Sunday 3 April 2022

ආන්ඩුව, හදිසි නීතිය, හමුදාව, ව්‍යවස්ථාව, නීතිය, ජනතාව සහ පාරාවලල්ල


පහත ලිපිය ලියා ඇත්තේ මගේ යහළුවෙකු වන මහේෂ  ත්‍රිමාන්න ය.  මෙහි සියලුම අදහස ඔහුගේය. 

ආන්ඩුව, හදිසි නීතිය, හමුදාව, ව්‍යවස්ථාව, නීතිය, ජනතාව සහ පාරාවලල්ල.

ආන්ඩුව හදිසි නීතිය පනවා ඇත. හොඳයි, හැබැයි ආන්ඩුව සිය අංක ගණිතය ගෙදර වැඩ කර ඇත්ද?

මේ සමග අමුණා ඇති ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරමාධිපත්‍ය හෙමින් කියවන්න. තේරුම් ගන්න. 3 වගන්තිය  අනුව පරමාධිපත්‍ය ජනතාව සතුයි 4 වගන්තිය එය විවිධ අයට දී ඇති ආකාරය පැහැදිලි කරයි.


ගෝඨා ප්‍රමුඛ ආන්ඩුව ඊයේ සාකච්ඡා කර හදිසි නීතිය පනවයි. 4 වගන්තියෙන් ජනතාවට තිබුණු එකම රැකවරණය නීතියේ රැකවරණය අහිමි කර ඇත. 

ගෝඨා ප්‍රමුඛ ආණ්ඩුව තේරුම් ගත යුත්තේ මේ 88/89 වත් 2005- 2015 වත් නොව 2022 බවයි.

ලංකාවේ ජනගහනය දෙකෝටි විසි ලක්ෂයකට හෙවත් මිලියන 22 ආසන්නයි.
පහත අමුනා ඇති අන්තර්ජාලයෙන් ලබාගන්නා ලද දත්ත අනුව 2010 ලංකාවේ අවුරුදු 16- 49 කාන්ඩය තුල ලක්ෂ 86 සිටී (කාන්තා පිරිමි). එයට දැන් 2022 දී තවත් ලක්ෂ 30  එකතු උනත් ලක්ෂ 116 සිටී.

පහත අමුනා ඇති  GOOGLE  දත්ත අනුවම ලංකාවේ 
ත්‍රිවිධ හමුදාවේ          346,000
ස්වේච්ඡා හමුදාවේ      90,000
පොලීසිය                        84,000
එකතුව                        520,000  සිටී.



මේ සියලුම දෙනා රාජපක්ෂික නැත පවතින පීඩනය හමුවේ විරුද්ධ කොටසක් සිටී.

මෙයින් තවත් කොටසක් ප්‍රභූ ආරක්ෂාව සහ අනෙකුත් ආර්ථික මර්මස්ථාන සඳහා ද යොදා ඇත. 

69 ලක්ෂයේ බහුතරයක් අද ආන්ඩුවට නැත.

අවසානයේ මේ පීඩනය මීට පෙර මේ රටේ ඉතිහාසයේ ඇති වූ පීඩනයක් නොවේ. ජනතාව යුද්ධය, නියඟය, වගා හානි, හදිසි විදුලිය බිඳවැටීම ඉවසා ගත්තේය. අද පීඩනය බොහෝම සුළු පිරිසකට හැර බහුතරයකට දැනී ඇත. පාරේ සපත්තු මසන්නාගේ නාට්ටාමි ගේ සිට මහා ව්‍යාපාරිකයන් දක්වා පීඩනය පුපුරා ගොස් ඇත.

පක්ෂ පාට ජාති ආගම් බේදය කින් තොරව මිනිස්සු පාරේය. ආන්ඩුව හොයන්නේ මර්දනය නම් මේ අංක ගණිතය හදන්න.

ගෝඨා සහ ආන්ඩුව තාම යුද්ධ ආතල් එකේ ඉන්නවා නම් එදා සමස්ථ රටම බොහෝ යාපනයේ ජනතාවද ආන්ඩුවට පක්ෂපාතී විය. අද ඒ මොකුත්ම නැත රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ චෞර වලල්ල පමණක් ඇත. ඒකේ ද සමහර උන් දැන් එලියට පනිමින් ඇත. 

අවසාන වශයෙන් සියලුම හමුදාව එකතු කලත් පාරට බස්සන්න ඉන්නේ ලක්ෂ 4 පමණි, ජනතාව ලක්ෂ 120 සිටී. වෙඩිතියා හෝ හදිසි නීතිය යටතේ හිරේ විලංගුවේ දාන්නද හිතන්නේ. එක හමුදා නිලධාරියෙක් 30 මරන්න ? ලක්ෂ ගනනක් හිරේ දාන්න ........ 
මිනිස්සු හදිසි නීතිය ගනන් ගන්නේ නැතුව තවත් ප්‍රකෝප කිරීමේ අභිලාෂය කුමක්ද?

මේ  හදිසි නීතිය ආන්ඩුවට පාරාවලල්ලක් වෙන දවස වැඩි ඈතක නොවේ. අනිත් ගැසට් මෙන්ම මේක රිවස් කරන්න, ඒක කොහොමත් පුරුදුයි නේ.......

ලොකු වැරදීමක්, ජනතා බලයේ ලොකු අවතක්සේරුවක් ආන්ඩුව කරන්නේ. ජාත්‍යන්තර මාද්‍ය තුළ ආන්ඩුව ගැන යන දේවල් කිංස්ලි සුදේව කියන්නේ නැද්ද මං හිතන්නේ උන්ට තේරුම් ගන්න බෑ ඒවා.

රට ලේ විලක් වී විනාශ වීමට ආසන්න බවත් රාජපක්ෂලාට මේක කොරන්න බැරි බව දැන් වත් තේරුම් ගන්නේ නම් වටී.

-නීතිඥ මහේෂ ත්‍රීමාන්න

27 comments:

  1. මේ මර්ධනකාරී වැඩේ කොමත් ආණ්ඩුවේ වල කපාගනීම්ක්.....
    දැන් කස්ටිය ඔය පුටුමාරුවකට සැරසෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. පුටු මාරුව නම් හරියන්නේ නැහැ. යන්නම කියන්න ඕනේ දැන්නම්

      Delete
  2. අජිත්,

    කම්බා හොර නිවාඩ් කබ්රාල් ගේ වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකත්වය අහෝසි කර ඔහු ඉතාමත් අපකීර්තිමත් ලෙස ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සහ සාමාජිකත්වය ලබා ඇති සියලු ආයතන වලින් පහ කර එලවා දැමීමට වහාම මේ ලින්ක් එකේ තියන සයිට් එකට ගිහින් ඔබේ සහය දක්වන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයාර් කරලා මූට කෙළවලාම දාන්න පුල් සපෝට් එකක් දෙන්න යාලුවන් එක්ක බෙදා ගන්න දන්න කියන හැමෝම මේ ගැන දැනුවත් කරන්න බොහෝම ස්තුතියි.

    https://www.facebook.com/2194656573885034/posts/5681090441908279/?app=fbl

    මේ හෑෂ් ටැග් එක හැම තැනම කමෙන්ට් කරන්න

    #SayNotoCabraal

    #CancelCAMembershipOfCabraal

    උපරිම සහය දෙන්න හැමෝම

    ReplyDelete
    Replies
    1. හොඳයි. ස්තූතියි . මේකටත් හැකි අය අත්සන් කරන්න.
      https://chng.it/qvqxmW8y

      Delete
    2. අජිත් දාලා තියෙන ලින්ක් එකේ පෙත්සමට අත්සන් කරා.

      ඇනෝ: FB නැති අයට කබ්‍රාල්ගෙ සාමාජිකත්වය ගැන CA-SL එකට විරෝධය පෙන්වන්න විදිහක් තියෙනවද, or is it just being shared atm?

      Delete
  3. ලංකාවේ පළවෙනි පොදුජන විප්ලවයට ජය වේවා අජිත් ඔන්න අපේ සටනෙන් දැනටම බාගයකට වඩා දිනුවා... අන්න ලංකාවේ කාඩපක්ෂ තක්කඩි නීල හොර ආණ්ඩු පක්ෂයේ කැබිනට් එකම ඉල්ලා අස් වෙලා.. සභාග රජයක් පවත්වන එක ගැන සාකච්ඡා කළා... දැනට සාකච්ඡා තාම ඉවර නෑ ආණ්ඩුව සජිත්ට අගමැති තනතුර සඳහා පත් වීමට ආරාධනා කර රනිල් වික්‍රමසිංහට මුදල් ඇමති ධූරය යෝජනා කරන්නේ නමුත් සජිත් ප්‍රේමදාස දැනට ඉතා මැනවින් සහ තදින් පවසන්නේ ජනාධිපති වහාම ඉල්ලා අස්වීමට වුවමනා බවත් ජනපතිවරණය වහා පැවැත්විය යුතු බව සහ රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙක් ඊට ඉදිරිපත් නොවිය යුතු බව. ඒ සමග අලුත් මහමැතිවරණයක්ද පැවැත්වීමට කටයුතු කළ යුතුයි කියා ඔහු පෙන්වා දෙන්නේ නමුත් ආණ්ඩුවේ පැත්තෙන් තවම ඒකට එකඟ වෙලා නෑ. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයටත් නව සභාග ආණ්ඩුවෙන් ඇමති තනතුරු සඳහා සහ ඕනෑ තරම් මුදල් වෙන්කර දීමට කැමති බව පවසන නමුත් ඔවුන් වත්මන් ජනපති නන්දසේන පරයාගේ දූෂිත ඒකාධිපති පවුල් පාලනයට නොසතුට ප්‍රකාශ කරමින් අවඥාවෙන් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    බොහෝ දුරට ලංකාවේ වෙලාවෙන් හෙට උදේ වගේ වෙනකොට මේ ගැන විස්තරයක් දැන ගන්න පුළුවන් වෙයි බලමු.... ජය වේවා හැමෝටම සුභ දවසක් මේ සැරේ අලුත් අවුරුදු උත්සවය සමරන්නට ඔන්න දැන් චාන්ස් එකක් තියෙනවා සුබ නව වසරක් වේවා අජිත්... Well done all of you. Brilliant effort. ��✌������������

    ReplyDelete
    Replies
    1. ජයවේවා. මුළු ආණ්ඩුවම කොන්දේසි විරහිතව අයින් විය යුතුයි.

      Delete
  4. Jagatrh Pathirana3 April 2022 at 20:50

    මේ විරෝධතා කාරයෝ මොකක්ද කරන්න කියන්නේ?
    සිංහල නොවන විරෝධතා කාරයෝ කොච්චර ඉන්නවද?

    ඔයා දාලා තියෙන පින්තූරයට මම විරුද්ධයි.
    ළමයි පෙන්නලාදේශපාලන වාසි ගැනීම නතරවිය යුතු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ළමයින් ට කන්න දෙන්න නැති ආණ්ඩු මොකටද? ළමයින්ට අනාගතයක් නැති ආණ්ඩු මොකටද? ඒ මනුස්සයට ළමය තියල එන්න තැනක් නැතිව ආව මිසක් මෙතන ළමය විකුනලා නැහැ.

      Delete
    2. Jagatrh Pathirana4 April 2022 at 17:36

      සිංහලයන්ගේ පුරුද්දක් තමයි මට සැප විඳින්න ඕනේ නෑ මම හැමදේම කරන්නේ වෙන කෙනෙක් වෙනුවෙන් කියලා බොරු කිම. තමන් සැප විඳින්න ආසයි කියන්න ලැජ්ජයි.
      බොහෝ විට ඒකට පාවිච්චි කරන්නේ ළමයි.
      උදාහරණයක් හැටියට (මට කන්න ඕනැ නෑ) ළමයින්ට කන්න දෙන්න තිබුනොත් ඇති වගේ කතා සිංහලයෝ නිතරම කියනවා දකින්න පුළුවන්. ඒ බොරු.

      Delete
    3. මගේ මව හෙම තමනට කන්න නැතත් අපට ඉස්සෙල්ල හැමදේම දීපු කෙනෙක්. එහම් අම්මල මම කොතෙක් දැක තිබෙනවා

      Delete
    4. හැමෝම විරෝධය දක්වන්න ඕන වෙලාවක ළමයත් හිටියම මොකෑ..

      මේ රටේ බහුතර දෙමව්පියො කලේ තමුන් වැහැරෙන ගමන් දරුවෝ උස්මහත් කරපු එක.

      Delete
  5. ගොඩැල්ලේ තරම දැනගෙන උඩ පනිනු
    කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනු - කියන කීමවත් අහල නැති ආණ්ඩුව මෙතනදී විහින් නා ගත්තා. ඇත්තටම මේ ගණිතමය විග්‍රහය එයාලටත් කර ගන්න ඇහැකි වුණා නං ජනාධිපති ගෝඨාභය මෙතරම් පච වෙන්නේ නෑ. ඇඳිරි නීතිය විහිළුවක් වෙන්නෙ නෑ!

    ඒ මදිවට පොදු ජන විරෝධයට මැති-ඇමතිවරු-මන්ත්‍රීවරු බය වෙච්චි තරම නිකම්ම රටට පෙනුණා. නාමල් බේබිගේ පවුලේ අය රටෙන් පිට වීමෙන්.... මන්ත්‍රීවරු විහින්ම නිවාස අඩස්සියේ සිටීමෙන්.

    ReplyDelete
    Replies
    1. අස්වුනේ නැත්නම් තත්ත්වය් බරපතල වෙනවා කියල මේ මනුස්සයට තේරෙන්නේ නැහැ

      Delete
  6. ඇත්ත. වැඩි දෙයක් කීමට බෑ.

    ReplyDelete
  7. වියත්මග කොහිද කියල පේන්න නෑ

    ReplyDelete
    Replies
    1. යාළුවොත් හිටිය. උනුත් හොයා ගන්න නැහැ

      Delete
  8. ඥාන වන්තව තමයි කලේ

    ReplyDelete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ඔබගේ වරදකට ඔබේ දරුවන්ට අන් අය කරදර කරනවට ඔබ කැමතිද?
      Ajith if I were you i'd remove this.

      Delete
  10. සන්නස්ගල එක්ක බොහෝ තැන්වල එකඟනැති මත අස්සෙ... හරිම ජනඅරගලය විය යුත්තේ කෙසේද.. සන්නස්ගලගෙන් දැනගන්න
    https://www.youtube.com/watch?v=KzXntuvThzU
    https://www.youtube.com/watch?v=75lljiRqiWw

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .