මේ දිනවල පළාත්පාලන චන්දය පිළිබඳ උණුසුමක් ශ්‍රී ලංකාවේ පැතිර තිබේ. පසුගිය වසරේ ලංකාවට සංචාරයකට ගිය අවස්ථාවක ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සමග සුහද කතා බහක නිරත වීමට මට අවස්ථාව ලැබුණි . එහිදී මට දැන ගන්නට ලැබුනේ ජවිපෙ සෝවියට් දේශයේ ස්වර්ණමය සමය වශයෙන් සලකන්නේ හැටේ දශකය සහ හැත්තෑවේ දශකයේ මුල් භාගය බවයි. හිටපු නායකයා ඒ කාලයේ එහි ඉගෙන ගැනීම අහම්බයක් දැයි නොදනිමි. මා සෝවියට් දේශයේ සිටියේ 1985 සිට 1991 දක්වාය. ඒ කාලය සෝවියට් දේශය පරිවර්තනය වෙමින් පැවති කාලයයි. ඒ පරිවර්තනය අවසන් වූයේ ඒ මහා රාජ්‍යයේ බිඳ වැටීමෙනි. එදා එම සාකච්ඡාව දිගට ගෙනියන්නට ඔහුට වේලාවක් නොමැති විය. නමුත් ජාතික ජන බලවේගය ප්රවෘත්ති මවන මේ අවස්ථාවේ මට එම සාකච්ඡාවේ ඉතිරි කොටස අවසන් කිරීමට අවශ්‍ය වුනි, ඒ සඳහා සහයෝගය ලබා දුන්නේ පද්මිණි මාතරගේ සොයුරියයි.
මා ඇසූ ප්‍රශ්න කලින් සූදානම් කළ ඒවා නොවන අතර අසන ප්‍රශ්න ගැන මම ඔහුට කලින් දැනුවත් කිරීමක්ද නොකෙළෙමි.
මා ඇසූ එක ප්‍රශ්නයක් වූයේ 2005 දී රාජපක්ෂවරු බලයට ගෙන එම පිළිබඳව පසු තැවෙන්නේ නැත්ද කියාය. යුද්ධයක් නොවී සාමකාමිව විසඳා ගැනීමට හැකියාවක් තිබුණු බව මගේ විශ්වාසය බවද කීවෙමි. ඔහුගේ අදහස ජවිපෙ ඒ කාලයේ පැවති ස්ථාවරයට වඩා වෙනස් එකක් නොවුනි. රට බෙදීම වළක්වා ගැනීමටහැකිවුනු බව ඔහු පැවසුවේය. නමුත් වැරදි සිදුවුණු බවද ඔහු පිලි ගත්තේය. සමහර විට එය මදක් ඉදිරියට යාමක් යැයි සිතමු.
ඊයේ මම ජාතික ජන බලවේගයේ ලන්ඩන් සමුළුවට සහභාගී වුනේ දර්ශන හෙට්ටි ආරච්චි මහතා එවූ පණිවුඩයක් අනුවය. මගේ හිත මිතුරන් කිහිප දෙනෙකුද එහි පැමිණුන බැවින් මම ද නිරීක්ෂකයෙකු වශයෙන් සහභාගී වුනෙමි. සමුළුවේ මුල් හරිය හරියට ලංකාවේ චන්ද රැස්වීමක් මෙන් විය. ලන්ඩනයේ ජිවත්වන යුඇන්පී දේශපාලනය කරමින් පළාත් සභා මන්ත්‍රී කෙනෙකු වූ , උපතිස්ස ගමනායක සමග විශ්ව විද්‍යාලයේ සිටි අයෙකු ජාජබ රජයකට සහය පළ කළේය.
ඉන්පසු පොහොට්ටුවේ දේශපාලනය කල ආරච්චි කට්ටුවේ සනත් නිශාන්ත සමග පළාත් සභාවේ සිට සනත් ගෙන් ඔක්සිජන් ගුටි කෑ අයෙකුද සහය පළ කළේය. සනත් නිශාන්ත ගේ නම සඳහන් කිරීමත් සමග නැගුනු අත් පොළසන්, හු හඬ ආදිය නිසා ඔහු එංගලන්තයේ ඉතා ජනප්‍රිය බව සිතා ගත හැකිවිය.
ප්රසන්ජිත් විජේසූරිය කළ කතාවේදී ඔහු සමග විශ්ව විද්‍යාලයේ මෙන්ම කලාලෝකයේ සිට පසුව වෙනත් දේශපාලන ගමනකට පිවිසි (පොහොට්ටු) අයෙකුද පිලි ගත්තේය. ඒ කියන්නේ එලෙස "හැරුණු" බොහෝ දෙනෙකු එහි සිටින බව පෙන්වන්නට සංවිධාකයන් සෑහෙන උත්සහයක් ගත් බවය.
ඒ චන්ද කතා අතර මම දුටුවේ එක්සත් ජාතික පක්ෂයට කාලයකට ඉහත දී සහය පල කල අය මෙන්ම පොහොට්ටු හෝ රාජපක්ෂ වාදීන් යයි මා සිතා සිටි හෝ දැන සිටි කිහිප දෙනෙකුද එහි සිටින බවය. එසේම මම පෙරටුගාමීන් යයි සිතා සිටි බොහෝ දෙනෙකුද එහි විය. සමහරවිට එය හොඳ ප්‍රවණතාවයක් විය හැකිය.
සිංහලෙන් , දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් කතා පැවැත්වීම අගය කරමි. ඒ අතර සිංහල හා ද්‍රවිඩ භාෂා වලින් ගැයුණු ගී කිහිපයක්ද විය.
ආචාර්ය හරිනි අමරසූරියගේ දේශනය මගේ සිත් ගත්තේ ඇය ඉදිරිපත් කල කරුණු නිසාය. එසේම ඇගේ කතාවෙන් බොහෝ විට සිතුනේ ඉදිරියේ දී එන ජාජබ රජයක් බොහෝ විට ටෙක්නොක්‍රටික් එකක් වනු ඇත කියාය. එහි හොඳ හා නරක දෙකම තිබිය හැකිය. නමුත් ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවාදී මැතිවරණයක් හරහා බලය පත්වීම ගැන විශ්වාස කරයි.
අවසානයට කතා කළ වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ පළාත් පාලන මැතිවරණ නොපවත්වා ආණ්ඩුව උද්දච්ඡ ලෙස මහජන සහයෝගයක් නැතිව රජයක් ගෙන යන්නේ නම් එයට විරුද්ධව ක්‍රියා කරන බවයි. බොහෝවිට ජාජබ නායකත්වයෙන් යුතු අරගලයක් විය හැකිය. ඔහු කිවූ වැදගත් කරුණක් වන්නේ විධිමත් රජයක්, දූෂණ කොමිස් නොඉල්ලන දේශපාලකයන් සිටින රජයක් යටතේ ආයෝජකයන් නැවත එනු ඇත කියාය. ඔහු උදාහරණයකට ගත්තේ වියට්නාමයයි. ඒ අදහසට මට එකඟ විය හැකිය.
ඉංග්‍රීසි භාෂාවේ rabble-rousing කියා යෙදුමක් තිබේ. ඒ දේශපාලනඥයෙකු ජනතාව ඇවිස්සෙන ලෙස කතා කිරීමක් හැඳින්වීමටය . අවසාන කතාව නලින්දට දුන්නේ ඒ නිසා විය හැකිය,. ඔහු ඉතා ශුර ලෙස කතාව අවසන් කලේ බොහෝ ආධාරකරුවන් පුටුවෙන් නැගිට්ටවා ජාජබ ට ජයවේවා ලෙස කල ප්‍රීති ඝෝෂා කිරීම් මධ්‍යයේය.
එහි සිටි පිරිසේ විවිධත්වය නිසා මෙන්ම ලංකාවේ සිට ලැබෙන ආරංචි අනුවද පළාත් පාලන මැතිවරණයකදී ජාතික ජන බලවේගයට සජබට හෝ පොහොට්ටුවට වඩා චන්ද ගත හැකි බවක් පෙනී යයි. (මේ අනාවැකිය බිමේ තත්වයන් අනුව ඉදිරියේදී වෙනස් විය හැකිය.)
ටිල්වින් සිල්වා "සහෝදරයා" ගෙන් ඇසූ ප්‍රශ්න සහ ඔහුගේ පිළිතුරු සඳහා මේ යූටියුබ් වීඩියෝව බලන්න.
වීඩියෝව සඳහා සම්බන්ධීකරණය කළ පද්මිණි මාතරගේ ට ස්තූතියි.
පසු සටහන: මේ ලිපිය ගිය වසරේ අප අතරින් වෙන්ව ගිය මගේ ආදරණිය මිතුරියක වූ විපුලි පලිහක්කාර වෙනුවෙනි. ඇය හැම විටම චෝදනා කළේ
"අජිත්, ඔයා ජවිපෙ ගැන මුකුත් ලියන්නේ නැහැ. ලිව්වොත් විවේචනයක් මයි." කියාය.
එසේ නොවන බව කියා ජවිපෙ ගැන ලියූ ලිපියක් යොමු කලෙමි. එයට ඇය චෝදනා කළේ
"මේකේ, හොඳක් කියල පේන්න වත් නැහැනේ කියාය."
ඔන්න විපුලී පමාවී හෝ මම ලිපියක් ලියා පමණක් නොව, සමුළුවකටත් සහභාගී වී ඔයාගේ සහ පද්මිණි ගේ ටිල්වින් අයියා සමග සාකච්චාවක් යූ බටයේ ද දැමුවෙමි.
නිදොස් කෙනෙක් මෙදියත උපදනේ නැත
ReplyDeleteසදොස් තැන් නිදොස් කරගත යුතුව ඇත
දෙපිල බෙදී රට කෑ අය හෙළිව ඇත
ජාජබෙ මිසක් වෙන එළියක් පෙනෙන්නැත!
කෙසේ නමුත් දැනගෙන වලේ වැටෙන්න....
Deleteමම හිතනවා නිදිට අවබෝධය, දැනුම සහ පරිණත භාවය තියනවා කියල වලේ නොවැටෙන්න
Deleteබලමු...
Deleteවෛද්‍ය, ආචාර්ය පට්ටම් යොදාගෙන කරන්නේද මිනිස්සු රවට්ටන දේශපාලනයකි.
ReplyDeleteහරිනි අමරසූරියට හා නලින්ද ජයතිස්සට වගේම ඕනින කෙනෙකුට සුරංගනා කතා යෝජනා කළ හැක.
නන්දසේන 2019 දී කලෙත් එපමණයි.
මේ දෙන්නගේ වෛද්‍ය සහ ආචාර්ය පට්ටම් සල්ලි දීල ගත්ත ඒවා නෙමේ. මේ ගොල්ලෝ කියන්නේ සුරංගනා කතාද නැත්ද කියල දීලම බලන්න ඕනේ. බස් මහත්තයා කියන්නෙත් ඒවම තමයි. ළඟදීම තොර ගන්න වෙයි ඔයාලට , රනිල් තවම ඉන්නේ මඩේ. එයා ඉක්මනින් එලියට ආවේ නැත්නම් ඉතින් රනිල්ටත් යන්න වෙයි
Deleteනවින් මම ජවිපෙ නෙමෙයි. නමුත් වැදගත් ඕනෑ දෙයකට ඇහුම්කන් දෙන්න හෝ අවධනය දෙන්න කැමැතියි
Deleteතෝර ගන්න එක ඉතින් තියෙන විකල්ප වලින් එපැයි කරන්න එතකොට ජවිපෙට දෙන්න වෙනවා.
Deleteඇයි මනුස්සයෙක්ගෙ නම පාවිච්චි නොකර පට්ටම් use කරන්නෙ. ආචාර්ය, වෛද්‍ය දැක්ක ගමන් මිනිස්සු රැවටෙනව.
පාදෙනිය එහෙම කරේ නියන වැඩක්...
දැන් අලුත් campaign එක උපාධිධාරීන් මරු පත් කරමු කියන එක 😂 ( වියත් මගේ අනිත් එක😂)
අපි ඉන්න context එක ඇතුලෙ කෙටිකාලීනව ඒවා සුරංගනා කතා තමයි.
ඇහුම්කන් දෙන එක වටිනවා...
ඒකේ කිසිම අවුලක් නෑ
https://sililara.com/2023/01/23/%e0%b6%94%e0%b6%ba%e0%b7%8f-%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba%e0%b7%99%e0%b7%82%e0%b7%8a%e0%b6%a8-%e0%b6%af-%e0%b6%b8%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a-%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba%e0%b7%99/
Deleteමේක බලන්න වෛද්‍ය, උපාධි, ආචාර්ය පට්ටම් ගැන මේ අදහස ගැන මොකද කියන්නෙ?
ඔබ කාවද යෝජනා කරණ්නේ? සම බිමද? ඔවුන් ඔවුන්ගේ වැඩ පිළිවෙල මහපොලොව මත ස්ථාපනය කරණ්නට සැරසෙන්නේ කෙසේද? වෛද්‍ය, ආචාර්ය වැනි නාම පද වලට ඇඹරෙන්නට අවශ්‍ය නෑ. සත්තකින්ම ඉගැනීම හා බුද්ධිමත් භාවය යනු දෙකක් බව මමත් විශ්වාස කරමි. නමුත් බුද්ධියට නිරපේක්ෂ ඒකකයක් තිබේද?
Deleteපසු ගිය කාලය තුල ඉන්දියාව හා යුරෝපයේ බොහෝ අමාත්‍ය ධූර හා රාජ්‍ය නායකත්වය ඉසිලූවේ ඉගැනීමක් ඇති අය!
"දැනට තියෙන" විකල්පය jvp එක කියලා ඉහළින් සඳහන් කරා.
Deleteහැබැයි jvp එකේ වැරදි කියලා මම දකින ඒවා කියනවා..
ඒක තමයි "දැනගෙන වලේ වැටෙමු "කියලා උඩින්ම කමෙන්ට් කරෙත්...
හැබැයි සමබිම අදහස් තමයි මම ඉන්න මතය.
යම්කිසි ඉගෙනීමක් තියෙන්න ඕනි ඒක හරි. හැබැයි බොරුවට මෙයාට උපාධි තියෙනවා හෝ අර අර රටේ මෙහෙම උනා කියන ඒවා නම් පිලිගන්න බෑ..
Deleteඑහෙනම් කලින් ආණ්ඩුවට සහය දුන්න වියත්මඟ, දොස්තරලා, ටියුෂන් ගුරාලා ඔක්කොම උගත්, උපාධි තියෙන උදවියමයි නෙහ්...
බුද්ධිය නෙමෙයි අපි මිනිස්සුන්ගෙ ක්‍රියාකලාපය බලමුකො එතකොට හරි.
උදා:- නිතීඥයෙක් චන්දෙ ඉල්ලනව නම් උපයපු තරම් බදු ගෙව්වද බලන්නකො. නැත්නම් දොස්තරලා private practice කරපු ඒවගේ ආදායම් printed money වලින් අරගෙන බදු මඟ ඇරියද බලන්න......
මට දැන ගන්න ලැබුනා ගොඩක් ප්‍රදේශ වල කලින් පොහොට්ටුවෙන් ඉල්ල්පු මිනිස්සුමලු මේ පාර මාලිමාවෙන් එන්නෙ...
මෙතන තියෙන්න game එකක්.. අපි බොරුවට රැවටෙන එකයි වෙන්නෙ...
https://youtu.be/goUjH2_h4YQ
Deleteනවින් ඔයා මම දීප්ති ගෙන් අහපු ප්‍රශ්න දැක්කේ නැත්ද දන්නේ නැහැ. මෙතන මම ආචාර්ය හැරිණි සහ වෛද්‍ය නලින්ද කියල දාල තියෙන්නේ ඔවුන්ව එසේ හඳුන්වපු නිසා සමුළුවේදී. මම නම් පට්ටම් ගණන් ගන්නේ නැහැ එපමණ. මගේ නමට ඉංජිනේරු කියල ඉස්සරහින් දාල තව අකුරු ගොඩක් පස්සට දාන්න පුළුවන්. ලින්ක්ඩ් ඉන් එකේ ඇරෙන්න මම ඒවා පාවිච්චි කරන්නේ නැහැ. අනිත් කාරණය ඔක්සිජන් සනත් නිශාන්ත ලා ඉන්න රටක ඇත්ත ඉගෙනීමක් ලබපු උදවිය එන එක හොඳයි.
Deleteඅනික නවින් ඔයා තවම ඒ ලෙවල් නේ කරන්නේ. ඔයා කවද හරි දවසක් උසස් අධ්‍යාපනය ඉඅව්ර කරලා එවැනි උපාධියක් ගත්තොත් ඔබ කොහොම භාවිතා කරයිද කියල දන්නේ නැහැ නේද
Deleteදීප්ති එක්ක කරපු වීඩියො එකත් බැලුවා. ම්ම්ම් හරි හරි.
Deleteමම නම් දැනට එක උපාධියයි ගන්නවා කියලා හිතාගෙන ඉන්නෙ. ඒක දානවා මං උඩින් යටින් 4 පැත්තෙන්ම😂
Deleteස්වාධින බ්ලොග්කරුවෙක් වශයෙන් කරපු වීඩියෝ එකක් මේක. ප්‍රශ්න දිහා බැලුවනම් තේරෙයි.
Deleteමෙහෙම සමුළු තියන එකනම් සාධනීය පියවරක්... විශේෂයෙන් භාෂා ත්‍රිත්වයෙන්ම.
ReplyDeleteයූබටේ වීඩියෝව පස්සෙ බලන්ටම් ලොක්ක ඈ
හොඳයි ස්තූතියි
Deleteමලකෙලියයි.
ReplyDeleteඉන්දතිස්ස නෙමෙයි අජිත්.
ඉන්දතිස්ස ක්ලාස්මේට්නෙ.
තැනක් යූ , තැනක් යූ , හැදුවා .හොඳ වෙලාවට ඉන්දතිස්සයා දකින්න නැතිව ඇති
Delete'I am totally against Lesbian, Gay, Bisexual and Transsexual [sic] (LGBT) rights. This is not the need of the human being. We need a future generation. Scientific experiments reveal that this kind of emotions come out due to stress. When people go through stressful periods or are in such environments, unnatural feelings come out. For example, we do not see this behaviour when they are living in the wild. However, if they are caged, we would see this behaviour. I believe in marriage between man and woman. Same sex marriage is unnatural. It is against the evolution of the human being”.'
ReplyDeleteDr Nalin de Jayathissa
https://www.colombotelegraph.com/index.php/the-jvps-jaundice-inclination-to-reactionary-politics/
නලින්ද ජයතිස්ස සමරිසි විරෝධී අජිත් එක්ක එකට හිට ගැනීම පුදුමයක් නැහැ
පිස්සුද බං මූ සමරිසි එකෙන්ම. බොරුවට නිකං ලාවට anti gay කතාවක් දානව.
Deleteමම මේ ගැන අහන්න කියල හිතන් හිටිය. අවස්ථාවක් ලැබුනේ නැහැ. මම ලියපු ප්‍රශ්න දෙක සංවිධාකයන් දැම්මෙත් නැහැ. සෙනග වැඩි නිසා වෙන්න ඇති. නමුත් නලින්ද ජයතිස්ස එක්ක පස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
Deleteටිල්වින් සිල්වාගේ වීඩියෝ එක දැනුයි බැලුවෙ.
ReplyDeleteහොඳයි ඒක.
1. අපි තවම නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕනි කියන එකට වඩා අපි සේවා ආර්ථිකේකට යන එක වඩාත් සුදුසු වෙයි?
2. ප්රජාතන්ත්රවාදය ගැන කීවට මුල්‍ය ප්රජාතන්ත්රවාදය ගැන කිසිම අදහසක් නෑ.. ඒක වැදගත්ම දෙයක්..
මුල්‍ය ප්රජාතන්ත්රවාදය - කියන්නේ මොකක්ද කියන්න බලන්න.
Deleteඔයයි මමයි ධම්මික පෙරේරයි බැංකුවකුට ගියොත් ගන්න පුලුවන් ණය කොහොම වෙයිද?
Deleteපොඩි මනුස්සයකුට බැංකු පද්ධතියෙන් ණයක් ගන්න් බොහොම අමාරුයි. ඒක නිසා ගොඩක් ඉහල පොලියට micro finance කියන ආයතන වලින් ණය ගන්න වෙනවා... ඒක විශාල ප්‍රශ්න තොගයක ආරම්භයක්...
ඕක තමයි මම අදහස් කරේ නම්...
ප්රජාතන්ත්රවාදය කියන වචනෙ ගැලපෙනවද මන්දා හැබැයි..
ඒක හරි. වෙල්ඩන්. ආර්ථික ප්රජාතන්ත්රවාදය වගේ කියලත් කියන්න පලුවන් නේද. ස්ටේක්හොල්ඩර්ස් ලා පොක්කොම එකතු වෙලා ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය. ඒ කියන්නේ ඇමති වරු නෙමේ ගොඉන්, කම්කරුවන්, වෘත්තිකයන් ආදී සියල්ලන්ගේ සහභාගිත්වයෙන්. ඒක වෙන්නේ නැහැ. ලංකාවේ ඔය තත්වය අන්තිම සවුත්තුයි. දේශපාලකයෙක් යාලු නම් ණයක් ගන්න පුළුවන්. ඒ නිසා තමා වෙන ටෙක්නොක්‍රටික් රජයක් බලයට පත් වෙන්න ඕනේ. සජිත් ආවත් ඔය සිස්ටම් එක වෙනස් වෙන්නේ නැහැ.
Deleteආර්ථික කියන්නෙ ඔයිට වඩා පුලුල් සංකල්පයක් නෙහ්.. එතකොට සංකීර්ණ වෙනවා සීන් එක
Deleteදැන් ඔයා කියන මූල්‍ය ප්රජාතන්ත්ර වාදයට වඩා ඒක ගැලපෙනවා හා කළ හැකි දෙයක්. //ඔයයි මමයි ධම්මික පෙරේරයි බැංකුවකුට ගියොත් // එංගලන්තයේ වගේ ධනවාදී රටක - ඔයා ඒ ලෙවල් කරන්නේ රස්සාවක් නැහැ. නිශ්චල චංචල දේපල තියනවනම් ඔයාට ණයක් ගන්න පුළුවන්. මට රස්සාවක් සහ වෙනත් දේපලක් තියන නිසා මගේ ක්‍රෙඩිට් රේටින් නිශ ඇනයක් ගන්න පුළුවන්. ධම්මිකට අපට වඩා ඔය හැමදේම තියෙන නිසා ගන්න පුළුවන්. ඕක කවදාවත් සමාන වෙන්නේ නැහැ. සහ ඒක හරි. ගෙවන්න බැරි කෙනකුට කවුරුත් නායක දෙන්නේ නැහැ. ආර්ථික ප්රජාතන්ත්රවාදයේ දී හැමෝටම ඉපයීමේ අවස්ථාව ලබා දීම, රෙඩ් ටේප් නැති කිරීම , සමාන රැකියා අවස්ථා ලබාදීම වගේ දේ කල හැකි දේවල්
Deleteගෙවන්න බැරි කියන්නෙ පරිභෝජන හෝ නිවාස ණය (ආදායම් ශක්‍යතාව අඩු) හැබැයි ව්‍යාපාරයක් කරන්න උනත් එච්චරමයි. ඒක අසාධාරණයි...
Deleteබංගලාදේශෙ එහෙම එක පාරක් දුප්පත් මිනිස්සුන්ට එහෙම ව්‍යාපාර ණය එහෙම දෙන සීන් එකක් තිබුනා කියලා මං අහලා තියෙනවා..
ඒක කියනකොට මතක් උනේ පහුගිය යහපාලන එකෙනුත් එහෙම project එකක් කරා නෙහ්.. ඒකට මොනව උනාද දන්නෙ නෑ හැබැයි🤔
ආර්ථික එකටත් මූල්‍ය එකට ගෙනාවා වගේම තර්ක ගෙනෙයි ඉතින් ඉගෙනීම මදි අරකයි මේකයි කියලා 😪
Deleteඒක නෙමෙයි බැරිද මේ අසරණ මට පොඩි ව්‍යාපාරික ණයක් එහෙම ඉල්ලගන්න 😂
Deleteබංග්ලාදේශයේ ඒක තවම කරනවා. ග්‍රාමීන් බැංකුව. ඒකට මයික්‍රෝ ෆිනෑන්ස් කියල කියන්නේ. http://web.worldbank.org/archive/website00811/WEB/OTHER/450FC8A2.HTM?OpenDocument
Deleteණය නම් දෙන්නේ නැහැ කාටවත්. ණය දීල කෙලවෙලා ඉන්නේ. ලංකාවේ පටන් ගත්ත එක අනික් හැම තැනදීම වගේ කෙලවුනා. සල්ලි තියෙන උන් සල්ලි අරගෙන ගෙව්වේ නැහැ
Deleteඅන්න හරි. සල්ලි තියෙන උන් තමයි දෙන්නෙ නැත්තෙ. බංගලාදේශෙ central bank එකේ ලොක්කත් ඒක කියලා තිබුනා ඔය ග්‍රාමීන් එක පටන් ගන්නකොට..
Deleteමං ණය සීන් එක ආතල් එකට කීවෙ😂
බංගලාදේශේ වැඩේ නම් සුපිරි.
Deleteඑහේ micro credit එකයි ලංකාවෙ එකයි මට පේන විදියට නම් ගොඩක් වෙනස්....
This comment has been removed by a blog administrator.
ReplyDelete