Saturday 1 July 2023

හිටි හැටියේ ගිනි ගැනීම

හිටි හැටියේ ගිනි ගැනීම 
******************************************************
ලෝකේ සමහර සිද්ධීන් වෙනවා. අපි හුඟක් වෙලාවට කරන්නේ ඒ ගැන නිව්ස් එක කියවල නිකන් ඉන්නව. මම අර ප්‍රිගොෂින් ගේ කතාව නාඩගමක් කියල කලින්ම කීවම  ගොඩක් අය පට්ට විශ්ලේෂණ ලීවා. වැඩිපුරම  බටහිර මාධ්‍ය කියවල.  පුටින් වෙව්ලනවා  කියල කීව. කෙලවෙලා කීව. මම අරහෙම ලීවේ මොකක් වත් පැත්තක් අරගෙන නෙමේ. සරල ඇත්ත. දැන් තේරෙන්න ඇති හැමෝටම. අරූ හරවල ගියානේ. ඒත් නැහැ. ඒ ගැන ඉක්මනින් ලියනවා.    හැමෝම නිව්ස් රැල්ල  කියවලා අදහස් දක්වනවා විතරයි,. එතනින් එහාට බලන්නේ නැහැ. 

දැන් මොකද හදිසියේ ස්වීඩනයේ දෙන්නෙක් ශුද්ධ වූ පොතකට පයින් ගහන්නේ . පුච්චන්නේ. මම අර ජෙරෙමි ගැනයි නතාෂා ගැනයි ලිවානේ. නතාෂා වැරැද්දක් කරලා නැහැ. ඒත් එයාගේ වීඩියෝ එක කවුරුත් ෂෙයාර් කරන්නේ නැහැ.  එයාගේ කතාවේ උලුප්පල දාපු කොටස  විතරයි මිනිස්සු දැනගන්නේ. එයා දැන් හිරේ. කරපු එවුන්  දන්නවා හිතන්නේ නැතිව ඉක්මනින්  ආවේගයෙන්ඇවිලෙන සෙට් එකක් ඉන්නව කියල. 

දැන් ස්වීඩනයේ මොකද වුනේ? ඇයි හදිසියේ පිච්චුවේ?

පුච්චපු එකා දන්නව අඑහෙම කරපු ගමන් ඇවිලෙන සුළු ජනතාවක් පිටු පස ඉන්නවා කියල.

දැනටමත් ඉරාකයේ  ස්වීඩන් එම්බසියට ගහල. තුර්කිය ගිනි අරන්.  අරාබි රටවල් ඇවිලිලා.

දැන් ඔයගොල්ල  දන්නවනේ ෆින්ලන්තය නේටෝ සංවිධානයට බැඳුන කියල. ඊළඟට බැඳෙන්න ඉන්නේ ස්වීඩනය. ස්වීඩනයට විරුද්ධ තුර්කිය. මුස්ලිම් තුර්කිය නේටෝ රටක්. තුර්කිය කැමති නැහැ ස්වීඩනය නේටෝ එනවට. නමුත් පහුගිය මාසේ යන්තන්  ලොකු ඩිප්ලෝමැට් ල  එහෙ මෙහෙ ගිහින් වැඩේ හදාගෙන මේ මාසේ ස්වීඩනය ඇතුලට යන්න හිටියේ.

මේ වැඩෙන් දැන් ආයේ ඒකට කෙළවෙනවා. තුර්කිය දැනටමත් කෑ ගහනවා.

පළමුවෙනි ප්‍රශ්නේ: දැන් කාටද ස්වීඩනය  නේටෝ එකට යන්න ඕනේ නැත්තේ? 

දෙවෙනි ප්‍රශ්නේ: කාටද  යුද්ධය දිගටම ගෙනියන්න අවශ්‍ය? 

තුන්වන නිරීක්ෂණික ප්‍රශ්නය : බටහිරට තමන් අනිත් රටවලට මෙපමණ කල් දුන්න තිත්ත බෙහෙත් තමන්ටම  ලැබෙනවා  වත්ද? 

ඔබ හිතන පිළිතුර හරි පිළිතුර නොවෙන්න ඕන තරම් ඉඩ තියනවා. 

මෙන්න නේටෝ සංවිධානයේ වීඩියෝව. ඊයේ ඒ ගැන කතා කරනවා. 


 
ඒ අස්සේ තව එක්කෙනෙක් ලකුණු දාගන්නවා.
 
 
(අර ප්‍රන්ශේ ඇල්ජිරියන් කොල්ල ගැන කතා කලොත් -වෙඩි  තිබ්බ එක වැරදියි. අත් අඩංගුවට ගන්න තිබ්බ. - ඊළඟ කාරණේ  වයස අවුරුදු 18 අඩු එකෙකුට ඩ්‍රයිවින් කරන්න බැහැ ප්‍රන්ශේ. එතකොට පොර මොකද බලවත් බෙන්ස් කාර් එකක් එළවන් යන්නේ පැරිසිය මැද මිනිහ සාමාන්‍ය ඩිලිවරි ඩ්‍රයිවර් කෙනෙක් ? මොනවාද ඒකෙ තිබ්බේ ? )

මේ මගේ අදාල ලිපි:

30 comments:

  1. // මම අර ප්‍රිගොෂින් ගේ කතාව නාඩගමක් කියල කලින්ම කීවම ගොඩක් අය පට්ට විශ්ලේෂණ ලීවා//

    විශ්ලේෂණ කියල හිතාගෙන හිටියට, අපි හැමෝම කරන්නෙ කැල්කියුලේටඩ් උපකල්පන තමයි මල්ලී - පුටින්ගෙ බාප්පා

    ප්‍රන්සෙ ඇල්ජිරියන් කොල්ල ගැන කතාව නං, සෑහෙන්න ලොජිකල් කියල හිතෙනවා. සාමාන්‍ය ඩිලිවරි ඩ්‍රයිවර් කෙනෙකුට නොලැබෙන මුල අධික වාහනයක්. අරගලකාරයින්ට පටගාලා මල්වෙඩි තොග ලැබෙන හැටිත් පුදුමයි.

    අජිත්ගෙ පෝස්ට් ලිවිල්ලේ වේගය ගැන ඊටත් පුදුමයි, ඒත් සතුටුයි. 😉

    ReplyDelete
    Replies
    1. @ බස්සා

      ලංකාවේ අරගල වගේම යුරෝපීය අරගලත් සංවිධානාත්මක කල්ලි කණ්‌ඩායම් බලගතු විදේශ සංවිධාන වලින් මෙහෙයවනවා කියලා ගොඩක් අය කියන කථාවේ ඇත්තක් තියෙන්න ඕන කියල මම විශ්වාස කරනව දැන් නම්

      Delete
    2. බසු මල්ලි මේ මම කල්කියුලේටඩ් උපකල්පනයක් නෙමේ කිව්වේ. ප්‍රිගෝ කාරය හරවන් යන්න කලින් මම ෆේස් බුක් එකේ දැම්මේ මේක නාට්‍යයක් කියල. වෙලාවත් එකක් තියෙන්නේ. ඒ අතරේ මාධ්‍ය වලින් දුන්න නැවෙන්න. 😆 අරගලය පටන් අරගෙන ආවේ මිනිස්සු. ඒක හිසක් නැති කවන්ධයක් කියල දැන ගත්ත ගමන් කට්ටිය සෙට් වුනා. පොයින්ට් වලින් දෙන්න පුළුවන්.

      Delete
    3. @ ඇනෝ
      නියම දේශපාලන බලය තියෙන්නෙ බලගතු කොම්පැනි, ඔත්තු සේවා වලින් හැදුනු සංවිධාන වලට කියල කොන්ස්පිරසි තියරියක් තියනවා. ඒකට අනුව, දේශපාලන නායකයො ඉත්තො විතරයිලු. විකී ලීක්ස් හරහා සමහර දේවල් එලි වෙනකොටම, දුන්නා බැස්ටිය.

      Delete
    4. ආටිකල් එක කියෙව්වෙ පොඩ්ඩක් පරක්කු වෙලා... ඊශ්‍රායලේ ජෙනින් කෑම්ප් එක සුද්ද කරන්න පටං ගත්ත එක ඔය දම්වැලේ අලුත්ම පුරුකද එතකොට... පොත පිච්චුවම තුර්කිය ස්වීඩන නේටෝ එනවට ගේම ඉල්ලනවා..අරාබි රටවල් තානාපතියො ආපහු කැදවනවා.. ස්වීඩන් එම්බසි වලට ගහනවා..ඒ අස්සෙ එකපාරට ප්‍රංශෙ ඇල්ජීරියන් සම්බවයක් තියන පොඩි එකෙක් මැරුවට විරුද්ධව ආණ්ඩුව වත් නොහිතපු විරෝධයක් පටං ගන්නවා..ලෝකෙම ඒක දිහා බලං ඉද්දි එකපාරට බටහිර ඉවුර ඇවිලෙනවා... අරාබි රටවල් වලට දැං පොතට වඩා ප්‍රශ්නයක් තමංගෙ මූණ ගාව තියනවා... දැං කට්ටියම ඒක පස්සෙ යයිද...? මෙහෙම ඩොට් කනෙක්ට් කලාම පත ප්‍රොක්සි වෝ එකක් මැද්දෙ මුකුත් කරගන්න බැරුව තක්කු මුක්කු වෙලා ඊලගට මොකක් වෙයිද කියල බලං ඉන්න වෙන සීන් එකක්ද මංදා තියෙන්නෙ..

      Delete
  2. අජිත් මම හිතන්නේ කොච්චර පුවත් වාරණය කර බොරු ප්‍රචාර කළත් දැන් යුරෝපීය රටවලට සහ එක්සත් ජනපදයට ජනතාව රැවටීම කළ නොහැකි තැනට පත්ව තිබෙනවා, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුලු විපක්ෂය මේ දවස්වල ඉතා ප්‍රබල ලෙස ජෝ බයිඩන්ගේ මෝඩ වැඩ විවේචනය කරන අතර මහජන සහායද රිපබ්ලිකන් පක්ෂය වෙත ලැබෙන බව පේනවා, බයිඩන් දැන් අසූ එක් වියැති සිහි කල්පනාව නැති නාකියෙක් නිසා මෑතදී ධවල මන්දිර සාකච්ඡා වලදී නාගත්තා (යුක්රේනය ගැන අහන කොට ඉරාකය ගැන කුණුහරුප කියන කතාව ඇතුලු මෝඩ කතා)

    ඒ වගේම ඔබ යුක්රේනයට ලැබෙන ආධාර උපකාර ගැන දන්න නිසා සජිත් ප්‍රේමදාස කියපු කතාවක් ගැන අහන්න ඕන. මේ ප්‍රවෘත්තිය අද ලංකාවේ නිව්ස් චැනල් වල ප්‍රධානම පුවතක්, මේක ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

    //*IMF එක ඉතාම සහන පොළියට යුක්රේනයට ඩොලර් බිලියන 14ක් දුන්නා… අපට එහෙම බැරිවුනේ අපේ රටේ පාලකයන් වන ආණ්ඩුවේ නොහැකියාවෙන්…*

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් යුක්රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 14ක ආධාරයක් ලබා දී ඇතැයි ද මීට අමතරව යුරෝපීය සංගමය සහ ඇමරිකානු එක්සත් ජනපදයත් විශාල වශයෙන් ආධාර මුදල් උපකාර දී ඇති බවත් ලංකාවට එබඳු ආධාර උපකාර නොලැබීම පිළිබඳව තමා දැඩි විමතියට පත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව අමතා සඳහන් කරයි.

    මෙතරම්ම විශාල සහනාධාර මුදල් යුක්රේනයට ලැබෙද්දී ඊට වඩා කුඩා ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාවට අවුරුදු හතරටම ලැබෙන්නේ ඩොලර් බිලියන 2.9 ක් වැනි ඉතා කුඩා මුදලක් බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ නායකයන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වඩා හොඳින් ගැඹුරු ලෙස සාකච්ඡාවක් කර ඩොලර් බිලියන 20ක 30ක පමණ විශාල ආධාර මුදලක් ලේසියෙන්ම ලබාගැනීමට සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකර විදේශ ණය වලට පමණක්ම බලපාන පරිදි සහනයක් ලබා ගැනීමට නොහැකි වූයේ මන්දැයි ඔහු දැඩිලෙස ප්‍රශ්න කළේය. මෙය වත්මන් ජනපති ඇතුලු රජයේ නොසැලකිල්ල සහ අසමත්කම මනාව පැහැදිලිවන කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

    දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණය සඳහා අද පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන විවාදයේදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

    එවන් හොඳ සාකච්ඡාවක් ලබා ගත්තේ නම් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අතහැර මෙතරම් අධික බදු, සහනාධාර කප්පාදු, රජයේ වියදම් කප්පාදුව ආදී අනවශ්‍ය කොන්දේසි පටවා ජනතාව පීඩාවට පත් නොකර ඉදිරියට යා හැකිව තිබූ බවත් හෙතෙම තවදුරටත් එහිදී පැවසීය.//

    මේකත් බලන්න, මේ වීඩියෝ ක්ලිප් එකේ සජිත් ප්‍රේමදාස අවධාරණය කරන පරිදි අයි එම් එෆ් එකට යායුතු ආකාරය ලංකාවේ රජය පැහැර හැර තිබෙන බව හිතෙනවා නේද? මීට වඩා හොඳට සූදානම්ව ගියා නම් වැඩි මුදලක්ද ලබාගත හැකිව තිබෙන බව සිතිය හැකියි නේද?

    https://m.youtube.com/watch?v=jF9x18Mcp5s&t=4s&pp=ygUs4LeD4Lai4LeS4Lat4LeKIOC2tOC3iuC2u-C3muC2uOC2r-C3j-C3gyBpbWY%3D

    ඇත්තටම අප අයි එම් එෆ් එකෙන් මේ සජිත් ප්‍රේමදාස මහතා කියන ආකාරයට සහන ලබාගැනීමට රජය අමතක කරල තියෙනව වගේ නේද පේන්නේ? මේ පිළිබඳව විස්තර කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. යුක්රේනය අපේ රටවල් වලට (මම කියන්නේ බටහිර ගැන) දෙන සපෝර්ට් එක ලංකාවෙන් ලැබෙන්නේ නැහැනේ සහෝ. සජිත් ට ඒක තේරෙන්න එපැයි. වැටිලා තියෙන ආර්ථිකය ආයුධ වලින් නග්ගන එකම මදිද

      Delete
    2. මට විස්තර කරන්න නම් දැනෙන්නේ නැහැ ඇනෝ , මේ ප්‍රශ්නය අහන්න සුදුසුම දෙන්න ඉයන් හරි එකොන් හරි. ආණ්ඩුව ට දෙන තරමට් එහායින් සජිත් ට ගන්න පුළුවනි කියල නම් හිතෙන්නේ නැහැ

      Delete
  3. Extra-ordinary Human Combustion සිදුවීම් ටිකක් මතක් වුනා. ඒවත් ඔය වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. මාත් දැක්ක ඒවා. සමහර ඒවාට scientific හේතු දෙන්න පුළුවන්නේ

      Delete
  4. පෝස්ට් ලිවිල්ලේ වේගය ගැන සතුටුයි 😉 x 2

    ReplyDelete
    Replies
    1. ඔළුවට අදහසක් ආවහම පරණ වෙන්නේ නැතිව ලියන්න ඕනේ නේ

      Delete
  5. https://mawbima.lk/2023/07/01/%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%9C%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%86%E0%B6%B4%E0%B7%94-%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB/

    ReplyDelete
    Replies
    1. මුකුත් නොදන්නා බුවෙක් බටහිර මාධ්‍ය වාර්තා පදනම් කරගෙන ලියපු එකක් විතරයි. මගේ ඊළඟ ලිපියක සීන් එක කියන්නම්. වැගන් - ආර් සෙට් එක වෙන යුධ පෙරමුණක් අරින්න ලැහැස්ති වෙන් බවයි මට ලැබුණු ආරංචි වලට අනුව වෙන්න. ලියන්න බයයි. මගේ ෆේස්බුක් එකවුන්ට එක දෙතින් පාරක් ම හැක් කරන්න හැදුව පහුගිය දවස් තුනට

      Delete
  6. මේ ගැන සරෝජ් ගේ මතය කුමක්ද? එය තමයි නිවැරදි

    ReplyDelete
    Replies
    1. ඒක එයාගෙන් අහන්න. ඔය කාට හරි කෝල් කරලා කියන්නේ නැතෑ

      Delete
  7. https://www.jstor.org/stable/40920355

    ReplyDelete
    Replies
    1. yeah, it's a half socialist country . not the soviet kind

      Delete
  8. ඔායා රුසියන් භාෂාව දන්න නිසා Aura candy නොහොත් Ruth Katz ගැන අලුත් තොරතුරු ටිකක් හොයලා දෙන්න පුවන්ද?

    ReplyDelete
    Replies
    1. දන්නේ නැහැ කවුද කියලා. අහල නැහැ . රුසියන් නමක් නෙමේනේ

      Delete
  9. අජිත් මේ මොහොතේ ප්‍රංශයේ දැවැන්ත "අරගලයක්" ක්‍රියාත්මකයි.
    මේක බලන්න බෙල්ජියමටත් පත්තු වෙන තත්ත්වයක් තියෙනව නේද?

    https://m.youtube.com/watch?v=CwwEhQfsgLA&t=36s&pp=ygUMZnJhbmNlIHJpb3Rz

    ගිනි තියනවා, ගහගන්නවා, මිනිස්සු මැරෙනවා. සෑහෙන භයානක මහ ප්‍රචන්ඩ අරගලයක්....!

    හැබැයි ලංකාවේ ගෝල්ෆේස් වල අප්ඩේට්ස් විනාඩියෙන් විනාඩියට ගහපු ඉන්ටර්නැෂනල් මීඩියා ඒ තරම් ලොකු අවදානයක් ඒකට දෙන්නෙ නෑ. ඒ වගේම උක්රේනයේ 2014 මයිදාන් සීන් එකට තරම් කිසිම තැනක අවධානය යොමුකර නෑ, මෙහෙම වෙන්නේ ඇයි?

    මිනිස්සුන්ගේ විරෝධතා පැවැත්වීමේ අයිතියට අත නොතබනු කියලා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන නිවේදන නිකුත් කරලා නෑ. ඇමරිකා තානාපති කාර්යාලය ප්‍රංස ජනපතිට නියෝග කරමින් මානව හිමිකම් රකින්න ඕන කියල අවධාරණය කරන බව දැක්කේ නෑ

    මුලු ජාත්‍යන්තරයම නිකන් කිසිම දෙයක් දැක්කේ නෑ වගේ ඉන්නේ. ඇයි ඒ?

    ඒත් මේ ඉන්දියන් සාගරේ දූපතක් වෙච්ච ශ්‍රී ලංකාවේ ප්‍රශ්න වලට මේ තරම් දැඩි අවදානයක් දෙන සුදු මහත්තුරු, නෝනලා තමන්ගේ අල්ලපු වැටේ ගින්දර ගැන වැඩිය කතා නොකරන්නේ ඇයි දන්නෑ ?

    කෝ බීබීසී? කෝ බ්‍රිතාන්‍ය රජය සහ තානාපතිලා? කෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාතික උපදේශක

    බීබීසී සිංහල සේවයේ අධිපති වෙරිටේ මීඩියා ජ්‍යෙෂ්ඨ උපදේශක අල් ජසීරා නිදහස් මාධ්‍යවේදී බයි-ලයින් ටයිම්ස් ජ්‍යෙෂ්ඨ මාධ්‍ය උපදේශක මහා විද්වත් සරෝජ්ලගේ කටවල් වල පිට්ටුද? ඇත්තටම අජිත් අවංකව මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ඔබට? අපට ඕන නිදහස් අදහස් සහ සැබෑවටම සිදුවන සත්‍ය දැනගන්න, ඒ නිසා ලියන්න ඒ ගැන......

    ReplyDelete
  10. සිද්ද වෙන දේවල්
    කචල් වාගෙම අවුල්
    සිහින වාගෙයි පෙනෙන දහවල්
    වෙන්නෙ කවදද මෙව්ව නිරවුල්

    ReplyDelete
  11. අජිත් ඉතිහාසයේ සිදුවීම් ඇනලයිස් කරල බැලුවොත් හිට්ලර් කියන්නේ අමානුශික ද්‍රෝහියෙක් බවට හන්වඩු ගැහුනෙ ඔහු යුද්දෙ පැරදුන නිසා. හැබැයි ඔහු දිනුවනම් ඔහු තමයි සදාතනික වීරය වෙන්නෙ. යුද්දයේ ස්වභාවය එය තමයි. නමුත් ඇතතනම් යුද්දයෙන් කිසිවෙකු ජයග්‍රහනය නොකරන එක. ඇමරිකා එක්සත් ජනපදය ලක්ෂ සංඛ්‍යාත සාමාන්‍ය ජනතාව මරා දමමින් තවත් මිලියනයකට අධික පිරිසකට න්‍යෂ්ටික විකිරණ වලට නිරාවරණය කරමින් ලොව එතෙක් මෙතෙක් සිදුකල අමානුෂිකම ජනඝාතක පරමාණූ බෝම්බ ගහලත් වීරයො උනේ උන් යුද්දෙ දිනපු නිසා.

    එන්ගලන්තෙ හිරු නොබසින අදිරාජ්ජය හැදුවෙ හිට්ලර්ට වඩා විනාසයක් ලෝකෙට සහ මිනිස් වර්ගයාට සිදුකරල තමයි හැබැයි උන් යුද්ද දිනපු නිසා තාමත් උන්ට සැලියුට් ගහන ගමන් හිට්ලර්ට දොස්කියනව. ලංකාවේ ගෝතකරුමත් මෙලෝ දෙයක් නොදැන හිට්ලර්ට බැන බැන ඊට වඩා අන්ත මිනීමරු චර්චිල්ලාට වන්දිභට්ටකම් සට්ටැඹිකම් කරකර රට්ටු හිනස්සනවා. ඒකට හේතුව විදිහට මොකක්ද කියන්න පුළුවන්?

    මම හිතන්නේ ඒ තමයි යුද ජයග්‍රහාකයන් විසින් ජඩමාධ්‍ය යොදාගෙන කැම්පේන් කරලා බහුතර සාමාන්‍ය ජනතාව ඇතුලත්වන ජනසමාජයේ මොල හෝදල මිනිසුන් මෙහෙයවන විදිය. ඔය බෙල්ජියම නෙදර් ලන්තය, පෘතුගාලය, ස්පාඥ්ඥය ග්‍රීසිය ජපානය වගේ රටවල් හිට්ලර්ට කලින් කලෙත් හිට්ලර් කරපු දේම තමයි .ඊටකලින් මොන්ගෝලියාවත් කලේ එකම දේ තමයි. බෙල්ජියමේ දෙවන ලියෝපෝල්ඩ් රජා හිට්ලර්ට වඩා නපුරු භයානක දේවල් අප්‍රිකානු යටත් විජිත කොංගෝවල ජනතාවට සංහාර සිදුකළා, ඒ වගේ තව ස්පාඤ්ඤය සහ පෘතුගාලය දකුණුදිග ඇමරිකාවටත් ව්ලාද් ද ඉම්පේලර් වගේ අය නැගෙනහිර යුරෝපීය රටවලට සිදුකළා, මධ්‍ය ආසියාතික රටවලට චිංඝීස් ඛාන් කී විනාශය සෑහෙන්න බරපතලයි, ඒත් ඔය කවුරුත් ගැන විවේචනය කරන්නේ හරිම අඩුවෙන් දෙවන ලෝක යුද්ධය තුල කොතරම් යුධ අපරාධ දෙපාර්ශ්වයම සිදුකළා හැබැයි හිට්ලර් විතරයි නරක මිනිහ උනේ.ඒ බලය ඇති උන් ඉතිහාසය ලියන විදිය. දෙවන ලෝක යුධමය තුල ස්විස්ටර්ලන්‍තෙ පැත්තක ඉදල පොහොසත් උනේ හිට්ලර්ගෙ ධනය ස්විස්වල තැන්පත්කරල තිබුන නිසා.එයාල දැනුත් කරන්නෙ ලෝකෙම ඉන්න හොරුන්ගෙ කලුසල්ලි එයාලගෙ බැන්කුවල තැන්පත්කරව ගන්න එක.පිටට කියනව අපිසාමකාමී මානව හිමිකම් රකිනව කියල ඒ ඔක්කොම කරන්නෙ යටින් හොරකම කරන්ගමන් තමයි. මේකයි ලෝක ස්වභාවය.

    ReplyDelete
  12. අජිත්, අප හිතමිතුරු හරිත පක්ෂයේ පැතුම් කර්නර් ලංකාවේ විපක්ෂ නායකවරයා ගැන දාපු පෝස්ට් එක මේ;

    ///තමන් කරන්නේ කුමක් දැයි නොදන්නා තවත් පක්ෂයක් වේ නම් එය සමගි ජන බලවේගයයි. ඔවුන් මේ කාරණයේදී මාලිමාවට දෙවෙනි නොවන අතර මාලිමාවද පරදවන බව කිව හැකිය.

    විටෙක සමගි ජන බලවේග නායකයා ඇතුලු පිරිස රජයේ වියදමින් බහුතර සුභසාධනය සැලසීම ප්‍රධාන කරගත් මිශ්‍ර ආර්ථිකයක් ගැන කියති. තවත් වරෙක ඔවුන් "ඇමරිකාවට ෆයිට් එකක් දෙන්නට" ධනවාදී ආර්ථිකයක් නිර්මාණය කරන බව කියති.

    විටෙක රටේ සෘජු බදු වැඩිකරන ලෙස ඉල්ලති, බදු ප්‍රමාණය අඩු කරපු පහුගිය රාජපක්ෂ රජය දැඩි ලෙස විවේචනය කළ ඔවුන් දැනුදු එසේ කරන අතරම වත්මන් රජය විසින් ඍජු බදු සහ වක්‍ර බදු වැඩි කිරීමට තීරණය කළ විගසම ක්ෂණිකව යූ ටර්න් ගසා හපෝයි රටම විනාසයි වහා සියලුම බදු අඩු කරනු මේ තීන්දුව හකුලා ගනු කියා සම්පූර්ණයෙන්ම එයට විරුද්ධ වෙති. තමන්ම කියපු දේ නොකරන ලෙස බල කරමින් උද්ඝෝෂණ කරති.

    විටෙක රජය සතු ආයතන පුද්ගලීකරණය ගැන කියවති. තවත් වරෙක පුද්ගලීකරණයට සම්පූර්ණයෙන්ම විරුද්ධ බව කියමින් නන් දොඩවති.

    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු මේ රටේ මේ මොහොතේ සිදුවන අත්‍යාවශ්‍යයම ප්‍රතිසංස්කරණයකි. කලින් එයට පක්‍ෂ අදහස් දැරූ අතර පක්ෂ නායකයා මාධ්‍ය හරහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කළේය. නමුත් එම නායකයාම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රජය එය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම සමග වහාම එයට විරුද්ධව දැඩි ලෙස විවේචනය කරමින් රටවටා උද්ඝෝෂණය කරති. ජනතාව කුපිත කරමින් මෙම යෝජනාවට පක්‍ෂව ඡන්දය දෙන මන්ත්‍රීවරුන්ගෙන් පලි ගත යුතු බව කියමින් නූගත් ග්‍රාමීය ජනතාව උසි ගැන්වීමට උත්සාහ කරති.

    මේ පක්ෂයට කිසිම ආකාරයක දැක්මක් හෝ ස්ථිරසාර මතවාදයක් නොමැති බව ද එයට දීර්ඝකාලීන තබා කෙටිකාලීනව හෝ කිසිදු වැඩපිළිවෙලක් නොමැති බව ද රටේ පවතින ආර්ථික අර්බුදය ගැන වැටහීමකින් කටයුතු නොකරන බව ද කිසිම දෙයක් ගැන නොහදාරා විටින් විට කටට එන වචන පවසමින් පිස්සන් සේ නන්දොඩවන බව
    හැර අන් කිසිවක් මින් ගම්‍ය නොවේ.

    අවාසනාවකට ඔවුන් මේ රටේ ප්‍රධාන විපක්ෂයයි. මෙය අප මෙම අවාසනාවන්ත තත්ත්වය අනිවාර්යයෙන්ම වෙනස් කළ යුතුමය. ඔවුන් එයට ද විරුද්ධ වෙති. නමුත් අප එයට කැපවී ක්‍රියාකරමු.

    පැතුම් කර්නර්
    #හරිතපෙරමුණ
    #Weneednewleaders///

    මෙයට ඔබ එකඟයි නේද?

    ReplyDelete
    Replies
    1. Jagath Pathirana5 July 2023 at 09:02

      ඇන්න පොනෝ,
      ඔබතුමා දත් දොස්තර කෙනෙක් වුනාට සර්වාංග වෙදකමත් තරමක් දන්නවා කියලා හිතනවා.
      තිලාපියා මත්ස්‍ය්‍ය සම යොදාගෙන කරන යෝනිස්ථාපන සැත්කම් අසාර්ථකද?
      ඒ ගැන කතාවක් නැත්තේ ඇයි

      Delete
    2. @ ඇනෝ 20.07

      මමනම් ඔය මංඥං බූරු පුතාණෝගේ අමුම අමු මීගොන් කතා නිසා හැමදාම වයිරල් වන news ඕපන් කරන්නෙ සමාජයෙන් එන coments බලන්න විතරයි. ඕක තරමටම අමු ගොනෙක් මේ සක්වල නැතුව ඇති. රටක විපක්ෂ නායකත්වයකට තියා ඡන්ද ප්‍රකාශ කිරීමට පවා නුසුදුසෙක් බව පේනවා කියන කතා වලින්.

      Delete
    3. මේ පේමදාස ගොබ්බය වටේ ඉන්න ගොන් රැලට තේරෙන්නේ නැද්ද මු එක්ක හිටියොත් යන එන මන් නැති වෙනවා කියල.
      මු අමු ගොනා කියල රටම පිලිඅරන් ඉවරයි. හිරුනික නම් පස්ස අල්ලන් ඉදිවී 😄😄😂

      Delete
  13. අජිත ධම්මකිත්ති තමන්ගේ දියුනූව තියෙන්නේ තමන් අතේ මිසක් දේශපාලකයන් අතේ නෙවෙයි. දේශපාලකයන්ට තියෙන්නේ බලයට තිබෙන කෑදර කමයි. ඔවුන් ජනතාවට සුළු දෙයක් කරල ඔවුන්ට සියල්ල කර ගන්න බව අවබෝධ කර නොගෙන දේශපාලකයන් මත යැපෙන සමාජයක් තිබෙන තුරු මේ සමාජය දියුණු වෙන්නේ නැත. තමන් ස්වඋත්සහයෙන් දියුණු වෙනවනම් නියම දේශපාලකයන් පත් කර ගැනීමට හැකි වෙනු ඇත.

    දෙවනුව සමාජ ආකල්පය. දේශපාලඥයන් ගැන ඕනෑවට වඩා අවධානය යොමු කරන සමාජයක් අපි බිහිකර ඇත. උදේ ඉදන් රෑ වෙනකන් අපට ඇසෙන්නෙ දෙශපාලකයන්ගෙ බණය. මේ අනවශ්‍ය ප්‍රසිද්ධියෙන් ඔවුන්ව ඉවත් කල යුතුය. ඒ වගේ ම රටට ආදරය ඇති පුරවැසියන් බිහි කල යුතුය. එය කල හැක්කේ කුඩා දරුවන්ගෙ මනසට පෙර පාසල් අධ්‍යාපනයෙන් හොද ආකල්ප ඇතුළු කිරීමෙන්. එවිට රටට ආදරේ දරුවන් බිහි වනු ඇත. කුඩා කාලයේ සිට දරුවන්ට මේ රටෙන් පලයන් කියා ඔලුවට විෂබීජ දාන සමාජයකින් බිහි වන්නේ රටට එරෙහිවන ජනතාවක්ය. ඔවුන් කරන්නේ දේශපාලකයන්ට බැන බැන රට යෑමයි. මෙහෙ පැය අටක් වැඩ කරන්න බැරි මිනිහා පිට රට පැය දොලහක් වැඩ කරති. මෙහෙ රස්නේයි වැඩ කරන බැහැ කියන මිනිහා. එහෙ සීතලේ ගැහි ගැහි පන්දරම වැඩට යන එකයි වෙනස. රටේම ආකල්ප වෙනස් විය යුතුයි.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .