Wednesday 5 July 2023

ග්‍රීක සංචාරය හත්වැනි ලිපිය - ඇතැන්ස් හි යුරේකා ප්‍රදර්ශනය

ග්‍රීක සංචාරය  හත්වැනි ලිපිය  - ඇතැන්ස් හි යුරේකා ප්‍රදර්ශනය ~~~~~~~~~~~~~~~~~~~~~~

මුල් ලිපි: 

හුඟ දවසක ඉඳන් ලියන්න  හිටි ලිපියක්. ආපහු  මතක් වුනේ රන්දුනු හසරංග ඇතැන්ස් ගිහින් ඉන්නව දැකල. එයාගේ ට්‍රැවලින් විත් ලව් කුරුල්ලෝ නාලිකාව සෑහෙන්න ජනප්‍රියයි යුරෝපයේ චාරිකා වලට. ගිහින් බලන්න මෙතනින්. පුරාණ ග්‍රීකයන් ගේ ජයග්‍රහණ පෙන්වන ප්‍රදර්ශනයක් තිබෙනවා ඇතැන්ස් නගරයේ යුරේකා කියල.  ග්‍රීකයන් ගේ තියෙන්නේ ප්‍රංශ, ජර්මන් සහ ඉංග්‍රීසි පුරා  විද්‍යාඥයන් විසින් ලියන ලද ඉතිහාසයක්. අපි ඉගෙන ගන්නෙත් ඒක. ඇත්තටම  හුඟක් කැණීම් කලේ ඔවුන්. නමුත් ග්‍රීකයන් වටහා ගනිමින් සිටිනවා ඔවුන් සම්පූර්ණයෙන්ම   යුරෝපීය ජාතියක් නොවන වග. ඒ අලුත් කැණීම් ආදියෙන්  හෙළිවන කරුණු මත. විශේෂයෙන් වැනසී ගිය මිනොඅන් ශිෂ්ටාචාරය ගැන හා ක්නොස් , හෙරක්ලියොන් වලින් හමුවෙන නටබුන් නිසා. එසේම ඔවුන් වටහාගෙන සිටිනවා ක්‍රි පූ  තුන්දහසත් -දසදහසත් අතර කාලයක් තුල එකතු වුන දැනුමකුත් ඔවුන් සතුව තිබෙන බවත් මිත්‍යා කතා හැටියට ඔවුන් පිළිගත් දේ තව දුරටත් විශ්ලේෂණය කල යුතු බවටත්. 

ඔවුන්ගේ යුධෝපායන් ගැන දැනුම වගේම ස්වයංක්‍රීය යන්ත්‍රානුසාරයෙන් කරන කාර්යයන් ගැන තිබූ දැනුමත් විශිෂ්ටයි.
මේ බයිට්සැන්ටියම් හි  ෆිලෝ  කියන්නේ ස්වයංක්‍රීයව වැඩ කරන සේවිකාවක්. ඇයගේ අතේ බර කෝප්පයක්  තිබ්බම එය පහතට ගිහින්  අනිත් කෝප්පයට වයින් වැටෙනවා. ඒක වැඩ කරන්නේ වායුගෝලයේ පීඩනයට අනුව.  බරවල් දෙකක් දමල ඉදිරියේ රෝදයක් සවි කර තිබෙන නිසා මේ සේවිකාව රොබෝ කෙනෙක් වගේ ගමන් කරනවා.  ලෝකයේ පළමුවන රොබෝ සේවිකාවද මන්ද.




මේ තියෙන්නේ දේවාලයක  දොරටුව ඉබේ ඇරෙන්න හදල තියන හැටි. ඉතින් ඒ කාලෙත් වන්දනාකරුවෝ ඇවිත් මේවා දැකලා කාසි දාලා යන්න ඇති. හෙරෝන් වල ස්වයංක්‍රීය ගේට්ටුව කියල කියන්නේ. මොකෙක්  හරි සතෙක්, බැටළුවෙක් බිලි දෙන කොට දෙවියෝ සතුටු වෙලා දේවාලේ දොර ඇරෙනවා. එහා පැත්තේ අල්තාරය යට වාතය රත්වෙනකොට ඒ පීඩනයට   වතුර ගමන් කරනවා ඊළඟ භාජනයට. ඒක පහලට යනකොට පුලි මගින් දොර ඇරෙනවා. ගින්න නිව්වහම දොර වැහෙනවා ආයෙත්. 

මට අල්ලලා ගිය එකක් තමයි ස්ලොට් මැෂින් එක. ඒකට කාසියක් දැම්මම ඔක්කොම ලෙඩ හොඳ කරගන්න  පුළුවන් ශුද්ධ වතුර ටිකක් වැටෙනවා.පැණිය  මතක් වුනා. කාසිය දැම්මහම කෝණාකාර වැල්ව් එක ඇරිලා වතුර වැටෙනවා බොන්න. ඒ කාලෙත් එහෙම තමා. ගේම  පටන් ගත්තේ මෙතැනින් වෙන්න ඇති. 

මේ තියෙන්නේ රාවණා පන්නයේ දඬු මොණරයක් හදන්න ගත්ත උත්සහයක්. ගෝලයකට වතුර පුරවල රත් කරහම ඒ රත් වූ  වාෂ්ප වලින් ගෝලය කරකැවෙන්න හදල. ඒකෙ බලයෙන් අර දඬු මොණරේඋඩ  යයි කියල හිතන්න ඇති. ඇත්තට වුනා කියල හිතන්න අමාරුයි.






තව හුඟක් දේවල් තියනව. ලෙවලින් උපකරණ,  එතකොට අපද්‍රව්‍ය යවන විධිහ, බර වස්තුන් උස්සල වෙන තැනකින් තියන්න පුළුවන් යාන්ත්‍රික ක්‍රම වගේ ගොඩක්. පයිතගරස් කප් එකත් මරු. වැඩිපුර සීමාවක් නැතිව මධ්‍යසාර බොන  අය ඒකෙන් වලක්වන්න හදපු එකක් . වයින් ජෝගුවේ රහස් නළයකින් වැඩිපුර  වයින් ටික එලියට අදිනවා බොන මිනිහට නොතේරෙන්න.



ඉතුරු පින්තූර ෆේස්බුක් එකට දානවා. කම්මැලිකම වැඩි නිසා. මේ තියෙන්නේ වාෂ්ප වලින් වැඩ කරන කාල තුවක්කුවක්.




පරණ කැලැන්ඩරයක් 








- අජිත් ධර්මකීර්ති 06/07/2023

27 comments:

  1. හත් දෙයියනේ... අජිත් මහත්තයෝ. ඔහේව එල්ලලා මරන්නයි වටින්නේ... නැත්තං රජ කාලේ වගේ උල හිඳුවා...

    යෝධ ඇලේ බැස්මේ සීග්ගරතාව ගැන දැනගත්තම, සීගිරියේ වතුර මල් වැඩ කරනවා දැක්කම, අනුරාජපුරේ කටු ගෙදරකදී ඇත් පහන දැක්කම නිමල් දිසානායකත් හෙණ උඩ ගිහින් හිටියේ 'හෙළයන්ගේ වික්‍රම' ගැන.
    දැන් බලපුවම අපි විතරක් නෙවෙයිනේ වැඩ්ඩො. තමුන්නාන්සේ මගේ ආඩම්බරේ බින්දුවටම බැස්සෙව්වා!
    ඒකයි මට තද වුනේ!

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඒකනම් කරන්න එපා. තව බ්ලොග් ලිපි දෙක තුනක් වත් ලියන්න දෙන්න. කවුඩ් අඩන්නේ ඔය පුරාණ සිංහල හෙළ ඒවා හොයල අපේ කට්ටියගෙන් ඉඑගන් ගෙන හැදුවද කියල. ආ හෙළ කතාව දාල නැහැනේ. ඒකත් දාන්නම්

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. Jagath Pathirana6 July 2023 at 11:37

      තෝ මහලොකු පොර නම් දෙමලෙක්ට කින්ඩියක් දාලා පෙන්වන්‍පිය.

      Delete
    4. ඈ බං දැන් මොකටද එහම කරන්නේ ? මම පොරක් කියල කොහෙවත් කියල නැහැ. කොහෙවත් ඉන්න දෙමල මනුස්සයෙකුට කින්ඩි දාන්න ඕන කමකුත් නැහැ.

      Delete
    5. Jagath Pathirana6 July 2023 at 17:24

      ඔයාට නෙමෙයි අනෙක් එක්කෙනාට කිව්වේ.

      Delete
  2. හොඳ ලිපියක්. ඒ කාලෙ පූජකයොත් කරලා තියෙන්නෙ මැජික් පෙන්නන එක වගෙයි නේද? ඉතිං අපිත් ඔඅය ඉඳලා හිටලා නයෙක් වඩම්මලා, හුදී ජනයාගෙ සර්දාව වැඩි කෙරෙව්වට මොකෑ? 🤣

    ReplyDelete
    Replies
    1. ඒකනේ . එකම සීන් එක.

      Delete
  3. අර වාෂ්ප ඇන්ජින් උත්සාහය දැක්කම, මට හිතුනෙ "කාර්මික විප්ලවය" බිහිවෙන්න අවශ්‍ය දැණුම තිබ්බත්, යම් හේතුවක් නිසා මඟහැරිච්ච ශිෂ්ඨාචාරයක් කියලයි.🤔😒

    ReplyDelete
    Replies
    1. මේවා ඇත්තටම ග්‍රීක් උන්ගේ නෙමේනේ. ඒකයි ඇත්ත. මිනොඅන් කියන්නේ දුඹුරු පාට මිනිස්සු ජාතියක් ඊජිප්තුවේ වගේ. උන් මේවා භාවිතා කරන්න ඇති. හෙන ඇඩ්වාන්ස් ශිෂ්ටාචාරයක්.

      Delete
  4. https://en.wikipedia.org/wiki/Talos
    https://en.wikipedia.org/wiki/Khalkotauroi
    https://en.wikipedia.org/wiki/Brazen_bull

    ReplyDelete
    Replies
    1. බුල් ව දැක්ක මම හිතන්නේ. පින්තුරයක් ඇති හොයල බලන්නම්. ටලොස් එකත් ඇති. තැන්ක්ස්

      Delete
  5. අජිත් මහත්මයා greek love වලට අකමැතිද? 😜

    ReplyDelete
  6. අජිත් මම නම් දකින විදියට ලංකාවේ කාට හරි කරදරයක් වුණොත් ඒ ගැන අදහස් දක්වන්නේ හරිම ප්‍රවේශමෙන්.ඒ කියන්නේ තමන්ට වෙන හානි,කිරලා මැනලා..පෙරලා..නැතිනම් තමන් කැමති නැති අයට ඒ සිද්ධියෙන් හානියක් වෙනවා නම්..අර හානියට වෙන්න ඉඩ දීලා කට්ටිය සද්දේ වහනවා.හැමෝම කාට හරි කරදරයක් වුණාම පුදුම සතුටක් විඳිනවා.

    විපක්ෂ නායක සජිත් දිස්ත්‍රික්කයකට චෛත්‍ය 40 ගානේ නිෂ්පාදනය කරලා රටේ ආර්ථිකේ චෛත්‍ය වලින් ගොඩ දාන්න ප්ලෑනක් දැම්මා.ඒ සැලසුම ගැන කට ඇරලා කියපු එතුමාට මාගල් කන්දේ දුන්නේ කනේ පහරක්.ඊට කලින් ජනතාව එයාට හොඳටම කියලා දුන්නා.මම බයේ ඉන්නේ නතාෂා ඇප ලැබිලා එලියට එනකොට සජිත් ප්‍රේමදාස දමිතා හොයාගෙන ගියා වගේ දුවගෙන දුවගෙන ගිහිල්ලා එයාවත් පක්ෂෙට ගනියිද කියලා.මොකද ඇප දීමට පක්ෂ ප්‍රකාශයේ තියෙනවනේ මහජන කැළඹීමක් වෙලා නැහැ කියලා.ඊට කලින් එතුමත් නතාෂා හිරේ ඉන්නකොට දේශපාලනික අවාසි වෙන යමක් නම් කිව්වේ නැහැ.හැබැයි එයාට නතාෂා වෙනුවෙන් පෙනී හිටියා නම්..අර චෛත්‍ය කතාව කිව්වට වැඩිය ජන ප්‍රසාද කමක් ජනතාවගෙන් ලැබෙනවා සත්තයි.

    අනුරය්යා මේ දවස් වල ඔස්ට්‍රේලියාව දෙවනත් කරමින් මොකක්දෝ හොයනවා.රට වල් හැදෙන,හැදිච්ච හැටිද මන්දා? හදිසියෙවත් බැංකු ටික කඩා වැටුණා නම් ඌ රටෙත් නැහැ.කව්ද එතකොට රට භාරගන්නේ.හොඳ වෙලාවට රටයි බැංකුයි කඩා වැටුණේ නැත්තේ..මේ පාරත් අපිට අනුරය්යා මිස් වෙනවා එහෙනම්..ජනාධිපති කමෙන්.කොහොම නමුත් එයා එනකොට රටේ ණය ප්‍රතිව්‍යුහගත වෙලා ඉවරයි.එයා හොඳ වෙලාවට ගියේ.නැතිනම් ලෝකේ නැති තියරි වලින් කන් ගොඩ කරගන්න තිබුණා .ඔස්ට්‍රේලියාව හැදිච්ච හැටි බලාගෙන අවොත් වත් ඇති.ලංකාව වගේ 117 ගුණයක් විශාල ඕස්ට්‍රේලියාව ලංකාව ට වැඩිය මිලියන 3,5 ජනගහණයක් එක්ක රටක් දියුණු කරේ කොහොමද කියලා හොයාගෙන එයි.නරකද ඔය 117 ගුණයෙන් දෙකක් විතර ඉල්ලාගෙන මේ ජනගහනය එහෙටවත් ඇද්දොත්..ඔසිලට ජනගහනය ඩබල් වෙන එකට විතරයි කැමති වෙන්න ඕන..කොහොමත් දැන් පන්සල් හදලා රන් අතුරන එකේ..ලොකු වෙනසක් වෙන්නේ නැහැ ඔසී වල.

    කොහොම නමුත් මේ උපහාස කතා අතරේ විපක්ෂය ආයෙත් රටේ වැදගත්ම කරුණු වලදී ජනතාව වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ.නාතාෂා ගේ සිද්ධිය වැලකි ගිය සැලසුමක උගුලට අසු වීමක්.අරගලය දවස් වල බොරුවට ජනතාව අතරට ඇවිත් කිඹුල් කඳුළු හෙලුවට ලංකාව ආයෙත් 225 ගේ ගේම් වල ගිරයට අහුවෙලා.

    ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී කිසියම් කැපකිරීමක් කරන්න වෙනවා.කව්රුහරි කියයි පාලකයෝ කරපු වැරදි වලට ජනතාව පලි නැහැ කියලා.බහුතර ජනතාව තමයි ඒ පාලකයෝ පත් කලේ.රටේ කිසිම පුද්ගලයකුට,පක්ෂයකට මේ කඩා වැටීමට දායක නොවුණා කියලා කියන්න හෘද සාක්ෂියක් නැහැ.ණය ප්‍රතිව්‍යුහගත කිරීම විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් දැකපු වට්ටි අම්මලා ලෙවල් එක දැනුනම..මේ මිනිසුන්ට රටක් භාර දෙන්න පුලුවන්ද කියලා හිතුණා.කොහොම නමුත් විපක්ෂයක් නැහැ.ආයෙත් සමාජ මාධ්‍ය ප්‍රධාන විපක්ෂය බවට පත්වෙමින් ඉන්නවා.

    අලුතින් දේශපාලනයට එන්න හිතාගෙන ඉන්න අය සිංහල බෞද්ධ වෙලා චන්ද පදනම ට හානි වෙයි කියල නතාෂා ගැන යමක් කියන්න බය වුනා.අපිටත් අවවාද කෝටියයි.ලංකාවේ දේශපාලනය කරන්න එනවා නම්..ඕවා ගැන කියනන් එපා...ලංකාවේ දේශපාලනය කරන්න එනවනම් අපි එන්නේ අන්න එහෙම හිතන මිනිස්සු වෙනස් කරන්න බලාගෙන.මොකද ඒ කියන පිරිසම පුදුම ජාතික සමගියකින් මාගල් කන්දේව ආරක්ෂා කරන හැටි දැක්කා.අපිට පිස්සු නැහැ අගතිගාමී ක්‍රමයක් ආරක්ෂා කරන්න පව් පුරවාගන්න..

    මාධ්‍ය ආයතන,විපක්ෂ නායක,මහා සංඝ නායක..අටමස්ථානාධිපති ලා. දේශපාලඥයෝ වගේම එයාලා වටේ ඉන්න බයි ප්‍රජාව මාගල් ගේ ගල් කේස් එකේදී ජාතික සමගිය ගොඩ නගා ගත්තා.අරගලයෙන් භේද භින්න වෙලා ගියපු බයි කඳවුර එකම ගල් කේස් එකකින් එකමිටකට ආවා කියන්නේ..ඉතින්...

    කොටින්ම කියනවනම් මහා අරගලකාරී SF හොයාගන්නත් නැහැ.ටියුෂන් ගුරාලා හාමුදුරුවන්ට එරෙහි පොස්ට් ෂෙයාර් කරන්නත් එපා කියලා ඉගැන්වුවා.ඒ ගල් ජාතික සමගිය අමුතුම එකක්.හැබයි නතාෂා වෙනුවෙන් මොනවා හරි කරන්න කථා කරාම බෙල්ල දීගෙන හරි ආවේ කව්ද කියලා මම නම් හිතේ තියාගෙන ඉන්නේ.අපිට යමක් වුණත් කව්රුත් එන්නේ නැහැ..ඕක තමයි එවන් උතුම් ගල් (ආඳා) වරු නමැති ලාංකීය වරුන්ගේ ඇත්ත.
    ජනතාවට කියන්න තියෙන්නේ මේ පවතින පක්ෂ ක්‍රමයේ..දේශපාලන ක්‍රමයේ විසඳුමක් තමන්ගේ දරුවන්ට නැහැ අළුතින් හිතන්නේ නැතිව..එක්කෝ අනුරය්යත් එහෙ ගිය එකේ ඔක්කොම නිශ්ශංක සේනාධිපතිට නැව් ගාස්තු දීලා එහෙට ගියා නම් හරි.ඔසීවල ට ගිහින් මෙහෙ තියෙන බෙදීම් අමතක කරලා කට්ට කාගෙන වැඩ කරන එකම මදැයි..මෙහෙ ණය ආර්ථිකයක් දරාගෙන ඉන්නවට වැඩිය.

    ReplyDelete
    Replies
    1. ජාතික ජන බලවේගය කරපු බැංකු කඩා වැටෙන කටහ්ව ටිකක් වැරදියි කිය;අ මට හිතෙන්නේ. එහෙම කියන්න පදනම මොකක්ද? සජිත් ගැන ලොකු බලාපොරොත්තුවක් නැහැ. දරුණු ජනාධිපති කෙනෙක් වෙයි කියල හිතන්නේ

      Delete
  7. අජිත්, ජාතික ජන බලවේගය විසින් කරන ඉතාම වැදගත්ම වැඩසටහනක්, IMF මර උගුලේ රට හිර කරන්නේ නැතිව ණය අර්බුදය ගොඩ දාගන්න ක්‍රමයක් තිබුණේම නැතිද? මේ සාකච්ඡාව හැමෝම හොඳින් අහන්න.

    https://www.youtube.com/live/oui7oWj1LG4?feature=share

    ReplyDelete
  8. අජිත්, ජාතික ජන බලවේගය විසින් කරන ඉතාම වැදගත්ම වැඩසටහනක්, IMF මර උගුලේ රට හිර කරන්නේ නැතිව ණය අර්බුදය ගොඩ දාගන්න ක්‍රමයක් තිබුණේම නැතිද? ජවිපෙ විද්වත් කමිටුව මනාව පැහැදිලිවන ලෙස කරන මේ සාකච්ඡාව ඉතාම වැදගත්ම දැනුම ලබාදෙන වටිනා අධ්‍යාපනික සේවාවක් වැනි දෙයක් නිසා මේ සාකච්ඡාව හැමෝම හොඳින් අහන්න.

    https://www.youtube.com/live/oui7oWj1LG4?feature=share

    ReplyDelete
  9. හැම ශිෂ්ඨාචාරයම දියුණු දැක්මක් සහිත මිනිසුන් හිටිය.

    මට අර ස්වයංක්‍රීය කාන්තාව දැක්ක ගමන් මතක් උනේ... අක්ශේ කුමාර් හිටි හින්දි ෆිලුමක තිබ්බ දෙවියෙක් ගෙන් ඔය වාගේ අයිටම් කෙනකේ හදල තියනව. මිනිස්සු පෝලිම් ගැහිල එතැන වඳින්නෙ 😂

    ReplyDelete
    Replies
    1. ඒ කලේ ඉඳන්ම තිබිල තියෙනවා

      Delete
  10. ලංකාවේ මිනිස්සු දේශපාලකයොන්ගෙන් ඉල්ලන්නේ ස්විට්සර්ලන්තය වගේ රටක්.

    හැබැයි උන්ගේ හැසිරීම්, ගතිගුණ වලට වඩා ඇමේසන් කැලේ ජීවත් වෙන ගෝත්‍රිකයො ශිෂ්ඨ සම්පන්නයි. නේද අජිත්?

    ReplyDelete
    Replies
    1. ස්විට්සර්ලන්තේ කියන්නෙත් කුජිත රටක් එක පැත්තකින්. ලංකාවේ සාමාන්‍ය මිනිස්සු ආවේගී වුනහම ශිෂ්ට සම්පන්න නැහැ

      Delete
  11. හරිම ලස්සන සටහනක් . මේ සැරේ තව ටිකක් දිගට ලිව්වා නම් හොදයි. දැන් නම් ඉක්මනටම ඒ පැත්තට යන්න හිතෙනවා.

    ReplyDelete
  12. දිගටම මේ වගේ ලිපි ලියන්න පුළුවන්ද ඔබට අජිත් හරිම ලස්සන සුන්දර චාරිකා සටහනක් ඒ වගේම ග්‍රීසිය පරිසරය ආරක්ෂා කරන්න අරගෙන ඇති ක්‍රියාමාර්ග ගැන ඇත්තටම සංචාරක ජනතාව ඔය ගමන් වලදී පුරාවිද්‍යාත්මක ස්ථාන වලට වගේම වටිනා ගස් කොලන් වලටත් හානි නොකර පරිස්සමට යනවා නේද? ඒක වගේම ලංකාවේ දේශපාලනය ගැන කියුවොත් ගෝඨාගේ කාලේ අර වඳවී යාමේ තර්ජනයට ලක්වු පඩුකරද ගහට ආදරේ කරන්න සිරස දේවානී සිංහරාජ බාගියා ඇතුලු බුකි ජනතාව කොච්චරනමි හිටියද? මිලියනයකට වැඩි ඇති ඒ කාලේ පෝස්ට් බලන්න බුකියේ?

    ඒත් අද මොකද වෙලා තියෙන්නේ? රනිල් ජනාධිපති උනාම ඒක ගලවගෙනත් ගිහින් අන්න පාර හදලා... එදා පරිසරයට ගහකොලට වඳවී යන ගස් වලට උපරිම ආරක්ෂාව ලබාදීම පිළිබඳව සටන්පාඨ කියමින් ජීවිත පරදුවට තබා සටන් කී යුතුයි කිවූ ගහකොලට ආදරේ කරපු එකෙක් මික් නෑ දැන්

    ඒනිසා දැන් මට හිතෙන විදියට උන්ට ගහට ඇති ආදරයක් නෑ දේශපාලන පක්‍ෂ වලට තියෙන ආදරයක් සහ විදේශීය සංවිධාන වලින් ලැබෙන මූල්‍ය වාසි වලට ඇති ආදරයක් හෝ විරුද්ධ දේශපාලන කණ්ඩායමක් බලයෙන් පහ කිරීමට රටේ පතුරවපු බොරු වෛයිරයක් පමනක් බව, අර පාස්කු කේස් එකට පසුව ආගමික වෛරය ක්‍රෝධය පැතිරුණා හා සමාන පරිසර ආගමික වෛරයක් පැතිරවීම පමණයි නේද වෙලා තියෙන්නේ? ඒ නිසා ඇත්තටම ලංකාවේ සැබෑ වෙනසක් පතා අරගලය කරපු අපේ අරමුණු දූෂණය කර අවභාවිත කරපු ඒ කාලකණ්නින්ට ශාප කිරීම හැර වෙන කුමක්ද කරන්න තියෙන්නේ අපට?

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .