩා වැදුණු රුසියානු රතු හමුදාවේ සොල්දාදුවන් ය.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවේ කිසයම් සත්‍යයක් තිබිය හැකියි . රුසියනු වැසිකිලි විශේෂයෙන් නගරයෙන් එහාට යනකොට ඉතාමත් අවිධිමත් , නාන කාමර වල ටැබ් එකට ගහන ඇබ කවදාවත් තිබ්බේ නැහැ

      Delete
  8. ඉතාම හොද ලිපියක් අජිත්...............
    ඇත්තටම සහන් කසීර පමණක් නොවෙයි ඔය පන්නයේ වෙන්ඩ උගත්තු කීප දෙනෙක්ම කීප දෙනෙක්ම ඔය ගොන් වැඩේ කරනවා දැක්කා..............
    ප්ර්මාණවත් දැනුම, තර්ක බුද්ධිය මෙහෙයවීමක් හරි හමන් හැදෑරීමක් නැතිව බටහිර ගොබෙල්ස් වාදී මාධ්යඑ මාෆියාව විසින් පැල කරන ලද අතිශය නින්දිත ප්රදවෘත්ති කිසි වග විභාගයකින් තොරව විශ්වාස කරනවා වගේම ඔහේ දොඩවනවා................
    ඇත්තටම ඔය කියන මාධ්ය.ම තමයි නැ. ජර්මනියේ මිනිස්සු හිගා කෑවා කියලා අනෙක් රටවල පතුරවනවා වගේම, අපේ රටවල මිනිස්සු මිනී කනවා, අන්ය ජාතිකයන්ව ආගමිකයන්ව දුටුතැන පුච්චනවා වගේ නින්දා සහගත ප්ර,වෘත්ති නිර්මාණය කරන්නේ................
    ඇත්තටම මේ වගේ වැඩ නිසා මේ ලෝකයට මොන තරම් විනාශයක් වෙනවද කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ නේ..................
    සැමදාම ඇත්ත යට ගිහිල්ලා නැත්ත උඩ එන්නේ මේ නිසා තමයි...........
    සහන් කසිරලා මේ වගේ මෝඩ විදියට කොපි පේස්ට් වෙන්ඩ් උගත්තු වෙනද හදනකොට අපිට නම් හිතෙන්නේ,

    ‘කටකතා තක්කඩින් විසින් නිර්මාණය කරති, බූරුවන් විසින් ප්රචාරය කරති, මොඩයන් විසින් විශ්වාස කරති’

    කියන කියමන කොච්චර ඇත්තද කියන එක තමයි..............

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි

      Delete
    2. //ඇත්තටම ඔය කියන මාධ්ය.ම තමයි නැ. ජර්මනියේ මිනිස්සු හිගා කෑවා කියලා අනෙක් රටවල පතුරවනවා වගේම, අපේ රටවල මිනිස්සු මිනී කනවා, අන්ය ජාතිකයන්ව ආගමිකයන්ව දුටුතැන පුච්චනවා වගේ නින්දා සහගත ප්ර,වෘත්ති නිර්මාණය කරන්නේ..........// ඇත්තටම මම දැක්ක එහෙම එකක්

      Delete
  9. 'නැගෙනහිර ජර්මනිය දිළින්දන් ගේ අපායක් බවට පත්වෙලා තිබ්බේ නැහැ. නැගෙනහිර ජර්මනියේ පවත්වාගෙන ගිය කේජිබි එකේ ගෝලයා වුනු ස්ටාසි ඔත්තු සේවාව නිසා රටම අපායක් වෙලා තිබුන සමහරුන්ට. විශේෂයෙන්ම ලේඛකයන්ට, විද්‍යාඥයන්ට අනිකුත් බුද්ධිමතුන්ට. ස්ටාසි එකට ඔත්තු දුන්නේ නැත්නම් වධ දෙන නිසා. තමන්ගේම යහළුවන් ගැන ඔත්තු දෙන්න බැරි නිසා දිවි නසාගත් මිනිසුන් හිටිය. මිනිස්සු වෙඩි කාගෙන හරි බටහිරට පැනල ගියේ ආර්ථික සුව පහසුවක් සෙවීමට වඩා නිදහස සොයා. තවමත් පරණ නැගෙනහිර ජර්මනියට කැමති මිනිසුත් ඉන්නවා." මේ අදහස් සියල්ලට ඉහළින් ම එකඟයි. නැගෙනහිර ජර්මනියේ පවත්වාගෙන ගිය කේජිබි එකේ සුවිසල් මහල් මහල් ගොඩ නැඟිල්ලට ගියොත් මේක තවත් හොඳින් තේරුම් ගන්න පුළුවන්. මේ සබැඳියෙන් ස්යාසි එකේ මූලස්ථානෙ පින්තූර බලන්නත් පුළුවන්.
    https://drive.google.com/drive/folders/0B9gynosm8dbPM1RZZFR6NXhrRlk?usp=sharing

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මම ඒකට ගිහින් තියනවා. මගේළඟ පින්තූර කිහිපයක් ඇති ඒ දවස් වල ගත්තු වෑන් එකේ පින්තුරයකුත් තිබෙනවා

      Delete
  10. මට අවුල් උනෙ බර්ලින් තාප්පෙ කඩාගෙන බටහිරට ආපු ජර්මානුවොයි සෞදි කෙල්ලගෙ කතාවයි සහන සමපාත කරගත්ත විදිය තමයි.. කලෙකින් බ්ලොග් කියවන්න සෙට් උනේ.. තාම ඉන්ටරස්ටින් නේ.. :)

    ReplyDelete
    Replies
    1. ආ ගොඩක් කාලෙකින් , සමහර විට අපට හරියට තේරුනේ නැතිව වත්ද ? එයා කියන්නේ බටහිර ජර්මනියේ නාන කාමර ගැන ලීව එක හා අල් කු නූන් බේකන් කෑව එක ගැන ලීව එක දෙකම එක වගේ වැරදියි කියලද දන්නේ නැහැ

      Delete
  11. වත්මනයේ බ්‍රිතාන්‍යයේ ජිවත්වන අජිත් ධර්ම මහතා මුලික උපාධිය ලැබුවේ සෝවියට් සංගමයෙදී බව බොහෝ දෙන්නා දන්නා දෙයකි. ඒ නිසාම ඔහුට සමාජවාදය ගැන පුංචි පහේ හෝ හැඟීමක් ඇතැයි අපගේ අදහසය. ඒ සදහා අවැසි වන්නේ මේ ගැන ජනයා දැනුවත් කිරීමය.

    මෙහිදී මෙම ප්‍රචාරය හොඳන්ම කළ හැකි මාධ්‍ය ක්‍රමයක් ලෙස ලෙස බ්ලොග් අවකාශය හැඳින්විය හැකි වුවත් එය පතුළටම ඇද දැමුවේ පසුගිය කාලය තුළ එහි නියුතුවූවන්ය. ඊට නෙළුම්යාය පදනම හරහා අජිත් ධර්ම මහතා උඩ ගෙඩි දුන් බව කිව යුතුය. අවසානයේ මේ බ්ලොග් ලිවීමද වැඩකට නැති ක්‍රියාවලියක් බවට අද පත්ව ඇත.

    එදා ගම් මට්ටමින් බොහෝ බ්ලොග්කරුවන් බොහොමයක් බිහිවුවද අද එවැන්නක් අසන්නටද නැත. දිගාමඩුල්ලේ මායා රංජන්ගෙන් පසු එහි වසන හිස් අහස සඳරු එම ප්‍රදේශයට කීර්තියක් අත්කරගෙන සිටියද අජිත් ධර්ම මහත්මයාගේ නෙළුම් යාය පදනමට ඒ නම නොඇසෙන ගාණය.

    මේ මොහොතේ ඇත්තේ සංක්‍රාන්ති කාල සීමාවකි. එය කබ්ලොග් කලාවට හතුරු වී ඇත්තේ එය පුද්ගලයන් පසෙකලා නැවතත් අජිත් ධර්ම මහතා වැන්නවුන් කඩාපාත් වී ඇති නිසාය.

    අජිත් ධර්ම මහතා යනු අන්ත ඒකාධිපති කතානායක කරු ජයසූරියයේ ලඟම හිතවතෙකි. අන්ත දක්ෂිණාංශික රනිල් වික්‍රමසිංහ අගමැතිකේ චක්‍ ගෝලයෙකි. මේ දෙදෙනා එක්ව විධායක ජනපතිව දන ගැස්වූ අයුරු අපට අමතක නැත. ජිවිතයට, රක්ෂාවට ඇළුම් කරන නිසා IP සඟවා මෙමෙ කොමෙන්ටුව පවා දැමීමට අපට සිදුවීම මගින් අජිත් ධර්ම මහතා සිංහල බ්ලොග්කරුවන් කෙනේරි දක්වා ඇති අධිපතිබලය නොපෙනේද?

    රනිල් වික්‍රමසිංහ අන්ත දක්ෂිණාංශික අගමැතිගේ අණ පිළිපදින්න බලං ඉන්න එජාපයේ විශේෂ කාර්ය බලකාය (STF) ආයතනයට අප බියයි මහත්මයා. 88/89 භීෂණ සමයේ සිටම අප යටි බිම්ගත දේශපාලනයේ නිරත වන්නේ එම නිසයි. අජිත් ධර්ම වන ඔබතුමා පවා අපගේ IP ලිපින ශ්‍රී ලංකා ආණ්ඩුවට ලබා දී අපව මර්ධනය කිරීමට පැමිණිය හැකියි.

    ReplyDelete
    Replies
    1. මහත්මයා මේක ඉතාම විහිළුවෙන් බර ප්‍රතිචාරයක් වගේ. මේකේ වැරදි කිහිපයක්ම තිබෙනවා.
      1. අජිත් ධර්ම මහත්මයාගේ නෙළුම් යාය පදනමට -- මෙය වැරදි කතාවකි නෙළුම් යාය පදනම් මගේ නොවේ. එය කවදාවත් මගේ වූයේද නැත. පදනම අයත් ලංකානිව්ස්වෙබ් අඩවියටය. සියලුම ගිණුම් අංකද ඔවුන් සතුය.
      2. අජිත් ධර්ම මහතා යනු අන්ත ඒකාධිපති කතානායක කරු ජයසූරියයේ ලඟම හිතවතෙකි. - බොරු කතාවකි. මා ඔහු දන්න බ්ලොග් සම්මාන උළෙලට ආරාධනා කළ නිසා පමණි. ඔහුගේ හිතවත් කම ඇත්තේ මා දන්නා පරිදි චන්දිම විතානආරච්චි නමැති එංගලන්තයේ ජිවත්වන මහතෙකු සමගය. (ලංකානිව්ස්වෙබ්)
      3.අන්ත දක්ෂිණාංශික රනිල් වික්‍රමසිංහ අගමැතිකේ චක්‍ ගෝලයෙකි. - රනිල් වික්‍රමසිංහ දන්නේ රූපවාහිනියෙන් හා මාධ්‍ය පින්තුර වලින් පමණි.
      4.ජිවිතයට, රක්ෂාවට ඇළුම් කරන නිසා IP සඟවා මෙමෙ කොමෙන්ටුව පවා දැමීමට අපට සිදුවීම මගින් අජිත් ධර්ම මහතා සිංහල බ්ලොග්කරුවන් කෙනේරි දක්වා ඇති අධිපතිබලය නොපෙනේද?-- විකාර විහිළු සහගත කතාවකි
      5.අජිත් ධර්ම වන ඔබතුමා පවා අපගේ IP ලිපින ශ්‍රී ලංකා ආණ්ඩුවට ලබා දී අපව මර්ධනය කිරීමට පැමිණිය හැකියි. - මේවා එක්කෝ පැරනොයිඩ් කතාය නැත්නම් මිනිසුන් මුලා කිරීමට ගොතන පචය.

      Delete
    2. අජිත් ධර්ම මහතා සත්‍යය පිළිගෙන ඇත.

      ඉහත පළමු පිළිතුරෙන් අජිත් ධර්ම මහතා කියන්නේ නෙළුම්යාය අයිති ලංකා නිවුස් වෙබ් වෙතට බවයි. දෙවැනි පිළිතුරෙන් ඔහු කියන්නේ ඒකාධිපති කතානායක කරු ජයසූරිය මහතා චන්දිම විතානආරච්චි නමැති මහතෙක්‌ගේ හිතවතෙක් බවයි.

      මෙම අංක එක සහ අංක දෙක පිළිතුරු සම්බන්ධ කරන දෙය නම්, ලංකා නිවුස් වෙබ්අඩවිය අයිති චන්දිම විතානආරච්චිට බවයි.

      දැන් අජිත් ධර්ම මහතාගේ බළලා නොදනිම මලලෙන් එලියට පැන ඇත.

      චන්දිම විතානආරච්චියනු වෙබ් ගෝඩ්ෆාදර් රුවන් ෆර්ඩීනැන්ඩිස්ගේ ඉත්තෙකි. රුවන් ෆර්ඩීනැන්ඩිස්ගේ ආර්ථික ඇමති මංගල සමරවීරගේ ලේකම්ය. මේ සියල්ල දම්වැලක පුරුක් මෙනි.

      අජිත් ධර්ම මහතා ගැන විවේචනයකරමින් බ්ලොග් පොස්ටු දැමු විශේෂඥය දන්ත වෛද්‍ය කුමාර කලුආරච්චි මහතාට අත්වූ ඉරණම අපට අමතකය. ඔහුගේ පවුල පවා කඩා බිඳ දමා, ඔහු රැකියාව කෙරු ආසිරි රෝහලෙන් පවා ඔහු එලවා දැමීමට අජිත් ධර්ම මහතා සමත්විය.

      මීට පෙර පැවති රජයන් වලදී දේශපාලන නායකයන්ට ආරක්ෂාව ලබා දුන්නේ යුධ හමුදා කොමාන්ඩෝ බලගණය විසිනි. එනමුත් එජාප ආණ්ඩු පවතින සාම විටදීම විශේෂ කාර්ය බලකාය සිය ආරක්ෂාව සඳහා කැඳවීම අන්ත දක්ෂිණාංශික ධනපති රනිල් වික්‍රමසිංහ අගමැතිගේ සිරිතකි. ඒ වෙන කිසිවක් නිසා නොව, එජාප නායකයින්ගේ පවුලේ හිතවතුන්ගේ මෙහෙයවීම යටතේ මෙය බිහිකර ඇත්තේ ස්වකිය ධනවාදී මතයට එරහිවන්නන් මර්ධනයට යොදවා ඇති අතුරු හමුදාවක් නිසාමය. අජිත් ධර්ම මහතා සඟවන සත්‍යය මෙයයි.

      Delete
    3. ආ උඹද මචෝ ආයිත් ගෙවලයෙක් නේ , හේ හේ ඕක ආයිත් පිළිගන්න දෙයක්යැ , මම හැම තැනම කිව්ව එකක්නේ. ඔය බ්ලොග් එකෙත් ලියල තියෙන්නේ සම්මාන උළෙල ගැන කියද්දී.
      //මෙම අංක එක සහ අංක දෙක පිළිතුරු සම්බන්ධ කරන දෙය නම්, ලංකා නිවුස් වෙබ්අඩවිය අයිති චන්දිම විතානආරච්චිට බවයි.//

      .හැබැයි මචෝ ඔහේගේ දේශපාලන දැනුම නම් අන්තිමයි. කතානායකල කවද්ද බං ඒකාධිපතියෝ වුනේ. අඩුම ගානේ මැකියාවෙලි වත් කියවන්න. හමුදාව , පොලිසිය, නිලධාරී තන්ත්‍රය නැතුව පාර්ලිමේන්තුවේ ලොක්කට ඒකාධිපති වෙන්න ලොවෙත් බැහැ. ලොවි ගහෙත් බැහැ.
      //අජිත් ධර්ම මහතා ගැන විවේචනයකරමින් බ්ලොග් පොස්ටු දැමු විශේෂඥය දන්ත වෛද්‍ය කුමාර කලුආරච්චි මහතාට අත්වූ ඉරණම අපට අමතකය. ඔහුගේ පවුල පවා කඩා බිඳ දමා, ඔහු රැකියාව කෙරු ආසිරි රෝහලෙන් පවා ඔහු එලවා දැමීමට අජිත් ධර්ම මහතා සමත්විය. // ඔහේ ඇත්තටම සරසා ගේ යාළුවෙක් නම් මේවා කියන්නේ නැහැ. මම දන්නා විධිහට සරසා නෙළුම් යාය විවේචනය්කලා මිසක් වෙන මොනවා ලීවද දන්නේ නැහැ. අනික කවුද ඕයි බ්ලොග් වල ලියන කොමෙන්ට් ඔළුවට ගන්නේ ඇත්ත නෙමෙයි නම්. ඕන එකක් හොයල බලනවා මිසක්. අනික අනික් එවුන් කියන දේවල් අනුව මම වැඩ කරන්නේ නැහැ. මම වැඩ කරන්නේ මට ඕන විධිහට.
      ඔය සරසා දන්න කෙනෙක් කීවේ සරසා ගේ පවුල කැඩුනේ මෑන් ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලේ කියල. එතකොට නෙලුම් යායක් නැහැ ඕයි. ඒක ගැන මිට වැඩිය කතා කරන්න කැමති නැහැ. මිනිස්සුන්ගේ පෞද්ගලික් දේවල්.
      //ඔහු රැකියාව කෙරු ආසිරි රෝහලෙන්// මෙහෙම එකක් දන්නේ නැහැ. ඇත්තටම කණගාටුයි නමුත් මම නම් එහෙම ඒවා කලේ නැහැ. මට එච්චර සිවිල් බලයක් නැහැ බං. කවුරු හරි හොඳ දිග ලණුවක් දීල . මේ කොමෙන්ට් එක මිට කලිනුත් දැක්ක කොහෙහරි. මම එතැනදී කිව්වෙත් මේ කතාව. මෑන් ට තරහකාරයෝ ගොඩක් ඉන්නවා. මෑන් යන යන තැන වලි දාගන්නවලු.
      පේරාදෙණියේදී පර්යේෂණවලට ගෙනාපු සත්තු වගයක් වස දීල මරල කාගේදෝ Phd තීසිස් කඩා කප්පල් කරන්න. දෙතුන් දෙනෙක්ගෙම. ඒ ගොල්ලෝ තරහයි. තව කවුද කුලපති කෙනෙක්ට මොකද්ද කරලා. පොරත් නයි වෛරයි ලු. අනික ඒ බ්ලොගේ බැදුම් කරේට ගහල ඒ පැත්තෙන් (ඒ හා සම්බන්ධ ලංකාවේ කවුහරි) අප්සෙට් කරගෙන කියලත් ආරන්චියි.
      ඉතින් ගෙවලය වගේ මෙතනම රෙන්න එපා. ගිහිල්ල හොයල බලන්න කියහන් ඒවා , මට පව් කියල හිතිලා කොමෙන්ට් එක දැම්මේ.

      Delete
  12. //මීට පෙර පැවති රජයන් වලදී දේශපාලන නායකයන්ට ආරක්ෂාව ලබා දුන්නේ යුධ හමුදා කොමාන්ඩෝ බලගණය විසිනි. එනමුත් එජාප ආණ්ඩු පවතින සාම විටදීම විශේෂ කාර්ය බලකාය සිය ආරක්ෂාව සඳහා කැඳවීම අන්ත දක්ෂිණාංශික ධනපති රනිල් වික්‍රමසිංහ අගමැතිගේ සිරිතකි. ඒ වෙන කිසිවක් නිසා නොව, එජාප නායකයින්ගේ පවුලේ හිතවතුන්ගේ මෙහෙයවීම යටතේ මෙය බිහිකර ඇත්තේ ස්වකිය ධනවාදී මතයට එරහිවන්නන් මර්ධනයට යොදවා ඇති අතුරු හමුදාවක් නිසාමය. අජිත් ධර්ම මහතා සඟවන සත්‍යය මෙයයි.// ඕක ජේ ආර් ගේ පුතා රවී ජයවර්ධන හදපු එකක්නේ. ඕකේ මොකද්ද හංගන්න තියෙන්නේ. ධනවාදී මතයට එරෙහිවන්න බොලන් ඕක විතරක් නෙමේ රජයකට හමුදාව, පොලිසිය , මාධ්‍ය නිලධාරීන් ඔය ඔක්කොම ඉන්නේ ඒකට. උඹේ මොලේ තමයි මොලේ. අනික අර හිරකාරයෝ මරන්න ඔහෙලගෙ බොස් ගෝඨාභය රාජපක්ෂ ගෙන්නුවෙත් ඔය විශේෂ කාර්ය බලකායම නේද උඹලා සඟවන සත්‍යය ඒකද

    ReplyDelete
  13. https://youtu.be/P1CyPjQQTAM

    සුන්දර නැගෙනහිර ජර්මනිය

    ReplyDelete
  14. අදටත් ජර්මන් භාෂාව කතා කරන ඕස්ට්‍රියාව, ස්විට්සර්ලන්තය සහ ලක්සම්බර්ගය ජර්මනියට අයත් නොවන්නේ ඇයි? එකට තිබුණු ජර්මනිය ඇමරිකානුවන් විසින් ඔය කියපු රටවල් වලට බෙදුවාද දෙවන ලෝක යුද්ධයෙන් පසු?

    පිළිතුරු දුන්නොත් ගොඩාක් තුති.

    ReplyDelete
    Replies
    1. මම දන්නා විධිහට නම් පිළිතුර නැත යන්නයි මහත්මය.
      ඔස්ට්‍රියාව වෙනම ජර්මානු භාහව කතා කරන රටක් 18සිය ගණන් වල. හැබැයි ජර්මන් කොන්ෆෙදරේෂණයට එක්ව. ඔස්ට්‍රියානු අධිරාජ්‍යය. ප්රුසියන් යුද්ධෙදි කැඩුනා ඉට්ස් පස්සේ එක්දාස් අටසිය ගණන් වල මද ඔස්ට්රෝ හන්ගේරියන් අධිරාජ්‍යය ආව. පළමු ලෝක යුද්දෙන් පැරදුනාම ජර්මන් කතා කරන කොටස ඔස්ට්‍රියන් සමුහාණ්ඩුව වුනා. එතකොට ඒ කියන්නේ ජර්මනිය ඔස්ට්‍රිය වෙන්වුණේ වර්සයි ට්‍රීටි එකෙන්. ඒ කියන්නේ ප්‍රංශය, බ්‍රිතාන්‍ය , රුසියාව. මෙතැන් ඇමෙරිකාව නැහැ. හිට්ලර් ඊට පස්සේ ඔස්ට්‍රියාව ඈඳ ගත්ත. 1945 දී බ්‍රිතාන්‍ය, ඇමෙරිකාව, සෝවියට් දේශය ආයි කැඩුව යුද්ධෙන් පැරදුන නිසා.
      ස්විට්සර්ලන්තය කවදාවත් ජර්මනිය එක්ක එකට හිටිය කියල මම දන්නේ නැහැ,. අහලවත් නැහැ. එහෙ 1/3 ජනතාව ජර්මන් කතා කරන්නේ. අනිත් කොටස ඉතාලියානු හා ප්‍රංශ. හැබැයි අර ෆ්රන්කියානු අධිරාජ්‍යය කියල එකක් තිබ්බ ඒ කාලේ ක්‍රි.ව. 1000 ට කලින්. මගේ ජර්මන් මදර් ඉන් ලෝ ෆ්රන්කියව ගැන පොතක් දුන්න. ඒකෙ තියන විධිහට ජර්මනියේ කොටසක් හා ස්විට්සර්ලන්තය ෆ්රන්කියානු අධිරාජ්‍යය යේ කොටසක් වෙලා තිබිල තියනවා.ජර්මන් කතා කරන්නේ එහමයි.
      ලක්සම්බර්ග් වෙනම රටක්. ජරම්නිය තමා ආක්‍රමණය කලේ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. අනවසරයෙන් උපුටා පල කිරීම සපුරා තහනම්ය.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .