Wednesday 12 July 2023

කටු ඔටුන්නට සටන් වැද - අංක දෙක - ප්‍රිගොෂින්

මේකේ පළමු කොටස තේරුනේ නැහැ කියන පාඨකයන්ට කියන්න තියෙන්නේ වහාම ගිහිල්ල ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාව බලන්න කියල. නැත්නම්  "සිහසුනට සටන් වැද" කියල බුරතිනෝ ලියපු, තව කවුද උස්සපු පොත බලන්න කියල.  

ස්ටාර්ක් කියල කියන්නේ වින්ටර්ෆෙල් පාලනය කරපු කට්ටිය. එයාලට කලින් ඒ වගේ ඒකාධිපති ලේකම් ලා සෙට් එකක්ම හිටිය. අවුරුදු හැත්තෑවක් විතර. ඊට පස්සේ වෙස්ටෙරෝස් වලින් ගේම දීල හවුස් ඔෆ් ස්ටාක් එක කඩන්  වැටුන.  දැන් දශක දෙකක්ම ඉන්න එක්කෙනා  අකුරු තුනේ සංවිධානෙන් ආපු කෙනෙක්. 

පළමු කොටස කියවන්න මේ යොමුවට යන්න:කටු ඔටුන්නට සටන් වැද -  අංක එක 

 පිරිගොෂින්යා  හිටපු ගමන් කාට හරි කෑ ගහන බව  කියල වින්ටර්ෆෙල් වල කවුරුත් දන්නව. පූ-ස්ටාක්- ටින්  ටත් බැන වැදුන එක පාරක්. ඒ මිනිහ හිරේ හිටිය නිසා කියලා සමහරු කියනවා. කොහොමහරි හැමෝටම පෙනුනේ මිනිහ රතු ලයින් එක පැන්න කියල මොක්බා වලට තමන්ගේ කුලී හමුදාවේ විස්සක් විතර අරන්  යන්න ගිය වෙලේ.  ගොඩක් විශ්ලේෂකයෝත් ඒකම කීව. ඒත් මගේ  බ්ලොග් එකට ලැබුණු විශේෂ ආරංචිය තමයි මිනිහ නාඩගමක් නටනවා කියල.  ඒක මම ෆේස්බුක්  එකේ ලිවම  සමහර අය එය විශ්වාස කළේ නැහැ. දැන් අලුතින් ලැබෙන ආරංචි අනුව ඒක ඇත්ත බව පෙනුනනේ. වෙස්ටරොස් වල මාධ්‍ය තමා ඉල්ලන් කෑවේ . ඒ ගොල්ලෝ ලැජ්ජාව යන්න තව තව විශ්ලේෂණ ලියනවා. 

දැන් මොකද වෙන්නේ කියලා ලියන්න කලින් ස්විට්සර්ලන්තේ ගැන කියන්න හිතුන. මොකද ස්විට්සර්ලන්තේ පැත්තෙන් දර්ශනවාදී ප්‍රහාරයක් ඇවිල්ල තිබ්බ පූ-ස්ටාර්ක්ටි-න් ටයි වින්ටර්-රුස්-ෆෙල් වලටයි. මාෆියා රටක්ය, ඒකාධිපතියෙක්, සල්ලි මංකොල්ල කාපු එවුන්ය වගේ කතා. ඔක්කොම ඇත්ත. සල්ලි හම්බ  කරන්න  දුන්නේ රටේ ධනපතියන්ට. තමන්ට පක්ෂ අයට.  උන් ඒවා පිටරට හංගන කොට ආපහු  තමන්ගේ රටට සල්ලි ඇදල මිනිහ රජ වුනා. ඒකත් ඇත්ත. නමුත් මෑන්  පෙන්ෂන් දෙන්න ගත්ත. රස්සා දෙන්න ගත්ත. නැත්නම් ඉතින් මිනිස්සු කැරලි ගහයි නේ. රටත්  දියුණු වුනා. මේක ලියන මම 2016 දී ගිහින් ඇත්තට දැක්ක දියුණු වෙලා තියෙන තරම.  එසේම  සල්ලි ඔක්කොම තමන්ගේ රටේ හම්බ  කරපුව. තමන්ගේ තෙල්,  තමන්ගේ ගෑස් . තමන්ගේ දියමන්ති.  මයි කාර් මයි පෙට්රෝල්.
නමුත්   ස්විට්සාර්ලන්තේ බලමු. පිට රටවල මිනිස්සුන්ගේ ලේ , කඳුළු , දහදිය වලින් උපදවපු සල්ලි නැත්නම් ස්වීට්ර්සර්ලන්තේ   එවුන් අර හයිඩි කියන පුංචි දැරිවි ගැන තියන  කතා පොතේ වගේ පාන් ගෙඩියක් පුච්චලා, චීස්   කෑල්ලක් කාලා,  බැටළු කිරි බීල පිදුරු උඩ බුදියන්නේ. 

