Saturday 12 February 2022

සීතලේ උණුසුම්ම දවස


සීතලේ උණුසුම්ම දවස 
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
නවම් මස හිම වලින් පිරිල    
යුරෝපයේ තවමත් 
ලන්ඩනයට දැන් හිම 
වැටෙන්නම නැහැ 
ගෝලීය ප්‍රශ්නයක් ලු 

ඒ දවස් වල ඔබත් එක්ක 
හිම පිරුණු  වීදියේ 
අතිනත අල්ලා ගෙන 
චෙක් කෙල්ලගේ කඩෙන් 
කෝපි කෝප්පයක් බිලා 
දිග ප්‍රංශ පාන් ගෙඩියක් 
අරන් චීස් කෑලි මැදට 
දාල කන ගමන් 
රූපවාහිනියේ යන එම්ටීවී 
සින්දු අහගෙන හිටිය මතකයි 
ඔයා ඊට පස්සේ නාට්‍යයක් 
බලනවමයි 

ඊට පස්සේ හිමින් 
පොතකුත්  අරගෙන 
සීතලත් එක්ක ගුලි ගැහෙන 
විට සයනයේ 
මමත් හෙමිහිට එතැනම 
ඇලවෙනවා 
ඔයා කියනව පොත ගැන 

තවත් පෙබරවාරි දාහතරක් 
ඒවගේ උණුසුම් දවසක් 
ඇයි මේ සීත කාලේ 
ඔයා ඇහුව මතකයි 
මට තුරුළු වෙමින් 

මම දැනගෙන හිටියෙ නැහැ 
ඒකට උත්තරේ 
අපි දෙන්නම වයසට ගියේ එකට 
ඒත් ඔයාට යන්න වුනා 
මට කලින් 

ළමයි  වට කරගෙන
මුණුපුරු මිණිපිරියෝ 
වට කරගෙන 
ඔයා හිටියේ සතුටින් 

මම අම්මයි තාත්තයි
හමුවෙනවා 
ඔයා බය වෙන්න එපා 
ඔයා හිනා වේගනම 
ඒ ගමන ගියා 

මට දැන් උත්තරේ 
තියනව 
ඔයා අහපු ප්‍රශ්නෙට 
සීතල දැනෙනකොට 
උණුසුම්ම දවසක්  වුනේ 
දාහතර 

-අජිත් ධර්ම 
 ලංඩන්  කිවිවර අනුර හෑගොඩ සංස්කරණය කරන "ලන්ඩන් කවි " පෙබරවාරි කලාපයේ පළ වුවකි. 


36 comments:

  1. හ්ම්.....කාගෙ හරි කතාවක් වෙන්න ඇති නේද?
    ලස්සන වගේම, අනුවේදනීය කවියක්

    ReplyDelete
    Replies
    1. අනුවේදනීය නැහැ. මතකය ඔබව ජිවත් කරවන නිසා. බස්සා කත්වල්කතාවල් කවි හැම වෙලාම අත්දැකීමකට ලඝු කරනවද :)

      Delete
    2. මම ලියන දේ බොහෝ විට අත්දැකීම් නිසා වෙන්න ඇති, මට එහෙම අදහසක් එන්නෙ.🤔

      Delete
    3. හ්ම් සමහර දේවල් අත්දැකීම් වෙන්න බැරි කමකුත් නැහැ. හැබැයි වැඩිය ලියන්න ගියොත් ඒ ලිව්ව එකේ ගතිය නැතිව යනවා.

      Delete
  2. ප්‍රේමවන්තයන්ගේ දිනය දිහා කල අපූරු බැල්මක්.ආසාවෙන් රසවින්දා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ. මම හිතන්නේ ඔබ හොඳ ප්‍රතිචාරයක් යොමු කර තිබුනා කලාපයට

      Delete
  3. අපිටනම් මේ සතියේ අඟල් හත අටකටත් වඩා හිම වැටුණා. දවස් තුනක් පාසැල්ද ඔන්ලයින් කළා. අදත් ටිකක් වැටුණා.

    ReplyDelete
    Replies
    1. අපට හිම වැටෙන්නෙම නැහැ දැන්. කාලයක් තිබබ් ළමයි දෙන්න හිම මිනිහ හදපු. ඒ තරම් හිම. කැනඩාව, ඇමෙරිකාව රුසියාව තරම් නොවුනත්. පොඩි කෙල්ල ඉගෙන ගන්න යුනි එක තියෙන්නේ ලන්ඩන් මැද. ඒ ගොලෝ හිම කබා අඳින්නේ වත් නැහැ. තේම්ස් ගඟ මැදින් ගියත් ඒ තරමට රස්නෙයි. (සාපේක්ෂව මම කීවේ සෙන්ටිග්‍රේඩ් අංශක 8-9 විතර)

      Delete
  4. සැබෑ සෙනෙහස
    උණුහුමද කොයි තරම්?

    ReplyDelete
    Replies
    1. සැබෑ සෙනෙහස
      තරම් උණුසුම්
      දෙයක්
      තව කොහිද

      Delete
    2. හ්ම්... උණුහුම්, ලස්සන කවි පෙලක් අජිත් 💖❤️

      Delete
  5. එක පාරටම මට මතක් වුණේ වෛකිං ප්‍රේයර්... ගැළපෙන්නෙ නං නෑ තමයි.

    ReplyDelete
    Replies
    1. එක්තරා විධිහකට ගැලපෙනවා. වයිකින් වරයෙකු ගෙදර එනකොට බිරිඳ වසන් ගමන් ගිහින්. එහත් ඔහුගේ සටන් ඉවර නැහැ

      Delete
  6. හ්ම්.... සීතලේ උණුසුම්ම දවස

    ReplyDelete
    Replies
    1. එහෙම දවස් තියනවා නමි

      Delete
  7. සිත උනුසුම් වන කවි!

    ReplyDelete
    Replies
    1. අනේ හොඳයි . මේ දවස් වල සිතල ලු නේද

      Delete
  8. මං මේ කියන්නේ මට ඇත්තටම දැනිච්ච දෙයක් අයියගේ ඒ කවි පෙලේ තියෙන්නෙ යුරෝපියන් කෙනෙක් ලිව්ව රොමෑන්ටික් ටයිප් එකක්. සමහරවිට අජිතයිය සෑහෙන කාලයක් යුරෝපීය රටවල් වල ජීවත්වුණු හින්දා වෙන්න ඇති.

    ටිකක් පිටස්තර ගතියක් දැනෙන කවියක්. මම යුරෝපියන් කතාව කිව්වෙත් ඒකයි.
    අපූරුයි ❤️

    ReplyDelete
  9. මලේ -චෙක් කෙල්ලගේ කඩෙන්
    කෝපි කෝප්පයක් බිලා
    දිග ප්‍රංශ පාන් ගෙඩියක්
    අරන් චීස් කෑලි මැදට
    දාල කන ගමන් -
    මේක මගේ වයිෆියි මායි නුත් නිතර කරන දෙයක්. චෙක් කෙල්ලකගේ කඩයක් තිබ්බ ඉස්සර. දැන් තියෙන්නේ ටර්කිෂ් කොෆි. හැබැයි ඔය පුරුද්ද අපට විතරක් නෙමේ අපේ තව ප්‍රංශ යාළුවෙක් ඉන්නව එයාලත් ඕකම කරනවා. හැබැයික්වසොන් එක්ක. ටර්කිෂ් කපල් එකක් ඉන්නවා සෙනසුරාදා උදේට ටර්කිෂ් ෆුල් බ්‍රෙක්ෆස්ට් එක ගන්න. හොයල බලන්න . මාර ආතල්. ඕක විවිධයි.
    පොතක් අරන් ඇඳට යනකොට ගොඩක් අය කරන දෙයක්.
    අනික මම අවුරුදු 18 නේ ලංකාවේ හිටියේ. ඉතිරි තිස් ගණන යුරෝපෙනේ (රුසියාවත් යුරෝපේ තමයි )

    ReplyDelete
    Replies
    1. මොන චීස්ද දාන්නෙ? මම දන්නෙ, ඉංග්ලිෂ් මෆින් මැදට මොසරෙල්ලා දාලා, යාන්තමට රත් කරනවා නූල් වගේ ඇදෙන තුරු. ඊට පස්සෙ කලුවට උයපු ඌරාත් එක්ක කන එක විතරයි.

      අදයි,හෙටයි -20c, අනිද්දා + වුනාම ගිහින් ගේන්නං ප්‍රංශ පාන්.🤔

      Delete
    2. ආ මේ දවස්වල හෝතම්ඹු නෑ, මම පෝක් කරි, රෝස්ට් හදලා ඉස්ටුත් දානවා.😊

      Delete
    3. බසූ. සවුසෙ ඔය එකේක මෙනු දාල පිස්සු පීකුදු කරන්නැතිව ඉන්නව හලොව්.
      අජිතයියටත් කියන්න තියෙන්නෙ ඔච්චරයි.
      අපි ඉතිං ඕම මෙනු එකක් දැම්මොත්

      ⁣පෝක් ඉත් පොල්ලො⁣ටී
      ඒකෙ පෝකුත් නෑ. රොටියෙ පොලුත් නෑ.
      😒😒😒

      Delete
    4. සාමාන්‍යයෙන් මයිල්ඩ් චෙඩර් තමා. ගෞඩා වගේ ඒවත් දානවා. පෙපර් කෝන් එක්ක චීස් එකත් මරු ඕකට. හැබැයි හොඳ පොල් සම්බෝලයක් හම්බවුනොත් ඔක්කොටම වැඩිය හොඳයි. එතකොට මුළු පාන් ගෙඩියම ඉවරයි. මට මෙහෙ මිරිස් ඇලජික් නිසා වැඩිය කන්නේ නැහැ. (කලරින්). මමං බ්‍රී හෝ කමේම්බයර් (camembert0 රත් කරල් කනවා. ඒක මරු ගන් පව්ඩර් සෝස් එකත් එක්ක හොඳයි. හෝතඹු මස් නම් කාල නැහැ

      Delete
    5. මහේෂ් පෝක් සහ පොල්රොටි ඔච්චර් මාකට් වෙන්නේ අර තේනුවර ගේ වැඩේ නිසාද? මම නම් ගොදඹ රොටි කන්න කැමතියි පෝක් එක්ක. රොටි කන්න කැමති ඇඹුල් තියල් එක්ක හෝ පොලොස් එක්ක.

      Delete
    6. //හෝතඹු මස් නම් කාල නැහැ//

      අපොයි දෙයියනේ, අපේ හෝතම්බුවා.😂🤣
      හෝතම්බුවා කියන්නෙ, මගෙ ෆ්ලැට් මේට්. ඕකා මට පෝක්, බීෆ් ගේන්නෙ දෙන්නෙ නෑ, ඌ දෙයියො අදහනවා, පාන තියන නිසා.

      Delete
    7. මහේෂ්, කොහෙන් කැපුවත් රාත්තලම තමා සෑර්. අපට බල කරවල, ගමේ කලවං මැල්ලුම, කිරිකොස් මාලුව, ඇඹුල්තියල්, ජාඩි ලක්ෂරි අයිටම්.

      මම කියන්නෙ, එක එක්කෙනාගෙ කැමති කෑම ගැන මේවගේවත් ලියන්න ඕනෙ කියලයි. තේනුවර සෑර්ගෙ බිස්නස් එක ගැන මට සතුටුයි. කොඩෙ ගහපු කාලෙක, දහඩිය මහන්සියෙන් ව්‍යාපාරයක් කලාම මොකද? කනගාටු, ඒක දිහාත් අපහාසයෙන් බලපු අපතයො ගැන විතරයි.

      Delete
    8. මට වැඩිය එහෙම අය දිරවන්නේ නැහැ. අපේ ගෙදර ඔය විකාරේ (ලංකාවේ ගෙදර) පටන් ගත්ත. ලංකාවට ගිය වෙලාවක මස් ගෙනල්ල උයලම කෑව . සුරුවම ද සාත්තරේ ද මොකද්ද කැඩුන කිව. ඒක එතැනින්ම ඉවරයි. දැන් ඔය කන්නේ හොඳට. කිසිම දෙමොක්‍රසි එකක් නැහැ. එක්ක එලවල දාන්න ඕනේ. නැත්නම් බස්සා වෙන තැනකට යන්න ඕනේ.

      Delete
    9. එකෙත් හොඳ පැත්ත ගැන තමයි හිතන්නෙ, කෑම කන්ට්‍රෝල් වෙන එක. මොනව කරන්නද? දන්න යකා, නොදන්න එකාට වඩා හොඳයි කියල ඉන්නවා. මෙහෙම ඉඳලා හිටලා, හොරෙන් කන එකත්, අමුතුම ආතල් වැඩක්.😂

      Delete
    10. නිදහසක් නැති ජිවිතයක් 😁

      Delete
    11. හ්ම්...ඇත්තක් නැත්තෙමත් නෑ. ඒත් නිදහස නෑ කියලම කියන්නත් බෑ. එලියට ගිහින් කතෑකි,හොරෙන් ගෙනත් කතෑකි. මට තාම තෝරා ගැනීමේ නිදහස තියනවා. ඒත් මෙහෙම හොඳයි කියලා, තියෙන එකට අනුගත වෙනවා. ඒත්, අජිත් නං ඉවසන එකක් නෑ.😂🤣

      Delete
  10. අජිත්තුමෝ........ මොකෝ අලුත් පොස්ටුවක් තාම නැත්තෙ

    ReplyDelete
    Replies
    1. බිසී ටිකක් මේ දවස් වල

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .