අර යුවතියන් තුන් දෙනාත් එකටම හිටපු නිසා මම එකම කාමරයකට දැම්මා. තුන් දෙනාම හරිම ලස්සනයි. මාත් එක්කත් හොඳට කතා බස් කරනවා දැක්ක තැන. ඔය තුන්දෙනාට හෝටලේ ඇතුලෙත් පිටතත් කොල්ලොත් හරියට බැලුම් හෙලනවා. වැඩිපුරම බොස්නියා වල මුස්ලිම් කට්ටිය තමා හිටියේ. ඒ දවස් වල ජාතිවාදී සර්බියානුවන්, බොස්නියන් හා ක්‍රෝශියන් වරු සමග යුද වැදුණු කාලය මේ.
ඔන්න එක දවසක් හෙන රණ්ඩුවක් එළියේ. හෝටලේ සිකියුරිටි හිටිය ඊජිප්තු ජාතිකයා මට ඇවිත් කිව්වා අර ගෑනු ළමයින්ට ප්‍රශ්නයක් ඇතිවෙලා කියල. එළියේ පුංචි යුද්ධයක් වගේ. අර තරුණියන් සමග හිතවත්ව හිටි ඉංග්‍රීසි ජාතික තරුණයන්ට හෝටලේම බොස්නියන් කොල්ලෝ කට්ටියක් ගහන්න හදනවා.
මම මැදිහත්වෙලා පොලිසියට කතා කරනවා, උන්ව හෝටලෙන් එලියට දානවා හෙම කියල තර්ජනය කරලා ඉංග්‍රීසි තරුණයන්ව බේරලා යැව්වා. මම කෙල්ලන්ගෙන් ඇහුව මොකද වුනේ කියලා. බොස්නියන් මුස්ලිම් කොල්ලෝ තර්ජනය කලාලු උන්ගේ කෙල්ලෝ එක්ක යාලු වෙන්න එන්න එපා හෙම කියල. සර්බියන් කෙල්ල මැදිහත් වුනහම එයටත් තර්ජනය කරලා අපේ කෙල්ලව නරක් කරන්නේ උඹ තමා කියල. පස්සේ මම බොස්නියන් කොල්ලන්ට පොඩි තර්ජනයක් දැම්මා උඹලගේ රටේ ජාතිවාදය මෙතනට අරන් එන්න එපා කියල. මෙතැනදී මම ඇහුව ඒගොල්ල මොන රටවලින්ද කියල. එතකොට දැන ගන්නට ලැබුනේ එක තරුණියක් සර්බියාවේ ක්‍රිස්ටියන් ඔර්තොදොක්ස් ආගමේ (අද්රියානා කියමු නම). දෙවැනි යුවතිය බොස්නියාවේ මුස්ලිම් යුවතියක් (අයිඩා කියමු නම). තුන් වැන්නිය ක්‍රෝෂියාවේ කතෝලික යුවතියක්, වෙරේනා කියමුකෝ නම . මට එක පාරටම ඇහුනා, උඹල මරාගන්න ඕනේ එවුන් එක කාමරේ ඉන්න කොහොමද කියල. මුස්ලිම් තරුණිය අඬන්න පටන් ගත්ත. ක්‍රෝෂියන් කෙල්ල වෙරේනා ගේ ඇස් වලත් කඳුළු. ඇය කාමරයට දුව ගියා මොනවාද අරන් එන්න. සර්බියන් කෙල්ල අද්රියානා ත් ඇස් වල කඳුළු පුරෝගෙන හෝටලේ කුස්සියට ගිහින් තේ හදා ගෙන ආවා ඔක්කොටම බොන්න. වෙරේනා ඇල්බම් පොදියක් අරන් ආව.
ඇල්බම් වල තිබ්බේ තුන්දෙනාම සරාජිවෝ වල විශ්ව විද්‍යාලේ ඉගෙන ගත්ත හැටි. බොස්නියන් මුස්ලිම් අයිඩා ගේ ගෙදර වත්තේ තේ බිව හැටි. කට්ටිය සයිකල් සවාරි ගිය හැකි. මේවා දැකල මම ඔවුන් ගෙන් ඇහුව යුගෝස්ලාවියාවේ ජීවිතය ගැන. ඔවුන් හැමෝටම හොඳ ගෙවල් තිබුන (පින්තුර වල හැටියට). ඒවායේ තත්වය බටහිර යුරෝපියානු තත්වයටම වගේ උසස්. වාහන තිබුන හැම ගෙදරකම. නමුත් වාහන හොඳ ජපන් වාහන නෙමේ. ඉතාම ටිකක් ජර්මන් වාහන හා ඉතාලියානු වාහන තිබුන. වැදගත්ම දේ තමා 1990 ගණන්වල
යුගෝස්ලාවියාව බෙදී එකිනෙකා අතර යුද වැදීමට කලින් ඔවුන් හොඳ ජිවිතයක් ගත කල බව.
1970 දශකය අවසන් වනතුරු යුගෝස්ලාවියාවේ තිබ්බේ හොඳ කාලයක්. ලංකාවේ 70-77 ආණ්ඩුවත් ටිකක් මිශ්‍ර ආර්ථික ක්‍රමයක් හදන්න හැදුවත් වංචා දුෂණ නිසා හරි ගියේ නැහැ. අනික පෝලිම් යුගය මතකනේ. සෝවියට් දේශයේ බලපෑමෙන් යුගෝස්ලාවියාව ඉවත්වී හිටියත් එහි කොමියුනිස්ට් පක්ෂයක් තිබුන.ජෝසප් ටිටෝ තමයි ඒකාධිපති පාලකයෙක් වගේ හිටියේ. නමුත් ඔහු දැඩි පාලකයෙක්ම නොවෙයි. ඔහුගේ වඩාත් හොඳම අත්හදා බැලීම තමා ආශ්‍රිත ශ්‍රමය නමැති ක්‍රමය. (партнер труда හෙවත් පර්ත්නොයිර් ත්රුදා ) මෙහිදී කලේ කම්හලක වැඩ කරන කම්කරුවන්ට සහ ඉහල නිලධාරීන්ටත් ඉන්ජිනේරුවන්ටත් එහි කොටස් අයිතිය පැවරීම. වැඩියෙන් වැඩ කරන කට්ටියට වැඩියෙන් කොටස් ලැබෙනවා. අද්රියානා ගේ තාත්තත් ඉංජිනේරුවෙක්. ඔහුටත් තමන්ගේ කම්හලේ කොටස් අයිතිව තිබුන. අනිත් දෙදෙනාගේම මව් පියන් ගුරුවරු. ඔවුන්ගේ වැටුප එතරම් ඉහල නොවුනත් ඉන්ජිනේරුවෙකුගේ හෝ දොස්තර කෙනෙකුගේ වැටුපට වඩා වැඩි වෙනසක් තිබුනේ නැහැ. මේ තත්වය මත ඔවුන් ජිවන තත්වය ඉහල මට්ටමක තිබුන.
ගොවියන්ගේ තත්වය වුනේත් මිශ්‍ර ක්‍රමයකට වගා කටයුතු කිරීම. එනම් සුළු ගොවීන්ට තමන්ගේ වගා කිරීම කරගෙන යන්නට ඉඩ තිබු අතර තමන්ගේ කැමැත්තෙන් රජයේ ගොවිපලවලට එකතු වීමට ඉඩ කඩ තිබුනා. ඊට අමතරව පෞද්ගලික පොළක් නොහොත් සුළු ගොවීන්ට හෝ තමන්ගේ ගෙදර වත්තේ බව බෝග හදන අයට පවා විකුණ ගන්න හැම නගරයකම වගේ පොළක් තිබුන. හැබැයි තමන්ම තමා විකුනන්න ඕනේ.
මීට අමතරව ඕනෑම කෙනෙකුට සුළු ව්‍යාපාර අරඹන්න පුළුවන්. තමන් සමාජයට, කම්හලකට හෝ ගොවිපලකට අවශ්‍ය දෙයක් නිෂ්පාදනය කරන්න දන්නවා නම් සුළු ව්‍යාපාරයක් , සුළු කර්මාන්තයක් අරඹන්න පුළුවන්. ඒ සඳහා හතර දෙනෙක් වෙනකම් වැඩට ගන්න පුවන්. හුඟක් වෙලාවට හතර දෙනාම යහළුවෝ හෝ අසල්වාසීන්. ඔවුන් සමග කතා කරලා ලාභය ශ්‍රමයට සරිලන පරිදි බෙදා ගන්න ඕනේ. ව්‍යාපාරය පටන් ගත් කෙනාට තමයි වැඩි පඩිය ලැබෙන්නේ. එයටම බදු ක්‍රමයත් වෙනස් ලෙස හරි ගස්සල තිබුන.
ටිටෝ ගේ මරණය සිදුවුනේ 1980දී. ෆෙඩරල් යුගෝස්ලාවියාව කොන්ෆෙදරේෂණයක් විය යුතුයි කියන අදහස ආවේ මේ කාලේ. සමුහාණ්ඩුවේ රටවල් (republics) වල (සර්බියාව, මොන්ටෙනෙග්‍රෝ , ස්ලවේනියාව, බොස්නියා සහ හර්සගොවිනාව , ක්‍රෝෂියාව, මැසිඩෝනියාව) නායකයෝ එකිනෙකා අවුරුද්ද බැගින් නායකත්ව මණ්ඩලයට පත් වුනා. නමුත් මේ කාලේදී යුගෝස්ලාවියාව ඩොලර් මිලියන් 16,000 පමණ ණයවී තිබුනා . වැඩියෙන්ම මුදල් ආවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන්. මුලදී ණය මුදල් ලැබුනේ යුරෝපයේ නිපදවන සුඛෝපභෝගී බඩු ගන්න. එනම් බෙන්ස්, BMW වගේ වාහන ජර්මනියෙන්, ප්‍රංශයෙන් සුවඳ විලවුන් හා ඉහල පන්නයේ නිමි ඇඳුම් ඉතාලියෙන්, මෙන්න මේ වගේ. මිට අමතරව බ්‍රිතාන්‍ය, ඇමෙරිකාව , ජපානය වැනි රටවලින් යුගොස්ලවියානු කම්හල් දියුණු කිරීමට අවශ්‍ය උපකරණ අමතර කොටස්. නමුත් පසුව ණය ලැබුනේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි සහිතව. ආශ්‍රිත ශ්‍රමය නමැති ක්‍රමය නැති කිරීම,
ව්‍යාපාර වලට තමන්ට අවශ්‍ය සංඛ්‍යාවක් බඳවා ගැනීමට ඉඩ දීම හා අයිතිකරු විසින් පඩි නඩි තීරණය කිරීම. රටේ ශ්‍රම අතිරික්තයක් ඇති කිරීම. ඒ කියන්නේ ආණ්ඩුවේ "වැඩි" සේවකයන් අස් කිරීම වැනි කොන්දේසින්.
මෙහිදී (මේ නිසාමත්) 80 මැද හරිය වනවිට ලක්ෂ අටක පමණ රැකියා විරහිතයන් සංඛ්‍යාවක් බිහිවී තිබුනා. මෙතැනදී ජර්මනිය ප්‍රමුඛ යුරෝපා සංගමය යුගොස්ලාවියානු රටවල් වලට වෙන වෙනම බලපෑම් කලා යුරෝපා සංගමයට එකතු වෙන ලෙස. හිට්ලර්ගේ නාසි යුද සමයේ (දෙවන ලෝක යුද්ධය ) නාසින්ට වැඩිපුරම උදව් කලේ ක්‍රෝෂියන් වරු හා බොස්නියන් වරු (තුර්කින් සමග). ඔවුන් නැවත හිස ඔසවන්නට වුනා . ජර්මනියේ දඬුවම් නොලබා බේරුණු නාසිවාදීන් හා ව්‍යාපාර මේ සඳහා සක්‍රිය දායකත්වයක් දැරුවා කියා කියනවා. කෙසේ හෝ 1980 අග භාගය වනවිට තම තමන් පාලනය කල කොමියුනිස්ට් පක්ෂ මාර්ගයෙන්ම මෙම රටවල් ස්වයං නිර්ණන අයිතිය ක්‍රියාත්මක කරවීමට ඉල්ලුවා. ප්‍රශ්නයක් නැතුවම ඉවත්වන්නට පුළුවන් වුනේ මොන්ටෙනේග්රෝවට හා ස්ලවේනියාවට පමණයි. ඊට හේතුව මේ රටවල සිටි ජාතිය, සජාතීය (හෙවත් homogeneous හෝ සමජාතීය) වීමයි. ස්ලවේනියන්වරු හා ස්ලාව් වරුන් වන සර්බියන් වරුන් හා වැඩි වෙනෙසක් නැති ජාතියක් වුන අතර මොන්ටෙනෙග්‍රෝ වරුන්ගේ රටේ සිටියේද ඔවුන් පමණයි. (හන්ගේරියන් වරුන් ඉතාමත් සුළුතරයක් සහිතව). එනිසා මේ සජාතීය රටවලට වෙන්වීම ප්‍රශ්නයක් වුනේ නැහැ . නමුත් සර්බියානුන් වැඩිපුර සිටි ක්‍රෝෂියාවේ සහ බොස්නියා - හර්ට්සගොවේනියාවේ වල සර්බ වරු සුළු ජාතියක් වන්නට කැමති වුනේ නැහැ. මේවා multicultural හෙවත් බහු සංස්කෘතික රටවල්. මෙහි ක්‍රෝෂියන් වරු හා බොස්නියක් ලා සර්බියන් වරුන් දෙවන ලෝක යුද්ධයෙන් පසු පදිංචි වුනු ආක්‍රමණිකයන් යයි කියා (මෙහිදී සර්බවරුන් ප්‍රමුඛව නාසිවාදයෙන් රටවල් ගලවා ගත් බව ඉතා පහසුවෙන් අමතක කරමින්) ඔවුන් එලවන්නට හා මරා දමන්නට, ගෙවල් ගිනි තියන්නට පටන් ගත්තා. (සමජාතීය වීම සඳහා - අප දන්නා රටකත් මේ පිළිවෙතම මෙසේ එක්තරා සුළු ජාතික අවිගත් කණ්ඩායමක් මගින් ක්‍රියාත්මක කල අතර ඇතැම් වමේ පක්ෂ ස්වයං නිර්ණන කතාවේදී මෙය වුවමනාවෙන්ම කතා කිරීමෙන් මග හරිති.)
ක්‍රෝෂියාවේ සර්බවරුන් හා මුස්ලිම් වරුන්ට එරෙහිවත් බොස්නියාවේ සර්බියන්, මුස්ලිම් බොස්නියන් හා ක්‍රෝෂියන් වරු අතරත් සටන් පණ නැගුනා. අවාසනාවකට ජාතිවාදය තදින් ඇවිස්සු පක්ෂයක් සර්බියාවේ බලයට පත්වූ අතර ඔවුන් සර්බියන් වරු බේරා ගැනීමට යයි කියා අර රටවල් ආක්‍රමණය කර මිනිසුන් බොහොමයක් මරා දැමුණ, ම්ලේච්ච ජාතිවාදී යුද්ධයක් ක්‍රියාත්මක කලා. ඉන්පසු අමෙරිකා එක්සත් ජනපදය හා නැටෝව මැදිහත්වී සර්බියාවට බෝම්බ දමා තත්වය පාලනය කරමින් ඉතිරි රටවල් බෙදා දැමුවා.
අර තරුණියන් තිදෙනා එංගලන්තයේ සරණාධාර පතා ආවේ එලෙසයි. අර සිද්ධියෙන් පසු ඔවුන් හැඬුවේ තමන්ට අහිමි වුනු, ඔවුන් ජාතින් වශයෙන් නොබෙදී සිටි ඒ සුන්දර අතීතය වෙනුවෙනුයි.
පසු වදන: ඉහත පින්තුරයෙන් දැක්වෙන්නේ සර්බියන් පෙම්වතා හා ඔහුගේ ක්‍රෝෂියන් පෙම්වතිය සිප ගන්නා ආකාරයයි. වැඩිහිටි ක්‍රෝෂියන් ජාතිවාදී කාන්තාවක් සර්බ පෙම්වතාගේ අත අල්ලාගෙන සිටින ක්‍රෝෂියන් පෙම්වතියට දෝෂාරෝපනය කරනවා. මෙය අසා පෙම්වතිය ඕනෑ කමින්ම හැමෝම ඉදිරිපිට පෙම්වතාව සිපගන්නවා.
http://www.huffingtonpost.com/2013/03/10/croatian-girl-kisses-serb_n_2839945.html
දැන් නැවතත් සර්බියන් හා ක්‍රෝෂියන් වරු සමගියෙන් සිටින බවක් පේනවා.ක්‍රෝෂියාව, ස්ලවේනියාව ස්වයං නිර්ණය ලැබීමෙන් පසු යුරෝපා සංගමයට එකතුවුණු අතර ඔවුන් සර්බියාවට යුරෝපා සංගමයට ඇතුලත් වෙන්න උදව් කරනවා.
- අජිත්
අජිත් ට මාර අත්දැකීම් තියෙනවනේ ... මටත් ආසයි ඔහොම එක එක ජාතියේ මිනිස්සු ආශ්‍රය කරන්න .. හැබැයි ලංකාවෙන් ඈත් වෙලා ඉන්න හිතෙන්නේ නෑ.. හෙහ් හෙහ් ... මෙහෙ ආපු නිසා පොඩි වෙනසක් තියෙනවා .. .. රුසියාව පැත්තේ තියෙන ජීවිත දැක බලාගන්න යන්න ඕනේ කවද හරි ..
ReplyDeleteඔක්කොම හොඳට සිද්ද වුනොත් 45 දී පැන්ෂන් ගන්න හිතාගෙන ඉන්නේ .. ඊට පස්සේ ඇවිදින්න ඕනේ .. හෙහ් හෙහ් හෙහ්
මෙහෙ ආපු නිසා කියන්නේ කොහෙද? මේ ලිපිය ලීවේ රාමාගේ ප්‍රශ්නයකට. 45දී පැන්ෂන් යන්න පුලුවන්නම් ලොකු දෙයක්. මම තවම වැඩ 49දී. ළමයි දෙන්නෙක් ඉන්නවනේ. රුසියාව පැත්තේ යන්න. හොඳයි.
ReplyDeleteමම දැන් ඉන්නේ මැලේසියාවේ ... 45දී පැන්ෂන් ගන්න ඔටෝ ඉන්කම් එකක් එන විදියක් කල්පනා කරන එක තමයි මේ දවස් වල කරන වැඩේ .. හෙහ් හෙහ් ....
Deleteමම හිතන්නේ මිනිස්සු ඇත්තටම සුන්දරයි සරළයි පොඩි දරුවෝ වගේම. ඒ මිනිස්සු තිරිසනුන් කරන්නේ මූලිකව ආගමයි, ඊට පස්සේ දේශපාළකයිනුයි. ස්ලබඩාන් මිලොෂොවික් කියන තිරිසනා කරපු දේවල් මේ ආත්මෙම පලදුන්නා නේද? ඒකයි අපේ අයත් බය වෙලා තියෙන්නේ.
ReplyDeleteඕක තමා ඇත්ත. අපේ අම්ම තවමත් කල්පනා කරනව දුක වෙනව අපේ ගෙදර නැවතිලා හිටපු දමිල තරුණියන් දෙදෙනා ගැන. දේශපලකයෝ කියන වුන් තමන්ගේ චන්ද ටික හදා ගන්න මිනිසුන්ව අවුස්සන එකනේ කරන්නේ. කොයි රටෙත් එහෙමයි.
Deleteජාතිවාද, ආගම්වාද නැත්නම් මේ ලෝකෙ මීට වඩා ලස්සන විතරක් නෙමෙයි හැම අතින්ම දියුණු වෙන්නත් තිබුණා. ඒත් වෙන්නෙ නැත්තෙත් ඒකමයි. ලංකාව වුණත් තාම පාඩමක් ඉගෙනගෙන නෑ.
ReplyDeleteමේ ෆොටෝ එකේ සිද්ධිය වුණ වෙලාවෙ අර වයසක ගෑණු මනුස්සයගෙ මූණ කොහොම හිටින්න ඇද්ද කියල හිතුණා.. :D
ඔය දෙක තමා ගොඩක් ප්‍රශ්නවලට මුල. මන් එකක් දැකල තියෙනවා. පිරිමි තරම් ගැහැණු ජාතිවාදී නැහැ කියන එක. කෙල්ලෝ වලි ඇදගන්නේ වෙන දේවල් වලට. අනික ඔය විශ්වය හෙම ගැන කියන එක හොඳයි. මොකද ඒ විධිහට හිතන්න පුරුදු වුණාම මේ ලෝකේ කොච්චර පොඩිද කියා හිතෙනවනෙ.
Deleteමටත් හිතුන ඒක. අර වයසක උන්ගේ මුණ ගොරක වෙන්නැති.
සිංහල දොස්තර කෙනෙකුයි සිංහල කොන්දොස්තර කෙනෙකුයි මුස්ලිම් දොස්තර කෙනෙකුයි පෙන්නල මෙයාලව ගොඩවල් දෙකකට බෙදන්න කිව්වොත් ගැහැණු කෙනෙක් කරන්නේ දොස්තරලා දෙන්නා එක ගොඩකටයි කොන්දොස්තර අනෙක් ගොඩටයි දැමීම,
Deleteපිරිමියා කරන්නේ සිංහලයෝ දෙන්නා එක පැත්තකට දමා කොන්දොස්තර අනෙක් පැත්තට දැමීම
ඉස්සර මිනිස්සු නහය නැත්නම් ගූකන ජාතිය කියන්නේ ඕයි (ඒක බමුණු මතයක් නෙමෙයි සිංහල බෞද්ධ මතයක්)
Deleteහාහ් හා ජගත් මාර උපමාව.
Deleteදෙවැනි කොමෙන්ටුවයි මේ ලිපියයි අතරේ සම්බන්ධය මොකක්ද?
Deleteසිංහල දොස්තර කෙනෙකුයි සිංහල කොන්දොස්තර කෙනෙකුයි මුස්ලිම් දොස්තර කෙනෙකුයි නම් ඉන්නේ //පිරිමියා කරන්නේ සිංහලයෝ දෙන්නා එක පැත්තකට දමා කොන්දොස්තර අනෙක් පැත්තට දැමීම//??
Deleteගැහැණු කෙනෙක් පෞද්ගලික වාසිය වෙනුවෙන් ජාතිදෝහී ක්‍රියාවලට යොමුවීමේ වැඩි ඉඩක් තියෙනවා කියන එක
Deleteමුල් කොමන්ට් එකේ විස්තර කරන චර්යාවට හේතුව පරිණාමික එකක් අවශ්‍යනම් පැහැදිලි කරන්නම්.
මේ ලිපියේ ඉන්න තරුණියන් තිදෙනා ජාතිද්‍රෝහී කියන්නේ මොන පදනමෙන්ද? මන් හිතන්නේ උන් ජිවිතේ සුන්දර පැත්ත හොඳින් දැක්ක කියල ජාතිවාදී සර්බියන්, බොස්නියන් වරුන්ට වඩා.
Deleteපිරිමියා කරන්නේ සිංහලයෝ දෙන්නා එක පැත්තකට දමා මුස්ලිම් කෙනා අනෙක් පැත්තට දැමීම යනුවෙන් නිවැරදි විය යුතුයි
Deleteහරිම අපූරු අත්දැකීම් නේ.....
ReplyDeleteබොහොම ස්තුතියි බස්සි.
Deleteමට හිතුන දෙයක් තමයි සමාජවාදයට ජාතිවාදය පරාජය කරන්න බැරිවුනේ ඇයි කියන එක.මිශ්‍ර විවාහ තුලින් ජාතිවාදය සම්පූර්ණයෙන්ම අතුගා දමන්න පුළුවන් කියල මම හිතනව.කියුබාවෙ මේ සම්බන්ධව යම් දිරි ගැන්වීමකුත් වුනා කියල මං අහල තියනව.
ReplyDeleteකවදා හෝ ජාතිවාදය අහෝසි වේවි.ඒත් ඒ වෙනකොට කොයිතරම් මිලක් ගෙවන්න වේවිද
සමාජවාදය ජාතිවාදයට වඩා කතා කරන්නේ පන්ති අතර ප්‍රශ්නයක් ගැනනේ. යුගෝස්ලාවියාවේ ජාතිවාදය ඇති කලේ ආර්ථිකය අප්සෙට් යනකොට වැඩි රස්සා යන්නේ කොහාටද වගේ ප්‍රශ්න මත ජාතිවාදී දේශපාලනඥයන් විසින් කියල මම හිතන්නේ. මිශ්‍ර විවාහ බලෙන් ඇති කරන්න ඕනේ නැහැ. මිනිස්සු අනිත් අයට ගරු කරලා ජිවත් වුනහම ඇති. සිංහල මිනිස්සු හොඳ සමගියෙන් අනිත් ජාතින් අතර ජිවත් වෙනවා මම දැකල තියෙනවා. සුළු ජාතීන්ගේ ජාතිවදයකුත් තියෙනවා නේද?
Deleteඔබ කියන ක්‍රමය කරන්නනම් රාජ්‍ය ආයතන හරහා පුද්ගල නිදහස දැඩිලෙස මර්ධනය කලයුතුයි. නැතිනම් මිශ්‍ර විවාහ වලින් වන්නේ වඩා ආක්‍රමණකාරී ජනවර්ගයට වාසි වීම පමණයි
Deleteමම දවසක් අන්තර්ජාලයෙන්, කියුබානු රජය සංවර්ධනය කරන නෝවා (ෆිඩෙලික්ස්) මෙහෙයුම් පද්ධතිය ගැන වීඩියෝ පටියක් බැලුවා එම මෙහෙයුම් පද්ධතිය ස්පාඤ්ඤ බාෂාවෙක් ක්‍රියාත්මක එකක් මම යාලුවෙක්ට කිව්වා කියුබා ආණ්ඩුව මේ කරන බලු වැඩෙන් ස්පාඥ්ඤ කතා නොකරන කියුබානුවන්ට ලොකු අසාධාරණයන් වෙනවා කියලා
Deleteයාලුව කියනවා කියුබාවෙ දෙමෙල්ලු නෑ හිටියනම් ෆිදෙල් කැස්ත්‍රෝට පිස්සු හැදෙයි කියලා
ස්පාඤ්ඤ භාෂාව හැමෝම පාවිච්චි කල යුතුයි කියුබාවේ. නමුත් ජාතින් කීපයක් ඉන්නවා නම් අපි සාධාරණ විය යුතුයි. කියුබාවේ එහෙම නැහැ. එහි සුදු ස්පාඤ්ඤ ජාතිකයන්ට අමතරව කළු වහල්ලු , ඇමෙරිකන් මුල් පදිංචි කරුවන් (රතු ඉන්දියානුන්) , නැගෙනහිර යුරෝපයෙන් පැමිණි අය ආදිය සිටිනවා. මේ නිසා තමයි අපි කියන්නේ සමාජවාදී කියා පිහිටුවා ගත රටවල පවා භාෂාව හැටියට එකක් භාවිතා කල බව.
Deleteසර්බ් ක්‍රො ඒට් වගෙ ජාතීන් කතා කරන්නෙ එකම භාෂාවද
ReplyDeleteඔය යුගෝස්ලාවියාවෙ ජාතීන්ගෙ හෝඩිය සමානද මොකක්ද මන්ද කතාවක් මං අහල තියනව
එකම භෂාව සර්බ -ක්‍රොට් නමුත් භාෂා දෙකක් හැටියට භාවිතා කරන්නේ.. හෝඩිය ස්ලාවික්. ඒ කියන්නේ රුසියානු එකත් එකමයි. සිරිලික් අකුරු රුසියානු එකමයි. නමුත් රටවල් පහ හයම වෙනම දයලෙක්ට් හතරක් පහක් පාවිච්චි කරනවා. සමුහඳුඅක් සැදීම සාධාරණයි. මොකද එක ජාතියකට අනික් ජාතිය කියන දේ තේරෙනවා. උඩරට සිංහල , පහතරට සිංහල වගේ.
Deleteහරිම ලස්සන වගේම ගැඹුරක් තියන අත්දැකීමක්. සර්බියන් බොස්නියන් වෙනුවට සිංහල දෙමළ මුස්ලිම් කියල ආදේශ කලොත් අපේ රටෙත් ඔය වගේ කතන්දර කීයක් ඇද්ද. රහට ලියල තියනවා අජිත්.
ReplyDeleteබොහොම ස්තුතියි දසයා.
Delete//අප දන්නා රටකත් මේ පිළිවෙතම මෙසේ එක්තරා සුළු ජාතික අවිගත් කණ්ඩායමක් මගින් ක්‍රියාත්මක කල අතර ඇතැම් වමේ පක්ෂ ස්වයං නිර්ණන කතාවේදී මෙය වුවමනාවෙන්ම කතා කිරීමෙන් මග හරිති.// මේක තමා තදින්ම වැදුනෙ.
ReplyDeleteසංඛ්‍යාවෙන් වැඩිවීම සඳහා අප දන්නා රටක තවත් පිරිසක් උත්සාහ කරනවා. ඒත් ඒ ගැටලුව උමතු මානසිකත්වයෙන් නොව හොඳ සිහිබුද්ධියෙන් හා උපාය ඥාණයෙන් කළමණාකරණය කල යුතුයි. ඔබේ දීර්ඝ ලිපි වෙහෙසකින් තොරව කියවිය හැකි බව පළමු කමෙන්ටුව ලෙස හෙලිකරන්නම්. ජය!
ඒ ප්‍රශ්නය මම හැමදාම නගපු එකක්. එක නගපු හැම වෙලාවෙම මට "ජාතිවාදියෙක්" "බණ්ඩාරනායක පරම්පරාවේ කෙනෙක්" කියන ලේබලය වැදිලා තියෙනවා. නමුත් අපේ අත්දැකීම්වලින් හා අප ඉගෙනගත් දෙයින් අපි අපේ නිගමනයන් කරන බව හිඟ දෙනෙක් වටහා ගන්නේ නැහැ. ස්තුතියි කොමෙන්ටුවට.
Deleteඅනේ මංද මක්ක දොඩන්නද කියල
ReplyDeleteහිතට එන ඕන දෙයක්. ඇවිල්ල බැලුව එකත් ඇති.
Deleteමට කාලෙක ඉඳන් තියෙන ගැටලුවක් තමයි ඇයි වාමංශිකයෝ ඇයි මේතරම් ඊලාම් වාදී කියන එක
ReplyDeleteලිබරල් වාදියෙක්ට කිව්වහැකි රටවල් පුලුවන්තරම් කුඩා කැබලි වලට කැඩෙන එක හොඳයි කියලා එතකොට රාජ්‍ය දුර්වල වෙලා පෞද්ගලික අයිතිය තහවුරු වෙන නිසා
නමුත් වාමාංශිකයන් (එයාලා අවංකනම්) හැකි තරම් විශාල රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි
උදාහරණ විදියට චීන හා රුසියන් රජවරු ලොකු රටවල් සෑදීම පසුව ඒ රටවල් වල බලය ගත් විප්ලව කරුවන්ට බාහිර බලපෑම් වලට මුහුණදී රාජ්‍ය පවත්වාගන්න හේතු වුනා
ඕක ඔබ තේරුම් ගන්න හැටි නිවැරදි නැහැ. මාක්ස්වාදීන් ගත්තොත් හරි මාක්ස් ගත්තොත් හරි ඔහු විශාල රාජ්‍ය වලට තමා කැමැති වුනේ. හැම කම්කරුවෙක්ම දේශ සිමා නොඉක්මවා එකතු විය යුතුයි කියන එකයි ඔහු කිව්වේ. සකල දේශ වාසි නිර්ධනයිනි එක්වව් කියන සටන් පාටය (ට ලියා ගන්න බැහැ ) ආවේ ඒකයි. ඒ නිසා මාක්ස්වාදීන් විශාල රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටිනවා. රාජ්‍යය අහෝසි වී යාමේදී දේශ සිමා නැති තත්වයක තමා ඒක වෙන්නේ. හැබැයි මහා ජාතිය යකින් සුළු ජාතියකට පීඩනයක් තියනවා කියන එක මමත් පිලි ගන්නවා. ඇමෙරිකාවේ කළු ජනාධිපති කෙනෙක් සිටියත් කළු ජාතිකයන්ට හා මුල් පදිංචි කරුවන්ට පීඩනය තිබෙනවා. සුදු ජාතිකයන් වැඩි රටක වෙනත් පාට වල දුඹුරු හෝ කළු ඒ පීඩනය තිබෙනවා. ඒ නිසා ලෙනින් කීව සුළු ජාතික කම්කරුවා එම පීඩනයෙන් මුදවා ගත්තේ නැත්නම් මහා ජාතික කම්කරුවා ට ගැලවෙන්න බැහැ කියල. ලෙනින් ගේ ස්වයං නිර්නන කතාව ආවේ එහෙමයි.
ReplyDeleteඑතකොට ලෙනින් ඒක භාවිතා කලේ selectively. ඒ කියන්නේ ඒ ඒ තත්වයට වෙනස් ලෙස. පෝලන්ත ප්‍රශ්නයේදී එක විධිහකටත් ළඳරු සෝවියට් දේශය ගොඩ නැගීමේදී එක විධිහකටත්. ඒ නිසා තම මක්ස්වදියෙකු වුනත් මම ලංකාවේ ඕකට විරුද්ධ. මට විරුද්ධ වෙන්න හේතු තියනවා. නමුත් මම පිලි ගන්නවා ලංකාවේ "දුප්පත්" දෙමල ජනයාට දුප්පත් වීම හා දෙමල වීම නිසා ප්‍රශ්නයක් තිබෙන බව. තමන්ගේම දෙමල අයගෙන් එල්ල වන කුල පීඩනයත් තිබෙනවා. එසේම මම සජාතීය දෙමල ඊලමකට විරුද්ධයි. ඒක ප්‍රයෝගික දෙයක් නෙමේ. නමුත් ඒ නිසාම මටත් සමහර තැන්වල ජාතිවාදී ලේබලයවැදී තිබෙනවා.
දෙමල සිංහල මුස්ලිම් තුන් ගොල්ලටම ඒ පැත්තේ බලතල දෙනවාට මගේ නම් විරුධ්ධත්වයක් නැහැ. හැබැයි එතකොට ඒ බලයම කන්ද උඩරට හා දකුණු පැත්තටත් විමධ්‍යගත විය යුතුයි.
අජිත්................. (කොග)
ReplyDeleteඅද තමයි මං හිතන විදිහට මේ පැත්තට අාවේ............... කලින් අාපු පාටක් මතක නැහැ... අද හැම තැනම අැවිද්දා.......... නියම බ්ලොගයක්... ලොකු දැනුමක් අකුරු කරලා තියෙනවා........... නියමයි... දිගට ම ඒන්නට පාර හදාගත්තා................. දැන් ඉතින් ඒපා කිව්වත් ඒනවා...................
බොහොම ස්තිතියි ආවාට කුරුටු ගෑ ගී පවුර ඔබට.
Deleteලංකාවෙන් එළියට යාමම අති විශාල අත්දැකීමක් නේද?
ReplyDeleteගොඩක් කට්ටියට එහෙමයි නේද ? ස්තුතියි ආවාට . ඔයාගේ බ්ලොගයේ මද පෙරදිග ගැන අත්දැකීම් හොඳයි. ඒ පැත්තේ බ්ලොග් තව වැඩි පුර එනවනම් හොඳයි.
Deleteඒ දවස්වල එන්ගලන්තේ ඔය සරණාගතයින් හිටි හෝටල් වල වැඩට දැම්මෙත්, ඒ හෝටල් වල දිග කාලයක් හිටි සරනාගතයින්මයි කියල අහල තියෙනවා. ඒක ඇත්තද?
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඑහෙම කරන්නම බැහැ. ඒක තහනම්. නමුත් වෙන හෝටලේක නතරවෙලා තව එකක වැඩට යන්න පුළුවන්. මන් හිටිය එකේ වැඩි හරියක් පෝලන්ත තරුණියෝ වැඩ කලේ හොරෙන් පර්මිට් නැතුව . (ඒ දවස් වල පෝලන්තය යුරෝපා සංගමයේ නොවන නිසා) . සරණාගතව ඉඳල මාස 8 කට විතර පස්සේ පර්මිට් ලැබුනම වැඩ කරන්න පුළුවන්. දැන් තමා ඒකත් බැරි.
ReplyDeleteමේකේ හොඳ කතාවක් තිබෙනවා. මිට කලින් වෙන හෝටලයක මමයි තව ලංකාවේ යාළුවෙකුයි සිකියුරිටි හිටියා. ඒකට දවසක් ඉමිග්‍රේෂන් එක පැන්නා පොලිසිය එක්ක. මෙහෙම පනින කොට ඔක්කොම හැන්ගෙනවා තැන් තැන් වල. ඉතින් දැන් පොලිසියේ එක නිලධාරියයි එක ඉමිග්‍රේෂන් එකයි උඩ තට්ටුවල කාමර සෝදිසිය. මට මතකයි ඒ වෙලාවේ පෝලන්ත කෙල්ලෝ කාමර සුද්ධ කරන වෙලාව. එක කාමරේකට තට්ටු කරලා yes coming කිවම ඇතුලට ගියාම මෙන්න කෙල්ලක් උපන් ඇඳුමින් ඇඳේ . ඉතින් අර නිලධාරීන් ටක් ගාලා සොරි සොරි මැඩම් කියල දොර වහගෙන එලියට ආවා. ගෙස්ට් ලා ඉන්න කාමර චෙක් කරන්න බැහැනේ. පෝලන්ත කෙල්ලගේ වෙලාවට කාමරේ ගෙස්ට් එලියට ගිහින්. තැනට සුදුසු නුවණ.
බොහොම ස්තුතියි ලිපියට. මම අහල තියෙන විදිහට 1968 චෙකොස්ලොවැකියාවේ පාලනයට විරුද්ධව ආපු නැගිටීමේදීත් සෝවියට් මධ්‍යගත මොඩලයට වඩා වෙනස් සමාජවාදී ක්‍රමයක් ගැන සංවාදයක් ඇති වී තිබෙනවා. සෝවියට් මොඩලයේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමා සැබෑ නිෂ්පාදකයා සහ නිෂ්පාදනය අතර ධනවාදය ඇතුලේ තිබෙන පරතරය ඒ තුල ඒ විදිහටම තිබීම. එකම වෙනස ප්‍රාග්ධන හිමියාගේ තැනට රජය ආදේශ වෙනවා. එතකොට නිෂ්පාදන මාධ්‍ය වල කම්කරු පාලනය කියල කිව්වට ඒක නිකම් වචනයක් පමනයි. කම්කරුවාට ඇත්ත නියෝජනයක් හෝ හඩක් නැහැ. පරාරෝපිත කම්කරුවාගේ තත්වයේ ලොකු වෙනසක් ඒ අනුව සිද්ධ වෙන්නෙ නැහැ.
ReplyDelete- රාමචන්ද්‍ර
ඔව් ඔබ කියන එකට මම එකඟයි. මේ //පරාරෝපිත කම්කරුවාගේ තත්වයේ ලොකු වෙනසක් ඒ අනුව සිද්ධ වෙන්නෙ නැහැ.// කියන එකට මට තව කතාවක් ලියන්න තිබෙනවා සෝවියට් දේශය ඇසුරෙන්. ඒකත් ලියන එක හොඳයි. මම රාජ්‍ය ධනවාදය කියන්නේ ඒකට.
Delete