මුන් කළේ මොකක්ද? අපේ රටට ඔයාලගේ සල්ලි ගෙනල්ල දාන්න  අපි මුකුත් අහන්නේ නැහැ. අපි හොයන්නේ නැහැ කියල කීව. කාටද කීවේ. ලෝකෙම ඉන්න හොර සල්ලි කාරයන්ට, ඒකාධිපතියන්ට, දූෂිත ජනාධිපති ලට, ඇමතිවරුන්ට. ලංකාව කියන රටේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ සල්ලි පවා තිබෙනවා මුන්ගේ බැංකු වල.  මොන ඒකාධිපතියන්ගේ සල්ලි ද තියෙන්නේ මුන්ගේ ස්විස්  බැංකු වල කියල බලන්න මෙතන - ලිස්ට් එක දිගයි
පිලිපිනේ මාකෝස් , හයිටියේ බේබි ඩොක්, කොන්ගෝ වල මොබුටුවා,   නයිජීරියාවේ සනි අබචා , ඊජිප්තුවේ මුබාරක්, වෙස්ටරෝස් වල හිටපු යනුකොවිච් ඔන්න ඔය වගේ උන්ගේ. ලොකු ලිස්ට් එකක්. එතකොට ස්විස් ඉන්න ඉතාලි කට්ටිය හරහා මිලාන් පැත්තේ  කැලබ්‍රියන් වගේ මාෆියා සංවිධාන වල සල්ලි නතර වුනෙත් ස්විස් බැංකු වල. 
 ඊට අමතරව නාසීන් යුදෙව්වෝ හඹා යනකොට ස්විස් වලට ආපු යුදෙව් සරණාගතයන්ට  එන්න දුන්නේ නැහැ හතලිස් එකේදී, අපේ බෝට්ටුව පිරිලා කීව. හැබැයි සල්ලි තියෙන යුදෙව්  මිලියනපතින් ටික දෙනෙක්  ගත්ත. දෙමළ  සහ තවත් සරණාගතයන්ට පහුෆිය කාලේ හෙම එන්න  ඉඩ දුන් නිසා, කැන්ටන් ක්‍රමය නිසා ලෝකෙට හොඳ මූණ  පෙන්වාගෙන ඉන්නව. හැබැයි ඒකෙන් අර ලේ සල්ලි වල,  කුණු වෙච්චි බැංකු බිස්නස් එක මැකෙන්නේ නැහැ, ඒ නිසා ස්විට්සර්ලන්තේ ඉඳන් වින්ටර්ෆෙල් නායකයා ගේ සල්ලි හා මාෆියා  පාලනය ගැන විවේචනය කිරීම  වීදුරු ගේක ඉඳන් ගල් ගහනව වගේ වැඩක් තමයි.

රයිට් දැන් ප්‍රිගොෂින් කාරයාගේ ගේම. ඔය නාඩගම යන අස්සේ එයාගේ හමුදාවේ  බොහෝ පිරිසක් සහ අවි ආයුධ  සුදු රුසියාව (බේලෝ කියන්නේ රුස් බාසාවෙන් සුදු කියන එක ) පැත්තට  මාරු කළා. නැට්ටෝ සංවිධානයේ ලොක්කන්ට  සැටලයිට් වලින් ඒවා පෙනෙන්න ඇති. නමුත් එයාල නිහඬයි. මේ යුද්ධෙදි  පරණ ආයුධ  ටික නියමට ටෙස්ට් වෙන එකේ සහ මිලිටරි  කොම්ප්ලෙක්ස් එකේ නිෂ්පාදන නියමෙට නැගල යන එකේ ඕව මොකට කියනවද කියල හිතන්න ඇති. දැන් මේ යුධ පෙරමුණ කිලෝ මීටර දාහකටත්  වඩා දිගයි. පටන් ගත්තේ කුරුමියා ප්‍රාන්තයේ පැත්තෙන් නේ. මැප් එකේ අනිත් පැත්තට යන්න. චෙර්නිසොව්  පැත්තට උඩහට.  ඒ පැත්තෙන් ආයිත් සටන් පටන් ගත්තොත් බහ්මුට් වගේ මොකද වෙන්නේ.

වෙස්ටරෝස් හමුදා අලුත් ආයුධ සහ ටැංකි එක්ක සඵරෝෂියා  විදුලි බලාගාරය පැත්තෙන් කිලෝ මීටර දෙක තුනක් ඇතුලට ගිහින්. එතකොට ඉන් දකුණට වෙන්න   තව තැන් දෙකකින් ඇතුලට ගිහින් තියෙන්නේ.  ක්‍රම්ටෝව්ස්ක්ඒ වගේ පැති වල.  සමහර පැතිවල වින්ටෆෙල් හමුදා ඕන කමින් ඇතුලට පසු බැහැල ගිහින් කියලත් කියනව.  තව ඇතුළට  යන්න ඉඩ  තියනවා. වෙස්ටරෝස් හමුදාව ත්‍රිකෝණයක් වගේ තමා ඉදිරියට යැවෙන්නේ. 

හරි දැන් එතකොට වින්ටර්-රුස්-ෆෙල් හමුදා    ප්රිගොෂින් කාරයා ගේ වැගන් - ආර් හමුදාව එක්ක උඩහින් පෙරමුණක් ඇරියොත්, පහලින් පෙරමුණේ කෙලවරින් ඉදිරි වළල්ල කඩාගෙන තවත්  ආක්‍රමණයක් පටන් ගතහොත් මොකද වෙන්නේ.  



පින්සර්  මුව්මන්ට් කියන එක අහල තියෙනවද?  ඒ කියන්නේ  හමුදාවකට ඉස්සරහට යන්න  දීල දෙපැත්තෙන් පහර දීල ඒ හමුදාව වට කිරීමට. සුන් ට්සු තමන්ගේ "ආර්ට් ඔෆ් වෝ " පොතේ මේ ගැන කියල තියනව. හැබැයි අර දෙපැත්තෙන් ගහල වට කරන්න කලින් ඉදිරියට යන ප්‍රති විරුද්ධ හමුදාවට   දිනන්න  පුළුවන් කියන සැකය පහල කරනවා.
නමුත් ඉතිහාසයේ සටහන් වී ඇති  යුද්ධ   ගත්තොත්,  විකිපෙඩිය එකේ  බලන්න මේවා. මැරතන් සඳහා වන යුද්ධයේදී ඇතිනියන් ජෙනරල් මිල්ටීයදෙස් මේ ක්‍රමය භාවිතා කරල දිනලා  තියනව පර්සියන් වරුන්ට විරුද්ධව. එතකොට වඩා ප්‍රසිද්ධ  යුද්ධයක් වන හැනිබල් ගේ හමුදා සහ රෝමන් හමුදා අතර කැනේ වල ක්‍රිස්තු පූර්ව  216 වුන සටනත් ඒ වගේ. ඒකෙදි රෝමන් ජෙනරල් පවුලස් ගේ  හමුදා වලට දෙපැත්තෙන් සහ පිටුපසින්  පහර දීලා සමූල ඝාතනය කළා.  මේක ජෙන්ගිස් ඛාන්  පවා භාවිතා කල යුධ උපක්‍රමයක්. ඉතාමත් මෑත ඉතිහාසයේ  හිට්ලර් ගේ නාසි හමුදා කීව් නගරය එක්දාස් නවසිය හතලිස් එකේදී අල්ල ගත්තේ ඔය විධිහටලු. 

කොහොමත් වෙස්ටෙරොස් හමුදාව නැට්ටෝ ආයුධ සහ ටැංකි භාවිතා කරමින් ඉදිරියට යන බවක් පෙනෙනවා, නමුත් වින්ටර්ෆෙල් හමුදා කලබල වෙලා නැහැ. ඒක නිසාත් ලැබෙන ප්‍රවෘත්ති අනුවත් මෙවැනි පින්සර් ප්‍රහාරයක් දීමට සැරසෙන බවයි පෙන්නේ.

යුධ ප්‍රචාර පැත්තේ වෙස්ටරෝස් පැත්ත ඇත්තටම දිනුම්. හැමවෙලේම වින්ටර්ෆෙල් ගහන ඒවලින්  ළමයි තුවාල වෙන සහ මැරෙන ඒවා පළවෙනවා  ලේඛිකාවෝ මැරෙනවා. ඉතින්  වින්ටර්ෆෙල් දැන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දරුණු සතුරෝ.   ඇත්තට ම යුද්ධයක් කියන්නේ දරුණුයි තමා. නමුත් අනිත් පැත්තේ අයත් ඒ වගේම මැරෙනවා. ලේඛකයෙක් මැරුණා බෝම්බයක් ගහල. වෙස්ටරොස්වේ පත්තර කීවේ  දරුණු  බොරු ලියන්නෙක් කියල ඒ මැරුනේ. ඒ කියන්නේ මැරුවට කමක් නැහැ වගේ අදහසක් දෙන්නේ.  ඒ වගේම ඒ පැත්තේ ළමයි මැරුණා  පහුගිය වසර නවය  තුලම. වැඩි ප්‍රචාරයක් ලැබුනේ නැහැ. ලංකාවේ යුද්ධෙදි සියදිවි නසා ගන්න බෝම්බ  වලින් මැරුණු අය ගැන දකුණ දැනගත්තට උතුරේ ගම්  පිටින් බෝම්බ දැමීම නිසා මැරෙන  ඒවා ගැන දැන ගත්තේ නැහැ. උතුරේ තත්වෙත්  ඒ වගේමයි වුනේ . යුද්ධයකදී සත්‍යය හුඟක් වෙලාවට කැශුවල්ටි එකක් කියල  කියනවනේ.

ඉතින් මගේ අදහස තමා ඔය. ලැබුණු දත්ත මත පදනම්ව  කරන ලද නිගමනයක්. අර මම කලින් කිවා වගේ නැට්ටෝ වල දක්ෂ ජෙනරල් ල වුනත් ඕක දන්නවා ඇති. ඔවුන්ටම ආවේණික  හේතුවකට නිහඬව ඉන්නව කියලයි හිතෙන්නේ.

අවසානයට මට ලැබුන ස්ක්‍රීන් ෂොට් එකක්. මේ වින්ටර්ෆෙල් වලට විරුද්ධව යන සම්බාධක ගැන. ඕගොල්ලෝ හිනා වෙන්න  එපා. 



~~~~~~~~~~~~~~~~
මේක මම කියවපු එකක් පූ-ස්ටාක් -ටින් ගේ කතාවක. පූ ස්ටාක් ඒ දවස් වල වෙස්ටෙරොස් ඔක්කොමලගේ සුරතලා නේ. ගෑස් අඩුවෙන් දෙනවා, තෙල් දෙනවා, යෙල්ට්සි අන්කල් වගේම බටහිර කම්පැනි වලට වැඩ කරන්න, ලාභය උපයන්න  දෙනවා. මට මතකයි රැජින එක්කත් අස්ස කරත්තේ ගියා මලිගවාට. ඔය කාලේ තමා මේ සාකච්චාව ගියේ. එතකොට ඔය ඒකාධිපති ක්ලේප්ටෝක්‍රසිය ගැන කතා නැහැ. 

පූටින් යුරෝපා සංගමේ ට එන්න  ඇහුවම තුර්කියට පස්සේ එන්න කිවලු. තුර්කිය ඉතින් මේ කපේට එන්නේ නැහැ කියන එක දන්නා නිසා  තමන්ටත්    එන්න බැහැ කියන එක පූ-ස්ටාක්-ටින්  තේරුම් ගත්තලු.

ඉතින් ක්ලින්ට ගෙන් ඇහුවම අපට නැට්ටෝ එකට එන්න බැරිද කියල? ක්ලින්ට කින්ඩියට හිනා වෙලා  කීවාලු ඔයා ඇප්ලිකේෂන් එකක් දාන්න , 2055 විතර හරියයි කියල. පූට කියල තියනව, "අපි තමයි වෝර්සෝ බ්ලොක් එකේ හෙඩ් වෙලා හිටියේ. මෙච්චර අච්චර ආයුධ තියෙනවා න්‍යෂ්ටික ආයුධ එක්ක. අපට සමාන පාට්නර් කෙනෙක් හැටියට ඉන්වයිට් එකක් දීපන් . අප එන්නම්. ලෝකේ වඩා සාමකාමී එකක් කරමු  වගේ බයිලා එකක්". එතකොට ක්ලින්ට කියල තියෙනවා. "අපට එතකොට හතුර වෙන්නේ චීනේ විතරයි නේ. කිමාව (උතුරු කොරියාව) කවුරුත් ගණන් ගන්නේ නැහැ. අපේ සපොර්ටස් ලා ඒකට කැමති වෙන එකක්  නැහැ කියල  ". ඩිමොක්‍රටික් පක්ෂේ සපොර්ටස් ල කියන්නේ ඉතින් මිලිටරි කොම්ප්ලේක්ස් එක හැන්ඩ්ල් කරන ලොකු කම්පැනි සහ ඒවායේ අයිතිකාරයෝ නේ. දැන් බයිඩ ට වෙලා තියෙන්නේ. ඉතින් ඒක වුනේ නැහැ. 
රෙස්ට් ඉස්  හිස්ටරි. 
 



  (මෙය ලියා ඇත්තේ යුධ වදින ආක්‍රමණිකයා  හෝ ප්‍රතිප්‍රහාර දෙන්නා අතර යුද්ධය සාධාරණිකරණය කිරීමට නොවන බව කරුණාවෙන් සලකන්න -සිද්ධීන් වෙත හෙලන විමර්ශනාත්මක බැල්මක් පමණි) 

27 comments:

  1. කොපමණ සාධාරණ හේතු දැක්වූවත් යුද්ධය නම් ම්ලේච්ඡ්ත්වය මත පදනම් වූ දෙයක්.

    ReplyDelete
    Replies
    1. එකඟයි. මම මේ ටික ලීවා ඔයාගේ කොමෙන්ට් එකෙන් පස්සේ.

      Delete
    2. මේක මම කියවපු එකක් පූ-ස්ටාක් -ටින් ගේ කතාවක. පූ ස්ටාක් ඒ දවස් වල වෙස්ටෙරොස් ඔක්කොමලගේ සුරතලා නේ. ගෑස් අඩුවෙන් දෙනවා, තෙල් දෙනවා, යෙල්ට්සි අන්කල් වගේම බටහිර කම්පැනි වලට වැඩ කරන්න, ලාභය උපයන්න දෙනවා. මට මතකයි රැජින එක්කත් අස්ස කරත්තේ ගියා මලිගවාට. ඔය කාලේ තමා මේ සාකච්චාව ගියේ.

      පූටින් යුරෝපා සංගමේ ට එන්න ඇහුවම තුර්කියට පස්සේ එන්න කිවලු. තුර්කිය ඉතින් මේ කපේට එන්නේ නැහැ කියන්න තමන්ට ජෝන් එන්න බැහැ කියන එක පූ-ස්ටාක්-ටින් තේරුම් ගත්තලු.

      ඉතින් ක්ලින්ට ගෙන් ඇහුවම අපට නැට්ටෝ එකට එන්න බැරිද කියල? ක්ලින්ට කින්ඩියට හිනා වෙලා කීවාලු ඔයා ඇප්ලිකේෂන් එකක් දාන්න , 2055 විතර හරියයි කියල. පූට කියල තියනව, අපි තමයි වෝර්සෝ බ්ලොක් එකේ හෙඩ් වෙලා හිටියේ. මෙච්චර අච්චර ආයුධ තියෙනවා න්‍යෂ්ටික ආයුධ එක්ක. අපට සමාන පාට්නර් කෙනෙක් හැටියට ඉන්වයිට් එකක් දීපන් . අප එන්නම්. ලෝකේ වඩා සාමකාමී එකක් කරමු වගේ. එතකොට ක්ලින්ට කියල තියෙනවා. "අපට එතකොට හතුර වෙන්නේ චීනේ විතරයි නේ. කිමාව (උතුරු කොරියාව) කවුරුත් ගණන් ගන්නේ නැහැ. අපේ සපොර්ටස් ලා ඒකට කැමති වෙන එක්ක නැහැ කියල ". ඩිමොක්‍රටික් පක්ෂේ සපොර්ටස් ල කියන්නේ ඉතින් මිලිටරි කොම්ප්ලේක්ස් එක හැන්ඩ්ල් කරන ලොකු කම්පැනි සහ ඒවායේ අයිතිකාරයෝ නේ. දැන් බයිඩ ට වෙලා තියෙන්නේ. ඉතින් ඒක වුනේ නැහැ.
      රෙස්ට් ඉස් හිස්ටරි.


      Putin asked Bill Clinton to consider option Russia might join NATO


      (මෙය ලියා ඇත්තේ යුධ වදින ආක්‍රමණිකයා හෝ ප්‍රතිප්‍රහාර දෙන්නා අතර යුද්ධය සාධාරණිකරණය කිරීමට නොවන බව කරුණාවෙන් සලකන්න -සිද්ධීන් වෙත හෙඅලන විමර්ශනාත්මක බැල්මක් පමණි)

      Delete
    3. මේක මම කියවපු එකක් පූ-ස්ටාක් -ටින් ගේ කතාවක. පූ ස්ටාක් ඒ දවස් වල වෙස්ටෙරොස් ඔක්කොමලගේ සුරතලා නේ. ගෑස් අඩුවෙන් දෙනවා, තෙල් දෙනවා, යෙල්ට්සි අන්කල් වගේම බටහිර කම්පැනි වලට වැඩ කරන්න, ලාභය උපයන්න දෙනවා. මට මතකයි රැජින එක්කත් අස්ස කරත්තේ ගියා මලිගවාට. ඔය කාලේ තමා මේ සාකච්චාව ගියේ. එතකොට ඔය ඒකාධිපති ක්ලේප්ටෝක්‍රසිය ගැන කතා නැහැ.

      පූටින් යුරෝපා සංගමේ ට එන්න ඇහුවම තුර්කියට පස්සේ එන්න කිවලු. තුර්කිය ඉතින් මේ කපේට එන්නේ නැහැ කියන එක දන්නා නිසා තමන්ටත් එන්න බැහැ කියන එක පූ-ස්ටාක්-ටින් තේරුම් ගත්තලු.

      ඉතින් ක්ලින්ට ගෙන් ඇහුවම අපට නැට්ටෝ එකට එන්න බැරිද කියල? ක්ලින්ට කින්ඩියට හිනා වෙලා කීවාලු ඔයා ඇප්ලිකේෂන් එකක් දාන්න , 2055 විතර හරියයි කියල. පූට කියල තියනව, "අපි තමයි වෝර්සෝ බ්ලොක් එකේ හෙඩ් වෙලා හිටියේ. මෙච්චර අච්චර ආයුධ තියෙනවා න්‍යෂ්ටික ආයුධ එක්ක. අපට සමාන පාට්නර් කෙනෙක් හැටියට ඉන්වයිට් එකක් දීපන් . අප එන්නම්. ලෝකේ වඩා සාමකාමී එකක් කරමු වගේ බයිලා එකක්". එතකොට ක්ලින්ට කියල තියෙනවා. "අපට එතකොට හතුර වෙන්නේ චීනේ විතරයි නේ. කිමාව (උතුරු කොරියාව) කවුරුත් ගණන් ගන්නේ නැහැ. අපේ සපොර්ටස් ලා ඒකට කැමති වෙන එක්ක නැහැ කියල ". ඩිමොක්‍රටික් පක්ෂේ සපොර්ටස් ල කියන්නේ ඉතින් මිලිටරි කොම්ප්ලේක්ස් එක හැන්ඩ්ල් කරන ලොකු කම්පැනි සහ ඒවායේ අයිතිකාරයෝ නේ. දැන් බයිඩ ට වෙලා තියෙන්නේ. ඉතින් ඒක වුනේ නැහැ.
      රෙස්ට් ඉස් හිස්ටරි.

      Delete
  2. ඒ කියන්නෙ රුසියාව, නැටෝ එකට එන්න උත්සාහයක් අරං තියනවා. ඒත් ඒක කඩාකප්පල් කරල දැම්මා. ඒකාධිපති යටතේ වුනත් ස්ථාවරව තිබ්බ, ඉරාකය සහ ලිබියාව නැති කරලම දැම්මා. චීනෙ වුහාන්, "ගේන් ඔෆ් ෆන්ක්ෂන්" වවුල් පරීක්ෂණ වලට, ඇමරිකාව ෆන්ඩ් කලා කියල ෆවුසි කිව්වා.

    බලාගෙන ගියාම, ලෝක සාමෙට කෙලවන්න ඇමරිකාව සෑහෙන වැඩ කොටසක් කරනවනෙ?

    ReplyDelete
    Replies
    1. / චීනෙ වුහාන්, "ගේන් ඔෆ් ෆන්ක්ෂන්" වවුල් පරීක්ෂණ වලට, ඇමරිකාව ෆන්ඩ් කලා කියල ෆවුසි කිව්වා.// මේක දැනගෙන හිටියේ නැත්ද? මම හිතනෙන් මමත් ලීවා ඒක. ආමෙරිකාවයි ප්‍රන්ශයයි ෆන්ඩ් කලේ. කොවිඩ් ඇල්ෆා හා බීට වයිරස් දෙක ජෙනේටිකලි මොඩිෆයි කරලා සාර්ථක වෙනකොට තමන්ගේ කට්ටිය ඇදල ගත්ත. ඒ බයට හැදෙයි කියල. හැදුන . චීනුන්ට

      Delete
    2. https://kolambagamaya.blogspot.com/2020/02/blog-post_35.html

      Delete
    3. රුසියාව දෙපාරක් ට්‍රි කරලා තියෙනවා නේටෝ එන්න. පෝලිමේ එන්න කියල 2045 විතර ගන්නම් කියල. මට හිතෙනවා මු ඒ තරහට පලිගන්න ගහනවද කියල. පෙන්වන්න අපට නේටෝ එක්කත් පුළුවනි කියල.

      Delete
  3. "යුද්ධය නම් ම්ලේච්ඡ්ත්වය මත පදනම් වූ දෙයක්" තර්කයට මමත් එකඟයි. අවාසනාවට, විකල්ප කඳවුරේ අයත් , මාලු කඩේ ජෙමාගේ "මරාගෙන මැරෙනව යකෝ" ක්‍රියා පරිපාටියෙන් ලෝකය ගිණි තියන්න මිස, ලෝක සාමයට රුකුලක් දෙන බව පේන්නෙ නෑ.

    මේව දකිනකොට, "The great filter hypothesis" ඇත්ත වෙන්න සෑහෙන සම්භාව්‍යතාවයක් තියනවා කියලත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. නියුක්ලියර් යුද්ධයක් එයි කියල මම නිතරම ලියන්නේ ඒකයි. සම්භාවිතාවක් තියනවා. සම්පත් බෙදා ගැනීමේ සටනක් කියන එකයි මගේ අදහස

      Delete
    2. ඇවිස්සිච්ච ගමන් ඉන්න මිනිස්සුන්ගෙ ලෝකෙක... කොයි වෙලේ උනත් යුධ උණුහුම තමයි

      Delete
  4. https://www.theguardian.com/world/2023/may/20/russian-mercenaries-behind-slaughter-in-mali-village-un-report-finds


    යුද්ධය කිරීම හා එය අත්දැකීම හුඟක් අප්‍රසන්න නරක දෙයක් කියන එක මම පිලිගන්නවා.
    ඒත් යුද්ධ, යුද්ධ උපක්‍රම හා යුද උපකරණ ගැන කියවීම, මූවීස් බැලීම මම නම් හුඟක් කැමති දෙයක් . (මේක පොලිටිකලි කරෙක්ට් නොවෙනවද දන්නෙ නෑ. ඒත් ඉතිං මගෙ හොබී එකක්නෙ) විශේෂයෙන් අතීත ඒවා තමයි මම කැමති. නවීන ඒවා ඒතරම්ම ඉන්ටරෙස්ටින් නැත්තෙ ඈත ඉඳන් කිරීම වැඩියෙන් වෙන නිසා. ඉස්සර set battles හුඟක් වැඩියි. ඊජිප්තු, ඇසිරියන්, ග්‍රීක්, මැසිඩෝනියන්, රෝමන්, මධ්යකාලීන යුරෝප, ගුස්ටාෆ් ඇඩොල්ෆ්, නැපෝලියන්, ඇමරිකන් සිවිල්, බොවර්, චීන, ඉන්දියන්, ජපන්, අප්‍රිකානු, ලංකාවෙ පරාක්‍රමබාහුගෙ යුද්ධ වගේ ඔක්කොම ඉන්ටරෙස්ටින් පලවෙනි ලෝකයුද්දෙ දක්වාම. දෙවනි එකේ ඉඳන් තමයි මගෙ ඉන්ටරෙස්ට් එක අඩුවෙන්නෙ ( ඒත් රොමෙල්/ඇමරිකන් /රුසියන් යුද්ධ ටැංකි බැට්ල්ස් ටිකක් ඉස්සර සෙට් පීසස් වගේ )

    පින්සර් මූව්මන්ට් එක හුඟක් ඉෆෙක්ටිව් යුද උපක්‍රමයක්. ඒක දැක්කාම මට මතක්වුනේ හුඟක් ඉස්සර කියවපු ශාකා zසූලූගෙ (සහ පසුව Mzilikazi මටබෙලේ රෙජිමන්ට්ස්) brilliant බෆලෝ හෝර්න් එක.
    ඒක පින්සර් එකට වඩා වට කරන එකක්. encirclement


    ReplyDelete
    Replies
    1. ඔය ලින්ක් එක මම ෆේස්බුක් එකේ දැම්ම. ෆ්‍රෙන්ච් ලිජන් ඒත් කුලිකර කණ්ඩායමක්. උනුත් එහෙමයි අප්‍රිකාවේ. පින්සර් එක එක පැත්තක් වට කරන්නේ නැහැ. යන්න දෙනව ඇතුලට. හැබැයි පිටි පස්සෙන් ගහනකොට ඉස්සරහ අවුල් යනවා. මමත් මේ යුද්ධේ උපක්‍රම මොනවාද කියල තමා හොයන්නේ හැම වෙලේම

      Delete
    2. බහ්මුත් වල වෙච්හි දේ මට රුස්සෙක් කිවේ මේ ජෝක් එකෙන්. මේකේ ටිකක් ජාතිවාදී එකක්. ඒ නිසා මුස්ලිම් මිතුරන් සමා වෙන්න ලියනවට. ඊශ්‍රායල අරාබි යුධේදී කාන්තාර සටන් වල , ඇරබික් සොල්දාදුවෝ වැලි කඳු වලට මුව වෙලා ගහනවලු. ඉශ්‍රයල භටයෝ සෑහෙන්න මරෙනවලු. හංගිංඑ තියන්නේ. මේකට උපක්‍රමයක් විධිහට ඊශ්‍රායල ස්නයිපර්ස් වෙඩික්කරුවෝ කෑ ගහනවලු නම් කියල. අබ්දුල්, ඔව් කියනව , ත්යන්ව. සයිඩ්, ඔව්- තියනව, අන්වර් , ඔව් කියනවා තියනව. පස්සේ ඇරබ්ස් ලට වැඩේ තේරිලා එකෙක්වත්වැලි කඳු වලින් ඔලුව උස්සනේ නැහැලු. එක ඉශ්‍රයල කැප්ටන් කෙනෙක් මහමුද් කීවලු. ඔක්කොම ඔව් කිවලු. සෙට් එකම ඉවරයි. (මහමුද් කියන නම් හැමෝටම තියනව) ප්‍රිගොෂින් නිතරම බනිනවලු ආයුධ නැහැ, කමන්ඩර්ස් ල නරකයි කියල කෑ ගහනවලු. මිනිහ එහෙම ටැන්ට්‍රම් දාන හම වෙලේම උක්‍රෙන හමුදාව යනවලු බහ්මුත් පැත්තේ ගහන්න. මුන්ට ආයුධ නැතිව ඇති කියල. යන එකා එන්නේ නැතිලු.

      Delete
  5. හොඳ ලින්ක් එකක් හොයා ගත්තා.
    https://safarikzn.com/the-zulu-buffalo-horns/
    මීට වඩා විස්තර Wilbur Smithගෙ, James Maceගෙ නවකතාවල තියනව. ටෙක්නිකල් ඩීටේල්ස් අවශ්‍යනම් ඇන්ග්ලෝ-Zසූලු සහ zසූලු සිවිල් යුද්ධ ගැන හුඟක් non-fiction ලියවිලි තියනව

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසින් ට ගහපු යුද්ධේ මම දැක්ක මම හිතන්නේ. ෆිල්ම් එකක් හෝ ඩොකු එකක්. ස්තූතියි

      Delete
  6. Jagath Pathirana13 July 2023 at 18:29

    තුර්කි අධිරාජ්‍යවාදීන් ක්‍රිස්තියානීන්ට අඩම්තේට්ටම් කරද්දී. ඔවුන් රැකගත්තේ රුසියානු අධිරාජ්‍යය විසින්.
    ක්‍රිස්තියානි රටවල් විරුද්ධකම් කරන්නේ ඒ රටට. උන්ට ශාපවෙයි.

    ReplyDelete
    Replies
    1. පූටින් කරන්නේ තේරුමක් නැති යුද්ධයක් අපේ පැත්තෙන් බැලුවහම. රුස්සන්ගේ පැත්තෙන් බැලුවම ඔය ලංකාවේ වගේම විදේශ ආක්‍රමණ වලට බය මිනිස්සු ඉන්නේ. ඒ බයටම ගහන්න කලින් ගහන මානසිකත්වයක් තමා තියෙන්නේ. (මට හිතෙන විධිහට)

      Delete
  7. අජිත් ඩ්රෝන ප්‍රහාර වලින් යුද්ධය සාර්ථකව ක්‍රියාත්මක කරනන බැරිද? ඒ වගේ රොබෝලා යොදාගෙන මිනිස් ජීවිත වලට වන හානිය අවම කිරීම ගැන හිතන්නේ නැත්තේ ඇයි? දේපල හානිය නම් පාලනය කරන එක අමාරුවෙයි, ඒ වගෙම අජිත් එංගලන්තය තුල ඔස්ට්‍රේලියාව වගේ ඩ්රෝන් යානා යවන එක ජනප්‍රිය ද කුඩා දරුවන් අතර? ඔස්ට්‍රේලියාව තුල එහෙමයි කියලා අනුර කුමාර සහෝදරයා පැහැදිලි කළා.

    // මම පහුගිය දවස්වල ඕස්ට්‍රේලියාවේ ගියාම දැක්කේ. එහේ මිනිස්සු පුදුම සැපවත් ජීවිතයක් ගත කරන්නේ.

    ඔබ දන්නවද ? පාසල් ඉවර වෙලා ඕස්ට්‍රේලියාවේ ළමයි ඩ්‍රෝන් යවන්නේ. අර රිමෝට් එකකින් උඩ යවන්නේ.. දැකලා තියෙනවද ?.ආ? ඒ රටවල පාසලේ ක්‍රීඩා පිටියේ, පාර දිගට ඉදන් එහේ ළමයි ඩ්‍රෝන් යවනවා. විවිධ පාට ලයිට් හයි කරපු ඩ්‍රෝන්.. බලන්න ලස්සනයි.

    අපේ ළමයි ? තාමත් යවන්නේ බට පතුරු එකට අමුනලා සවුකොල අලෝලා හදන සරුංගල් .. ඒක යවන්නත් හුලං කාලේ එනකම් ඉන්න ඕන. තංගුස් නූලට අත කැපිලා පුදුම දුකක් විඳින්නේ. බැරි වෙලාවත් වැස්සොත් සරුංගලේ ඉවරයි. නේද ?

    ඔන්න මේ රටේ පාලකයො අවුරුදු හැත්ත පහක් තිස්සේ ඔබේ දරුවන්ට හදපු රට. මම කියන්නේ අපි මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕන නැත්ද ? මේ රනිල් රාජපක්ෂ දූෂිත හොරමුලත් සජිත් ජලනි අසික්කිත හොරමුලත් එකමිටට තියලා හොරකම් කිරීමට දඬූවම ලෙස ජීවිතාන්තය දක්වාම හිරේ යවලා ඒ හොරකම් කරපු මුදල් නැවත අයකරගෙන ඒ මුදලින් ලේසියෙන්ම ලංකාවේ අපේ දරුවන්ට අවශ්‍ය ආකාරයට සියලුම පහසුකම් අපේ ආණ්ඩුවක් යටතේ සපයන බව මතක තබාගන්න...!

    - අරුණ කුමාර දිසනායක සහෝදරයා මින්නේරියේ දි -//

    ReplyDelete
    Replies
    1. ද්‍රෝන වලින් නේ දැන් යුද්ධෙන් භාගයක් යන්නේ. ලංකාවෙත් සෑහෙන්න පාවිච්චි වෙනවා

      Delete
    2. අජිත්, මෙහෙ හදනව දෝන කතිරිනා කියල එකකුයි දෝන කමලාවතී කියල එකකුයි

      Delete
  8. මේ බ්ලොග් එක බලන ඉතාලියෙ ඉන්න අයට දැනුවත් වීම පිනිස අජිත් මේ කතාව කියන්න, ඔයාලා කවදාවත් lotto ලොතරැයි දිනුම් සල්ලි ගන්න පිලිපින්, මැලේ, චීන තබක්කි වලට යන්න එපා උන් දිනපු සල්ලි පිටින් අඩුවෙන් පෙන්වන හොර මැශින් හදාගෙන තියෙන්නෙ මොකද අද මට යුරෝ විසිපහක් දිනල තිබුන ලොතරැයියට යුරෝ දෙකක් දිනල තියෙන්නෙ කියල උන්ගෙ කවුන්ටරේට පිටින් තියෙන මැශින් එකකින් පෙන්වන යුරෝ දෙක පෙන්නුව. මම කිව්ව මට සල්ලි එපා මගෙ ලොතරැයිය ආපහු දෙන්න කියල ඒකත් අරන් වෙන තැනකට ගියාම මම දිනල තිබුන යුරෝ විසිපහ දුන්න..මම ආපහු ඉස්සෙල්ල ගියපු තැනට ගිහින් උන්ට බැනල ආව කපටි වැඩ කරන්න එපා කියල ...මහ හොර එවුන් ඔයාලත් මේ සීන් එක ගැන දැනුවත් වෙන්න අහු වෙන්න එපා...!

    ReplyDelete
    Replies
    1. එහෙම ඒවත් වෙනවැඩ

      Delete
  9. @ ano

    අනේ මන්දා ඉතාලිය හරියට උන්ගේ සංක්‍රමණ නීතී ක්‍රියාත්මක කරන්නේ නැතුව දැන් මෙහේ බාගෙට බාගයක් ඉන්නේ අනවසරයෙන් ගිය අය. Document නැතුව. (මේ ගැන ඉතාලි group එකක කතා කරන්ඩ ගිහිල්ලා ඉතාලි උන් මට බැනලා group එකෙන් block කරා, ඇහැව්වේ document නැතුව ඉන්නවා කියන්නේ කාටද කියලා )

    කොටින්ම ලංකාවේ අපේ ගෙවල් පැත්තේ හිටපු නමගිය පාතාලයෙක් ඉතාලි ඇවිත් අවුරුදු 10ක් සැපට ඉඳලා ලංකාවට ගියා ඉතාලි සුද්දියෙක් එක්ක යාළුයි කියලත් ආරංචි උනා. ඒ වගේ උන්ගෙන් පැවතෙන එවුන් වෙන්න ඇති මේ වගේ වැඩ කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ඉතාලිය මටනම් පේන්නේ ටිකක් රේසිස්ට් රටක් හැටියට

      Delete
  10. Jagath Pathirana21 July 2023 at 09:27

    වලෙරියා ලුකිනෝවා දැන් ඉන්නෙ යුක්රේනෙද? පිටරටකද?

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .