Sunday 24 April 2022

සටන


එක රතුමලක් තනිවී හිටියත් මෙහෙම 

දහසක් රතු මල්ම පිපුනලු හැමදාම 

ඒ මල් ගොඩට එක් වන්නට පැතුවාට 

නොහැකිය හැමට වන්නට ඒ රතු මලම 





හිටියත් ඈත දුරු රටකට වී මෙහෙම 

අපේ හිත් ඔබ ළඟයි ආදර ජන රෑන 

රතු මල්  ගොඩක් වගෙ  එක්වී හැමදාම 

නංවමු  රැක ගනිමු හද දිනු රට නොපමාව 

--කොළඹ ගමයා 



27 comments:

  1. නොනිදන ගාලුමුවදොර
    බලන් සකි පාන පෙළහර
    ගලවා සාටකය විසිකර
    අන්තර් වාරයක් එන විසිතුර

    ReplyDelete
    Replies
    1. සුන්දරයි ඔබේ සටහන

      Delete
  2. අන්තර්වාර පාලනය හා පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා ආණ්ඩුව

    http://w3lanka.blogspot.com/2022/04/blog-post_12.html

    ReplyDelete
    Replies
    1. අපේ පරණ යාළුවා පැරකුම් නේද

      Delete
  3. +++++++++++++++++++++++++++++


    https://www.davidaustinroses.com/collections/tree-roses

    ReplyDelete
  4. Jagath Pathirana25 April 2022 at 09:46

    අපේ ආච්චි අපි පුංචි කාලේ කිව්වේ නටපු තොවිලෙකුත් නෑ
    බෙරේ පුළුවකුත් නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. වෙන්ඩත් පුළුවන්

      Delete
    2. හොඳටම වැරදි අදහසකය ඔබ ඉන්නේ
      දැනටම ගොඩක් දේවල් දිනලය ඉන්නේ
      වැඳ වැඳ හිටි අයයි දැන් අරගලයේ ඉන්නේ
      'පලයව්' කියා එඩිතරවම මොර දෙන්නේ

      Delete
    3. තවමත් බෙර පලුව නැති වෙන්න පුළුවන් නිදි. සෙවිල්ලෙන් ඉන්න ඕනේ

      Delete
    4. හෘද සාක්කියක්, පසු තැවිල්ලක් නැති psychopathල ඇරුනාම සාමාන්‍ය මිනිසුන් සුදු-කලු චරිත. ඔවුන්ව මෙහෙයවන්නේ සමූහ චින්තනය, social norms වගේ දේවල් වලින්. ගේමක් ගසා මුදල්(අයථා) සෙවීම සමාජගතවූ දෙයක්. මේ අනුව සමාජයේ වැඩි දෙනෙක් පොඩි හොරු. දියවන්නාවෙ ගවගාල, හොඳටම කරන ලොකුම හොරු, ඩීල් කාරයො හදන කර්මාන්ත සාලාවයි. වෙනසක් පටන්ගත යුතු ඉහාලින්ම නිසා ගෝටා ගෙදර යාතු නමුත්, ඒක ආරම්භය මිස විසඳුම නෙමෙයි කියලයි හිතෙන්නෙ.

      Delete
    5. ගෝටා විතරක් යවල මදි , ගෝටා කියන්නේ ඔක්කොම ප්‍රශ්න වල හේතුව නෙමෙයි. නමුත් විසඳුමට එරෙහිව ඉන්න ලොකු බාධකයක් විතරයි

      Delete
  5. බලාපොරොත්තු නොවුන සුබ ලකුණක්!

    ReplyDelete
    Replies
    1. සුභ ලකුණු එනවනම් හොඳයි මේ අසුබ ආරංචි මැද

      Delete
    2. https://www.facebook.com/NewsCenterLka/videos/1592924187758165/?extid=NS-UNK-UNK-UNK-IOS_GK0T-GK1C&ref=sharing

      Delete
  6. @ කොළඹ ගමයා;

    මැදමුලනේ වල පයයි ගොඩ පයයි නාකි මයිනා කියන මැන්ටල් හොර දෙටුවා, කපුටු බැසිලා, නන්දසීනි අන්දරේ, නාමෝල් ගොන් ආතල් කුමරු, සිරන්ති මැන්ටලේ යෝසිත රෝසිත චමල් ශෂී නිපුණ ඇතුලු පවුලේ කම්බා හොර හැත්ත සහ වටේ පිටේ ඉන්න කබරයා ජොනී ගොනා, 2500 බන්දුල, රත්තරන් මාල හොරා, අලුත්ගමගේ හොරදෙටුවා, උදයංග ඇතුලු පිරිස හොරකම් කරලා තියෙන අති විශාල ප්‍රමාණයක් ඇමරිකානු ඩොලර් හොරා කාපු ඒව ගත්තොත් doller එක 100 විතර දක්වා අඩු කිරීමට ලේසියෙන්ම කරන්න පුළුවන් වෙයි කියලා ගෝල්පේස් අරගලයට සම්බන්ධ නීතිඥ එරන්ද වැලිඅංගේ ඇතුළු නීතිඥ පිරිසක් අවධාරණය කළා.

    ඒ තමයි ඇනොනිමස් නමැති ලෝකප්‍රකට වෘත්තීය හැකර් කණ්ඩායම සමග එක්වී රාජපක්ෂ දූෂිත කල්ලිය විසින් ඉතා පුළුල් ලෙස සොරකම් කර ඇති ලංකාවේ විදේශ සංචිත දැනට සඟවා තබා ඇති සහ ආයෝජන කර ඇති ස්ථාන පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කරගෙන එය සියලුම ලාංකීය ජනතාවගේ දැනගැනීම පිණිස වට්ස් ඇප් හරහා සමාජ ජාල වල විශාල වශයෙන් සංසරණය කර තිබෙනවා. මම හිතන්නේ මේ මුදල් හොයා ගන්න පුළුවන් නම් ඩොලර් ලංකාවේ රුපියල් සීයට අඩුවෙන් තියාගන්න පුළුවන් බව ඉතාමත් පැහැදිලියි ඒ වගේම ජවිපෙ ද මේ ගැන පැවසූ පරිදි මෙයින් ලංකාවේ ආර්ථිකය විශාල වශයෙන් සංවර්ධනය කරන්න පුළුවන් එම මුදල් සියල්ල රාජසන්තක කිරීමෙන් පසුව.

    ඒ නිසා පහත දැක්වෙන්නේ ඒ වට්ස් ඇප් මැසේජ් එක ඔබේ දැනුම වෙනුවෙන්, මේක හැමෝටම දැනගන්න ෂෙයාර් කරන්න.

    //Forwarded many times;

    ඇනෝනිමස් ක්‍රියාත්මකයි – ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලේ සැඟවුනු වත්කම් සියල්ල ඩාර්ක් වෙබ් වෙත මුදා හැරේ!

    ලොව ප්‍රකට ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලේ වත්කම් සහ සැඟවූ ධනය හෙළිකරමින් විශේෂ ලේඛනයක් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

    මින්පෙර ඇනෝනිමස් හැකරුන් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශය කළේ රාජපක්ෂවරුන්ට ශ්‍රී ලංකාවේ පාලනයක් ඉවත් වීමට දින 14ක් ලබා දෙන බවත්, දින 14ක් තුල ඔවුන් ඉවත් නොවුනහොත් ඔවුන්ගේ සැගවුනු වත්කම් සියල්ල හෙළිකරන බවයි.

    ඒ අනුව ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම රාජපක්ෂවරුන්ට ලබා දුන් දින 14ක කාලය ඊයේ දිනයෙන් (21) අවසන් වූවා. ඒ සමගම ඊයේ ලංකාවේ වේලාවේන් මධ්‍යයම රාත්‍රීයේදී ලොව ප්‍රකට ඩාර්ක් වෙබ් අඩවි රැසකට ඇනෝනිමස් කණ්ඩායම විශේෂ ලේඛනයක් නිකුත් කර තිබුනා.

    මෙහිදී R-S Papers By A ලෙස නම් කර තිබූ මෙම ලේඛනය කොටස් දෙකකින් යුක්තයි.

    මෙහි පළමු කොටසේ දැක්වෙන්නේ රාජපක්ෂ පවුල විසින් තමන් අයතා ලෙස ඉපැයූ මුදලින් ශ්‍රී ලංකාව තුල (Inside Sri Lanka) සිදු කළ ආයෝජනයි. දෙවැනි කොටසේ රාජපක්ෂ පවුල විසින් ශ්‍රී ලංකාවෙන් පිටත (Outside Sri Lanka) සිදු කළ ආයෝජන දැක්වේ.

    මෙම කොටස් දෙක යටතේ රාජපක්ෂලා සිදු කළ සම්පූර්ණ ආයෝජන ඩොලර් බිලියන ගණනක් වන අතර මෙමගින් ශ්‍රී ලංකාවෙන් අතුරුදහන් වූ ඩොලර් සංචිතයට සිදුවූ දේ ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම හෙළිකර තිබේ. මෙම සියලූම දත්ත ඔවුන් විසින් මෙරට මූල්‍ය වාර්තා, ඕෆ්ශෝ බැංකු ගිණුම්, රහසිගත වෙබ් අඩවි හැක් කිරීමෙන් ලබා ගත් දත්ත වන අතර මේ වනවිට මෙම ලේඛනය කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය සමාගම් රැසක් තිගැස්සීමකට ලක් කිරීමට සමත්ව තිබේ.

    Continued...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. Refer this as well:

      https://www.youtube.com/watch?v=tbpXtVA7yDI

      https://lankalives.com/archives/2196

      Delete
    5. ඇනෝ මහත්මයා, අමනාප වෙන්න එපා. ඔය කියන දේවල් ඇත්ත කියන්න සාක්ෂි ඕනේ. මුලාශ්‍ර ඕනේ. ඒවා නැතිව පල කිරීම බොරු වැඩක්

      Delete
    6. අජිත් කියන දේ එක්ක එකඟයි. මතයක් තියනවා, මේක අරගලය අල කරන්න කරන වැඩක් කියලත්. යුටියුබ් එකේ "ඇනෝනිමස්ලව" විකුණගෙන කන වීඩියෝවකුත් දැක්කා.

      Delete
    7. මටත් එහෙම හිතෙනවා. එක පාරකුත් අහු වුනානේ ඕකට

      Delete
  7. උගත් බුද්ධිමත් නූතන තරුණ කැළ
    දනිති උපා - පෙන්වති ඇති උන්ගෙ බල
    මේ ටික දොහට උන් කර ඇති දේ පබල
    මදිද? හැත්තෑ ගාණක්වත් අපි නොකළ

    ReplyDelete
  8. මේ ටික දොහට දැන ගත්තේ නේද අපි
    යුද්දේ කෙරුවේ ගෝටා නම් නොවේ සකි
    මෙසේන්ජර් කොලුවා දන්නේ එක දෙයකි සකි
    කාමරයේ හැංගී හිටිය නේද සකි

    ReplyDelete
  9. Jagath Pathirana26 April 2022 at 22:02

    යොහානි සිල්වා රට ගැන හිතලා වැඩක් කරන්න ගියාම එක ජනඅරගල කාරයෙක් කොමෙන්ට්කරලා තිබුනා,
    “මට ඔය ටොම්බෝයි වේසිව පෙන්නන්න බෑ කියලා

    ReplyDelete
    Replies
    1. යෝහනි සිල්වා රට ගැන හිතන්න කියල කරන්න ගිය වැඩේ තේරුමක් නැති එකක්. ඕකම අනුර කේ කියල මහින්ද අපතිරණ බැන්න මතක නැත්ද? ඩොලර් එකතුකරලා තවකාලික විසඳුමක් දෙන්නත් ඩොලර් උස්සපු එවුන් යවල ඉන්න ඕනේ. //“මට ඔය ටොම්බෝයි වේසිව පෙන්නන්න බෑ කියලා// මොන රාගල කාරයෙක් වුනත් මෙහෙම කියන එකට සම්පුර්නයෙන් විරුද්ධයි. ඒ ගොල්ල සමහරක් නුත්බයියෝ තමයි

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .