Wednesday 13 April 2022

අරගලයේ කතා



මේ පහල තියෙන අරගල කතා ලිව්වේ කවුද කියන්න දන්නේ නැහැ. මම මේ කතා ටික උපුටා ගත්තේ solidarity කියන වට්ස්ඇප් කණ්ඩායමෙන්. දන්න කෙනෙක් ඉන්නවා ලියමනේ හිමිකරුගේ නම එවන්න. වැස්සේ ගෝල්ෆේස් තණ  බිමේ අරගලයට එකතු වුනු  ආදරණිය ජනතාව ගැන හා ඔවුන්ට උදව් කරන ජනතාව ගැන. මේක මධ්‍යම  පන්තික අරගලයක් වෙන්න පුළුවන්. අන්තරේ අරගලයක් වෙන්නත්  පුළුවන්. දෙගොල්ලම මධ්‍යම පන්තියේ.නමුත් එතන නිර්ධන  පන්තියත් හිටිය. වෙනත් තැන් වල ගාමන්ට් වල වැඩ කරන සොයුරියන් වගේම වතුකරයේ ජනතාවත් අරගලයේ සිටිනවා මම දැක්ක. එනිසා මේකට ලේබල් ගහන්න බැහැ.

ඉහත  වීඩියෝ එකේ ඉන්නේ අපි අතරේ ඉතා සිඝ්‍රයෙන් ජනප්‍රිය වුනු, මිහිරි ලෙස  අරගල ගීත ගයන ගීත කෝකිලාවියක් . නම  අන්ජලි බණ්ඩාර, අහල බලන්න.




******************************************************************
(උපුටා ගැනීමකි) 
මේ අරගලයේ ඉන්න අපේ රටේ ආදරණීය මිනිස්සු ගැන ❤🌹 🇱🇰 

එළිවෙනකල් වැහි 3 , 4 කින් හෙම්බත් වෙලා හිටිය අපි උදේ 6 ට අඩු වෙච්ච වැස්සත් එක්ක අලුත් දවසක් ගැන බලාපොරොත්තු තියන් ඉද්දි ආයෙත් නොනවතින අරගලයට නොනවතින වැස්සක්ම තිළිණ කරන්න ගත්තා.....

වැස්ස මාරම ආශිර්වාදයක් වුනා අරගලයට ඒ මොකද කියනව නම් , 

* මුලින්ම වාහන වල යන මිනිස්සු අරගලේ දැක්කම ඒ මූණු වල තිව්නෙ දෙයියනේ මුං තවම මේ වැස්සෙත් මෙතන වගේ මූඩ් එකක් ඒ මිනිස්සු අත උස්සල කෑ ගහගෙන යනව ඒක්කො වාහනේ නලාව අඬවගෙන යනවා...

* ටික වෙලාවක්‍ යද්දි වාහන එක දෙක නවත්තන්න ගත්තා ඒ හැමෝම කෑම , වතුර අරන් උදෙන්ම ඇවිල්ලා අපිව බලන්න 🥺 මේක උඹලට කියවද්දි ඒක දැනෙනවද කියන්න මං දන්නෙ නෑ ඒත් ඒක මාරයි  ❤

* විස්වාස කරන්න කොච්චර කෑම ලැබුනද කියනව නම් අපි පාරෙ යන බස් නවත්තල ඒවගෙ වැඩට යන මිනිස්සුන්ටත් කන්න දුන්න ඒ කෑම ...

* අපි ඉන්න තැනට  කෙල්ලෙක් ආවා ටික වෙලාවක් නිසොල්මනේ ඉදපු එයා ටික ටික කෑ ගහන්න, අරගලේ එක්ක සෙට් වුනා අපි කතා කරල අහල බැලුව විස්තර එතකොට කියුවෙ මං මේ එහා පැත්තෙ ගෙදර ගාව ඉද්දි පාරෙ ගිය බස් එකෙන් කිව්වා " අද නම් වැස්ස නිසා සෙනඟ මදි වගේ " කියලා.... එහෙම දෙයක් අහපු නිසා එහෙම්ම පයින්ම ඇවිල්ල තනියම... දන්නවද හොදම දේ එයා ටැමිල් ❤  ඉස්සර අපි බෙදුව උන්ට හෙන ගහන්න ඕන...

* උදේ 6.30  උනෙත් නෑ පුංචි මුස්ලිම් පැංචියො ටිකක් එක්ක ඒ බබාලගෙ අම්මල තාත්තල සීයලා ආව වැස්සත් අරන්ම , මං මෙහෙම දේවල්  ඇස් දෙකෙන් දැකල තිව්නෙ නෑ.... ඒ ළමයින්ගෙ අතට ජාතික කොඩිය දීලා ඒ අම්මා තාත්තා කිව්වෙ  ඉස්සරහට යන්න මේ අය රටට ආදරේට මේ ඉන්නෙ ඔයාලත් මේ වගේ වෙන්න කියලා... ඇස් දෙකට ආව කදුලු වැස්සටම හේදිලා ගියා... හිතන්න සෑහෙන්න දේවල් ඉතුරු වුනා... ඇයි අපි මේ බෙදිලා හිටියෙ මොනව බෙදාගන්න බැරුවද ? අපි බෙදුනෙ නෑ අපිව බෙදුවෙ මේ දේශපාලන හැතිකරේ....
මේ වගේ දරුවො ඉන්න අනාගත  ශ්‍රී ලංකාව කොච්චර ලස්සන වෙයිද ❤

* ඊ ළගට ඇවිල්ල නැවතුන වාහනෙන් ගෙනල්ලා තිව්නෙ වැහි කබා ( rain coat ) ඇස් අදහ ගන්න බැරි වුනා 😢  ඒ මිනිස්සුන්ටත් මේ කාලෙ අමාරු ඇති ඒත් වැස්සෙ තෙමෙන කෙල්ලො කොල්ලො වෙනුවෙන් රේන් කෝට් මහ ගොඩක් ගෙනාව ඒ මිනිස්සු.... ඇත්තටම ඒ කරපු දේ පින නම් ඇති සංසාරෙම හිසට සෙවනක් ලැබෙන්න ඒ මිනිස්සුන්ට  ❤🙏

* ඩොක්ටර් පාස් එකක් ගහපු කාර් එකක් ආවා මං හිතන්නෙ ඩියුටි ඕෆ් වෙලා යන පිරිමි ඩොක්ටර් කෙනෙක් එයා ළඟ ඒ වෙලේ දෙන්න දෙයක් තිව්නෙ නෑ එයා කරේ  කාර් එකේ වීදුරුව පහත් කරල එයාගෙ කුඩේ අපිට දීලා යන්න ගියා... මේව පොඩි දේවල්ද නෑ මේව මහ ලොකු දේවල්... පන්ති වලට බෙදල තිව්න ලංකාව එක පන්තියක් වෙනව ටිකෙන් ටික මේවා මාරයි ❤

* උදේ වැඩට යන තාත්තා කෙනෙක් අනේ ඒ මනුස්සයත් ඉටිකොලයක් ඇගට දාගෙන හිටියෙ වැස්සෙන් බේරෙන්න... ඒ තාත්තා ඉදන් කිව්වෙ "අනේ පුතේ මං එහෙම මොනවත් ගෙනාවෙ නෑ මං ගාව වැඩිපුර රුපියල් සීයක් තියෙනව මේක ගන්න " කිව්වා.... පපුව පිච්චිලා ගියා මේ රටේ මිනිස්සු කොච්චර ලස්සනද 😢🥺
වැඩියෙන් තියෙන රුපියල් සීය අපිට දෙන්න හදනව වැස්සෙන් බේරෙන්න මොකක් හරි ගන්න කියලා... 
මෙහෙම සිතුවිලිම මිනිස්සුන්ට එනව කියන්නෙ අරගලේ ජය මාවතට ඇවිල්ලා....

* කෑම බීම මදි නොකියන්න එද්දි ඉටිකොල , ඉටි රෙදි රෝල් ගනන් මිනිස්සු අරන් ආවා... ඒ මිනිස්සුන්ට පුළුවන්කම තිව්නෙ ගාර්බේජ් බෑග් ටිකක් ගෙනල්ල දෙන්නද ඒක ගෙනල්ල දුන්න ඔලුවට දාගන්න කියලා....

* මං මගේ ජීවිතේට හිතුවෙ නෑ ටැමිල් පවුලකින් මට උදේ තේ බොන්න ලැබෙයි කියලා...ටැමිල් අම්මෙකුයි තාත්තෙකුයි ආවා එක කුඩයක් යටින් ලොකු ප්ලාස්ක් එකක් පිරෙන්න තේ හදාගෙන....
ඒ  තේ එක හරි රහයි ජාති වාදෙ නෙවෙයි ආදරෙන් මත් වෙලා තිව්නා ❤

* මහ වැස්සෙ අයියා කෙනෙක් ඇවිල්ල කියනව මල්ලි මං ගානෙ උදේට කෑම සීයක් ගෙනාව බාරගන්න එන්න කියලා..ඒ වෙද්ශි ශෝටීස් කාලා තේ බීලා ඉදපු අපිට බඩගින්නක් තිව්නෙම නෑ.. අනික ඒ වෙලාවෙ ඒ වැස්සත් එක්ක බත් කන්න තැනකුත් නෑ.... 7 අපි ඒ කෑම ටික ළමා නිවාසෙකට යවන්න විදියක් හදලා දුන්නා... ඒ අයියා කිව්වෙ  "මල්ලි අපි ඊයෙ කල්පනා කරා මිනිස්සු වෙනුවෙන් කරන්න දෙයක් එහෙම හිතලා කෑම පැකට් 100 හැදුවෙ "  හිතන්න මේ වගේ අමාරු කාලෙක තනි මනුස්සයෙක් 100 කන්න දෙන්න එනවා .. එයාට වාසියකටද නෑ....

*තව තාත්තා කෙනෙක් ආව බෑග් එකක් උස්සන්.. දන්නවද ඒකෙ තිව්නෙ සී විටමින් පෙති 🥺 එයා කියනව ඔයාල වැස්සෙ තෙමුනනෙ කෝකටත් හොදයි මේක ගන්න කියලා.. අපේ අම්මට තාත්තටවත් එහෙම දේවල් මතක් වෙයිද  ?

* තව කෙනෙක් ඇවිල්ලා කිව්වා tv එකෙන් දැක්කා ඔයාල තෙමෙනව ඒ නිසා මං සමහන් හදන් ආවලු 🥺❤

* තව අම්මා කෙනෙක් වාහනේ නවත්තලා දරුවො දෙන්න එක්ක එනව ලොකු මලු උස්සගෙන විස්වාස කරන්න ඒ මලු වල තිව්නෙ බැන්ඩඩ් ටවල්... ඒ මිනිස්සු තුවා අරන් ඇවිල්ලා මේ තෙමුන මිනිස්සුන්ට පිහදාගන්න... මේක ආදරයද මොකක්ද අපි දෙන්න ඕන වචනෙ  🥺❤

*  ඔයාලා ජීවිතේට දැකල තිව්නද මහ පාරෙ නෙස්කැෆේ හදල දෙනව... ඒ මිනිස්සු අරගලේට නෙස්කැෆේ දෙන්න ජෙනරේටරයකුත් අරන් ඇවිල්ලා... මේව විස්වාස කරන්නත් අමාරු දේවල් 🥺❤

* ඒ ඔක්කොම අස්සෙ ඉන්දියාවෙ abp  මීඩියා එකෙන් ඇවිල්ලා හිටියා.. ඉන්දියාවෙ ඉදල ලංකාවට වැඩම කරපු හාමුදුරුවන් වහන්සේ කෙනෙක් හින්දියෙන් වොයිස් කට් දෙනව... ඊට පස්සෙ මිනිස්සු අස්සෙ ඉදපු ලංකාව් එකෙක් හින්දියෙන් වොයිස් කට් දෙනවා.... උන්ටත් හිතාගන්න බෑ මොකක්ද වුනේ කියලා....

*  විශේෂයෙන්ම කියන්න ඕන Ratta  ගැන.. උඹ ඇත්තටම පොරක් මං ඇස් දෙකන් දැක්කා උඹ විදින දුක , කන කට්ට මේ වැඩේ ගොඩ දාගන්න තියෙන උනන්දුව  ❤ උඹල වගේ උන් තමයි  මේ වැඩ වලට ඉස්සරහට එන්න ඕන... අනිත් පොරවල් කියාගන්න ගෑනු හැංගෙද්දි හැමෝම වෙනුවෙන් මේ කට්ට කන එක ගැන මාර ගෞරවයක් තියෙනවා මචං ❤🙏

මේ මං ඇස් දෙකට දැකපු ටික විතරයි  අද හවස් වරුවෙ බෙහෙත් ද්‍රව්‍ය එක් රැස් කරගෙන......
කොස් එහෙමත් උයාගෙන ,ජංගම වැසිකිළි පහසුකම් දීලා , කෑම්පින් ටෙන්ට් ගහගත්‍ත මිනිස්සු තවම ඉන්නවා.....

අපේ රටේ මිනිස්සු කොයි තරම් පරිත්‍යාගශීලි ද ? 
එකතු වෙද්දි හමෝම එකා වගේ ඉන්න ආසද ?
නැති ප්‍රශ්න ඔලුවට දාල අපිව බෙදල වෙන් කරේ?

නිසැකවම දේශපාලන උප්පරවැට්ටි නිසා මිනිස්සු බෙඳල වෙන් කරළ තිව්නට මින් පස්සෙ ඒවා සුම්මා  අපි ඔක්කොම එක පව්ලක්....
මේ එකමුතුව ආදරේ කවදාවත්  දශමෙකින් වත් අඩු වෙන්න නොදී  ඉමු....

නොනිදන නොනවතින අරගලයට ජයවේවා  🇱🇰 

අරගල කියන්නෙ මොනවද , අරගල දිනන්නෙ කොහොමද ?  හැම වෙපන් එකකටම වඩා ආදරේ බලවත් බව අපි ලෝකෙටම කියල දෙමු ❤ 

මේ රට අපේ..අපි කොහොම හරි මේ රට ජරා දේශපාලුවොන්ගන් බේරගමු !

ආදරේ අරගෙන ඔයත් එන්න ගෝල්ෆේස් එකට ❤

ඔව් අපි මේක දිනනවා !

අරගලයට ජය 🇱🇰❤

(උපුටා ගැනීම අවසන්)


ඔබ සැමට අරගල සතුටුදායක ලෙස අවසන් වන සුබ නව  වසරක් වේවා. !

30 comments:

  1. හිත නිවෙන සටහනක්.

    මේ සමගිය මේ විදියටම මම අත්දැක්කා සුනාමි ආපු වෙලාවේ. මිනිස්සු පුදුම විදියට එකමුතු උනා. වැලිගම අදටත් ජාතිවාදී රණ්ඩු නම් නැහැ, හැබැයි සමහර විට රටේ තැනින් තැන ඇති වූ ජාතිවාදී ගැටළු කාගෙහරි ගේම් එකක් වෙන්නත් පුළුවන්.

    ගොඩක් කල් මිනිස්සුන්ව රවට්ටපු අයගේ සැබෑ රූපයත් එළියට එනවා දකින්න ලැබෙනවා. ඉරාජ් ගේ යූ ටියුබ් එක හැමෝම ගිහින් unsubscribe කරනවලු. මේ වගේ දේවල් නම් බැහැර කරන්න තිබුණේ මීට කලින් හැබැයි. කමක් නෑ better late than never. ජීවිතේට සිදු වේ යයි බලාපොරොත්තුවක් නැතිව අත්හැරලා දාලා තිබුණු සමහර progressive දේවල් සිදු වෙමින් පවතිනවා, පොඩි දේවල් හරි, කමක් නෑ.

    මගේ යාලුවෙක් ඉන්නවා මාලඹේ. එයාලගේ ගෙවල් වලට දිගටම විදුලි සැපයුම තිබුණා. හොයලා බලනකොට කාගේදෝ ආච්චි කෙනෙක් ඉන්නවලු ඒ කිට්ටුව. එදා මිරිහානේ කලබලය වුන දාට පහුවදා ඉඳන් දැන් ඒ පැත්තට විදුලිය කපනවා සාමාන්‍ය විදියට. පොඩි පොඩි දේවල් උනත්, ඒවත් ජයග්‍රහණ තමයි.

    ඔබට හෙටින් උදා වන අලුත් අවුරුද්ද සාමය පිරි සතුටුදායක අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. ඒක හරි. අද "පවුල" කිරි උතුරුවනවා නැහැලු ටීවී වල. ඇම්බියුලන්ස් විතරයි ලු පිඹගෙන යන්නේ. මැති ඇමැත්තෝ හොරෙන් යනවලු. වෙන්ඩ ඕනේ දේවල් .

      Delete
  2. ඇත්තටම ඇස්දෙක තෙත් වෙන හදවත උණුසුම් වෙන සටහනක්!

    ReplyDelete
    Replies
    1. ලියපු කෙනා කවුද දන්නේ නැහැ. මටත් එහෙම හිතුන නිසා දැම්මේ

      Delete
  3. සිංහල බෞද්ධ ජනාධිපතිතුමාට, අගමැතිතුමාට එරෙහිව අන්‍යාගමිකයන් ගෙන යන ඊනියා අරගලය පරදවමු.

    අප සියලු දෙනාගේ සහය ආණ්ඩුවටයි.

    ReplyDelete
    Replies
    1. අපි කියන්නෙ කීදෙනාද? ගාන කියන්න

      Delete
    2. 69 ලක්ෂයක්

      Delete
    3. කොහේ ඉන්න ඇට නමයක්ද සංගීතා වීරරත්න, ජැක්සන් ඇන්තනිගේ පුතා, සංජිවනි විරසිංග හෙමත් "හැරිච්ච" කොට

      Delete
  4. Replies
    1. මෙහෙම යනකොට ඕකත් වෙයි

      Delete
  5. හොට බිම ඇනීමට පෙර, 2018දී ලියවුනු පෝස්ට් එකක්:
    https://chandimagomes.blogspot.com/2018/03/tragedy-of-sri-lankan-lower-middle-class.html

    ReplyDelete
    Replies
    1. http://3mana.com/%e0%b6%86%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%b8%e0%b7%90%e0%b6%af-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a/

      Delete
  6. මේ අරගලය දේශපාලනිකයි... පාගමනකින් කොළඹට ඇවිත් අපි මේ අරගලයේ දේශපාලන නායකත්වය ගන්නවා - ටිංටිං සිල්වා

    හුටා!!

    https://www.lankahotnews.net/2022/04/tilvin-silva-contact-number.html

    ReplyDelete
    Replies
    1. අරගලය ඒ ගොල්ලන්ගේ නොවේ කියල තමා මුලින් කිව්වේ

      Delete
  7. Jagath Pathirana14 April 2022 at 06:48

    මේ අරගලය අස්සට රිංගලා මුස්ලිම් අය උන්ගේ මුස්ලිම් ව්‍යාප්තවාදයට එරෙහි සිංහල ජන මතය වෙනස් කරන්න හදනබව පේනවා.
    ඒකට කලහැකි හොඳම දේ සිංහල ජාතික වාදයොත් අරගල බිමට ගිහින්.
    “ඝෝටෝ
    එක රටක් එක නීතියක් දිපිය“ කියලා සටන්පාඨ කීමයි.

    ReplyDelete
    Replies
    1. අන්න ගිහින් කොරන්න

      Delete
  8. අන්තරේ, රතු අලි පැටව් පිටු දකීවා... අරගලයට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. අන්තරේ ඉන්නේ පෙරටිගාමී සමාජවාදී එක්කනේ , රතු අලි පැටව කියල ජාතියක් නැහැ. අවශ්‍ය වෙලාවට දක්ෂිනාන්ශය වාමාංශික වෙන්නත් පුළුවන්. කොටින්ම රාජපක්ෂලා කියන්නේ ලංකාවේ දක්ෂිනාන්ශය

      Delete
  9. මේවා හරි රොමැන්ටික්, හැබය් රටේ නිතිය සාමය නැති උනොත් සල්ලි නැති උනාට අන්තය්. 71/88/89 මතකය් නේ? නන්දා අක්කා ගේ සිංදු එහෙම

    ReplyDelete
    Replies
    1. නීතිය , සාමය කියලා එකක් රටේ තියෙනවද?

      Delete
  10. Jagath Pathirana14 April 2022 at 09:29

    තොපි දැනගනියව්!
    තවටිකක් කල් ගියාම
    හම්බයෝ, මරක්කලයෝ, බෝරා කාරයෝ ජන අරගලය හයිජැක් කරනවා.
    උන් කියයි අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ.
    අපේ පොදු හතුරා මහින්ද
    “එක රටක් එක නීතියක්“ කතාව තේරුමක් නෑ. ඒක අපිව භේද කරන්න මහින්ද ගෙනාපු උගුලක්.
    අපි ඉස්සර වගේ සාමෙන් ඉම්මු කියලා.

    උන් උද්ඝෝෂන අතරෙදි උඹලගේ කෙල්ලන්වත් අරන් රූම යයි. පස්සේ උන්ව කසාද බැඳගෙන උන්ගේ ආගමටත් හරවා ගනියි.
    නෝම්බි අතහරින දවසේ ගෝල්ෆේස් එකේ හරක් මරයි.
    එදාට නොපිට වෙන්නේ ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියව නියව ඉන්න.

    ReplyDelete
    Replies
    1. "එදාට නොපිට වෙන්නේ ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියව නියව ඉන්න". ඔව් ඒක ඇත්ත. දැන් ඉන්නෙ සින්හලබෞද්ධ ආණ්ඩුවක් ඇවිල්ලා ඇතිකරපු සෞභාග්‍යයේ 'පීනමුකෝ කළුගඟේ.. කිරි බැබලෙන හඳපානේ' කියාගෙනනෙ. එහෙම නැත්නම් ගෑස් පෙට්‍රල් පෝලිම්වල 'එන්න විලේ බැස මා හා.. දෙන්න ඔබේ අත මාලා කියාගෙනනෙ'.

      Delete
    2. පිළිතුර ලෝටස් ගෙන් ලැබී ඇති නිසා මට ලියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ

      Delete
    3. Jagath Pathirana15 April 2022 at 08:13

      එව්යේ ඉන්නේ පිරිමිනේ බං. නැතිනම් බැඳපු ගෑණු.

      Delete
    4. ඒකට ඉතින් ලංකාවේ දැරිවියන්ට කියන්න ඕනේ මුස්ලිම් ආගමට බැඳෙන්නේ නැතිව ආදරය කරන තරුණයාව බුද්ධාගමට හරවා ගන්න කියල. ආදරයට බාධා කොහේදෝ නැත්තේ

      Delete
  11. http://rasikalogy.blogspot.com/2022/04/once-in-lifetime-opportunity-to-change.html?showComment=1649949588998#c1356952312001958104

    ReplyDelete
    Replies
    1. රසිකලොජි දැන් මි තුමා හැටියටද එන්නේ

      Delete
    2. ඕන් ගිහින් කොමෙන්ට් එකක් කොටල ආව

      Delete
  12. වසර 74 කට පස්සේ සමස්ත ශ්‍රී ලාංකිකයින් තමන් වෙනුවෙන් අවදි වෙලා...
    ඒක පක්ෂ දේශපාලනයට, ආත්මාර්තයට, අවස්තවාදීත්වයට සහ අන්තවාදයට වඩා බලවත් බව වැටහුණු දාට, රටට ජය නියතයි.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .