Saturday 22 May 2021

වර්තමාන කෝවිඩ් තත්වය

මුලින්ම ලිවිය යුත්තේ මෙවැන්නක් ලිවීමේ පරමාර්ථය බිය ගැන්වීම නොවන බවයි. බ්‍රිතාන්‍යයේ පසුගිය මාස දෙකහමාරක තත්වය අසාමාන්‍ය විය. දිනකට එක්දහස් පන්සියක සිට දෙදහස දක්වා කෝවිඩ් වැළඳුනු රෝගීන් ප්‍රමාණයක් මිය ගියහ. නමුත් රටේ ජනතාවට එන්නත් දීම වේගවත් කිරීම හා   සමගාමිව ලොක්ඩවුන් ක්‍රමයද ක්‍රියාත්මක කිරීම මියයන ප්‍රමාණය හා ආසාදිත වන ප්‍රමානය අඩු වී තිබේ. එසේම  නිවෙස් වල හමුවීම් සීමා කිරීමෙන්, මංගල උත්සව ආදිය තහනම් කිරීම, පබ් වසා දැමීම  ආදී ක්‍රම පිලි පැදීමද මෙයට දායක වී තිබේ . කෙසේ වෙතත් ඉන්දියානු ප්‍රභේදය මේ තත්වයට කෙසේ බලපාන්නේද යන්න තවමත් කිව නොහැකිය.

ගිය අවුරුද්දේ මාර්තු වල ශ්‍රී ලංකාව කොවිඩ් තත්වය මැඩීම අතින් ඉදිරියෙන්ම සිටියත් නවසීලන්තය,  ජර්මනිය සහ බ්‍රිතාන්‍ය  වැනි රටවල්  කොවිඩ් මර්දනය හොඳින් කරන රටවල් ලෙස ඉදිරියේ තබා යුරෝපීය වාර්තාවක් එළි දක්වා තිබුණි. ඒ මන්ද යන්න ලංකාවේ බොහෝ අය ප්‍රශ්න කොට තිබුණි. සමහරු ශ්‍රීලංකාව එකට දමා ඕස්ට්‍රේලියානු වාර්තාවක් ද සකසා  තිබුණි. එහිදී පෙර කී යුරෝපීය වාර්තාවේ  සඳහන්  කොට තිබුනේ වසංගතය වැඩිවන තත්වයකදී තිබෙන ICU ඇඳන් ගණන, රටක සෞඛ්‍ය  ක්ෂේත්‍රය ට  එය මැඩීමට ඇති හැකියාව ආදිය ගැනද සිතා බලා මුල් වාර්තාව සැකසූ බවයි. ශ්‍රී ලංකාව  ජර්මනියටත් වඩා පහලට දැමුනේ එනිසාය. ඔවුන් නිවැරදි බව දැන් වැටහෙනු ඇත.  



එනිසා නැවතත් ලංකාවේ තත්වය දත්ත මගින් විමසා බැලුවෙමි. මෙහි ආර් R අගයන් ගැන 2020 මාර්තු මාසය කාලයේ ලියා ඇති ලිපි වල සඳහන් කෙරෙන නිසා ඒ  ගැන ලියන්නේ නැත. එකොනමැට්ටා ගේ බ්ලොගයේද R අගයන් ගැන ඇති තරම් ලිපි ලියා තිබේ. කෙනෙකුට මගේ බ්ලොගයේ යොමුවෙන්  ඒ පැත්තට ගොස් කියවා ආ හැකිය.

ශ්‍රී ලංකාවේ දත්ත මා ලබා ගත්තේ https://www.worldometers.info/coronavirus/ වෙබ් අඩවියෙනි. 

ඒ දත්ත විමසා බැලූවිට මැයි අග වනවිට R0 අගය 1.3 හා 1.5 අතර දෝලනය වන්නේ නම් ආසාදිත සංඛ්‍යාව එක්ලක්ෂ අසුදහසේ සිට අනූදහස දක්වා වනු ඇත. ජූනි 14 වනවිට මේ අගයන් දෙලක්ෂ විසි දහසත් දෙලක්ෂ තිස් දහසත් අතර වේ.  මීට ලියා  පදිංචි නොවූ සංඛ්‍යාවන් ද ඇතුලත් කළහොත් මේ ප්‍රමාණය මීට වඩා වැඩි විය හැකිය.   දින ගනනට සාපේක්ෂව අනුලෝමව වැඩි වීමක් පෙන්නුම් කරන්නේ තවමත් එන්නත් කිරීම් හෝ ලොක් ඩවුන් කිරීමේ බලපෑම මද බව නිසා විය හැකිය. 

මරණ සංඛ්‍යාවද වැඩි වන්නේ අනුලෝම වශයෙන් බව පෙනේ. දින හතකට  කට අටකට වරක් මරණ සංඛ්‍යාව එකවරම වැඩි  වේ. මේ පිළිගත හැකි තත්වය අනිකුත් බොහෝ රටවලද එසේමය.  මේ අනුව මැයි අග වන විට අසූවක් පමණ රෝගීන් දල වශයෙන් ජිවිත හැරයනු  ඇති බවත් ජූනි 14 වනවිට එම සංඛ්‍යාව 140 ක් 150 පමණ වන බවත් පෙනේ.  මේ තත්වය මග හැරිය හැකි යයි මට සිතෙන්නේ නැත. එයට හේතුව අප නොදන්නා සංඛ්‍යාවක් රෝගය වැළඳී ඇති බව පෙනෙන හෙයිනි.  අප නොදන්නා තවත්ශ්‍ සංඛ්‍යාවක්රී ද මිය යන හෙයිනි.  ලංකාවේ pcr පරීක්ෂණද එක පිළිවෙලකට කරන ලද්දක් ලෙස  මම නොදුටුවෙමි. ඒවා එහෙන් මෙහාන් මිනිසුන් නවත අහඹු ලෙස කරන බවක් දුටුවෙමි.  (මෙහෙදී මා වැරදි විය හැකියි)   පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ද කිසියම් වැඩ පිළිවෙලක් ඉදිරිපත් කර ඇති  බව පෙනේ.  මේ වැඩ පිළිවෙළවල් ඉදිරිපත් කිරීමේ වරදක් නැත. නමුත් අඩු ආදායම් ලාභී රටක් ලෙස පූර්ණ ලොක් ඩවුන් කිරීමකට යාම හෝ ඇඳිරි නීති පැනවීම මගින් අඩු ආදායම් ලබන ජනතාව  දැඩි අපහසුතාවයකට පත්වීම ද දැඩි ලෙස කල්පනාවට ගත යුතු කරුණකි.

මගේ අදහස නම් ඇමරිකානු වාර්තාව කියන පරිදි ශ්‍රී ලංකාවේ දිනකට දහසක් පමණ මියයන තරමට තත්වයක් එළඹීමට ඉඩක් නැති  බවයි. ඇමෙරිකානු වාර්තාවට මට වඩා දත්ත තිබිය හැකි බව පිලි ගනිමි. නමුත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ කැපවීම, රෝහල් වල තත්වය ආදිය බොහෝ අඩු ආදායම් ඇති රටවලට වඩා ඉහල තත්වයක පවතී.

රුසියානු සහ චීන එන්නත්  කෝටි  දෙකකට මදක් වැඩි ශ්‍රී ලංකාවේ  ජනගහනයෙන් භාගයකට වත් ලබා දුන හොත් ඔය කියන තත්වය  ඇති වන්නේ නැති බව මගේ අදහසයි. මා  කියන්නේ පළමු එන්නතෙන් ද කොවිඩ් ව්‍යාප්ත වීම සෑහෙන්න මැඩ පවත්වන බවට සාක්ෂි ඇති බවයි..  මේ නිසා 140 කට මා අනුමාන කර ඇති දිනක මිය යන ප්‍රමානය ජූනි අග වනවිට 200-250 පමණ විය හැකි වුවත් බ්‍රිතාන්‍යය හෝ ඉතාලියේ වැනි තත්වයකට පැමිණීමට ප්‍රථම වළකා ගත හැකිවීමේ ශක්‍යතාවය වැඩිය. ඒ සඳහා රටම එකතුව වැඩ කිරීමේ අවශ්‍යතාවය බරපතල ලෙස මතුව  පවතී.  
ඇමෙරිකානු වාර්තාවේ වගුව (එකොනමැට්ටා පෙන්වූ පරිදි) 
     





මගේ පරණ ලිපි මේවාය. 

17 comments:

  1. //මගේ අදහස නම් ඇමරිකානු වාර්තාව කියන පරිදි ශ්‍රී ලංකාවේ දිනකට දහසක් පමණ මියයන තරමට තත්වයක් එළඹීමට ඉඩක් නැති බවයි. //

    අජිත් මෙහි සඳහන් කරන ඇමරිකානු වාර්තාව කුමක්ද? IHME ඇස්තමේන්තු අනුවනම් දිනකට මරණ ගණන 150ක උපරිමයක් දක්වා යනවා. ඇස්තමේන්තුවේ 95% නිරවද්‍යතා පරාසය 51-435. සැප්තැම්බර් වන විට සමස්ත මරණ ඇස්තමේන්තුව 14,264ක් (95% නිරවද්‍යතා පරාසය 6,909-28,503). ඔවුන්ගේ කෝවිඩ් මරණ අර්ථදැක්වීමට කෝවිඩ් ආසාදනය නොවී වෙනත් හේතු මත (කෝවිඩ් වල ප්‍රතිඵලයක් ලෙස) සිදුවන මරණද ඇතුළත්. උදාහරණයක් විදිහට රෝහල් පහසුකම් සීමාවන් හෝ ඇඳිරි නීති ආදිය නිසා හෘද රෝගියෙක් හෝ වකුගඩු රෝගියෙක් මැරෙන්න පුළුවන්. කෝවිඩ් ආසාදනය වීමක් සිදු නොවුනත් මෙය වසංගතයේ ප්‍රතිඵලයක්. මේ පදනම මත ඇමරිකාවේ මේ වන විට සිදුව තිබෙන මරණ ගණන 920,000ක් පමණ වෙනවා.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ කෝවිඩ් හැදුනත් හෘද රෝගියෙක්, අක්මා වකුගඩු ආදියේ රෝගී තත්වයක් තිබුනොත් කෝවිඩ් ගානට ඇතුලත් කරන්නේ නැහැ. මම බැලුවේ මේ ලිපිය සහ තවත් එවැනි ලිපි.අගෝස්තු වන විට 30000-40000 උපරිමව මැරෙන්න පුලුවන් කියන්නේ දවසකට දාහක් මැරෙන්නේ පුළුවන් එකනේ කියල මම ගත්තේ. https://lankacnews.com/55470-2/

      Delete
    2. ලංකාවේ කියනවාට වඩා මරණ වැඩි පෙනෙන්නේ කෝවිඩ් හැදුනත් වෙනත් ආසාදිත තත්ව ඇති අය ඇමෙරිකාවේ හෝ බ්‍රිතාන්‍යයේ එකතු කලත් ලංකාවේ එය කරන්නේ නැහැ. මම ලින්ක් එකට ගිහින් බැලුව. cumulative figure එක ඔබ කියන ගනන තමයි.//ඉහත ප්‍රක්ශේපන අනුව දැනට පවතින සාමාන්‍ය තත්ව යටතේ අගෝස්තු මාසය නිම වන විට මෙරට කොවිඩ් මරණ 20,000කට වඩා වාර්ථා විය හැකිය.. ඉතා නරක තත්ව යටතේ එම ප්‍රමාණය 30,000 ඉක්මවීමේ අවධානමක් පෙන්වන අතර එය උපරිම වශයෙන් 40,000කට ආසන්න වීමේ ඉඩක්ද ඔවුන් දක්වා ඇත..//සිංහල වෙබ් අඩවියේ තිබූ මේ කොටස කියෙව්වේ එම මස තුල මුළු ප්‍රමාණය 30000-40000 වනු ඇති බවට. දිනකට දාහක්‌ කියන ගන්නන් මම ගත්තේ එහෙම. ඒක නිවැරදි කළා . ස්තූතියි

      Delete
  2. මා ඇතුළු සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා!
    පැතුම් පතන්නේ ඈත පන්සලකින් උදේ පාන්දරහිට යළිත් අරඹා ඇති මහා සද්ද පිරිත් සජ්ජායනය මැද්දේ..... ගිය වතාවේ බැරි වුණත් මේ වතාවේ පිරිත් බලෙත් වැඩ කරාවි.... විශ්ව ශක්ති පැන් මුට්ටි (අලුත් චීන කොලනියට) අයිති මූදට දැම්මාම සියල් දෝෂ නිවාරණේ වෙයි!

    ReplyDelete
    Replies
    1. එසේ වේවා යයි පතමි. අපේ අම්මා උදේ හවා මගේ පියා ලකින් බේරා ගන්නට පිරිත් කීවාය. වෙනත් මාර්ගයක් නැති කල යයි සිතා මම නිහඬ වුනෙමි.

      Delete
  3. අපි කොරෝනා හැදිලා මැරෙයිද සර්? දැන් නං මොකක් කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. පොඩි උන් ටිකත් ගෙට දාගෙන අපි ඉන්නවා ගේ ඇතුලට වෙලා.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ දේවල් ගැන කාටද කියන්න පුළුවන්. මට පේන විධිහ මේ. මගේ ගෙදර නිවැසියෙකුට හැදුනට මට හැදුනේ නැහැ. පරිස්සම් වුනොත් හැදෙන්නේ නැති බව තමයි මගේ අදහස. එකගෙදර හිටියත්. බය වෙන්නේ නැතිව , මිනිසුන් ගැවසෙන තැන් වල ඉන්නේ නැතිව සෞඛ්යරක්ෂකව හිටියොත්, තවත බෝවෙන රෝගයක් ලෙස සලකා පරිස්සම් වෙන්න. ගෙදර කාටහරි හැදුනොත් හැම වෙලේම වැසිකිලිය, කුස්සිය , කෑම ගන්න භාජන, විදුරු හොඳට පිරිසිදු කරන්න සබන් වතුරෙන්. ගෙයි දොරවල් ජනෙල් ඇරලා පිරිසිදු වාතාශ්‍රය තබා ගන්න. විශේෂයෙන් රෝගියා ඉන්න තැන. ඕවා තමයි කරන්න ඕනේ.

      Delete
  4. අජිත් මේක ලියාපු එක හොඳයි. කෝවිඩ් ගැන විශේෂඥයන්ගේ ප්‍රශ්ණාත්මක මත ගැන නං අනේ මන්දා? දැං ඔන්න කියනවා, කෝවිඩ් එයා-බෝන් කියල. මේ කොරෝනා කුලයේම, 2003 සාර්ස් රෝගීන් අතරින් දීර්ඝ කාලීන අතුරු-ආබාධ වාර්තා වුනත්, දැන් තමා කියන්නෙ කෝවිඩ් සහ එන්නත් වලත් අතුරු-ආබාධ තියෙන්නෙ පුළුවන් කියල. ඔය පැත්තෙ විශේෂඥයො නේද, රටෙන් බාගෙකට, ලෙඩේ බෝ කරල, පට්ටි-ප්‍රතිශක්තිය දෙන්න ලෑස්ති වුනේ?

    ReplyDelete
    Replies
    1. මම ඔය රැලේ ප්‍රතිශක්තිය ගැන ලිපි දෙකක් ලීවා කලින්. කොවිඩ් කොහොමත් වතාශ්‍රයේ තියෙනව කෙළ ගහන කොට හෝ ඒ කෙනෙක් ඉන්න කාමරයක. ඒක ඒ දවස්වලම කිවනේ. ජර්මනි වල පාසැල් ගෙවල් වල ජනේලරින්න කියල (ශීත කාලයේත්) නියෝග කලේ ඒකනේ . මීටරයක් පමණ දුරට කතා කලොත් විහිදෙනවා කියලත් කිවේ.

      Delete
  5. මම රජයේ නිලධාරියෙක්. තොරතුරු සෘජුව එලි කරන්න බැහැ, අන්තර්ජාල සේවා මොනිට කරන නිසා.

    ඊයේ කෝවිඩ් රෝගීන් 44 ක් මිය ගියා කියා නිවේදනයේ දැක්වුණේ. ඇත්ත ඒක නෙමෙයි. ඊයේ රෝගීන් 230 කට වඩා මිය ගියා.

    සියළුම මාධ්‍ය තුවක්කුවෙන් බය කරන් ඉන්නේ. වන විනාශයක් ගැන තොරතුරු ෆේස්බුක් එකේ දාපු, හිටපු ප්‍රාදේශීය ලේකම්, වර්තමාන ඉඩම් කොමසාරිස් කෙනෙක් පෙරේදා අත්තඩංගුවට ගත්තා කියලා නිවුස් දකින්න ඇති.

    රටේ තත්වේ හොදටම බයානකයි. මේ වෙනකොට ලක්ෂ 30 ක් කෝවිඩ් රෝගීන් ඉන්නවා. දිනකට මිනිස්සු 250 පන්නලා මිය යනවා.

    මහා මග මිනිස්සු වැටිලා මැරෙනවා. ඒ සියළු දත්ත සඟවනවා.

    මාත් හෙට දිනයේ මිය යන්න පුළුවන්. ඒත් තවත් ඉවසන් ඉන්න බැරිම තැන නම හෙළි නොකර මේ කොමෙන්ටුව ඔබගේ බ්ලොග් එකේ දමන්නේ. ඔබට කල හැකි දෙයක් කරන්න. අජිත්.

    හමුවෙමු නැවත, හැකියාවක් ලැබුනොත්..

    ReplyDelete
    Replies
    1. මහත්මයා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. සමාවෙන්න ඔබ කියන ගන්නන් නම් පිළිගන්න ඉතාමත් අපහසුයි. හෘද රෝගීන්. දියවැඩියා රෝගීන් , වකුගඩු රෝගීන් එකතු කලත් මේ ගන්නන් අසූවට වඩා නම් වැඩිවිය නොහැකිය. දත්ත අනුව බැලුවොත් ලංකාවේ ලක්ෂ දෙකහමාරේ කොවිඩ් රෝගීන්ට අමතරව තවත් ලක්ෂ දෙකක් පමණ විසිරි තිබිය හැකියි. පීසීආර් කරන්නේ අඩුවෙන් නිසා. නමුත් ඊයේ දිනයේ 230 මියයාම පිළිගැනීමට ඉතා අපහසුයි. වට්සැප් වයිබර් වැනි දෙයක් මගින් ඔබට පින්තූර යවා පෙන්විය හැකියිනේ. එසේම ලක්ෂ 30 - ජනගහනයෙන් එනම් රටේ 14% කෝවිඩ් තිබෙන්න විධිහක් තවම නැහැ. එහම නම් කලින් සිට පැමිණෙන අය වෙන්න ඕනේ. ගිය අවුරුද්දේ සිට. එහනම් දැනට ඒ අය සුව වෙලා. අනික එහෙම බය වෙන්න එපා. සඛ්‍යරක්ෂක ක්‍රම පිලි පදින්න. හැදුනොත් පුළුවන් තරම් විවේක ගන්න. ඇඳේ ම ඉන්න.

      Delete
    2. ඔබට මේ පිළිබඳව පිළිගත හැකි සාක්ෂි තිබේ නම් kolambagamaya@gmail.com ලිපිනයට හැකියාවක් ඇත්නම් එවන්න. බ්ලොගයේ පල කරමි.

      Delete
    3. මාගේ ජිවිතයට ඔබ වග කියනවද?

      හිටපු ප්‍රාදේශීය ලේකම්වරයෙක්/ වර්ථමාන ඉඩම් කොමසාරිස්වරයෙක් අත්තඩංගුවැට ගත්තා වන විනාශයක් ගැන තොරතුරු හෙළි කරයි කියලා.

      ඔහුගේ බිරිඳගේ රැකියාව අත්හිටෙව්වා.

      මගේ දරුවෝ දෙන්නට යන කල දසාව මොකක්ද මාව මැරුවොත්? මම ආත්මාර්ථකාමී වෙන්න ඇති.

      ඊයේ කෝවිඩ් නිසා දෙසීයකට එහා මිය ගියා. ඔබ අවනී අයත් එවැනි දේ කීවාම අවිශ්වාස කරන් එකයි මේ රජයේ ශක්තිය.

      Delete
    4. සාක්ෂි නැති දේවල් මම පිලි ගන්නේ අඩුවෙන්. අනික ඔයා දකින්න ඇති ඉකොන් ඇවිත් පෙන්වල දුන්නම මම එකත් නිවැරදි කළා.පැත්තක් ගන්නේ නැතිව ඇත්ත ලියන්නේ නැත්නම් අපි ලියන දේවලින් වැඩක් නැහැනේ. අනික මට ඊමේල් එකක් එව්වා කියල එහෙම වෙන්නේ කොහොමද? ප්‍රාදේශීය ලේකම්වරයා දාපු පින්තූර වල පෞද්ගලික ඉඩම් වලපින්තුර තිබ්බයි කියන න් එක ඇත්ත බව මට දැන ගන්නට ලැබුන. මම ෆේස්බුක් එකේ මිනිස්සු දාන හැමදේම ෂෙයාර් කරන්නේ නැහැ. ඇත්ත නෙමේ කියල හිතනවා නම් නිකන් ඉන්නවා. ඔයාට පුළුවන් ඉන්ටෙර්නෙට් කැෆේ එකකට ගිහින් එවන්න. මම මට ලැබුණු තොරතුරු වෙන කාටවත් දෙන්නේ නැහැ.

      Delete
  6. Replies
    1. බස්සෙකු ලෙස හැසිරීමට කොතරම් තැතනුවත් නියම බස්සෙකු වීමට නම් බසු බ්ලොග් එකක් තිබිය යුතුය.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .