Tuesday 31 March 2020

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරස් COVID -19 තත්වය - 2



ඔබ මේ සංඛ්‍යා බලා කලබල වෙන හෝ ආවේගී වන අයෙකු නම් මෙය කියවීම නොකළ යුතුය.

මගේ මුල් ලිපිය බ්ලොගයෙන්  බලන්න. ශ්‍රී ලංකාවේ කොරෝනාවයිරස් තත්වය

එම මුල් ලිපියේ  මා සඳහන් කළ අගයන් මේවාය .

//මේ නිසා ශ්‍රී ලංකාවේ එකවරම රෝගීන් වැඩිවීමේ අවදානමක් ඇත්තේ අප්‍රේල් 2 හා 4 අතරය. එනම් බොහෝ විට රෝගීන් සංඛ්‍යාව  1126 සිට 4198 දක්වා වැඩිවිය  හැකිය.
මේ ගණනට  එනවිට හතළිහක පමණ පිරිසකට එය මාරාන්තික විය හැකිය.මතක තබාගන්න මේවා ගණිතමය වශයෙන් එන සංඛ්‍යා මිස රටේ ඇඳිරි නිතිය පැවතීම වැනි සාධක සලකා බලා කරන පුරෝකථන  නොවේ.ඒ කියන්නේ ශ්‍රී ලංකාව හා එහි වැසියන් ගන්නා ක්‍රියා මාර්ග මත වාසනාවන්ත ලෙස එසේ සිදු නොවීමට ඉඩකඩ තිබේ. 
බ්‍රිතාන්‍ය හෝ ඉතාලිය වැනි රටවල මෙන්  වසංගත තත්වය ගැන  නොසලකා හිටියොත් අවුරුදු සමය වනවිට මේ  රෝගීන් සංඛ්‍යාව අටදහස දක්වා වැඩිවිය හැකිය.  මරණ සංඛ්‍යාවද සීයත් දෙසීයත් අතර වනු ඇත.
.//

ශ්‍රී ලංකාවේ රජයේත් , සෞඛ්‍ය  සේවාවන්ගේ ත් ජනතාව විසින් covid-19 සම්බන්ධ නීති රීති පිලි පැදීමත් නිසා මේ අගය අඩුවී ඇති බව පැහැදිලිවම පෙනේ. 

එම නිසා නැවත ගණනය කිරීමක් කරන ලදී. මේ අනුව අප්‍රියෙල් 2 හා 4 අතර  ආසාදිතයන් ගේ ගණන 275 (1126 වෙනුවට )  සහ 620 අතර වනු ඇත (ඇඳිරි නිතිය නොසලකා හැර ගණනය කර ඇත).,  ප්‍රතිජනන  අගය 2.2 ලෙස ගණනය කල හෙයින්  මෙය සාධනීය අගයකි.  නමුත් මේ අගයන් අනුව පුරෝකථනය කළහොත් නැවතත් අප්‍රේල් 8 වනවිටආසාදිතයන් ගණන  හය දහසක් දක්වා වැඩිවේ. අප්‍රේල් 15 වනවිට එය ඉතා ඉහල අගයක් ගනී. ඒ ගණන මම නොලියමි. එයට හේතුව ඇඳිරි නීතිය  හා වෙනත් ක්‍රියා  මාර්ගද සමාජීය පරතරය තබා ගැනීම වැනි ක්‍රියා මාර්ගද ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරන බැවිනි. එසේම  එවැනි ගණනක් ගැන මට සිතීමටද  නොහැකිය. ඒ  එය ලක්ෂ හයකට ආසන්න වීමය. පැතිරීමට බලපාන සියලු කරුණු සලකා බැලුවහොත් එවැනි ආසාදිතයන් ගණනක් ඇති වීමට සම්භාවතාවක් නැත.  

දැන් අපි ප්‍රතිජනන  අගය R0 =1.5 ලෙස ගනිමු. ඒ කියන්නේ මේ සංඛ්‍යාවේ අවම අගයයි. එහිදී අප්‍රේල් 2 හා 4 අතර අගයන් වන්නේ 220 සිට 400 කි. අප්‍රියෙල් 8 වනවිට මුළු ආසාදිතයන් ගණන වන්නේ 1700 කි.   මා මුල් ලිපියෙන් කීවේ  අවුරුදු සමය වනවිට රෝගින් ගණන අටදහසකින් වැඩි වෙතියි කියාය.මේ ගණනයට අනුවද එය එසේමය. එනිසා අප්‍රේල් 15 වනවිට මුළු ආසාදිතයන් ගණන වනුයේ 27000 කි.
 
මේ අප්‍රියෙල් 15 දක්වා ගණනය කළහොත්  ලැබෙන අංක  දෙක අතර ඇත්තේ (ප්‍රතිජනන අගය 2.2 ලෙස ගෙන හා එම අගය 1.5 ලෙස ගෙන ) අති විශාල වෙනසකි. 

එනිසා  මම  ලංකාවේ තත්වය ජර්මනියට සමාන කලෙමි. එයට හේතුව  ශ්‍රී ලංකාවේ මෙන් ජර්මනියේ  ද සෑම  රෝගියෙකුම  පරීක්ෂණයට ලක් කරන අතර ඒ හැම අයෙකුම  වෙන් කර ප්‍රතිකාර කරනු ලැබේ. 
ආසාදිතයන් හා මරණ අඩුවීමට මෙය ප්‍රධානම සාධකයක් බව පෙනේ.

ජර්මනියේ මෙන් ශ්‍රී ලංකාවේද වෙනත් නගර වලට යාමට අවසර නොමැත. ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාව තවම ඇත්තේ මෙම වසංගතයේ මූලික අවධියේ වීමයි. එනිසා මේ සංඛ්‍යා සැබවින්ම එලෙස වීමේ සම්භාවිතාව වන්නේ අඩු අගයකි.
ජර්මනියේ  ආසාදිතයන්  ගණන   100 සිට මුල් දින දහයට 1296 දක්වා වැඩිවීමක්ද ඊළඟ දින 10 තුල 18,323 දක්වා වැඩිවීමක්ද තිබුණි. ඊළඟ  එළඹෙන දින 11 තුල එය71,000 දක්වා වැඩිවුණි.

ශ්‍රී ලංකාවේ 31 දා වනවිට ආසාදිතයන්  ගණන 143 කි. ප්‍රතිජනන  අගය 2.2 නම් ඊළඟ  දින දහයේදී  (අප්‍රේල් 10) එය 21,000 දක්වා වැඩිවේ. ප්‍රතිජනන අගය 1.5 නම් එය 1210 කි. එනම් ජර්මනියේ සංඛ්‍යාවට සමානය. ඊළඟ දින දහයේදී එනම් අප්‍රේල් 20 වනවිට ප්‍රතිජනන අගය 2.2 නම් අසම්භාව්‍ය ලෙස වැඩිවෙන අගයක් ලැබේ (මුළු ශ්‍රී ලංකාවේම ජනගහනය). එය විය හැක්කක් නොවේ.  එහෙත් ප්‍රතිජනන  අගය   1.5 නම්     මේ ගණන ලක්ෂ දෙකකට සීමා  වේ. නමුත් ඔබ බැලිය යුත්තේ ජර්මනිය දෙසය. දින විස්සේදී ජර්මනියේ එම ආසාදිතයන් ප්‍රමාණය  හැත්තෑදහසක් පමණ වේ.  ශ්‍රී ලංකාවේ එය අසූදහසත් අනූ දහසත් අතර අගයක් වනු ඇත. ජර්මනියේ මේ ආසාදිතයන් ගණනට සාපේක්ෂව  මියගිය ප්‍රමාණය  682 කි. මේ අනුව ප්‍රතිජනන  අගය 1.5ටත් වඩා අඩු අගයකි. පහත සඳහන් ඉම්පීරියල් කොලේජ් වාර්තාවෙන් කියවෙන්නේ යයි. එනම් ප්‍රතිජනන අගය, රටක් ගන්නා ක්‍රියා මාර්ග අනුව අවම  අගය වන 1.5 ටත් වඩා අඩුවිය හැකිය.

ශ්‍රී ලංකාවේ ආසාදිතයන් ප්‍රමාණයද අප්‍රේල් 20 වනවිට ජර්මනියේ  දැනට ඇති ප්‍රමාණය ට වඩා දාහක හෝ දෙදාහකට  වැඩි අගයක් ගනු ඇතැයි සිතිය හැකිය.

(එංගලන්තයේ දැනට කිසිම ලෙඩ රෝගයක් කලින් නොතිබූ වයස 19 සිට 45 දක්වා වූ රෝගීන් 13ක් මිය ගොස් ඇත, එක අයෙක් මා හඳුනන අයෙකි.) 

මගේ යෝජනාව  නම් ශ්‍රී ලංකාව ඉන්දියාවට, මාල  දිවයින සහ බංගලා දේශයට දොර වැසිය  යුතු බවයි.  (සංචාරකයන්ට) දෙවන රැල්ල එන්නේ ඒ පැති වලිනි. ශ්‍රී ලංකා නාවික  හමුදාවේ සයුර යාත්‍රාව ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම  සඳහා යොදා ගත හැකිය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ආදිය ඉක්මනින් ඇඳන් යොදා පිළියෙළ කළ හැකිය. එසේ නොමැති  නම් පන්සල් සහ පල්ලි වල ඇති ශාලා රජයට පවරා ගත යුතුය.   

මේ දේශපාලන භේද , ආගම්  භේද නොතකා එක්වියයුතු අවස්ථාවකි.  

එසේම මේ තත්වයට එන්නට නොදී නිවසේ සිටිමින් වෛරසය පැතිරීම  වලකා ගත්තොත් මේ කිසිවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් එළඹෙන්නේ ද නැත.

මේ ලිපිය සකස් කිරීමේදී  මුලික  ලිපි දෙකක් උපයෝගී කර ගතිමි. ඉන් එකක් බේසියන් මොඩලය යොදාගත්  ලන්ඩන් ඉම්පීරියල් කොල්ජ් වාර්තාවකි.  මේ ලිපි දෙකම මෙහි තිබේ.




-කොළඹ ගමයා 
      


   

21 comments:

  1. මිනිසුන් බිය ගැන්වෙන ලිපි ලිවීමෙන් ඔබට ලැබෙන තෘප්තිය කුමක්ද මහත්මයා?

    ReplyDelete
    Replies
    1. මහත්මයා බංගලා දේශය ගැන කීවට අමනාප වෙන්න එපා. එහි 54 දෙනෙකුට මිය ගිය ප්‍රමාණය 6 කි. එහි සෞඛ්‍ය සේවයද හොඳ නැත. හැකිනම් ලංකාවට යන්න. නැතිනම් පරිස්සන් වෙන්න.
      මේ ලියන්නේ මිනිසුන් බය කිරීමට නොව බේරා ගැනීමටය. මිනිසුන් බේරෙන්නේ ඔවුන්ට දැනුම ලබාදීමෙන් මිස බොරු ලිවීමෙන් නොවේ.

      Delete
  2. මේකට පදනම් කරගෙන තියෙන්නෙ ඉම්පීරියල් මොඩල් එකේ worst case scenario එක නේද? ඔක්ස්ෆර්ඩ් වල ගුප්තා වාර්තාවෙන් පස්සෙ ඉම්පීරියල් predicted numbers drastic විදියත අඩු කරලා නේද quarantine measures සලකලා බලලා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රතිචාරයට. මෙහමයි. ඉම්පීරියල් මොඩෙල් එකේ මේ තත්වය අඩුවෙන හේතු ලියල තියනවනේ. දැන් මම ගත්තේ R0 2.2 - මේක මධ්‍යම අගය, ඉන්පසු R0=1.5. ඉලනගට ගත්තේ ජර්මනිය හා සංසද්නයක්. ජර්මනියේ මේ අගය ඊටත් අඩුයි නේ. එහම් ගත්තත් අප්‍රේල් මැද වෙනකොට ලංකාවේ 17000 ඉන්න ඕනේ. ලංකාව ඔය යන විධිහටම තත්වය පාලනය කරගෙන යන්න ඕනේ.
      // ඉම්පීරියල් predicted numbers drastic විදියත අඩු කරලා නේද quarantine measures සලකලා බලලා...// මේ වාර්තාවල අදහසත් ඒකම තමයි. මේ පුරෝකථනය අර විධි ක්‍රම අනුගමන හරියට කලේ නැත්නම් වෙන එකනේ. අනුගමනය කරනකොට අනිවාර්යයෙන්ම අඩුවෙනවා. නමුත් කල්පනා කරන්න asymptomatic carrier ලා ගැනත්. රෝගය වැළඳුනු බව නොපෙන්වන එහත් විසුරුවන සෑහෙන ප්‍රමාණයක් ඉන්නවනේ.

      Delete
  3. https://www.rt.com/op-ed/484548-coronavirus--people-die-outcome/

    ReplyDelete
    Replies
    1. මේක ටිකක් පරණ තර්කයක්. ඕකට හැම තැනම පිළිතුරු දීල තියෙනවා. දැන් බඩගින්නට 25000 ලෝකේ මැරෙනවා කියන එකත් ඔය වගේ. ලංකාවේ 88-89 කාලේ 60000 විතර මැරුන. එනිසා අපි මේකට බය වෙන්න ඕනෙද? නැහැ බය වෙන්න නෙමේ මේවා ලියන්නේ. දැනගන්න සහ ඒ අනුව වැඩ කරන්න. දැන් ඔය එංගලන්තේ 10000 flu වලින් මැරෙන එක ඇත්ත. නමුත් එම මැරෙන්නේ හදිසියේ නෙමේ. ක්‍රමානුකුලව. සිස්ටම් එකට බරක් නැහැ. නමුත් ශීත සමයේදී මේක වැඩි නිසා NHS එකට දරා ගන්න අමාරුයි කලින් අවුරුදු වලත්. GP සර්ජරි පිරිලා. ඒ ප්‍රශ්නය් කොහොමත් තියනවා. කියවලා ඇතිනේ. ලංකාවේ දොසතරලා මෙහෙ වැඩ කරන්නෙත් ඒකනේ. තව මදි. එනිසා තමා නොමිලේ FLU jab එකක් මේ රටේ දෙන්නේ. ඉන් herd immunity එකක් හදනවා.
      මෙතැන් වෙන්නේ ඉතා සීග්‍ර පැතිරීමක්. වැඩි ප්‍රමාණයක් මිනිස්සු සික් ගහනවා. නිෂ්පාදනය හා වැඩ කිරීම අඩු වෙනවා. NHS එකට වැඩ වැඩි වෙනවා. ඒ ඉතා ඉක්මන් (spike ) එක තුල මේ ආයතන කඩා වැටෙනවා. ඒකයි ප්‍රශ්නය. ඒක නවත්වන්න ඕනේ.

      Delete
  4. කියෙව්වෙමි

    ReplyDelete
  5. Ajith, comparing Germany is not a correct perspective to assess SL situation as local lock down measures are more strict than there, i suppose. Contagion nature is not very severe here compared to Germany. However your prediction do have some rationality for thoughts. Prolonged lock-down (at least past 20 Apr) going to be only a seemingly effective step now. But life of many citizens becoming tough though....some kind of sacrifice is expected from everyone.
    Lakmal

    ReplyDelete
    Replies
    1. No machan. In Sri lanka it is more strict as Sri lanka has curfew. Lock down is bit more easier on people. They can still go shopping, all the essential work still there etc. yes I know it is not severe now. That's why we are saying lock down is better than curfew. But if you look Germany has a closer level of limitation like in Sri Lanka. Both countries do testing. So Sri Lanka looks like going Germany's way. Either way you will end up having 17000-2000 near the end of this month. That was my prediction.

      Delete
  6. ලංකාව කවදා හෝ ඇඳිරි නීතිය ඉවත් කළ යුතුයි. කවදා හෝ ගුවන් තොටුපොළ ඇරිය යුතුයි. එසේ කළ විට වහාම රෝගය වේගයෙන් පැතිරිය හැකියි.

    ReplyDelete
    Replies
    1. එසේ වන්නේ නැත. ඔබ බීජෞෂණ සීමාව පසු කරන්නට ඉඩ දුන් පසු ලොක් ඩවුන් එකකදී වයිරසය් පතිරෙනේ වේගය අඩුවී මර්මස්ථාන පෙනෙන්නට ගනී. ඒවා වෙනම ම් ලොක් ඩවුන් කල යුතුය. ඉන්පසු එය කෙමෙන් අඩුවෙගන යනවා මිස වැඩි වන්නේ නැත . ඒ වනවිට වැක්සින් සොයා ගනු ඇත

      Delete
  7. මහත්තයා අපි දැන් දවස් ගානක් ඉදං කුසට හරියට කෑමක් ගත්තේ නැහැ. ඇඳිරි නිතිය නිසා එලියට යන්නත් බැහැ. වෙළෙන්දෙක් එළවලු අරන් ආවා. ඒ උනාට අතේ සල්ලි නැති නිසා ගන්න උනෙත් නැහැ. ඒවායේ මිලත් වැඩියි. නන්දසේන ජනාධිපතිතුමා අපිව හාමතේ මරන්නවත්ද සර් යන්නේ. ආණ්ඩුවෙන් දීලා තියෙන නොම්බර වැඩ කරන්නේ නැහැ. ඇල් වතුර බෝතලයක් පුරවාගෙන ඒක බිබී තමයි ඉන්නේ දැන් දවල් ඉදං. 6 වෙනිදලු ඇඳිරි නිතිය අයින් කරන්නේ.

    ReplyDelete
    Replies
    1. මහත්මයා , මම ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව, හා අලුත් පියාපත් සංවිධාන දෙකටත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහෝදර පියාපත් එකටත් කැමති මේ නිසයි. අනිත් දේශපාලන පක්ෂත් තම තමන් ගේ තරුණ පෙරමුණු හරහා එක්වී වැඩකළ යුතුයි. මෙය හැම මිනිහෙකුගේම ප්‍රශ්නයක්, ජාතික ආපදාවක්.
      මේ එක විධිහක් උදව් කරන්න.
      අනික තමා ආණ්ඩුවෙන් හැමෝටම සහනාධාර මුදලක් දෙන එක
      ඊළඟ එක අර නන්දන විරරතන සහෝ ලිව්ව විධිහට සමූපකාර ක්‍රමයක් හරහා ආධාර බෙදන එක. හමුදාව ඒවාට යොදවන එක . මානුෂීය හමුදාව කියලනේ කියන්නේ. ඒක කරන්න පුළුවන් දෙයක් නේ.
      මම පෞද්ගලිකවම නම් සපෝර්ට් ලොක්‌ ඩවුන් කරනවට , ඇඳිරි නීතියට නෙමේ. පාලනය කරගෙන වැඩට යන්න දීම. සමහර ආහාර කඩ හැර තැබීම. ගොවිතැන් වගේ දේවල් වලට ඉඩ දීම. (මිනිසුන් එක් රස නොවන තැන් වල )
      යෝජනා ටිකක් හදල හැමෝම සමාජ ජාල වල ප්‍රචලිත කරලා බල කරන්න බැරිද

      Delete
  8. අනේ සකෝ බළලෝ....2000 ක් සහ 500 තමා අපේ ධාරිතාව. මගේ නිර්ණායක අනුව 2000 ට අඩු ගණනක් අප්‍රියෙල් මාසය තුල ලෙඩුන් හමු විය හැක.කියන දේ නෝඅසන මුස්ලිම් ජනයා ශෝචනීය ජනයා දැනටමත් සීග්‍ර ගොදුරු බවට පත්වී ඇත. ඔබේ රටේ අයට දැනුම් දී ඉවත් කළ වෙන්ටිලටර් වැනි උපකරණ එවිය හැකි නම් අගනේය .

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ වනවා නම් ඔන්දය

      Delete
  9. අජිත් ධර්ම මහතා මුලික විදුලි ඉංජිනේරු උපාධිය ලබාගත් රුසියාවේ ජනාධිපතිධුරන්දර තැන්පත් අතිගරු ව්ලැද්මියර් පුටීන් මැතිතුමා සහ ඇමරිකානු ජනාධිපතිධුරන්ධර ශ්‍රීමත් අතිගරු ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා අතර පැවති ද්විපාර්ශ්වික දුරකථන සාකච්චාවක ප්‍රතිපලයක් ලෙස රුසියාවේ නිෂ්පාදිත ඇන්ටනොව් 124 ගුවන් නැවක් පුරවා වෛද්‍යාධාර තොගයක් ඇමරිකාවට ඒවා තිබෙනවා නේද?

    අජිත් ධර්ම මහතා රුසියාව හෙලා දකිමින් කතා කලාට ආන්න බලන්න මහත්මයා රුසියාවේ තියෙන මානව හිතවාදී ගුණාංගය. සමාජවාදය නිසා නොවේද මෙලෙස ඇමරිකාවට පවා රුසියාව උදව් කරන්නේ. ඇමරිකාවේ, එංගලන්තයේ දහස් ගණන් මිනිසුන් වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව කොරෝනා රෝගයෙන් මිය යද්දී රුසියාවේ තියෙන සමාජවාදී ක්‍රමය නිසා නොවේද එම රටේ ජනතාව සුරක්ෂිත.

    ReplyDelete
    Replies
    1. රුසියාව අත්දැකීම් ගැන ලියපු මගේ නවකතාව කියෙව්වද (ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ) රුසියාව සමාජවාදී කියල කවුද කියපු එකා ? පෙන්වන්න බලන්න . රුසියවේ කොහෙද මනුස්සයෝ සමාජවාදයක්. ඒක ධනවාදී රටක්

      Delete
  10. දැන් නිකං මුන් මුන්ගේ ප්‍රජාතන්තරේ පුකේ බැඳන් ආව වගේ කතාව. මුන්ට සල්ලි හම්බකරගන්න අපි ඇබ්බැහි වෙයල්ලකො මුන්ගේ අම්මගේ රෙද්දට.

    ReplyDelete
  11. සමාවෙන්න අජිත් මහත්තයෝ ලිපියට කෙලින්ම අදාළ නැති විස්තරයක් කියනවට.

    24 වෙනිදා සිට අපට දිගටම ඇඳිරි නීතිය. මහරගම පමුණුව පාරට මෙතෙක් කිසිම බලකායක සැපයුම් රියක් ආවේ නැත. පරිප්පු දෙසීයට, පොල්තෙල් බෝතලය 400/ට ගන්නටය වෙලා තියෙන්නේ. ඒකටත් ඇඳිරි නීතිය නොතකා යන්න වෙයි.

    ජනාධිපති මාධ්‍ය ඒකකයේ නොම්මර හමුවී අපේ ගැටලුව කියන්නට ගිය විට වුනු දේ එහි ප්‍රධානී සුගීශ්වර බණ්ඩාර මහතාගේ fb එකට කමෙන්ට් එකක් විදිහට දැම්මේ වෙන කල යුතු දෙයක් නැතිම තැනයි. (ඒ පෝස්ටුවේය ඒකකය පැය 24ම් වැඩය කියලා අංකත් දමා තිබුනේ, මාර්තු 30 රාත්‍රී 10.47 ට)

    මේකය මා යැව්වේ.
    ‘Nimal Diaanayake ආයුබෝවන්. මම නිමල් දිසානායක. ඉන්නේ මහරගම පමුණුව පාරේ. මෙතෙක් කාර්ය සාධක බලකාය හා එක්ව එවනවා කී කිසිම සැපයුම් රියක් තියා අත් කරත්තයක්වත් තවම මෙහාට ආවේ නැහැ. පුද්ගලික ලොරියක් විතරයි ආවේ, පොල් හා බිත්තර අරගෙන. ඇඳිරි නීතිය නොතකා පාරේ යන වාහන, පුද්ගලයන් අනුගමනය කරන්නද අපට වෙන්නේ? මේ තත්ත්වය ගැන කියන්න 0112 354 354 ට කතා කළා. මහත්මයෙක් මගේ කතාව 0114 055 927 ට කියන්නැයි කීවා. කිව්වාම 0112 860 003 ට කතා කරන්නට උපදෙස් දුන්නා. එතැනින් කීවේ සතොස- 0112 436 301 හෝ කෝප් සිටි-0773 689 460 ට කතා කරන්න. සතොස සතොසේ ටෙලිෆෝනය උස්සන්නේ නැහැ. කෝප් සිටියෙන් අංගනාවක් කිව්වා 0112 354 354 ට අරන් මහජන සම්බන්ධතා අංශයට කියන්න කියලා. වටම ගිහින් ගෙටම ඇවිත්..., දැන් ඒ නොම්මරේ ගත්තාමත් ටෙලිෆෝනය උස්සන්නේ නැහැ. කරුණාකර කියන්නකෝ, තව කාටද කිව යුතු කියලා.’

    තවම උත්තර නැත. ලොකු අය ඔබේ බ්ලොගය කියවතියි හිතමි. මට උත්තරයක් කොරෝනා වසංගතය නැතිවෙන්නට පෙර ලබෙතියි කියලාද සිතමි.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .