Monday 9 January 2023

ඩයනා ගේ මරණය හා හැරී ගේ පොත -හෙවත් අමතරයා ගේ කතාව


ඩයනා හෙවත් වේල්ස්හි කුමරිය ගේ මරණය සිදුවූ දිනයේ තමන් සිටි තැන බ්‍රිතාන්‍යයේ සිටි බොහෝ අයගේ මතකයේ රැඳෙනු ඇතැයි පුවත්පතක ලියා තිබුණි. මා  ඒ දිනවල එය විශ්වාස නොකළ මුත් ඩයනා ගේ මරණය සිදුවූ දිනයේ මා සිටි තැන අදත් මට මතකය. සමහර විට ඩයනා කුමරියට තිබුණු විශාල ප්‍රසිද්ධිය නිසා විය හැකිය.  අප සිටියේ කෝන්වෝල් ප්‍රදේශයේ නිවාඩුවක් ගත කරමිනි. මට මතක විධිහට කෑම්ප් එකක කුඩාරමක් අටවා ගෙන සිටි නිසා මුහුණ සේදීමට, නෑමට, සිරුරු කිස සඳහා වෙනත් තැනකට යා යුතුව තිබුණි. ඩයනාගේ මරණය මා  දුටුවේ එතන එළිමහනේ  හැමටම බලන්නට අටවා තිබූ රූපවාහිනියකය. එහි  සිටි අය මුව අයා ගෙන කිසිවක් නොකියා බලා සිටිනු මට අදත් මතකය.  ඩයනා කුමරිය මිය ගියේ 1997 අගෝස්තු 31 දාය.

ඩයනා ගේ මරණයේ පින්තූර කිහිපයක් මට අදත් මතකය. එනම් පැපරාසීන් - පුවත්පත් වාර්තාකරුවන් හා කැමරාකරුවන් විනාශ වී ගිය බෙන්ස් රථය අසල වටවී සිටින අයුරුය. කුමරියක් වුවා හෝ නැතා ගැහැණියක් මිය යද්දී ඔවුන්ට අවශ්‍යව තිබුනේ පින්තූරය. ඔවුන්ගේ මුදල්ය.  එය ඉතා සානුකම්පිත දසුනක් විය. එසේම මට වටහා ගත නොහැකි වූයේ අනියම්  මිනිමැරුමක් වූ එය පැරිස් පොලිසිය ලිස්සා  හැරියේ මන්ද යන්නය. ඔවුන් එම පැපරාසීන් අත් අඩංගුවට නොගත්තේ ඩයනා ගේ පෙම්වතා ඩොඩි මුස්ලිම් නිසාද , නැත්නම් රජ පවුල බ්‍රිතාන්‍ය රජය හරහා එය වැළැක්වූ නිසාද යන්න අදටත් පැහැදිලි නැත. පැපරාසීන් ඩයනා ගේ රථය පැන්නූ  අයුරු මෙන්ම ඔවුන් එය හැප්පුනාට පසු පින්තුර ගන්නා සැටිද පසුව හෙළි දරව් වුනු ඡායාරූප වල මැනවින් පෙනේ. 

 අද හැරී කුමරු අයිටිවී ආයතනයේ ටොම්  බ්‍රෙඩි සමග වූ සාකච්චාවේ දී ඒවා එසේම පැහැදිලි කරද්දී ඒ මතකය යලිත් අලුත් වුනි. මම රජ පවුලේ  පාක්ෂිකයකු නොව සමුහාණ්ඩුවාදියෙකි. නමුත් රජ පවුලට ජනතාවගේ සහය ලැබෙන තාක් කල් එය පැවතෙනු ඇත.  මට හැරී සහ මෙගන් ගැන ලොකු අදහසක් තිබුනේ නැති අතර ජනතාවට බලපාන එදිනෙදා  ප්‍රශ්න හමුවේ මේ කතාවට  අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබෙන බව සිතුවෙමි. විදුලි බිල් හා ගෑස් බිල් ප්‍රශ්නය, ජාතික සෞඛ්‍ය සේවාවේ වැඩි පඩි ඉල්ලීම්, දුම්රිය වර්ජන, අහර මිල ඉහල යාම ආදිය  වඩා වැදගත් ප්‍රශ්නය.

නමුත් අද හැරී ගේ සාකච්ඡාව නරඹද්දී මට සිතුනේ එක්තර ප්‍රමාණයකට කවුරුන් හෝ මේ දක්ෂිණාංශික ටැබ්ලොයිඩ් මාධ්‍ය වල අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීමට විරුද්ධ විය යුතු බවය. ඔවුන් එතරම්ම විසකුරුය. මම සාමාන්‍යයෙන් බිබීසියේ ගිය Top Gear වාහන පිලිබඳ වැඩ සටහනට සහ එහි නිවේදකයන් තිදෙනාට කැමතිය.  එහි එක ප්‍රසිද්ධ නිවේදකයකු වූ ජෙරෙමි ක්ලාක්සන් ඉතා ජනප්‍රියය. මමද ඔහුට කැමතිය.  සුප්‍රසිද්ධ දක්ෂිණාංශික ටෝරි පක්ෂ ආධාරකරුවකුද තරමක පුරුෂෝත්තම වාදියකු ද වන ඔහු සමහර විට ගැහැණුන්ට , වෙනත් ජාතීන් ට සිනහ වෙන්නෙකි. ඒ නිසා  ඔහුට බිබිසිය අනතුරු ඇඟවීම් පවා කර තිබුණි.  වරෙක චීන ජාතිකයන්ගේ ඇස් සම්බන්ධයෙන් සිංහ  වීම නිසා සහ තවත් කරුණක් නිසා ඔහු රූපවාහිනියෙන් ඉවත් කරන ලදී. ඉතා ධනවත් ඔහු ත මන්ගේම ගොවිපලක් පිහිටුවා ගත්  ඔහු එය හැඳින්වුයේ ඩිඩ්ලි ස්ක්වට් යනුවෙනි. ස්ක්වට් යනු උක්කුටයෙන් වාඩි වීමය. වචන දෙකේ තේරුම කමකට නැති හෝ වටිනාකමක් නැති දෙයක් යන්නය. නමුත් මේ ගොවිපල හා එහි වෙළඳ සල ඉතා ජනප්‍රියය.

ක්ලාක්සන් මෙගන් ආදිපාදවරිය  ගැන කැත කතාවක් ලීවේය ඒ ගේම් ඔෆ් ත්‍රෝන්ස්   කතා පෙලේ සේර්සෙයි රැජිනට පරිදි මෙගන් නිරුවත් කොට ලන්ඩන් නුවර ඇවිද්දවා ගූ ගැසිය යුතු බවය.  එම  කාන්තාවන්ට එරෙහි ද්වේෂ සහගත කතාවට ජෙරෙමි ගේ දියණිය  මෙන්ම තවත්බො  අය විරුද්ධත්වය පල කර තිබුණි.පුවත්පත් මණ්ඩලයට පුවතකට එදිරිව ලැබුණු වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී තිබුනේද එයටය.  ඔහුගේ ලිපිය පල කල ටැබ්ලොයිඩ් පුවත්පතක් වන සන් පත්‍රය ලිපිය අහක්  කර ගත්තේය. ජෙරෙමි ට සමාව ඉල්ලන්නට  සිදුවිය. හැරී කුමරු කියන්නේ රජ පවුල ඒ ගැන කිසිවක් කතා නොකළ බවය. එයට විරුද්ධ වීම තබා මෙගන් ගේ සමේ වර්ණය හා ජාතිකත්වය ගැන යන කතා වලටද ඔවුන් කිසිවක් නොකළ බවය. 


හැරී හා මෙගන් ගේ මේ සමහර චෝදනාවල යම් සත්‍යයක් ඇති බව මට දැන්වැ ටහේ.

හැරීගේ පැත්ත ගැන දැන  ගැනීමට මම ඔහුගේ පොත මිලට ගතිමි. පොතේ නම "අමතරයා" යන්නයි. රජ කමට හිමිකම් කියන්නා සහ අනිකා (දෙවැන්නා) යන තේරුමෙනි. 

- අජිත් ධර්මකීර්ති 

58 comments:

  1. පැරණි ලිපියට යෙදූ ප්‍රතිචාරයක් නැවත.

    /* සියයට හැටක් පමණ බ්‍රිතාන්‍ය ජනයා රජ පවුල ගැන තැකීමක් නොකරති. */

    අවුලක් නෑ, අජිත් ධර්මා ඉන්නවා නේ.....!!!

    ;-)

    ReplyDelete
    Replies
    1. නිරුවත් කොට ලන්ඩන් නුවර ඇවිද්දවා ගූ ගැසිය යුතු.

      Delete
    2. ඔයත් ලන්ඩන් ටැබ්ලොයිඩ් එඩිටර් කෙනෙක් වගේනේ රසික .මම රාජාණ්ඩුවාදියෙක් නොවෙමි කියන වාක්‍යය දැක්කේ නැත්ද 😀

      Delete
    3. /* සියයට හැටක් පමණ බ්‍රිතාන්‍ය ජනයා රජ පවුල ගැන තැකීමක් නොකරති. */ - මේකනම් දැන් වැරදියි. ලඟදි දාපු පෝල් එකක මේ ගැන 50/50 තියෙන්නේ.

      Delete
    4. හැබැයි මෙතන 62%. මේවා දැන් විශ්වාස අක්රනන්ත් අමාරුයි. https://www.statista.com/statistics/863893/support-for-the-monarchy-in-britain-by-age/

      Delete
  2. කක්කුස්සියේ කැත කර කර ඉන්නකොට ඩයනා කුමරියගේ මරණය ආරංචි උන කෙනෙක් ගැන ඇහුවමයි මම. මේ ගැන දීප්ති මොනා කියයිද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔයත් ලන්ඩන් ටැබ්ලොයිඩ් වගේ නේ කොහෙද කියල තියෙන්නේ එහම කතාවක්. දීප්ති ට ඕන දෙයක් කියන්න පුළුවන්නේ. මේක පොල්පොට් ලගේ තැනක් නෙමේනේ.

      Delete
  3. Jagath Pathirana9 January 2023 at 03:24

    සමාජවාදී සමුහාණ්ඩුවක් සැදීමේන් පසු කේට් සහ මේගන් කම්කරුවන්ගේ මනදොල පිනවීම සදහා ලබා දිය යුතුයි. විලියම් ඇතුළු නඩය එක පෙලට සිටුවා වෙඩි තැබිය යුතුය.

    ReplyDelete
    Replies
    1. හරිම දරුණු කතාවක්. අපි හිංසනයට විරුද්ධයි. පුරුශෝත්තමවාදියෙක් ගෑනු හිංසනය අනුමත කරන. පුදුමයක් වෙන්න දෙයක් නැහැ ලියන දේවල හැටියට.

      Delete
    2. Jagath Pathirana9 January 2023 at 10:26

      ඔය මම නෙමෙයි

      Delete
    3. අනිත් ඩ්රකි ද

      Delete
  4. මිකැනිකල් වසන්ත9 January 2023 at 04:02

    මේ පොතේ pdf ලින්ක් එකක් දෙන්න අජිත්

    ReplyDelete
  5. පුතුන් දෙන්නගෙන් හැරී ඩයනා වගේ නේද? Restless, uncomfortable, dissatisfied with traditional life.

    විලියම් චාර්ල්ස් වගේද?

    මේගන් කියන දේවල්වල ඇත්ත ඇති. ඒත් එයා වැඩිය likeable චරිතයක් වගේ මට හිතෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඕක ටැබ්ලොයිඩ් වලින් හදපු කතාවක් නේ ප්‍රදීප් ගිලල තියෙන්නේ. ඒක කොපමණ දරුණුද කියල තේරෙන්නේ මෙන්න මේ විධිහට තමයි. ඩයනා එපමණ මොලේ තියෙන ගැහැනියක් නෙමේ බව ඇත්ත. නමුත් වෙන ගැනියෙක් එක්ක තමන්ගේ මිනිහ ඉන්දල අහු වුනහම තියෙන ප්‍රශ්නය ඇයටත් තිබ්බ කියල හිතෙන්නේ නැත්තේ ඇයි / අවුරුදු 12 දී තමන්ගේ අම්මා නැති වුණාම, තාත්තා වෙන ගැහැනියකට ආලය කලේ කියල දැනගත්තහම පුතෙකුට ළමයෙකුට ඇතිවෙන හැඟීම මොකක්ද?

      Delete
    2. විලියම් ඔටුන්න හිමි කුමරා හැටියට හැඟීම් පෙන්වන්නේ නැහැ. චාල්ස් හිටියෙත් එහමයි. ඒක කිරුල නිසා ඇතිවන තත්වයක් මම හිතන්නේ.

      Delete
  6. හේෂාන් දමින්ද9 January 2023 at 06:54

    හැන්දෑවට අතපය වෙවුලනවට බාගයක් ගහලා හොදට කටට රහට කොත්තුවක්, රයිස්සෙකක් කාලා සිකරට්ටේකක් ගහපු අපිට මේ ආණ්ඩුව කෙලියනේ අජිත් මල්ලි. අරක්කු වලට බද්ද 20 % ක් ලු. ගෝල්ඩ්ලීප් එකත් රුපියල් 100 ද කොහෙද.

    අම්මපා හෙට චන්දෙ ආවා නං ජේවීපී එකට දෙනවා මං. අපි කරබාගෙන හිටියම මුන් අපේ පුකෙමනේ අරින්න එන්නේ අජිත් මල්ලි.

    ....

    රට බීම මිල ඉහළට

    (රංජන් කස්තුරි)

    මත්පැන් මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පිරිදි ඉහළ නංවා තිබේ. අරක්කු බෝතලයකට මෙතෙක් අය කළ බදු මුදුල සියයට 20කින් ඉහළ නැංවීමෙන් මෙම මිල ඉහළ ගොස් තිබේ.

    අරක්කු බෝතලයකට මෙතෙක් අය කළ රුපියල් 1050ක බද්ද රුපියල් 1256 දක්වාත්, රුපියල් 1121 බද්ද රුපියල් 1344 දක්වාත් රුපියල් 1309 ක බද්ද රුපියල් 1576 දක්වාත් ඉහළ නංවා තිබේ.

    බියර් බෝතලයකට අය කළ රුපියල් 103ක බද්ද රුපියල් 124 දක්වාත් 194ක් වූ බද්ද රුපියල් 233 දක්වාත් ආදී වශයෙන් ඉහළ නංවා ඇත.

    අද (03) මධ්‍යම රාත්‍රියේ සිට මත්පැන්, වයින්, බියර් ආදී සියලුම වර්ගවල නිෂ්පාදන බද්ද 20% කින් සහ දුම්වැටි මත බද්ද 20% කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

    ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කර සිටියා.

    ReplyDelete
    Replies
    1. ඉදිරි චන්දෙදි වත් දෙන්න හරියට. බොරුවට කියා කියා ඉන්නේ නැතිව.

      Delete
  7. පොල්පිතිගම විවිධ සේවා සමුපකාර සමිතියට මහා සභා නියෝජිතයන් තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමෙන් ජනතා විමුක්ති පෙරමුණ තුනෙන් දෙක ඉක්මවූ ජයග්‍රහණයක් අත් කරගෙන තිබේ.

    සභිකයින් එකසිය තිස් දෙනෙකු තෝරාගැනීමට කොට්ඨාස තිහක් සඳහා මෙම නිළවරණය පැවැත්වින.

    එක්සත් ජාතික පක්ෂ හැර අනෙක් සියලුම ප්‍රධාන දේශපාලන පක්ෂවල අනුග්‍රහය ලබන කණ්ඩායම් මේ සඳහා ඉදිරිපත් වූහ.

    ජනතා විමුක්ති පෙරමුණේ සහාය වන කණ්ඩායම් කොට්ඨාස 25 ක් සඳහා ඉදිරිපත් කර තිබූ අතර ඉන් කොට්ඨාස 23 කම ජයග්‍රහණයක් ඔවුන් විසින් අත්පත් කරගෙන තිබිණි.

    සමස්ත ප්‍රතිඵලය තුළ නියෝජිතයන් 130න් 94ක්ම ජනතා විමුක්ති පෙරමුණද, සමගි ජන බලවේගය 20ක් සහ පොදුජන පෙරමුණෙන් 16ක් ලෙස බෙදී ගොස් තිබිණි.

    ReplyDelete
    Replies
    1. මම දැක්කා බයියෝ කියනවා ඕක ලොකු දෙයක් නෙමේ කියල. නමුත් බයියෝ එන්න කලින් සමුපාකාර චන්ද ගැන තමයි කියෙව්වේ.

      Delete
  8. හැරී කුමාරයා වගෙද අපේ නාමල් බෙබා... පෝයට අප්පච්චිත් එක්කලා හිටන් බණත් ඇහැව්වෙ.

    ReplyDelete
    Replies
    1. එතැන අප්පච්චියි ළමයි අතරේ විරසකයක් නැහැනේ. අපුච්චා වගේමනේ ළමයි නුත්

      Delete
  9. ප්‍රාදේශීය සභා චන්දෙන් පස්සේ අනුර කුමාර සහෝදරයා ජනාධිපතිලෙස දිවුරුම් දීලා සරෝජ්වයි චන්දිමවයි PTA එක යටතේ හිරේ දානවා කියලා ලාල්කාන්ත කිව්වා.

    ReplyDelete
    Replies
    1. පිස්සුද , අපේ චන්දිම ගැන ඔයා දන්නේ නැහැ. ඕනේ නම් අනුර යටතේ ජන මාධ්‍ය ඇමති ධුරය ලැබෙයි. අපේ සරෝජ් මල්ලි අමත්යන්ශේ ලේකම් වෙයි. චන්දිම කියන්නේ ජෙහාන් හලෝ

      Delete
  10. හැරී කුමරු සහ මෙගන් මාකල් කියන කරන දේවල් අනුව ඔවුන් දෙදෙනා තුලම තියෙන්නෙ තමන් කරන කිසිම දේකට වගකීම ගන්නෙ නැතුව තමන්ට වැරදෙන තැන්වල වගකීම අනිත් අය මත පැටවීම. ඔවුන් හැම වෙලේම උත්සාහ කරන්නෙ තමන් perfect ලෙස පෙන්වමින් අනිත් හැමෝම වැරදියි කියලා පෙන්වන්න යෑම. මාධ්‍ය වලට හැම වෙලේම දොස් කිව්වත් ඔවුන් දෙදෙනා කරන්නෙත් මාධ්‍ය හරහා කෙලවරක් නැතුව තමන්ගෙ කතාව කියන එක නෙවෙයිද, උදාහරණ තමයි Oprah Winfrey ඉන්ටවීව් එක, Netfliex docuseries එක, මේ දවස්වල හැරී කරන ඉන්ටර්වීව්ස් සහ පොත.

    හැරීගෙ පොතේ ලීක් වෙලා තියෙන කොටස්වල ඔහු කියලා තියෙන දෙයක් තමයි ඇෆ්ගන් යුද්දයේදි ඔහු අතින් මියගිය තලෙයිබාන්වරුන් සංඛ්‍යාව සහ සතුරාව විනාශ කලේ 'චෙස් බෝඩ් එකෙන් ඉත්තන්ව අයින් කරනවා වගේ' කියලා. අජිත් දකින්න ඇතිනෙ දිගටම ටීවී හා පත්තරවල කතාකලා ඒක පිලිගත් codes of behaviour වලට එරෙහිව යාමක් හා ඔහුගෙ පවුල, රජ පවුල ඇතුලුව බ්‍රිතාන්‍ය ජනතාවගෙ ආරක්ශාව අනතුරේ දැමීමක් විදිහට. දැනටම පකිස්ටාන් හා ඇෆ්ගන් twitter හරහා ඔහුගෙ ඒ කතාව දරුනු ලෙස විවේචනය කරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මම දන්නේ නැහැ ඔයා කොයි රටේද ඉන්නේ කියල ලෝටස්. හැබැයි මට පේන්නේ ඔයා ටැබ්ලොයිඩ් මාධ්‍ය ප්රිස්මයෙන්ම මේ දිහා බලන බවයි. ඔයා ඔය ලියන ඒවා තමා දැනුත් පත්තර වල රෝයල් එඩිටර්ස් ල දන්නේ. ඔය මෙගන් හැරී දෙන්න කල වරද මොකද්ද , ආදරේ කරලා බඳිනවා ඇරෙන්න. //අජිත් දකින්න ඇතිනෙ දිගටම ටීවී හා පත්තරවල කතාකලා ඒක පිලිගත් codes of behaviour වලට එරෙහිව යාමක් හා ඔහුගෙ පවුල, රජ පවුල ඇතුලුව බ්‍රිතාන්‍ය ජනතාවගෙ ආරක්ශාව අනතුරේ දැමීමක් විදිහට.// අනේ ආච්චිගේ රෙද්ද තමයි ඔයා මේවා විශ්වාස කරනවා කියන්නේ. තරහ වෙන්න එපා එහෙම කීවට. ඔයා දන්නවද කොපමණ තලිබාන් ළමයි සහ පවුල් ඇමෙරිකානු බෝම්බ වලින් මැරුණද කියල, බ්‍රිතාන්‍ය සහ යුරෝපිය හමුදා වැරදිලා කොපමණ මැරුවද කියල. දැන් එවලින් අපට තර්ජනයක් නැහැ. හැරීගේ කතාවෙන් තමා තර්ජනේ. රෝයල් ෆැමිලි එකට ඒ තර්ජනේ හැමදාම තිබ්බ. තලිබාන් වලින් විතරක් නෙමේ. අනික තලිබාන් එක හැදුවෙත් ඇමෙරිකාව. අනිත් එක හැරී අවුරුද 12 ක් යුද්ධ කළා. නමුත් එයාගේ සියා පිලිප් ගේඅවමගුලේදී හැරී ට සෙරමෝනියල් කිට් එක අඳින්න දුන්නේ නැහැ යුද්දෙට නොගිය ළමා අපචාරකාරී ඇන්ඩ්රු පවා ඇන්ද. හැරිට දුන්නේ නැහැ, ඔය වගේ කෙනෙහිලිකම් කළා. එනිසා තමා හරි 25 කතාව කීවේ. යුද්දෙට ගිය එකාව පැත්තකට දාල අනිත් එවුන් උඩ දැමීම. හරියට ෆොන්සේකා ට කළා වගේ රාජපක්ෂලා.

      Delete
    2. https://www.bbc.co.uk/news/world-asia-63554941

      Delete
    3. The incident in Chowkar-Karez village happened a day after twenty-three civilians, the majority of them children, were killed when U.S. bombs hit the remote Afghan village of Thori located near a Taliban military base in Oruzgan province (see Human Rights Watch release "Afghanistan: U.S. Bombs Kill Twenty-three Civilians", October 26, 2001).

      Delete
    4. මම ඉන්න රට මොකක්ද කියන එක මෙතෙන්ට අදාල නෑනෙ අජිත්. අපි හැමෝම විවිධ මූලාශ්‍ර වලින් තොරතුරු කියවලා අපේ අත්දැකීම් හා අපේ world view එක අනුව නොයෙක් විදිහට ඒ අදහස් process කරගන්නවා. හැරී හා මෙගන් ගැන මගේ අදහස අජිත්ගෙ අදහසට වෙනස් එච්චරයි. කෙනෙක් වෙනත් අදහසක් ප්‍රකාශ කලාම ඉන්න රට මොකක්ද, දක්ශිනාංශික පත්තරද කියවන්නෙ, ටැබ්ලොයිඩ්ද බලන්නෙ කියලා අහන්න අවශ්‍යතාවයක් නෑ

      මම මූලිකව කිව්වෙ හැරී හා මෙගන් කියන දේවල් නිතරම එකිනෙකට පරස්පරයි කියලා. Oprah ඉන්ටවීව් එක හා හැරී මේ සති අන්තයේ කරපු ඉන්ටර්වීව්ස් වගේම, ඔහුගෙ ශරීර භාශාව නිරීක්ශනය කරලා ඕනෙ කෙනෙකුට තමන්ගෙ අදහස ගන්න පුලුවන්. මට අනුව නම් තමන්ගෙ (ලෝක ප්‍රසිද්ද) විවාහ උත්සවයට දවස් තුනකට කලින් තමන් විවාහ වුනා කියලා මිලියන් ගානක් බලපු ඉන්ටවීව් එකකදි වැරදි ප්‍රකාශයක් (ප්‍රකාශය වැරදියි කියන්නෙ මම නෙවෙයි කැන්ටබරි ආර්ච්බිෂොප් තුමා) කරපු මෙගන් (හා හැරී) විශ්වාසනීයත්වයෙන් (credibility) අඩු අය.

      'තලෙයිබාන්වරුන් විසි පස් දෙනෙක් තමන් අතින් මැරුනා, ඔවුන්ව මැරුවෙ චෙස් බෝඩ් එකේ ඉත්තො අයින් කලා වගේ' කියලා එංගලන්ත රජපවුලෙ කුමාරයෙක් ලිඛිතවම කියන එක ආරක්ශාවට තර්ජනයක් නෑ කියලා අජිත් හිතන එක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ ගැන වඩා ඉහල දැනීමක් තියෙන අය වගේම, හැරී එක්කම එකට ඇෆ්ගන් යුද පිටියේ හිටපු සෙබලෙක් කියලා තිබුනෙ වෙනත් අදහස්. ඒ වගේම සති අන්තයේ හැරී කරපු ඉන්ටවීව්ස් වල ඒ ගැන හැරී කතා කරන කොටස් අයින් කරලා තිබුනා.

      Delete
    5. හැරීට සෙරමෝනියල් කිට් එක අදින්න දුන්නෙ නැත්තෙ ඔහු හා මෙගන් රාජකීය වගකීම් වලින් ඉවත් වෙලා නිසා. Remember, they quit being senior royals. ඒ අනුව එලිසබෙත් රැජින ඔහුගෙ සියලුම හමුදාමය තනතුරු හා ගෞරව නාම අයින් කලා. හැරීට හා මෙගන්ට වෙලාවෙදි ඒ සියලු කාරනා පැහැදිලි කරලා දීලා තිබුනා වගේම හැම දේම හිතලා තීරනයක් ගන්න අවුරුද්දක කාලයක් දීලා තිබුනා. තමන්ගෙම තීරන වල ප්‍රතිපල තමන්ට විදින්න වෙන කොට ඒක අනිත් අයගෙ වැරදි කියලා අඬා වැටිලා ඇති වැඩක් නෑ. Prince Philipගෙ funeral එකේදි විලියම්, ඇන්ඩෲ හෝ කිසි කෙනෙක් මිලිටරි කිට් එක ඇන්දෙ නෑ. අජිත් කියලා තියෙන එක වැරදියි.

      Delete
    6. ඔයා ඉන්න රටයි කියවන්නේ ටැබ්ලොයිඩ් ද කියන එකයි අතිශයින්ම අදාලයි ලෝටස්. හේතුව තමා මගේ ජර්මනියේ (ජර්මන්) යාලුවෝ හෝ ප්‍ප්‍රංශයේ (සිංහල නොවන) යහළුවෝ මේ ප්‍රශ්නය දිහා බලන්නේ වැඩ සමබර විධිහට නිසා. ජර්මනිය රාජාණ්ඩුව අයින් කරලා ගොඩක් කල්. රජ පෙළපතේ අය තමන්ගේ මුදලින් ජිවත් වන්නේ., ජර්මන් ටැබ්ලොයිඩ් පැත්තක් ගන්නේ නැහැ. එනිසා මගේ වෛෆ් ගේ ඉඳන් පවුලේ අනිත් අය දක්වාත් මගේ ප්‍රංශ යාළුවොත් මෙගන් ගැන අනුකම්පාව දක්වන අතරේ රජ පවුලේ ඇතැමුන් ගේ වැරදි ක්‍රියා මෙන්ම ද්කශිනංශික පත්තරවල පච ඒ ලෙසටම විශ්වාස කරන්නේ නැහැ. ඔයා මුලින් ලියපු දෙකම් හරියට ඩේලි මේල් එක පරිවර්තනය කළා වගේ. මට ඕනනම් ඒ චේද ඒ විධිහටම දාන්න පුළුවන්. - හැරී එක්කම එකට ඇෆ්ගන් යුද පිටියේ හිටපු සෙබලෙක් කියලා තිබුනෙ වෙනත් අදහස්.- ඒ යුධ භටය හොයාගෙන ඒක දැම්මේ කවුද - ඩේලි මේල් එක. ඩේලි මේල් කියන්නේ යුද්දේ දිගටම ප්රාර්ධනය කරපු පත්තරයක්. අතිශයින්ම ජාතිවාදී එකක්. ආරක්ෂාවට තර්ජනේ එන්නේ ඇෆ්ඝනිස්තනේ ළමයි මරණ කොට. පලස්තිනේ ළමයි මරණ කොට. සිරියාවේ බෝම්බ දාන කොට. හැරී ගේ විසිපහට නෙමෙයි.
      සොරි මට වැරදුනා. ෆිලිප් ගේ එකට නෙමෙයි ක්වීන් ගේ එකට. රැජින ගේ එකට. හැරී අවුරුදු 12 ක් ආමි එකේ ඇත්තටම හිටිය. හමුදාමය තනතුරු අයින් කලාට හමුදාවේ සිටිය කෙනකේ. honourable discharge වෙච්ච් කෙනෙක් ගේ කිට් එක අයින් කරන එක වැරදියි. ඒක හරියට රාජපක්ෂ යුද්දේ නොකර යුද්ධ කරපු ෆොන්සේකා හිරේ දැම්ම වගේ වැඩක්. (එපමන් දරුණු නැති වුනත්)
      //මට අනුව නම් තමන්ගෙ (ලෝක ප්‍රසිද්ද) විවාහ උත්සවයට දවස් තුනකට කලින් තමන් විවාහ වුනා කියලා මිලියන් ගානක් බලපු ඉන්ටවීව් එකකදි වැරදි ප්‍රකාශයක් (ප්‍රකාශය වැරදියි කියන්නෙ මම නෙවෙයි කැන්ටබරි ආර්ච්බිෂොප් තුමා) කරපු මෙගන් (හා හැරී) විශ්වාසනීයත්වයෙන් (credibility) අඩු අය.// තනික ඩේලි මේල් කොපි 😀

      Delete
  11. කොහොමත් රජ පවුල ගැන විශේශ කැමැත්තක් නැති අය වගේම mixed race පවුල්වල අය හැරී හා මෙගන්ට කැමතියි. නමුත් හැරී හා මෙගන් කියන දේවල පරස්පරතා හුඟක් තියෙනවා. එකක් තමයි Oprah ඉන්ටවීව් එකේදි කිව්වා ඔවුන්ගෙ පුතා Archieට 'කුමරයා' කියන නාමය (title of prince) නොදුන්නෙ මෙගන් mixed race නිසා කියලා, ඒ අනුව යමින් ලෝක මාධ්‍ය වාර්තා කලා රජ පවුල racist කියලා. නමුත් ඊයෙ හැරී කිව්වා රජ පවුල racist කියලා ඔවුන් කෙසේවත් කිව්වෙ නෑ කියලා, කිව්වෙ නැත්නම් ඇයි මාධ්‍යය වල එහෙම යද්දි නිවැරදි කලේ නැත්තෙ. ඒ වගේම සති කීපෙකට කලින් ඔවුන් ඇමෙරිකාවෙ Ripple of Hope කියන award එක ලබා ගත්තා 'රජ පවුලේ racism වලට එරෙහිව නැගී සිටීම' (for taking a heroic stand against institutional racism' ගැන. තව උදාහරනයක් තමයි ඒ ඉන්ටර්වීව් එකේදිම මෙගන් කිව්වා ඔවුන්ගෙ ටීවි එකේ පෙන්නපු විවාහයට දවස් තුනකට කලින් ඔවුන් දෙන්න විවාහ වුනා කියලා (we got married three days before the wedding). ඒ ප්‍රකාශය වැරදියි කියලා කැන්ටබරි ආච් බිෂොප්තුමා නිවේදනයක් නිකුත් කලා.

    පොඩි කාලෙදිම අවාසනාවන්ත ලෙස තමන්ගෙ අම්මා මිය ගිය එක සහ ලෝකයක් ඉදිරියේ ඇයගෙ funeral එක සිදු වීම, තමන්ගෙ හැඟීම් නොපෙන්වා 'රඟ පාන්න' වීම හැරීට තද දුකක් කියන එක පිලිගන්න ඕනෙ. හැබැයි ඉතින් අවුරුදු තිස් අටක් වෙලත් 'අම්මා නෑ අනේ මම පව්' කිය කිය ඉන්න එක කොයි තරම් සුදුසුද කියන එක ප්‍රශ්නයක්. ඒ වගේම ඔහු වාණිජ අරමුනු සඳහා ඩයනාගෙ මරණය කිසි පැකිලීමක් නැතුව පාවිච්චි කරන උදා Netflix docuseries එක.

    ReplyDelete
    Replies
    1. හැරී හැම වෙලේම කීවේunconcious bias කියල. එහෙම එකක් තියනව.මගේ පවුල mixed race නිසා කියන කතාවක් නෙමේ. මම හැරී හා මෙගන් ගැන එපමණ තැකීමක් නොකළේ ඊට වැඩිය ප්‍රශ්න ලෝකේ තියෙන නිසා. නමුත් ඔවුන්ට අසාධාරණයක් ඕන කමින් කළා කියන අදහස නිවැරදියි. මගේ මල්ලිට ජෝක් ඇඳුමක් අන්දලා හිනා වෙන්නේ නැහැ මම, හැරී ට නාසි ඇඳුම අන්දලා කේට් සහ විලියම් හිනා වීම හරි කියනවද ඔයා. //ඊයෙ හැරී කිව්වා රජ පවුල racist කියලා ඔවුන් කෙසේවත් කිව්වෙ නෑ කියලා, කිව්වෙ නැත්නම් ඇයි මාධ්‍යය වල එහෙම යද්දි නිවැරදි කලේ නැත්තෙ// ඇයි මොකටද නිවැරදි කරන්නේ, රජ පවුලේ කිසි කෙනෙක් මෙගන්ට කීව දේවල් වලට නිවැරදි කිරීමවල් කලේ නැහැනේ. මම කියන්නෙත් නැහැ යූකේ ඔය තරම් racist කියල. නමුත් පරණ කට්ටියගේ බයස් එකක් තිබෙනවා. රජ පවුලේ වැඩියෙන්ම ඉන්නේ පරණ වයසක මිනිස්සු. දැන් අපේ අය නැගෙනහිරයුරෝපිය අයට අකමැති නිසා චන්දෙ දුන්නේ බ්‍රෙක්සිට් එකට. දැන් හැමෝම විරව ගෙන ඉන්නව. ඒ වගේ තමා.
      //පොඩි කාලෙදිම අවාසනාවන්ත ලෙස තමන්ගෙ අම්මා මිය ගිය එක සහ ලෝකයක් ඉදිරියේ ඇයගෙ funeral එක සිදු වීම, තමන්ගෙ හැඟීම් නොපෙන්වා 'රඟ පාන්න' වීම හැරීට තද දුකක් කියන එක පිලිගන්න ඕනෙ. හැබැයි ඉතින් අවුරුදු තිස් අටක් වෙලත් 'අම්මා නෑ අනේ මම පව්' කිය කිය ඉන්න එක කොයි තරම් සුදුසුද කියන එක ප්‍රශ්නයක්. // මෙන්න මේක තමා ප්‍රශ්නේ.උන් දෙන්න කෝවිඩ් කාලේ අයින් වෙලා ගියහම වත් උන්ට ඉන්න දුන්නේ නැහැ. අර බ්ලැක් යාලුවගේ ගෙදර ඉන්න කොට මේල් එකෙන් හෙලිකොප්ටරයක් යැව්වා. ඇයි එහෙම කලේ. උන්ගේ පස්සෙන් යන්නේ පත්තර විකිනෙන නිසා වෙබ්සයිට්ජනප්‍රිය වෙන නිසා. උන් දෙන්න ගැන බොරු කියන නිසා ඉතින් ඒ මධ්‍යම භාවිතා කරලා ඒවාට පිළිතුරු දීම වැරදි වෙන්නේ කොහොමද ? උන් ගැන බොරු ලියන් උන්ගේ පස්ස්ස්සෙන් එළවන් හොඳයි, උන් ඒවාට පිළිතුරු දීම වැරදියි. යකාගේ තර්කයක් නේ ඒක. දැන් මේ පහල ලිපියේ බලන්න කේට් ට කොපමන් හොඳින් සලකලද ලියන්නේ, මෙගන් කොච්චර ඇනලද ලියන්නේ කියා. https://www.boredpanda.com/uk-media-double-standarts-royal-meghan-markle-kate-middleton/?utm_source=google&utm_medium=organic&utm_campaign=organic

      Delete
    2. Kate: "Bumping along nicely! The Duchess was seen placing a protective hand on her tummy as she exited the event." Daily Mail: March 22, 2018
      Meghan: "Personally, I find the cradling a bit like those signs in the back of cars: Baby on Board. Virtue signaling, as though the rest of us barren harridans deserve to burn alive in our cars." Daily Mail: Jan. 26, 2019

      Delete
    3. මෙන්න මේවා තමා පත්තර කලේ - The docuseries showed that after Meghan wore wedges during her Australia tour, outlets reported that she broke royal protocol. Months later, the same outlets praised Kate for wearing wedges, with InStyle saying she wore "the most versatile shoes of the summer."

      Kate also received glowing headlines when she was photographed cradling her pregnant belly, while a headline in The Sun called Meghan "Baby Bump Barbie."

      Delete
    4. මට අනුවනම් ඔය දෙගොල්ලම වැරදියි. හැරී මෙගන් සහ රජ පවුල. ඕක වෙන විධිකට විසඳ ගන්න තිබ්බ. නමුත් ළමා අපයෝජක අන්ඩ්රු බේරා ගන්න සහ කැමිලා ට තියන ජන අප්‍රසාදය නැති කර ගන්න ඔවුන් භාවිතා කලේ හැරී සහ මෙගන්. රැජින මේ පැත්තෙන් නිර්දෝෂයි කියල මම හිතන්නේ. පැලස් එකේ ප්‍රෙස් සෙට් එක සහ පරණ සෙට් එක, චාල්ස් සහ කැමිලා , විලියම්, ප්‍රින්ස් ඔෆ් කෙන්ට් ඒ ගොල්ලෝ තමා ඕව කලේ. ඒක හැම ආකාරයකින්ම වැරදියි. පුවත්පත් විශේෂයෙන් මේල් පත්තරේ අන්තිම නරක විධිහට ඔවුන්ට ගැහුවා පුවත්පතක් ලෙස. මෙගන් මේල් එකට එරෙහිව නඩුවෙන් දිනුවෙත් ඒකයි .

      Delete
    5. අජිත් මම කියලා නෑ හැරී හා මෙගන් සම්පූර්නයෙන්ම වැරදියි, විලියම් හා කේට් සම්පූර්නයෙන්ම හරි කියලා එක පුද්ගලයෙක්ගෙ නරකක් පෙන්වන්න ඕනෙ වුනාම තවත් කෙනෙක්ගෙ හොඳක් අනවශ්‍ය ලෙස පෙන්වන එක ස්වබාවයෙන්ම සමහරු කරනවා මීඩියාත් ඒක කරා ඒක වැරදියි මෙගන් ගැන ද්වේශසහගත ප්‍රකාශ කරන අය ඕනෙ තරම් ඉන්නවා ඒ එකක්වත් හරි නෑ. නමුත් හැරී තමන්ට අවුරුදු විස්සක තරුනයෙක් කාලෙ නාසි යුනිෆෝම් එක ඇඳලා ඒක අඳින්න අනුබල දුන්නෙ විලියම් හා කේට් කියලා වගකීම ඔවුන් අතට දාන එක හරි දෙයක්ද.

      Delete
    6. Oprah ඉන්ටවීව් එකේදි හැරී හා මෙගන් කිව්වා 'Archieගෙ සමේ පැහැය ගැන රජ පවුලේ අයගෙ concern එකක් තිබුනා, ඒක නිසා ඔහුට ලැබිය යුතු titles දුන්නෙ නෑ' කියලා. රජ පවුල රේසිස්ට් කියලා කෙලින් නොකියා ඔවුන් කලේ එහෙම හිතන්න අනිත් අය පොලඹවන එක. (කොහොමත් ඒ දෙන්නා කිසිම වෙලාවක නිශ්චිත කෙනෙකුට නිශ්චිත චෝදනා එල්ල කරන්නෙ නෑ. ඒ වෙනුවට 'he said, she said, they said' තමයි කියන්නෙ. තමන්ගෙ වචන වලින් අනිත් අය කුපිත කරවීම). හරි, මීඩියා නිවැරදි කරන්න අවශ්‍ය නෑ කියමුකො. නමුත් හුඟක් මිනිස්සු 'රජ පවුල racist, හැරීට, මෙගන්ට හා Archieට ඔවුන්ගෙ සමේ පැහැය නිසා වෙනස්කම් කලා' කියලා මර හඬ දුන්නනෙ. දැන් හැරී කරන්නෙ තමන්ට සපෝර්ට් කරපු ඒ මිනිස්සුන්ව බස් එකක් යටට තල්ලු කරලා දැමීම නෙවෙයිද.

      Delete
    7. මේක ගැන දිගින් දිගට කියා ගෙන යන්න මට අවශ්‍යතාවයක් නෑ. හැමෝටම තමන්ගෙ අදහස හදා ගන්න ඕනෙ තරම් තොරතුරු විවිධ මාධ්‍ය හරහා ලැබෙනවනෙ. කොහොමත් විවිධ අදහස් අපි හුවමාරු කරගැනීමයි වැදගත්. අජිත්ගෙ ප්‍රතිචාර වලට ස්තුතියි. 'දහසක් මත ගැටේවා' කියලා ලංකාවෙ විශ්ව විද්‍යාලවල slogan එකක් තියෙනවා නේද.

      Delete
    8. //නමුත් හැරී තමන්ට අවුරුදු විස්සක තරුනයෙක් කාලෙ නාසි යුනිෆෝම් එක ඇඳලා ඒක අඳින්න අනුබල දුන්නෙ විලියම් හා කේට් කියලා වගකීම ඔවුන් අතට දාන එක හරි දෙයක්ද.// ඔය දන්නවාද ඒක විලියම් සංවිධානය අක්රපු පාටි එකක් කියල. විලියම් සහ කෙට් තමා නාසි ඇඳුම අඳින්න කියල හැරී ට කියල තියෙන්නේ කියල. තමන්ගේ ලොකු අයියා තමන් ආදරය කරණ අයියා තමන්ට වරදක් කරන්නේ නැහැ කියල විශ්වාසයෙන් ඒක ඇඳලා , පත්තර වලින් කැතට බැන්නහම වරද පිලි අරන් සමාව ගත්ත හැරී මට වඩා හොඳයි. හැරී එදා තමන්ගේ අයියව හෝ කේට් ව එදා පාවා දුන්නේ නැහැ. විලියම් ට එද්ද තිබ්බනේ කියන්න මමයි මල්ලිට කීවේ කියල. හරිනම්.
      //Oprah ඉන්ටවීව් එකේදි හැරී හා මෙගන් කිව්වා 'Archieගෙ සමේ පැහැය ගැන රජ පවුලේ අයගෙ concern එකක් තිබුනා, ඒක නිසා ඔහුට ලැබිය යුතු titles දුන්නෙ නෑ' කියලා. රජ පවුල රේසිස්ට් කියලා කෙලින් නොකියා ඔවුන් කලේ එහෙම හිතන්න අනිත් අය පොලඹවන එක.// කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසීය යුතුය කියන එක ඔයා අහල නැත්ද? හුඟක් මිනිස්සු මර හඬ දුන්න එක හැරී හෝ මෙගන් ගේ වරදක් නෙමෙයි. හමේ පැහැය අහන එක කැතයි. ඒකයි ඔයා දකින්න ඕනේ ඇත්ත දේ. රජ පවුල රේසිස්ට් ට වඩා පරණ ආකල්ප තියනවා කියල මම හිතන්නේ. ඇත්තම කියනවනම් මේකෙන් පස්සේ අපේ බදු ගන්න එක නවත්වනවා නම් මම වඩා කැමතියි. බිරින්දෑ කියනව ඔයාට හැරී ගේ පොත අරන් කියවන්න කියල. මම නෙමේ කියන්නේ එයා. ඔයා වඩාත් සමබරව හිතයි ලු.
      දහසක් මත ගැටේවා කියල කීවේ මා ඕ සේතුං

      Delete
  12. ටින් එකක් බොමුද.

    ReplyDelete
  13. බෝතලයක් ගහලා හාන්සි වෙමු

    ReplyDelete
  14. post එකයි comments ගොඩයි
    හරි සාරයි - ඒත් බයයි
    මොක කිව්වත් - මගෙ මැටිකම
    දැනෙයි; නිකං - ඉන්න හිතෙයි

    ReplyDelete
    Replies
    1. ඔයාට අවංකව හිතෙන දේ ලියන්න ලෝටස් වගේ. තමන්ගේ මතය ප්‍රකාශ කරන්න භය වෙන්න එපා. හරි හෝ වැරදි හෝ වේවා . අපි ඒ ගැන වාද කරන කොට අපි දෙගොල්ලම ඉගෙන ගන්නවනේ. මේ ප්‍රශ්නේ පත්තර විශේෂයෙන් ටැබ්ලොයිඩ් කියන එක වසුරු කරලා තියෙන්නේ. ලංකාවේ දෙරණ , හිරු වගේ මාධ්‍ය වලින් වඳ කොත්තු , කැලණියේ නයා වගේ දේ ප්‍රොමෝට් කළා නේද? ඒ වගේ ඩේලි මේල්, සන්, මිරර් වගේ ඒවා හැරී සහ මෙගන්ටත් හැරිට විරුද්ධව වත් බොහොමයක් දේ දැම්ම. මට ඒවා පෙනුනට ගණන් ගත්තේ නැත්තේ රජ පවුලේ උන් මරා ගත්තට අපට මොකද කියන අදහසින්. ඒත් සමහර වෙලාවට ඇත්ත වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ පැත්ත ගියත්. හොඳම උදාහරණ andrew කුමාරයාට අපචාර චෝදනාවක් එනකොට පැලස් එකේ ප්‍රෙස් සෙට් එක මෙගන් ගේ මොකක් හරි දාන එක.

      Delete
    2. අජිත්ගෙ ඒ ආකල්පයට මම කැමතියි. දැන් කවුරු හරි ඇවිල්ල එක දිගට කමෙන්ට්ස් දාලා කියලා මට බනින්න කලින් මම යන්නම්. Bye for now.

      Delete
    3. එහෙම බනින එකක් නැතිවෙයි ☺️

      Delete
    4. ලෝටස් සහ නිදි පොඩ්ඩක් ඕනෑම මෙගන් හා හැරී ගේ ඩේලි මේල් ලිපියක් බලල ඒවායේ යට කොමෙන්ට් කියවන්නකෝ. ගහන ගැහිල්ල තේරෙයි. මම නම් කැමැතියි උන් දෙන්න යටට යන්නේ නැතිව ගේමට එන්ටර් වුන එකට. හැරී ස්ටෙෆාන් ලෝරන්ස් ගේ අම්ම එක්ක එකට නඩුවක් දාල තියෙන්නේ මේල් එකට විරුද්ධව. දිනුවොත් හොඳයි.

      Delete
    5. ලෝටස් බ්ලොග් එකක් ලිව්වනම් හොඳයි කියල හිතෙන්නේ නැත්ද නිදි? අපට හොඳට තේකක් හදා ගෙන වාද කරගන්න පුළුවන්.

      Delete
    6. Lotus අජිත්ගේ අදහසට මොකද කියන්නේ කියල බලමුකෝ.
      මොනවා කළත් මම වාද කරන්න නං එච්චර ආසා නෑ, අජිත් මහත්තයෝ. මොකද වාදයකට පැටලුණ අය බලන්නේ තම-තමන්ගේ මතය සනාථ කරවන්නයි. පෙනෙන ඇත්ත වුණත් එතකොට පිළිගන්න අකමැතියිනෙ, එයින් තමන් පරදින නිසා.

      Delete
    7. වාදය කියන වචනයට වඩා සංවාදය කියන වචනය යොදමු. . අපි මෙතන කලෙත් සංවාදයක් වගේ එකක් නෙමෙයිද. මෙතන දිනන කෙනක් නැහැනේ.

      Delete
  15. කමෙන්ට් ටික දැක්කම බය හිතෙනව මොකවත් කියන්න. හැක්..

    ReplyDelete
    Replies
    1. මහත්තුරු දෙමළ කොල්ලෙක්ද වැසිකිලියක් සුද්ද කරන.

      Delete
    2. ඔය කියල තියෙන්නේ

      Delete
  16. වෙලාවට මට නම් රජ පවුල ගැන කිසිම හැඟීමක් නැහැ ... ඩයනා මැරිච්ච එකට නම් ඒ දවස් වල දුක හිතුනා .. ඒ ඩයනා ලස්සන හින්දා .. මට හැමදාම හිතිලා තිබ්බේ විලියම් සහ හැරී දෙන්නම එල කොල්ලෝ දෙන්නෙක් කියල .. රජ පවුල කියල නෑනේ ඉතින් කසාද බැන්දම ඔය වගේ අවුල් කොයි පවුල් වලත් එනවනේ ... අපේ පවුල් අවුල් ගැන පත්තර කාරයෝ හොයන්නේ නැති එක තමා එකම වෙනස .... හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. මෙගන් හා හැරී ගැන මටත් ලොකු කැක්කුමක් කොහොමටත් නැහැ. එයාල සල්ලි හොයන එක ඇත්ත. නමුත් පත්තර බොරු කියන එක, බලගතු උදවිය ඔක්කොම එක පැත්තකට වෙලා අරුන්ට කෙලින් එක , ඒවාට මම විරුද්ධයි. හැරී ට තමන්ගේ පැත්ත කියන්න තහනම්, අරුන්ට බොරු කියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතිව කියන එකම මට පිලි ගන්න බැහැ. ඕක බ්‍රෙක්සිට් එකේදිත් වුනානේ. පුදුම බොරු වගයක් කීව වඳ කොත්තු සයිස් එකේ ඒවා යුරෝපයට විරුද්ධව. මෝඩ සුද්දයි මෝඩ ලංකාවේ ඉන්දියාවේ සෙට් එකයි චන්දෙ දුන්න. දැන් ඉතින් විරවගෙන වැඩි බදු ගෙවාගෙන ඉන්න ඕනේ. එනිසා ඔය පත්තර බොරු ලියන එකට මොනවා හරි කරන්න ඕනේ. හැරී උන්ට නඩු දාපු එකට මම සපෝර්ට් කරන්නේ ඒකයි.

      Delete
  17. නොත්‍රඩාමුස්ගේ හෝ බබා වැන්ගාගේ අනාවැකිවල තියෙනවා රජ පවුලට එච්චර හොඳ වසරක් නෙමේ කියලා... අවුරුද්ද පටන් ගන්න කොටම මේ ගහපු බෝම්බය ලේසි එකක් නෙමෙයි. හැරි කැමිලටත් චෝදනා එල්ල කරනවා.....

    ReplyDelete
    Replies
    1. හැරිටත් අවස්තාවක් දෙන්න ඕනේ නේ කියන්න. පහලට දැම්මම ඔහොම වෙනවා. හැරී හිතුව අයියා එහෙම කරන එකක් නැති වෙයි කියල. නමුත් රජකම කියන්නේ එහෙම එකක් තමා. මේකෙන් අපෙන් රජ පවුලට ගෙවන්න තියෙන බදු නැති එනවනම් හොඳයි. එයාලට තියෙන අදායම ඇති. රජුට පඩියක් ගෙව්ව්හම ඉවරයි.

      Delete
  18. මේ ගාඩියන් එකේ රිඩර්ස් ලගේ අදහස්. කවුරුත් දන්නවා දැන් හැරී ගේ පොත් තමා ප්‍රබන්ධයක් නොවන පොත් අතරින් බ්‍රිතාන්‍යයේ වැඩියෙන්ම විකිණිච්ච පොත. තවමත් විකිනේනේව. එක දෙයක් පැහැදිලියි. මිනිස්සු පත්තර වල බොරු විශ්වාස කරන්නේ නැහැ කියල. ඒකයි මෙච්චර ගන්නේ.මම ගත්තෙත් ඒකයි. මගේ බිරිඳ ඉනෙස් කියන විධිහට පත්තර වල කියන තරම් රජ පවුලට බනිනනවට වඩා හැරී බැලන්ස් පොත ලියල තියෙන්නේ කියල. ඩයනා වගේම එයත් හදන්නේ රජ පවුල බේරා ගන්න කියල එයාගේ ටයිටල් හැබැයි ප්‍රමාද වැඩියි කියල මට හිතෙන්නේ. . Prince Harry's memoir Spare has sold over 1.4 million English-language copies in all formats in the U.S., the U.K. and Canada, and is already in its second run, publisher Penguin Random House announced Wednesday, just one day after the controversial and explosive tell-all memoir was released.
    https://www.theguardian.com/uk-news/2023/jan/13/prince-harry-spare-book-readers-react

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .