එසේම නාසීන්ට එරෙහිව සටන් කිරීමට යුක්රේනියානුවන් මිලියන 4.5 කට වැඩි පිරිසක් රතු හමුදාවට එක් වූහ. යුක්රේනියානුවන් මිලියන හතරක් (යුදෙව් යුක්රේනියානුවන් ඇතුළුව) ආක්‍රමණික නාසි හමුදාවට එරෙහිව දේශප්‍රේමී ගරිල්ලා භටයන් ලෙස සටන් කළහ. නාසීන් සමඟ එකතුව සටන් කළේ යුක්රේනියානුවන් සුළු පිරිසක් පමණි. මේ යුක්රේනියන් සුළු පිරිස මෙහෙය වූයේ යරොස්ලව් බන්දේරා නමැති ජාතිවාදී නායකයෙකි. ඔවුන් ඉතා දරුණු වූ අතර යුදෙව් යුක්‍රේන වැසියන් බොහොමයක් ජර්මන් නාසීන් සමග එක්ව ඝාතනය කළහ. මේ කොටස පමණක් ගරු කොටගෙන ජනාධිපති පුටින් විසින් කරන යුක්රේනියානුවන් නාසීන් සමග එකතුවීමේ චෝදනාව එතරම් හරයක් ඇති එකක් නොවේ. කිසියම් ප්‍රමාණයක් අතිශය ජාතිවාදීන් බව සැබෑය. ඒ ඕනෑම රටක ඇති තත්වයයි. ශ්‍රී ලංකාවේ කියා වුවද වෙනසක් නැත.
යුක්‍රේනියානු ප්‍රශ්නයේ ඊලඟ හේතුව සෝවියට් දේශයේ බිඳ වැටීම දක්වා දිව යයි. මිහයිල් ගොර්බචොව් ට සහ පසුව බොරිස් යෙල්ට්සින් ට ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ නේටෝ සංවිධානය පොරොන්දු වූයේ සිතල යුද්ධය අවසාන බැවින් නේටෝව පරණ සෝවියට් සංගමයේ රටවල් එයට ඈඳා නොගන්න බවයි. එසේම සෝවියට් සංගමයේ පරණ සමුහාණ්ඩු වල මිසයිල හෝ අවි ආයුධ පද්ධති ද ස්ථාපිත නොකරන බවයි. නමුත් එම පොරොන්දුව බිඳ දමමින් යෙල්ට්සින්ගේ පාලන සමයේදීම පෝලන්තය, හංගේරියාව, චෙක් හා ස්ලෝවක් රාජ්‍යයන්, ලිත්වා , ලිතුවේනියා හා එස්තෝනියා යන බෝල්කන් රාජ්‍යයන් ද නෙටෝවට එකතුවුණි. අනිත් රටවල් කෙසේ වෙතත් තමන්ගේ දේශ සීමාවේ තිබෙන බෝල්කන් රටවල විශ්ෂයෙන් ලිතුවේනියාවේ ආයුධ සවි කිරීම හා ඇමෙරිකානු , බ්‍රිතාන්‍ය හමුදා ගොඩ බැසීම රුසියාව ඉවසුවේ නැත. නමුත් ඒවන විටත් රුසියානු වළහා ආර්ථික වශයෙන් ඇද වැටී සිටි අතර රුසියාවෙන් ඉවත් වීමට සටන් කරන චෙචේනියාවේ කුඩා හමුදාවට ද කලක් ශක්තිමත් රුසියානු හමුදාව පරාජය විය. ශීතල යුද්ධය අවසන්ව තිබුණි.
යෙල්ට්සින් විසින් පිටස්බර්ග් නගරයේ හා එම ප්‍රදේශයේ ප්‍රබල නගරාධිපති/ආණ්ඩුකාර අනතොලි සබ්චාක් ගේ දෙවනියා වූ ව්ලදිමීර් පූටින් මොස්කව් ගෙනවිත් අගමැති පදවියක් භාර දුන්නේ මේ අතරය. හමුදාව ප්‍රති සංවිධානය කළ පුටින් පළමුවෙන්ම ජනප්‍රිය වූයේ චෙචේනියා ගරිල්ලන්ට පහරදී එහි ග්‍රොස්නි අගනුවර යටත් කර ගැනීමෙනි. පූටින් පරණ කේජිබි නිලධාරියෙකු බව යෙල්ට්සින් දැන නොසිටින්නට හේතුවක් නැත. පූටින් ගේ පැමිණීමෙන් රුසියාවේ තත්වය බොහෝ වෙනස් වූ බවත් මිලිටරි බලය හා ධනය අතිනුත් රුසියාව සශ්‍රික වුනු බව ඔහුගේ සතුරන් ද පිලි ගන්නා කරුණකි. බටහිර රටවල් සම්බාධක පැන වුවද රුසියාව ආහාරපාන ඇතුළු බොහෝ දේවල් වලින් ස්වයං පෝෂිත අපි 2016 දී ගිය චාරිකාවේදී හොඳින් දුටුවෙමු. රුසියාවේ දැනට අති මහත් රන් සංචිතයක් හා ඩොලර් සංචිතයක් තිබේ. (ඩොලර් බිලියන් 600 පමණ)
ක්‍රිමියාව ගැන කුමක් කිව හැකිද? මට මෙතැනදී ඇත්තේද වෙනස් මතයකි. ක්‍රිමියාව වසර 300 ක් පමණ රුසියානු අධිරාජ්‍යයට අයත් වූ බව අපි දනිමු. ඔවුන් 1774 දී පමණ තුර්කි ඔටෝමාන් අධිරාජ්‍යයෙන් ක්‍රිමියාව අත්පත් කර ගත්හ. ඊට පෙර එය මොංගෝලියානුවන් විසින් අත්පත් කරගෙන තිබුණි. ඊටත් පෙර එය කීවන් රුස්ට අයත් වූ අතර ඊට බොහෝ පෙර කලෙක රෝම අධිරාජ්‍යයට අයත් විය. (කීවන් රුස් යනු උක්රයිනයේ කීව් අග නගරය සහිත පළාතේ තිබූ මුල්ම රාජධානියයි. බෙලෝ රුසියාව හෙවත් සුදු රුසියාව ව, මහා රුසියාව සහ උක්රයින රාජධානි ආරම්භ වූයේ මෙහිය. මේ නිසා මේ රටවල් තුන පැවැතියේ සහෝදරයන් තිදෙනෙක් පරිද්දෙනි.) ඉන්පසු 1921 දී ක්‍රිමියාව, ක්‍රිමියානු සෝවියට් සමාජවාදී ජනරජය බවට පත් විය. පසුව එය රුසියානු සෝවියට් සමූහාණ්ඩුව යටතේ පමණක් පළාතක් බවට පත් විය. කියුබාව නිසා ඇමරිකාව සමඟ යුද්ධයක් ආරම්භ කළ හිටපු සෝවියට් ජනාධිපති නිකිටා කෘෂෙව් ඔබට මතකද? ඔහුගේ ජිවිතයේ මුල් කාලයේ වැඩි කාලයක් යුක්රේනයේ සේවය කළ කෘෂෙව්, යුක්රේන සෝවියට් සමාජවාදී ජනරජයට තරමක් නීති විරෝධී ලෙස ක්‍රිමියානු පළාත ලබා දුන්නේය. වසර කිහිපයකට පෙර රුසියාව එය නැවත ඈඳා ගත්තේ ජනාධිපති පුටින්ගේ අණ යටතේ ය.
රුසියාව ක්‍රිමියාව නැවත ඈඳා ගත්තේ ඇයි? පළමුවෙනි හේතුව රුසියානු හිතැති ජනාධිපති යනුකොවිච් කුමන්ත්‍රණකාරී ලෙස බලයෙන් පහ කිරීමය. ඔහු මයිඩන් විප්ලවයට පෙර උක්රයිනයේ අවසාන චන්දය දිනුවේ සාධාරණ ලෙසටය. ඔහු බලයෙන් පහ කල පසු පැමිණි රජය නේටෝවට සහ යුරෝපා සංගමය බැඳීමට සැරසුණි.
එහිදී ඇමෙරිකානු නාවික හමුදා යාත්‍රා කළු මුහුදේ රුසියාවට අයත් සෙවස්තොපල් වරාය දෙසට පැමිණියහ. රුසියානු නාවිකා හමුදා බලඝන පිහිටා තිබෙන මේ වරාය රුසියාවට එම පැත්තෙන් මුදු මාර්ගයකට ඇති එකම වරාය විය. රුසියානු කළු මුහුදු නාවික බලකා මුලස්ථානය මෙහි පිහිටුවා තිබෙන අතර මධ්‍යධරණී මුහුදට, අත්ලාන්තික සාගරයට හා කලු මුහුදට ඇති එකම නාවික මාර්ගයයි. මේ වරාය එක්දාස් හත්සිය ගණන්වල සිටම අයත්ව තිබුනේ රුසියාවටය. එහෙත් රුසියාව ඒ වෙනුවට උක්රයිනයට 50% අඩුවෙන් ගෑස් සහ තෙල් සැපයු අතර ඩොලර් මිලියන ගනනක් 1992 සිට වසරක් පාසා ගෙවීය. නේටෝවට ගියහොත් රුසියාවට තමන් ගොඩ නැගු මේ වරාය අහිමි වන්නේය. පූටින් ක්‍රිමියාව ඈඳා ගත්තේ එබැවිනි.
රුසියාවට බටහිර සම්බාධක වැටුනේද ඒ නිසාය.
නේටෝව ඉන්පසු තැත් කලේ ජෝර්ජියාව සහ උක්රයිනය නැවතත් බඳවා ගැනීමටය. මේ රටවල් දෙකම රුසියානු දේශ සීමාවේය. දැනට ලිතුවේනියාවෙන් පමණක් නේටෝ හමුදාවලට රුසියාවට පැමිණිය හැකි වුවත් ජෝර්ජියාව සහ උක්රයිනය නේටෝවට ගියොත් තත්වය වෙනස් වේ. උපායමාර්ගික ක්‍රීඩාවේ දක්ෂ පුටින් කලේ බටහිර රටවල් කරන්නාක් මෙන් ජෝර්ජියාවේ සුළු ජාතිකයින් වන අභ්හාසියන් වරුන්ට වෙනම ප්‍රදේශයක් හමුදාව යවා ලබා දීමය. ඔහු මේ දේම උක්රයිනය ට කලේ රුසියානු භාෂාව කතා කරන දොන්බාස් (දොන්න නදිය අසල) ප්‍රදේශය දනියෙත්ස්ක් නගරයද සමග බෙදා වෙන් කිරීමයි. රටවල් එසේ බෙදා වෙන්වී සටන් පවතීනම් නේටෝවට නොගතයුතුය කියා නීතියක් නේටෝවේ තිබේ.
මෙහිදී මට යුරෝපා සංගමය සමගද ප්‍රශ්නයක් තිබේ. ලිතුවේනියාව ඇතුළු බෝල්කන් රටවල්ද උක්රයිනය ද රුසියානු බස ඇතුළු සුළු ජාතීන්ගේ භාෂා කතා කිරීම තහනම් කළහ. පාසල් වල ඉගැන්වීමද නොහැකි විය. එම රටවල විසු රුසියානු, හංගේරියානු, රෙමේනියානු ආදී ජාතීන්ට බලවත් අසාධාරණයක් විය. ලංකාව, ඉන්දියාව ආදී රටවල භාෂා ප්‍රතිපත්ති වලට බණ දෙසන යුරෝපා සංගමය තමන්ගේ එළිපත්තේ වූ මේ දෙයට ඉඩ දුන්නේ මන්ද යන්න මට වටහා ගත නොහැකිය. මේ අසාධාරණය පූටින් ජෝර්ජියා, උක්රයින් රටවල් වලට අත දමන්නට හේතුවක් කර ගත්තේය.
අද තත්වය ඇතිවුනේ ඇයි? පසුගිය කෝවිඩ් කාලයේ අවුරුදු දෙක තුනක් ඇතුළත බ්‍රිතාන්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය පූටින් ට පාඩමක් උගන්වන්නට උක්රයිනහමුදාව ප්‍රති සංවිධානය කළහ. ආයුධද යවන ලද මුත් ඒවා හෙළි දරව් වුනේ අඩුවෙනි. ඔවුන්ගේ අදහස වුයේ බලවත් කල උක්රයින හමුදාවට වෙන්වූ ප්‍රදේශ වලට පහරදී අල්ලා ගත හැකිය යන්නය. මම මේ වැඩ පිළිවෙලේ ප්‍රශ්නයක් නුදුටුවෙමි. ශ්‍රී ලංකාවට ඒකීය වන්නට දෙමල වෙන්වූ ප්‍රදේශ වලට හමුදාව යවා බෙදුම්වාදීන් පරාජය කළ හැකිනම් උක්රයිනයටද එසේ කිරීමට බාධාවක් නැත. ප්‍රශ්නය වුනේ මේ වැඩ පිළිවෙල රහස් ඔත්තුකරුවන් මාර්ගයෙන් රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූටින් දැන ගැනීමය. ප්‍රතිපලය වුයේ පුටින් උක්රයින දේශ සීමාවට රුසියානු හමුදාව එවා ආක්‍රමණය කරන්නට සැරසීමයි. ඔහු ඉල්ලා සිටින්නේ තමන්ගේ දේශ සීමාව ඇති රටවලින් නේටෝව ඉවත්විය යුතු බවටත් අලුතින් එම සංවිධානය රුසියාව අසල රටවල් වලට සාමාජිකත්වය නොදිය යුතු බවත්ය.
මේ ඉල්ලීමේ වරදක්ද නැත. කියුබාවට 1960 දී පමණ කෘෂෙව් මිසයිල යවද්දී ඇමරිකාව එයට විරුද්ධ වුනේ තම රටට එය අනාරක්ෂිත බව කියමිනි. ඒ අදහසද සම්පූර්ණයෙන් නිවැරදිය. පූටින් ඉදිරියේදී වෙනිසියුවෙලා හා කියුබා රටවල් වලට අයුඅධ හා මිසයිල යැවීමේ අන්තරායක්ද ද පවතී.
මේ ප්‍රශ්නයේ තවත් දරුණු පැත්තක් නම් ගෑස් සහ තෙල් ය. මුලදී රුසියානු ගෑස් සහ තෙල් යුරෝපයට පැමිණියේ උක්රයිනය හරහා ඇති පයිප්ප හරහාය. ගාන අඩු කරන්නට යයි කියමින් උක්රයිනය ගෑස් පයිප්ප වහමින් යකා නැටූ නිසා රුසියාව හා ජර්මනිය නොර්ඩ් ස්ට්‍රීම් 1 නමින් නළ මාර්ගයක් සාදා යුරෝපයට ගෑස් සපයන්නට පටන් ගත්තේය. ජර්මනියට මෙයට කැමැති වුනේ එය බලවත් කාර්මික රටක් බැවිනි. ඉන්පසු ජර්මනිය හා රුසියාව නොර්ඩ් ස්ට්‍රීම් 2 නමින් නව නළ මාර්ගයක් තනන ලදී. මෙය පටන් ගතහොත් උක්රයින නළ මාර්ගය සම්පූර්ණයෙන් ම වැසේ. උක්රයිනය හා ඇමෙරික එක්සත් ජනපදය් මෙයට අකමැතිය. ජර්මනිය රුසියානු ගෑස් මත යැපීම ඇමෙරිකාව ඉවසන්නේ නැත.
යුද්ධය අවශ්‍ය පූටින් හා ඇමෙරිකාවට පමණක් නොවේ. පහුගිය අවුරුදු ගණන යටතේ නිපදවන ලද නවිනතම ආයුධ හරියටම පරික්ෂා කිරීමට හා නව යුධ නිපදවීමට මේ හැමෝටම යුද්ධයක්ද අවශ්‍යය.
යුරෝපයේ ජිවත් වන ජනතාවට ගෑස් වල මිල වැඩිවෙනු ඇත. බෝම්බ ප්‍රහාර වලට ලක්වීමට සිදුවනු ඇත. ලෝකයේ අනිත් රටවල උද්ධමන තීව්‍ර වනු ඇත. මේ නායකයන් මිට වඩා ඉවසිලිමත්ව ප්‍රශ්නය දෙස නොබැලුවහොත් සිදුවන්නේ බරපතල විනාශයකි.
අලුත්ම සිතියම වන්නේ මෙයයි. රුසියාව නැවතත් රතු රටක් බව මෙය ව්‍යංගයෙන් පෙන්වයි.
~~~~~අජිත් ධර්මකීර්ති
ප.ලි.
ප්‍රශ්නය: විහිලුවට නෙමේ අහන්නෙ, රුසියාව නේටෝ සාමාජිකත්වය ගත්තොත් මොකක් වේවිද. රුසියාවත් සෝවියට් සමූහාණ්ඩුවක් නිසා අනික් ඒවට දුන්න නම් රුසියාවට දෙන්න බැරි නෑනෙ.-ගනේෂ්
ඔය කාරණේ ආවනේ අනූ ගණන් වල. මේකයි වුනේ. සෝවියට් දේශය තියන කාලේ දැන් ඔය උක්රයිනය කළා වගේ රුසියානුවන්ට රුසියාවත් අනිත් රටවලට රුසියානු භාෂාව ඉගෙන ගන්න බල කරලා තිබ්බේ. අනික පෝලන්තය ඔස්ට්‍රෝ හන්ගේරියන් සහ මහා රුසියානු අධිරාජ්‍යයට යට වෙලා තිබුනේ. රුසියාව අධිරාජ්‍යයක් හැටියට තමා පෝලන්ත ජාතිකයෝ සැලකුවේ. දෙවන ලෝක යුද්ධෙදි හිට්ලර් සමග පෝලන්තය ආදිය බෙදා ගනිද්දී ස්ටාලින් යටත් වුනු පෝලන්ත ඔෆිසර්ස් ලා 22000 මැරුව. පෝලන්තය ඒකත් රුසියාව යටතට දැම්මේ. සාධාරණයි ඉතින්. අනූ ගණන්වල රුසියාව යුරෝපා සංගමයට ගැනීමේ අදහස ජර්මනිය දැම්මහම පෝලන්තය විරුද්ධ වුනා දැඩි ලෙස. ඊට අමතරව දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් වන්දිත් ඉල්ලුව. ඊට පස්සේ හංගේරියාව, චෙක් රට ආදියත් විරුද්ධ වුනා. මොකද සෝවියට් දේශය පනස් සහ හැට ගණන්වල ඒ රටවල් ආක්‍රමණය කළ නිසා. බෝල්කන් රටවලුත් විරුද්ධ වුනා. හැබැයි ඒ රටවල පටු අදහස් අයින් කරලා තිබ්බනම් අද මේ ප්‍රශ්නේ නැහැ. ජර්මනිය මෙතැනදී පැත්තක් ගන්නේ නැතිව ඉන්න එකත් හේතුවක්. (ගෑස් හැරුනහම - මුලික හේතුව )
මුලාශ්‍ර සහ මැප් ලින්ක්:
ඔන් ඔන් ආයි පටන් ගත්තා බොරු කියලා අපි අන්දන්න
ReplyDeleteඉතින් ඔබතුමා ඇන්දෙන්නේ නැතිව ඉන්නකෝ. මේකේ තියන කරුණු තමන්ටම හොයල බලන්න පුළුවන් දේවල් නේ.
Deleteවිහිලුවට නෙමේ අහන්නෙ, රුසියාව නේටෝ සාමාජිකත්වය ගත්තොත් මොකක් වේවිද. රුසියාවත් සෝවියට් සමූහාණ්ඩුවක් නිසා අනික් ඒවට දුන්න නම් රුසියාවට දෙන්න බැරි නෑනෙ.
ReplyDeleteඔය කාරණේ ආවනේ අනූ ගණන් වල. මේකයි වුනේ. සෝවියට් දේශය තියන කාලේ දැන් ඔය උක්රයිනය කළා වගේ රුසියානුවන්ට රුසියාවත් අනිත් රටවලට රුසියානු භාෂාව ඉගෙන ගන්න බල කරලා තිබ්බේ. අනික පෝලන්තය ඔස්ට්‍රෝ හන්ගේරියන් සහ මහා රුසියානු අධිරාජ්‍යයට යට වෙලා තිබුනේ. රුසියාව අධිරාජ්‍යයක් හැටියට තමා පෝලන්ත ජාතිකයෝ සැලකුවේ. දෙවන ලෝක යුද්ධෙදි හිට්ලර් සමග පෝලන්තය ආදිය බෙදා ගනිද්දී ස්ටාලින් යටත් වුනු පෝලන්ත ඔෆිසර්ස් ලා 22000 මැරුව. (අර කරුණ පොලිස් නිලධාරීන් මැරුව වගේ) පෝලන්තය ඒකත් රුසියාව යටතට දැම්මේ. සාධාරණයි ඉතින්. අනූ ගණන්වල රුසියාව යුරෝපා සංගමයට ගැනීමේ අදහස ජ්රමනිය දැම්මහම පෝලන්තය විරුද්ද්ධ නිසා දැඩි ලෙස. ඊට අමතරව දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් වන්දිත් ඉල්ලුව. ඊට පස්සේ හංගේරියාව, චෙක් රට විරුද්ධ වුනා. මොකද සෝවියට් දේශය පනස් සහ හැට ගණන්වල ඒ රටවල් ආක්‍රමණය කළ නිසා. බෝල්කන් රටවලුත් විරුද්ධ වුනා. හැබැයි ඒ රටවල පටු අදහස් අයින් කරලා තිබ්බනම් අද මේ ප්‍රශ්නේ නැහැ. ජර්මනිය මෙතැනදී පැත්තක් ගන්නනේ නැතිව ඉන්න එකත් හේතුවක්. (ගෑස් හැරුනහම - මුලික හේතුව )
Deleteප්‍රශ්නය හොඳ නිසා ලිපියට ඇතුල් කළා. අවුලක් නැහැනේ.
Deleteඅජිත්තුමා ලෝක මාධ්‍ය දෙබිඩි පිළිවෙත ගැනත් සඳහනක් දාන්ට තිබ්බේ..
ReplyDeleteඒක ඉතින් හැම පැත්තම එහෙමනේ. රුසියානු මාධ්‍ය තමන්ගේ පැත්තට ලියන්නේ. බ්‍රිතාන්‍ය මාධ්‍ය තමන්ගේ පැත්තට. ස්වාධින මාධ්‍ය කියල් එකත් තියනවද කියලවත් දන්නේ නැහැ.
Deleteඒක නෙව තොරතුරු දැන ගන්ට මාධ්‍ය අවශ්‍යය.. තව ග්‍රීන් එතික් එහෙම අරව මෙව්වා ඇතුල් කොරල හිට ආචාරධර්ම වලට.... ඒත් මාධ්‍ය දෙකක් ගත්තොත් එකම සිද්ධිය අහසයි පොලොවයි සම. සාමාන්‍යය ජනයා අතිසය නොමග යවනවා.
Deleteඅර උඩහම රූපෙ කොයි සයිට් ඒකෙන්ද
ලිපියේ දාල තියනවා ඒ සයිට් වල ලිපින. මමම හිතන්නේ අගටත් දැම්ම නම් හොඳයි වගේ.
Deleteඋඩම එක quora එකෙන්ද කොහෙද.
Deletehttps://www.quora.com/Does-Russia-feel-encircled-by-enemies-NATO-in-Eastern-Europe-China-in-Asia
Deleteහරේ.....
Deleteඅජිත් මේ ගැන ලියන තෙක් මඟ බලාගෙන හිටියෙ. ඒත් Russians are coming පොස්ටුවේ ඇති, පින්තූරය සහ ඇන්ග්ලෝ- රුසියන් කෑම ගැන විස්තරය හලා තිබීම ගැන මාගේ විරෝධය පළකරමි.කල්බසා රස බලා ඇත. ඒවා වැඩිය ප්‍රසිද්ධ පෝලන්ත සොසේජ් ලෙසය. මේ සාවියෙත්, රුස්සෝ ඇතුලු සියලු ලෝක වාසීන් සහ උන්ගේ කෑම කඩ ඇති නිසා, පිංතූර සහිත රුසියන් කෑම ගැන පෝස්ටුවක් බලා පොරොත්තු වෙමි.
ReplyDeleteරුසියාව කරන දේ ගැන පැහැදීමක් නැති වුනත්, මේ ප්‍රශ්ණය හිතුවාට වඩා සංකීර්ණ බව පෙනේ. කියුබානු මිසයිල් අර්බුදය සහ හිතූමතේ කරන මැදපෙරදිග ඇමැරිකන් ප්‍රහාර ගැන සිතුවාම, පුටින්ගේ සමහර චෝදනා අසාධාරණ නැති බව සිතේ.
බස්සා ලිපිනය එව්වොත් මගේ පොත එවන්නම්. ඒකෙ ඔය කෑම ගැන විස්තර තිබෙනවා.
Deletehttps://kolambagamaya.blogspot.com/2018/04/21.html
පූටින් ගේ රාජ්‍යය ඔටෝ ක්‍රසි එකක් බව ඇත්ත. හැබැයි ලෝකේ ලොකුං රට සහ තියෙන ධන සම්පත් දිහා බැලුවහම අනිත් රටවල් ඇහැ ගහන එක පුදුමයක් නෙමෙයි. ජෙන්ගිස් ඛාන් ගේ ඉඳන්. රුසියාව ට හරියට සැලකුව නම් ඔය තත්වය එන්නේ නැහැ කියන එකයි මගේ අදහස.
රුසියාව ට හරියට සැලකුව නම්...
Deleteජර්මන් නේවි කොමාන්ඩර්ට ගෙදර යන්ඩ උනෙත් ඕක කියල නේද?
ජයවේවා!
Myself Hattor
https://www.thehindu.com/news/international/german-navy-chief-resigns-over-remarks-on-ukraine-russia/article38312659.ece
මේ ප්‍රතිචාරය හොයා ගත්තේ ස්පෑම් ෆෝල්ඩරේ තිබිල. එහෙම වුනේ කොහොමද දන්නේ නැහැ. - ඔව් ඒක හරි. යුද්ධයට පක්ෂ කට්ටිය කොච්චර බලවත් ද කියන එක තමයි ඒකෙන් තේරෙන්නේ.
Deleteස්තූතියි අජිත්. දීලා තියෙන පෝස්ට් එක දැනට සෑහෙනවා.
Deleteරුසියාවේ ජනාධිපතිධුරන්ධර තැන්පත් ව්ලැදිමිර් පුටින්(69) මැතිතුමා කියන්නේ දුප්පතාගේ දුක දන්නා නායකයෙක්. එතුමාඒ දූර දක්නා නුවන නිසයි අද වන විට රුසියාව නැවතත් ලොව බලවතා ලෙස ඉහලට එමින් පවතින්නේ.
ReplyDeleteමීට දවසක ගණනාවට පෙර අපට දැනුම අපට ලබාදුන්නේ සෝවියට් සංගමයේ අනුග්‍රහයෙන්. එහි ගොවියා, ධීවරයා, කම්කරුවාගේ දහදිය තමයි අපව පෝෂණය කරේ. කලෙහි ගුණ දත් මාගේ පැතුම, රුසියාව සැමදා දිලේවා.
සෝවියට් දේශය තමා අපට සැලකුවේ. ඒ ක්‍රමය. ස්තුති කරන්න ඕනේ ඒකට මිසක් රුසියාවට නෙමෙයි. ඒ ක්‍රමය තුල හුඟක් ජාතින් හිටිය එකට.
Deleteහරියට හරි අජිත්... ඔය කරමේටමනේ කස්ටිය මහින්ද සනුහුරෙටත් චන්දය දෙන්න තියා ගත්තෙ
Deleteඇනෝ සෝවියට් දේශයේ උගත් අයෙක් වගේ. путин තමයි රුසියාවේ ක්‍රිශා එක කොන්ට්‍රෝල් කලේ. ඒ ගැන ලිපියක් ලියන්න හිතන් ඉන්නව පස්සේ.
Deleteමේක තමා දෙබිඩි බටහිර මාද්‍ය නොකී කතාව, විජේබාහු
ReplyDeleteහැම තැනකම කතා දෙකක් තියනව. ඇත්ත කතාවයි යටින් යන කතාවයි
Deleteපවසන ඇත්ත හංගන පැත්ත වාගෙම මවනා පැත්ත
ReplyDeleteනිතරම පෙනෙයි මතු වෙයි බලවත් පැත්ත
නිවැරදි පැත්ත- කොයිකද සත්තම ඇත්ත
සොයා ගන්න එක පොඩි යුද්ධයක් වෙත
හරියට හරි නිදි. ඇත්ත පැත්ත කියල එකක් නැහැ බලාගෙන ගියහම.
Deleteමගේ කුඩා මොලේට සංකීර්ණ වැඩියි.. අජිත් ගේ යු ටියුබ් එක බලල එන්නම්
ReplyDeleteසංකීර්ණ කියල හිතුවම තමා එහෙම වෙන්නේ
Delete+++++++++++
ReplyDeleteවැට මාර දාන්නේ එකඟ නැති අය
Deleteකුරුඳු පොල්ලක් ගේන්නතේ.. 😌😌😌
ReplyDeleteකාට ගහන්නද
Delete