Saturday 16 April 2022

දයාබර විපුලියේ



ලන්ඩන් වල ඉඳන් මගේ 
බ්ලොගේ කියවන 
විටෙක රණ්ඩු වෙන 
විටෙක හිනැහෙන 

කඩයක් ඇරගෙන 
පැය ගණන් වාද කරන 
ඒත් පස්සේ කෝල් කරලා 
තරහද බං කියල අහන 

සරසවියේ කොළඹ, උගත්
"සිංහල" උගන්නපු ගුරුතුමී  
විටෙක බොරු සැර පෙන්නන 
දයාබර විපුලි 
 
ඔයා   ගියා කියල 
තවම හිතා ගන්න බැහැ බන් 
ඔයාගේ කෙල්ලයි කොල්ලයි හිනා වෙලා හිටියට 
දුෂාන්ත හිනා වුනාට 
උන් ඇතුලෙන් පිච්චෙනවා කියල 
මම දන්නවා 
ඉනෙස් නුයි කෙල්ලෝ දෙන්නත් 
කඳුළු පොරෝගෙන 

ඇයි බන් පොඩි දෙන්න හය-හත  කාලේ 
ටයික්වෝන්ඩෝ කරන්න ගෙනත් 
එදා ඉඳන් අද  වෙනකල් 
උන් දෙන්නගේ ලන්ඩන් නැන්ද උනේ උඹනේ 

ඕනෑ පාටියක මැද ඉඳන් හිනැහෙන 
වටේ අය මැදට අරන් නටන නටවන 
ඇවිදින්න ගමන් යන්න දුවගෙන එන 
ජිවිතේ ප්‍රශ්න මැද විඳපු හිනැහුණු 

ජිවිතේ තව ගොඩක් දුර 
දුෂා එක්ක යන්න හිටිය 
"කෙල්ල කොහොමහරි යුනි ගියා අජිත් 
සෙතා තමා ඉතින් කොහොමහරි 
මට  යවා ගන්න ඕනේ කියල" 
අන්තිමටම මට කියපු 

විපුලි උඹ ගියා කියල 
තවමත් හිතා ගන්න බැහැ 
යන තැනක උඹ හිනාවෙලා ඉඳී කියල 
අපි දන්නවා 
පෙරේදා හිනා වෙලා 
මේ හදිසියේ 
අද අපිව  දාලා ගියාට 
පැතූ  නිවනක් නුඹට ලැබේවි 

සුභ ගමන් විපුලියේ!
සුභ ගමන් නංගියේ !
සුභම සුභ ගමන් විපුලියේ!


**********************************
විපුලි මිනිත්තු 3.55 සිට:




18 comments:

  1. නොදත් කෙනෙකු වුව
    නික්මිල ගියහම
    දැනෙයි සාංකාවක්
    දැනගත්තම
    එය තව තීව්ර
    වෙනවා මේ ලෙස
    පෙළ ගස්සවලා
    කවි කර ලිව්වම!

    ReplyDelete
    Replies
    1. හිතේ අමාරුවට මේක ලීවේ මචං , රෑ නින්ද ගියෙත් නැහැ අපි දෙන්නටම. , ළඟම මිතුරියක්

      Delete
  2. දැන් රුසියාවේ තත්වේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. https://pbs.twimg.com/media/FQlGSlqXMAgTD7Y?format=jpg&name=medium

      Delete
    2. ඉදිරියේදී තව ලිපියල් ලියන්න බලා පොරොත්තු වෙනව

      Delete
    3. විකල්ප ප්‍රවෘත්ති -https://www.youtube.com/watch?v=7LrT7OrLufA&t=2s

      Delete
    4. https://www.youtube.com/watch?v=jdfTEgC4kIw

      Delete
    5. https://www.youtube.com/watch?v=ZKqhQI1FSCc

      Delete
    6. RIP Moskva

      Delete
    7. https://www.youtube.com/watch?v=rNizGwjZbo0

      Delete
  3. අජිත්, "පිරිනිවන් මංගල්‍යය" අහන්න.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .