පළමු කොටස ; ඩැනියෙල් ෂ්ටයින් ගේ පරිවර්තනය -1- (ලුද්මිලා උලිට්ස්කයා ගේ පොතකි)
2.
දුරුතු මස, 1986 , බොස්ටන් හිදී
එස්තර් ගන්මාන්
මගේ වයසත් සමග අලුතින් කිසිවෙකු මගේ ජිවිතයට එක්වීමට කිසි ඉඩක් ඇතැයි නොසිතුවෙමි. පළමුවෙන්ම කිව යුත්තේ මගේ හදවතේ ඉඩක් වෙන්කර තිබූ සියල්ලන්ම මියගොස්ය. දෙවැන්නට කිව යුත්තේ කොතරම් වැදගත් පුදහලයන් ඇමෙරිකාවේ සිටියත් ඔවුන්ගේ ජිවන අත්දැකීම් ඉතා සීමා සහිත වීමයි. ඒ නිසාම ඔවුන් හැඟීම් විරහිත කාඩ්බෝඩ් බඳු මිනිසුන් ලෙස මට දැනුනි. ඒ හැර මට දැනුනේ වයසට යාමත් සමග අප වටා කවචයක් සෑදෙන බවත්, අප බොහෝ විට හැඟීම් වලට ඉඩ දීම අඩුවන බවත්ය. ඉසාක් ගේ මරණය මට පැහැදිලි කළේ මා කෙතරම් ඔහු මත යැපුනේද යන්නය. මම තනිකමින් පීඩා වින්දේ නැති නමුත් එය මා වටා මීදුමක් මෙන් පැටලී තිබුණි. මේ ශෝකදායි මොහොතවල් අතරේ ඒවා හදිසියේම ප්‍රාදුර්භූත වූවාය. අගේ පැමිණීමේ කිසියම් දෛවෝපගත යමක් තිබෙන බව මට දැනුනි. මේ තරුණ ගැහැණිය, මගේ දියණිය විය හැකිව තිබුණි. ඉසාක් සමග ඒ ගැන කතා කරන්නට තිබුනා නම් හොඳය. අපි දෙදෙනාගේ සම්පූර්ණ එකඟතාවය තුලදී වුවත් ඉසාක්ට යමක් ග්‍රහණය කර ගන්නට, වැදගත් අදහසක් පවසන්නට හැකිවිය. ඔහු මේ කෙල්ල ගැන කුමක් කියන්නට තිබුනේද? අපි දෙදෙනාගේ හමුවිමම අසාමාන්‍ය එකකි. ඊටත් වඩා පුදුමය නම් අප චෝර්නය පුෂා ගැන කතා කිරීමය. ඇගේ මව, ඒ කොවෂ් නම් කාන්තාව සැබවින්ම රාක්ෂනියකි. ඉසාක් සිතුවේ ඇය සෝවියට් ඔත්තුකාරියක බවයි. ඉසාක් හැමවිටම කීවේ යුදෙව්වන් යනු එල්ලයක් කරා යන බලාපොරොත්තු සහගත ජනතාවක් බවයි. ඔහු, යුදෙව් අන්තවාදී නිකායන් විශේෂයෙන්, පැච් දැමූ මේස් සමග දිග විකාර සහගත කෆ්තාන ඇඳුම් අඳින, සිල්ක් හිස්වැසුම් පළදින හසිඩ් වරුන්ද , යුදෙව් කොමිසාර් වරුන්ද , කොමියුනිස්ට් වාදීන් ද , චෙකා රහස් පොලිසියද ඔහු එකම මානසික මට්ටමක උන් ලෙසට සැලකුවේය.
අප දෙවන වර හමුවූ අවස්ථාවේ ඒවා ඇගේ මව ගැනද එවැනිම දෙයක් වෙනත් ආකාරයකට පැවසුවාය. මහත් පුදුමය නම් කිසිදු හරවත් අධ්‍යාපනයක් නැතිව, නුවණැති බවක් නොමැතිව ඇය ඒ බව නිරීක්ෂණය කිරීමයි.
ඇය බලවත් අධිෂ්ඨානයකින් යුත් ස්වභාවයෙන්ම අවංක එකියක වූ ඇය සැමවිමට සත්‍යය සෙවීමටත් තමන්ට තමන් සත්‍ය වීමටත් උත්සුක වූවාය. වරක ඇය අලුයම දෙක වනතුරු මා සමග සිටිද්දී ඇගේ සැමියා ඇය කිසියම් අනියම් සම්බන්ධතාවක් ඇති කරගෙන යයි සැක කළේය. ඇගේ තෙවන විවාහයයේ සැමියා රුසියානු සංක්‍රමණිකයකු වූ අතර ඇයට වඩා දස වසරකින් බාල විය. ඔහු ප්‍රසිද්ධ ගණිතන්ඥයකු බව ඇය පැවසුවාය.
අපේ සාකච්ඡා වලදී එවැනි මාතෘකා ඉතා වැදගත් සහ කතාවට වඩාත් අනුකූල බවට ඉසාක් සැලකුවේය. ඔහු බොහෝ අවස්ථාවල විසුළු සහගත ලෙස ඔහු තරම් දෙවියන් ගැන සිතන්නෙක් ටැල්මුඩිස්ට් (යුදෙව් දහමේ න්‍යායධාරීන් විශේෂයක්) ල අතරවත් නැති පැවසීය. මගේ ඉෂාක් අදේවවාදී භෞතිකවාදියෙක් විය.
ඇගේ වයසින් ඇය අපේ දියණියක් විය හැකිව තිබුණි. අප ඒ කැළයේ වාසය කලද ඇය උපත ලද්දේ අපට දාව නොව වෙනත් දෙමාපිය යුවලකටය. විසිවන ශත වර්ෂයේදී යුදෙව්වන්ට දරුවන් රහිත වීම අතීතයේදී දරුවන් බොහොමයක් සිටීම තරම්ම දෙවියන්ගේ ආශීර්වාදයක් යයි ඉසාක් නිතර කීවේය. ඔහුට කිසිදාක දරුවන් අවශ්‍ය වූයේ නැත. අපට දරුවන් නොලැබුණේ ඒ නිසා වත්ද? මගේ තරුණ වියේදී දරුපල නැතිවීම ගැන මා නිතර කඳුළු සැලුවද ඔහු මා අස් වැසුවේ අප ප්‍රභූ විශේෂයක් බව පවසමිනි. ස්වභාව ධර්මය දරුවන් හැදීමේ වහල්භාවයෙන් අප මුදවන ලද්දේ යයි ඔහු පැවසුවේය. ඔහු කිසියම්ම හෝ හේතුවකින් අපට අනාගතයේ වන දේ පුරෝකථනය කළේය.
අප ගෙටෝවෙන් චෝර්නොයි පුෂ් වලට පැමිණි වේලේ " එස්තර්, ඔයාට හිතෙනවද අපට මේ වෙලේ ළමයි තුන් දෙනෙක් හිටිය නම් කියල. " යයි විමසුවේය. මා අවංකවම පිළිතුරු දුන්නේ නැත කියාය. නියුරම්බර්ග් නඩු විභාගය අවසන් වූ වහාම අපි යුරෝපයෙන් පිට වුනෙමු. ඉසාක් විශේෂ වෛද්‍ය සාක්ෂිකරුවෙක් ලෙසත්. ගෙටෝවේ සිර කරුවෙකු ලෙසත් දේශප්‍රේමී සටන්කාමියෙකු එහි පෙනී සිටියේය. නඩුවට අවශ්‍ය ක්‍රියාදාමයන්හි පෙනී සිටීමෙන් පසු අපට පලස්තීනයට යාමට අවසර ලැබුණි.ඒ ඊශ්‍රායලයේ උත්පත්තියට වසරකට පෙරය.
ඒවා ප්‍රශ්න බොහොමයක්ම අසන නිසා මා කලේ ඒ දිනවල ඉසාක් ලියූ සටහන් නැවත පෙරලා බැලීමය. සැබෑව නම් ඔහු පටන්ගත්තේ පොතක් ලිවීමට මුත් , සමහර තැනකින් හිටි අඩියේ පටන් ගැන ලිවූ සටහන් නිසා ඔහු ඒවා එකතු කිරීම කල් දමමින් සිටියේය. ශක්තිමත් බලවත් මිනිසෙකු වූ ඔහු තම නින්දේදී මා හැර ගියේ වයස හැත්තෑ නමයේදී නියම වයස්ගත භාවයට එළඹීමට පෙරය. ග්‍රන්ථය නිමා වූයේ නැත.
ඒවා තමන්ගේ පියා බෞහ් ගැන මගෙන් ප්‍රශ්න කලාය. "සමහරවිට මගේ පියා ගැන ඔබේ සැමියා මොනවහරි ලියලා ඇති? මට සහෝදර සහෝදරියෝ ඉන්නවා නම්. එස්තර් ඔබ දන්නවනේ මම අනාථ නිවාසෙක ළමයෙක් කියල. මගේ මුළු ජීවිතය පුරාම මම පවුලක් ගැන හිතුවේ."
ඉසාක් ගේ හැම ලිපියක්ම අවුරුද්ද හා දින සඳහන් කර ඉතා මැනවින් අකාරාදිගත කොට තිබුණි. මට ඒවා ඇල්ලීමට ද බියක් විය. ඒවා, උදව්වක් වශයෙන් ලිපි වාර්තාගත කිරීමට හා පරීක්ෂා ග්වර්දියා කිරීමට කැමති වුවාය. දෙවන ලෝක යුද්ධයෙන් පසු පෝලන්ත භාෂාවෙන් ලියූ ලිපි පනස් ගණන්වලදී ඉංග්‍රීසියට මාරු වී තිබුණි. මා එය ප්‍රතික්ෂේප කලේ වෙනකෙකුගේ අතට ලිපි පත් කිරීමට අකැමැති වූ බැවිනි. කෙසේ වුවද එකදාස් නවසිය හතලිස් ගණන්වල සිදුවූ සියලුම සිද්ධීන් වාර්තා ගත කර තිබුනේ වසර ගණනක්ම පසුවීය. ඊශ්‍රායලයේදීද නොව ඔහු 1956 දී ඇමෙරිකා එක්සත් ජනපදයට රැකියාවට ආරාධනා කළාටත් පසුවය.
කථා කරගෙන යද්දී තවත් එක කරුණක් ඒවා හෙළි කලාය. ඇය තෙමස් වියැති බිලිඳියකව සිටියදී සහෝදරයා සමග අනාථ නිවසකට භාර දී තිබුණි. ඔවුන්ගේ මව ග්වර්දියා ලුදෝවා *(ලුදොවා කණ්ඩායම) සමග ජර්මනුන්ට එරෙහිව සටන් කලාය. ඉන්පසු ස්ටාලින්ගේ ගුලාගයක (බර වැඩ සහිත කම්කරු සිර කඳවුරු ) සිරගතව සිටි ඇය 1954 දී නිදහස් කරන විට ඒවාට වසර එකොළහක් දොළහක් වන්නට ඇත . ඇගේ සොහොයුරා ,විතෙක් මව එනතුරු ජිවත්ව සිටියේ නැත. ඒ වනවිට ඒවා රෝමානු කතෝලික දැරිවියක්ව සිටියාය.
ඇය ඉතා පියකරුය.එළිපිටට පෙනෙන්නේ ඇය ශෙපදික්** කුලයේ දිග කළු කොණ්ඩයක් හා සරල මුහුණක් ඇත්තියක ලෙසය. පෙරදිගට අයත් ඇගේ දෙනෙත් වෙහෙසකර නොවූ ඉසාක් ගේ මෙන් අග්නිමය දීප්තිමත් ඒවා විය.
* ග්වර්දියා ලුදෝවා කණ්ඩායම යනු රහසිගත කොමියුනිස්ට් සන්නද්ධ කණ්ඩායමකි.කොමියුනිස්ට්වාදී පෝලන්ත කම්කරු පක්ෂයට අනුබද්ධ ජර්මනුන්ට යටත් පෝලන්තයේ සටන් කල එයට මුදල් ලැබුනේ සෝවියට් සංගමයෙනි. 1942 දී පිහිටුවන ලද එ ඒ දිනවල තිබු ජර්මනුන්ට විරුද්ධව සටන් කල විශාලතම දේශප්‍රේමී ගරිල්ලා කණ්ඩායම විය. පරිවර්තක
**ශෙපදික් කුලයේ යුදෙව්වන් ලයිබිරියානු ප්‍රදේශයෙන් (වර්තමාන ස්පාඤඤයෙන්) පැමිනියවුන්ය. -පරිවර්තක
- Ajith Dharmakeerthi 05/08/2023
(ලුද්මිලා උලිට්ස්කයා ගේ පොතකි)
Have you read "Red Sky at Noon" by Simon Sebag Montefiore ?
ReplyDeleteUpsy Daisy! Darn thing went as Ano.
Deleteනැහැනේ . හොඳ පොතක් වගේ. ලිස්ට් එකට දාගන්නම්
DeleteDaniel Stein - intepreter
ReplyDeletefilm eka බලල කියන්නං. නෙට්ෆ්ලික්ස් තියෙනවනම්. නැත්නම් අමසොන් ප්‍රයිම්
ReplyDeleteපොත් කියවන්න කල් නැති; මදි කාලයක
ReplyDeleteපරිවර්තනයක් ටික ටික දකින එක
පවසට පැන් පොදක් දෙනවා වැනි දෙයක
පමා නොවී '3' දෙනවා නං යෙහෙක
දෙන්නම් වෙලාවට නැතත් කොහොම හරී
Deleteඅජිත්
ReplyDeleteකරුණාකර මට මෙයට නීතිය අනුව පිලිතුරක් පමනක් ලබා දෙන්න.
මං මාස කීපයකට කලින් අංගොඩ හන්දිය ආසන්නයේ නිවසක කුලියට ඉන්න ගියා පවුලත් එක්ක. ඒ මගෙ රැකියාවට ඉතා ආසන්න නිසා. අපි පදිංචියට ගිහින් ටිකක් කල් යනකොට තෙරුනේ ගෙදරට අල්ලපු ගොඩනැගිල්ල සිද්ද වෙන්නෙ මහා හිරිකිත දේවල්. කොටින්ම කිව්වොත් විකෘති මානසිකත්වයන් තියෙන අය යන ගනිකා මඩමක්. ගොඩනැගිලි අතර ලොකු දුරක් නැති නිසා සමහර වෙලවට අපිට ඒ දේවල් ඇහෙනවා. අපි මේ ගැන මුලින්ම නිවසේ අයිතිකරුට කිව්වා, එයා කියන්නෙ එයාට එ දෙවල්වලට වගකියන්න බෑ අපිට ඔනෙ නම් පොලිසියට පැමිනිලි කරන්න කියලා. ඉතින් අපි පොලිසියට ගියත් හරි විසදුමක් නැ. නීතිමය පැත්තෙන් අපිට කරන්න පුලුවන් මොනවා ද? අපිට අයිතියක් නැද්ද මෙවාට විරුද්ධ වෙන්න?
ඕගොල්ලන්ට ඒවා ඇහෙනවා කියල නඩු දමන්න නීතියක් නැහැ මම දන්නා තරමින්. පෞද්ගලික නිවසක් නම් බිස්නස් එකකට ලියා පදිංචි කර නැත්නම් එංගලනතයේ නම් අදායම් බදු එකට කිව්ව හැකි.
Delete//යනකොට තෙරුනේ ගෙදරට අල්ලපු ගොඩනැගිල්ල සිද්ද වෙන්නෙ මහා හිරිකිත දේවල්. කොටින්ම කිව්වොත් විකෘති මානසිකත්වයන් තියෙන අය යන ගනිකා මඩමක්.// කොහොමද දන්නේ? ළමයි භාවිතා කරනවානම්, සත්වයන් සමග ඒ ක්‍රියා කරනවනම් ලන්කවෙනිතියට අනුව කටයුතු කරන්න පුළුවන්. ගණිකා වෘත්තීය ශ්‍රී ලංකාවේ තහනම් නිසා එවැනි ක්‍රියාවක යෙදෙනවා කියල හොඳාකාරව දන්නවා නම් වලානේ දූෂණ මර්දන ඒකකයට කියන්න. ඒකට නම ලංකාවේ නීතයක් තියනවනේ. ප්‍රදීප් මොනව අකියිද දන්නේ නැහැ
මෙහෙමයි අජිත් අම්මලා තමන්ගේ ළමයින්ට බනින්නෙ උඹලා තමයි නරකම ළමයි කියලා, පංතිභාර ගුරුවරුන් බනින්නෙ නරකම පන්තිය තමයි මේ පන්තිය කියලා. මම ඒකෙ අවුලක් දකින්නෑ. හැබැයි වෙන පන්තියක ගුරුවරයෙක් හරි, වෙන අම්මා කෙනෙක් අනිත් ළමයි ගැන කියද්දී ඊට වඩා වෙනස් විය යුතුයි.
ReplyDeleteඒ වගේම වෙනත් රටක පුරවැසිභාවය තියෙන පුද්ගලයෙක් ලංකාව ගැන කියද්දිත් එයාගෙ conflict of interest සැලකිල්ලට නොගන්න එකෙන් වෙන්නෙ තමන්ගෙ වල තමන්ම කපා ගැනීම.
පිට පුරවැසියා ලංකාව ගැන හොදට දන්නවා, ඒ උනාට ලංකාවෙ එකා පිට ඉන්න එකා ගැන දන්න ඉතා අල්පයයි. මේකේ වාසිය හොඳටම ගන්නවා පිට ඉන්න එකා. ඒ නිසා මේ වගේ පෝස්ට් වල කියන දේ අමුවෙන්ම ගිලින්නේ නැතුව ටිකක් හොයලා බලනවා නං සන්තෝසෙන් ඉන්න පුළුවන් 🙂
අනෙක අජිත් ලෝකයේ වෙනස් කලාපවල රටවල් දෙකක් ගත්තොත් ඒ එක රටකට සාපේක්ෂව තව රටක සංස්කෘතිය සෑහෙන්න වෙනස්, මිනිසුන්ගෙ සිතුම් පැතුම් වෙනස්, මිනිසුන්ගේ ඇදහිලි වෙනස්, විශ්වාසයන් වෙනස් මිනිසුන්ගේ උවමනා වෙනස්...
ඒ නිසා මම කියන්නේ වෙන වෙන රටවල් වලින් හොද පුරුදු ඈදාගත්තට කමක් නෑ, වෙන රටවල් වගේ අපේ රට කරන්න ගියොත් අපිටත් වෙන්නෙ වෙන කෙනෙක්ගෙ ටෙම්ප්ලේට් එකකට ජීවත් වෙවී පම්පෝරි පුරාජේරු ගහගහ හිතින් දුක්විදින්න.
ඒ අනුව ලංකාවෙ ටෙම්ප්ලේට් එකට අනුව ලංකාව, ලංකාව විදියට දියුනු කරන්න යෝජනා ඉදිරියට ගෙනියන්තර, ලංකාව තවත් ජපානයක් හරි සිංගප්පූරුවක් හරි, ඇමරිකාවක් හරි කරන එක නෙමේ කරන්න ඕන, ලංකාව, ලංකාව විදියට අඩුපාඩු අඩු කරගෙන දියුනු කරන එක. අර රට මෙහෙමයි මේ රට මෙහෙමයි කිය කිය පුරාජේරු ගැහුවට ඒ රටවල් වල සමහර මිනිස්සුත් කැමති ලංකාව වගේ ජීවත් වෙන්නයි. අපි උන්ගෙ දේට ආස වෙනකොට උන් අපේ දේට ආස වෙනව. හැමෝම හොයන්නෙ තමන් ලග නැති දේයි. තියන දේ appreciate කරල ඒක තවදුරටත් ගොඩනගාගන්න උත්සහ කරන්නෙ නෑ. අනෙත් එකාට තියන දේ මට නෑනෙ කිය කිය දුක්වෙනව.
මේකට හොදම උදාහරන දැන් දැන් ඇමරිකා එක්‌සත් ජනපදයෙන් පේනව, The great Resignation කියන එක ගැන හොයල බලන්න, USA වල ලොකු තනතුරු වල ඉන්න ලොකු ලොක්කො ඒ තනතුරු වලින් අයින් වෙලා පොඩි පොඩි ලේබර් ජොබ්ස් කරගෙන ඉන්නව stress free ඉන්න ඕන නිසා. ඒක නිසා කියන්නෙ අජිත් වෙන වෙන අයගෙ ටෙම්ප්ලේට්ස් අපේ ඔලුවල ගහන්න උත්සහ කරන්නෙ නැතුව අපේ ටෙම්ප්ලේට් එක තවදුරටත් දියුනු කරන්න, අඩුපාඩු හදාගන්න ක්‍රමයක් ගැන කතාකරමු.
මම ලංකාවේ මිනිසුන්ට ජිවත් වෙන විධිහක් ගැන නම් කියන්න ගිහිල්ල නැහැ නේද? මම ජිවත් වෙන විධිහ ගැන නම් ලියනවා. ලංකාවට වෙනස් වෙන්න අවශ්‍ය නැහැ. හොඳට මැනේජ් කරනවානම් ගොඩ යන්න පුළුවන් කියන එක තමා මගේ අදහස..
Deleteස්තුතියි. ලංකෑවේ තත්වය ස්ටේබල් කියල තමා මෙහෙ කියන්නේ. ඒ කියන්න ජාත්‍යන්තර ඩිල් වලට. නමුත් අනතුරෙන් ගොඩ ඇවිත් නැහැ කියල පේනවා.
ReplyDeleteඅජිත් "රුසියන් සෙබළු දහස් ගණනක් තම ජීවිත පරදුවට තබමින්, රූබල් බිලියන ගාණක් වියදම් කරමින් සෙලෙන්ස්කිගෙ පාලනයෙන් මුදවාගත් යුක්‍රේන භූමි පෙදෙස්වලට ඊටපස්සේ රුසියාව මොකක්ද කලේ? දැන් ඒ ප්‍රදේශවල තත්වය කොහොමද?"
ReplyDeleteමේ ප්‍රශ්න ඔබේ සිත තුලත් බොහෝ විට මතුවන්නට ඇත.
පහත රූප රාමු වලින් ඔබ මේ දකින්නේ එම ප්‍රශ්නයට රුසියන් රජය පිලිතුරු දුන් ආකාරයයි.
https://www.facebook.com/100063626331494/posts/pfbid0i4k7hSpcZj8aSLfVgd8heuS55BNTQu3iz8tBXqfZWsqpoN8VYx6jLUYuJVRunaH1l/?app=fbl
2022 අවුරුද්දේදී මුදවාගත් Mariupol නගරය මේ වනවිට දවසින් දවස පෙර තිබුණාටත් වේගයෙන් නවීකරණය වෙමින් පවතිනව. රුසියානු රජය විසින් පුළුල් මංමාවත්, සුවපහසු මහල් නිවාස, නවීන තාක්ෂණයෙන් යුත් පාසල් සංකීර්ණ සහ රෝහල් විශාල ප්‍රමාණයක් 2022 වසරේ සිට මේ දක්වා ඉදිකරමින් පවතිනවා. මෙම පින්තූර එකතුවට ඇතුළත් වෙන්නෙ ඒවායෙන් කිහිපයක් පමණයි.
Read the book written by Upali Wijewardena's wife, Lakmini Wijewardena - "Upali, a Man in a Million!"....A real Eye Opener for any intelligent entrepreneur - The book illustrates the battles he waged, the sleepless nights he spent building his empire, His love for the Supreme Buddha, the frustrations he went through to reach the top ( the Richest Man in Sri Lanka and the 7 th Richest businessman in South East Asia by his 44 th birthday - , and his Greatest Dream to become the President Of Sri Lanka, to serve his Motherland and his people.... ( both of whom he loved with all his heart), his Political enemies - who eventually destroyed him, and of course his undying love for Elephants, Dogs, and Horses.......
ReplyDelete