Saturday 24 June 2023

සුදු සමනළයා - ෆ්‍රැන්සිස් ඩගන් ගේ කවියක පරිවර්තනයක්

සුදු සමනලයෙක් කියන්නේ ආත්මයක් කියල කවුදෝ ලියල තිබ්බ  මතකයි. මේ ඊයේ අපේ පුංචි ගාඩ්න් එකට ආපු සුදු සමනලයෝ දෙන්නෙක්.





 
මේ ෆ්‍රැන්සිස් ඩගන් ගේ කවියක්. මගේ පරිවර්තනය.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
රමණයට  දින කිහිපයක් පමණක් ඇති 
ඈ බිත්තර දමා පසු මියෙන්නී 

ඇයට විනාඩියක් ඔබටත් මටත් පැයක්
ඇය හිරු එළිය ඇති අහසේ 
උයන් බිම හරහා පියාසර කරන්නී 
ඇගේ බිඳෙනසුලු පියාපත් මත 
දුඹුරු පැහැ ලප ඇති සුදු සමනළයෙක්

කුරුල්ලෙකුට මෙන් ඇයට 
ගායනා කිරීමට ගීතයක් නැති 
එනමුත්  සොබා දහමේ  
ආශ්චර්යයන් පුදුමමයි 

ලාම්පුවක් ළඟ වැනි උණුසුම් වූ දවසක  
ලස්සන පියාඹන කෘමියෙක්
තවත්  දින කිහිපයක්  
ඇය සොබා දහම  සමඟ වැතිර සිටිනු ඇත

එක දිනක් තුල  ඇය සිය 
දිවියේ උච්චයට පැමිණෙනු ඇත 
ඒ වගේ දින කිහිපයක් ජීවත් වුනාට  
පෙනෙන්නේ කාලය මද බවක් 

නිහඬ පියාපත් මත ඇය 
උණුසුම් ගිම්හාන සුළඟ  තුළ 
උයන තුළ නටන්නිය  
එතරම් මෘදු හා බිඳෙන සුළු පියකරු දෙයක් 
මෑත වැසි මහා වැස්සෙන් 
උයන් බිම  හරිතවත් වී සශ්‍රීක වී  
ඇය පිපෙන ගස් හා මල් වටා නටන්නී 
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
පරිවර්තනය - අජිත් ධර්මකීර්ති 24/06/2023

Just a few days to mate lay her eggs and then die
A minute to her an hour to you and I
She flits through the parkland in the sunlit sky
With brown spots on her fragile wings a white butterfly
Unlike a bird she does not have a song to sing
Yet the wonders of Nature are an amazing thing
A beautiful flying insect in the warm lamp of day
In a few days at the most with Nature she will lay
In only a day she will have reached her life's prime
And a few days to live does not seem much in time
On silent wings she dances in the park in the warm Summer air
To look at so gentle and fragile and fair
In the parkland green and lush after the recent showers
She dances around the blossoming trees and the flowers.

48 comments:

  1. රුසියාවේ අභ්‍යන්තර හමුදා කැරැල්ලක්

    රුසියාවේ ආරක්ෂක අමාත්‍යංශය, වාග්නර් හමුදාව විසින් රුසියාව තුල කැරැල්ලක් දියත් කර ඇති බවට චෝදනා කර සිටී. මේ අතර වාගනර් ප්‍රධානියා රුසියාවේ මිලිටරි නායක්ත්වය ඉවත් කල යුතු යැයි ප්‍රකාශ කර තිබෙනවා

    වාගනර් හමුදාව මේ වන විට රුසියාවේ රොස්ටොව් ප්‍රදේශයේ හමුදා කදවුරු අත්පත් කර ගෙන තිබෙන බවට වාර්තා වෙනවා. ඊට අමතරව රුසියාවේ ප්‍රධාන නගර වලට හමුදා ආරක්ෂාව යොදා තිබෙනවා

    ReplyDelete
    Replies
    1. ෆොටෝ වගයක් දැම්ම ෆේස්බුක්. මේකට දාන්න විධිහක් දන්නේ නැහැ

      Delete
    2. මේකට දැම්ම ෆොටෝ . https://kolambagamaya.blogspot.com/2023/06/9.html

      Delete
    3. නොකියන කාරණේ තමා සෙලෙන්ස්කි මහතා වටේ ගිහින් එකතු කරගත්ත යුධ ටැංකි සහ ඇමෙරිකන් බආයුධ වලින් ගහන ඔෆෙන්සිව් එක හිටි තැන නතර වෙලා කියන එක. සෑහෙන යුධ ටැංකි වගයකුත් හබක් කියන එක. මේකයි වැග්නර් එකයි අතර සම්බන්ධයක් තියෙනවද දන්නේ නැහැ. රට ඇතුලෙන් කඩන්න පුළුවන් නම් සෙලෙන්ස්කි ගොඩ. බයිඩන් පොර.

      Delete
    4. මෙහෙ නං හිටු කියලා නිව්ස් එනවා. DW News සහ අල් ජසීරා තමයි වැඩියම. රස්ටෝව්+ඩොන් කියන හරිය දැන් තියෙන්නෙ වැග්නර් කන්ට්‍රෝල් එකේ කියනවා.

      Delete
    5. ඔව් ඒක ඇත්ත, රෂියන් ආමි එක විරෝධය දක්වල නැහැ. මොකද තමන් සමග එකට සටන් කරපු කට්ටියක් නිසා. බක්මුට් අල්ලාගත්තේ මුන්නේ. දැන් නිව්ස් මතකද. යුක්රේන් කීවෙම බක්මුත් පැරදුනේ නැහැ කියලනේ. දැන් පිලි ගන්නවා පැරදුන එතන කියල.

      Delete
    6. මොස්කව් වල ඉන්න යාළුවෙක් කියනව යුක්රේන් හමුදාව දැන් හිරවෙලා ගහන එක නවත්තල තියෙන නිසා උන් ක්‍රිමියාවට ගෙන්න ගන්න කරන දහන් ගැටයක් වෙන්න පුළුවන් කියලත්.

      Delete
    7. රුසියාවේ ආධ්‍යාත්මික නායක අතිගරු ජනාධිපති ශ්‍රීමත් වැල්දිමිර් පුටින් මැතිතුමනි අප ඔබතුමා සමගයි.

      Delete
    8. මේකේ නරක ප්‍රතිවිපාක ගැන හිතුවෝත් අජ්ජෝ පූ#₹ ටි&%₹ න්ගේ උපාය නේ#@ටෝ ඉලක්ක වෙත න්‍යෂ්ටි'ක ප්‍රහාරයක් සාධාරණීකරනය කිරීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීම විය හැකියි. මන්ද මීට දින කීපයකට කලින් මුලු නේ%£&@ටෝව සමගම යුද්ධයකට තමන් සූදානම් බවද නේ£#&@ටෝ රටවල් සියල්ලම සතු න්‍යෂ්ටි'ක ආයුධ ගණනට වඩා වැඩි න්‍යෂ්ටි'ක ආයුධ ප්‍රමාණයක් රු₹%සි%&₹යාව සතුව ඇතැයිද පු&%₹ටි%₹#*න් ප්‍රකාශ කලා.

      අනෙක වැ₹%&#ග්න%₹&ර් නායක ප්‍රි%₹@ගො%₹&#සි%₹#&න් පසු ගිය සතිවල ජනමාධ්‍යයට පලකල අදහස් අනුව, ඇතිවී ඇති වත්මන් තත්ත්වය රු%₹&#සි%₹යා%₹වේ පු%&₹ටි%₹#@න් පාලනයට කිසිසේත්ම Surprise එකක් විය නොහැක.

      මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන රට අභ්‍යන්තරයේ සිටින බට'හිර හිතවාදී සෝ කෝල්ඩ් "කුමණ්ත්‍රණකාරී" කොටස් වලට “සුද්දයක්” වදින ලකුණුද පෙනෙන්නට ඇති බවත් කිව හැකිය.

      Delete
    9. තර්කයක් තියනව එතන /මේකේ නරක ප්‍රතිවිපාක ගැන හිතුවෝත් අජ්ජෝ පූ#₹ ටි&%₹ න්ගේ උපාය නේ#@ටෝ ඉලක්ක වෙත න්‍යෂ්ටි'ක ප්‍රහාරයක් සාධාරණීකරනය කිරීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීම විය හැකියි.// එයා බේරිලා අරූ ගැහුවා කියල කීව හැකි. මිනිහ සුද්දෙ දෙන එකනම් කරනවා කියල ආරන්චියි තදේටම

      Delete
  2. https://en.wikipedia.org/wiki/Pieris_rapae

    https://www.wildlifetrusts.org/wildlife-explorer/invertebrates/butterflies/small-white#:~:text=As%20its%20name%20suggests%2C%20the,%2C%20farmland%2C%20gardens%20and%20parks.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සමනල වර්ගය හඳුන්වා දුන්නට

      Delete
  3. https://en.wiktionary.org/wiki/Pieris#:~:text=Etymology,Pier%C3%ADa%2C%20%E2%80%9CPieria%E2%80%9D).

    ReplyDelete
    Replies
    1. පියරිස් කියලද ශබ්ද කරන්නේ

      Delete
    2. https://www.pronouncekiwi.com/Pieris%20(butterfly)

      Delete
  4. අජිත් අංකල් මේ පෝස්ට් එක හොඳයි, ජීව විද්‍යාත්මක සහ (සිංහල) සාහිත්‍ය යන දෙකම මනාව නිසි පිළිවෙලකට මුහු වෙච්ච ලස්සන නිර්මාණයක්, මුල් එක රුසියන් සාහිත්‍ය නිර්මාණයක් ද?

    රුසියාව ගැන කියන කොට අර අලුත්ම වාගnorනර් කැරැල්ල ගැන ඔබට මොකද හිතෙන්න? ඔයා රුසියාව ගැන හොඳට දන්න කියන නිසාත් අපට ලැබෙන්නේ "නිසි" බලධාරීන් විසින් කපා හැර දැමූ සහ පට්ට බොරු ප්‍රචාර තියෙන නිව්ස් නිසා මට නම් කිසිම විශ්වාසයක් නෑ කොයි මොහොතක කොහෙන් න්‍යෂ්ටික මිසයිල පාරක් කන්න වෙලා වාෂ්ප බවට පත්විය හැකිය කියල මට බයත් හිතෙනවා, ඒත් ලංකාවට ගියත් එහේ ඉන්නත් බෑනේ බංකොලොත් රටක කොහොම ජීවත් වෙන්න ද? මම මැදපෙරදිග කලාපයේ නියුට්‍රල් රටකට හරි ඔසී නිව්සී වගේ රටකට මාරු වෙන්න ට්‍රයි කරනවා මේ දවස්වල ඇත්තටම අජිත් අංකල් වාගnorනරයො මේ කැරලි සීන් එක එක්සත් ජනපද රට ගොන් මීහරක්ට සහ නේටෝ බූරුරැලට දෙන තවත් ලණුවක් වගේ තමා පේන්නේ.

    යුක්රේනයට ආයුද දෙන්න ගිහිල්ලා නේටෝ රටවල් ආයුධ ගබඩා හිස් වෙලා. දැන් මේ ලණුව කාලා වාගnor කුළී හමුදාවටත් ආයුධ දුන්නොත් බටහිර ඉතිරිව තියෙන ආයුධ ගබඩාත් හිස් වෙනවා.
    අන්තිමට වෙන්නෙ යුක්රේනය, වාග්නnorර් කුලී හමුදාව, රුසියාව යන මේ ඔක්කොම එකට එකතු වෙලා බටහිර යුරෝපයේම රටවල් නිකන්ම අල්ලා ගන්නා එක. අපට තමයි උන් හිටි තැන් අහිමි වෙන්නේ, අයියෝ අපගේ යෞවන කාලේ ලංකාවේ ආණ්ඩුව බාගයක් කෑවා දැන් ඉතිරි කොටසට මුන්ගෙන් බඩු පැකට් වෙන ලයින් එකක් තියෙන්නේ ඇයි අපටම මෙහෙම වෙන්නේ මහ පාහර ලෝකයක් මේක නම්... මම කර්මය පිළිබඳව විස්වාස කරන්නේ නෑ ඒත් මේක නම් මාර කරුමයක් ද කියලත් හිතෙනවා වෙලාවකට 😪😥🤔

    ReplyDelete
    Replies
    1. මුල් එක ඉංග්‍රීසි , යට තියෙන්නේ . මටත් පේන්නේ ලණුවක් කියල. යුක්රේනය අම්බානක කාලා ඉන්නේ අලුතින් පටන් ගත්තේ එකෙන්. ජර්මන් යුධ් ටැංකි හෙම විනාශ වෙලා. රුසියාවේ දෙවන ලෝක යුද්ධේ ගැන උගන්වනවනේ. උන්ට ජර්මන් යුධ් අටන්කියක් කියන්නේ තවමත් ඒවා මතක් කරන දෙයක්. ඒක නිසා යුක්රේන් හමුදාව ඇතුලට ගෙන්න ගන්න කරන ගේමක් වෙන්න පුළුවන්. මගේ මොස්කව් යාළුවෙක් ෆොටෝ වගයක් එව්වා මොස්කව් වල ප්‍රශ්නයක් නැහැ කියල.

      Delete
    2. ඇත්ත සීන් එක හොයා ගත්ත. පිරෝගොෂින් කාරයට අප්‍රිකාවේ රටවල රත්රන් නිධි , දියමන්ති නිධි හෙම ආරක්ෂා කරන ජොබ් එකක් තියනවනේ . ඒකට ඇමෙරිකාව සම්බාධක පනවන්න ඉඳල තියෙන්නේ. ඒක වලක්වා ගන්න දාපු බොරු මෙහෙයුමක් ඔය. ලෝක කපටියෝ. යුක්රේනය ආයෙමත් ඇන්දුවා

      Delete
  5. පුටින් මීක් කියය්. වාග්නර් නායකයා බෙලරුසයට පැන යය්.

    "අඩෝ පුටිමා චන්ඩියෙක් නං බැහැම්පන් ඩෝ එලියට" කියමින් වාග්නර් නායක මොස්කව් වලට එය්

    ලංකාවේ යුක්රේන් ලෝලීන් "ආහ් මීක් මීක්" කියමින් යට ඇඳුම් වල ශුක්‍රානු තලි පිටින් විදිමින් ප්‍රීති ගෝෂා නගමින් සුරාන්තයට පත් වෙය්

    "හුකය්, එන්න කලින් ගෑනි හාල් පොල් ටිකක් අරන් එන්න කිව්වා, බඩු ලිස්ට් එක ගෙදර දාල ඇවිල්ලනේ, මම යනවා ටටා බාය්" කියමින් වාග්නර් නායකයා හැරී යය්

    "මෙච්චර දුර ආපු එකේ ගෙදර යන්නෙපා, බෙලරුස් වලටම පලයන් හෙහ් හෙහ්" පුටින් තරවටු කරය්

    ලංකාවේ යුක්රේන් ලෝලියෝ මල මුත්‍ර පහ කරමින් උසුළු විසුළු මැද දිව ගොස් සැඟවෙය්

    "අපෝ අපිනන් කැමති නෑ මෙහෙම රටවල් ගහ මරාගන්නවට අප්පා, යුද්දෙ හරි කුරිරුය්. රුසියාවට ප්‍රජාතන්ත්රවාදේ දෙන්න අවසථාවක් ලැබෙනකන් තමය් අපිත් බලන් ඉන්නේ" ඇමෙරිකාව පවසය්

    ReplyDelete
    Replies
    1. පට්ට ඩ්‍රාමා තමයි ඉතින් ඕව

      Delete
  6. "දෙපැත්තෙන් එක පැත්තකින් වත් රුසියන් ලේ හැලෙන්නට ඉඩ නොතබමින්.. අප ආපසු හැරෙමු !!"

    Wagner අසම්මත හමුදාව සහ රුසියන් නිල හමුදා අතර ගැටුමක් ඇතිවන තෙක් සෑහෙන අපේක්ෂා සහගතව බලාසිටි රටගොන් බටහිර දේශපාලන මීගවයින් සහ

    සහ උන්ගේ එන්ජීඕ ඕ වලින් ලැබෙන ගතමන්ට් එකෙන් යන්තම් දිවි රැක ගන්නා ගමන් බුකියේ පල් හෑලි වපුරන පොල් බූරු දෙකයි පණහේ හිඟන්නන් රංචුවක් වන ලංකාවේ බුකී ගත ඇඩ්රස් නැති හෙන්චයියන්ගෙ සිහින බලාපොරොත්තු සියල්ලම බිඳ දමමින් කැරලිකාර වැග්නර් ගැටුම අතහරී.

    පෙනෙන විදියට මෙය බටහිරට පොඩි ආතල් එකක් දීමටත් අවධානය වෙනතකට හරවා විදේශ රටවල ඇති වාගනර් හිමිකරුගේ කොන්ත්‍රාත්තු බේරාගැනීමට ගැසූ ගැටයක් බවත් මෙය පූටිංම හදපු ඩ්‍රාමාවක් බව පෙනේ.

    (දැන් ඉතින් මුලු ලෝකයම PMC Wagner ගැන දැනගත්තා. මාකටින් ඇඩවටයිසින් ගත්තොත් ලෝකයේ හොඳම මාකටින් ඇඩ්වර්ටයිසින් එක තමයි මේක)

    ReplyDelete
    Replies
    1. පුටිං කියන්න පරණ කේජිබි කාරයෙක් නේ.

      Delete
    2. කැතරින් බෙන්ටන් ගේ පුටින්' ගේ මිනිස්සු - පොත කියවන්න. Putin's People: How the KGB Took Back Russia and Then Took on the West https://www.amazon.co.uk/Putins-People-Took-Russia-Turned/dp/0007578814

      Delete
    3. මම හිතන්නේ ඉතිහාසය දෙස බලන විට රුසියාව කවදාවත් යුද්ධයකින් පරද්දන්න බැහැ. අවසාන රුසියානුවා දක්වාම ඔවුන් සටන් කරනවා. ඒ ඔවුන්ගේ ජාන සහ සංස්කෘතිය.

      ඔවුන් පරාජය කරන්න පුලුවන් ඇමෙරිකානු ක්‍රමයට පමණයි.

      ඇමෙරිකානු ක්‍රමය (බ්‍රිතාන්‍ය ක්‍රජයේම දිගුවක්) තුල කරන්නේ ඩිවයිඩ් ඇන්ඩ් රූල් වගේම සතුරු පාර්ශ්වය තුල අභ්‍යන්තර බෙදීම්, ඇන කොටාගැනීම් සහ අභ්‍යන්තර කුමන්ත්‍රණ හරහා බියවද්දා ආක්‍රමණය කිරීම

      මේවා ලෝකයේ හොදටම කරන්න පුලුවන් වෙන්නෙත් ඇමෙරිකා එක්සත් ජනපදයට. මේ ඇමෙරිකා එක්සත් ජනපදය මාස්ටර් කරපු කලාව.

      දකුණු ආසියාවේ කුඩා රටක යුද ජයග්‍රහණයෙන් පස්සෙ හිටපු යුද හමුදාපතිට "ඔයා තමයි වැඩ්ඩා, ඔයා ඔහොම ඉන්න ඕන කෙනෙක් නෙවෙයි, ඔයාට ජනාධිපතිත් වෙන්න පුලුවන්, අපි සම්පූර්ණ උදව් කරන්නම්. ඒ නිසා ඔයාට අනිවාර්යයෙන්ම පුලුවන්" කියලා 2010 ගේම ගැහුවා වගේ, තව 2015 ලේකමෙක් සහ පිරිසක්ද අරගෙන ගේම් ගැහුවා වගේ, ආයේ 2021 - 2022 දැවැන්ත මඩ කැම්පේන් හමග උද්ඝෝෂණ ව්‍යාපාර රාශියක් සංවිධානය කර 2022 තවත් පිරිස් පාරට දාලා, සල්ලි පොම්ප කරලා මයිදාන් උද්ඝෝෂණ වගේ එකකින්ම ගේම් ගැහුවා වගේ,

      ඇමෙරිකා එක්සත් ජනපදයට රුසියාවෙත් ගේමක් ගහලා දිනන්න බැරිද අජිත්?

      Delete
    4. බැහැ , හේතුව ලියන්නම් පස්සේ

      Delete
  7. අපූරුයි.... 🌹!
    වෙනසකටත් එක්කලා මේ විධිහ හොඳයි අජී ලොක්ක 👌

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නමී ලොක්ක

      Delete
  8. අයිසේ අජිත් අද ලංකාවෙන් පිටත, මුලු ලෝකයේම නගර අතුරෙන් ලාංකිකයන් වැඩිම ගනනක් පදිංචි නගරය සිංහලෙන් මෙ'පුර නොහොත් ඉංගිරිසියෙන් මෙල්බර්න් වේ.

    2021 ඔස්ට්‍රේලියානු ජන සංගනන දත්ත අනුව මෙල්බර්න් නගරය තුල ලංකාවේ උපත ලැබුවන් 65,152 කි පදිංචිව සිටී. ( මුලු ඔස්ට්‍රේලියාවේම පදිංචි ලංකාවේ උපත ලැබුවන් ගනන131,904 කි.)

    තොටිල්ලේ සිට කැරකෝප්පුව දක්වා පුද්ලයකුගේ ජීවිතයේ සියලුම කටයුතු අපේම ලාංකිකයකු ලවා (විජාතික සුදු ව්‍යාපාරිකයන් වෙත නොගොස්) අද මෙල්බර්න් හිදි සිදු කරගැනීමට පුලුවනි.

    දරුවකු පිලිසිද ගත් කල මෙල්බර්න් ලාංකික පංසල් හතරේ සිටින භික්ෂුවක් ලවා අංගුගිමාල පිරිත දේසවා සුබාශිංසන ලබා ගත හැක. දරුවා උපන් විට නමට අකුරක් තෝරා ගැනිමට සහ දරුවාගේ කේන්ද්‍ර පිලියෙල කරගැනිම මෙල්බර්න් නක්ෂස්ත්‍රකරුවන් කරදෙති.

    ළමයා බලා ගැනීම සදහා ලාංකික ළමා නිවාස, මොන්ටිසෝරි සහ සිය ගනන් ලාංකික සීයලා ආච්ච්ලාද LLB සදහා මෙල්බර්න් වලට පැමින සිටී (LLB යනු ළමයින්ගේ ලමයින් බලා ගැනීමයි).

    හොද කීර්තිමත් පාසලකට ළමයා ඇතුල්කර ගැනිමේ විභාගයට මෙන්ම මෙඩිසින් වැනි ඉතා තරඟකාරි ෆැකල්ටියකට ලමයා ඇතුල් කර ගැනිමට මෙල්බර්න් හි සිටින විවිධ අමාරු විෂයන් සදහා ටියුෂන් දෙන ලාංකික ආධාරක ගුරුන් රාශියෙන් එකෙකු වෙත යාහැක.

    ලමයාගේ උපන් දින උත්සව සදහා කේක්, කොත්තු, බිත්තර ආප්ප යනාදී ඕනැම ලාංකික කෑමක් මෙල්බර්න් සිට්න විවිධ ලාංකික සුපවේදීන් ලවා සපයා ගත හැක.

    ළමයාව බෞද්ධානුකූල ලෙස හැඩගැස්විමට මෙල්බර්න් ලාංකික පන්සලේ දහම් පාසලට යාමට පුලුවන.එමෙන්ම 12 වසරේ VCE (A ලෙවල් වලට සමාන) පංතියේදි ලමයාට සිංහල විෂයයක් ලෙස හැදැරීමට පුලුවන.

    කොලුවා හෝ කෙල්ල බඳින වයසට ලංවන විට (තවමත් බඩ්ඩක් නැතුව වේලෙමීන් සිටී නම්) මෙලබර්න් ලාංකික මංගල යෝජනා පුවත් පත් දැන්වීම් හෝ ඔන්ලයින් සේවා වල සහය ලබා ගත හැකිය.

    සහකාරයකු සහකාරියකු මෙලෙස සොයාගත් පසු මංගල උත්සවයේදී සාරි බ්ලවුස්, නිලමේ ඇදුම්, නැකැත්, අෂ්ටක, ගොක් කොල පෝරු සැරසිලි, උඩරට නැටුම් කොන්ඩ හැඩගැන්විම, වෙඩිං කේක් සහ මගුල් කෑම පිලියෙල කරගැනිමටද මෙල්බර්න්හි ලාංකික ව්‍යාපාර තිබේ.

    මේ අතර ගැබිනි මව, ලමයා සිට මහල්ලා දක්වා ආයුර්වේද වෙද හෙදකම් හෝ බටහිර සෞඛ්‍ය ප්‍රතිකාර ලබා ගැනිමට ලාංකික පවුලේ වෛද්‍යවරු සහ විශේෂඤ වෛද්‍යවරු දුසිම් ගනනක් මෙල්බර්න් හි සිටී.

    වයෝවෘද්ධ වු පසු ලාංකික මහලු නිවාසයකට ඇතුල් වීමට පුලුවන.
    මෙයට අමතරව ජීවිතයේ විවිධ අවස්තා වල උවමනා වන සෙත් සාන්ති, වස්කවි, භුතයන් සහ අපල උපද්‍රව දුරු කරන කට්ටඩියන් සාස්තර සහ අංජනං ‘විද්‍යාඥයන්’ සහ මන්ත්‍රාචාරීන් මෙහි සිටිති. පයිප්ප බාස් වරු, වාහන මිකැනික් වරු, විදුලි කාර්මිකයෝ, බාබර් වරු, බියුටි සැලෝන්, ජායාරුප ශිල්පියෝ, නීතිඥවරු, බ්‍රෝකර්ලා, කාර් සේල්, ගැරේජ්, සර්විස් සෙන්ටර්, කොත්තු බිත්තර ආප්ප කිඹුලා බනිස් රෝස් පාං කැවුම් කොකිස් ප්‍රයිඩ් රයිස් සිංහල ටෙලි නාට්‍ය DVD කඩ, ලාංකික එලවලු සහ සිල්ලර බඩු කඩ රාශියක් තිබේ.

    ලාංකික හුදී ජන විනෝදාස්වාදය සදහා වික්ටර්, TM, නන්දා මාලනී, සමිතා, බාතිය සන්තුෂ් උමාරියා, ෆැලන් ඇන්ඩ්‍රියා, රවින් කනිෂ්ක ඇතුලු සිය ගනන් කලාකරුවෝ මෙහි නිතරම සංදර්ශන පවත්වති. අලුක්ම චිත්‍රපටි සහ නාට්‍යද මෙහි දර්ශනය වේ. ලංකාව තුල වත් මෙතෙක් නොපෙන්වු ජැක්සන් ඇන්තනි රඟපාන සිංහබාහු චිත්‍රපටිය මේ දිනවල මෙහි ප්‍රදර්ශනය වේ‍.

    සැදැහැවතුන් සදහා බණ භාවනා පංති බෝධි පූජාපිරිත් බන දේසනා ඇති තරම් තිබෙ. විවිධ ප්‍රසිද්ද ලාංකික බභාවනා භික්ෂුන් මෙහි නිතර පැමින බාවනා වැඩමුලු පවත්වති.

    මේ අතරතුර ගෝත්‍රික පේරාදෙනිය ප්‍රධාන වෙනත් අනික් සරසවි වල ආදිශිෂ්‍ය සංගම සහ ගෙට්ටු මෙහි නිතර ඇත. කොලඹ රෝයල් සහ විසාඛා සිට අඟුනුකොලපැලැස්ස සෙන්ට්‍රල් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සමිති උත්සව මෙහි ඔබට ඕනෑතරම් තිබේ.

    මාලිමා ජවිපෙ, සජබයි පොහොට්ටු යුඇන්පී ඇතුලු පක්ෂ වල ශාඛා සමිති රැසක් මෙහි පිහිටුවා ඇති අතර පක්ෂ නායකයෝ නිතරම පාහේ වරින් වර මෙහි පැමින ප්‍රචාරනය කිරීම සහ අරමුදල් එකතු කිරීමෙහි නිරත වේ. මාලිමා ජවිපෙ ජාතික ජන බලවේගය ඉතා උද්යෝගයෙන් මෙහි රැස්වීම් පවත්වා ලංකාවේ වන කෝටි සංඛ්‍යාත හොරකම් ගැන උද්වේගකර කතා පවත්වා ලාංකිකයන්ගේ ලේ කෝප කර දේසපාලු හොරුන්ගෙන් ලංකාව බේරාගැනීමට කියමින් ඩොලර් මිලියන ගණනින් සංවේදී වූ ජනයාගෙන් එකතු කරගෙන සුපර් ලක්ෂරි හෝටල් වල නිතරම නයිට සැපට ඉන්න ලංකාවට ලක්ෂරි බිස්නස් ෆස්ට් ක්ලාස් ටිකට් අරන් ඒ 380 වල සැපට පිටත් වේ. සිංහල සතිපතා පත්තර දෙකක් මෙහි පල කෙරෙන අතර නාට්‍ය නවකතා කවි නැටුම් ආදි කලා සාහිත්‍ය නිර්මාන බෙහෙවින් බිහි වේ. අවුරුදු වෙසක් උත්සව, තොරන සහ දන්සැල්ද පැවැත්වෙ.මෙබැවින් අපට ලංකාවට යලි සංක්‍රමනය වී රිවරිස් බ්‍රේන් ඩ්‍රේන් ප්‍රවාහයක් පටන් ගැනීමට කිසිම අවශ්‍යතාවයක් නැත.

    “අපේ නිදහස් අධ්‍යාපනයෙන් වැඩිම වාසි ප්‍රතිලාබ ලබා ගතිතේ ඔසට්‍රේලියාවද, ලංකාවද , කැනඩාවද” යන rhetorical තීක්ෂන ප්‍රශ්ණය ලඟදී සමාජ මාධ්‍ය පිටුවක අසා තිබුනි.

    ReplyDelete
  9. .

    Cont'd

    සැදැහැවතුන් සදහා බණ භාවනා පංති බෝධි පූජාපිරිත් බන දේසනා ඇති තරම් තිබෙ. විවිධ ප්‍රසිද්ද ලාංකික බභාවනා භික්ෂුන් මෙහි නිතර පැමින බාවනා වැඩමුලු පවත්වති.

    මේ අතරතුර ගෝත්‍රික පේරාදෙනිය ප්‍රධාන වෙනත් අනික් සරසවි වල ආදිශිෂ්‍ය සංගම සහ ගෙට්ටු මෙහි නිතර ඇත. කොලඹ රෝයල් සහ විසාඛා සිට අඟුනුකොලපැලැස්ස සෙන්ට්‍රල් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සමිති උත්සව මෙහි ඔබට ඕනෑතරම් තිබේ.

    මාලිමා ජවිපෙ, සජබයි පොහොට්ටු යුඇන්පී ඇතුලු පක්ෂ වල ශාඛා සමිති රැසක් මෙහි පිහිටුවා ඇති අතර පක්ෂ නායකයෝ නිතරම පාහේ වරින් වර මෙහි පැමින ප්‍රචාරනය කිරීම සහ අරමුදල් එකතු කිරීමෙහි නිරත වේ. මාලිමා ජවිපෙ ජාතික ජන බලවේගය ඉතා උද්යෝගයෙන් මෙහි රැස්වීම් පවත්වා ලංකාවේ වන කෝටි සංඛ්‍යාත හොරකම් ගැන උද්වේගකර කතා පවත්වා ලාංකිකයන්ගේ ලේ කෝප කර දේසපාලු හොරුන්ගෙන් ලංකාව බේරාගැනීමට කියමින් ඩොලර් මිලියන ගණනින් සංවේදී වූ ජනයාගෙන් එකතු කරගෙන සුපර් ලක්ෂරි හෝටල් වල නිතරම නයිට සැපට ඉන්න ලංකාවට ලක්ෂරි බිස්නස් ෆස්ට් ක්ලාස් ටිකට් අරන් ඒ 380 වල සැපට පිටත් වේ. සිංහල සතිපතා පත්තර දෙකක් මෙහි පල කෙරෙන අතර නාට්‍ය නවකතා කවි නැටුම් ආදි කලා සාහිත්‍ය නිර්මාන බෙහෙවින් බිහි වේ. අවුරුදු වෙසක් උත්සව, තොරන සහ දන්සැල්ද පැවැත්වෙ.මෙබැවින් අපට ලංකාවට යලි සංක්‍රමනය වී රිවරිස් බ්‍රේන් ඩ්‍රේන් ප්‍රවාහයක් පටන් ගැනීමට කිසිම අවශ්‍යතාවයක් නැත.

    “අපේ නිදහස් අධ්‍යාපනයෙන් වැඩිම වාසි ප්‍රතිලාබ ලබා ගතිතේ ඔසට්‍රේලියාවද, ලංකාවද , කැනඩාවද” යන rhetorical තීක්ෂන ප්‍රශ්ණය ලඟදී සමාජ මාධ්‍ය පිටුවක අසා තිබුනි.

    මෙල්බර්න් ලාංකික ප්‍රජාවේ විශාලත්වය සහ සංකිර්න බවට තවත් සුවිශේෂ උදාහරනයක් ඇත. එනම් 2022 පැවති ඔස්ට්‍රේලියානු මැතිවරනයේදි ඉතිහාසයේ පලමු වරට ලාංකික සම්භවයක් ඇති මංත්‍රීවරියන් දෙදෙනෙක් තෝරා පත්වීමයි. Cassandra Fernando සහ Michelle Ananda-Rajah මේ මන්ත්‍රී වරියන්ය.

    21 සියවසේ ලාංකික ඩයස්පොරා විදේශ සංක්‍රමනයේ මහඟු කැඩපතක් වන මෙල්බර්න් ලාංකික ජන ප්‍රජා සංයුතිය දිනෙන් දින ශීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. මේ සියලු ආතල් ලබා අවසානයේදී මෙල්බර්න් හි ජේබී ඩයස් අවමංගල සේවය මගින් ඔබට අවසාන කටයුතු ලබා ගත හැකිය.

    ඒ නිසා ලංකාව ගැන ටෝක් දෙන නුඹටත් වහාම ඔසී වල මෙල්බර්න් වලට ඇවිත් අප සමග එක්ව ලංකාව හැදීම ගැන ඔය රම්පෙට පොරි හැලෙන රඹ ටෝක ඉෂූ කරන ලෙස නුඹට අප වහාම අණකර සිටිමු.

    ReplyDelete
  10. අජිත් මම හිතන්නේ ඉතිහාසය දෙස බලන විට රුසියාව කවදාවත් යුද්ධයකින් පරද්දන්න බැහැ. අවසාන රුසියානුවා දක්වාම ඔවුන් සටන් කරනවා. ඒ ඔවුන්ගේ ජාන සහ බද්ධ වී ඇති සංස්කෘතිය විය යුතුයි.

    ඔවුන් පරාජය කරන්න පුලුවන් ඇමෙරිකානු ක්‍රමයට පමණයි.

    ඇමෙරිකානු ක්‍රමය (බ්‍රිතාන්‍ය ක්‍රමයේම දිගුවක්) තුල කරන්නේ බ්‍රිතාන්‍ය ඩිවයිඩ් ඇන්ඩ් රූල් වගේම සතුරු පාර්ශ්වය තුල අභ්‍යන්තර බෙදීම්, ඇන කොටාගැනීම් සහ අභ්‍යන්තර කුමන්ත්‍රණ හරහා බියවද්දා ආක්‍රමණය කිරීම

    මේවා ලෝකයේ හොදටම කරන්න පුලුවන් වෙන්නෙත් ඇමෙරිකා එක්සත් ජනපදයට. මේ ඇමෙරිකා එක්සත් ජනපදය මාස්ටර් කරපු කලාව.

    දකුණු ආසියාවේ කුඩා රටක යුද ජයග්‍රහණයෙන් පස්සෙ හිටපු යුද හමුදාපතිට "ඔයා තමයි වැඩ්ඩා, ඔයා ඔහොම ඉන්න ඕන කෙනෙක් නෙවෙයි, ඔයාට ජනාධිපතිත් වෙන්න පුලුවන්, අපි සම්පූර්ණ උදව් කරන්නම්. ඒ නිසා අපේ කැම්පේන් එකට එන්න ඔයාට අනිවාර්යයෙන්ම දිනන්න පුලුවන්" කියලා 2010 ගේම ගැහුවා වගේ, තව 2015 ලේකමෙක් සහ පිරිසක්ද අරගෙන ගේම් ගැහුවා වගේ, ආයේ 2021 - 2022 දැවැන්ත මඩ කැම්පේන් සමග උද්ඝෝෂණ ව්‍යාපාර රාශියක් සංවිධානය කර 2022 තවත් පිරිස් පාරට දාලා, සල්ලි පොම්ප කරලා මයිදාන් උද්ඝෝෂණ වගේ අගනුවර බරපතල තත්වයක් ඇතිකර ඒකෙන්ම ගේම් ගැහුවා වගේ,

    ඇමෙරිකා එක්සත් ජනපදයට රුසියාවෙත් ගේමක් ගහලා දිනන්න බැරිද අජිත්?

    ReplyDelete
    Replies
    1. මේකට ප්ලිතුරක් ලෙස හොඳ කතාවක් තියනව. ඒක ලිපියක් ලෙස දාන්නම්

      Delete
    2. මේ මම ෆේස් බුකේ දැම්ම ප්‍රතිචාර - Rostov in RF, allegedly taken over by Wagner mercenery forces.-නොකියන කාරණේ තමා සෙලෙන්ස්කි මහතා වටේ ගිහින් එකතු කරගත්ත යුධ ටැංකි සහ ඇමෙරිකන් ආයුධ වලින් ගහන ඔෆෙන්සිව් එක හිටි තැන නතර වෙලා කියන එක. සෑහෙන යුධ ටැංකි වගයකුත් හබක් කියන එක. මේකයි වැග්නර් එකයි අතර සම්බන්ධයක් තියෙනවද දන්නේ නැහැ. රට ඇතුලෙන් කඩන්න පුළුවන් නම් සෙලෙන්ස්කි ගොඩ. බයිඩන් පොර. වෙච්චි දවසේ

      Delete
    3. මේ ආපහු හැරෙන්න කලින් දාපු එක. ඇත්ත සීන් එක හොයා ගත්ත. පිරෝගොෂින් කාරයට (වැග්නර් ගෘප් කුලී හමුදාවේ නායක ) අප්‍රිකාවේ රටවල රත්රන් නිධි , දියමන්ති නිධි හෙම ආරක්ෂා කරන ජොබ් එකක් තියනවනේ . ඒකට ඇමෙරිකාව සම්බාධක පනවන්න ඉඳල තියෙන්නේ. ඒක වලක්වා ගන්න දාපු බොරු මෙහෙයුමක් ඔය. ලෝක කපටියෝ. යුක්රේනය ආයෙමත් අන්දවා ගත්ත. මේ පින්තුර අද මගේ යාළුවෙක් එව්වේ මොස්කව් වල. කිසි අවුලක් නැතිලු. එයත් කීව බොරුවක් යනව වගේ කියල. අද ඉන්දියා ඩේ නිසා රුසියන් ගැණු ළමයි වගයක් නටන වීඩියෝ එකකුත් එවල තිබ්බ. 😃. මාක්ස් චතුරශ්යත් තියනවා පින්තුර වල.

      Delete
    4. මේ ඊළඟට වෙච්චි දේ. https://www.ft.com/content/ede7f80e-6e84-40fe-8ae7-131b6cc6884f?fbclid=IwAR3g8T_GmRImOXkYsJNgsgLusKl1F_303sW9Ix7wyswtodriakBczbwTc7Y

      Delete
    5. ඊට පස්සේ වෙච්ච් දේ - https://www.theguardian.com/us-news/2023/jun/27/us-sanctions-gold-companies-connected-wagner-group?fbclid=IwAR2xkLL8pk6aiGsK8vpgHnpfMaALYP0D9vop9FOm9vWcHGb_lsDDOdc11Yc

      Delete
    6. In a statement on Tuesday, the US treasury department said it slapped sanctions on four companies in the United Arab Emirates, Central African Republic and Russia it accused of being connected to the Wagner Group and its leader, Yevgeny Prigozhin.
      The companies engaged in illicit gold dealings to fund the militia to sustain and expand its armed forces, including in Ukraine and some countries in Africa, the treasury said.

      Delete
    7. ගුර්කා සොල්දාදුවන් වැග්නර් එකට ?? https://www.youtube.com/watch?v=yuNtKNCh2Fc

      Delete
  11. සමනලයිනි ඔයාලගෙ ජීවිත කාලේ
    කෙටි හින්දාද නැත්තේ යුද්දෙට ආලේ
    බෙදිලා- බෙදවලා- අනෙකා දමා වළේ
    සදහට ඉන්නමයි මිනිහට ඇති ලෝලේ

    ReplyDelete
    Replies
    1. සමනළයා මල හා ළමයා
      මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ජිවිතේ වටිනාකම.

      Delete
  12. https://lankanian.blogspot.com/2023/06/blog-post_27.html

    ReplyDelete
    Replies
    1. මොකද ඒ පාර බ්ලොග් ප්‍රවර්ධක නිලධාරී ද 😀

      Delete
    2. අලුතෙන් බ්ලොග් ලියන්න ආපු අයගෙන්, නමියා විතරයි ඉතුරු වුනේ. ඉස්සර ප්‍රචාරක කටයුතු කලේ අලකොමා. දැන් එයා බිසී නිසා නමියාවත් එහෙම කරන එකම මඳැයි? 😉

      Delete
    3. විහිළුවක් කලේ සුරුස්

      Delete
    4. තේරුනා, දැක්කා ඉමෝජි එක. ඒත්, නමිය නිතරම ඉන්නෙ නියෝගෙන නිසයි දැම්මෙ.🤣

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .