Thursday 24 February 2022

රුසියානු ඉතිහාසය සහ යුක්රේනියානු පෙකනිවැල

 

රුසියාවේ එලිසබෙත් (රුසියාව පාලනය කළ බලගතුම නායකයන්ගෙන් කෙනෙකි)



රුසියානු සහ යුක්රේන ඉතිහාසය දෙස බලන විට එක් දෙයක් පැහැදිලිය. ජාතීන් දෙකම උපත ලැබුවේ ඔවුන්ගේ කීවන් මව ගෙනි. ජාතීන් දෙකම ආරම්භ වූයේ කියෙව් නගරයෙනි.

ක්‍රිපූ 2000 - සංචාරක ගෝත්‍රිකයන් (කුර්ගන්වරු ) - ස්කයිතියන් ලෙසින් හඳුන්වනු ලැබු මොවුහු  රුසියාවේ, ලෝකඩ යුගයේ සංස්කෘතීය ගොඩ නැගුහ.  සංචාරක ගෝත්‍රිකයන් විසින් ඔවුන් යටපත් කරන ලදී.

ක්‍රිව 0650 - ස්ලාව් ජාතිකයන් (බොහෝ ගෝත්‍ර)

ක්‍රිව 800 - ස්කැන්ඩිනෙවියාවේ සිට පැමිණි වයිකින්ග් වරු දොන්  නදිය, ද්නීපර් හා වොල්ගා නදී හරහා රුසියාව අභ්‍යන්තරයටම ගොස් පදිංචි වූහ. මොවුන් වරන්ගියන් වරු ලෙසද හඳුන්වනු ලැබේ. 

ක්‍රිව 0862  –  නැගෙනහිර ස්ලාව් වරුන් විසින් වරන්ගියානු යුධ නායක රූරික් ට තමන්ගේ නායකයා වන ලෙස ආරාධනය කළහ. රුරිල් කුමරු  නොවොගොරොඩ් නගරය මුල් කරගෙන තමන්ගේ රාජධානිය ගොඩ නැගුවේය. රුරිකිඩ්ස් නමින් හඳුන්වන මොවුහු කීව් ප්‍රදේශය, නොවොගොර්ඩ් ඇතුළු ප්‍රදේශ වසර 700 පාලනය කල අතර තමන්ව හඳුන්වා ගත්තේ රුස් යන නමිනි. තමන් ජීවත්වූ ප්‍රදේශය රුසියාව නමින් හඳුන්වා  ගත්හ.

වැදගත් කොටස - රූරික්ගේ අනුප්‍රාප්තික ඔලෙග් (ඔලෙග් කුමරු - 879-912) කියෙව් නගරය  අල්ලා ගත් අතර එය කීවන් රුස් නම් විශාල ප්‍රදේශයේ  අගනුවර බවට පත් කළේය.

ක්‍රි.ව 0988 - මහා ව්ලැඩිමීර් (980-1015) ඕතඩොක්ස් ක්‍රිස්තියානි ආගමට වැළඳ ගත්තේය.  (තව දුරටත් කියෙව් අගනුවර විය.) (යුක්රේනය සහ රුසියාව යන රටවල්දෙකම ක්‍රිස්තියානි ධර්මය පිළිගත්තේය)

ක්‍රිව 1040 – යාරොස්ලාව් ප්‍රඥාවන්ත (1019 – 1054) යටතේ  කීවන් රුස් රාජධානියේ  ස්වර්ණමය යුගය ඇරඹුණි. ඔහු නව ප්‍රදේශ යුදයෙන්  අත්පත් කර ගත්තේය. නීති මාලාවන්සං ග්‍රහ කිරීම සඳහා ඔහුට ගෞරවය හිමි විය. යුරෝපයේ බලවත් රාජ්‍යයන්ගෙන් එකක් බවට කීවන් රුස් පත්විය.

ක්‍රි.ව. 1054 - යරෝස්ලාව් ගේ පුතුන් අතර යුද්ධ නිසා කීවන්  රුස් රාජ්‍යයන් කිහිපයක් ලෙස බිඳී විසිරී ගියේය (සහෝදරවරු එකිනෙකා අතර සටන් කළහ).

ක්‍රි.ව. 1223 ජෙන්ගිස් ඛාන් යටතේ මොංගෝලියානු ප්‍රහාරය, කීවන් රුස් රාජධානිය  පරාජය කර, ඛාන් නැවත මොන්ගෝලියාවට පසු බැස්සේය. .

ක්‍රි.ව. 1237 - බටු ඛාන්ගේ නායකත්වයෙන් යුත් මොන්ගෝලියානු හමුදාව කීවන් රුස් සහ සියලුම රාජධානි  (ව්ලැඩිමීර්, රොස්තොව්, කියසාන්, කියෙව් නගර) යටත් කර ගත්තේය - නොවොගොරොඩ් විනාශ නොවී ඉතිරි වූයේ ඔවුන් මොන්ගොල් පාලනය පිළිගත් බැවිනි. .

ක්‍රිව 1242 - නොවොගොරොඩ් රජු ඇලෙක්සැන්ඩර් නෙව්ස්කි ටියුටොනික් නයිට්වරු පරාජය කළේය. 

1253 - මොන්ගෝලියානු රජු (ටටාර්) - (ගෝල්ඩන් හෝඩ් )කීවන් රුස් සහ මුළු දේශයම යටතට ගෙන  පාලනය කළේය ("ටාටාර් වියගහ" යටතේ රුසියාව යන  නමින් හඳුන්වන්නේ මේ කාලයටය. )

1283 - නෙව්ස්කිගේ පුත් ඩැනියෙල් මොස්කව්හි මහා ප්‍රදේශය  පිහිටුවන ලදී (Grand Principality of Moscow)

1313 – ටටාර්වරු උස්බෙක් ඛාන් යටතේ ඉස්ලාම්  දහම වැළඳ ගත්හ.  

1362 - ලිතුවේනියාවේ මහා ආදිපාදවරයා ටාටාර්වරුන් පරාජය කර කියෙව් ද යටත් කර ගත්තේය.

1380 කුලිකොවෝ සටනේදී මොස්කව්හි ජේෂ්ඨ  කුමරු දිමිත්‍රි ඩොන්ස්කෝයි ද ටාටාර්වරුන් පරාජය කළේය.

ක්‍රි.ව. 1453 ටටාර් අධිරාජ්‍යය (ගෝල්ඩන් හෝර්ඩ්) විසුරුවා හරින ලදී. එය සහ කොන්ස්ටන්ටිනෝපල් (බයිසන්ටයින් අධිරාජ්‍යය) තුර්කි ඔටෝමන් අධිරාජ්‍යයට යටත් විය.

ක්‍රි.ව. 1478 - මොස්කව්හි ජේෂ්ඨ කුමරු  නොවොගොරොඩ් නගරය තමන්ට ඈඳා ගත්තේය - පළමු රුසියානු රාජ්‍යය නිර්මාණය කරන ලදී.  ක්‍රිස්තු වර්ෂ 1480 දී II වන අයිවන් ටාටාර්වරුන්ව නැවත  වරක් පරාජය කළේය.

1547 - රුසියාවේ පළමු සාර් රජු බිහි විය.- අයිවන් IV  (අයිවන් ද බිහිසුණු) 1533-1584 නමින් හැඳින්වුණේ ඔහුය.  පෝලන්ත-ලිතුවේනියානු අධිරාජ්‍යය විසින් ඔහු පරාජය කරන ලද අතර කියෙව් නගරය  එම පෝලන්ත ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලයට යටත් විය. (ලිවෝනියානු යුද්ධය)

වැදගත් - 1572  - ක්රිමියානු ඛාන් වරු  (මුස්ලිම්)  මොස්කව් ආක්‍රමණය කළහ. නමුත් ඊට පසු  අවුරුද්දේ රුසියානුවන් ඔවුන්ව පරාජය කළහ.  කොසැක් වරු මුල් වරට ස්ටෙප්ස්  තණ බිමේ පදිංචි විය.

1582 – කොසක් නායකයෙකු හා කොසක් වරු සමග රුසියානු හමුදා සයිබීරියාවේ ටටාර්වරුන්ව  පරාජය කරන ලදී. 

1598 - පළමු ෆියෝදොරෝව්  1 රජුගේ   මරණය, රුරික් රාජවංශයේ අවසානය සටහන් විය. බොරිස්  ගොදුනොව් නමැති රාජ්‍ය සේවකයා  සාර් බවට පත් විය.

1608 - 1613 ක්‍රි.ව- කිසිදු  තනි  පාලකයෙක් නොසිටිය  රුසියාව අරාජික තත්වයකට පත්විය. පෝලන්තය  මොස්කව් ද , ස්වීඩනය -නොවොගොරොඩ්ද යටත් කරගෙන සිටියහ.  පොෂාර්ස්කි කුමරු සහ කුස්මා 1612 නොවැම්බර් 4 වන දින පෝලන්ත ජාතිකයින් මොස්කව් වලින් නෙරපා හරින ලදී - රුසියානු එක්සත් දිනය ලෙස හඳුන්වන්නේද  සෝවියට් දේශයේ හමුදා දිනය ලෙස හැඳින්වූයේද  මේ දිනයයි. 

1613 - මිහායිල් රොමොනොව් - පළමු සාර් රොමොනොව් සිංහාසනයට පැමිණියේය. ඔහුගේ පුත් සාර් ඇලෙක්සි නව නීති සංග්‍රහයක්ක්‍ රියාත්මක  කළේය.

1649 - රුසියානු ගොවීන් (ඔවුන්ගෙන් 80% ක් පමණ ) ප්‍රවේණි  දාසයන් බවට පත් විය (වහලුන් වැනිවූ ඔවුන්ට  සංචාරය කිරීමට හෝ ස්වාමියෙකු තෝරා ගැනීමට නිදහසක්  තිබුනේ නැත, ඔවුන් ඉඩම් හිමියන්ට සහ ස්වාමිවරුන්ට අයිති වස්තූන් විය)

 1654 - වැදගත් - යුක්රේනියානු සපොරිෂියන් කොසැක් වරු  පෝලන්ත ලිතුවේනියානු පොදුරාජ්‍ය මණ්ඩලයට එරෙහිව කැරලි ගසා රුසියානු සාර් ඇලෙක්සි ඔවුන්ගේ අධිපතියා ලෙස පිළිගෙන  ඔහුගෙන් හමුදා සහාය ඉල්ලා සිටියේය.

1667 - රුසියාව සාර් ඇලෙක්සි යටතේ පෝලන්ත ලිතුවේනියානු පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ වසර 13 ක් සටන් කළේය. රුසියාව ජයග්‍රහණය කළ අතර  ස්මොලෙන්ස්ක් සහ නැගෙනහිර යුක්රේනය ඈඳා ගත්තේය. (දැන් දොන්බාස් නමින් හඳුන්වන පෙදෙස )

1686 - රුසියාව ඔටෝමන් අධිරාජ්‍යයට එරෙහි ශුද්ධ යුද්ධයට  එංගලන්තය සහ ප්‍රංශය සමඟ එක් විය

1688 - සොෆියා රැජින යටතේ - රුසියාව චීනය සමඟ පළමු ගිවිසුම අත්සන් කළේය


Peter the Great

1689 - පළමුවැනි පීටර් , පාලකයා බවට පත්විය.

1700 - තුර්කියට එරෙහිව  එරෙහි යුද්ධය කළු මුහුදේදී ජයග්‍රහණය කරන ලදී. ක්‍රිමියාව රුසියාවට බද්ධ විය.  කළු මුහුදේ සහ අසෝව් මුහුදේ වරායන්  රුසියාවට අයත් විය. (ඔවුන්ට තිබුණේ අර්හන්ගල්ස්ක්  පමණි) - ක්‍රිමියාව අයත් වුනේ කොන්ස්තන්තිනෝපල් ගිවිසුමෙනි.

1712 - රුසියාව , පෝලන්තය, ලිතුවේනියාව සහ ඩෙන්මාර්කය සමග එකතුව එවකට බලවත් රාජ්‍යයක් වූ ස්වීඩනයට එරෙහිව සටන් කළේය. පොල්තාවා යුද්ධයේ දී ස්වීඩන් වරුන් අන්ත පරාජයකට ලක්විය. ශාන්ත පිටස්බර්ග් නගරය ගොඩ නගන ලදී.  

1721 - මහා උතුරු යුද්ධය ස්වීඩනයේ පරාජයත් සමඟ අවසන් විය. ස්වීඩනයේ වියදමින් රුසියාව බෝල්ටික් රාජ්යයන් තමන් නතු කර ගත්තේය. පළමුවන පීතර සාර්   මහා පීටර් අධිරාජ්‍යයා බවට පත්විය.

1759 - රුසියාවේ එලිසබෙත් රැජිනගේ හමුදාව ප්‍රෂියානු රජු මහා ෆෙඩ්‍රික්ගේ හමුදාව පරාජය කළේය.

1762 - තුන්වන පීටර් සාර් ජුගේ  බිරිඳ වන  ජර්මානු කුමරියක් වූ  කැතරින් රුසියාවේ අධිරාජිනිය බවට පත්විය. - කැතරින් II - යටතේ රුසියාව ඔටෝමාන් අධිරාජ්‍යය (1768-74) පරාජය කරන ලදී, පෝලන්ත ලිතුවේනියානු පොදුරාජ්‍ය මණ්ඩලය බිඳ වැටුණු අතර රුසියාව 1918 දක්වා පෝලන්තය යටත්  කර ගත්තේය. පෝලන්තය නිදහස ලැබුවේ ලෙනින් යටතේ සෝවියට් සමුහාණ්ඩුවෙනි.

1809 - සාර් ඇලෙක්සැන්ඩර් 1 ස්වීඩනය සහ ෆින්ලන්තය ආක්‍රමණය කළ අතර පසුව ෆින්ලන්තය රුසියානු අධිරාජ්‍යය යටතේ ස්වාධීන ආදිපාද රජයක් විය.

1812 - නැපෝලියන් රුසියාවට පැරදුනු අතර , පසුව බ්‍රිතාන්‍යය සහ පෘසියාව සමඟ පැරීසිය දක්වා ගිය හමුදා නැපෝලියන් අල්ල පිටුවහල් කරන ලදී . ඇලෙක්සැන්ඩර් ඉ පෝලන්තයේ රජු බවට පත් විය.

1815 - රුසියාව ජෝර්ජියාව, චෙචේනියාව, දාගෙස්තානය, ආර්මේනියාව සහ  අසර්බයිජානය ආක්‍රමණය කර අත්පත් කර ගත්තේය.

1828 පර්සියාව (දැන් ඉරානය) රුසියාව සමඟ යුද්ධයෙන් පරාජය වූ අතර රුසියාවට විශාල භූමි ප්‍රමාණයක් හිමි විය. රුසියාව,  ග්‍රීසිය තුර්කි  ඔටෝමන්වරුන්ගෙන් මුදා ගත්තේය.

1854 - රුසියාව කළු මුහුදේදී තුර්කි නාවික හමුදා  පරාජය කරන ලදී, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය රුසියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළහ. (ක්‍රිමියානු යුද්ධය) - සෙවස්ටොපෝල් වරාය අහිමි වීමෙන් පසු රුසියාවේ ව්‍යාප්ත වීම නතර විය.

1861 - රුසියාව ප්‍රවේණි දාස ක්‍රමය අහෝසි කිරීම (වහල්භාවය)

1865 - රුසියාව මධ්‍යම ආසියාවේ නව භූමි ප්‍රදේශයන්  අත්පත් කර ගත්තේය - තජිකිස්තානය, කිර්ගිස්තානය, උස්බෙකිස්තානය සහ තුර්ක්මෙනිස්තානය ඒවාය. රුසියාව,  ඇලස්කාව ඇමරිකාවට 99 අවුරුදු ගිවිසුමකට විකුණන ලදී  (1867)

1877 - රුසියාව සහ බල්ගේරියාව නැවතත් තුර්කිය සමඟ සටන් කළහ. නමුත් ජාත්‍යන්තර පීඩනය යටතේ රුමේනියාව, බල්ගේරියාව සහ  මොන්ටිනිග්‍රෝ ඇතුළු රටවල් රැසකට රුසියානු අධිරාජ්‍යය විසින් නිදහස ලබා දුනි.


Lenin

1917 - යුක්රේනය රුසියානු අධිරාජ්‍යයෙන් වෙන්වුනු අතර 1918 දී අර්ධ ස්වාධින ලෙස ජර්මන් පාලනයට යටත් විය. ජර්මනියේ කයිසර් බලයෙන් පහවුණු අවස්ථාවේ යුක්රේනය වසර භාගයක්  පමණ නිදහස් රටක් විය. නිදහස් යුක්රේනය බෝල්ෂෙවික් වරුන් විසින් යටත් කරගත්තේ 1918 අවසන් භාගයේය. -(මැක්සිම් කුස්මින්)


1917 - පළමු ලෝක යුද්ධයේ පරාජයන් සමඟ පෙබරවාරි විප්ලවය සාර්ගේ පාලනය අවසන් කළේය. රුසියාව සමාජවාදී  ජනරජයක් විය. ඔක්තෝම්බර් මාසයේදී බොල්ෂෙවික්වරු ව්ලැඩිමීර් ලෙනින් යටතේ බලය ලබා ගත්තේ ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් දියත් කල  කුමන්ත්‍රණයෙන් පසුවය. බොල්ෂෙවික්වරුන් යටතේ සෝවියට් දේශයේ ජනරජ 15 ක් නිර්මාණය විය. යුක්රේන සෝවියට් සමාජවාදී ජනරජය එහි අගනුවර කියෙව් ලෙස  නිර්මාණය කරන ලදී. යුක්රේනය සෝවියට් සංගමය තුළ අඩු බලතල සහිත ස්වාධින  රටක් සහ සමාජවාදී ජනරජයක් බවට පත් විය.

1954 - පෙබරවාරි 19 - සෝවියට් නායක නිකිටා කෘෂෙව් යටතේසෝවියට් සංගමයේ  උත්තරීතර  ප්‍රෙසිඩියම විසින් ක්‍රිමියානු කලාපය රුසියානු සෝවියට් සමාජවාදී සමුහාණ්ඩුවෙන්  යුක්රේන සෝවියට් සමාජවාදී ජනරජයට මාරු කිරීමේ නියෝගයක් සම්මත කරන ලදී.

  

ව්ලැඩිමීර් පුටින් සාර් රජු ලෙස 


2014 (පෙබරවාරි 23-24) - සාර් පුටින් 1 (හෝ ජනාධිපති පුටින්) යටතේ රුසියානු සමූහාණ්ඩුව ක්‍රිමියානු අර්ධද්වීපය ස්වාධීන යුක්රේනයෙන් ඈඳා ගන්නා ලදී.

2022 (පෙබරවාරි 23-24) - සාර් පුටින් 1 ගේ නියෝගය යටතේ, 1667 දී පළමුවරට  රුසියානු අධිරාජ්‍යයට අයත්වූ නැගෙනහිර යුක්රේනයේ ජනරජ දෙකක ස්වාධීනත්වය රුසියාව විසින් පිළිගන්නා ලදී.
 ඒවා රැක ගැනීමට යයි පවසා රුසියාව විසින් ස්වාධින යුක්‍රේනය ආක්‍රමණය කරන ලද්දේ 2022 පෙබරවාරි 24 වැනිදාය.

- අජිත් ධර්මකීර්ති 


52 comments:

  1. Jagatrh Pathirana24 February 2022 at 13:42

    ඔබ සහය දෙන්නේ මුස්ලිම් අන්තවාදින්ට උදව් කරන ඇමරිකා ඔරුමත්තුනාඩුව සමඟද?
    රුදුරු තුර්කියාගෙන් කිතුනුවන් රැකගත් රුසියානු අධිරාජ්‍ය සමඟද?

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් අන්තවාදීන්ට මම දරුණු ලෙසම විරුද්ධය. අරබිකරයට කැමතිම නැත. මගේ "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " පොත අරගෙන කියවන්න. හේතුව වැටහේවි.

      Delete
  2. Same logic can be applied by India to Sri Lanka. Nationalist in Sri Lanka should understand that.

    ReplyDelete
  3. පෙබරවාරි විප්ලවයට බ්‍රිතාන්‍යයෙන් උදව් ලැබුන කියන කතාව ඇත්තක්ද.....

    ReplyDelete
    Replies
    1. නැහැ වෙන්න බැහැ. සාර් නිකොලස් බ්‍රිතාන්‍ය රජ පවුලේ නෑදෑයෝ. රුසියව සහ බ්‍රිතාන්‍යය එකට සටන් කලේ ජර්මනියට විරුද්ධය. ජ්රමිනිය ලෙනින්ට සල්ලි දුන්න බලය ගන්න. ඒක ඇත්ත.

      Delete
    2. එතකොට රස්පුටින්ගෙ මරණෙට සම්බන්ධයක් තිබ්බෙත් නැද්ද බ්‍රිතාන්‍යයෙ... ඩුමාවේ එහෙම.

      Delete
  4. ඇමරිකන් උත්තමයෝ හදේ පවා ඇවිදලා තියෙනවානි. ඒ වගේ උත්තමයෝ ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ, සිරියාවේ එහෙම යුද්ද කරේ ලෝක සාමය වෙනුවෙන්. ඊට පස්සේ ඒවායේ පංකාදුවට සාමය ඇති කරා. එතුමන්ලට බුදුබව පාර්ථනා කරමු.
    ඇමරිකන් ජනාධිපතිතුමා කියන්නේ මහා උත්තමයෙක්. එතුමා ලෝක සාමය වෙනුවෙන් කරන මෙහෙය මිල කල නොහැකියි. ඊයේ පෙරේදා යුක්ක්‍රෙනය කියන රටේ සාමය වෙනුවෙන් පෙනී ඉන්නවා. එහෙත් ඉරාකේ වගේ උජාරුවට සාමය ගොඩ නගනවයි කියනවනේ.

    ඇමරිකන් ජනාධිපතිතුමා එයාර්පෝස් වන් ගුවන් නැවේ නැගිලා උජාරුවට එහෙ මෙහෙ යන්නේ. ඇෆ්ගනිස්ථානයට ගිය ගමන අමාරුම ගමන.
    ඇමරිකන් උත්තමයෝ හඳේත් ඇවිදලා තියෙනවනේ. ඒ වගේ මහා උතුම් පිරිසක් ජිවත් වෙන රටකට, අපේ වගේ කැත, කොට අනාථයෝ ඉන්න රටක කුකුල්ලු වැද්ද ගන්න එකෙන්ම පෙන්වා මේ උත්තමයන්ගේ මහා ගුණාංග.සම්බෝලයි බතුයි කන අපේ අනාත සිංහල කුකුල්ලුන්ට ඇමරිකාවට යන්න ලැබෙන එකත් කොයිතරම් පිනක්ද. මේ පොස්ට් එක ලියපු කෙනා නම් හරිම වාසනාවන්තයෙක්. ලංකාවේ/ ලෝකේ වෙන රටවල ඉන්න කී දෙනෙක් බලාගෙන ඉන්නවද ඇමරිකාව කියන මහා උත්තම දේශයට යන්න බලාගෙන. ඒත් කීයෙන් කී දෙනාටද ඒ අවස්ථාව ලබන්නේ.
    ඒ උත්තමයන් අපගේ රටට කලිනුත් පැමිණියා. ආයේ හෙටත් පැමිණෙනවා. අපි වගේ කළු කැත කොට අනාත සිංහලු ඉන්නා තැනකට කිසි වෙනසක් නැතුව තානාපති විදියට පැමිණෙන එකෙන්ම පේනවා එතුමන්ලාගේ තියෙන උත්තම ගුණය.

    ඇත්තටම අපි ලංකාවේ ඉන්නේ අනාත සිංහල කුකුල් පැටව්. ඇමරිකාව වගේ දියුණු රටක ඉන්නා ඉකොනෝ මැතිතුමාත් කවි ආදිය පල කරමින්, රචනා ලියමින් පෙන්නන්නේ මෙහෙ ඉන්න සිංහලු අපි අනාත අය කියලා ඒකයි. එතුමා ඒ රටට ගිහිං සැහෙන්න කාලයක් ගත උනත් අපි වගේ අනාථයෝ කරන කියන එව්වා ගැන දවස ගානේ ලියන එකෙන්ම පේනවා එතුමාගේත් තියෙන උත්තම ගුණය. නැත්තං වෙන කවුද තමන්ට කප්පරක් වැඩ තියෙද්දී, ඒ රටේ ඇමරිකන් උත්තමයෝ එක්ක පවුරුපාසනයනේ කාලය ගතකරන්න පුළුවන් කම තියෙද්දී හැමදාම අපි වගේ අනාත සිංහලු කරන කියන දේවල් ගැන ලිපි ලියන්නේ, බ්ලොග් එකේ දාන්නේ. තමුන්ට ඒ දියුණු රටේ ඉදං හොද ජොලියේ ඉන්න තියෙන වෙලාව කැප කරන්, ඒ රටේ දෙයක් විදින්න, අපේ රටට වඩා උසස් ඒ රටේ දේවල් කරන්න බලන්න තියෙද්දී අපි ගැනම මෙච්චර වද වෙන, ලියන වෙන කවුද ඉන්නේ ඉකොනෝ මැතිතුමා ඇරෙන්න.

    ReplyDelete
    Replies
    1. 1. මේ පෝස්ට් එකේ වැරැද්ද මොකක්ද?
      2. මම ඇමෙරිකාවේ නෙමේ ඉන්නේ. ලන්ඩන් වල.
      3. මම ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය කරපු දවසේ ඉඳලම විරුද්ධයි , ලිබියාවට සිරියාවට ගැහුවට් විරුද්ධයි. රුසියාව කලෙත් ඒ දේම තමයි.

      Delete
  5. අරාජික වෙලා, නන්නත්තාර වෙන්න ගිය රුසියාව රැක ගත්ත නිසා, පුටින්ට මගේ යම් කැමැත්තක් තිබුණා. දැන් නම් ඒකවත් නෑ.

    Psychopathy is characterized by diagnostic features such as superficial charm, high intelligence, poor judgment and failure to learn from experience, pathological egocentricity and incapacity for love, lack of remorse or shame, impulsivity, grandiose sense of self-worth, pathological lying, manipulative behavior, poor self-control, promiscuous sexual behavior, juvenile delinquency, and criminal versatility.

    ReplyDelete
    Replies
    1. ඔය යට කෑල්ල කොහේ හරි ඇමෙරිකන් ප්‍රොපගන්ඩ එකක් කියවලද ලීවේ? යුක්‍රේනය හොඳත් නැහැ. රුසියානු භාෂාව හෙම පාසල් වල තහනම් කළා. ඔය 15000 රුසියානුවෝ මැරුණ කතාවත් ඇත්ත ෂෙල් වලින්. එක ඇමෙරිකන් කාරයෙක් මැරුනහම ඇමෙරිකාව යුද්දෙට ගිහින් නැත්ද? යුක්රේනයට ලංකාව වගේ නියුට්‍රල් ඉන්න තිබුනේ නැත්ද? රූස්ස සල්ලි ගෙව්වා තෙල් ප්‍රවාහනයට ඉඩ දෙනවට. ඩොලර් බිලියන් වලින්. සෙවස්තොපල් වාරයේ හෙම හමුදා තියනවට ඩොලර් බිලියන් ගන්න ගෙව්වා. ඒවා අරගෙන සද්ද නැතිව ඉන්නේ නැතිව ඇමෙරිකාවට දෙන්න ගියා වරාය . ඔතනදි තමා ක්රිමියාවට කෙල වුනේ. ඊට පස්සේ යුක්රේනය නියුක්ලියර් කපබිලිටි ගන්න ට්‍රයි කරා. ඇයි ඒක ගන්නවා කියල ඊශ්‍රායලය ඉරානයට බෝම්බ දාන්නේ . ඇමෙරිකාව ගහන්නේ. රූස්ස කරන්නෙත් ඒක දැන්. ලංකාව වගේ මැද මාවතේ හිටියනම් ඉවරයි. රූස්ස ඉල්ලුවෙත් ඒක . බටහිර මාධ්‍ය කියන ඒවා වැඩිය විශ්වාස කරන්නත් එපා. rt රුස්සගේ වැඩිය විශ්වාස කරන්නත් එපා. පුටින් පිස්සෙක් නම් - ගානට ප්ලෑන් කරලා ගහන්නේ නැහැ.

      Delete
    2. මෙතන වෙලා තියෙන්නේ පුටින්ට බනින එවුනුත් හොඳ නැති එක. ජර්මනිය, චෙක්, පොලන්තය් අව්ගේ රටවල් ඇරෙන්නේ. ඇමරිකාව , බ්‍රිතාන්‍යය, ප්‍රංශය අතේ ලේ තියෙනවා.

      Delete
    3. https://www.youtube.com/watch?v=o9A-u8EoWcI
      https://www.youtube.com/watch?v=4p8jCuQmHlI
      https://www.youtube.com/watch?v=WDYyXrslXCs

      ඒ තර්කය එච්චර සාධාරණ නෑ නේද, අසල්වැසි රටවල් ආක්‍රමණය කරන්න? ඒ විදිහට ඉන්දියාවටත් තිබ්බා, ලංකාව ආක්‍රමණය කරලා, බෙලොරුසියන් ඌරා වගේ එකෙක්ව මෙහෙත් හිටවලා යන්න.

      සෝවියට් දේශය බිඳවැටුනාම, මම හරියට කණගාටුවුනා ලෝකෙ දේශපාලන සමතුලිතතාවය බිඳුනයි කියලා. ඒත් අන්තිමට වුනේ, පශ්චාත් සමාජවාදී රටවල් වලින්, මෙලෝ රහක් නැති ඒකාධිපති බිහිවෙච්ච එකයි. මේක රුස්සොංඑ යුද්ධයක්ද, නැත්නම් පුටියාගෙයි, එයාගෙ ඉනර් සර්කල් එකේ ධනපතියන්ගෙ යුද්ධයක්ද?

      Delete
    4. ඉතින් ඉන්දියාව පරිප්පු දැම්මේ. යූඑස් ආවේ නැහැනේ ජේ ආර් බලාපොරොත්තු වුනු විධිහට බේරගන්න. එතකොට උනත් ඉන්දියව සෝවියට් දේශය පැත්තේ හිටියේ. ඒත් අමෙරිඅක්ව ආවේ නැහැ උදව්වට. අන්තිමය ඉන්දු ලංකා ගිවිසුම් අත්සන් කළා. එතකොට සවුදි අරබිය යුඑස් උදව් ඇතිව යේමනයට ගහන එක. බෝම්බ දාන එක.මිනිස්සු මරණ එක. ඕවා තමා ප්‍රශ්න.

      Delete
    5. එතකොට පුටින් 2014 ඉඳන් අවුරුදු 8 ක් හිටිය ඇමෙරිකාව කියනකම් නැටෝ එන්නේ නැහැ කියල පොරොන්දුව ගන්න. ඔය කළු මුහුදේ වරයට ඇමෙරිකාව ආව නිසා තම ක්රිමියාව මෑන් ගත්තේ. සමහර විට බසු රුසියාවේ හිටියනම් ඒකම කරන්න ඉඩ තියෙනවා. ඔය ප්‍රශ්නේ ලොකු දෙපත්හක් තියනවා.

      Delete
    6. ඇත්ත, මම පිලිගන්නවා ප්‍රශ්නේ මට නොපෙනෙන පැත්තක් තියෙන බව.

      ඒත් මේ කරන කැත වැඩේ ඒකෙන් සාධාරණීකරනය කරන්න අමාරුයි. ප්‍රජාතන්ත්‍රවාදී, නිදහස් රටක් ආක්‍රමනය කරලා, තමන්ගෙ ඇජෙන්ඩා එක උන් මත බලෙන් පටවන එක.

      Delete
    7. Ajith,
      Latvia, Lithuania, Estonia and other east European countries are in NATO and Russia will not attack them. Had they not joined NATO same fate would have happened to them in the future.

      Delete
    8. බස්තුමා,
      පුටින් ටිකක් ඕල්ඩ් ෆැශන්ඩ්. සීතල යුද්ධෙට වඩා මෑන්ගෙ වැඩවලින් ඇෆ්ගනිස්තාන්, සුදු -රතු යුද්ධ, ස්ටාලින්, ඇෆ්ගනිස්තාන් වගේ කාලයන් මතක් වෙනවා ඊටත් වඩා ඒත් මෑන්ගෙ ප්‍රින්ස් ඔෆ් නොව්ගොරොඩ්ගෙ කාලෙ වගේ වැඩ තියෙනවා. ඇමරිකාවෙ ඇටිටියුඩ් එකත් ඉතිං ඔල්ඩ් ෆැශන්ඩ්නෙ හුග වෙලාවට.
      මට හිතෙන්නෙ මොඩර්න් විදිහට බුලීන් කරන්න හොඳටම දන්නෙ චීනෙ තමයි. ඇමරිකාව හා රුසියාව තාම සමහර වෙලාවට අතීතයෙ ජීවත් වෙන්නෙ. චීනෙ වර්ථමානයෙ හා අනාගතයෙ.
      මට නම් වයිකින් හා ලාස්ට් කින්ඩම් ඩ්‍රාමා තරම් ඈතට මතක්වුනා.
      ඒත් අපි ඉන්න තත්වෙ අනුව අද ජීවත් වෙන්න මුන්ගෙ මගුල් යුද්ධ කොහොම බලපායිද කියන එක තමයි ලංකාවෙ ඉඳන්නම් හිතන්නෙ.

      දැන් අපි ඉතිහාස පොත්, අයිතිහාසික සීරීස්වල යුද්ධ ගැන ආසාවෙන් කියෙව්වට, බැලුවට ඒ කාලෙත් දුප්පත් මිනිස්සු ඒ යුද්ධ දිහා බලන්න ඇත්තෙ ලංකාවෙ අය මේ යුද්ධය දිහා බලන විදිහට තමයි

      Delete
    9. @ප්‍රාජේ
      සෑහෙන සාධාරණ තර්කයක්. හිටපු කේජීබී නායකයෙක් විදිහට, පුටියගෙ දක්ෂතාවය(ටැක්ටිකල්) ප්‍රශ්ණාත්මකයි. රටවල් යටත් කරගෙන පාලනය,කොහොමත් වියදම්කාරී සහ වේදනාකාරී වැඩක්.

      Delete
    10. Ego, style of leadership, showmanship, larger than life image, maintenance of popularity at home, being a demagogue and an icon.
      There are many subjective factors. We see only the objective aspect, and are puzzled sometimes.

      Delete
    11. Oh yes, he is a man of culture.
      https://www.youtube.com/watch?v=CBCDd6LUneg

      Delete
    12. මට දැනට වෙලාවක් නැහැ හැමෝටම උත්තර ලියන්න. මේ මම 2014 ලියපු ලිපියක්. පුටින් නැවත සෝවියට් දේශ සිමා පිහිටුවයි කියන එක. මේක ලිව්වහම් එක්තරා ඒජන්සියක් මට වැඩට එන්න කීව ඇනලිස්ට් කෙනෙක් හැටියට. මම බයටම ඊට පස්සේ ලියන එක නැවැත්වුවා. සිංහල බ්ලොග් එක පටන් ගත්තේ "හරියටම" ඊට පස්සේ.
      https://quantumchecks.blogspot.com/2014/05/will-new-russia-turning-back-to.html

      Delete
    13. Dear Ano-Anonymous25 February 2022 at 05:29
      That's a catch 22 situation. Ron Reagan, Thatcher and Helmut Kohl promised Gorbachev and then to Yeltsin they would not come to Baltics, or near to Russian border. I mean would not expand NATO.
      Gorbachev still lives. Russians hate him. Yeltsin died broken man. Like in India certain elite of Russia will not allow Russian disintegration. That’s how Putin came to power. That act of betrayal by the west (bringing NATO to Russia’s border), showed Russian’s west was not serious on promises. The seeds to what happened yesterday was sowed there and then. I remember in 1991 Russians were very happy that they are going to join the Eu and their generals thought they would be in NATO. But US wants an enemy. How do you support your military complex otherwise?

      Delete
    14. praje, බසු, අපි රුසියාවට ගියේ 2016. ඇමෙරිකාව සහ බටහිර ක්‍රිමියාව නිසා දාපු බාධක වලින් රුසියාවට ගානක් වත් නැහැ. මොස්කව් එන්න එන්නම රිච්. අපි ඇහින් දැක්ක දේ. කෑම බිම ප්‍රශ්න තිබ්බේ නැහැ. සෝවියට් කල්ටේ වඩා හොඳයි. උන්ගේ රන් සංචිතය ඇතිවෙන්න තියනවා තව අවුරුදු දහයක් අල්ලන් ඉන් ඩොලර් සංචිතය තියනවා. පුටින් සහ රුසියාව කියන්නේ ලංකාවේ වගේ ගොන් නායකයෝ ඉන්න රටක් නෙමේ.

      Delete
    15. This comment has been removed by the author.

      Delete
    16. මෙහෙම හැම පැත්තෙන්ම වදිනකොට, එහෙම නොවෙන්නත් ඇහැකි.

      Anonymous declares a cyber war

      Russia Space Agency Head Making Threats

      Delete
    17. ඕවා මේ බටහිර මාධ්‍ය වල එමොෂනල් කතා බසු. ඔය සයිබර් වෝර් වලින් යුද්ධ නවත්වන්න නම් මිසයිල පද්ධති අවහිර කරන්න ඕනේ. රුස්ස ටත් වෙනම සයිබර් වෝ ෆෙයාර් යුනිට් තියනවා.

      Delete
    18. //"If you block cooperation with us, who will save the ISS from an uncontrolled deorbit and fall into the United States or Europe? There is also the option of dropping a 500-ton structure to India and China. Do you want to threaten them with such a prospect? The ISS does not fly over Russia, so all the risks are yours."// he is telling the truth. If they stop SWIFT payments they can stop gas. We are fucked. My gas price went up yestrday. I pay 90 pounds per month. yesterday it went up to 179 per month.

      Delete
    19. Kremlin website down - Reuters
      The official website of the Kremlin, the office of President Vladimir Putin, was down again on Saturday.

      Vistors to the page - at Kremlin.ru - were unable to load the site as usual, Reuters reported.

      The website had had the same problems on Friday.

      Internet tracking site, NetBlocks, said that various Russian government websites - including the Ministry of Defence - were not working on Saturday.

      Delete
  6. කවුරු බැන්නත් නරක කිව්වත්
    කවුරු හරි තව බලය හෙව්වොත්
    අනුන් ගැන කිසිසේත් නොතකත්
    අතීතෙන් පාඩම්ද නොගනිත්

    ReplyDelete
    Replies
    1. කොයි කවුරු මොනව කීවත් සමහරු මිනිස්සු තමන්ට අවශ්‍ය දේ තමා කරන්නේ

      Delete
    2. එක එක රටවලට, එක එක ආණ්ඩුවලට තියෙන න්‍යායපත්‍රය වෙනස්. ඒ ඔස්සේ තමා ඔවුන් තීරණයවලට බහින්නෙ. හැම කිල්ලොටයේම හුණු තියේ, හරි කවුද වැරදි කවුද කියල තීරණයකට ඒම අපේ මෝඩ කමක් කියලයි මට හිතෙන්නෙ

      Delete
    3. ඒක ඇත්ත. මම හැම වෙලේම බලන්න නිදහස්ව බලන්න.

      Delete
  7. බටහිර ධනවාදයේ බලහත්කාර ව්‍යාප්තියට එරෙහිව රුසියානු විමුක්ති සන්නද්ධ අරගලයට අපගේ ආචාරය.

    හිරු නැගෙනා විටත් හිරු බැසයන විටත් අරගලය වෙනුවෙන් දිවි පිදූ අභීත විරුවන් සිහි කරමු.

    -රංග තේනුවර(GTRZ)- ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම්(ලක්ෂ 6 කට වඩා ලියාපදිංචි සාමාජිකයන් සිටි.)

    ReplyDelete
    Replies
    1. මේං ඉන්නව ඔය කියන විමුක්ති අරගලයේ නියමුවෙක්.😉
      Russian oligarch brawls during debate

      Delete
    2. බස්සා දන්නවද මේ ලේබෙදෙව් ගේ කතාව. මෙයා කේජිබි ඉහල නිලධාරියෙක්. මුලදී මම ඉගෙනගත් විශ්ව විද්‍යාලය ළඟ තිබු බෞමන්ස්කයා එකේ ප්‍රොෆෙසර් කෙනෙක්. මෙයාල තමා පුටින් ව ගෙනාවේ (කේජිබි). මෙයාගේ පුතා යෙව්ගෙනි ට තමා ලන්ඩන් වල evening standard පත්තරේ සහ දි ඉන්ඩිපෙන්ඩන්ට් අයිති. ඒවල යුරෝපා සංගමේ ගැන කියපුව අහල තමා මෝඩ සුද්ද යුරෝපෙන් එලියට යන්න කතිරේ ගැහුවේ. පුටින් මෝඩ නායකයෙක් පිස්සෙක් නෙමේ කියල තේරෙනවද?

      Delete
    3. මට මතකයි ඔය බෞමන්ස්කයා ගැන, අජිත්ගෙ කතාවෙ තිවුනා. කේජිබි ට්‍රේනින් ස්කූල් එක වගෙයි මතක. Red Sparrow කතාවෙත් යම් තරමක ඇත්තක් ඇති, බලාගෙන යනකොට.🤔

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. නැහැ ඒකෙ තමයි ප්‍රථම නියුක්ලියර් රිඇක්ටර් එක හැදුවේ. ඒක තවම වැඩ.

      Delete
  8. https://www.quora.com/In-Vikings-season-6-is-Kievan-Rus-a-real-place-Did-Prince-Oleg-really-rule-Kievan-Rus

    ReplyDelete
  9. හරිම කාලෝචිත වැදගත් සටහනක්. හැම ආක්‍රමණයක් පිටිපස්සෙම ඉතා විශාල ඉතිහාස කතාවක් තියෙනවා. බටහිර මාධ්‍ය හැම වෙලාවෙම හංගන ගොඩක් දේ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බටහිර මාධ්‍ය හැම වෙලේම රැල්ලට ලියන්නේ. ඒ වෙලාවේ රේටින් වලට. ඕක තමා ප්‍රශ්නේ. බැලන්ස් රිපෝටින් තිබ්බ නම් හුඟක් දේවල් වෙනස් වෙනවා.

      Delete
  10. කාලෝචිත, වැදගත් සටහනක්..
    අද තමා මේ පැත්ත ට ගොඩ උනේ. බස්සා තමා පාර කිව්වේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආවට අඟහරු. මට මේ හැන්ඩ්ල් එක මතකයි.

      Delete
  11. ට්‍රාන්සිල්වේනියා විස්තරාත්මක, යුක්‍රේන අත්දැකීම ලියලා:🤔
    https://transyl2014.blogspot.com/2022/02/blog-post_25.html

    ඒක කියෙව්වට පස්සෙ මේක දැක්කා.😢😒

    https://transyl2014.blogspot.com/2022/02/blog-post_25.html

    ReplyDelete
    Replies
    1. රුවන් ඉගෙන ගත්තේ උක්රයින් වලනේ.

      Delete
  12. 'සෝවියට් සමූහාණ්ඩුව බිහිවුණේ මොස්කව් කේන්ද්‍ර කරගෙන නොවෙයි. යුක්රේනයේ කිව් අගනුවර මූලික කරගෙනයි."

    රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරන ඉහත ප්‍රකාශය සත්‍යද අජිත්?

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන්ම වැරදියි. කොහෙද එහෙම කියල තියෙන්නේ

      Delete
    2. සිළුමිණ

      https://www.silumina.lk/2022/02/26/%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA/%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%BB%E0%B7%84%E0%B7%83

      Delete
    3. පත්තරේ ලියපු එක්කෙනා වැරැද්දක් කළා වෙන්නත් පුළුවන්.

      Delete
  13. Keep writing Ajith ! At least we need one article per week from you in this regard.
    - Mayurawila

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .