අනාදිමත් කාලයක ඉඳන් පර්වත මුදුන් වල, කඳු මුදුන් වල පල්ලි , පන්සල්, දේවාල , ආශ්‍රම ගොඩ නැංවුණු බව දන්නවද? කඳු මුදුන් කියල කියන්නේ දෙවියන් වහන්සේට සහ දිව්‍ය ලෝකයටළඟම තැන් කියල හිතන නිසා මේ වගේ සිද්ධස්ථාන හැදුනා කියල කියනව. නිදහස් හුළඟ විඳින්න කඳු නගින අය වගේම භාවනා කරන්න යන තාපසයන්ටත් කඳු මුදුනක් කියන්නේ නිදහස් තැනක්. ගොඩ නැගිල්ලක් හැදුවම යම් ප්‍රමාණයකින් ඒ නිදහස ඇහිරෙනවා තමයි.
උඩ පින්තුරේ අපි ග්‍රීසියේ සැන්ටෝරිනි දුපතට ගිය වෙලාවේ ගත්ත එකක් . කන්ද මුදුනේ කුඩා පියකරු පල්ලියක් තියනව. බොහොම සරල එකක්. ඒකෙ පියතුමා දවසකට දෙසැරයක් පමණ පයින්ම ඇවිත් යනවා.
මේ දිනවල බතලේගල කන්දේ ඉදි කරගෙන යන විහාරයක් පිළිබඳව ලොකු හා හූවක් යනවා. ගල් බෝර දාල පර්වත කඩන නිසා ලොකු විනාශයක් වෙනවලු. කොන්ක්‍රීට් ගබඩාවක් හදන්නලු යන්නේ. දාගැබක් තියෙන බව නම් පේනවා. බතලේගල කන්දට බයිබල් කන්ද කියලත් කියනව. ඒ නම දාල තියෙන්නේ යටත් විජිත සමයේ රට පාලනය කල බ්‍රිතාන්‍යයන් විසින්. සමහරු කියනව ඒ නිසා තමා මේ විරුද්ධ වෙන්නේ කියල. පරිසර වේදීන් විරුද්ධ වෙන සාධාරණයි කියල හිතමු. ඇත්තටම කිසියම් පරිසර විනාශයක් සිදු වෙන නිසා.
නමුත් බතලේගල කන්දේ පොඩි දාගැබක් සහ විහාරයක නටඹුන් තිබිල තියනව. මේ සත්‍යය අපට බැහැර කරන්නට බැහැ. විහාරය හදන්නට විරුද්ධ වෙන අය ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අනික් කන්දක හදන පළමුවෙනි විහාරය මේක නෙමෙයි. ඔය පින්තුර බලන්නකෝ. ලෝකයේ තිබෙන කඳු මුදුන් වල අහලා තිබෙන පල්ලි පන්සල් දිහා.
අපට මෙහෙම යෝජනා දෙකක් ගේන්න බැරිද?
1. තිබෙන පන්සල පෞරාණික ස්ථානයක් හැටියට වැටක් ගහල සංරක්ෂණය කිරීම. ඒක බලන්න යන අයගෙන් මුදලක් අය කිරීම. (විදේශික සංචාරකයන් ටත් එකම මිලක්) . ඒක බලාගන්න අර පන්සල හදන්න යන හාමුදුරුවන්ටම දෙනවා. කන්දේ පහල මුරකුටියක් සහ හාමුදුරුවන්ට ඉන්න පොඩි පන්සලක් හදනව. ප්‍රවේශ පත්‍ර ආදායමෙන් මුර කරන අයට ගෙවල ඉතිරිය හාමුදුරුවන්ට දෙන්න පුළුවන් පන්සලට වියදම් කරන්න. හැබැයි ලවුඩ්ස්පිකර් දාල ශබ්ද දූෂනය කිරීම එහෙම තහනම් කරන්න ඕනේ. සංචාරකයෝ තමාගේ කුණු අහුලන් යන්න ඕනේ. නැත්නම් දඩ ගහල ඒ ආදායමත් හාමුදුරුවන්ටම දෙනවා.
2. පන්සල් ගොඩ නැගිල්ලක් කන්ද මුදුනේ ඉදි කිරීමට ඉඩ දීම. හැබැයි මේකෙදි අර කණ්ඩලම හෝටලේ හැදුව වගේ පරිසරය ආරක්ෂා කරගෙන කරන්න නියම කරන්න ඕනේ. ලවුඩ්ස්පිකර් දාල ශබ්ද දුෂනය කිරීම එහෙම පිටින්ම තහනම් කරන්න ඕනේ. මේවා පාලනයක් කරන්න ආණ්ඩුවේ ආයතන තියනවනේ. ඒ පාලනය නිසි පරිදි කරලා අවට පරිසරය දුෂණය නොවෙන විදිහට හදන්න ඉඩ දෙන්න හැකියාවක් තිබෙනවා නේද?. පෝයට ඇරෙන්න අනිත් වෙලාවට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය තහනම් කිරීම, මුර කරුවන් යොදවා අවට ස්ථානය අපවිත්‍ර කරන්නට ඉඩ නොදීම වගේ දේ කරන්න පුළුවන්. පන්සල ප්‍රමිතියක් ඇතිව පෞරාණික බව රැකෙන පරිදි හදන්න නියම කරන්න බැරිද.
කොටින්ම පක්ෂ විපක්ෂ දෙගොල්ලටම සංවාදයකට ඇවිත් දෙගොල්ලටම හරියන විධිහේ විසඳුමක් ගේන්න බැරිද?
(අමතර ප්‍රශ්නයක් . මම දැක්ක තිලක් සබරගමුව කියල කෙනෙක් මෙහෙම ලියලා තියනව- "හැබැයි නිරාගමික කියලා කෝවිලක් ගානෙ පල්ලියක් ගානෙ රිංගල ගේම් ගහන එකාලට නම කීවත් නැතත් ඔටෝ පිං ...... තකෙන්" නිරාගමික කෙනෙක් පන්සලකට පල්ලියකට යන වැරැද්ද මොකද්ද ? මම නම් යනව ඕනෑම ආගමික සිද්ධස්ථානයක් බලන්න. )
කඳු මුදුන්වල තැනූ ආගමික සිද්ධස්ථාන
1. Sagra di San Michele, Italy ඉතාලියේ ශාන්ත මයිකල් ගේ ඇබේ එක -උම්බෙර්ටෝ එකෝ ගේ "රෝස මලේ නම" නවකතාව මේ පල්ලිය ආශ්‍රිතව ලියල තියෙන්නේ.
2. Felsenkirche, Idar-Oberstein, Germany පර්වත පල්ලිය - ජර්මනිය සහෝදරයා තල්ලු කරලා මරපු නිසා කුමාරයෙක් පව් සම කරවගන්න හදපු එකක්
3. Chapel on the Rock, Denver, United States - එක්සත්බො ජනපදය සෙට්ටි කියල කෙනෙක් හදල තියෙන්නේ බයිබලයේ මැතිව් 16:18 මතක් වෙලා. “Upon this rock I’ll build my church, and the gates of hell shall not prevail against it.”
4. Saint Michel d’Aiguilhe, Le Puy, France - ප්‍රංශය
5. Jvari Monastery, Mtskheta, Republic of Georgia - ජෝර්ජියාව ජ්වරි ආශ්‍රමය - යුනේස්කෝවෙන් නම් කරලා තිබෙන තැනක් . පරණ පේගන් පන්සලක් උඩ ශාන්ත නීනෝ කියන දේවගැති වරිය හදල තියෙන්නේ.
6. The Al Qibla Mountain Mosque In Rize, Turkey - අල් ක්යුබ්ලා මුස්ලිම් පල්ලිය, තුර්කිය
7. Great Pagoda of Doi Inthanon දොයි ඉන්තනොන් විහාරය - තායිලන්තය - එම රටේ උසම කන්දේ හදල තියෙන්නේ
8. Taung Kalat - තඋන් කලට් - බුරුමය
9. Hanging Temple - එල්ලෙන පන්සල හෙන්ෂයි කන්ද - චීනය - ක්‍රිව 491 සාදා තිබේ
10. Roussanou Monastery - රෝසාණෝ ආශ්‍රමය ග්‍රීසිය ශාන්ත බාර්බරා වෙනුවෙන් 16 සියවසේ සාදන ලද්දකි
මුලාශ්‍ර -
තියෙන රීති රැක ගන්නෙත් නැති කලෙක
ReplyDeleteබලධරයනුත් නීතිය නොතකන රටක
තව තව නීති පැනවීමත් විහිලුවෙක
කියලයි හිතෙන්නේ අතීත කෙරුම් දැක!
තියෙන නීති මදි වාගෙයි පෙනෙන්නේ
Deleteමිනිසුන් හදන නීතින් ඕනා වෙන්නේ
කතරගම් යද්දී කොපමණ විනාස කෙරුවාද
ඕවා ගැනත් ඔය ඇත්තෝ ලිවාද
රැවුල වවන් හිටි, අපෙ ඒ සඟ රුවන
Deleteගල උඩ පන්සලක් ඉල්ලුව දුර පේන
අහස් මාලිගාව කියල නම් කෙරුන
ආගම, දහම දෙස්පලු බල ලඟ නැමෙන
ඉස්කෝලෙට යන්නේ තඩි බොරු කරලා
Deleteරකිනව කියන පන්සිල්වත් නැත රැකලා
සම්මා කම්මන්ත ඇත්තේ විතැන් වෙලා
විනයක් නැති රටක ඉන්නෙමු බකංනිලා
තවම පාද යාත්‍රා ගමන ගැන ලියා අවසන් නැහැනේ අජිත් මහත්තයෝ. වෙනත් ගමන් යන අයට සාපේක්ෂව පාද යාත්රාකරුවන් පරිසරයට හානි නොකරන තරම්. වැඩියත්ම කෙරෙන්නේ දිරා යන අපද්‍රව්‍ය බැහැර කිරීමයි.
බොහොමයක් දමිළ පා ගමන්කරුවන් කැලේ කොතන නැවතුනත්- පිටත්වෙද්දී ළිප හදාගෙන තිබ්බ තැන පිරිසිදු කරලා කපුරු පෙත්තක් පත්තු කිරීම පවා කරනවා. අපි හැමදාම ගියේ පළමු පිරිස් අතරේ නිසා වෙන්නැති, මම නම් පොලිතින් කසල දැක්කෙත් නෑ.
ලොකුදෙයක්
DeleteThis comment has been removed by the author.
ReplyDeleteෆේස්බුක් එකට වැටුණු ප්‍රතිචාරයක්. හොඳ නිසා මෙහි පළ කරමි.
ReplyDeleteAbeyratne Ekanayake
වෙහෙර විහාර පංසල් හෙල සංස්කෘතියේ මුදුන් මල්කඩ සේ සැලකුම් ලබනවා…සමතුලිත ජීවන ක්‍රමයේම කොටසක්.. එය තිබිය යුතුයි, අතීතයේ රජ දවස පවා ගම්බිම් වෙන්කර සීමා නිර්ණය කර පූජා කලා.. ඒවා නිසා පරිසරය , ජන ජීවිතය ආරක්ශා උනා.෴
අද වෙනත් තත්වයක් ..
ඒ නිසා නීතියක් , සැලසුමක් , ප්‍රමිතියක්, ක්‍රමවේදයක් අවශ්‍යයි… එය පහසුවෙන් නිර්මාණය කරන්න පුලුවන්..
කදුමුදුන්වල කවර හෝ ගොඩනැගිලි ඉදිකිරීම සදහා ද, වනාන්තර මැදින් භූමිගත පාරවල් ඉදිකිරීම සදහාද සංවේදී කලාපවල ඉදිකිරීම් සදහාද , එම ඉදිකිරීම් සිදුකිරීමට පෙර , පරිවාර කලාප සංරක්ශණය සදහා මෙම සැලසුම, නීතිය අවශ්‍ය වෙන්නෙ..
සදලංකාවේ එහෙම දෙයක් නැහැ.෴෴
විවිධ අය තීන්දු තීරණ අරගෙන , කැලෑ කපල හෝටල් ගොඩනැගිලි, කැමති කැමති දේවල් හදනව…
හානිවෙන්නෙ මේ හේතු නිසා..෴
සියලුම ස්ථාන ගොඩනැගීමෙන් පසුවද කලමනාකරණ සැලැස්මක් තිබිය යුතුයි.෴
නැත්නම්, පොලිතීන් ප්ලාස්ටික් , ආහාර රැගෙන යාම , ශබ්ද විකාශන භාවිතය, මාර්ග තැනීම, අපද්‍රව්‍ය දැමීම , පෙට්ටිකඩදැමීම , පිටප්‍රදේශවලින් පැමිණ අලුතින් මාර්ග දෙපස ගොඩනැගිලි සෑදීම, ප්‍රදේශයේ ඉඩම් විකිණීම යනාදිවශයෙන් , එම කලාපයට ඔරොත්තු නොදෙන දේවල් සිදුවෙන්න පටන්ගන්නව..
එවැනි දේ තහනම් කරන නීති මුලින්ම සැකසිය යුතුයි.෴
පරිවාර පෙදෙස් කලමනාකරණය, රක්ශිත ලෙස ගැසට්කිරීම නොපමාව කලයුතුයි.. ඉදිකිරීම් බලපත්‍රය නිකුත් කිරීමට පෙර.෴
අද ශ්‍රීපාද වන්දනා සමය බරපතල පාරිසරික ව්‍යසනයක්.෴෴ මිනිස්සු කසල අපද්‍රව්‍ය , ප්‍රමාණවත් වැසිකිලි පහසුකම් ( තිබෙන ඒවායේද පිරිපහදු ක්‍රම නැහැ) නැතිනිසා ජලාධාර දූශණය වෙනව.෴
කතරගම වැඩිහිටි කන්ද බරපතල පාරිසරික හානියන්.෴෴ කන්ද දිගේ කපනලද අනාරක්ශිත පාර සෝදාපාලව නිසා බරපතල හානියක්.. කන්ද උඩ ආහාර අපද්‍රව්‍ය ඒ අසලම කැලෑවට නිදහස්කරල තියෙන්නෙ.෴
මත්තල
ගුවන්තොටුපල හදද්දි සිදුවූ ව්‍යසනය වගේ 10 ගුනයක් පරිවාර පෙදෙස් ඩෝසර්කර කොලඹින් ගිය ව්‍යපාරිකයො , හෙන්ච්මන්ස් ල විනාශකලා…෴ සදාහරිත වනාන්තරය , නොසිදෙන දිය උල්පත් අවසන් කලා. අද හම්බන්තොට , අනාථවෙලා කෑම ටිකක් සොයාගෙන මිනිස්සු ඉන්න ගෙවල්වලට එන ඇටකටු පේන අලිරංචු මේ ඛේදවාචකයේ ප්‍රතිථල..
ගම්පල කන්දක් ඩෝසර්කරල පාරවල්දාල අට්ටාලයක් හැදුව හාදයෙක් .෴ ඒ ජෛව පද්ධතියම විනාශකලා.
රජදරුවන් දවස ඒ ඉදිකිරීම් සිදුකලේ ඉතාම විධිමත් අයුරින්, සැලසුම් සහගතව.෴ හානියක් නොවන අයුරින්.෴
නීතිය රාජනීතිය …
කවුරුත් කඩකලේ නැහැ.෴
අද අයාලේ ඉබාගාතේ යන රටක්…හානිවෙන්නෙ ඒ නිසයි..
පලමුව විධිමත් ජාතික (වෙනස්කල නොහැකි )සැලසුම
නීති පද්ධතිය
ක්‍රමානුකූල online construction approval system ක්‍රමය ප්‍රමාදයක් නැතිව..
පරිසරයත් ආරක්ශාවී ලස්සන නිර්මාණ රටට බිහිවේවි..
මගේ ප්‍රතිචාරය: ප්‍රතිචාරයට එකඟයි. මගේ අදහස වුනේ අර ගඩොල් එකිනෙක අතින් අත එවමින් මේකට සහයෝගය දෙන පළාතේ බැතිමතුන් ද අත් නොහැර ගන්නා විසඳුමකට. මේවා හරියට කෙරෙන්නේ නැත්නම් එකතු වෙලා රජයට බල කරමු නීති ගේන්න කියල. විරුද්ධ පැත්තේ අදහස් මෙන්ම සහය දෙන පැත්තේද අදහස් අරගෙන හොඳ විසඳුමකට එන්න පුලුවන්නම් හොඳයි.
Deleteකියෙව්වා ඒක . මම කමෙන්ට් එකකුත් දැම්ම
Deleteෆේස්බුක් පෝස්ට් එකට වැටුණු කොමෙන්ටුවක්.
ReplyDeleteTharanga Nayanapriya Jayathilaka
ඕවා තියෙන්න පුලුවන් එත් මුලු රට උපරිම දහයක් පහලොවක් ඇති.අපෙ උඩට නැග්ගහම වටෙ පෙන කන්දක් දැක්කාම බිස්නස් එකක් නැග්ග එකාට පෙනවා,ඔක තමා අවුල.
මම පෞද්ගලිකව දන්න දෙයක් තමයි, හන්තාන සද හිරැ සැය.ඔය කන්ද තියෙන්නෙ හන්තානට වතුර දෙන්න වතුර ගන්න ජල පොෂක කලාපයෙ.ගත්ත වතුර පිරිසිදුයි.ඔය කන්දෙ කිසිම ඵෙතිහාසික වටිනා කමක් නැ.ඔය පන්සල ඔතන හදනවාට තදින් විරැද්ද වුනා.එ කාලෙ හිටිය ඇමති කෙනෙක් ඔය වැඩෙට මුලික වුනා.මොකද පොරගෙ බලෙන් අල්ල ගත්ත ඉඩම් ටිකක් ඔය වටෙ තියනවා.පස්සෙ පොරට ශාසන සම්බන්යෙන් පට්ටමකුත් දුන්නා.ඊට පස්සෙ දෙරණ සෙට් වෙලා ලොකු මාධය කැම්පෙන් එකක් දුන්නා.දැන් ලොකු සෙනගක් trip විදිහට එනවා.දැන් ජල පොෂක කලාපය පුදුම විදිහට දුෂණය වෙනවා.ගන්න පුලුවන් වතුර ටික අඩු වෙනවා.ඕකයි තත්වෙ.
දෙපැත්තම බේරලානේ මේ කියන්නේ. දෙඅප්ර්ශවයටම හරියන යෝජනාවක් ගේමු
ReplyDeleteයෝජනා කරන්න, මේක ගැන හරියටම දන්නෙ නෑ. ඇත්තම කියනව නං ඒ හැටි උනන්දුවකුත් නෑ, අපි ගේන යෝජනා වැදක් වෙයි කියල හිතෙන්නෙ නැතු නිසා. යකඩ මල්ලට ගුල්ලො ගැහැව්වාම........
ReplyDeleteඅජිත් දිගටම ලියන එක උනන්දු කරවන්නයි, කමෙන්ට් කලේ.
අපේ මිනිස්සුත් එක්ක බැ නෙ අනේ. එක්කො නීති ක්‍රියාත්මක වෙයි නැතිබැරි අයට විතරක්.
ReplyDeleteඒ හන්ද ඔයතැන් විනාස නොවී ආරක්ෂා වෙන්නත් එක්කලා ඒ තැන් එහෙමම තිබුණාවෙ. උනමනාව වැඩි අය විතරක් එතකොට... ඔය තැන් ගිහින් දැකබලා ගන්නෙ නැතැ. පරිසරයත් රැකෙනව, නැති ප්‍රශ්න එන එකත් නවතිනව
දැන් අරක ගඩොල් අදිමින් බාගෙට හදනව දැක්කේ නැතිය
Deleteදැක්ක. මං කිව්වෙ ඉදිරියට වෙනවනම් වෙන්න ඕන විදිහ... මට හිතෙන හැටියෙන්
Deleteඉදිරියටත් ඉතින් ඔහොම දේවල් වේවි. මොකක් හරි යාන්ත්‍රණයක් හදන්න ඕනේ. කැනඩාවේ තියෙන විධිහ ගැන අනුරුද්ධ ලියල තියෙන්නේ.
Deleteමම මෙහෙම දෙයක් දැකල තියනව. අපි ලියන ඒව වැදගත් නැහැ කියල හිතුනට කිහිප දෙනෙක් කතා කරන්න ගන්නවා. ඒක ඊට පස්සේ තම තමන්ගේ අදහස් වගේ වටේ යනව. සමහර වෙලාවට අවශ්‍ය තැන් වලටත් යනවා.
ReplyDeleteඕකනම් ඇත්ත
ReplyDeleteකාලෝචිත සටහනක් . ලෝකයේ බොහෝ රටවල විවිධ පරිසර පද්ධති වල ආගමික සහ සංස්කෘතික නිර්මාණ ඉදිකර තිබෙන්නේ කලක පටන් . ඒ හින්ද මේවා ඉදිරියේදීත් නවතින එකක් නැහැ. වැදගත් කාරණය වෙන්නෙ පරිසර හානිය අවම වන විදිහට ඒක කරන එකයි. මෑතකදී අපේ නගරයේ බෞද්ධ විහාරයක ඉදිකිරීමක් සදහා ගස් කිහිපයක් කැපුවා. ඒ වෙලාවෙ නගර සභාව ඒවා අධීක්ෂණය කලා වගේම ඒ වෙනුවෙන් යම් නියමිත ගස් ගණනක් ඒ පරිශ්‍රයේම වෙනත් තැන්වල සිටුවන්නටත් නියම කලා. ඒ වගේ නීති සහ රීති කවුරුත් අනුගමනය කරනවා නම් හොදයි.
ReplyDeleteස්තුතියි අනුරුද්ධ. ඇත්තටම කැනඩාවේ එහෙම කරපු දෙයක් ගැන වීඩියෝ එකක් හදල දැම්මත් පාඩු නැහැ. මිනිසුන්ට දැන ගන්න මෙහෙමයි වෙන්න ඕනේ කියල.
Deleteඑහෙම වේවිද? 😮
ReplyDeleteවෙනවා නං හොඳයි.