Tuesday 7 June 2022

ටෙලි නාට්‍යයක්, චිත්‍රපටයක් හා අභිනිෂ්ක්‍රමණයක්

දමිත
දමිත  චන්ද්‍රසිරි 


ක්‍රිස් මැක්කැන්ඩ්ල්ස්

සමහර කතා අපට දැන  ගන්න ලැබෙන්නේ හුඟක් පරක්කු වෙලා. මේ එහෙම කතාවක්. පසුබිම කියන්න කලින් ලියන්න ඕනේ මෙහෙම. මමත් කාලයක් වහන් වෙලා හිටිය ලෝකෙන්. අනූ ගණන් වල මුල භාගයේ. හරියටම මොකද්ද කරන්නේ කියල දන්නේ නැතිව. ජිවිතයේ  එල්ලයක් නැති වෙලා ගිය මොහොතක. ඊට පස්සේ   පසු  කලෙක  මගේ බිරිඳ වුන ඇය  මුණ ගැසුන. මම  ලෝකෙන් වහන්  වෙලා හිටි කාලේ අවසන්  වුනා.
අපි තවමත් යනව නිවාඩු, හිටපු ගමන් වේල්ස් පැත්තේ ගම්මාන වලට. කඳු වලින් වටවෙච්චි පහත් තැනිතලා බිම්වල. ඉන්ටනෙට් නැහැ. මොබයිල් දුරකථන වැඩ කරන්නේ නැහැ. ෆේස්බුක්, වට්ස්ඇප් මුකුත් නැහැ.  සුමානයක් දෙකක්  ලෝකෙන් අයින් වෙලා ඉන්න. ජිවිතේට සමහර වෙලාවට ඒ නිදහස ඕනේ. ඒ සැනසීම ඕනේ. 

හැබැයි සම්පුර්ණයෙන්ම හැමදේම එපා වෙලා යන්න හිතුනොත්. අපි ඒකට  අභිනිෂ්ක්‍රමණය කියල නම් කරනවා. එහෙම ගිය එක්කෙනෙක් පසු කලෙක බුද්ධත්වයටත් පත් වුනා.

මේ ටික මතක් වුනේ පහුගිය දිනෙක හමුවුණු තුමිඳු දොඩන්තැන්න කියපු කතාවක් නිසා. තුමිඳු රඟපෑව, බොහොමයක්  අපි ඉතා කැමත්තෙන් නරඹපු කුඹියෝ ටෙලි නාට්‍යය ලියපු දෙන්න තමයි ලක්මාල් ධර්මරත්න සහ  දමිත චන්ද්‍රසිරි. ඒ ගොල්ලෝ මාස ගාණක් පුරාවට ස්ක්‍රිප්ට් එක ලීවට පස්සේ තුමිඳු ට කතා කරල කියල, මෙහම කතාවක් තියනවා කියල.. තුමිඳු එවන්න  කීවම එදා රෑම ෆයිල් කිහිපයක් හැටියට මෙසෙන්ජර් එකෙන් එවල තියෙන්නේ. තුමිඳු ඒක කියවල  රඟපාන්න කැමති වෙලත් ඕස්ට්‍රේලියාවේ යන්න තියෙන නිසා ඒ වෙලාවේ කියලා තියෙනවා වෙන කෙනක් ගන්න කියල. . නමුත් දමිත සහ ලක්මාල් දෙන්නම තුමිඳු ඕස්ට්‍රේලියාවේ ඉඳන් එනකන් ඉන්න කැමති වෙලා තියනවා. මොකද ඒ දෙන්නගෙම අදහස් වෙලා තියෙන්නේ ජෙහාන් ගේ චරිතයට ගැලපෙන්නෙම  තුමිඳු බව. දමිත කියල තියෙනව තුමිඳු හිතේ තියාගෙනමයි කතාව ලීවෙ කියලත්.  පෞද්ගලික මොහොතක් වුනත් මම ඉහත පින්තූරය දැම්මේ තුමිඳු ඒ කතාව අපට කී දවස නිසා. හැබැයි එතකොට වෙනත් නිෂ්පාදකයෙක් ඉඳල තියෙන්නේ.
තුමිඳු ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලේ ඒ නිෂ්පාදකයා නාට්‍යය ව්‍යාපෘතියෙන් අයින් වෙලා. ඒ අවස්ථාවේ තමයි තුමිඳු ගේ අයියා කතාව කියවල කැමැති වෙලා තියෙන්නේ. ඉතිරි හරිය හැමෝම දන්නවා. 

ඊට පස්සේ මම නොදන්නා  කතාව තමයි  (ලංකාවේ හිටිය අය නිව්ස් වලින් දකින්න ඇති මේක) දමිත චන්ද්‍රසිරි අතුරුදහන් වුනු බව.  අනුරාධපුරේ ඈත ගමකින් කොළඹ ආපු දමිත නැවතිලා හිටියේ නාවල. තුමිඳු කියන විධිහට තමන්ගේ නවාතැනේ බිල් ඔක්කොම ගෙවල, බැංකු කාඩ් පත් ආදිය ඉවත් කරගෙන, ලැප්ටොප් එක මේස උඩ තියල කාමරයත් අස් කරල දමිත් ගිහින්.. හරිම ලස්සන හිතක්  තිබුණු සංවේදී වගේම අසාමාන්‍ය චරිතයක්. 

මුලදී හැමෝම දමිත හොයල තියනවා. නමුත් පස්සේ ලක්මාල් කියල තියෙනව දමිත නිතර බලපු චිත්‍රපටයක් තියෙනව. ඒකෙ විධිහට නම් දමිත ට අවශ්‍ය නැහැ අපි එයාව හොයා ගන්නවට කියල. තුමිඳු, ලක්මාල්, අසංග  ඇතුළු යහළුවෝ ඒ චිත්‍රපටය බලල ඉතාමත් දුකින් වුනත් දමිත ගැන සෙවීම අතහැර දාල තිබෙනවා. ඒත් තුමිඳු ඉතාමත් සංවේගයෙන් අදත් කියන්නේ  "දමිත ආපහු එනවනම් හොඳයි අයිය" කියල.  

තුමිඳු මේ විස්තරය කීව දාට පහුවදාම මම ඒ චිත්‍රපටය බැලුව. "ඉන් ටුද වයිල්ඩ්" - වනයට අභිනිෂ්ක්‍රමණයක් කියල පරිවර්තනය  කළ හැකි ඒ නම.   මට චිත්‍රපටය බලන්න  හිතුනේ මට මතක් වුනා හර්මන් හෙස ලියපු "සිද්ධාර්ථ" නමැති කතාව. සිද්ධාර්තත් කිසියම්  සත්‍යයක් සොයාගෙන යනවා හැමදේම අත හැරලා. ඒ යන ගමනේ ගෝවින්ද කියල යහළුවෙක් හම්බ වෙනව. ඉන්පසු ගෞතම බුදුන් වහන්සේ  මුණ ගැසෙනවා දෙන්නටම, ගෝවින්ද බුදුන් සරණ යද්දී සිද්ධාර්ථ තමන්ගේ  විමුක්තිය තමන්ම හොයා ගන්න ඕනේ කියල යනවා. ඒ කතාව තවත් දුරට යනවා.

මේ වනයට අභිනිෂ්ක්‍රමණය කරන ඇමෙරිකානු තරුණයා, ක්‍රිස්ටෝපර්  විශ්ව විද්‍යාල අධ්‍යාපනය  හොඳින් අවසන් කළ, ක්‍රීඩා වලට දක්ෂ කොටින්ම ඉදිරි ජිවිතය "සාර්ථක වීම" සඳහා  සම්ප්‍රදායානුකුල අර්ථයෙන් ගත්තොත් සුදුසුකම් සම්පූර්ණ කළ අයෙක්. මව සහ පියා ඔහුට හොඳ කාරයක් අරන් දෙන්න උත්සාහ කරනවා. පළමුවෙනි ගැටුම පෙනෙන්නේ එතනින්.  ක්‍රිස් අහනවා "ඇයි මගේ පරණ හොන්ඩා කාරෙකේ වැරැද්ද මොකක්ද?" කියල. කාරෙක යනවනම් පාරේ, අවශ්‍ය ප්‍රධාන දේ කෙරෙනවා නම් අලුත් එකක් ගන්න අවශ්‍ය නැහැ.
නමුත් අපට සමාජයෙන් හොඳ කාරයක්, ගෙයක් දොරක් හෙම තියනවා නම් එන තත්වයක් තියෙනවනේ. මවගේ සහ පියාගේ අදහස වුනේ ඒ තත්වය රැක ගන්න එක. 

අපට ඒ දවස්වල තිබුන හොඳ හුරු බුහුටි ෆෝඩ් ෆියෙස්ටා කාරෙකක්. ජර්මනියෙන් ගෙනාපු නිසා වමෙන් පදවන්නේ. ඒකෙ සර්විස් මට තනියම කරන්න පුළුවන් විධියට හරි සරලයි. මේ වන්ඩියට අපි කොච්චර කැමති වුනත් යන යන තැන යාළුවෝ කියන්න ගත්ත "අජිත් මොකද්ද බං , හොඳ කාරෙකක් ගනින්කෝ , ලැජ්ජා නැත්ද  ඕකේ  යන්න" මේ සුපිරියට යන වාහනේ.  අන්තිමට ඔෆිස් එකේ උනුත් කියන්න ගත්ත වමෙන් යන කාර් එකකින් යන්නේ ඇයි වගේ කතා. අන්තිමට බොහොම අකමැත්තෙන් ඒක දෙන්න වුන. සමාජයේ ජිවත් වෙනවා නම් කිසියම් පීඩනයක් , තෙරපුමක් එනවා කිසියම් හට පද්ධතියක් යටතේ ජිවත් වෙන්න. ඒකෙන් ගැලවෙන්න ටිකක් අමාරුයි.
 
ක්‍රිස් ගේ   සොයුරිය පවසාගෙන යන කතාවේ ඉක්මවා පෙන්වන තව දෙයක් තමා ලෝකයට පෙන්වන ඔවුන්ගේ දෙමව්පියන් ගේ විවාහ ජීවිතය  ඇත්තටම බොරුවක් බව. පියාට තිබ්බ වෙනත් අනියම් බඳතාවකින්  තව පුතෙක් සිටිනවා.  ක්‍රිස් මෙය දැනගත්තත් සොයුරිය ගෙන් ඉල්ලා සිටිනවා ඔවුන් ඒ රහස දන්නා බව හෙළි නොකරන ලෙසට. මව හා පියා කරන ව්‍යාපාර වලදී එකමුතුව සිටියත් නිවසේදී දැඩි ලෙස වාද කළා, රණ්ඩු කළා. ආඩම්බරකාර පියා   කෝපාවිෂ්ට ලෙස මවට තර්ජනය කරනවා වගේම පහරදීමත් කර තිබුන.  

ක්‍රිස් අභිනිෂ්ක්‍රමණය කරන්න තීරණය කරන්නේ මේ වටාපිටාව තුල. තමනට තමන්ව හොයා ගන්න නැත්නම් සියළුම බැඳීම් වලින් මිදිලා වනගත දිවියකට යන්න. ඒ ගමන යන්නේ තාවකාලිකාවද නැත්ද  කියන එක  එයාම දන්නේ නැහැ. තමන්ගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ට ලද මුදල් ඩොලර් විසි පන්දාහක් ඔහු පුණ්‍ය කටයුතු වලට බැර කරනවා. තමන්ගේ හැඳුනුම් පත, ගමන් බලපත්‍රය , ක්‍රෙඩිට් කාඩ් ඔක්කොම විනාශ කරල දානවා. දාලා ඔහු බටහිර පැත්තට යනවා. ඒ යන ගමනේදී බොහෝ දෙනා මුණ ගැහෙනවා. අළුත් සබඳතා හදා ගන්නවා. නමුත් ඔහු කිසි තැනෙක රැඳෙන්නේ නැහැ. මෙක්සිකෝවට යන ඔහු නැවැත ඇමෙරිකාවට පැමිණ හැඳුනුම් පතක් ගන්න යනවා අනාථයන් පිලි ගන්න තැනකට. එතනදී තමන්ගේ නම දෙන්න  ඇලෙක්සැන්ඩර් සුපර්ට්‍රෑම්ප් කියල. "සුපිරි හිඟන්නා" කියන වාසගම සහිතව.

හිපි යුවලක් වන රෙයිනි සහ ජෑන් ඔහුට මගදී මුණ ගැහෙනවා. ඔවුන්ටත්  පුතෙක් ඉඳල වෙන්වෙලා ගිහින්.  ඔවුන් ක්‍රිස් ට ආදරය  කරනවා වගේම නවතින්නත් ආරාධනා කරනවා. හිපි දිවියේ නිදහස ගැන කියල.  එසේම ගොවියකු වන වෙයින් ඔහුට උදව් කරනවා, මුදල් සොයන්න. ගොවිපළවල වැඩ කරන්න. ඒ කිසිම තැනක ක්‍රිස් බැඳී හිටින්නේ නැහැ. ඒ හැම තැනම  නිදහස තිබුනත් ඔහුගේ අවසාන බලාපොරොත්තුව උනේ ඇලස්කාවට යාම නිසා.

 පසු කලෙක ට්වයිලයිට් චිත්‍රපට මාලාවේ රඟපාන කර්ස්ටන් ස්ටුවර්ට් ආරම්භක නිලියක් වශයෙන් මේ චිත්‍රපටයේ ළාබාල හිපි තරුණියක් ලෙස රඟ පානවා. සුන්දර ප්‍රථම ප්‍රේමයක් ලෙස ඈ සමග නවතින්න පුළුවන් වුනත් වරෙක ඈ  සමග එකතුව ගිටාරය වයමින් ගීතයක් ගැයූවත්,   ඔහු ඇයත් හැරදා  යනව.   



එසේම ඔහුට හමුවන තවත් චරිතයක් තමයි හදිසි අනතුරකින් තමන්ගේ බිරිඳ සහ  පුතා මියගිය පසු තනිව ජීවත්  වෙන රොන්. රොන් ට අවශ්‍ය වෙනවා ක්‍රිස් ව තමන්ගේ මුණුපුරා ලෙස තබා ගන්න. රොන්ව කන්දක් මුදුනට රැගෙන  යන ක්‍රිස් ඔහුගේ ගමනාන්තය ඇලස්කාව බව පවසන ගමන්,  ලොව සියල්ල දැක තිබුනා  කියා හිතාගෙන සිටින  රොන් වැරදි බවත් නිදහස සොයා ක්ෂිතිජයේ ඉමට යන ගමන මනරම් බවත් පහදා  දෙනවා. රොන් පිලි ගන්නව ඔහුට ඒ කන්ද නගින්න අමාරු වගේම එවැනි ගමනක්  යන්නත් අමාරු බව. තමන්ගේ හිම සපත්තු හා තුවක්කුව  ක්‍රිස් ට දෙන රොන් ඔහුව ඇලස්කාව ට හැරලනව. එසේ කරන්නේ නැවත ඔහු සමග ජීවත් වන්නට එන ලෙසට ඉල්ලීමක් කරමින්.

හිම වලින් පිරිණු සුන්දර ඇලස්කාව ක්‍රිස් ව  මන්මත් කළත් එය ඉතා අසීරු ජිවිතයක්  බව ඔහු ජර්නලයක  නිති  පතා සටහන් කරනවා. ඔහු සිටින්නේ සතුටින්. නමුත් බාධක බොහොමයක් හමුවෙනවා.  දඩයම් කිරීම ලෙහෙසි නැහැ, වෙඩි තබා මැරූ ගෝනා ගේ මස් කල් තබා ගන්න ඔහුට අපහසු වෙනවා. කෑම හොයන්න බොහෝ දුර ඇවිදින්න වෙනවා. 

මේ අතරවාරයේ ක්‍රිස් නැතිව දැඩිව සොවින් තැවෙන දෙමාපියන් ඔහුව සොයනවා. අවසානයේදී ක්‍රිස් ගේ නික්ම  යාම තුල දෙමාපියන් තමන් කල වැරදි වටහා ගන්නවා. 

ක්‍රිස් අත් හැර දැමූ පරණ  බසයක් හොයාගෙන එහි ජිවත් වන්නට උත්සාහ කරනවා. .  ඔහුට ඉතා හොඳ මිනිසුන් ගෙන උදව් මුලදී ලැබුනත්, මිතුරන්ගේ සොයුරිය ගේ උදව් ලැබුනත්,  ඇලස්කාවේ ඔහුගේ තනිවීම තුල, ඔහු ජීවිතය නැවත ආවර්ජනය කරන්නේ අප හැමට යහළුවන් සහ පවුල සමහර විට අවශ්‍ය වෙනවා නොවේද යන්න පසක් කරමින්. අපි කෙතරම් ආත්මීය ලෙස, මේ ලෝකය  මායාවෙන් පිරුනක් ලෙස  හැර යන්නට උත්සාහ කලත් එය හැම විටම සාර්ථක වන්නේ නැහැ . ඒ තරමට මේ සාමාන්‍ය  යයි අප සලකන ලෝකය අපට හුරු පුරුදුයි.

තරුණ තරුණියන්  කැරලි ගසන්නේද , අරගල කරන්නේද  තමන් ජිවත් වන සමාජයේ දෙබිඩි බව දකින විට. එහි දුකින් හෝ කෝප ගැනීමකින් තොර ජීවිතයක් ගෙවීමට නම් පවතින ක්‍රමයට අනුගතව රොබෝවක් මෙන් ජිවත් වන්නට සිදුවන බව වැටහෙන විට.  සමහරු කැරලි හා අරගල අතහැර තම නිදහස හා විමුක්තිය සොයා යනව. හැත්තෑ එකේ කැරැල්ලෙන් පස්සේ ජී අයි ඩි ධර්මසේකර හා තවත් එවැනි අය සමාජය අතහැර වනගතව ජීවත් වූ බව මම අසා තිබෙනවා. 

ක්‍රිස් ට මිය යාමට කිසි සේත් අවශ්‍ය වන්නේ නැහැ, ඒ වෙනුවට ඔහු ජිවත් වීමට දරන වෙහෙස අප්‍රමාණයි. දඩයමක් කර ගැනීමට නොහැකිව, ගෙනා සහල් අවසන් වුනු පසු ගඩා ගෙඩි හා පැළෑටි අනුභව කරන්න ඔහු පෙළඹෙනවා. නිවැරදිව තම පොතේ සඳහන් වුවත් විෂ බව හනුනා නොගෙන පැළෑටිය ක ගෙඩි සහ කොළ  අනුභව කිරීමෙන් ඔහු ලෙඩ වෙනවා. නැවත පොත බැලීමේදී ඔහු දැන  ගන්නවා තමන් අනුභව කලේ විෂ සහිත ශාකයක් සහ එහි ඵල බව. ක්‍රිස් අවාසනාවන්ත ලෙස, වේදනාකාරී ලෙස ජිවිතයෙන් සමු ගන්නවා.

පසුව දඩයක්කරුවෙකුට ක්‍රිස් ගේ සිරුර බසයක් තුලදී හමුවෙනවා. ඔහුගේ සොහොයුරියට  ක්‍රිස් ගේ බෑගය සහ දිනපොත හමුවීම තුලින් ක්‍රිස් ගතකල කාලය පිළිබඳව ලෝකයා දැන  ගන්නවා. නමුත් ඒ වනවිට ඔහුගේ පවුලටත් මිතුරු මිතුරියන් ටත් ක්‍රිස් අහිමි වී හමාරයි.   

මටත් වෙලාවකට හිතෙනව සමාජ ජාලා වල ගිණුම්  අකර්මන්‍ය කරලා  බ්ලොග් ලිවිල්ලත් නවත්වල AWOL හෝ MIA වෙන්න. ෆේස්බුක් එක යහළු වන ප්‍රමාණය නම් සීග්‍රයෙන් අඩු කරමින් ඉන්නේ. ඒත් ක්‍රිස් වගේ සම්පුර්ණයෙන්ම සමාජයෙන් අහක් වෙන්න බැරි  තරමේ බැඳීම් හුඟක් අපි හැමෝටම තියනවා. ඉතින් ඒක කරන්න අමාරුයි. නමුත් බැඳියාවන්  අඩු වෙනකොට නිදහස වැඩි වෙන එකනම් සත්‍යයක්. 

තුමිඳුලා හිතන් ඉන්නවා දමිත කවද හරි ආයේ එයි කියල. ඔහුගේ කැමතිම චිත්‍රපටය නරඹල තියෙන නිසා  ඔවුන්  නැවත ඔහුව හොයන්නේ නැහැ. නමුත් මට හිතෙන්නේ මේ අප ගත කරන්නේ  ඔහු වැන්නන් අවශ්‍යම කාලයක් බව. නැවත පැමිණ ඔහුගේ අත්දැකිම් තුලින් සාර්ථක නිර්මාණයක්, සාමාන්‍ය එකක් නොව ලොවට වෙනස් යමක් පහදා දෙන නිර්මාණයක් කරන්නට  හැකිනම් අගෙයි.  ක්‍රිස් අභිනිෂ්ක්‍රමණය කළේ ජිවිතය එපාවී නොවෙයි ජිවිතයට ආදරය කළ නිසා. 

හැම දිනකම නොනැවතී  වෙනස් වෙන ක්ෂිතිජයක්ද නව සහ වෙනස් සුර්යයා  ද  දැකීම තරම් වෙනත් සතුටක් නැත.  - ක්‍රිස් මැක්කැන්ඩ්ල් 



48 comments:

  1. ෂා. මසුරං ලිපියක්. මල හත්තිලව් දේසපාලන ලිපි නැතුව, අපේ ඇස් ඇරෙන මෙවැනි ලිපි වැඩි වැඩියෙන් ලියවේවා! කතාවත් එක්කම, ඔබේ පෞද්ගලික අත්දැකීම් මුහු කරල තියෙන ආකාරය අපූරුයි.

    ඔය පියර් ප්‍රෙෂර් සහ ගෲප් තිංකින් තමයි, අපිව කන්නෙ. සාපේක්ෂ ලෙස, අනුන්ගේ සීනි කිරීම අනුමත නොකරන මේ සමාජෙදි අපට කැමති ලෙස ජීවත් වෙන්න වඩා වැඩි නිදහසක් තියෙනවා. සමාජ ජාල, ඔන්-ලයින් ජීවිත මේවා හරහා, අපි වටේට හිර කඳවුරු තනාගෙන තියෙන්නෙ අපිම තමයි කියල මට හිතෙනවා.

    වනගත හුදකලා ජීවිතයකින් මට නං මෝක්ෂයක් ලැබෙන එකක් නෑ. දවසම කෑම හොයන්නයි, නොමැරි ජීවත්වෙන්නයි, සීතලෙන් බේරෙන්නයි ගියාම ඒක "අත්තකිලමතනු යෝගය" වගේ වෙයි නේද?

    Hikikomori - being in solitude, modern day hermits සංකල්පය ටිකක් එහෙන් මෙහෙන් වෙනස් කරල ගත්තාම ඊට හොඳා.

    ReplyDelete
    Replies
    1. පියර් ප්‍රෙෂර් සහ ගෲප් තිංකින් ඕවා හරි දරුණුයි. මම ෆෝර්ඩ් එක දීල (හූන්දට වැඩ කරන.) පත රෝවර් 416 SLI එකක් ගත්ත. ඒ කාලේ හැටියට හොඳ කාරෙකක්. ඒත් මෙහෙ උන්ට පිස්සු අදහසක් තියනවා වයිපරේ ජර්මන් නම් මම බි එම් ඩබ්ලිව් , බෙන්ස්, වගේ ඒවා විතරයි ගන්න ඕනේ කියල. 😀
      "අපි වටේට හිර කඳවුරු තනාගෙන තියෙන්නෙ අපිම තමයි කියල මට හිතෙනවා."- ඒක ඇත්ත මම ළඟදීම ස වගේ නොවී තීරණයක් ගන්නවා. ඔව්

      Delete
    2. වනගත දිවියකට මමත් කැමති නැහැ. ඉඳහිට යන්න කැමතියි

      Delete
  2. මනුෂ්‍ය ආශ්‍රයෙන් බැහැරව ගතකරන හුදෙකලා ජීවිතයක් ගැන හිතන්නවත් බෑ! හුදෙකලාව දරාගන්න බැරි උනොත් දැනෙන මානසික පීඩනය භයානකයි.

    ReplyDelete
    Replies
    1. ඒක හරි. මේ ක්‍රිස් ට වුනේ ඒක . මිනිස්සු එක්කම ඉඳල නමුත් දන්නා අය නොවී හිටියොත්. ඒ වගේ ගමන් අපි යනවා නිතරම වගේ. ෆේස්බුක් අරව මේවා වලින් ඈත් වෙලා. ඉඳල හිටලා එහෙම "තනි" වෙල්වකුත් අවශ්‍යයි. ජිවිතේට

      Delete
  3. නියම ලිපියක්. ඒත් බෙයා ග්‍රිල්ස්ගෙ වැඩසටහන් බලනකොට තනියෙන් කැලේක ඉන්න බය හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ඒක හැබෑව . හැබැයි නයින්ට බය නැත්නම් ලංකාව වගේ රටක කැලේ ජ්විඅත් වෙන්න ලෙහෙසි බවයි මට හිතෙන්න. එහම යන්නම ඕනේ නැහැ. අර නලින් දිල්ල්රුක්ෂ වගේ ඉඳල හිටල් ගියහම ඇති. අපි පෝස්ට් දාන්නම් - හයියෝ දෙමළ නයන්න්ට මොකද වුනේ, ගොඩකවෙල කවුරුත් නැද්දෝ අගේ ඒවා. ඔයා ඊට පොඅස්සේ වීරයා වගේ එන්ටර් වෙන්න.

      Delete
  4. අජිත් ධර්මකීර්ති මහත්මයා සමග යහපාලන රජයේ එකට වැඩ කරපු අර්ජුන් මහේන්ද්‍රන් කියන මහබැංකුවේ හිටපු අධිපතිවරයාත් මෙහෙම ගමනක් ගිහිංද දන්නේ නෑනේද.

    අනේ පව්. අජිත් මහත්මයාට දැන් වෙලා තියෙන්නේ ගලේ පැහැරපු බළලාට උන දේ.

    ReplyDelete
    Replies
    1. මම මේ කල්පනා කොලේ ඇනෝ කාටද ඇත්තටම ගලේ පැහැරපු බළලාට උන දේ උනේ කියල. දැන් බලන්නකෝ මම අර්ජුන් මහේන්ද්‍රන් දන්නෙත් නැහැ යහපාලන රජයේ වැඩ කලෙත් නැහැ. ඒ උනාට යම් බ්ලොග් කරුවෝ , යම් ඇනෝ ලා එක දිගට බදුම්කරේ ගැන, හොරු ඇල්ලීම ගැන ලිව්වා, මඩ ගැහුවා. දැන් බලාගෙන ගියහම ඔය කිරිපල්ල සොරි කිරි අල්ල, අමර තුංග රාජිත වගේ කිහිප දෙනෙක් ඇරුනහම යහපාලනේ ත් මේ වහ පාලනේ ට වඩා හොඳයි වගේනේ. ඒකත් පැත්තකින් තියමුකෝ. දැන් එළිවෙලා තියෙන්නේ අර්ජුන් මහේන්ද්‍රන් රාජපක්ෂ පවුල සමගත් එයාලගේ ආයෝජන පොර්ට්ෆොලියෝ එකට වැඩ කළා කියල. හැබැට කවුද ඔය මෑන් ? රජ පක්ෂ ලට සහ රනිල්ට සහ ඔය ඔක්කොටම උපදෙස් දුන්න?
      https://en.wikipedia.org/wiki/Arjuna_Mahendran
      අනික දැන් වෙලා තියෙන්නේ ඒ වැඩේට අනුබල දුන්නය කියන අගමැති රනිල් ම ආයිත් අගමැති. රට (සහ සමහරවිට රාජපක්ෂලා ) බේරා ගන්න. දැන් ගලේ පැහැරපු බළලාට උන දේ කාටද උනේ ? ගෝටා, මහින්ද, චමල් ට අමතරව අර බැදුම්කර බ්ලොග්කරුවන්ට , ගෝටා ගෙනා අයට , ලිස්ට් එක තව දිගයි. ලියාගෙන යන්න

      Delete
  5. +++++++++++++++++++++++++++++++

    ReplyDelete
  6. මංගල කියන්නෙ කවුද?
    මංගල කියන්නෙ ලංකාවෙ මෙතෙක් බිහිවුණු අසාම්ප්‍රදායිකම දේශපාලකයා. වැඩිපුර ව්‍යවහාර වෙන වචනෙන් කිව්වොත් රැඩිකල්ම දේශපාලකයා. මොකද අපි ලංකාවෙ රැඩිකල් කියන තරමක් කියන්නෙ සාම්ප්‍රදායික ග්‍රාම්‍ය දේශපාලනයට. මංගල පක්ෂ අතර දේශපාලනය විතරක් නෙමෙයි ඊට වඩා ලොකු සංස්කෘතික දේශපාලනයක් කළා. ඒකට ප්‍රධාන හේතුව විදිහට මං දකින්නෙ මංගලගේ සමලිංගික නැඹුරුව. සමලිංගික ප්‍රජාව අතරත් මංගල රැඩිකල් චරිතයක්. එයා විශ්වාස කළේ නෑ සමලිංගිකයන්ට විවාහ වීමේ අයිතිය අවශ්‍යයි කියල. එයා හිතුවෙ ඒක විෂම ලිංගිකයන්ව කොපි කිරීමක් කියල. සමලිංගිකයන් විසින් ඔවුන්ගේ සංස්කෘතියක් නිර්මාණය කරගත යුතුයි කියල.
    ‘ලේ උරාබොන කූඩැල්ලෙක් වෙනවට වඩා සමනළයෙක් වීම මට ආඩම්බරයක්’
    මේ වෙනස් ලිංගික නැඹුරුව හින්දම මංගල ලංකාවට ගැලපුනේ නෑ. එයා ප්‍රධානවම ගැටුනෙ ලංකාවෙ ලොකුම අවුල එක්ක. ඒ තමයි සිංහල බුද්ධාගම. සිංහල බෞද්ධ කියල කියන්නෙ. දේශපාලනය ඇතුලට ආගම ඇතුල් වීම නිසා දේශපාලනයත් ආගමත් දෙකම අර්බුදයට යනවා කියල මංගල දැක්කා. එයාට බුද්ධාගම ගැන තිබුණා ආධ්‍යාත්මික දර්ශනයක් හැටියට ලොකු ගෞරවයක්. ඒත් දේශපාලන කොන්ත්‍රාත් කරන චීවරධාරීන් එක්ක තිබුණ ලොකු තරහක්. මේ ගැන මංගල ලියපු බෞද්ධයාගේ විලාපය මං හිතන්නෙ මෑතක එලිදැක්වෙනවා.
    එයා සියලු අන්තගාමීත්වයන්ට විරුද්ධ තැනක දේශපාලනිකව පිහිටන්න උත්සාහ කළා. ඒකට කිව්වෙ රැඩිකල් මැද කියල.
    ‘සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.. මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ’
    ලංකාවෙ දේශපාලනයෙදි මංගල වැදගත්ම වුනේ එයා සෑම විටකම පාලමක් වුනු නිසා. මංගල දේශපාලන තාප්පයක් නෙමෙයි. මේ වෙලාවෙ මංගල හිටියා නම් කියලා ගොඩක් අය කියන්නෙ ඒ හින්ද. එයාට පක්ෂ අතර, පුද්ගලයො අතර එකඟතා ගොඩනගන්න පුළුවන්. ඒ එකඟතාවය ගොඩනැගෙන්නෙ විශ්වාස කළ හැකි කෙනෙකුගේ මැදිහත්වීම උඩ විතරයි. මංගල එවැනි විශ්වාසයක්, විවෘතභාවයක් දිනාගෙන තිබුණ. අරගලයෙදි මංගලගෙ අඩුව දැඩිව දැනෙන බව ඇත්ත.
    මංගලට තිබුණ ඉතාම දියුණු සංස්කෘතික ජීවිතයක්. මං වඩාත්ම ආශක්ත එතනට. කියවන පොතපත, ඇසුරු කරන කලාවන් ව‍ගේම කන බොන ජීවත් වෙන විදිහ ගැන ඉතාම සියුම් සෞන්දර්යයන් තැවරුණු ආර්ට් එකක් එයාට තිබුණ. එයාට වටිනා දේ වුනේ විඳීම, අත්දැකීම, නැත්තං එක්ස්පීරියන්ස් එක. භෞතික මිළ මුදල නෙමෙයි.
    දේශපාලකයෙකු තුල තිබිය යුතු අසහායම ගුණය විදිහට මං දකින අසා සිටී‍මේ ගුණය මං ගැඹුරින්ම දැක්කෙ මංගලගෙන්. මේසයක් වටේ ඉන්න බුද්ධිමතාගේ ඉඳන් අන්තිම මුග්ධයා දක්වාම එකම ගෞරවයකින්, ඉවසීමකින් අහන් ඉන්න පුළුවන් විශිෂ්ට ගුණයක් එයාට තිබුණ. හැම කෙනෙකුගේම අදහස මේසෙට එන්න ඕන කියල විශ්වාසයක් තිබුණ. කිසි කෙනෙක් සර්ලා හෝ මැඩම්ලා නෙමෙයි අපි වගේම සමාන පුරවැසියො කියන එක එයාගෙ දේශපාලනයේ තිබුන.
    මං හිතන්නෙ මංගලගේ දේශපාලනයෙන් අපිට තේරුම් ගන්න තියෙන වැදගත්ම දේ මේ අසා සිටීමේ ගුණය කියල. විශේෂයෙන්ම මේ වැඩිපුරම ගැඹුරෙන් අසා සිටිය යුතු වෙලාවක් නිසා.

    ReplyDelete
    Replies
    1. මංගලත් චන්ද්‍රිකා හා එස් බී එක්ක හිටියනේ. මහින්ද අ ගේන්නත් උදව් වුනානේ. ඔය කියන තරම් මංගල වයිටර් දෑන් වයිට් නැහැ. හොඳ ගතිගුණ තිබ්බ. නමුත් ඕන තරම් වැරදි තියනව කරපු.

      Delete
  7. හොයන්නට අරුත ජීවිතයේ තියෙන
    වෙර දරනා විටදි වැඩි-වැඩියෙන් දැනෙන
    දෙයකි, තව තවත් පැටලිලි මතු වෙමින
    කළඹයි මනස නොදෙමින් සිතකට නිවන!

    ReplyDelete
    Replies
    1. ජිවිතේ අරුත විශේෂයෙන් හොයනවට වඩා , හම්බෙවෙන්න ඉඩ ඇරලා තිබ්බ නම් හොඳ නැත්ද

      Delete
    2. මිනිසුන්ට හිතන්න හැකියාව තියෙන්නේ මොකකටද.... කියලයි මට හිතෙන්නේ.

      Delete
  8. Into the Wild නරඹා කම්පිත වීමි. කූඹියෝ නරඹා විස්මයටත්, අපමණ ප්‍රහර්ෂයකටත් පත් වීමි. අජිත්, අද මේ පොස්ටුවෙන් දමිත ගැනත් දිවියේ අරුත ගැන සොයන්නන් පිළිබඳවත් කියවා මගේ සිත කොහිදැයි සොයන්නට වීමි. තවමත් එය විතැන් වුණු ගමන්මය!

    ReplyDelete
    Replies
    1. විතැන් වෙන හිත එකතැන් කරන එක තමා හපන්කම , නැත්ද?

      Delete
  9. අද කියන්න යන්නෙ විධිමත් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැර වෙලා යන්ඩ හදන පනත නිසා "අපි වෙනුවෙන්" strike කරන කාක්කො ගැන.

    දැන් මොකටද මෙයාලා strike කරන්නෙ? ටෙන්ඩර් පටිපාටිය අනුව ක්‍රියාත්මක වෙන එක නතර කරන එකට විරෝධතාව පාලා. අඩු ලංසු තියන අයට නොදී වැඩි ලංසුවලට දෙන්න එපාලු. ඇහුවාම නම් හරිම වටින කතාවක්.

    හැබැයි යථාර්ථය කොහොමද? උඹලා අපි හැමෝම මේ රටේ ජීවත් වුණේ. ලංකාවෙ අන්තිමට හරි හමන් බලාගාරයක් හැදුවෙ කවද්ද බං? එදා ගෑනියෙක්/මිනිහෙක් එක්ක බුදියගත්තා නම් අද උඹෙ ළමයාත් කෑල්ලක්/කොල්ලෙක් රන් කරනවා. මෙච්චර කාලයක් හැදුණෙ නැත්තෙ මොකද? ඔය ටෙන්ඩර් හෙනේ තමයි.

    වෙන්නෙ මේකයි. ටෙන්ඩර් කැඳෙව්වාම ඇත්තටම වැඩක් කරන්න පුළුවන් සමාගම් ඉදිරිපත් වෙලා, උන්ට පුළුවන් ගාණට ටෙන්ඩර් එවනවා. හැබැයි අපේ ඉන්න කාක්කො ටික ඔය ඉලක්කම් හොර පාරෙන් දැනගෙන, හෙංචයි සමාගමක් අල්ලගෙන ඊට සොච්චමක් අඩුවෙන් ගණන් ඉදිරිපත් කරනවා.

    අන්තිමට ටෙන්ඩර් එක හම්බෙන්නෙ උන්ගෙ හෙංචයි සමාගමට. හැබැයි එවුන් හදන ලබ්බක් නෑ. පරිසර, ශක්‍යතා මොකක් හරි රෙද්දක් අල්ලගෙන වැඩේ කර අරිනවා. (ටෙන්ඩර් දාන්නෙම එහෙම ඩීල් එකක් ඇතිව) ඉතින් ඇත්තටම බලාගාර හදන්න පුළුවන් සමාගම් රටෙන් යන්ඩ යනවා.

    ඉතින් මොකද කාක්කො මෙහෙම කරන්නෙ? උන්ට මේකෙ බලාගාර හැදුණෙ නැති වුණාම පුළුවන් අහවල් mini hydro එකෙන්, අහවල් ඩීසල් බලාගාරයෙන් ඉල්ලුම සපුරන්න කියලා unit එක රුපියල් 100 ට 150 ට ගන්න සලස්වන්න. වැඩේ කරලා දෙනවාට උන්ටත් නියම කොමිස් එකක් හම්බෙනවා. ඉතින් ඔය වෙනුවෙන් දාන දාන ටෙන්ඩර් එකට අඩු ගණන් දාලා වංචා කරනවා.

    අන්තිමට හැදෙන ලබ්බක් නෑ. හැබැයි විදුලි ඉල්ලුම හැමදාම ඉහළ යනවා. කොහොම හරි සපුරන්න ඕන නිසා පිටින් ගන්නම වෙනවා. ඉතින් කොහෙවත් ඉන්න බලාගාර මුදලාලිලායි, කොමිස් එකට කහින කාක්කොයි පොහොසත් වෙනවා.

    මේ මළ කරුමෙ නවත්තලා, ඇත්තටම බලාගාරයක් හදන්න පුළුවන් සමාගමකට හරි ගාණ ගෙවලා දීලා වැඩේ කරගන්න පුළුවන් තත්ත්වයක් හදන එකයි දැන් කරන්න හදන්නෙ. එක එකාට ඩීල් ගහලා අඩුවට ටෙන්ඩර් පාස් කරලා කර අරින්ඩ බැරි කරනවා. හැබැයි ඕක දැන ගත්තාම කාක්කන්ට ඉන්නම බෑ. ඇයි ඩීසල්, mini hydro මාටියාව නැවතිලා ගතම් එක වාෂ්ප වෙනවානෙ. ඉතින් strike කර කර පව් දිදී ඉන්නවා.

    පිළිගත් සමාගම් දාන්නෙ ඇත්තටම වැඩේ කරන්න පුළුවන් මිල ගණන්. ඊට අඩුවෙන් හෙංචයි සමාගම් ගණන් දැම්මාට උන් හදන ලබ්බක් නෑ. වැඩේ කල් දාලා මුදලාලිලාගෙන් කරන්ට් එක ගන්ඩ සලස්වන එක විතරයි උන්ගෙ අරමුණ. ටෙන්ඩර් බයිලාවෙ යථාර්ථය ඕකයි.

    මුන්ගෙ මේ මළ සාපෙට හැමදාම යට වෙලා ඉන්ඩ බෑ. ඉස්සරහට විදුලි ඉල්ලුම තව වැඩි වෙනවා. අපිට අනිවාර්යයෙන්ම හරි හමන් බලාගාරයක් දෙකක් ඕන. ඉතින් මුන්ගෙ ටෙන්ඩර් උන්ටම රෝල් කරලා තියා ගන්ඩ කියලා බලාගාරයක් හදන්ඩ පුළුවන් කාට හරි මේක දෙන්ඩම වෙනවා.

    එතකොට ගාණ වැඩියි කියලා පෙනුණත් අඩු තරමෙ බලාගාරයක් හරි හැදෙයි. ලාබෙට ගන්ඩ හිටියොත් හැදෙන ලබ්බකුත් නෑ. හැබැයි යුනිට් එකට අර වගේ දහ ගුණයක් විතර දීලා ගන්න නම් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංකාවට අවසන් අවස්ථාවේදීත් මුලු ධාරිතාව 400 MW වන පාවෙන සූර්ය බලාගාර ( floating solar) ව්‍යාපෘති 2 ක් යෝජනා කල ව්‍යාපෘති උපදේශකයෙකු ලෙස කණගාටුවෙන් ලියා තබමි.

      අද දින විදුලිබල හා බලශක්ති කැබිනට් අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කතාව අසන විට .., නොදැනීම දෑස් කඳුළින් තෙත් උනේ ඇත්තටම වසර ගණනාවක් පුරාවට අපි කරන්න උත්සහ කරපු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති නැවත නැවතත් ස්මරණය වීමෙනි.

      සූර්ය බලශක්තිය, සුළං බලශක්තිය සහ න්‍යෂ්ටික බලශක්තිය වැනි පුනර්ජනනීය ව්‍යාපෘති ශ්‍රී ලංකාව තුළ නිසිකලට සිදු උනානම්… අද බලශක්ති අර්බුදයක් ලෙස අපේ රටට අත්ව තිබෙන ඛේදනීය ඉරණම කිසිදාක අත් නොවනු ඇත. නමුත් අවාසනාවට මේ මාෆියාව ඒ සියල්ල ගිලගත්තේය.

      වසර ගණනාවක සිට අවසන් වශයෙන් පසුගිය 2021 වසරේ Invitation for Submission of Proposals (SMRE / DEV / 02/55/2021) අංකය දරණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SEA) කැඳවූ Invitation for Submission of Proposals & expression of interest for renewable energy sector in sri lanka ව්‍යාපෘතිය දක්වාම, බලශක්ති උත්පාදන ක්ෂේත්‍රයේ මෙන්ම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ලෝකයේ ඉහළින්ම වැජඹෙන චීන සමාගම් සහ යුරෝපීය සමාගම් සමග සාකච්චා සිය ගනන් පවත්වමින්, ආයෝජන ප්‍රවර්ධන, ROI explaining presentation කරමින්… මගේ රටේ නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති යෝජනා වෙනුවෙන් මමත් මගේ සගයනුත් වූ මහන්සිය කල කැපකිරීම් සිහිපත් වන විට මේ මොහොතේදී පවා මට දැඩි වෙහෙසකර හැගුමක් දැනෙනවා මෙන්ම සිහින් සුසුමක්ද පිටවේ.

      බොහොමයක් ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති සමාගම්, ජාත්‍යන්තර නිදහස් බලශක්ති නිෂ්පාදකයින් ( independent power producers-IPP) , බලශක්ති ආයෝජකයින් ( power investors) සමග සති ගණන් , මාස ගණන් … දිවා රෑ නැතුව සාකච්ඡා කරමින්, තරු හෝටල් වලට බිල්පත් ගෙවමින් අපේ රටට එම සමාගම් වල ආයෝජනයන් ලබාගැනීමට එකඟ කර ගැනීමට මෙන්ම, ව්‍යාපෘති සදහා යෝජනා සැකසීමට අපි වියදම් කළේ අපි හරිහම්බ කරගත්ත මුදල්ය. කාලය, ශ්‍රමය , මුදල් මොනතරම් කැප කරන්න ඇද්ද. ඒවා අමිල වේ.

      මේ සෑම කටයුත්තකදීම ව්‍යාපාරික චේතනාව 50% ක් මම ළඟ තිබුණ නං , ඉතුරු 50% ම තිබ්බේ අපේ රටේ අනාගත විදුලි අර්බුදය නිමා කරලා, කලාපයේ අඩුම මිලට කර්මාන්ත සඳහා විදුලි බලය ලබා දෙන රට බවට අපේ රට පත් කරගෙන, විදේශීය කර්මාන්තශාලා විදේශීය සහ නිෂ්පාදකයින් අපේ රටට ආකර්ෂණය කර ගෙන අපේ රට industrial country එකක් බවට පත්කරන සිහිනයි…

      මේ රටේ වර්තමානයේ බලශක්තිය අර්බුදයට 99%ක්ම වගකිවයුත්තේ විදුලිබල මණ්ඩලයේ සිටින තුච්ඡ පහත් කාලකන්නි අධම නිලධාරී මාෆියාවයි ඉංජිනේරු මාෆියාවයි.

      Grid එක unbalance වෙනකොට හදිසි විදුලි මිලදී ගැනීමේ යටතේ ටෙන්ඩරයක් වත් කැඳවන්නේ නැතුව හිතුණු හිතුණු ගණන් වලට හදිසි විදුලිය ( emergency power) මිලදී ගෙන කොමිස් වලින් සාක්කු පුරෝගත්තු මේ අසික්කිත නිලධාරීන්, කවදාවත් කැමැති වුණේ නැහැ පුනර්ජනනීය බලශක්තියෙන් මගේ මව්බිම පෝෂණය වනවාට.

      ඉන්ධන යොදා ගෙන තාප විදුලි බලාගාර තුළ රුපියල් හැට හැත්තෑවට විදුලි ඒකකයක් නිර්මාණය කරද්දී, emergency power purchase ලේබල් එක ගහගෙන රුපියල් 60, 70ව වෙනකන් ඉහළ මිලට පුද්ගලික generator බලාගාරවලින් විදුලිය මිලදී ගනිද්දී … ඔවුන්ගේ සාක්කුවලට පුරවගත්ත කොමිස් වලින් ඔවුන්ගේ දරුවන්ට කන්න දෙන්න ඇති 😢….

      නමුත් අද එයින් මේ රටේ සමස්ත ජාතියක් විශාල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. අවාසනාවන්ත ලෙස අපි කඩාවැටෙනවා.

      මම ආයෙමත් සැරයක් බොහොම සංවේදීව කියන්නට කැමතියි මම ඉදිරිපත් කරපු අවසන් මෙගාවොට් 400MW (200mwx2) සුර්ය බලාගාර ව්‍යාපෘති දෙක සඳහා tariff එක වශයෙන් ඒකකයකට අපි මිල යෝජනා කරලා තියෙන්නේ රුපියල් 14 යි.

      කොමිස් අරගෙන, තමන්ගේ දරුමල්ලෝ, දරුවන්ගෙ දරුවො, ඒ දරුවන්ගෙ දරුවො සහ ඒ දරුවන්ගෙ දරුවො සුඛෝපභෝගීව ජීවත් කරවන්න…. ඒ චේතනාවෙන් රටේ අනාගතය මෙන්ම වර්තමානයද පහත් අන්දමට කෙලෙසන විදුලිබල මාෆියාකරුවනි තොපිට ශාප වේවා !!!!

      රණහංස වික්‍රමරත්න
      ව්‍යාපෘති හා ව්‍යාපෘති මූල්‍යයකරණ උපදේශක

      Kanchana Wijesekera - කංචන විජේසේකර ඇමතිතුමා ශක්තිමත් වන්න. ඉතිහාස ගත වන ප්‍රතිපතති තීන්දුව ගන්න.

      Delete
    2. උපුටා ගැනීමකි
      සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම කාරණයකට පක්ෂ අය තමන් පක්ෂ දේ හොඳයි කියන එකත් ඒකට විරුද්ධ අය ඒකට නරකයි කියන එක දෙපාර්ශවය ලෝක ස්වාභාවයනේ.
      ඒ නිසා කවුරුත් කියන ඒවා මත නිගමන වලට එන්නේ නැතුව යෝජිත විදුලි බල මණ්ඩල පනතේ සංශෝධන කෙටුම්පත කියෙව්වා. මම හිතන්නේ අපි හැමෝම කවුරු හරි කියන එකක් අහගෙන ඒ මත නිගමන වලට ඇවිල්ලා ඒ අදහසේ හිරකාරයෙක් වෙන්නේ නැතුව අදාළ කාරණය ගැන තමන්ම හොයල බලලා විවෘත මනසකින් ඒක අවබෝධ කරගන්න තැනකට යන්න ඕන. රටක් ඉස්සරහට යන්නේ එහෙම පුරවැසියන් බිහිවුණු දවසක.
      මේක මම ලියන්නේ මම තේරුම් ගත්ත විදියට නිසා නීති විශාරදයින් හෝ මට වඩා පැහැදිළිව මේ කෙටුම්පත තේරුම් ගත්ත අය විසින් කරුණු සහ නිශ්චිත වගන්ති සහිතව කරන ඕනෑම ආකාරයක නිවැරදි කිරීම් වලට අනුව මම මගේ අදහස සම්පුර්ණයෙන්ම වෙනස් කරගන්න සුදානම් කියන එකත් මම මුලින්ම කියන්න ඕන. මොකද දෙයක් හරි හෝ වැරදි වෙන්නේ තමන් එයට පක්ෂද විරුද්ධ ද කියන නිසා නෙවෙයි. සැබෑවටම ඒක හරිද වරදිද කියන එක මත නිසා.
      යෝජිත පනත් කෙටුම්පතෙන් වෙන පළවෙනි වෙනස්කම තමයි මුල් පනතේ 8 වෙනි වගන්තියට කරන සංශෝධනය. මුල් පනතේ යම් තැනැත්තෙකුට විදුලි බලය උත්පාදනය කිරීම වෙනුවෙන් ලංසු තැබීමේ ක්‍රියාවලියට සහභාගිවීමට ඉඩ තිබුණද මෙගා වොට් 25කට වඩා ධාරිතාවය අභිභවා විදුලිය නිෂ්පාදනය කරනවානම් 9 (1) ඇ වගන්තියෙන් තියෙන සිමා කිරීම් වලට යටත් වෙන්න සිද්ධ වෙනවා. හැබැයි මේ යෝජිත සංශෝධනයෙන් ඒ සීමා ටික අයින් කරලා තියෙනවා. ඒ වෙනුවට කෙලින්ම "යම් තැනැත්තෙකුට විදුලි බලය උත්පාදනය කිරීම සඳහා වූ ලංසු තැබීමේ ක්‍රියාවලියට සහභාගී විය හැකිය" කියල දාල තියෙනවා.
      ඊළඟ වෙනස්කම මුල් පනතේ 43 (3) වගන්තිය ඉවත් කරලා තියෙනවා. 43 (3) න් කියන්නෙත් මෙගා වොට් 25ට අඩු ධාරිතාවයක් නිෂ්පාදනයක් මෙගා වොට් 25ට වැඩි නිෂ්පාදනයක් බවට පත් කිරීමේදීත් අර මුලින් කියපු 9 (1) වගන්තියේ සීමා වලට යටත් විය යුතුයි කියන එක ඒ දැනට 25ට අඩු කෙනෙක් 25ට වඩා වැඩි කරන්නත් 9(1) වගන්තියෙන් දාල තිබුණු සීමා ඉවත් වෙනවා.
      එතකොට මට තේරෙන සිංහල අනුවනම් මේ සංශෝධනයෙන් ලංසු තැබීමේ ක්‍රියාවලිය අහෝසි කරලා නැහැ. කරලා තියෙන්නේ ලංසු තැබීමේ ක්‍රියාවලියට ඇතුළත් වෙන්න තිබුණු සීමා ටික ඉවත් කිරීම.
      සරලව කිව්වොත් ලංසු තැබීමේ ක්‍රියාවලිය කියන්නේ මැරතන් එකක් කියමුකෝ. කලින් ඒ මැරතන් එකට සහභාගී වෙන්න අවස්ථාව තිබුනේ රැවුල සහිත හිසකෙස් කළු පිරිමි අයට විතරයි කියන සීමාව අයින් කරලා තට්ටේ තිබුනත්, රැවුල නැති වුණත් ඕන කෙනෙක්ට මැරතන් එකට සහභාගී වෙන්න පුළුවන් කියල වෙනස් කරලා තියෙනවා.
      සමහර වචන, වාක්‍ය වල අඩු වැඩි කිරීම් වගේ දේවල් පැත්තකින් තිබ්බම මේ උඩ කියපු සංශෝධන දෙක තමයි අළුත් කෙටුම්පතේ සිදුවෙන හරයාත්මක වෙනස්කම් දෙක මට පෙනුණු විදියට.
      දැන් මම දැනගන්න ඕන නිසාම අහන්නේ ලංසු තැබීමේ ක්‍රියාවලිය අහෝසි කරලා ආදානි හෝ වෙනත් ඕනෑම පුද්ගලික සමාගමකට හිතුමතේ විදුලි උත්පාදනය කිරීමේ අවස්ථාව දෙන වගන්තිය මොකක්ද කියල.
      සමහරවිට මගේ දැනුම සහ අවබෝධයේ අඩුකමක් නිසා මට ඒක අවංකවම මඟහැරුණා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කාරණය තියෙන වගන්තිය කරුණාකරලා මට පෙන්නලා දෙන්න.
      මොකද පුනර්ජනනීය බලශක්තිය පැත්තට අපි මාරු වෙන්න ඕන කියන එක 100%ක් ඇත්ත වුණත් එහෙම කරන්න ඕන සම්මත ක්‍රමවේද අනුගමනය කරමින් සහ උපරිම විනිවිදභාවයකින් යුතුව නිසා.
      ඒ නිසා ජනතාවට හානියක් වෙන කිසිම දෙයකට විරුද්ධ වෙන්න මම නම් දෙපාරක් හිතන්නේ නැහැ.

      Delete
    3. Kapila Gunasekera
      ඉතිරි කොටස
      ඒ නිසා යන්තම් ලෝකෙන් සල්ලි ටිකක් හිඟා කාලා තෙල් ටික ගෙන්නාගෙන විදුලි කප්පාදුව අඩු කරගෙන යමින් මිනිස්සු පොඩ්ඩක් හුස්ම ගන්න පටන් ගත්තු මොහොතක රටම ඹ්ලcක් Oඋට් කරනවා කියලා මිනිස්සු තවත් අසරණ කරන්න හදපු වෘත්තීය සමිති වහාම රටට කියන්න ඕන මොන වගන්තියෙන්ද ඔය කියන මහා පාවාදීම සිදු වෙන්නේ කියලා. එතකොට අපිටත් පුළුවන් කොන්දේසි විරහිතව කාංචන ගේන මේ පනතට විරුද්ධ වෙන්න.
      එහෙම නැතුව ඊයේ වැඩ වර්ජනයකට ගිහින් හැම පැත්තෙන්ම අසරණ වෙලා ඉන්න මිනිස්සු තවත් අසරණ කරන්න හැදුවේ පුනර්ජනනිය බලශක්තිය පැත්තට ගියාම වැඩි මිලට කරන හදිසි මිලදීගැනීම් හරහා ලැබෙන සල්ලි කුට්ටි අහිමි වෙයි කියන බයට නම් ඒ තිරිසන් විදුලි මාෆියාව සහ රට අරාජික වෙනකන් කට ඇරන් බලන් ඉන්න දේශපාලන කල්ලි එක්ක හැප්පෙන්න හයිය දෙන්න විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර එක්ක පක්ෂ පාට නැතුව මුලු රටම හිටගන්නත් ඕන.
      පුද්ගලික වාසි වලට මිනිස්සු සහ රටේ ආර්ථික ක්රියාවලිය ප්‍රාණ ඇපයට අරගෙන හිතුමතේ රට අඳුරේ තියනවා කියල තර්ජනය කරනවානම් දෙපාරක් හිතන්නේ නැතුව අර 1980 වර්ජනයේදී ජේ ආර් කරා වගේ එක රැයින් ගෙදර යවන්න ඕන. මම දැක්කා විදුලි බල මණ්ඩලයේ සේවක අනුපාතය මෙගා වොට් 1ක් වෙනුවෙන් සේවකයෝ 6ක් කියල. ඉතින් භාගයක් ගෙදර යැව්වා කියල ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. එහෙම තීරණ නැතුව හුරතල් කර කර මේ වගේ රටවල් හදන්න බැහැ.
      අවසාන වශයෙනුත් ඉල්ලන්නේ වෘත්තීය සමිති කියන විදියට අදානි සමාගමෙන් වැඩි මිලට විදුලිය ගන්න ලංසු තැබීමේ ක්‍රමය අහෝසි කරපු වගන්තිය පෙන්වලා දෙන්න.
      මහජන මුදල් අවභාවිතා වෙනවනම් අපි එකට සටන් කරමු
      උපුටා ගැනීමකි

      Delete
    4. ඉහත අදහස් මගේ නෙමේ. මට ෆොර්වර්ඩ් කරපුවා.

      Delete
    5. අජිත් විදුලි ඉංජිනේරු විද්‍යාව හදාරපු කෙනෙක් නේද.
      මට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ.

      පුනර්ජනනීය විදුලි බලාගාර වලට අකමැති මණ්ඩලයේ ඉංජිනේරුවන් සහ ඔවුන්ට සහය දක්වන අය කියන දෙය තමයි සුර්ය බලය හැම වෙලේම එක විදියට නැති නිසා එමගින් විදුලිය ලබා දීම සාර්ථක නැහැ කියන එක. රෑට හිරු එළිය නැහැ කියලත් කියනවානේ. ඔවුන් කියනවා රටක මුළු විදුලි ධාරිතාවෙන් 3% ක්‌ වගේ තමයි හිරු එළිය, සුළගින් වගේ ක්‍රම වලින් විදුලිය දෙන්න පුළුවන් කියලා. ඉතිරි 97% ජලය ල, තාප, ඉන්ධන බලාගාර වෙන්න ඕනිලු.

      අජිත් මොකද කියන්නේ ඒ ගැන. ලෝකේ රටවල් තියෙනවද පුනර්ජනනනීය ශක්තිය වැඩි වශයෙන් භාවිතා කරන රටවල්

      බ්‍රිතානයේ සහ ජර්මනියේ විදුලිය ලබා දෙන්නේ කොහොමද? එහි පද්ධතිය වෙනින් රටවල් සමග සම්බන්දද? විදුලිය ලබා දීම රජයේ වැඩක් ද? නැතිනම් පෞද්ගලික සමාගම් තිබෙනවද?

      බ්‍රිතානයේ දුම්රිය සේවය ගැනත් අදහස් ටිකක් අවශ්‍යයි. ඒක මම පසුව විමසන්නම්.

      Delete
    6. /පුනර්ජනනීය විදුලි බලාගාර වලට අකමැති මණ්ඩලයේ ඉංජිනේරුවන් සහ ඔවුන්ට සහය දක්වන අය කියන දෙය තමයි සුර්ය බලය හැම වෙලේම එක විදියට නැති නිසා එමගින් විදුලිය ලබා දීම සාර්ථක නැහැ කියන එක. රෑට හිරු එළිය නැහැ කියලත් කියනවානේ. ඔවුන් කියනවා රටක මුළු විදුලි ධාරිතාවෙන් 3% ක්‌ වගේ තමයි හිරු එළිය, සුළගින් වගේ ක්‍රම වලින් විදුලිය දෙන්න පුළුවන් කියලා. ඉතිරි 97% ජලය ල, තාප, ඉන්ධන බලාගාර වෙන්න ඕනිලු.//මේක දැන් යල් පැනගිය කතවක්.

      Delete
    7. https://assets.publishing.service.gov.uk/government/uploads/system/uploads/attachment_data/file/1032260/UK_Energy_in_Brief_2021.pdf

      Delete
    8. How does the UK generate electricity 2021?
      Primary oil (crude oil and Natural Gas Liquids) accounted for 43% of total production, natural gas 30%, primary electricity (consisting of nuclear, wind, solar and natural flow hydro) 15%, bioenergy and waste 10%, while coal accounted for the remaining 1%.

      Delete
    9. බේස් ලෝඩ් එකට ගල් අඟුරු, ගෑස් සහ තෙල් වලින් (ෆොසිල් ) විදුලිය නිෂ්පාදනයකරන්න ඕනේ. As of December 2020, renewable sources generated 40.2% of the electricity produced in the UK; around 6% of total UK energy usage.

      Delete
    10. ලංකාවේ හැම තැනම ගෙවල් වලට සුර්ය පැනල බෙදල් දීලා හිරු එළිය් එන තැන්වලට සුර්ය බලාගාර දෙක තුනක් හැදුවොත් තත්වය සමනය කරන්න පුළුවන්. නමුත් අනිකුත් බලාගාර අවශ්‍යයි බේස් ලෝඩ් එකට. ඒ කියන්නේ නොවෙනස් වන. https://ourworldindata.org/energy/country/sri-lanka

      Delete
    11. https://www.thepmr.org/system/files/documents/Session%207_Sri%20Lanka_2017%20May_PMR.pdf

      Delete
    12. ශ්‍රී ලංකාවේ තත්වයන් අනුව පුනර්ජනිය බල ශක්තිය 20% වගේ දෙන්න පුළුවන් කියන එක තමයි පැහැදිලි වෙන්නේ. දැන් හිරු එළිය් නැතිව අවුනත් (අපේ ගෙදර වගේ) ෆොටෝ වොල්ටයික් වලින් විදුලිය නිපදවන නිසා ලංකාවේ කරන්න පුළුවන්. නමුත් ඩිසල්, ගල් අඟුරු, ගෑස් බලාගාර අවශ්‍යයි. සැලසුමක් අනුව කටයුතු කලොත් ඒවා මත සම්පුර්ණයෙන්ම යැපීම අඩු කරන්න ලෙහෙසියන්ම පුළුවනි. මේක විදුලි බල්බ සිද්ධන්තයම යම තමයි. මුලදී විදුලි බල්බ දිගටම වැඩ කළා. පිච්චෙන්නේ නැහැ. ඒක පාඩුයි වෙළඳාමට. පස්සේ එලිය වැඩි කරල පිච්චෙන්න හැදුව. බිස්නස් එකට. දැන් ආපහු පරණ විධිහට වැඩිකල් තබා ගන්න ඒවා හදනවා.

      Delete
  10. බාගයක් කියෙව්වා. ඉතුරු ටික පස්සෙ කියවන්නම්......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි . අදහස කියන්න,

      Delete
    2. කියවල ඉවර වෙලා

      Delete
  11. ෆොරියෙර් සංකීර්ණය

    ලුඩ්විග් වොන් මීසෙස් කියන ආර්ථික විද්‍යාඥයා කතා කරනවා ෆොරියෙර් කම්ප්ලෙක්ස් කියල ලෙඩක් ගැන. ඒක මානසික රෝගයක්. මේකෙ ප්‍රධාන ලක්ෂණයක් ‍ වෙන්නෙ දරුණු ඉරිසියාවකින් පෙලීම. ඒ වගේම නිදහස් වෙළඳපොල තත්වයන් ගැන බියපත් වීම. රජය මැදිහත් වෙලා ධනවතුන්ගේ දේවල් දුප්පතුන් අතර බෙදා දිය යුතු යැයි සිතීම. ධනවතුන්ට හානි කළ හැකි නීති පැනවීමට ඇති උනන්දුව වගේ දේවල් හරහා මේ රෝග ලක්ෂණ ප්‍රකට වෙනවා.

    මීසෙස් මේ රෝගය නම් කරන්නෙ 1927දි. චාර්ල්ස් ෆෝරියෙර් කියන ප්‍රංශ යුතෝපියානු සමාජවාදියාගේ සිතීම පදනම් කරගෙන. මේ රෝගය බෙදාගන්න අය සමානාත්මතාවය මගින් සියල්ලන් බඩගින්නෙ සිටීම හොඳයි කියල හිතනවා විෂමතා සහිත වුනත් බොහෝ දෙනෙකුට ප්‍රතිලාභ හිමිවන සමාජයකට වඩා. මේ ෆොරියෙර් සංකීර්ණයෙන් පෙලෙන කෙනෙකුට හොඳ උදාහරණයක් තමයි සුනිල් හඳුන්නෙත්ති.

    කිසිම ගැඹුරු ආර්තික දැනීමකින් තොරව සියල්ල බෙදාහැරිය යුතු යැයි යෝජනා කරන අය මේ රෝග ලක්ෂණ පළකරන අයයි. කවුරු හෝ විසින් යම් ධනයක්, දේපොලක් අත්පත් කරගෙන ඇත්නම් එය සොරාකෑමක් වශයෙන් හඳුන්වමින් එය ජනතාකරණයට යෝජනා කරන්නේ මේ මානසිකත්වය ඇති අයයි.

    මේ අය සමග ආර්තිකය ගැන කතා කිරීමෙන් පලක් නැති බවයි මීසෙස් කියන්නෙ. මේක මානසික වෛද්‍යවරයෙකුට පෙන්වීම සුදුසු වන තත්වයක්. කෙනෙක් තමන්ගේ තරුණ වයසෙ සිහින අත්පත් කරගැනීමට අසමත් වීමෙන් එම දුර්වලතාවය තමන්ගේ එකකට වඩා සමාජ‍ය විසින් පනවන ලද සීමාවක් හැටියට දකින්න ඉඩ තියෙනවා. ඒ නිසා තමන්ගේ සිහිනය අත්පත් කරගත් අය ගැන අතාර්කික ඉරිසියාවකින් පෙලෙන්න පටන් ගන්නවා. මේක නියුරෝසික තත්වයක්. තමන්ගේ අසමත්කම තමන්ට බාරගැනීමට ඇති නොහැකියාව නිසා එය සමාජය මතට ප්‍රක්ෂේපනය කිරීමක් හැටියටයි මීසෙස් විස්තර කරන්නෙ.

    පැවරුම- ඔබ දන්නා ෆොරියෙර් සංකීර්ණයෙන් පෙළෙන ලකුණු ඇති අය නම් කරන්න 😃

    ReplyDelete
    Replies
    1. ලුඩ්විග් වොන් මිසස් කාල් මාක්ස් ගේ ප්‍රාග්ධනයට එරෙහිව පොත් ලියපු කෙනා. එයා ගැන බ්ලොග්කරිනියක් සෑහෙන කාලෙක ඉඳන් ලියනවා. එයා කියන දේවල වරදක් නැහැ වියුක්ත ලෙස අරගෙන , ධනවාදය පැත්තේ හිට ගත්තොත්. ප්‍රශ්නේ හැම සමාජවාදියම හඳුන්නෙත්ති වගේ නෙමෙයි.

      Delete
  12. මාත් ආසාවෙන් බලපු film එකක්, අන්තිමට සතුට හොයාගෙන ගියපු මනුස්සයා දිනපොතේ ලියනවා පොඩි පවුලක් එක්ක සතුටින් ඉන්න තිබුනා නම් කොච්චර හොඳ ද කියලා.

    ඔය වගේම තව film එකක් තියෙනවා wild කියලා. ගෑනු ලමයෙක් එහෙම ගමනක් යන එකක්. ඒකත් මරු.

    හැබැයි ඒ දෙන්නම සමානයි. සතුට හොයාගෙන කැලේට ගියාම ආයෙ හිතෙනවා සතුට තියෙන්නෙ පවුලක් එක්ක සතුටින් ඉන්න එකේ කියලා.

    මට නම් තේරුනේ අපි සතුට කියල හොයන්නෙම අපිට නැති දේ කියලා

    ReplyDelete
    Replies
    1. මේක නේද https://www.imdb.com/title/tt2305051/?ref_=fn_al_tt_1

      Delete
    2. //අන්තිමට සතුට හොයාගෙන ගියපු මනුස්සයා දිනපොතේ ලියනවා පොඩි පවුලක් එක්ක සතුටින් ඉන්න තිබුනා නම් කොච්චර හොඳ ද කියලා.// මේක කියවපු පෙසපේ යාළුවෙක් ලීවා ඒ මනුස්සයට ඉන්න දෙන්න මේවා ලියන්නේ නැතිව කියල (දමිත ගැන). එයාල හරියට චිත්‍රපටය බලල නැහැ. නැති දේ හෙවිම තමා සතුට.

      Delete
  13. ඔව් ඒක තමයි පිලුම් එක.
    නැති දේවල් කොච්චර හොයන්නද එහෙම ගියාම සතුට හොයාගන්න?

    ReplyDelete
  14. මචං මම මාතලේ. මම මේ ලගදී බැන්දා. මගේ වයිෆුත් මාතලේ. වයිෆුයි නංගියි දෙමව්පියෝයි තමා ඒ ගෙදර ඉන්නේ. ඒ නිසා බැදලා අපිට ඒ ගෙදර නතර වෙන්න උනා. වයිෆ්ට නංගි කෙනෙක් ඉන්නවා . තාම බැදලා නැහැ. ජොබ් එකකුත් නැහැ දෙමව්පියන්ගේ සල්ලියි මගේ වයිෆ්ගේ සල්ලියි නාස්ති කර කර ඉන්නවා.

    ඉතින් වයිෆ්ව බදින්න කලින් ඉදන් මේ නංගි මාත් එක්ක හරි එකතුයි. හරි හොද ගෑනු ළමයා.

    හැබැයි බැදලා ඒ ගෙදරට ගියපු දවසේ ඉදං පොඩ්ඩක් ඕනෙවට වඩා එනවා කියලා මට තේරුනා.

    වයිෆුයි/ වයිෆ්ගේ නංගියි දෙන්නම එක වගේ ලස්සනයි. ඒත් මම එහෙම වල් වැඩ කරන්න හිතලවත් නැහැ. ඒත් ටික ටික වයිෆ්ගේ නංගි මගේ හැගීම් අවුස්සන්න පටන් ගත්තා.

    මේක පටන් ගත්තේ ටික ටික. මුලින්ම වයිෆ්ගේ මට නංගි තේ එක එහෙම හදලා දෙන්න පටන් ගත්තා. ඒක සාමාන්‍ය දෙයක් නිසා මාත් වැඩිය ගණන් ගත්තේ නැහැ. පස්සේ පස්සේ වයිෆ් ඉද්දිත් මට තේ එක හදලා දෙන්න ගත්තා. නංගි තේ හදන්නේ එක්කෝ මට විතරයි, නැත්නම් එයාටයි මටයි විතරයි. වයිෆ්ටවත් ගෙදර අයටවත් හදලා දෙන්නේ නැහැ. මේ නිසා මට පට්ට අවුල්.

    දවසක් වයිෆුත් ඇහුවා ඔයා අයියට විතරද හදන්නේ මම ඔටුවෙක්ද කියලා.

    තේ එක වගේම බත් එක උනත් මට බෙදලා දෙනවා. එක දවසක් වයිෆ් නැති වෙලේ මට බත් කවන්න හැදුවා. මම විකාර කරන්න ලෑස්ති වෙන්න එපා කියලා බැනලා එලෙවුවා.

    වෙලාවකට මගේ ගෑවෙන නොගැවෙන තරමට ඇවිත් අත් දෙක උඩට කරලා කොන්ඩේ ගැට ගහගන්නවා. මේක ගොඩක් ගෑනු කරන මායමක් කියලා මම දන්නවා. ඒ වෙලාවට මටත් මොකදෝ වෙලා යනවා.

    මම ගෙදර ඉන්න වෙලාවට වයිෆ් නැත්නම් නංගි මගේ කාමරේට රිංගනවා . මම ඇදේ දිගා වෙලා ඉද්දි මගේ එහා පැත්තෙන් දිගා වෙලා වල් පල් කියවනවා. අම්මා තාත්තා උනත් කියන්නේ නැහැ මගේ කාමරේට රිංගන්න එපා කියලා. වයිෆ් එද්දී ආයෙත් කාමරෙන් මාරු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔය අතරේ නංගි මාත් එක්ක ටෙක්ස්ට් කරන්නත් පටන් ගත්තා. මාත් හා හුම් කියලා රිප්ලයි කරලා නිකන් හිටියා.

      එක දවසක් නංගිට ඇදුම් ගන්න යන්න මට එන්න කිව්වා.මම ගත් කටටම බැහැ කිව්වා. ඒත් නංගිගේ අම්මා මට කිව්වා තනියම යවන්න එපා කියලා. මටත් කරන්න දෙයක් නැති නිසා බයික් එකේ රෙදි ගන්න එක්ක ගියා. යන අතර තුර නංගි මාව බදාගෙන ගියේ. මගේ වයිෆ් වත් එහෙම මාත් එක්ක බයික් එකේ ගිහින් නැහැ. මට බයත් හිතුනා කවුරුත් දැක්කොත් කියලා.

      ඇදුම් හොදද බලන්න මට ෆිටෝන් රුම් එන්න කිව්වා . මම බැහැ කියලා පාරට ඇවිත් බයික් එකට වෙලා හිටියා. කොහොම හරි ෆිටෝන් රුම් එකේ අලුත් ඇදුම් ගහලා හොදයිද කියලා මට එවලා තිබ්බා. මාත් හොදයි කියලා නිකන් හිටියා. කොහොම හරි නංගි කඩෙන් එලියට ආවේ එක ෂර්ට් එකක් විතරක් අරන්. මට හිතුනා මෙයාට ඇදුම් ගන්න උවමනාවක් තිබ්බේ නැති බව.

      ඊට පස්සේ මහන්සි කියලා මොනවා හරි කන්න ලග තියන කඩේකට ගොඩ උනා. එයා අපි දෙන්නට රෝල්ස් දෙකකුයි එක ජුස් එකකුයි අරන් ආවා. මම එකක් ගෙනාවේ ඇයි ඇහුවම සල්ලි නැහැ කිව්වා. එහෙනම් මම තව එකක් ගේන්නම් කියලා නැගිටලා යන්න හදද්දී එයාට එකක්ම බොන්න බැහැ කියලා මට කිව්වා.

      කොහොම හරි මම රෝල්ස් එක කෑවා.නංගිත් කාලා මට ජුස් එකෙන් බාගයක් දුන්නා. මාත් උගුරක් දෙකක් බිලා ආයෙත් එයාට දුන්නා. ඊට පස්සේ නංගි කිව්වා තව වෙලා තියෙන නිසා කොහේ හරි යන් මට ගෙදර ඉදලම එපා වෙලා කියලා.මම මට වැඩ තියෙනවා කියලා ඉක්මනට ගෙදර ආවා.

      ඔය අතරේ එයා මට නිතරම ෆොටෝ එවන්න ගත්තා. කකුල් හරි ඇග පසග හරි පේන විදිහට හරි තමා නිතර ෆොටෝ එවන්නේ. මොන පාට නේල් පොලිෂ් ගාන්නද වගේ ප්‍රශ්නත් මගෙන් අහනවා. මම එක දවසක් බැරිම තැන කිව්වා ඕවා මගෙන් අහන්න එපා මට ඔයාට අයිතියක් නැහැනේ කියලා. එදා ඉදන් මට මැසේජ් කරන එක නැවැත්තුවා.

      ඊට පස්සේ දවසක අපි කෑම මෙසේ කකා ඉද්දි මේසේ යටින් එයාගේ කකුල මගේ කකුලේ අතුලන්න ගත්තා.මටත් කරන්න දෙයක් නැති නිසා ඔරවාගෙන හිටියා.

      Delete
    2. මෙතනින් ඉස්සරහට කියන්නේ මේ සතියේ වෙච්ච දේවල්.

      මේ සතියේ මුල වයිෆුයි දෙමව්පියෝයි නැති වෙලාවක මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා ටවල් එක බාත්රුම් එකට ගෙනත් දෙන්න කියලා. මම දැන ගත්තා නංගි මේක උවමනාවෙන් කරන්න හදන දෙයක් කියලා. මම ටවල් එකත් අරන් බාත්රුම් එක ලගට යනකොටම දොර අරුනා. නංගි හිටියේ අමු හෙළුවෙන්.

      මම එයාගේ මුනවත් බලන්නේ නැතුව ටවල් එක දොර උඩට දාලා ආපහු හැරුනේ තරහින්.

      නංගි මම තරහින් යද්දී අයියා කියලා මට කතා කරා. මම ගණන් නොගෙන බයික් එකේ නැගලා යාලුවෙක්ගෙ ගෙදර ආවා. මම ආයේ ගෙදර ගියේ රෑ වෙලා එතකොට වයිෆුයි අම්මලයිත් ඇවිත් හිටියේ.

      හැබැයි නංගි කාමරෙන් එලියට වත් ආවේ නැහැ එදා. ගෙදර අය කන්න එන්න කිව්වත් බැනලා එලව ගත්තා. පස්සේ එදා රෑ අඩන්න පටන් ගත්තා. ගෙදර අය හිතුවේ කොල්ලෝ ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා.ඒත් මමනේ දන්නේ ඇත්ත සිද්දිය.

      ඊට පස්සේ දවස් ටිකේම නංගි මගේ මුණ බැලුවෙත් නැහැ කතා කලෙත් නැහැ. ඒ ටිකේ තේ බත් එක උනත් ලගට ගෙනත් දුන්නේ නැහැ.

      දවස් 3කට විතර පස්සේ මට තේ එකක් ගෙනත් දුන්නා. මාත් ටීවී එක බලන ගමන් තේ එක බිවුවා. අම්මෝ ලුණු දාලා ගෙනත් තියන්නේ. මම ඒක විසි කරලා නිකන් හිටියා. මේ ටිකේ මම මටම තේ එක හදා ගන්නවා.

      දැන් ඊයේ නංගි උදේම කොහේදෝ ගියා. ටිකක් හවස් වෙද්දී ආයෙත් ආවේ. ඒ වෙනකොට මම එළවලු පැල ටිකක් හිටව හිටව හිටියේ. නංගි තේ එකකුයි පිරිසියක කැවුම් කොකිස් කෙසෙල් වගේකුත් තියලා මට ගෙනත් දුන්නා.

      මම තේ එක අරන් බොන්නේ නැතුව බලාගෙන හිටියා. එතකොට නංගි කිව්වා බොන්න ලුණු දාලා නැහැ කියලා. මාත් හෙමිට බිව්වා. අවුලක් තිබ්බේ නැහැ.ඊට පස්සේ මට කැවුමක් කන්න කිව්වා. මම ඒවාට ආස නැති නිසා මම එපා කිව්වා. ඒත් නංගි මට බල කරන්න පටන් ගත්තා පොඩි කෑල්ලක් හරි කන්න කියලා. මට මේ නිසා සැක හිතුනා. උදේම සුදුත් ඇදන් ගිහින් හවස කැවුම් අරන් ආවේ කොහොමඳ? දේවාලෙක වත් ගිහින් වෙන්නැති. මට බය හිතුනා මොනවා හරි දාලා මට කන්න දෙන්න හදනවා කියලා.

      මම එපා ඕක අරන් යන්න කියලා කිව්වා. නංගිට එක සැරේට මල පැනලා මගේ කමුලට ගැහුවා. වැදුන පාරේ සැරට තේ කෝප්පේ මගේ අතින් වැටිලා බිදුනා. ඒ වෙලාවේ ගෙදර හිටියේ තාත්තා විතරයි. මම අත ලිස්සුවා කියලා ශේප් උනා.

      ගෙදර අය ඔක්කොම ආවත් ඒ අයට කන්න අර කැවුම් තිබ්බේ නැහැ. මේ නිසා මට හොදටම සුවර් දෙවලෙකින් උස්සන් ආපුවා කියලා.

      මම ඊයේ රෑ නිකමට වයිෆ්ට කිව්වා නංගිට හරියට තරහා යනවා නේද කියලා. මම වෙච්ච ඇත්ත සිද්දිය කිව්වේ නැහැ. එහෙම කතා කරද්දී තමා දැන ගත්තේ නංගි පොඩි කාලේ ඉදන්ම ඔය වගේ කියලා. පොඩි කාලේ රට ඉදන් ආපු බාප්පා කෙනෙක් මෙයාලට බෝනික්කෙක් ගෙනත් දීලා . ගොඩ කාලෙකින් ආපු නැති නිසා තව දුවක් ඉන්නවා කියලා එයා දැනගෙන ඉදලා නැහැ මේ නිසා එක බෝනික්කයි ගෙනත් තියෙන්නේ.

      කොහොම හරි නංගි බෙදාගෙන සෙල්ලන් කරන්න කැමති වෙලා නැහැ. දවස් ගණන් නොකා ඉදලා. වයිෆුත් බෝනික්කා නංගිට දෙන්න කැමති වෙලා නැහැ. බැරිම තැන තාත්තා බෝනික්කව දෙකට කපලා දෙන්න දීලා. ඊට පස්සේ තමා නංගි ආයෙත් ගෙදර අයත් එක්ක කතා කරන්න උනත් පටන් ගෙන තියෙන්නේ.

      ඒක අහලා මට බයත් හිතුනා. තව නංගි කියුටෙක්ස් /ඇදුමක් උනත් වයිෆ් එක්ක බෙදා ගන්න කැමති නැල්ලු. මම මේවා දැන ගත්තේ ඊයේ,

      මට හිතෙන විදිහට නංගිට ඕනේ අපේ මගුල කඩන්න. මට යන එනමක් නැතුව ඉන්නේ. වයිෆ්ට මේවා කිව්වොත් මාත් වැරදි කියලා අනිවරෙන් හිතනවා. මම බැලුවේ අපේ ගෙදර ගිහින් නවතින්න . ඒත් වයිෆ්ගේ අම්මට ටිකක් ලෙඩ නිසා දාලා යන්න කැමති වෙන්නේ නැති වෙයි. ජෝක් එකකට නොගෙන උපදෙසක් දෙන්න.ලගින් අලුතින් ගෙදරක් හදන්නත් බැහැ මේ ඉකමනට.මට කෑම වලට මොනා හරි දාලා දෙයි කියලත් බයයි.

      දැන් මම වැඩිය ගෙදර ඉන්නෙත් නැහැ. නිවාඩු වෙලාවට ගෙදරින් යනවා. ගෙදර ඉන්නේ වයිෆ් ඉද්දි විතරයි. ඉස්සරහට මොකද වෙන්නේ කියලා මම අප්ඩේට් කරන්නම්.

      Delete
    3. මම කලින් මගේ සිද්දිය කිව්වනේ.

      අද මාර සිද්දියක් උනේ බං. මම මේ බයික් එක උඩ ඉදගෙන මේක ටයිප් කරන්නේ. අතත් වෙවුලනවා. එහෙනම් ඔන්න අද වෙච්ච සිද්දිය අහගන්නකෝ.

      ඊයේ මම නංගි දුන්න කැවුම් කෑවේ නැති නිසා තාමත් මාත් එක්ක අද උදෙත් තරහින් හිටියේ. මාව දකින කොට ගස්සාගෙන යනවා.

      පොසොන් නිවාඩුවට මගේ වයිෆුත් ගෙදර නිසා අද එයාට වැඩිය මුකුත් කරන්න බැහැ.

      එහෙට මෙහෙට බුම්මාගෙන යද්දී මටත් හිනා. අද උදේ මම දැක්කා ඩස්බින් එකේ ඊයේ මට දෙන්න ගෙනාපු කැවුම් ගෙඩි 3-4ක් තියෙනවා. මට හොදටම සුවර් දේවාලෙකින් මොනවා හරි කරන ඇවිත් මට කවලා මාව එයාගේ අක්කාගෙන් ඈත් කරන්න හදන්න ඇත්තේ. සමහර විට මාව එයාට ලං කරගන්න වශියක් /ඉනාවක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්.

      උදේ නංගිගේ අම්මා කුස්සියේ ඉදං මාවත් එක්කගෙන වෙසක් එකට හදපු කුඩු ටික එලන්න කිව්වා. මම ඒ වෙලේ කාමරේ හිටියේ. මගේ වයිෆුත් බාත් රුම් එකේ රෙදි හෝදනවා. නංගි දැන් මගෙන් ඕක අහනකන් මට ඉවසිල්ලක් නැතුව හිටියේ. නංගි වෙසක් කුඩු ටිකත් අරන් සාලේ එහෙට මෙහෙට යන රැලි සද්දේ මට කාමරේට ඇහුනා. ඔහොම දෙතුන් සැරයක් කෙල්ල එහෙට මෙහෙට ගියා.

      සමහර විට අම්මා කියපු එක මටත් ඇහෙන්න ඇති කියලා හිතලා මං එලියට එනකන් බලන් ඉන්න ඇති. විනාඩි දෙකත් විතර ගියාම නංගි මගේ කාමරේට එබිලා "වෙසක් කුඩු එල්ලන්න එන්න" කියල කිව්වා. මම නංගිව සත පහකට ගණන් ගත්තේ නැහැ. මට ඕනේ උනේ නංගිගෙන් පලි ගන්න. මේ වගේ මුරණ්ඩු කෙනෙක්ට හොදම දඩුවමක් ඒක.

      ඔය අතරේ පුටු අදින සද්දේ ඇහුනා. මම හිතන්නේ වෙසක් කුඩු එල්ලන්න නගින්න. පුටු එහෙට මෙහෙට අදින සද්දෙට තේරුනා නංගිට මල පැනලා ඉන්නේ කියලා.

      මම එලියට නොයා ඉන්න හැදුවත් ටිකක් වෙලාවකින් මම එලියට ගියා. ගියා කිව්වට යැවුනා වගේ.

      මම එලියට යනකොට නංගි පුටුවක නැගලා වෙසක් කුඩු එල්ලනවා. උස නැති නිසා ඇගිලි වලිනුත් ඉස්සිලා. මට දුක හිතුනා.

      මම නංගිට බහින්න කියලා වෙසක් කුඩු ටික ගේ වටේ එල්ලුවා. ඒ අතරේ නංගි බල්බ් වැල් දෙක තුනකුත් ගෙනාව. මම ඒවත් ගස් වලට දැම්මා. නංගිගේ මුනේ කලින් තිබ්බ තරහා පෙනුම නැති වෙලා ගිහින් මුනේ හිනාවක් ඇදිලා තිබ්බා.

      මම ඇයි කියලා ඇහුවත් එයා නිකන් කිව්වා. අද උදේ ඉදං හවස් වෙනකන්ම නංගි මාත් එක්ක වචනයක් වත් කතා කරේ නැහැ. හැබැයි ඇස් දෙක නිතරම මගේ දිහාවට කරකවන එකනම් නැවතුනේ නෑ.ඒ බැල්මට මම ගොඩක් ආස කරා.

      මාස ගානක් නංගිව එපා වෙලා ඉද්දි අද එක සැරේටම මට මෙහෙම උනේ කොහොමද කියලා මට හිතා ගන්න බැරි උනා.

      ඔහොම ඉද්දි අද හවස ඔක්කොම පන්සල් යන්න තීරණය කළා.අපි හවස 4 විතර වෙද්දී සුදු ඇදගෙන ලැස්ති උනා.

      ඔය අතරේ නංගි මට පන්සලට ගෙනියන්න මල් කඩන්න එන්න කිව්වා. මමත් කිසි දෙයක් නොකියම නංගි පස්සේ ගියා. වයිෆ්ටත් එන්න කියන්න හිතුනත් කිව්වේ නැත්තේ ඇයි කියලා මගේ හිත තමා දන්නේ.

      මල් කඩන්න තියෙන්නේ තියෙන්නේ ලොකු කැළණි තිස්ස ගහකින්. මේක තියෙන්නේ අපේ ගෙට උඩින් අපි දෙන්නම ගේ වටෙන් එතනට ගියා. නංගි පන්සල් යන්න ඇදලා හිටියේ දිග සුදු සායකුයි ටි ෂර්ට් එකකුයි. නංගි මෙහෙම වළලු කර ගාවට දිග සායක් ඇදලා ඉන්නවා දැක්ක පලවෙනි වතාව. දිගට ඇන්දම අමුතුම අහිංසක ලස්සනක් තිබ්බේ.

      මම කැළණි තිස්ස ගහේ රදවලා තිබ්බ කෙක්ක අරං මල් අතු එකක් දෙකක් කඩන්න ගත්තා.

      "ඔයා දිගට ඇන්දම ලස්සනයි." මට කොහේ තිබ්බ එකක් කියවුනාද මංදා.

      "ඇයි වෙනදට මම කැතද?"

      "නැහැ මම හිතුන දේ කිව්වේ."

      "මතකනේ ඔයාට මම ගැන අයිතියක් නැහැ කිව්වා. ඒ නිසා ඔයා ඒවා ගැන වද වෙන්න එපා අයියේ." නංගි සංසුන්ව ඒ ටික කිව්වත් මගේ පපුවට පිහියෙන් අනිනවා වගේ දැනුනේ.

      Delete
    4. දැන් මාස ගානක ඉදලා මගේ ඇගේ එල්ලෙන්න හදලා මම පොඩ්ඩක් අනුකම්පා කරාම මට මෙහෙම කරනවා. ගෑනු නම් හරි පුදුමා කාරයි.

      එතනින් පස්සේ අපි කතාවක් නැතුවම මල් ටික කඩාගෙන ගෙදරට ගියා.

      පන්සලට යන්න උනේ මාමන්ඩිගේ වැන් එකේ.ඉස්සරහා මාමන්ඩි නැන්දමයි. පස්සේ ඉස්සරහම සිට් එකේ මායි නංගියි වයිෆුයි. තව අපිත් එක්ක යන්න ගෙවල් ලග 4 දෙනෙකුත් ආවා.

      සිට එකේ ජනේලේ පැත්තේ නංගි මැද මම මට එහා පැත්තේ වයිෆ්.

      අද මේක ලියාගන්න බැහැ ඉතිරි ටික හෙට ලියල දාන්නම්.මම දැන් ගෙදර යනවා.

      මෙතනින් පස්සේ ටික මම ලියන්නේ 15 වෙනිදා උදේ.

      වැන් එකට නැග්ග වෙලේ ඉදං නංගි මගේ ඇගට බර වෙලා හිටියේ. ටිකක් දුර යනකොට නංගි මගේ අත අතගාන්න ගත්තා. එයා හිටියේ අත් දෙක බැදගෙන. එහෙන් හිමට මගේ අත අල්ල අල්ල ආවේ.

      මම එහාට උනෙත් නැහැ නවත්තන්න හැදුවෙත් නැහැ එහෙමම පන්සලට යනකන්ම ආවා.පන්සලේදී අපි මල් පහන් එහෙම පුජා කරා. ටික වෙලාවකින් මගේ ෆෝන් එකට ටෙක්ස්ට් එකක් ආවා. නංගි මට කාර් පාරක් එක ලගට එන්න කියලා. මේ වෙලේ වයිෆුයි දෙමව්පියෝයි මළුවේ ඉදගෙන වන්දනා කරනවා.

      මම පඩිපෙල් ටික බැහැගෙන වෑන් එක ලගට ගියා. නංගි වෑන් එක පිටිපස්සේ. මමත් ඒ පැත්තට ගියා.

      " ඇයි එන්න කිව්වේ?" මම ඇහුවා.

      නංගිගේ ඇස් ගිනි ගන්න බව මට පෙනුනා. මට හිතන්න වත් වෙලාවල් ඉතිරි නොකර නංගි මගේ පැත්තට ඇවිත් බෙල්ල වටේ අත් දෙක යවලා මගේ තොල් වලට කිස් කරන්න ගත්තා.

      බෙල්ලේ එල්ලුන පාර මාව පිටි පස්සට තල්ලු වෙලා වෑන් එකට තද උනා. එයගේ තොල් පිස්සුවෙන් වගේ මගේ මූණ පුරා දිව්ව.මම නංගිව කිටිකිටියේ බදා ගත්තා.අපේ තොල් එකට ඇලුනා.නංගිගේ දිව මගේ දිවේ පැටලිලා වෙලෙන්න ගත්තා.කොච්චර වෙලාවකටද පස්සේ දන්නේ නෑ මම නංගිගේ තොල් වලින් ගලවිලා හුස්මක් ගත්තා.

      මම නංගිගේ ඇස් දෙකට එබුන.ඒ ඇස් වල ආදරෙත් ආසවත් උතුරල ගැලුවා.මම නංගිගේගේ කම්මුයි තොලුලුයි ඇඟිලිතුඩු වලින් පිරිමැද්දා.

      නංගි මාව ආයේ කිස් කරන්න යද්දී දැන් යමු නේද කියලා මම නැවැත්තුවා.

      නංගි දැම්ම බැහැ කියලා මගේ පපුවට හේත්තු උනා. අපි දෙන්නගේම පපුව ඩිග් ඩිග් ගානවා. වටේම රහයියෝන්ගේ සද්දේ. අපේ තනියට හිටියේ හද එලිය විතරයි.

      "දැන් යමු.අක්කාවත් අපිව හොයන් එයි." මම විනාඩි 5කට විතර පස්සේ කිව්වා.

      "ඉතින් ආපු දෙන්"

      "ඔයත් එක්ක ඉදලා මටත් පිස්සු හැදෙනවා." මම කිව්වා.

      “අයියා.ඇත්තටම මම ඔයාව පිස්සු කරලද ?.මම කරන්නේ වැරැද්දක් ද ?” නංගි ෆුල් සීරියස් උනා.

      "වැරදි වෙන්න ඇති. ඒත් මේ පිස්සුවට මම ආසයි.ඒක නිසා ඒකේ හරි වැරද්ද මම හිතන්නේ නෑ.” මම කිව්වා

      ඔහොමම තුරුළු වෙලා අපි වචනයක් වත් කතා නොකර තව ටික වෙලාවක් හිටිය.

      "අපි කොහේ හරි ඇතකට ගිහින් ජිවත් වෙමු" නංගි කිව්වා.

      "මම දන්නේ නැහැ නංගි. මට ඕවා කියන්න එපා."

      එතකොටම වගේ මගේ ෆෝන් එකට වයිෆ්ගෙන් කෝල් එකක් ආවා. පහලට ඇවිත් දැන් පැය බාගයක් වගේ වෙලා. අකමැත්තෙන් උනත් අපි දෙන්නා තුරුලෙන් අයින් වෙලා පන්සල උඩට ගියා.

      "කොහෙද හිටියේ." වයිෆ් අපි දෙන්නව දැක්ක ගමන් ඇහුව.වයිෆ් හිටියේ ටිකක් මුණ ඇඹුල් කරගන.

      "බුදු ගේ චිත්‍ර බල බල හිටියා," පන්සල ඇතුලේ බොරු කියන්නත් උනා මට.

      නංගිගේ මුණ රතු වෙලා දිගටම බිම බලාගෙන හිටියේ, වයිෆ්ටත් තේරුනාද මන්දා වෙනස.

      අපි රැ 8ට විතර පන්සලෙන් ආවා. එද්දී මම වෑන් එකේ පස්සේ සිට් එකට ගියේ නංගිගේවත් වයිෆ්ගේවත් ඇස් දිහා බලන්න මට හයියක් තිබ්බේ නැති නිසා. පොසොන් පෝය දවසක මම මෙහෙම දෙයක් කරපු එක ගැන ලැජ්ජාවක් එන්න පටන් ගත්තා.

      ගෙදර ආපු ගමන් මම ඇග හෝදගෙන බයික් එකේ යාලුක්ගේ ගෙදර යනවා කියලා බොරුවක් කියලා ආව. මුල් කොටස ලිව්වේ පාර අයිනේ බයික් එක නවත්තන්.

      රැ 11ට විතර නංගිගෙන් ටෙක්ස්ට් එකක් ආවා. i love you අයියා කියලා. මම reply කරන්න ගියේ නැහැ. මම ආයෙත් ගෙදර යද්දී 12යි.

      මට ඊයේ රැ පුරාම නින්දක් නැහැ. මට හිතෙන්නේ මම කැවුම කෑවේ නැති උනාට එදා තේ එකට නංගි මොනා හරි දාලා දීලා. මොකද මේ දවස් දෙකේ මම වයිෆ්ගෙන් පුදුම විදිහට ඈත් වෙලා නංගිට ලං උනේ. මම හෙට මැණික්හින්නේ යන්න ඉන්නේ යාලුවෙක් එක්ක මේක ගැන බලන්න. මොකද මට වයිෆ්ට අසාදාරනයක් කරන්න බැහැ.

      මට උදෙත් ඔලුව අවුල් වගේ.

      Delete
    5. මේ කතාව ඔයා හුඟක් ලස්සනට ලියනවා. දක්ෂයෙක්.අනික ලංකාවේ සෑහෙන්න ඔඩු දුවන ප්‍රශ්නයක්. පොඩි අවවාදයක් දෙකක් දෙන්නම්. කුණුහරුප හෝ සෙක්ස් කෑලි අමු අමුවේ ලියන්න යන්නේ නැතිව ලියාගෙන යන්න. අනිත් එක - බ්ලොග් එකක් ඇරලා ඒකෙ දාන්න . අනිත් අයටත් කියවන්න.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .