Tuesday, 24 January 2023

ග්‍රීක සංචාරය - 6 - හෙරක්ලියොන්, අක්‍රෝටිරි හි පුරා විද්‍යා නටබුන්, මිනෝඅන් ශිෂ්ටාචාරය


 අපේ ඊළඟ  වැදගත් සංචාරක ස්ථාන දෙකක් වූයේ සැන්ටෝරිනි වල පිහිටි කෞතුකාගාරයක් හා පුරා විද්‍යා කැණීම් කරන ලද ස්ථානයකි. පුරා විද්‍යා කැණීම් කරන ලද ස්ථානය හැඳින්වුණේ අක්‍රෝතිරි  යන නමිනි. කෞතුකාගාරය තිබුනේ හෙරක්ලියොන් වලය. මේවායේ තිබුනේ අවුරුදු 3600 කට පෙර ග්‍රීක දූපත් වල තිබුණු අතිශයින් දියුණු ශිෂ්ටාචාරයක විස්තරය.මිනෝඅන් පිපිරුම ලෙසින් හඳුන්වන ගිනිකඳු පිපිරීමෙන් පසු එම ශිෂ්ටාචාරය සම්පූර්ණයෙන්ම  වාගේ  විනාශ වී ගියේය. 

මේ ශිෂ්ටාචාර ගොඩ නැගුවන් සුදු මිනිසුන් නොවේ. දුඹුරු හෝ අඳුරු පැහැ  මිනිසුන් වර්ගයකි. ඔවුන් ඊජිප්තුවන් ට එතරම් සමාන කමක් දක්වන්නේද නැත. මේ කරුණ ඉතා වැදගත්ය. මේ පුරාවිද්‍යා නටබුන් සොයාගත් ඉංග්‍රීසි ජාතිකයාගේ පටන් එහි කැණීම් කළ ප්‍රන්ශුවන් සහ ජර්මන් වරුන්ට සුදු නොවන ජාතියක දියුණු ශිෂ්ටාචාරයක් ගැන මුලදී සිතා ගැනීමට නොහැකි විය.  ක්‍රීට දූපතේ සහඒජියන් මුහුදේ දූපත්වල ශිෂ්ටාචාරය පිලිබඳ නටබුන් මුලින්ම සොයාගත්තේ ආතර් එවන්ස් නමැති ඉංග්‍රීසි නයිට්වරයාය.මිනොඅන් වරුන්ගේ විශාල මාලිගා, තනි කාමරයේ නිවාස වල  ජිවත්වූ ග්‍රීකයන්ට  අදහාගත නොහැකි විය. එනිසා ඔවුන් වංකගිරියක ජිවත්වූ මිනොටවුර් නමැති අද්භූත සතාගේ කතාවක් මවා  තමන්ගේ ක්‍රීට වීරයෙකු වන තිසියස්  එම සතා මරා දමා වැසියන් බේරා ගත් බවට ප්‍රබන්ධ කතාවක් ගොඩ නැගුහ. පළ කර ඇත්තේ  ක්නොසස්  නමැති පෙදෙසේ විශාල  මිනොඅන්  මාළිගාවේ පුරාවිද්‍යාත්මක නටබුන් වල මා ගත් පින්තූරය.  

 ග්‍රීකයන් මවිත කල වංකගිරිය මෙයයි.
ග්‍රීක දේව  කතා බැහැර කළ  යුරෝපීයයන් ඉන්දු යුරෝපීය ශිෂ්ටාචාරයක්  මගින් මෙය ගොඩ නැගු බවට සැක පහල කළහ.  විල්හෙල්ම් ගයිගර් සහ තවත් නාසි ජර්මනියට සම්බන්ධ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට සහ ටිබෙටයට පැමිණියේ මේ ගැන තව දුරටත්  සොයා බැලීමටය. එසේම බ්‍රිතාන්‍ය සහ තවත් ප්‍රංශ කණ්ඩායම් ගියේ ඉන්දියාවටය. හිට්ලර්ට අවශ්‍ය වූයේ ඔහුගේ පිරිසිදු ආර්ය මූලයන් ජනතාවක් පිළිබඳ  අදහසට ඉන්දියාවෙන් සාක්ෂි සෙවීමටය.  ඔවුන්ටද හිට්ලර් ටද වැරදුනු තැනක් තිබේ.

ඔවුන්ට වැරදුනේ ලපිස් ලද්සුලි නමැති නිල්  පැහැති පාෂාණය ගැන සෙවීම නිසාය. එම පාෂාණය ලැබෙන්නේ ඇෆ්ඝනිස්ථානයේ බඩක්ෂන් ප්‍රන්තයෙනි . මෝහන්ජදරෝ හරප්පා නමැති ක්‍රි.පූර්ව  4000-3500  තිබුණු ඉන්දු නිම්න ශිෂ්ටචාරයේද පාරාවෝ වරුන් රජකළ ඊජිප්තුවේද  මෙම පාෂාණය ආභරණ  සැදීමට, මාළිගාවල  සහ ආරාම වල විසිතුරු කිරිමට  භාවිතා කරන ලදී. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය , ඉන්දු යුරෝපිය එකක් ලෙස සැලකෙන නිසා එම ශිෂ්ටාචාරය ආර්ය ලෙස නම් කල නිසාත්  ආර්ය වරුන් මිනොඅන් ශිෂ්ටාචාරය ගොඩ නැගු බවට මිත්‍යා මතයක් ගොඩ නැගුණි. ඉහත  කී පුරා  විද්‍යාඥයන් ලංකාවට, ඉන්දියාවට  හා ටිබෙටයට පුරා විද්‍යා පර්යේෂණයන්  ආවේ ගියේ එහෙයිනි. 

ඉන්පසු පැමිණි දෙවන ලෝක යුද්ධය නිසා ආර්ය සංකල්පය මිහිදන් වූ අතර ඉතිහාසය වැළලී ගියේය. ග්‍රීක දුපත් වලට හා මිනොඅන් ශිෂ්ටාචාරය සොයා ගිය  තවත් පිරිසක් ද ශ්‍රී ලංකාවට පැමිණියහ. මම අධි මානසික විද්‍යාවන් ගැන ලියූ ලිපි පෙලේ පරම විඥාණාර්ථ සංගමයට අදාළව  මේ තැනැත්තිය ගැන ලියා තිබේ. ඒ ජර්මන් සම්භවයක් ඇති රැසියානු ආදිපාදවරියක වූ  යෙලේනා පෙට්‍රොව්නා බ්ලවට්ස්කි ගැනය. ඇය, කර්නල් ඕල්කොට් සමග ශ්‍රී ලංකාවේ  බෞද්ධ පාසැල් පිහිටුවිමටද  පුරෝගාමී වූවාය.  බ්‍රිතාන්‍ය පාලනය ඇයට මෙන්ම ජර්මන් වරුන්ටද ඔවුන්ගේ පර්යේෂණය කිරීමට අවසර දුන්නේ නැත. ඇයද ඒ දිනවල ජනප්‍රියව තිබූ ආර්ය කතාව විශ්වාස කළ බවට පිළි ගත හැකිය.  බ්ලවැට්ස්කි ගැන  ලියුවේ මම  අධිමානසික විද්‍යාවන් පිලිබඳ 2000 දශකයේ මුල භාගයේ කළ පර්යේෂණයක් සඳහාය. බ්ලවැට්ස්කි ග්‍රීසියට පැමිණ මිනොඅන් ශිෂ්ටාචාරය ගැන සොයා බලා  ලංකාවට ගිය බව දැන  ගැනීමෙන් මට ඇතිවූ මහත් පුදුමයකි. 

බලන්ගොඩ මානවයා සිටියා යයි සැලකෙන්නේ වසර තිස් අට දහසකට පෙරය. මේ ගැන කලින් ලියූ බ්ලොග් ලිපියක මෙසේ සඳහන්  කලෙමි.

 වසර තිස් දහසකට පමණ පෙර බලන්ගොඩ මානවයා ලෙස හැදින්වූ හෝමෝ ඉරෙක්ටස් හෝ හෝමෝ සේපියන් පුර්වජ  මානවයන් ජිවත් වූවා යයි සාක්ෂි ශ්‍රී ලංකාවෙන් සොයා ගෙන තිබේ. (සමහරු එම සාක්ෂි විකිපෙඩියා වේ සඳහන් බොරු යයි කියා බැහැර කරති.) මගේ අදහස අනුව බලන්ගොඩ මානවයා  ගේ අස්ථි මෙන්ම වසර තිස් දහසකට කලින් සොයාගත් ගල් ගුහා වාස භුමි, භාවිතා කළ උපකරණ වලට අනුව  ශ්‍රී ලංකාවේ ආදී කාලීන ජනාවාස තිබුණු බවට නිගමනය කළ හැකිය. එනම්  ලංකාව ඉන්දියාවට භූගෝලීය වශයෙන් සම්බන්ධව තිබු  කාලයේ සිට ලංකා භුමිය ජනාවාසව  පැවතුන බවත් ලංකාවේ මුල් පදිංචි කරුවන් ඉන්දියාවේ තමිල්නාඩුවට, කර්ණාටක ආදී ප්‍රදේශ වලටද   පොලිනිසියාවට, ඔස්ට්‍රේලියාවට හා නවසීලන්තයට මෙන්ම ඉන්දියන් අන්දමන් දුපත්වලටත් විසිරි ගිය බවත්ය. ලංකාව හා ඉන්දියාව ආදම්ගේ පාලම මගින් සම්බන්ධව තිබුනේ වසර 7000 කට පමණ පෙරය. ඒ සම්බන්ධය සම්පුර්ණයෙන් ම නැති වුනේ 15 ශතවර්ෂය   වැනි සාපේක්ෂව ඉතා මෑත කාලයකය. 

උඩ  තිබෙන මිනොඅන් තරුණියගේ චිත්‍රය බලන්න. එහි මාලිගාවක ඇඳ තිබෙන චිත්‍රය සීගිරි අප්සරාවන්ට සමානය. සීගිරිය ඇත්ත වශයෙන්ම කාශ්‍යප රජු විසින් කරවන ලද්දක්ද? නැතිනම් සාදා තිබුණු බල කොටුවකට පැමිණ එහි ඔහු ලැගුම් ගත්තාද යන්න අපට කිව හැකිද? එය කාශ්‍යප ලෙසින් කරවන ලද බවට සාක්ෂි තිබේ නම් සඳහන් කරන මෙන් ඉල්ලා සිටිමි.  කාශ්‍යප රජු  මුලින් තිබූ චිත්‍ර අනුසාරයෙන් ඒවා නැවත අඳින ලද්දේද? 

මේ  පහල ක්නොසස් මාළිගාවේ සිතුවම් අතර ගැහැණුන් වඩා පැහැපත් ලෙස පෙන්වා දෙන අතර පිරිමින් දුඹුරු  රත් පැහැයකින්  ඇඳ තිබේ.  වඳුරන් ගේ චිත්‍ර සහ කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් නිරීක්ෂණය කරන්න.





මුතු මාලයක් වැනි දෙයක් එක කාන්තාවක් අත තිබේ. මුතු භාවිතා කර ඇති පුරාණ ඊජිප්තුවේ වන අතර ටොලමි විසින් තැප්‍රෝබේන් නමින් ලෝක සිතියමක ලංකාව  ලකුණු කලේ  ක්‍රිව. දෙවන  සිය වසේදීය. ඒවා බොහෝ විට  පැමිණයේ ලංකාවේ මුතු පර වලින් බව කිව හැක්කේ දෙවන සියවස වන විටත් ලංකාවේ මුතු ජනප්‍රියව තිබූ නිසාය.  ක්‍රිස්තු පූර්ව 3500 දී මිනොඅන් වරු භාවිතා කලේ ලංකාවේ මුතුද?

අපට කියා දී ඇත්තේ යුරෝපයේ විශිෂ්ටතම  මාර්ග මුලින්ම තැනුවේ රෝමන් වරුන්  බවය. ඒ කතාව භාග සත්‍යයකි. රෝම හමුදා ප්‍රවාහනය කිරීමට හා අශ්ව  කරත්ත සඳහා සාදන ලද රෝමන් පාරවල් විශිෂ්ටය. නමුත් ඊට කලින් හොඳ මංමාවත් සමූහයක් මිනොඅන් වරු සාදා තිබේ. පහළ පෙන්වා ඇත්තේ එම මාර්ගයක කොටසකි. (ක්)නොස්  මාලිගාවට යන මාර්ගය ඔවුන් ගල් අල්ලා සකස් කර ඇත. මෙය රෝමන් මර්ගයක් නොවන බව බව පැවසූ   අපේ සංචාරක මාර්ගෝපදේශිකාව,  මෙය යුරෝපයේ මුලින්ම ගල් අල්ලා  සකස් කල මාවත බවත් එය  යුරෝපීයයන් ගේ කාර්යයක් නොවන බවත් පැහැදිලි කළාය. ඉතිහාසය පිළිබඳ ආචාර්ය උපාධියක් සහිත ඇගෙන්  මා මේ පිළිබඳව තව දුරටත් විමසූ පසු  යුරෝපීය ග්‍රීකයන් පිරිසක් නොව වෙනත් ජන කණ්ඩායමක් එනම් මිනොඅන් වරු මේවා සාදා ඇති බවත් ඒ ශිෂ්ටාචාරයේ නටබුන් පිළිබඳව  වත්මන් ග්‍රීක විද්‍යාඥයන්  වඩා සූක්ෂමව, පූර්ව නිගමන වලින් තොරව  සොයා බලන බවත් පවසා සිටියාය. යුරේකා නමින් හඳුන්වන විද්‍යාත්මක සොයාගැනීම් පිළිබඳ කෞතුකාගාරයට යන ලෙස ඇය අපට යෝජනා කළාය.  ඒ ගැන තවත් ලිපියක් ඉදිරියේදී ලියමි. 


 
බලංගොඩ මානවයාගේ පරපුරෙන් පැවත එන  යක්ෂ, නාග සහ දේව ගෝත්‍රික රාජධානි තුනක් ශ්‍රී ලංකාවේ තිබුනා යයි සිතමු. ඔවුන් සියල්ලෝම එක රටක ජිවත් වූ බවත් ඔවුන් ඉන්දියානු අර්ධ ද්වීපයට සේතු සමුද්‍ර  මාවත දිගේ  ඇවිද යන්නට ඇති බවත් උපකල්පනය කළ හැකිය. 

විජය කුමරු සමග ලකාවේ මැද හා  දකුණු පලාතට සේන්දු වූ පිරිස නිසා  එම පළාත් වල භාෂාව සිංහල ලෙස දියුණු වන්නට ඇති බවත්  එළාර වැනි රජවරුන්ගේ දකුණු ඉන්දියානු ආක්‍රමණ නිසා  උතුරු පළාතේ වත්මන් දෙමළ  බස බව දියුණු වෙන්නට ඇති බවත් උපකල්පනය කළ නොහැකිද?  එසේ නම් දෙමල හා සිංහල ලෙස බෙදී ඇත්තේ එකම රටක ජිවත් වූ එකම ජන සමූහයක් විය නොහැකිද?

   වසර 3500 කට ප්‍රථම මිනොඅන් ශිෂ්ටාචාරය ද ඔවුන්ගේ විය හැකිද? 

ඊලම් හෙවත් ඊලමයිට් වරු ජිවත්ව ඇත්තේ ඉරානයේය. ඒද ක්‍රිස්තු පූර්ව 4000 සිට ක්‍රිපූ 1500 දක්වා වන අතීතයකය. ඊලම් ශිෂ්ටාචාරය තිබුනේ ආර්යයන් ඉරානයට  පැමිණීමට පෙරය. ඊළම ලංකාවේ තිබුනේ නැත. ඔවුන් සුමේරියන් වරු හා දකුණු ඉන්දියානු ද්‍රවිඩයන්ට සමාන බවක් දක්වයි. අවුරුදු 3500 ක පමණ කාලයකට පෙර ඔවුන් මුහුදු මාර්ගයෙන් පැමිණ ඇතැයි පුරා විද්‍යාඥයන් අනුමාන කරති.  බැබිලෝනියන් වරු හා සටනකින් පැරදෙන තුරු ඊලමයිට් වරු ක්‍රිස්තු පූර්ව 750 දක්වා ජිවත්ව ඇත. 

මේ සියල්ලන්ගේම මූලාශ්‍රය බලන්ගොඩ මානවයාගේ පරම්පරාව විය නොහැකිද? මධ්‍ය ප්ලේයිස්ටෝසින යුගයේ (වසර 200,000 සිට 500,000 දක්වා ) සිට ඉන්දියානු අර්ධද්වීපයේ හෝමෝ ඉරෙක්ටස් ජනාවාස තිබී ඇත. කර්ණාටක ප්‍රදේශයේ මෑතකදී අස්ථි ප්‍රමාණයක් සොයාගෙන තිබේ. මෙසොලිතික් යුගයේ (අවුරුදු 25000-30000) ආදිතමයා මේ අනුව හමුවන්නේ ලංකාවේදී ය.

මා කාම්බෝජයට ගිය අවස්ථාවේ එහි ඇති නාග ප්‍රතිමා දැක ඒ ගැන විමසුවෙමි. . ඔවුන්  ගේ අතීත කතාවකට අනුව කාම්බෝජ කුමරකු වන තොන්  නාග ගෝත්‍රික කුමරියක වන වාසුකී  (ලිව්යේ)  සමග වූ විවාහ වී  චම්පා හි කාම්බෝජ  රාජධානිය ගොඩ නගා ඇත.  හිස්  නවයක නාග ප්‍රතිමා අන්කර් වට් හා නොම්පෙන් (සුදු පැහැ ප්‍රතිමාව) නගරවල දක්නට ඇත. 


තවත් අපූරු චිත්‍රයක් අපට හමුවුණි. ඒ ක්‍රිපූ 3500-3600 මහා පිපිරුමට කලින් මිනොඅන් වරු කිසයම් යුද්ධයක් ගැන ඇඳ  තිබෙන සිතුවම්ය. මුදුදෙන් පැමිණෙන විශාල නාවික හමුදාවක් මිනොඅන් නාවික හමුදා සමග සටන් කරන මේ සිතුවම් ඇඳ ඇත්තේ කුමන යුද්ධයක් ගැනද කියා පුරා විද්‍යාඥයන් තවමත් නොදනිති. ඔවුන් සිතන්නේ අප්‍රිකානුන් සමග ඇතිවූ සටනක් කියාය.



වසර 10000 කට පෙර සිටියේ දඩයම් කරුවන් සහ ආහාර එකතු කරන්නන් (hunter - gatherers)  බවට ඇති මතය බිඳී යමින් පවතී. තුර්කියේ ගොබෙල්කි ටෙපේ ආරාමය වන ගොඩනැගිල්ල  සාමාන්‍ය දඩයම්කාර සමාජයකට  නිම කළ නොහැකිය. මෙය වසර දෙදහසකට අඩු නටබුන් ගොඩක් බවට මුස්ලිම් මුල්ලා  වරුන් පවසන අදහස නිසා මුලදී කැණීම් නොකර තිබුණි. බටහිර පුරා  විද්‍යාඥයන් එයට වසර 2000-3000 කට පෙර ගොඩ නගන්නට ඇති පැවැසුහ. තුර්කි සහ නව යුරෝපීය සොයා ගැනීම් වලට අනුව එය වසර 12000-13000 පමණ පැරණිය.  (පින්තූරය අන්තර් ජාලයෙනි) 

ඒ කාලයේ භාවිත කරන ලද උපකරණ ද එයට යාබද නගරයක පොලොව යට තැනු විශාල කාමර සහිත ගොඩ නැගිල්ලක්ද සොයා ගෙන ඇත. 

බුදුන් ශ්‍රී ලකාවට සේතු සමුද්‍ර සන්ධිය හරවා පයින් වැඩම කර යක්ෂ - නාග යුද්ධය සමථයකට  පත් කලාද? එසේත් නැතිනම් ලංකාවේ ඉපදුනු බුදුන් වහන්සේ (නමක්) ඒ යුද්ධය  නැවත් වූවාද? මේ ප්‍රශ්නය සොයා බැලීම සඳහා ලන්ඩනයේ මගේ මිතුරු නීතිඥයෙකු වන වජිර ධනපාල සමග බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති පුස්කොලපත් පිරික්සන්නටත් වෙනත් සාධක සොයා ගැනීමටත් වසර දෙක තුනකට පමණ පෙර තීරණය කලෙමි. වජිර ඒ අදහසට පක්ෂව ඇත්තේ ඒ ගැන සොයා බලා බව මට පැවසීය.  කෝවිඩ් වසංගතය  එන්නට පෙරාතුව දෙරණ රූපවාහිනියේ වසන්ති නානායක්කාර මහත්මිය හා  ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදිනියක  වන පද්මිණි මාතරගේ සමග එකතුව මේ පිළිබඳව ව්‍යාපෘතියක් කිරීමට  අප අදහස් කරගෙන සිටියෙමු. එය කෝවිඩ් සමග ඇතිවූ තත්වය නිසා වැලකි ගියේය.  තවම එවැනි අදහසකට පක්ෂපාතිත්වයක් නැති මුත් ග්‍රීසියේ දී මා  දුටු, කියැවූ , ඇසූ දේවල්  අනුව ඒ ගැන සොයා බැලීමට අදහස් කරගෙන සිටිමි. 

ග්‍රීක වාසීන්ට  හෙලනික් වරු යන නාමය ලැබුනේ කෙසේද යයි මම කෞතුකාගාරයේ භාරකරුගෙන් විමසුවෙමි. ඔහු කීවේ හෙලස් යනු ග්‍රීක මුල් නම බවයි. හෙලස් යන නමින් හෙලනික් යන නම සැදී ඇත. ග්‍රීක ආණ්ඩුව හෙලනික් රිපබ්ලික් ය. ඔවුන්ගේ භුමිය හෙලස් ය. ඔහු තව දුරටත් මා සමග කතා කල අතර ඒ සාකච්ඡාව ඉදිරියේදී පල කරමි. //The Greeks called their land Hellas and themselves Hellenes. It was the Romans who called them Greeks- (Graeci ) and that is the name by which we know them. The Greek historian Herodotus wrote that “ Egypt is the gift of the Nile ” but he never came up with an expression so memorable to describe his own country.-wikipedia-google-//

 මේ පිලිබඳ ඉදිරියේදී පල කරන ලිපි පෙලට සමගාමිව මිනෝඅන් ශිෂ්ඨාචාරය සමග ලංකාවේ  ඇති සම්බන්ධතාවය සොයා බැලීමට තීරණය කලෙමි. අප පටන් ගත යුත්තේ බ්ලවස්ට්කි , ගයිගර් ආදීන්ට වැරදුනු තැනිනි. එනම් ආර්ය මිත්‍යාව ඉවත් කරය. දේශපාලන හා ජාතිවාදී අරමුණු වලින් තොර සැබෑ සාක්ෂි සොයන කිසියම් ව්‍යාපෘතියක් ඇරඹීම ගැන ඔබේ අදහස් පල කරන්න.  (බ්ලොග් අඩවියේ පළ කිරීම වඩා හොඳය.)

- මතු සම්බන්ධයි 

- අජිත් ධර්මකීර්ති 


Lapis lazuli

ග්‍රීසියේ ගිනි කන්ද කරා ගිය ගමන - ග්‍රීසියේ සංචාරය 5

ලංකා ඉතිහාසය - ජාන විද්‍යාවේ ද්‍රවිඩ සිංහල තියරිය හා බුදුන් උපන් ලංකාව

Greece vs Hellas: The Semantics Behind the Country with Many Names

ගොබෙල්කි ටෙපේ 

Helena Blavatsky

Nazi Scientists Who Wanted To Find The Origins Of The Aryan Race Came To Sri Lanka


43 comments:

  1. Anything is possible, but how probable ?
    හුඟක් දේවල් වෙන්න පුලුවන්, ස්පෙකියුලේට් කරන්න පුලුවන්.
    What is important is the likelihood.
    ඒ නිසා අජිත් වගේ විද්‍යාත්මක පදනමක් ඇති සහ ගවේෂණශීලී කෙනෙක් මේ වගේ දේවල් සෙවීම හා විශ්ලේෂණය කිරීම වැදගත්.

    කොන්ස්පිරසි තියරිස්ට්ලා, සෙන්සේශනලිස්ට්ලා, රස්සාවට ලියන හෝ වෙබ්සයිට්යූ /ටියුබ් කරන, පාඨකයින් හෝ ඕඩියන්ස් එකේ සංඛ්‍යාව වැදගත් අය, ජනප්‍රියබව සොයන අය කරන වැරැද්දක් තමයි කොයිතරම් ප්‍රතිශතයක් වෙන්න පුලුවන්ද කියන එක නොසලකා හෝ සඟවා ඉදිරිපත් කිරීම. එතකොට 1% වෙන්න පුලුවන් සම්භාවිතාවක් තියන දේත් 99% පුලුවන් වගේ ඉදිරිපත් කරනවා. ඊට පස්සෙ ඒවා කියවන බලන අය ඒවා පැහැදිලි ඔප්පුකල දේවල් වගේ පතුරවනවා. එයට අමතරව බටහිරනම් විනෝදාංශයක් වගේ hoaxes කරන අයත් ඉන්නවා.

    බටහිර හුඟක් දුරට පේන්නේ වෙන්න අමාරු දේවල් විශ්වාස කරන අය lunatic fringe එකට අයිති වෙන එක. ඒත් ලංකාවේ mainstream එකට වැටෙන අයත් සම්භාවිතාව නොසලකා, විචාරශීලී හා ගවේෂණශීලී නොවී විවිධ හේතුමත ( විශේෂයින් ජනප්‍රියවීම හෝ analyze කිරීමට ඇති නොහැකියාව/දුර්වලතාව) වීමට අමාරු දේත් ඔප්පුකල හැකි දේවල්වගේ සලකනවා.

    සමහර විෂයයන් ගැන මම කරල තියන ඉතා සීමිත හා ආධුනික research වලින් ඉගන ගත්ත දේ තමයි: 1. හුඟක් දේවල් කිසිසේත් විය නොහැකියි කියා නොසලකාහැරීම සහ ඉතාම විය හැකියි කියා සැලකීම යන දෙකම වැරදියි කියන එක (අනිත් එක කියන්නන්වාලේ "ඕවයෙත් මොනව හරි තියෙන්න පුලුවන්" කියන එක තමන් විසින් analytically හිතන්නේ නැතුව මොනවහරි දේකට part-validation එකක් ලෙස යොදා ගැනීම)

    2. බොහෝ වියතුන් තමන් කැමති තියරි එකක් අල්ල ගත්තාම ඒකට සපෝර්ට්කරන සාධක පමණක් සැලකීම හා ඒකට විරුද්ධ සාධක නොසලකා හැරීම බොහෝවිට කරන බව,

    3. ලංකාවේ peer review ක්‍රියාපටිපාටියේ දුර්වලතා ඇති බව (මගෙ ඉන්ටරෙස්ට් තියන ක්ෂේත්‍ර ගැන විතරයි මම දන්නෙ)



    https://www.theguardian.com/science/2018/feb/07/first-modern-britons-dark-black-skin-cheddar-man-dna-analysis-reveals

    https://med.stanford.edu/news/all-news/2012/05/naturally-blond-hair-in-solomon-islanders-rooted-in-native-gene-study-finds.html

    http://repository.kln.ac.lk/handle/123456789/20258
    Ajanta and Sigiriya: A comparative study into mural paintings

    https://www.dailymail.co.uk/sciencetech/article-2325768/The-Minoans-Caucasian-DNA-debunks-longstanding-theory-Europes-advanced-culture-Africa.html

    ReplyDelete
    Replies
    1. ලියපු හුඟක් දේට එකඟයි. මට දෙතුන් දෙනෙක් අගය කරලා කතා කරත් ඇති. අංක එක හරියටම හරි. //හුඟක් දේවල් කිසිසේත් විය නොහැකියි කියා නොසලකාහැරීම සහ ඉතාම විය හැකියි කියා සැලකීම යන දෙකම වැරදියි කියන එක// මම හිතන්නෙත් ඒ විධිහට. යමක හරියට මටම ඔප්පු කර ගන්නකන් මම ඒවා විශ්වාස කරන්නේ නැහැ. ප්‍රශ්නාර්ථ නගලා තියෙන්නේ නිසා. නිවී හැනහිල්ලේ ලින්ක් ටික කියවන්නම්. ලිපියේ අන්තිම ලින්ක් එක ඔයා දුන්න එකක්.

      Delete
  2. මමායනය හා අත්තුක්කංසනය,
    දුරුකොට තියා, හෙළිකොට ගන්නට සත්‍ය-
    මුලින් නොකරගෙන අවසන් නිගමනය
    කෙරෙන එකක් වේවා මේ උත්සහය

    අජිත් ඔබට ඇත නිදහස හා ධනය
    සබඳකම් සමඟ පෙර හුරුවූ විනය
    යොදා එකට තහවුරුකොට 'හරි මතය'
    මුඳුන් කරමු 'ඇත්තට හිමි ජය කොඩිය'

    ReplyDelete
    Replies
    1. නිගමනයකට තව එළඹ නැතිය
      තව සාධක ඕනේ වෙයිය
      වාද විවාද මැදින් එන
      සත්‍යය හැමදාම අපූරුය

      Delete
  3. //2. බොහෝ වියතුන් තමන් කැමති තියරි එකක් අල්ල ගත්තාම ඒකට සපෝර්ට්කරන සාධක පමණක් සැලකීම හා ඒකට විරුද්ධ සාධක නොසලකා හැරීම බොහෝවිට කරන බව// Pra Jay කියල මේක බොහෝ විට වෙනවා. මේකෙදි ඇත්ත හොයාගන්නවට වැඩිය වැරදි නිගමනයන්ට තමා බැහැ ගන්නෙ... කස්ටිය

    ReplyDelete
  4. මහේෂ් වලතර25 January 2023 at 06:29

    අජිත් ධර්මකීර්ති මහත්මයා මෙම සංචාරය නිරතවුයේ ග්‍රීසියේ සිදුවූ ආර්ථික කඩා වැටීමට පෙරද පසුද? පසුව නම් ධර්මකීර්ති මහත්මයා මට කියන්න දැන් වන විට එහි ආර්ථික තත්වය, උද්ධමනය කොහොමද? ජනතාව මොකක්ද කියන්නේ?

    ආර්ථික කඩාවැටීමෙන් පසු ග්‍රීසියේ එවකට පාලනය ගෙන ගිය දේශපාලන පක්ෂය බින්දුවටම වැටී වාමාංශික පක්ෂයක් බලය අල්වා ගත්තා. හැබැයි වසර හතර පහක් යනකොට ඔවුන්ගේ කතා විතරයි, වැඩ නැතිබව ජනතාව වටහා ගෙන වාමාංශික පක්ෂයේ බලය ගිලිහි ගියා.

    ලංකාවත් දැන් සිටින්නේ ග්‍රීසිය 2008 සිටි තත්වයේ. ඒකයි අජිත් ධර්මකීර්ති මහත්මයා ඔබගේ අත්දැකීම් ඇසුවේ.

    ReplyDelete
    Replies
    1. මම ගියේ ආර්ථික කඩා වැටීමට පසු. මම හිතන්නේ එකොනොමැට්ට හෙම එයාගේ බ්ලොගයේ ලියල තියනවා ග්‍රීසිය ගැන.
      https://economatta.blogspot.com/search?q=%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA

      Delete
    2. මේ මම ලියපු එකක් - https://kolambagamaya.blogspot.com/2022/09/blog-post_14.html

      Delete
    3. මහේෂ් වලතර26 January 2023 at 00:45

      ඉකොනෝමැට්ටාගේ බ්ලොග් එකේ තියෙන ඒවා නං විශ්වාශ කරන්න බැහැ. ඒකෙ ගොඩක් දේවල් වැරදියි. අජිත් ධර්මකීර්ති මහත්මයාගේ ලිපිය කියවා තිබෙනවා. ස්තුතියි.

      Delete
  5. මොනවා කිවුවත් මේ පාර මාලිමාවටලු, NPP එකට ජයලු, JVP එකට ජයලු 🤭 මේ වීඩියෝ එක දාලා වැඩි වෙලාවක් නෑ නිකමටවත් වීඩියෝ එක play කරලා බලන්නෙවත් නැතුව නිරාගමික අවජාතක සෙට් එක කුණුහරපෙන් බැනලා කමෙන්ට් දාලා 😂 බැරි වෙලාහරි දම්මවිජය ස්වාමීන් වහන්සේහරි සමන්තබද්‍ර ස්වාමීන් වහන්සේහරි මාලිමාවට චන්දෙ දෙන්න කිවුවනම් බලන්න තිබුනා ජෙප්පොන්ගේ ශ්‍රද්ධාව 🙈 74ක සාපෙලු, වහල්ලොලු, කඩේ යනවලු කියලා අපිට බණ කියන ජෙප්පෝන්ගේ නායක කෙබර කුමාර 2000 චන්ද්‍රිකාගෙ රෙද්ද පල්ලේ, 2005 මහින්දගේ රෙද්ද පල්ලේ, 2010 ෆොන්සේකාගෙ රෙද්ද පල්ලේ, 2015 මෛත්‍රීපාලගෙ රෙද්ද පල්ලේ... උන් දැන් අපිට කියනෝ වහල්ලොලු 🙈 74ක සාපෙලු එවුනාට 71, 88, 89 රට විනාශ කරලා ගිණි තියලා අහිංසකයෝ මරපුවා ගැන කතා නෑ 🙈 නාමල්ගෙ ලැම්බොගිනි, රත්තරං අශ්වයෝ, කලු ගල් ඉවර වෙනවා කියද්දි ඇඳන් ඉන්න එක කඩලා මූණ වහගෙන කෙබර කුමාර කියපුවා පිලිගත්තා 😂 මහින්ද සුනාමි හොරාලු සුනාමිය ආවේ 2004 මහින්ද බලයට ගේන්න කෙබර කුමාර කඩේ ගියේ 2005 🙈 ‍යකෝ හොරු රජ කරන්න කෙබර කුමාර කඩේ ගිහින්නේ රෙදි නැතුව... එකට හිටපු කුමාර ගුණරත්නම්ව දන්නේ නෑ කිවුවා, රෙදි නැතුව කෙබර කුමාරට කඩේ ගියපු සේපාල දන්නේ නෑ කිවුවා 🙈 එහෙම එකෙක්ට කඩේ යන ගමන්ද බං මේ NPP එකට ජය, JVP එකට ජය කියාගෙන මහා සංගයාට අපහාස කරන්නේ... නොදකින් කාලකණ්ණි මූසල හැත්ත 😂😂😂 "කෙබර කුමාර සරණං ගච්චාමි" කියන නිරාගමික අංගවිකල ළිං ගෙම්බන්ට කොහොමත් බුද්ධ චීවරය දකිද්දි ගැරඬින්ට භූමිතෙල් ගහනවා වගේ තමයි... සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් දළදා වහන්සේට ගහපු, භික්ෂූන් වහන්සේලා ඝාතනය කරපු, දළදාවට ලබ්බ කියපු, ජේතවනාරාමයට කුණු පුරවන්න ඕනේ කියපු, ජය ශ්‍රී මහා බෝධිය ලඟ අඩියක් ගහන්න ඕනේ කියපු, බුදුන්ගේ රස්තියාදුව කියලා පොත් ලියපු කාලකණ්ණි තිරිස්සන්නු ඉන්න තැනක සාදු කිය කිය කඩේ යන හැත්ත... තූ නොදකින් 🤮🤮🤮 කෙබර කුමාර කෙබර කිය කිය හීන පෙන්න පෙන්න යනවා තොපිලා ඇඳිවතෙන් මූණ වහගෙන ඌට කඩේ යනවා 😂😂😂 යටින් හෙලුව පේනවා යකෝ 🙈 මොකක් හරි හොඳ වැඩක් කරද්දි වෘත්තීය සමිතියක් අටවගෙන ඒක කඩාකප්පල් කරන කුහක හැත්ත 🤮 සල්ලි තියන යමක් කමක් තියන මිනිහෙක් දැක්කාම ඌ දිහා වපර ඇහෙන් බලලා ධනපති පන්තියේ යකඩ සපත්තුවට ඇටේ පෑගෙනවා කියලා බෙරිහන් දෙනවා 😂 කැට හොල්ලලා බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳින, තමන්ගෙ දරුවො පිට රට උගන්නන්න යවලා මෙහේ කැම්පස් කොල්ලො කෙල්ලොන්ගෙ ඔලුවලට විශබීජ දාලා උන් අවුරුදු 7,8 ක් කැම්පස් ඇතුලේ ලග්ගවලා පාරවල් ගානේ පිටටින් කරන්න කියලා කඳුලු ගෑස් කාලා උන්ව හැමදාම පාරේ තියලා උන් ආතල් එකක් ගත්තා 😂 තොපි රැවටුනා යකෝ 😂😂😂 උන් තොපිට පෙන්නපු හීන ලෝකේ හීන ලෝකයක් මිසක් ඒක ඇත්තක් නෙමෙයි 😂 ඔක්කොටම කලින් තමන්ගෙ ජාතියට, ආගමට ගරු කරන්න ඉගෙන ගනිල්ලා හොඳ දේට හොඳයි කියන්න ඉගෙනගනිල්ලා, කුහක විදිහට බලන්නේ නැතුව ඉන්න ඉගෙන ගනිල්ලා 😂😂😂 නොදකින් කාලකණ්ණි මූසල හැත්ත

    ReplyDelete
  6. අනාවරණය කර හරි හැටි තහවුරු කරනොගත් බොහෝ දේ පැවතීමට ඉඩ තිබෙන බව ඔබ කදිමට පැහැදිලි කරදෙන ලිපියක්. හරිම වටිනා කටයුත්තක් 👍

    ReplyDelete
    Replies
    1. ස්තූතියි . අනාවරණය කර ගැනීම තමා අප විසින් කළ යුත්තේ. කොපමණ කල්යයිද දන්නේ නැහැ

      Delete
  7. Jagath Pathirana25 January 2023 at 19:32

    මොනවද මහත්මයා මේ කියන විකාර.
    “හෙල“ කියන්නේ “සිංහල“ කියන වචනයේම කෙටි රූපය.
    ඊලම් කියන්නෙත් සිංහලය කියන එකේම දෙමළ රූපය.

    නමුත් බයිබලයේ ඊලාම් දේශය ගැන තියෙනවා.
    ඒ වගේම පෙන්තකොස්ත දිනයේ ශුද්ධාත්ම වැගිරිම නිසා 40 දෙනෙකුට “දෙමළ සන්නිය“ (අන්‍ය භාෂා දීමනාව) සෑදීමේ සිද්ධියෙන් පසු කිතු දහම වැලඳගත් මුල්ම පිරිස අතරත් ඊලාම් යුදෙව්වො හිටියා.

    ක්‍රිස්තියානි මිශනාරීන්ට ඕනෙවෙලා තියෙනවා ක්‍රිස්තියානි ආගම දෙමලාගේ ජාතික උරුමයක් කියලා මතයක් හදන්න.ඔවුන් කොහෙන් හරි දැනගෙන තියෙනවා ලංකාවට දෙමලෙන් ඊලාම් කියලත් කියලා තියෙන බව.
    ඉතුරු හරිය හිතාගන්න පුළුවන් ඇති.
    දෙමළ භාෂාව ජේසු (යෙෂුවා) කතාකල ඇරමික් බසෙන් පරිනාමය වූවක් කියලා මතයකුත් හදලා තියෙනවා.

    විජයගේ කතාව ගැන කියනවා නම්. විජය/කුවේනි පාලනය ඇරඹී වසර 10කට වඩා අඩු කාලයකදී එයට විරුද්ධව කැරැලි ඇතිවුනා.
    ඒ නිසා විජයට පාණ්ඩ්‍ය රජ්ජුරුවන්ගෙන් උදව් ගන්නත් සිදුවුනා. ඒ පාලනයත් වසර 50කට පමණ පසු දේශීය නායකයන්ගේ සටනින් පරාජය වුනා.
    ඒ සටනින් පසු එම සටනට නායකත්වය දුන් පණ්ඩුකාභය ඔහුගේ උපදේශකයා වන බමුණාගේ උපදෙස් පරිදි ඉන්දියානු ක්‍රමයේ රාජාණ්ඩුවක් හදන්න කටයුතු කලා
    අනිත් නායකයෝ “පුතේ උඹ මහවැලි ගඟෙන් උඩ පැත්ත උඹේ ඔය ඉන්දියන් ආණ්ඩුව හදා ගනින්. යට පැත්ත (රුහුණ) අපේ සිංහල ක්‍රමයට කරගන්නම්. පිට රටක එකෙක් ඇහුවොත්; අනුරාධපුරයේ එකා තමා අපේ රජ්ජුරුවෝ කියලා කියන්නම්“ කියලා කිව්වා. මන්නාරම සහ තිරිකුනාමලය වරාය දෙකම අනුරාධපුරයට අයිතිවෙන නිසා පණ්ඩුකාභයත් ඊට කැමති වුනා

    ReplyDelete
    Replies
    1. සාධක , සාක්ෂි තියෙනවද

      Delete
  8. Jagath Pathirana25 January 2023 at 20:17

    යක්ෂ දේව නාග කියලා වර්ග තුනක් ලංකාවේ හිටියා කියන මතය මෙන්න මේ වගේ දෙයක් වෙන්න බැරිද?

    https://www.boredpanda.com/world-war-2-aircraft-survivorship-bias-abraham-wald/?utm_source=google&utm_medium=organic&utm_campaign=organic

    ලංකාවේ ඉස්සර ගෝත්‍ර ගොඩක් හිටියට ඔවුන් වැඩි දෙනෙක් එකට මිශ්‍රෙවලා එකවගේ වෙලා හිටියා. හරියටමේ කාලේ සිංහල, බර්ගර්, මැලේ මිනිස්සු අතර වෙනස නාමික එකක් වෙලා තියෙනවා වගේ.
    ඒ පොදු සංස්කෘතියෙන් වෙනස්වුන කණ්ඩායම් 3 යක්ෂ දේව නාග වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකට ස්තූතියි . මමත් ඩේටා ඇනලිස්ට් කෙනෙක්.

      Delete
    2. මේ ලිපියේ කතා වෙන්නේ සිංහල, බර්ගර්, මැලේ එන්න කලින් හිටපු ජන කොට්ටාශ ගැන

      Delete
  9. හේෂාන් දමින්ද26 January 2023 at 02:48

    මේ සංචාරයෙදී ඔබ වියදම් කල මුදලට සාධාරණයක් උනා කියලා ඔබ‍ට සැහීමකට පත් වෙන්න පුළුවන්ද මිස්ටර් කිර්ති?

    ReplyDelete
    Replies
    1. ඔව් , මොකද සංචාරය ගැන ලිවිම තවම ඉවර නැහැ

      Delete
  10. අර පොතලන් මාන්නයා කුලී කාර් ඩ්‍රයිවර් ටුවර් ගයිඩා දැන් ආර්ථික විශේෂඥයෙක් වෙලා නේද ?

    ReplyDelete
  11. අජිත් මහත්මයා, ඔබ ග්‍රීසියේදි greek love අත්වින්දෙ නැද්ද? මම නම් මගෙ ග්‍රීසියේ සංචාරයේ දී ග්‍රීක ගැටවරයන් කිහිප දෙනෙකු සමග ලිංගිකව එකතුවුනා. ග්‍රීක සංචාරයකදී greek love අත්නොවින්දොත් ඒක ලොකු අඩුපාඩුවක් !

    ReplyDelete
    Replies
    1. Gay sex වලට greek කොලුගැටව් මරු ❤

      Delete
  12. හොද සටහනක් . හොයල ඉවර වෙනකොට අපි දන්න ගොඩක් දේ වෙනස් වේවි වගේ .

    ReplyDelete
    Replies
    1. සාක්ෂි හොයන කොට ටිකක් අමාරුයි. ටිබෙටයට යෑමේ අදහසකුත් තිබෙනවා. පේරු වලට යෑමේ අදහසකුත් තිබෙනවා. නමුත් මිනෝඅන් ශිෂ්ටාචාරය හා දකුණු ආසියාවට ඇති සම්බන්ධය මම බලාපොරොත්තු වුන එකක් නෙමේ. මම අන්ධ ලෙස "ආර්ය" මතය තමා විශ්වාස කළේ

      Delete
  13. Jagath Pathirana27 January 2023 at 08:27

    ඔබතුමා සිම්පල් පුටින් බලනවද?

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=QgyEjOYWMgs

      Delete
    2. විසි පස් වසරකට පෙර ඇද වැටුණු බර්ලින් තාප්පය, පූටින් හා ස්ටාසිලන්තය https://kolambagamaya.blogspot.com/2014/11/blog-post_11.html

      Delete
    3. Jagath Pathirana28 January 2023 at 17:56

      https://www.youtube.com/@simple_putin

      Delete
    4. ආ මේක , එකක් දෙකක බැලුව . ලොකු enthusiasm එකක් නැහැ . ප්‍රෝස්ත පූටින්

      Delete
  14. කට්ටකඩුවේ ලොකු මල්ලි ගෙන් -(කොමෙන්ට් දමන්න බැරි කතාවක් කිව්වා) මම නම් විශ්වාස කරන්නේ 'පැවැත්ම' සුරක්ෂිත කර ගැනීම ආදී මානවයින්ට තිබුනු මූලිකම අවශ්‍යතාවය කියලා. ඒ සටන තීරණාත්මකව අවසන් උනේ යකඩ යුගයේ ඇරඹුමත් සමග. හැබැයි ඊජිප්තු හා මිනෝවන් පුරා විද්‍යා සාක්ෂි ඊට පරස්පරයි. සමහරවිට මෙසපොතේමියාවේ පවා (ඔවුන් මුල්ම ශිෂ්ටාචාර වලට අයත් උනාට විශාල ප්‍රමාණයේ කල්පවතින නිමැවුම් කරන්නට ඔවුන්ට හැකි උනේ නෑ. සමහරවිට ඒ අදාල ප්‍රදේශයේ තිබ්බ සම්පත් හිගතාවය නිසා වෙන්නත් පුළුවන්). ඒ කොහොම උනත් යකඩ යුගයට පෙර මෙතරම් දියුණු සභ්‍යත්වයන් පහළ වූයේ කෙසේද? ඔවුන් භාවිතා කල තාක්ෂණය එකිනෙකා අතර සහයෝගයෙන් වර් ධනය වූවක්ද නැත්නම් එය එකිනෙකාගෙන් ස්වායත්තව වර් ධනය වූවක්ද? මම පහුගිය මාස හතරක් විතර තිස්සෙ ඔය ගැන ටිකක් කියෙව්වා. අනුරාධපුරයේ පැරණි ජනාවාසද මීට සමකාලීන බව කියවෙනවා. ආර් ය යන්න ස්වෝත්තමවාදී දෘෂ්ටියෙන් තොරව හුදෙක් එකම ප්‍රභවයක් සහිත ජන කොටසක් බෙදී යෑම නිසා සිදුවූවක් ය කියන අදහසේ ඉඳගෙන බැලුවොත් සමහර උත්තර හොයා ගන්ඩ පුලුවන් වගෙයි.
    අපට තවත් මෙවැනි ලිපි කියවන්නට ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ඔබේ වටිනා ප්‍රතිචාරයට ස්තුතියි. ආර්ය සම්භවය ගෙන ආවේ ආර්යයන් යුරෝපයේ සිට ඉන්දියවට් සංක්‍රමණය වුනා කියන කාරණයත් එක්කනේ. මෙසපොටේමියාවේ එහෙම තිබ්බේ ආර්ය ජනාවාස නෙමේ. තුර්කියේ ගොබෙල්කි ටේප් එක අවුරුදු දහදාහක් පරණය කියන එකට බටහිට පුර විද්‍යාඥයන් සහ තුර්කි අයම විරුද්ධ වුනා. මොකද ඓගෙන ගත්ත දේ පරස්පර නිසා. නමුත් ආයුධ භාවිතය ආදිය හොයා ගත්තට පස්සේ සහ මුස්ලිම් ආගමික නායකයන් ගේ බලපෑම යටත් කර දැන් තුර්කි රජයම ඒ ගැන හොයනවා. දැන් හම්බ වෙන්න සාක්ෂි වල යකඩ යුගයට පෙර දියුණු සභ්‍යත්වයක්ජ් තුර්කියේ තිබිල තියෙනවා. මිනොඅන් ශිෂ්ටාචාරය ලංකාවට සහ දකුණු ඉන්දියාවට සම්බන්ධ බව 1930 ගණන් වල දැන ගත්තට ඔවුන් හිතුවේ ඒ ආර්යයන් කියල. ග්‍රීසියේ ඒ මතට්ට විරුද්ධව ග්‍රීක පුරා විද්‍යාඥයන් කරන කැණීම් වලින් හමුවන්නේ වර්තමාන ග්‍රීක ජාතිය මිශ්‍ර එකක් බවත් මිනොඅන් වරුන් ගෙන් ආපු නුවන ඔවුන්ගෙන් සමහරු ළඟ තවම තියෙන බවත්. හරි වැඩක් වුනා. එක දූපතක කන්න ගිය තැනක මට වැඩිය උස මම වගේ දුඹුරු තරුණයෙක් හිටිය. අපේ එකෙක් කියල මම කතා කළා . බලන කොට ග්‍රීක්. ඉතින් හිතුව ග්‍රීක පාස්පෝට් ඇති කියල අම්ම තාත්ත කොහෙන්ද කියල බලනකොට මුළු පරම්පරාවම ඒ රටේ, ඒ දූපතේ. අවුල් නේ. අර මිනොඅන් වරු අරය කියල කීවේ ජර්මන් සහ බ්‍රිතාන්‍ය අය . හැබැයි බ්‍රිතාන්‍ය කොලොනියල් රජය ඊට පස්සේ හොයන එක නැවැත්වුවා. ඉන්දියාවත් සෑහෙන කාලෙකට නැවත්වූවා . මට හිතෙනවා ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ මානව සභ්‍යත්වය දියුණු වුන කාරණය ඉදිරියට ගෙනියන්න බ්‍රාහ්මණ පාලනය කැමති නැතිව ඇති කියලත්.

      Delete
  15. කියෙව්වා. බාගෙට තේරුනා. හොඳ ලිපියක්, මේ ගැන උනන්දු අයට.

    ReplyDelete
    Replies
    1. ආයි හොඳට බුරාගෙන කියවන්න

      Delete
  16. ලිඛිත ඉතිහාසයක් නොමැති තැන්වලින් හෝ කාල වකවානුවලින් ලැබෙන අනෙකුත් සාක්ෂි අපව අවුල් කරනවා. ඒ ඒවාට අර්ථකථන සැපයීමේ දුෂ්කරතා හේතුවෙන්. සංචාරකයකුට වුවත් නිවැරදි තොරතුරු නොලැබුණහොත් ඔහු වැරදි තොරතුරු ලේඛනගත කරන්න ඉඩ තිබෙනවා (රොබට් නොක්ස්ට වුණා වගේ). වත්මන් අත්දැකීම් මත අතීතයට අර්ථකථන සැපයීම දුෂ්කර යි. අද කලු හිසකෙස් ඇති ජනයා ජීවත් වන ප්‍රෙද්ශවල අතීතයේ කහ හිසකෙස් ඇති ජනතාව ජීවත් වී ඇති බවත්, එකී ප්‍රෙද්ශවලින් සොයාගත් පැරණි මළ මිනීවලින් තහවුරු වන බවක් කියැවූවා මතක යි.
    හිමාලයේත් සිප්පි කටු තිබෙයි. අපේ කාලයේ දීත් වියළී යන මුහුදු තිබෙයි.
    කැළණි තිස්ස රජ සමයේ මුහුද ගොඩගැලීමෙන් පසුව අපේ රටට මොකද වුණේ?
    මුහුදට යටවූ ප්‍රෙද්ශවලට මොකද වුණේ? ඒ ගැන කරන ලද ගවේශණයක් තිබේ ද?
    බැමිණිතියා සාගතයෙන් පසු අප රටේ ඇති වූ වෙනස්කම් මොනවා ද?
    හෝඩිය පමණ ද වෙනස් වුණේ?
    ඔබ දක්වා ඇති අන්දමට මෙතෙක් වාර්තා වී නැති යුද්ධයක් පිළිබඳ ව චිත්‍ර හමු වී ඇත. ඒවා එම යුද්ධය කාලයේ හෝ ඊට පසු කාලයකට අයත් විය හැකි ය. එය එම ජනතාවට ඉතා විශාල ලෙස බලපෑ යුද්ධයක් විය යුතු ය. එළාර-දුටුගැමුණු යුද්ධය පිළිබඳ එකල ඇඳි චිත්‍ර අපට හමු වී නැත.
    ක්‍රැකටෝවා පිපිරීම ගැන ඒ අවට රටවල්වල වාර්ති ගැන අසන්නට තිබේ ද?

    ජන සංක්‍රමණ සම්බන්ධයෙන් ලොව පුරා ඇති සාක්ෂි සොයාගත හැකි නම් ඔබගේ ගවේෂණය වඩා නිවැරදි වනු ඇත්තේ ය.

    ReplyDelete
    Replies
    1. හිමාලය කාලයක් මුහුදෙන් යටවෙලා තිබ්බ නිසා සාගරයේ තිබ්බ ෆොසිල තියෙන්න පුළුවන්. ක්‍රකටෝවා පිපිරිම ගැන වාර්තා තිබෙනවා. මේ පලමු ලිපියෙන් අවසන් වන කතාවක් නොවේ. - ඔබට ස්තූතියි

      Delete
  17. අජිත් ධර්ම මහත්මයා,

    රනිල් වික්‍රමසිංහ කපටි ජනාධිපතිවරයා 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරනවා කියලා ද්‍රවිඩ ජනතාව නැවතත් බෙදන්න නේද ලෑස්තිය. සිංහල දෙමල බෙදීමක් වෙනම ඇති කරනවා 13 ට විරුද්ධව සහ පක්ෂව.

    ඒ වගේම ද්‍රවිඩ අය වෙනම බෙදනවා කුලහීනයන් 13 ට විරුද්ධව උසි ගන්නල.

    මොකක්ද මේ රට. මොකක්ද මේ බිහිසුණු ප්ලෑන් එක? මිලිටරි මර්ධනයක් සදහා පාර සකසා ඒ මතින් බලය තහවුරු කරගැනීමක්ද?

    පහත වීඩියෝව බලලා පිළිතුරක් දෙන්න. මුල් විනාඩි දෙක තුන බැලුවත් ඇති.

    රනිල් අපිව බෙදන්න එපා ! Arun Siddharth

    ReplyDelete
    Replies
    1. ලිපියට අදාල නැහැනේ

      Delete
    2. ලිපියට නම් අදාළ නැති බව ඇත්ත. ඔබගේ අදහස දැන ගැනීම වටිනේ.

      Delete
    3. අරුන් ඉන්නේ කාත් එක්කද දන්නේ නැහැ . ඉරජි හිටියේ කාත් එක්කද කියල දන්නවා . 13 ගෙනාවොත් ආයි වලියක් ඇදල රාජපක්ෂ ලට බලයට එන්න පුළුවන් වෙයි. ආවත් 13 දුන්නේ නැත්නම් ඉන්දියාව ආයි දෙනවා ගේම . මේක ගැන කලින් ලියා තිබෙනේ නිසා ආයේ ලියන්න දෙයක් නැහැ. https://kolambagamaya.blogspot.com/2019/04/blog-post_27.html

      Delete
  18. https://www.youtube.com/watch?v=OcrV5hc5k3U&t=1289s

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .