Wednesday 26 May 2021

ඔබ සැමට ප්‍රීතිමත් වෙසඟක් වේවා


සෙනසුරාදා ඉනෙස් සුපර්මාකට්  ගිහින් බඩු  වගයක් ගෙනත්. පැස්ටා හාල්, කෑම ජාති අනම්  මනම්.   ඊට කලින් දවසෙත් බඩු ගෙනාව නිසා මම ඇහුවා මොකෝ මේ වැරදිලාද ආයි ගෙනාවේ කියල. 
එයා අහනවා 
"ඇයි මනුස්සයෝ මතක නැත්ද අද කවද්ද කියල?"
මම කිව්වා මතක නැහැ කියල. 
එයා කියනවා, 
"ඇයි මනුස්පයෝ අද වෙසක් නේ , අද බණක් තියනවා පන්සලේ, හාමුදුරුවෝ එන්න කිව්වා, බණ අහන්න  "
"අම්මට සිරි වෙසක්ද "
ඔන්න ඉතින්  බලන්න ජර්මන්  කට්ටියට බුද්ධාගම අඳුන්වල දීල කරගත්ත වැරැද්ද.

මම හිතන් හිටියේ මැදිවියට ආවහම අපේ අම්මල හෙම තමයි පන්සල් යන්න ලැහැස්ති වෙන්නේ කියල. බලාගෙන ගියහම  ඒකත් යුනිවර්සල් ෆෙනොමෙනා එක්ක හෙවත් විශ්වීය පුරුද්දක්ද කොහෙද?
 
ඉතින් මම කිව්වා,
"දැන් ඉතින් මොකෝ කරන්නේ , මම  පොරොන්දු  වුනානේ නන්දන යි යමුනයි එක්ක ඇවිදින්න යන්න , ඔයත් එනවනේ. "
ඉනෙස් කියනවා,   එයත් ඇවිදින්න යන්න ඇවිත් ඊට පස්සේ  පන්සල් යන්නම්ලු.

සෙනසුරාදා ඇවිදලා  ඇවිල්ල මේන්  මෙයා පන්සල් යන්න හදනව. 

අපි නියම  බුද්ධාගමේ තුන්දෙනා පුටු උඩ  වැටිලා මහන්සියට. තව කොහේ යන්නද? හොඳ වෙලාවට නන්දනට මතක් වුනා වෙසක් තියෙන්නේ 22 නෙමේ 26 කියල.

හාමුදුරුවන්ට දවස වැරදිලා කියල යන්තම් බේරුනා. 



මේකයි, අපි එංගලන්තේ බොරිස් ජෝන්සන්ට කොපමණ බැන්නත් මුලදී හරි ක්‍රියා මාර්ග ගත්තේ නැහැ කියල මිනිහ පිළිවෙලකට එන්නත් දෙන්න ගත්ත. මුලින්ම  සෞඛ්‍ය සේවයේ (වෛද්‍ය, හෙදි සහ අනිකුත්ඕ නෑම සේවයක්)  සහ ඉදිරි පෙළ කෝවිඩ් මර්දනය වෙනුවෙන්වු වැඩ කරන අයට,  ඒ එක්කම හෘද රෝගීන්ට, ඇදුම තියෙන අයට. ඊට පස්සේ,   අවුරුදු 80න් උඩ මහලු අයට  එන්නත ගැහුවා.. ඊට පස්සේ වයස 60-70. ඊට  පස්සේ වයස 50-60.  ඉන් පස්සේ අපි වගේ 50 න් උඩ. අගමැතිත්  වෙලා මිනිහත් ගහගත්තේ එතකොට.    මේ රටේ වයසක මිනිස්සු තමයි රට හදන්න උදව් කළේ. අනුන්ගෙන් සූර කාල හරි නැතා හරි. උන් උන්ගේ වයසක එවුන්ට තමයි ඉස්සෙල්ල සලකන්නේ. රටට දහඩිය හෙලපු අය. ඒ අතරට අපටත් වැදුන. සුදු අයට විතරක් කියල එන්නත් ගැහුවේ නැහැනේ. 

ශ්‍රී ලංකා රජය මුලින් හරියට කළා. කොළඹ පැතිරෙන කොට කොළඹ අයට එන්නත් ගැහුවා. ඒකෙන් පැතිරෙන එක අඩු වුනානේ. ඒකම තමයි අනිත් රටවල් කළේ . පැතිරෙන පැති බලල ඒවල එන්නත  ගහල ව්‍යාප්ත වීම අඩු කළා.

අනික තමයි කොරෝන වයිරසය නොයෙකුත් විකෘති  හදනවනේ. (mutation ) ඒ වයිරසයේ හැටි.  ඒක සාමාන්‍ය දෙයක්. මට වැඩිය ඒව ගැන  දන්නා අය මේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නව. හැබැයි නවතම ප්‍රභේද ඔය විකෘතිය හරහා එනවා (New variants of a virus strain emerge through the process of mutation). ඉන්දියානු , බ්‍රිතාන්‍ය, දකුණු අප්‍රිකා වගේ. ඒවා ටිකක් සැරයි.

ඉතින් දැන් වෙනම  එන්නත් ගිහින් ගැහුවට එච්චරම වැඩක් නැහැ තමන් ඉන්න පළාතේ ආසාදිතයන් වැඩි නම්. මොකද වෙන ප්‍රභේදයක් හැදෙන්න ඕන තරම්  අවකාශ තියනවා.  හොඳම වැඩේ තමන් හැසිරෙන ගම නගරයේ හැමෝටම එන්නත ගහන එක.
ඊටත් වැඩිය හොඳ වැඩක් තමයි, කෝවිඩ් හැදිලා මැරෙන්න වඩා ඉඩ තියෙන හෘදයාබාධ රෝගීන්, පිළිකා තියන අය, අඩුම රෝගීන් , අධික රුධිර පීඩන රෝගීන්ට මුලින් ගහන එක, රට වෙනුවෙන් දිවිය කැප කරපු විශ්‍රාමික අයට එන්නත ගහන එක. මේ වෙසක් එකේ ඒක හොඳ වැඩක් නෙමේද? ධර්ම රාජ්‍යයක් වශයෙන්, බෞද්ධයන්   වශයෙන්.  වැඩිහිටියෝ මහලු නිවාස වල දාලයන  සුද්දෝ, යුරෝපියයන් ඒක  කරනවනම් ධර්ම රජයකට කරන්න බැරි කමක් නැහැනේ. ශිෂ්ඨසම්පන්න මිනිසුන් වශයෙන් කරන්න බැරි දෙයක් නෙමෙයි. 

අන්තිම වශයෙන් මගේ බිරිඳ  අසනීප වෙලාවෙත් මේක ලිව්වා. කොරෝනා හැදුනු පසු මොන බෙහෙත් ද ගන්නේ -ආයුර්වේද එපාද  කියල ලිපියක්. කෝවිඩ් හැදිලා කියල දැනුනොත් ඇඳෙන් බහින්න එපා. ඇවිදින්න එපා. වැසිකිලි කැසිකිලි යනව ඇරෙන්න මුකුත්ම  කරන්න එපා. අමාරු වෙනවා.. එකපාරට මැරිලා වැටෙන්න තරමට හතිය, මහන්සිය වැඩි වෙන්න පුලුවන්.   දීර්ඝ ගමන් වුනත් ඉතාම වෙහෙසකාරී දෙයක්. ඇඳේම ඉන්න.   කෑම ගෙනත් දෙන්නවත් කෙනෙක් නැත්නම් ඉතින් කොහොම හරි රෝහලකට යන්න වෙනව.


ඔබ සැමට සුබ වෙසඟක්  

පින්තුර ගත්තේ මම. මේ පාර  ලංකාවට ගිය වෙලේ. එක්තරා දරුණු  කාලයක පාරවල් වල  අතුරුදහන් වුනු  තරුණ තරුණියන්  උදෙසා හදපු පන්සලක්ලු. හාමුදුරුවරු නැහැ. ඒක බලාගන්නේ  දායකයන් පිරිසක් විතරයි. බොල්ගොඩ පාලමෙන් තමයි තරුණ තරුණියන්ව දාල තියෙන්නේ. දුක විඳපු රටක්. දුක් දන්නා රටක්. ශිෂ්ඨසම්පන්න වෙන්න කාලේ හරි නේද?










14 comments:

  1. මේ බන්ඩාරගම හරියේ තියෙන පන්සලද?

    ReplyDelete
    Replies
    1. ඔව් බොල්ගොඩ පාලම, තුන් බෝධිය කියල කියන්නේ

      Delete
    2. පිලියන්දල කටුබැද්දපාරෙ පාලමට ඉස්සෙල්ලා තියන එක නෙමෙයිද?

      Delete
    3. පානදුර රත්න පුර පාරේ බොල්ගොඩ පාලම ගාව , බණ්ඩාරගමට ළඟයි

      Delete
  2. අජිත් මහත්තයෝ, ලෝක පුදුමයක්.... කාමුදුරුවරු නැති, දායකයන් විසින් බලා ගන්නා පන්සලක් ගැන අපට කිව්වාට ගොඩක් ස්තුතියි. මට තියෙන එකම පුදුමේ ඔය වැකි ඒ විදිහටම තව කොයි කාලයක් කියන්න හැකි වෙද කියන එක.

    තියෙන ඉසව්ව දැනගත්තු ගමන් කවුරු හරි චීවරධාරියෙක් රිංගා ගනියි..... කපුටු බෝ ගහක් ලොකු වුණත් ඇතිනේ, එතැන අසපුවක් අටවා ගන්න.

    ReplyDelete
    Replies
    1. ඕක මිනිස්සු ඇවිත් මල් පහන් තියල හැදුනු එකක් කියල කියන්නේ. දායක සභාවක් විතරයි ඉන්නේ

      Delete
  3. ඔබ සහ පවුලේ සැමටත් ප්‍රීතිමත් වෙසඟක් වේවා!

    හැබෑටම, "ප්‍රීති වෙසක්" කියන්නෙ ඇයි දන්නෑ? පොඩි කාලෙ නං. තොරන්, බකට්. කූඩු සහ විශේෂයෙන්ම දන්සැල් නිසා ප්‍රීතියක් තිබුණ තමා.

    ReplyDelete
    Replies
    1. අර "ප්‍රීති" එකෙං ආවද දන්නේ නැහැ , පුංචි පවුල රත්තරන් , ප්‍රීති වෙසක්

      Delete
    2. වෙසඟක්. න?
      ප්‍රීති වෙසක් නම් ආවෙ මෙරී ක්‍රිස්මස් කියන එක කොපි කිරීමෙන්
      භක්ති ගීත කොන්සෙප්ට් එක ආවෙ ක්‍රිස්මස් කැරොල්ස්වලින් වගේ

      Delete
    3. ඔන්න onomasiologist කෙනෙක් ගෙන් උත්තරයක් ආව

      Delete
  4. මමත් අවුරුදු 10කට විතර පස්සේ මේ වෙසක් එකට වෙසක් කුඩුවක් හැදුවා .. හෙහ් හෙහ් .. වෙන අවුරුදු වලට වෙසක් දාටත් කොහේ හරි රස්තියාදුවක් යනවා මිසක් ඕව කරන්න හිතෙන්නේ නැහැනේ.

    මෙහෙ නම් පන්සල් යන්නත් බැහැ. ආගමික ස්ථානත් වහල.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත . කෙල්ලෝ පොඩි කාලේ හැදුව. ඊට පස්සේ නැහැ . මෙහෙ අහල පහල මොකෙක් වත් දන්නෙත් නැහැනේ.

      Delete
  5. මම දැක්කෙ නිකන් වෙසඟනක් වගේ..හා..හා.. ප්‍රීති වෙසක්...!!

    ReplyDelete
    Replies
    1. දෙකම ප්‍රිතිදායකයි :)

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .