Monday 19 June 2023

කටු ඔටුන්නට සටන් වැද - අංක එක

 

වෙස්ටෙරෝස් සහ වින්ටර්ෆෙල් අතරේ හැම වෙලාම යුද්ධනේ. හැබැයි යුද්ධ නැති කාලෙකුත් තිබුන.  ඊට  පස්සේ ආයෙත් පටන් ගත්ත.  සමහරු වින්ටර්ෆෙල් වල අලුතින් පත් වෙච්ච ඒකාධිපතිය වැරදි කියනවා. සමහරු  වෙස්ටරෝස් වල විකටරුපී ජනාධිපති ගේ වැරැද්ද කියනවා. ඒ කොහොම වුනත් යුද්ධේ පටන් අරන් ඉවරයි.

දැනට යුද්ධේ කවුරු දිනනවද කියන්න බැහැ. වින්ටර්ෆෙල් වල සීතල වැඩියි. හැබැයි ඉතින් දැන් ග්‍රීෂ්ම කාලේ නේ. වින්ටර්ෆෙල් වලින් කාලෙකට කලින් කුරුමියා ප්‍රාන්තය අල්ලගත්ත. ඒකට හේතු තියනවා. 
එක හේතුවක් තමා අමෙරිගෝ වෙස්පුචි ගේ රටේ එවුන් වින්ටර්ෆෙල් එකේ එකම ග්‍රීෂ්ම නැව් තටාකෙට හොම්බ දාන්න ආපු එක. මුදු හතක් එහායින් හිටියත් එයාල එහෙමයි. 

ඊළඟ ට ඇතිවුණු ප්‍රශ්නේ තමා කුරුමියා ප්‍රාන්ත යට බිමට ජලය දෙන එක නවත්තපු එක. ඔය බොන වතුර, ගොවි තැනට ජලය  කපන  එක ලෝකේ ඕන තැනක  ප්‍රශ්න  ඇතිවෙන ඒවා.  මුදු හතකටත් එහායින් දෙරණේ කියල රටක සොරොව්වක් වහන්න ගිහින් කට්ටියක් දරුණු විධිහට ඉල්ලන් කෑව.  වැඩේ හරිද වැරදිද කියල නෙමේ මේ කතා කරන්නේ. වුන දේ කිව්වේ. ඒවා එහෙමයි.

ඉතින් ඔහොම තියෙද්දී වින්ටර්ෆෙල් වලින් හමුදා එවල වෙස්ටොරෝස් කෑල්ලක් අල්ල ගත්තනේ. ඒ යුද්ධේ තවම යනවා. ඒ අතර අර අල්ල ගත්ත කෑල්ලේ ප්‍රධාන වැවේක  බැම්මක්  පිපිරුණා. මේක පිපිරුවේ අපි නෙමේ කියල තමා වෙස්ටොරොස් කට්ටිය කියන්නේ. වින්ටර්ෆෙල් කියන්නේ අපේ අල්ලගත්ත ප්‍රදේශයේ තියෙන   එක අපි මොකටද  පුපුරවන්නේ කියල.

වෙස්ටොරෝස් පැත්ත ගත්තොත්:
-- නීතියෙන්ඒ  රටට අයිති නිසා පුපුරුවන එක තේරුමක් නැහැ.
--අලුතෙන් යන යුධ මෙහෙයුමට අවාසියි මොකද පරණ පොලොව යට හංගල තියෙන පැතලි බිම්  අඹ පුපුරන්න --පුළුවන් නිසා සහ අන්න ඒවා දැන් වතුරේ පාවෙනවා කියලත් කියනව.   
යුධ ටැංකි වල වදින්න පුළුවන්. වතුර බහිනකන් ඉන්න ඕනේ. 

වාසි මොනවාද? 
වෙස්ටෙරෝස් හමුදා අලුතින් පටන් ගත්ත මෙහෙයුමට වාසියි. සතුරාගේ  හෙවත් වින්ටර්ෆෙල් වල ඒ පැත්තේ ඩිෆෙන්ස් එක ඉවරයි. ඒ පෙරමුණම හෝදගෙන ගිහිල්ල. පෙරමුණ පිටිපස්සට ගිහිල්ල. ඒ ගොල්ලන්ට ආයෙත්  කුරුමියා ප්‍රාන්ත යට වතුර දෙන එක ප්‍රශ්නයක්. ප්‍රදේශයේ කෑම හිඟයි .

වින්ටෙර්ෆෙල් පැත්ත ගත්තොත් 

ඒ කොටස යටත්  කරගෙන ඉන්න නිසා  පුපුරුවන එක තේරුමක් නැහැ. 
අලුතෙන් යන යුධ මෙහෙයුමට මුහුණ දීමට  අවාසියි මොකද පරණ පොලොව යට හංගල තියෙන පැතලි බිම්  අඹ පුපුරන්න පුළුවන් නිසා, ඒවා දැන් වතුරේ පාවෙනවා.  යුධ ටැංකි වල වදින්න පුළුවන්. 
ඊට  අමතරව  පළාතේ ගොවිතැන ඉවරයි. පරිසරය විනාශ වෙලා. 

වාසි මොනවාද? 
වෙස්ටෙරෝස් හමුදා අලුතින් පටන් ගත්ත මෙහෙයුමට අවාසියි. ඒක දින කිහිපයකින් ප්‍රමාද වෙනවා. ඒ  අතරේ පෙරමුණ පිටිපස්සට ගන්න පුළුවන්. වතුර බහිනකන් පොඩි විවේකයක් ගන්නත් පුළුවන්. වෙස්ටෙරෝස් හමුදා වාහන  මේකෙන් ඇතිවන මඩ ගොඩේ එරෙන්න පුළුවන්. 

ඒ නිසා වඩා වාසි කාටද? තමන් තීරණය කරන්න.

ඉතිරිය  කියවන්න ............
ඔයිට කලින් පෘතුවි ඉතිහාසයේ වේලි වලට බෝම්බ දාල තියනවා, බාබේරියන් වරුන් ගේ නාසි නායකයා ලෝක යුද්ධයක් පටන් ගත්ත හතලිස් ගණන් වල මුල භාගේ. . මෑන් ගේ නම ගිට්ලර්.  එයාව නවත්වන්න නම් රටේ ආර්ථිකය බිඳ දමන්න ඕනේ කියල ඩෑම්බස්ටර් රේඩ් කියල ප්‍රොජෙක්ට් එකක් ආව වෙස්ටෙරෝස් වලට  ගොඩක් මෙහායින් තියෙන දූපතේ ආණ්ඩුවෙන්. ඒකෙ හිටියේ රජ කෙනෙක් සහ සුරුට්ටු උරණ අගමැති කෙනෙක්.   ඒ ප්‍රොජෙක්ට් එකේ මුලික අරමුණ  ජලාශ වල වේලි බිඳ දැමීම. ඔපෙරේෂන් තද දඬුවම   කියලත් කියනව. එකදාස් නවසිය හතලිස් තුනේ මැයි 16 හා 17 රාජකීය ගුවන් හමුදාවේ 617 කණ්ඩායම බවුන්සින්ග් (වැදුනම උඩට ඇවිත් පුපුරන ලොකු අඹ ) දැම්මා සම්මා පල්ලහට. මෝනේ , එඩේසි කියන වේලි බිඳිලා  ගියා. රුර් නිම්නය, එඩර් නිම්නය හෙම ජලයෙන් යට වුනා. ජාල විදුලි  බලාගාර දෙකක් විනාශ වෙලා ගියා. සෝවියට් සිරකරුවන් ඇතුළු ජර්මන් වරුන් එක්දාස් හයසීයක් පමණ මිය ගියා.  ගම් නියම් ගම්  විනාශ වුනා. ලොකු ජයග්‍රහණයක්. 

එතකොට ඔය නාසි කාරයාම සෝවියට් පැත්තට යනකොට එහෙ හිටිය ස්ටාලින් කියන රජාත් තමන්ට එහෙම දඬුවමක් දී ගත්ත.  එක්දාස් නමසිය හතලිස් එකේ අගෝස්තු වල. වෙස්ටරෝස් වල සඵරෝෂි කියල වේල්ලක් තිබ්බ ද්නිපර් කියල ගඟක් හරස් කරලා හදල . ඒකට  අඹ දාල පුපුරවල විශාල සිදුරක් හදල නගරයේ වැඩි කොටසක නාසි හමුදාවන්ට ඉදිරියට  එන්න බැරි වෙන්න වැළැක්වුවා. ඒකෙන් නැවත  ගොනුවෙලා පහරට සුදානම් වෙන්න කාලයක් ලැබුන. හැබැයි   ඒ කරපු ගොබ්බ වැඩෙන්  රතු හමුදා භටයන් එක්ක ලක්ෂයක් විතර සාමාන්‍ය  වැසියන් මැරුන කියල කියනව.  ඒක පොඩ්ඩක් අතිශයෝක්තියක් හැටියට තම මට  හිතෙන්නේ. මොකද ඒ වෙලාවේ ඒ පළාතේ  එපමණ මිනිස්සු ප්‍රමාණයක් හිටියද  කියල සැක සහිත නිසා.

ඉතින් ඕක යුධ උපක්‍රමයක් තමා. කවුද කලේ කියල තව ටික කාලෙකින් එළිවෙයි. ඒ අතරේ වෙස්ටෝරෝස් හම්බ වෙච්ච කිරි ටොයියා  අලුත් ආයුධ වලින් ගැහුවට තවම ලොකුවට මුකුත් වෙලා නැහැ කියල තමා කියන්නේ. 
 --වින්ටෆෙල් - වඩා සිතල පැත්ත. වෙස්ටොරොස් - බටහිරට බර පැත්ත  
rostov allegedly taken over by wagnber group




මොස්කව් වල කිසි අවුලක් නැත 





28 comments:

  1. මේ දැන් නිදිගෙ එකේ කොමෙන්ට් එකක් කොටල ආව විතරයි. ඔය තියෙන්නෙ නියමෙට. ආයෙ එන්නම් කමෙන්ට් වැටුනාම සාකච්චාවට.

    ReplyDelete
    Replies
    1. හරි පටන් ගමු. අවාසනාවකට මේක උදේ දැක්කට වැඩනේ ඉතින්

      Delete
  2. යුද්ධය සහ දේශපාලනය මම අකමැතිම මාතෘකා වුනත්, යථාර්තයෙන් ගැලවීමක් නැති නිසා හැකි පමණින් සහභගි වෙන්නම් . අපට මේ ගැන දැනෙන්නේ, ආර්ථික වශයෙන් පමණයි. ගැටුමත් ඇදි,ඇදී යන නිසා ඒ ගැන උනන්දුවත් අඩුවෙලයි තියෙන්නේ. බටහිර මාධ්‍ය හරහා, අපට දැණගන්න ලැබෙන්නේ මෙහි එක පැත්තක් පමණක් කියලා මට හිතෙනවා. ඔබට වින්ටර්ෆෙල් ලියවිලි කියවිය හැකි නිසා, මේකෙ අනිත් පැත්ත ගැන දැණගන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. ඒක තමා මම හිතන්නේ කරන්න. බස්සා මම මධ්‍යස්ථ බව විශවාස කරනවනම් හොඳයි. කැනඩාවේ තනිකර බටහිර මාධ්‍ය පමණක් යන නිසා දෙපැත්තේ විස්තර දන ගන්න වෙන්නේ ඉන්දීය මාධ්‍ය , අල් ජසිරා සහ සීමිත රුසියානු මාධ්‍ය වලින්. රුසියානු ඒවත් බයස්. මට පෞද්ගලික විස්තරත් ලැබෙන නිසා තමා ලියන්න හිතුවේ.

      Delete
    2. //යුද්ධය සහ දේශපාලනය මම අකමැතිම මාතෘකා// බස්සා ඔය කියන්නෙ අපේ අය දෙකට බෙදිලා තේරුමක් නැතුව වාද කරන හන්ද වෙන්ටැති. ඒ ඇරුණුකොට බැලුහම... දේශපාලන කියන්නෙ බොහොම දැනුම වඩවන මාතෘකාවක්. අපරාධ ඝාතන වලට අකමැති උනත් යුධ ඉතිහාසය ඉගෙනීම, බල අරගල අධ්‍යනය කියන්නෙත් මාර මාතෘකා. එහෙම්පිටින්ම සමාජ අධ්‍යනය

      Delete
    3. ඔව් වැඩියම අකමැති වාද නිසා තමයි. දෙකම සමාජ අධ්‍යනය බව පිලිගන්නවා.

      Delete
  3. අජිත්, මොකද මේ වහෙන් ඔරෝ කියන්නේ, රෂියා යුක්රේන් යුද්දය ගැන හැම දෙනාම කෙළින්ම් අදහස් දක්වනවා නේද? ඔයාගේ අදහස් කියවන අපිට වැදගත්, හැබැයි මේක කියවගන්න අමාරුයි.
    මම ව්ජෙබාහු

    ReplyDelete
    Replies
    1. ගේම් ඔෆ් ත්රොන්ස් චිත්‍රපට මාලාව බලල නැත්නම් මෙහෙම හිතා ගන්න - වින්ටර්ෆෙල් කියන්නේ වඩා සීතල රට , වෙස්ටොරෝස් කියන්නේ වෙස්ට් - ටොරෝස් - බටහිරට වඩා සමීප රට. ඊට පස්සේ කියවන්න.

      Delete
    2. ලංකාවේ නම් ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. ලිබරල් අය ලෝකල් පූටින් ට විරුද්ධ නිසා ඇත්ත එකාටත් විරුද්ධයි. එනිසා ඔවුන් objective නැහැ. අනිත් පැත්තට වාමාංශයේ සමහරු තවමත් හිතන්නේ වින්ටර්ෆෙල් සමාජවාදී කියල. සමාජවාදය ඉවර වුනේ 1991. ඊලඟට ලෝකල් පුටින් ගේ කට්ටියත් වින්ටර්ෆෙල් පැත්තට. එනිසා බොහෝ ප්‍රවුත්ති සහ තර්ක සමබර නැහැ.
      එතකොට ඇයි මම මෙහෙම ලියන්නේ. පොඩි හින්ට් කිහිපයක්. නවසීලන්තයේ ජනලිස්ට් කෙනෙක් නිවාඩු යවල වින්ටෆෙල් පැත්තට ලියනවා කියල. වින්ටෆෙල්ප්‍රචාර කියල. හොයල බැලුවොත් තේරෙනවා සමහර ඒවා හරි කියල. සමහර ඒවා ප්‍රචාර ගණයට දාන්න පුළුවන්. ගුගල් කරලා හොයා ගන්න. ජර්මනියේ එක්කෙනෙක් හිරේ දැම්ම. රුසියාවේ වෝර් බ්ලොගර්ස් ල දෙන්න් බෝම්බ ප්‍රහාර වලින් මිය ගියා. මේ යන යුද්ධය දරුණුයි. මගේ පැත්ත වෙන්න ඕනේ මම ඉන්න රට තමා. මම ඒක පිලි ගන්නවා. නමුත් මට කට තියන් ඉන්න බැරි එකෙක්. හැම දේටම වඩා මම සත්‍යය කියන එකට ගරු කරනවා. මට පාඩු වෙන්න පුළුවන්. ඒත් මට ගොඩක් පාඩු වෙනවට කැමති නැහැ. එනිසා තමා වහෙන් ඔරෝ කියන්නේ.
      තව පොඩි දේවල් ටිකක් කියන්නම් පත්තර වල නොයන- වින්ටර්ෆෙල් වල හොඳ සම්භාව්‍ය සංගීතඥයෝ හිටිය කියල දන්නවනේ. එයාලගේ වාදන තහනම් මෙහෙ ඔර්කෙස්ට්‍රා වලට. ඒ රටේ හෝ සෝවියට් කාලේ පොත් පල කරන්න බැහැ මුද්‍රණාල වලට.කලා කෘති වල නම් වෙනස් කරනවා. මම දන්නා ඉස්කෝලෙක උගන්වන වින්ටර්ෆෙල් වල ඉපදුනු ටීචර් ලගේ කබඩ් කඩල තිබ්බ. විශ්වාස කරන්න ඕනේ වෙබ් අඩවි සහ පත්තරවල යන ඒවා විතරයි. ඒවල හැබැයි එක පැත්තක් ගැන විතරයි ලියන්න පුළුවන්. වෙන පැත්තක් ගැන ලියන්න බැහැ . ඔෆිෂලි ඒක එහෙමයි. මේ යන්නේ යුද්ධයක්.වෙස්ටරොස් රටවල් පහළොවක් විතර එක පැත්තක. අප්‍රිකානු සහ ආසියාවේ ලොකු රටවල් (ජප්ප හා දකුණු කොරි-යාව හැර ) මධ්‍යස්ථයි. මධ්‍යස්ත නොවුනොත් කෙල වෙනවා. ඉ-ම්රාන් ඛා-න් ට මොකද වුනේ කියල දන්නවනේ. මේ නිසා සමහර වෙලාවට අපි පොළොවේ පය තියාගෙන ඉන්න ඕනේ කියල මම විශ්වාස කරනවා. හරි පැත්ත කොහොමත් දිනයි. යුධයට මානුෂික භාවයක් නැහැ.

      Delete
    3. කොමියුනිකේෂන් පැත්ත ගත්තොත් වින්ටෆෙල් වලින් දුන්න ආර් ටි වගේ ඒවා වැඩ කරන්නේ නැහැ . විපිඑන් වලින් තමා යන්න පුළුවන්. යුටියුබ් වීඩියෝ - සින්දු පවා අහන්න බැහැ . අයින් කරලා තියෙන්නේ. චීනා කරන දේමයි උන්ගේ මිනිසුන්ට. අර මගේ ප්‍රථම ප්‍රේමය පොතේ දාපු රූස්ස වීඩියෝ එකක්වත් එන්නේ නැහැ දැන්. තව දිගට ලියන්න පුලුවන්.ඒ පැත්තට කෙලිනම ඉංග්‍රීසියෙන් ලීවොත් පාරේ යද්දී බම්ප් වෙන්න පුළුවන් බවට තතු දන්නා අය කියති. අපි දැන් එම යුද්ධය ගැන කතා කරද්දී මොබයිල් ඕෆ් කරනු ලැබේ. සිරි අයින් කර ඇත.

      Delete
  4. බලය ඇති අයට යුද්දෙන් වාසි ඇත
    පොඩ්ඩන් තැලෙන එක උන්හට ගණන් නැත
    යුද්දෙන් දිනුව කිසිවෙක් ලෝකයේ නැත
    ඒත් මනුසතා යුද්දෙට කැමති වෙත

    ReplyDelete
    Replies
    1. සෙලෙන්-සකි යි පූටා ස්ටාක් නුයි දෙන්නම පට්ට පොහොසත් කියල තමා ආරංචිය (ස්ටාක් යොදා ඇත්තේ ටින් වලට ආදේශකයක් ලෙසිනි

      Delete
  5. Replies
    1. Oh wise one, what do you see?
      Road to nowhere, night so crystal clear
      Starlight winter, maybe I'm searching
      Owls soaring over the trees

      Or is it "whatever floats your boat"? I should have followed your Slipperiness.🤔

      Delete
    2. වැරි වැරි නයිස්

      Delete
    3. https://www.whistlersportlegacies.com/whistler-sliding-centre/things-to-do/passenger-bobsleigh#:~:text=The%20Whistler%20Sliding%20Centre%20is,in%20Whistler%2C%20whatever%20the%20weather.

      Delete
  6. මේ ලිපි ඔබලා කියවිය යුත්තේ විවෘත මනසකිනි. මම හැකිතරම් පාක්ෂික භාවයකින් තොරව ලියන්නට උත්සාහ කරමි. මා ජිවත්වන බ්‍රිතාන්‍යය මට හොඳ ජිවන තත්වයක් ලබා දුන් රටකි. මගේ දැරියන් දෙදෙනා ඉපදුනේ වැඩුනේ උන්නේ මේ රටේය. ඔවුන් මේ රටට ආදරය කරති. මා රැකියාව කරන ආයතනය මට හොඳින් සලකන අතර ජාති ආගම් භේද රැකියා ස්ථානයේ නැත. මතුපිට පෙනෙන්නට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටාවට මම කැමතිය. එසේම අපහසුවක් නැතිව කෙනෙකුට ජීවිතය ගත කිරීමට ප්‍රමාණවත් සාධාරණ නීති පද්ධතියක් රටේ ක්‍රියාත්මක වේ. පොලිසිය හෝ වෙනත් එවැනි ආයතනයකින් කවදාවත් කරදරයක් වී නොමැත. නිවාඩු ගත කිරීමටද, ජීවිතය විඳීමටද මෙහි ඕනෑ තරම් අවකාශ තිබේ.

    දින කිහිපයකට ඉහතදී බ්‍රිතාන්‍යයේ ජිවත්වන බොහොමයක් අයගේ මොබයිල් වලට ටෙස්ට් පණිවිඩයක් ලැබුණි. ඒ පණිවුඩයෙන් කියැවුනේ මෙය ටෙස්ට් මැසේජ් එකක් බවත් ඉදිරියේදී එන කාලගුණ ආපදා අවස්ථාවක ජනතාවට දැනුම් දීමට මේ හදිසි පණිවුඩ සේවය භාවිතා කරන බවත්ය. මිට කලින්ද ආපදා අවස්ථා බ්‍රිතාන්‍යයේ ඕනෑ පමණ තිබූ අතර භූමිකම්පා ඇති නොවන, සුනාමි ඇති නොවූ , සුළී සුළං කුණාටු ටොර්නාඩෝ අමෙරිකාවේ තරම් බිහිසුණු නොවන රටකට හදිසියේ එය අවශ්‍ය වූයේ ඇයි ?

    තවත් ප්‍රවෘත්තිය ක කියැවුනේ රුසියානු සබ්මැරීන බ්‍රිතාන්‍යය අවට ගැඹුරු මුහුදේ සැරි සරණ බවයි. එසේම රුසියන් සම්බන්ධයක් ඇති බහු දින ධිවර යාත්‍රා ඔත්තු සෙවීමට අවට මුහුදේ සැරි සරණ බවද වාර්තා විය.

    මේ අතර පසු ගිය දින කිහිපයේ රුසියාව ඇතුලට පවා යැවිය හැකි මිසයිල යුක්‍රේනයට බ්‍රිතාන්‍යයෙන් යවන ලදී.

    එනිසා මට බොහෝ දුරට සිතෙන්නේ බ්‍රිතාන්‍ය රජය රුසියේ ප්‍රහාරයක් බලාපොරොත්තුවෙන් සිටිනා බවයි.

    කිසියම් අන්දමකින් රුසියාවට යුක්රේනයේ තමන් අල්ලාගත් ප්‍රදේශ අහිමි වුවහොත් ඔවුන් එවැනි දැඩි තීරණයක් නොගන්නේ යයි කිව නොහැකිය.

    අප සිටින්නේ න්‍යෂ්ටික යුද්ධයක් අත ළඟ යයි කිව නොහැක්කේ කාටද?

    ReplyDelete
    Replies
    1. මොබයිල් ඇලර්ට් ටෙක්ස් මැසේජ් එක නං, මෙහෙත් තියෙන දෙයක්. ටෙස්ට් කරන්න ගත්තෙ, මේ යුද්දෙට හුඟක් කලින්. මෙහෙ නං ඒක, දාර ඇණයක්. කරන්නෙම, විකාර ටියුන් එකකුත් එක්ක "ඇම්බර් ඇලර්ට්" කියලා, පවුල් අවුල් වලදී අම්මා/තාත්තා දරුවෙක්ව අරං ගිය ඒවා. අපිට කියනවා, දැක්කොත් කියන්නලු. අර ලැව් ගිනි ඇතිවෙලා, හතර වටේ ස්මොග් එක, මින් "මීක්" නෑ, ඒ ගැන. ඇමසන් ඇලෙක්සා විතරයි කාළගුණ ඇලර්ට් එවන්නෙ.

      යුද්ධය පටන් ගත් මුල්කාලයේ, තිබුන ආතතිය සහ න්‍යෂ්ථික භීතිය දැන් අඩුයි කියන එකයි මගේ අදහස. දැන් යුද්දෙ එක්තරා ආකාරයක "සීතල යුද්දයක්" බවට පත් වෙලා නේද? ටැක්ටිකල්/අඩියොලොජිකල් වෝ-ෆෙයා ගැන තමයි, වැඩිපුර අහන්න ලැබෙන්නෙ. වැරදි වෙන්නත් ඇහැකි, මේ මට පෙනුන හැටි.

      Delete
    2. බස්සා කැනඩාව වගේ රටවල් වල ඒක කලින් ඉඳන්ම තිබ්බ. බ්‍රිතාන්‍යයේ තිබ්බේ නැහැ. මෙහෙට වැඩක් නැහැ . ලැව් ගිනි, භුමි කම්පා නැහැනේ. මේ ස්ය්ස්ටෙම් එක අලුතෙන් ගෙනාවේ. The technology was developed by US firm Everbridge, which accounts for the US accent on the alert which also featured a siren and text message. The company has also deployed its technology in Germany, Spain, Denmark, Norway, and Estonia in the last six month, joining 19 other countries across the Americas, EMEA, and APAC regions.

      Delete
    3. https://www.eenewseurope.com/en/the-us-tech-behind-the-uk-and-european-emergency-alerts/#:~:text=The%20system%20was%20successfully%20tested,Modular%20Warning%20System%20(MoWaS).

      Delete
    4. ළමයි නැති වුනහම දාන ඇම්බර් ඇලට් එක කොහොමත් තිබ්බ. ඒක ට සබ්ස්කරයිබ් කලේ නැත්නම් එන්නේ නැහැ. මේක අනිවාර්යයි. ආණ්ඩුවෙන් අහන්නේ නැහැ එවන්න. ඉයන් - මටත් හිතෙන්නේ එහෙමයි.

      Delete
    5. //යුද්ධය පටන් ගත් මුල්කාලයේ, තිබුන ආතතිය සහ න්‍යෂ්ථික භීතිය දැන් අඩුයි කියන එකයි මගේ අදහස. දැන් යුද්දෙ එක්තරා ආකාරයක "සීතල යුද්දයක්" බවට පත් වෙලා නේද?// හයියෙන් හිනා වෙනව අර වෙන කරන්න දෙයක් නැහැ. වෙස්ටොරෝස් මරුන ප්‍රමාණය කියන්නේ නැහැ. වින්ටෆෙල් අද ගැහුවා සාමාන්‍ය මිනිස්සු තුන් දෙනෙක් මැරුණා . ගේකට ගැහුවා. ළමයි දෙන්නෙක් මැරුණ . රෝහලකට ගැහුවා වින්ටර්ෆෙල් වලින්. එහම් නිව්ස් නේ එන්නේ. වෙස්ටොරෝස් වල අය අම්බානක මැරුණා ඊයේ පෙරේද අල්ල ගත්ත බක් --මුට් කියන නගරයේදී. වින්ටර්ෆෙල් නුත් ඒ වගේම මැරුණා . දැන් දරුණු තීව්‍ර යුද්ධයක් යනව දෙවන ලෝක යුද්ධේ වගේ යුධ ටැංකි වලින්. ජ- බාබේරියන් ර්මන්, ඇමෙ---රිකන් ඒවා අටක් දැනට වින්ටර්ෆෙල් උස්සල් තියෙන්නේ. ගම් දෙකක් වෙස්ටොරොස් අල්ලාගෙන තියෙන්නේ.

      Delete
  7. රුසියානු submersible වල සෑහෙන්න ඉඩ තියනව. මීර් කියන එක දැන් ඩිකොමිෂන් කරලා තියෙන්නේ. නමුත් අනතුරු අඩුයි. අඩි 20000 යන්න පුළුවන් කරදරයක් නැතිව. යුද්ධය නිසා ගෙන්වන්නේ නැහැ මම හිතන්නේ

    ReplyDelete
    Replies
    1. ඉතින් අපි ටැක්ස් ගෙවන්නේ මේ යුද්ධෙට. පුටා ගහනව. අපි විඳවනව

      Delete
  8. සහෝදරයෝ දෙන්නෙක්ගේ රංඩුවකදී එයින්න් එකෙකුට කමකට නැති එවුන් උල්පන්දම් දෙනවා.හැබැයි පුටියා කීයටවත් මේක නවත්වන එකක් නෑ

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .