Thursday 10 August 2023

මාධ්‍යවේදියා හා උඩුවා


පහුගිය කාලේ මම ලියපු  පොතක් එලි දක්වන එකකට එංගලන්තයේ වැඩ කරන විශේෂන්ඥ වෛද්‍යවරයෙකු වන අතුල රත්නායක ට කතා කලා. අපි දෙන්න කතා කරන අතරේ එයා කිව්වා මොකක් හරි රූපවාහිනි සමාගමක රැකියාවක් තිබෙනවා කියල. මම එතකොට කීව මට අවශ්‍යතාවයක් නැහැ. මම පරිගණක මෘදුකාංග පැත්තට සම්බන්ධ  රැකියාවක් කරනවා කියල. ෆේස්බුක් එකේ ප්‍රොෆයිල් එකෙත්  රැකියාව කරන තැන දාලනේ තියෙන්නේ. එතකොට එයා කීව  "සොරි මචන් මම හිතන් හිටියේ බ්ලොග් එහෙම ලියන නිසා එහෙම රැකියාවක් (මාධ්‍ය අංශයක) කරනවා ඇති කියල". 

ඊට පස්සේ දවසක ලංකාවට ආපු වෙලේ රාජකීය විද්‍යාලයේ එකට ඉගෙන ගත්, පසුව  නීතිඥවරයෙක් ලෙස රැකියාව කළ මහේෂ ත්‍රිමාන්න මුණ ගැහුණා. මොකක්ද කතාවකදී  මහේෂ ඇහුව දැන් මිඩියා පැත්තේ නේද,කොහේද වැඩ  කියල. මම කීව , නැහැ මම එහෙම වැඩක් කරලා නැහැ. මම සොෆ්ට්වෙයාර් පැත්තේ  බ්ලා බ්ලා විස්තරේ කිව්වා.  මහේෂ් කිව්වා , සොරි මචං මම හිතුවේ ලියන නිසා උඹ මීඩියා කියල.

තවත් කිහිප වතාවකම ලංකාවේ ඉඳන් කිහිප දෙනෙක් කතා කළා හෝ ඊමේල් එව්වා මාධ්‍ය අංශයෙන් තියෙන කිසියම් උත්සවදෙක තුනක්  කවර්  කරන්න  සහභාගී වෙන්න කියල. 

දැන් ඇත්තටම අපි බ්ලොග් ලියන්නේ විනෝදාංශයක් වශයෙන් නේ. ලෝකේ වෙනස් කරන්න, ආණ්ඩු මාරු කරන්න, ලංකාවට උපදෙස් දෙන්න, ඔය මොන මගුලකටවත් නෙමෙයි. නමුත් අපිව (මාව ) ජනමාධ්‍ය වේදියෙක් වශයෙන් නිතර වරදවා වටහාගන්න බව පේනවා. දන්නේ නැහැ ඇයි කියල. 

තව දෙතුන් දෙනෙක් එයාල ලියපු පොත් ගැන කතා කරන්න කෝල් කරන්න කියල එවල තිබ්බ.  ඒකනම් මට ගෞරවයක් කියල හිතනවා. හොඳ විචාරයක් දෙකක් ලිය වෙන්න ඇති. ඒත් ඉතින් මම ලියන්නේ මම  කියවපු පොත් ගැන විතරයි . 

පළමු බ්ලොග් සම්මාන උළෙලේදී යුවලක් ආව මම ගාවට. 
"අයියේ මම තරිඳු උඩුවරගෙදර, මේ රේඛා  " කියල හඳුන්වල දුන්න. එකපාරටම මට මීටර් වුනේ නැහැ. පස්සේ කිව්වා උඩුවා කියල බ්ලොග් එක ලියන්නේ එයා කියල. උඩුවගේ  බ්ලොගයට සම්මානයක් නිර්දේශ කරලා තිබුන. මුල්ම උළෙලේ සුමිත් යාපා බණ්ඩාර සහ මම තමා  විනිශ්චය වැඩේ  කලේ.  හැබැයි උඩුවා මට කතා කරපු  විධිහෙන් තේරුනේ එයා හිතන් ඉන්නවා මම එයාව දන්නවා කියල. මමත් දන්න විධිහට රඟ පෑව.

උඩුව මුලදී අපට ෆිට් වෙලා හිටියට ඉතා ඉක්මනින් තේරුම් ගත්ත අපිව එයාට වැඩක්  නැහැ කියල. අපි ජන මාධ්‍ය වේදියෝ නෙමෙයි . අපේ පිටිපස්සේ වැඩ සංවිධානය කරපු වෙබ් අඩවිය සහ එහි පාලන අංශයත් සමග  එතනින් එහාටත් උඩුව ඉතා ඉක්මනින් සම්බන්ධකම්  හදා  ගත්ත. මුලදී මගේ ෆේස්බුක් යහළුවෙක් වෙලා හිටියත් දැන් නැහැ. ඒක හොඳයි. ඒකෙ වරදක් නැහැ. 

උඩුව  ගැන සජිත් නලින්ද හෙවත් සජ්ජ හෙවත් ගස්  ලබ්බ යමක් ලියල තිබ්බ මම සන්චාහාරයක ඉන්න කොට  දැක්ක.. ඒක මට ආයෙත් හොයාගන්න අමාරුයි. නමුත් ලියල තිබ්බ  දේවල් සෑහෙන දුරට හරි කියල හිතනවා. 
උඩුව වගේ හැසිරෙන මාධ්‍යවේදීන් මම බ්‍රිතාන්‍යයේ දැක තිබෙනවා. හුඟක් වෙලාවට තමන් සම්බන්ධ වැදගත් දේශපාලන , සාමාජිය  හෝ වෙනත් ව්‍යාපාරයක්  වෙනුවෙන් ආවේගී ලෙස කරුණු දක්වන  sensationalist journalism, නාට්‍යනුරූපී වෙන මාධ්‍යවේදියෝ  , (dramatise කරන අය) ඉන්නව.  ඒවා වරදවල් හැටියට වර්තමානයේ ගණන් ගැනෙන්නේ නැහැ.

ඒ අතරේදී මම දැක්ක ආචාර්ය මහේෂ් හපුගොඩ ඉඟියක් දක්වල තියනවා උඩුව ගේ නාට්‍යානුරූපී හැසිරීම දේශපාලන රැකවරණ ඉල්ලීමේ උත්සහයක් ද දන්නේ නැහැ වගේ කියල. ඔය මහේෂ් හපුගොඩ ගේ ලිපියකට මම පොඩි විවේචනයක් දාල එයාට හුඟක් තරහ ගිහින් ලියල තිබ්බ පිටරට ඉන්න අය මේකෙම ඇඟිලි ගහන්න එන්නේ මොකද? එහෙ දේවල් කර ගෙන ඉන්නේ නැතිව කියල.
//මා අසන්නේ ‘කුමන හේතුවකට හෝ ලංකාවේ භූමියෙන් වි-ප්‍රදේශගත වූ නුඹලා එම රටවල ඇති වාමාංශික අරගල සමග ඒකාත්මික වන්නේ නැතිව ගෙදරින් විසිකළ ගෙම්බන් මෙන් නැවත නැවත ආපසු ගෙදර දෙසට ම හැරී ලංකාවේ ඇති බිබික්කම ගැන සොයන්නේ මන්ද?’ යන්න ය//--හපුගොඩ /

 මම ඒ බයි කතාවට පිළිතුරක් හැටියට ලීවා   මෙහෙම: මාක්ස් ලන්ඩන් ඉන්න කාලේ ඔයාගේ තර්කයට අනුව පැරිස් කොමියුනය ගැන හොයන්නේ නැතිව ලන්ඩන් වල දේශපාලනය කරන්න තිබ්බ නේද? ට්‍රොට්ස්කි මෙක්සිකෝවේ ඉන්න කොට මෙක්සිකෝවේ මිසක් සෝවියට් රුසියාවේ දේශපාලනය හොයන්නේ නැතිව මෙක්සිකෝවේ එකට සම්බන්ධ වෙන්න තිබ්බ නේද? ස්ටාලින් ගෙන් මැරුම් නොකා ඉන්නත් තිබුන. ආ එතකොට ලෙනින් – ස්විට්සර්ලන්තේ අරගලයට ඒකාත්මික වෙන්නේ නැතිව මොන බම්බුවක් කලාද රුසියාවේ  දේශපාලනයට  ඇඟිලි ගගහ ? ලිපිය මෙතන. ලංකාවේ ජවිපෙ සහෝලා  අපි විවේචනයක් කලොත් බනින්නෙත් ඔය විධිහට. ලංකාවේ ඉන්න පෙරටුගාමී සහොල බනින්නෙත්   ඔය විධිහට. ඒ දවස් වල බයියොත් එහෙමයි. 'ස' ගේ කොවිඩ් සටන ගැන ලීවොත් පිටරට ඉන්න අපගේ කලිසම්  ගලවල උලුවෙන් ගන්නවා කියලත් සමහර බයියෝ ලීවා. හැබැයි එයාලට සහයෝගයට ලියන ඕන කෙනෙක් පිටරට හිටියට කමක් නැහැ. ඩයස් මිලා වගේ.  
 ඊට පස්සේ ආචාර්ය හප්පා මෙහෙමත් ලියල තිබ්බ. 

 "ගමෙන්  කොළඹට පැමිණි මට නුඹ සිනහසෙන්නේද අජිත් මිතුර ". අපි හුඟක්  අය ගමෙන් තමා ආවේ. කොළඹ හිටියත් ලන්ඩන් හිටියත් සමහර දේවල් වෙනස් වෙන්නේ නැහැ. 
උඩුවා සිද්ධියේදී මට කියන්න තියෙන්නෙත් දේශපාලනික වශයෙන් මම උඩුවා ගේ පැත්තේ හිටියත් නැතත් ඒ නාටකයක් නම් ඒ රඟ පෑමේ අයිතිය උඩුවට තියනව කියල. අපට වෙන රටක ඉඳන් වෙන ඕන රටක් ගැන හෝ ප්‍රජාවක් ගැන ලියන්න අයිතියක් තියෙනවා වගේ තමයි.

හැබැයි කීයෙන් කී  දෙනාද අවධානය  දුන්නේ උඩුවරගෙදර මතුකළ කාරණාව ට. අර්ථසාධක අරමුදලක ප්‍රශ්නයක් ගැන. ඒ පැත්තෙන් ගත්තොත් උඩුව ෆේල් මෙතැන .ප්‍රසිද්ධිය ආවේ  එයාට මිස එයා එතන විරෝධය පළ කළ සන්සිද්ධියට නෙමෙයි.

උඩුව ඇතුළු ගොඩක් මාධ්‍යවේදීන්, කලාකරුවන්  හිතන් ඉන්නව හුඟක් අය ඒ ගොල්ලන්ව දන්නවා කියල. ඇත්තටම ගත්තොත් ඒක එහෙම නැහැ. මේ ළඟදී මගේ ෆේස්බුක් මෙසේන්ජර් එකට පණිවිඩයක් එවපු මහත්මයෙක් ඔහුගේ වාර්තා චිත්‍රපට නිෂ්පාදනයකට මුදල් යොදවන්න  හෝ යොදවන කෙනෙක් හොයා දෙන්න කියල ඉල්ලීමක් කරලා තිබුන. මම කීව මම ඔයාව දන්නෙත් නැහැ. කරන්න යන වාර්තා චිත්‍රපටය මොකද්ද දන්නෙත් නැහැ කියල.  අවංකවම මම ඔහු කවුද  කියල දන්නේ නැහැ. 

මීට අවුරදු ගණනකට  කලින් මම ලංකාවට යන්න හීත්‍රෝ ගුවන් තොටුපලේ හිටිය. ඔක්කොම චෙකින් ඉවර වෙලා ඇතුලට යන ලෝන්ජ් එකේ ඉන්දෙද්දී  මා ළඟින්ම වගේ හිටපු  කවුද ලංකාවේ වගේ පෙනෙන කෙනෙකුට  ගොඩක් අය  ඇවිත් අතට අත දීල කතා කරනවා  දැක්ක. මම මගේ පාඩුවේ පොතක් බලන නිසා එතැනින් නැගිටලා ගියා වෙන තැනකට. එදාම ලංකාවට යන මම අඳුරන  කෙනෙකුත්  අර තැනැත්තා ට කතා කරලා මාව දැකලද කොහේද මං  ගාවට ඇවිත් කතා කළා.  මිනිහ මට කියනව අර තැනැත්තා කීවලු මම මහා ආඩම්බර කාරයෙක්. කතා නොකර  නැගිටලා ගියා කියල. මිනිහෙක්ට ආචාර කරන්න දන්නේ නැති ගම් වලින් ලන්ඩන් ආපු එවුන් කියලත් කීවලු.   මට හිනා ගියා ඒ කතාවට. මම කීව මම මොකටද කතා කරන්නේ මම  දන්නා කෙනෙක් නෙමේනේ කියල. යාලුව කියනව. ඇයි මචං ඒ අර අහවල් ප්‍රසිද්ධ බයිලා ගායකයා නේ.  යුරෝපයේ ටුවර් එකක් ඉවර වෙලා ලංකාවට යනවා.   එයාගේ සින්දුවක් දෙකකුත් මතක් කළා. සින්දු දැනගෙන හිටියට අපට කියන හැමෝම මතක හිටින්නේ නැහැනේ. ඒ කාලේ   මම දන්නේ  නිහාල් නෙල්සන් ගේ මුණයි සුනිල් පෙරේරා ගේ  මුහුණයි  විතරයි බයිලා කියන අයගෙන්.  අනික එහෙම වුනාය කියල ළඟට ගිහින් කතා කරන්න අවශ්‍යත් නැහැනේ. 

මම මාධ්‍යවේදියෙක් නෙමේ. අසරණ අහිංසක බැනුම් අහන බ්ලොග්  ලියන්නෙක් පමණයි.  

-ඡායාරුපය අන්තර්ජාලයෙන් 



39 comments:

  1. //නමුත් අපිව (මාව ) ජනමාධ්‍ය වේදියෙක් වශයෙන් නිතර වරදවා වටහාගන්න බව පේනවා. දන්නේ නැහැ ඇයි කියල//

    ඇයි හත්වලාමේ, මේ වගේ ලස්සන සමාජ විච්චේදන ලියන්නෙ වෙන කව්ද? නියමයි. 🙏👌

    ReplyDelete
    Replies
    1. කව්ද කව්ද ඒ

      Delete
    2. //උඩුව මුලදී අපට ෆිට් වෙලා හිටියට ඉතා ඉක්මනින් තේරුම් ගත්ත අපිව එයාට වැඩක් නැහැ කියල.//
      උඩුවගෙ මාධ්‍යවේදී "ජානය" වැඩ කරන්න ඇති.🤣😉

      Delete
    3. මම අදහස් කලේ ඒක තමයි. ඒ සියුම් ඉව උඩුවට තියනව.

      Delete
  2. රුවන් ජයතුංග ගේ බ්ලොග් එකට මම යන්නේ නැහැ. මගේ බ්ලොග් නාමාවලියෙනුත්, ෆේස්බුක් ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙනුත් අයින් කළා. මේ හේතුව නිසා. ඔහුට එය අතහැර ගැනීමට නොහැකියාවක් තිබෙනවා යයි දුටු නිසා-https://kolambagamaya.blogspot.com/2023/02/blog-post.html

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. රුවන් ජයතුංග වගේම පැරකුම් ජයසිංහ ගැන විවේචන තිබ්බත්, විශේෂයෙන්ම ඔවුන්ගේ පැරණි ලිපි හරහා යම් සේවයක් සැලසනවා කියල මම හිතනවා. පෞද්ගලික අකමැත්ත මත, ලිපි ප්‍රතික්ෂේප නොකල යුතු බව මගේ අදහසයි.

    ReplyDelete
  5. 🤔
    අවසානයේ ලියා ඇති සිදුවීම ගැන.

    මා ජීවිතේ එක් වරක් පමණක් ගීත ප්‍රසංගයකින් පසු ගායකයෙකු සමඟ කතාබස් කර ඡායාරූපයක් ගෙන තිබෙනවා. ඒ ජයතිලක බණ්ඩාර සමග.

    (දැන් අහන්න එපා ජයතිලක බණ්ඩාර කියන්නේ කවුද කියා.)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දන්නේ නැහැ. එක සින්දුවක් වත් අහලා නැහැ. රසික ගේ ගීත පරාසය සෑහෙන්න විශාලයි.

      Delete
    2. https://www.youtube.com/watch?v=JZlbXbe8Jn4

      Delete
    3. ආ සිපිපියා කොහොමද ඉතින්?

      Delete
  6. අර ගඩොල් කාරයා නිසා මාධ්‍යවේදියා කියන නම සෑහෙන්න බැහැල තියෙන්නේ. සහෝදරවරු ඉතින් ප්‍රිස්ම් වලින් ලෝකය බලන අයනේ

    ReplyDelete
  7. තව හේතුවක් තියනවා. රුවන් ජයතුංග කීව මගේ දුල එන්න මට වැඩිය උස නිසා මගේ වෙන්න බැහැ කියල කට්ටිය කියනව කියල. මම එහෙම වෙන කිසි කෙනෙක් කියනව දැකල නැහැ ඔහු හැර. මට අඅපහාස කලත් මගේ ළමයි එතනට අදාල නැහැ මම compromise නොකරන තැනක් එතන. මට රුවන් මැන ගන්න එතනින් පුළුවන් වුනා.

    ReplyDelete
    Replies
    1. රුවන්ට නගින්නෑ කියල කතාවක් දැන් අවුරුදු ගානක ඉඳල තියෙනව.

      Delete
  8. හුගක් මාජ්ජ වේදියෝ හොඳ ගේම් කාරයෝ, අසයිලම් එකක් දාගෙන රට පනින්න දක්ෂයෝ, අසයිලම් වලට උපදෙස් දෙන්න කාපර්ල. ලංකාවට අපහාස කරන (විවේචනය නොවේ) faceless වෙබ් කරන්නේ මුන්. මුන් හිතන්නේ පිට රට ඉන්න වැඩිදෙනා මුන් වගේ අසයිලම් කාරයෝ කියල (මුන් පව්)

    ReplyDelete
    Replies
    1. මාත් අඳුරගත්ත දෙතුන් දෙනෙක්. තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියනවනේ. ඕන කෙනෙක් ඕන විධිහකට ආවදෙන්. අපට ප්‍රශ්නයක් නැහැනේ. හැමෝම බලන්නේ ජිවිත උසස් තත්වයකට ගන්න අන්තිමේදී

      Delete
  9. ඒක නං ඉතාම පහත්, කැත කතාවක්. ඔබේ අකමැත්ත සාධාරණයි.

    ReplyDelete
  10. 'ඇහුව දැන් මිඩියා පැත්තේ නේද,කොහේද වැඩ කියල'

    ජනාධිපති මාධ්‍ය අංශයේ කියලා කියන්නේ නැත්තේ ඇයි අජිත්?

    ReplyDelete
    Replies
    1. බොරු කියල හිරේ යන්න පුලුවන්ද බං

      Delete
  11. මේ බ්ලොගක් ලීව කියල අපි ජනමාධ්‍යයෝ වෙන්නෙ නෑ. මාත් ඒකයි යාළුවන්ට වැඩිය බ්ලොග ගැන කියන්නෙ නැත්තේ. එතකොට උනුත් හිතන්නේ අපි මාධ්‍යකාරයෝ කියල.
    අනික ටීවී එකේ නිව්ස් කෑල්ලක් කිව්වය කියල, පත්තරේ ආටිකල් එකක් දෙකක් දාගත්තය කියල ජනමාධ්‍යවේදියෝ වෙන්නෙත් නෑ ඉතීම් 😜

    විදේශගතව ලංකාවේ දේවල් හොයන එකට... දීල තිබ්බ උත්තරේ පංකාදුයි!

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක තමයි කේස් එක. ගොඩක් හිටං මාධ්‍යවේදියෝ දැන් වැහි වැහැල . ස්තූතියි

      Delete
  12. සමහර මාධ්‍යවේදියොන්ගේ දැඟලිල්ල වැඩී. එතෝට අහන්න තියෙන්නෙ... ඇයි අවධානෙද ඉල්ලන්නෙ කියල 😂😜

    ReplyDelete
    Replies
    1. ඔන්න ආණ්ඩුව පැත්තෙන් කතාවක් කීව

      Delete
  13. https://starbyface.com/
    මම නම් ස්ටාර් ෆෑන් කෙනෙක් නෙමෙයි. සෙලිබ්‍රිටීස් හෝ එහෙම හිතන් ඉන්න අය එක්ක කතා කරනවනම් අහන්න පුලුවන් ප්‍රශ්නයක් තියනව.
    ගායකයෙක් හෝ නලුවෙක් ගෙන් අහන්න පුලුවන් " ඔයා දැකල පුරුදුයි. බීච් රෝඩ් එක මුල ත්‍රීවීල් එකක් දුවනව නේද?"
    දේශපාලකයෙක්ගෙන් " ඔයා 176 බස් එකේ වැඩ කරනව නේද? දැකල තියනව"

    ReplyDelete
    Replies
    1. හපොයි ඒ වෙබ්සයිට් එක දරුණුයි. මාර නම් ටිකක් නේ ආවේ

      Delete
  14. ඇත්තම කියනකොට කොච්චර ලස්සනද
    විහිළුවලට වැඩියෙන් විසුළුයි නොවෙද
    'මමායනය' තරමට වැඩි, දෙවයි වද
    ඉන්නකල් හොඳින් හිටියම නෙවද හොඳ?

    ReplyDelete
    Replies
    1. මමායනය මහායානය වගේ තමා
      හීනයාන හීන් නූලෙන් දෙනවා තමා
      විහිළු කරලා හිනාවෙලා ඉන්න තමා
      සැනසුම එන්නේ එහෙමයි වී නොපමා

      Delete
  15. අජිත් මම හිතන්නෙ බ්ලොග් රචකයින් මාධ්‍යය කරුවන් කියලයි. මම කියවන බ්ලොග් හරහා මම බොහෝ දේ දැන ගන්නවා. ඒ හින්ද ඉන් හොද සමාජ මෙහෙවරක් වෙනවා. වෙනසකට තියෙන්නෙ බ්ලොග් රචකයින් වෙන අයට කඩේ යන්නෙ නැතුව තමන් කැමති දේ අරගෙන පොළට යනවා. කවුරු හරි කියෙව්වොත්, කමෙන්ට් එකක් දැම්මොත් එහෙමයි. නැත්නම් ඒත් තමන්ගේ ලියැවිල්ල රස විදගෙන පාඩුවෙ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මාධ්‍යකරුවන් තම තමන්ගේ මාධ්‍ය හසුරවනවා සහ ඔවුන් කිසයම් ආයතනයකට අයිතියි. ස්වාධින ය වුනත් ඔවුන් ලිපි සහ ප්‍රවෘත්ති සපයන පැත්තක් තිබෙනවා. බ්ලොග්කරුවන් එහෙම නැහැ නේද? අන්තිම වාක්‍ය දෙකට මමත් දෙක තුනට එකඟයි

      Delete
  16. අජිත්, අපට ඔබ සමග විශේෂයෙන්ම ඔබේ මතවාද පිළිබඳව දැඩි විවේචන තිබෙන බව ඇත්ත, නමුත් ඔබට මෙවැනි අතිශය පහත් නින්දිත ලෙස අපහාස කළ බව අසා මා නෙතට කඳුලක් නැගුනු බව අවංකව පවසන්නට ඕනේ... මමත් මගේ පියාට වඩා අඟල් හයක් පමණ උසයි මගේ පියා අඩි පහමාරක් පමණ වන විට මගේ උස අඩි සහයි අඟල් එකොළහ හමාරක්, 167 mm vs 181 cm FYI නමුත් කාටවත්ම ඒක ප්‍රායෝගිකව ප්‍රශ්නයක් නෙවෙයි, ඒ වගේම පියාට වඩා උස මහත දූවරුන් ඕනෑ තරම් මා දැක තිබෙන බවත් විශේෂයෙන්ම උස උඩු පියවරුන්ගේ දරුවන් තරුණ වියට එළඹෙන විට ගොඩක්ම උස යන බවත් මා තිර කොට පවසන්නට කැමතියි මේ පිළිබඳව වෛද්‍ය විද්‍යාව අනුව පර්යේෂණ කර තිබෙනු ඇති, ඇත්තටම තමන් ඊනියා වෛද්‍ය වරයෙකුයි කියාගන්නා අය මෙවැනි අමන අඳබාල මෝඩ කතා කීම ගැන මට නම් බොහෝම කණගාටුයි, හිත ශක්තිමත්ව තියාගන්න අජිත් ඔය වගේ මෝඩ කතා ගණන් ගන්න එපා සත පහකටවත් ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ . මම මිතුරකු ලෙස සැලකු මහත්මයෙකු එවැනි දෙයක් කීම නිසා ඇතිවූ කණගාටුවක් පමණයි ඇත්තේ. ඔහුට අපහාස කිරීම ද මගේ අභිප්‍රායක් වුනේ නැහැ.

      Delete
  17. අලුත් බ්ලොගර් ස්පෑම් ඇල්ගොරිතම් එක අවුල්. ඔබේ ස්පෑම් ෆොල්ඩර් එක බලන්න.

    ReplyDelete
    Replies
    1. මොකක් හරි පල වෙලා නැත්ද

      Delete
  18. අමාරුවෙන් යලිත් වරක් අටවගත්ත බ්ලොගේ
    කවි ලියලා කියවද්දී ලොකු සතුටක් නැගේ
    හදුනගත්ත මිතුරෝනම් ළඟ නෑයින් වගේ
    ඒ හැමටම ස්තූතිය පිරිනමනව මගේ....

    ආයුබෝවන් අජිත් අයියේ...
    ජයවේවා !!!

    ( කවි දුමී )..

    ReplyDelete
    Replies
    1. කවි දුමියා යලි අප වෙත පැමිණි බවක්
      දුටු විගසින් සතුටක් ඇති වීය යලිත්
      නැවත දමා නොයනු මිතුරැ දැන් ආයෙත්
      ඇතුගල්පුර පායනු ඇත අලුත් සඳක්

      Delete
  19. අමාරුවෙන් යලිත් වරක් අටවගත්ත බ්ලොගේ
    කවි ලියලා කියවද්දී ලොකු සතුටක් නැගේ
    හදුනගත්ත මිතුරෝනම් ළඟ නෑයින් වගේ
    ඒ හැමටම ස්තූතිය පිරිනමනව මගේ....

    ආයුබෝවන් අජිත් අයියේ...
    ජයවේවා !!!

    ( කවි දුමී )..

    ReplyDelete
  20. අජිත් ශ්‍රී ලංකා මහජන පක්ෂය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දමන්න ඕන, විශේෂයෙන්ම උතුරේ දමිල සහෝදර ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි විජය කුමාරතුංග අප සහෘදයාටත් එම පක්ෂයේ දිවිපිදූ සාමාජිකයන්ටත් කරන ගෞරවයක් වශයෙන්, මේක ඔබේ බ්ලොග් එකේ සාකච්ඡාවට භාජනය කරන්න පුළුවන්ද?

    ඔවුන්ගේ නිවේදනය පහතින්;

    ///13 වන ව්‍යවස්ථා සංශෝධනය හොඳයි කියන ජවිපෙ ප්‍රධාන ජාතික ජනබලවේගයේ හරිනි අමරසූරියට විජය අමතක වුණේ ඇයි ?

    13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට පුළුල් මාතෘකාවක් බවට පත්ව ඇති අතර, ඒ පිළිබඳ සංවාදයද වඩාත් උණුසුම් වෙමින් තිබේ.

    ශ්‍රී ලංකා මහජන පක්‍ෂය ලෙස 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහය ලබාදෙන අතර, එය අර්ථාන්විතව සිදුකිරීම තුළ රටේ බොහෝ ගැටළුවලට විසඳුම් ලබාදිය හැකි බව පක්‍ෂයේ විශ්වාසයයි.

    1987 වසරේදී පළාත් සභා ඇති කර 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බලය බෙදීමේ යෝජනා ඉදිරිපත් විය. කෙසේ වෙතත් පළාත් සභා ස්ථාපිත කෙරුණද සැබෑ බලය බෙදීමක් සිදුවූයේ නැත.

    1987 වසරේදී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වූ අවස්ථාවේ බලය බෙදීමේ දේශපාලන වැඩපිළිවෙල යථාර්ථයක් බවට පත්කිරීම උදෙසා මූලිකත්වය ගෙන ක්‍රියා කළ චරිතය වන්නේ ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ නායක විජය කුමාරතුංග මහතායී. එම කැපවීම තුළ ඔහුට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදුවූ අතර, මහජන පක්‍ෂයේ නායකයින් 117 දෙනෙකු මෙකී කාර්ය උදෙසා ලබාදුන් දායකත්වය හේතුවෙන් ජවිපෙ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය මගින් මරණ වරෙන්තු නිකුත් කර අතිශය අමානුෂික ලෙස ඝාතනය කරන ලදී. එම සාහසික ඝාතනය සිදුකරන ලද්දේ අද රට ගොඩනගන්නට තමන් කැපවන බව පවසමින් සුරංගනා කතා නිකුත් කරන ජාතික ජන බලවේගය ලෙස නම වෙනස්කරගෙන පරණ කට්ටියම විසින් මෙහෙයවන ජනතා විමුක්ති පෙරමුණ විසිනි. ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමක්ද මේ දක්වා සිදුව නොමැත.

    මේ අතර ජනතා විමුක්ති පෙරමුණ මූලිකව නිර්මාණය කර ඇති ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවට වූ ප්‍රකාශයක් පසුගියදා සිදුකරන ලදී. එය ඉතා හොඳ ප්‍රකාශයක් බව මහජන පක්‍ෂයේද විශ්වාසය වන අතර, එම ප්‍රකාශය අගය කිරීමටද පක්‍ෂයක් ලෙස පසුබට නොවෙමු. කෙසේ වෙතත් එම ප්‍රකාශය තුළ කිසියම් අඩුවක් සිදුව ඇති බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ.

    1987 වසරේදී මෙම සංශෝධනය ඉදිරිපත් වූ දිනයේ සිට එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් හඬ නැගූ සහ ඒ කැපකිරීම හේතුකොට ජනතා විමුක්ති පෙරමුණ විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කර අපහාස කර අතිශය තිරශ්චීන ලෙස දරුපවුල් ඉදිරිපිටදීම ඝාතනය කරන ලද විජය කුමාරතුංග මහතා සහ එමෙන්ම ඝාතනයට ලක්වූ මහජන පක්‍ෂයේ සෙසු සාමාජිකයින් ඇයගේ මතකයෙන් ගිලිහී ගියේ ඇයිද යන්න බරපතල ප්‍රශ්නයකි. තමන්ද නියෝජනය කරන පාර්ශවයේ කොටසක් විසින් විජය මරා දැමූ බව කියන්නට ඇයට හැකි වූයේ නම් ඇයගේ ප්‍රකාශය සම්පූර්ණ වනු ඇත.

    “13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ගෙන ගිය සටනේ ප්‍රතිපලයක් ලෙස විජය කුමාරතුංග ඇතුළු 117 ක් ඝාතනය වුණා. ඒ සාහසික ඝාතනය සම්බන්ධයෙන් ජවිපෙට චෝදනා එල්ල වුණා. අපි ඒ සම්බන්ධයෙන් කණගාටු වෙනවා” යනුවෙන් පවසා ඉහත සිදුකළ ප්‍රකාශය අර්ථාන්විත කිරීමට ඇය උත්සාහ කළේ නම් මේ කාලයේ සිදුවූ වටිනාම ප්‍රකාශය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රකාශය මුල්තැනට පත්වන බව සිහිපත් කරන්නෙමු.

    ස්තූතියි,

    ආචාර්ය චානක සේනානායක
    ජේ්‍යෂ්ඨ උප සභාපති
    ශ්‍රී ලංකා මහජන පක්ෂය

    ReplyDelete
    Replies
    1. විජය කුමාරතුංග කැමති නළුවෙක් සහ මතත්මයෙක්. 13 ට මම ඉතින් පක්ෂයි එදා ඉඳලම

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .