Wednesday, 7 January 2015

ඔටෝක්‍රසි හා ඉගෙන ගන්න, ඉගෙන ගන්න, ඉගෙන ගන්න -учиться, учиться и учиться

ඉහත කී  පාඨය මට කියන්නට සිදුවුවකි.  උචිත්සා  යනු ඉගෙන ගන්න (learn) යන තේරුම ඇති රුසියානු වචනයයි. ඒ මම  සොවියට්දේශයේ ඉගෙනුම ලබද්දී පළමු අවුරුද්ද අවසන්වූ කාලයේ තිබු රුසියානු භාෂා උත්සවයටය. මගේ පියකරු කරුණාවන්ත රුසියන් ගුරුතුමිය මෙම වදන් පෙළ අඩංගු පරිච්චේදය එම උත්සවයට වේදිකාවේ සිට කියැවීම සඳහා පැවරුවේ මටය. ඒ 1984 දීය. පරිච්චේදය ඇය රැගෙන තිබුනේ ලෙනින්ගේ ලිපියකිනි.  2014 දී එම පරිච්චේදයම වෙන හේතුවක් සඳහා ලියන්නට වේයැයි හීනෙන් වත් නොසිතුවෙමි. එයට පෙර කියයුතු තව කතාවක් මතකයට නැංවේ.
1985 උපාධිය පාඨමාලාවේ පළමු අවුරුද්දේ සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය උගන්වයි. මෙය ඉන්ජිනේරු, වෛද්‍ය ආදී ඕනෑම පාඨමාලාවක් කරන අය ඉගෙන ගත යුතුය. මෙහිදී වසර අවසාන විභාගයේ ප්‍රතිපලය උපාධියේ අවසන් ලකුණු ලේඛනයට යන නිසා වැදගත්ය. මෙහි එක ප්‍රශ්නයකට තිබුනේ ලෙනින්ගේ "පියවරක්  ඉදිරියට පියවර දෙකක් පසුපසට" පොත් පුන්ච ගැනයි. සියලුම ප්‍රශ්නවලට හොඳින් පිළිතුරු සැපයු මම පිළිතුරු පත්‍රය සමග මදක් තද ගතියකින් කටයුතු කරන ඉතිහාසය ගුරුතුමිය ලී.***** ලඟට  ගියෙමි. ඇය සියලුම ප්‍රශ්න සලකුණු කල නිවැරදි බව කියා ඉන්පසු ඉහත පොත් පිංච මොන අවුරුද්දේ ලීවද කියා ඇසුවාය. මම හරි පිළිතුර දුන්  පසු ඇය ලෙනින්ගේ "ඉගෙන ගන්න යනුවෙන්  තෙවරක් තිබෙන" පොත් පුන්ච ඉදිරිපත් කල වර්ෂය ඇසුවාය. එය නොදන්නා බව කියූ මම එහි ඇති දේ හා ලියුවේ ඇයි  කියා පැහැදිලි කල හැකි බව කීවෙමි. නමුත් ඇය පන්න පන්නා වර්ෂයම  ඇසුවාය. එතැන සිටි විදේශ ශිෂ්‍යයන් භාර අංශයේ පීඨාධිපතිනිය (අපේ විභාග නිරික්ෂනයට ඇය  පැමිණ සිටියාය)  මෙහිදී මා හොඳට පිළිතුරු දුන් බවත් මට මුළු ලකුණු දීම යෝග්‍ය බවත් කියා සිටියාය.  එය ප්‍රතික්ෂේප කල ඉතිහාස ගුරුතුමිය කීවේ මා විභාගයට ආවේ නොගරුවෙන් බවයි. අනික මා පන්තියේදී පවා ප්‍රශ්න අසමින් වාද කරන බවයි. එහිදී මට තේරුනේ අනික් පිරිමි සිසුන් සියලු දෙනාම පාහේ  ටයි කෝට් දමා පැමිණි අතර ටි ෂර්ට් එකක් ඇඳන්  සිටියේ මා පමණක් බවයි.  එය හොඳ සුදු ටි ෂර්ට් එකක් මිස අනං මනං ලියා  තිබූ  එකක්වත් නොවේ. කෙසේ වතුදු ඉතිහාස ගුරුතුමිය ලී.***** තරහෙන් මෙන් මට අඩු ලකුණු දුන්නාය. මා පෙරදා රැයේ ප්‍රශ්න උත්තර කියා දුන් සගයන්ට මුළු ලකුණු ලැබුණි. පීඨාධිපතිනිය කලේ කණගාටුවෙන් බලා සිටීම පමණි.
මින් අවුරුදු තුනකට පමණ පසු මා ශිෂ්‍ය සංගමයේ ලේකම් කාලයේ ප්‍රදර්ශනයක්  සංවිධානය කලෙමි. එයට පැමිණි ඇය (ලී.*****) මා හොඳින් ඉගෙන ගන්නා බව දැනගන්නට ලැබුණු බවත් මගේ ප්‍රදර්ශන වැඩ ආදිය  ඉතා හොඳ බවත් පැවසුවාය. මෙහිදී මා ඇයට කිවේ ඇඳුමින් මිස දැනුමෙන් මිනිසුන් මැනිය නොහැකි ඇය ගැන මට  වැඩිපුර ප්‍රසාදයක් නැති බවයි. මා කියනදේ මුහුණට කෙලින්ම කියන බව පැවසූ ඇය මගේ දේශපාලන ආර්ථික විද්‍යාව ගුරුතුමියට කථා කල බවත් මා  පන්තියේදී වාද කරන බව එය නුසුදුසු බවත් පැවසුවාය. මා එහිදී කිවේ මේ යන විධිහට ගියොත් සෝවියට් දේශය වැඩිකල් නොපවතින බවත් ආර්ථිකය දුර්වල බවත් ආර්ථික ප්‍රතිපත්ති වැරදි බවත්ය. මෙහිදී කෝපාවිෂ්ට බවක් පෙන්වූ ඇය කිවේ මා නිවාඩුවට ධනවාදී රටවලට යන නිසා ඔලුව කුරුවල්වී ඇති බවයි.  මා සෝවියට් දේශයට ආදරය කරන බව පවසා ඇයගෙන් ඉවතට ගියෙමි.
පසුව මා ඇය දුටුවේ  දෙතුන් වතාවක් පමණි. ඉන්පසු එළඹියේ 1991 වසරයි. සෝවියට් දේශයේ පෙරේස්ත්රෝයිකාව (perestroika)  වැරදී ගොර්බචෝව් සෝවියට් කඳවුර විසිරෙවූ කාලයයි.  පෝලන්තය කඳවුරෙන් ඉවත ගොස් තිබුණි. අගෝස්තු 19 දා  යෙල්ට්සින්  ටැංකියක් උඩ නැග කතා කරන විට මම  ඒ අසල (තරමක් දුරින්) සිටියෙමි. ඒ දිනවල මා  යහළුවී සිටි රුසියානු පෙම්වතියගේ නිවස තිබුනේ ක්‍රෙම්ලිනයට  හැතැප්ම  භාගයක් පමණ එහා අර්භාත්සකයා  නමැති පෙදෙසේ හෙයිනි. ජර්මන් ජනතාව නොවැම්බර් 9 ජර්මනිය  බෙදන තාප්පය  බිඳ හෙලන ලදී. ඒ ආසන්න දිනෙක මා අර්භාත්සකයා  වලින් උමන් දුම්රිය ගැනීමට පාර හරහා ඇති පොලව යට උමගින් ගමන් කරමින් සිටියෙමි. මේ දිනවල රූබලය වැටී තිබුන අතර උද්ධමනය අහස උසට නැග  තිබුණි.  ලැබෙන පඩියෙන් සුමානයක් වත් ජිවත් වීමට නොහැක. ඒ නිසා බොහෝවිට මහලු අය පමණක් නොව කන්තෝරු රැකියා කල අය පවා කිසියම් දෙයක් විකුණා මුදලක් සපයා ගන්නට පාරවල් වල , උමන් දුම්රියට යන මාර්ග දිගේ පේලියට සිටියහ. එදා මා යනවිට තමන් වියූ සීත  සෘතුවට අදින ජර්සියක් විකුන්නනට බලා සිටියේ ඉතිහාස ගුරුතුමියයි. මට ඉමහත් දුකක් දැනුනි. මා ඇය අසලට ගොස් කතා කර කෝපි එකක් බොන්නට ආරාධනා කලෙමි. ඉන්පසු රුසියානු කෑමක් වන පිරශ්කි (මස් හා බත් ඇතුලට දැමු රෝල්ස් වර්ගයක්) සමග කෝපි එකක් රැගෙන දුනිමි. කතාව අතරතුර ඇය මුලින්ම අවුරදු 6කට පමණ කලින් මට අකාරුණිකව  සැලකු බව සිහිපත් කලාය. ඇයට එය මතක තිබ්බේ ඇයිදැයි මම නොදනිමි. එසේම මා මේ තත්වය එන බව කී  නමුත් ඔවුන්ට උගන්වා තිබුනේ පක්ෂය විශ්වාස කිරීමට බව මට කීවාය. ඇය අමාරුවෙන් ජිවත් වන බවත් හැකිනම් රැකියාව නැතිවී සිටින ඇගේ  පුත්‍රයාට වෙළඳාමක්  කිරීමට උදව් කරන ලෙසත් ඉල්ලා සිටියාය.  නැවත සමාජවාදයක් එනතුරු සිටින්නයි ඇයට කීමට මට සිත් දුන්නේ නැත. ධනවාදී යයි කියන චැරිටි (සුභ සාධන) මාර්ගයේ යාමෙන් පමණක් ඇයට උදව් කල හැකිව තිබුණි. ඇය මගෙන් මුදල් ප්‍රතික්ෂේප කළ නිසා ජර්සිය මිලදී ගත්  මා පසුව ඇගේ  පුත්‍රයාට ඒ දිනවල පරිගණක ආදිය විකිණීම කරන අයෙකු හඳුන්වා දුන්නෙමි.

ලෙනින් "ඉගෙන ගන්න ඉගෙන ගන්න ඉගෙන ගන්න"  කියා ලියු පොතේ නම "රුසියානු සමාජ-ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිගාමී  නැඹුරුව " යන්නයි. එය ඉංග්‍රීසියෙන් A Retrograde Trend in Russian Social-Democracy යනුවෙන් හැඳින්වේ. රුසියානු ප්‍රකාශනය පහත ඇති මුලශ්‍ර යොමුවේ ඇත.

මෙය වැදගත් ලිපියකි. අර ඉගෙන ගන්න කියන කොටසේ පරිවර්තනය මෙසේයි.
"ඉගෙනීම ලබා තිබෙන සමාජ කොටස් අවංක එහෙත් නීති විරෝධී ප්‍රකාශන (කොමියුනිස්ට් ප්‍රකාශන මේ දිනවල නීති විරෝධීව තිබුණි) කෙරෙහි ඇති උනන්දුව හීනවී ඇති මේ අවස්ථාවේ දැනුම ලබා ගැනීම පිළිබඳවත් සමාජවාදය පිලිබඳවත්  උද්යෝගිමත් ඉමහත් අභිරුචියක් ශ්‍රමිකයන්  (වැඩ කරන ජනතාව) අතර ඇතිවී තිබේ. ඉතා අසීරු ජීවන තත්වයන් මැද, කම්හල්වල වහල් කම වැනි රැකියා කරමින්  බලවත් අසීරුකම් මධ්‍යයේ නියම වීරයන් මොවුන් අතර බිහි වෙමින්, ඔවුන් ඉගෙනීම, ඉගෙනීම හා නැවතත් ඉගෙනීම කරමින් තමන් නියම සවිඥානක සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් බවට පත් වෙති. ඔවුන් සැබෑ වැඩ කරන ජනතා බුද්ධිමත්හුය.

ඕනෑම භාග සමාජවාදී රටක වුවද දැනුමට සහ ඉගෙනීමට මේ අනුව ලබා දී තිබුනේ ඉතා ඉහළ තැනකි.
ඉහත ලිපිය ලෙනින් ලියුවේ 1899 වසරේදීය.

මෙහි තවත් වැදගත් කොටසක් තිබේ. ඒ ඔටෝක්‍රසි  යනු කුමක්ද යන්නය. මේ ලිපිය ලියා ඇත්තේ "රබෝචය මිස්ල්" හෙවත් "ශ්‍රමයේ තේරුම" නමැති රුසියානු සඟරාවේ ඒකධිපතිවාදය ගැන  ලිපි පෙළකට පිළිතුරු වශයෙනි.
ඔහු (ලෙනින්) මෙසේ කියයි.
"පරණ රුසියානු විප්ලවවාදීන් වන නරෝද්නයා වොල්යා  (ජනතාවගේ අභිප්‍රාය) වරුන් බලය විප්ලවාදී පක්ෂයක් මගින් ලබා ගැනීමට යත්න දැරුහ. බලය ලබා ගැනීම මගින් තමන්ට ඔටෝක්‍රසියේ "පුද්ගලික බලය " අභිබවා යාමටත් තමන්ගේ නියෝජිතයන් ඒ ඒ තැන් වලට පත් කිරීමටත් ආර්ථික බලය අල්ලා ගැනීමටත් හැකි යැයි  සිතූහ. එයින් සමාජ විප්ලවය සඳහා අවශ්‍ය මුල්‍ය බලය ලැබෙනු ඇති සිතුහ. ප්ලෙඛානොව් ඇතුළු රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් මෙම විප්ලවවාදී තියරියට විරුද්ධ වුහ.

ඔටෝක්‍රසි යනු කුමක්ද? ඔටෝක්‍රසි  හෙවත් නිරපේක්ෂ බලය, අසීමාන්තික (බලැති) රාජාණ්ඩුව යනු සම්පුර්ණ සුපිරි බලයම එක රජෙක් සාර්  කෙනෙක් අතර රඳවා  ගත් පාලන ක්‍රමයකි. ඔහු නීති නියම කරයි, නිලධාරීන් පත් කරයි, රටේ ලැබෙන අදායම  පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් හෝ පාලන තන්ත්‍රයකින් තොරව තම හිතු මතයේ වියදම් කරයි. මේ නිසා ඔටෝක්‍රසි යනු රාජ්‍ය නිලධාරීන්ගේ නිරපේක්ෂ සුපිරි බලයක්  හා අයිතිවාසිකම් රහිත ජනතාවක්ය. මෙම අයිතිවාසිකම් නැතිවීම මගින් මුළු මහත් ජනතාවක් පීඬා  විඳින මුත්  ප්‍රාග්ධන හිමියන් (මහා ඉඩම් අයිතිකරුවන්  සහ ධනපතියන්)  රෙජීමයේ නිලධාරීන් කෙරෙහි බලවත් බලපෑමක් ඇත්තන් වෙති.
ඔටෝක්‍රසිය පරාජය කිරීම යනු කුමක්ද? එහි තේරුම සාර්  ගේ නිරපේක්ෂ බලය අත් හැරීමයි. මිනිසුන්ට තමන්ගේ නියෝජිතයින් තෝරා ගැනීමට ඇති අයිතියත් , රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියා අධීක්ෂණය කිරීමේ බලයත්, රාජ්‍ය ආදායම එකතු කිරීමේ හා  නිසි පරිදි බෙදාහැරීමේ බලයත් ලබා ගැනීමය. මෙවැනි රජයක් ව්‍යවස්ථාදායක රජයක් වේ.  මේ නිසා ඔටෝක්‍රසිය පරාජය කිරීමෙන් ඒකාධිකාරී රජයක් ව්‍යවස්ථාමය රජයක් මගින් ප්‍රතිස්ථාපනය කෙරේ.

ඔටෝක්‍රසිය පරාජය කිරීම රුසියානු වැඩ කරන පන්තියේ මුල්‍ය කාර්යභාරය විය යුත්තේ ඇයි ?
එයට හේතුව ඔටෝක්‍රසිය යටතේ වැඩ කරන පන්තියට තමන්ගේ අරගලය පුළුල් ලෙස වර්ධනය කිරීමට අවස්ථාවක් නොලැබේ . වැඩ කරන පන්තියට ආර්ථික හෝ දේශපාලන ක්ෂේත්‍රයේ ස්ථිර තත්වයක් ලබා ගැනීමට නොහැකි වේ. ශක්තිමත් ජනතා ව්‍යාපාරයක් ගොඩ නඟා සමාජ විප්ලවයේ ධජය  වැඩ කරන මිනිසුන් ඉදිරියේ දිග හැර ඔවුන්ට අරගලය කිරීමට ඉගැන්වීමට නොහැකි වේ. ධනවාදී පන්තියට එරෙහි මුළු මහත් වැඩ කරන ජනතාවගේ අරගලය කල හැකි වන්නේ දේශපාලන නිදහස තිබ්බොත් පමණි. ධනය විරහිත පන්තියේ අවසාන අරමුණ දේශපාන බලය ගැනීම හා සමාජවාදී සමාජයක් ගොඩ නැගීමයි. සංවිධානාත්මක ධනය විරහිත පන්තියේ අරගලයන්  ගැන දීර්ඝ කාලින ඉගෙනීම තුලින් දේශපාලන බලය ජය ගැනීම යනු ධනවාදී රජයක නියම "පුද්ගල බලය  පෙරලා   ආර්ථික බලය" අල්වා  ගැනීමයි. රුසියානු සමාජ-ප්‍රජාතන්ත්‍රවාදීන් මේ බලය අල්ලා  ගැනීමක් රුසියන් ශ්‍රමික පන්තියේ  ක්ෂණික කාර්යයක් හැටියට එලියට දමන්නේ නැත. රුසියානු සමාජ-ප්‍රජාතන්ත්‍රවාදීන් සැමවිටම දරන මතය වන්නේ දේශපාලන නිදහස යන කොන්දේසිය මත, පුළුල් මහජන අරගලයක් ඇති විට , රුසියන් වැඩ කරන පන්තිය සමාජවාදයේ අවසන් ජයග්‍රහණය සඳහා සංවිධානයන් වර්ධනය කරන බවයි."

මේ අවධියේ ලෙනින් සමග ට්‍රොට්ස්කි , පානි, සිරිතුංග, නාගමුව හා ශාන්ත සිටියේ නැත. 1917 පෙබරවාරි මස ධනපති දේශපාලන විප්ලවයෙන් සාර් බලයෙන් පහ කල පසු ට්‍රොට්ස්කි ලෙනින් සමග එකතු වි ඔක්තෝබර් විප්ලවයට නායකත්වය දුනි. අනිත් අයට මොනවා වුණාදැයි දන්නේ නැත.

ලෙනින්ගේ පොත් තම තමන්ගේ පොත් රාක්කවල තබාගෙන තමන් මාක්ස්ලෙනින්වාදීන්  යයි බුකියේ තර්ක කළාට කම් නැත.  ඒවා ඉඳහිට කියවීමද කල යුතුය.


--අජිත් ධර්මකීර්ති
ප.ලි.
ලෙනින් ඉගෙන ගන්න කිවූ කොටස:
 В то время, как образованное общество теряет интерес к честной, нелегальной литературе, среди рабочих растет страстное стремление к знанию и к социализму, среди рабочих выделяются настоящие герои, которые — несмотря на безобразную обстановку своей жизни, несмотря на отупляющую каторжную работу на фабрике, — находят в себе столько характера и силы воли, чтобы учиться, учиться и учиться и вырабатывать из себя сознательных социал-демократов, “рабочую интеллигенцию”. 
ඉංග්‍රීසි පරිවර්තනය 

 At a time when educated society is losing interest in honest, illegal literature, an impassioned desire for knowledge and for socialism is growing among the workers, real heroes are coming to the fore from amongst the workers, who, despite their wretched living conditions, despite the stultifying penal   servitude of factory labour, possess so much character and will-power that they study, study, study, and turn them selves into conscious Social-Democrats—“the working-class intelligentsia.” 

Notes:
Old Russian revolutionaries (of the Narodnaya Volya) strove for the seizure of power by a revolutionary party. They thought that by the seizure of power the “party would overthrow the personal power” of the autocracy, i.e., appoint its agents in place of the government officials, “seize economic power,” i.e., all the financial means of the state and carry out the social revolution. The Narodnaya Volya members (the old ones) actually did strive to “overthrow the personal power and seize the economic power” of the autocracy, to employ R. M.’s clumsy expression. The Russian Social-Democrats have decidedly set themselves against this revolutionary theory. Plekhanov subjected it to trenchant criticism in his essays, Socialism and the Political Struggle (1883) and Our Differences (1885), pointing out the task of the Russian revolutionaries—the foundation of a revolutionary working-class party whose immediate aim should be the overthrow of the autocracy. What is meant by the overthrow of the autocracy? To explain this to R. M. we must answer the question: what is the autocracy? The autocracy (absolutism, unlimited monarchy) is a form of rule under which all supreme power is wielded wholly and indivisibly by an absolute monarch, the tsar. The tsar issues laws, appoints officials, collects and disburses the national revenues without any participation by the people in legislation or in control over the administration. The autocracy, therefore, means the absolute power of government officials and the police and the absence of rights for the people. The entire people suffers from this absence of rights, but the propertied classes (especially the rich landed proprietors and capitalists) exercise a powerful   influence over the bureaucracy. The working class suffers doubly: both from the lack of rights to which the entire Russian people is subjected and from the oppression of the workers by the capitalists, who compel the government to serve their interests.

What is meant by the overthrow of the autocracy? It implies the tsar’s renunciation of absolute power; the granting to the people of the right to elect their own representatives for legislation, for supervision over the actions of the government officials, for supervision over the collection and disbursement of state revenues. This type of government in which the people participate in legislation and administration is called the constitutional form of government (constitution law on the participation of people’s representatives in legislation and the administration of the state). Thus, the overthrow of the autocracy means the replacement of the autocratic form of government by the constitutional form of government. For the overthrow of the autocracy, therefore, no “overthrow of personal power or seizure of economic power” is necessary, but it is necessary to compel the tsarist government to renounce its unlimited power and convene a Zemsky Sobor[2] of representatives of the people for the elaboration of a constitution (“to win a democratic constitution” [people’s constitution, drawn up in the interests of the people], as it is put in the draft programme of the Russian Social-Democrats published in 1885 by the Emancipation of Labour group).

Why must the overthrow of the autocracy be the first task of the Russian working class? Because under the autocracy the working class is not able to develop its struggle extensively, to gain for itself any stable positions in either the economic or political fields, to establish sound mass organisations and unfurl the banner of the social revolution before the masses of the working people and teach them to struggle for it. The decisive struggle of the entire working class against the bourgeois class is possible only under conditions of political liberty, and the final aim of that struggle is for the proletariat to win political power and organise a socialist society. The conquest of   political power by an organised proletariat that has gone through a lengthy schooling in struggle will really be “the overthrow of the personal power and the seizure of the economic power” of the bourgeois government; but the Russian Social-Democrats have never put forward this seizure of power as the immediate task of the Russian workers. Russian Social-Democrats have always maintained that only under conditions of political liberty, when there is an extensive mass struggle, can the Russian working class develop organisations for the final victory of socialism.

මුලාශ්‍ර :


18 comments:

  1. මට අදත් සමාජවාදය ගැන දැනීමක් නැත්තේ ,ඒ පිළිබද දැන ගැනීමට ආශාවක් ඇති වෙන්නේ නැත්තේත් මේ ලියවිල තියන ආරේ නිසා වෙන්න ඇති. සමාජවාදය කියුවහම ඔළුවට එන්නේ සමානාත්මතාව කියන දේ විතරයි අදටත්.අජිත් අයියා රුසියාවේ හිටපු නිසා හෝ ඔබෙගේ පරම්පරාවේ තිබූ දැණුම නිසා මේ දේවල් කියවන්න රස ඇති.ඒත් අම්මා,වානේ පන්නරය.....,ගුරු ගීතය,අපරාධය හා දඬුවම වගේ පොත් අසාවෙන් කියෙවුවට සමාජවාදී දර්ශනය පිළිබද සින්හළ පොත්නම් දැක්කහම බඩ දගලනවා.ඒ ලෙනින්ගේ වරද්දක් නම් නෙමෙයි.අපේ ආරට ඒ පොත් පරිවර්තනය නොවීම නිසා සිද්දවුන දෙයක්.පස්සේ කාලෙක කඩ්ඩින් ලියවුන පොත් ගොඩදාගන්න පුළුවන් වුනත් ,ඒකාලේ ඇතිවුන අප්පිරියාව තාම එහෙම්මම තමා.ඔය පොත් මේ සමාජයට ගැලපෙන ආකාරයට පරිවර්තනය වුනානම් මේ නාකි අන්කල්ලගේ "සමාජවාදී හැසිරීම" නිසා සමාජවාදය එපාවුන එවුන්ගේ හිත් සමාජවාදය ගැන ආසක්ත කරන්න බැරිවෙන එකක් නෑ.

    ඔටෝක්‍රසි ගැන රුසියාවේ සාර්ටත් වඩා අපිට උගන්නපු කෙනෙක් ඉන්නවනේ.ඒනිසා ලෙනින්ගේ ඉගැන්වීම් අපිට ඕන වෙන එකක් නෑ.

    ජය වේවා......

    ReplyDelete
    Replies
    1. ලංකාවේ සිංහල පොත් විතරක් නෙමෙයි සමාජවාදය ගැන කතා කරන අයත් මහා අමුතු විධිහටනේ කතා කරන්නේ. මේ ලිපිය ලිව්වේ මිට කලින් කුමාර් හා විමල් ගැන කියූ ලිපියට ආව විවේචනයක් දෙකක් නිසා. ලෙනින්ගේ ඉගැන්වීම ලිව්වෙත් ඒගොල්ලෝ මාක්ස් ලෙනින් වාදීන් නම් වැඩ කරන්න ඕනේ ටිකක් ඒ විධිහට හරි ලංකාවට ගැලපෙන විධිහට හරි. අනික මට මේ ධනවාදී එංගලන්තේ ලොකු ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න තියෙනවා. නමුත් පොතක් කියවන්න , චිත්‍රපටියක් බලන්න වෙලාවක් තියෙනවා. මේ සතුට මගේ ලංකාවේ ඉන්න සහෝදර සහෝදරියන්ට නැහැ. ඔවුන් කොයි වෙලෙත් දුව දුව වැඩ. ව්‍යාපාර ආදිය බොහොම ආතතියකින් කරන්නේ. මම සමාජවාදය ගැන කතා කරන්න ගත්තේ එකයි.

      Delete
  2. Ajith Aiya, my email is iamdasaya at gmail.com. Sorry for posting this as a comment. I couldn't find your email to contact you.

    ReplyDelete
    Replies
    1. මම ඊමේල් එකක් එව්වා. සම්මාන මුදල්ද පොත් වවුචර් ද ඕනේ කියල දැන ගන්න. චන්දෙන් පසේ තමා කරන්න වෙන්නේ. බිසී.

      Delete
  3. ඔය ඔටොක්‍රසියම තමා ටීචර් ලී***** ටත් තිබිලා තියෙන්නෙ. තමන්ට අසාධාරණයන් කළ අයගෙන් පළිගැනීමේ හොඳම ක්‍රමය තමා ඔවුන් අමාරුවේ වැටුනාම උපකාර කිරීම. ඒ පහර මොලේටයි හදවතටයි එක පාර වදින්නෙ.
    සමාජවාදය ගැනනම් දන්නෙම නැති තරම්. ඒ විෂයය කරුණු කොහොමත් ඇලජික්. අපි ඇවිල්ලා සියලු සයන්ස්කාරයන්ට නෙ අයිති.
    එහෙනම් අජිත් සීයෙ, නව හිරු උදාවකදී හමුවෙමු. මෙත් මල් පිබිදේවා...!

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත. සමාජවාදය කියල මම කියන්නේ හැමෝටම තමන් කැමති හොඳ දේවල් ලැබීම සහ නිදහසේ රැකියාවක් කිරීමට ඇති හැකියාව, ඉන් පසු පොතක් පතක් කියවන්න, ලියන්න, නාට්‍යයක් බලන්න මිනිසෙක් වශයෙන් ජිවත් වීමට ඇති හැකියාව., නිතිය හා සාධාරණත්වය වගේ දේ. ඒවා මේ තියන ධනවාදී ක්‍රමයෙන් ලැබේනම් ඒත් කම් නැහැ. මාක්ස් කිව්වෙත් ධනවාදි දියුණුවෙන් පසු කොමියුනිස්ට්වාදී සමාජයක් එනවා කියල. මම මාක්ස්වාදය කලක් අත හැරලා නැවත ගියේ සියලු සයන්ස්කාරයන්ට අනුව ඒක වඩා නිවැරදි යයි පෙනුන නිසා . යුරෝපයේ නැවතත් සමාජවාදය ගැන කතා කරනවා. හැබැයි මේ හැම එකක්ම ලංකාවේ වමේ පක්ෂ කතාකරන පරණ සමාජවාදයට වඩා වෙනස්. හමුවෙමු හමුවෙමු ආච්චියේ.

      Delete
  4. අර ගුරුතුමියට තියෙන්නෙ ආකල්ප වල වැරැද්දක්...
    සමහර විට ඒ ගොල්ලන්ට උගන්නල තිබ්බ විදිට පක්ෂය විස්වාස කරන්න උගන්නපු හන්දද දන්නෙ නෑ... නැත්තං තමන් හිතන දෙයින් පරිබාහිරය අලුත් දෙයක් හිතන්න කැමති නැති හන්දද දන්නෙ නෑ...
    ඒ වගේ අය අපේ රටේ අධ්‍යාපන බලධාරින් අතරත් ඉන්නව....
    යට කියල තියෙන දේශපාලනමය කරුණු ගැන කියන්නදෙයක් නං මං දන්නෙ නැ...
    ඔයසම්බන්ධව ඉගන ගන්න කැමති වුණත් අර තියෙන සමහර දිවඋළුක්කු වෙන වචන වලට මගෙ කැමැත්තක් නෑ අනික ඒව ලේසියකට මතක හිටින්නෙත් නැ

    ReplyDelete
    Replies
    1. අවන්හල කියන්නේ ඔබේ බ්ලොග් එකද?

      Delete
  5. ස්තුතියි මහේෂ්. //සමහර විට ඒ ගොල්ලන්ට උගන්නල තිබ්බ විදිට පක්ෂය විස්වාස කරන්න උගන්නපු හන්දද දන්නෙ නෑ... නැත්තං තමන් හිතන දෙයින් පරිබාහිරය අලුත් දෙයක් හිතන්න කැමති නැති හන්දද දන්නෙ නෑ...// ඔය දෙකම. නිලධාරිවාදයේ ප්‍රතිඵලය තමා.
    මම උත්සාහ කලා හැකිතරම් සරලව ලියන්නේ. මේක ටාගට් කලේ මේවා කියවයි කියල හිතන කට්ටියකට. භාවිතාව ටොන් ගානක් වටිනවා න්‍යාය වැඩිය ඕනේ නෑ කියන කට්ටියට.

    ReplyDelete
  6. කොලෝනියල් කාලේ ඉඩම් වගේ තමයි දැන් දැනුම
    දැනුමෙන් වැඩ දෙකක් කරන්න පුළුවන්
    එකක් තමන්ව එන්ටර්ටෙන් කරගන්න පුළුවන්
    අනික අනිත් එවුන්ව එන්ටටෙන් කරන්න පුළුවන්

    හැබැයි ලෝකය වෙනස් කරන්නනම්
    දැනුම යොදාගෙන well set process කඩන්න/ හොලවන්න ඕනි

    අලුත් දැනුම උපදින්නේත් එහෙම නේද

    well set process කඩන / හොලවන එවුන් දිගුකල් දිලේවා !

    ( කාටහරි කැමතිනම් මේක දැනුමට කෝචෝක් දානවා කියල කියන්න පුළුවන්)

    ReplyDelete
    Replies
    1. සරද මහතා බොහොම ස්තුතියි කොමෙන්ටුවට. දැනුම උපයෝගී කර ගන්නත් පුළුවන් නේද. ඔබ කියන දෙකට අමතරව. උදාහරණයක් වශයෙන් ඉන්ජිනේරුවකට පාලමක් හදන්න හරි විදුලි රහණ අදින්න හරි සමීකරණ හා ගණිත දැනුමක් අවශ්‍ය වෙනව. ඒවා උපයෝගී කර ගන්නම වෙනවා. //හැබැයි ලෝකය වෙනස් කරන්නනම්
      දැනුම යොදාගෙන well set process කඩන්න/ හොලවන්න ඕනි// එකඟයි. මෙතන ලෙනින්ගේ චේදයන් උපුටා දක්වා තිබෙන්නේ එම දැනුම උපයෝගී කර ගත යුතුය කියන හේතුවෙන්. දැනුම් පොත්වල තිබ්බයි කියල වැඩක් නැහැ අපි එවෙ use කරන්නේ නැත්නම්. මේක දැනුමට කෝචෝක් දානවා කියල මම නම් හිතන්නේ නැහැ. දයලෙක්තිකය කියන්නෙම ප්‍රතිවිරෝධී ගැටුමකින් නව දෙයක් ඉපදීම. අපේ මත ගැටෙන කොට අපට අලුත් දැනුමක් නිර්මාණය කරගන්න පුලුවන්. මම රුසියාවේ ඉන්න කලේ සැහෙන්න වාද අකලා දේශපාලන ආර්ථික විද්‍යාව ගැන. ධනවාදය අලුත් දැනුම සොයා යනවනම් ඇයි උඹලට බැරි කියල. ඔවුන් කලේ ලෙනින්ව මර්ක්ස්ව තියාගෙන වැඳපු මිසක් දැනුම උපයෝගී කර ගැනීම නොවේ. හුඟක් මාක්ස්වාදී පක්ෂ ලංකාවේ කරන්නෙත් එඒක නෙමෙයිද?

      Delete
  7. මට නම් අජිත් අයියගේ මේ ලිපි ගැන අදහස් පළ කරන්න දැනුම මදි. මම හැම වෙලේම මේ ලිපි නිසා අළුතින් දෙයක් කියවල ඉගෙන ගන්න උත්සහ කරනව. අර උඩින් කටුස්ස කියල තිබ්බ කතාවත් ඇත්ත. මේ සම්බන්ධ දේවල් සිංහලට පරිවර්තනය කරල තියෙන විදිහට කියවන්න හිතෙන්නෙ නැහැ තමා. ඉතින් අජිත් අයිය මේ කරන්නෙ ඒ වගේ එපා වෙලා තියෙන අයට හොඳ උපකාරයක් කියල කීවොත් මම හරි. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි. මට කාවවත් සමාජවාදී කරන්න , ඒ පැත්තට පෙරලන්න අවශ්‍යතාවයක් නැහැ. මේක ලිව්වේ ඔය බ්ලොග් ලෝකයේ හෙම අනුන්හට අපහස කරමින් තමන්ගේ මතවාදයම උස්සන අනිත් අයට පිළිතුරක් ලෙස. මක්ස්ලෙනින්වාදීන් කියල කියනවනම් අඩුමගානේ ලෙනින් ලිව්වා දෙයක් කියවල ඒ වගේ ක්රන්නේනත්නම් ඇයි ඒ කියලවත් පැහැදිලි කරන්න එපයි. ඒක නෙමේ අපේ සම්මාන උලෙලෙලට සින්දුවක් දෙකක් කියන්න බැරිද?

      Delete
    2. මොකද බැරි :D. මම මේල් එකක් එව්වා.

      Delete
  8. /* ක්‍රෙම්ලිනයට හැතැප්ම භාගයක් පමණ එහා අර්භාත්සකයා නමැති පෙදෙසේ හෙයිනි. */

    මා අර්බත් දරුවෝ (ඩීබී කුරුප්පු පරිවර්තනය) හි කියවා ඇති පරිදි මේ හරියේ නිවාසවල පදිංචිය ලැබෙන්නේ රජයේ ඉහල තනතුරු දැරූ අයටයි, එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත. මම යහළු වෙලා හිටි ගෑල්ළමයාගේ සීයා වස්පෝර්ට්ස් විශ්ව විද්‍යාලේ හිටපු කුලපති කෙනෙක්. ලොකු කාමර තුනක විශාල ගෙයක් ඒක. chandeliers එල්ලපු.

      Delete
    2. මම හිතන්නේ ඒ ගෑනු ළමයාගේ කතාව ලියන්න දැන් හොඳම කාලේ නේද .. හෙහ් හෙහ්

      Delete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.