Monday 28 February 2022

න්‍යෂ්ටික මරණයේ සීතල - රුසියාව නැති ලෝකයක් අපට අවශ්‍යද - ද්මිත්‍රි කිසිල්යෙව් ගේ තර්ජනය





න්‍යෂ්ටික මරණයේ සීතල - රුසියාව නැති ලෝකයක් අපට අවශ්‍යද - ද්මිත්‍රි කිසිල්යෙව් ගේ තර්ජනය 
******************************************************
බොහෝ අය (සමහර වාමාංශිකයන්  සහ දක්ෂිණාංශික මාධ්‍ය ද ඇතුළුව ) පුටින් මෙගලොමේනියක් (megalomaniac), සයිකොටික්, ඒ කියන්නේ අතිශය බල ලෝභියෙක් , පිස්සෙක්, විකෘති කාරයෙක් යනුවෙන්  තර්ක නගති.  ඒ කියන සියල්ලෝම රුසියානු මහා ජාතිවාදය යනු කුමක්දැයි හඳුනන්නෝ නොවෙති. ලෙනින් විසින් 1916-17 වසර වල  තීරණාත්මක එරෙහිවුයේ එයටය. ලෙනින් රුසියානු අධිරාජ්‍යය ට අයත් ෆින්ලන්තය, පෝලන්තය ආදියට නිදහස හා ස්වයං නිර්ණන අයිතිය ප්‍රධානය  කලේද එලෙසය. යුක්රේනයට ද එලෙසම ස්වයං නිර්ණය අයිතිය  ප්‍රධානය කිරීමට සුදානම් වූ නමුත්  සුදු හමුදා යුක්‍රේනයේ සිට පහර දීමට පටන් ගත් බැවින් එය යටත් කර ගැනීමට යුධ හමුදා යැවීය.  

කෙසේ වුවද ලෙනින් පූටින් ට සම්පුර්ණයෙන්ම විරුද්ධ හා ස්ටාලින් ට සහය දක්වන්නෙක් වන්නේද මේ නිසාය. පුටීන්  කිවේ ලෙනින් රුසියානු මව ගේ යට කාල බෝම්බයක් තැබූ බවයි. පූටින් සමාජවාදියෙකු නොවේ.

 ඒ එසේ වුවද මා දිගින් දිගටම ලියන්නේ නේටෝ සංවිධානය රුසියාව වට කිරීම තුල තම ජනතාවට ඉදිරිපත් කිරීමට පුටින් ට සාධාරණ හේතුවක් තිබු බවයි.  ඓතිහාසික වශයෙන්මේ ගත් කලද ඔවුන්ගේ රටට ආක්‍රමණ ආ පැති  රුසියානුවෝ හොඳින් දනිති. ඒ  නිසා මේ අවස්ථාවේ යුක්රේනයේ සෙලෙන්ස්කි යථාර්තය  පිළිගෙන නේටෝ සංවිධානයෙන් ඉවත් වන බවට සහතිකයක් දිය යුතු බව මගේ අදහසයි. පුටීන් සිය හමුදා ඉවත් කරගෙන ආක්‍රමණයෙන් සිදුවූ හානි වලට වන්දි ගෙවිය යුතුය. එසේම යුක්‍රේනයේ අන්තර්ජාතික සාම සාධක හමුදාවක් බලවත් ආයුධ සහිතව රඳවා තැබිය යුතුය.  නේටෝව නමැති යුධවාදී සංවිධානයට ඇතුළු නොවන බව ප්‍රකාශ කිරීම පූටින් ට යටත් වීමක් නොවේ. ඒකාධිපතියෙකුට අවශ්‍ය අන්දමට ක්‍රියා කිරීමක් ද නොවේ.  යුක්රේනය නේටෝවට එක් නොවන බව පැවසීම  අතිශයින් නිර්භීත ක්‍රියාවකි.  ලෝකය  මේ එළඹෙන විනාශයෙන් බේරා ගැනීමකි. පුටින් නොව ඉතිහාසයට යන්නේ සෙලෙන්ස්කිය. 

යුක්රේනයට නේටෝවට එක්වීමට ස්වාධින අයිතියක් ඇතැයි කියන අය ඇමෙරිකා  එක්සත් ජනපදය සහ මා සිටින බ්‍රිතාන්‍ය ය ද පසුගිය අවුරුදු දෙකහමාර මුළුල්ලේ යුක්රේනයට  හමුදා ආධාර සැපයු බවද යුක්‍රේන හමුදා පුරුදු කල බවද එක්කෝ නොදනිති. නැත්නම් නොදන්නා සේ සිටිති.  අද රුසියානු හමුදා එරී සිටින්නේද ඒ නිසා විය යුතුය. එසේ නොමැති නම් ඔවුන්ගේ වෙනත් උපාය මාර්ගයක් තිබිය හැකිය. ඔවුන්ටද ජනාකීර්ණ ස්ථාන තැන වලට බෝම්බ දමිම්මට නොහැකිය. එවිඅට් එය යුධ අපරාධයක් වන්නේය.
එනිසා කුඩා යුක්‍රේනයට මහා බලවත් රුසියාව ඇතුළු වුවා නෙමේ. ඇෆ්ඝනිස්ථානයේ මෙන් මේ යන්නේ ප්‍රොක්සි යුද්ධයකි. යුක්‍රේනය අවාසනාවට සිටින්නේ මේ මහා බලවතුන් ගේ මැදය. මගේ මධ්‍යස්ථ බවට හේතුව එයයි. මා යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය  ඉවත් වීමට විරුද්ධව පෙළපාලි ගිය බ්රෙක්සිටයට විරුද්ධව චන්දය ප්‍රකාශ කළ අයෙකි. එදා එව්ගේනි ලෙබෙදෙව් ගේ ඉව්නින් ස්ටෑන්ඩඩ් පත්‍රය සහමුලින්ම බ්රෙක්සිට්වාදී හා  යුරෝපා සංගම් විරෝධී විය. එය පසුපස සිටියේ පූටින් ය. එව්ගේනි ගේ පියා බිලියන්පති ඇලෙක්සැන්ඩර් ලෙබෙදෙව් හිටපු කේජිබි සෙන්පතියෙකු මෙන්ම පූටින් ගේ හිතවතෙකි. එදා මම සහතික ලෙසම පූටින් ට විරුද්ධ වුනෙමි.  

නමුත් මේ මධ්‍යස්ථ වීම තුල මම තවමත් කියන්නේ යුක්‍රේනය නේටෝවට නොයා නිර්පාක්ෂික වී රටත් ජනතාවත් ලෝකයාත් බේරා ගත යුතු බවය. අවසනාවකට අප පත්ව ඇති තත්වය මෙයයි. පූටින් ඉවත් කළා කියා ප්‍රශ්නය  එකවරම විසඳෙන්නේ නැත. පූටින් ඉවත් කළ යුත්තේ රුසියානු ජනතාවය. ඔවුන් ඉදිරියට එනු ඇත. ඒ සඳහා මහා  රුසියානු ජාතිවාදය පරාජය කල හැකි නායකයෙක් අවශ්‍යය.

දැන් මම වෙස්ති  නිදෙලි (සතියේ විත්ති ) නමැති රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති වැඩ සටහනේ ද්මිත්‍රි නෙව්ස්කි නමැති නිවේදකයා සහ විචාරකයා කියූ දේ පරිවර්තනය කරමි.

 පුටින් රුසියාවේ න්‍යෂ්ටික උපායමාර්ගික හමුදා දැඩි සීරුවෙන් තැබීමට නියෝග දුන්  පසු ඔහු මේ ප්‍රශ්නය ඉදිරිපත් කළේය:

 "රුසියාව එහි නොමැති නම් අපට ලෝකයක් අවශ්‍ය වන්නේ ඇයි?"

"සමස්තයක් වශයෙන් අපගේ සබ්මැරීනවලට න්‍යෂ්ටික යුධ තුඩු  පන්සියයකට අධික ප්‍රමාණයක් දියත් කිරීමට හැකියාව ඇත, එම ආරම්භයෙන්ම   එක්සත් ජනපදය සහ සියලුම නේටෝ රටවල් විනාශ කිරීම සහතික කරයි," 

ඔහු පවසන  මූලධර්මය අනුව රුසියාව  නොමැති නම් එවැනි  ලෝකයක් අවශ්‍ය වන්නේ නැත.

ඔහු පැවසුවේ "රුසියාවේ න්‍යෂ්ටික අවි ප්‍රහාර කරනු  ලබන්නේ ලෝකයේ වේගවත්ම උපාය මාර්ගික බෝම්බ හෙලන යානා විසින් " බවය.

 "අපි අපේ උපාය මාර්ගික රොකට් බලකායන් ගැන කතා කිරීම අවශ්‍ය නැත. සමස්තයක් වශයෙන් ගත් කල, ලෝකයේ බලවත්ම න්‍යෂ්ටික හැකියාව ඇත්තේ රුසියාවට. ” යි ඔහු තව දුරටත් පැවසීය.

"දැන් රුසියාවේ සමස්ත න්‍යෂ්ටික බල ත්‍රිත්වයම විශේෂ සීරුවක  තබා ඇත. පුටින් ඔවුන්ට (බටහිරට)  අනතුරු ඇඟවීය. රුසියාව බිය ගැන්වීමට උත්සාහ නොකරන්න."  

ඒ ඔහුගේ අවසන් නිවේදනයයි.
(රුසියානු බස දන්නා යහළුවෙකු ගෙන් අසන්න)



කිසිල්යෙව් මේ කියන්නේ කුමක්ද යන්න හොඳින් කල්පනා කර බලන්න. ඔවුන්ට න්‍යෂ්ටික තුඩු 6200 පමණ තිබේ. මෙම වීඩියෝවට  රුසියානුන් කොපමණ සහය දෙන්නේ දැයි බලන්න. මේ "මව්බිම නැත්නම් මරණය  " තෝරා ගන්නා  රටකි. 
සියදිවි නසා ගන්නට පමණක් නොව මරාගෙන මැරෙන්නට සැරසෙන ඒකාධිපති ජනාධිපති කෙනකු සහ ජනතාවක් සිටින  රටකි.

ඔබ තවමත් සිතන්නේ යුක්‍රේනයට නේටෝව තෝරා ගැනීමේ අයිතියට සහය දෙන්නද? නැත්නම් මේ රටවල් දෙකට සාකච්චාවලට  එළඹීමට බල කර අන්තර් ජාතික සාම සාධක හමුදාවක් යැවීමටද? 

36 comments:

  1. බටහිර ව්‍යාප්තවාදී ධනවාදයට එරෙහිව අභිතව සටන් වදිනා රුසියාවට සහය දක්වන අජිත් ධර්ම මහතාට අපගේ ස්තුතිය. ශ්‍රී ලංකාවෙත් උනත් යුක්රේනයට කඩේ යන්නේ කවුද කියලා හොයලා බැලුවම පේන්නේ ඒ සුද්දට ගොට්ට අල්ලන එජාපයේ සහ ජෙවිපේ සුළුතරයක් බවයි.

    අජිත් ධර්ම මහතා මෙහිදී නිවැරදි තැන සිටගෙන සිටිනවා. රුසියානු සමාජවාදී විමුක්ති සන්නද්ධ අරගලය දිනේවා.

    ReplyDelete
    Replies
    1. පූටින් ගේ තියන්නේ ධනවාදී/ටිකක් ඉතාලියේ වගේ මාෆියා ඇති /බිලියන්පතියෝ ඉන්න ක්‍රමයක්. සමාජවාදයක් නෙමයි

      Delete
  2. Jagatrh Pathirana28 February 2022 at 13:06

    රුසියාව නැති ලෝකය හරියට සිංහල නොවන ශ්‍රි ලාංකිකයා වගේ.

    ReplyDelete
  3. යුක්‍රේණියානුවන් පිළිබඳ සානුකම්පික හැඟීමක් ඇතත් ඔවුන්ගේ රජය ගෙනයන්නේ වැපුරූ බීජ වල අස්වැන්නය!

    ReplyDelete
    Replies
    1. යුක්රේනය පැත්ත ගන්නේ නැහැ කියල, මේකේ පති දෙකයි තියෙන්නේ කියලා මට බුකියේ හෙන විරෝධයක් එනව. වාමාංශික කියල කියන කට්ටියක්ම තමා ඒක කියන්නේ. ඔය අල්ජසීරා ලිපියේ තියෙනවා නාසි බැජ් එක්ක සටන් කරපු කාණ්ඩ ගැන 2014. ඒ කට්ටිය දැන් සාමාන්‍ය ආමි එකේ ඉන්නේ. සෙලෙන්ස්කි යුදෙව්වෙක් නම් එක කලේ ඇයි කියන එක මට ප්‍රශ්නයක්.

      Delete
  4. නිනවීෂු එත පූටීනා, මේ මොංගල් මාෆියා ගෙනරාල්ස්කී රොත්ත නිසා මේ අහක යන අපිටක් මැරෙන්නද වෙන්නේ? අපිටත් රුසියාවක් නැති ලෝකේ වඩා හොඳයිද කියලත් හිතෙනෙක වැරදීද? මේකා කියන්නේ බයිඩන්කාරයා සාකච්චා වලට කැමතිවුනේ නෑ කියලා

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔයාට තියෙන්නේ රුසියාවට කෙලවෙච්ච් අවුරුදු වල උන්ගේ රැසිසම් එකෙන් බැට කාල නිසා තියෙන වෛරයක් . අපේ මල්ලිගේත් සල්ලි ඉස්සුවා 1994 විතර රුස්සෝ. පොලිස් කාරයෝ පවා. මෑන්ටත් පෙන්නන්න බැහැ. හේ හේ බයිඩන් කැමති වුනේ නැහැ තමා. මොකද බයිඩන් ඔය මම උඩ කියල විධිහට යුක්රේන් ආමි එක ට්‍රේන් කළා. බයිඩන් ට සිරියාවේදී කෙලෙව්ව එකට නයි වයිරෙන් ඉන්නේ පූට එක්ක . මුන් ඔක්කොටම පිස්සු.

      Delete
    3. මම දැක්ක පුටීන් කියන., ඔය භාෂා භේදය පිලිබඳ ප්‍රශ්නය ඔයත් දාල තියෙනවා. හැබැයි ඉතින් ඒකට රටක් ආක්‍රමණය කළා කියන්න බැහැ. එම සාර් රජ්ජුරුවෝ වෙන්න යන ගමනක් මට පේන්නේ.

      Delete
  5. //ඒ නිසා මේ අවස්ථාවේ යුක්රේනයේ සෙලෙන්ස්කි යථාර්තය පිළිගෙන නේටෝ සංවිධානයෙන් ඉවත් වන බවට සහතිකයක් දිය යුතු බව මගේ අදහසයි. පුටීන් සිය හමුදා ඉවත් කරගෙන ආක්‍රමණයෙන් සිදුවූ හානි වලට වන්දි ගෙවිය යුතුය. එසේම යුක්‍රේනයේ අන්තර්ජාතික සාම සාධක හමුදාවක් බලවත් ආයුධ සහිතව රඳවා තැබිය යුතුය. නේටෝව නමැති යුධවාදී සංවිධානයට ඇතුළු නොවන බව ප්‍රකාශ කිරීම පූටින් ට යටත් වීමක් නොවේ//

    එකඟයි. ප්‍රායෝගිකයි.

    ෆැක්ට්ස්:
    1.රුසියාව යනු පුටින් නොවේ. ඒත් ඔහු එසේ සිතා සිටින බව සිතේ.
    2.යැංකි ගුලිය ගිල්ල පුටිං, මොල හතේ කපුටකු නොවේ.
    3.US- Russia අතර ගුවන් ගමන් තහනමක් නැති අතර, තාමත් යැංකි බාධක වල ඇල්මැරුණු ගතියක් ඇත.
    4.දින හතරකට පෙර සම්බාධක වලට හිනාවුන පුටින් දැන් හිනා වෙන්නේ නැත.

    ඩොලර් කපුටාස් හෑව් හිට් ද රෂියන් නිකනොමි අන්ඩ් හුටාස්!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. දැන් මට හැමෝම කියන්නේ මධ්‍යස්ත වෙන්න බැරිය. මේ යුද්ධයේදී ආක්‍රමනිකයට විරුද්ධ පැත්ත ගත යුතුය කියල . මම හැම තැනම ලියන්නේ මම පුටින් ආක්‍රමණය කලාට විරුද්ධ බව. නමුත් පොරට සාධාරණ හේතුවක් තියෙනවා. කෙනඩිට තිබ්බ සාධාරණ හේතුවම. එච්චරයි. සම්බාධක වලින් අවුල් තම රට. මම හිතන්නේ පූට හිතුවේ නැහැ මෙච්චර විරෝධයක් එයි කියල. බසු දැන් නිව්ස් බ්ලකවුට් එකක් යනව හැම තැනම. . ෆ්‍රී ස්පිච් ඉවරයි. අපිට වුනත් ෆේස්බුක් එකේ මුකුත් දාන්න බැහැ. හැම මීඩියා එකේම කියන්නේ එකම දේ. මොකද මේක යුද තත්වයක් නිසා. යුරෝපේ නම් rt හෙම තහනම් කරලා. මේ පෝස්ට් එක වීඩියෝ එකත් අයින් කරලද කොහෙද? ඒක හරිද කියන්න මම දන්නේ නැහැ. යුද්ධයකදී ඇත්ත එළිදරව් වෙන්ව නම් වඩා හොඳයි.

      Delete
    3. අමාරුයි හිතා ගන්න කොයිතරම්දුරකට පුටින්ට ඇත්තටම පිස්සුද, කොයිතරම් දුරකට තගරිවලින් බයකරන්න හදනවද කියන එක.

      Delete
    4. යුක්රේනය ට්‍රේන් කළේ ඇමෙරිකන් ෆෝසස්. තවම ඉන්නවා. ඊයේ ඩ්රෝන් ඇටැක් එක දුන්නොත් එයාල. නියුක්ලියර් තරජනෙත් ඒක නිසා මම හිතන්නේ. බ්‍රිතාන්‍ය කෙසේකට නෙමේ. ලොකු රටවල් දෙක අතර පුංචි රට තැලෙනවා . endgame එක මොකක්ද කියල හිතා ගන්න වත් බැහැ

      Delete
  6. මට ඇසුරු කරන්න ලැබුන රුසියානුන් මිත්‍රශීලී, දක්ෂ සහ අවංකව වැඩ කල අයයි. ඔවුන්ගේ රුසියන් හාස්‍යය ඉතා ඉහලයි. රුසියාව නැති ලෝකයකට කෙසේවත් කැමති නැතිමුත්, පුටින් හා ෂී-ජිං-පින් නැති ලෝකයකට අකමැත්තක් නැත.

    ReplyDelete
    Replies
    1. Jagatrh Pathirana28 February 2022 at 18:29

      тамилы злые
      китайцы хорошие

      Delete
    2. රුස්සොයි යුක්රේන් එවුනුයි දෙගොල්ලම හොඳයි. මිනිස්සු වශයෙන්. හැබැයි යුක්රේන් සමහර කොටසක් ඉන්නව (රුස්සොත් ඉන්නවා) අන්ත ජාතිවාදියි. අපේ වයලින් ටීචර් යුක්රේන්. ඉරිනා ට්ස්විගුන්. කල්ලෙක් ළඟ ඉඳ ගන්නේ නැහැ. මුලදී මටත් වැඩිය කැමැති නැහැ.මම වයිෆ් ට කීව ගෙන්න ගන්නත් එපා කියල. පස්සේ පස්සේ හැබැයි සෙට් වුනා. අර ඇන්ටි වැක්ස් කල්ලියේ කෙනෙක්. හෙන රයිට් වින්. කතා කරන එක හෙන ෆන්. කියන කුමන්ත්‍රණ ඇහුවම හිනා යනවා.

      Delete
  7. හැම පැත්තකම තතු හරි හැටි නොදන්නෙමි
    බල තණ්හාව විපතකි යැයි හඟින්නෙමි
    උමතු ලොවක ඉන්නා බව සිතන්නෙමි
    යුද වැද දිනු අය ඇත්දැයි සොයන්නෙමි

    ReplyDelete
    Replies
    1. ඔක් තමයි නිදී හැම තැනම. පූටින් ගේ කාලේ ඉවරයි කියල් එයාට තවම් තේරිලා නැහැ.
      මම ඒකනේ කියන්නේ මේ ලෝකේ දෙයියෝ නැහැ කියල. ඉන්නවනම් රටවල් වලට ඔහොම දඬුවම් දෙන්නේ නැහැ.

      Delete
  8. මේ විශ්ලේෂණය සෑහෙන දුරට හරි කියල හිතෙනවා.
    https://www.youtube.com/watch?v=W-g1s1K_FCE

    ReplyDelete
    Replies
    1. නාසි හමුදා නැහැයි කියන කට්ටියට
      https://www.aljazeera.com/news/2022/2/28/ukrainian-fighters-grease-bullets-against-chechens-with-pig-fat?fbclid=IwAR0MLIRZayZiEtbU4dAPyj9-iPZJXXw3p4pEnTqqJ0DGv-Ctok_rzEKT8Lo

      Delete
    2. ඔව් ඒක හොඳයි. ඕක තමා මම කියන්නේ බයිඩන් නුයි ලන්ඩන් නුයි යුක්රේනය සන්නද්ධ කළා කියල. රුසියාව ස්ටක් ම නෙමේ. ගහන්නේ පොඩි යුධ වලින් , මිසයිල් පොඩි ඒවා. සිරියාවේ ගහපුවා වත් ගහන්නේ නැහැ. කාපට් බොම්බින් කරන්නේ නැහැ. හේතුව මිනිස්සු මරණ ගාන වැඩිවුනොත් ගමේ රුස්සෝ කලබල වෙනවා. උන්ට යුක්රේන් කියන්නේ සහෝදරයෝ. ඒ බය තමා පුටින් ට තියෙන්නේ. හැබැයි මේ ඉන්ෆොමේෂන් වෝර් එකේ යුක්රේන් දිනුම්. ඔය සෙලෙන්ස්කි නගන්නේ ක්ලෙවර් මාකටින් එකකින්. මට නම් රුස්සෝ බිලියන් කාරයෝ ට කෙල වුනාට කමක් නැහැ. මිනිස්සුන් ගේ සල්ලි උන් ඉස්සුවේ.

      Delete
  9. ජාතිවාදී නැති යුක්රේනය
    https://www.theguardian.com/world/2022/feb/28/nigeria-condemns-treatment-africans-trying-to-flee-ukraine-government-poland-discrimination

    ReplyDelete
  10. ඉස්සෙල්ලම අජිත්ට ස්තූතියි මේ ගැන ලිපි පෙලක් ලිව්වට. දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් වෙච්ච, මේකට වෙන කවුරුත් අත ගැහැව්වෙ නෑ. නොදැණ හිටි සෑහෙන දෙයක් දැන ගත්තා. මුලදී තිබිච්ච, මගේ සමහර අදහස් වෙනස් වුනා.

    ඇමරිකන් යුධ නැව සහ ක්‍රිමියා ගත්ත එක අතර සම්බන්ධය දැණගත්තෙ ඔබෙන්. බලාගෙන යනකොට, නරකයි කියල හිතෙන පුටියට වඩා, ගිණි තියල අත හෝදගන්න යැංකියො වඩා භයානක වෙන්න පුළුවන් කියලත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය හෝ ගාල ලියනවා දැන්. ඒක හොඳයි. මගේ ජිවිතයේ මම දැක්ක විධි තමා රුසියානුවෝ කෙලින් මූණට දමල ගහල කියන්නේ. කරන්නෙත් එහම. කෙලිනම් ගහ ගන්න යන්නේ. සුද්ද මුණට හිනාවෙලා ඉන්නේ. හැබැයි කෙළවන්නේ නොදැනෙන්න. ඇමෙරිකාව තම රටට ආදරෙයි. රුසියාවත් එහමයි. බ්‍රිතාන්‍යයත් එහෙමයි. තමන්ගේ රට වෙනුවෙන් අනිත් රටවලට ඕන බලු වැඩක් කරන්න පසුබට වෙන්නේ නැහැ. හැබැයි ඒ රටවල ජීවත් වෙන අපට ඒවලින් එන වාසි ලැබෙනවා. මිනිස්සු ඒ වගේ ප්‍රතිපත්ති වලට කැමති ඒකයි.

      Delete
  11. //තමන්ගේ රට වෙනුවෙන් අනිත් රටවලට ඕන බලු වැඩක් කරන්න පසුබට වෙන්නේ නැහැ//

    රුස්සොගෙ මොරාල් එක, පුටිංගෙ කතාවලින් වැඩිවෙලා බව පේන්නෙ නෑ.

    https://www.youtube.com/watch?v=l8qzs5i57gw

    ReplyDelete
    Replies
    1. රුස්සෝ - ප්‍රධන නගරවල යුරෝපීය එවුන් විරුද්ධයි. රුසියාවේ ඉන්නවා යුක්රේනියන්වරු මිලියන් 4ක්. ඒ අය අතර රුස්සො කසාද බැඳපු අය තව ඉන්නවා. ඔය ටික තමා විරුද්ධ. අනිත් 69 ලක්ශේ පක්ෂයි . යුද්දය දිඅ අදුනොත් වෙනස් වෙන්න පුළුවන්

      Delete
  12. https://www.henryakissinger.com/articles/how-the-ukraine-crisis-ends/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හැට්ටර්. ඕකම තමා මම තේ මේ කියන්නේ. ෆේස්බුක් එකේ වාමාංශික තක්කඩි කියනව මම මේවා ලියන එක වැරදියි කියල. දැන් ඉතින් අයින් වෙන්න ඕනේ.
      Far too often the Ukrainian issue is posed as a showdown: whether Ukraine joins the East or the West. But if Ukraine is to survive and thrive, it must not be either side’s outpost against the other — it should function as a bridge between them.

      Delete
    2. හැට්ටරේ මේක පරිවර්තනය කරලා දාන්න බැරිද බ්ලොගයේ. මට පුළුවන් බුකියේ ෂෙයාර් කරන්න. වෙලාවක් නැහැ. නැත්නම් මම කරනව.

      Delete
  13. රුසියා- යුක්රේන් ගිනිවල දුමාරය ලංකාවටද වදී

    ReplyDelete
    Replies
    1. තෙල් අරව මේවා ගණන් ගියහම අපි හැමෝටම වදිනවා. දැනටමත් අපේ ගෑස් ගණන් ගිහින්.

      Delete
  14. මේ ළඟදි අපේ යාලුවෙක් කිව්වා, ඉලුමිනාටි එකේ වැඩ ලු මේ ඔක්කොම. කොවිඩ් 19, යුක්රේන් ආක්‍රමණ, අයිඑස්...

    ReplyDelete
  15. මට මතක්වුණේ ඒ. කසාන්ත්සෙව්ගෙ "ග්‍රහලෝකයෙක විනාශය". ඒකෙ විද්‍යා ප්‍රබුද්ධ හිතනවා න්‍යෂ්ඨික පෘථක්කරණ තාක්ෂණය මහද්වීප දෙකටම දුන්නහම බය බැලන්ස් වෙයි කියල. නමුත් අවසානයේ යුද්ධය පටං ගන්නෙ ස්වයංක්‍රීයව.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .