Saturday 26 February 2022

ලංකාවේ චීන මිසයිල පිහිටෙව්වොත් ඔබ ගන්නේ කොයි පැත්තද?

ලංකාවේ චීන මිසයිල පිහිටෙව්වොත් ඔබ ගන්නේ කොයි පැත්තද? 



මේක මේ ඊයේ සිදුවුණු අගෝරා සාකච්චාවේදී මම අහපු ප්‍රශ්නයක්..( මේ ටිකක්  වැඩියෙන් පැහැදිලි කරලා ලියන්නේ)  හදිසියේම ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්න වලින් මිදෙන්න විශාල ඩොලර් ප්‍රමාණයක්  අරගෙන  ගෝඨාභය ජනාධිපති චීනයේ මිසයිල ලංකාවේ ස්ථාපිත කරන්න අවසර දෙනවා.ලංකාවේ මිනිස්සු වැඩි  හරියක් මේකට කැමති වෙනවා රට හොම්බෙන් යන නිසා. ඩොලර් සංචිතයට කෙළවෙලා. දුෂණය වැඩියි. බස් මග නතර වෙලා ඩිසල් නැතිව. කෑම ගණන් වැඩි වෙනවා දිගටම. ආර්ථිකයට කෙළවෙලා. අවට රටවල් ඔක්කොම මීට වඩා දියුණුයි. 

මිනිසුන්ගේ පැත්තෙන් ටිකක් හරි. මේ අවස්ථාවේදී ඩොලර් ඕනේ. 

 චීනය කියනව සල්ලි දෙන්න නම්  තව කොන්දේසියක් තමයි චීනය මුලිකත්වයෙන් පිහිටුවා ඇති යුධවාදී සංවිධානයක්  වන චැටෝ හි සාමාජිකත්වය ගත  යුතුයි  කියල.

නමුත් ඉන්දියාව කියනව උඹලා මේකට  ඉඩ දුන්නොත්  අපි ආක්‍රමණය කරනවා. අපි රට දෙකඩ කරනවා හෝ තුනකට කඩනවා කියල.

එහෙම කියල ඉන්දියාව  ශ්‍රී ලංකාව ආක්‍රමණය කරල උතුර නැගෙනහිර පළාත් දෙක වෙන් කරනවා. කොළඹට ගහල අල්ල ගෙන ඉන්දීය හිතවාදී රජයක් පිහිටුවනවා. 

ඔබ:
පළමුවන කොටස:

1. ඉන්දියාව ශ්‍රී  ලංකාවේ ස්වාධිනත්වය  උල්ලංඝනය කළා කියල තවත් චීන යුධ ආධාර ඉල්ලනවද? චීනයට හිතැති රටවලින් ආයුධ ගන්නවද?

2.  ඉන්දියාව සහ චීනය සමග සාකච්චාවලට  ගිහින් චීන මිසයිල පිහිටුවීම තවකාලිකව නතර කරගෙන ඩොලර් සොයා ගැනීමට වෙනත් මංපෙත් හොයනවද ?


දෙවන කොටස:

1. ඔබ මේ ගැන ආවේගී ව පත්තර වල ෆේස්බුක් වල ගැටෙමින් ඉන්දීය ආක්‍රමනිකයට විරුද්ධව වැලපෙනවා ද  ?

2.එහෙම නැත්නම්  ඔබ භූ දේශපාලන තත්වය , ශ්‍රී ලංකාවේ ඉතිහාසය, චීන සහ ඉන්දීය  සබඳතා  මෙන්ම  ආදී කාලින  චීන සහ ඉන්දීය ආක්‍රමණ ගැන මතක් කර ගනිමින් තත්වය විශලේෂණය කර ගන්නවද ?

 
කොටස් දෙකට වෙනම පිළිතුරු සපයන්න. 

- අජිත් 

ප.ලි.
ඔබ මෙහිදී මතක් කර ගත යුතු වැදගත් කරුණු දෙකක් තිබේ.
1987 දී ශ්‍රී ලංකාවේ ජේ ආර් ගේ සහයට ඇමෙරිකාව නොපැමිණි බවත් (පරිප්පු සිද්ධිය) , ගරිල්ලා නායක ප්‍රභාකරන් මියගියේ ඉන්දියාවේ සහයෙන් බවත්. (උණ්ඩය ලංකාවේ වුවද ඉන්දියාව නිහඬව ලංකා රජය පැත්තේ  නොසිටියා නම් එක්සත් ජනපදය හා කැනඩාව  ගරිල්ලා නායකයා මුහුදින් බේරා  ගැනීමට සැලසුම් කර තිබුණි.)

පරණ ලිපි:


51 comments:

  1. මම නම් බටහිර රටක සරණාගත විසා හරි ගහගෙන එහෙට පැනලා ලංකාවේ අයට පොර ටොක් දිදී ඉන්නවා ඊට පස්සේ බ්ලොග් එකක් හදාගෙන.

    ReplyDelete
    Replies
    1. ඉතාමත් කාලෝචිත පිළිතුරක්

      Delete
  2. එකම දේ කරන්නෙ ඔය මිසයිල කිලොමීටර් 10 කට වඩා දුර යවන්න බැරි ඒවා කියලා සහතිකයක් ගන්නවා

    ReplyDelete
    Replies
    1. එහෙම සහතිකයක් නැහැනේ . එහෙම මිසයිලත් නැහැනේ.
      Medium-range ballistic missiles, traveling between 1,000–3,000 kilometers (approximately 620-1,860 miles); Intermediate-range ballistic missiles, traveling between 3,000–5,500 kilometers (approximately 1,860-3,410 miles); and. Intercontinental ballistic missiles (ICBMs), traveling more than 5,500 kilometers.

      Delete
    2. එහෙනං ඉතිං බෑ කියනවා.

      Delete
  3. Jagatrh Pathirana26 February 2022 at 11:01

    පුළුවන් තරම් චීන ජනගහනයක් ලංකාවේ පදිංචි කරගන්නවා.

    ReplyDelete
    Replies
    1. අන්න හොඳයි. ඔයත් සිංහල අත හැරලා චීන ඉගෙන ගන්න. භාෂව සිංහලටත් වඩා පැරණියි නේද?

      Delete
    2. Jagatrh Pathirana27 February 2022 at 21:39

      අවශ්‍ය වෙන එකක් නෑ. චීන්නුන්ට ලොකු සංස්කෘතියක් තියෙනවා. එයාලට භාෂාව නැතත් චීනකම පවත්වාගන්න පුළුවන්. භාෂාව ලොකුවෙලා තියෙන්නේ දෙමෙල්ලුන්ට.

      මේ රටේ චීන්නු ඉඳීම කිහිප ආකාරයකින්ම සිංහලයන්ට වාසියි. මේ රටේ චීන්නු මිලියනයක් පදිංචිකරගන්නවා නම් මම මැරෙනකම් රාජපක්ෂලාට චන්දේ දානවා.

      Delete
  4. I will take the side of the winner and justify their all actions whatever the human cost and repercussions.

    ReplyDelete
    Replies
    1. aha , very good answer. that's what most people do? But in a nuclear contest no one will win (or no clear winner). I am asking a question related to Ukrain anyway.

      Delete
    2. https://labour.org.uk/press/keir-starmer-statement-to-parliament-on-russias-invasion-of-ukraine/

      Delete
    3. However fragile there was peace in Europe after WW ii. From now on situation will be completely different. Economic prosperous alone will not guarantee EUs security. Trump's call for high defence expenditure by EU will take place. Appeasement of Hitler did not stop WW ii.

      Delete
    4. yes. But I was not talking about appesement of Putin. Why on earth no one is getting that. Finland did not go to NATO. Theya re fine until now. Ukraine does not have to be in NATO to be prosperous. End. But Ukranian nationalists and Nazi party had different ideas. That's the root of the problem. Putin used it. Amerka could have signed a bi-lateral defence agreemnt and station some american trops in Ukrain. Noting would have happened. It's F**** too late now.

      Delete
    5. Nazi party in Ukraine ?. Both Ukraine president and PM are Jewish. Ukraine is as corrupted as Sri Lanka. Even though it has abundant natural resources it is not a developed country. It's GDP per capita is not much higher than Sri Lanka. All the other economies of the former Warsaw countries has a higher growth rate. Ukraine is not keen to get US support as corruption will be definitely come in the discussion. Oligarchs controlled the Ukrainian economy. One intriguing fact is both Russia and Ukraine have negative or near zero population growth. To my knowledge that Ukraine does not have an US ambassador and they are happy with that situation because corruption and other issues are not raised by them. They tried to get the US/EU protection without addressing these issues. One thing I'm sure is EU countries will dramatically expand their armed forces and military budgets

      Delete
    6. https://www.miamiherald.com/news/nation-world/world/article258774458.html

      Why Ukraine is not a NATO member ?

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. List of ambassadors of the United States to Ukraine
      https://en.wikipedia.org/wiki/List_of_ambassadors_of_the_United_States_to_Ukraine#:~:text=Incumbent,Charg%C3%A9%20d'Affaires%20ad%20interim&text=The%20history%20of%20ambassadors%20of,to%20Ukraine%20began%20in%201992.

      Delete
    9. it's called -All-Ukrainian Union "Freedom" Всеукраїнське об'єднання «Свобода». They were the one behind the so-called Maiden revolution and they shot and killed Ukrainian policemen, which initially blamed on Russians. Later on, some of them joined Zelensky (So called Jewish)'s Servant party. They have big positions in Kyiv government.

      Germany already said they will add defence budget. But what for. They are in NATO anyway. What nonsense you are talking here? There are US and British troops in the Russian border already. In Estonia, Latvia , Lithuania. Not in Russian Border- Romania, Poland, Albania, Germany. Russians are surrounded. Try to be in their position for a minute. You do not need to support Putin the dictator. That's fine. But be in their shoes. As soon as Ukraine goes to NATO circle completes on that side.

      Delete
    10. https://www.opindia.com/2022/02/africans-say-they-are-facing-racial-discrimination-in-ukraine/?fbclid=IwAR2NbKvG18Meym-uXbzfQdUMcBIMxHKvwCdDkY_5WRVCtCEmXFLn1l3XK1Y

      Delete
    11. Dear Ajith,What I meant was currently there is no US ambassador to Ukraine, Charge de affairs' is a lower level position.

      Delete
  5. හ්ම්...එහෙම ප්‍රශ්ණෙ ගෙදර ගෙනාවාම, නං හිරවෙනවා කියල හිතෙනවා. කෙලින්ම උත්තර නොදෙන්නෙ, හිරවෙන බව දන්න නිසයි.

    අපි හැමෝම, තර්ක කරන්නෙ යම් විස්වාස මත පදනම්ව නිසා ඒවා වැරදි වෙන්නත් ඉඩ තියනවා. හරි/වැරදි සාපේක්ෂයි. කවුරු කලත් බලවතා, දුබලයාව තලා පෙලීමත්/ නිදහස් රටක් ආක්‍රමණයත් වැරදියි කියන මතයෙ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඉන්දියාව වැරැදියි. ගෝඨාභය සහ චීනය හරි.

      Delete
    2. නෑ, මේ ප්‍රශ්ණය අවුලවපු ගෝඨාභය සහ චීනය වැරදියි. ඒත් වෙන උපාය මාර්ගයකින් බලපෑම් නොකර, ඉන්දියාව ලංකාව අක්‍රමනය කලොත් ඒකත් වැරදියි.

      Delete
    3. ඉන්දියාව වැරදි නම් රුසියාවත් වැරදියි. ඔබගේ පළමුවෙනි පිළිතුර.
      දෙවන පිළිතුරට අනුව.
      //නෑ, මේ ප්‍රශ්ණය අවුලවපු ගෝඨාභය සහ චීනය වැරදියි.// ඒ කියන්නේ ප්‍රශ්නය අවුලවපු යුක්රේනය හා ඇමෙරිකාව වැරදියි. ඔන්න ඕක තමයි මම මේ හැමලිපියෙන්ම කියන්න හදන්නේ. මේ ප්‍රශ්නයේ පූටින් පරයා, ඝාතකයා , වැරදියි කියන අයට සහ පුටින් හොඳයි, යුක්රයිනය බේරා ගත්ත කියන අයට.

      Delete
    4. හ්ම්....ප්‍රශ්ණෙ හිතුවාට වඩා සංකීර්ණයි.

      ඇමරිකාව ගෑවුන හැම තැනම විනාසයක් කියල හිතෙනවා. පස්සෙ හිමීට අත හෝදගන්නවා.ඕක දන්න නිසා, ඉන්දියාව මධ්‍යස්ථතව ඉන්නව වෙන්නත් ඇහැකි?

      Delete
    5. මේ ලිපියත් කියවන්නොකො. වෙලා තියෙනවනම්. පූටින් වගේ ඒකාධිපතියෙක්ව රවටන්න යන එක ටිකක් භයානකයි. ඕක ජර්මනියත් විටින් විට කීව.
      https://www.theguardian.com/commentisfree/2022/feb/26/russia-lies-america-half-truths

      Delete
  6. ඉන්දියාව වැරදි නම් රුසියාවත් වැරදියි. ඔබගේ පළමුවෙනි පිළිතුර.
    දෙවන පිළිතුරට අනුව.
    //නෑ, මේ ප්‍රශ්ණය අවුලවපු ගෝඨාභය සහ චීනය වැරදියි.// ඒ කියන්නේ ප්‍රශ්නය අවුලවපු යුක්රේනය හා ඇමෙරිකාව වැරදියි. ඔන්න ඕක තමයි මම මේ හැමලිපියෙන්ම කියන්න හදන්නේ. මේ ප්‍රශ්නයේ පූටින් පරයා, ඝාතකයා , වැරදියි කියන අයට සහ පුටින් හොඳයි, යුක්රයිනය බේරා ගත්ත කියන අයට.

    ReplyDelete
  7. ප්‍රශ්නය තමන්ගේ නොවන තුරු පිළිතුර දාර්ශනිකයි කියලා කියනවානේ. ඒ වගේ, අපි යුක්‍රේන/රුසියන් ප්‍රශ්නයට දෙන දාර්ශනික පිළිතුරු අපේ රට වෙනුවෙන් අදාළ වෙන එකක් නැහැ.

    ඊළඟට කියන්න තියෙන්නේ, අපේ රට ලංකාව කියලා හැඳින්වුනාට, එහි ජීවත් වෙන්නේ "ලාංකිකයෝ" නොවෙයිනේ . ඉන්නේ බයියෝ, ටොයියෝ ජෙප්පෝ සහ ඊළාම්වාදීන්.

    //1. ඉන්දියාව ශ්‍රී ලංකාවේ ස්වාධිනත්වය උල්ලංඝනය කළා කියල තවත් චීන යුධ ආධාර ඉල්ලනවද? චීනයට හිතැති රටවලින් ආයුධ ගන්නවද?//

    මේක බයියන්ගේ ආණ්ඩුව මගින් කල දෙයක් නිසා දෙන උත්තර මේ ආකාරයේ විය හැකියි.

    බයියෝ - ඔව්.

    ටොයියෝ -නැහැ.

    ජෙප්පෝ - විරුද්ධයි.

    ඊළාම්වාදීන් - ඒගොල්ලන්ට වාසියක් වෙනවා නම් "හා"

    // 2. ඉන්දියාව සහ චීනය සමග සාකච්චාවලට ගිහින් චීන මිසයිල පිහිටුවීම තවකාලිකව නතර කරගෙන ඩොලර් සොයා ගැනීමට වෙනත් මංපෙත් හොයනවද ?//

    මේක බයියන්ගේ ආණ්ඩුවෙන් කලොත් පළමු පිළිතුරත්, ටොයියන්ගේ ආණ්ඩුවකින් කලොත් දෙවෙනි පිළිතුරත් ලැබේවි.

    බයියෝ - ඔව්./නැහැ

    ටොයියෝ -නැහැ. /ඔව්

    ජෙප්පෝ - විරුද්ධයි./විරුද්ධයි

    ඊළාම්වාදීන් - ඒගොල්ලන්ට වාසියක් වෙනවා නම් "හා" /ඒගොල්ලන්ට වාසියක් වෙනවා නම් "හා"

    //1. ඔබ මේ ගැන ආවේගී ව පත්තර වල ෆේස්බුක් වල ගැටෙමින් ඉන්දීය ආක්‍රමනිකයට විරුද්ධව වැලපෙනවා ද ?//

    බයියෝ - නැහැ.

    ටොයියෝ -ඔව්.

    ජෙප්පෝ - ඔව්

    ඊළාම්වාදීන් - ඒගොල්ලන්ට වෙන වාසි/අවාසි මත "නැහැ" හෝ ඔව්."

    //2.එහෙම නැත්නම් ඔබ භූ දේශපාලන තත්වය , ශ්‍රී ලංකාවේ ඉතිහාසය, චීන සහ ඉන්දීය සබඳතා මෙන්ම ආදී කාලින චීන සහ ඉන්දීය ආක්‍රමණ ගැන මතක් කර ගනිමින් තත්වය විශලේෂණය කර ගන්නවද ?//


    බයියෝ - ඔව්.

    ටොයියෝ -නැහැ.

    ජෙප්පෝ - මේවාට විරුද්ධයි.

    ඊළාම්වාදීන් - කාලිංග මාඝ/ එළාර වගේ අයගේ අයිතිවාසිකම් ගෙනහැර දක්වමින් ඔවුන්ගේ අභිප්‍රාය ඉෂ්ඨ කරගන්න උත්සාහ කරාවි.

    PS

    මේක lighthearted joke එකක් ලෙස මිසක් සීරියස් ගන්න එපා.

    ReplyDelete
    Replies
    1. උත්තරේ කියෙව්වා. කරකවලා අත ඇරියා වගේ. තාවකාලිකව කොම්පියුටරෙන් නැගිටලා ගියා.

      Delete
    2. //PS

      මේක lighthearted joke එකක් ලෙස මිසක් සීරියස් ගන්න එපා.//

      Delete
  8. ප්‍රශ්ණෙ අවුලපු ඇමරිකාව,දැන් කරන්නෙ පුටිංගෙ බිඩින්ද මන්දා?

    " I don't want a ride, give me wepons" කියපු සෙලෙන්ස්කිත්, නිදහස වෙනුවෙන් මැරෙන්න ලෑස්ති පුරවැසියොත්, මගේ පොතේ නං වීරයො
    https://www.youtube.com/watch?v=h6wuInFVdmo

    ඒත් රුසියන් ගෑස් මත යැපෙන ජර්මානුවො,යැංකීන්ට වඩා විශිෂ්ඨයි
    https://www.youtube.com/watch?v=KQeJHL6dXu4

    නාපාම් බෝම්බ මෙන් භයානක, thermobaric රොකට් යවන, පුටිංට අයිති ඉතිහාසයේ කුණු බක්කිය මිසක් රන් අකුරු නෙමෙයි කියලයි මට හිතෙන්නෙ.
    https://www.youtube.com/watch?v=9wq4hzMzghc

    ReplyDelete
    Replies
    1. කොරෝනා නිසා කෙලෙවෙලා ඉන්න ලෝකෙට, තව ලෝක යුද්ධෙකුත් ඕනෙද? හිතේ අමාරුවට ලිව්වෙ, දැනට මට පේන දේ. අජිත්ගෙ මතය වෙනස් වෙන එක ගැන මට අවුලක් නෑ.

      Delete
    2. මේ මම ෆේස්බුක් එකේ දැම්ම එකක් හිතේ අමාරුවට. Co-vid 19 is ending and Pu-vid 22 started. Can we jumped to 2031, I don't want to be in 2023.

      Delete
    3. මගේ ජර්මන් බිරිඳ සහ ඔවුන්ගේ මුළු පවුලම, ඒ පැත්තේ මිනිස්සු ඔක්කොම සෙලෙන්ස්කි ට බනිනවා හද්ද බුරුවෙක් කියල. ඔය බුරුවට නැටෝ එක මොකටද රට හදන්න කියල එයාල අහන්නේ. ජර්මනිය ගෑස් ගන්න ගමන් බිලියන් ගණන් යුක්රේනයට ගෙව්වා. රුසියව ගෙව්වා. රුසියාව වරායටත් ගෙව්වා. හැබැයි ඇමෙරිකාවේ රෙද්දස්සේ රින්ගන්න ගියා. මොකද රටේ බලය අල්ල ගත්ත සෙට් එක (යුක්රේනියන් පට්ට ජාතිවාදියි . උන්ට ඕනේ උන ඇරේ දේව ලෝක යුද්ධේ සහ ස්ටාලින් එක්ක තිබ්බ වලියේ වෛරය. ඒක පිරිමහන්න් තමා ඔය හැදුවේ.

      Delete
    4. එතකොට ඇමෙරිකාව Thermobaric ඒවා වියට්නාමයට, ඇෆ්ඝනිස්ථානයට දාපු එක ගැන මොකද අකියන්නේ? ඇෆ්ඝ්නිස්තනේ ගැහැණුයි ළමයි නුයි වැඩිය මරුනේ. යුක්රේනයත් ඔහොම ගිහින් තවත් ඇෆ්ඝනිස්ථානයක් වේවි රුස්සට. එතකොට තමා පුටින්ට රෙවෙන්නේ.

      Delete
    5. බොහෝ දේ සමඟ එකඟයි.
      //යුක්රේනයත් ඔහොම ගිහින් තවත් ඇෆ්ඝනිස්ථානයක් වේවි//
      මේක වෙන්න ඉඩ තියනවා.

      අජිත් මේ ප්‍රශ්ණෙ ඉතිහාසය ගැන දන්න නිසා, මට ඒ මතය ගැන වාද කරන්න බෑ.

      Delete
    6. වාද කරන කොට තමයි ඇත්ත එලියට් එන්නේ.

      Delete
  9. පැටලෙන්නට බයයි මේ වගෙ දේවලට
    වාද කරල ඇහැකිද දිනලා යන්ට
    තෝරු මෝරු දෙපිරිස යුද කරන විට
    හාල්මැස්සො පැන යති අහලක නොහිට!

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත නිදි. විශේෂයෙන්ම දේශපාලනය වාද, ඇවිලෙන ගින්දර වගේ. ඒත්, මෙච්චර කල් අපි, ඒව ඇඟට ගන්නෙ නැතුව සකච්චා කලා. ඉදිරියටත් එහෙම සංයමයකින් සකච්චා කරන්න බැරිවෙන එකක් නෑ කියල හිතෙනවා.

      Delete
  10. මිනිස්සු මරලා ප්‍රශ්න විසදන්න බැහැ අජිත්.

    ReplyDelete
    Replies
    1. කවුද කිව්වේ මෙතැන මිනිස්සු මරල ප්‍රශ්න විසදන්න කියල? මම කොහේද එහෙම කියල තියෙන්නේ? අනික කවුද මුල්ලිවයික්කාල් එනකන්ම මිනිස්සු මරල ප්‍රශ්න විසඳුවේ? මමද? මට මතක විධිහට හැමෝම සපෝර්ට් කළා ඒකට එදා? ලංකාවේ පොල්පොට් නතර කරන්න පුනරුත්ථාපනය වත් කරන්නේ නැතිව 60000 වඩා මැරුවේ කවුද? ඉරාකේ මිලියන් දෙකකට වඩා මැරුවේ කවුද? අනේ මන්ද ඇනෝ

      Delete
  11. දෙකට බෙදල ඉන්දියාවටයි චීනෙටයි මිසයිල් සයිට්වලට බද්දට දීගන්න බැරිවෙයිද?
    ලග වැඩි නිසා මිසයිල්වලින් ගහගන්නත්බෑ එතකොට

    ReplyDelete
    Replies
    1. හොඳ කාලෝචිත යෝජනාවක්

      Delete
  12. හ්ම්.... රුසියන් ජෙනරල්ලගෙ බොඩි ලැන්වේජ් එක බලන්න.
    https://www.youtube.com/watch?v=oEFY-qSn2X8

    "පැරනි සෝවියට් මානසිකත්වය අතහැර සාකච්චාවට යන්න" වගේ යතාර්ථවාදී කියමනක් මම ෂීජින් පින් ගෙන් බලාපොරොත්තු වුනේ නෑ. ප්‍රාජේ හරි, චීනා තමයි ස්මාට්.

    ReplyDelete
    Replies
    1. ඒක හරි.චීන ස්මාට්. මම ඇත්තටම බල පොරොත්තු වෙනවා ඔය ජෙනරාල් කෙනක් පුටින් අයින් කරල බලය ගනී කියල. මොකද උන් දන්නව න්‍යෂ්ටික යුද්ධයක බරපතල කම. අපේ පොඩි ගාඩ්න් එකේ බංකරයක් හදන්න වත් බැහැ. වතුර උනනවා.

      Delete
  13. හැමෝටම කියන්න ඕනේ මම මේ ලියන්නේ කතා කරන්නේ , ලන්ඩන් වල ඉඳගෙන මෙහෙ ඉඳන් මට ප්‍රශ්නය පේන විධිහ මිසක් "ලංකාවේ පූටින් " සම්බන්ධව නෙමේ කියල. පුටින් මෙහෙ යුරෝපා සංගමයට එකතු වීමට විරුද්ධව බ්‍රෙක්සිට් පැත්තට මුදල් දුන් කෙනෙක්. මම බ්‍රෙක්සිට් එකට විරුද්ධව චන්දය දුන් කෙනෙක්. පුටින් ගෙන් සල්ලි ගත්තේ ගොඩක් මන්ත්රිලා, පක්ෂ ලොකු නිලධාරීන් ඉන්නව. ඒ පැත්තත් බලල ලියන්නේ. මේ ගොල්ල මේ තත්වයට මේ ප්‍රශ්නය ගේන්න ගොඩක් උදව් කළා .

    ReplyDelete
  14. https://www.vikalpa.org/article/41180
    /////ලෝක යුද්ධ දෙකටම වගකිව යුතු එසේ නැත්නම් ලෝක යුද්ධ දෙකකම ආරම්භකයා වූ ජර්මනිය මේ දෙස නිකම්ම බලා නොසිට යුද්ධයකට යාම නතර කරගැනීම සඳහා උපරිම වෑයමක යෙදුණු බව අපට දකින්ට ලැබුණි. පූටින්ගේ යක්ෂාවේශය එය නතර කරගත හැකි මට්ටමක නොපැවතුණු බව පෙනෙන්නට තිබුණි./////////////////

    ReplyDelete
    Replies
    1. රන්ජිත නිවැරදියි එතන. ජර්මනිය සෑහෙන්න ඉවසුවේ ගෑස් නිසා. නොර්ඩ් ස්ට්‍රීම් 2 ට එයාලගේ ඩොලර් බිලියන් 5 යෞදවලා නිසා. සොරෝකින් ගේ ලිපිය මම කියෙව්වා. පුටින් ඔඅතනට යනව කියල දැන දැන ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය යුක්‍රේනය ඔතනට තල්ලු කලේ ඇයි කියන එක මම අහන්නේ. අල් කයිඩා හදල ඉල්ලන් කෑව වගේ තමයි.

      Delete
    2. https://www.theguardian.com/commentisfree/2022/feb/27/vladimir-putin-russia-ukraine-power

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .