Tuesday 29 March 2022

පූටින් යන්නේ කොයි පාරේ ෂි ජින් පිං යන පාරේ - පෙට්‍රෝ ඩොලර, පෙට්‍රෝ යුආන් සහ පෙට්‍රෝ රූබල්


පසුගියදා ලිපි කිහිපයක්ම ලීවේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් ගේ යුක්‍රේනියානු ආක්‍රමණය වෙනුවෙනි.  රුසියාව  තමන්ගේ යුද්ධයේ ප්‍රථම කොටස අවසන් බව පසුගියදා  ප්‍රකාශ කළේය. යුද්ධය යුක්රේනය දිනා ඇතැයිද පූටින් දුවන බවද ඩේලි මේල් පුවත්පත ඒ සමගම වාර්තා කළේය. සශ්‍රීක පුරාණ  නගර ගණනාවක් විනාශ  වුනු මිලියන් දෙකක් ජනයා අනාථයන් කල යුද්ධය යුක්රේනය දිනුවාද? තමන්ගේ රටට සම්බාධක පනවා ගනිමින්, බටහිර ලෝකයේ හොඳ හිත පලුදු කර ගනිමින් , යුධ භටයන් දහසත්  පන්දහසත්  අතර ප්‍රමාණයක්  අහිමි කරගනිමින් පූටින් දිනා ඇත්ද? මගේ අදහස නම් දැනට මේ රටවල් දෙකම එක පැත්තකින් පරාජය  වී  තවත් පැත්තකින් දිනා ඇති බවය. 

පූටින් ගේ රුසියානු හමුදා කීව් නගරය අසල දැඩි පරාජයකට ලක්වී ඇතැයි බටහිර මාධ්‍ය කියති.. (දැන් ඔවුන් හමුදා කිව් නගරයෙන් ඈත් කර ගනිමිනි සිටින්නේ වෙනත් හේතුවකට බව මගේ අදහසයි..)  රුසියානු හමුදාවට  වැඩිම ප්‍රශ්නය  වී ඇත්තේ බ්‍රිතාන්‍ය රජය සැපයු ජවෙලින් යුධ ටැංකි නාශක අවිය බව පැවසේ. පූටින් ගේ ටැංකි හමුදා දෙකක් සම්පුර්ණයෙන්ම විනාශ කර දමන්නට  යුක්‍රේන/ඇමෙරිකන්, දකුණු අප්‍රිකානු හමුදා සමත් වී ඇත. (බටහිර මාධ්‍ය විසින් රුසියානු  වැග්නර් කුලී හමුදා යුක්රේනය සටන් කරන බවට ප්‍රචාරයක් රැගෙන ගියේ මේ ඇමෙරිකානු හා  දකුණු අප්‍රිකානු කුලී හමුදා සටන් කරන බව සඟවන්නටය. ඇමෙරිකානු රජයට කුලී හමුදා නිත්‍යානුකුලව  සපයන්නට නොහැකිය. නමුත් රුසියන් වැග්නර් කණ්ඩායම මෙන් රටවලට ඔවුන් මිලදී ගත හැක.  මේ හේතුව නිසාම  රුසියානු යුධ සැලසුම, බටහිර මාධ්‍ය සැලසුමෙන් වෙනස් වන්නේ ඇයි නමැති ලිපියේ පරිදි කීව් නගරය මාර්තු 24 වනවිට අල්ලාගනු ඇතැයි මා සිතුවද එය එසේ වූයේ නැත. නමුත්  ක්‍රිමියාව දක්වා ගොඩබිම් මාර්ගයක් විවර කරගෙන එය පවත්වාගෙන යන්නට නම් ඔහුට දිගින් දිගටම කීව් නගරයට තර්ජනයක් එල්ල කල යුතු වේ. 

මේ පින්තුරය ෂේන් මැතිව් නම් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ගේය. ඔහු කීව්  නගරයේ "නිදහස" උදෙසා සටන් කරමින් සිටි. 


උක්රයිනය  මාධ්‍ය මෙහෙයුමෙන් ද  බටහිර ලෝකයේ හොඳහිත සහ ඩොලර්  බිලියන ගණනින් ආධාර  දිනා ගනිමින්ද ජය ලබා ඇත. පූටින් ගේ රුසියාව සම්බාධක ද පනවා ගනිමින්  එහිදී පරාජය වී ඇත.  
පූටින් දිනා  ඇත්තේ මොන පැත්තෙන්ද? ඔහු දොන්බාස් ප්‍රදේශයේ හමුදාව රඳවා , ක්‍රිමියාවද තබා ගනිමින් රට දෙකඩ කර ඇත. එසේම බටහිර පමණක් නොව මුළු ලෝකයේම ආර්ථිකය පහල දමමින් උද්ධමනය වැඩි කරමින් ආර්ථික යුද්ධයක් ද  දියත් කර ඇත. ඒවා පූටින් ගේ සීමිත ජයග්‍රහණයන්ය. 
මේ යුද්ධය හෝ පූටින් කියන අන්දමට විශේෂ මෙහෙයුම විග්‍රහ කර ගැනීමට නම් ආවේගීව පාර්ශවයක් තමන්ගේ කර ගැනීම නොකළ යුතු දෙයකි.එයින් සිදුවන්නේ කුමක්ද යන්න ගැන හරි වැටහීමක් ලබා ගැනීමේ හැකියාව නොමැතිව යයි.   

මම  2014 දී පමණ පූටින් ගේ ස්ටාලින්වාදී  ස්ථාවරය සහ මහා ජාතිවාදය ගැනද රුසියාවේ ඔටෝක්‍රසිය ගැනද ලිපි දෙකක් ලීවෙමි.  විසි පස් වසරකට පෙර ඇද වැටුණු බර්ලින් තාප්පය, පූටින් හා ස්ටාසිලන්තය හා ඔටෝක්‍රසි හා ඉගෙන ගන්න, ඉගෙන ගන්න, ඉගෙන ගන්න යන ලිපි දෙකයි. ඒ නිසා ඒ ගැන නැවත ලිවීමට අවශ්‍යතාවයක් තිබුනේ නැත. පළමු සඳහන්ලි පියේ පූටින් චීන ආර්ථික හා දේශපාලනික  විධි ක්‍රම අනුගමනය කරන බවද ලීවෙමි. 
 
මේ යුද්ධයට හේතු කිහිපයක් පැහැදිලි කිරීමට මම ලිපි කිහිපයක් ලීවෙමි. රුසියානු ආක්‍රමණයට මා ලියූ හේතු කිහිපයක් මෙසේය.

1. යුධ සංවිධානයක් වන නේටෝවේ ව්‍යාප්තවාදය. (මේ ලිපි දෙක බලන්න.   කාමරය ඇතුලේ අලියා  නොදැකීම රුසියානු යුක්‍රේන ප්‍රශ්නයේ තවත් පැතිකඩක් ) නේටෝව නිසා රුසියාව රූකඩයක් මෙන් උඩ  පනින්නේද යන මුග්ධ අදහසක් නොව එවැනි සැබෑ ප්‍රශ්නයක් තිබිම ගැන මෙහි සාකච්චා කෙරේ. ඉතිහාසය නොදන්නා, මාධ්‍ය මගින් පමණක් ඉගෙන ගන්නා අයට ඒවා එසේ විය හැකිය. ජෙරෙමි කෝබින් කිහිප වතාවක්ම ඒ ගැන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ  ප්‍රශ්න කල අතර රුසියනු ඔලිගාර්ක් හොරුන්ට එරෙහිවද කතා කළේය. ඔලිගාර්ක් ලාගේ  කළු සල්ලි  භාවිතා කල ලන්ඩනය කෝබින් කියූ දෙයට කන් දුන්නේ නැත. අද ඒ ජඩ මාධ්‍ය ඔහු පූටින් ගේ පැත්තේ  යැයි වංක ලෙස  චෝදනා කරති. කෝබින් ගේ කතාව මෙහි ඇත.  බොහෝ රුසියානු මුදල් 2014ට පෙරද ඉන් පසුවද ලන්ඩන් වල හොල්මන් කළේය.  යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් වීමට කල ජන මත විචාරණයේද රුසියානු මුදල් සංසරණය විය. 

2. මහා රුසියානු ජාතිවාදය - ඉතිහාසය  පැහැදිලි කරමින් ලියා  ඇති මේ ලිපියෙන් ඒ ගැන අදහසක් ලබා ගැනීමට පුළුවන්. රුසියානු ඉතිහාසය සහ යුක්රේනියානු  පෙකනිවැල  තවත් බොහෝ වාමාංශික අය  මේ  පිළිබඳව ලියා ඇත.)

3. උක්රයිනයේ  භාෂා ප්‍රශ්නය  (රුසියානු භාෂාවට සම තැන නොදීම)  ඊයේ මාර්තු 25 යුක්‍රේන විදේශ ඇමති වරයා කියා සිටියේ රුසියානු රාජ්‍ය භාෂාව යුක්‍රේන භාෂාව පමණක් බවයි. මේ බීබීසී ලිපියේ ඒ ගැන සඳහනක් ඇත.

4. යුක්රේනයේ නාසි හමුදා කණ්ඩායම් පිලිබඳ ප්‍රශ්නය - එවැන්නක් තිබෙන  බව ලිපි කිහිපයකම ලීවෙමි.  නමුත් බටහිර මාධ්‍ය විසින් ඒක පාක්ෂික වීම නිසා මේ පිලිබඳ සත්‍යය යටවී ඇත. මෑතකදී ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් පත ඒ ගැන සඳහනක් කර තිබුණි. මගේ  "අලියා නොදැකීම" ලිපියේ බීබීසී වීඩියෝ බලන්න. 

ලඟකදී යහළුවෙකු මට මෙවන් දෙයක් ලියා එවා තිබුණි. සෙලෙන්ස්කි යුදෙව් ජාතිකයෙකු බැවින් ඔහුට නාසීන් ට සහය දීම ගැන චෝදනා නොකළ යුතු බවයි. සෙලෙන්ස්කි අසා තිබුනේද මම යුදෙව්වෙක් නම් මම නාසිවාදියෙකු වන්නේ කෙසේද යන්නය. ඔහුට ඇති චෝදනාව නාසි වාදියෙකු වීම නොව නාසිවාදීන් සමග ඩීල් දැමීමයි. ඇසෝව් බ්‍රිගේඩ් එක ගැනීමෙන් පසු දෙවන වරට නාසි භට කණ්ඩායම් ප්‍රධාන හමුදාවට අනුයුක්ත කලේ ඔහුය. ඒ ඔහුගේ ජනාධිපති කම බේරා ගැනීමටය. 

එසේම මේ අය ඊශ්‍රායලය පැත්තක් නොගැනීම ගැන කියන්නේ කුමක්ද? ඔවුන් රුසියාවට එරෙහි සම්බාධක වලට එක්වී නොමැත. සෙලෙන්ස්කි එහි පාර්ලිමේන්තුව ඇමතුවත් ඔවුන් ආයුධ එවීම පවා  ප්‍රතික්ෂේප කළහ. සෙලෙන්ස්කිට වඩා ඔවුන්ට වටින්නේ රුසියාව විසින් ඉරානයට න්‍යෂ්ටික ආයුධ නොදීමයි. ඒ කියන්නේ යුදෙව් රාජ්‍යය වඩා තැකීමක් කරන්නේ තම රටේ ආරක්ෂාව ගැනය. (අරාබිකරයේ තනි යුදෙව් ප්‍රජාතන්ත්‍රවාදී රජය වන එයට ඒ ගැන චෝදනා කිරීමට මටනම් නොහැකිය.)

මේ අය 1933 අගෝස්තු 25 සියොන්වාදී සංවිධානය මුදල් ඇති යුදෙව්වන් පලස්තීනයට  රැගෙන යාමට නාසි ජර්මනිය සමග කල ගිවිසුම ගැන දන්නවාද?  ඒ ගැන ඉංග්‍රීසි ලිපියක් මෙහි ඇත.  ඒ වන විටත් නාසීන් විසින් යුදෙව් මර්දනය දියත් කර තිබුණි. යුදෙව් මර්දනය වෙනත් රටවලද පැතිර යමින් තිබු නිසා සියෝන්වාදීන් කළ ක්‍රියාව ගැන මගේ විවේචනයක් නැත. එසේම සෙල්න්ස්කි නාසී කණ්ඩායම් හමුදාවට ගැනීම ගැන  විවේචනයක් ද නැත. විවේචනය ඇත්තේ ඒ බව සැඟවීමට තැත් කිරීමයි. ඒ සැඟවීම කරන්නේ  එය රුසියාවේ තර්කයට වාසියක් වන නිසාය.  
නාසින් ඇරඹු දෙවන ලෝක යුද්ධ සමයේ ඝාතන කඳවුරු  හා ගෙටෝවල පාලනයට නාසීන් යුදෙව්වන් භාවිතා කල අතර ඔවුන් හැඳින්වුණේ යුදෙන්රට්  යනුවෙනි. මේ අයගෙන් සමහරු තම පවුල්බේරා  ගැනීමට වෙනත් යුදෙව්  පවුල් ජර්මන් එස් එස්  භටයන්ට සහ ගෙස්ටාපෝ  වට පාවා දුන්හ. මේ ඉතිහාසය මගින් පැහැදිලි වන්නේ යුදෙව් වූ පමණින් කිසිවකු නාසීන් සමග ගිවිසුම් ගත වන්නේ නැතැයි  අපට නිශ්චිතව කිව නොහැකි බවයි.  එනිසා පෙනෙන්නේ එවැනි  තර්කයක අතිශය බොළඳ කම පමණකි. 

5. පෙට්‍රෝ ඩොලරය
පෙට්‍රෝ ඩොලරය ගැන කියවීමට පෙර එකොනෝ ගේ බ්ලොගයේ ලියා ඇති මේ ලිපි දෙක,  සල්ලි බාල්දු වීමේ කතාව හා රත්තරන් මංකොල්ලය කියව්වොත් වඩා හොඳ වැටහීමක් ලැබෙනු ඇත.  බොරතෙල් අපනයනය කිරීමේදී සිදුවන ගනුදෙනු  සඳහා යොදා ගන්නේ වැඩි වශයෙන්ම ඇමෙරිකානු  ඩොලරය  නිසා පෙට්‍රෝ ඩොලරය යන නම වැටී ඇත. ඇමෙරිකානු ඩොලරයේ අගය  මුලින් තීරණය වූයේ රත්රන් මතය. 1970 කාලයේ තෙල් මිල ඉහල යාමෙන්  ඇතිවූ අර්බුදයත් තෙල් අපනයනය කරන රටවල ඇති වූ  මුදල් අතිරික්තයත්  මත ඩොලරය තෙල්ග නුදෙනු වලට භාවිතා වීම ඇරඹුණි. ඩොලරයේ බලය තහවුරු කිරීමට  ලොව විශාලම ආර්ථිකය  හා බලවත්ම හමුදා බලය හිමි රට වන ඇමෙරිකා  එක්සත් ජනපදය සිටීමද  ඇමරිකාව වඩාත් භාණ්ඩ   ආනයන කරන රටක් වීමද ඩොලරය  වඩා ජනප්‍රිය මුදල් ඒකකය වීමට  වඩාත් බලපෑ සාධකය.   
 මේ නිසා සියලුම රටවල් ඩොලර් සංචිත තබා ගැනීමට පෙළඹුණි. ලෝකයේ මුදල් ඒකකය වුයේ මේ අනුව අමෙරිකානු ඩොලරයයි. බ්‍රිතාන්‍ය පවුමට ඒ තැන තිබුනද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය අවසන් වීමත් සමග එය නැතිවුණි.

 මේ පෙට්‍රෝ ඩොලරය නිසාම ඇමෙරිකා  එක්සත් ජනපදයට ලෝකයේ ප්‍රබල දේශපාලන අධිකාරයක්ද හිමිවුණි.  පෙට්‍රෝ ඩොලරයේ අධිකාරයට අභියෝග කිරීම ලෙහෙසි නැත. එසේ කිරීමට තැත් කල ලිබියාවේ ගඩාෆි බලයද අහිමිව මරා දැමුණි. ඒ යුද්ධය  ඇරඹු  නේටෝ සංවිධානය ලිබියාවට බෝම්බ හෙලීමට හොඳ වැදගත් හේතුවක් පෙන්වීමට ද අසමත් විය. එයට ප්‍රථම  ලිබියාව ත්‍රස්තවාදීන්ට සෝවියට්  අවි සැපයු රටක් වුවද සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු  ප්‍රංශය හරහා බටහිර සමග හිතවත්කමක් ගොඩ නගාගෙන තිබුණි. 
 
පෙට්‍රෝ ඩොලරයට ඊලඟ තර්ජනය පැමිණියේ යුරෝ මුදල් ඒකකයෙන් සහ චීනයේ යුආන් හෙවත් රෙන්මින්බි වලිනි. චීන රජය සහ සමාගම් යුආන් වලින් තෙල් වලින්  ගෙවීම ඇරඹු අතර එනිසා මුදල් ඒකකය  පෙට්‍රෝයුආන්  නමින්ද හැඳින් වේ. රුසියාව තමන්ගේ තෙල්, ගෑස්  සහ ගල් අඟුරු යුරෝපයට යුරෝ වලින් විකිණීම ආරම්භ කරන ලදී. මේ නිසා ඩොලරයේ අගය කිසියම් ප්‍රමාණයකින් පහත  වැටුණි.  නමුත්  පෙට්‍රො ඩොලරය ඉහල පවතින්නේ අමෙරිකා එක්සත් ජනපදය ලෝකයේ විශාලතම දැවී තෙල් නිෂ්පදකයා නිසා මෙනම් ඔපෙක් සංවිධානයේ රටවල් තවමත් ගනුදෙනු කරන්න ඩොලර් වලින් වීම නිසාය.

රුසියාව උක්රයිනය (ඉංග්‍රීසියෙන් යුක්‍රේනය) ආක්‍රමණය කිරීමත් ඒ හේතුව නිසා රුසියාවට සම්බාධක පැනවීමත් සමග තත්වය වෙනස්වී තිබේ. රුසියාව  තව  දුරටත් තම තෙල්, ගෑස් සහ ගල් අඟුරු ඩොලර් වලින් විකිනීමට කැමති නැත. ඔවුන් රූබල් වලින් ගනුදෙනු කරන ලෙස තෙල සහ ගෑස් ආනයන කරන රටවලට දන්වා තිබේ. . යුරෝපය විශේෂයෙන් ජර්මනිය එයට කැමති  නැත. රුසියාව ගිචිසුම් වෙනස් කරන බවට තර්ජනය කරයි. ඔචුන්ට එසේ කල හැකිය. නමුත් ඉදිරියේදී යුරෝපයට වෙන විකල්පයක් නැති අතර රුබල් වලින් ගෙවීමට සිදුවේ. රූබලය පෙට්‍රෝ රූබල් බවට  පත්වීම එක්සත් ජනපදයට දැඩි තර්ජනයකි. දැමූ සම්බාධක ආපහු හැරෙමින් ඇමෙරිකාවේ ආර්ථිකයට ප්‍රශ්න ඇති කරයිද?

දැනට නම් ඒ බවක් පෙනෙන්නේ නැත. ජෝන් කෙනඩි තුර්කියේ පිහිටවූ මිසයිල හොරෙන් රෑ යාමයේ ඉවත් කර න්‍යෂ්ටික යුද්ධයක්  වළක්වා ගත්තද ඇමෙරිකාවේ ආයුධ වෙළෙන්දන් ගේ උදහසට ලක්විය. බයිඩන් එතරම් මෝඩ නැත. ඔහු අති විශාල ආයුධ ප්‍රමාණයක් උක්රයිනයට සපයන අතර බ්‍රිතාන්‍යය ද  එයම කරයි. මේ නිසා ආයුධ නිපදවන සමාගම් වලට කරල පැහී තිබේ.   

ඊළඟ තර්ජනය එන්නේ ස්විෆ්ට් නමැති බැංකු හරහා මුදල් හුවමාරු කිරීමේ ක්‍රමයෙන් රුසියාව  ඉවත් කිරීම නිසාය.  2014 ක්‍රිමියානු ආක්‍රමණයෙන් පසු  රුසියාව තමන්ගේම ක්‍රමයක් වර්ධනය කරමින් සිටියි.  මුල්‍ය ගනුදෙනු මාරු පිළිවෙත (SPFS) යනුවෙන් මෙය නම් කර ඇත. ප්‍රශ්නය නම් ඔවුන් එය චීන ක්‍රමය සමග ඒකාබද්ධ කිරීමට දරන ප්‍රයත්නයයි.  චීන ක්‍රමය "දේශ සිමා අතර අන්තර බැංකු ගෙවීම් ක්‍රමය " හෙවත් CIPS  නමින් හැඳින්වේ. මේ දෙක ඒකාබද්ධ කළහොත් චීනය හා රුසියාව හරහා තෙල් සහ ගෑස් හුවමාරු ගනුදෙනුව සිදුවනුයේ රූබල් හා පෙට්‍රෝ යුආන් අතරය. මෙය පෙට්‍රෝ ඩොලරයට මෙන්ම ඇමෙරිකානු දේශපාලන අධිකාරිය ටද බලවත් පහරක් එල්ල කරයි.

මේ අතරම ඉන්දියාව සහ පකිස්ථානයද රුසියාව සමග තමන්ගේ මුදල් ඒකක වලින් ගනුදෙනු කිරීමට සැරසේ.   ඉන්දියාව මාර්තු අග සිට මේ ගනුදෙනුව ඇරඹීමට සූදානම් වන බව මෙම ලිපියෙන් පැහැදිලි වේ.  පකිස්ථානයට  තෙල් සපයන්නේද ඉන්දියාවට ආයුධ සපයන්නේද රුසියාවයි. 
  
ඉන්දියාව රුසියාවට එතරම් අපනයනය කරන දෙයක් ඇත.  මේ නිසා ආනයන අපනයනඅනුපාතය  රුසියාවට වාසි දායක ලෙස තිබුනත් දැන්  ඉන්දියානු  සමාගම්, බටහිර සම්බාධක වලින් රුසියාවට අහිමි වන භාණ්ඩ හා අමුද්‍රව්‍ය සැපයීමට සුදානමින් සිටි. ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මගුල්ය.

පූටින් චීනය අනුගමනය කරන බව මම 2014 ලියූ ලිපියක පැහැදිලි කලෙමි. (ලිපියේ යොමුව උඩ) . රුසියානු ඔලිගාර්ක් ලා කෙරෙහි ඔහුගේ බලපෑම චීන රජය චීනයේ බිලියනපතියන් හා ධනපති සමාගම් වලට දක්වන බලපෑමම  මෙනි. එසේම පූටින් ගේ දේශපාලන ක්‍රමයද ඒකාධිකාරී එකකි.  කොමියුනිස්ට් පක්ෂයක් නැති වුවද පූටින් විරුද්ධ පක්ෂ තදින් මර්දනය කර ඇත. එසේම රුසියාව තුල ඔහු මිශ්‍ර  ධනවාදී අර්ථ ක්‍රමයක් ක්‍රියාත්මක කරයි. 

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා මිනීමරු රුසියානු ජනාධිපති වරයා බලයෙන් පහ කල යුතු බව පැවසුවේ පෝලන්තයේ දීය . සාමාන්‍යයෙන් රාජ්‍යතාන්ත්‍රික  වදන් භාවිතයක දී මෙවැනි තර්ජන එසේ කෙරෙන්නේ නැත. බයිඩන් ගේ කෝපය යුක්‍රේනය නිසාම වූවක් යි මට සිතෙන්නේ නැත. පෙට්‍රෝ ඩොලරයේ  සම්බන්ධය ඕනෑවටත් වඩා වැඩිය. 

7. පූටින් තුල පැරණි  සෝවියට් ආධිපත්‍යය පිළිබඳ නොස්ටල්ජියාව (nostalgia) - ජනාධිපති පුටින් උක්රයිනයේ ස්වාධිනත්වය පිලි ගන්නේ නැත. ඔහුගේ වරද නම් රුසියානු බස වහරන උක්රයින ජනතාව  ඔහුගේ පැත්තේ යයි සිතීමයි. බහුතරයක් දෙනා රුසියාව යටතේ සිටීමට වඩා යුරෝපා සංගමය සමග සිටීමට වඩා කැමතිය.  මම අද මගේ  යහළුවෙකු වන ඉංජිනේරු කිත්සිරි  පෙරේරා සමග කතා කලෙමි. ඔහු උක්රයිනයෙන් පැමිණ තම උක්රයින බිරිඳ සමග ජර්මනියේ නතරව සිටී.  ඔහු පැවසුවේ  1990 න්  පසු උපන් නව පරම්පරාව යුරෝපීය ක්‍රමයට හැඩ ගැසුණු අය බවත් පූටින් ගේ පැරණි තලයේ ජිවන රටාවකට  ඔවුන් කිසිදාක කැමති නොවන බවත්ය. පුටින් ක්‍රිමියාව ආක්‍රමණය කල පසු ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මෙර්කල් පූටින් හා දුරකතනයෙන් සංවාදයේ යෙදුනාය. ඉන්පසු ජනාධිපති ඔබාමාට කතා කළ ඇය පවසා තිබුනේ  පූටින් සිටින්නේ යථාර්තයෙන් බොහෝ ඈත බවය. ඇගේ වදනින් "he is in another world", ඔහු ඉන්නේ වෙනම ලෝකයක යයි ඇය පවසා ඇත.

7. ********* මේ කරුණ  තහවුරු කිරීමට තවමත් අවශ්‍ය තොරතුරු මද බව නිසා දැනට නොලියමි.  ඉදිරියේදී ලිවීමට ඉඩ ඇත. 

බටහිර මාධ්‍ය  වාර්තාකරණය රුසියාවේ මෙන්ම ඒක පාක්ෂික යයි මට සිතේ. මම දැනට ග්‍රවිටාස් , අල් ජසීරා , ෆ්‍රාන්ස් 24 වැනි මාධ්‍ය වාර්තාද පරීශීලනය කරමි. 

විනාශ වන අති පෞරාණික උක්රයින නගර  දෙස බලන විට  මට දැඩි දුකක් දැනේ. කීව්, හාර්කොව්  හා මරියපෝල් වල විනාශය ශෝකජනකය. නමුත් මම බටහිර  මාධ්‍ය මෙන්  සියයට සියයක්ම  වරද එල්ල කරන්නේ තනි පුද්ගලයෙකු වෙත  නොවේ. රුසියාවේ තෙල් සහ ගෑස් 2014 ක්‍රිමියාව  පවරා ගැනීමෙන් පසු  පවා මිලදී ගත්  රටවල් සමුහයක් බටහිර වෙති.   වසර  2000 පමණ සිට බොහෝ සිද්ධීන් සමූහයක තර්කානුකුල  අවසානය 2014 ක්‍රිමියා  පවරාගැනීම  හා 2022 රුසියාව විසින් සිදුකල උක්රයින  ආක්‍රමණයයි.   

රුසියානු  ජනාධිපති පුටින් , තමන් බටහිර ආධිපත්‍යය අවසන් කරන බවට තර්ජනය කළේ නිකම්ම  නොවේ. ඔහුගේ යුද්ධ යන්ත්‍රය  පරාජය වෙමින් පවතින බවත්  යුක්රේන හමුදා ජය ලබමින් සිටින බවට ද බටහිර මාධ්‍ය වාර්තා පලවෙයි. නමුත් මට හිතෙන්නේ පුටින් තමන්ගේ  අභිප්‍රායන් බොහොමයක් සාක්ෂාත් කරගෙන ඇති බවය. ලෝකය නැවතත් 1990-2022 පශ්චාත් සෝවියට් බල අධිකාරයකට යන්නේ නැත. 

බ්‍රිතාන්‍යයේ තෙල් මිල වැඩිය. උද්ධමනය වැඩිය . මේ අවුරුද්ද අවසානය වන තෙක් රුසියානු ගෑස්  මිලදී ගන්නට සිදු වේ.  මේ ඇත්ත පලවන්නේ යන්තමිනි. ජර්මනියට,ප්‍රංශයට , ඉතාලියට, ස්පාඤ්ඤයට  රුසියානු ගෑස්  නැවැත්වීමට දැනට කල නොහැකි දෙයකි. ඇමරිකාව ආයුධ විකුණා දැනට ආර්ථිකය ගොඩ දාගත්තත් පෙට්‍රෝ ඩොලරයේ  වැටීම ප්‍රශ්නයක් වනු ඇත. එය සිදු නොවීමට නම් වෙනිසියුලාවට හා ඉරානයට ඔවුන්ගේ ඇති විරෝධතා සමනය කර ගත යුතුව ඇත.  


ඇමෙරිකානු ජනාධිපති බයිඩන් මස් වෙළෙන්දෙකු ලෙසට නම් කල  රුසියානු ජනාධිපති   පූටින් දැනටමත් ලෝකයේ අනාගත ගමන් මග වෙනස් කර ඇත. තවත් iron curtain -වානේ තිරයක් නිම වෙමින් තිබේ. මේ වර චීනය හා   රුසියාව එතුලට ගමන් කරයිද? ඉන්දියාව සිටින්නේ කොතනද? ලෝකයේ බිලියන දෙකහමාරක ජනගහනයක් හා ආර්ථිකයන්  තුනක් බටහිරට අමතක කරන්නට හැකිද? 



මරියපෝල් වල රුසියාවට පක්ෂ රුසියානු උක්රයින කොටසක්: (මේ සුළු පිරිසකි)

මේ වීඩියෝ වේ මිනිසුන් කියන්නේ රුසියානු ප්‍රදේශ වලට පහර දෙන්නේ උක්රයින් හමුදා බවයි. ඇමෙරිකානු දක්ෂිනාන්ශය  පුටින් ට සහය දෙන බවක් පෙනේ. මෙහි අර්ථය කුමක්ද  යන්න මට දැනට කිව නොහැකිය. 


- අජිත් ධර්මකීර්ති 

සබැඳි ලිපි:






55 comments:

  1. Jagatrh Pathirana29 March 2022 at 21:45

    ඇමරිකා ඔරමත්තුනාඩුව රැඳී ඇති නාදැත්ත වනුයේ ඉංගිරිසිබසයි.
    ඇමරිකා ඔරමත්තුනාඩුව බිඳහෙලීමට හැකි හොඳම ආයුධය වනුයේ එහි ඉංගිරිසි සහ ස්පාඤ්ඤ බස් එකට හැප්පවීමයි.

    සමාජවාදය වැනි මැන්ටල් ධර්ම නිසා ෆිදෙල් කස්ත්‍රෝට එය කල නොහැකි වුනත්.
    දැන් වඩා ප්‍රාෙයා්ගිකව සිතන රුසියානු, චීන නායකත්වයන්ට එය කල හැකියැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. //දැන් වඩා ප්‍රාෙයා්ගිකව සිතන රුසියානු, චීන නායකත්වයන්ට එය කල හැකියැයි සිතමි.// දෙනන් එකතු වුනොත් සෙට් තමයි. මම යනව රුසියාවට හේ හේ. කියුබාව ඉතින් සම්බාධක නිසා කෙල වෙච්ච් රටක්.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. Jagatrh Pathirana30 March 2022 at 14:18

      තොපි දැනගනියව්
      හම්බයෝ මරක්කලයෝ දෙමළු බෝරා කාරයෝ එකෙක්වත් බඩගින්න ගැන කියන්නෙ නෑ.
      සිංහල බල්ලෝ විතරයි බඩගින්න ගැන කියවන්නේ.
      තුඃ නොදකින්!

      Delete
    4. ම්බයෝ මරක්කලයෝ බෝරා කාරයෝ - ඒ අයගේ පොහොසතුන් දුප්පතුන්ට උදව් කරනවා. කන්න නැත්නම් බඩගින්නේ යවන්නේ නැහැ -දෙමළු - සමහර දෙමල අය උදව් කරනවා තමයි. නමුත් යාපන අර්ධද්වීපයේ දුප්පත් එක වෙලා කන දෙමල ජනතාව සිටිනවා. බඩගින්න ගැන කියන. සිංහල අය ගැන ගිහිල්ල අහන්නකො අර 4x 4 වල යන සංඝයා ගෙන්

      Delete
    5. රනිල ට පුළුවන් වෙයි තාවකාලික සහනයක් දෙන්න. ණය ප්‍රති ව්‍යුහගත කරලා , අඩුවෙන් ගෙවල අයි එම් එෆ් කියන විධිහට ටැක්ස් වැඩි කරලා , රාජ්‍ය සේවකයෝ අස් කරලා. රනිල්ට සමහර රටවලින් අඩු පොලියට නයත් දෙයි. ගොඨා ගන්න ගන්නේ නැති රටවල්, . හැබැයි ඒක තාවකාලිකයි. අවුරුදු දෙකක් විතර ඇද ගෙන යන්න. රටේ මුලික ප්‍රශ්න විසඳෙන්නේ නැහැ ඒකෙන්. අවුරුදු දෙකකට පස්සේ ලංකාවේ මිනිස්සුන්ට ඔක්කොම අමතක වෙලා නාමල් ව ගෙනයි. නැත්නම් සජිය එයි. මම අකමැති එක්කෝ පාඨලි එනවනම්. නැත්නම් අනුර කුමාර - අනුර ගේ ප්‍රශ්නේ - හඳුනෙත්ති,ලාල් කාන්ත වගේ අයටිකක් පොල්පොට්වාදී කියල පෙනෙනවා. ලාල් අපහු විරවන්ෂාව ගේන්නත් කතා කරනවා. මටනම් ඒක අවුල්

      Delete
    6. Ajith Dharma,

      Kunu harupa kavi ivath karana men illa sitimi.

      Erozan

      Delete
    7. Anonymous30 March 2022 at 12:55
      පෙඩ්ප් වෙලා ඉන්නේ ධර්මේ මල්ලියේ අපට
      කන්නට මොකුත් නැහැ කුසගින්නකට
      විදුලිය ඇත්තෙත් නැහැ දවසෙන් බාගෙකට
      පෝලිම් වලයි ගත වන්නේ අපේ කල දවස

      හැදුවට මහින්ද වාගේ පුත්තුන්ව
      ************************
      හෙන ඉල්ලයි මිනිස්සුන් හැම එකාවන්ව
      පෙර කරුමෙකුයි ගෙනියන්නේ අප හැමෝම

      අවොත් රනිල් විසදෙයි මේ ප්‍රශ්න
      තෙල් ටික බේත් ටික හම්බෙයි ඇතිවෙන්න
      මදිපාඩුවට ලයිටුත් දෙයි දවසටම
      කියන්නේ ඇත්තද පහදා දෙනු මැනව

      අයිඑම්එප් කට්ටිය අහක බලනු එපා
      ඉන්දියාව තෙල් පරිප්පු නොදී ඉදිනු එපා
      චීනෙන් ගත්තු ණය ටික ඉල්ලනුත් එපා
      ඩොලරුත් නැති අපට බඩගිනි හැදෙනු එපා

      Delete
  2. කියෙව්වා. ඇමරිකාවේත්, පුටින්/ෂී-ජින්-පින් හවුලේත් දෙගොල්ලන්ගේම වැඩ ගැන කලකිරීමක් මිස, පැහැදීමක් නැත.

    ලෝකයේ යම් දේශපාලන බල සමතුලිතතාවයක් ඇතිවීම හොඳ දෙයක් වුවත්, හොම්බට ඇන ප්‍රජාතන්ත්‍රවාද බෙදීමේ ඇමරිකන් ප්‍රතිපත්තිය මෙන්ම පුටින්ගේ විනාශකාරී ව්‍යාප්තවාදයටත් දෙකටම කැමැත්තක් නැත.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි. මම නිදහස් රටක ජිවත් වෙන්න කැමැති කෙනෙක්. චිනෙත් හරි යයිද දන්නේ නැහැ. ගිහිල්ලම බලන්න ඕනේ. චීන පොරක් කිව ඔය කියන තරම් නිදහස අඩු වීමක් නැහැ කියා. බටහිර මාධ්‍ය වල හැම දේම විශ්වාස කරන එක සෑහෙන්න අඩු වෙලා තියෙන්නේ. ඒත් හරි විස්තර එන්න පැත්තක් නැහැ. චීන වාර්තා රුසියානු වාර්තා කියවන්නය ?

      Delete
  3. ඇමරිකානු ආයුධ නිෂ්පාදකයින් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජනාධිපති ධුර කාලයේ සිටියේ කොහේද?

    උන්ට ඇමරිකානු රජයට වැඩියෙන් ම බලපෑම් කළ හැක්කේ ඩිමොක්‍රටික් ජනාධිපතිවරයෙකු සිටින කාලයේ දී බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. https://inthesetimes.com/article/joe-biden-department-of-defense-pentagon-transition-team-weapons-industry-military

      Delete
    2. රිපබ්ලිකන් පක්ෂයේ ඉන්නේ small arms industry කට්ටිය. ඒ ගොලෝ තමා අර gun control එකට විරුද්ධ. මිනිස්සු කොපමණ තමන්ගේ රයිෆල් වලින් වෙඩි තිබ්බත් ව්‍යවස්ථාවේ දීල තියෙන අයිතිය වෙනුවෙන් ගහන්නේ එයාල. සමහර විට කොන් ට වඩා විස්තර කියන්න පුළුවන් වෙයි. නමුත් ඩෙමොක්‍රටික් අයට බිග් arms ව්කුනනන් ලොකු අයියල ඉන්නේ. පූටින් බිල් ක්ලින්ටන් ගෙන් 2009 නේටෝ එකට ගන්නවද කියල ඇහුවම ක්ලින්ටන් හිනා වෙලා මග හැරලා පස්සේ unofficialy දන්වල තියෙනවලු හිලරි විරුද්ධයි කියල. හිලරි ගේ බැකින් එක ඔය ලොකු ආයුධ කම්පැනි. හිලරි සහ ට්‍රම්ප් අතර ජනාධිපති වරණයේදී පුටින් ට්‍රම්ප් ට ඇද්දේ ඒකයි. පූටින් ඇවිල්ල පරණ තරහවල් ඔලුවේ තියාගෙන ඉන්න කෙනෙක්.

      Delete
    3. කෑ ගහන්නේ එයාල යනුවෙන් වෙනස් විය යුතුයි

      Delete
    4. දැන් එකපාරටම ඒක පාක්ෂික මාධ්‍ය රුසියාවට බනින එක අඩු කරනවා නේද? රුස්ස රුබල් ඉල්ලන්න ගත්තට පස්සේ. තේරුනේ නැත්ද? මට රුසියාවේ මාධ්‍ය පක්ෂග්‍රාහී එක ඉවසුව හැකි. චිනේ එකත් ඉවසුව හැකි. මොකද ඔවුන් ඒකාධිපති රාජ්‍ය නිසා. ප්‍රජාතන්ත්‍රවාදී කියන බටහිර එහෙම කරන එක අවුල්. එතකොට මෙතැන වෙනසක් නැති වෙනවා නේද?

      Delete
  4. අජිත් ධර්ම මහතා ඒ පාර ආයේ පැත්ත මාරු කරාද? රෙදි ඇදන්ද ඉන්නේ?

    එච්ච්ර කල් පුටීන් හරි කියලා නේද කිව්වේ.තමුන්ට නම් මහත්තයෙක් කියන්න බැරි තරම් නින්දිත ආත්මයක් තියෙන්නේ.

    මොන තරම් දෙබිඩි මිනිහෙක්දමේ?

    ReplyDelete
    Replies
    1. පැත්ත මාරු කලේම නැහැ ඇනෝ . මගේ ලිපි වැරදියට කියෙව්වට මට කරන්න දෙයක් නැහැ. මම ඔය දෙපැත්තම ගන්න කැමති නැහැ. බුකියේ කට්ටිය කියන්නේ අනිවාර්යයෙන්ම යුක්‍රේන් පැත්ත ගන්න ඕනි. නැත්නම් වහලෙක් කියලනේ. මම ඒකට විරුද්ධයි.

      Delete
    2. පූටින් ට ආක්‍රමණය කරන්න සාධාරණ හේතු තියනවා . ආක්‍රමණය වැරදි වුනත්. අනික මේක low -key conflict දනට මිනිස්සු මැරුණ ප්‍රමාණය අනුව. පූටින් සෑහෙන්න මිනිස්සු බේරලා ගහන්නේ. මැරිලා තියෙන්නේ 927. මාධ්‍යවල ඊට වඩා මරල තියෙනවා. ෆේස්බුක් එකටත් එක්ක ලියනකොට රිපෝර්ට් වෙන නිසා හැමදේම ලියන්න බැහැ. බුකියෙන් යන්න තමා හිතන් ඉන්නේ.

      Delete
  5. https://popularresistance.org/larry-c-johnson-the-ukrainian-army-has-been-defeated-whats-left-is-mop-up/
    https://worldaffairs.blog/2022/03/23/new-world-order-2-0-is-inevitable/
    ඇත්ත නැත්ත නම් දන්නේ නැත නමුත් make sense වගෙය.

    නිව්ස් වල පෙන්නන්නේ නිවැරදි මධ්‍යස්ථ දේ නොවේ උන්ට ඕනදේ කියල නොදන්නා අයටත් වඩා ඒවා අල්ලගෙන අම්මා හෙන ලොකු දේවල් කියල තව අතිනුත් දාල සමාජ මාධ්‍ය වල ෂෙයාර් කරන තාලේ, ඒ කිව්වේ බෝතල් නයි පැටවු TV නිවුස් වල පෙන්නුවාම සාදු සාදු සා... කියන, Made in China ලේබලේ පේන්නැති අය ලෝකෙ කොහෙත් ඉන්නවා.

    මේ ඒක නෙවේ ඔබට ගෑස් තියෙනවද?. සුමන බණ්ඩා කියනවා නියුයෝක් වලත් ගෑස් නෑ කියල.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයයෙන්ම හරි. ස්තූතියි හැට්ටර්. අර ලිපි දෙක නිවාඩු පාඩුවේ කියවන්නම්. අපට ගෑස් තියෙනවා. කෙලවෙලා හැබැයි. ගිය මාසේ පවුම් 90 මාසෙකට. සුපියල් 40000 මේ මාසේ පවුම් 179 මාසෙට. සුපියල් 80000. තව වැඩි වෙනවලු.

      Delete
  6. මම මේ කියන දේ මේ පෝස්ට් එකට සෘජුව සම්බන්ධ නෑ. ඒත් අධි තක්සේරුකිරීමට අදාලව මට අද හිතුන දෙයක්.

    පලවෙනි ලෝක යුද්ධයෙන් හුඟාක් පහලට ආපු ජර්මනිය හිට්ලර් හුඟාක් උඩට ගෙනාව අනිත් රටවල වේගයට වඩා (යුද්ධෙට ඉස්සෙල්ලා ප්‍රජාතන්ත්‍ර විරෝධී පැමිණිලි තිබුනට ජර්මනිය ගොඩනැගීම නිසා හිට්ලර් වීරයෙක් වගේ ඇමරිකාවෙ බ්‍රිතාන්‍යයේ ඇතුලුව ලෝකයේ හුඟදෙනෙකුට පෙනුනා. ලංකාවෙත් මම දන්නව 30ගණන්වල ඉපදුන හිට්ලර් නම දපු දෙන්නෙක්).

    ඇත්තටම ජර්මනිය හුඟක් සාර්ථකවුනා. ඒත් ෆන්ඩමෙන්ටලි ආර්ථික හා සම්පත් පිලිබඳ දුර්වලතා ජර්මනියෙ තිබුන. මිරකල් එකක් වගේ උඩට ආපු වේගය හා යුද්ධමය තාක්ෂණය අතින් තිබුන සුපීරියොරිටි එක නිසා දුර්වලකම් පේන්න තිබුනෙ නෑ. ඒත් ආර්ථිකය හා සම්පත් බැලුවොත් ඒකාලෙ ඉන්ගලන්තෙ සහ විශේෂයින් ඇමරිකාව එක්ක බැලුවාම ඒ මට්ටමේ තිබුන පලවෙනි ලෝකෙ රටක් නෙමෙයි ජර්මනිය. ඒත් අර hype සහ සීඝ්‍ර දියුණුවේ euphoria එක නිසා එක නිසා පෙනුනේ මාර තත්වයක ඉන්නව වගේ.

    ලොකු ශක්තියකින් යුද්ධ කරන්න ගත්ත. පෝලන්තෙ රුසියාවත් එක්ක එකතුවෙලා අල්ලගෙන, outdated ප්‍රංශ හමුදාව විදුලි වෙගයෙන් පරද්දල, යුරෝපයේ අනිත් දුර්වල හමුදා පරද්දල, ඉන්ගලන්තෙ බය කරල,
    ජර්මනිය තමන්ගෙ තරමටට වඩා ලොකුවට ජයග්‍රහණ ලැබුව නිසා ඒ කාලෙ තමයි දිනපු තත්වෙ තියාගෙන ආර්ථික, භූගෝලීය වාසි ලැබෙන විදිහට යුද්දෙ නිමා කරල සාම ගිවිසුමකට යන්න තිබුනෙ. එහෙම කලානම් පලමු ලෝක යුද්දෙන් තමන්ට අහිමිවුන ඔක්කොම නැවත අත්පත්කරගෙන තව වැඩියෙනුත් වාසි ගොඩක් ලැබෙන සාමයකට යන්න තිබුන (stopping when you are ahead. Like in a card game). ඒත් හිට්ලර්ගෙ පිස්සුව හා ජර්මන් බහුතර හමුදාව හා දේශපාලකයින්ගේ ජර්මනිය ගැන තිබුන අධිතක්සේරුව නිසා තමන්ගෙ තරමට හුඟක් වැඩියෙන් යුද්ද කලා.

    ඉන්ගලන්තෙ බොහොම අමාරුවෙන් වෙස්ටර්න් ෆ්‍රන්ට් එක ගෙනියන අවස්ථාවෙ හිට්ලර් තමන් එක්ක පෝලන්තෙ බෙදාගෙන යුද්ධය වාසියට ඉවරවෙයි කියල හිතන් හිටපු රුසියාවට ගහල ඊස්ටර්න් ෆ්‍රන්ට් එකක් පටන් අරන් කෙලව ගත්ත. නාට්සි පිස්සුවෙන් යුදෙව් සමූලඝාතන කරල ඇමරිකාවෙ තිබුන ජර්මන් සිම්පති එක නැති කරගත්ත. ආසියාව අල්ලගන්න පිස්සුව තිබුන ජපානෙ එක්ක එකතුවුනා. ඒකෙන් ඉන්ගලන්තෙට අමාරු වෙලා යුරෝපෙ යුද්දෙ දුර්වල වෙයි කියල. ඇත්තටම ජපානෙත් උන්ගෙ තරම දැනගෙන යුද්ද කලානම් උන්ට ආසියාවෙයි , ජර්මනියට යුරෝපෙයි වාසි සහිත සාමයක් ගන්න තිබුන. ඒත් උන්ට පිස්සුව තද වෙලා පර්ල් හාබර් එකට ගැහුව, ජර්මන් යූ බෝට් අත්ලාන්තික සාගරයෙ නැව්වලට ඊට ඉස්සර ගැහුවා. අති විශාල සම්පත්, මිනිස් හා මිලිටරි රිසර්ව්ස් තිබුන ඇමරිකාව යුද්ධෙට ආව. ඒ අවසානය. ඇමරිකාවේ සම්පත් හා රුසියාවේ විශාලත්වය හා මිනිස් බලය ගැන හිතන්නෙ නැතුව තමන්ගෙ සීඝ්‍ර දියුණුව හා බටහිර යුරෝපයේ හොඳම ආමි එක නිසා ලෝකෙ බලවත්ම තමන් කියල තමන් ගැන අධි තක්සේරුකල ජර්මනියේ අවසානය.

    ඔය මම හුඟක් කාලයක් තිස්සෙ කියවපු බලපු දේවලින් මට හිතුන දේ. න් බැලුවාම ජර්මනිය තමන් රුසියාවටත් ගහලා ඇමරිකාවත් තරහ කරන් වෙයි කියලා හිතපු එකත් මට නම් ලෝක පුදුමයක්. මට හැමතිස්සෙම හිතුනා ඇයි හිට්ලර් තම ජයග්‍රහණයන් consolidate කරගෙන ආර්ථික වාසි සහ territorial gains එක්ක යුද්දෙ ඉවර නොකලේ කියල. අධිතක්සේරුව, ජනප්‍රියබවින් මත්වීම, ජාතිය වශයෙනුත් තම තරමට වඩා සිතීම සහ පිස්සුව වෙන්න ඇති.

    යුද්ධවලින් වාසි ගන්න පුලුවන්. හැබැයි ඒ බොහොම clinical විදිහට, සීමිත විදිහට, ආර්ථික, ගෝලීය බලපෑම් ඔක්කොම සලකල විදිහට (cutting losses
    or consolidating gains and stopping). වරදින්න තියන චාන්ස් වැඩියි. එතකොට අනුන්ටත් පාඩු කරගෙන තමන්ටත් හොඳටම පාඩුවෙලා තමයි ඉවර වෙන්නෙ. සමහර අහක හිටපු ටික දෙනෙකුට, විද්‍යාවේ දියුණුවට එහෙමනම් වාසි වෙනවා.

    (මට ඉස්සර ඉඳන් හිතුන දෙයක් රුසියාව හා ජර්මනිය දෙකම දන්න කෙනෙක් විදිහට අජිත්ගෙ අදහස දැන ගන්න ලියුවෙ, වැටක් ගහන්නෙ නැතුව වෙනද වගේ)

    ReplyDelete
    Replies
    1. අජිත්ගෙ විතරක් නෙමෙයි මිස්ටර් හෙක්ටර්, ගරු බස්තුමා, JPතුමා ඇතුලු මෙහෙ එන වියත්, කියත්, අනිත් හැමෝගෙම අදහස්

      Delete
    2. වරේවා! කාලෙකින් දැක්ක මාර කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් එකක්. ඔව්, ඉතිහාසය නැවත රිපීට් වෙනවා.

      You've got to know
      when to hold 'em
      Know when to fold 'em
      Know when to walk away
      And know when to run

      Delete
    3. මේ ඉතිහාසය දෙස බලනකොට හිතෙනවා, මේවා ඔක්කොම පෝකර් ගේම් කියලා. කාගෙ කාගෙ කිල්ලෝටවලත් හුණු තිබිල තියනවා. පස්සෙ හිට්ලර්ව ඩීමනයිස් කලාට රුසියන්, ඇමරිකන් සහ ජර්මන් සම්බන්ධතා ඉතිහාසෙ කියැවෙනවා. නාසි කන්සන්ට්‍රේෂන් කඳවුරුවල IBM කම්පියුටර් එහෙමත් තිබ්බ නේද?

      Delete
    4. ස්තුතියි බස්තුමනි. එඩිට්කරන්න කම්මැලි නිසා වැරදි එක්කම දැම්මෙ (බ්ලොගර්ස්ලා කොහොම පෝස්ට් ලියනවද මංද ! )

      20වන සියවසට ඉස්සරනම් යුද්ධවලින් වාසි ගන්න ලේසියි. ඒකාලෙ ලෝකය ග්ලෝබල් විලේජ් නෙමෙයිනෙ. ඉතින් ප්‍රදේශ හා සම්පත් අල්ලගන්න පුලුවන් අවම වියදමකින්. දැන් හැම රට හැමම ආර්ථිකයම ලෝකෙට සම්බන්ධයි. අහක ඉන්න එවුන්ටත් කෙලවෙනවා. ඉතින් උනුත් බලපෑම් කරනවා. අපරාධ හංගන්නත් අමාරුයි. ඉතින් ආගම්වාදී /ජාතිවාදී සුවිසයිඩල් පිස්සොත් එක්ක හැර අනිත් යුද්ධ කරන්න ඕනෙ රාජතාන්ත්‍රික හා ආර්ථික ෆ්‍රන්ට්වලින්. චීනෙ කරනව වගේ.

      මම උඩ කමෙන්ට් එකනම් ලිව්වෙ ඉතිහාසය හා යුද්ධ (පරණ ) ගැන මගෙ ඉන්ටරෙස්ට් එක නිසා, ඒත් අධිතක්සේරුව දැනටත් අදාලයි තමා. රටවල්වල මිලිටරි බලය සිම්පල් විදිහට බලවත් හෝ දුර්වල නෑ. පටන් ගත්තාම ඉවරකරන්න ලේසි නෑ. Targeted limited military missions වගේ නෙමෙයි යුද්ධ

      Delete
    5. බස්තුමා,
      //මේවා ඔක්කොම පෝකර් ගේම් කියලා. //
      මං හිතන්නෙ නෑ, ඩෑන් බ්‍රවුන්ගෙ කතා/ area 51 වගේ far fetched කුමණ්ත්‍රන කියල.
      ඇමරිකාවෙ ජර්මන් සංක්‍රමණිකයින් ඉන්නවනෙ යුදෙව් වගේම. ඉතින් හිට්ලර් හා ජපානෙ පිස්සු කෙලින්න ඉස්සර ජර්මන් ලොබී එක තිබුනා. පස්සෙ ඩී ඩේ එකේ ජර්මනියට විරුද්ධව ෆයිට් කරන්න ගිය ඇමරිකන් හමුදාවෙ හිටිය ඕනෙ තරම් ජර්මන් සම්භවය තිබුන ඇමරිකන්කාරයො. උන්ට ජර්මන් නාට්සි ජන සංහාරක පිස්සොන්ට විරුද්ධව යුද්දකරන්න ඒකාලෙ වෙනකොට කිසිම දුකක් තිබුනෙ නෑ.ඉන්ගලන්තෙට සප්ලයිකරපු ඇමරිකන් නැව්වලට ගැහීම සහ ජර්මන් යාලුව වුන ජපන් සමුරායි පිස්සුව තිබුන ජනරාල්ල පර්ල් හාබර් එකට ගැහුවට පස්සෙ කොහොමත් නෑ

      හිට්ලර් හා නාට්සීන් ජාතිවාදී පිස්සු කෙලින්නෙ නැතුව යුරෝපයේ ආර්ථික හා භූගෝලීය වාසි විතරක් අරගෙන සාම කතා කලානම් ඇමරිකාවෙන් බේරෙන්න තිබුන ජර්මනියට.

      ඔබතුමා දන්නවනෙ පෝලන්තෙට ගැහුවට පස්සෙත් ඉන්ගලන්තෙ ජර්මන් සිම්පති එකක් තිබුන, ඇන්ග්ලෝ සැක්සන් මූලයන් අරව මේව ඔක්කොම එක්ක, රජ පවුලෙත් හිටියනෙ ජර්මන් සපොර්ටස්ල. හිට්ලරුත් හිතන් හිටියෙ මුලින් ඉන්ගලන්තෙ තමන්ට විරුද්ද නොවෙයි කියලනෙ. ( දකුණු අප්‍රිකාවෙත් තදටම තිබුනනෙ ජර්මන් සපොර්ට් එක. ඒත් පස්සෙ ජර්මනියට විරුද්ධ යුද්ධෙට හුඟාක් හමුදාවට බැඳුනා.) .
      හිට්ලර්ගෙ සුපර් රේස් පිස්සුවෙන් හා බටහිර යුරෝපෙ ඔක්කොම අල්ලනකොට තමයි චර්චිල්ට පුලුවන් වුනේ ෆුල් ජර්මන් විරෝධී යුනයිටඩ් යුද්දෙට යන්න. (සිම්ප්ලිෆයිඩ් වර්ශන්)

      ජපානෙටත් චීනෙ කෑලියි, කොරියාවයි, මොන්ගෝලියාවයි, දූපත් ටිකකුයි අපි තියාගන්නන් කියල බුරුමෙන් සින්ගපූරුවෙන් අයින් වෙන්න තිබුනා සාම කතා කරල (ඉන්ගලන්තෙ බටහිර යුද්ධෙන් එරිල ඉන්නකොට ) උන්ටත් ඉතින් ෆුල් ආසියානු අධිරාජ්‍යයකුයි අමරිකාව බය කරන්නයි ඕනෙ වුනානෙ.

      මුසෝලිනිනම් ජෝකර් කෙනෙක් විතරයි. එත් හිට්ලර් සහ ජපානෙට යුද්ධෙට කලින් හිටියට වඩා හුඟක් ලොකු තැනකට එන්න තිබුන තමන්ගෙ තරම තේරුම් අරන් හරි කාලෙ නැවැත්තුවනම්.

      ඒත් සෙලෙන්ස්කි කොහෙන්ද නවත්වන්න ඔනෙ කියන එක මිස් ජජ් කලා. සමහරවිට පුටින් හා රුසියානු හමුදාවත් තමන් ලෝකෙට පෙන්නපු එක තමන්ම විස්වාස කලා වැඩි වෙන්න ඇති.

      කටින් ගහලා බය කරනකොට අතිශයෝක්තියෙන් ඒක කරන්න ඕනෙ, හැබැයි තමන්ම ඒක විස්වාස කරන්න පටන් ගත්තොත් කෙලවෙන්න පුලුවන්. හිට්ලර් සහ ජපානෙ වගේ.

      The end. (මම මේතරම් අද ලියපු නිසා තව මාස ගාණකට වැට විතරක් ගහන්න ක්‍රෙඩ්ට් ලැබුනයි කියල හිතනව )

      Delete
    6. // ජර්මන් යූ බෝට් අත්ලාන්තික සාගරයෙ නැව්වලට ඊට ඉස්සර ගැහුවා. අති විශාල සම්පත්, මිනිස් හා මිලිටරි රිසර්ව්ස් තිබුන ඇමරිකාව යුද්ධෙට ආව//
      තවත් ඇමෙරිකන් වාදියෙක් කියන බොරු.
      ස්ටාලින් හිට්ලර් එකක් රිබන්ට්‍රොප් ගිවිසුම හරහා පෝලන්ත, බෙලොරුසියාව බෙදා ගත්ත තමයි. ඒ 1941 ට කලින්. හිට්ලර් ඊට පස්සේ සෝවියට් දේශයට ගැහුවා. ඇමෙරිකාවට ගැහුවේ නැහැ. ඇමෙරිකාව 1943 වෙනකන් හිට්ලර්ට සල්ලි දුන්න නයට. ආයුධත් දුන්න. ස්ටාලින් ග්‍රාඩ් සටනේදී රූස්ස ඇමෙරිකාව පරද්දුවට පස්සේ තම ඇමෙරිකාව සටනට ආවේ , දිනන පැත්ත ගැන ෂුවර් එකක් තිබුන නිසා. කාල වකවානු අරන් බලන්න.
      ඔය තියරි අපේ නිවසෙත් නිතර කතා වෙන දයක්. මේ බූරුවා රුසියාවට ගැහුවේ ඇයි කියන එක. ඇමෙරිකාවට නෙමේ. ජපානේ නම් කලේ හබන් කුකුලෝ ..... වගේ එකක්.

      Delete
    7. //තවත් ඇමෙරිකන් වාදියෙක් කියන බොරු//

      ඩොලර් කපුටාස් හෑව් හිට් ද යූ-බෝට්.අයි තින්ක්, දට් ඉස් ද ඩේන්ජ්ර්.😂🤣

      ඒත් ප්‍රධාන තර්කය- අධිතක්සේරුව තාම වලංගුයි. ඒ වගේම, මේ සියවසේදී පුටින්ගේ,නගර සමතලා කරන සම්ප්‍රධායික යුද්ධය, චීන ටැක්ටිකල් වෝ-ෆෙයා තරම් සාර්ථකයි කියල පෙන්නේ නෑ. 🤔

      Delete
    8. පර්ල් හාබර් එකට ගැහුවේ 1941, ජපානේ එක්ක යුද්ධය ප්‍රකාශ කළා. ජර්මනිය අකහ්ස් පක්ෂයේ නිසා ඇමෙරිකාවට විරුද්ධව යුද්ධ ප්‍රකහ්ස් කළා. නමුත් හැරියට් කොහෙවත් යුද්ධ කලේ නැහැ. හිට්ලර් ගේ අධි තක්සේරුව ගැන කතාව හරි. මොකද රුසියාවට නොගිය නම් බටහිරයුරෝප්යම අතේ. බ්‍රෙක්සිට් කාලේ සුද්දෝ ඔය කතාව නිතරම කීව. EU එකේ සබබ් බලය ජර්මන් ය. ජර්මන් නාසි වදය තවම් ටියන්වය. මෙර්කල් හිට්ලර් වගේ. හැබැයි දැන් රුස්ස කියනවට විරුද්ධයි. හිනා හිනා

      Delete
    9. //ටින්ගේ,නගර සමතලා කරන සම්ප්‍රධායික යුද්ධය,// යකෝ මෙච්චර ලියලත් මේ පුතය බටහිට මාධ්‍ය පුනරුච්චාරණ කරනවනේ. මේ මම රුවන් ජයතුංගට ලීව එකක් බුකියේ. //In your article it says Russians only attaking people. No Ukranins soldiers died. In that cas,e death toll should be more. Frist month of gulf war around 100000 died. I think article was written by very young person. Selensky says 1300. Russia obviously says it’s more. /The Office of the United Nations High Commissioner for Human Rights (OHCHR) verified a total of 977 civilian deaths during Russia's military attack on Ukraine as of March 22, 2022.// It's a low key conflict so far.//

      Delete
    10. පූටින් තමන්ගේ ට්රුප් වැඩිය මරාගෙන මිනිසුන්ට යන්න දීල බිල්ඩින් සමතලා කරන්නේ. ඌ අර සිරියාවේ හෝ චෙචේනියාවේ හෝ ගැහුවා විධිහට ගැහුවේ නැහැ. නේටෝ ඉරාකෙට හෝ සිරියාවට ගහනව වගේ ගැහුවෙත් නැහැ. ඒක ප්ලෑන් එකක් කියල පේන්නේ නැත්ද? අද ජර්මනිය මොකක්ද කිවේ? ගෑස් සිමා කරලා සලක ක්‍රමයට දෙනවා කියල. කවදද ජර්මනියට එහෙම වුනේ ? යුක්රේනය නැවත ගොඩ නගන contract ඔක්කොම චීනෙට යයි. සෙලෙන්ස්කි ත් මේක අස්සේ ඉන්නවද මන්ද? මට දැන් එහමත් හිතෙනවා.

      Delete
    11. //යකෝ මෙච්චර ලියලත් මේ පුතය බටහිට මාධ්‍ය පුනරුච්චාරණ කරනවනේ//

      හී.....හා...ආආ. හිපටි හොපටි, දැට්ස් මයි ප්‍රොපටි. 🙏👌🤣😂

      Delete
    12. මේ දැන් උණුසුම් පුවතක් - හු ඉස් ටෙලින් ද ට්රුත්, whole truth -නතින් බට් ද ටෘත් ; He will say: “We’ve seen Russian soldiers – short of weapons and morale – refusing to carry out orders, sabotaging their own equipment and even accidentally shooting down their own aircraft. And even though we believe Putin’s advisers are afraid to tell him the truth, what’s going on and the extent of these misjudgments must be crystal clear to the regime.”https://www.independent.co.uk/news/world/europe/russia-ukraine-news-war-latest-peace-putin-kyiv-b2047126.html

      Delete
  7. වෙනදා වගේ උඩින්ම වැට ගහලා නැති නිසා මාත් ආවා. රුසියාවෙ කිකිලියොත් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. https://www.lazada.sg/products/sexy-orange-faux-fur-fox-bodysuit-hen-party-sex-animal-fox-with-hood-cosplay-teddy-costume-i1634449422.html

      Delete
    2. මිස්ට නරිමොටෝ.
      හඃ රුසියාවෙ කිකිළියෝ !!. මයෙ අම්ම එහෙ ඉන්නේ ගිණි කිකිළියො.
      ඒවැයිං වැඩක් නෑ ඔහෙට මක්කැයි වෙලා තිබ්බෙ. උගුලකට හව්වෙලා හිටියද නැහ්නං හයිබ'නේට් වෙලා හිටියද? ඕ හැව් හිට් ද කොකනට් ට්‍රී? සිම්ප්ලි වට් ද හැපන්ඩ්.

      ජයවේවා!
      Myself Hattor

      Delete
    3. වෙල්කම් බැක් මිස්ටර් නරි මොටා , රුසියාවේ අනිවාර්යයෙන් හොඳ කිකිලියෝ ඉන්නව

      Delete
    4. එන්නෙ කොහොමද හැට්ටරේ, වටේටම වැටවල් ගහනවනෙ.😉

      රුස්සො ගාව කට-පුංචො තියන නිසා, කුකුල් දඩයමේ ගියොත් කලු-කුඩු බස්නෙ දෙයිද?🤔😨

      Delete
    5. රුස්සෝ (ගොඩක් යන්ග් එවුන් ඇරුනහම ) එහෙම නැති ජාතියක්. ෂෙයාර් කරගන්න කැමතියි. බය වෙන්න එපා. හේ හේ

      Delete
  8. ඉතිහාසයෙන් වැඩ ගනිතොත් මිනිස් කැළ
    යුද්දෙට මැදිව මේ තරමට නොවෙති 'මළ'
    කවුරුන් කියුවත් 'අපි යැයි දිනුව පිල'
    අරුත් සුන්ය, පාදා බැලුවාම මුල!

    ReplyDelete
    Replies
    1. යුද්ධයකින් එක පැත්තක් දිනුවත් විනාශ වෙලානේ දිනන්නේ . දෙවන ලෝක යුද්ධය. දිනිය යුතුම යුද්ධයක්. දැන් 2009 දිනුව කියල පම්පෝරි ගැහුවට අද කොහොමද වැටුන තත්වේ. අර බැන්න ඩයස්පෝරා එකෙන්ම මුදල් ඉල්ලන? ඇත්තටම දිනුවද ඉතින්?

      Delete
  9. වෙස්ටන් මීඩියා නොකී කතාව, මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි , මේක මම පෙරේදා දැක්කේ. කාන්තාවකගෙන් රුසියාවේ බිබිසි නිව්ස් රිපෝටර් අහනව. ඔයාව මරියපෝල් ඉඳන් (kidnapped) බලෙන් රුසියාවට යැව්වා නේද ළමයි එක්ක ? කාන්තාව කියනව ඔව්. රිපෝටර් ට හෙන හැපී. කැමරාවට කියනවා "බලන්න මේ අයව බලෙන් අරන් ඇවිත් නොදන්නා කඳවුරු වලට යවනව". ඊට පස්සේ අහනව අර කාන්තාව ගෙන් කොහාටද දැන් ඔයාව යැව්වේ , කෑම බිම තියෙනවද ? ඔව් මවයි ලමයවයි යැව්වනේ රුසියාවේ (නගරයක් කියමින්) ඉන්න මගේ නංගිගේ ගෙදර ට බලෙන්ම වගේ ?
      දැන් මට හිතා ගන්න බැරි kidnapped කියන වචනෙන් අර ගෑනු මනුස්සයට තේරුනේ මොකක්ද කියල. එහෙම නැත්නම් එයාගේ නංගි එක්ක වලියක්ද කියල.

      Delete
  10. https://www.youtube.com/watch?v=OiTxlyiKVT0

    ReplyDelete
  11. මේ කියෝ කියෝ ඉඳල කොමෙන්ට් කොරන්න ලැහැත්ති වෙනකොට ලයිට් කැපුවා කියහංකෝ.. දැන් ඉතීම් කොටන්න ගිය කොමෙන්ටුව මතක නෑ අජියෝ...... 😄😄😄
    මොක උනත් චීන, රුසියා, ඉන්දියා ඇතුළු ආසියාව උඩට එනවට මං කැමති. බටහිර-ඇමරිකන් අධිරාජ්‍යය බිඳ වැටිලා... හැබැයි අපිට මොන එකෙක්වත් අත නොදා

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතීම් මේ වෙයිසිගෙ පුට්ටු ටික විනාස කොන්නවට වඩා හොඳයි පිට එකක් හරි මේක හදල ගන්නව

      Delete
    2. අන්න ජනතාව උද්ඝෝෂණ පටන් අරන්. මම බටහිරට කැමතියි නිදහස සහ ජීවිතය තමන්ට ඕන විධිහට හදා ගන්න පුළුවන් ඉස. චීනය වගේ ඒකාධිපති රටක ජිවත් වෙන්න පුලුවන්ද දන්නේ නැහැ. නමුත් ලෝකය වෙනස් වෙන්නට නියමිතයි. දැන් මෙහෙත් ඉංග්‍රීසියෙන් ලියන්න අමාරුයි. ඉතින් වෙනසක් නැහැනේ.

      Delete
  12. උපන් දින තෑගි හෙට එලිවෙද්දී බලාපොරොත්තු වන්න...

    https://drackey.blogspot.com/2022/03/blog-post_31.html

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. වැම්පයර් ආදිපාදට ගහපු ජවලින් එකක්, වැරදිලා මෙතන වැටුනා.😨

      Delete
  14. ජනාධිපති තුමාගේ නිවස අසල බව දන ගන්නට ලැබුණි
    https://www.facebook.com/watch/live/?extid=CL-UNK-UNK-UNK-AN_GK0T-GK1C&ref=watch_permalink&v=984860712166192

    ReplyDelete
  15. මේ වීඩියෝ වේ මිනිසුන් කියන්නේ රුසියානු ප්‍රදේශ වලට පහර දෙන්නේ උක්රයින් හමුදා බවයි. ඇමෙරිකානු දක්ෂිනාන්ශය පුටින් ට සහය දෙන බවක් පෙනේ. මෙහි අර්ථය කුමක්ද යන්න මට දැනට කිව නොහැකිය.
    https://mail.google.com/mail/u/0/?tab=rm&ogbl#all/FMfcgzGmvfdzbwDfwzqkgGGvQfMfMbCQ?projector=1

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .