Saturday 5 March 2022

රුසියානු යුධ සැලසුම, බටහිර මාධ්‍ය සැලසුමෙන් වෙනස් වන්නේ ඇයි

රුසියානු යුධ සැලසුම, බටහිර  මාධ්‍ය සැලසුමෙන් වෙනස් වන්නේ ඇයි 
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මේ ලිපිය මා ලිවීමට උත්සාහ කරනුයේ කිසිදු  පාර්ශවයකට සහයෝගය දීමට නොවන බව කරුණාවෙන් සළකන්න. මේ රුසියානු ආක්‍රමණය හෙවත් විශේෂ මෙහෙයුම පිළිබඳ  මා නිරීක්ෂණය කරන පරිදි විග්‍රහ කිරීමකි. එසේම වර්තමාන තත්වයන් යටතේ බටහිර රටක සිට ලිවීමේදී ඇතැම් කරුණු මග හැරීමට සිදුවේ. ඊට හේතුව දැන් යුරෝපයේ හා බ්‍රිතාන්‍යයේ ඇත්තේ නිල නොවන යුධමය වාතාවරණයක් නිසාය. එසේ සිදුවීමට හේතුව රුසියානු නායකයා විසින්  න්‍යෂ්ටික අවී භාවිතාව පිළිබඳව කරන ලද නියෝගයයි. 

රුසියානු යුක්රේන යුද්ධය පටන් ගත්  මුල සතියේ බොහෝ දෙනාට ඇති වූ ප්‍රශ්නයක් වූයේ රුසියාව එතරම් ප්‍රබල නොවන  භට කණ්ඩායම් හා පරණ යුධ රථ එව්වේ මන්ද යන්නය.  එසේම යුක්‍රේන් ජනතාවගේ ප්‍රතිවිරෝධය හමුවේ රුසියානු  භටයන් පසු බසින බවද  ඔවුහු වාර්තා කළහ. නමුත් සත්‍යය එලිවුනේ පසුවය. මූලික රුසියානු හමුදා සිදුකළේ විදගෙන (incursion) යාමකි. එහි අරමුණ වූයේ  යුක්‍රේන් නගර වල ඇති ගුවන් යානා නාශක අවි විනාශ කිරීමය. එසේම යුක්රේන ගුවන් හමුදාව  බල රහිත කිරීමය. රුසියානු ජනාධිපතිවරයා බොහෝවිට සිතන්නට ඇත්තේ මෙම මුලික ආක්‍රමණ ක්‍රියාවෙන් හා දොන්බාස් ප්‍රදේශය එනම් ලුගාන්සක් , දනියෙත්ස්ක් ස්වාධින රජයන් ලෙස පිළි ගැනීමෙන් පසු   බටහිර මෙන්ම යුක්‍රේනියානු  රජය නේටෝ වට ඇතුළු වීමේ නිගමනය ආපසු හරවනු ඇත කියා යයි සිතමි.

එය සිදුවුනේ නැත්තේ බොහෝවිට යුක්‍රේන ජනාධිපතිවරයාට සහය දෙන  ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ රටවල් සෙලෙන්ස්කිට එසේ නොකිරීමට උපදෙස් දුන් නිසා විය හැකිය.  යුක්‍රේනය සමග වන යුද්ධය හරහා  පුටින් බලයෙන් පහ කිරීම  ඔවුන්ගේ පරමාර්ථය විනැයිද  සිතමි. 

මේ යුද්ධයේදී යුක්‍රේනය හා එහි ජනතාව  බලවත් ජාතීන් ගේ වැරදි වලට වන්දි ගෙවන බව පැහැදිලිය. එසේම පුටින් කිහිප වතාවක්  වසර 2000 සිට නේටෝ සංවිධානයට සම්බන්ධ වීමට කැමැත්ත පළ කර තිබුණි. එයට පිළිගැනීමක් බටහිරින් විශේෂයෙන්  එක්සත් ජනපදයෙන් නොලැබුණි. (මේ කිසිවක් යුද්ධය සාධාරණය කරන්නේ නැත) 

පූටින් ගේ යුධ මෙහෙයුම දෙස බැලීමේදී ඔහු දෙවන ලෝක යුද්ධ සමයේ නාසි ජර්මනිය පරාජය කල ජෙනරාල් ෂුකොව් ගේ යුධ සැලැස්ම අනුගමනය කරන බවක් පෙනී යයි. බොහෝ බටහිර මාධ්‍ය වලට එය මග හැරී ඇත. 
නාසි ජර්මනිය පළමුව සෝවියට් දේශයට ඇතුළු වූයේ බෙලරුසියාවේ බ්‍රෙස්ට් නමැති නගරයෙනි. ඒ 1941 ජුනි 22 ය.බ්‍රෙස්ට් නගරයට ඔවුන් ඇතුළු වූයේ පෝලන්තය ආක්‍රමණය  කිරීමෙන් පසුවය. ඒ සමගම ඒ  වනවිට වර්තමාන නේටෝ රටවල් වන රුමේනියාව ,චෙකොස්ලොවේකියාව ද නාසීන්  ආක්‍රමණය කර තිබුණි.හිට්ලර් 1941 අගෝස්තු මාසයේ යුක්රේන සෝවියට් සමුහාණ්ඩුව ආක්‍රමණය කළේය. 


අපට වැදගත් සිද්ධීන් දෙකක් තිබේ. පලමුවැන්න  හිට්ලර් ගේ ඔපෙරේෂන් බාබරෝසා ය (Unternehmen Barbarossa බාබරෝසා යනු  12 සියවසේ  ජර්මන් රජෙකි.).  ඒ හිට්ලර් ගේ සෝවියට් දේශය අල්වා ගැනීමේ මෙහෙයුමට දැමූ නමයි. ඒ යටතේ  හිට්ලර් ගේ කීව් නගරය  අල්වා  ගැනීමේ  මෙහෙයුමේදී ජර්මන් හමුදා සම්පුර්ණයෙන්ම කීව් නගරය වට කල අතර මෙම  පළමු කීව් යුද්ධයේ දී ලක්ෂ 7 පමණ සෝවියට් රතු හමුදා භට පිරිසක් දිවි පිදුහ.  වැදගත් සිද්ධියක් නම් හිට්ලර් ඔඩෙසා වරාය නගරයටද එකවර පහර දීමයි. ඒ මගින් රතු හමුදාවට කීව් නගරයේ සහයට ඒම වලක්වන ලදී. ජර්මන් හමුදා සමග ඉතාලි සහ රුමේනියානු හමුදා ද එක්ව සිටියහ. සෝවියට්සේ නාංක කිහිපයක්ම මෙහිදී  යටත් වුනි. ඉන්පසු හිට්ලර් මොස්කව් සහ  ලෙනින්ග්‍රාද් නගර  අල්ලා ගැනීමට හමුදා පිටත් කල අතර ඉතාම ලෙහෙසියන් අල්ල ගැනීමට සිතා  ක්‍රිමියාව , නැගෙනහිර යුක්‍රේනයේ දොන් බාස් පෙදෙස මෙන්ම රොස්ටොව් නගරය දෙසටද හමුදාව මෙහෙයවිය. හිට්ලර් ගේ හමුදා මේ හැම තැනදීම පරජයට පත්විය. ස්ටාලින්ග්‍රාඩ් නගරය අල්ල ගැනීමේ යුද්ධයේදී මිලියන් දෙකක් මියගිය ලොව සිදුවූ දරුණුතම මෙහෙයුමක් විය. එහිදී හිට්ලර් ගේ හමුදාවේ පරාජයට අඩිතාලම වැටුණි.

හිට්ලර් ගේ නිවැරදි තැන ඔඩෙසා , ලිතුවේනියා ආදී පැතිවලට එකවර පහරදී රතුහමුදා සැපයුම් මාර්ග බිඳ දැමීමයි. ඔහුට වැරදුන තැන ක්‍රිමියාව සහ  නැගෙනහිර  උක්රයිනය අල්ලා නොගැනීමයි. සේම තම හමුදා සෑම තැනකටම යවා විහිදුවිමයි. 

දැන් මාෂල් ශුකොව් මෙහෙයවූ දෙවැනි කීව් මහා යුද්ධය දෙස බලමු. මෙය සිදු වුනේ 1943 දීය. මෙය සෝවියට් දේශය බේරා ගැනීමේ මෙහෙයුමේම කොටසක් වුවද කීව් දක්වාවූ  සෝවියට් හමුදා වල්  මෙහෙයවීම,  විමසීම වටී. මෙම මෙහෙයුම ද්නීපර් යුද්ධය ලෙසින් හඳුන්වන  ලද අතර එහි කුර්ස්ක් සඳහා වූ සටන මුල්ම සටන විය. මෙහිදී වොරෝනේෂ් නගරයේ සිට සෝවියට් හමුදා සටන් කරමින් ඉදිරියට ගිය අතර   මෙය පසුව පළමු යුක්රේනියානු පෙරමුණ  ලෙස නම් කරන ලදී.  රතු හමුදාවේ දෙවන යුක්‍රේනියානු පෙරමුණ කිශිනෙව් (මොල්දාවියානු  නගරයෙන්) යුධ පෙරමුණ සමග සම්බන්ධ  විය.  මේ හමුදා කුර්ස්ක් දිනූ බල ඇණි සමග  හර්කොව් (ඛාකිව්) නගරය අල්ල ගන්නා  ලදී. දෙවන කීව් යුද්ධයේදී නැගනහිර යුක්රේනය සෝවියට් හමුදා  අත පැවති  අතර ඔඩෙසා නගරයද ක්‍රිමියාවද  සෝවියට් හමුදා අත තිබුණි.   මේ පැත්තෙන් හිට්ලර් ගේ හමුදා  පරාජය විය. අනිත් පැත්තෙන් චර්නොබිල් -රදොම්ශිල් මෙහෙයුමද චෙර්නොබිල් ගොර්ණස්ටයිපිල් (hornostaipil) මෙහෙයුමද සමගාමිව අරඹන  ලදී. මේ නගර කීව් ප්‍රදේශයේ වමෙන්   සහ උතුරින් (සිතියමේ උඩ) පිහිටා තිබේ.  ලුෂ්ටෙක් මෙහෙයුමේදී ජර්මන් 24 වැනි හමුදා කොටු කර ගන්නා ලදී. මෙහිදී නොමග යාමේ උපක්‍රමයක් වශයෙන් බුර්කින් ප්‍රදේශයට ,  කීව් නගරයට උතුරින් ප්‍රහාර එල්ල කළ සෝවියට් හමුදා ඉන්පසු  පසුබැස්සහ. 

මේ අතරේදී ද්නිපරය පැත්තෙන් පැමිණෙන හමුදා කීව් වට කල අතර  ජර්මන් 4 වන පැන්සර් හමුදාව පරාජය විය. ඉතිරි ජර්මන් හමුදා කීව් නගරය අතහැර පෝලන්තයට පසු බැස්සහ.  (මේ යුද්ධයේ තව විස්තර මෙහි තිබෙන අතර මා ලීවේ ලිපියට අවශ්‍ය දෑ පමණි. ) මේ මෙහෙයුම්  1943 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා ගෙනයන ලදී.  

දැන් පූටින් ගේ යුධ සැලසුම දෙස බලන්න. මගේ අදහසේ හැටියට ඔහු මෙය සැලසුම් කරන්නට ඇත්තේ 2010 දී යුක්රේනය නෙටෝවට එක් නොවීමේ ව්‍යවස්ථාව අවලංගු කළ පසු විය යුතුය. ඔහු කලේ මුලින්ම 2014 දී  ක්‍රිමියාව නැවත ඈඳා ගැනීමය. ක්‍රිමියා ව මූලික කරගෙන මෙහි සිට හමුදා විහිදුවිම (staging post) හොඳින් කළ හැකිය. ඉන්පසු ඔහු යුක්‍රේනය දෙකඩ කළේ භාෂා ප්‍රතිපත්තිය මතය. (රුසියානු වැසියන්ට එම භාෂාවෙන් ඉගෙනීම තහනම් කිරීම හා හිංසා කිරීම යන හේතු මත) . නැගෙනහිර යුක්‍රේනය (දොන්බාස් පෙදෙස) දැන් ඔහු අතේය. 

කාලයක් බලා සිටි පූටින් කෝවිඩ් ප්‍රශ්නය අතරතුර හමුදා තර කරමින් සිටියේය. ඉන්පසු කීව් ආසන්නයේ බෙලො රුසියාවේ හමුදා අභ්‍යාස පටන් ගති.  පෙබරවාරි 24 දා යුද්ධය ඇරඹු  ඔහු  කළේ කීව් වලට උතුරින් ඇති චෙර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පුපුරා ගිය ස්ථානය  අල්ලා ගැනීමයි. දැන් එම පෙදෙස් ඔහු අතේය.  ඉන්පසු එතන සිට චෙර්නිව් නගරයට ප්‍රහාර එල්ල කරමින් සිටි. ඒ අතරේ ෂුකොව් කලාක් මෙන් අනිත් පැත්තෙන් මරියපෝල් නගරයට පහර දෙන අතරේ කෙර්සන් වරාය නගරය  අල්ලා ගන්නා ලදී.   ඒ අතරේ හර්කොව් (ඛාකිව්) වලටද පහර දෙයි. මේ නිසා යුක්‍රේන හමුදා දිග ඇදී ඇති අතර ඔවුන්ට කීව්වල  සහයට යාමට නොහැකිය. 

පූටින් ඇරැඹු මේ යුද්ධයට තවම ගතව ඇත්තේ සති දෙකකි. ඔහු ඔඩෙසා නගරය අල්ලා ගත් පසු මොල්දෝවා පැත්තෙන්ද හර්කොෆ්  (ඛාකිව්) නගරය පැත්තෙන්ද කීව් කරා එනු ඇත. සඵරෝශියාව දැනටමත් යටත් වී ඇත. බොහෝ ෆේස්බුක් පණ්ඩිතයන්ගේ අදහස කුමක් වුවද පූටින් යන්නේ තමන්ගේ සැලසුමට හෙවත් මාර්ෂල් ෂුකොව් ගේ සැලසුමට අනුව පැහැදිළිය. ඔහු ඉක්මන් නොවන්නේ එබැවිනි. 

දැනට යුක්‍රේන හමුදාවන්ට උඩින් පහර දීමට නොහැක්කේ ඔවුන්ගේ ගුවන් යානා මුලින්ම විනාශ කර දැමූ නිසා බව සිතමි.
යුක්රේනයට නේටෝ රටවල් අවි ආයුධ මගින් සහය දුන්නද රුසියනු හමුදාව භට පිරිස හා යුධ ටැංකි ඇතුළු අනෙකුත් ආම්පන්න අතින් පොහොසත්ය. තෙල් සහ ගෑස් වලින් මුදල් එනතුරා භාණ්ඩාගාරය ට ප්‍රශ්නයක් ද නැත.  ඔහු තවම ගුවන් යානා මෙන්ම බර අවි වලින් කොටසක්ද භාවිතා කර නැත. ඉදිරියේදී මෙය තවත් බිහිසුණු කොටසකට ඒමට නියමිතය. යුක්‍රේන ජනාධිපති  සහ ඔහුගේ හමුදාවේ ප්‍රබල විරෝධය හමුවේ වුවද  පූටින් පහර දෙනු ඇත. වෙනත් හදිසි දෙයක් සිදු නොවුහ හොත් (බහුතරයක් රුසියානුන් යුද්ධයට එරෙහිව නැගී සිටීම වැනි)   මගේ අදහස වන්නේ මාර්තු 24-31 වනවිට ඔහු කීව් නගරය සම්පුර්ණයෙන්ම යටත් කර ගනු ඇත කියාය. ඔහු ල්වෝව් නගරයට නොයනු ඇත යනු මගේ විශ්වාසයයි. ඒ නගරය පෝලන්තය ආසන්නයේ පිහිටා ඇති අතර දැනට පෙනෙන්නේ නේටෝව සමග යුද්ධයකට එළඹීමට ඔහුගේ ඇති අකමැත්තයි. නේටෝව "යානා පියාසර තහනම් කලාපයක් " (no fly zone ) ප්‍රකාශ නොකරන්නේ ද එබැවිනි. එවැන්නකින් න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීම වැලැක්විය  නොහැකි වේ. අගමැති බොරිස් ජොන්සන් කලේ සිහි බුද්ධිය ඇති ප්‍රකාශයකි.     

ඕනෑම යුද්ධයකට මම විරුද්ධය.මහාමාර්ග , ගොඩනැගිලි නැවත ගොඩ නැගිය හැකි වුවත්  යුද්ධයකදී මියයන සොල්දාදුවන් සහ ජනතාව  නැවත ඉපදවීමට නොහැකිය. දෙපසම නයුවන්ට ඥානය පහල වෙනු ඇතැයි පතමි.  

- අජිත් 
මගේ ලිපියට විරුද්ධ මතයක් මේ ලිපියේ ප්‍රකාශ වේ. එයද කියවන්න.

සමහර අමතර හමුදා ගැන සඳහනක් වෙන නිසා කියවීම වැදගත් විය හැක.


56 comments:

  1. ඔබතුමා රුසියානු කේජිබි බුද්ධි අංශෙ සුළු නිලධාරියෙක්ද?

    ReplyDelete
    Replies
    1. දැන් මොකක්ද ප්‍රශ්නේ? සමබරව ලිපියක් ලියන්නත් අපට දැන් බැරිද

      Delete
  2. හොද ලිපියක් ස්තුතියි

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. කණගාටුයි. රුසියාවද සකර්බර්ග් ද බ්‍රිතාන්‍යය සහ යුරෝපයේද මග පෙන්වීම අනුව මේ ප්‍රතිචාරය මකා දැමීමට සිදුවේ.

      Delete
    2. මැකුවට වැඩක් නැහැ. අනික් හැම තැනම තියෙනවා.

      Delete
    3. ඒකෙ මට අවුලක් නැහැ. එක ඒ අදාල බ්ලොග් අඩවි වල වැඩක්.

      Delete
  4. https://cinemaworld.asia/movie/leanders-final-journey/

    ReplyDelete
  5. හෆොයි රුසියාවෙ fb තහනමක් නෙව. සැක්.....

    ReplyDelete
    Replies
    1. සකරයා ආර් ටි එක තැනම කළා කියල. RT තහනම් කරපු ඔක්කොම තහනම් කරල තියෙන්නේ. මෙහෙ තහනම් පෙරෙද ඉඳන්. අනික යුක්රේනයට පක්ෂව මිස විපක්ෂව මුකුත් ලියන්නත් අමාරුයි. ඒ කියන්නේ මැදිහත්ව ලියන්නත් අමාරුයි. ඔෆිස් වලිනුත් ඒ බව ඇඟවෙන මෙසේජ් එවල තියෙන්නේ.

      Delete
    2. Jagatrh Pathirana5 March 2022 at 10:51

      Россияне не хотят Facebook
      У них есть VK.com.

      Delete
    3. ඕකට නම් වැඩිපුරම කට්ටිය යන්නේ ඉන්න ගෑනු ළමයි සෙට් එක නිසා. ඒ ගොල්ලේ ජෙනුයින් ඈ. මම භාවිතා කරන්නේ ඔඩ්නොක්ලාස්නිකි කියන එක. තව එක්ක,. රුසියාවට ස්විෆ්ට් වෙනුවට තමන්ගේම පේමන්ට් සිස්ටම් එකක් තිබෙනව. මට නම් මතක නැහැ. ඉන්ටෙනට් එකෙත් වේනම් ග්ලෝබල් එකෙන් අයින් කරගන්න පුළුවන් විධිහට හදල තියෙන්නේ. මේ යක මේක 2014 ටත් කලින් ඉඳන් ප්ලෑන් කලාද මන්ද

      Delete
    4. බලං ගියහම සමාජමාධ්යේ ඇති සමාජනිදහස්බව නෑ නෙව.... 😄 😄

      Delete
    5. කොහෙවත් නැහැ. මට කට්ටිය බනිනවා ෆේස්බුක් එකේ මධ්‍යස්ත වෙන්න බැහැ කියල. මට ඕනේ වුනත්. දැන් බ්‍රිතාන්‍යයේ පවතින නොනිල යුධ තත්වය නිසා ඒක එහමයි. මට යුක්රේනය එක්ක තරහක් නැහැ. නමුත් මම දන්නා දේවල් ලියන්න තැනම දානවට මම කැමති නැහැ. මම පුටින් හිතවාදියෙක් ම නොවේ. නමුත් සමහරු කියන්නේ මධ්‍යස්ත වෙනව අකියන්න් පුටින්ට පක්ෂයි කියන එකලු. මේකේ තවත් ප්‍රශ්නේ වැඩිවෙලා තියෙනෙන් මේ කොහෙවත් යන ලෝකල් පුටිං කෙනෙක් නිසා.

      Delete
  6. පුටින් ගේ පැත්තට කතා කරනවා කියල ටැග් එකක් ව්දෙනවට මම බයයි. නමුත් මේවත් දාන එක හොඳනේ.
    https://www.theguardian.com/world/2021/nov/04/ex-nato-head-says-putin-wanted-to-join-alliance-early-on-in-his-rule

    ReplyDelete
    Replies
    1. රුසියාව ඇයි නැටෝ එකට නොගත්තෙ කියන එක ප්‍රශ්ණයක්. වොර්සෝ කියල එකක් තිබ්බා නේද, ඒකට මොකද වුනේ?

      Delete
    2. ඔය ලිපිය ඒ ගැන සඳහනක් තියෙනවනේ බසු. වෝර්සෝ යුධ සංවිධානය පිහිටෙව්වේ නේටෝ එකට පිළිතුරක් ලෙස සමාජවාදී රටවල් එකතු වෙලා. සමාජවාදී ක්‍රමය බිඳ වැටුනට පස්සේ ඒක ඉබේම අහෝසි වුනා. ඔතන පුටින් කියන අපට සමාන පාට්නර්ස් ලා වශයෙන් සලකන්න කියල. නේටෝ එක කියනව අනිත් රටවල් වගේ ඉල්ලුම් කරන්න කියල ඇප්ලිකේෂන් පුරවල. පුටින් කියනවා අපි අනිත් රටවල් වගේ පුංචි රටක් නෙමේ (ඒ කලේ රුමේනියාව , බල්ගේරියාව, ලිතුවේනියාව, පෝලන්තය හෙම ඇප්ලිකේෂන් පුරවල පෝලිමේ ඉඳල ආවේ.) පුටින් කියනවා අපේ ආර්ථිකය දැනට සවුත්තු වෙන්න පුළුවන්. ඒක අපි හදාගන්නම් අපි න්‍යෂ්ටික ආයුධ තියන රටක් . ලෝකේ විශාලම රට. අපට සාකච්චා මෙසේදී ආරාධනා කරන්න කියල. නේටෝ ඒක ප්‍රතික්ෂේප කරනවා. පුටින් ඒක ගණන් ගන්නේ තමන්ට කරපු humilation එකක් හැටියට. ඇමෙරිකාවේ තර්කය වුනේ මම හිතන්නේ රුසියාව ආවොත් කාට විරුද්ධවද මේ deffensiveසංවිධානය පවත්වා ගන්නේ කියල. චීනය සහ ත්‍රස්තවාදී සංවිධාන කියල පිළිතුරක් ලැබෙනවා. නමුත් චීනයේ හොඳ හිත කඩා ගන්න ඇමෙරිකාව කැමති වුනේ නැහැ. බ්‍රිතාන්‍යය කැමති වුනෙත් නැහැ (ලු) රුසියාව වගේ ලොකු රටක් ආවොත් තමන්ගේ බලය අඩු වේය කියල. මම හිතන්නේ සහය දීල තියෙන්නේ ජර්මනිය හා ප්‍රංශය විතරයි. පොලන්තයත් විරුද්ධ වෙලා. ඕක තමයි ඉතිහාසය. මට හිතෙනවා වෙලාවකට මේ පුටින් කරන්නේ මෙයාලට පෙන්නනවද කියල "මේ බලපන් අපි සමානයි. මම තනියම උඹල එක්ක සටනට එනව කියල. " ඕක ඉතින් ඒකාධිපතියන්ට, පන්ති වල මොනිටර් ලට තියෙන ලෙඩක්නෙ.

      Delete
    3. මෙතන තව ප්‍රශ්නයක් තියනවා. ලංකාවේ රූපවාහිනී වල රෙදි නැතිව පූටින්ට කඩේ යන කට්ටියක් ඉන්නවලු. මගේ යාළුවෙක් කිව්ව ඒ නිසා ප්‍රශ්න ගැන ලියනකොට ලංකාවේ ඒ ගොඩට වැටෙන්න පුළුවන් කියල. ඒ නිසා මිට පස්සේ ලියන්නේ නැහැ කියල හිතන් ඉන්නේ.

      Delete
    4. //ඒ නිසා මිට පස්සේ ලියන්නේ නැහැ කියල හිතන් ඉන්නේ//

      එහෙමම කරන්න එපා. සම්පූර්ණ ලිපි ලෙස නූනත්, අපි මේ ගැන කතා කරමු.

      //...රුසියාව ආවොත් කාට විරුද්ධවද මේ deffensive සංවිධානය පවත්වා ගන්නේ..//

      මොන තරම් සම්පත් සහ ජීවිත නාස්තියක්ද?

      Delete
    5. රුසියාව නිවරදිත් නැහැ. නේටෝව නිවැරදිත් නැහැ. යුක්රේනයේ මිනිස්සු තැලෙනවා තනියම.

      Delete
  7. හරිම වැදගත් තොරතුරු රැසක් අඩංගු ලිපියක්.සෑහෙන මහන්සි වෙලා ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ.

      Delete
  8. අලුත් මාසයක් එළැඹ ඇති මේ මොහොතේ අප පැමිණ සිටින්නේ අලුත්ම බ්ලොග් ප්‍රශ්න වට තරඟාවලියක් සමගයි. පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයා තෑගී දිනන්න. ජයග්‍රහී ඔබට වසරක් පුරා යට ජංගි දිනා ගැනීමට වරම්.

    1) හතේ හත වැදී සිටියදී සෙට් උන 40 ශ්‍රී රිවස් එක හොදටම වැඩ ලොරියේ එල්ලී ස්කොට්ලන්තයට ගිය බ්ලොග්කරු මොහුය. බ්ලොග් අඩවියත් දැන් අකුලාගෙන ඇත.

    (A) කොළඹ ගමරාල
    (B) රසිකලොජි
    (C) මාරයා
    (D) කොලොම්පුරේ

    2) කෝටා එකෙන් පේරාදෙණියට පැමිණි මෙම බ්ලොග්කරුගේ පියා ප්‍රේමදාස මහත්තයා ගම්මුදාව කරන අවදියේ එහි කඩයක් කෙරු අයෙකි. මොහුගේ මව ලොතරැයි විකුණා ඇත. මෙම බ්ලොග් කරු මේ වන විට ඇමරිකාවේ සිටිනා ගමන් ලංකාවේ බංකොලොත් බව ගැන කියමින් ආර්ථිකය ගැන උගන්වමින් පොස්ට් දමයි. මෙම තැනැත්තා බ්ලොග් අවකාශයේ ගූ පුච්චන් කන අමු කුනා-ලොභයා යන විරුධවලියද ලබා ඇත. මොහුගේ හිගන මසුරුකම නිසා බිරිඳද පිට ගොස් ඇත.

    (A) හැලපයා
    (B) හිස් අහස
    (C) ජෙනරාල් විචාරක
    (D) ඉකොනෝමැට්ටා

    3) තට්ටය බා ඇති මෙම බ්ලොග්කරුගේ ගමන සයිකලයෙනි. බෝට්ටු පදිනවයි කියා කොල්ලෝ රවට්ටාගෙන ගොසින් ලෝඩ් බාගනී. මුදල් වංචාවකටද ගෑවී ඇත. කඩවත සයිකල් කඩේ පොඩි කොල්ලෙක්ට අතවර කිරීමට ගොස් තට්ටය පලාගෙන ඇත.

    (A) තට්ට මංජුවා
    (B) තට්ට රසිකලොජි
    (C) තට්ට කොළඹ ගමයා
    (D) තට්ට පුංචි සාදු

    4) දවසට පැය 8 ක් පමණ කළුවරේ ඉන්නා ගමන්, තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ, බෙහෙත් පෝලිමේ ආදී පෝලිම් වල ඉන්නා ගමන් ආණ්ඩුවට කඩේ යන නුගත් ටැක්සි ඩ්‍රයිවර් කෙනෙකි. ෆේක් එකවුන්ට් නිසා මොහුගේ ෆේස්බුක් ගිණුම් සියල්ල වාගේ හදපු ගමන් බ්ලොක්වේ.

    (A) හැලපයා
    (B) කොලොම්පුරේ
    (C) අන්සතු දිනපොත
    (D) ගූතලන්

    5) ලීක් කරගෙන ඇති මෙම බ්ලොග්කරුද තට්ටය බා කහ පාට ඇදුමක් අදිනා කෙනෙකි. කවි ආදිය ලියමින් කාන්තාවන් ඒවාට ආසා වේ යැයි සිතා තනිවම ආතල් එකක් ගනී.

    (A) තට්ට කොළඹ ගමයා
    (B) පුංචි සාදු
    (C) තට්ට පැරා
    (D) මාරයා

    6) නාකි වී කසාඳ බැන්ද මෙම බ්ලොග්කරු ඊයේ පෙරේදා හද්ද ඩොටේ ගෙයක් සදා එහි ලයිට් දමා පින්තුර ගෙන ඒවා පළකරමින් මෙහි වටිනාකම මෙච්චරයි, අච්ච්රයි කියා තනිව වින්දනයක් ගනී. රොටි වලට සෝස් තවරා පිසා හැදුවා යයි කියාද පොස්ට් දමයි. ඇල්ටෝවෙන් සමාජවාදය කරා සිඝ්‍රයෙන් ගමන්කරන බ්ලොග්කරුවා ලෙසද හදුන්වයි. මෙම බ්ලොග්කරු නොම්බර එකේ කුහකයෙක් ලෙසද හඳුන්වනු ලැබේ.

    (A) අගලවත්තේ පී ජයසිංහ
    (B) ලංඩනයේ ඩී කීර්ති
    (C) අම්පාරේ ඊ සඳරු
    (D) කඩවත ටී මංජු

    7) බ්ලොග් පොලිසියට අලුතින් ආ සාජන් මහත්තයා මෙතුමාය

    (A) ලෝටස් අජිත්
    (B) ගූතලන්
    (C) හැලපයා
    (D) රංග තේනුවර(GTRZ)- ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම්(ලක්ෂ 6 කට වඩා ලියාපදිංචි සාමාජිකයන් සිටි

    8) නොගැලපෙන උත්තරය ඉවත් කරන්න

    (A) කොළඹ ගමයා
    (B) ලෝටස් අජ්ජා
    (C) ලන්ඩන් අජිත්
    (D) අගලවත්තේ අජිත්

    9) ගුණයහපත් ක්‍රිස්තියානිකාරයෙක් වන මෙම බ්ලොග්කරු හිටපු නාවිකයෙකි. මොහු ඒ කාලයේ නැවේ කරපු කියපු දෑ ගැන පොස්ට් දමයි. ඒවා බලන අපට සිතෙන්නේ මේ මිනිහට අරින්නමයි වටේ උන් ඔක්කොම බලන් ඉදලා තියෙන්නේ කියාය. ඒ තරම් අකරතැබ්බ වලට නැවේදී මුහුණ දී ඇත. නැවේදී අනික් අයගෙන් ගුටි කා බැල මෙහෙවර කම් කොට අන්ත අසරණ වූ අයෙකි. නැව් රස්සාවේ කිසිදු හොදක් ගැන ලියා නැත. මේවා බලන අලුත් ගැටව් නැව් දිහා පැත්ත පළාතේ නොබලනු ඇත.

    (A) කොලොම්පුරේ නාවිකයා
    (B) කල්‍යාන මිත්‍ර නාවුකයා
    (C) හිරකරුවා බ්ලොග් අඩවිය
    (D) දේශකයා

    10) අනුන්ගේ බ්ලොග් අඩවියක නමක් තමුන්ගේ බ්ලොග් අඩවියට දමාගෙන පොර ටෝක් දිදී සිට අකාලයේ මියපරලොව ගිය උද්දච්ච බ්ලොග්කරුවෙකි.

    (A) ඔබා මාමා
    (B) රසිකලොජි
    (C) ආටියා
    (D) තට්ටයා

    මෙම ප්‍රශ්න වලට උත්තර සපයා තෑගී දිනන්න. ජයග්‍රහයකයන්ට 12.5KG ගෑස් සිලින්ඩරයක බරට යට ජංගි. ගොනා හරි පාරට දාගන්න. යට ජංගි දිනා ගන්න. අදම උත්තර සපයන්න.

    ReplyDelete
    Replies
    1. විහිළු ඒ විදියට අරගෙන කොමෙන්ට් එක තියන්න අජිත්. මොකද මේකේ කාගෙවත් ඇත්ත නමක් ගමක් තියෙනවා ඇයි හිනා වෙලා ඉන්නකෝ.

      Delete
    2. මිනිස්සුන්ට මඩ ගහන පොන්න වැඩ කරන්න එපා අසහනකාරයෝ ඒ ලියන මිනිස්සුන්ගේ බ්ලොග් බලන්න/කියවන්න බැරිනම් වැලක් බලලා චූ කරලා බුදියා ගනිං

      Delete
    3. මේකනේ ඇනෝ Anonymous5 March 2022 at 14:19.මට අද උදේ පාන්දරම හිතවත් සහෝදරයෙකුගෙන් පණිවිඩයක් ආව , අර මිනිසුන්ට අපහාස කරන කමෙන්ට් එක ඉවත් කරන එක හොඳයි නේද කියල. මමත් දනිපනි ගාල නැගිටලා ඇවිත් අයින් කරලා දැම්ම. මගේ හම නම් දැන් තදයි. අර ඒ කාලේ බ්ලොග් සම්මාන කරන්න ගිහින් තනියම කාපු කෑමට . ඒ දවස්වල බැදුම්කරෙයි , ලංකානිව්ස්වෙබ් කට්ටිය උළෙල සංවිධානය කරන්න මුදල් එකතු කරපු එකයි අල්ලලා මටනේ නෙළුවේ. දැන් හැබැයි බැදුම්කරෙන් තමන් රෙදි නැතිව කඩේ ගිය "ස" විසින් රවී, මහේන්ද්‍රන් සෙට් එක නිදොස් කොට නිදහස් කර ඇති නිසා ඔවුන්ට හිතට අමාරු ඇති. ඒවා බ්ලොග් කරුවන් පිටින් යවන්න හදනව ඇති . මට හිතුන මේක දැම්මේ ඒ කුක්ලක්ස්ක්ලෑන් එක්කෙනා වෙන්නෙත් පුළුවනි කියල. හැබැයි ඉතින් එතුමා අහිංසක වෙන්නත් පුළුවන්. ඊට පස්සේ හිතුනේ නාකි මනමාලය කියල කියන, රුපියල් දාහේ කතාවට තදවෙලා මාතලන් ට කියල මාව එළවන්න හදපු , වෙනත් කන්දේ කෙනෙක් ඒවා defence කොන්ත්‍රාත්තු කතාව ලංකානිව්ස්වෙබ් එකෙන් ගලවන්න හදපු හාදයද කියල. ඒත් එතුමත් දැන් 'ස' ඒ රෙද්ඩ් ගැලවිගෙන යන මොහොතේ බලනව ඇත්තේ අර කොන්ත්‍රාත් වැඩ යට ගහන්න වෙන්න ඇතිනේ. ඒවා තවම අතේ තියන අය ඉන්නාවන්.

      ඒත් අන්තිමට හිතුන අවුල් වෙන්න ගිහින් අවුල් නොවෙන, බිව්වම අවුල්ද නැතිද දන්නේ නැති, අනිත් අයගේ බ්ලොග් වලට සෙනග ආවොත් ඉරිසියා හිතෙන හෝ, අවුල්ම අවුල් ජාලයක්ද කියලත්.
      මොනවා වුනත් ඇනෝ , මේ බ්ලොගයේ නිදහස දීලා තිබුනනේ කොමෙන්ට් කරන්න. දැන් ඉතින් සකර්බර්ගයා වගේ වැට ගහන්න වෙනවා. අනුමත කරන ලද කොමෙන්ට් විතරක් පලවෙන්න. ඉතින් වෙන්නේ ඒකයි.

      Delete
    4. Jagatrh Pathirana6 March 2022 at 07:57

      "Хутто" Уходи

      Delete
    5. иди ты на хуй сука 😁

      Delete
  9. සුනිල් එදිරිසිංහගේ ගීයකින්:

    දසිස් දිනා රුපු රජුන් නසා ලොව තෙදින් තමා නතු කළෙන් මෙමා
    එද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙද තවත් එවන් රුපු කැළක් විනා?

    ReplyDelete
    Replies
    1. අශෝක රජතුමා මතක් වෙනව.

      Delete
  10. මේක ගුගල් එකෙන් ඉවත් කරන්න කලින් බලන්න. යාළුවෙක් එව්වේ.
    https://halturnerradioshow.com/index.php/en/news-page/world/video-claims-ukraine-troops-shoot-citizens-trying-to-flee-cities?fbclid=IwAR2KUDU09-UHAm9U7KRPzJk0ywiNiaL4T-gnOA86EbYlQ3BwEHW6NMILVso

    ReplyDelete
  11. //It was almost funny to see. I hoped at that time that it would work out well. For the Ukrainians had begun to be silly.

    In a country crammed with Russians, they were trying to make Russian a second-class language.

    Russians who had lived there happily for decades were pressured to take Ukrainian citizenship and adopt Ukrainian versions of their Christian names.

    The schools were promoting a national hero, Stepan Bandera, who Russians strongly disliked and regarded as a terrorist.

    And they were teaching history which often had an anti-Russian tinge. Quite a few people told me they felt put upon by these policies. Why couldn't they just be left alone?

    Until that point, Ukraine had been a reasonably harmonious country in its 20-odd years of existence. After that visit I saw big trouble coming, both in the Crimea and in the Don Basin, where I also travelled that year.//https://www.dailymail.co.uk/debate/article-10581335/PETER-HITCHENS-saw-coming-Thats-wont-join-carnival-hypocrisy.html

    ReplyDelete
    Replies
    1. https://www.craigmurray.org.uk/archives/2022/03/the-universal-boosting-of-putin/
      Former UK foreign service official's view on why leftists stand on Russia is so important for western elites to keep their military expenditure increasing.

      Delete
    2. i agree pretty much to this assessment. //
      It is also, of course, massively in the interest of the arms industry. This is the classic operation of the military industrial complex, which does not just need an enemy, it needs a massive, terrifying, ultra-powerful enemy// This is exactly what I said in my previous article about NATO.

      Delete
  12. ඔය වගේ ලේ පිපාසිත මිනිමරුවෙක් වෙන්න එපා අජිත්. ලැජ්ජයි ඔබ වගේ ආත්මය යක්ෂයාට භාර දුන් කෙනෙක් ගැන.

    'මගේ ෆේස්බුක් මිතුරන් අතරේ, බයි-නොබයි වෙනසක් නොමැතිව ඉතා පහසුවෙන් හඳුනාගත හැකි අපූරු මිනිසුන් කොටසක් සිටී.
    ඔවුන්ට අනුව රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම පිළිබඳ ලියන්නට නම් ඊට පෙර ඇමරිකාව විසින් කළ හවායි, ඩියාගෝ ගාර්ෂියා, කුවේට්, ඉරාක්, ඇෆ්ගනිස්ථාන් යනාදී යලු ආක්‍රමණ පිළිබඳ රචනාවක් හැඳින්වීම ලෙස ලිවිය යුතු ම ය.
    පුටින් ගැන ලියන්නට කලින්, ඇලෙක්සැන්ඩර්, අශෝක්, ජෙන්ගිස් ඛාන්, හිට්ලර්, බුෂ්x2, ඔබාමා ඇතුළු මෙකී නොකී සියලු දෙනා ගැනම රචනාවක් හැඳින්වීම ලෙස ලිවිය යුතු ම ය.
    බාලචන්ද්‍රන්ගේ මරණය ගැන ලියන්නට පෙර කැබිතිගොල්ලෑවේ ළමුන් සහ අරන්තලාවේ සාමණේර ඝාතන ගැන රචනාවක් හැඳින්වීම ලෙස ලිවිය යුතු ම ය.
    එසේ අතීත කතා නොමැතිව, අදට නියමිත මාතෘකාව පිළිබඳව පමණක් කෙටියෙන් වාක්‍ය කිහිපයක් ලිවීම ආනන්තර්ය පාප කර්මයක් වේ.'

    රසිකගේ ගිණුමෙන් උපුටනය.

    ReplyDelete
    Replies
    1. මේකනේ රසික , බාලචන්ද්‍රන් ගැන අඬන්නේ නැති උන් යුක්රේනයේ මැරුණු ළමය ගැන අඬනව . ඉරාකයට නොනැවතී බෝම්බ දානකොට ඒක හොඳයි කියපු උන් ඉරාකේ මිලියන් දෙකක් මිනිස්සු ඊට පස්සේ මැරුණු එක ගැන කතා නොකරපු යුක්රේන් මිනිස්සු ගැන අන්දනවා. සිරියාවේ මිනිස්සු අයිසිස් එකෙන්, පුටින් ගෙන්, (ඔව් පුටින් නුත් බෝම්බ දැම්මනේ) ඊශ්‍රායෙල් එකෙන් දාපු බෝම්බ වලට අඬන්නේ නැති වුන් යුක්රේනෙට අන්දනවා. මට මෙරිකවෙන් බෝම්බ දැම්මත් එකයි. පූටින් දැම්මත් එකයි. එක්කෝ ඔය දෙකම වැරදියි, නැත්නම් දෙකම නිවැරදියි.

      Delete
    2. /බාලචන්ද්‍රන්ගේ මරණය ගැන ලියන්නට පෙර කැබිතිගොල්ලෑවේ ළමුන් සහ අරන්තලාවේ සාමණේර ඝාතන// මේ තුනම වැරදියි. නෝවා හරීරි වැරදි ලෙස කියන කොට කියෙව් කියන්නේ වසර දාහක් යුක්රේනියානු එවුන් හිටිය තැන කියල ඒක හරි. අපි වගේ එකෙක් ඒක ගැන කතා කලොත් වරදී. මෙතැන කියන්නේ පූටින් හරි කියල නෙමේ යන්නවත් තේරුම් ගන්න බැරි අඳ බාලයෝ එක්ක කතා කරලා වැඩක් නැහැ හැබැයි. මෙතැන් ලියන්නේ ඉන්ෆොමේෂන් blackout එකක් තියෙනේ හැමෝටම කියන එක ඇත්තට වෙන්නේ මොකක්ද කියල.

      Delete
    3. ඕකෙම තව කේස් එකක් යුරෝපේ වෙනවා. අනාථයන් වෙනින් රටවලින් එනකොට පන්නපු එවුන් කියනවා නිල් ඇස් ඇති රන්වන් කොණ්ඩේ තියෙන ශිලාචාර මිනිසුන්ට මේක වුනේ ඇයි කියල. කතාව ඇත්තද? මගේ බිරිඳ පවා ඒ කතාවට විරුද්ධයි. නමුත් ඒවා විවේචනය කරන්නවත් බැහැ. පුටින් කරන වැඩේ වැරදියි කියල මම දිගටම කියපු එකෙක්. නමුත් අතීතය ගැන කතා නොකර, වර්තමානය ගැන කතා නොකර මාධ්‍ය වලින් විතරක් කියල දෙන දේ පිළිගන්න මම කැමති නැහැ. මාධ්‍ය ටිකක් ඇත්ත කියල ගොඩක් බොරු කියනව.

      Delete
    4. මම මේ කියනදේ මේ වගේ අම්බරුවන්ට නොතේරෙන එකට මට කියන්න දෙයක් නැහැ. ස්ටාලින් ගැන , පොල්පොට් ගැන හොඳට කියවපු එකෙක් නිසා, රුස්ස හැසිරෙන හැටි දන්නා නිසා, මේ යුද්දේ නවත්වගන්න නම් මොකක් හරි කරන්න ඕනේ නිසා . ඇයි පූටින් තමන්ගේ රටේ ආරක්ෂාව ගැන මෙච්චර දත කන්නේ කියන හේතුව හොයල දැන ගන්න ඕනේ නිසා. මොකද පලවෙනි න්‍යෂ්ටික ප්‍රහාරයකින් මැරෙන්නේ ලන්ඩන් වල, යුරෝප වල ඉන්න අපි නිසා. ලංකාවට , ඔස්ට්‍රේලියාවට බලපාන්නේ පස්සේ. කවුරුත් බේරෙන්නේ නැහැ. මූ ගහනව කිව්වොත් ගහනවා. හොඳට හොයල බලන්න 2010 ඉඳන් හැසිරීම. https://www.theguardian.com/world/2022/mar/06/social-media-turn-on-putin-the-past-master

      Delete
    5. මේ වියන්ගොඩ ගේ ලිපිය බලන්න. හෝදන ලිපියක් නමුත් උවමනාවෙන් මග හැරලා තියෙන්නේ මොකක්ද? මුළු ලිපියම හොඳයි නේටෝ සංවිධානය ශුද්ධ කිරීම හැර. නේටෝ සංවිධානය අනිත් රටවලට අහන්නේ නැතිව පහර දුන් බව කීම හැර. එහෙම සංවිධානයක් තමන්ගේ රට අසල මිසයිල පිහිටෙව්වොත් ඒක ප්‍රශ්නයක් වෙනවා කියන එක හැර. අපි සර්බියාවට කැමති වුනත් අකමැති වුනත් සර්බියාවට බෝම්බ දාන්න නෙටෝවට අයිතියක් නැහැනේ. ඒවා කියන්නේ නැති එකම තමා මෙතන ප්‍රශ්නය. https://www.vikalpa.org/article/41210

      Delete
    6. එහෙම සංවිධානයක් ගාව තිබ්බම තමනුත් කනවා කියල පූටින් දන්නවා. ගහන්ට කලින් ඌ ගැහුවා. ඌ මිනිස්සු මරණ එක වැරදි බව ඇත්ත. කොටින්ම පුටීන් කියන දක්ෂිණාංශික ඒකාධිපතිය නිර්මාණය කලේ අපිමයි වෙස්ට් එකේ ඉන්න. තෙල් සහ ගෑස් ගත්තේ, තවම ගන්නෙත් වෙන කවුද

      Delete
    7. //කොටින්ම පුටීන් කියන දක්ෂිණාංශික ඒකාධිපතිය නිර්මාණය කලේ අපිමයි වෙස්ට් එකේ ඉන්න//

      සෑහෙන ප්‍රබල තර්කයක්.🤔 හ්ම්...පුටින් විතරක් නෙමෙයි බින්-ලාඩන්ව නිර්මාණය කලෙත්....

      Delete
    8. ඔය රසිකලොජිට කියන්තව දෙයක් තියනව. ගොඩක් යුඇන්පී කට්ටියටත්. උදන්යන්ග වීරතුංග යුක්රේන් එවුන් ගේනකොට ගණිකාවෝ කියල බන්නේ. මම එදා එකට විරුද්ධ වුනහම මට බැන්න උදයඟට කඩේ යනවා කියල.

      Delete
    9. 'ඉරාකේ මිලියන් දෙකක් මිනිස්සු ඊට පස්සේ මැරුණු එක ගැන කතා නොකරපු යුක්රේන් මිනිස්සු ගැන අඬනවා'. - ඕකට මාධ්‍යත් වග කියන්ට ඕන බොහෝ දුරට.. අනික් අතට මිනිස්සුත් පුරුදු වෙලා තියෙන්ටෙ වැල යන අතට මැස්ස ගහන්ට.

      Delete
  13. තවත් විරුද්ධ මතයක්
    https://www.dailymail.co.uk/news/article-10583981/Russian-forces-decimated-says-UK-general.html

    ReplyDelete
  14. Someone send this to me. Just ending this for your information. Make sense and I attach a link for leasing part at the end.
    Long but interesting 🤔
    Interesting side effect of European sanctions on Russia (as per Phil Seymour - President of the association of European Leasing Companies.
    All over the word airlines don't own their own planes, they lease them.
    The European Union has imposed sanctions on Russia and obliged European leasing companies to take back all leased aircraft from Russia by March 28th.
    That's a total of 520 aircraft.
    Phil Seymour, President of the Association of European Leasing Companies:
    1. Return of 520 aircraft! How is this to be done? The Russians said if you refuse to lease them to us, get them back yourself! How can we get 520 crews to Russia when the airspace in Russia, Belarus and Ukraine is closed? We can't fly in!
    2. Once the handover has taken place in Russian airports, the planes will no longer be Russian. But a non-Russian plane is not allowed to fly in Russian airspace – the Russian airspace is blocked! We won't be able to fly out!
    3. However, the leasing companies are the initiators of the termination of these leases. In the original calculation of the cost of fines in such a case, we will all be bankrupted at once. It's easier and cheaper to go bankrupt than to take back the planes.
    4. February is over and Russia has to pay the lease payments for the month. Russia is willing to pay but cannot pay because it is excluded from SWIFT. We ourselves have to pay fines because of the terminations, but in view of the lack of incoming payments from Russia we have no money for such payments!
    5. Even if we take back these planes, what are we going to do with them? We don't need them, nobody wants them and it's impossible to sell them!
    6. The Boeings of American leasing companies are not affected. If Europe takes the planes away from the Russians, the US will supply Russia with its Boeing planes and become the world's No. 1 airline, bankrupting both the European leasing company and Airbus."

    contd...

    ReplyDelete
  15. Vladimir Putin didn’t just invade the Ukraine on 24/02/2022, he officially ended the petrodollar system. How? Remember, Russians don’t do anything without a plan. They & China have been prepping for this moment for years & are now ready:
    Russia has stated NATO expansion into Ukraine was a red line.
    -They knew their invasion of Ukraine would be inevitable and would have strategized that the US/West’s response would be SWIFT $ system exclusions/sanctions.
    -Reasonable to expect that Russia’s next step would have been to shut off oil/gas pipelines to Europe, as Russia has built up huge Yuan, gold & commodity reserves.
    -This will cause massive price and supply disruptions (war level) to the western markets & monetary system.
    - For years Russia & China have looked for ways to re-monetize gold & exit abuses of SWIFT system as a geo-political tool against them, but how to do it, how to exit, without West declaring it an act of aggression or war against West?
    - This Ukraine invasion just accomplished that end for them. And the West is doing it themselves.
    -Now, freed to declare themselves SWIFT system outcasts by the western govt hands, Russia can now say “we will turn oil pipelines back on, but not for dollars.”
    - Russia then declares that Europe or anyone that wants Russian oil (as 3rd largest global producer) or Russian/Ukrainian wheat (1/4 of worlds production) must pay in gold, or use the ruble-yuan gold backed payment system.
    - Their leverage as an oil producer (who cuts off supply) will cause almost immediate price shocks to the western world. A good part of the population could immediately be unable to heat their homes.
    - Almost equal to the oil shock they’d cause is their ability to cause food shortages and price spikes through the disruption of wheat production.
    -Unmentioned in all this is China. Who has been silent & not condemned Russia. That means silent approval & cooperation.
    - China will act to soak up Russian production of oil and wheat to soften the blow to their “strategic partner”.
    - This will again be through the Yuan-Ruble facility and at some point overtly-stated gold backing of that system by Russia and China.
    - The West will of course declare those last two bullets as acts of global aggression and direct threats to the “world monetary system”.
    - At this point that there will be a clear fracture of the world’s monetary system into 2 competing East/West structures, circling back to the initial point that the 50 year global petrodollar system has just officially been ended by Putin.

    If the above analysis is indeed correct, then the threat to the petro- $ is no different to the time of Charles De Gaulle or Gaddafi, but on larger scale. They can't remove Putin as easy as they did with previous leaders who challenged their fraudulent petrodollar monetary system.

    https://globalcirculate.com/european-sanctions-could-strand-leased-planes-in-russia/

    ReplyDelete
    Replies
    1. Wow! The rabit hole goes way deeper than I thought.🤔

      Delete
    2. Rabbit??
      The only rabbit I know says "I’m late, I’m late! For a very important date! No time to say ‘hello, goodbye,’ I’m late, I’m late, I’m late"

      Delete
    3. I recieved it as well. Russia has MIR payment system which they are trying to connect to China. They also have seperate internet called Rusnet. Thanks for posting this Hattar

      Delete
  16. සෙලෙන්ස්කි වීරයෙක් ලෙස පෙන්වුවත් මට පේන්නෙ තම ජනතාවට කරපු ද්රෝහි කමක් ලෙස. 1. බය්ඩන් එයාව බේරගන්න දීපු පොරොන්දුව ඉටු කරයි හිතුව 2. අසොව්, ස්වබෝදා වැනි අන්තවේදීන් හමුදාවට ගත්තා 3. බාගෙයක් විතර වන රැසියානුවන්ට භාසාව නැතිකරන්න වෙර දැරැව අර අන්තවාදීන්ව සනස්වන්න. දැන් කෑගහනව කනෝ කනෝ කියල. මිනිහව මරන්නෙ අන්තවාදීන්, පුටින් පිටින් දාල.

    ReplyDelete
    Replies
    1. බණ්ඩාරනායක මහත්මයට වුනා වගේ. ඔය කට්ටිය ලං කරගන්න නරකයි. සෙලෙන්ස්කි නේටෝ එක ඕනෑවට වැඩිය විශ්වාස කලා

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .