යුක්‍රේන රුසියානු යුද්ධයේ ප්‍රධාන මායිම සලකුණු වී ඇත්තේ මෙසේය. නිදහස් ස්වාධින රටක් ආක්‍රමණය කිරීමට වෙන රටකට කිසිදු අයිතියක් නැත යන්නය. එය සම්පුර්ණයෙන්ම නිවැරදි ස්ථාවරයකි. එසේ නොවුහ හොත් අනිත් හැම ප්‍රබල රටක්ම කුඩා රටවල් ආක්‍රමණය කරනු ඇත. එසේත් නැතිනම් එලෙස කරන බවට තර්ජනය කරනු ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ඇත්තේ එවැනි ආක්‍රමණ වැළැක්වීමටය. කුඩා රටවල්ද අර බලවත් රටවල් අමනාප කර නොගෙන සිටීම වැදගත්ය. එම කියන්නේ එම රටවල් යටවී සිටීමට නොවේ උපායමාර්ගිකව කටයුතු කිරීමයි.
යුක්‍රේනයේ අද පවතින්නේ තමන් ළඟ සිටින චන්ඩියා ට කින්ඩි දමමින් ඈතින් චන්ඩින් ගෙන්වීමේ පල විපාකයකි. නිදහස් රටක් වශයෙන් ඈතින් චන්ඩින් ගෙන්වීමට යුක්රේනයට අයිතියක් ඇති බව සැබෑවකි . නමුත් රටේ අනාගතයත් වැසියන්ගේ ජිවිතත් පරදුවට තබා එසේ කල යුතුද? රටක් කියන්නේ ගෙයක් නොවේ. සමහරු මෙය ගෙයක් අසල චන්ඩියෙක් ජීවත් වීමට ලඝු කරති. චන්ඩියා ජනාධිපති නම් ඔබ දෙවරක් සිතන්නේ නැත්ද? චන්ඩියා ජනාධිපති නම් කල යුත්තේ ගෙදර අයගේ ජිවිත බේරාගෙන ජනාධිපති විරෝධී කෙනෙක් හොයා තමන් අයින් වී උගුලක් ඇටවීම වන්නකි.
1. ඇමෙරිකා එක්සත් ජනපදයට සැප්තැම්බර් 11 වනදා එල්ල කල ප්‍රහාරයෙන් පසුව මම නේටෝ රටවල් ඇෆ්ඝනිස්ථානයට පහර දීම පිළිබඳව සතුටු වුනෙමි. නේටෝව ගැන මගේ සිතේ තිබුනේ පහන් හැඟීමකි. එහිදී නේටෝව ස්වාධින රටක් ආක්‍රමණය කිරීමෙන් එක්සත් ජාතීන්ගේ වගන්තිය 2(4) (article 2.4) කැඩීම පිළිබඳව කරදර නොවුනෙමි. වෙන්නේ මම කැමති දෙයක් නම්, වෙන්නේ හොඳ වැඩක් කියා මට සිතෙන්නේ නම් ඒ ගැන කරදර වන්නේ කුමටද යන්න මගේ ස්ථාවරය විය. බටහිර මාධ්‍ය ක්‍රියා කරන්නේද ඒ ආකාරයෙන්ම බව මට පසක් වුයේ බොහෝ පසුවය.
2. ඉරාකයට කළ පළමු ආක්‍රමණයට පෙර සදාම් හුසේන් ඇමෙරිකාවේ හා බ්‍රිතාන්‍යයේ ලණු හොඳටම ගිල්ලේය. බ්‍රිතාන්‍ය හා ප්‍රංශය ඔහුට බිලියන් ගණනින් ආයුධ විකිණුහ. ඔහු කුවේට් රාජ්‍යය ආක්‍රමණය කළේය. මෙහිදී තමන්ට ඇමෙරිකාවේ අනුමැතිය ලැබුනහයි ඔහු වරදවා සිතුවේය. එවකට සිටි ඇමෙරිකානු තානාපතිනිය මේ ගැන ලියා ඇත. නේටෝව ඉරාකයට පන්න පන්නා පහර දුන්නේ එක්සත් ජාතීන්ගේ අනුමැතිය සහිතවය. නේටෝව දෙවන වරට ඉරාකය ආක්‍රමණය කලේ එක්සත් ජාතින් ගේ අනුමැතිය නැතිවය (2003).
එයට ඉදිරිපත් කරන ලද පළමු හේතුව වුයේ සුළු ජාතියක් වූ කුර්දි වරුන්ට එරෙහිව රසායනික අවි භාවිතා කිරීමය (මෙහිදී 30000 කුර්දින් මිය ගියා යයි පැවසුනි) . දෙවන හේතුව වූයේ අති ප්‍රබල මිනිසුන් දහස් ගණනින් මරණ (WMD) බලවත් ආයුධ තබා ගත්තේ යයි චෝදනා එල්ල වුනි. (එම අවි අදටත් සොයාගෙන නොමැත)
ඉරාකයේ මියගිය සටන්කාමීන් නොවන සාමාන්‍ය ජනතාව මිලියන් දෙකක් පමණ යයි ගණන් බලා තිබේ.
3. නේටෝව යුගොස්ලවියාවට නොනවත්වා බෝම්බ දමා පහර දුන්නේ 1991 දීය . ඒ බොස්නියන් මුස්ලිම් වරුන් ට එරෙහිව ක්‍රියාත්මක කල යුද්ධය නිසාය. මෙයටද එක්සත් ජාතින් ගේ අනුමැතිය ලැබුනේ නැත. නේටෝව එය නොතකා ස්වාධින රටක් වූ යුගොස්ලවියාවට පහර දුන් අතර එනිසාම බෙදී වෙන්වූ රාජ්‍යයක් බවට පත්විය. හේතුව වුයේ සුළු ජාතීන්ට අමානුෂික ලෙස සැලකීම සහ යුදමය ලෙස පහර දීමයි. (කෝසොවෝ). යුගෝස්ලාවියාව බිඳී යාම ගැන පසු තැවුනත් එම රට සුළු ජාතීන්ට හොඳින් සැලකුවේ නැති සිතා එයද මට සාධාරණීකරණය කර ගතිමි. මේ මම ඒ ගැන ඒ කාලයේ ලියු ලිපියකි.
4. සිරියාවේ ප්‍රශ්නයට රටවල් කිහිපයක්ම මැදිහත් වුනි. ඒ අයිසිස් නිසාය. නමුත් අයිසිස් නිර්මාණය වුනේද බයිඩන් ගේ පුත්‍රයා සහ ඊශ්‍රායල සම්බන්ධයකිනි. ඒ අසාද් බලයෙන් පහ කිරීමටය. ඒ ගැන මම ලිපි පෙළක්ම ලියා තිබේ. මේ අවසාන ලිපියයි . නමුත් අයිසිස් සංවිධානය ලෙවන්ත් නමැති පැරණි රාජ්‍යය සැදීමට උත්සුක වුන අතර ඔසාමාගේ අල් කයිඩා සංවිධානය මෙන් ඔවුන්ද ඇමෙරිකානුවන් ගොනාට ඇන්දූහ. (ඔසාමා සහ මුජෙහදින් සෝවියට් ආක්‍රමණයට එරෙහිව පුහුණු කලේ ඇමෙරිකාවයි) . මේ නිසා ඇමෙරිකාව ඉරාක කුර්දි හා මෙහ්දී වරුන් ට අවි සපයා අයිසිස් වරුන්ට එරෙහිව ප්‍රොක්සි යුද්ධයක් දියත් කළේය. ඒ සමගම අස්ථාවර වුනු සිරියාවේ අසාද් ට එරෙහි විධ ත්‍රස්තවාදී කණ්ඩායම් වලට උදව් කළේය.මේ සියල්ල කලේ එක්සත් ජාතීන්ගේ අනුමැතිය නැතිවය. එක්සත් ජාතීන්ගේ අනුමැතිය නැතිව පැමිණි පූටින් ගේ රුසියානු යානා අලෙප්පෝ නගරය බෝම්බ දමා සමතලා කළේය. ඉරානය තව පැත්තකින් පහර දුන්නේ අයිසිස් අන්තවාදීන්ට ඔවුන්ද විරුද්ධ හෙයිනි. මේ යුද්ධයේදී මම සිරියාව පැත්ත ගැනීමට මුලික හේතුව වුනේ අසාද් තම රටේ මිනිසුන්ට හොඳින් සැලකීම නිසාය. මට සිරියානු යහළුවන් බොහොමයක් සිටි අතර තරුණ තරුණියන් දෙකොටසටම විදේශ රටවල ඉගෙනීමට රජයෙන් ශිෂ්‍යත්ව දුනි. ඔවුන්ගේ නිදහස් සෞඛ්ය සේවයක් හා නිදහස් අධ්‍යාපනයක් ඇති අතර සවුදියේ මෙන් නොව තරුණියන්ට රිය පැදවීමට හා රැකියාව කිරීමට ද පිරිමියෙකු නැතිව ඇවිදිමටද නිදහස තිබේ. එවැනි රටක් අයිසිස් වැනි අන්තවාදී සංවිධානයක් අල්ලා ගැනීම අපරාධයක් ලෙස සැලකුවෙමි. පුටින් සිරියාවට මැදිහත් වුයේ එහි රුසියානු නාවුක හමුදා භාවිතා කරන වරායක් තිබෙන නිසාය.
සිරියාවේ මිලියනයක පමණ වූ දේශපාලන අනාථයන්ට වැඩිපුරම රැකවරණ දුන්නේ ජර්මනියයි. ප්‍රශ්නය ඇති කල රටවල් පවා ඒ දේශපාලන අනාථයන් භාර ගත්තේ නැත.
5. යේමනයේ යුද්ධයේදී සවුදි අරාබිය සහ ඊජිප්තුව කෙලින්ම ඉරානය සහයෝගය දෙන හුති ගරිල්ලනට විරුද්ධව අනිත් පැත්තට ආයුධ දීම පමණක් නොව බෝම්බද දමති. අවුරුදු හතක් තිස්සේ දිග ඇදී යන මේ යුද්ධයේ අනාථයින් බොහෝය. ඔවුන්ට යාමට රටක් ද නැත. දරුවන් මන්දපෝෂණයෙන් පෙලෙයි. දරුවන් දහදාහක් පමණ දැනට මිය ගොස් තිබේ.
පූටින් ද ඉහත අන්දමේ තර්ක කිහිපයක් එකතු කර තිබේ. මා ඒවා ලිවූ පසු විවේචනය කල බොහෝ අය පැවසුවේ මා පූටින් ගේ ආක්‍රමණය සාධාරණිකරණය කරන බවයි. මධ්‍යස්ථ ස්ථාවරයක් ගැනීම යනු පූටින් ගේ පැත්ත ගැනීම බවත් තිබෙන එකම නිවැරදි ස්ථාවරය යුක්රේන් පැත්ත බවත් ප්‍රබල මතයක් සමාජ මාධ්‍ය වල පැතිරෙයි. මේ මතයට හේතුව මාධ්‍ය වල මෙහෙයුම යයි සිතමි. ලිබරල් සුරතලෙකු වන පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ද ඉන්දියාවද රැගෙන ඇත්තේ මධ්‍යස්ථ ස්ථාවරයකි. ඒ කියන්නේ මේ අයට අනුව ඒ පූටින් ට සහය දැක්වීමකි.
මේ හිස්ටිරියාව ඇති කර ඇත්තේ මාධ්‍ය විසිනි. මෙහි දරුණු බව කෙතරම්ද යත් ඩොස්ටොයෙව්ස්කි ගේ පොත් පිළිබඳ උගන්වන විශ්ව විද්‍යාල පාඨමාලා ඉවත් කර තිබේ. පූටින් ගේ ආක්‍රමණය හා ඩොස්ටොයෙව්ස්කි අතර සම්බන්ධය හරියට හැත්තෑ එක කැරැල්ලේදී ලංකා පොලිසිය "ගම් පෙරළිය " පොත අත් අඩංගුවට ගත්තාක් මෙනි. වොඩ්කා තහනමට අමතරව චයිකොව්ස්කි වැන්නන් ගේ සම්භාව්‍ය සංගීතයද ඔපෙරා ආදියෙන් ඉවත් කරමින් යයි. මෙය විකාරයකි.
පූටින් ගේ එක තර්කයක් නාසි හමුදාය.
බටහිර මෙන්ම ශ්‍රී ලංකාවේ ලියන්නන් ගේ ද ප්‍රධාන තර්කයක් වන්නේ නාසි කොටස යුක්රේනයේ නැත යන්නය. ඒ මදිවාට මෝඩ තර්කද ඉදිරිපත් කරති. එනම් අසොව් බලකාය හැදුනේ යුක්‍රේනයේ සටන් කරන චෙචේනියානු මුස්ලිම් බලකායට විරුද්ධව කියාය. සුදු ජාතිවාදීන් (white nationalist group) විසින් එම බලකාය එය පිහිටෙව්වේ 2014 දීය. එදා සංචිතය භටයන් 12000 කින් සමන්විත වුවකි. .
මේ තිබෙන්නේ එම බලකාය ගැන වීඩියෝ එකකි.
මේ බිබිසි මගින් යුක්‍රේනයේ නාසීන් ගැන 2018 දී කළ විඩියෝවකි.
මේ 2015 එකකි. මින් පෙනී යන්නේ මේ කණ්ඩායම් ඊයේ පෙරේදා හැදුනු ඒවා නොවන බවයි. නාසි හමුදා ඛණ්ඩාංක සමහර නම් මෙසේය: ස්වබෝදා (නිදහස ) , ප්‍රාවී සෙක්ටර් (දකුණු අංශය ) , නැෂනල් කෝ , ඇසොව් හමුදාව, අයිඩර් හමුදාව, දොන්බාස් හමුදාව, ද්නිපර් -1 හමුදාව. ද්නිපර් -2 හමුදාව. Svoboda, Pravy Sektor, National Corps, C14, the Azov Battalion, the Aidar Battalion, the Donbas Battalion, the Dnipro-1 Battalion, the Dnipro-2 Battalion
හැබැයි යුක්රේනයට මේ චෝදනාව ගෙන ආවද පූටින් ගේ රුසියාවේද තරුණ තරුණියන්ට කැපවුණු ජාතික ව්‍යාපාරයක් ඇත. අරුම පුදුම ලෙස එහි නම නාශි ය. නාශි යන රුසියානු වචනයේ තේරුම "අපි " යන්නය. නමුත් එය බොහෝවිට බටහිර විරෝධී ජාතිවාදී සංවිධානයකි. එය ඔලිගාර්ක්ලාට , නාසින්ට , ෆුට්බෝල් රස්තියාදුකරුවනට විරුද්ධ සංවිධානයක් වුවද විරුද්ධ පාක්ෂිකයන්ට පහර දුන් අවස්ථා ඇත.
සෙලෙන්ස්කි මේ අයට මුලදී සහයක් දැක්වූයේ නැත. ඔහු රුසියාව සම්බන්ධව මිත්‍රශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. නමුත් ඔහුට විරුද්ධව විරෝධතා (යනුකොවිච් ට මෙන්) වැඩි වන විට ඔහු මෙම කණ්ඩායම් යුක්‍රේනයේ සාමාන්‍ය හමුදාවට අනුයුක්ත කළේය. (ඇසොව් බලකාය අනුයුක්ත කලේ ඊට කලිනි)
දැන් යන මාධ්‍ය මෙහෙයුම අතිශය අන්තරාකාරී එකකි. මධ්‍යස්ථ හා රුසියාව පැත්තට කතා කරන කිසිම දෙයක් ෆේස්බුක්, ගූගල් හා යුටියුබ් වලින් ඉවත් වෙමින් පවතී. එසේ වන්නේ යුක්‍රේනියානු ජාතිවාදීන් බොහොමයක් ඒවාට එරෙහිව චෝදනා කරන හෙයිනි. ඔවුන්ට අවශ්‍ය රුසියාව සමග යුද්ධයයි. රුසියාවට අවශ්‍ය ඔවුන් නිරායුධ කිරීමයි. නේටෝවට අවශ්‍ය පුටීන් ඉවත් කිරීමටයි. පුටීන් ට සහ බහුතරයක් රුසියානුන් ට අවශ්‍ය නේටෝව රුසියාව අසලට මිසයිල සමග නොපැමිණීමයි. රුසියාවේ තත්වය ඊට දෙවැනි නැත. රුසියාවේ නිදහස් මාධ්‍ය සියල්ල තහනම් කර හෝ වසා දමා ඇත. රුසියානුන් දන්නේ ජනාධිපති පූටින් අනුමත කරන දේ පමණකි. යුක්‍රේන ප්‍රශ්නය ගැන කාලයකට කලින් පටිගත කෙරුණු වීඩියෝවක් තිබේ.
තම රට එක්සේසත් කිරීම සඳහා පූටින් චෙචේනියාවේ ග්‍රොස්නි නගරය සම්පුර්නයෙන්ම සමතලා වන තුරුම බෝම්බ දැම්මේය. ඒ ඊට කලින් රුසියානු හමුදාව දුදායෙව් ගේ හමුදා වලින් පරාජය කිරීමේ පලිය ගැනීමටත් සමගය. එහිදී මියගිය ප්‍රමාණය 25000 ත් ලක්ෂ දෙකත් අතර වනු ඇති ගණන් බලා ඇතත් කිසිවෙක් එය නොදනී. රුසියානු සොල්දාදුවන් අටදහසක් පමණ මිය ගොස් ඇත. පූටින් සහ රුසියාව ඔවුන් රණ විරුවන් කර ඇත. රුසියානු මව්වරුන්ට ඇර වෙන කාටවත් එය ප්‍රශ්නයක් නොවේ. චේචේනියාව නැවතත් රුසියානු පාලනයට ගැනීම ගැන ඔවුන් සතුටු වෙති. සිරියාවේ අලෙප්පොවේ සිදුවූයේද එයයි. යුක්රේනයේ නගර වලට සිදු වන්නේද සිදු වන්නට යන්නේද එයයි. මම ඒ බෝම්බ දැමීමට සහයෝගය දෙනවා නොවේ. සාම සාකච්ඡා හා යථාර්තය පිලි ගැනීම කෙතරම් වැදගත් ද යන්න මම මේ යුද්ධය පිළිබඳ ලියු හැම ලිපියකම සඳහන් කලෙමි.
රුසියාව විසින් කරන්නේ ජන ඝාතක යුද්ධයකි. නෙටෝවේ ඉහත සඳහන් යුද්ධද ශ්‍රී ලංකාවේ යුද්ධයද බුරුමයේද අනිත් තැන්වලද ජනඝාතක යුද්ධ සිදු විය. සිදුවෙමින් පවතී. නමුත් ඒවා නිසාය කියා පූටින් ගේ ජන ඝාතක යුද්ධය ට සමාව දීමට නොහැකිය. නමුත් මෙහි වරද සම්පුර්ණයෙන්ම පූටින් ටම පැවරිය නොහැකිය. බටහිර මාධ්‍ය කියන්නේ එසේය. වැරැද්ද එතනය. මරියෝපොල් නගරයේ රුසියනුන් හා යුක්‍රේන් වරු සමසේ සිටිති (ලක්ෂ දෙකක් පමණ). පුටින් එය සම්පුර්ණයෙන් සමතලා නොකරන්නේ එහි සිටින රුසියානු ජනතාව නිසා යයි සිතමි. නමුත් පූටින් නොසිතු ප්‍රශ්නය වූයේ එහි සිටින රුසියානු ජනතාව පූටින් යටතේ නොව යුක්රේනය සමග සිටීමට දක්වන කැමැත්තයි. පහත ඇති විඩිය වෙන් එය පැහැදිලිය. මේ ප්‍රශ්නය පූටින් ට අනිකුත් නගර වලින්ද මතුවී තිබේ. යුක්‍රේනයේ රුසියානුන් ආක්‍රමණයට විරුද්ධ වීම නිසා රුසියානු සොල්දාදුවන් ඔවුන්ට වෙඩි නොතැබීම ප්‍රශ්නයක් වී තිබේ. රුසියාව හෙමින් යාමට එක හේතුවක් වන්නේද එයයි. (අනෙක නම් කලින් ලිපියේ සාකච්චා කල දෙවෙන ලෝක යුද්ධයේ සැලසුම් අනුව යාම)
මම 1991 යෙල්ට්සින් මොස්කව් වල ඔහුගේ විප්ලවය මෙහෙයවන විට එහි සිටියෙමි. රුසියානු හමුදාවේ යුද්ධ ටැංකි කුමන්ත්‍රණ කල කොමියුනිස්ට් නායකයන් මොස්කව් මධ්‍යයට ගෙන ආවද ඔවුන් ජනතාවට වෙඩි තැබීම ප්‍රතික්ෂේප කළහ. බොහෝවිට යුක්‍රේනයේ අනිත් නගර වල සිටින රුසියානුවන් මේ යුද්ධය අනිත් පැත්තට හැරවීමට හේතුවක් විය හැකිය.
නමුදු ප්‍රශ්නයක් වන්නේ ඔවුන් පූටින් ට විරුද්ධ පැත්තේ සිටියද යුක්‍රේන හමුදාවේ ජාතිවාදී සේනාංක කොටස් (ඉහත දැක්වූ නම් බලන්න ) ඔවුන්ට නගර වලින් එලියට යාමට දෙන්නේ නැත. ඔවුන්ද ඒ පෙදෙස් වලට ප්‍රහාර එල්ල කරති. (හරියට ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිවාදයට විරුද්ධ දෙමළ අයද ඒ පැත්තට ජාතිවාදී සිංහලයන් විසින් ඇද දැමු අයුරින්) මේ ප්‍රවෘත්ති බටහිර මාධ්‍ය වල යන්නේ නැත.
එක්කෝ නේටෝවත් රුසියාවත් දෙකම වැරදි විය යුතුය. නැත්නම් දෙගොල්ලම හරි විය යුතුය. සෙලෙන්ස්කි මෙහි රඟ පාන්නේ useful idiot හෙවත් අවශ්‍ය මෝඩයා ගේ චරිතයයි. පමාවී හෝ ඔහුට මෙය අවබෝධ වන දවසක් එනු ඇත.
රටක් වශයෙන් නේටෝවට ඇතුළු වීමට අයිතිය තිබේ යන සුන්දර කතා ලිවිම පලක් ඇති දෙයක් නෙමේ. දෙමල ජනතාවට ස්වයං නිර්ණය ඇති මුත් ඉන්දියාව එයට කිසි සෙත් ඉඩ දෙන්නේ නැති බව කීවිට මගේ සමහර දෙමළ මිතුරන් මෙන්ම ශ්‍රී ලංකාවේ රැඩිකල් වම වෙනුවෙන් පෙනී සිටිනා මිතුරන් ද කීවේ මා ජාතිවාදියෙකු බවය.
දැන් අප අතර නැති පිටරට මාධ්‍යයක වැඩ කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු එම චෝදනාවම මට එල්ල කලේ මම ජවිපෙට සම්බන්ධ ජාතිවාදියෙකු බව කියමිනි. මම එදා ඔහුට කීවේ ශ්‍රී ලංකා හමුදාව කැරලි දෙකක් මර්දනය කර තිබෙන බවත් එසේ කරන ලද්දේ ඉතා දරුණු ලෙස බවත්ය. සාම සාකච්චා වලින් ඉවත් වෙන ප්‍රභාකරන් හා එල් ටි ටි එකට සිදු වන්නේ ද එය බවයි. ඉන්දියාව ශ්‍රී ලංකා දෙකඩ කිරීමට කැමති නැත. එය ඔවුන්ට ප්‍රශ්නයක් වන නිසාය. එල් ටි ටි එක කල යුත්තේ සාම සාකච්චා වල සිටිමින් ඊළම නොව සාමාන්‍ය යම් බලතල සහිත පාලනයක් ගැනීමය. ඔහු කිවේ එල් ටි ටි එක ඉතා බලවත් බවත් ලංකා හමුදාවට හැරෙන්නට වත් බැරි බවත්ය. මගේ දෙමල මිතුරන්ද ඔය ඉන්දීය කතාවට විරුද්ධ වූහ. එසේම ඔවුන් සිතුවේ බටහිර ඔවුන්ගේ සහයට එයි කියාය. ඔවුන් උදම් ඇනුවේ ඉන්දියාව එළවූ බව කියමිනි. බොහෝ දෙනෙක් මිය යමින් මේ කතාවේ ඉතිරිය ඉතිහාසයට අයිති වුනි. මගේ එකම ස්ථාවරය වූයේ ජාතිවාදියෙකු නොවීමය.
කෙනෙකු තවත් ප්‍රශ්නයක් අසා තිබුනේ බලය ඇති නිසා, ශ්‍රී ලංකාව චීනයට සහය දෙන්නේ යැයි කියා, ඉන්දියාවට ලංකාව ආක්‍රමණය කිරීමට අප ඉඩ දෙන්නේද? මෙය කියවන්නා නොමග යවන ප්‍රශ්නයකි. ශ්‍රී ලංකාව ඕනෑ තරම් චිනයට සහයෝගය දී ඇත. විශේෂයෙන්ම සිරිමාවෝ රාජ්‍ය සමයේදී ඒ බව මට හොඳින් මතකය. චෞ එන් ලායි ශ්‍රී ලංකාවේ හොඳ මිත්‍රයෙකු වී සිටියේය. ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ට ප්‍රශ්නයක් තිබුනේ නැත. ප්‍රශ්නය ආවේ 1977න් පසු ජේ ආර් ඇමෙරිකාවට සහයෝගය දීම නිසාය. එසේම ෆෝක්ලන්ඩ් යුද්ධයේදී බ්‍රිතාන්‍යයට සහය පලකළ රටවල් හතෙන් එකක් වුයේ ශ්‍රී ලංකාවයි. ඉන්දියාව මේවා ඉවසුවේ නැත.
ඉන්දියාව මෙහිදී වැරදිය. එසේම නේටෝව ඉරාක - කුර්දි ප්‍රශ්නය භාවිතා කලාක් මෙන් ඉන්දියාව ලංකාවට එරෙහි වීමට භාවිතා කලේ දෙමළ ප්‍රශ්නයයි. පූටින් භාවිතා කරන්නේ නැගෙනහිර උක්රයින දොන්බාස් රුසියානුන් ගේ ප්‍රශ්නයයි. ලංකාව ඇත්තටම දෙමළ ජනතාවට හොඳින් සැලකුවේ නැත. නමුත් ඒ නිසාම ඉන්දියාව ලංකාව ආක්‍රමණය කිරීම වැරදිය. එසේම එදා මුළු බටහිර ලෝකයම හා සෝවියට් දේශයද සහයෝගය දුන්නේ ඉන්දියාවටය.
දොන්බාස් පෙදෙසේ මෙන්ම අනිත් තැන්වලද රුසියානු භාෂාවෙන් වැඩ කිරීම යුක්‍රේනියානු රජය තහනම් කළේය. පාසල් වල එම බස ඉගෙනීම පවා තහනම් කළේය. යුක්රේනියානු බස නොදන්නේ නම් රජයේ උසස්වීම් ලබන්නට නොහැකිය. මේ ක්‍රියා යුරෝපා සංගමය හෙළා දකින්නට මැලි වුනි. ඒවා පිට දමමින් ක්‍රිමියාව ඈඳ ගත් පුටින් යුක්රේනය දෙකඩ කළේය. නමුත් ඇත්ත හේතුව ක්‍රිමියාවේ සේවස්තොපල් වරාය නේටෝවට හිමිවීම වැළැක්වීමයි.
ශ්‍රී ලංකාවේ ඇතැමුන් යුක්‍රේනය රුසියාවට තර්ජනයක් නිසා එය ආක්‍රමණය කිරීමට රුසියාවට හැක යන අදහසක් පවසන බව දැන ගතිමි. මෙය මෝඩ තර්කයකි. තර්ජනය යුක්රේනය නොවේ. එහි මිසයිල පිහිටුවීමට දරන තැතය. එම අදහස පිටුපස ඉන්නේ නේටෝවය. තර්ජනය නේටෝවෙනි.
චීනය ලංකාවේ මිසයිල පිහිටුවන්නට ලැහැස්ති වුවහොත් ඉන්දියාව ලංකාව අනිවාර්යයෙන් ආක්‍රමණය කරනු ඇත. එදාට ලංකාව ස්වාධින රටක්ය කියා කිසිවෙකුට කරන්න පුළුවන් ලබ්බක් ද නැත. චීනය ඉන්දියාව සමග සටනට ගියොත් මිස වෙන කවුරුත් ලංකාව වෙනුවෙන් සටනට එන්නේද නැත. චීනය ඉන්දියාව සමග සටනට ගියොත් න්‍යෂ්ටික අවි සහිත රටවල දෙකක් නිසා ඇතිවන තෙවන ලෝක යුද්ධයෙන් ලංකාව වැනසී යනු ඇත.
සෙලෙන්ස්කිට මට කියන්නට ඇත්තේද එපමණය.
මේ රටවල ශිතල අන්තිම දරුණු ශීතලක් බව මා දන්නේ එහි ජිවත්ව සිටි බැවිනි. කඩයකින් ඉවීමට බඩු රැගෙන නවාතැනට යනටික පවා දරුණු ශීත සමයේ ඉමහත් මහන්සියක් දනවයි. ෂෙල් වලට ජීවිතය බේරා ගැනීමට දිවීම, බිම් ගෙවල වල වතුර නොමැතිව, ආහාර නොමැතිව ශීතලේ සිටීම කොපමණ අපහසුද? අපට බටහිර හෝ ඔස්ට්‍රේලියාව , කැනඩාව වැනි රටවල් වල සිට යුක්‍රේනයට සටන් කරන්නට කියා ලියන්නට පුළුවන. නමුත් එහි අමාරුව දන්නේ එහි ජිවත් වෙන මිනිසාය. ආක්‍රමණිකයාට එරෙහිව කරන යුක්‍රේන සටන සුන්දර අදහසක් බව ඇත්තය. එය හරියට ස්ටාර් වෝස් චිත්‍රපටයේ විප්ලවීය ගරිල්ලා සන්ධානය (Rebel Alliance) එක එම්පයර් එකට එරෙහිව සටන් වැදීම මෙන් අපට උත්ප්‍රාසය මෙන්ම සතුට දනවයි. මහා සතුරෙකුට, ගොලායත් ට විරුද්ධව කුඩා ඩේවිඩ් ගේ සටන හා එහි ජයග්‍රහණය ට හැමෝම උදම් වෙති. ශ්‍රී ලංකා හමුදා එල්ටිටිඊ සංවිධනයට විරුද්ධව කළ සටනේ බටහිර මාධ්‍ය ශ්‍රී ලංකාව පැත්තේ සිටියේ නැත. ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව ක්‍රිකට් කුසලානය ඔසවනවිට ඔවුන් සිටියේ ලංකාව පැත්තේය. අද හැමෝම යුක්‍රේනය පැත්තේ ඉන්නේ ඒ අනුවය.
නමුත් සැබෑව නම් යුක්රේනය පිටුපස රුසියාවට වඩා බලවත් නේටෝ සංවිධානය සිටීමයි. මෙතැන ඇත්තේ බලවත් යුධ කඳවුරු දෙකක් අතර හාල්මැස්සන් ගේ භුමීයේ පවතින සටනකි.
මේ යුද්ධය මාධ්‍ය කියන ආකාරයට දිනාගෙන යන්නේ යුක්රේනයයි. නමුත් එසේ දිනනවා නම් ජනාධිපති බයිඩන් තෙල් සහ ගෑස් රුසියාවෙන් ගැනීම තහනම් කරන්නේ නැත. එක්සත් රාජධානිය මේ අවුරුද්ද අවසානය වන විට රුසියානු තෙල් සහ ගෑස් මිලට ගැනීම නවතන බව කියයි. යුරෝපය ගෑස් නවතන බවක් කියන්නේම නැත. ගෑස් සහ තෙල් වලින් රුසියාවට දිනකට ඩොලර් බිලියන් එකත් එකහමාරත් අතර ආදායමක් ලැබේ. ඒ වෙනුවට රුසියානු ධනපතීන් හෙවත් ඔලිගාර්ක්ස් නොහොත් කතිපයාධිකාරීන් (වචනය උපුටා ගත්තේ මෙතැනිනි.) ලාට සම්බාධක පනවා ඇත. එයින් පූටින් ට වත් රුසියානුන් ට වත් වගේ වගක් නැත. නැතිවන්නේ ඔවුන්ගේ මුදල් නොවේ. ආයෝජන නැතිවන්නේ බටහිරටමය. රුසියානුන් ඔලිගාර්ක්ස් ලාට කොහොමටත් කැමති නැත. සෝවියට් දේශයේ මහජන මුදල් සොරා ගත් ඔවුන්ට නවාතැන් දුන්නේ ලන්ඩනය ඇතුළු බටහිර යයි ඔවුහු චෝදනා කරති. එයත් නිවැරදිය. රුසියාවට පැනුන සම්බාධක වලින් ඔවුන්ට යම් පහරක් වැදෙනු ඇත. හැබැයි රුසියාව මිලදී ගන්නා සුඛෝපභෝගී භාණ්ඩ නැතිවීම නිසා පහර වදින්නේ නාගරික ජනයාටය. පූටින් ට විරුද්ධ උද්ඝෝෂණ වලට යන්නේ ඔවුන්ය. තවමත් බහුතරයක් රුසියානු ජනතාව ඉන්නේ පූටින් ගේ පැත්තේය.
බටහිර ජිවත්වන අපට වැදෙන පහරද සුළුපටු නැත. ලන්ඩනයේ තෙල් මිල නොවූ විරු ලෙස ඉහල ගොස් ඇත. වාහනයේ පෙට්‍රල් ටැංකිය පිරවීමට යන මුදල දෙගුණ වී ඇත. මාසික ගෑස් මිල දෙගුණ වී ඇත. ඒ නිසා අනිකුත් බඩු බාහිරාදියේ මිලද ඉහල යමින් පවතී. සීඝ්‍ර උද්ධමනයක් අත ළඟය. බටහිර ආර්ථිකයට වදින පහරද සුළුපටු නැත. ඒ ආර්ථික යුද්ධය එන්නේ ඉදිරියටය.
පූටින් ඇරඹු යුද්ධයෙන් තවත් අයට වාසි සිදුවී ඇත.
වෙනිසියුලාවේ සමාජවාදී ආණ්ඩුව තව දුරටත් නරක එකක් නොවේ.එහි ජනාධිපති නිකොලස් මදුරෝ චෝයි බබෙකි. මේ බව අපට කියන්නේ එහි ගිය ඇමෙරිකානු නියෝජිතයන්ය. ඔවුන්ට පැනවූ සම්බාධක ලිහිල් වෙන අතර අඩු මිල තෙල් ලෝක වෙළඳ පොලට ඒමට නියමිතය. රුසියාවෙන් නොගන්නා තෙල් ඇමෙරිකාව සැරසෙන්නේ වෙනිසියුලාවෙන් ගැනීමටය.
එසේම ඉරානයේ සිර දඬුවම් විඳිමින් සිටි බ්‍රිතාන්‍ය පුවත්පත් කලාවේදිනිය අද නිදහස් කරන ලදී. ඒ නිසා (allegedly ඒ නිසා) ඉරානයේ තෙල් වලට පනවා ඇති සම්බාධක ඉවත් වෙනු ඇත. බොරිස් ජොන්සන් අද සවුදි අරාබියට ගියේ අසූ එක් දෙනෙකු එල්ල මැරූ හේතුව අහන්නට නොවේ. තෙල් නිෂ්පාදනය වැඩි කරන්නට කියන්නටය.
මේවා ඔක්කොම අපට හොඳය. ඒ නිසා කට වහගෙන සිටීම වාසිය. ෆේස්බුක් එකේ මවිසින් මේවා විවේචනය කරනු ඔබට දැකිය නොහැක්කේ ඒ නිසාය.
මේ යුද්ධයට ඇති හොඳම විසඳුම සෙලෙන්ස්කි විසින් නේටෝව අමතක කර සාකච්ඡා වලට යාමය. ක්‍රිමියාව ඔවුන්ට අහිමි වනු ඇත. නමුත් රට ගොඩ නගා තායිවානය මෙන් හොඳ ආයුධ ටිකක් රැස් කර ගතහොත් රුසියාවට නැවත ඔවුන්ට අත තැබීම අපහසු වනු ඇත. ඒත් දැන්නම් පමා වැඩි විය හැකිය. නේටෝව හමුදා යැව්ව හොත් හෝ පියාසර තහනම් කලාපයක් ක්‍රියාත්මක කළහොත් තෙවන ලෝක යුද්ධයක් ඇරඹීමේ අවදානම වැඩිය.
පූටින් ගේ අදහස යුක්‍රේනය අල්ලා ගැනීමම නොවේ. ඔහුගේ සැලසුමේ ඩොලරයට පහර දීමේ කොටසක්ද ඇත. ඒ සඳහා ඔහුට චීනයේ සහයද අවශ්‍යය.
වෙන කෙනෙකු නොලිව්වොත් ඒ ගැන විස්තරයක් ඉදිරියේදී සපයමි.
යුක්‍රේන ප්‍රශ්නය පිලිබඳ ලිපි මාලාව:
ටෝනි බ්ලෙයාර් පසුව පැවසූ පරිදි ඉරාකයට පහරදීම සඳහා එහි භයානක ආයුධ තිබෙන බව පවසා ඇත්තේ බොරුවටය. එවන් ආයුධ එහි නොතිබූ බව කලින්ම දැන සිට ඇත. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහි සඳහන් සෑම ගැටුමකදීම දියාරු යෝජනා සම්මත කිරීමෙන් ඔබ්බට කිසිදු පියවරක් ගෙන නැත. එම සංවිධානය පිහිටුවීමේ මූලික අරමුණම මෙහිදී කඩවන බව පෙනේ.එනිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මීට වගකිව යුතු නොවේද?
ReplyDeleteඑක්සත් ජාතින් ගේ සංවිධානය දෙපැත්තට ඇදෙන එකක් නේ. ඊශ්‍රායලය ට හෝ තමන්ට විරුද්ධව යෝජනාවක් ගෙනාවොත් ඇමෙරිකාව නිශේධ බලය පාවිච්චි කරනවා. රුසියාවට එකක් ගෙනාවොත් ඒ ගොල්ලෝ නිශේධ බලය භාවිතා කරනවා. චීනය තමන් සඳහා . ටිකක් විකාරයක් වගේ තමයි. සවුදිය😀 හියුමන් රයිට්ස් එකේ ඉන්නවා 😀
Deleteමෙවැනි ලිපි පළකිරීම මගින් ධර්ම මහතාගේ රැකියාවට, ජිවිතයට බලපෑමක් ඇති වන්නේ නැද්ද? මේවා බලධාරීන් දුටුවොත් ගැටළු ඇති වන්නේ නැද්ද?
ReplyDeleteමහේෂ් වලතර
ඉංග්‍රීසියෙන් ෆේස්බුක් දැම්මොත් ප්‍රශ්නයක් වෙයි කියලා හිතනවා. මොකද ඔෆිෂල් ලයින් එක වෙනස් නිසා. මේක ෆේස්බුක් දැම්මත් දාන්නේ තෝරා ගත් පිරිසකට විතරයි. මොකද කලින් එකක් රිපෝට් කරලා තිබුනා
Deleteහ්ම්....හොඳ විග්‍රහයක්. "යුක්‍රේන් ඔන් ෆයර්" ගැන අහල තිබ්බා, අද බාගත්තා.
ReplyDeleteහහ්,හෙහ් ඉරානය සහ වෙනිසියුලානු මදුරුවා, "චෝයි බබාලා" වීම නං නියම යෙදුම. පැත්තක් නොගෙන(අඩමානෙට වුනත්😉) ඔහොම යං .නැත්නම් අපට යථාර්තය මඟහැරෙනවා.🙏👌😊
එහම කරන්න බලමු
Delete"යුගොස්ලාවියාවට බැඳී පෙමට ඉකි බින්ද යුවතියන්" කියෙව්වා. හ්ම්...එන්න. එන්නම ප්‍රශ්ණෙ, මතුපිටි පේනවට වඩා සංකීර්ණ වෙනවා. පුටියා ඒකාධිපතිය කියමුකො, ඒත් මේ බටහිර මාධ්‍යය, රුසියන් ක්‍රමේට වාරණයක් දාන්නෙ ඇයි කියන එක, බරපතල ප්‍රශ්ණයයක්.🤔
ReplyDeleteක්‍රිමියා, දොන්බාස් දෙක ඕකේ. ඒත් දැන් කරන විනාසෙ/සමූලඝාතනය නං එකහෙලාම විරුද්ධයි. ඇස් ඇරලවත් නැති රුසියන් පැටවු, කෑලි හැලෙන සෝවියට් ටැංකිවල දාලා එවන එකටත් විරුද්ධයි.
Deleteඒත් මගේ යටිහිත කියනවා, global pariah - භයානකම සතා චීනා කියලා. 🤔
//ඒත් දැන් කරන විනාසෙ/සමූලඝාතනය නං එකහෙලාම විරුද්ධයි.//මේක ලිපියේ නහ ඒ ගැන සඳහනක් දාන්නම් .//කෑලි හැලෙන සෝවියට් ටැංකිවල දාලා එවන එකටත් විරුද්ධයි.// මේවා ප්‍රචාර. ඒවා තවම තියෙන්නේ යුක්‍රේනයේ. රුස්සොන්ගේ ඒවා හදල තියෙන්නේ. පෝලන්තයේ තවම තියෙන්න පරණ සෝවියට් මිග් , අර දෙන්න හදන්නේ අපහු රුස්සටම ගහන්න කියල. ඔය සෝවියට් ටැංකි වලින් තමයි ජර්මනියට දුවන්න දුන්නේ ඉතින්. දැන් රුස්සගගේ ඒවා අලුත්
Deletehttps://en.wikipedia.org/wiki/T-14_Armata
Deleteයුක්‍රේන යට ගහන්නේ අර්මටා වලින්. ඒකනේ මම අර ටැංකියකින් කීව් වල මිනිහෙක් මරන්න යන එක දැක්කම තේරුනේ එක රුසියන් එකක් නෙමේ කියල. ඒක බොරුවක් කියල මම ලිව්වා කොහේ හරි.
Deleteකොමෙන්ට් වල හොඳ ලිපියේ අඩුපාඩු පෙනීමයි
Deleteමේ කොටස ඇතුළත් කළා./රුසියාව විසින් කරන්නේ ජන ඝාතක යුද්ධයකි. නෙටෝවේ ඉහත සඳහන් යුද්ධද ශ්‍රී ලංකාවේ යුද්ධයද බුරුමයේද අනිත් තැන්වලද ජනඝාතක යුද්ධ සිදු විය. සිදුවෙමින් පවතී. නමුත් ඒවානිසාය කියා පූටින් ගේ ජන ඝාතක යුද්ධය ට සමාව දීමට නොහැකිය. නමුත් මෙහි වරද සම්පුර්ණයෙන්ම පූටින් ටම පැවරිය නොහැකිය. බටහිර මාධ්‍ය කියන්නේ එසේය. වැරැද්ද එතනය. මරියෝපොල් නගරයේ රුසියනුන් හා යුක්‍රේන් වරු සමසේ සිටිති (ලක්ෂ දෙකක් පමණ). පුටින් එය සම්පුර්ණයෙන් සමතලා නොකරන්නේ එහි සිටින රුසියානු ජනතාව නිසා යයි සිතමි. නමුත් පූටින් නොසිතු ප්‍රශ්නය වූයේ එහි සිටින රුසියානු ජනතාව පූටින් යටතේ නොව යුක්රේනය සමග සිටීමට දක්වන කැමැත්තයි. පහත ඇති විඩියෝ වෙන් එය පැහැදිලිය. මේ ප්‍රශ්නය පූටින් ට අනිකුත් නගර වලින්ද මතුවී තිබේ. යුක්‍රේනයේ රුසියානුන් ආක්‍රමණයට විරුද්ධ වීම නිසා රුසියානු සොල්දාදුවන් ඔවුන්ට වෙඩි නොතැබීම ප්‍රශ්නයක් වී තිබේ. රුසියාව හෙමින් යාමට එක හේතුවක් වන්නේද එයයි. (අනෙක නම් කලින් ලිපියේ සාකච්චා කල දෙවෙන ලෝක යුද්ධයේ සැලසුම් අනුව යාම)
Deleteමම 1991 යෙල්ට්සින් මොස්කව් වල ඔහුගේ විප්ලවය මෙහෙයවන විට එහි සිටියෙමි. රුසියානු හමුදාවේ යුද්ධ ටැංකි කුමන්ත්‍රණ කල කොමියුනිස්ට් නායකයන් මොස්කව් මධ්‍යයට ගෙන ආවද ඔවුන් ජනතාවට වෙඩි තැබීම ප්‍රතික්ෂේප කළහ. බොහෝවිට යුක්‍රේනයේ අනිත් නගර වල සිටින රුසියානුවන් මේ යුද්ධය අනිත් පැත්තට හැරවීමට හේතුවක් විය හැකිය.
නමුදු ප්‍රශ්නයක් වන්නේ ඔවුන් පූටින් ට විරුද්ධ පැත්තේ සිටියද යුක්‍රේන හමුදාවේ ජාතිවාදී සේනාංක කොටස් (ඉහත දැක්වූ නම් බලන්න ) ඔවුන්ට නගර වලින් එලියට යාමට දෙන්නේ නැත. ඔවුන්ද ඒ පෙදෙස් වලට ප්‍රහාර එල්ල කරති. (හරියට ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිවාදයට විරුද්ධ දෙමළ අයද ඒ පැත්තට ජාතිවාදී සිංහලයන් විසින් ඇද දැමු අයුරින්) මේ ප්‍රවෘත්ති බටහිර මාධ්‍ය වල යන්නේ නැත. //
ඒ කොටස හොඳයි. මම දැක්කා වීඩියෝවක්. වැඩිහිටි කාන්තාව යුක්‍රේනියානු-රුසියන් වෙන්න ඇති. අර ඇට කතාවෙන් යම් දෙයක් කියවෙනවා ඇති වුනත් තේරුනේ නෑ.
Deletehttps://www.youtube.com/watch?v=L17Bi7zBJHI
ඇයි ඉංග්‍රීසියෙන් නේ කියන්නේ. සන් සීඩ් ඇට සාක්කුවේ දාගන්න කියන්නේ -ගෑනි කියනව රුසියානු යුධ භටයාට උඹ ෆැසිස්ට් උඹ මැරුණම උඹේ බොඩි එක දිරා යනකොට අඩුගානේ සූරියකාන්ත මල් හරි පැල වෙයි කියල . (තෙල් ගන්න) උඹ හොඳ ඒකට විතරයි කියල. පලයන් යන්න ආපහු කියල කියන්නේ. යුධ භටයා හැබැයි විනීතව කතා කරනව. බනින්නේ නැහැ ගෑනිට.
Deleteසමබර විග්‍රහයකට දියහැකි හොදම උදාහරනයක්. ස්තූතියි.
ReplyDeleteස්තූතියි
Deleteයුද්ධය භයානකයි. ඒකෙ දෙකක් නෑ.
ReplyDeleteනිව්ස් වල කියන්නේ පෙන්නන්නේ ඒ ඒ අයට ඕනෑදේ මිසක් මධ්‍යස්ථ තොරතුරු නෙවෙයි. කොහොමත් රෂියන් නිව්ස් දෙන්නේ නෑ නේ - අර එරන්ද ගිනිගෙ වියත් උපදේශක තුමා සාකච්චාවෙන් නැගිටලා යන්නේ බොරු හේතුවක් පිට දාල - අන්න ඒ වගේ.
සෙලෙන්ස්කි ඇමරිකන් කොංග්‍රස් එක අමතනවා, කීව් වල 9-11 වගේ කියල. ඇත්ත. සැටිපිකෙට් ඇත්ත.
සෙලෙන්ස්කි කැනේඩියන් පාර්ලිමේන්තුව අමතල කියනවා ඔටාවා එයාපෝට් එකට බෝම්බ දැම්මොත් ඔබට කුමක් දැනේද කියල.
ඔහු ඔය හැම තැනනුත් හවුස් ඔෆ් කොමන්ස් වලිනුත් ඉල්ලුවෙ නෝ ෆ්ලයි සෝන් දාන්න කියල. (NATO කලින්ම බෑ කිව්වේ ඇයිද කියල සෙලෙන්ස්කිට තේරුමක් නෑ හෝ තෝරාගන්න උත්සහයක් දැනුමක් නෑ )
හැබැයි සෙලෙන්ස්කිවත් UK වත් USA වත් කැනඩාවත් NATO වත් කවදාවත් අඩුමගානේ යේමනෙට උනේ වෙන්නේ මොකක්ද කියල දන්නේ නෑ. පව්! එතකොට ඩෙෆ් ඇන්ඩ් බ්ලයින්ඩ්!!
මේ හැම තැනම වෙන්නේ යූ නෝ කබරගොයාස් තලගොයාස් කිරීමම තමා .
ෆුල්ස්ටොප්!
ඒක හරි. රුසියාවට යට වෙන්න නෙමේ ඕනේ. ස්වීඩන් , ෆින්ලන්ඩ් වගේ වෙන එක තමා හොඳම මේ අවස්ථාවේ. මොකද මේ කෙළවෙන කෙලෙවිල්ල බටහිර එවුන්ට එන්නේ පරක්කු වෙලා. එතකොට උන්දැලට තේරෙයි. දැනටමත් වෙමින් යන්නේ. රුස්සගේ ගම්වල ඉන් එවුන්ට ඒක එච්චර ගානක් නැහැ.
Deleteබල දේශපාලනයේ රෙදි නැති ගතිය
ReplyDeleteමේ ලිපියෙනුත් මොනවට ලියවී ඇතිය
මේවා කියවලා දැන් නං මට හතිය
මොනවා කරන්නද තේරෙන්නේ නැතිය
මොනවා කරන්නද අපි වගේ කුඹිච්චෝ
Deleteකාලා මොනවා හරි දපනේ දාගෙන වැටියෝ
හොඳ හැඟීමකින් ලියමන පටන් අරං වගෙයි පෙන්ටේ. මැදහත් හා හොඳ විග්‍රහයක්......
ReplyDeleteසැබෑ ඇත්ත තේරුම් ගෙන කතා කරන අයට වදින ලේබලයත් ජාතිවාදිය. මොලා කරන්නට ඉතීම්...... නෙ😄😄
ජාතිවාදියා කියල වැදුනේ ඉස්සර, පූටින් වාදියා දැන් , මධ්‍යස්ථ වීම අනතුරුදායක එකක්. දෙපැත්තෙන්ම ගුටි කන්න වෙනව. ☹️
Deleteමධ්‍යස්ථ වීම කොහෙත්ම අනතුරුදායක නෑ. අවස්තාව අනුව අපි කට, පැන පාවිච්චි කරානම් හරි... මටනම් හොඳටම තේරුම් ගියදෙයක් ඔක
Deleteඅජිත්, එංගලන්තෙට වුණත් ආධාර ගෙන්න ගත්තහැකි කට්ටියක් ගැන ඔත්තුවක් මේ.
ReplyDeletehttps://www.lankahotnews.net/2022/03/namal-denies-involvement-in-puttalam.html
දැක්කා මුළු වීඩියෝ එකම , පට්ට හරක් රැළක්
Deleteඅජිත් එම කල්පිටිය සිට අනුරාධපුරය දක්වා සංවිධානය කර තිබු යතුරු පැදි සවාරිය මහරගම අපේක්ෂා රෝහලට (පිළිකා රෝගීන් වෙනුවෙන්) මූල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීමේ අරමුණින් සංවිධානය කර තිබුණේ පුද්ගලික සංවිධානයක් විසින් බව නේද පස්සෙ ලංකාවේ මාධ්‍ය හෙළිදරව් කරගෙන තිබුනේ? කියන විදිහට පොලිටික්කෝ සම්බන්ධයක් නෑ ඒත් ධනවත් බලවත් ව්‍යාපාරිකයන්ගේ පුතුන් ඇතුලු ටීම් ඒකක වැඩක් ලු. මේකේ සැබෑ තොරතුරු මොනවාද?
Deleteඅයිඩියා එක හොඳ ඇති සමහරවිට. මම දන්නේ නැහැ. නමුත් හැම දෙකටම සුදුසු වෙලාවක්, තැනක් තියෙනවනේ. අර මිනිස්සු කියන කතා අහන්න. ඒ අය ඩිසල් නැතිව පෝලිම් වල වේලෙනව කියල. රටේ තත්වය ගැන හැඟීමක් ඇතිව වැඩ කරා නම් නේද හොඳ
Deleteමෙනන් මේ වගේ තත්වයක් තියෙද්දී
Deletehttps://lankacnews.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b6%9c%e0%b6%a7%e0%b6%b8-%e0%b7%84%e0%b7%92%e0%b6%bb%e0%b7%80%e0%b7%99%e0%b6%ba%e0%b7%92/
https://www.amazon.com/Ukrainian-Nationalism-Age-Extremes-Intellectual/dp/0674250931
ReplyDeletehttps://carlbeckpapers.pitt.edu/ojs/index.php/cbp/article/download/204/213
Deleteඔබ යම් යම් යුධ කටයුතු සිතින් සාධාරණීකරණය කර ඇත්තේ කෙසේ දැයි මට නොවැටහේ. මට නම් සියලු යුද්ධ එකසේ පිළිකුල් ය.
ReplyDeleteමම හිතන්නේ මම මිට කලින් කිහිප තැනකම ලියල තියනවා මම යුද්ධ වලට විරුද්ධයි කියල. ලංකාවේ යුද්ධය වුනත්- මම සම සාකච්ඡා වලට සහයෝගය දුන් කෙනෙක්. නමුත් සමහර තැන්වල ප්‍රශ්නය් විසඳෙනවා නම් සාධාරණීකරණය කොහොම වෙතත් මධ්‍යස්ථ වෙන්න වෙනවා. උදාහරණයක් ලෙස සර්බියාවට බෝම්බ දමපු එක. මිලොසොවිච් අතිශයින් ජාතිවාදී සහ කෘර බව පෙනුන නිසා එක්සත් ජාතින් ගේ අවසරය නැතිව වුනත් එකට හැමෝටම නිහඬව ඉන්න වුනා. නිහඬ බවත් අනුමැතියක් වගේ එතන.අනික සර්බියන් වරු මුස්ලිම් ගැහැණු දුෂණය කරමිනි එක තුන්සීයක් මර සමූහ මිනිවල් වල දමමින් කරන දේ නවත්වන්න අවශ්‍ය වුනා හැමෝටම. මාධ්‍ය ඔක්කොම වගේ ඒ බෝම්බ දැමීම අනුමත කළා. කාලයක් ගියාට පස්සේ ඉතින් එලිවුනා අර යුදෙව් කොන්සන්ට්‍රේෂන් කෑම්ප් එකක් වගේ පේන්න හිරකාරයෝ වැරහිලි ඇඳන් හිර ගෙදර පොලු අල්ලන් ඉන්න පින්තුරය ෆොටෝ ශුට් එකක් කියල. එතන කැමරාකරු ඇතුලේ. හිරකර බොස්නියක් ල එළියේ . ඇත්ත පින්තුරේ එහෙමයි තියෙන්නේ. ඒ දවස් වල ඒ පින්තුරේ හැම තහනම් ගිය. තුන්සීයක් මරපු කතාව ඇත්ත. සේරෙබ්‍රිනිකා වල අටදාහක් විතර මැරුව සර්බියන වරු විසින්. ඉතින් ඒ යුද්ධයේ එතන සාධාරණිකරණය කරන්න පුළුවන්. නේටෝ එක අවසර නැතිව කලත්.
DeleteThis comment has been removed by a blog administrator.
Deleteඅජිත්,
ReplyDeleteබොහොම හොඳ ලිපියක්. අපිට බලෙන් පෙන්වන පැත්ත වෙනුවට අපිට නොපෙනෙන පැත්ත පෙන්වීම ගැන ඉස්තුතියි!!!
මටත් එපා වෙලා තියෙන්නේ මේ මාධ්‍ය හැසිරීම. මම බටහිර ගැත්තෙක් බව ඇත්ත. එකියන්නේ මම බටහිරට කැමතියි. ජිවත් වෙන්නත් කැමැතියි. නමුත් මාධ්‍ය සහ ඇතැම් දේශපාලන කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වය හරිම අපැහැදිලියි, කුහකයි. රුසියාවේ මාධ්‍ය කියල හොඳත් නැහැ. බෝම්බ දන ඒවා පෙන්වන්නේ නැහැ. මිනිසුන්වබේරනවා පෙන්වනවා. එතැන ඔටෝක්‍රසි එකක් නේ තියෙන්නේ. ඇයි අපිත් එහෙම කරන්නේ. සැබෑ ප්‍රශ්නයට සාමකාමී විසඳුමක් හෙව්වේ නැත්නම් අපි ඔක්කොටම තමයි කෙලවෙන්නේ. ස්තූතියි
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteඅපහාස කරන නාම නැතිව කතා කලානම් හොඳ නැත්ද
Delete