Monday 4 April 2022

දෙවියන් අතර සටනේ ජය කාටද

ඤානක්ක බේරා  ගන්න දෙයියන්ගේ පොලිසිය 

 සීතාවක රාජසිංහ රජුට අරිට්ට කීවෙන්ඩු හිටිය වගේ, සාර්  නිකොලස් ට රස්පුටින් හිටිය වගේ ලංකාවේ නන්දිකඩාල්  රජ්ජුරුවන්ට ඉන්නේ ඥානක්ක . මේක ලියන්නේ "ඤානක්ක "කියලද මන්ද. එයා දෙවියන්ගේ ලෝකල් නියෝජිතයා කියලයි කියන්නේ. රට කරවන ලොක්කෝ  වගේම මැති ඇමැති ගොල්ලොත් , හමුදා ලොක්කොත් බිස්නස් කරන  කට්ටියත් මේ  දෙවියන්ගේ ආශීර්වාද ලබනවා කියලයි ආරංචිය. 

මේ ඉන්නේ ඒ  අක්කලු 


වැඩේ කියන්නේ අන්තිමට ඥානක්ක ට ගාඩ් එක දෙන්න වුනෙත් පොලිසියට.  දෙයියෝ නිවාඩු  දාලා ගිහින්ලු  පාස්කු නිවාඩුවට.  ඒක දැනගෙන එතනට ගිහින් වලි ඇදල තියෙන්නේ හිරුණිකා.  හිරුණිකා මිරිහානේ ඉඳන් ඒ ගැම්මටම  අනුරාධපුරෙත් ගිහින්. කොටින්ම  කියනවනම් සජිත්, පාඨලී විතරක් නෙමෙයි අනුර කුමාර ගේත් රෙදි ගලවලා තමයි හිරුණිකා  ගියේ. එනිසා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගේ ප්‍රොෆයිල් එක පොඩ්ඩක් උඩට ආව . ඒ ගමන්ම වගේ ජාතික කොඩිය එපා කීව කියල කතාවකට එයාව එලවනවාත් දැක්කා. සමහරු ජාතික කොඩිය ජාතිවාදී වුවමනාවකට අරන් යන බවත් පේනවා. තවත් සමහරු ගෙනියන්නේ ඇත්තටම රටට ආදරේ නිසා. හිරුණිකා ජාතික කොඩිය එපා කියනවා බවක් ඒ පටිගත කළ   වීඩියෝවේ ඇහෙන්නේ නැහැ. මේ වෙලාවේ හැමෝම අවශ්‍ය වෙනකොට හිරුණිකා ඉලක්ක කරල පහර දෙන්නේ ඇයි කියන එක තේරෙන්නේ නැහැ. මම හිතන්නේ එතන ජවිපෙ/සජබ අරගලයේ මූලික භූමිකාව ගන්න උත්සාහ කරනවා ඇති.   

දැන් බලාගෙන යනකොට දෙයියෝ ගැන බැලුවොත්  එක්කෝ විමලයායි, පිලයායි  නැව ගිලෙනවා කියල දැනගෙන මාරු වෙනකොට ඒ එක්කම  මාරු වුනාද එහෙම නැත්නම් සන්ධ්‍යා එක්නැළිගොඩ ගේ සාපයට  භය වුනාද කියල සැකයකුත් එනවා. එහෙම  කතාවකුත් කණින්  කොනින් ඇහුන. 

මේ  සන්ධ්‍යා   එක්නැළිගොඩ මහත්මිය පොල් ගහපු දවසේ

පාස්කු ප්‍රහාරයේ චුදිතයන්ට දඬුවම් නොදීමත් ලොකු ප්‍රශ්නයක්. හරියටම ඒ සැමරීම ලං   වෙනකොටම මේ අරගලයත් ඇරඹෙන්නේ.  ඒ නිසා පේන්නේ දෙවියන් දෙතුන් දෙනෙකු ගෙන්  එක්කෙනෙක් දිනාගෙන යනව වගේ. මම නම් ඔය පොල් ගැහිලි වත් ඥානක්ක වගේ අයගේ ගේම් වත් කවදාවත් විශ්වාස  කලේ නැති වුනත් අදහන අය ඉන්නවා. ඒ නිසා දැනට පේන විධිහට සන්ධ්‍යා ගහපු  පොල් ගෙඩියේ විතරක් නෙමේ පාස්කු ප්‍රහාරයේ කර්මයත් පල දෙනවා වගෙයි පේන්නේ.  අමතක කරන්න එපා අප්‍රේල් පහ විරු සමරු දිනයත් වැටිලා තියෙන්නේ අදට  කියල. 

දිගට හරහට රුසියාව - යුක්‍රේන යුද්ධය  ගැන කතා කරන කොට  ලංකාවෙත් ඇවිලුනා නේ. . ගෝඨාභය රාජපක්ෂ  ආණ්ඩුවට රුසියාවෙන් තෙල් අඩු මිලට දෙන්න ගිය සතියේ  පොරොන්දු වෙලා  තිබුණය කියල ආරංචියක් ආවා. 'ස' ගේ කරුමෙටද ඥානක්ක ගේ  කරුමෙට ද මන්ද  වික්ටෝරියා නියුලන්ඩ් ඉන්දියාවට යන ගමන් ගොඩ බැහැල තර්ජනයක් දාල ගිහින්ලු  ඒ රුසියන්  තෙල් ගන්න තහනම් කියල.  දැන් අහන්න එපා උක්රයිනයට ස්වයං නිර්ණය  අයිතිය තියනවනම් නේටෝවට එකතු වෙන්න,  ශ්‍රී ලංකාවට රුසියන් තෙල් ගන්න අයිතියක් නැත්ද කියල.  නැහැ. යුක්රේනය අමෙරිකාවෙන් අහල ගන්න අවසරය "ස්වයං නිර්ණය අයිතියක්"  කියල හිතන අයත් ඉන්නවා.  නමුත් ලෝකයේ බල තුලනය තියෙන පැත්තේ කීම අහන්න වෙනවා.  ඇමෙරිකාව ඉන්නේ මොන දෙයියටත් උඩිං. නැත්නම්  ඒ පවුලේ අය ඇමෙරිකන් පුරවැසිකම් ගනියිද?  
නිදහස් වෙළඳ කලාපයේ සොහොයුරියන් පාරට බැහැල ඉන්නව දැක්ක.


මම ඉතින් ඇමෙරිකාවට විරුද්ධ නැති වුනත් ඉඳල හිටලා ඔය වගේ  ප්‍රශ්න  අහනවා.  තෙල් නැවක්  ආව කියලම වුනත් ඉතින් රාජපක්ෂ පවුලේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.මෙතැනදී  කරන ඕන දෙයක් ඉන්දියා- ඇමෙරිකා - චයිනා කියන සරල නොවන රේඛා තුනකට මැදිවෙලා කරන්න වෙන්නේ.  ඔන්න ඔතන නම් ප්‍රශ්නයක් තිබෙනවා. ඔය තුනින් මුලින්ම අත දානවා නම් අත දාන්නේ ඉන්දියාව.  එනිසා අරගල කරන අය සෑහෙන්න ප්‍රවේසම් වෙන්න ඕනේ.  

මේ නිසාම වෙන්නේ ඕනේ දීප්ති කුමාර ගුණරත්නට මේ ජනතා නැගිටීම පේන්නේ අරාජකවාදයක් හැටියට. එහෙම හිතෙන්නේ කැපී පෙනෙන දේශපාලන නායකත්වයක් නැති නිසා වෙන්න පුළුවන්. නමුත් 1917 පෙබරවාරි  මාසයේ  සිදූවූ රුසියානු විප්ලවයේ පැහැදිලි දේශපාලන  නායකත්වයක් තිබුනේ නැහැ. නමුත්  ඒක අවසන් වුනේ සාර් පලව හැරීමෙන්. 

හුඟක් අය නොයෙකුත් විසඳුම් අරන් එනවා. මට පෙනෙන්නේ මෙච්චරයි. හිරුනිකා  මිරිහානට ගිහිල්ල හරි නැතුව හරි අනිත් පක්ෂ වලට කලින් ජනතා අරගලය පටන් ගන්න කැටලිස්ට් එක දුන්න. ගෑස්නැහැ, භූමිතෙල් නැහැ උයන්න. නගර වල මිනිසුන්ට දරත් නැහැ. ළමයින්ට කන්න දෙන්න විධිහක් නැහැ. රැකියා කරගන්න විධිහක් නැහැ.  ඩීසල් , පෙට්රෝල් අස්ප  ගණන්. අපනයන වලින්  එන ඩොලර් ටිකටත් සැප වාහන අරගෙන කෙලිනවා.  කෝවිඩ් නිසා ඇතිවුන ප්‍රශ්න තිබුන. ඒක හරි. නමුත් වැට් අඩු කිරීම , බදු අඩු කිරීම,  පොහොර ප්‍රශ්නය වගේ අනා ගත්ත තැන්  තිබුන. ඒ නිසා මේ මහජන නැගිටීම සාධාරණයි.

හැබැයි දැනට නායකත්වයක් නැතිව ඉබේ තැන තැන සමාජ ජාලා, වට්ස්ඇප් කණ්ඩායම් ආදිය  හරහා සංවිධනය වෙන මේ නැගිටීම වෙනතකට හැරෙන්න පුළුවන්. ඒ කියන්නේ ජනාධිපතිතුමා  අස් වෙන්නේ නැතිව තවත් හිටියොත් අරගලය ප්‍රචණ්ඩ වෙන්න පුළුවන්. එනිසා දැනට ගත හැකි හොඳම ක්‍රියා මාර්ගය රජය සහ ජනාධිපති සම්පුර්ණයෙන් ම ඉල්ලා අස් වෙන එක. රනිල් කීව වගේ අග්‍ර විනිශ්චයකාර තුමාට රජය තාවකාලිකව භාර දීලා දහ  දෙනෙකු විතර ඉන්න තාවකාලික  ඇමැති මණ්ඩලයක් පත් කළා නම් හරි.

ඊට පස්සේ මාර්ග දෙකක් තිබෙනවා. එකක් අයි එම් එෆ් ගිහින් දැනට ගෙවන්න  තියෙන ණය වාරික ප්‍රතිව්‍යුහගත කරගෙන ගෙවන වාරික අඩු කර ගැනීම. ඊට පස්සේ  ලැබෙන අපනයන ආදායම් වලින්ට ඩීසල් වැනි අත්‍යවශ්‍ය ආනයන වලට ගෙවන එක. ඒ එක්කම බදු වැඩි කරලා, රාජ්‍ය සේවකයෝ අඩු කරලා, රජයේ ආදායම වැඩි කර ගන්න එක.  සහනාධාර  යම් ප්‍රමාණයකට කපා හරින්න වෙයි. හැබැයි ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ආර්ථිකය ගොඩ දාගත්තොත්. ඉතින් මේ   තත්වෙට එනකොට සංචාරක කර්මන්තයත් සෑහෙන්න ගොඩ දාගන්න පුලුවන් වේවි. හැබැයි ඒක මේ ආණ්ඩුවට කර ගන්න බැහැ . පුලුවන්නම් මෙලහට කරලා. එයාල ෆේල්.  ඒක  කරන්න වෙන්නේ  තාවකාලික ආණ්ඩුවක ට හෝ අළුතින් පත් වන ආණ්ඩුවකට.  එහෙම ආණ්ඩුවක බලය බොහෝ විට සජබයට යාවි.  එයාලට  19 වන ව්‍යවස්ථා සංශෝධනය ආපහු ගේන  එකත් කරන්න වෙනවා . 

දීප්ති ගුණරත්න ඉදිරිපත් කරන විසඳුමත් මෙයට සමානයි. //අප මේ ව්‍යාජ බොල් උද්ඝෝෂණවාදීන්ට කඩේ යන්නේ නැත. අප රාජපක්ෂලා බලයට ගෙන ආවේ ද නැත. නමුත්, ලංකාව අලුතින් නිර්මාණය කළ හැකි මංසන්ධියක් දැන් බිහි වී ඇත. මහජන බදු මුදල් විනාශ කරන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන ඕනෑම වැඩසටහනක්, මේ මොහොතේ දී විප්ලවීය යැයි අපි බය නැතිව ප්‍රකාශ කරන්නෙමු.//-දීප්ති -උපුටා ගැනීම මගෙනි.
බදුල්ලේ ජනතාව අරගලයේ 


දෙවන  ක්‍රියා මාර්ගය  අරගලය දිගටම ගෙනියන එක.    ගෙනිහින් සම්පුර්ණ ක්‍රමයම උඩු යටිකුරු කරන එක. හැබැයි ඒකට ජවිපෙ ලැහැස්ති බවක් නම් පේන්න නැහැ. අනුර කුමාර කියන විධිහට ජනතාව වැඩේ කරල එයාලට කතා කරන්න ඕනේ බලය අරගෙන  ආණ්ඩුවක් පිහිටුවන්න. බලය අතට ගත්තොත්  ඉදිරියෙන් ඉන්න පිරිස ජවිපෙට කතා කරන එකක් නැහැ. දෙගොල්ල ගෙන් කවුරු ගත්තත්  සම්පූර්ණ සමාජවාදී ක්‍රමයකට යන්න ඕනේ. සිරිමාවොගේ  වගේ අර්ධ සමාජවාදී,  මිශ්‍ර  ආර්ථිකයක් හා නැදෑ ආණ්ඩුවක්  නෙමෙයි. හැබැයි හුඟක් වෙලාවට චීන මොඩලය තමයි ලංකාවට හරි යන්නේ. තනි පක්ෂ ආණ්ඩු ක්‍රමයක් යටතේ පෞද්ගලික වෙළදාම ට සහ පෞද්ගලික දේපල අයිතියට සීමා සහිතව ඉඩ දීම. අනිත් රාජ්‍ය  ආයතන හා ප්‍රතිපත්ති  සියල්ලම  සමාජවාදී ක්‍රමයට අනුව පිහිටුවීම. එතැනදී මේ අර්බුදය මදක් පාලනය කර ගන්න පුළුවන්.  වඩා සාධාරණ සම්පත් බෙදීමක් යටතේ කිසියම් සහන ප්‍රමාණය පහල පන්තිවලට ලැබෙනවා. හැබැයි ඒ වගේ ක්‍රමයක් මේ අර්බුදය තවත් තීව්‍ර වීමෙන් මිසක් එන්නේ නැහැ.

අරගලයේ විවිධ අය ඉන්නව. නිදහස් වෙළඳ කලාපයේ සහෝදරියෝ වගේම අයිටි (තොරතුරු තාක්ෂනවේදීන්)   සෙක්ටර් එකේ කට්ටිය, කොළඹ පොෂ් පන්තිය එක්ක උරෙන් උර ගැටෙමින් කොළඹ සාමාන්‍ය රැකියාව වල යෙදෙන ජනතාව, ත්‍රී වීල වලින් රැකියාවල යෙදෙන අය, සුළු නාගරික ජනතාව, සූ වෙළඳ පන්තිය , ග්‍රාමීය ගොවි ජනතාව, මේ ඔක්කොම   එලියට බැහැල අවසන්. ඒක මේ පෝස්ටර්  වලින් හොඳට තේරුම් ගන්න පුළුවන්. දුෂණය අවසාන  කිරීමත් , වී අයි පි ලට විශේෂ  ලෙස නොසැලකීමත්, ඩොලර් උපයන පෞද්ගලික අංශයේ සහ ගාමන්ට් සේවක සේවිකාවන් ගේ පඩි වැඩි කිරීමත්    වැනි  ඉල්ලීම් ඉදිරියට ඇවිත්. තව දුරටත් නිකම්ම් නිකම් ගෑස් අඩු කරන, පාන් අඩුවට දෙන සිල්ලර සටනක් නෙමේ මේක. වෙනද වගේ පොඩි හෝල් එකක ඉටිපන්දම් පත්තු නොකර  අප්‍රේල් පහ සමරු දිනය නිවැරදි ලෙස  සමරන්න පුළුවන් ජවිපෙට සහ පෙසපෙට හිතට  ගත්තොත්. පොල්පොට්වාදී වෙන්න ගියොත් අනා ගනී.  

එනිසා හුඟක් වෙලාවට අර ප්‍රථම තාවකාලික ආණ්ඩුව  කියන අදහස  වඩා ආකර්ෂණිය  එකක් වේවි  මේ හැමෝටම. 
වී අයි පී මෝටර් කේඩ් වලට එරෙහිව 


දුෂණයට එරෙහිව 

මිත්‍යාවට එරෙහිව 

රැවටීමට එරෙහිව 

ලයිට්  කැපීමට එරෙහිව 

කෙළවරක් නැතිව ඇන්නවීමට එරෙහිව 



අවසන් කරන්නම් මංජුල වෙඩිවර්ධන ගේ මේ පෝස්ටරයෙන්.

63 comments:

  1. මොලහතානෝ පෙන්ගුයින්

    https://www.youtube.com/watch?v=1g9sneS2MF4

    ReplyDelete
    Replies
    1. හොරාට කලින් කෙහෙල්කැන වැට පැනීම- "අරාබි වසන්තගේ" නික්මයාම

      https://www.youtube.com/watch?v=Q5EsmKfumcU

      Delete
    2. පෙන්ගුයින් කතාව මරු . බලල තියනවා නැෂනල් ජියෝග්‍රපික් එකේ

      Delete
    3. සේනාධිපති බලු වැඩේ කලේ නේද

      Delete
  2. මේ විරෝධය හා ප්‍රංශ විප්ලවයේ සමානයි කියල හිතෙනවා. හොඳ විචාරයක් දැක්කා මෙතන:

    රට ගොඩනගන්න ප්‍රතිසංස්කරණ අවශ්‍ය මොහොතක්

    "ශ්‍රී ලංකාව අවස්ථා අහිමි කරගත් සමාජයකි.ජාතියේ ගැලවුම්කාරයා බවට පත්වීමට ඇති තරඟය ජුගුප්සාජනකය. දරුණු ආර්ථික අර්බුදයක් තුළ එක පුද්ගලයකුට, එක කණ්ඩායමකට විසඳුමක් නැත. සමාජයේ සෑම කොටසක්ම අවසාන උත්තරයක වැදගත් කොටස්කරුවෙකි. ආර්ථිකය නැවත ගොඩනගන්නට සුළු පරිමාණ නිෂ්පාදකයාගේ සිට ජාත්‍යන්තරයෙන් එන ආයෝජකයා පවා අවශ්‍යය."

    ReplyDelete
    Replies
    1. ඔය මනුස්සය ඉතින් ගෝට ගාවත් හිටිය , රනිල් ගාවත් හිටිය ,මොනවාද කලේ

      Delete
  3. චීන මොඩලය යටතේ මෙවන් අරගල අවසාන උනේ කෙසේද? ලංකාවේත් ටියන්ආන්මෙන් චතුරශ්‍රයක් බිහි නොවෙයිද?

    ReplyDelete
    Replies
    1. අරගලය ට නෙමේ චීන මොඩලය. රටේ පාලනයට. ඔව් ඉතින් ඒකාධිපති ක්‍රමයක් එනකොට ටියන්මෙන් එන්නත් පුළුවන් , නොඑන්නත් පුළුවන්.

      Delete
  4. හිරුනිකා ජනපති මැදුරට ගිහින් පළමු පියවර තිබ්බා. ඊළඟට රැල්ල ගහන්න ගත්තා. අයෙමත් හිරුනිකා උඩටම ආවා ඥානක්කගේ ගෙදරට ගියාම. ඒත් ඊයේ අනුන්ගේ පහනෙන් එළිය ලබන්න ගිහින් කිච වුණා.
    මිනිස්සුන්ට ඒ තරමටම දේශපාලකයන්ව අරහං වෙලා තියෙන්නේ.
    කල් යන්න-යන්න රැල්ල කොතනින් නවතියිද කියලයි සැක....

    ReplyDelete
    Replies
    1. හිරුනිකා ගේ කාර්යභාරය ඉවරයි මම හිතන්නේ. මිනිස්සු සජිත් ගේ හොරුන්ටත් කැමති නැහැ

      Delete
  5. ඥානක්කා මෑණියන්ගේ දෙවියොත් lept වගේ තමයි පේන්නේ. ඊයේ රෑ දේවාලෙට ගල් ගැහුවම, දෙවියෝ කඳුළු ගෑස් ගහලා.

    ඒ මදිවට ඥානක්කා මෑණියන්ට අපහාස කරපු වරදට හිරුනිකා කෑගල්ලේදී දේව කෝපෙකට අහු වෙලා. එයත් lept.

    මේ "අරාබි වනාන්තරය" "හොඳටම කලේ" නැත්නම් අන්තිමට අපේ රටත් lept තමයි.

    225 ම නැතුව, පළාත් සභාත් නැතුව (ඔව්, අනිවාර්යයෙන්ම ඒක කරන්න පුළුවන් මේ වෙලාවේ විතරයි) උතුරු නැගෙනහිරට විසඳුමකුත් එක්ක දීර්ඝ කාලීන විසඳුමකට අත්තිවාරම දා ගන්න පුළුවන් වෙන්න කියලා පතනවා.
    මම හිතන්නේ ගෑස්/ඩීසල් /විදුලි අර්බුද මේ උද්ඝෝෂණ වලට පාදක උනාට, උද්ඝෝෂකයන් බලාපොරොත්තු වෙන්නේ යහපත් රටක් මිසක් ගෑස්/ඩීසල් විදුලි සැපයුමක් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. එකඟයි. හුඟ කාලෙකට පස්සේ ඇත්තටම අපි හැමෝම එකම තිරණයක ඉන්නව නේද

      Delete
  6. රජයේ වියදම (over staffed රජයේ සේවය, දේශපාලකයන්ගේ වියදම් හා වරප්‍රසාද, උත්සව, චන්දෙ සදහා කරන අවිධිමත් සංවර්ධනය, අනවශ්‍ය අයටත් දෙන නොමිලේ අධ්‍යාපනය/සෞඛ්‍ය සේවා) අඩු කරන්න තරම් නිර්භය ආණ්ඩුවක් එනකම් අර්බුදයෙන් සම්පූර්ණයෙන්ම ගොඩ ඒමක් නෑ.

    ReplyDelete
    Replies
    1. මම ආවනම් කරනවා. එක්කෝ ඒක . නැත්නම් චීන කොමියුනිස්ට් පක්ෂේ වගේ ඒකාධිපති ක්‍රමයක් ගෙන ඒක . ඔය දෙක අතර මැද මාවතක් දැන් නැහැ

      Delete
    2. ප්‍රාජේ හරි, ඒක තමයි එකම විසඳුම. ඒත් එහෙම කරන එකෙන් ලොකු අර්බුදයක් ඇතිවෙනවා. බොහෝ දෙනෙකුට රැකියා නැති වෙනවා. හරි වුනත්, ඒක දේශපාලනික සියදිවි නසා ගැනීමක්. පුරුදු පහසු ජීවිතයෙන් මිදිලා කැප කිරීමක් කරන්න කිව්වම කීදෙනෙක් කැමති වෙයිද? ඒ අතරෙ, මිනිසුන්ට පේනවා අපිට පටි තද කරගනිල්ලා කියලා, පාලකයො සැප විඳිනව කියලා. ටිපිකල් 70-77 සෝ-කෝල්ඩ් විප්ලවය. රෙස්ට් ඉස් හිස්ටරි...මට හිතෙන්නෙ, කෙරෙන්න ඕනෙ, විකල්ප ව්‍යාපාර/රැකියා ඇති කරලා සුමට හුවමාරුවකට යන එක වුනත්, ඒක තවත් සුරංගනා හීනයක් විතරයි

      Delete
    3. ටිපිකල් 70-77 සෝ-කෝල්ඩ් විප්ලවය - ඒ කාලේ මොකද වුනු විප්ලවය රාලේ ? නැති ඉතිහාසය මවන්න එපා හරිය 😉. චන්දෙන් පත් වෙච්ච ආණ්ඩුවක් පස් අවුරුදු කොපි කැට් සැලැස්මක් කළා. එච්චරයි. ජේ ආර් නුත් මුළු රටම එක පාර අරිය එක වැරදියි. තිබ්බ දේශීය නිෂ්පාදන ගන්න තිබ්බ. ඉන්දියාව වගේ

      Delete
    4. පක්වාන් දහසකට බුදුවන්න. වැරදි නං නිවැරදි කරන සේක්වා. පටන් ගැන්ම හොඳයි.
      1.ලැබිච්ච කර්මාන්තශාලා පවත්වාගෙන යන්න තාක්ෂණය/ දැණුම නොතිබීම
      2 (තුනී ලෑලි / උක් ) කර්මාන්ත ශාලා සඳහා අමුද්‍රව්‍ය නිසි සැලස්මක් නොතිබීම.
      3.වැඩ කිරීමට වඩා වර්ජන කිරීමේ මානසිකත්වය/ අකාර්‍යක්ෂම තාවය
      4. ෂෙල්, කැටෙක්ස්, BP වැනි බටහිර කොම්පැනි වන්දිත් නැතුව පැන්නීම ( ඒ කොම්පැනි හා ඒ ආශ්‍රිතව ඇති වූ කර්මාන්න ඔපොචුනිටි එක සිංගප්පුරුවට ලැබුන බව කියවේ.

      Delete
    5. ආ ප්‍රාජේ. දැන් කොහොමද? බොක්සර්ට මස්කටු එහෙම ඇති නේද? ලිටිල් හැලුප්!

      බස්තියන් මැතිදු අද තනියම වෙල මැද්දේ!

      Delete
    6. ඕවා විප්ලව නෙමේනේ. ඉන්දියාව සමග එකතුව නොබැඳි ලයින් එකට ගිහින් කරපුවා නේ.
      1.ලැබිච්ච කර්මාන්තශාලා පවත්වාගෙන යන්න තාක්ෂණය/ දැණුම නොතිබීම- නෑදෑයෝ පත් කිරීම
      2 (තුනී ලෑලි / උක් ) කර්මාන්ත ශාලා සඳහා අමුද්‍රව්‍ය නිසි සැලස්මක් නොතිබීම.-මොට්ටයන් පාලනයේ සිටීම
      3.වැඩ කිරීමට වඩා වර්ජන කිරීමේ මානසිකත්වය/ අකාර්‍යක්ෂම තාවය- ඒක ආවේ පස්සේ ඇන් ඇම් කොල්වින් ලා ඉවත් වීමෙන් පස්සේ
      4. ෂෙල්, කැටෙක්ස්, BP වැනි බටහිර කොම්පැනි වන්දිත් නැතුව පැන්නීම ( ඒ කොම්පැනි හා ඒ ආශ්‍රිතව ඇති වූ කර්මාන්න ඔපොචුනිටි එක සිංගප්පුරුවට ලැබුන බව කියවේ.- ඉන්දියාව අනුගමනය කිරීම , හැබැයි උනුත් ඒ දැන් රුසියාවට වගේ සම්බාධක දාගෙන ආව නේද
      හැබැයි ඔය එකක් වත් විප්ලව නෙමේ. මිශ්‍ර ආර්ථිකය. ඔය මැද අර්ටිකය හරියන්නේ නැහැ. යනවනම් සම්පුර්ණ කැපිටලිස්ට් . නැත්නම් සම්පූර්න සොෂලිස්ට් (චීනා )

      Delete
    7. එකඟයි.අජිත්. මට හරියටම විප්ලව කියන්නෙ මොකක්ද කියල තේරෙන්නෙ නෑ. ඒ කාලය හරහා ලැබුණු සමාජවාදයෙ රහේ තිත්ත, අදටත් අපේ මිනිසුන්ගෙ කටේ තියනවා කියල මට හිතෙනවා.

      Delete
    8. මට පෙනෙන විධිහට දැන් ලංකාවේ වෙන්නේ 1917 පෙබරවාරි රුසියාවේ උනා වගේ විප්ලවයක්. විප්ලවයේ අවසානය තවම ඇවිත් නැති වුනත් කොටසක් වෙලා. ආණ්ඩුව ඉල්ලා අස් වෙලා. ඕවා තමා විප්ලව. විප්ලවයකින් පස්සේ රතු ආණ්ඩු ම පිහිටුවන්න් ඕනේ කියල නියමයක් නැහැනේ

      Delete
    9. //පක්වාන් දහසකට බුදුවන්න. වැරදි නං නිවැරදි කරන සේක්වා. පටන් ගැන්ම හොඳයි.//

      අන්න ඒ බය තියාගන්න බස්තුමනි.
      පිහාටු බිත්තියට තියල ඇණ ගැහුවෙ ඉස්සර. දැන් ගම් ගාල අලවනවා. ඒක හොඳටම කරන්නෙ මෙතන

      Delete
    10. පරක්කුවෙලා හරි ආපු එක අගේ කරනවා සෑර්. ඒත් වැඩා..ක් නෑ, දැන් පියාඹන්නෙ තනිතට්ටෙන්.🤔😒

      Delete
    11. //ජේ ආර් නුත් මුළු රටම එක පාර අරිය එක වැරදියි. //

      චන්ද පදනම් කරගත්ත රියැක්ශන් ප්‍රතිපත්තිනෙ තිබුනෙ.

      ඉංග්‍රීසිවලට රියැක්ශන් එකක් විදිහට සිංහල ඔන්ලි ගෙනාවා.
      සිරිමාලගෙ ෆුලි ක්ලෝස්ඩ් ආර්ථිකයට රියැක්ශන් විදිහට ජේආර්ගෙ ෆුලි ඕපන් ආර්ථිකය ගෙනාවා.

      ඊට පස්සෙත් ඉතින් ඉස්සෙලා එවුන් මෙහෙමයි අපි මෙහෙමයි කියනවා මිසක් කල්පවතින ප්‍රතිපත්ති කලේනෑ

      Delete
    12. අපි මෙහෙම දරුණු මිනිස්සු නෙමෙයි. කවදාවත් පිහට්ටක් වත් කඩල නැහැ කුරුල්ලෙක්ගේ. මේවා තනිකරම උක්රයින ප්‍රොපගන්ඩ. මට දැන් මේ රටවල , නිදහස් ය කියල හිතන් රටවල බොරු ඉව්සන්න බැහැ. මගේ ලේබර් පක්ෂයේ යාළුවෙක් ගෙන් ඇහුවම ඌ කියනව මුන් දැන් මේක යුධ තත්වයක් හැටියට සලකන නිසා පුටියා (මුන්ට ගහල නැහැ) මුකුත් කොහෙවත් ලියන්න එපා. උඹ ද්‍රෝහියෙක් වෙයිලු. නොදකින්

      Delete
    13. ඔහොම කිව්වට, මට නං යන්න වුනේ මෙහෙමයි:😉

      https://www.youtube.com/shorts/Gohz0bhsSaU

      Delete
    14. I can’t type in Sinhala . Sorry . I am
      In Nuremberg today . Typing from
      Mobile.

      Delete
    15. ඒකා නිකාන් මාංඤමික පුශෙක් නෙව😄

      Delete
  7. කල් යන්න යන්න රැල්ල තුනී වී යාමේ අවදානමක් පවතී. රජය එය අපේක්ෂා කරයි.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙයිද ? ප්‍රචණ්ඩ වෙයිද?

      Delete
    2. තුනී වෙයි කියල හිතෙනවා. දේසපාලුවො කියන්නෙ ලැජ්ජාවක් ගෑවිච්ච ජාතියක් නෙමෙයි. අද කොලඹ හතේ කොල්ලො-කෙල්ලො පවා පාරට බැහැල ඉන්නවා. අනිත් එවුන් පැත්තක තියමු, සහෝදරයින්ගෙ මහ එකාට ගානක්වත් නෑ. ඌ ඉන්නෙ මිනිස්සු එකතු වෙලා වෙඩිකාලා, ආණ්ඩුව පෙරලලා උන්ට බන්දේසියක තියලා ගෙනත් දෙනකං. "මල්ලි මුං ඔක්කොම ඇතුලෙ යාලුඉ හොරු ටික"

      https://www.youtube.com/watch?v=VFoEDN-yobo

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. සහෝදරයන්ගේ එක්කෙනා ඒක තමා කරන්නේ. මම ඒකත් ලීව. අතට එනකන් ඉන්නේ ඔක්කොම

      Delete
    5. ඒ වීඩියෝව මරු

      Delete
  8. "දැන් අපි ඔක්කොම එකයි. එක අම්මගෙ දරුවො වගේ. අපි ලෑස්ති වෙන්න ඕනෙ රට ගොඩ ගන්න. ඒකයි අපෙ හාංදුරුවනේ අපි කියන්නෙ"

    කැත්ත අරං වරෝ! උදලු අරං වරෝ! අපිට ආයෙ උලා-කන්ට රට ගොඩ අරං දියව්.
    පාලකයිනි, රට වලලන්න අපිට ආණ්ඩුවෙ පිං පඩි රස්සාම දියව්!

    ReplyDelete
    Replies
    1. චීන ක්‍රමයට හෝ සෝවියට් ක්‍රමයට /පිං පඩි රස්සාම දියව්// මේක තිබ්බේ නැහැ. උන්ට රස්සා වලට මිනිස්සු හිටියේ නැහැ. උන්ගේ වැරැද්ද ආර්ථිකය කරන විධිහ නොදැනීම. ලාභය දාන්නේ කොහටඩ් අකියල දැනගෙන හිටියේ නැහැ. චීනේ ඒක ඉගෙන ගත්ත අමෙරිකාවෙන්.

      Delete
  9. අරගලය අල නොකරමු.

    ගෝඨගේ ඇඳිරිනීතියටත් හදිසිනීතියටත් බම්බු ගහගන්න ගියලා ඊයේ මුලු රටේම මිනිස්සු එකා වගේ පාරට බැස්සා. මිනිස්සුන්ගෙන් නගර පිරෙව්වා. සමහරු දවස පුරාම තැන් තැන් වල තිබුනු උද්ඝෝෂණ කිහිපයකට ගියා. රාජපක්ෂලා ගෙදර යැවීමෙන් මෙපිට කිසිම විසඳුමක් නෑ කියන එක මුළු ලෝකෙටම ඇහෙන්න කිව්වා.

    කතන්දරය ඒක නෙමෙයි. මිනිස්සු මෙච්චර ගැම්මෙන් මෙච්චර උවමනාවෙන්, මෙච්චර හයියකින් මේ අරගලය කරද්දි අරගල භූමිය ආතල් එකක් කරගන්න උත්සාහ කරන හිපාටුවෝ හැම තැනකම රිංලා ඉන්නවා අපි දැක්කා. උන්ට මේ මොකක්ද වෙන්න, මේකේ අරමුණ මොකක්, මොනවා වෙනුවෙන්ද පෙනී ඉන්න ඕනි කියන එක ගැන වගේ වගක් නෑ. උන්ට අරගල භූමිය කියන්නේ සෙල්ෆි ගහන්න, සිංදු කියන්න, බීලා නටන්න, කෑලි ටෝක් කරන්න තියන තව එක තැනක් විතරයි.

    හොදට විමසිල්ලෙන් බලන්න. ඒ ගොඩක් උන් අන්තිම මොහොතේ මේ බස් එකට ගොඩ වෙච්ච උන්. මේ තක්කඩි ත්‍රාඩ පවුල වෙනුවෙන් අන්තිම තප්පරය වෙනකනුත් පෙනී ඉඳලා එන පොට හරි නෑ කියලා තේරිලා අන්තිම තප්පරේ අරගලයට එකතු වෙච්ච උන්. ඒ අතරේ රටේ නම ගිහිපු මිනිස්සු වගේම නිකම්ම නිකම් නිකමොත් ඉන්නවා.

    ඕකුන් අරගල භූමියේ ඉන්නේ එහෙම නොහිටියොත් කොන් වෙයි කියන බයට. එහෙම නැතුව මේක පෙරල ගන්න උන්ට කිසිම හිතක් නෑ. හෙට අනිද්දා වෙනකොට අපේ අරගලය පැරදුනොත් උන් ටාර් ගාලා අනික්පැත්ත හැරිලා අපිට හිනා වෙනවා. හොඳම උදාහරණය භාතිය සංතුෂ් දෙපල. මේ තක්කඩි පවුලට හොඳට කඩේ ගිහින් හොඳට හම්බකරා. එහෙම උන් ඊයේ වෙනකම් සද්ද නෑ. දැන් ප්‍රෙශර් එක ඔඩු දුවනකොට නන්දේ ඔයා ගියානම් හොඳයි කියලා ලියුමක් යවලා අත පිහිදාගන්නවා.

    අනෙකා ඔය සංතුෂ්ගේ මල්ලි දුෂ්මන්ත. අපිට මිනිහා කොචොක් කරා 'පනින්න පෙර සිතා බලනු' කියලා. එහෙම කියපු දුෂ්මන්තට වැදුනා වටෙන්ම කුඩු වෙන්න. ඒ නිසා අන්න මිනිහත් ඊයේ ගෝල්ෆේස් එක ලඟ බෝඩ් එකක් උස්සන් හිටගෙන හිටියා. හැබැයි ඒ එන්නේ නෑවිත් බැරිකමට. එහෙම නැතුව ඇත්තටම නෙමෙයි.

    ඒ නිසා ෆුඩ්බෝඩ් එකේ එල්ලිලා අරගලය අල කරන උන්ගෙන් පරිස්සම් වෙන්න. උන්ට ආතල් දාන්න වෙන තැනක් හොයාගන්න කියන්න. නන්දසේනට ඡන්දේ දීපු අපේ උන්ට අරගල භූමිය විවෘත උනිට පාදෙණියලා වගේ උන්ට තිස්ස ජනනායකලා වගේ උන්ට, ජැක්සන් ඇන්තනීලා වගේ උන්ට අරගල භූමිය සඳහටම වහලා තියන්. උන්ට අරගල භූමිය විවෘත කරනවා නම් ඒ ගමන්ම මහින්දානන්දලාට ජොනියලට රත්තරන්ලටත් ඕක එකටම විවෘත කරන්න. මොකද උන්ගෙයි මුංගෙයි කිසිම වෙනසක් නෑ.#තිලාන්

    ReplyDelete
    Replies
    1. පාර්ෂික වශයෙන් එකඟයි. යටි අදහසක් තියාගෙන අල කරන්න එන ඇවන්ගාඩ් වගේ එවුන් ඇරුනාම, අනෙක් අයට පොදු සමාවක් දෙන්න ඕනෙ කියන එකයි මගේ අදහස. නිර්පාක්ෂික කියන එකට සහෝදරයො වුනත් කැමැත්තෙන් නෙමෙයි ඉන්නෙ. දුෂ්මන්ත බෝඩ් එකක් අරං හිටියනං ඒකත් ලොකු දෙයක්. කැලි කඩේ ගියාට මොකෝ, දැන් චතුර හොඳ සාකච්චා වැඩ සටහන් කරනවා. චේගුවේරා ඉඩං හිමියන්ව ලයිට් කණුවල එල්ලීම, රොමානෝ පවුල ඝාතනය අසා තියනවා. අනික 69 ලස්සයක්ම කඩේ ගියා නේද?

      Delete
    2. ලංකාවෙත් ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. මන්ත්‍රීලා මහජන නියෝජිතයො වෙන්නෙ නමට විතරයි. පලාත් සභාත් එක්ක, මුළු දේශපාලන යන්ත්‍රණයම වංචාව, බොරුව, දූෂණය කප් ගහපු දෑවැන්ත සුදු අලියෙක් විතරයි. 225ම එපා, නිර්පාක්ෂික යන්නෙන් අදහස් කෙරෙන්නේ මේ බොරුව ප්‍රතික්ෂේප කිරීමක්/ සිස්ටම් චේන්ජ් එකක් නං මේකත් විප්ලවයක් තමයි.

      Delete
    3. ලන්සා කලුද සුදුද කියලවත් මම දන්නෙ නෑ, කුඩු ගෙනාවද කියල දන්නෙත් නෑ. ඒත් කලාබරේට, කලාබෙරේ නොකියන්න තරම් අපි කුහක වෙන්න ඕනෙ කියල මට හිතෙන්නෙ නෑ.

      අපි මැරෙන මිනිස්සු… මේ බලය අත්හරින්න

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. යූටියුබ් එකේ සමහර කමෙන්ට්වල " එල්ලමු, මරමු" වගේ කැන්ගරු-කෝට් පන්ති වෛරයක් පේන්නනවා. දන්න තරමින්, මේක සහෝදරවරුන්ගෙ නිසඟ ලක්ෂණයක්.පන්ති භේදයකින් තොරව මිනිස්සු පාරට බැහැල ඉන්න වෙලාවක් මේක.අරගලය අල නොකර ගන්න නං ඒ ගැනත් සැලකිලිමත් වෙන්න වෙයි කියල හිතෙන්නෙ නැත්ද?

      Delete
    6. //චේගුවේරා ඉඩං හිමියන්ව ලයිට් කණුවල එල්ලීම, රොමානෝ පවුල ඝාතනය අසා තියනවා// යුක්රේන් මිඩියා වලට අහුවෙච්ඡ තවත් එකෙක්. චේ ගුවේරා එල්ලල් මාරුව එවුන් නඩු දාල එල්ලුවේ. උන් යටතේ හිටිය එවුන්ව මැරුව නිසා, රේප් කරපු නිසා. ඒවා කවදාවත් කියන්නේ නැහැ. රොමානෝ පවුල ඝාතනය නම් පව් . හැබැයි උන්ව බෙර ගන්න කියල රජ පවුලට (බ්‍රිතාන්‍ය) කීවහම ගණන් අරං නැහැ.

      Delete
  10. අරගලයෙන් පසු ...

    පලමුවෙන්ම, හදිසි ඩොලර් සංචිත ගොඩනගන්නට මිත්‍ර රටවල සමුලුවක් කැඳවිය යුතුයි. ඉදිරි මාස 12කටවත් රට "සාමාන්‍ය" පරිදි දුවන්නට බැරිනම් දීර්ගකාලීන විසඳුම් කරා යන එක දුශ්කර වෙනවා.

    දියව් දියව් සහන කප්පාදු කරලා, පාඩු ලබන රජයේ ආයතන ප්‍රතිව්‍යූව්හගත කරලා රට අලුත් මාවතකට ගන්න නම් සර්වපාක්ශික, කැබිනට් එකක් ඕනි. පිලිගත් දෙස් විදෙස් ආර්තික ආදී විශේශ්ඥයින්ගෙන් සමන්විත උපදේශක මඩුල්ලක් පිහිටුවන්න ඕනි.

    තෙල් සංස්තාව, දුම්‍රිය, විදුලිය වගේ රාජ්‍ය ධනය හූරගෙන කාලා උනුත් වල පල්ලට යන ආයතන අඩුම ගානේ PPP සමාගම් බවට පත් කරන්න ඕනි.

    ණය වෙවී සහණාධාර දීලා රටක් දුවන්න බැරි බව ජනතාවට කියන්න ඕනි ඒත්තු ගන්වන්න ඕනි. මෙය රටේ දේශපාලන, ආගමික, විද්වත්, කලා ආදී සියලුම සංවිධාන වල පුලුල් මෙහෙයුමක් විය යුතුයි.

    රටට ගැලපෙන ආර්තික ප්‍රතිව්‍යූහගත කරන දිගු කාලීණ සැලැස්මක් එක්ක IMF එකට යන්න ඕනි.

    කැබිනෙට්ටුවේ තීන්දු තීරන වලට ගැසට් ගහන පඹයෙක් විදිහට ගොට්ලර් හිටියත් කමක් නෑ. ආපුදා ඉඳන් කලෙත් ඒ වැඩේමනෙ.

    මාස 12ක් ඇතුලත, රටට ගැලපෙන නව (කේවල හයිබ්‍රිඩ්) මැතිවරණ ක්‍රමයක් එක්ක සරල ශක්තිමත් ඩොනමෝර් මොඩලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවක් ගේන්න ඕනි.

    හොරකම, දූශනය, වංචාව ඉහත ක්‍රියාකාරකම් නිසා අවම කිරීමට පුලුවන් වේවි.

    හිටපු/ඉන්න පාලකයොන්ගෙ හොරකම් කරපු ධනය ගෙනත් එකරැයින් ණය ගෙවන්න හිතන අය? අඩුම ගානෙ මෙහෙම ගේන්න පුලුවන් ධනය ගැන ඒ ඒ අයට ඇස්තමේන්තුවක් වත් තියෙනවාද? අනේ මන්දා, එයාලටත් නිසි බලැති කමිටුවක් වත් දාලා දෙමුද?

    අවසානයේ, ආයෙත් කියන්න තියෙන්නෙ, ලංකාවෙ තරම් දියව් දියව් සහණාධාර ස්කැඩිනේවියාවෙ වත් දෙන්නෙ නෑ. එහෙම දීල දියුනු උනු රටක් සක්වලේත් නෑ කියන එක ජනතාව තේරුම් ගැනීමයි.

    ඔබලාගේ යෝජනා චෝදනා පහලින් කොටාගෙන යමු.

    කපිල ජයසිංහ
    04/04/2022

    ReplyDelete
  11. රුසියන් තෙල් කේෂ් එක සෑහෙන්න අපරාදයක්...
    IMF ඇතුළු ඔය ටික කරලා පොඩි හුස්මක්කටක් ගන්නත් අවුරුද්දක් හමාරක් යයි. මේ වෙලාවෙ ජනතාව තවත් බොරු වලවල් වටල වැටෙන්න හොඳ නෑ. දෙස්සපාල ව්‍යාපාර වලට මේ ජන නැගිටීම උදුර ගන්න දෙන්න හොඳත් නෑ..

    ReplyDelete
    Replies
    1. මම ඉතිං ඤැහ්,බැහ් පක්සියා නිසා හිතෙන දේ? සාමාන්‍ය මිනිස්සු කියන්නෙ කළුත් නැති සුදුත් නැති චරිත. නියමිත මිල ලැබුමාම හැමෝම විකිනෙනවා.

      මේක කිව්වෙ, මේ වැඩේ බොහොම සංකීර්ණ/ අමාරු වැඩක් කියල කියන්නයි.

      Delete
    2. ඔව් ඉතින්. ඔය කොටස් මම ෆේස්බුක් එකේ දැම්මේ නැහැ. ද්‍රෝහියා කියල අල්ල ගත්තොත්. මෙහෙ ඒ පැත්තෙන් ශි*ට්. මුකුත් ලියන්න බැහැ. අර රුස්ස ගිහිල්ල දවස් හතරකට පස්සේ රුස්සගේ ආමි එකට කන්න බොන්න දීපු රුසියන් කතා කරන යුක්රේන් එවුන් මරල ජාතිවාදී සෙට් එක , ඒකමාට්ටු වෙනකොට යුධ අපරාධ චෝදනාවක් ගහල. කාටවත් ලියන්න කියන්න විධිහක් නැහැ. එලවයි කියල බයට ෆොරින් ජනලිස්ට් ල ලියන්නෙත් නැහැ. මුන් හෙල් බෙන්ට් ඔන් රුබලේ නගින එක නවත්වන්න. අපට හොඳයි හැබැයි. මේක වැටුනොත් අපට කෙලවෙන නිසා. මගේ මධ්‍යස්ත සුද්දෝ යාලුවෝ කියන්නේ එහෙම කට වහගෙන ඉඳපිය උඹ කියන්නේ ඇත්ත කියල අපි දන්නවා.නමුත් අපට හොඳයි. එහෙම තමයි ලෝකේ වෙන්නේ කියල. රුසියානුවෝ. ඕකුනුත් දන්නවා මරණ ඒවා, මැරෙන ඒවා. උනුත් සද්ද නැත්තේ මේ හැම රටකම වැසියෝ ආත්මාර්ථකාමී නිසා. ලංකාවේ මිනිස්සු හිතන්න ඕනෙත් එහෙම. රට හැටියට. අපේ මොට්ටයෝ කරන්නේ නැත්තෙත් ඒකයි. ජර්මන් කාරයෝ විහිළුවට වත් කියනවද උන්ගේ රටට අනු රුසියන් ගෑස් ගන්න එපා කියල. නැහැ.

      Delete
  12. https://www.youtube.com/watch?v=nLQJCoEbRbk

    ReplyDelete
  13. මෑන් තනියම් ගිහින් හිටගෙන ඉන්නවත් දැක්ක විජේරාම හන්දියේ.

    ReplyDelete
  14. දැක්කද අනුර.... අන්තිම හරියෙ සෙට් එකේ එකකේ නගිනවා වාහනේට
    https://www.youtube.com/watch?v=8BApI384bC8

    ReplyDelete
  15. විපක්ෂයෙ ඉන්නෙ ඩීල් කාරයොද?
    https://youtu.be/Ode7BTDuF6I?t=2086

    ReplyDelete
  16. ටික දිනකින් මිනිසුන් වෙහෙසට පත්වෙයි. එවිට අරගලය දියාරු වෙලා යයි. එහෙම නැතනම් නායකත්වයක් නැති අරගලය අයාලයේ යයි. අන්තිමේදී කිසි වැඩක් නැති වෙයි. මේයට නායකත්වයක් අවශ්‍යයි.

    ජවිපෙ ජාතික ජන බලවේගයටත් විකල්පය නොව විසදුම වෙන්න අවශ්‍ය නම් ජනතාව හඩ නගන දේ වෙනුවෙන් දෙයක් කර පෙන්වන්න ඕන. පස්ස ගසා සිටීමෙන් ගඟ මුහුදට ගලන එක පමණයි සිද්ධ වෙන්නේ. අරයලා හොඳ නැති නිසා ජවිපෙට බන්දේසියක තබා දෙයි කියා පමණක් බලා නොසිට මේ මොහොතේම කල හැකි දේ කර පෙන්වන්න බල කරන්න ඕන. අනුර කුමාර වහාම මුදල් ඇමති ධූරය ඉල්ලා ආර්ථික අර්බුදය විසඳා දුන්නොත් නිකන්ම රටම ජවිපෙට ලැබෙනවා.

    සුනිල් හඳුන්නෙත්ති කියන්නේ පිටරට ඉන්න දේශප්රේමී විදේශ ශ්‍රමිකයින්ට ලංකාවට එක මාසයක් සල්ලි එවන්න එපා ජනාධිපති ඉල්ලා අස් වෙලා යනකම්ම කියලා, නමුත් ප්‍රායෝගිකව එහෙම දේවල් වුණත් එච්චරම හොඳ නෑ නේද?

    නන්දසේන ගෙදර යවලා එවන කෙනා ලෑස්තිවෙන්න ඕන ජුනි මාසේ වෙනකොට තව ඩොලර් බිලියනයක් ගෙවන්න ස්වෛරී බැඳුම්කරයකට ගෙවන්න අවශ්‍ය ඩොලර් හොයා ගන්න. ඒක කරන්නේ කොහොමද කියලා ජනතාවට පැහැදිලි කිරීමක් කරන්න ඕනද නැද්ද?

    ReplyDelete
  17. Can we start soup
    Kitchens and tea for the people who are demonstrating near the parliament and other places . People who are living abroad can fund it. We need to show support, if we can’t be there .

    ReplyDelete
    Replies
    1. සුප් දෙන ගොන් පාට් නෙවෙයි බන් අජිත් ලංකාවේ මිනිස්සුන්ට කැඳත් නෑ, ඔය රැල්ලට උද්ඝෝෂණ කරන උනුත් එහෙම නොකරන උනුත් තාම ආණ්ඩුවට කඩේ යන උනුත් සේරම ගත්තත් මම දන්නේ නෑ ඔය එකෙක්වත් සහ පොදුවේ රටේ සමස්ත ජනතාව දන්නවා ද කියලා මේ වෙනකොට ලංකාවේ ආර්ථිකය වැටිලා තියෙන තිබෙන දරුණු තත්ත්වය. ලංකාවේ රජය IMF සාකච්ඡා මේ සතියේ ආරම්භ කළේ නැත්තම් මූල්‍ය උපදේශකයෙකු පත්කරලා විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන එක කඩිනමින් කරන්න හම්බවෙන්නේ නෑ.

      ජුලි මාසයේ ලංකාවේ විදේශ ස්වෛරී බොන්ඩ් අමෙරිකානු ඩොලර් බිලියන 1ක මුදලක් ගෙවිය යුතුව තිබෙනවා. ඒක ගෙවන්න වෙන්නෙත් තියෙන විදේශ සංචිතවලින් තමයි.

      ඒ වගේම ඒක ගෙවනවා කියන්නේ ඊළඟ මාස දෙකේ කිසිම ආනයනයක් නොකර ලංකාවේ සියලුම විදේශ ආදායම සියල්ලම එකතු කරලා ඉතුරු කරන්න වෙනවා මේ ඩොලර් බිලියනය ගෙවන්න.

      එතකොට ලංකාවේ කාටවත් බෙහෙත් නෑ, විදුලිය නෑ, තෙල් නෑ, ගෑස් නෑ. ඉන්දියාවෙන් එන තෙල් වලින් වැඩිම උනොත් 2022 මැයි අග වෙනකම් යයි. ඊට පස්සේ අඩුම තරමින් ලංකාවට අවශ්‍ය වන තෙල් ගෑස් සහ ගල් අගුරු ලබාගන්නේ කොහොමද?

      ඒ නිසා තත්ත්වය ඉතාම උග්‍රයි බරපතළයි. දැනට කවුරු කවුරුත් යෝජනා කරන එකම විසඳුම අයි එම් එෆ් එක, ඒත් IMF සමග සාකච්ඡා කරන්න මුදල් ඇමති කෙනෙක් ඉන්න ඕනේ.. රජයක් තියෙන්න ඕනේ.

      මේ මුදල් ඇමති තනතුර බාර ගන්න එක බල්ලෙක් වත් නෑ, පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝම සජිත් ප්‍රේමදාසගේ පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය සේරම ඇඟ බේරාගෙන මාරු වෙලා යන නිසා ලංකාවේ ආණ්ඩුවේ කට්ටිය පාර්ලිමේන්තුවට පිටින් වෙන විද්වත් කට්ටිය සෙට් එකෙන් කෙනෙක් ගන්න හැදුවත් ඒ සේරම එන හැටියට තමන්ගේ ජීවිතය ගැන වත් ෂුවර් නෑ කියලා මග ඇරලා. අන්තිමට බැරිම තැන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ආචාර්ය ශාන්ද දේවරාජන්, ආචාර්ය ශාමිණී කුරේ එකතු කරලා ත්‍රී පුද්ගල උපදේශක මණ්ඩලයක් පත් කිරීමට සිදුවුන අතර යාන්තමින් හෙන ගේමක් දීල ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ධූරයට තෝරා පත්කර ගැනීමට පුළුවන් වෙලා තියෙන්නෙ. අනේ මන්දා ලංකාවේ මොකෙක් වත් අමාරු වෙලාවට වගකීම බාර අරන් තත්වය වෙනස් කරන්න තරම් හැකියාවක් ඇති කෙනෙක් නෑනේ.

      ඔය මොන මගුල කරත් ලංකාවේ ආර්ථිකය මෙහෙයවන මොන බූරුවෙක් හරි කඩිනමින් පියවර ගත්තේ නැත්තම් ජුනි මාසයෙන් පස්සේ මුළු රටම දවස පුරා කරන්ට් එක නැතුව රැය ගෙවෙනකම් අඳුරේ ඉන්න පුළුවන්.

      ඒ නිසා අද ලංකාවේ රටේ තියෙන තත්ත්වය අනුව බිලියනයක් නෙමෙයි මිලයන 100ක් වත් ගෙවා ගන්න බැරි තත්ත්වයක ඉන්නේ, මේක වෙනස් කිරීමට ලේසි වෙන එකක් නැහැ. මැජික් බලයක් තියෙනවා නම් මොනව හරි කරන්න පුළුවන් නැත්නම් මම හිතන්නේ ඉතාමත් බරපතල විදිහට අමාරුයි ගොඩ දාගන්න.

      Delete
    2. Mate m, you think I don’t know that. I wrote that many moons ago. You guys did jot listen . Soup aka kanda and tea is mere refreshments for long haul protest. It’s planning for next few weeks l. You looks like a byya who thinks merely changing few officials can change the scenario. No gota and his government should resign. Then we can start . If no one there I will take the responsibility. That’s a joke by the way . This govement should resign entirely.

      Delete
  18. අර ඤානක්කාට වඳින්නේ first lady නේද?

    අනේ මන්දා, මගේ මනුස්සයා ඔය විදියට කරන දේවල් වලට උපදෙස් ගන්න වෙන ගෑණු කෙනෙක් පස්සේ ගියොත් නම් වඳින එක කෙසේ වෙතත් මම ගන්නේ කොස්ස. :D

    ReplyDelete
    Replies
    1. There are some women who would go along with it. Prod of you

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .