මගේ නුදුටු බ්ලොග් මිතුරකු වන ට්‍රාන්සිල්වේනියා බ්ලොගය ලියන රුවන් ජයතුංග දීප්ති දීප්ති කුමාර ගුණරත්න මහතාට චෝදනාවක් කරනවා . ඉංග්‍රීසි කතා කරන්න බැරි බය ගුල්ලෙක් කියල. ඒ මේ ලිපියේ. දීප්ති කුමාර ගුණරත්න ; වැඩේ නම් බාලයි.
ප්‍රශ්නේ පටන් ගත්තේ මෙහෙමයි. රුවන් ජයතුංග ෆේස්බුක් මෙසේන්ජර් එක හරහා මට පණිවිඩයක් එවල තිබුන දීප්ති ව සම්බන්ධ කරලා දෙන්න ඉන්ටවිව් එකකට කියල. (මගේ සාකච්චාව දැකල වෙන්න ඇති.)
මම ඊට කාලෙකට කලින් දීප්තිගේ දුරකථන නොම්මරේ හෝ ඊමේල් ලිපිනය රුවන් ට ලබා දී තිබුන නිසා (රුවන්ම ගේම ඉල්ලීමක්ම පරිදි) මම කීව එයාටම අහන්න කියල. නමුත් රුවන් ඊට පස්සේ, මට ජනවාරි 24 දා ඊමේල් කරලා තිබ්බ අර ඉල්ලිමම. මම පිළිතුරක් යැව්වේ නැහැ.
ඔය අතරේ දීප්ති සමග වෙනත් දෙයක් ගැන කතා කරද්දී මම ඕක නිකමට මතක් කළා. එහිදී දීප්ති මට කිව්වා රුවන් ට කිසියම් චෝදනාවක් තියනව. ඔහු සමහර කාන්තාවන් සමග මෙසේන්ජර් එකේ කතා කරද්දී ලිංගික ලෙස හැඟවෙන ඉල්ලීම් කරලා තිබෙනවා කියල චෝදනාවක් තිබෙනවා. ඒක නිසා ඔහු සමග ඉන්ටවිව් එකක් කිරීමේ අපහසුතාවයක් තියනව කියල. දීප්ති තවත් අයෙකුට ඒ වගේම දෙයක් ගැන (තවත් දර්ශනවාදී ලිපි ලියන අයෙක් පිළිබඳව ) විවේචනයක් කරලා තියෙනවා කියල.
මේ කතාබහේ කිසිම තැනක රුවන් ලියන පරිදි දීප්ති රුවන් ට චෝදනාවක් එල්ල කලේ නැහැ.
// මට විශ්මයක් ගෙන දෙමින් දීප්ති කුමාර ගුණරත්න ඉන්ටවිව් එක දීම ප්‍රත්ක්ශේප කරලා තිබ්බා ; හේතුව ලෙස මට අභූත චෝදනාවක් දාලා.// මේ කතාව වැරදියි.
දීප්ති කැමති වුනේ නැහැ රුවන්ට මුකුත්ම කියන්න. "අපි එයාගේ ලිපි එහෙම ත්‍රිමාණ සඟරාවේ දාල තියනව. යහළු කමක් තියෙන නිසා ඕව කියන්න බැහැනේ" කියන එකයි දීප්ති කිවේ. චෝදනා කලෙත් නැහැ.වෙනත් තැනකින් චෝදනාවක් තිබෙනවා කියල පමණයි කීවේ. ඒ ඔහුගේ යහළුවෙක් ගේ හිටපු පෙම්වතියක් කියල. රුවන් මම බ්ලොග් කිරීම නිසා කාලයක් සිට අඳුනන බැවින් යහළුවෙක් වශයෙන් ඔහුට මේ ගැන දැන්වීම හොඳයි කියල මම හිතුව, මම දැන් දන්නවා ඒක නොකර ඉන්න තිබ්බ කියල. මම රුවන්ගේ ඊමේල් එකට පිළිතුරක් දුන්න. ඒකෙදි මම කිවේ නැහැ රුවන් ට දීප්ති චෝදනා කරා කියල. මම චෝදනා කලෙත් නැහැ. ඊමේල් දෙක යට පින්තූරයේ.
මම ලිව්වේ මෙච්චරයි. Hi Ruwan,
Although I replied to you on facebook to connect him it seems you are persistent. He is ok with you but there are some concerns as he is a party leader now. There are some allegations against you from some women that you have done some suggestions to them albeit in a sexual nature.
One of those was , ex-girlfriend of one of his friends.
Therefore, he is not comfortable doing an interview.
Hope you understand
regards
Ajith
නමුත් රුවන් දුන්න පිළිතුර ටිකක් ප්‍රශ්නකාරියි. මේ ඒක .රුවන් කියනවා මට පිස්සු කියල. එයා දීප්තිට සහ මට චැලේන්ජ් කරනවා කියල. මම ඒකටත් පිළිතුරු දුන්න. මේ අවස්ථාවේදී දීප්ති නම් කීව ඔන්න ඕක අත ඇරලා දාන්න කියල. නමුත් රුවන් මගේ ඊමේල් එක දීප්තිට යොමු කරලා දීප්ති ගෙන් ඇහුව මේක ඇත්තද කියල. දීප්ති නිහඬ වුනා. ඒක සාධාරණයි කියල මම හිතනවා. ඊට පස්සේ රුවන් දිගින් දිගටම මට චෝදනා කළා මම බොරු කාරයෙක් . මම බොරු කියනව කියල. දීප්ති පිළිතුරක් දුන්නේ නැති නිසා.
මම දන්නේ නැහැ රුවන් ජයතුංගට තියෙන චෝදනාව ඇත්තද බොරුද කියල. මම කලේ ඇයි දීප්ති ඉන්ටවිව් එකකට එන්නේ නැත්තේ කියන හේතුව රුවන් ට කියන එක විතරයි. රුවන් ගේ හිත රිද්දන්න දීප්ති කැමති නැහැ කියල හිතුන නිසා ඒක කළේ.
ඉතින් රුවන්ට මේකට තරහා ගිහිල්ල දිප්තිටත් චෝදනාවක් කරලා ලිපියක් ලියල. නමුත් ඇත්තට වුන සිද්ධිය ඕක.
නමුත් දීප්තිට ඉංග්‍රීසි බැරි නිසා රුවන්ට කතා කලේ නැහැ කියන එකත් පිලි ගන්න අමාරුයි. මොකද මම දැන් අවුරුදු ගණනක සිට දීප්තිට ලන්ඩන් වලින් යන කොට පොත් කිහිපයක් ගෙනිහින් තෑගි කරන නිසා. ඒ ඔහු ඉල්ලන පොත්. කියවන්න බැරිව මිනිස්සු පොත් ඉල්ලන්නේ නැහැනේ.
- අජිත්
රුවන් කියලා කිව්වේ අර රුසියාවේ වෛද්‍ය උපාධිය ලබා ගත්තු රුවන් එම් දල්පදාතු ද. පුංචි වෙළෙන්දා සින්දුව කියන්නේ.
ReplyDeleteදීප්ති ට නං ඉංග්‍රීසි බැහැ. ඔහු ට සිංහලත් හරියට සන්නිවේදනය කරන්නට බැහැනේ.
දීප්ති කුඩා කල පාසලේදී අනික් සිසුන්ගේ කෑම හොරකම් කොට පාසලෙන් පන්නා දැමුවා.
දීප්ති කඩවසම් නිසා දීප්තිට කාන්තා ආකර්ෂණය බොහෝයි.
ReplyDeleteරුවන් ජයතුංග මහතයි. බඩ නිසා හරියට බැහැ. බෙලහීනයි.
දීප්ති දැන් ITN එකේ සති අන්ත වැඩසටහනකුත් කරනවා රූමත් කාන්තාවක් සමග.
අජිත් ධර්ම කීර්ති කළුයි. කැතයි. කොටයි. තට්ටයෙක්. පොට්ටයෙක්.
ඉතිං ඒ නිසා දීප්ති ට මඩ ගසනවා. දීප්ති එක්ක එන්න කාන්තාවෝ පොරකනවා
http://3mana.com/%e0%b7%83%e0%b7%99%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%94%e0%b6%bb%e0%b7%8f%e0%b6%ba%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b6%bd%e0%b7%94%e0%b7%80/
Delete//අජිත් ධර්ම කීර්ති කළුයි. කැතයි. කොටයි. තට්ටයෙක්. පොට්ටයෙක්.// ඔය ඔක්කොම ප්‍රශ්න තියාගෙනත් හොඳින් සතුටෙන් සැපෙන් ජිවත් වෙනවා. ඈ බං දීප්ති ගේ ලිපි කියවන උඹල ඔච්චර මී හරක්ද
Deleteරුවන් එම් ජයතුංග බ්ලොග් එකේ කොමෙන්ට් වහලා අනික් අයට උත්තර දෙන්න ඉඩ නොදී මඩ ගසනවා.
ReplyDeleteඒක පාර්ශ්වීය
Deleteමාත් කියෙව්වා. පොඩි, හීනමානිත චෝදනාවක් බව පෙනුණා.
ReplyDeleteඅන්තිමේදි කියන්න තියෙන්නෙ... ඔව්ව ඔහොම තමයි...
//පොඩි, හීනමානිත චෝදනාවක් බව පෙනුණා.// මොකක් ගැනද ඔයා කියන්නේ ? රුවන් දීප්තිට කරන චෝදනාවද ඉංග්‍රීසි බැහැ කියල. දීප්ති රුවනට නොකරපු චෝදනාවද? දීප්තිට සාමාන්‍යයෙන් ඉංග්‍රීසි පුළුවන් බවයි මගේ හැඟීම.
Deleteදෙන්නවම... දන්නෙ නැති හන්ද හොඳයි 😂
ReplyDeleteවාසනාවයි. දීප්ති ගෙන් තමා ශිෂෙක් (ජිජැක් ) ගැන වැඩිපුර ඉගෙන ගත්තේ. මගේ ලිපිත් ඉඳ හිට ත්‍රිමාන වෙබ් අඩවියේ පලවෙනවා. මේ මගේ ලිපියක්. http://3mana.com/%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%92%e0%b6%b1%e0%b7%8f%e0%b6%82%e0%b7%81%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b6%9a/
Deleteරුවන් එම් ජයතුංග ගැන 2017 දී අපේ සතපහ
ReplyDelete"
" සිංගප්පූරු වරාය දියුණු කළ ආචාර්ය එන්. එම්.පෙරේරා
ReplyDelete- විශේෂ(අ)ඥ (අ)මනෝ වෛද්‍ය රුවන් එම්.ජයතුංග M(A)D සූ(කූ)රීන්ගේ ලිපියට
පසු වදනකි.
කවදත් බ්ලොග් ලොව වෙත නොමසුරුව නව නළු රසය බෙදන කැනඩාවාසී , M(A)D උපාධිධාරී, ලෝ පකට පුඟුලකු වන විශේෂ(අ)ඥ (අ)මනෝ වෛද්‍ය රුවන් එම්.ජයතුංගයන් විසින් “සිංගප්පූරු වරාය දියුණු කළ ආචාර්ය එන්. එම්.පෙරේරා” යන සිරිසින් යුතුව මනරම් වියනුවක් පළකර තිබිණි.
සැබවින්ම මේ ජයතුංගයන් සකල කලාවෙහිම කෙල (කෙල) පැමිණියෙකි. නොදන්නා විෂයක් නොමැත. මීට කලකට පෙර මේ ජයතුංගයෝ “71 කැරැල්ල - ආරම්භයේ සිට අවසානය දක්වා පූර්ණ සමාලෝචනයක්” යන නමින් මාහැඟි ග්‍රන්ථ රත්නයක් ලියා පළකළහ.
ඒ හා සමාන ග්‍රන්ථ රත්නයන් දිවයිනේ සෑම පොලිස් ස්ථානයකම අතීතයේ සිටම පවතින අතර ඒවා හැඳින්වෙනුයේ “අපරාධ තොරතුරු පොත” නොහොත් CIB යන කෙටි යෙදුමෙනි. සියලු පැමිණිලි සහ ප්‍රකාශ සටහන් කරනුයේ මේ මාහැඟි රත්නයන්හිය.
එබැවින් මේ රත්නයන්ද ප්‍රකාශයට පත් කළ යුතුමය. මක්නිසාදයත් ජයතුංගයන්ගේ ග්‍රන්ථ රත්නය “පූර්ණ සමාලෝචනයක්” නම් පැමිණිලි සහ ප්‍රකාශ සටහන් අපරාධ තොරතුරු පොත් ද “පූර්ණ සමාලෝචනයන්” අඩංගු ග්‍රන්ථ රත්නයන් ලෙස නිසැකවම සැලකියයුතු බැවිනි.
ඒ අනුව මේ පොත් හි බොහෝ විට සටහන් ලියන කොස්තාපල්වරුන් හා කොස්තාපල්වරියන් ද ද “පූර්ණ සමාලෝචනයේ” කෙළ පැමිණි කෘතහස්ත ලේඛක ලේඛිකාවන් ලෙස සැලකිය යුතුමය.
සිංගප්පූරු වරාය පිළිබඳව ජයතුංගයන් මෙන් වෙසරද දැනුමක් ලබනට අවැසි නොවන හුදී ජන ඔබට ඒ පිලිබඳ යම් සරල අවබෝධයක් ලබාගැනීමට විකිපීඩියාව පමණක් සෑහේ.
මූලාශ්‍රය: https://en.wikipedia.org/wiki/Port_of_Singapore
සැබවින්ම ජයතුංගයන්ගේ ලිපියේ කථානායකයා වන නානායක්කාරපතිරගේ මාටින් පෙරේරා ජයතුංගයන් ගේ පා කමල දෝවනය කිරීමටවත් නුසුදුස්සෙකි. ලෝ ප්‍රකට යුක්රේනයේ විනිස්ට්සා සරසවිය වෙතින් M(A)D උපාධිය ලද විශේෂ(අ)ඥ (අ)මනෝ වෛද්‍ය රුවන් එම්.ජයතුංගයන්ගේ දැනුම ඉදිරියෙහි එක්සත් රාජධානියේ ලන්ඩන් ආර්ථික හා දේශපාලන විද්‍යා පාසලින් Phd උපාධියත් ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් Dsc උපාධියත් ලද ද්විත්ව ආචාර්ය උපාධිධාරියකු යයි කියන මේ මාටින් පෙරේරා හිරු දුටු කදෝපැණිකි.
නවතම විශ්වවිද්‍යාල වර්ගීකරණයට අනුව The London School of Economics and Political Science එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයන් 160 ක් අතුරින් 06 වන ස්ථානය හිමිකරගන්නා අතර ලෝකයේ විශ්වවිද්‍යාලයන් අතුරින් 104 වන ස්ථානය හිමිකර ගනී.
මූලාශ්‍රය: http://www.4icu.org/reviews/4724.htm
ඒ අතර එක්සත් රාජධානියේ University College London එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයන් 160 ක් අතුරින් 03 වන ස්ථානය හිමිකරගන්නා අතර ලෝකයේ විශ්වවිද්‍යාලයන් අතුරින් 45 වන ස්ථානය හිමිකර ගනී.
මූලාශ්‍රය: http://www.4icu.org/reviews/4759.htm
වසර 1921 දී ආරම්භ කරන ලද යුක්රේනයේ Vinnitsa National Medical University යුක්රේනයේ විශ්වවිද්‍යාලයන් 170ක් අතුරින් 84 වන ස්ථානය හිමිකරගන්නා අතර ලෝකයේ විශ්වවිද්‍යාලයන් අතුරින් 8068 වන ස්ථානය හිමිකර ගනී.
මූලාශ්‍රය: http://www.4icu.org/reviews/4659.htm
මේ අනුවද ඒ මාටින් පෙරේරා ලද ශාස්ත්‍රාලීය අධ්‍යාපනය මේ ජයතුංගයන් ලද ශාස්ත්‍රාලීය අධ්‍යාපනයට අලගු තැබීමටත් නොසරිලන බව නොකිව මනාය.
එසේම ජයතුංගයන් නොයෙක් වර සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව යනු තුන්වන ලෝකයේ හිඟන රටක් බවය. මේ තුන්වන ලෝකයේ හිඟන රටේ පැරණිතම විශ්වවිද්‍යාලය 1921 වසරේ ඇරඹි කොළඹ විශ්ව විද්‍යාලයයි.
ඉහත මූලාශ්‍ර සැපයෙන වෙබ් අඩවියට අනුව University of Colombo ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයන් 16 ක් අතුරින් 01 වන ස්ථානය හිමිකරගන්නා අතර ලෝකයේ විශ්වවිද්‍යාලයන් අතුරින් 2051 වන ස්ථානය හිමිකර ගනී.
මූලාශ්‍රය: http://www.4icu.org/reviews/4300.htm
මේ තුන්වන ලෝකයේ හිඟන රටේ විශ්වවිද්‍යාල 16 අතුරින් අවසන් ස්ථානය 1996 වසරේ ආරම්භ කළ අනුරාධපුරයේ හික්ෂු විශ්වවිද්‍යාලයට හිමිවන අතර ඉහත වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයන් 16 ක් අතුරින් අවසාන ස්ථානය හිමිකරගන්නා Bhiksu University of Sri Lanka ලෝකයේ විශ්වවිද්‍යාලයන් අතුරින් 7614 වන ස්ථානය හිමිකර ගනී.
මූලාශ්‍රය: http://www.4icu.org/reviews/17348.htm
ඉහත විස්තරය අනුව අප ජයතුංගයන් ලද ශාස්ත්‍රාලීය අධ්‍යාපනය කෙතරම් විශිෂ්ටද යන්න ඔබට අවබෝධ වනු ඇත. එවන් විද්වතකු වෙතින් “සිංගප්පූරු වරාය දියුණු කළ ආචාර්ය එන්. එම්.පෙරේරා” වැනි සාරගර්භ වියනු පලවීම පාඨක අපගේ භාග්‍යයකි."
යකෝ කැනඩාවෙ තෙරපිස්ට්ගෙ රෙදි ගලෝලනෙ ඉහල.
ReplyDeleteඅම්මට සිරිගජ අපි හිතන් හිටියෙ රුවන් කියන්නෙ ලොකු ලොකු උපාධි තියෙන පොරක් කියලනෙ. බැලින්නම් මේ සල්ලි වලට ගත්ත තුට්ටු දෙකේ යුක්‍රේන් උපාධියක්නෙ පොරට තියෙන්නෙ. හහ් හහ් හහ් !!!
ReplyDeleteනොගැලපෙන රෝද.
ReplyDelete//සමහර කාන්තාවන් සමග මෙසේන්ජර් එකේ කතා කරද්දී ලිංගික ලෙස හැඟවෙන ඉල්ලීම් කරලා තිබෙනවා කියල චෝදනාවක් තිබෙනවා// කියලා දීප්ති මේ ඉන්ටවිව් එක මගහරින්නේ ඔහුත් 'කාන්තාවක්' නිසාද?. මා නම් මෙතෙක් තිතා සිටියේ දීප්ති ගුණරත්න කාන්තාවක් නොවේ කියයි.
රුවන් පුනපුනා දිප්තිගෙන් ඉංග්‍රීසි ඉන්ටවිව් එකක්ම ඉල්ලන්නේ, දීප්තිට හොඳින් ඉංග්‍රීසි භාවිතාව නොහැකිබව දැන දැනම? එව්වා ධාතු වැඩ පුතා.
ඇත්තටම රුවන්ට ඔය ඉන්ටවිව් එක කැනඩාවේ ඉංග්‍රීසි/ප්‍රංශ භාෂා කතාකරන අය සඳහා නම් , ඔයතරම් ඉන්ටරෙස්ට් එකකුත් තිබේනම්, හොඳ පරිවර්තකයින්ගේ සේවය ලබාගත හැකියි නේ.
මට නම් හිතෙන්නේ රුවනට දීප්තිගේ ඉංග්‍රීසි දැනුම ගැන සොයා බැලීමේ අදහස මිසක් දීප්තිගේ 'ethnic conflict ගැන අදහස අවශ්‍ය නැතිව වගේ.
ඔය අන්රයිය අගේට ඉන්නේ ඉංග්‍රීසි බැරුව. ඉංග්‍රීසිම දන්නා එකෙක් ඕනෙනම් ඕස්ට්‍රේලියන් ජාතික රසික ඉන්නේ, IELTS උඩින්ම පාස් උන!
රසික ? මේ අර සිපිපියා ? ඕක දන්න ඉංග්‍රීසි !
Deleteමේවා තමන්ගේ කුණු රෙදි එළියේ සේදීම්, කාගේ කාගේත් කුණු රෙදි එළියේ දැන්, අබුද්දස්ස කාලේ
ReplyDeleteඉතාම කණගාටුදායකයි. අපේ සගයකුව හිටි රුවන් ජයතුංග පෞද්ගලික කතාවක් ප්‍රසිද්ධියේ ලීවට පස්සේ වෙන ඔප්ෂන් එකක් ඉතුරු නැහැනේ. ඊමේල් 21 හුවමාරුවකින් පස්සේ රුවන් තීරණය කලේ එහෙම.
Deleteදීප්තිගේ සම්බන්ධයක් තිබ්බ නේද මයිතිපාල සිරිසේනගේ දුව එක්ක.
ReplyDeleteයහපාලන කාලේ දීප්ති ජනාධිපති මාධ්‍ය අංශය සමග වැඩ කලානේ.
රුවන් ජයතුංග වැඩ කලා ෆොන්සේකාට. රුවන් හමුදාවේ වෛද්‍ය අංශයේ සහයකයෙකු ලෙස වැඩ කරද්දී ගෝටාභය එක්ක එදිරිවාදී කමක් ඇති උනා.
අජිත් ධර්ම බලන් හිටියේ රනිල් ජනාධිපති උනාම ජනාධිපති මාධ්‍ය අංශයේ ජාත්‍යන්තර උපදේශක වෙන්න. ඒකට දැම්මේ ශානුක.
ඒ නිසා අජිත් තරහින් ඉන්නේ.
නලින්ද ජයතිස්ස කිව්වලු ජේවීපී ආණ්ඩුව මාර්තු 10 වෙනකොට ආවාම අජිත් ව ITN එකේ සබාපති කරන්නම් කියලා. අජිත් ඒකට කැමති උනේ එතකොට දීප්ති ව එළවලා දීප්ති කරන වැඩසටහන එම රූබර ලඳ සමග අජිත් ට කිරීමේ යටි අරමුණින්
මේ ගැන නිවුස් වෙබ් චන්දිම ගොසිප් එකක් ගහන්න ලෑස්ති. සරෝජ් නම් සම්බන්දයක් නැහැ.
රුවන් ජයතුංග දීප්ති ගේ රෙදි ගලවන්න ගිහිං අන්තිමට රෙදි ගැලවුනේ අජිත් ගේ.
සිරාවට බං . හැබැයි ඉතින් මේ ඉන්න ජොබ් එක හොඳයි පවුම් වලින්නේ පඩි . ලංකාවට ඇවිත් රුපියල් පඩි අරන් අනාථ වෙන් පුලුවනෑ
Deleteදීප්තිගේ මුහුණ ලස්සන යයි ඔහු සිතයි
ReplyDeleteදීප්ති මුහුණ කැත යයි කියනු ඇතැයි රුවන් බයය
අජිත්ගේ මුහුණ කැත බව රුවන් දනි
දීප්ති තමන් යන්නේ ඉදිරියෙන්ම යයි සිතයි
රුවන් පසුපස කිසිවෙකු නොයයි
අජිත්ගේ ඉදිරියෙන් මෙන්ම පසුපසින්ද කිසිවෙක් නැත
දීප්ති බොහෝ පොත් කියවන බව කියයි
දීප්ති කියවතැයි සිතෙන පොත් නිරුවන් සොය සොයා කියවයි
අජිත් පොත් නොකියවයි
දීප්ති මාක්ස්ගේ බාප්පාය
රුවන්ගේ බාප්පා කාලෝය
අජිත්ගේ බාප්පා බීලා මළාය
දීප්ති මකරාක්ෂයාය
රුවන් ට්‍රෝජන් කාන්තාවෝය
අජිත් ධර්මකීර්තිය
හොඳට නිසඳැස් ලියන්න පුළුවන් නේ. පත්තරේට ලියන්න
Deleteදීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?
ReplyDeleteඉහත මාතෘකාව ලියද්දී මොකක්ද වෙනුවට මොකෙක්ද කියා ලියන්නට සිතුණත් නො ලියා සිටියේ ඇත්තෙන්ම පවු නිසා ය.මන්ද, දීප්ති කුමාර ගුනරත්න විසින් කර තිබෙන සමාජ මැදිහත්වීම ගැන තවමත් යම් සුබවාදී අදහසක් අප තුළ තිබෙන නිසා ය. රෝහිත භාෂණ අබේවර්ධන වැනි ඔහු මහා පොරකැයි සැලකූ ඔහු හා සමාන සෙසු නරුමවාදීන් ගැන ද අප තුළ තිබෙන ආකල්පය එයයි.
මාතෘකාවේ ඇති ප්‍රශ්නයට පිළිතුර තුනමාන වෙබ් අඩවියේ පළ වූ, ලිපිය අවසානයේ සඳහන් කර ඇති ඡේද තුනේ සටහන විශ්ලේෂණය කිරීමෙන් වටහා ගත හැකි ය.
දීප්ති යනු ඇත්තෙන් ම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සංයුක්ත අදහසක් නැති කෙනෙකි. දැන් මේ ලිපියේ ඔහු බාහු ගැන කියන්නේ කුමක් ද? අවසන් ඡේදය කියවා බලන්න. ඔහු පෙන්වා දෙන දෙය වන්නේ තමන්ගේ මනසේ තිබෙන අවුල්සහගතකමයි. මේවාට සිංහල ජනවහරේ නම් කියන්නේ හතර බීරි කතා කියා ය.
භාෂා ඥානයක් නැතිකම දීප්තිගේ මූලික ගැටලුවකි. ලියන්නට (හෝ සමහර විට නිසි තේරුම ලැබෙන පරිදි කියවන්නට ද) දන්නා එකම භාෂාව වන සිංහලය හැසිරවීමේ බරපතල ගැටලුවක් ඔහුට තිබේ. දෙවන ඡේදය කියවන්න. ඔහු මූලික ව්‍යාකරණය පවා නො දනියි. ඔහු උක්ත ආඛ්‍යාත ගලපන්නට දන්නේ නැත. 'අනුන්ගේ අසරණකම් ලියන මහණුන් බවට පත්වී ඇති තමන්ට කුටුම්භය තුළ හිමි වී ඇති ඉරණම අන්ත අසරණභාවය හැර වෙන කුමක්ද?' වැනි වාක්‍යවල ඇත්තෙන් ම තේරුමක් නැත.
මේ තේරුමක් නැති වාක්‍යවල තේරුමක් ඇතැයි සිතූ සමහරු කලක් ඔහු පසුපස යමින් තේරුම් සෙවූ හ. තමන්ට නො තේරෙන දෙයක් අනුන්ට තේරුම් කරන්නට බැරි ය. දීප්ති නිතර ම 'මං කියන දේ තේරුණා ද දන්නෙ නැහැ,' යි කියන්නේ ඇත්තෙන් ම ඔහු කියන දේ ගැන ඔහුට ද තේරුමක් නැති නිසා ය. සමහරු මේවා තේරුන බව පෙන්නන්නට ගොස් විහින් ගොන්නු වූ හ.
චින්තකයකු වන්නට තිබෙන උන්නතිකාමී ආශාව හා ගැඹුරින් යමක් සිතන්නට තරම් පුළුල් මනසක් නොමැතිකම හා එවැනි පුළුල් මනසක් ගොඩනගා ගත හැකි මිනිස් ගුණ ධර්මවලින් තොර වීම අතර ඇති පරස්පරයන් පියවා ගන්නට දීප්ති කරන්නේ කොහෙන් හෝ චින්තකයකු සොයාගෙන බාගෙට කියවා තමන්‍ට තේරුන තැන් කීපයක් අල්ලාගෙන නන් දෙඩවීමයි. එක් චින්තකයකු ගැන දෙසා බාමින් සිටින විට, ඇත්තට ම ඒ චින්තකයා ගැන කියවූ විද්‍යාර්ථියකු පැමිණ ඔහුගේ පරස්පරයන් පෙන්වා දෙන විට දීප්ති තවත් චින්තකයකුගේ ඇඟේ එල්ලෙයි. ඇත්තෙන් ම මේ ඉම්පෝටඩ් චින්තකයන්ගේ දැක්ම ඔස්සේ යමින් මේ අය සංයුක්තව විග්‍රහ කර තිබෙන ලංකාවේ ප්‍රශ්න මොනවා ද?
ජීවිතය චිත්‍රපටවලින් සොයන්නට යාම මේ ඊනියා කල්ලිවල තවත් සුලබ රෝග ලක්ෂණයකි. චිත්‍රපට බැලීම හා ඒ ච්ත්‍රපට ගැන සාකච්ඡා කිරීම නම් වූ දේශපාලන වැඩක් මොවුන් විසින් හඳුන්වා දෙන ලදී. ඔවුන් කාමර තුළට වැදී චිත්‍රපට බලමින් සිටින සඳ මීයෝ ඇවිත් ඔවුන්ගේ පා ඇඟිලි කති. ජීවිතය ඇත්තේ ඒ මීයන් එන පොළවේ බව නො දන්නා ඔවුහු කැමරාවෙන් ඒ පොළවේ ප්‍රබන්ධ චිත්‍රයක් නරඹා එ් ඔස්සේ ජීවිතය ගැන කතා කරති.
වැලිකතර වැනි දැන් බලන්නට නැති චිත්‍රපටවල නම් ද, වැඩිය ලංකාවේ මිනිසුන් නො කියවන වෙනත් පොත්වල නම් ද මොහු උදාහරණ ලෙස ගෙන දක්වන්නේ තමන් ඒවා ඇතැඹුලක් සේ දන්නා බව අන් අයට පෙනෙන්නට ය. මොවුන් පොතක් කියවන්නේ ම ඒ පොතෙන් ලබා ගත් දැනුමෙන් තමන්ගේ සතුරන් හෙවත් තමන්ට ගරු නො කරන මිනිසුන්ට පහර දෙන්නේ කෙසේ ද යන ප්‍රතිගාමී චින්තනය හිසෙහි පුරවාගෙන ය. එබැවින් කොච්චර පොත් කියෙව්වත් මෙවැන්නන්ගේ මිනිස්කම් වර්ධනය වන්නේ නැත. මෙය බුද්ධිමතුන් බොහෝ පිරිසකට අදාළ ය. දැනුම ගබඩා කර ගත් ඔවුන්ගේ හිස් කුහර දත්ත රැස් කරන කොම්පියුටර් දෘඪාංග වැනි ය. ඒවායේ කිසිදු මෘදුබවක් නැත. ඒවායින් කිසිදු නිර්මානශීලිත්වයක් මතු වන්නේ ද නැත. මූලික ප්‍රශ්නය තිබෙන්නේ නොමිනිස්කම තුළ ය. නොමිනිසුන් මොන දැනුම රැස් කළත් මිනිසුන් වන්නේ නැත. මිනිසුන් දැනුම ලබා ගන්නේ මිනිස්කම වර්ධනය කර ගන්නට මිසක් අනුන් පාගා නැගී සිටින්නට නො වේ. අහවල් පොත කියවලා නැද්දැයි වෙනෙකුගෙන් අවඥාවෙන් අසන පණ්ඩිතයා තරම් දුෂ්ට මිනිසෙක් ලෝකයේ තවත් නැත. එවැන්නෝ බුද්ධිමය ත්‍රස්තවාදීහු වෙති.
මෙවැනි බුද්ධිමය ත්‍රස්තවාදීන්ට බිය නො වීම සැබෑ සමාජවාදය සඳහා අරගලයේ කොටසකි. පොත් පෙන්නා සමාජය බිය වද්දන්නට හදන තක්කඩින්ට අප කිව යුත්තේ මෙසේ ය: අපට ඕවා වැඩක් නැහැ. අපි කරන්නේ හිතන එක.
දීප්තිගේ හෝ දීප්තිවාදීන්ගේ නිරුවත පෙන්වන කැඩපත බඳු වූ තුනමාන ලිපිය කියවන්න.
දශක හතක් පමණ ජීවත් වෙමින් අරගලය අත් නොහැර තවම සටන් කරන බාහු සහෝදරයා ගැන යමක් ලිවිය යුතුය. ඔහු ගැන විවේචනය කරන බොහෝ දෙනා ගාමිණී ෆොන්සේකා වැනිය. ගාමිණී යනු තමන්ට රගපෑමට ලැබෙන තිර කතා වල තම විරුද්ධවාදියා ගේ ඉරණම ස්වකැමැත්ත මත වෙනස් කළ පුද්ගලයෙකි. උදාහරණයක් වශයෙන් ‘වැලිකතර’ චිත්‍රපටියේ මුල් තිරනාටකයට අනුව ගෝරිං ගේ චරිතය වෙඩි කා මැරී වැටෙන්නේ ප්‍රතිවීරයෙකු ලෙසය. නමුත් ගාමිණී විසින් තිර නාටකය තමන්ට අවශ්‍ය අයුරින් වෙනස් කරනු ලැබූ පසු ගෝරිං මිය යන්නේ ගාමිණිගේ කකුල් ඉදිරිපිට බිම දගලා වැද නමස්කාර කිරීමෙනි.
Deleteපසුගිය දශක දෙකක පමණ කාලයක සිට බාහු ගැන ලියන හොර තක්කඩියන් ද අයිති වන්නේ ගාමිණි ගේ කුලකයටය. ඔවුන් තම රචනා මගින් බාහුව එක්කෝ විකටයෙකු කරවයි. නැතහොත් අසරණයෙකු කරවයි. ධනේෂ්වර ක්‍රමය ගෝලීයව විහිදෙන යුගයක,එම යුගයට වෙනත් විකල්ප නැතැයි සිතන මිනිසුන් සිටින යුගයක, බාහු නොව තමන්නට සිදුවී ඇත්තේ කුමක් ද කියා ‘ලියන’ අය කෙතරම් විරලද? අනුන්ගේ අසරණකම් ලියන මහණුන් බවට පත්වී ඇති තමන්ට කුටුම්භය තුළ හිමි වී ඇති ඉරණම අන්ත අසරණභාවය හැර වෙන කුමක්ද? තම තමන් ගේ ගෙවල් වල තල දර්පන නැති නිසා තමන් ගේ තක්කඩි මුහුණ නොදකින නරුමයන් ගාමිණි මෙන් ප්‍රබන්ධයන් තුළ වීරයන් වීමට දතකට මදියි.
බාහුගේ දෝෂය කුමක් ද? ප්‍රභාකරන්ට සහ විජේවීරට තිබූ දෝෂය ඔහුටත් ආවේණිකය. යමෙකුට තම අරමුණ කරා ලගා වීමට අවශ්‍ය නම් ඒ සදහා යථාර්ථය විසින් ඉල්ලා සිටින කෘෘරත්වය සමග අප සමපාත විය යුතුය. යථාර්ථය ගූ බාල්දියක් ඉල්ලා සිටින තැනක අප පිරිත් පැන් ඉස වැඩක් නැත. බාහු වාමාංශික වීරයෙකි. ඔහු සතුරාට ගූ ගහන්නේ නැත. සටන ඉදිරියට ගෙන යාමට ගියැප් මෙන් ‘ගූ බාල්දි’ ගණන් ගසා, අසරණයන් කියන තක්කඩියන්ට කණ්නාඩි සැපයිය යුතුය.
වික්‍රමබාහු ගැන ඔහු මේ සටහනේ තුන්වන ඡේදයේ කියන සංයුක්ත අදහස මොකක් ද?
Delete'යමෙකුට තම අරමුණ කරා ලගා වීමට අවශ්‍ය නම් ඒ සදහා යථාර්ථය විසින් ඉල්ලා සිටින කෘෘරත්වය සමග අප සමපාත විය යුතුය. යථාර්ථය ගූ බාල්දියක් ඉල්ලා සිටින තැනක අප පිරිත් පැන් ඉස වැඩක් නැත.'
පළමු වාක්‍යයේ තේරුම කුමක් ද? 'යමෙකුට' අරමුණ කරා ළඟා වන්නට 'අප' කෲරත්වය කරා ළඟා විය යුතු ය කියන එකේ තේරුම දන්නවා නම් කියා දෙන්න. මේ භාෂා ඥානය පිළිබඳ මූලික ගැටලුවක් මිස වෙන කුමක් ද?
යථාර්ථය ගූ බාල්දියක් ඉල්ලනවා ලු. එතකොට අප පිරිත් පැන් ඉස වැඩක් නැතිලු. ඒ කියන්නේ අපත් ගූ ගැසිය යුතු බව නේ ද? ඊළඟට බාහු ගූ නො ගසන බව කියන ඔහු නැවතත් ගූ ගැසිය යුතු බවක් කියයි. ගූ ගැසිය යුතු කවුරු ද? කාටද?
'අසරණයන් කියන තක්කඩින්ට කණ්ණාඩි සැපයිය යුතු ය.' මේ වාක්‍යයෙන් ඔහු හිතන දේ ගැන යම් අනුමානයක් කර ගත හැකි ය. ඒත් තමන් කියන්නට හිතූ දේවත් කියා ගන්නට බැරි මේ අසරණයා තුළ මහා සාරයක් තිබේ යයි සිතන ඔබ වැනි අය ගැන ද දුකක් සිතේ.
වික්‍රමබාහු කියන්නේ අම හුඟක් ගරු කරන දේශපාලකයෙක්. 1983 වගේ ඈත කාලෙක පක්ෂය එක වරම තහනම් කරපු වෙලේ චන්දන විතානගේ සමග කොම්පඤ්ඤ විදියේ අරුනදිසි හෝටලයේදී ඔහු සහ වාසු දුටුවා. ඒ දවස්වල මම කම්කරු විත්ති ගන්නවා මැලේ විදියේ කාර්යාලයෙන්
Delete1982දී වික්‍රමබාහු ලියපු පොත් පිංචක් (බුක්ලෙට්ටුවක්) කියවන්න ලැබුණා
Deleteඒ කාලේ පෝලන්තේ පාසල්වල දෙවන බස විදියට රුසියන් වෙනුවට ඉංග්‍රීසි උගන්වන්න පටන් අරගෙන.
වික්‍රමබාහු කිව්වාා ඒක හොඳ සමාජවාදි දෙයක්ය, දියුණු කම්කරුවාගේ භාෂාව ඉංග්‍රීසිය වගේ කතාවක්.
කියලා ඉවරවුනා විතරයි පෝලන්තේ සමාජවාදය ඉවරයි.
ඉතින් වික්‍රමබාහු නතර උනේ රනිල් ගේ වේදිකාවට නැගලනේ
Deleteදීප්තිගේ පියා ඔහුට ඒ නම දැම්මේ ඉපදෙන්නේ දුවෙක් බව පේනකියන්නෙක් කියූ නිසා.
ReplyDeleteදීප්ති කුඩා කල සිට තම නම ගැන මානසිකව හීන මානයෙන් සිටියේ.
ඔහු එකල නම ඇහුවම කිව්වේ දීප්ත කියලා.
රුවන් ජයතුංග විසින් ජනතා විමුක්ති පෙරමුණේ පසුගාමී චින්තනය විවේචනය කරමින් ලිපි කිහිපයක් පල කිරීම නිසා ඔහුව ඉලක්ක කරගෙන මඩ ගැසීමක් සිදු කරනවා.
ReplyDeleteරුවන්ට එරහිව ලිපි ලියනා බොහෝ දෙනෙක් ජෙව්පේ සහ මාලිමාවට සහය දක්වන, ඔවුන්ගේ රැස්වීම් වලට යන අය.
අජිත් ධර්ම කීර්ති ත් පසුගිය දිනෙක නලින්ද ජයතිස්ස පැමිණි රැස්වීමකට සහභාගී උන නේද.
එහිදීද කතා බහ කර ගත්තේ රුවන්ට මඩ ගහන විදිය ගැන?
මේක මඩ ගැසිමක්ද නැත්ද යන්න රුවන්ම තීරණය කල යුතුයි. මේ කතාව ගැන කෙලින්ම බ්ලොග් ලිපියක් ලියල එලියට ඇද්දේ ඔහු නිසා. ලියල ඒ මදිවට ඇවිත් මගේ වෝල් එකේම දානවා. පිස්සුද හැටිද මන්ද? ඒ නිසා ඔබේ තර්කය අවලංගුයි. අනික රැස්වීම් වලට සහභාගිවෙලා රුවන් ගැන කතා කරන්නේ රුවන් ගේ වැදගත්කම මොකද්ද? එතන ති විශාල පිරිසක් සහභගිවුනු එකෙක් නේ.ඕවල රුවන් කියල චරිතයක් ගැන කතා කරන්න පිස්සු වෙන්න ඕනේ.
Deletehttps://www.youtube.com/@NPP-UK-Branch
Deleteඅන්රයියේ ඇත්ත කියපං
Deleteඅන්රයියේ ඇත්ත කියපං මට
උඹලා බලයට ආවොත් අපිව මොකද වෙන්නේ
උඹලා අපිව ද්‍රෝහියෝ ප්‍රතිගාමියෝ කියලා
ප්‍රතික්ශේප කරලා ලේබල් කරනවද ?
අපිව පුනරුත්ථාපන කඳවුරු වලට දක්කනවද ?
එහෙමත් නැත්තං
විශ්ව විද්‍යාල වල ඉන්න
උඹලාගේ නවක වධ සෙට් එක දමලා
අපිට පොළු වලින් ගහලා මරණවද ?
නැත්තං මොළ හෝදපු රතු ගැටව් දම්මලා
අපිට ගල් කටස් වලින් ඔළුවට තියනවද ?
අන්රයියේ ඇත්ත කියපං මට
උඹලවත් නොදන්න උඹලවත් ජීවත් වෙලා නැති
සමාජවාදයක් හදන්න අපිව ගිනි පිග්ලා කර ගන්නවාද ?
මෝලෙක් නිසා යන්තං සාගතයෙන් බේරුනු අපිට
කැඳත් නැති කරනවද ?
එහෙමත් නැත්තං
උඹලා රජ සැප විඳිමින්
අපිට පස් කාපියව් කියයිද ?
සමෘධිමත් යුගයක් කරා අපිව ගෙන යනවා කියමින්
අපිව පොල් පොට් යුගයකට ගෙන යනවාද ?
වෛද්‍ය රුවන් එම් ජයතුංග
https://transyl2014.blogspot.com/2023/02/blog-post.html
අජිත් ඇයි ඔබ සරෝජ්ට මැසේජ් කර තර්ජනය කරේ ඔබගේ බ්ලොග් අඩවියේ කොමෙන්ට් දමනවා කියා. ?
ReplyDeleteඇත්තට එහෙම කරලා තියනවද හරි පව් නේ
Deleteරුවන් නම් කිහිප වතාවක්ම ශෝෂල් මිඩියා වල එකිනෙකා සමග දබර කර ගන්නවා දැක්ක.
ReplyDeleteඅජිත්, ඔබගේ ලිපියට මේ දෙදෙනාගේ අදහස් එකතු කරා නම් වටිනවා
රුවන් ගේ පැත්ත එයා කියාලනේ තියෙන්නේ. බ්ලොග් එකේ. දීප්ති ට ඕන්නම් කියයි. මම මගේ පැත්ත කියල තියෙන්නේ. එතැනින් එහාට මට මේක අදාළ නැහැ.
Deleteඅදාල නැත්තං බ්ලොග් පොස්ට් දාගෙන දගලන්නේ මොකද
Deleteදීප්තිගෙන් කීයක් ගත්තද පොස්ට් එක දාන්න? විලිලජ්ජා නැති මිනිහෙක් තමයි අජිත් කියන්නේ. දීප්තිට ඉංග්‍රීසි පොත් දුන්න නිසා එයාට ඉංග්‍රීසි පුළුවන් ඇතිලු. පොත් විතරක් නෙමෙයි, තව ඒවාත් දීලා වගේ පේන හැටියට.
මෙම ලිපිය පිළිබඳව ලංඩනයේ සයිබර් ක්‍රයිම් චෙක් ආයතනයට අජිත්ගේ විස්තර සමග පැමිණිලි කල යුතුයි. සේවා ස්ථානයටත් දැන්විය යුතුය මෙවැනි සේවකයෙක් එහි තවරදුරටත් සේවය කිරීම ප්‍රශ්නකාරී බව දන්වා.
අදාල නැහැයි කිවේ මිමින්නෝ දීප්තිගේ උත්තරේ. රුවන් දාපු එකට මම මගේ පැත්තේ කතාව කීව. පිළිගන්න නොපිළිගන්නා එක රුවන්ගේ වැඩක්. දීප්තිට සල්ලි තියනවනම් පෝස්ට් වලට සල්ලි දෙන්න දීප්තිට පත්තරේ කුත් ගහන්න තිබ්බනේ., පුලුවන්නම් සයිබර් ක්‍රයිම් එකට කියපන්. සයිබර් ක්‍රයිම් කියන්නේ මොනවාද කියල දන්නේ නැති එකෙක්.
Deleteඋඹල බං නමක් දාන්නේ දාන්නේ ඒකටත් බය නිසානේ. ඒ අතින් රුවනුත්, දීප්තිත් , මමත් ඉස්සරහින් ඉන්නේ. අපට හන්ගන්න දේවල් නැහැ තොපිට වගේ. රුවන් සහ දීප්ති දෙන්නම වරදවාගෙන ඇති කියල හිතල තමා ලිපිය දැම්මේ. වෙබ් අඩවි තියාගෙන ජාත්‍යන්තර නම් ගහගෙන පවා ඇනෝ කොමෙන්ට් දාන්නේ බය නිසා. ඕක තමා දීප්ති හැම වෙලාවෙම කියන්නෙත්. කුහකයෝ ටිකක් ඉන්නවා නමින් එන්න බය. හැමෝටම මඩ ගහගෙන ඉන්න. උන්ම තමයි අරගලයට ඇවිල්ලත් කෙලෙව්වේ.
Deleteපොඩි සින් එකක් තියෙනවා හැදෙන එවුන්ට හැදෙන්න වගේම පොඩි එවුන් ගැන බලාගන්න එවුන්ටත් හැදෙන්න තමයි මෙහෙම කියන්නේ.
ReplyDeleteමචන්ලා මම කලින් මැරී කරලා හිටපු කෙනෙක්. එත් ගෑනිට එකම හෝටලෙන් කන්න බැහැ කියලා වෙන එකෙක් එක්ක ගියපු නිසා මම ඒකිව ඩිවෝස් කලා. මේ සින් එක උනේ මම එකී එක්ක පවුල් කන දවස් වල.
මම ඒ දවස වල වැඩ කලේ හේලීස් එකේ රවී ඉන්ඩස්ට්‍රීස් ෆැක්ටරි එකේ. ඒකල. මම බුද්ධාගමේ උනාට පවුල කතෝලික. ඒ වෙද්දී මට 28ක විතර පඩියක් ලැබෙනවා. අපි හිටියේ කුලියට. හේතුව උනේ එයාගේ අක්කත් බැඳලා අම්මල එක්කම එකම ගෙදර හිටියේ. (අක්ක නම් මාරු කෑල්ල :P:P) ඉතින් එකම ගෙදර ඉන්නකොට ආතල් එකේ ඉන්න බැරි නිසා වගේම මගේ ඔෆිස් එකටත් කිට්ටු නිසා අපි ඒ කිට්ටුවෙන් ගෙයක් අරගෙන හිටියේ.
මගේ පුතාට ඒ වෙද්දී අවුරුදු 2 1/2 යි. අපි 3න් දෙනා ඒ ගෙදර ජිවත් උනාට, එයා දරුව ගැන බලනවට වඩා වෙන වෙන විකාර කරලා තිබුනේ. ඒ අතරේ දරුවට හෙම්බිරිසාව හැදුන. මතක ඇතිනේ එක පාරක ඒකල පැත්ත යට උනා. අන්න ඒ දවස්. ඉතින් අපේ ගෙවල් කිට්ටුවටත් වතුර දැම්මා. මම ඔෆිස් ගිය අතරේ එයාගේ අක්කල ඇවිල්ලා. ඉතින් මෙය අක්ක එක්ක කතා කර කර ඉන්න අතරේ බලද්දී පොඩි එකා වතුරේ වැටිලා සෙල්ලම් කර කර ඉන්නවලු. අක්ක මට කොල් කරලා කිවුවා මල්ලි දරුවට හෙම්බිරිසාව නිසා වතුර අල්ලන්න දෙන්න එපා. මම නංගිට කිවුවට එයා අහන්නේ නැහැ කියලා. මගේ පවුල කිවුවලු දරුවොන්ට හැම දේටම පුරුදු වෙන්න දෙන්න ඕන කියලා.
ඉතින් මම ගෙදර ඉන්නකොට දරුවා බලාගත්තට එයා දරුවා ගැන බලල නැහැ. ඉතින් මම දවසක් ඔෆිස් එකේ ඉන්න අතරේ මෙයා කෝල් කලා දරුවට හොඳටම උන කියලා. මමත් කලබලෙන් ආවා. අපි එයාව ඉක්මනින් ඩිස්පෙන්සරි එකකට ගෙනිච්ච. එතෙන්දි ඇහුව දරුවට කලින් ෆිට් එක හැදිලා තියේද කියලා. එයා නැහැ කිවුවා. ඒ පාර බෙහෙත් දුන්න. අපිට දොරෙන් එලියට එන්න උනේ නැහැ. දරුවට ෆිට් එකා හැදුන. ඒ පාර ඩොක්ටර් එයට ප්‍රතිකාර කරලා ඉක්මනින් ඉස්පිරිතාලෙට ගෙනියන්න කිවුවා. මට බැන්න හොඳටම දරුවා බලාගත්තේ නැහැ කියලා.
දරුවට 3න් පාරක් ෆිට් එකා හැදිලා තිබුනේ කියලා පවුල ඒ වෙලාවේ තමයි කිවුවේ. ඒ වෙනකන් මමවත් දන්නේ නැහැ. ඉතින් පුතාට ගොඩක් අමාරු නිසා අපි ත්‍රීවිල් එකකුත් කතා කරගෙන ඉස්පිරිතාලෙට ගිය. ඒ යද්දිත් එයට ගොඩක් අමාරු උනා. ඇස් දෙක උඩ ගිහින්. කට ඇද වෙලා. ඒ මදිවට ගැහෙනවා මුළු ඇඟම. මගදී ත්‍රිවිල් එකේ අයිය එයාගේ වතුර බෝතලේ දුන්න දරුවගේ ඇඟට දන්නා කියලා.
කොහොම හරි අපි ඉස්පිරිතාලෙට ආවා. වාට්ටුවට දාන්න තුණ්ඩුව ලියද්දි මෙයා කියනවා උන තිබුන දරුවට මෙයා යෝගට් කවලා. අයිස් ක්‍රීම් කවලා. එයාගේ මෝඩ කම නිසා අසරණ දරුවා විඳවනවා. මෙයා ගොඩක් මහතයි. ඒ නිසා ඉක්මනින් යන්නත් බැහැ. මම තුණ්ඩුව අරන් යනකොටත් මෙයා දොර ළඟ. මම දරුවා අතට ගත්තා. එයා අමාරුවෙන් මගේ දිහා බලලා "තාත්තේ" කියලා කිවුවා. මගේ පපුව පත්තු උනා. මම එදා වෙන්න ඇති එච්චර වේගෙන් දුවන්න ඇත්තේ. දරුවා අත් දෙකට අරන් මම දිවුවා. රාගම ඉස්පිරිතාලෙට ගියපු කෙනෙක් දන්නවා ඇති බෙහෙත් ලියන තැන ඉඳල ළමා වාට්ටුවට දුර කොහොමද කියලා. ඉතින් මම ලිෆ්ට් එකේ යන්නෙත් නැතිව පඩි පෙලේ දිවුවා.
ඒ යද්දී මිනිස්සු මට පාර ඉඩ දීල අයින් උනා. මගේ ෆෝන් එක බිම වැටුන. එත් දරුවා ලොකු නිසා මම ඒවා ගැන බැලුවේ නැහැ. කොහොම හරි 2 තට්ටුවට ගිහින් ළමා වාට්ටුවට යද්දී නර්ස් ලා ගොඩක් දරුවා වට කරගෙන ප්‍රතිකාර කලා. එදා ඒ වෙලාවේ එයට ගෙනිච්චේ නැත්නම් දරුවා නැති වෙනවා කියලා ඒ හෙඩ් නර්ස් මට කිවුවා.
අද මම වෙනම ජිවත් වෙනවා. ගෑනි වෙන මිනිහෙක් එක්ක ඉන්නවා. ඒ මදිවට තව මිනිස්සු ඉන්නවලු. දරුවා එයාගේ අම්ම හදනවා. පුතෙක් නිසා එයා මට අයිති නැහැ. එත් කවද හරි එයා දැනගනීවි තාත්ත එයා වෙනුවෙන් කොහොමද කැප උනේ කියලා. හිත හදන් මම ඉන්නවා. ගොඩක් වෙලාවට එළකිරි එකේ ඇවිල්ලා, ෆේස්බුක් එකේ තමයි හිත හදන් ඉන්නේ.
අවවාදය: දරුවෝ ගැන ගොඩක් ප්‍රවේසමින් බලන්න. හැම දේටම හුරු කරන්න ගිහින් එයාලගේ අනාගතේ විනාස වෙන්න දෙන්න එපා. ඒ වගේම සල්ලි පස්සේ දුවනවා කියලා ගෙදර ගෑණි තනි කරන්නත් එපා. මම අත්දැකීමෙන් කියන්නේ. කඩේ තියෙන ජරාව කොච්චර දරුවෝ ආසයි කිවුවත් දෙන්න කලින් දෙපාරක් හිතන්න. ලෙඩක් උනාම එයාලට කියන්න තේරෙන්නේ නැති නිසා ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න. ගොඩ වෙදකම් කරන්න යන්න එපා.