Wednesday 15 June 2022

අදානිගේ සුළං විදුලිය , ක්‍රෙඩිට් ලයින් එක සහ මෝඩ මෝඩි


පෙසපේ පුබුදු ජයගොඩ වගේම ජවිපෙ ත් අදානි දාන්න හදන සුළං බලාගාරයට විරුද්ධව කතා කරන නිසා මට දැන ගන්න අවශ්ය වුනා එයාලගේ ස්ථාවරය සහ විරුද්ධ වෙනවට අමතරව එයාල යෝජනා කරන්නේ මොකක්ද කියල දැන ගන්න . මේක ජවිපෙ බහුතරයක් ඉන්න වට්සැප් ගෘප් එකක් ඇහුව. කවුරුත් පිළිතුරක් දුන්නේ නැහැ. වෙන තැනක් ලින්ක් එකක් හොයන්න ඇහුවම පරල වෙලා. ටෙන්ඩර් පටිපාටියට විරුද්ධව ගෝටා දුන් බව හෙලි වෙලා ඉවරයි. ඒකට ගෝටා ට දඬුවම් කරමු. එයා එලවන ප්රොජෙක්ට් එකේ නේ හැමෝම ඉන්නේ. රනිලුත් එලවමු. අවුලක් නැහැ. අදානි ගේ ප්රොජෙක්ට් එක ලංකාවට ගේන එක හොඳ නැත්ද ?
මේ වෙලාවේ ඩොලර් නැහැ බෙහෙත් වලට, කන්න බොන්න ගන්න මුදල් නැහැ. රටේ අපනයන අදායම දෙන ගාමන්ට් ඇතුළු කර්මාන්ත කරගෙන යන්න වත් විදුලිය නැහැ. තෙල් නැව් එන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාව කොහොමත් දැන් අත දාලා ඉවරයි.
අදානි ගේ ප්රොජෙක්ට් එක ගත්තොත් ඒකෙන් අවශ්ය ය කරන ඩොලර් ටිකක් හම්බ වෙනවා. රුසියාවෙන් තෙල් ගන්න පුළුවන් ඒකෙන්. විදුලිය එක පාරටම ලැබෙන්නේ නැහැ. මාස ගානක් යනවා තමයි. නමුත් ලංකාවට සල්ලි නැහැ හදන්න. ඉන්දියාවට බැරිනම් රුසියාවට කීවත් කමක් නැහැ . රුසියාව කීව ගමන් ඇවිලෙන පැත්තක් තියෙන නිසා ඒකත් අමාරුයි. ඇමෙරිකාව එන්නේ නැහැ දැන්ම. චීනේ සල්ලි දෙන්න බැහැ කියනව. එහෙම නැත්නම් ඔය කියන පක්ෂ දෙක 43 සේනාංකයේ කට්ටියත් එක්ක එකතු වෙලා බලය අතට ගන්න නොපමාව. මොකද තනියම ඔය කාටවත් බලයට එන්න බැරි සයිස් එකක් තියෙන්නේ කියල පේනවනේ දැනට.
මේ ප්රශ්න වලට කවුරු හරි පිළිතුරු දන්නවද?
අදානි ගේ ප්රොජෙක්ට් එක කොපමණ මිල වැඩිද? ඒකෙ යුනිට් එකක් කීයට විකුණනවද CEB එකට? ඒක ඩිසල් බලාගාර විකුණන ගානට වඩා අඩුද?
මේ ප්රොජෙක්ට් එකේ වෙන අය බිඩ් කලාද?
ඒ දෙවැනි හා තුන්වැනි තේරීම් තිබෙන ආයෝජකයන් සිටිනවාද? ඒ අයට මේ ප්රොජෙක්ට් එක අදානි ගෙන් අරගෙන දෙන්න බැරිද? (පිළිතුරු ඉන්බොක්ස් කලත් කමක් නැහැ.)

මම අහපු ප්‍රශ්න වලට විදුලි ඉංජිනේරුවකු වන බුද්ධික විජේවර්ධන මහතා පිළිතුරු දීල තිබුනා. ඒ මහතාට ස්තුතියි.
ඒකෙන් තව ප්‍රශ්න ටිකක් මතු වුනා.
මේ මම අහපු ප්‍රශ්න:
//අදානි ගේ ප්රොජෙක්ට් එක කොපමණ මිල වැඩිද? ඒකෙ යුනිට් එකක් කීයට විකුණනවද CEB එකට? ඒක ඩිසල් බලාගාර විකුණන ගානට වඩා අඩුද?
මේ ප්රොජෙක්ට් එකේ වෙන අය බිඩ් කලාද?
ඒ දෙවැනි හා තුන්වැනි තේරීම් තිබෙන ආයෝජකයන් සිටිනවාද? ඒ අයට මේ ප්රොජෙක්ට් එක අදානි ගෙන් අරගෙන දෙන්න බැරිද?//
මේ ඔහුගේ පිලිතුරු
//
අදානි ටෙන්ඩරයක් ඉදිරිපත් තරල නැහැ. මේක unsolicited proposal එකක් විදියට හෝ නැතිනම් G to G proposal එකක් හැටියට එන්නෙ. තරඟකාරීත්වයක් නැතිව මේවගේ විශාල පරිමාණයේ ව්‍යාපෘතියක් දෙන්න විදුලිබල පනතෙන් ප්‍රතිපාදන නැති නිසයි පනත සංශෝදනය කරන්න ඕන වෙලා තියෙන්නෙ. මේ පනත් සංශෝධනය දූෂණයට දොර විවෘත කිරීමක් විදියට තමයි CEB ebgineersල දකින්නෙ.
දැනට wind power unit එකක production cost එක ඉන්දියාවෙ නම් INR 3 කට අඩුයි. මෑතක CEB එක ADB funds වලින් කරපු 100MW Mannar plant එකේ cost එක unit එකට USD cents 4ට අඩුයි. අදානිට දෙන්න හදන්නෙ USD cents 7.55ට. පැහැදිලිවටම industry standard එක වගේ දෙගුණයක මිළකට අනවශ්‍ය තරම් wind resource ප්‍රමාණයක් දෙනව.//

මගේ පිළිතුර :
මේ කමෙන්ට් දෙකටම ස්තූතියි . අදානි ටෙන්ඩරයක් ඉදිරිපත් කරලා නැහැ කියල දැනුයි දැන ගත්තේ.  G to G proposal අමුතු දේවල් නෙමෙයි නේ. 
// මේ පනත් සංශෝධනය දූෂණයට දොර විවෘත කිරීමක් විදියට තමයි CEB ebgineersල දකින්නෙ.// මෙතැන ප්‍රශ්නේ තියෙන්නේ - (සමාවෙන්න මේක ලියනවට. මගේ යහළුවෝ කිහප දෙනෙකුත් CEB ඉන්නවා.) ටෙන්ඩර් අවශ්‍ය තැනත් සමාගම් පිහිටුවන් ඉන්න  CEB ඉංජිනේරුවෝ සහ බිස්නස් යහළුවන්ට ඒ ටෙන්ඩර් වලට අයැදුම් කරන්න කියල එයාලට ප්‍රමුඛතාව දෙනවා කියන චෝදනාව. එතැනත් දුෂණ වෙලා තියෙනවා කියන එක තමා ඔය කිහිප දෙනෙක්ම පහල කියන්නේ.
//INR 3 කට අඩුයි. මෑතක CEB එක ADB funds වලින් කරපු 100MW Mannar plant එකේ cost එක unit එකට USD cents 4ට අඩුයි. අදානිට දෙන්න හදන්නෙ USD cents 7.55ට. පැ// මේක තමයි මම හොයා හොයා හිටියේ, එතකොට අදානිට දෙන්නේ වැඩි ගානට. එතකොට ඔයා දන්නවද ඩිසල් බලාගාර වලට ගෙවන මුදල? 
 ඔයා දන්නවද ඩිසල් බලාගාර වලින් ඒකකයක් ගන්න ගාන , මේ තියෙන්නේ ඩිසල් තියෙන කාලේ 2020 ඒකකයකට ගෙවල තියෙනවා  රුපියල් 40 වගේ . මේ දිවයින වාර්තාවක්. 

//2021 රජයේ විගණන වාර්තාවලට අනුව මෙරට පෞද්ගලික ඞීසල් බලාගාරයකින් 2020 වසරේ ලංවිමට ලබාගත් විදුලිය සඳහා ඒකකයකට රුපියල් 39.52, 36.84, 28.30 ආදී වශයෙන් ගෙවීම් සිදුකර තිබෙන අතර ඒ සඳහා එම වසරේ පමණක් රුපියල් කෝටි 400ක් ලංවිම එම සමාගමට ගෙවා ඇත// එක සමාගමකට පමණක් . 

දැන් ඩිසල් ගණන් නිසා තුන් ගුණයක් විතර මේ ගාන වැඩි වෙන්න ඕනේ නේ . 
එතකොට අදානි  USD cents 7.55  කට ගන්නවා කියන්නේ  ඩොලරයකට රුපියල් 357 ගානෙ ගත්තත් රුපියල් 27යි.  ඒ කියන්නේ ඩිසල් 2020 දී ගත්ත  ගානටත්  වඩා අදානිත් අඩුයි.

// industry standard එක වගේ දෙගුණයක මිළකට අනවශ්‍ය තරම් wind resource ප්‍රමාණයක් දෙනව.// ඒ කියන්නේ පැහැදිලිවම industry standard එක වගේ තුන් ගුණයක මිලක් ඩීසල් බලාගාරවලට ගෙවනවා. දැන් කියන්න බලන්න කාටද මේ ඩිසල් බලාගාර වැඩිපුරම  අයිති කියල. විගණනයක් කරලා බලමුද?

ඊළඟ පොයින්ට් එක තමා - ඉන්දියාව ඔය ක්‍රෙඩිට් ලයින් එක දීලා තියෙන්නේ නිකන් නෙමේ. පෙනෙන්නේ නිකන් වගේ. මොකද ලංකාවට ඩොලර් සංචිත නැහැ. වෙන රටක් තියා IMF එක දෙන්නෙත් නැහැ. ඉන්දියාව තෙල් ගන්න පවා සල්ලි දෙනවා. අපට ඒකට ගෙවන්න බැහැ කියල ඉන්දීයාව  දන්නවා. ඒත් දෙනවා. මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි නේ .  අදානිට  ලාභයක් යනව. (බුද්ධික ගේ පිළිතුරට අනුව ඒක පැහැදිලියි) ඒ කියන්නේ BJP පක්ෂයට චන්දෙ ඉල්ලන්න  මුදල් ලැබෙනවා.. රනිල බැදුම්කර වික්ක වගේ එජාපයට චන්ද වලට දාන්න,   ඒක ඉන්දියාව පැත්තෙන් පට්ට දුෂිතයි. රාහුල ගාන්ධි හරි. ඉතින් අපට මොකද? ඉන්දියාව ඔයිට වැඩිය කැත වැඩ ලංකාවට  කරලා තියෙන එකේ . මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු  ජිවත් කරවන්න නම් මේ තෙල් ටිකයි ඉන්දියන් කෑම ටිකයි ඕනේ නැත්ද? මේ ක්‍රෙඩිට් ලයින් එකටත් දැන් කෙලවේගන යනවා නේද?  මේක තමා මගේ සිම්පල් ප්‍රශ්නේ. මොකද මට අවුලක්  නැහැ. මම ඉන්නේ එංගලන්තේ. 

ඉතා ඉක්මනින් ලංකාවේ රජය සම්පුර්ණයෙන්ම වෙනස් විය යුතු බව තමා මට හිතෙන්නේ. 

මේ ඩිල් එකට කෙලින්ම විරුද්ධ 43 සේනාංකය, ජවිපෙ සහ පෙසප ත් අනිකුත් අයත්  එකතු වෙලා  රජයක් පිහිටුවන්න. 

පහල මගේ වෝල් එකේ අනිකුත් මත ඇති. 
-අජිත් ධර්මකීර්ති 

අනිකුත් මත 

විදුලිබල මාෆියාව
⛔මන්නාරම සහ පුනරීන් වල මෙගාවොට් 500 බැගින් වූ සුළං විදුලි බලාගාර දෙකක් ඉදිකිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගමට දෙන්න යනවා.
😊 ඉතිං හොඳයිනෙ.
⛔ ඔව්. සුළං බලයෙන් විදුලිය නිපදවන එක හොඳයි. දැනටමත් ලංකා විදුලිබල මණ්ඩලයට අයිති සුළං විදුලිබලාගාරයක් තියෙනවා මන්නාරමේ. ඒකෙ නම් තම්බපන්නී. ඒකෙන් මෙගාවොට් 100 ක පමණ ධාරිතාවයක් ජාතික විදුලි පද්ධතියට එකතු කරනවා.
😮එහෙනම් ඇයි. විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති රටම අඳුරෙ තියන්න හැදුවෙ.
⛔ ලංකාවේ නීතිය අනුව මෙගා වොට් 25 ට වැඩි විදුලි බලාගාරයක් හදනවනම් ඒකට ටෙන්ඩර් කැඳවලා අඩුම මුදලකට විදුලි ඒකකයක් සපයන්න පුළුවන් කෙනාට තමයි ඒ ව්‍යාපෘතිය භාර දෙන්න ඕන.
😮 ඉතිං දැන් එහෙම නෙමෙයිද ඔය අදානි සමාගමට කොන්ත්‍රාත් එක දීලා තියෙන්නෙ.
⛔ නෑ. ටෙන්ඩර් කැඳවීමක් කරනවා වෙනුවට විදුලිබල පනත වෙනස් කරන එක තමයි ඊයෙ පාර්ලිමේන්තුවේ කරේ. දැන් ටෙන්ඩර් කැඳවීමකින් තොරව අදානි සමාගමට වැඩේ භාරදෙන්න පුළුවන්. ඒ පනත වෙනස් කරන එකට එරෙහිව තමයි විදුලි සේවකයො වර්ජනය කරේ. ටෙන්ඩර් කැඳවලා අඩුම මුදලකටවිදුලිය සපයන්න පුළුවන් අයට ව්‍යාපෘති භාරදෙන්න පුළුවන් විදියට පනත වෙනස් කරන්න කියලා තමයි වෘත්තීය සමිතිවල ඉල්ලීම වුනේ.
😮 එතකොට දැන් ඔය අදානි සමාගම විදුලිය සපයන්න එකඟ වෙලා තියෙන්නෙ අඩු මිලකට නෙමෙයිද ?
⛔ දැනට ලංකා විදුලිබල මණ්ඩලයට අයිති මන්නාරමේ තියෙන තම්බපණ්නි විදුලි බලාගාරය මගින් සුළං බලයෙන් නිපදවන විදුඉ ඒකකයක පිරිවැය ඩොලර් ශත තුනකටත් වඩා අඩුයි. ඒක මෙගාවොට් 100 ක බලාගාරයක්. අදානි සමාගමට භාරදෙන්න යන්නෙ මෙගාවොට් 500 ක ධාරිතාවයක් තියෙන බලාගාරයක් හදන්න. සාමාන්‍යයෙන් ධාරිතාවය වැඩියෙන් නිපදවද්දි පිරිවැය අඩුවෙනවනෙ. ඒත් අදානි සමාගම එකඟ වෙලා තියෙන්නෙ ඩොලර ශත 755 කට විදුලි ඒකකයක් සපයන්න.
😌 හැබැයි මේ වෙලාවෙ විදේශ ආයෝජන ඕන නේද ? අපිට ඩොලර් ඕන නේද ?
⛔ ඔව් මේ ව්‍යාපෘතිය සඳහා අදානි සමාගම ඩොලර් මිලියන 400 ක පමණ මුදලක් ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ ව්‍යාපෘතිය වසර 30 ක ව්‍යාපෘතියක්. මේ සඳහා ආයෝජනය කරන මුදල ඔවුන් වසර 03 කින් උපයගන්න බලාපොරොත්තු වෙන්වා. ඒ කියන්නෙ ඉතුරු අවුරුදු 27 පුරාවටම ඔවුන් අපේ රටෙන් ඒ වගේ විශාල ගුණයක ඩොලර් එළියට අරගෙන යනවා.
😮 කවුද මේ අදානි සමාගම ?
⛔ අදානි සමාගම තමයි ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් යොදවන්නෙ. මෝදි අගමැතිඋනාටපස්සෙ 2018 දී ඉන්දියවේ ගුවන් තොටුපොළවල් 06 ක් පෞද්ගලීකරණය කරන්න තීරණය කරනවා. ඒ ගුවන් තොටුපොළවල් 06 ම මිලදී ගන්නෙ අදානි සමාගම. ඒ වගේම අදානි සමාගම තමයි දැනට ඉන්දියාවෙ ඉන්න විශාලතම පෞද්ගලික වරාය මෙහෙයුම්කරුවා. ඒ වගේම විශාලතම ගල් අඟුරු බලශක්ති සැපයුම්කරුවා. මෝදි අගමැති වූවායින් පසුව අදානි සමාගමේ හිමිකරු ගෞතම් අදානිගේ දළ වත්කම් 230% කින් ඉහළ ගොස් තිබෙන අතර, ඇමරිකන් ඩොලර් බිලියන 26 ක පමණ රජයේ ව්‍යාපෘති ඔහු විසින් ලබාගෙන තිබෙනවා. කොළඹ වරායේ බටහිර ජැටිය දෙන්න ගියෙත් මේ අදානි සමාගමටම තමයි.
😮 ඒ කියන්නෙ මෙතන වෙන මොකක් හරි ගේමක් තියෙනවා
⛔ ඔව්. පසුගිය කාලෙ ඉන්දියාව දිගටම ලංකාවට ණයට තෙල් දුන්නා. ඒ අපට ආදරේට නෙමෙයි. ඔවුන් මේ අර්බුදය හරහා ලංකාවේ බලශක්තිය පිළිබඳ ඒකාධිකාරී බලය ඉන්දියාවට ලබාගන්න හදන්නෙ. ඒ හරහා ඉදිරියේදී එන ලංකාවේ ඕනෑම ආණ්ඩුවක් පාලනය කරන්න ඉන්දියාවට බලයක් ලැබෙනවා. ලංකාවේ දැන් ඉන්න ගෝඨා, රනිල් පාලකයන්ට ඒවා වැඩක් නෑ. ඔවුන්ට ඕන මේ වෙලාවේ බලය තමන්ගෙ අතේ තියාගන්න විතරයි.
- රොෂාන් අක්මීමන

ලංකාව සතු ජලය, ගල් අඟුරු සහ සුළං විදුලි උත්පාදන බලාගාර මගින් විදුලි බලය සඳහා ඇති දෛනික ඉල්ලුම සැපයීමට බැරි අවස්ථාවක මෙවැනි විදෙස් ව්‍යාපෘතියක් ඉතා වැදගත් වන්නේ ලංකාවේ රජයට හෝ සමාගමකට මෙවැන්නක් ඉදිකිරීමට කිසිසේත්ම මුදල් නොමැති නිසයි.
නමුත් මෙම ව්‍යාපෘතියෙන් ලංකාවට ඩොලර් ලැබෙනවා කියන එක නම් කෙලින් ම සිදු වෙන දෙයක් නොවේ. මෙම ඉදිකිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, යන්ත්‍රසූත්‍ර මෙන්ම මිනිස් ශ්‍රමය ද අදානි සමාගමට ඉන්දියාවෙන් ගෙන එන්නට හැකියි. ඒ කිසිවක් ලංකාවට ඩොලර් ලැබීමක් නොවේ.
දේශීයව මිලට ගන්නා භාණ්ඩ සඳහා සහ දේශීය ශ්‍රමය සඳහා රුපියල් වලින් ගෙවීමට අදානි සමාගමට ඩොලර් හෝ ඉන්දියානු රුපියල් ලංකාවට ගෙන ඒමට සිදු වෙනු ඇති. නමුත් ඒ සඳහා අදානි සමාගම ලංකාවේ බැංකුවකින් ණයක් ගත්තොත් පුදුම වෙන්න එපා. එය කළ හැකියි.
මට හිතෙන විදිහට මෙම ව්‍යාපෘතියෙන් ලංකාවට ඩොලර් ලැබෙනු ඇත්තේ අනියම් ආකාරයටයි. එනම් මෙම විදුලි බලාගාරය නිපදවා එයින් උත්පාදනය කරන විදුලිය ජාතික බෙදාහැරීමේ පද්ධතියට එකතු කළ විට අද කෙරෙන ඩීසල් පිච්චීම අවශ්‍ය නොවෙන නිසා සිදුවන ඉතිරියයි.
නමුත් ඒ ඩීසල් විදුලි බලාගාර ද තනිකරම වසා දැමීමට හැකි වෙතැයි මා සිතන්නේ නෑ එයට හේතුව සුළං බලාගාරය බිඳ වැටීමක් හෝ උත්පාදන කරන ජවයේ අඩුවීමක් හෝ සිදුවුණු විට ප්‍රයෝජනයට ගැනීම සඳහා තබාගත යුතු බැවිනි.

- රසික සුරිය ආරච්චි 

Thilak Hettiarachchi
තමන්ට ජනතාව අතර බෙදාහරින්න මාතෘකාවක් ලැබෙනවා නම් මෙයාලාට ඒක තමයි වැදගත්. රටට බලශක්තිය ගන්න වෙනත් උපක්‍රම හෝ ක්‍රියාමාර්ග ඇහුවොත් දෙසා බානවා අර සාම්ප්‍රදායික ටෙන්ඩර් පටිපාටි කතන්දරය. නමුත් ටෙන්ඩර් දාන උන් ඩීසල් මාෆියාව එක්ක එකතුවෙලා ගහන ගේම දැන් නිරුවත් වෙලා ඉවරයි නේ. එහෙම ටෙන්ඩර් දාන්න කියනවා නම් සුරැකුම් විදිහට ටෙන්ඩර් වටිනාකමින් ආපසු ගෙවන වත්කමක් හැටියට අවම 35% විතර තැන්පත් කරන්න කිව්වොත් එකෙක් දාන්නෙ නෑ ටෙන්ඩර්. අනික බංකොළොත් රටක ව්‍යාපෘති කරන්න එයිද කිසි කෙනෙක් වෙනත් යටි අරමුණු නැතුව. යටි අරමුණු අපිට උවමනා විදියට කළමනාකරණය කරගන්නයි ඕනේ. නැත්නම් ඉතින් හැමදාම 120/130 විතර අරගෙන 20 විකුණලා වැඩ කරන උන්ට අහස උසට පඩිත් ගෙවලා මහජන මුදල් කාබාසිනියා කරන ක්‍රමයට යමු. එතකොට සනීපයි නේ ඔය තියන අමාරු.

Ajith Priyankara
 මචං අජිත්දැන් අපි නොබැඳි පිළිවෙතක් නෙමේ අනුගමනය කරන්නේ, ගැති පිළිවෙතක්, ඒකෙ අවසානය ukraine අර්බුදය වගේ, මහා ව්‍යසනයක් කරා යන්නත් පුළුවන්, දැන් මේ ප්‍රධාන පක්ෂ දෙක අවුරුදු විසිපහකට තිහකට ආසන්න ව බලය දෙපැත්තට දෝලනය වෙනවා රනිල් අගමැති 6 මහින්ද ජනාධිපති මහින්දගේ සහෝදරයෝ ජනාධිපති, කනගාටුයි කියන්න , කෝ අපේ රටේ තිබ්බ අර දේශීය නිෂ්පාදන ටික තුල්හිරිය vetex වැල්ලවත්ත රෙදි මෝලේ වානේ සංස්ථාව කඩදාසි කම්හල පැලවත්ත සීනි සමාගම තව ගොඩක් අමතකයි සාමාන්‍ය පවුල් ජීවිත ගැටගහ ගත්තෙ ඒවයින් මුන් සම්පූර්ණයෙන්ම රටේ ජනතාව විනාශ කරා, මම අර උඩින් දැම්ම පෝස්ට් එක මතක තියා ගනින් කවද හරි ලංකාවෙ මිනිස්සුන්ගෙ වකුගඩුවට මිල නියමකරනවා අනිවාර්යයි

Wmk Samarasekara
 ටෙංඩර් කරනවා කියන්නෙ හොඳ එකක්. ඒකෙ තර්කයක් නෑ. නමුත් අපේ රටේ උන් ඒක අල කරනන්නෙ මෙහෙමයි. උන් ටෙංඩර් කීපයක්ම දාල අර නියම ටෙංඩර් කරු මකල දානව. උන් මේ වැඩේ කරන්නෙත් නෑ. කරන එකාට කරන්න ඉඩ දෙන්නෙත් නෑ.

ඇණයා රාජවිපක්ෂ
සාමාන්‍යෙයන් ලංකාවේ පලදායී නැති රජයේ විධායක නිළධාරීන් ගේ (පිදුරු කන්නෙත් නැති කන ගොනාට දෙන්නෙත් නැති) ස්තාවරය තමයි ජවිපේ ස්තාවරය, විදුලි ඉංජිනේර්වෝ එක්ක වැඩ කරලා අත්දැකීම් නෑ, වාරිමාර්ග ඉංජිනේර්වෝ ගැන දන්නවා, ජිවිතේටම අවුරුදු දෙකක් පන දාගෙන වැඩ කරනවා ඊට පස්සේ පඩ අර අර බුදියගන්නවා, ලංකාවේ ජල කළමණාකරණ ප්‍රතිපත්තියක් හදන්න ලොකුම බාධාව ඔවුන් තමයි.
කෘෂිකර්මයට බාවිත කරන ජලයට ප්මා‍රණය අනුව බදු අයකල යුතුයි, එය කිරීමට ප්‍රධාන බාදාව රජය වතුර බහු ජාතික සමාගම් වලට විකුනනවා කියා ගොවීන් අවුලවන ඉංජිනේරුවන්,

96 comments:

  1. තේරුනා කියල හිතනවා.

    දේසපාලුවෝ ලොකු හොරු
    රට වැසියෝ පොඩි හොරු
    ලංවිම ඉන්නෙ කම්බා හොරු

    මේක ආඞි හත් දෙනාගෙ කැඳ හැලිය වගේ, හැමෝම එක එකාව රවට්ට ගන්නවා. අපි ඔක්කොම හොඳ හොරු, තුන් සිංහලයම නෑඳෑයෝ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. අපි අපිම වග කියන්න ඕනේ තත්වයක්.

      Delete
    2. අපි අපිම වගකියන්න ඕනි නම් අපි අපිම කරන්න ඕනි, කරන්න පුලුවන් දේවල් මොනවද? (දැනට සිදුවන අරගලය හැර)

      Delete
    3. ප්‍රශ්නේ හරියට තේරුම් ගැනීමත් වැදගත්. අර ලිපිය හොඳයි

      Delete
  2. :-(
    ඇඹිලිපිටියේ සහ මාතර ඩීසල් බලාගාර වලින් ඒකකයක් ලබාගන්නේ රුපියල් එකසිය එකකට මීට කලින් ලබාගෙන ඇත්තේ රුපියල් 95 කට. මේ විස්තර මා දැනගත්තේ කෝප් කමිටුවේ දී විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී සහ උප අධිකාරීවරයෙකු පැවසූ කතාවලින්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. දැන් කල්පනා කරලා බලන්න අදානි ගේ හොර ඩිල් එකේ ඒකකය රුපියල් 27. අනේ මන්දා

      Delete
  3. ඉතා වටිනා ලිපියක්. කණගාටුව යමක් කරයි කියලා බලාපොරොත්තු තියපු දේශපාලන පක්ෂත් පටු මාවත් දිගේ අවස්ථාවාදී අරමුණු කරා ගමන් කිරීමයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මෙතැන ප්‍රශ්නේ. පොල්පොටිස්ම් කියල මට හිතෙනවා වෙලාවකට

      Delete
  4. ජේවීපී, පෙරටුගාමී කියන්නේ ලංකාවේ ඉන්න කුහකයන්ගේ පක්ෂ.

    මේ පක්ෂ වලට සහය දක්වන අයත් එහෙමයි. විරුද්ධ මත ඉවසන්න බැහැ. ෆේස්බුක් වල උනත් බලන්නකෝ. එයාලට විරුද්ධ අයට බැනලා, තර්ජනය කරලා අදහස් යටපත් කරන්න හදන්නේ.

    අජිත්ගේ ලිපිය මා බලාපොරොත්තුව සිටි එකක්. ඔබගේ පෙර ලිපියකත් මා මේ ගැන ඔබගේ අදහස් විමසුවා මතක ඇති.

    ඔබ සිතන විදියට විදුලි බල මණ්ඩලයේ සභාපති කෝප් කමිටුවේදී කල ප්‍රකාශය සිදු කලේ ඇයි? මෝදී බලපෑම් කරා කියන එක

    ReplyDelete
    Replies
    1. මම පක්ෂ ගැන කතා නොකර ඉන්නම්. මට කාඩ් එකක් තිබෙනවා නේ ඔය අය අතර මම රාජිත ගේ මිනිහෙක් (සම්පුර්ණයෙන්ම අසත්‍යයක්. අඳුරන්නේ වත් නැහැ). දීප්තිගේ පක්ෂයේ කියල (- එහෙම එකක් නැහැ). එනිසා මම ඒවා විවේචනය කරන්න යන්නේ නැහැ. ස්තූතියි . මම දන්නා කරුණු ටික ඒ ලිපියේ දැම්ම.
      //ඔබ සිතන විදියට විදුලි බල මණ්ඩලයේ සභාපති කෝප් කමිටුවේදී කල ප්‍රකාශය සිදු කලේ ඇයි? මෝදී බලපෑම් කරා කියන එක// හොයාගෙන ගියොත් එක්තරා රෝ ඔත්තුකරුවෙකු තමන්ගේ අධිපත්‍යය (ඉන්දියාව සම්බන්ධව) බිඳ වැටීම හා /හෝ සජබයේ බලපෑම මත - කියන දහස තමා මට තියෙන්නේ. ඒ කීමෙන් ක්‍රෙඩිට් ලයින් එක නැතිවී ආණ්ඩුව වැටෙන්න යන එක ස්ථිරයි. ඊට වඩා ප්ප්‍රශ්නේ මිනිසුන්ට කෑම නැති වෙන එක මටනම්. මම මරා වාදියෙක් හෝ ගෝටා වාදියෙක් නෙමෙයි. ඒ ගොල්ලෝ ගියාට මට ප්‍රශ්නයක් නැහැ. රනිල් ගියත් ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ ජනතාව ගැන ප්‍රශ්නයක් තිබෙනවා.

      Delete
  5. කොහොමත් සජිත්ටයි අනුරටයි අවස්ථාව දෙන්න ඕන මේ වෙලාවෙ. බාරගන්න බෑ කීවොත්/තවත් ඇනුවොත් එයාලාව දේශපා⁣ලනෙන් අයින් ම කරලා දමන්න පුලුවනි ඊළඟ ඡන්දෙන්. වැඩක් කරලා පෙන්නුවොත් ඊළඟ ඡන්දෙන් වැඩි බලයක් දෙන්න පුලුවනි. එහෙම නැතිනම් අපි තවමත් හිතාන ඉන්නෙ එයැයිලා කරයි කියලා නිසා ඊළග ඡන්දෙන් කරන්න පුලුවන් අලුත් එකෙක්ට එන්න නොදී ඉන්න එක තවත් අවුලකට රට ගෙන යෑමක් වේවි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මගේ අදහසත්. විරුද්ධ නම් අහල පහල පනින්නේ නැතිව අරගෙන කරන්න.

      Delete
    2. සජිත්ගේ හෝ අනුරගේ මේ අර්බුධයෙන් ගොඩ එන හරි හමං ප්ලෑන් එකක් නෑ. හරියටම අර සීතා පැන්ඩමික් එක මුලදී කිව්වා වගේ කොවිඩ් වලට බෙහෙත එයා දන්නවා නමුත් කියන්නේ නෑ වගේ මුන් දෙන්නත් කියන්නේ මට තනියම කරන්ඩ දෙන්ඩ එතකොට මම කරලා පෙන්නන්නම් කියල. කරයි ලබ්බක්!
      මේ වෙලාවේ රට ගොඩ ගන්නවාට වැඩිය මම කොහොමද දවසකටවත් රජා වෙනේ කියන එක තමා මුන් ඔක්කොම හිතන්නෙ.
      මේ හරක් පැටව් දෙන්නට රටට යාන්තමින්වත් ආදරයක් තියෙනවනම් මෙන්න මගේ ප්ලෑන් එක මීට වඩා හොඳ එකක් වෙන කවුරු හරි ගාව තියේනම් පක්ෂේ විසුරුවල උන්ටම එකතු වෙනවා කියල කියන්ඩ ගටක් තියෙන්ඩ ඕනේ පොන්නයො (සමාවෙන්ඩෝන වචනෙට) වගේ හැසිරෙන්නේ නැතුව.

      ජයවේවා!
      Myself Hattor

      Delete
    3. ප්ලෑන් එකක් ඒ දෙන්න ගාවම නැහැ කියන එක පැහැදිලියි. එකම ප්ලෑන් එක ටිල්වින් කියනවා වගේ පිටරට ඉන්න සමාජිකයෝ ඩොලර් එවයි කියන එක. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රමාණය නොදැන කියන කතාවක් කියල මට හිතෙන්නේ. එහෙම නැත්නම් ජවිපෙ පිටරට ඉන් අය බිලියනර්ස් ලා වෙන්න ඇති. ජවිපෙ යාලුවන්ගේ අදහස මොකක්ද?

      Delete
    4. දැනට හැමෝම කියන තර්කය ඕක තමයි. ගෝටා ගියොත් රට ඉන්න අය වැඩිපුර සල්ලි ටිකක් ඒවයි දැන් එවනවට වඩා කියලා?
      එයාලා තර්ක කරන්නෙ ගෝටා ඉදලා එන ඩොලර් ප්‍රමානයට වඩා ගියාම වැඩි පුර කීයක් හරි එයි ඒක නිසා හරි දැන් ගෝටා යන්න ඕනි කියලා.
      ඉතින් දැන් තියෙන තත්වයට සාපේක්ෂ්ව ඒක කොහොම බලපායි ද?

      Delete
    5. දැන් තියෙන ප්‍රශ්නෙට රට ඉන්න අය විතරක් එවල මදි. හැබැයි ගෝටා යන්න ඕනේ. ජේ ආර් ගේ ව්‍යවස්ථාව අනුව මිනිස්සු නැගිට්ටෝත් මිසක් එයාව යවන්න බැහැ. ගෝටා ඉන්නකන් ආයෝජකයෝ එන්නේ නැහැ. ක්‍රෙඩිබිලිටි එක ගිහිල්ල.

      Delete
    6. ගෝටා ගියොත් ඒක හැදෙන්නෙ කෝමෙයි?
      රනිල් එහෙම එකක් තියෙන ලෝකෙම පිලිගත් කෙනෙක් නේද?
      දැන් ඔන්න ධම්මික පෙරේරත් ඉන්නව නෙහ්, එයත් ඉතින් ඕවා දන්නවා ඇති නේද?
      මට නම් හිතෙන්නෙම ආයෝජකයො එන්නෙ එයාලට ඕනි දේවල් යටිතල පහසුකම්,විදුලිය වගේ දේවල් හොඳට තියෙන, ව්‍යාපාර වලට හිතකාමී පරිසරයකදි, ඒකට ගෝටා ගියා කියලා ලොකු බලපෑමක් වෙන්නෙ නෑ කියලා. මොකද එයා ගියත් එන්නෙ ඉතින් මේකේ කලින් ඉදලා හිටපු අයමයි නෙහ්🤔

      Delete
    7. //රනිල් එහෙම එකක් තියෙන ලෝකෙම පිලිගත් කෙනෙක් නේද?// එහෙම එකක් නැහැ. ගෝටා ගේ ආණ්ඩුව අස්ථාවරයි කියල මේ රටවල දන්නවා. ඒ නිසා කමිට් වෙන්නේ නැහැ. IMF කියන්නෙත් එක. රනිල් ආවට ආණ්ඩුව සත්වර නැහැනේ.

      Delete
    8. ගෝඨාභය රාජපක්ෂ රජය ස්ථාවර නැහැ

      Delete
    9. අහ් හරි. දේශපාලන ස්ථාවරත්වය ඕනි මුලින්ම නෙහ්😁😁

      Delete
  6. අජිත් මාමෙ,
    මාත් ඔන්න බ්ලොග් එකක් අටෝ ගත්තා කාලෙක ඉදලා හිතමින් ඉදලා😊
    ඒ පැත්තේ ඇවිත් යන්න එන්ටෝ🤗

    https://naveensandeepakumara.blogspot.com/2022/06/system-change.html

    ReplyDelete
    Replies
    1. හරි , ස්තූතියි , එන්නම්.

      Delete
    2. මට mail එකක් ආවා ඔයා කමෙන්ටුවක් දාලා කියලා, හැබැයි එහෙම එකක් හොයාගන්න බෑ නෙ😒

      Delete
    3. ඔව් ඇවිත් දැම්මා.

      Delete
    4. කමෙන්ටුව නම් කවුරු හරි kidnap කරල වගේ 😂 blog එකේ පේන්නෙ නෑ. එහෙමත් වෙනවද?

      Delete
    5. දන්නේ නැහැ. මම හැට්ටර් ගේ බ්ලොගේ සහ තවත් බ්ලොග් දෙතුන් තැනකම කමෙන්ට් දැම්මා . පල වෙලා නැහැ . ගූගල් ප්‍රශ්නයක්

      Delete
    6. අහ් ඒක තමයි සීන එක එහෙනම්😑

      Delete
  7. සේරම කියෙව්වා. කවුද හොරු නොවෙන්නේ, කවුද බොරු නොකියන්නේ කියලා නං හිතාගන්න බැරිව අන්දොස් වෙලා ඉන්නේ!

    ReplyDelete
    Replies
    1. අන්දොස් වෙනවා තමා මෙහෙම ගියහම. තියෙන හැම විස්නදුමටම විරුද්ද වෙනවනම් අරන් කරන්න තව බලා ඉන්නේ නැතිව. මොකද උඹලා කොහොම වෙතත් ලංකාවේ මිනිස්සු ප්‍රමාණයක් බඩගින්නේ ඉන්නේ.

      Delete
  8. බ්‍රිතාන්‍ය අගමැතිවරයා විසින් ශ්‍රී ලංකා අගමැතිට දුරකථනයෙන් අමතා සහය දෙන බවක් පවසා තිබෙනවා කියනවා නේද? මේ ගැන අදහසක් තිබෙනවද ඔබට අජිත් මහත්මයා?

    අනික තමයි ඔබ නිරීක්ෂණය කරාද ඇමරිකන් තනාතිපතිනිය මේ දිනවල ක්‍රියා කරන අන්දම. ඇය අගමැති රනිල්ගේ සිට සියලුම දේශපාලන පක්ෂ නායකයන් හමුවෙනවා. බම්බලපිටිය වජිරාරාමයටත් ගියා. කර්මාන්තකරුවනුත් හමුවෙනවා. හැබැයි තවම එයින් ඇරෙන්න වෙනින් සහයක් දෙන ආකාරයක් පේන්නේ නැහැ. ඇය(ඇමරිකාව) මොකක්ද මේකෙන් පෙන්නන්නේ? ඔවුන්ගේ කුමක් හෝ ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත් කර ඒවා ඉටු කරන්නේ නම් ඉහත කී සියල්ලන්ටම සහන දෙනවා යන්නද/ නැතිනම් නැවත වටයකින් බෞද්ධ නායකයන්, දේශපාලන පක්ෂ, කම්කරුවන්, ව්‍යාපාරිකයන් රජයට විරුද්ධව පෙළ නංවනවා කියලද?

    ReplyDelete
    Replies
    1. //බ්‍රිතාන්‍ය අගමැතිවරයා විසින් ශ්‍රී ලංකා අගමැතිට දුරකථනයෙන් අමතා සහය දෙන බවක් පවසා තිබෙනවා කියනවා නේද? මේ ගැන අදහසක් තිබෙනවද ඔබට අජිත් මහත්මයා?// මගේ අදහස නම් ශ්‍රී ලංකා අගමැති ඉස්සෙල්ල කතා කලේ කියන එක.බ්‍රිතාන්‍ය දැනට රුසියාවට එරෙහිව නොනිල යුද ප්‍රකාශයක් කරලා තියෙන විධිහට හැසිරෙන නිසා රුසියනු තෙල්, ගල් අඟුරු හා පාන් පිටි ගෙන්වීම සඳහා ශේප් කරගන්න. බ්‍රිතාන්‍ය ණයක් දැනට ලැබෙයි කියල හිතන්න අමාරුයි. ගෝටා යනකන් දෙන එකක් නැහැ.

      //අනික තමයි ඔබ නිරීක්ෂණය කරාද ඇමරිකන් තනාතිපතිනිය මේ දිනවල ක්‍රියා කරන අන්දම. ඇය අගමැති රනිල්ගේ සිට සියලුම දේශපාලන පක්ෂ නායකයන් හමුවෙනවා. බම්බලපිටිය වජිරාරාමයටත් ගියා. // ඔව් ඔව්. ඇය බෞද්ධ. සොෆ්ට් ඩිප්ලොමසි එක්ක යනවා නේද?

      //කර්මාන්තකරුවනුත් හමුවෙනවා. හැබැයි තවම එයින් ඇරෙන්න වෙනින් සහයක් දෙන ආකාරයක් පේන්නේ නැහැ. ඇය(ඇමරිකාව) මොකක්ද මේකෙන් පෙන්නන්නේ? ඔවුන්ගේ කුමක් හෝ ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත් කර ඒවා ඉටු කරන්නේ නම් ඉහත කී සියල්ලන්ටම සහන දෙනවා යන්නද/ නැතිනම් නැවත වටයකින් බෞද්ධ නායකයන්, දේශපාලන පක්ෂ, කම්කරුවන්, ව්‍යාපාරිකයන් රජයට විරුද්ධව පෙළ නංවනවා කියලද?// සිංහල බෞද්ධ රැල්ලක් නැවත ආවොත් (මේ වගේ වෙලාවට එන එකක් නිසා) ඒ පැත්තත් ශේප් කර ගන්නව කියල හිතෙන්නේ නැත්ද? ඔවුන්ගේ ඉල්ලීම තමයි ඉන්දියාවේ ඉල්ලීමත්. චීනය අයින් කරන්න කියන එක. රුසියාව සමග ඩිල් බැහැ කියන එක. නමුත් ඒ ගොල්ලෝ එහෙම නම් මීට වඩා උදව් කරන්න ඕනේ. මට හිතෙන්නේ සජබ රජයකට පොසිෂන් වෙනවා කියල. ඒ ගොල්ලට ජවිපෙ ෂුවර් නැතිව ඉන්නේ මට පේන විධිහට.

      Delete
    2. අජිත් මාමෙ,
      ගෝටා යනකල් ණය දෙන එකක් නෑ කියලා තිබුනා. එතකොට ගියාම ණය දෙන්නෙ මොන පදනමකින් ද?

      අනික චීනෙ, රුසියාව පැත්තට දැන් බලය යමින් තියෙනවා නේද ඇමරිකාව නෙහ් ප්‍රධානව කලින් බලයේ හිටියෙ🤔

      Delete
    3. ගෝටා ඉන්නකන් රට අස්ථාවර නිසා එහෙම වෙන්නේ. රුසියාව පැත්තට කොහොමත් යන්න වෙනව. චිනේ කෙසේ වෙතත්.

      Delete
    4. ඉතින් ඊට වැඩිය හොඳ නැත්ඩ් අදානිගේ ඩිල් එක ටිකක් තව සාකච්ඡා කරලා ගන්න එක. ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක තියාගෙන

      Delete
    5. ඒක නම් හොඳ ඇති ඉතින්, අපි කතා කරා කියලා නම් කරන්න බැරි දේවලුත් තියෙනවනෙ. ඕක දෙන එකට අපිට බලපෑමම් කරන්න පුලුවන් වෙයි ද? දෙන්න හෝ දෙන්න එපා කියලා.

      Delete
  9. ඕවා ගැන කතාකරලා වැඩක් නෑ. මේ රටේ අද තත්වෙට දේශපාලකයෝ විතරද වග කියන්න ඕනෑ?

    ඕනෑම ආයෝජනයක් එනකොට විකුණනවා විකුණනවා කියලා කෑ ගහන්නෙ දේශපාලකයෝ විතරද? විශ්වවිද්‍යාල ආචාර්යවරු, ගුරුවරු, හාමුදුරුවරු, රජයේ සේවකයෝ කෑ ගහන්නෙ නැද්ද?

    උදේට හිරු එකේ, දෙරණෙ, ස්වර්ණවාහිණියේ පත්තර කියවන බක පණ්ඩිතයොත් රට විකිණීම ගැන දේශනා කර කර මේවා කඩාකප්පල් කරනවා

    එහෙම කරලා දැන් අහනවා ඩොලර් කෝ? ආයෝජන කෝ කියලා?

    ලංකාවට බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක් ගේන්න උත්සහ කරන්නේ 1990 ගණන් වල. මෙහෙ උන් මරාගෙන මැරුන නිසා ඒක ගියා මැලේසියාවට. දැන් UK/Australia යන්න බැරි ලංකාවෙ ලමයි මැලේසියා යනවා.

    මේ මරි මෝඩකම් නිසා ලංකාවට අහිමිවුනු ආයෝජන බිලියන කීයක්ද?

    ReplyDelete
    Replies
    1. මහත්තයා මැරිච්ච ග්‍රැන්විල් රොද්‍රිගෝ නළුවාගේ මල්ලි කෙනෙක්ද?

      Delete
    2. ඒකත් ප්‍රශ්නයක් තමයි. ඔය ගැන ඇති තරම් මේ බ්ලොගයේ කතා කරලා තියෙනවා. ලන්ඩන් වල ඉන් ජවිපෙ සහ පෙසපේ යහළුවන් සමග නිදි මරාගෙන තර්ක කරලා තියනව. මගේ අවසාන අදහස වුනේ අන්තර විෂ විද්‍යාල ශිෂ්‍ය සනගමයේ කැඳවුම්කරු සහ තව ශිෂ්‍යයෙක් දාන්න කියල පෞද්ගලික විශ්ව විද්යල පාලන මණ්ඩලයට. රජය මගින් පටන් ගන්න කියල රුසියාවේ වගේ. ලකුණු පිළිවෙලට දෙන්න කියල. නැත්නම් ලංකාවෙන් ඩොලර් මිලියන් 12-20 දක්වා ප්‍රමාණයක් හැම අවුරුද්දකම රටින් ඇදිල යනවා විදේශ වල ඉගෙන ගන්න සිසුන්ට.

      Delete
  10. අජිත්, ඔබ චර්නබෝල් බලාගාරයේ අනතුර ගැන ලිපි 3 ක්‌ පමණද පල කරේ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඇනෝ තුමා. හතරවෙනි ලිපියට දත්ත සපයන්න සිටි යුක්‍රේනියානු ජාතිකයා නිහඬ වුනා. මගේ තර්කය වුනේ දැනට කියන කතාව වැරදි බව. මුල් සෝවියට් න්‍යෂ්ටික බලාගාරයේ (තවමත් වැඩ කරන) ඉඳන්ම ලීවේ ඒකයි.

      Delete
  11. නින්දෙන් කොස් ඇට බානකොට
    බළලගේ අත පිච්චුණාට පස්සෙ
    ඌ ආයෙ ලිප ගාව නිදා ගන්නෙ නෑ.

    ReplyDelete
  12. 2005ට කලින් ආතල් එකේ හිටපු ලංකාවෙ මිනිස්සුන්ට සංස්කෘතික කරෙක්ෂන් එකක් නිසා වෙච්චි දෙයක්!

    මට වඩා වයසින් බාල නංගිලා මල්ලිලාට ලියන වග නම්... (වැඩිහිටියන් මටත් වඩා අගේට මේ අත්දැකීම් විඳ ඇති බැවින්)

    2007 උසස් පෙළ කරපු මට හොඳටම මතක තියෙන දෙයක් තමයි ඒ දවස්වල හවසට රොටරියේ ක්ලාස් ඉවරවුනහම නුගේගොඩ හන්දියේ තිබුණු පැලස් හෝටලයට එකතුවෙන පාසල් යුනිෆෝම් ඇඳපු සිගරට් බලකාය.

    ක්ලාස් ඉවරවෙලා පාසල් යුනිෆෝම් එක පිටින්ම හෝටලේට ගිහින් මේසයක් වටේ ඉඳගෙන,

    "ගෝල්ඩ් ලීෆ් පහයි ප්ලේන්ටී පහයි" කියලා වේටර් මහත්තයට කිව්වහම එසැණින් සිගරට් පහයි ප්ලේන්ටී පහයි මේසෙට එන කාලයක්.

    එහෙව් කාලයක් 2008/09න් පස්සෙ ලංකාවේ තිබුනෙ නෑ. පාසල් යුනිෆෝම් ඇඳපු කොල්ලෙකුට කඩේ ඇතුළෙම ප්ලේන්ටී එකයි සිගරට් එකයි බීලා ගෙදර යන්න පුළුවන් කාලයක් ඊට කලින් තිබුනා.

    2007/08න් පස්සෙ මොකද වුනේ? හිංගලකමට ගරු කරන වෙස්මූණු රජාණන් කෙනෙක්ව බලයට ගෙනාවහම උන්නැහේ ඒක සිරා අරන් රජාට ඇන්දා. 21ට අඩු අයට දුම්පානය තහනම් කරලා සහ ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම් කරලා ගෙනාපු නීති රීති මාරයි කියලා ඒ දවස්වල වැඩිහිටියන්ටත් හිතෙන්න ඇති.

    "Edit : කමෙන්ට් කියවලා ලියන කෑල්ලක්. ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම තහනම් කළ එක හොඳයි. බස් වලත් ඉස්සර මිනිස්සු බොනවා, මළ කරදරේ. ගැබිණි මව්වරුන්ට එහෙම ඉතා අහිතකරයි. සිගරට් එක මෙතෙන්ට ගත්තෙ රජය විසින් විකුණන්න ඉඩ දීලා තියෙද්දි මිනිස්සු මිනිස්සු කාකොටාගන්න ප්‍රධාන භාණ්ඩයක් නිසා. ලිබරල් ආර්ථිකයේ මරු පිළිබිඹුවක් තමයි සිගරට් එක. ළමයි, සිගරට් බොන්න එපා. ඒක ඇඟට හොඳ නෑ. බොන අයට වද දෙන්නත් එපා ඉතින්. විකුණන්න තියෙනවා, වැඩිම බදු ආදායම දෙනවා. ඒවායින් අපිට නිදහස් අධ්‍යාපන දෙනවා, බෙහෙත් දෙනවා. (දෙනව නෙමෙයි "දුන්නා") හරි එඩිට් එක ඉවරයි."

    බැලු බැල්මට ඒවා පට්ට නීති. ඒත් ලිබරල් ආර්ථිකයක් තියෙන රටක එවැනි අවශ්‍යතා වලට වුවමනා රිප්ලේස් වෙන බව මේ රටේ පාලකයො දැනගෙන හිටියෙ නෑ. අනික තමයි ඇඩ්වර්ටයිසිං වල බලය. "21ට අඩු අයට" කියලා ලොකුවට දාපු ගමන් ඉස්කෝලෙ ළමයින්ට හිතෙන්නෙම ඒක කරලා බලන්න. මොකද උන් ආස නෑ තමන්ව පොඩියට පේනවට.

    ඒ නිසා මේ වෙනකොට ලංකාවෙ පාසල් දරුවො නැවතිලා තියෙන්නේ අයිස්, කුඩු, මාවා, ස්ටෑම්ප්, පිල්ස් ආදී මෙකී නොකී මත්ද්‍රව්‍ය ලෝකයක් මැද. ඒව පාවිච්චි කරන්නෙත් හොරට තැන් තැන්වල සෙට් වෙලා ඉතාම නරක විදිහට.

    නමුත් ඊට කලින් මිනිස්සු මානසිකව හරි ලිබරල්. එහා මේසෙ සර්ලා සිගරට් බොනකොට මෙහා මේසෙ ශිෂ්‍යයො සිගරට් බිව්වා. කවුරුත් උපදෙස් දෙන්න ගියේ නෑ. උපදෙස් දුන්නෙ ඉස්කෝලෙ ඇතුළෙදි විතරයි.

    ඔය රෝයල්, තර්ස්ටන්, මහානාම එකට ගියපු මගෙ පරපුරේ එවුන්ට මතක ඇති ඒ කාලෙ ඉස්කෝලෙ වෙලාවෙදි පවා රහීමා හෝටලේ තිබුණු දුම් ජාලාව. කවුරුත් හොර වැඩ කරන්න කියලා වෙනම කලර්ඩ් ඇඳුමක් අරගෙන ආවෙ නෑ. ඔක්කොම කරේ යුනිෆෝම් එකෙන්. පාසල් කාලෙ කියන්නෙ කුතුහලය තියෙන කාලයක්. එතකොට හැමදේම ට්‍රයි කරලා බලන්න ආසයි. හොඳ ද නරකද කියලා වැඩක් නෑ. පාසල් ළමයි එහෙම තමයි.

    සිගරට් නීතිය නිසා පාසල් දරුවන් දුම්වැටි වලින් ඈත් වුනා කියලද ඔබ හිතන්නේ? එහෙනම් දැන් දුම්වැටි වලින් රජයට පාඩු වෙලා තියෙන්න එපැයි.

    ඉතින් රටේ ජනතාව දුම්වැටි වලට ඇබ්බැහි නොවුනොත් ඉන් ලැබෙන බදු ආදායම රජයට ලැබෙනවද? ඒ නිසා අර වගේ නීති ගෙනාවට කවුරු කවුරුත් හැංගිලා බලාගෙන හිටියෙ පාසල් දරුවො ඒවට ඇබ්බැහි වෙනකම් තමයි. නැත්නම් ඕක එක සැරේ තහනම් කරලම දාන්න බැරියැ? මිනිස්සු හැමෝටම අහිතකරයි නෙ සිගරට්. මිනිස්සු හැමෝවම ඒක සැරේ බේරගන්න තිබුනනෙ.

    අපි බලමු ෆේස්බුක් එක දිහා...

    යොවුන් සහ තරුණ පරපුර හිතන්නෙ ලංකාවේ සංස්කෘතිය කියන්නෙ මහ හිරගෙයක් කියලා. ඒ නිසාම සංස්කෘතිය කියන නම ගෑවුණු ඕනෑම තැනකට පහරදෙන්න හිතෙන එක පුදුමයක් නෙමෙයි. වටිනා දහමක් වෙච්ච බුදු දහමටත් ගැරහුම් එන්නෙ ඒ නිසා.

    බුදු දහමෙ නෙමෙයි ප්‍රශ්නය තියෙන්නේ. ප්‍රශ්නය තියෙන්නේ "ඊනියා සංස්කෘතිය" තුළයි. හොර දේශපාලුවො, හොර හාමුදුරුවරු, ඇබිත්තයො, බොරු උත්සව ගැන තියෙන පිළිකුලයි මේ එළියට එන්නෙ.

    නූතන ඊනියා සංස්කෘතික විප්ලවය ලංකාවට එන්නෙ 2005න් පස්සෙ. ඒ නිශ්චිත මොහොතේ බලය අල්ලන්න ගේම් ගහපු වාමාංශික පක්ෂ පවා ඒ ඊනියා සංස්කෘතිය නිර්මාණය කිරීම පිළිබඳ වගකීම ගන්න ඕන. (දැන් දන්නෑ වගේ හිටියට)

    ඒ වෙලාවේ බලය අල්ලන්න තිබුණු ලේසිම ක්‍රමය තමයි ටයිකෝට් ඇඳපු ලංකාවේ ලිබරල් පක්ෂයේ ජනපති අපේක්ෂකයාට එරෙහිව සරම බැනියම අඳින, පෝයට බණ අහන දේශීය පින් ගොනෙක් බලයට ගේන එක. මැද මාවතේ සහ වාමාංශික හැමෝම එකතුවෙලා ඒක කරා ඉතින්. (වාමාංශිකයන්ට දැන් සැපද?)

    ඒකට මුල පිරෙන්නෙත් පියාණන් කෙනෙකුගෙන් තමයි.

    ReplyDelete
    Replies
    1. '77න් පස්සෙ ලිබරල් ආර්ථිකයක් එක්කම "ධර්මිෂ්ඨ සමාජයක්" ලබාගන්න ගිහින් ලංකාවෙ මිනිස්සු අනාථ වුණු අනාථවීම ජාත්‍යන්තර අනාථවීමක්. ලිබරල් ආර්ථිකයක් ඇතුළේ කොහෙද තියෙන්නේ ධර්මිෂ්ඨ සමාජයක්?

      ලිබරල් ආර්ථිකයකදී ලාබ මතනෙ ඔක්කොම පදනම් වෙන්නෙ. ඒ නිසයි සුබසාධන ව්‍යාපාර ටික රජය විසින් පවත්වාගෙන යා යුත්තෙ. මුන් ඒක කළේ අනිත් පැත්තට. සුබසාධන ව්‍යාපාර ඔක්කොගෙන්ම කොමිස් ගහන දුර්දාන්ත පාලනයක් ඇතිවුනා පුතාණෝගෙ පියාණන්ගෙ පාලනයෙන් පස්සේ.

      ඒ පියාණන්ගේ ප්‍රතිරූපය ගොඩනගන්න කරපු සංස්කෘතික බොරු නිසා ලංකාවෙම මිනිස්සු අනාථවුනා. 2005 මහ රජාණන්ගෙ ආණ්ඩුව කියන්නෙ පියාණෝගෙ ආණ්ඩුවෙම දිගුවක්. නරක දිගුවක්. ස්පීඩ් එක ඩබල්.

      '88/'89 කාලෙ කැලැන්ඩර් එහෙම තියෙනවනම් වැඩිහිටියන්ගෙන් ඉල්ලගෙන බලන්න. කාමුක ගෑණු ළමයි ඉන්න ලස්සන කැලැන්ඩර් ගෙවල් වල මහ සාලෙ මැදත් එල්ලලා තිබුනා. කවුරුත් ගෙහිමියාට උපදෙස් දෙන්න ගියෙ නෑ. ෆිල්ම් හැදුනා. වල් පත්තර තිබුනා... ලිබරල්.

      කැබරේ තිබුනා, ක්ලබ් තිබුනා, බොන්න තිබුනා. කවුරුත් උද්ඝෝෂණ එල්ලගෙන ආවෙ නෑ. ලිබරල් ඉකොනොමි කියන්නෙ එහෙම තමයි. එහෙම වුනහම තමයි රටේ සල්ලි සංසරණය වෙන්නේ. 2005න් පස්සෙ ඉතින් සංස්කෘතිකව මාරයි, ඒත් කන්නත් නෑ. සැපද? නැත්නම් ලැජ්ජ නැද්ද?

      '90 දශකයේ මැදදි පවා ලංකාවේ මිනිස්සු ලිබරල් මානසිකත්වයක හිටියා. වැව් වල, ගංගා වල නාන්න යන තරුණයො කලිසම ගලවලා යට ඇඳුම පිටින් නෑවා. බොක්සරුත් නෙමෙයි, ත්‍රිකෝණ හැඩැති නියම යට ඇඳුම් පිටින්. බොන එවුන් බීලා සින්දුත් කිව්වා.

      ඒත් ගමේ සෙට් එක එකතුවෙලා "අන්න පිටගමකින් ඇවිත් අපේ ගමේ අසැබි ලෙස හැසිරෙනවා යකෝ!" කියාගෙන උන්ට ගහන්න ආවෙ නෑ. එහෙම ආගන්තුකයින් සහ ගම අතර බෙදීම් ඇතිවුනෙත් රජාණන්ගෙ ඊනියා සංස්කෘතික විප්ලවය නිසා. ගමයි නගරෙයි මුන් බෙදුවා.

      ඉස්සර තාත්තලා ගෙවල් වල පාටි දානකොට "අමො අමො පොඩි ළමයින්ට එල්ල දෙල්ල එපා" ගාගෙන සංස්කෘතික රංගන දැක්වුවෙ නෑ. පොඩි එවුන් ළඟට ආවහම ඌටත් මූඩියට ටිකක් වක්කරලා දුන්නා. බඩේ අමාරු වලට හොඳයි කියලා. ඉතින් කොච්චර ලිබරල් ද? එහෙම වෙන්න එපැයි. ලොකු වුනහම පොඩි එකාට හොඳ නරක දෙකෙන් කැමති එකක් තෝරගන්න ඉඩදෙනවා මිස ඌට බැරියර් දැම්මෙ නෑ.

      ඔය ඔක්කොම අස්සෙ අපේ ඇඟට නොදැනී මරු වැඩ ටිකක් වුනා. ලංකාවෙ තරුණයො පැද පැද හිටපු ජපන් බයික්, ජපන් වාහන ටිකෙන් ටික වාෂ්ප වෙලා ඉන්දියන් බයික්, ඉන්දියන් වාහන, ඉන්දියන් නාට්‍ය, ඉන්දියන් සින්දු, ඉන්දියන් ෆැෂන්, ඉන්දියන් ඉන්දියන් ඉන්දියන් වෙලා ඔක්කොම ඉන්දියන්ම වුනා.

      අර "ඔයා ඉල්ලෙ ලෙතු කැල් පියල්" කියලා ගායකයන් දෙමලානුකරණය එන්නෙත් ඒවායේ දිගු හැටියට තමයි. ඒව දිග කතා.

      කොහොම හරි ලියන්න කම්මැලි වේගන එන හින්දා,

      '70, '80 දශකවල කොට ගවුම් ඇඳගෙන, මඟින් හම්බවෙන රත්නෙ අයියගෙ බයිසිකලේ මැදපොල්ලට බරවෙලා රවුම් ගහපු, ඒත් තමන්ගෙ සීමා දැනගෙන ආදරේ කරපු, පවුල් හැදුවට පස්සෙ අම්මලාගේ රාජකාරිය අකුරටම ඉටු කරපු ලංකාවෙ කාන්තාවන්ට සිදුවුනෙත්,

      මේ ඊනියා සංස්කෘතික විප්ලවය නිසා අනාථ වෙන්නම තමයි.

      නැවැත්තුවා. ලියන්න කම්මැලියි. ලිව්වා කියලා ඉතින් මේක ආයෙ හැදෙයි කියලය!

      කට උල් කරලා,

      "මුනුවද අප්ප මේ? හ: රටවල්ද? ඒ...ව්!"

      Delete
    2. ගොඩක් දුරට එකඟයි , සිගරැට් කතාව හැර. යාළුවෙක් එක්ක (ආනන්දේ එකෙක්, ඊටත් වැඩිය) පළමු සිගරට් එක බිව්වේ වයස 14 විතර. ඊට පස්සේ රුසියාවට යනකන් නැහැ.තැන් තැන්වල සිගරට් තහනම් කිරීමේ අදහස බ්‍රිතාන්‍යයේ සහ ජර්මනියේ සාර්ථකයි. සිගරට් වලින් හැදෙන ලෙඩ වලට යන මුදල සහ කොට කෑලි කුණු හැටියට ඉතිරි වෙන එක විසි කරන්න යන අති විශාල මුදල මේ රට්වාලාට් ඉතිරියි. ඒක සිගරට් කම්පැනි වලින් එන බද්දට වඩා වැඩියි. එනිසා මේ රටවල් වල ඒක කරනවා. ලංකාවේ එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ මුදල් ඉතිරි වෙන්නේ නැත්නම්. මම මේ මුදල් ගැන හිතල විතරක් කියන දෙයක්.

      Delete
    3. ඉනිදියන් ප්‍රශ්නේ ලංකාවේ විතරක් තියෙන දෙයක් නෙමෙයි. මගේ දුවල දෙන්නත් ඉන්දියන් ඇඳුම් ඇඳලා ඩාන්ස් කරන්න කැමතියි. ලංකාවේ හිටි කසින් කෙනෙක් ඉන්දියන් සින්දු තියෙන වීඩියෝ එකක් දීල ඒක වුනේ. හැබැයි එක ලොකු අවුලක් කර ගන්න හොඳ නැහැ. සංස්කෘතිය ඒකට යට වෙන්න දෙන්න හොඳ නැහැ. නමුත් ඒක කරන එක ඉතින් මිනිස්සු අතේ තියෙන්නේ.

      Delete
  13. අපි පොඩිකාලෙ ඉගෙනගත්ත සාරධර්ම, පරමාධිපත්‍යය වගේ සංකල්පවල ඇති වලංගුභාවය තමා මේ ඇස්පනාපිට ‌හෙළිදරව්වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. එහෙම ඒවාත් ඉගැන්නුවද (විහිළුවට ඇහුවේ. උගන්නන්න ඇති ඉතින් )

      Delete
    2. සාරධර්ම... ඒ වචනෙ අච්චු පොතේවත් තිබ්බද මන්ද... නැහ්නං ගුරුවරුන්ට ඒ ගැන උගන්නන්න දැනුමක් නොතිබ්බද මන්ද

      Delete
  14. අජිත් ධර්මා, පහත පුවත දැක්කද?
    .........................

    විදුලි බලේ හිටපු සභාපති ආණ්ඩුවේ ගැහිලි ගැන අද කළ හෙළිදරව්වේ වීඩියෝ මාධ්‍යයට නෑ..!

    පසුගිය නොවැම්බර් 27 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී ජනාධිපතිවරයා විසින් තමන්ව කැඳවා මන්නාරම සුළං විදුලි බලාගාරය ඉන්දියාවේ ප්‍රකට සමාගමක් වන ආදානි සමාගමට ලබාදෙන්නැයි පැවසූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා විසින් කෝප් කමිටුවට සිදු කළ ප්‍රකාශය හේතුවෙන් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට ඔහුට සිදුවිය.

    කෙසේ නමුත් අද (23) දිනයේත් එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබූ අතර එහිදී ඔහු විසින් සිදුකරන ලද බරපතල ආන්දෝලනාත්මක හෙළිකිරීම් හේතුවෙන් ඔහුගේ ප්‍රකාශයේ වීඩියෝ දර්ශන මාධ්‍යට නිකුත් කිරීමට නොහැකි බව කෝප් කමිටුව පවසනවා.

    මෙතෙක් සිදුවූ පිළිවෙත වූයේ පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා වාරයකින් පසුව ඊට අදාල වීඩියෝ දර්ශන පාර්ලිමේන්තුව විසින් මාධ්‍ය වෙත නිකුත් කිරීම වන නමුත් මෙවර එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා විසින් තමන්ට ඉල්ලා අස්වීමට සිදුවූ හේතූන් සම්බන්ධයෙන් ද, විදුලි බල මණ්ඩලයට ආණ්ඩුවෙන් ඇති බලපෑම් සම්බන්ධයෙන් සහ මෙරට විදුලි බල ක්ෂේත්‍රයට ඉන්දියාවෙන් ඇති බලපෑම් සම්බන්ධයෙන් ඇතුලු බරපතල හෙළිදරව් කිරීම් රාශියක් සිදු කළ බැවින් මෙවර එම වීඩියෝ දර්ශන මාධ්‍යයට හෙළි නොකරන බවයි කෝප් කමිටු සභාපතිවරයා පවසන්නේ.

    අදාල ප්‍රකාශ වල බරපතල බව සලකා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් සමඟ ඡායාරූප පමණක් මාධ්‍ය වෙත නිකුත් කෙරෙනු ඇති බවයි පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති චරිත හේරත් මහතා පවසන්නේ.
    https://www.news19.lk
    ..........................

    අජිත්, ඔබ සිතන ආකාරයට කුමක්ද වෙන්න ඇත්තේ? චීනය විසින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබදතා පලුදු කිරීම පිටුපස ඉන්නවද?

    ස්වාධින පක්ෂ යයි කියා ගන්න විමල්, වාසු ඇතුළු උදවිය රුසියානු තානාතිපති හමු වුයේ ඇයි?

    රුසියානු තානාතිපති විසින් ජනාධිපති පුටින්ගෙන් ලද ලියුමක් මයිත්‍රීපාල සිරිසේනට දුන්නේ ඇයි? එහි අන්තර්ගත දෑ කුමක් වන්නට ඇත්ද?

    චීන අනුග්‍රහය යටතේ ඩලස් අලහප්පෙරුම ඇතුළු ස්වාධීන පක්ෂ එකතුව සදා ගන්නා නව දේශපාලන සංවිධානයේ පාට කහ පාට. හෙට දිනයේ ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් ඇදගෙන යන්න නියමිත ඇදුමේ පාටත් කහ පාට. ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පාටත් කහ. මෙම තරග ශ්‍රී ලංකාවට වාසි දායක වන අන්දමට ෆික්ස්ඩ් කරා කියනවා නේද? අරමුණ මොකක්ද? ඔස්ට්‍රේලියාවේ විශාල ව්‍යපෘති ගණනාවක්, වරායවල් ඇතුළු චීනය විසින් මෙහයවන්නේ. ඒ අතරතුරේ 80 දශකයේ චීනය, ඇමරිකාව හා එක්ව සෝවියට් සංගමයට එරෙහි වූ පකිස්ථානයේ ක්රිකට කණ්ඩායම ලබන මස ක්‍රිකට් තරගා වලියක් සදහා ලංකාවට එනවා කියා ඊයේ නිවේදනය කරා.

    මේ අතර ඉන්දියානු රජයේ ප්‍රභලයින් හතර දෙනෙක් අද හවස පැය කීපයක් සදහා ලංකාවට පැමිණ, රනිල්ව හමුවී දුන් පණිවිඩය කුමක්ද?

    අජිත්ගේ කියවීම දැනගැනීමට කැමතියි.

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංකාවේ පවතින ආර්ථිකය සමග සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ පාලනය භාරගැනීමට ඉන්දියානු රජය සූදානමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

      ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් එම තීරණය ගන්නා ලෙස තමිල්නාඩු මහ ඇමති විසින් ඉන්දියානු මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර,

      ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මේ යෝජනාව පිළිබඳව ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දැනුම් දීමට නියමිත බවද වාර්තා වේ.

      ඉන්දියාව මේ වනවිට ශ්‍රී ලංකාව මසක් ඇතුලත අර්බුදයන් විසඳන ආකාරය පිළිබඳව වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බවටද වාර්තා වේ.

      එම වැඩපිළිවෙළ අනුව, ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉන්දියාවේ පාළනය පිළිබඳ මත විමසුමක් ලබා ගැනීමට නියමිත බවද වාර්තා වේ.

      ...

      මේ පුවත් ගැන අජිත් දැක්කද? මත විමසුම් ගණනාවක් විවිද වෙබ් අඩවිවල යනවා මේ මොහොතේ.

      දල වශයෙන් 54% කියන්නේ අකැමති කියා. 36 % ක් කැමතියි. ඉතිරි 10 % මධ්‍යස්ථව ඉන්නේ. අංක ඉලක්කම් මතවාද ඇති වෙනවා. මිනිසුන් සිතන පතන ආකාරය තීරණය වෙමින් පවතින්නේ. ඔබගේ අදහස අජිත්?

      Delete
    2. මෙන්න මේ ලිපි දෙකේ මම ඕව ගැන කතා කරලා තියනවා. ලංකාව 2020 මැතිවරණයේ ප්‍රබල රටවල අපපන්දු පිටියක් වෙනවා කියල මේකේ ලියල තියනවා. https://kolambagamaya.blogspot.com/2018/04/blog-post.html
      පාස්කු ප්‍රහාරය කරලා ගෝඨාභය බලයට ගේන්න උදව් කලේ කවුද කියල මේකන් තේරෙනවා. https://kolambagamaya.blogspot.com/2019/04/blog-post_27.html

      Delete
    3. චීනය විසින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබදතා පලුදු කිරීම පිටුපස ඉන්නවද? - අර බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනු කතාව පිටුපස් ඉන්නෙත් චීනය නේ

      ස්වාධින පක්ෂ යයි කියා ගන්න විමල්, වාසු ඇතුළු උදවිය රුසියානු තානාතිපති හමු වුයේ ඇයි? - රුසියානු ආධාර ගන්න නේද

      රුසියානු තානාතිපති විසින් ජනාධිපති පුටින්ගෙන් ලද ලියුමක් මයිත්‍රීපාල සිරිසේනට දුන්නේ ඇයි? එහි අන්තර්ගත දෑ කුමක් වන්නට ඇත්ද? - මම දන්නා තරමින් ලිපිය මෛත්‍රී ට නොවේ.
      ඔස්ට්‍රේලියාවේ විශාල ව්‍යපෘති ගණනාවක්, වරායවල් ඇතුළු චීනය විසින් මෙහයවන්නේ. - මම දන්නා තරමින් ඕස්ට්‍රේලියාවේ චීන යෝජනා අඩු කරමින් යන්නේ.

      මේ අතර ඉන්දියානු රජයේ ප්‍රභලයින් හතර දෙනෙක් අද හවස පැය කීපයක් සදහා ලංකාවට පැමිණ, රනිල්ව හමුවී දුන් පණිවිඩය කුමක්ද? ඉන්දියාව යටතට ලංකාව පත්වෙන්න ඔන්න මෙන්න. මහින්ද රාජපක්ෂ අර කල වැඩේ වැරදියි. ෆර්ඩිනැන්ඩු ලවා අදානි වැඩේ එලි කරපු එක. එයාට පපුතාව ගෙන්න ඕන ඇති. නමුත් කෙළවුණේ මිනිස්සුන්ට. අදානි ගේ ඩිල අරගෙන ක්‍රෙඩිට් ලයින් එකෙන් තෙල් සහ ආහාර ගෙනල්ල ආර්ථිකය ස්ථාවර කරන් සංචාරකයෝ ගෙනෙන වැඩ පිළිවෙලට කෙලවෙනවා මේ වැඩේ නිසා. ඒකයි මම ලීවෙ ඒවාට විරුද්ධ සජබ, ජාජබ තෙපර බබා ඉන්නේ නැතිව බලය ගන්න වැඩ කරන්න කියල.

      Delete
    4. අජිත්,

      මා මුලින් සදහන් කර ඇති 'චීන අනුග්‍රහය යටතේ ඩලස් අලහප්පෙරුම ඇතුළු ස්වාධීන පක්ෂ එකතුව සදා ගන්නා නව දේශපාලන සංවිධානයේ පාට කහ පාට. හෙට දිනයේ ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් ඇදගෙන යන්න නියමිත ඇදුමේ පාටත් කහ පාට. ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පාටත් කහ." යන්න ගැන දැන් මොකද හිතන්නේ?

      තරඟයෙන් අනතුරුව ඔබගේ අදහස? එම කැම්පේන් එක ඉතාම සාර්ථක බවයි මාගේ අදහස. ජේවීපී,සජිත් ඇතුළු පිරිස මෙයට අකුල් හෙලීමෙන් මෙම ව්‍යාපෘතිය තවත් සාර්ථක උනා නේද?

      Delete
    5. එතැන මම දැක්ක දේ තමයි මගේ යහළුවෝ (ඕස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ අය ) ඒකට කැමති බව. ඉන් සමහරු ඩලස් ගේ පොහොට්ටුවේ නෙමෙයි. නමුත් පොහිට්ටුවට ඊට කලින් පක්ෂ වෙලා ඉඳල දැන් නිහඬව ඉන්න අයත් හිටිය. කැම්පේන් එක සාර්ථක බව නම් පිලි ගන්නවා. අකුල් හෙලීම නම් බොරු වැඩක්. නමුත් දෙපැත්තක් තියෙන එක හොඳයි.

      Delete
  15. සර්ව කාලීන සාධාරණ ලෝකයක ඉපදීමේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කර ඇත. මේ අනුව දශක පහකට ආසන්න කාලයක් ගබ්සා කිරීමේ නිදහස කාන්තාවට ලබා දුන් Roe v Wade ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කොට තිබේ.

    සර්ව කාලීන සාධාරණ ලෝකයක දරුවන් ඉපදිය යුතුය. ශුද්ධවත් ජීවිතය කෙලසීමට පිළිසිඳ ගත් මොහොතේදී පවා අයිතියක් නොමැත. දෙවියන් වහන්සේගේ සැලැස්ම අනුව දරුවන්ගේ ඉපදීම වැලැක්විය නොහැක. එම සර්ව කාලීන සාධාරණ ලෝකයක ඉපදීමේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කර ඇත. මේ අනුව දශක පහකට ආසන්න කාලයක් ගබ්සා කිරීමේ නිදහස කාන්තාවට ලබා දුන් Roe v Wade ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කොට තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගබ්සා කිරීමට අයිතියක් ලබා නොදෙන බවට තීන්දු කරමින් බහුතර බලයෙන් බල ගැන්වුණු විනිසුරුවරු 6-3ක් මේ වෙනුවෙන් පක්ෂව සිය ඡන්දය භාවිතා කර ඇත.

    Roe v Wade අවලංගු කරන බවට අඟවන මතයක් පසුගිය මාසය තුළ ව්‍යාප්ත වීමත් සමඟ මිලියන සංඛ්‍යාත කාන්තාවන්හට ගබ්සා කිරීමේ සේවා සඳහා තවදුරටත් ප්‍රවේශය නොමැති බව ප්‍රජනක අයිතිවාසිකම් වෙනුවෙන් එක්සත් ජනපදය පුරා පුලුල් විරෝධතා මාලාවක් ඇති විය. අයිතිවාසිකම් කණ්ඩායම් පවසන පරිදි, අඩු ආදායම්ලාභී කාන්තාවන්ට සහ වර්ණ ප්‍රජාවන්ට අසමානුපාතික ලෙස මෙය බලපාන බව කියවේ. 1973 නීතිමය පූර්වාදර්ශය අවලංගු කර ඇති බැවින් එක්සත් ජනපදයේ ප්‍රාන්ත දුසිම් දෙකකට වඩා ගබ්සාව තහනම් කිරීමට ඉඩ ඇති බව ප්‍රජනන අයිතිවාසිකම් කන්ඩායමක් වන Guttmacher Institute මේ සම්බන්ධව ප්‍රකාශ කර තිබුණේ.

    Roe v Wade වෙනුවෙන් ලිබරල් විනිසුරුවරුන් වන ස්ටීවන් බ්‍රෙයර්, සෝනියා සෝටෝමයෝර් සහ එලේනා කගන් විසම්මුතික ඡන්දය ලබා දෙනු ලැබීය.
    “ශෝකයෙන් – මෙම උසාවිය වෙනුවෙන්, නමුත් අද වන විට මූලික ව්‍යවස්ථාපිත ආරක්ෂාවක් අහිමි වී ඇති මිලියන සංඛ්‍යාත ඇමරිකානු කාන්තාවන් සඳහා – අපි විරුද්ධ වෙමු. ලෙස ඔවුන් සිය අදහස් දක්වා ඇත.
    මත විමසුම්වලින් පෙනී යන්නේ ඇමරිකානුවන්ගෙන් බහුතරයක් ගබ්සා කිරීමේ අයිතියට සහාය දෙන බවයි. නමුත් Roe v Wade පෙරලා දැමීම දශක ගණනාවක් තිස්සේ ගබ්සාවට එරෙහි ක්‍රියාකාරීන්ගේ සහ ක්‍රිස්තියානි ගතානුගතිකයින්ගේ ඉලක්කයක් වී තිබිණ. 2022 වසරේ ජනවාරි මාසය තුළ වොෂින්ටනයේ වාර්ෂික ගබ්සා විරෝධී පාගමන් පවා පවත්වා තිබිණ.

    මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මිලියන සංඛ්‍යාත ජනතාවට අනාගතයට බලපාන තීරණ ගැනීමේ අයිතිය අහිමි කර ඇති බව මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිටින්නන් ප්‍රකාශ කළ අතර එක්සත් ජනපද ඉහල උසාවියේ තීන්දුව “ව්‍යසනයක්” ලෙස හෙළා දකිනු ලැබීය. අද තීරණය මාරාන්තික ප්‍රතිවිපාක සහිත ස්ත්‍රී පුරුෂ භාවය, වාර්ගික සහ ආර්ථික යුක්තිය ව්‍යසනයකි. ගැබ් ගත හැකි කාන්තාවන් සහ පුද්ගලයින් දෙවන පන්තියේ තත්වයට බල කර ඇත. ලෙස ඇමරිකානු සිවිල් නිදහස සංගමය (ACLU) ද මේ පිළිබඳ ප්‍රකාශ කර තිබුණේ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් අන්ත ජරා වැඩක්තීන්දුවක් . ට්‍රම්පච්චි ඔය රිපබ්ලිකන් සෙට් එක දැම්මෙම ඕකට තමයි. ඇමරිකාවේ ප්‍රෝ-ලයිෆ් ලොබි එක සෑහෙන්න බලවත්. මෙතන මම ඉන්නේ සෝවියට් නීතිය පැත්තේ. ශරීරය කාන්තාවගේ නම් ගබ්සා කිරීමේ හෝ නොකිරීමේ අයිතියත් ඇගේ විතරයි.

      Delete
    2. 'මෙතන මම ඉන්නේ සෝවියට් නීතිය පැත්තේ.'

      අජිත් ඒ නිසාද සමරිසි අයව පිළිකුල් කරන්නෙත්?

      Delete
    3. //සමරිසි අයව පිළිකුල් කරන්නෙත්// කොහේ හරි එහෙම එකක් කියල තියනවද? නැත්නම් අර රසික ගේ බ්ලොග් එකට දාපු කොමෙන්ටුවක් ගැන ඔබ පල කරන විකාර අදහසද?

      Delete
    4. මේ ඔබේ රටේ සමරිසියන්ගේ තත්වය -https://www.gossiplankanews.com/2022/06/akkareipaththu-womens.html

      Delete
  16. මේ රටේ වමේ ලුම්පන් අපතයන්ට කවදාවත් දිනන්න ලැබෙන්නේ නෑ..
    කහ ඇඳපු උන් ලෝකයම ජයගත්තා...
    type a comment..මාතලන් යකා

    ReplyDelete
    Replies
    1. ජය ගැනීමක් නම් පෙනුනද? හොන්ඩ අහිත පොඩ්ඩක් ලැබෙන්න ඇති ඔසී ක්‍රිකට් ෆෑන් ලාගෙන්.

      Delete
  17. අරගලයට ආසන්නතම (සහ ප්‍රධාන ම) හේතුව: ඉන්ධන, විදුලිය, ගෑස්, ඖෂධ වගේ අත්‍යවශ්‍ය දේවල් නැතිවීමත් එක්ක ජනතාවගේ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමට බැරිවීම (කෙටියෙන් කීවොත් රට බං⁣කොලොත් වීමේ ආර්ථික අර්බුදය)

    රට බංකොලොත් වීමට ආසන්නතම හේතුව: මීට කලින් තිබුණ ආණ්ඩුව විසින් මෝඩකමට හෝ හිතාමතා ම (සමහර විට ඔය දෙකට ම) කරපු "ආර්ථික ඝාතනය" (අවුරුදු හැත්තෑ ගාණක දුර්වල ආර්ථික දේශපාලන ක්‍රමය නිසා ඕක ලේසි වුණා වුණත් මොළයක් සහ අවශ්‍යතා තිබුණ නම් බංකොලොත් නොවී ෂේප් එකේ යන්න ඉඩ තිබුණා)

    අරගලයේ මූලික අරමුණ: අර ආර්ථික අර්බුදයට ආසන්නතම හේතුව වුණු ආණ්ඩුව ගෙදර යැවීම. ඒ ඒ ආණ්ඩුවත් එක්ක පුද්ගලික තරහක් නිසා නෙවෙයි; මෝඩකම නිසා හෝ හිතාමතා උන් කරමින් හිටපු විනාශය නැවැත්වීම සහ ඒක ආපහු හැරවීම. ඒ හරහා තමන්ගේ එදිනෙදා ජීවිත කරදරයක් නැතුව පවත්වාගෙන යන්න පුළුවන් ව⁣ටපිටාවක් හදාගැනීම (එහෙම නැතුව ධනේශ්වරය පෙරලන්න හරි සමාජවාදය ඇතිකරන්න හරි මිනිස්සු මිරිහානට ආවෙ නෑනෙ)

    දැන් එතකොට මේ වෙනකොට අර ආර්ථික අර්බුදයට ආසන්නතම හේතුව වුණු ආණ්ඩුව ඩි ෆැක්ටෝ ගෙදර ගිහිං තියෙනව. කඳ ඒක ම වුණත් අලුත් ආණ්ඩුවට තියෙන්නෙ වෙන ඔළුවක්. සමස්තයක් විදියට ගත්තොත් කලින් තිබුණ ආණ්ඩුව විසින් කරපු ආර්ථික ඝාතනය නැවැත්වීමට සහ ඒ විනාශය ආපහු හැරවීමට මේ අලුත් ආණ්ඩුව සතුටුදායක මට්ටමේ වැඩක් දැනට කරමින් ඉන්නව කියල යම් සමබරතාවක් තියෙන ඕන කෙනෙක් හිතනව, මම හිතන්නෙ. ඒ වැඩපිළිවෙළ පර්ෆෙක්ට් නැතිවීම, තාමත් පරණ කඳ තියෙන නිසා කොයි වෙලාවක හෝ අලුත් හිස ගසාදමා පරණ හිස හයිකිරීමේ අවධානම, අලුත් හිසත් ඉදිරියේ දී පිස්සු කෙළීමේ හෝ ෆේල් වීමේ අවදානම වගේ ගොඩක් අවදානම් තිබුණත් දැනට සතුටුදායක මට්ටමකින් දේවල් සිද්ධවෙමින් යනවා.

    දේශපාලන වශයෙන් කවුරු මොන ආකෘතියෙ ආණ්ඩුවක් හැදුවත් අඩුවැඩි වශයෙන් යන්න වෙන්නෙ මේ පාත් එකේ ම තමයි, මම හිතන්නෙ. එතකොට මේ අර්බුදයෙන් ගොඩ එනකල් මොන ආණ්ඩුවක් යටතේ වුණත් පෝලිම්, භාණ්ඩ හිඟය, ආදායම් නැතිවීම වගේ මේ ප්‍රශ්න ටිකට මූණදෙන්න වෙනවා. දැන් අපි ඉන්න තත්ත්වයෙ හැටියට ඔය ටිකට මූණ නොදී එක දවසින් ගොඩ එන්න බෑ (ජාජබ හරිනිත් කලින් ම ඕක කීව).

    ආපහු සරළ ව කීවොත් ආර්ථික වශයෙන් අපි මේ අත්විදින පීඩාවල⁣ට හේතුව මීට කලින් දේශපාලන බලය තිබුණ ආණ්ඩුව. දැන් ඒ ආණ්ඩුව නෑ. දැන් තියෙන ආණ්ඩුව ට්‍රයි කරන්නෙ (අඩුපාඩු සහිත ව) අර ඩැමේජ් එක රිකවර් කරන්න. මේ වෙලාවෙ මොන ආණ්ඩුවක් ආවත් අඩුවැඩි වශයෙන් කරන්න තියෙන්නෙ ඒක ම තමයි. ඒ කියන්නෙ රෝග නිධානය අපි මේ වෙද්දි නැතිකරල තියෙනව. හැබැයි ⁣ඒක නිසා ආපු රෝග ලක්ෂණවලින් අපි තාම පීඩාවට පත්වෙමින් ඉන්නවා. රෝග නිධානය තිබුණු තැන ආයෙ කැපුව කෙටුව කියල මේ රෝග ලක්ෂණ අඩුවෙන්නෙ නෑ. ඒව කොහොමත් ඒවට අදාළ කාලය ගියාම තමයි අඩුවෙන්නෙ. ඕන නම් රෝග ලක්ෂණ පාලනයට වේදනා නාශක ⁣ට්‍රයි කරන්න පුළුවන්.

    සරළ ව කීවොත් ප්‍රශ්නෙ තෙල් පෝලිම් ගෑස්, පෝලිම්, භාණ්ඩ හිඟය නම්, මේ ආණ්ඩුවට විරුද්ධ දේශපාලන ක්‍රියාමාර්ගවලින් ඒ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙන්නෙ නෑ. හෙට මේ ආණ්ඩුව පෙරළලා වෙන මොන ම හෝ ආණ්ඩුවක් ආවත් ඒ ප්‍රශ්නවලට ඒකෙන් කිසිම විසඳුමක් ලැබෙන්නෙ නෑ. එකම දේ ආපහු රෝග නිධානය ඇක්ටිව් වෙන්නැතුව තියාගන්න ඒ එන හෝ ඉන්න ආණ්ඩුව සමත් ද කියන එක විතරයි. මම හිතන විදියට දැනට ආණ්ඩුව ඒ වැඩේ සැලකිය යුතු මට්ටමකින් කරගෙන යනව. ඒකට අදාළ ප්‍රතිසංස්කරණවාදී "සිස්ටම් චේන්ජ්" ටිකත් හෙමින් වෙන බවක් පේනවා.

    හැබැයි විප්ලවීය "සිස්ටම් චේන්ජ්," ධනවාදය හෝ වෙළඳපොළ ප්‍රතික්ෂේප කරන මොකක් හරි වෙන එකක්, නිර්ධන පංති ආඥාදායකත්වයක් වගේ දේවල් බලාපොරොත්තු වුණු අය ඉන්නව නම් ඒ අය බලාපොරොත්තු වෙන දේ පැහැදිළි ව ම සිද්ධවෙන්නෙ නෑ. එදිනෙදා ප්‍රශ්න නිසා පාරට බැස්ස ජනතාව ඒ වගේ විප්ලවීය දේශපාලන න්‍යායපත්‍රයකට පාවිච්චි කරන්න බලාගෙන හිටපු අය ඉන්නව නම් ඒ අය⁣ට දිගින් දිගට මේ දේශපාලන අරගලය කරන්න හේතු තියෙනවා. ඒ ඇරෙන්න එදිනෙදා ප්‍රශ්න ටික විසඳගන්න අරගලයට ආපු මිනිස්සුන්ට මේ මොහොතේ ආණ්ඩු පෙරලන්න උවමනාවක් නෑ.

    ඉතිං අර විප්ලවීය අරමුණ තිබුණ පිරිස කවදත් හිටියෙ සුළුතරයක් නෙ. ඉතුරු කට්ටිය ගෙවල්වට ගියාම ඉතුරුවෙන්නෙ ඒ සුළුතරය තමයි. ඒ ගැන පුදුම වෙන්නවත් දුක්වෙන්නවත් දෙයක් නෑ. අර හිටපු "3%" තමයි ඔය තාම ඉන්නෙ. ඒක වැඩිකරගන්නෙ කොහොමද, ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් එයාලගෙ විප්ලවීය දේශපාලන ඇජෙන්ඩාවලට කැමතිකරගන්නෙ කොහොමද කියල එක ඒගොල්ලො බලාගන්න ඕන; ඒක නිකං කටට වැටෙයි කියල හිතං ඉඳල පස්සෙ ඩිසපොයින්ට් වෙන එක තේරුමක් නෑ.

    ReplyDelete
    Replies
    1. //අරගලයේ මූලික අරමුණ: අර ආර්ථික අර්බුදයට ආසන්නතම හේතුව වුණු ආණ්ඩුව ගෙදර යැවීම. ඒ ඒ ආණ්ඩුවත් එක්ක පුද්ගලික තරහක් නිසා නෙවෙයි; මෝඩකම නිසා හෝ හිතාමතා උන් කරමින් හිටපු විනාශය නැවැත්වීම සහ ඒක ආපහු හැරවීම. ඒ හරහා තමන්ගේ එදිනෙදා ජීවිත කරදරයක් නැතුව පවත්වාගෙන යන්න පුළුවන් ව⁣ටපිටාවක් හදාගැනීම (එහෙම නැතුව ධනේශ්වරය පෙරලන්න හරි සමාජවාදය ඇතිකරන්න හරි මිනිස්සු මිරිහානට ආවෙ නෑනෙ)// ඒක හරි. අර 3% නම් දැන් සෑහෙන්න වැඩි වෙලා කියන එකයි මගේ අදහස්. හැබැයි ඔබ කියන දේට එකඟයි යම් තාක් දුරට. ඒ කියන්නේ /දිනෙදා ප්‍රශ්න ටික විසඳගන්න අරගලයට ආපු මිනිස්සුන්ට මේ මොහොතේ ආණ්ඩු පෙරලන්න උවමනාවක් නෑ.// මෙන්න මේක හරි. වැඩි හරියක් මහින්ද ගියාට පස්සේ රනිල් "බැංකු හොරා " කියන ටැග් එක යටතේ වුනත් චාන්ස් එකක් දෙන්න ඕනේ කියන මතයේ ඉන්නවා.

      Delete
  18. අරගලය ගැන මගේ ඇත්ත අදහස මේ පවතින අරගලකාමයට වඩා රාජපක්ෂලා වුනත් හොඳයි කියන එකයි. අරගලකාමීන්ට අනුව තමන්ගේ මතයට විරුද්ධ මතයක් දරන්නා ද්‍රෝහියෙකි. හොරෙකි. ඌට අපහාස කළ යුතුය. නින්දා පරිභව කළ යුතුය. හැකි නම් පහර දිය යුතුය.

    අරගලයට එක්නොවෙන සියල්ලන්ටද බැන වැදීමේ අපහාස කිරිමේ අයිතිය උන් සතුය. මැච් එකක් බලා විනෝද වීමත් උන්ට අනුව අපරාධයකි. සියල්ලන්ගේ විනෝදය කඩාකප්පල් කිරීම අරගලයේ මූලික කාර්‍යයක් වී ඇත.

    මේ අරගලකාමීන් අනෙක් ජනතාව වෙනුවෙන් මහා වීරෝදාර යමක් කරනවා යැයි ඔවුන්ම ප්‍රකාශ කරමින් සිටී. ඒ මහා එකේ බලයෙන් උන්ට සාමාන්‍ය ජනතාවට ඕනෑම අපවාදයක් අපහාසයක් කළ හැකිය. ඒ කාලෙ තිබුනු රණවිරු ගාය සහ අරගලකාමය යන දෙකම මේ වනවිට සමය. අපි වෙනුවෙන් අරගල කරන්නැයි කවුරුවත් මේ අයට කීවාදැයි දන්නේ නැත.

    මේ අරගලය තඩි පිරිමි අරගලයකි. එහි ගැහැනු ඉන්නෙ බැරියර් පෙරලන පිරිමි රිමාන්ඩ් එකෙන් එනකං දුක් කවි ලියන්නයි. අරගල පෙරමුනේ ගෑනුන්ට ඉඩක් නැත. කොටින්ම අරගලයට පණ දුන් හිරුනිකාවත් අරගලකාමීන්ගේ පිලිගැනීමට ලක්වෙන්නෙ නැත. මේ අරගලය තුලින් බිහිකිරීමට බලාපොරොත්තු වෙන ලෝකයට වඩා මේ පවතින ලෝකය මනුස්සය. මනුස්සකම අගයන කෙනෙක් නම් මේ මොහොතේ අරගලයට ප්‍රතිපක්ෂය.

    රාජපක්ෂවාදයේ අපි ප්‍රතික්ෂේප කළ සියලු දේ අඩුවැඩි වශයෙන් අරගලයේ ලක්ෂණ වී ඇත.

    'භයානකම දේ ඔබ මකරාට විරුද්ධව සටන් කරද්දී ඔබම මකරා බවට පත්වීමය'

    ReplyDelete
    Replies
    1. //අරගලය ගැන මගේ ඇත්ත අදහස මේ පවතින අරගලකාමයට වඩා රාජපක්ෂලා වුනත් හොඳයි කියන එකයි.// අපොයි මටනම් ඒකට එකඟ වෙන්න අමාරුයි. රාජපක්ෂ කණ්ඩායම අරගලකරුවන්ට වඩා භයානකයි. රජපස්ඛ වාදයට අනුවත් - තමන්ගේ මතයට විරුද්ධ මතයක් දරන්නා ද්‍රෝහියෙකි. හොරෙකි. ඌට අපහාස කළ යුතුය. නින්දා පරිභව කළ යුතුය. හැකි නම් පහර දිය යුතුය. (මතකද සිරිසේන ඩෙකොයි එක එහෙම)
      හැබැයි : //රාජපක්ෂවාදයේ අපි ප්‍රතික්ෂේප කළ සියලු දේ අඩුවැඩි වශයෙන් අරගලයේ ලක්ෂණ වී ඇත.

      'භයානකම දේ ඔබ මකරාට විරුද්ධව සටන් කරද්දී ඔබම මකරා බවට පත්වීමය//. බැරෑරුම් ලෙස සිටිය සිතිය යුතු තත්වයක්.

      Delete
  19. මං ක්‍රිකට්ලෝලියෙක් නෙමෙයි. හැබැයි මං සතුටෙහි ලොල් වූවෙක්. සෑහෙන පිරිසකගෙ කතාබහට ලක්වුනු මැච් එකට කහපාට ඇඳීමේ කැම්පේන් එකට මං කැමති ඒක සතුටේ නිෂ්පාදනයක් නිසයි.

    ලංකාවෙ පොදු මානසිකත්වය අසතුටට බරයි. දුකම උත්කර්ෂයට නංවනසුලුයි. ජනප්‍රිය බුද්දාගම හරහා ආපු මේ නොසතුටෙහි ලැගීම වාමාංශික පක්ෂ විසින් කරට ගත්ත දේශපාලනයයි. ඒක නිසා සතුටේ නිෂ්පාදනයක් සිද්ද වෙන ඕනම තැනකට වම විරුද්ද වෙනවා. ලංකාවෙ වම ආගම වගේම සෙක්ස් සහ මත්ද්‍රව්‍යවලටත් විරුද්දයි. මොකද ඒවා සතුටේ නිෂ්පාදන නිසා.

    මේ කැම්පේන් එක දිලිත්ගෙ එකක් කියල කියනවා. ඒක වෙන්න පුළුවන්. දිලිත් කියන්නෙ දක්ෂ ප්‍රොපගැන්ඩාකරුවෙක්. ඒ කැම්පේන් එක කොයිතරම් සාර්තක වුනාද කිව්වොත් ඒක සාර්තක කරන්න වැඩියෙන්ම මැදිහත් වුනේ ඒකට විරුද්ද පාර්ශ්වමයි. කොටින්ම තාම ඒකට බනිනවා. ඒ කියන්නෙ කාලා ඉන්න බැරි තරමට සාර්තකයි. දිලිත් කීපවතාවක්ම මාත් පිලිගන්න කතාවක් මේ අර්බුදය ගැන කියමින් හිටියා. ඒ තමයි පොසිටිව් මානසිකත්වයක් හදන්න ඕන කියන එක. සතුට නිර්මාණය කරන්න ඕන කියන එක. ආර්තික විද්‍යාව ගැන දන්න ඕන කෙනෙක් මේ කාරණය පිලිගන්නවා. අර්බුදයකින් ගොඩඑන්න නම් වැදගත්ම දේ වෙන්නෙ සමාජ අපේක්ෂාව ධනාත්මක දිශාවකට හරවන එක. අන්තිමට ආර්තිකය තීරණය කරන්නෙ සමාජයේ මානසිකත්වය විසින්. වැටෙනවා කියල විශ්වාස කරනවා නම් වැටෙනවා. නැගිටිනවා කියල විශ්වාස කරනවා නම් නැගිටිනවා. කහපාට කැම්පේන් එක ඒ ධනාත්මක මානසිකත්වය ඇති කිරීමේ සාර්ථක උත්සාහයක්. මේ වගේ කැම්පේන් තව තැන්තැන්වල වැඩියෙන් ක්‍රියාත්මක වෙන්න ඕන කියන එකයි මගේ අදහස.

    මේ කැම්පේන් එකේ වඩාත් සාර්තක කාරණයක් වුනේ ඒක අන්තර්ජාතික සබඳතාවයක්, විවෘතභාවයක් සහිතව ක්‍රියාත්මක වුන එක. ඒක නිකං අපේ ජාතිය උඩදානවා වගේ කොටුවුනු දුප්පත් කැම්පේන් එකක් නෙමෙයි. අපිට සපෝර්ට් එකක් දීම වෙනුවෙන් වෙනත් ජාතියකට සුබපතන පොහොසත් කැම්පේන් එකක්.

    ඕනම සමාජයක පවතිනවා එනර්ජි එක්සස් නැත්තං ශක්ති අතිරික්තය කියල කාරණයක්. මේ ගැන ජෝර්ජ් බටායි විස්තර කරනවා. මේ අතිරික්තය ආර්තිකය කියල අපි හඳුන්වන සීමාවට වඩා විශාල වපසරියක ක්‍රියාත්මක වෙන එකක්. ආර්තිකය නැවතුනා කියල අතිරික්තය නවතින්නෙ නෑ. බටායි කියන්නෙ මේ ශක්තිය යම් ආකාරයකින් නාස්ති වීම අනිවාර්යයක් කියල. මේක වැය කරන ආකාර දෙකක් තියෙනවා. ප්‍රධාන එක තමයි නැවත නිෂ්පාදනයට යොමු කරන එක. ඒ කියන්නෙ තව තව නිෂ්පාදන සමාජයට ගේන එක. මේක තමයි පාරිභෝජනවාදය කියන්නෙ. අනවශ්‍ය තරම් නිෂ්පාදන සමාජයට ගේන්නෙ මේ අතිරික්තය වැය කරන්න. අනිත් විදිහ තාර්කිකව ඵලදායී නොවන ආකාරයකින් මේක වැය කිරීම. පිරමිඩ හදන්නෙ, දාගැබ් බඳින්නෙ මෙන්න මේ වැයකිරීමට. ඒ මහා ශක්ති තැන්පත් කිරීම් ඇතුලෙන් මිනිස්සු සතුට උපදවනවා. සමාජයට විශ්වාසය ඇති කරවනවා. පරම්පරා ගානක් ඒ ශක්ති ඝනීභුත කිරීම පවතිනවා.

    ReplyDelete
    Replies
    1. මේ අතිරික්තය යම් කිසි සාධනීය ආකාරයකට වැය නොකලොත් ඒක විනාශකාරී ස්වරූපයක් ගන්නවා. යුද්ධ සහ විප්ලව කියන්නෙ ඒවට. අරගලය කියන්නෙත් මේ අතිරික්තයේ විනාශකාරී වැයවීමක්. ඒක ඇතුලෙ නිර්මාණය වෙන්නෙ නෙගටිවිටි එකක්. වෛරයක්. ඉරිසියාවක්. කුහකත්වයක්. ඒ අඳුරු සමාජ මානසික නිෂ්පාදනය වෙනුවෙන් සමාජ අතිරික්තය වැයවීමක් තමයි අපිට අරගලය ඇතුලෙ දකින්න පුළුවන් වෙන්නෙ. පෙට්‍රල් පෝලිම් කියන්නෙත් මේ වගේ අතිරික්තය වැයවෙන ආකාරයක්. මේ පෝලිම්වල ඉන්නෙ කන්න බොන්න නැති මිනිස්සු නෙමෙයි. පෙට්‍රල් නැති වුනත් පෝලිමේ ඉඳගෙන රන්ඩු කරමින්, ගිනි තියමින් නැත්තං බොමින්, සාද පවත්වමින් අපි වැය කරන්නෙ මේ ශක්ති අතිරික්තය. ෆේස්බුක් එකේ මේ විදිහට පෝස්ට් දමමින්, එකිනෙකාට බැනගනිමින් අපි වැය කරන්නෙ ඒ අතිරික්තය.

      මේ අතරෙ ක්‍රිකට් මැච් එකක් කියන්නෙ මේ අතිරික්තය සතුට ඉපිදවීම වෙනුවෙන් පාවිච්චි කරන තැනක්. කහ කැම්පේන් එකක් කියන්නෙ ඒ සතුට සාමූහිකව බුක්ති විඳීම වෙනුවෙන් නිර්මාණය වුනු සංකල්පයක්. මේ අදහස දෙරනෙන් මතුවුනා වෙන්න පුළුවන්. ඒත් අරගලකාමීන් කිව්වෙ මොකක්ද පක්ෂයක් එදාට එලියට ඇවිත් මේ කහපාටෙහි සතුට බිලිබාගන්නවා කියලා මාන්දමික කතාවක්. නැවත ඒ සතුටට කුහකත්වය ආරෝපණය කිරීමක්. එහෙම දෙයක් වුනේ නෑ. මිනිස්සු කහපාටින් සතුට බෙදාගත්තා. ඒ සතුට කොයිතරම් ප්‍රබලද කිව්වොත් තාමත් නොසතුටේ පිරිස නලියනවා.

      මේ ගැන නිර්මාල් හරි කවුරු හරි අදහසක් මතු කරලා තිබුන ඩයස්පෝරා‍ව ගොඩක් සල්ලි එවනවා ඒ අයටත් ස්තුති කරමුද කියල. මේක මේ ක්‍රියාවලිය ගැන නොදැනුවත්කම විසින් නගන ප්‍රශ්නයක්. ඩයස්පෝරාව තමන්ගේ නෑයන්ට සල්ලි එව්වට මේ දේ සිද්ද වෙන්නෙ නෑ. හැබැයි ඩයස්පෝරාව හෝ වෙනයම් කෙනෙක් ක්‍රීඩා උත්සවයක්, සැනකෙලියක් පවත්වනවා නම් එතකොට මේ දේ සිද්ද වෙනවා. මේ සාමූහික සතුට නිෂ්පාදනය නැත්නම් අතිරික්තය වැයවීම සිද්ද වෙන්නෙ එතකොටයි.

      මේකෙන් ඩොලර් එන්නෙ නැතිය, මේකෙන් අරක වෙන්නෙ නැතිය කියන ප්‍රලාප සියල්ලත් ආපහු තාර්කික ආර්තික කාරණාවලම හිරවුනු පටු දුක්ඛිත කතන්දර. මේකෙ අරමුණ සතුට. ඩොලර්වලින් ගන්න බැරි තරම් සතුට. මේ වෙලාවෙ අඳුරු හැගීමක වෙලිලා ඉන්න මිනිස් සමූහයකට ඒක රිදී රේඛාවක් වගේ වෙනවා. මහා පරිමාණයෙන් හැම තැනම සිද්ද වෙනවා නම් ඒක ආර්තිකයට ෂොක් තෙරපි එකක් විදිහට වැඩකරනවා. මිනිස්සු එලියට බහින්න, වියදම් කරන්න, සතුටු වෙන්න පෙළඹෙනවා. අපේක්ෂාව ඇති වෙනවා. ඒකයි කඩා වැටෙන ආර්තිකයකට තියෙන හොඳම විසඳුම.

      දිලිත් මේ වැඩේ කළා නම්, දිලිත්ට ස්තුතියි.

      Delete
    2. හැබැයි දැන්නම් පොසිටිව් කොහෙම වෙතත් පාන් කියන්න බැරි තත්වයක් එයි. /මේ අතිරික්තය යම් කිසි සාධනීය ආකාරයකට වැය නොකලොත් ඒක විනාශකාරී ස්වරූපයක් ගන්නවා. යුද්ධ සහ විප්ලව කියන්නෙ ඒවට. අරගලය කියන්නෙත් මේ අතිරික්තයේ විනාශකාරී වැයවීමක්. ඒක ඇතුලෙ නිර්මාණය වෙන්නෙ නෙගටිවිටි එකක්. වෛරයක්. ඉරිසියාවක්. කුහකත්වයක්. ඒ අඳුරු සමාජ මානසික නිෂ්පාදනය වෙනුවෙන් සමාජ අතිරික්තය වැයවීමක් තමයි අපිට අරගලය ඇතුලෙ දකින්න පුළුවන් වෙන්නෙ. පෙට්‍රල් පෝලිම් කියන්නෙත් මේ වගේ අතිරික්තය වැයවෙන ආකාරයක්. මේ පෝලිම්වල ඉන්නෙ කන්න බොන්න නැති මිනිස්සු නෙමෙයි. පෙට්‍රල් නැති වුනත් පෝලිමේ ඉඳගෙන රන්ඩු කරමින්, ගිනි තියමින් නැත්තං බොමින්, සාද පවත්වමින් අපි වැය කරන්නෙ මේ ශක්ති අතිරික්තය. ෆේස්බුක් එකේ මේ විදිහට පෝස්ට් දමමින්, එකිනෙකාට බැනගනිමින් අපි වැය කරන්නෙ ඒ අතිරික්තය.// ඔය අතිරික්තය ඇවිත් තියෙන්නේ හරියට රට පාලනය නොකිරීමෙන් බව අකියන්න් ඔබ මැලි වෙන්නේ එයි. පෙට්රෝල් පෝලිම් බලෙන් හැදුනේ නැහැනේ. මිනිස්සු තමන්ගේ කැමැත්තෙන් ඒවාට යන්නේ නැහැනේ. මිනිස්සු කහ ඇඳන් ගිය එකට මගේ විරුද්ධත්වයක් නැහැ. ඒක ඒ අයගේ අයිතිය. මිනිසුන්ට සතුටු වෙන්න අයිතියක් තියෙනවා. ඕනෑම දුකකදී වුනත්. නමුත් මේ ඔබ කියන කතාව , අරගලය ඉරිසියාව කුහකත්වය , නිසා එනව කියන එක පට්ට බොරුවක්. විමල් විරවංශ, නාමල් රාජපක්ෂ පන්නයේ පචයක්. වයිරයක් නම් ඇති වෙන්න පුළුවන්. මේ කෙලවපු කෙලවිල්ලට්. ඒකට ඒ මිනිසුන්ට මුකුත් කියන්න බැහැ . වයිරය එන්නේ නිකන් නෙවෙයි. කරපු අදක්ෂ පාලනය නිසා.

      Delete
  20. මේ සමාගම එනවට විරුද්ධ අයගෙ ගෙවල් ඉස්සරහ බූලි අරන් පෙලගැහෙමු !!

    Abu Dhabi National Oil Company..!!!

    තෙල් නිෂ්පාදන සමාගම් අතර මුළු ලෝකයෙන්ම 12 වෙනි තැන..!!! 💪
    දැන් ඉතින් බුදු අම්මෝහ් මෙන්න CEYPETCO එක විකුණනවෝ, රස්සා නැති වෙනවෝ, දේසීය දේ රැකගනියෝ,රට විකුණන්න ආණ්ඩු ඕනද අප්පා වගේ රටේ නැති සුපුරුදු බයිලාව ගහගෙන එයි.

    එහෙම වුණොත් ෂෙඩ් එක වෙනුවට කෙලින්ම ඔවුන්ගෙ ගෙදරට ගිහින් තෙල් ඉල්ලගන්න.

    කවුරු කොහොම විරුද්ධ වුණත් ලෝකයේ තියෙන විශාලතම සමාගම් පුළුවන් තරම් රටට ගේන්න ඕන.

    සාගත මෑණී සිරිමගෙ කාලෙ ලංකාවෙ හිටපු විශාල Oil සමාගම් ලංකාවෙන් එලවලා දැම්මම ඔවුන් සිංගප්පූරුවට ගියා. අපිට තිබුණු අවස්ථා දේසිය ගාය හැදිලා තිබුණු පි.ස්.සු පීකුදු පාලකයො නිසා සිංගප්පූරුව ඒ විදියට දිනාගත්තා. ඒවායේ ප්‍රථිඵල අද පේනවනෙ.

    අර්බුදය අවස්ථාවක් කරගමු.

    රට ලෝකයට විවෘත කිරීම පමණමයි එකම මග..!!! ❤️

    ReplyDelete
    Replies
    1. සිරිමාගේ කාලේ සැලසුමක් තිබ්බ. ඒ සැලසුමට අනුවයි එලෙව්වේ. ඒ සැලසුමට අනුව දේශීය නිෂ්පාදන වැඩි වෙන්න ඕනේ. නමුත් නෑදෑයෝ දාල අනා ගත්ත අනිත් හැම තැනදීම වගේ. ඊට උද තර්කයට නම් එකඟයි . එන හැම එකාම එලව ගන්න එක.

      Delete
  21. පාරට නොබැස ප්‍රශ්න විසඳගන්න හැටි


    ලංකාව දැනට කරගත යුතුව තියෙන්නෙ මේ ටික:

    1. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න ඕනැ.
    2. IMF එක්ක වැඩසටහනකට යන්න ඕනැ
    3.. රාජ්‍ය මූල්‍ය විනය ඇතිකරගන්න ඕනැ. රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාව අවම කරන්න ඕනැ.
    4. ආර්ථික ක්‍රියාකාරකම් බාධාවකින් තොරව ඉදිරියට යන්න ඕනැ.
    5. අපනයන ආදායම්, ප්‍රේෂණ, සංචාරක ආදායම වැඩි කරගන්න ඕනැ.
    (ඔය ටික සඳහා රටේ කලබලවලින්, ත්‍රස්තවාදයෙන් තොර පරිසරයක් තියෙන්න ඕනැ)
    6. හදිසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කරගෙන, රට සාමාන්‍ය තත්වයට පත්වුණාට පස්සෙ මැතිවරණ පවත්වන්න ඕනැ.
    7. එතකල් දැනට තියෙන ආණ්ඩුවට කරගෙන යන දේ කරන්න දෙන්න. ඒවා නොකර ගොඩ යන්නත් බැහැ. ඒවා කරලා ජනප්‍රිය වෙන්නත් බැහැ.
    8. තියෙන ආණ්ඩුව හොඳ මදි නම් වඩා හොඳ එකක් හදගන්න පාර්ලිමේන්තුව හරහා උත්සාහ කරන්න. ඒකට කවුරුහරි නායකත්වය අරගෙන සහයෝගය සංවිධානය කරගන්න.
    9. පාරට බැස්සයි කියල මේ මොකවත් වෙන්නෙ නැහැ. පාරට බැස්සට ආණ්ඩු පෙරළන්න බැහැ. පාර්ලිමේන්තුවෙන් බල හුවමාරුවක් වෙන්න ඕනැ. එහෙම හුවමාරුවක් වුණත් දැනට තියෙන පාර්ලිමේන්තුවෙන් ලොකු වෙනසක් වෙන්නෙ නැහැ. සජිත් ජනාධිපති කරන්න තරම්වත් වෙනසක් කරගන්න බැහැ.
    10. ඒ නිසා බොරුවට ශක්තිය අපතේ යවන්න එපා. හැකි ඉක්මනින් ඡන්දයක් තියන්න සහාය දෙන්න.
    මේක පිළිගන්නෙ නැතිනම් කල්ලි විදියට වෙන වෙනම නෙමෙයි, බෝන් අගේන්වල සිට, පෙසප, ජවි⁣පෙ, 43 හරහා ජවිපෙ දක්වා එකට එක්වෙලා මහජනතාව බලමුළුගන්වලා ආණ්ඩුව පන්නලා බලය අල්ලන්න. ඉන් පස්සෙ නැවතත් ඉහත කරුණු දහයේ තිබෙන, දැනට කරගෙන යන⁣ දේම අලුතෙන් පටන් අරන් කරගෙන යන්න.

    ReplyDelete
  22. IMF එක්ක වැඩසටහනකට යන්න ඕනැ- IMF එක කියන විධිහට වැඩ කරන්න වෙනවනේ. එතන ප්‍රශ්නයක් තියෙනවා. අනිත් කරුණු ගැන විරුද්ධත්වයක් නැහැ. මිනිස්සු පාරට බහින එකට විරුද්ධ වෙන්න බැහැ හැබැයි. නැත්නම් ඉන්න එකා හිතනවා දැන් හරි කියල.

    ReplyDelete
  23. ජවිපෙ රට බේරාගැනීමේ මහා බුද්ධිය දැක්වෙන ප්‍රකාශ කීපයක් මට මතක් වෙනවා. ඒ කීපයට අමතරව ඔබට මතක්වෙන ඒවත් පහලින් කමෙන්ට් කරගෙන යන්න.
    ''අයිඑම්එෆ් යන්න ඕන නෑ followed by ගියාට වැඩක් නෑ''
    ''කියුබාවෙ මිනිස්සු පෝලිමේ ඉන්නවා සතුටෙන්'
    'ඔය නායකත්වයක් නැති අරගලවලට අපි එන්නෙ නෑ'
    'ගෝල්ෆේස් එකේ ඉන්නෙ හුළං වදින්න ආපු කට්ටිය'
    ''හොරකම් කරපු සල්ලි අරන් රට ගොඩගන්නවා' (එහෙම සල්ලි ගන්න අවුරුදු 20කට එහා යනබව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් කියනවා)
    "පිටරට ඉන්න අයගෙන් ඩොලර් 500ගානෙ එකතු කරලා ආර්තිකය ගොඩගන්නවා"
    'වවන්න කලින් පෙරලන්න' followed by සමූහ ගොවිපොල
    'ධම්මික පෙරේරා කියන්නෙ හොඳට ඉදුනු අඹයක්. අනිත්වා කුණු අඹ'

    ReplyDelete
    Replies
    1. එහෙම සමහර දේවල් කිව්වා කියල මටත් මතකයි. ඒත් පොහොට්ටුවේ සාපය ඊට වැඩියි නේද , අපි සාපේක්ෂව බලමුකෝ

      Delete
  24. මිනිස්සු දුප්පත්කමට හුරුවෙන ‍එක හොඳ දෙයක් නෙමෙයි. හැබැයි දුප්පත්කම පෝසත්කමක් විදිහට විඳින්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්. හරියට අපි කාලෙකට පස්සෙ ගමක ගිහින් වැවේ නාලා වැව්මාළු ටිකක් එකක් කැකුළු බතක් කනවා වගේ. කැලේ ගිහින් කූඩාරම් ගහගෙන ඉන්නවා වගේ.

    මං මේ කියන්න යන කතාව බහුතරයකට අදාල වෙන කතාවක් නෙමෙයි. 1%ක් විතර පිරිසකට අදාල වෙන්න පුළුවන් කතාවක්. ඒක හින්ද අනිත් 99% අර සීයට එකේ අයිතියට ඉඩදෙනවා තමයි හොඳ.

    මං දැන් සති කීපයක ඉඳන් වාහනේට තෙල් ගහන්න උනන්දු වෙන්නෙ නෑ. පෝලිම් ජීවිතේ කොහෙත්ම විඳින්නෙ නෑ කියල මං හිතාගත්ත. ඒ වගේම බස් එකේ යන එකත් කරන්න කැමති වැඩක් නෙමෙයි. අනිත් මිනිස්සුන්ගෙ ප්‍රශ්න මගේ ඔලුවෙ දාගන්න මං අකමැති හින්ද. ගොඩක් වෙලාවට ෆේස්බුක් කමෙන්ට් කියවන්නෙ නැත්තෙත් ඒකයි. මං කැමතියි පර්සනල් ස්පේස් එකට. එහෙනං කොහොමද ගමනක් බිමනක් යන්නෙ?

    බයිසිකලයක් ගන්න හිතුවත් බයිසිකල්වලට ඇවිත් තියෙන අසාමාන්‍ය ඉල්ලුම එක්ක ඒ ගන්න අදහස අතෑරියා. මං තීරණය කළා පයින්ම මගේ ගමන් බිමන් යන්න. මේක 08-05 රස්සාව කරන, දුරබැහැර ජීවත්වෙන අයට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

    නුගේගොඩ ඉඳන් තිඹිරිගස්යායෙ ඔෆිස් එකට උදේට පයින් යනවා. හවස අව්ව බැහැලා ගියාට පස්සෙ ආපහු ඇවිදගෙන ගෙදර එනවා. කොළඹ පාරවල් ඇවිදින්න ලස්සනයි. වාහනේටම හුරුවෙලා හිටපු නිසා මේ ඇවිදීමේ සෞන්දර්ය ගොඩක් කල් මට මිස් වෙලා තිබුන එකක්.
    ඉස්සර සත්‍යජිත් මාඉටිපෙයි මමයි කොළඹ ඉඳන් මහරගමට කයියක් ගහගෙන පයින් එනවා. මං මහරගමින් නැවතුනාම සත්‍යා මත්තෙගොඩටම පයින් යනවා. වෙනස තියෙන්නෙ ඒ පයින් යාම අනිවාර්යයක් නෙමෙයි තෝරාගැනීමක්. එහෙම වුනාම පයින් යන එක ආතල්.

    නදීෂ් තමයි මේකෙ තියරිය හරියටම කිව්වෙ.

    'අයියෙ, මට මේ සල්ලි නැති හින්ද, බස් නැති හින්ද පයින් යනවා කියල හිතුවොත් මළපැනලා, දාඩිය දාලා චොර වෙලා තමයි යන්න වෙන්නෙ. හිතන්න ඕන මං මගේ ආතල් එකට පයින් යනවා කියල'

    මං කොහොමත් පයින් යන්න ආසයි. වාහනේක හිරවෙලා ඉඳලා පයින් යන්න ගත්තට පස්සෙ ඒකෙ සොමිය තවත් වැඩියි. කොළඹ ළග හින්ද ඕන වැඩකට පැයකට කලින් එලියට බැස්සම ඇති. මද්දහන කාලෙ අතාරින්න ඕන. හෙඩ්ෆෝන් ගහගෙන කැමති සිංදුවක් දාගත්තම මුලු පරිසරයම වෙනම එකක් වෙනවා. බස්වල යද්දි වගේ අනුන්ගෙ කතන්දරයි, සිංදුයි, රන්ඩුයි නැති හින්ද නිදහස උපරිමයි. ඇත්තටම වෙනදට වඩා දවසෙ හරි කොලිටියක් මානසිකව දැනෙන්න ගත්ත.

    ‍ලංකාවෙ බෝනොවන රෝග ඒ කියන්නෙ දියවැඩියාව, රුධිර පීඩනය, ස්ථුලතාවය වගේ ඒවා සෑහෙන ප්‍රමාණයකින් ඉහල යනවා කියලයි ගනං බලලා තිබුනෙ. පයින් ගියත් නැතත්, මේ අමාරු කාලෙ පහුකරද්දි කාට වුනත් සෑහෙන තරමක නිරෝගී ගතියක් නම් ලැබෙයි. තෙල් අඩුවෙලා, ඇඟවල් බැහැලා, හැඩවෙලා එද්දි බලන්න පුළුවන් 😃

    ReplyDelete
    Replies
    1. මේ කතාවේ කිසියම් අත්තක් තියෙනවා. උදාහරණයක් වශයෙන් මම සෑහෙන්න ඇවිදිනවා සති අන්තයේ. හිතට මාර සනීපයි. මගේ ෆේස්බුක් යාලුවෝ දාන පින්තූර දැකල ඇති. පෙට්රෝල් වියදම් කරන්නේ මොකද කියලා හිතල මම දැන් ඔෆිස් යන්නෙම නැහැ. ඔෆිස් කාමරේ අපි දෙන්නෙක් හිටිය. දෙන්නම ගෙදර ඉඳන් වැඩ. ඒ නිසා කම්පැනි එක දැන් ඒ රූම් එකට ටේබල් ෆුට්බෝල් සෙට් එකක් දාල සෝපාවක් දාල ඔෆිස් එන කට්ටියට සැප පහසුවට ඉන්න තැනක් හදන්න යන්නේ. ළඟ තැන හැම එකටම පයින් යන්නේ, සුපර්මාකට් ඇර . බඩු ටික අරන් එන්න කාර් එකේ යන එක ලෙහෙසියි. බිරින්දෑ වැහි නැති දවසට කොහොමත් බයිසිකලේ වැඩට යන්නේ. අපි ළමයි දෙන්න ඉල්ලන කොට ඇරෙන්න මැක්ඩොනල්ඩ්, කේ එෆ් සී වගේ දේ ගේන්නෙම නැහැ. ගෙදර මොනවා හරි හදා ගන්නවා. ලෙහෙසියි පහසුයි, ඇඟට හොඳයි.

      Delete
    2. හැබැයි නිදි මේ කොමෙන්ට් එක "අර ජාතියේ " ගණයට දාන්නත් පුළුවන් සමහර අයට . ලිඳට වැටුනහම ගොඩ එන විධිහක් හොයන්නේ නැතිව ලිඳේ ජිවත් වෙන්න හැඩ ගැහෙන එක ගැන විවේචනයක් බුකියේ යනවනේ

      Delete
  25. තෙල් ප්‍රශ්නේන් ගොඩ එන සුපිරිම අර්තික මොඩලයක් click උනා මට

    තෙල් ගේන්න අරාබි company වලට දෙනවා.
    රුපියල් හම්බ කරනවා.
    ඒවා වලින් එහේ වැඩ කරන උන්ට රුපියල් ගෙවනවා.
    උන්ඩියල්, හවාලා lept

    ReplyDelete
    Replies
    1. විහිළුවට කීවද මන්ද ඔයා, නමුත් නියම අදහසක් හැබැයි. ගිවිසුමක් ගහගන්න පුලුවන්නම්.

      Delete
  26. "උඹ කීයක් බදු ගෙවනවද?"

    මට ඒකට උත්තර නෑ. අප්පච්චි දෙන එකක් කාලා කැම්පස් එකේ සිගරට් බිබි ඉන්න එකෙක් මන් එතකොට. එච්චරයි.

    ඌ මගෙ මාමගෙ පුතා. පොඩිම එකා. ලොකු අයියා උපාධිධාරී ලොක්කෙක්. නැන්දගේ පෙන්ශන් එකෙන් බාගයක් ගන්නෙ ඌ. ලොකු අක්කා බණ්ඩාරවෙලට බැන්දෙ. ඒකිට පොලිසියෙ ලොක්කොත් සැලියුට් ගහනවා. එච්චරකට ලොකු ජොබ් එකක් ඒක.උපාධිදාරිනියක් ඒකිත්. නැන්දගෙ පෙන්ශන් එකේ ඉතුරු බාගෙ ගන්නෙ ඒකි.මූ කරෙ ඒලෙවල් විතරයි. පස්සෙ ඌ උගෙ වැඩක් පටන් ගත්තා. ඒ ඌ දන්න දේ.

    ඌ මගෙන් මෙහෙම අහන්නෙ උට අමුද්‍රව්‍ය සපයන එකෙක් හම්බ වෙන්ඩ කම්ම්මැලිකමට මාවත් උගෙ වාහනේ දාගෙන යන ගමන් රටේ ප්‍රශ්ණ ගැන අපි අතරෙ වෙච්ච සංවාදයක මැද හරියෙදි.එතකොටත් මම කැම්පස් පොර ටෝක් ටික සේරම දීලා.

    පජාතයි.මට උගෙ ප්‍රශ්ණෙට උත්තර නෑ. මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් ඌ හම්බකරන 100ට 15ක් බදු ගෙවනවා. හම්බකරන්ඩ මහන්සි වෙනවා. උගෙ යටතෙ ඒ වෙනකොට හත් දෙනෙක් වැඩ කරනවා.උට වාහන දෙකක් තියෙනවා.තට්ටු තුනකට ගෙයක් ඌ හදලා.හෙඩ් බාස් ඌ. ඒ ගේ පට්ට.ඌ කොම්පැණිය ලොකු කරන්ඩ කියලා තට්ටු හතරක බිල්ඩින් එකක් හදන්ඩ කණු දාන්ඩ පටන් අරන්.හෙඩ් බාස් ඌ.

    මම උදේට එකයි හවසට එකයි සිගරට් එකක් බිබී කැම්පස් එකට යනවා එනව.එක්කො අප්පච්චිගෙ සල්ලි වලින්.නැත්තන් යාලුවෙක්ගෙ සල්ලි වලින්.එහෙම නැත්තන් බැච් එකේ කෙල්ලෙගෙන් ඉල්ලගත්ත සල්ලි වලින්.

    " මට 850ක් ඕනෙනම් මම දාහක් හම්බකරන්ඩ ඕනෙ"

    "බදු වැඩි කරොත් උබට බඩේ පාර නේද? අන්න එදාට උඹට දැනෙයි මේ තියෙන ප්‍රශ්ණෙ.බදු 30% ක් කරොත් උඹ කොහොමද හම්බකරන දාහෙන් 850 හොයාගන්නෙ"
    මම ලෑස්ති නෑ ඒලෙවල් කරපු එකෙක් ඉස්සරහා මගෙ කැම්පස් පොරත්වෙ බාල්දු කරන්ඩ.

    "එහෙම වුණොත් මන් දෙදාහක් හොයනවා.මට තව පැයක් කලින් ඇහැරෙන්ඩ වෙයි.දවසට දෙපාරක් කටුනායකට යන මේ ගමන හතරපාරක් යන්ඩ වෙයි.මම යනවා.මට 850ට 1400ක් හෙව්වැහැකි එදාට"

    "උඹට පිස්සු.නවත්තපන් සිගරට් එකක් බොමු"
    "ලයිටරයක් තියෙයිද?"

    උඩ සාක්කුවෙන් මන් ගත්තෙ ගෝල්ඩ්ලීෆ් දෙකක්.අප්පච්චි මෙහෙ එන්ඩ දුන්න සල්ලි වලින් ගත්තෙ.ඒ දෙක ආයේ දාගෙන උගෙ ඩන්හිල් පෙට්ටියෙන් එකක් මට ගන්ඩ වුණා.ඌ ගෝල්ඩ්ලීෆ් බොන්නෙ නෑ.අපි වෙසක් කූඩු හදන්ඩ කැම්පස් එකට ගිහින් සල්ලි නැතුව දවසක් බීඩිත් බිව්වා.ඔව්වා මුට කියලා මගෙ පොරත්වෙට හානි කරගන්ඩ මට ඕනෙ නෑ.

    "ඩන්හිල් එකේ කූල් එක මට සෙට් නෑ බන්,අවුලක් නෑ බොමු"
    අපි ගෙදර එද්දි එකොලහට විතර ඇති.මන් මහන්සියට නිදාගත්තා. උට තව වැඩ තිබ්බා.පහුවදා ඌ මට කලින් ඇහැරලත් තිබ්බා.

    ------------------------------------------------------------------------------
    අවුරුදු පහකට පස්සෙ මම උට මගෙ කසාදෙට එන්ඩ කිව්වා.ඌ අවා. ඒක ලොකු වාහනයක්.උගෙ යටතෙ දැන් අසූගාණක් වැඩ. මගෙත් එක්ක හතරක් වගේ වැඩ.

    ඌ මට එදා උගන්නපු පාඩම නොවෙන්ඩ ඒ හතරත් මට නෑ. මුට්ට කරගහන එකෙක් එක්ක කතාකර කර,ශෝටක් ගහගෙන,පීපල්ස් පාක් එකේ ඉඳන් කොටුවෙ ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකට බඩු උර දෙකක් කරගහන් එන්ඩ ගටක් ඌ මට දුන්නා.ඒක නොවෙන්ඩ උට කියලා කසාද බඳින්ඩ මට හම්බෙන්නෙ නෑ.

    ඌ එදා මට විශ් කරලා ගියා.මට කතකරන්ඩ උනෙත් නෑ හරියට.පහුවදා ඌ මට කෝල් කරා.

    "උඹ බදු කීයක් ගෙවනවද?"

    "මම තුන්දාහක් හම්බකරන්ඩ හිතුවෙ බන්"

    "ජය වේවා"

    "ජය වේවා"

    කෝල් එක ඉවරයි.

    ----------------------------------------------------------------------
    උබේ එකාට ඉස්කුරුප්පු නියන,හයේ යතුර ආතල්නම් උට එක එක වර්ගෙන් ඉස්කුරුප්පු නියන් ගෙනත් දියන්.එක එක අංක තියෙන යතුරු ගෙනත් දියන්.ගලවලා බලන්ඩ කියපන්.
    "මොන්ටිසෝරියෙදිම දොස්තර නලාව බෙල්ලට දාලා රවට්ටන්ඩ එපා."

    උබේ එකාට ගිටාර් එක ආතල්නම් උට චූටි ගිටාර් එකක් ගෙනත් දියන්.සිස්සත්වෙට පන්ති හොයනගමන් ගිටාර් එක අත්ගාන්ඩ වෙලාවක් ඉතුරු කරපන්.

    "ගිටාර් ගහන ඉන්ජිනේරුවොත් ඉන්නවා."

    උබේ එකාට මේසන් හැන්ද ආතල්නම් F 10 ක් ආවට පස්සෙ දෙවනි පාර ඕලෙවල් කරපිය කියනවට වඩා මේසන් හැන්ද හරියට අල්ලගන්ඩ උදව්කරන තැනකට යවපන්.මේසන් හැන්දට සිමෙන්ති ගන්න එක වෙනම කලාවක්.ඒක හැමෝටම කරන්ඩ බෑ.

    "ලඹේ තිබ්බට කෙලින් වෙන්නෙ හරි අඩුවෙන්."

    මේක නරක නෑ.හැබැයි මේක ලස්සනම හොඳම එක කියලා ඒ පුංචි එකා රවට්ටන්ඩ එපා.මේකෙ ඉන්ඩ උදව් කරපන්.බැරිම වුණොත් දාලා යන්ඩ විදියක් හදපන්.මොකද මේක ලස්සනම හොඳම එක කියලා අපි රැවටුනා වෙන්ඩත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මේක උපුටල මගේ ෆේස්බුක් එකට දැම්ම. කමක් නැහැ කියල හිතනවා.

      Delete
    2. blog නොකියවන දෙතුන් දෙනකුට නිර්දේශ කළා මෙහාට ඇවිත් බලන්න කියලා, මේ කමෙන්ට් එක නිසාම.

      Delete
  27. අපේ පෙසපේ යාලුවන්ගෙන් හෙම බැනුම් අහන්ඩ වෙන පෝස්ට් එකක්. ඒත් ආඩම්බරයි කියන්න ගිටාර් එක යන්තන් අටවාගෙන ගහන්න පුළුවන්. ෆ්‍රිජ් එක, වොෂින් මැෂින් එක , ඩිෂ් වොෂ එක කැඩුණු වෙලාවට හදා ගත්ත. තව තව ගෙදර දොරේ වැඩත් ගොඩ දාගන්න පුළුවන්. මගේ යාලුවෝ ඉන්නව ඔය එක වැඩක් බැරි. උන් ගැන වෙලාවකට දුකත් හිතෙනවා. මිනිස්සු බදු ගෙවන රස්සාවක් ව්‍යාපාරයක් කරන්න පුරුදු කරන එක තමා වෙන්න ඕනේ .

    ReplyDelete
  28. අරගලකාමීන් දැන් නිකුත් කරන ප්‍රකාශ අනුව උන්ට කොහොමත් කන්න අදින්න පුළුවන් උන්. අනිත් අය වෙනුවෙන් තමයි අරගලයට බැහැලා එකඑකාට බැනලා, බැරියර් පෙරලලා තියෙන්නෙ. අනුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් උන්ටත් වඩා කැපවෙලා අරගල කරන එක මට නං තේරෙන්නෙ බලහත්කාරයක් විදිහට.

    මෙහෙම හිතන්නකො. කාන්තා ප්‍රශ්නයකට පිරිමි ටිකක් පාරට බැහැලා අරගල කරනවා. ගෑනු එන්නෙ නෑ කියල උන්ටත් බනිනවා. මේ කියන විදිහට මේකත් ඊට සමාන තත්වයක්.

    කවුරුවත් මේ අයට එහෙම කරන්න කිව්වද දන්නෙ නෑ. අන්තිමට කොච්චර හිත් රිදවගෙනද කිව්වොත් ගෙවල්වල ඉන්න මිනිස්සුන්ට කුනුහරුපෙන් බනින ගානට ආවා.

    කවුරු හෝ කවර හෝ අරගලයක් කරන්න ඕන තමන්ට දැනෙන ප්‍රශ්නයක් වෙනුවෙන්. අනුන්ගෙ ප්‍රශ්නවලට ස්වේච්ඡාවෙන් බැහැලා උන්ටම බනින එක මොන අරගලයක්ද? කවුරු හරි තමන්ගේ ප්‍රශ්නෙකට අරගල කරද්දි ඒකට සහයෝගය දෙන එක වෙනම කතාවක්. මුන් අනුන්ගෙ ප්‍රස්නෙකට උන්ම හිතාගෙන අරගල කරලා අර මිනිස්සුන්ටම බනිනවා. විහිලුසහගතයි නෙ.

    ReplyDelete
    Replies
    1. අර 71 කරලාල් කලෙත් එහමයි. විප්ලවය එන්නේ පිටින්

      Delete
  29. සංජුලා ඕෂිනී පියර්ටස් ගේ සටහනක් ! ❤️

    යුද්ධයේ දී ජවිපෙට දේශපාලන තීන්දු 'මදක්' වැරදීමෙන් ලක්ෂ ගණනක් දෙමළ ජනයාට හාමතේ, බෙහෙත් නැතුව, බෝම්බ වැදී මියෙන්නට විය.
    තමන්ගේ සහයෙන් මරා දැමූ, අතුරුදහන් කළ ජනයාට දැන් ජවිපෙ "අපි අලුතෙන් හිතමු" යි කියයි.

    ජවිපෙ පැත්තෙන් මෙය ඉතාම හොඳ යෝජනාවකි. ජවිපෙ ප්‍රමුඛ ජජබ ට අලුතෙන් හිතන්නට වුවමනා නම්,

    1) යුධ අපරාධ විභාග කරන ලෙස,

    2) හමුදාව විසින් භාරගෙන රැගෙන ගිය දහස් ගණනක් ජනතාවට කළේ කුමක්දැයි හෙළි කරන ලෙස,

    3)හමුදාවෙන් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින දෙමළ ජනතාවගේ ඉඩම් ආපසු ජනතාවට ලබා දෙන ලෙස,

    4)චෝදනා රහිතව වසර ගණන් සිරකර ඇති දෙමළ ජනයා නිදහස් කරන ලෙස,

    5)උතුරු නැගෙනහිර සිවිල් ජීවිතය මිලිටරීයට පවරා තිබීම අහෝසි කරන ලෙස,

    ගෝටාබය රජයට බල කළ හැක. මේ සියල්ල ජවිපෙ අනුදැනුමෙන් සහ පූර්ණ දායකත්වයෙන් සිදු වූ නමුත් ජවිපෙට දැන් වෙනස්ව සිතන්න වුවමනා වී ඇති බැවින් අවශ්‍ය නම් මේවා කළ හැක.

    නැත්නම්, බර අවිවලින් පහර දෙන්න කිව්වේ අපි, මහින්දව යුද්ධෙ කරන්න ඇදගෙන ගියේ අපි ආදි ලෙසින් තවමත් කියන ජවිපෙට, ''අපිට පොඩ්ඩක් බැලන්ස් නැති වෙලා ඔයාලාගේ මිනිස්සු ලක්ෂ ගාණක් මළා නේදැ"යි දෙමළ ජනයාට ටෝක්ස් දෙමින් සිටිය හැක.

    යුද්ධය වළකා ගැනීමට තිබූ සමාජ ශක්‍යතාව සහමුලින් වනසා දැමූ ජවිපෙ, කිසිම අවංක දේශපාලන ස්වයං විවේචනයකින් තොරව තමන්ගේ සහයෙන් සමූල ඝාතනය කළ ජනයා හමුවට යන්නේ රෙදි ඇඳගෙන ද?

    ReplyDelete
    Replies
    1. Jagath Pathirana28 June 2022 at 20:17

      වික්‍රමබාහුට නම් දෙමෙල්ලු පෝලිමේ ගිහින් චන්දෙ දෙයි.

      Delete
    2. ඇනෝගේ කියවීම හරි. ඔඡ්ච්ර මිනි මරා ගන්නේ නැතිව අරට ණය වෙන්නේ නැතිව ඉවර කිරීමේ ප්ලෑන් එකක් තිබුන

      Delete

  30. 19ක් ගහන්න තියෙද්දි සර් අන්තිමේ ඔවරේ දැම්මොත් මොකද වෙන්නේ?


    බොලේ අතට ගත්තු ගමන් ගැම්මට කට්ටිය බිත්ති වල චිත්‍ර අඳිනවා කප් එක උස්සන් ඉන්න ඒවා

    1st Ball,
    0 runs

    බයියෝ -> රෙස්ක්පෙට් සර්. ජය නියතයි. අම්මෝ අරුට දාන්න දුන්නම් no ball දාලම match එක පරදිනවා.

    2nd Ball,
    6 runs

    ජෙප්පෝ ටොයියෝ -> #sirfail එහෙම ball දානවද මූට Yorker එකක්වත් දාගන්න බෑ. අපිට දුන්නනම් මෙහෙම දාන්නේ

    3rd Ball,
    6 runs

    ජෙප්පෝ ටොයියෝ 69සමහර අය -> #gohomegota match එක ඉවරයි. වරෙන් අරගල කරන්න

    4th Ball,
    6 runs

    දාර බයියෝ -> 11ම එකයි කවුරු දැම්මත් ඔච්චරයි, ඉතිරි බෝල දෙක අරගෙන දාල මැච් එක පරදින එක වලක්වන්න. අනික අර ටීම් එක පට්ට strong මේක අපේ වරදක් නෙමෙයි. ජෙප්පො කෑ ගහන නිසා සර් ට focus කරලා බෝල දාන්නත් බෑ.

    වෙන කෙනෙක්ට බෝල දන්න සර් ආරධනා කරනවා

    අනුර : මේ යකා 18ක් ගහන්න දීලා බෝල දෙකම ඩොට් දාන්න මට පුලුවද ශේප් එකේ දෙන්න බැරි ඉල්ලීමක් ඉල්ලන්න ඕනි. උඹ බේර වැවේ බහින්න ඕනි, මේ ටීම එකම මාරු කරන්න ඕනි


    සජිත් : උඹ බේර වැවේ බහින්න ඕනි, මේ ටීම එකම මාරු කරන්න ඕනි


    බෝල දාන්න රනිල් ගේන්න හදනවා


    සජිත් : හරි හරි ඔයා බේරේ වැවේ බහින්න ඕනි නෑ රනිල බෝල දන්න යනවනම් මම දාන්නම්


    රනිල් බෝලේ අතට ගන්නවා -> සමහර අරගල කරපු අය -> රනිල් ඩයල් එක, අරුන් කෑ ගැහුවට අභියෝගය ගත්තේ නෑ රනිල්ගේ සබදතා එක්ක මේක ගොඩ දානවා

    ReplyDelete
  31. ගොඩක් පැති ගැන පෙන්නලා මතයක් දැම්මේ නැති එක හොඳා... ඉන්දියාව බොහෝ විට අපිව හොර අඹුකමට වගේ ගන්ට හිතාන ඇති.
    ඉදිරි මැතිවරණ වලින් BJPටත් දිනන්ට ලේසි වෙන එකක් නැහැ. යන හැටියට නම් මයින්ඩ කල දසාවම තමයි BJPයටත්

    ReplyDelete
    Replies
    1. ආයේ සැරයක් එන්ට ඕනෙ බම් මේකේ comment ටික කියවන්ට..

      Delete
    2. මතයක් දැම්මොත් පැත්තක් ගත්තා වගේ වෙනවා

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .