මේ ලිපි මාලාවේ දෙවන ලිපියේ සඳහන් එචේවාරියා අරියෙල්, කස්තියෝ, ඔස්වල්ඩෝ ඔලිවා ආදීන් නැවත හමුවීමත් සමග ඔවුන්ගෙන් ලත් තොරුතුරු මත, කියුබාව පත්වූ තත්වය ගැන ලිවිම මේ ලිපියේ අරමුණයි. මම සැමවිටම ලැබෙන තොරතුරු සොයා බලන අතර මගේ අදහස්ද යාවත්කාලීන කර ගන්නා අයෙක්මි. මගේ පරණ ලිපි හා නව ලිපි කියවන විට ඒ බව වැටහෙනු ඇති.
කියුබාව ගැන මගේ සිතේ කොහොමත් තිබුනේ මෘදු අදහසකි. එක හේතුවක් නම් අපේ තරුණ වියේදී අප විසින් රොමැන්තිකරණය කරගත් කියුබානු විප්ලවයයි. දෙවන හේතුව වූයේ එය මෙහෙයවූ චාම්, එහෙත් වීරත්වය මුසු නායකයන් දෙපල වූ චේ ගෙවාරා හා පිදෙල් කස්ත්‍රෝය. අපේ පාරිශුද්ධ වූ පරමාදර්ශී සිහින ලෝකයේ කියුබාව සමාජවාදී පාරාදීසයක් නම් සෝවියට් දේශය සමාජවාදී දෙව්ලොව විය.
මගේ මහත් පුදුමයට හේතුවක් වූයේ කියුබාව සමාජවාදී රටකට තිබෙන හොඳම මොඩලය ලෙස බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ ඇතැම් සාමාජිකයන් සළකන බව දැන ගැනීමයි. වසර කිහිපයකට පෙරාතුව, කෝබින් ගේ අවධියේ දී සමහරු කියුබාවට ගොස් ජීවත් වීමට පවා කැමැත්තෙන් සිටියහ. නමුත් ඒ දිනවලදීම මගේ සිතට නැගුනු සිතිවිල්ලක් නම් සම්පූර්ණ බටහිර මාධ්‍ය ජාලා සමූහයම කියුබාවේ නොයෙකුත් හිඟකම් , පසුගාමී භාවයන් පෙන්වද්දීම ඔවුන් එසේ සිතන්නේ ඇයිද යන්නය. බටහිරදී ඔබට ඔබේ දේශපාලකයා තෝරා ගැනීමට ඡන්දය දිය හැකි අතර ජීවිතය කියුබාවේ තරමටම අපහසු නොවන සුඛෝපභෝගී එකකි. (සැමටම සුඛෝපභෝගී නොවන බවද සැබෑවැකි). මේ ටෝරි පාලනය හැර එක්සත් රාජධානියේ ඇති ප්‍රශ්නය කුමක්ද? එය ධනවාදී රටක් බව සැබෑය . එහෙත් ඔබට නොමිලේ ප්‍රතිකාර ගැනීමට නිදහස් සෞඛ්‍ය සේවයක් තිබේ. ඔබ රැකියා විරහිතයෙක් නම් රජය ඔබට සහනාධාර මුදලක් ලබා දෙයි. ඔබේ නිවසේ කුලිය ගෙවයි. දරුවන්ට ආහාර කූපන් පත් ලබා දෙයි. ඇඳුම් කූපන් ලබා දෙයි. නොමිලේ දන්ත වෛද්‍ය පහසුකම් ලබා දෙයි. නොමිලේ ඇස් කණ්නාඩි සහ බෙහෙත් ලබා දෙයි. ලබා දෙන තට්ටු ගෙවල් අති සුඛෝපභෝගී ඒවා නොවුවත් කියුබාව හෝ ලංකාව වැනි රටවල ඇති සමහර නිවාස වලට වඩා ඒවා හොඳය. (මේ ලංකාවේ පොහොසත් මධ්‍යම පන්තිකයන් ගැන කියන්නක් නොවන නිසා කලබල නොවන්න)
මා කිසි දිනක කියුබාවට නොගියද සමාජවාදී සෝවියට් දේශයේ උගත්තෙක්මි. මා ඉතා ඉක්මනින් වටහා ගත් දෙය නම් සෝවියට් දේශය එහි වැසියන්ට සමාජවාදී දෙව්ලොවක් නොවන බවයි. ඒ එසේ වුවද සෝවියට් දේශය සමග ඉමහත් සොඳුරු බැඳියාවක් අපට තිබුණි. සමහර විට ඒ පියකරු රුසියානු කෙල්ලන් නිසාද නැතහොත් ආසියානු රටකදී, නිවසකදී නොලැබෙන තරමේ නිදහසක් යුරෝපීය රටක විඳින නිසාද යන්න නොදනිමි. නමුත් සෝවියට් දේශය එදවස අසූව දශකයේ ශ්‍රී ලංකාවට වඩා නම් දියුණු රටක් විය. ඔවුන් අපට ඉතා සංග්‍රහ ශීලි වූ අතර නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයද ලබා දුනි. එය එක්තරා ආකාරයකට විශේෂිත වූ රටක් විය. දූපත් රටක් වූ ශ්‍රී ලංකාවෙන් පැමිණි මට ලෝකයට අභිමුඛ වීමට දෑස් විවර කර දුන්නේ සෝවියට් දේශයයි.
එක්සත් රාජධානියේ ජීවිතය අපට දියුණු වීමට හා මුදල් උපයා ගැනීමට අවස්ථාවක් ලබා දුනි. සෝවියට් දේශයේ උගත් අනිකුත් බොහෝ විදේශීය උපාධිධරයන්ද ඇමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය හා යුරෝපීය රටවල් වලට සංක්‍රමණයව පදිංචි වුනි. ඔවුන්ගේ ජිවන තත්වයන්ද වඩා යහපත් ඒවා බව සැඟවිය නොහැකිය. එසේම ඉන් බොහෝ දෙනා වැඩිදුර ඉගෙන අධ්‍යාපනඥයන්, විද්‍යාඥයන් සහ තම ක්ෂේත්‍ර වල ප්‍රවීණයන් බවටද පත්වූහ. බටහිර රටවලින් ජිවිත දියුණුවට ලැබුණු අවස්‌ථාවන් ගෙන් උපරිම ප්‍රයෝජනයක් ගැනීමට ඔවුහු දක්ෂයන් වූහ. එහෙත් සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුවේ ගතකල ජීවිතය පිළිබඳ නොස්ටල්ජියාව සහ බැඳීම ඔවුනතර තවමත් නොවෙනස්ව පවතී.
මගේ කියුබානු මිතුරන් කොහේ වෙසෙනු ඇත්ද යන්න ගැන මම නිතරම සිතුවෙමි. විශ්ව විද්‍යාල සමය තුලදී ඔවුහු මට නිතරම පාපන්දු ක්‍රීඩා කිරීමට යාමට ආරාධනය කළහ. රුසියාවේ දරුණු ශීත සමය තුල පවා අපි පාපන්දු ක්‍රීඩා කළෙමු. ෆේස්බුක් හරහා නැවත හඳුනා ගන්නට ලැබුනේ මට ඉන් හතර දෙනෙකි . ෆේස්බුක් ගිණුම තවමත් රැගෙන යන්නට එයත් හොඳ හේතුවකි. බොහෝ මිතුරන් වඩා හොඳ ජිවන තත්වයන් උදෙසා කියුබාවෙන් ඉවතට පියාඹා ගොස් තිබුණි. මම ඔවුන්ගේ වරදක් නොදකිමි. අප කළේද එයමය. මා හඳුනා ගත්තේ එචේවරියා අරියෙල්, රූබෙන්, ඔස්වල්දෝ ඔලිවා සහ උදෙය් රමිරස් මෝසා ය. උදේයි සහ අරියෙල් තවමත් සතුටින් ජීවත් වන්නේ කියුබාවේය. උදෙයි තමන්ගේ විවාහක පවුල මෙන්ම මව, සහෝදරිය හා නෑදෑයන් සමග ජිවත් වෙයි. ඔස්වල්දෝ රැකියාව කරන්නේ ටෙනරිෆ් වලය. රූබෙන් රැකියාව කරන්නේ ආර්ජන්ටිනාවේය. අරියෙල් කියුබාවේ රාජ්‍ය විදුලි බල සමාගමක අධ්‍යක්ෂකවරයෙකි.
අරියෙල් පැවසුවේ සෝවියට් දේශය බිඳ වැටුණු පසු කියුබාවේ ජීවිතය ඉතා දුෂ්කර එකක් වූ බවයි. එය කියුබානු සමාජවාදී ආණ්ඩුවටඉතා අපහසු වූ කාලයක් බව මම දැන සිටියෙමි. සෝවියට් දේශය කියුබාවේ සීනි සහ අනිකුත් නිෂ්පාදන වල ප්‍රධාන ගැනුම්කරුවා වූවා පමණක් නොව යුධ ආධාර සපයන්නා ද, අඩු මිලට ඛනිජ තෙල් සැපයුම් කරුවාද විය. එසේම සමාජවාදී රටවල් සමූහය සමගම කියුබාව හොඳ ආර්ථික සම්බන්ධතාවයක්ද වෙළඳාමක්ද පවත්වා ගෙන ගියේය. සමාජවාදී රටවල බිඳ වැටීමත් සමග මේ සියල්ල නතර විය. කියුබාවට එදිරිව එක්දාස් නමසිය හැට ගණන් වල සිට පවත්වාගෙන එන ඇමෙරිකානු සම්බාධක නිසා තත්වය තව තවත් දරුණු විය.
කියුබාව පිළිබඳව එකිනෙකට ප්‍රතිවිරෝධී මතයන් දෙකක් සැමදාමත් පැවතුනි. සමාජවාදීන් පවසන්නේ කියුබාව සීග්‍රයෙන් දියුණු වන, තෙවැනි ලෝකයේ නොවන රටක් බව හා, ඇමරිකානු සම්බාධක නොමැති වූවා නම් වඩාත් දියුණු රටක් විය හැකිව තිබෙන බවයි. ප්‍රතිවිරුද්ධ මතවාදීන් පවසන්නේ එය තෙවන ලෝකයේ, සාමාන්‍යයෙන් "බනානා රිපබ්ලික්" ලෙස උපහාසයෙන් හඳුන්වන, මානව හිමිකම් නොමැති අපායක් බවයි. අප දැන් දන්නේ කියුබාව විදේශ සංචාරකයන්ට රට විවෘත කිරීමත් සමග සෑහෙන දියුණුවක් ලබා ඇති බවයි. එසේනම් මේ දෙපසටම පක්ෂාපාතී නොවන මතයක් අපට සොයා ගත හැකිද?
පසුගිය දිනෙකදී මම විශිෂ්ඨ යයි කිවහැකි වාර්තා චිත්‍රපටයක් නැරඹුවෙමි. මා අසා ඇති පරිදි ෆිදෙල් කස්ත්‍රෝ කිසි දිනෙක ඇමෙරිකානු ජනතාවට දොස්නගා, විවේචන කර නොමැත. ඔහුගේ දරුණු විවේචන නිතර එල්ල වූයේ ඇමෙරිකානු විදෙස් පිළිවෙතට හා ඇමෙරිකානු රජයටය. ඔහු කිසිදු දිනෙක ඇමෙරිකාව විසින් අත්කරගත් විද්‍යාත්මක ක්ෂේත්‍රයන් හි ජයග්‍රහණ මෙන්ම සංගීතය හා වෙනත් ක්ෂේත්‍රයන් හි ජයග්‍රහනද හෙලා නොදුටු බව මෙම වාර්තා චිත්‍රපටය ඔප්පු කර පෙන්වයි. නමුත් එක්සත් ජාතින් ගේ සංවිධානය ඇමතීමට පළමුවරට එක්සත් ජනපදයට ගොඩ බට වෙලේ ඇමෙරිකානු ආගමන විගමන නිලධරයන් ජනාධිපතිවරයෙකුට සුදුසු ලෙසට කස්ත්‍රෝට සැලකුවේ නැත. ඔහු එයද සිනාමුසු මුහුණින් භාර ගත්තේය. ඔහුගේ එදා රැස්ව සිටි ලෝක නායකයන් ගෙන් විනාඩි ගණනක අත්පොළසන් නාදයක් ලැබුණි.
චිත්‍රපටයේ තිර රචනය ලියා, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය ද කරන ලද්දේ ජෝන් ඇල්පට් විසිනි. ඔහු කියුබාවට යාම් ඊම් පටන් ගත්තේ හැත්තෑ දශකයේ මුල සිටය. කියුබානු ඉතිහාසය හා දේශපාලනය හැදෑරීම ඔහුගේ එක අභිලාශයක් විය. භාණ්ඩ හිඟකම් පැවතුනත් කියුබාව තම හොඳම කාලය ගත කලේ හැත්තෑව, අසූව දශකයන්හිදීය. මිනිසුන් ගේ සාපේක්ෂව කරදරයකින් තොර, සෞඛ්‍ය ආරක්ෂාව ඇති ජීවිත ගත කළහ. මේ කියන්නේ දියුණු බටහිර රටකට සාපේක්ෂව නොවේ. තෙවැනි ලෝකයේ රටකට සාපේක්ෂවය. නමුත් 1992 වනවිට සම්පුර්ණ වූ සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුරේ නාය යාමත් සමග කියුබානු ආර්ථිකයේ බිඳ වැටීම ඇරඹුණි. ඒ වනතුරුම අතිශයින්ම සෘජු රාජ්‍ය මැදිහත්වීමක් සහිත ආර්ථිකයට ගසා තිබූ සෝවියට් මුක්කු ශක්තිමත්ව තිබුණි.
ජෝන් ඇල්පට් මේ අතිශය සංවේදී කාලය වාර්තාගත කරන්නේ ඉතා සංයමයෙනි. ඔහු නිතර හමුවී රූපගත කළ පවුලක ගොවින් තිදෙනෙක් සහ ඔවුන්ගේ සහෝදරියද සතුටින් විසීය. නමුත් ආර්ථිකය කඩා වැටුණු අවධියේ කිසිම මසක් සොයා ගැනීමට අපහසු විය. මස් ග්‍රෑම් පන්සියක් සතියට වරක් කූපන් වලින් දෙනු ලැබේ. අහල පහල අසල්වැසියන් මේ ගොවීන්ගේ ගවයින් දෙදෙනා සොරකම් කළහ. ඔවුන්ට ගොවිතැන් කිරීමට ගවයන් නොමැතිව අසරණ විය. ජෝන් සොරකම් කල පාර්ශ්වයන් විවේචනය කලේ නැත. ඔහු එදෙස බැලුවේ සානුකම්පිතවය. ඉන් එක ගොවියෙකුට උගුරේ පිළිකාවකින් කතා කල නොහැකි වූ විට අමෙරිකාවෙන් ගෙනෙන කෘතීම ශබ්ද යන්ත්‍රයක් සවි කර ගැනීමට ජෝන් මුදලින් උපකාර කළේය. දෙදාස් ගණන් වල දී ඔහු කලින් දැන සිටි පවුල් කිහිපයක්ම කියුබාවෙන් වෙනත් රටවලට ගොස් තිබුණි. මගේ මිතුරන්ට මෙන්ම ඔවුන්ගේද ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් තිබුණි. කියුබාවෙන් ඉවතට සංක්‍රමණය බොහෝ අයට දරුවන් සිටියහ. ඔවුන්ට තම දරුවනට හරි යමක් කෑමට බිමට දීමේ නොහැකියාව එවැනි තීරණයක් ගැනීමට බල පාන්නට ඇත.
මේ සමහර පවුල් වලට මුලින් තිබූ වැසිකිලි පහසුකම් පවා තිබුනේ නැත. හේතුව ඒවා කැඩී බිඳී ගිය විට අලුත්වැඩියා කිරීමට රජයේ ආයතන නොපැමිණීමයි. ඒවාට මුදල් නොතිබුණි.
ටෙනරිෆ් හි රැකියාව කරන ඔස්වල්ඩෝ නිවාඩුවට ගමට යන්න ඉතා ප්‍රීතියෙනි. ඔහු මට කියන්නේ ටෙනරිෆ් හි රැකියාව කළද ඔහු කියුබාවේ තමන්ගේ ගමේ ජීවත් වීමට කැමති බවයි. ටෙනරිෆ් හි රැකියාවෙන් ලැබෙන මුදල ජිවත් වීමට සෑහේ. ශ්‍රී ලංකාවේ සිට රැකියා කිරීමට මැද පෙරදිග, දකුණු කොරියාව ආදී රට වලට යන්නක් මෙනි. ඔස්වල්දෝ සිතන්නේ කියුබාවට අවශ්‍ය බහුපාක්ෂික දේශපාලන ක්‍රමයක් හා එම පක්ෂ වලට බලයට ඒමට නිදහස් මැතිවරණයක් බවයි. එහි වැරදි තිබිය හැකි බව ඔහු පිළිගනී. නමුත් ඒක පාක්ෂික ක්‍රමයේ ඊට වඩා වැරදි ඇතැයි ඔහු විශ්වාස කරයි.
උදේයි ගේ අදහස ඊට හාත්පසින්ම වෙනස් ය. ඔහු තවමත් කියුබාවේම ජිවත් වේ. තමන්ගේ ජිවිතයෙන් තරමක සෑහීමකට පත්වන්නේ යයි පවසන ඔහු ඒක පාක්ෂික ක්‍රමයට විරුද්ධ නොවේ. නමුත් ඔහුද පවසන්නේ කියුබාවට ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවයි. ජීවිතය ගෙනයාමට අපහසු බව ඔහුද පිලි ගනී. මට පෙනෙන්නේ ඔහුගේ කැමැත්ත ඇත්තේ චීන ක්‍රමයට බවයි. බහු පාක්ෂික ක්‍රමයෙන් කියුබාවේ ප්‍රශ්න විසඳිය නොහැකි බව ඔහු තරයේ පවසයි. ආර්ථික ක්‍රම උඩු යටිකුරු කල යුතු බවට ඔහුද පිළි ගනී.
බහු පාක්ෂික ක්‍රමයේ වැරදි නැත්තේ නොවේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ "ඉක්මනින්ම හිටපු ජනාධිපති වීමට නියමිත ට්‍රම්ප් දෙස බලන්න. ඔහු ලෝකයේ බලවත්ම ජනාධිපති පදවිය විහිළුවක් කරගෙන තිබේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, බංගලා දේශය වැනි බහු පාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙස බලන්න. බලය ලබා ගත් සෑම පක්ෂයකම දුෂිත දේශපාලකයන් ගෙන් පිරී ඇති ඒවායේ පාලනයේ ප්‍රශ්න බොහොමයක් තිබේ. නමුත් අද වන විට බටහිර දේශපාලනය වඩාත් ඉදිරියට ගොස් තිබේ. දරුණු වංචා දූෂණ කිරීමට දේශපාලකයන්ට ඉඩක් නැත. ඒවායේ බහුජන සංවිධාන හා නීතිය ඉතා ශක්තිමත්ය. ආර්ථික වශයෙන් බටහිර ලෝකයද නමින් පමණක් සමාජවාදය ඇති, ධනවාදී අර්ථ ක්‍රමයක් ඇති මහජන චීනයද තවමත් ශක්තිමත්ය. (කොරෝනා වසංගතයේ අනිසි ප්‍රතිඵල නොසලකා හැර)
(ඉහත පින්තුරය 1985 හෝ 1986 දී මොස්කව් විදුලිබල හා තාක්ෂණික විශ්ව විද්‍යාලයේදී (මාද උගත්) ගත්තකි. ඉදිරි පෙලේ රූබෙන් හා උදේයි ද පසු පෙලේ හුඑටස්, ජෝර්ජ් බෙනිටෙස් , බදියා හා ඕමාර් සිටී. )
ජෝන් ඇල්පට් ගේ චිත්‍රපටය පුරා රැඳෙන ඔහුගේ ප්‍රබල කථනය මගින් කියුබාවේ සමාජවාදී ප්‍රයත්නය දියවෙමින් යන ආකාරය සියුම්ව පැහැදිලි කරයි. අවසානයේදී සමාජවාදී ආර්ථිකයේ පිහිටට එන්නේ චේ ගේ ප්‍රසිද්ධියෙන් කොටසක් උකහා ගන්නට පැමිණෙන බටහිර සංචාරකයන් ගෙනි. ඇමෙරිකාවේ වෙසෙන කියුබානුන් ගේ නෑදෑයන්ටද මුදල් එවීමට, භාණ්ඩ එවීමට, ඇවිත් යන්නට අවසර දී තිබේ. කියුබාව සමාජවාදය අපනයනය කිරීම අත් හිටුවා ඇත. දැන් ඇත්තේ කලාපීය වාමාංශික රජයන් සමග සහයෝගිතාවයක් පමණකි. තමන්ගේ අසීරු බව යටපත් කරගෙන වෙනිසියුලාව තවමත් ඉතා අඩු මිලකට කියුබාවට ඛනිජ තෙල් සපයන්නේ එහෙයිනි. ෆිදෙල් ගේ සොහොයුරු රාවුල් කස්ත්‍රෝ ඉතා සෙමින් වුව කියුබානු ආර්ථිකය ලිහිල් කරමින් යයි. සීමිත වෙළඳ කටයුතු සඳහා අවසර තිබේ. සමාජවාදී පොදු දේපල අයිතිය ඉවත් වෙමින් තමන්ගේ නිවසක් සාදා ගැනීමට, මිලදී ගැනීමට මෙන්ම විකිණිමටද අවසර තිබේ. එසේම දක්ෂයන්ට මෙන්ම විශේෂිත ක්ෂේත්‍ර වල යෙදෙන වැසියන්ට තම දක්ෂතා වෙළඳ පොලේ විකිණිය හැකිය. ඒ කියන්නේ පෞද්ගලිකව කොණ්ඩා කපන්නට, වඩු වැඩ වලට, ගොවිතැනට, කුඩා ආපන ශාලා වලට, ඉංජිනේරු කාර්යයන්ට අවසර තිබේ. ඔස්වල්ඩෝ වැනි අයට ටෙනරිෆ් වැනි බටහිර යුරෝපයට අයත් රටවල රැකියාව කිරීමට හැකිය. ඔහුගේ සීයා පැමිණියේ ස්පාඤයෙන් බැවිනි.
කියුබානු වෛද්‍යවරුන් වෙන රටවල ජාත්‍යන්තර සේවයට යන බව සැබෑය. ඔවුන්ගේ සෞඛ්‍ය සේවාව තවමත් ඉතා උසස් තත්වයෙන් පවතින බවද සැබෑය. එහෙත් කියුබානු සමාජවාදය අසමත්ව ඇති බවත් ඔවුන් තමන්ගේ ආර්ථික පිළිවෙත දැඩි ලෙස වෙනස් කල යුතු බවත් මගේ හැඟීමයි. ඔස්වල්ඩෝ හා රූබෙන් මෙන්ම කියුබාවේ සිටීමට කැමති උදෙයි ගේද අදහසත් එයයි. කොතරම් අමිහිරි හා හදවතට එකඟ නොවුනද තර්කානුකූලව පිළිගත යුතු සත්‍යයද එයයි. ජෝන් ඇල්පට් ගේ "කියුබාව සහ කැමරාකරු " චිත්‍රපටය පෙන්වා දුන්නේද එයයි.
සමාජවාදී කඳවුරේ හා සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසු කියුබාව කොතරම් අගාධයකට වැටී තිබුනේද යන්න මා දුටුවේ මේ වාර්තා චිත්‍රපටියෙනි.
Director John Alpert on Making the Documentary
ප.ලි. ඉතා සරල දිවි පෙවෙතක් ඇති වැඩි අවශ්‍යතා නැති අයට කියුබාවේ ජිවත් වීම ඉතා පහසුය.
පින්තූර ඔස්වල්දෝ ඔලිවා ගේය.
ස්තූතියි, බොහොම අපූරුවට විච්චේදනය කරලා තියනවා.මේක දෙපාරක්වත් කියවන්න වෙනවා. කියවලා කමෙන්ට් කරන්නම්.
ReplyDeleteහොඳයි , ස්තූතියි
DeleteUday's Comments:I never told Cuba is the best place to live. Cuba is a good place to live, but really our economical system isn't working properly I said we have to change many things in our economical system, but we can do it with one party. I said there are many reasons because our economic ins??t work properly, but if we think just to having multi party system we can fix everything we are wrong.
ReplyDeleteThis comment has been removed by the author.
DeleteUday's second Comment: of course, many countries en Latin America or Africa have multi party systems and they are a lot of problems. many underdeveloped countries meet the requirements of western democracy and have no way to become a developed country even if they use the market economy. then my friend the analysis has to be deeper
DeleteOsvaldo's comment to English Blog post:Greetings friends ... I have read the post and the comments and I have to explain something that has not been clear. I do not think, nor it is my criteria, that multipardism is synonymous of prosperity and development. That is such a simple thesis, so basic that I don't understand how you have been able to understand me so literally. I speak of multipartism like the only
ReplyDeleteway, where the whole population of any nation is represented, because I do not conceive democracy with a single party, if someone has an example of it, let me to know about it and we debate it.The great flaw of a one-party system is that it leaves out of political activity all those who do not militate or sympathize with that single party , obviously the destiny of that country is determined by the militants and sympathizers of that party, the others will have to swallow what they determine first. Not to mention alternative visions, division of powers, tolerance and inclusion. It is only possible to have a divided country, a cold civil war, a single vision and vision of where a country should go. Personally, I prefer that all those born in a country participate in the destiny of that country, without excluding anyone, no matter how extravagant their ideas are. That is what multipartyism is about ...... if the ideas are diverse, I don't see a way for a single party to represent them all. If they have the opposite example they give it to me and I even change my line of thought !!!!!
Osvaldo's comment: About the essence of your post I can't add much more, I agree with practically everything. No one can deny the beauty and ideals of justice of the theoretical precepts of socialism, which are very similar to Christianity. Another thing is the practical implementation of them, we do not have to go too deep, all of us had the opportunity to live the reality of the most developed and eventually purest socialism that has existed, we do not need anyone to tell us about it. The fragility of that experience is symptomatic that is a socio-political experiment that leaves out many of the most relevant aspects of the human psyche, starting with its diversity and ending with the springs that promote industry, productivity and progress.
Deleteලිපි තුනම කියෙව්වා. සමස්ථයක් ලෙස ඔබේ අදහස් සමඟ එකඟ වෙනවා.විවේචනයක් නූනත්, මඟ හැරුනු කාරණා කීපයක්.
ReplyDeleteකස්ත්‍රෝ සහ චේ ගවේරා දෙදෙනාගෙන් චේ වඩා ජනප්‍රිය වීමට හේතුව ඔහුගේ කඩවසම් බව කියා තමයි කියන්නේ. කොහොමත් කලින් මලාම , වටිනාකම වැඩිවෙනවා.
අපේ විප්ලවවාදීන් අගේ කල හා අනුගමනය කල චේගේ අඳුරු පැත්ත: කැන්ගරු කෝට් ක්‍රමයට නඩු අසා, " විප්ලවයේ සතුරන්" බවට පත්කල ධනපතියන් සමූල ඝාතනය සහ "තුවක්කුවෙන් තමයි බලය අල්ලන්න ඕනෙ" සංකල්පය අනුව, සමාජවාදය අහල පහල රටවලටත් බෙදන්න යෑම.
කොච්චර හොඳ දේ තිබ්බත්, කොටු කරලා, ප්‍රවුර්ති වාරණය කරලා , හොම්බට ඇන, ඇන සමාජවාදය බෙදන දේශපාලන ක්‍රමයකට, මම ප්‍රතිපත්තියක් වශයෙන් විරුද්ධයි. එතකොට මට හැඟෙන්නේ පෙන්නන/ කියන දේ නෙමෙයි ඇත්තටම වෙන්නෙ කියන එකයි
කඩවසම් බවට මතරව ඔහු ප්‍රිය මනාප සංවේදී චරිතයක් බවයි මගේ දැනීමේ හැටියට.
Delete//විප්ලවයේ සතුරන්" බවට පත්කල ධනපතියන් සමූල ඝාතනය// මෙහෙම එකක් වුනාද ? එකට මොකක් හරි දන්නා සාක්ෂි තියනවද? (චේ කළා කියල) - අනිත් ඒවාට එකනගයි.
කණගාටුයි, සාක්කි හොයන්න අදහසක් නැත. අසා ඇතිදේ පමණයි. විප්ලවවාදීන්ගේ "මානුෂික හිමිකම්" පැටිකිරිය ගැන පැහැදීමක් නැත. උදා" රුසියාවේ සාර් රජ පවුල.
Deleteමම සාමන්‍යයෙන් නිකන් කියන කතා විශ්වාස කරන්නේ නැහැ. චේ ධනපතියන් සමුලඝාතනය කරන්න කිව්වා හෝ කළා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. එවට් සාක්කිත් නැහැ. ගරිල්ලා භටයෙක් වශයෙන් ඔහුගේ සතුරාට වෙඩි තැබූ බව ඇත්ත . ඔවුන් බොහෝ අයට කියුබාවෙන් ඇමෙරිකාවට යන්න දුන්න. සාර් පවුල ඝාතනය නම් වැරදියි. ඒකෙත් ප්‍රශ්න තියනවා ඇයි යෙකතෙරින්බර්ග් වල සෝවියට් සභාව ඒකට එන දුන්නේ කියන එක. ඇයි බ්‍රිතාන්‍ය රජ පවුල බේරා ගත්තේ නැත්තේ කියන එක ඔවුන්ව . අවස්ථාව තිබිලත්.
DeleteWhen Castro took power in 1959, Guevara became in charge of La Cabaña Fortress prison. It is estimated that at least 144 people were executed on Guevara’s extra-judicial orders during this time.https://www.history.com/topics/south-america/che-guevara
Deleteඅර 144 න සමහරක් කියුබනුවන්ට වෙඩි තබල මරපු සහ මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කල අය , කැසිනෝ වල ගැහැණු සහ මත් ද්‍රව්‍ය කරපු ධනවතුන් කියල තමා කියන්නේ. Another one: https://www.britannica.com/biography/Che-Guevara/The-Congo-Bolivia-and-death
Deleteනමුත් පොල්පොට් සහ ස්ටාලින් ගැන එහෙම කියන්න බහ. පොල්පොට් ධනපතියන් විතරක් නෙමේ උගත් අය පවා සමුල ඝාතනය කළා . ඒ ගැන ලියන්න ඉන්නේ. ගිහිල්ලම බැලුව.
Deleteමම ඔබේ අගේ කරන ගුණාංගයක් තමා, පක්ෂග්‍රාහී නොවී ඇත්ත සෙවීමට ඇති කැමැත්ත. බටර් ගානව කියල හිතන්න එපා, My way or Hi-way ක්‍රමය අනුගමනය කරන ලෝකෙ මේක විරල දෙයක්.
Deleteඇත්ත ඇති හැටියෙන් දැකීමෙන් පමණයි, අපට ඉදිරියයට යාහැක්කේ.
කියුබාවට ඔලුව උස්සන්න බැරි වීමට ඇමරිකන් සම්බාධක බොහෝ සේ බලපානව. සීතල යුද්ධය අවසන් වී වසර ගාණක් පහුවෙලා, කියුබාව තවදුරටත් "තර්ජනයක්" නෙමෙයි, ඒත් බයිඩන්ගෙ බාප්ප ආවත් මේ කෙනෙහිලිකම් වෙනස් වන්නේ නෑ. බැටිස්ටාගෙ කාලෙ කියුබාව, ඇමරිකන් "Whore hole" එකක් ලෙස සැලකුනුබව කියැවෙනවා. අදටත් "to have a 'Good Time'" සඳහා අවුරුදු පතා කියුබාවට යන කස්ටිය මෙහෙත් ඉන්නවා.
Delete//ඇත්ත ඇති හැටියෙන් දැකීමෙන් පමණයි, අපට ඉදිරියයට යාහැක්කේ.// එහෙම තමයි මමත් හිතන්නේ. /බැටිස්ටාගෙ කාලෙ කියුබාව, ඇමරිකන් "Whore hole" එකක් ලෙස සැලකුනුබව කියැවෙනවා. අදටත් "to have a 'Good Time'" සඳහා අවුරුදු පතා කියුබාවට යන කස්ටිය මෙහෙත් ඉන්නවා.// විප්ලවය ආවේත් ඒකනේ. චේ ගුවේරා කියන්නේ අපිටත් එහා අසාධාරණයට අකමැතිව හිටි එකෙක්. විප්ලවේ කරන කොට මිනිහ මාක්ස්වාදියෙක් වත් නෙමෙයිනේ. [පස්සෙනේ ඒවා ආවේ . දැන් ටුවරිසම් නිසා වෙන්නෙත් ඒක . මට නම් අවුලක් නැහැ. කියුබාවට හොඳනම්. ඊට වැඩිය හොඳ නැත්ද ආර්ථික ක්‍රමය වෙනස් කරන එක. ඒකයි මම කියන්නේ. සමාජවාදය එන්නේ නැහැ. තව දුරටත් මිනිසුන්ව දුකට දාන එක අනුමත කරන්න පුලුවන්ද
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteI have been to Cuba.
ReplyDeleteLife there is not so rosy. Cannot day people are all happy. Once desperately looked for something to eat in the evening, we were able to find with great difficulty & with support from a local a ghostly dilapidated cooperative shop in Havana , which had all but empty shelves and one or two half filled bins with mud filled not so fresh carrots and potatoes and leeks. Two currency systems.
Pesos that we were using were prohibited for use by locals. With great difficulty found a bakery selling breads but when tried to eat at our hotel , found they are raw wet flour still inside. Reminiscent of 70 -78 life here. Few big western cars plying Havana streets on an off. No good public transport. Buildings that had not seen a touch of paints for years. Locals are barred for entering hotels that tourists stay.
So , I don’t thing people there are enjoying that socialism much
මට රටවල්වල ජීවත්වීමේ හොඳ නරකගැන තියෙන්නෙ බොහොම ප්‍රාථමික, අසංකීර්ණ, පුද්ගලික, සබ්ජෙක්ටිව් අදහසක්.
ReplyDeleteඒ සඳහා රටවල් දෙකක් සංසන්දනය කරද්දි දෙකෙන්ම පී ආර් ලැබුනොත් මං ඉන්න කැමති මොකේද යන්න මත තමයි ඒ අදහස එන්නෙ
ඒක හොඳ ප්‍රතිපත්තියක්
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteI have got a chance to visit Cuba once. The picture there is not that rosy.
ReplyDeleteReminiscent of 70 - 78 life here.
Hotels meant for foreign tourists are out of bound for locals , even Sri Lankans who had come on long term visa. Once went out if hotel looking for some thing to eat. Found no such place even after walking for a long time in Havana and finally s local took us to a place which is a cooperative shop , dark inside with lot of empty bins , few with mud filled carpets, potatoes, leeks. Having found nothing to eat there, we were taken to a bakery which had few loaves of bread and when taken to the hotel and tried to eat , they were raw wet flour inside , watery taste. Had to abandon eating that night. Tree wee two types off currencies, one peso for locals and for tourists, a higher rate peso which is untouchable for locals. Few old 1950’s big cars could be seen plying Havana’s otherwise empty streets. Not menu street lights and therefore, the city is simply dark at nights. Never seen paints for years, two three story buildings make Havana with hand full of ghostly high rise buildings. This is first hand experience.
It’s socialism is not the best to enjoy life.
Thanks for the comment. I think I missed it. Sorry about that. //It’s socialism is not the best to enjoy life.
Delete// Socialism that we experienced in Soviet Union is not like that. There was an embargo on one side and collapse of Soviet union almost destroyed the Cuban economy. Someone keep arguing with me in facebook. he thinks Cuba still has to carry on like this. I don't agree so as most Cubans. I think they have to apply serious changes now.
මට නම් සමාජවාදේ ගැන කවදාවත් පැහැදීමක් තිබිලා නැහැ.. කියුබාව කියන රටට ආසයි ඒත් පිට ඉඳන් අපි හිතන් ඉන්න ලස්සන ඒ රටේ ඇත්තටම තියෙනවද කියන සැකය තිබ්බා.
ReplyDeleteසෝවියට් දේශයේ අපි හිටපු කාලය සාපේක්ෂව හොඳයි කියල මම තවමත් කියනවා. ඒ මුල් කාලේ කියුබාව උනත් අවුලක් නැතිව හිටිය. සම්පුර්ණයෙන්ම හොඳයි කියන්න බැහැ . අනිත් රටවල් වගේම වැරදිත් තිබුන. ඇමෙරිකාව වත් එංගලන්තය වත් ශ්‍රී ලංකාව වත් හැමදේම 100% හොඳට කළා , කරනවා කියන්න බැහැනේ.
Deleteසමාජවාදය හොඳ යැයි - කියන මතයෙ මමත් හිඳිමි
ReplyDeleteඑය දිවිමඟ කරගත් අපෙ - රටේ එවුන් ගොඩක් දනිමි
උන්ගේ ළඟ මනුස්සකම - අවංක බව නැතැයි හඟිමි
සමාජයට වදයක් නැති - 'වාදකරුවො' දකිනු රිසිමි
//එය දිවිමඟ කරගත් අපෙ - රටේ එවුන් ගොඩක් දනිමි
Deleteඋන්ගේ ළඟ මනුස්සකම - අවංක බව නැතැයි හඟිමි//
ඕක මචෝ උන්ට තේරෙන්නෙත් නැහැ.
ෆේස්බුක් එකට ලැබුණු ප්‍රතිචාරයක් - නලින් දොඩන්ගොඩ ---ලංකාව වැනි ඌණ සංවර්ධිත රට වලින් පැරනි සමාජවාදී කදවුරට ගොස් අධ්‍යාපනය ලබා එහි වටිනා කම් ගෙන ලංකාවට පැමිණ ප්‍රයෝගික කිරීමට එහෙම නැත්නම් ගගේ උඩ අතට පිහිනීමට උත්සාහගත් අයගෙන් රෝහන විජේවීර යනු ලංකාවේ ඓතිහාසික චරිතයකි. අජිත් මහතා නොහොත් කොලඹ ගමයා ඇතුලු බහුතරයක් එදා දියුනු රුසියාවෙන් අධ්‍යපනය ඇතුලු සාරයන් ගෙන ධනවාදී රටවල් වලට පැමින කරන ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව කරන නරුම විවේචනය ආචාර්ය ධාර්මික නොවේ.විජේවීර හුදු ප්‍රජාතන්ත්‍රවාදී විවේචඡනයට වෙනස්ව න්‍යයාත්මක විවේචනයක් කරනුයේ තම මවුරටට පැමින සමාජවාදය අරමුන කරගෙන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම කියන අවදානම් සහගත අවධියේයි.අවම ප්‍රජාතන්ත්‍රය තුල තම වැඩ ටික ෂේප් එකේ කරගෙන දියුන ධනපති එංගලන්තයට පැමින රුසියාවට වඩා එංගලන්තය සමාජවාදී යැයි කීම කොපමන ආචාරධාර්මිකද?මෙම ලිබරල් විවේචනය ලංකාව වැනි ඌන සංවර්ධිත රටවල අලුතින් මතුවු මධ්‍යම පංතියට ආකර්ශන ගෙන දෙයි.නමුත් කල යුත්තේ රුසියාවට ස්ටාලින් ගෙන් පසු වූ හානිය පදනම් කරගෙන දියුන න්‍යයාත්ම විවේචඡනයක් සහිතව රුසියානු පහල සමාජයත් සමග දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමයි .එසේත් නැතිනම් ඌන සංවර්ධිත රටක ඉපදීම නිසා ම රුසියාවෙන් ලැබුන අධ්‍යාපනය ඇතුලු වටිනකම් ගෙන එංගලංතයට පැමින බොරු වචන ගොඩවල් ගහන දේශපාලන කතා නවත්වා තමන් ගේ ජීව විද්‍යානු කූල ශරීරය පවත්වා ගෙන යෑමයි.දේශපාලනය කතා කිරීම නිසා වෙන්නේ ආචාර්ය ධාර්මික ගැටලුව ප්‍රශ්න කිරීමයි.සාමාන්‍යය මිනිසුන්ගේ ආචාර්ය ධාර්මික ගැටලුව සාකච්ඡා නොකෙරන්නේ වැරදි සමාජයක තමන්ගේ වැඩටික කොහොම හරී කරගැනීම යතාර්තයක් වන නිසාය.-නලින් දොඩන්ගොඩ
ReplyDeleteඑයට මගේ පිළිතුර: 1. රෝහණ විජේවීර ඉගෙනීම අවසන් කර පැමිණියේ නැත. අවුරුදු දෙකක් පමණ ගතකර පැමිණි ඔහු සෝවියට් දේශයට විරුද්ධව ඒ දවස් වල තිබුණු මාඕ වාදය කර පින්නා ගෙනය පැමිණියේ. ඔබ කියන වටිනාකම් මොනවාදැයි මමනම් දන්නේ නැත. විජේවීර පළමුව එකතු වුනේ ශන්මුගදාසන් මහතාගේ කොමියුනිස්ට් චීන පිලටය. ඉන්පසු තමන්ගේ න්‍යායක් කියා හදා ගත්තේ ජාතිකවාදය සමග මාක්ස්වාදය මුසු දෙයකි. එය සෝවියට් දේශයේ කල ඉගෙනුම් වලට වඩා සමාන වන්නේ ස්ටාලින්, හිට්ලර් හා පොල්පොට් ආදීන් ගේ ජාතික සමාජවාදයටය. (national socialism) . මේ ලිපියේ එහි හරි වැරදි සකච්ඡා නොකෙරෙන අතර විජේවීර ගැන කිසිදු සඳහනක්ද නැත.
Delete2. විජේවිර ගේ ඔබ කියන සෝවියට් වටිනාකම් උගෙන කර පළමුවෙනි විප්ලවයේදී සෝවියට් දේශය සහය දුන්නේ සිරිමා රජයටය. ඒ ඇයි ?
3.ඔහුගේ දෙවන විප්ලවයේදී සෝවියට් දේශය ප්‍රේමදාස රජයට ඇති අකමැත්ත නිසා නිහඬව සිටියද ප්‍රව්දා පුවත්පත එය හැඳින්වුයේ "අතිවාමාංශිකයන් ගේ ළඳරු වලිප්පුවක් " ලෙසය.
2. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කරන නරුම විවේචන- කොහෙද ඒක තියෙන්නේ කොතනද?
3. සෝවියට් දේශයේ ඉගෙන ගත් පමණින් විවේචනයක් කල නොහැක්කේ යයි කියන්නේ කවුද? මිට කලින්ද ඔබ මෙවැනිම චෝදනාවක් කළා මතකය.
4//ධනපති එංගලන්තයටපැමින රුසියාවට වඩා එංගලන්තය සමාජවාදී යැයි කීම කොපමන ආචාරධාර්මිකද?// - මේ ලිපිය ඔබ අවම වශයෙන් කියෙව්වාද ? නැත්නම් මේ නොකියවා කනා පොල්ලේ ගැසිමක්ද? ලිපියේ කතා කෙරෙන්නේ කියුබාව ගැනය. එහි කියන්නේ එංගලන්තයේ සිටින කම්කරු පක්ෂ සාමාජිකයන්ට කියුබාවට ජිවත් වීමට යාමට ඇති අවශ්‍යතාවය කුමක්ද යන්නය? ඒ මිනිසුන් එහි ජිවත් වන්නේ අමාරුවෙනි. හැකිනම් පහල ඇති මේ ලිපියේම ඉංග්‍රීසි අනුවාදයත් එයට මගේ කියුබානු මිතුරන් දෙන පිලිතුරුත් කියවා බලන්න. එංගලන්තය සමාජවාදී යයි මම කියා නැත. නමුත් පුටීන් ගේ රුසියාව නම් සමාජවාදී රාජ්‍යයක් නොවේ. එය ධනවාදී රටකි. එංගලන්තයට සමානව එහි බිලියන් ඩොලර් ධනපතීන් සිටි. විශ්ව විද්‍යාලවල නිදහස් අධ්‍යාපනයක් නැති අතර රෝහල් පමණක් නොමිලයේ ප්‍රතිකාර කරති. අනිත් සියල්ල මුදලටය. (බෙහෙත් ඇතුළු) මම 2016 රුසියාවට ගිය වෙලේ මට සාමාන්‍ය රුසියානුවන් දෙතුන් දෙනෙකුම කීවේ මුදල් කොපමණ හම්බකලත් අධ්‍යාපනය, සෞඛ්‍ය, කෑම ආදිය ට ගෙවන අධික මුදල් නිසා ඉතිරියක් නැති බවත්, එනිසාම වැඩ වැඩි බවත් පරණ සෝවියට් දේශය වඩා හොඳ යයි දැන් සිතෙන බවත්ය. ඒත් ඒ හැමදෙනාම නොවේ. බහුතරයක් එම ක්‍රමයට නැවත යාමට කැමති නැත.
5. ජවිපෙ, පෙස්පේ ආදී පක්ෂ වල සාමාජිකයන් බොහොමයක් සිටින්නේ ජපානය, ඔස්ට්‍රේලියාව එංගලන්තය, යුරෝපීය රටවල මිස කියුබාවේ නොවේ. ඇයි කියා කවදාවත් අසා නැත්ද? (මගේ විවේචනයක් නම් නැත). මිත්‍රය, කියුබාවේ ජීවත් වීමට දැනට අපහසුය . මගේ කියුබානු මිතුරන් කීවේ එයයි. ඔවුන් වෙනත් රටවල රැකියා සඳහා යන්නේද එනිසාය.
6. ඔබ අප වැන්නවුන් කතා කරනවාට අකමැති ඔබලා අවුරුදු ගණන් තිස්සේ ගෙනියන බොරුව හෙළිදරව් වන නිසාය.
ඔස්වල්ඩෝගෙ පිලිතුරේ දෙවන කොටස: "No one can deny the beauty and ideals of justice of the theoretical precepts of socialism.... ... productivity and progress" මට තිබුණු ප්‍රශ්න බොහොමයකට පිළිතුරු සපයනවා. ආගම් අතුගා දැමීම සඳහා සංස්කෘතික උරුමයන් වැනසීමට පසුබට නොවූ, අපේ ගම්වැසියන් "කොමියුනිස් දහම" ලෙස හැඳින්වූ සමාජවාදයේ නරකම ලක්ෂණය ලෙස මා දකින්නේ බලය සදාකාලිකව සින්නක්කරයට ලියා ගැනීමයි. ෂීජින්පින්ගේ චීනය, පුටින්ගේ රුසියාවටත් වඩා නරක ඒ නිසයි. මැදපෙරදිග ත්‍රස්තවාදය, චීනෙ ශ්‍රමය හූරාකෑම සිට ඇෆ්ගනිස්ථානයේ පොපි වගාව අපේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී යැංකි මිත්‍රයාගෙ පා සටහන් ඇති බව ප්‍රසිද්ධ රහසක්.
Deleteඑතකොට තමා බලයට කෑදර කම් එන්නේ , හැබැයි ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටවලත් තියනව. උදාහරණ - ලංකාව , ඉන්දියාව
Deleteමා සංචාරය කල සමාජවාදී රටවල් අතුරින් දිළිඳුම රට කියුබාව කියා මට සිතේ. කියුබාවට බට මොහොතේ සිට දරිද්‍රතාව දැක ගත හැකි විය. එසේම මුළු රටේ උග්‍ර පේන්ට් හිඟයක් තිබේදෝ කියා මට සිතුනි. ඒ මෙන්ද යත් බොහෝ රජයේ ගොඩනැගිලි මෙන්ම නිවාස තීන්ත බුරුසු වල පහස නොලබා ජරාවාසව දිස් විය. එහෙත් සමහර ගොඩනැගිලි සහ හෝටල් අලංකාර ලෙස පින්තාරු කොට තිබූ බව කිව යුතුය. Read http://transyl2014.blogspot.com/2017/11/blog-post_10.html
ReplyDeleteමම මේ ලිපියේ කියෙව්වා. මගේ කොමෙන්ට් එකක් තියනවා. මගේ ලිපිය ලියන්න හේතු දෙකක් තියනවා. මාත් එක්ක ඉගෙන ගත්ත කියුබානු යහළුවෝ හතර දෙනෙක් සම්බන්ධ කර ගැනීම සහ ඔවුන් දුන් ඔත්තුවෙන් අර චිත්‍රපටය නැරඹීම (නෙට්ෆ්ලික්ස්). ඒ ගැන ලියන්න ඕනේ කියල හිතුව. ලංකාවේ සමාජවාදීන් කොටසක් ඉන්නව තවම හිතන්නේ කියුබාවේ මිනිස්සු දුක් විඳ විඳ හරි මේක රක ගත යුතුය කියන එක. කියුබානුන් ඉස්සර ඒකට (පරණ සිස්ටම්) කැමැත්තෙන් හිටිය වැඩි හරියක්. ඇමෙරිකානු සම්බාධක නිසා. දැන් රටෙන් භාගෙකටත් වඩා පරණ ක්‍රමයට විරුද්දයි. ඒ නිසාතමා මේක ලීවේ. බන්දුල පට්ටියගේ ත් කියුබාවට ගියා කිව්ව.
Delete.මට ලොකු දේශපාලන දැනුමක් නෑ. මන් හිතුවෙ සමාජවාදී රටක් තුල දුක (නය ජීවිත තර්ජනය ආහාර හිගය ඉගෙනීම සනීපාරක්ෂාව රෝහල් පහසුකම් සතුට නැතිකම) නැතුව ඇතියි කියල. කියුබාවෙ තත්වය ගැන යම් අවබෝදයක් තිබුන.නමුත් දැන් හිතෙනව රුසියාවෙ වගේ කියුබාවත් බිද වැටෙයි කියල
ReplyDeleteනය - තිබුන , ජීවිත තර්ජනය- එහෙම එකක් පස්සේ කාලේ ති බුනේ නැහැ, ආහාර හිගය- කෙට්ටු රුස්සෝ දැකල තියනවද? කෙට්ටු කියුබන් කාරයෝ, අල හරි කන්න තිබ්බ - ඉගෙනීම - නොමිලේ සනීපාරක්ෂාව - අවුලක් නැහැ ,රෝහල් පහසුකම්- අති විශිෂ්ටයි , සතුට නැතිකම - සාපේක්ෂයි, හොඳින් හිටි මිනිස්සු හිටිය, සතුටෙන් හිටි මිනිස්සු හිටිය , නිදහස නැති කම, සංචාර වලට යාමට බැරි කම, බටහිර භාණ්ඩ නැතිකම ආදිය ප්‍රධාන ප්‍රශ්න වෙලා තිබුනේ
ReplyDelete