Tuesday 8 March 2022

මගේ පෙම්වත!

මගේ පෙම්වත !

මම නොදනිමි 

නැවත 

ඔබ දකීවි දැයි මම 

මගේ පෙම්වත 

මා වල්ලභය 

මගේ මිතුර 

ඔබ පෙරමුණට යන්නෙහිය 

මා වෙනුවෙන් 

අපේ ජිවිතය වෙනුවෙන් 

අපේ මතකය වෙනුවෙන් 

අපේ නිදහස වෙනුවෙන් 

අප වෙනුවෙන් 

මට ඔබ නැවත 

දකින්නට හැකිවේද 

මට ඔබේ උණුසුම ලබන්න  හැකිවේද 

වේදනාවක් යයි පසාරු කර ගෙන හද 

නමුත්  මගේ හදවත ඉන් බිඳී නොයේ 

ඔබ ගැන සිතනා නිසා 


******************************

මගේ පෙම්වතිය  !

මම නොදනිමි 

නැවත 

ඔබ දකීවි දැයි මම 

මගේ ආදරිය  

මා පිය බිරිඳ  

මගේ මිතුරිය  

මම  පෙරමුණට යමි  

ඔබ  වෙනුවෙන් 

අපේ ජිවිතය  වෙනුවෙන් 

අපේ මතකය වෙනුවෙන් 

අපේ නිදහස වෙනුවෙන් 

අප වෙනුවෙන් 

මට ඔබ නැවත 

දකින්නට හැකිවේද නොදනිමි 

මට ඔබේ උණුසුම ලබන්නට  හැකිවේද  නොදනිම්  

මූනිස්සමක්  හද පසාරු කර ගෙන ගියත්  

 මගේ හදවත ඉන් බිඳී නොයේ 

ඔබ ගැන සිතනා නිසා 

****************************


මේ යුක්‍රේනියානු යුවලගේ පින්තූරය දුටු නිසා ලියන්නට සිතුනි. එම පින්තුරයේ ඇති සැබෑ බව හදවත සොවින් බර කරවීය. යුද්ධය කුරිරුය. එය පෙම්වතුන්, අඹු සැමියන්, දරුවන්, මාපියන් වෙන් කරයි.


--අජිත්  




33 comments:

  1. හ්ම්....සහතික ඇත්ත.මේක යුද්ධයේ වින්දිතයන් බවට පත්වූ යුක්‍රේනියානුන්ට වගේම රුසියානුවන්ටත් බලපානවා. 😒😟

    ReplyDelete
    Replies
    1. දෙපැත්තේම දුක විඳින්නේ අපි අපිමයි

      Delete
  2. හෙහ්, "පොල් කට්ටෙන් එපිටට" ඒක නියමයි.🤔👌

    ReplyDelete
    Replies
    1. ඒක මගේ පළමු පොතනේ . බස්සා දැනන් හිටියේ නැත්ද?
      ඔය පින්තූරේ ඇන්දේ මගේ දුව.

      Delete
    2. https://www.amazon.co.uk/Polkatten-Epitata-Ajith-Dharmakeerthi/dp/9551558707/ref=sr_1_1?crid=1C59AQ6LJICR5&keywords=polkatten+epitata&qid=1646822063&sprefix=polkatten+epitata%2Caps%2C41&sr=8-1

      Delete
  3. හිතේ තියෙන්නේ
    යුද්දේ විතරද?
    යුද්දේ රළු බව
    කවට ඇවිල්ලද?

    ReplyDelete
    Replies
    1. මේ යුද්ධයට කවි ගී ලියැවුනා මදී

      Delete
  4. සමරිසි අයව කොන් කරලා නිවසින් එලවා දමපු අජිත් ධර්ම මහතාට පෙම්වතෙකු සිටිනා බව අසන්නට ලබීම ශත වර්ෂයේ හාස්‍යජනකම පුවත විය හැක.

    අජිත් ධර්ම මහතා මේ පෙන්වන්නේ ඔහුගේ ද්විරූපී චරිත ස්වභාවමය.

    ReplyDelete
    Replies
    1. 😁
      මගේ හැම ලිපියක්ම කියවන බව දැන ගැනීමට ලැබීම සතුටකි.

      Delete
    2. බොලං ඇනෝ උඩ කෑල්ල බිරිඳ සැමියාට කියන එක , යට කෑල්ල සැමියා බිරිඳට කියන එක. ඕක ඉතින් තේරුම් කරලා දෙන්න ගියහම කවියේ අගේ බාල වෙනවනේ.

      Delete
  5. සෑම කාන්තාවකටම රසවත් දිවක අයිතියක් ඇත!!

    අපේ පරම්පරාවෙ ගොඩක් පිරිමි දිව දානවා කියන එක සැලකුවෙ පහත් වැඩක් විදිහට. මාමයිට් කුප්පිය, බොම්බිලි ගඳ ආදී නානා ප්‍රකාර කතා කියමින් උන් ස්ත්‍රී යෝනියකට දිව්‍ය සංග්‍රහ කිරීම ගැන පරිභව කළා. උන්ගේ පුරුෂ ලිංගය ස්ත්‍රියකගේ මුව තුල බහාලීම අනිවාර්‍යයක් ලෙසත් ස්ත්‍රියකගේ වැජයිනාව දිවෙන් ස්පර්ශ කිරීම තරම් නොවන ක්‍රියාවක් ලෙසත් උන් විශ්වාස කළා.

    දිව කපා ගනිං ඕකෙ ඔබන්න යනවට වඩා හොඳයි..
    මගේ යාලුවෙක් මාව නෝන්ඩි කලේ එහෙමයි . ඒත් දැන් ඒ යාලුවම මට කියන්නෙ වෙන කතාවක්.
    දිව තමයි බං වැඩේ. අනිත් එක ඕන එකෙකුට කරන්න පුළුවන්නෙ. ඒත් දිව කියන්නෙ ආර්ට් එකක්..

    දිවේ අයිතිය කාන්තාවන් දිනාගැනීම කියන්නෙත් පුරුෂමූලික ලිංගික සංස්කෘතියෙ ලොකු ජයග්‍රහණයක්.

    කොහොම වුනත් දිවෙන් ඇය රසවත් කිරීම හෙවත් කනිලිංගස් කියන්නෙ මේ වෙද්දි හැමෝම ආසාවෙන් විඳින දෙයක්. ඒ වගේම ඒක ඇයව විවර කරන්න, ඇගේ බැමි මුදන්න හොඳම යතුරක්!

    -රංග තේනුවර(GTRZ)- ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම්(ලක්ෂ 6 කට වඩා ලියාපදිංචි සාමාජිකයන් සිටි.)

    ReplyDelete
    Replies
    1. ඔබගේ දේවල් කර ගෙන යාමට අපෙන් බධාවක් නැත

      Delete
  6. ✍️🌹🌹......
    හ්ම් blog theme එකත් නියමයි

    ReplyDelete
    Replies
    1. අප්රුව්ල් එක ලැබුන ඒ කියන්නේ 😉

      Delete
    2. හෙහ් හෙ... ලශ්ශනට තියෙද්දී කාටද ආඩම්බර.....
      ඔයවගේ photos ගොඩක් fb වලින් දැක්ක. ගොඩක් සංවේදී. මහතැන් පොරඅල්ලනකොට පොඩිතැන් තමා පීඩා විඳින්නෙ. පවුලක උනත් එහෙමනෙව💔

      Delete
    3. පවුලක ළමයි දුක විඳිනවා තමා දෙන්න දෙමහල්ලෝ රණ්ඩු වෙනකොට

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. වැටා(ධිපති) ගේ අනුමැතිය ලැබී තිබේ.

      Delete
  8. This is one of my favourite Soviet Films." Malenkaya Vera" Or Little Vera. This was filmed in the city of Mariupol which is now under attack by the Russian forces. Half of the Mariupol citizens are Russians and I was told that the majority of them are against the invading Russian army. You can see Mariupol in this film. මෙය මා කැමතිම සෝවියට් චිත්‍රපටයකි. මා ලියූ පොතකත් මේ චිත්‍රපටය ගැන සඳහනක් තිබේ. මේ චිත්‍රපටය තිරගත කරන ලද්දේ දැනට රුසියානු හමුදා වට කොට ඇති මරියපෝල් නගරයේය. මේ නගරයේ වෙසෙන භාගයක් පමණ ජනතාවක් රුසියානුන් ය. මට දැන ගැනීමට ඇති ආකාරයට ඔවුන් රුසියානු හමුදා ආක්‍රමණයට විරුද්ධය. ඔවුන් රුසියානු හමුදාවට ආපසු යන ලෙස බල කරමින් සිටිති.
    https://www.youtube.com/watch?v=Ab9XnGaA46M

    ReplyDelete
  9. අජිත් මහත්තයාගේ හාමු මහත්තයා රනිල් හාමුත් ඇමරිකාව, බ්‍රිතාන්‍යයට පස්ස හරවන්න නේද ලෑස්තිය. යුක්රේන ජනාධිපති ලණුවක් කෑවා කිව්වේ. රුසියාව යුක්රේනයට ගහපු එක උපක්‍රමයක් විදියට සාර්ථක එකක් කියලත් කිව්වා. දැන් අජිත් මහත්තයා මොකද කරන්නේ? ලන්ඩන් වලින් අස්වෙලා ක්‍රිම්ලීනයට යනවද?

    රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කතාව මෙතනින්.

    ReplyDelete
    Replies
    1. රනිල් මගේ හාමු කෙනෙක් වුනේ කොහොමද ඇනෝ , මම එයට කවදාවත් ප්‍රසිද්ධියේ සහය දීලා නැහැනේ. හේ හේ හැබැයි මෙය කියන්නේ මම කියන ටිකම තමා. හොරෙනම් බ්ලොග් එක කියවලද කොහෙද? මම බටහිරට විරුද්ධ නැහැ. අර ආදරණිය මෝඩ මිනිසා සෙලෙන්ස්කි ගොනා කමක් කරන්නේ.එකයි මම කියන්නේ. පූටින් ව කොන් කළා එයා ගැහුවා. අපි හැමෝම දන්නවා එක වෙනවා කියල. සෙලෙන්ස්කිත් දන්නව. හැබැයි සුන්දර මෝඩ වීරයෙක් වුනා තමන්ගේ මිනිස්සු මරාගෙන. එච්චරයි

      Delete
  10. https://youtu.be/mCOyVcDoNw0

    මතක් වුනේ...

    ReplyDelete
    Replies
    1. යුද්ධය. - ස්තූතියි මේක දැම්මට

      Delete
    2. යුද්දෙට මන් ගියා - ගෑණි ගෙදර තියා
      https://www.youtube.com/watch?v=yEJuqlhw_5k

      Delete
  11. https://www.youtube.com/watch?v=TbzV1it1YPY

    ReplyDelete
    Replies
    1. නිව්ස් වල කියන්නේ මරියපොල් වලින් යන්න දෙන්නේ නැහැ කියල. මේ අනිත් පැත්ත
      https://www.youtube.com/watch?v=kW9G9hpXG-Q

      Delete
    2. ඉවත් කිරීමට පළමු බැලිය හැක
      https://off-guardian.org/2022/03/09/watch-ukraine-on-fire/

      Delete
    3. යු ටියුබ් එකෙන් මෙය ඉවත් කල එකකි.

      Delete
    4. බයෝලොජිකල් ලැබ්, වික්ටෝරිය නියුලන්ඩ් ඇඩ්මිටින් ඉට්
      https://www.youtube.com/watch?v=JCr7zkPAm1Y

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .