Thursday 19 May 2022

රට ගිනි ගනිද්දී වීණා වැයූ හයවන මිහිඳු


පරණ කථාව: අද උදෑසන රැකියාව ඇරඹීමට පෙර සුපුරුදු ලෙස ප්‍රවෘත්ති නැරඹුවෙමි. මහින්ද ඉවත්ව යනවා යයි කී  දිනය අදය. (මැයි නමය, 2022).  ගෝටාගම ආක්‍රමණය දුටුවේ එවිටය.ඒ ආක්‍රමණය  දුටු විගසම මට සිතුනේ මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වීමේ අදහසක් නොතිබූ බවයි. ප්‍රථමයෙන් මහින්ද රාජපක්ෂ සහයට කරන කථා සහ උද්ඝෝෂණ තිබුනද ඉන්පසු දෙදහසක පමණ පිරිසක් බස් රථවලින් බැස පැමිණියේ පොලු මුගුරු, කඩු , මන්නා පිහි ආදිය සමගය. ඒ බව වීඩියෝ වල මැනවින් සටහන් වී ඇත. ප්‍රශ්නය වූයේ බොහෝ අවස්ථා වල අන්තරය ඇතුළු අනිකුත් පිරිස් වලට ජල ප්‍රහාර, කඳුළු ගෑස් අදින් පහර දුන් පොලිසිය මේ මහින්ද ආධාරකරුවන් ආයුධ සමග එන බව පෙනි පෙනී ඉවත බලා ගැනීමයි. ඔවුන් ගෝටාගෝ ගම ආධාරකරුවන් අසලට ගියේ පොලිසිය "නිර්පාක්ෂිකව" බලා  සිටියදීය. 


එතැනදී මේ මැරවරයන් සියලු කුඩාරම්  කඩා බිඳ දමන්නටත් ගිනි තියන්නටත් විය. ඉහත වීඩියෝවේ පෙනෙන පරිදි ප්‍රියංග විශ්වජිත් මහතාට එළව එළවා පහර දෙන අයුරුත් කළු ඇඳගත් තැනැත්තෙක් හා පොලිස් නිලධරයන් කිහිප දෙනෙක් ඔහු බේරා ගනුත් දැකිය හැකිය. එසේම ගෝටාගෝගම තාවකාලිකව තනා තිබූ පුස්තකාලයේ පොත් ද ගිනිබත් කෙරිණි.
මේ බව ඉතා සීග්‍රයෙන් සමාජ මාධ්‍ය හරහා පැතිර යන්නට විය. වඩාත්  සොඳුරු දර්ශනය අපට පෙනෙන්නේ  ඉන් පසුවය. අවට කාර්යාල වල රැකියාවන්  කරන ජනතාව ,කොළඹ අවට  රෝහල් වල  හෙද, හෙදියන්, සුව සේවකයන්, කඩ හිමියන්, සිසු සිසුවියන් ගෝල්ෆේස් භූමියට ඇදී ඒම එයයි. රාජපක්ෂ වාදීන් සිතා  සිටියේ ගෝල්ෆේස් වල සිටින්නේ පිටරටින් සල්ලි ගෙන අරගල කරනා ටික දෙනෙකු බවයි.රටේ බහුතරය අරගලකරුවන් පසුපස සිටින බව, අරගලය ඔවුන්ගේත් අරගලය බව  ඔවුහු වටහා ගත්තේම  නැත. 

ඉන්පසු සිදු වූයේ රට පුරා ගිනි ඇවිලීමය.  රට පුරා ගිනි ඇවිලීම හා නිවස ගිනි තැබීම ගැන මම මේ සටහන ෆේස්බුක් හි මගේ වෝලයේ මැයි නම වනදා  පළ කෙරුවෙමි.

"අරලිය ගහ මන්දිරයේ ඉදිරිපස ගිනි තබා ඇත. දැඩි රැකවල් ලා ඇති මෙහි ගිනි තබා ඇත්තේ ඇතුළතින් බව මගේ හැඟීමයි. මෙය කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් මිස වෙන කිසිවක් නොවේ. මෙය මුග්ධ ක්‍රියාවකි. අරලිය ගහ මන්දිරය ශ්‍රී ලංකා රජයේ දේපලක් හෙවත් මහජනයාගේ දේපළකි. ඒවා රැක  ගත යුතුය. අගමැතිවරු එති. යති. අරගලයේ නෝනාවරුනි මහත්වරුනි, ගිනි තැබීම් නවත්වන්න. රජයේ ඇමතිවරයෙකුගේ, මන්ත්‍රීවරයෙකුගේ නිවසක් අනීතිකව ඉදි කර ඇත්නම්,  ඔබ ඒවාට අකමැති නම් ඒවා රාජ සන්තක කළ හැකිය. ඉන්පසු ඒවා ආබාධිත ළමා නිවාස  කළ හැකිය. පුස්තකාල කළ හැකිය.   පාසැල් භුමි කළ හැකිය. ඔබ ගිනි තබන්නේ එය සෑදු ගෘහ නිර්මාණ ශිල්පියාගේ, බාසුන්නැහේ ගේ, කම්කරුවාගේ ශ්‍රමයට මිස අර තැනැත්තාට නොවේ. ඔවුන්ට රක්ෂණ වන්දි ලැබෙනු ඇත. බස් රථයක් ගිනි තබනවාට වඩා රාජ සන්තක කරන්න. ඒවා පාසැල් බස් රථ කළ හැකිය. රථ වාහන අත් අඩංගුවට ගන්න. ගිනි නොතබන්න. ඒවා ඇම්බියුලන්ස් කළ හැකිය.   ඔබේ අති සාධාරණ  කෝපය මට වැටහේ. ඔවුන් එය ඇවුළුවේ ඒ නිසාමය. නොනවතින අරගලය මිස ගිනි තැබීම අරගලය නොවේ.  අරගලයට ජය.! 

බොහෝ ගිනි තැබීම් හා දේශපාලන විනාශවීම් සිදුවූ අතර මහින්ද රාජපක්ෂ  මහතා ඇතුළු පොහොට්ටුවාදීන්  පිරිසක් මේ විනාශය ඇරඹීමට මූලිකව වගකිව යුතු බව පෙනේ. සාමකාමී අරගලයකට පහර දෙමින් ජනතාව අවුස්සා ගත්තේ ඔවුන් වන බැවිනි. ගිනිතැබීම් හා සාපරාධි මනුෂ ඝාතන අපට කිසි විටෙක අනුමත කළ නොහැකිය. නමුත් පරිණත දේශපාලනඥයෙකු වන මහින්ද මහතා එවැන්නක් අපේක්ෂා නොකලා යයි මට සිතිය නොහැකිය. ගෝල්ෆේස් කොල්ලන්ට කෙල්ලන්ට ගහන බව අසා  පැමිණි මහ ජනතාව නොවන්නට මහින්ද උපක්‍රමය ජය ගන්නට ඉඩ තිබුණි. ඒ අතර අනවශ්‍ය මනුෂ්‍ය ඝාතන කිහිපයක්ම දෙපාර්ශවය අතින්ම  සිදුවිය. 
නමුත් සිදුවූ සියල්ල දැන් ආපසු හැරවිය නොහැක. 
අරගලය විසින් ශ්‍රී ලංකාවේ ජනතාව දේශපාල හා ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරය සහමුලින්ම වෙනස් කර ඇත.

අළුත් කතාව: රනිල් වික්‍රමසිංහ මහතා ගෝඨාබය රාජපක්ෂ මහතාට ඇති හොඳම විකල්පය වන්නේ මේ සන්දර්භය තුලය.
දෙවියන් අතර සටනේ ජය කාටද  නමින් මා ලියූ ලිපියේ ශ්‍රී ලංකාව ඉදිරියේ ඇත්තේ මාර්ග දෙකක් පමණක් යයි ලියුවෙමි. 

ණය දීමට කැමැති බටහිර රටවලින් තව දුරටත් ණය ගැනීමත්, අන්තර් ජාතික මුල්‍ය අරමුදල හරහා ණය ප්‍රති ව්‍යුහගත කිරීමත්, සහනාධාර හා රාජ්‍ය සේවය කප්පාදු කිරීමත් ඒ අතර වේ. ඒවා සඳහා හොඳම තේරීම රනිල් විය හැකිය. හැබැයි සජිත් , පාඨලී ඇතුළු කණ්ඩායමටද එය කළ හැකිය. එසේනම් සජිත් අගමැතිකම භාර නොගත්තේ ඇයි ? ඔහුට පොහොට්ටුවන්ගේ චන්ද ලැබෙන්නේ නැති බව ඇත්තය. නමුත් ගෝඨාභය මහතා ඉල්ලා සිටිද්දී සජිත් කීවේ ගෝටා නොයන තුරු ඔහු රජය භාර නොගන්න බවය. අනුර කුමාර දිසානායක ගේ  ස්ථාවරයද එයම විය. නමුත් ගෝඨාභය දෝෂාභියෝගයකින් හෝ බලවත් මහජන නැගිටිමකින් තොරව ඉවත් කළ නොහැකිය. මේ අනුව සජිත් සහ අනුර කල් මැරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවක් බැලූ බැල්මට පෙනෙන්නට තිබේ.  මගේ අදහස නම් එම අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ යටතේ රාජ්‍ය බලය ලබා ගත්තත් එය හරියට මයිත්‍රී යටතේ රනිල් සිටියාක් මෙන් පාණ්ඩු ආණ්ඩුවක් වනු ඇත බවයි. මේ නිසා සජිත් මෙන්ම අනුර ගේද ද ඉවත්වී සිටීමේ න්‍යාය නිවැරදිය. 

කාදිනල් තුමා රනිල් ගේ පත්වීමට එරෙහි වූයේ ඇයි ද යන්න සිතා බලන්න.
මා 2018 අප්‍රේල් 02 දා ලියූ මේ ලිපිය ( සෝවියට් විවාහ ගැන නොවේ - 5)  අවසන් කළේ අල්ලාහු අක්බර් කියාය.  ශ්‍රී ලංකාවේ දේශපාලන බල තුලනය වෙනස් කිරීමට කිසියම් රටක් අන්තවාදය උපයෝගී කරගනු ඇත යන අනතුරු ඇඟවීම කළේ ඒ ලිපියෙන්ය. ඉන්පසු "සිරිසේන සිරකරුවෙක්ද - පල්ලියේ ඛේදවාචකය හා රෝහණ විජේවීරගේ පුනරාගමනය " යන ලිපියෙන් පාස්කු ප්‍රහාරය කෙරුනේ කෙසේද යන්න ගැන හැඟවීමක් කලෙමි.  පාස්කු ප්‍රහාරය කල අය අත් අඩංගුවට නොගැනීම ගැන රනිල් ට චෝදනා කරන අය ගෝඨාභය ද එසේම කරන බව නොදුටුවේද?  ප්‍රශ්නය නම් හිටපු ජනාධිපතිවරයකු අත් අඩංගුවට ගන්නවාද , බලවත් වෙමින් පවතින රටක අගමැති වරයෙකු අත් අඩංගුවට ගන්නවාද යන්නය. ඒ දෙකම වෙන්නේ නැති නිසා ඊට පහලින් සිටි කවුරුන් හෝ ඇතුළට හෙවත් රන්ජන් ගේ නවාතැනට යැවීමෙන් පමණක් සැනහෙන්නට පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉල්ලන්නන්ට සිදු වනු ඇත.

 ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් වැටුනේ ඇයිද යන්න ගැන බොහෝ අය ලියා තිබෙන නිසා ඒ ගැන ලිවීමෙන් පලක් නැත. රනිල් පත්වුනේ කෙසේද යන්න පැහැදිලි කර ගමු.
රටේ අරගලය දිගටම පැවතුනා නම් සජබ (සජිත්) හෝ ජාජබ (අනුර) බලයට පත් වීමට වඩා අරාජික තත්වයක් මතුවීමටද හමුදා ආණ්ඩුවක් හෝ සමාජවාදී ආණ්ඩුවක් කැරැල්ලක් හරහා බලයට පත්වීමේ අනතුරක් ද  පැවතුනි. (මා එය අනතුරක් යයි කියන්නේ රටවල් දෙකක් ගැන  සිතාය.) සජිත් කෙසේ වෙතත්  නව ලිබරල්වාදියෙකු වන රනිල් ගේ කැමැත්තක් එයට නැත.   ඔහුගේ මාමා වන ජේ ආර් '71 කැරැල්ලේදී සිරිමා රජයට සහය පල කලේ දේශපාලන භේද නොතකමිනි. 

මා ඉහත සඳහන් කල පාස්කු මැදිහත් වීමට සම්බන්ධ යයි මා සිතන රටේ  රහස් ඔත්තු සේවය ශ්‍රී ලංකාවේ තදින් ක්‍රියාත්මක වේ. ඔවුන්ගේ අදහස් මත  ක්‍රියාත්මක වුනු එම රටේ රජය හා ඇමෙරිකා එකසත් ජනපදයේ බල කිරීම,  රනිල් වික්‍රමසිංහ අගමැති බවට පත්වීමේ ක්‍රියාදාමය පසුපස තිබෙන බව පැහැදිලිය.

අන්තර්  ජාතික මුල්‍ය අරමුදලට නොයා, සහනාධාර කප්පාදු නොකර මේ දිනවල පත්වන රජයකට පැවතීමක් නැත. දෙවන ක්‍රියා  මාර්ගය වන රට ආනයන වලට සම්පුර්ණයෙන් වසා  දමා  දේශීය  නිෂ්පාදනය හා කෘෂිකර්මය  දියුණු කිරීමේ ක්‍රමයකට යාම සඳහා තරමක් දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක් අවශ්‍යය. එසේම එවැන්නක් තරමක් දුරට සිරිමාවෝ කාලයේ පැවති ක්‍රමය හා සම විය හැකිය. ඒලෙසට  ආචාර්ය එන්  එම් පෙරේරා මහතා  කලාක් මෙන්  රටේ ණය  සෑහෙන දුරකට අවසන් කර නිමි ඇඳුම් , සංචාරක ව්‍යාපාරය ආදිය හරහා නැවත සෙමෙන් සෙමෙන්  රට ගොඩ නැගිය හැකිය. නමුත් ඒ ක්‍රමය දැඩි දුෂ්කරතා සහිත එකකි. ඉන් එසේ නොකළ හැකියයි අදහස් වන්නේ නැත. 

ඉහත කී ප්‍රබල රටවල් දෙකේ බලපෑම මත රනිල් ගේ ආගමනය සිදුවීමට සැලසෙද්දී මැයි 09 ප්‍රහාරය සිදු විය. රනිල් ආගමනයට මෙන්ම අර රටවල් දෙකටද  මහින්ද රාජපක්ෂ ගේ තදබල විරුද්ධත්වයක් තිබී  ඇත.  ඉල්ලා අස් නොවීම සඳහා තම බාල සහෝදරයාට එරෙහිව එම ප්‍රහාරය කිරීම  හැර වෙනත් තේරීමක් මහින්ද මහතාට  තිබුනේද නැත.

එයට හේතුව කුමක්ද? රනිල් ගෝටා සමග ඇති කරගත් සම්මුතියේ ඇත්තේ මොනවාද යන්න අපි නොදනිමු. නමුත් අරගල කරන ජනතාව රාජපක්ෂලා හොරුන් ලෙස සලකන නිසාත්  රට පත්ව ඇති තත්වයට ඔවුන් වග කිව යුතු යයි උද්ඝෝෂණ කරන නිසාත් පාලක පක්ෂයේ යම් කිසිවෙකු ඒ වෙනුවෙන් කුරුසය උස්සා ගෙන යාමට සැරසී සිටිය  යුතුය. ඒ සඳහා වඩා වැදගත් නැති රාජපක්ෂවරුන් කිහිප දෙනෙක් බිල්ලට දීමට සිදුවනු ඇත. උදයංග වීරතුංග හදිසියේම ජනපතිට එරෙහිව හඬ නගන්නේ,  විවේචන කරන්නේ ඒ ඉව ඔහුට දැනී විය යුතුය.



මේ සම්මුතියට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට "ගෝටාගෝහෝම්" යන අදහසේ පරිදිම නිදහසේ ඇමෙරිකා  එක්සත් ජනපදයට යාමට ඉඩ දීමට  අගමැති රනිල් මහතා  එකඟ වන්නට ඇත්ද? එවිට ජනාධිපති වන්නේ රනිල්ය. යුධ අපරාද වලට ඇමෙරිකාවේදී ගෝඨාභය මහතා අත් අඩංගුවට පත් නොවන්නට ගැරන්ටියක් දිය හැකි එකම තැනැත්තා ද අමෙරිකාවේ සුවච කීකරු හිතවතෙකු වන රනිල්ට  පමණය.  මේ ලඟදි ඇමෙරිකනු තානාපතිනිය හා රනිල් අතර හමුවක් තිබුණාද?

රට රතු වෙනවාට හෝ චීන පසට යනවාට අකමැති බලගතු රටවල් දෙකටද  රනිල්ට සහය දීම හැර වෙන විකල්පයක් ද නැත.  ඇමෙරිකානු තානාපතිනිය අනුර කුමාර දිසානායක මුණ ගැසීමට ගියේද  සමහරවිට ඒ නිසා විය හැකිය. බෝට්ටුව චීන පැත්තට  පෙරලීම ශ්‍රී ලංකාවට ආසන්න යේ ඇති  බලවත් රටට මෙන්ම ඇමෙරිකාවටද ආරක්ෂක හා විදේශ ප්‍රතිපත්ති පැත්තෙන්හා නිදායකය. 

අරගලයේ ගිනි ගැනීම් සියල්ල අහඹු ලෙස සිදු වූයේද යන ප්‍රශ්නයද පැන නගී. පොලිසියට අත් අඩංගුවට ගත හැක්කේ දේපල සොරා කෑ අය මිස ගිනි තැබූ අය නොවේ.  මන්ත්‍රී නිපුන රණවක ගේ නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් ඔහුගේම සමාජ මාධ්‍ය ජාලා මෙහෙයුම්කරු හා සජබ කිහිප දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.
එසේම ඒ පිළිබඳව හෙවත් රට ගිනි තැබීමට කටයුතු කළ සමාජ ජාලා ක්‍රියාකාරීන් අත් අඩංගුවට ගැනීමේ සුදානමක් ඇත.  පොලිසිය එසේ කරන්නේ කෙසේද යන්න මට අදහසක් නැත. අරගලයට කැඳවීමක් මිස රට ගිනි තියන්නට යයි කවුරුන් හෝ කියනමා  මා දුටුවේ නැත. කිසියම් අන්දමක සංවිධානාත්මක පහර දීමක් ඇතැම් තැන්වල සිදුවී ඇතත් ඒවාට ගෝල්ෆේස් අරගලයේ යෙදුනු අයගේ සම්බන්ධයක් තිබුන බවට සාක්ෂි දැනට කිසිවෙකු සපයා ඇති බවක් නොපෙනේ.

රනිල් වික්‍රමසිංහ මහතාට යා හැකි මාර්ගයක් තිබේ. ව්‍යවස්ථා සංශෝධනයකට ගොස් අගමැති බලතල 19 සංශෝධනයේ පරිදි වැඩි කර ගැනීමය. අන්තර් ජාතික මුල්‍ය අරමුදල  පවසන පරිදි සහනාධාර කප්පාදුවකට ඔහු දැනට සූදානම් නැත. ජපාන ණය ඔහු සිතන ලෙසට ලැබුනොත් ඔහුට සහනාධාර (තෙල් සහ පොහොර  සහනාධාර වල සිට  සිට සෞඛ්‍ය සේවා දක්වා )  තව කාලයක් පවත්වා ගෙන යා හැකිය. ඒ අතරතුර ඔහු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ඉවත් කිරීමේ කටයුත්තට අත ගැසිය යුතුය. ඒ සඳහා අරගලය පවත්වාගෙන යා යුතුය.  අවුරුද්දක් පමණ කාලයක් තුල රාජ්‍ය සේවය තුනී කිරීම හා  රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කිරීම ද  කල යුතුව ඇත .
සමාජවාදීන් මොනවා කීවත් ශ්‍රී ලංකා ගුවන් සේවය පෞද්ගලිකරණය කල යුතුව ඇත. දැනට එය ගොඩ ගැනීමට කිසිදු ක්‍රමයක් නැත.  මැතිවරණයක් පවත්වන තත්වයට රට ගෙන ආ යුතුය.  මේ ටික රනිල්ට ඉටු කර ගත හැකි වුවහොත් රට අසීරු අඩියකදී බේරා ගත නායකයෙකු වශයෙන් ඔහු ඉතිහාසගත වනු ඇත. 

ගෝඨාභය රාජපක්ෂ පාලනයට යටත්ව මේ අවලංගු ජනාධිපතිවරයා  බේරා ගැනීමට කටයුතු කළහොත් රනිල් රටේ අනාගතය සදහටම පාවා දුන් අයෙකු ලෙස ඉතිහාස ගත වනු ඇත.


පිත්ත දැනට ඇත්තේ රනිල් ගාවය. බෝලය අරගලකරුවන්  අතට ගත යුතුය.  බෝලය  දැනට ඇත්තේ ගෝඨාභය මහතාට මීටර කිහිපයක් ඈතිනි. 

අරගලකරුවන් තමන්ගේ අරගලය දිගටම ගෙන යා යුත්තේ මේ නිසාය. ඔවුන්ට, සජබ,  ජවිපෙ මෙන්ම පෙසපේ ද, අන්තාරයේද  සිවිල් සංවිධාන වල සහයද, නීතිඥ ප්‍රජාවේ සහයද   තව දුරටත් ලැබිය යුතුය. විපක්ෂ  දේශපාලන පක්ෂ අරගලය තුලට අනවශ්‍ය ලෙසට මැදිහත් නොවී එය මුලින්ම නිර්පාක්ෂික ලෙස තබා ගෙන සිටි තරුණ තරුණියන්ටම ජාති, ආගම් , පක්ෂ භේදයකින් තොරව එය පවත්වා ගෙන යාමට අනුබල දිය යුතුය. ඒ අතර තම තමන්ගේ දේශපාලන ක්‍රියාදාමයන් හා රට රැක ගැනීමේ සැලැස්මවල් ජනතාවට අවංකවම ඉදිරිපත් කළ යුතුය. ජනතාව අවශ්‍ය අවස්ථාවේ නිවැරදි විපක්ෂ දේශපාලන පක්ෂය තෝරා ගනු ඇතැයි විශ්වාස  කරමි. 
පෙර නොවූ විරූ ලෙස මෙවැනි අරගල එකමුතුවක් දක්නට ලැබෙන අවස්ථාවේ පටු දේශපාලන වුවමනාවෙන් ගෙන්  මිදී ක්‍රියා කරන ඕනෑම නායකයෙකුට ඉදිරියට ඒමට හැකිවනු ඇත.

සාමකාමී අරගලයට ජයවේවා!

අරගලය එක්වන්නට  දමිළ ගීතයක් 

මැයි නමය 



23 comments:


  1. උකුණු පුකක මොළයක් නැති නිසරු කතා
    හොරු වැසි වස්සවති බොරු හොඳ යසට ගොතා
    සේරම කතා වටහාගෙන සිතා- මතා
    ඉවසා හමාරයි වගෙ රට වැසි ජනතා

    ReplyDelete
    Replies
    1. නිදි දැන් උපවාස කෙරුවා බොහොම ඇති
      කවි කොලයක් ගසමු දැන් වෙලා ඇති
      පිටපත් ගසා බෙදමුකෝ රට වටා අපි
      එළවා දමමු ගොන් හත්තම පතා නිතී

      Delete
    2. අදහස හොඳයි, දැන් කඩදහි නැති ගාණයි
      පත්තර පවා පළ වෙන්නේ ඉඳහිටලයි
      කියවන බලන දේවල් ඩිජිටල් හින්දයි
      ලයිට් කැපිල්ලෙන් එයටත් පොල්ල වැටෙයි!

      Delete
  2. // ඔහුගේ මාමා වන ජේ ආර් '71 කැරැල්ලේදී සිරිමා රජයට සහය පල කලේ දේශපාලන භේද නොතකමිනි. //

    මේ කොටස දැක්කාම ඒ හා බැඳුනු, හාස්‍ය මුසු උන සත්‍ය කතාවක් මතක් උනා.

    සිංහල තම පළමු බස නොවන ජේ ආර් ලොක්කා, ඉංග්‍රීසියෙන් A government elected by ballot, must not throw out by bullet කියන යෙදුම (ඉංගිරිසියෙන් හිතලා) සිංහලෙන් කිව්වේ, "චන්දෙන් පත් කොරපු ආණ්ඩුවක් මුන්ඩෙන් එලවන්න දෙන්න බැහැ" කියලයි.

    (උගුල්) අටවන මහින්ද රජතුමා ටත් වැරදුනු තැන් බොහොමයි. අධිකරණයේ ස්වාධීනත්වය ගැන විශ්වාස නොකර, දින පනස් දෙකේ ආණ්ඩුවේ අගමැති කම ගත්තේ, අධිකරණයට බලපෑම් කරලා, එයාගේ අගමැතිකම නීත්‍යානුකුල කර ගන්න හිතාගෙනයි. බල තන්හාවේ තරම එයින්ම පැහැදිලි වෙනවා. මේ වෙලාවෙත් අද යනවා හෙට යනවා කියා කියා කල් මැරුවේ, මේ වගේ ප්‍රහාරයක් එල්ල කරලා උද්ඝෝෂණය මැඩලන්න ලැබේවි කියන සිතුවිල්ලෙනුයි.
    බල තන්හාවෙන් අන්ධ උනාම, සැබෑ ලෝකය ගැන අවබෝධයක් නැති වෙනවා. හැම ගහටම කොටාගෙන ගියාට කොට්ටෝරුවා කෙලවා ගන්නේ කිසිම ශක්තියක් නැති කෙසෙල් ගහෙන් කියන එක එයාට අමතක වෙලා.

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි කතාව අහල තියනවා. හිනා කෑල්ල දැනන් හිටියේ නැහැ. ස්තූතියි . හයවන මිහිනු නෙමේ අටවන මිහිඳු කියල දාන්න තිබ්බේ. ශිහ් 😄

      Delete
    2. //හැම ගහටම කොටාගෙන ගියාට කොට්ටෝරුවා කෙලවා ගන්නේ කිසිම ශක්තියක් නැති කෙසෙල් ගහෙන් කියන එක එයාට අමතක වෙලා.// සනාතන දහමක්

      Delete
  3. හ්ම්.....මට හිතෙන්නෙ ලංකාව දේශපාලනිකවත් බංකොලොත් වී ඇති බවයි. පරිපාලනය සම්පූර්ණයෙන් කඩා වැටිලද? බංකොලෙත් වී ඇති රටක අරපිරිමැස්මද මේ?
    https://www.economyhub.info/2022/05/19/employee-salaries/
    තව හොඳ කතාවක් දැක්කා.
    https://ladyleader.lk/news/7072-2022-05-20-05-04-50

    ReplyDelete
    Replies
    1. මට නොතේරෙන්නෙ, සල්ලි නැති බව දැන, දැනම තෙල්, ගෑස් නැව් ගෙන්නලා, මූදේ නවත්තලා පස්සෙ දඩත් එක්කම සල්ලි ගෙවන්න, මුං බත් කන හරක්ද කියලයි?🤔

      Delete
    2. පරිපාලනය කඩා වැටීම විතරක් නෙමේ. ඒකෙන් කොමිෂන් එකක් ලැබෙන නිසා. ප්‍රමාද ගාස්තු වලින් ගානක් ගහනවා. ඒකයි ඒ

      Delete
    3. රෝහිනී කවිරත්න හොඳට කතා කරනවා. මට අවුල මේ පෙසපේ සහ ජවිපේ ගෙනියන බෙදුම්වාදී ප්‍රතිපත්තිය

      Delete
    4. (20)ඊයේ සිරසේ ගිය දවස බැලුවද බෂ්, අජිත්...

      Delete
    5. ලින්ක් ප්ලීස්

      Delete
    6. මේලක් එව්වා බලන්න......

      Delete
  4. රෝමය කොච්චර වාසනාවන්තද, එක නීරෝ කෙනයි හිටියේ. ලංකාවේ නීරෝලම දෙසිය විසිපහකුත් තව ටිකක්!

    ReplyDelete
    Replies
    1. ඒක ක්ලැසික් 😆, ඒක තමා ටයිටල් එකට දාන්න තිබ්බේ

      Delete
  5. මට නම් හිතෙන්නේ අර්බුධයෙන් ටිකක් හරි ගොඩ ආවාම නැවත මහින්දව අගමැති කිරීමට පවුල ක්‍රියා කරන බවයි. එවිට රනිල් අරගලය පාවා දුන්න කෙනා වෙනවා. ඒ වුණාට රටේ පහලම මට්ටමේ ඉන්න අය ජීවත් වෙන විදිහ හිතාගන්න අමාරුයි. ඒ නිසා අර්බුධයෙන් එලියට ඒම තමයි ඔවුන් වෙනුවෙන් බලාපොරොත්තුව. රනිල්ට අර්බුධයෙන් එලියට ගැනීමේ ක්‍රෙඩිට් එක ලැබෙන්නේ නැහැ, අරගලය පාවා දීමේ චෝදනාව පමණක් ඔහුට තියෙයි.

    ReplyDelete
    Replies
    1. රනිල් මේක ටිකක් ගොඩ දායි . මිනිස්සු ආපහු නිදා ගනී. රාවණා ආයි නැගිටියි

      Delete
  6. පයිරේට් ඔෆ් ද සිරි ලංකා..... comming soon

    ReplyDelete
    Replies
    1. මං හිතුව ඒක පටන් ගත්තේ 2005 කියල

      Delete
  7. ඉකොනෝමැට්ටා කියන්නේ ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙන ගෙන ඇමරිකාවට ගිහිල්ලා ඉන්න ගමන් ලංකාවට වින කටින කුහක මනසක් ඇති කෙනෙක්. මේ මනුස්සයාගේ කටේම තියෙන්නේ ඕක හරියන්නේ නැහැ, හරියන්නේ නැහැ කියන එක තමයි. පට්ට නෙගටිව් කෙනෙක්. මේ බ්ලොග් දෙකයි, ඒවායේ ක්ලෝන් දෙකයි, ඩොමේන් එකයි ඔක්කොම රිපෝර්ට් කරන්න ඕනි ශෝෂල් මිඩියා වල අසත්‍ය ප්‍රචාරය කරනවා කියලා.

    මේ වගේ අයට තියෙන්නේ සමාජයත් එක්ක වෛරයක්, ඇරියස් එකක්. ජෙව්පිකාරයෝ වගේ තමයි. ඔන්න ඕක තමයි වෙන්නේ කුහක, දිළිඳු පවුල් වල අය ඉගෙන ගත්තම. අනික් කෙනාට වල කපන එකයි වැඩේ.

    තමුන්ට හරි හමන් පිළිතුරක් ඇත්තෙත් නැහැ. මේ වගේ අසත්‍ය වපුරන ලිපි නිසා උනත් මිනිස්සු කොච්චර රැවටෙනවාද. රටට සමාජයට හානියක් වෙනවද.

    එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දාල මෙම්බර්ස්ලාගේ සහයත් අරගෙන රිපෝර්ට් කරමු මේ බ්ලොග් එක.

    ReplyDelete
    Replies
    1. හා මචං , කරල් බලන්න. අනික හොඳම දේ මේ ලිපි වල අසත්‍ය තොරතුරු හෙළි කරන්න කියවන්නන් සඳහා, සාධක එක්ක , ඉවරයිනේ

      Delete
  8. මං පේරාදෙණිය කම්මලේ ඉන්න කාලෙ අප සිටි නේවාසිකාගාරයේ හිටිය ඉකොනෝමැට්ටා බ්ලොග් එක ලියන කෙනා. මිනිහට ඒ කාලේ කාඩ් දෙක තුනක් වැදිලා තිබ්බා. මිනිහගේ තාත්තා ආර් ප්‍රේමදාස ජනාධිපතිවෙලා ඉන්න කාලේ ගම්උදාව උත්සව වල පොඩි පොඩි කඩ දාගෙන වෙලදාම් කරලා තිබ්බා. අම්මා ස්වීව් විකුනලා තිබ්බා.

    ඉතිං ඔය කියන ඉකොනෝමැට්ටා ඒ කාලේ නිදාගන්න පුරුදු වෙලා තිබුණේ උඩුබැලි අතට, කකුල් උඩ තියාගෙන. කිරලා බිත්තර රකින්නේත් එහෙමයි කියා කතාවක් තියෙනවා. මිනිහා සරම ඔලුවෙ ඉඳන් පොරවා ගන්නවා. එක් දවසක් සරම මෑත් වී තිබුණු වෙලාවක වෙනත් අයෙක් මට පෙන්වූ දෙයක් මට සිහි වෙනවා. ඔහුගේ ගුද මාර්ගයෙන් පිටතට ආ කිරි පණු රැළක් ම සුදු පාට‍ට හිටියා. මම හිතන්නේ ඔහුට තදබල විධියට ඒ ලෙඩේ තිබුණා. ඒ දවස්වල අපි හිතන් හිටියේ අපි සමාජ ක්‍රමයේ රෝගයට බෙහෙත අතැඹුලක් සේ දන්නවා ය කියලායි. හැබැයි, මේ කොල්ලාට මේ ගැන කියනවා ද, නැද්ද කියා හෝ කළ යුතු දේ ගැන හෝ අපි දැනගෙන හිටියේ නැහැ.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .