Wednesday 31 December 2014

අතීරණයෙන් සුභ අලුත් වසරක්

රජානෝ දිනු යුද්ධයක් ඇත  අනේ ජනයා  ලැබු  දෙයක් නැත
සිටාණෝලා බොහෝ නම් ඇත ජනී ජනයට වැලේ වැල්  නැත

මහා ජාතිය රවටලා ඇත සුළුවූ ජාතින් තලා  දා  ඇත
ජාතියේ මහ දේවතාවුන්  බෙන්ස් රථවල රහත් වී ඇත

ඇමතිලා මන්ත්‍රී තුමාලා පළාතේ හුන් සභාපතිලා
ගසා  කති බලන හැම තැන හදන ගම් පාරෙන් පවා

පාරවල් අධිවේගයන් වී හරිම ඉක්මන් ගමන් නම් ඇත
පිටරටින්  යන අපට නම් මේ, ගමන් ටික දැන් ජොලියෙ  කල හැක

මෛත්තිරියා  කඩා ගෙන ගොස් වාසලක් දෙදරුම් කවා  ඇත
චන්දි රාජිත දෙපොල හින්දා චන්ද ටික වල් වැදී  ගොස් ඇත

ප්‍රේමයා  කකුලෙන් අදින සඳ රනිල් මංගල වැටී යාදෝ
ජෝන්ස ලන්සා  මර්වින් හින්දා  රජා අතරමන් විලා යාදෝ

මන්දබුද්ධිකද ජනයා..... ඒකදෝ සල්මනා ගෙන්නුවෙ
ජැකාලින්ගේ කකුලෙ  සුදු දැක අනේ උන් චන්දය දේවිදෝ

එහෙම ජනයින් ඉන්න රටකට එහෙම නයුවන් ලැබී ඇත් දෝ
හත් පොලේ ගාගත් වම්මු හට ඇපත් චන්දත් නැතිවී යාදෝ

මේ මොකවුනත් හැම තැන බ්ලොග ලෝකයේ හැම එකා  වාගේ
නෙලුම් යායේ සහෘද සමුහය බැබලි බැබලී ඉන්නවානේ

කිරින් පැණියෙන් තව ලියන්නට පතමි තොප හැමට වාගේ
හොඳම  සුභ නව වසරක්ම  වේවා කියවනා හැම දෙනට අපගේ

- අජිත් ධර්මකීර්ති
නෙළුම් යායේ අප හැමෝටම සුභ නව වසරක් වේවා
с новым годом




22 comments:

  1. අජිත් මහත්මයාටත්, පවුලේ සැමටත් සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් පවුලේ සැමටත් සුභ නව වසරකම වේවා.

      Delete
  2. සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් ඉතාමත්ම සුභ නව වසරක්ම වේවා.

      Delete
  3. ඔබ තුමා ඇතුළු පවුලේ සැමටත් ජයග්‍රාහී සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබතුමා ඇතුළු ඔබ පවුලේ අයටත් සෞභාග්‍යයෙන් පිරි සුභ නව වසරක්ම වේවා.

      Delete
  4. මචෝ නෙලුම් යායෙන් උඹලා දෙන සහයෝගය අති ඉස්තරන්...

    මෙත් මල් පිබිදේවා....!!!

    ReplyDelete
    Replies
    1. පුරවැසි මාධ්‍ය කලාව මේ අවුරුද්දේ වඩා හොඳින්ඔප නංවමු මාතලන්. සුභ නව වසරක්ම වේවා.

      Delete
  5. අජිත් මහත්මයා ඇතුළු පවුලේ සැමටම සිරි සුභ නව වසරක් වේවා
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ඔබතුමා ඇතුළු ඔබ පවුලේ අයටත් සෞභාග්‍යයෙන් පිරි සුභ නව වසරක්ම වේවා. මහේෂ් ඔබගේ බ්ලොග් අඩවිය මොකක්ද? මට හොයා ගන්න බැහැ මගේ ලිස්ට් එකට දාන්න. මම පොල්ගහවෙල ඉන්න කොට සෙන්ට් බර්නදෙත් කියල පාසලකට ගිහින් තිබෙනවා.

      Delete
  6. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අජිත් අයියේ.

    ReplyDelete
    Replies
    1. ඔටත් සෞභාග්‍යයෙන් පිරි සුභ නව වසරක්ම වේවා මධු නංගී.

      Delete
  7. කවුළු පියන් හැර තබන්න
    අලුත් ඉරට ඇතුළු වන්න
    හදේ කොණක ඉඩ තියන්න
    අලුත් මලට පෙති අරින්න

    මිලින පැතුම් තබා යන්න
    ගිය වසරට එකතු වෙන්න
    පුරා නෙතින් හිනා වෙන්න
    නැවුම් වසර වැළැඳ ගන්න

    අලුත් ඇඳුම් ගතට දෙන්න
    අලුත් පැතුම් හිතට දෙන්න
    මගේ ඇසට ඉඩ හරින්න
    පැරණි ඔබම යළි දකින්න

    ගී පද - බන්ධුල නානායක්කාරවසම්
    ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. ලස්සන සින්දුවකින්ම
      පිළිතුරක් දුන්
      අපේ සින්දු ඇනෝට
      සුභ නව වසරක්ම වේවා.

      Delete
  8. අජිත් අයිය අපිට කරල තියෙන උදව් උපකාර බොහොමයි. ඉදිරියටත් ඔබ කරන සේවය තව තවත් හොඳින් කිරීමට අවශ්‍ය ශක්තිය දහිරිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව. ලැබුවාවූ මේ 2015 වර්ෂය ඔබගේ සියළු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ලොකු උපකාර කරලා නම් නැහැ මල්ලි. අපි මේ අවුරුද්දේ වඩා හොඳින් වැඩේ කරගෙන යමු. මම තවම ලෙසන් 3 ඉවර නැහැ වැඩ වැඩි නිසා. ප්‍රශ්නත ගොඩක් තිබෙනවා. එකින් එක තමා දාන්න වෙන්නේ. ඔබටත් සියලු පැතුම ඉටුවන සෞභාග්‍යයෙන් පිරි සුභ නව වසරක්ම වේවා.

      Delete
  9. කරගන යන සද්කාර්යයන් දිගින් දිගටම කරගන යාමටත්,අනිකුත් සියළු වැඩකටයුතු සාර්තක ලෙස කරගන යාමටත් වාසනාව ලැබෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.....

    ReplyDelete
    Replies
    1. ඔබටත් සතුට සැනසිල්ල පිරි සුභ නව වසරක්ම වේවා.

      Delete
  10. ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවායි පතමි.

    ReplyDelete
    Replies
    1. ඔබටත්, ඔබ පවුලේ අයටත් සෞභාග්‍යයෙන් පිරි සුභ නව වසරක්ම වේවා.

      Delete
  11. සුභම සුභ නව වසරක් වේවා හිටං.............

    ReplyDelete
    Replies
    1. සෞභාග්‍යයෙන් පිරි සුභ නව වසරක්ම වේවා හිටං .

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .