Monday 6 February 2023

ෂාරුක් ඛාන් ජයතිස්ස


ගූගල් එකේ රෙජිස්ටර් වෙන්න කීව නිසා මම හිතුවේ ජාජබේ රැස්වීමේ පුටුවක් තිබේය කියාය. රැස්වීම පටන් ගන්නේ හවස 2.00 ට කිවූ නිසාත්  ශ්‍රී ලංකා ජාතික  සම්ප්‍රදාය අනුව අනිත් එවුන් ප්‍රමාද වී එයි කියා හිතුන නිසාත් මම පරක්කු නොවී ඇල්පටන් දුම්රිය ස්ථානයෙන් බැස ගුගලයා දමාගෙන රැස්වීම් භුමිය හෙව්වෙමි. තාම  වෙලාව දෙකය. දර්ශන හෙට්ටි ආරච්චි එවූ මෙසේජයේ තිබුනේද දෙකට කියාය. කිසි බයක් නොවී වමට හැරෙන  කොටම ලංකාවේ වගේ කෙනෙක් හිටං ඉන්නවාය. (සිරිසේන නොවේ).

"මම මේ අර ජාජබේ .."
"ආ මෙතන තමා. ඔහොම ඇතුළට යන්න. "

මදක්  ඇතුලට ගිය විට එම්ඕටී සෙන්ටර් එකක් වගේ  කාර් පාක් එකේ කාර් පිරිලාය. 
"ශික්, අර සිසිරයා කීවේ මෙට්‍රෝ එකේ එන්න කියලනේ. ආතල් එකේ කාරෙකේ එන්න තිබ්බ." හිතින් ඌ ටද බනිමින් රැස්වීම් ශාලාව තිබෙන දෙසට ගියෙමි.  එළියේ දොර අසලත්  යන මග පෙන්වන්නට සැරසුණු අය ඉන්නවාය.  ඇතුළට ගිය සැණින් එතැන පිලි ගැනීමේ කට්ටියකි. මාර සංවිධානයක්ය.
මුළු රට වටේ එක දවසේ පෝස්ටර් ගහන කතාව නිකම්ම ඔළුවට ආවේය. 

දම්පාට ඇඳුමින් සැරසුණු සෙට් එකක් නම ලියා ගන්නවාය. ඒ කාලේ විජයගේ පක්ෂයේ පාට ජජබේ ගත්තේ ඇයිද කියාත් හිතුනි. 
 එතැන රෙසිප්ෂන් එක  හයි ටෙක්ය.ස්කෑන් කර නම බැලීමටද පුළුවන. දි සොලියුෂන් එක කියා සුවනියර්  එකක් ද දෙනවාය. ඒකෙ නායක තුමාගේ පණිවිඩය එක්ක දැන්වීම් ගොඩ ගහලාය. බ්ලොග් සම්මාන උළෙලේ සුවනියර් එකේ දැන්වීම් දැමීම නිසා  ඒ කාලේ ජෙප්පෙක් ගෙන් බැණුම් ඇසූ සැටිද මතක් වුනෙමි. ඒ උනාට මේ වෙනස හොඳය.

  ටීකාක් එහායින්   කඩදාසි උර වල දැමූ  කෑම පාර්සල් තොගයකි. පසුව මටද  ඒ කෑම එකක්  ලැබුනු නිසා එහි තිබුනේ රෝල්ස් එකක්, කේක් කෑල්ලක් , සැන්ඩ්විච් එකක් ,වඩයක්  සහ වතුර බෝතලයක් බව දන්නෙමි. ඒක දුන්නේ නිකන්ය. දැන් නම්  මට හොඳටම අවුල්ය.  (එළියට යනකොට ආධාර කරන්න කියූ බව අමතක කරමු.)
ඒ අස්සේ ඒ දොරින් ඇතුළට යන්න හදන විටම ගම්පහ පැත්තේ හිටි හද්ද යුඇන්පී කාරයෙකු වන ජයන්ත ඉන්නවාය. මම මේ වැරදිලා ආවේ සජබේ සමුළුවකට  කියා හිතුවෙමි. 

"නෑ නෑ මේ මාලිමාවේ එක " ජයන්ත මාව අස්වැසුවේය.
 "තේකක් අරගෙනම යමුද "
අම්මට සිරි තේ ද නිකන්ය. පෝලිමේ ඉඳ තේ එක ගනිද්දී කිරි දමා නිසා එය එපා කීවෙමි. එතන  හිටි කාරුණික නංගි තේ   පැකට් එකක් හොයා ගෙනම ගෙනත් දුන්නාය.

ඒකත් අරගෙන  ජයන්තයා එක්ක ඇතුලට ගියෙමි. මම සිරාවටම ගල් ගැහුනේ එතනය. ලංකාවේ උන් ටික ජාතික ප්‍රතිපත්තිය ඇත්තටම කඩ කරලාය. පුටු ඔක්කොම පිරිලා වටේ පිටේත් සෙනගය. දෙක පසුවී විනාඩි දහයක් යද්දී සභාව පටන් අරගෙන කතාවකුත් යනවාය. දැන්නම් අවුල් නොව හොල්මන්ය. වෙලාවට රැස්වීම් පටන් ගන්න මුන්ට අමු කැවිලාද?   මේ හිස් ගොඩේ එතැන හම්බ වෙනවා කී සිසිරයා හා චමී ද  ආශා  හා නීල් ද හොයනවා බොරුය.  උන් පාන්දරම ඇවිත් ඉස්සරහය. අපි පාටියකට හෙම එන්න කීවොත් සාමාන්‍යයෙන්මු න් එන්නේ ඒක ඉවර එන කොටය. නැත්නම්  පොල්ලක් තියනවාය.

 පුටු අතරේ හිදැසේ හිටගෙන  ඉන්නා මේ සුවබර සැන්දෑවේ  පෝට්ටුවේ හිටපු සපෝටර් ලා  දෙතුන් දෙනෙකුද ළඟින් යද්දී හැප්පුනේය. උන්  කරන්නේම ඔය වගේ නොසන්ඩාල වැඩය. 

කෙසේ වෙතත් මේ   මොන අරුමයක්දැයි හිතමින් තේ බොද්දී  කොණ්ඩේ  කළු කරගත් අවුරුදු හැත්තෑවක් පමණ වන ජවිපෙ, සොරි ජාජබ තරුණයෙක් 
 "අයියාහ්, මෙතැන  හිට ගෙන්න එපාහ්, සෙනග ෆ්ලො එකට ඩිස්ටර්බ් වෙනවා. උඩට යන්න කීවේය. "  කොණ්ඩේ කළු නොකරන නිසා ඕක මට සාමාන්‍යයෙන් වෙන ඇබැද්දියකි. ලන්ඩන් වල,  කොණ්ඩය කළු කරගත් හැත්තෑ පහේ නංගිලා ඉඳහිට "හෙලෝ අයියා කොහොමද " කියා අසා පුරුදු නිසා ඒ කතාව  ගණන් නොගෙන වුවද ජයන්තයා සමග උඩට ගියෙමි. එතැනද සෙනග පිරිලා විතරක් නොව කොට භාවය නිසා උඩ වීදුරු තාප්පයෙන්  ඔලුව උස්සා ගෙන බලන්නටද  වන හෙයින් මම හෙමින් සීරුවේ පහලට ඇදුනෙමි. 

පැය එකහමාරක් පමණ හිටගෙනම මම දැන් කතා අහනවාය. කෝබින් ගේ රැස්විමකවත් හිටගෙන කතා අසා නැති නිසා ඒ කකුලෙන් මේ කකුලට මාරු කරගෙන බිත්තියකට හේත්තු වුනෙමි. නංගි කෙනෙක් හිනාවක් පෑවාය. 
"කොහොමද, මේ  අජිත් නේද?"
"ඔව්, ඔයාවත් දැකලා පුරුදුයි. "
"මම නිශ්, ෆේස්බුක් එකේ හෙම ඉන්නේ. අරගලයේදී හම්බ වුනේ". මට ටක් ගාලා මීටර් වුනේ ලන්ඩන් අරගලයට පැමිණි ෆේස්බුක් හිතවතියක වන නිශ් ජයා බවය.

"අජිත්, අපි ඉන්න තැන සීට් තියනවා එන්න " කියා සීට් එක්ක ගාවටම රැගෙන  ගොස් ඉන්දෙව්වාය. ෆේස්බුක් එකේ යාළුකම් බොරු බවට මිනිස්සු කියන දේවල් විශ්වාස කරන්නට එපාය.  පුළුවන්නම් මාව පින්තුරයෙන් හොයා ගත හැකිය. 

රැස්වීමේ වෙච්චි කතා ගැන කලින් ලිපියේ ලිව්ව නිසා ඒවා ආයෙත් ලියන්නට බැරිය.
මම කියන්නට යන්නේ රැස්වීම අවසානයේ වෙච්චි  දේ ගැනය.

පද්මි ට යවන්නට  පොඩි පාර්සලයක් සුදානම් කරගෙන තිබුනේ ඇය කී "නලින්ද ජයතිස්ස මල්ලිට"  දෙන්නටය.  මා හඳුනන සර් කෙනකුට විටමින්  වගයක්ද එහි තිබුනේය. මම නිශ්ට හා සොහොයුරාට පස්සේ කතා කරමු කියා වේදිකාව දෙසට වහ  වහා ගියේ ඒක  දෙන්නය. ඒ එක්කම කට්ටියම  සීරුවෙන් හිටගත්හ. සහෝදරියක් හා කට්ටියක් පැමිණිජාත්‍යන්තර ගීතය ගැයුහ.  ඇස් කොනින් යන්තම් හිස හරවා බලන විට යුඇන්පී කට්ටියද ජාත්‍යන්තරයේ ගීතය ගයනවාය.හරිනි  දුන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ටෝක් එකක් ය.  ජයතිස්ස දුන්නේ සමාජවාදී විප්ලව පන්නයේ  ටෝක් එකක්ය. ජාත්‍යන්තරයේ ගීතයෙන් ඒ ඔක්කොම සමබර වී ගියේය.


ඒක ඉවර වන විටම වාගේ , ප්‍රියන්ජිත්, හරිනි සහ නලින්දව සෙල්ෆි සොම්බි බලකායක් වට කර ගත්තේය. මම ඉස්සෙල්ලා හිතුවේ ජනතාව වට කර ගන්නා නිසා ජවිපෙ සෙකියුරිටි ඩීටෙල් එක ඒ ගොල්ලව නිරුපද්‍රිතව එලියට අරන් යනවා කියාය. මොන පිස්සුද ඔවුන් සෙල්ෆි ගන්නවාය. වඩා ඩිමාන්ඩ් එක ශාරුක් ඛාන් ජය... සොරි නලින්ද  ජයතිස්සටය. මම ටෙස්කෝ බෑගය උස්සාගෙන ඒ පස්සේ ඉදිරියට දුවනවාය. ජයතිස්ස සමග සෙල්ෆි සොම්බින් පස්සට යනවාය . මම පස්සට දුවනවාය. කට්ටිය  දකුණට ඇදෙනවාය. ඒ ගමන පෙරටුගාමී පක්ෂය මෙන්ම තවත් වමටම යනවාය.  එක සෙල්ෆි කස්ටියක් හැලෙද්දී තව කට්ටියක් සෙට් වෙනවාය. ශාරුක්ඛාන් සුදු දත් ටික එලියට දමා  අසරණ ලෙස සිනා සුනේය. දැන් ඔහුත් සමග කට්ටිය තවත් වමටම  ඇදෙනවාය. මම පුටු උඩින් පැන වේදිකාවේ පස්සෙන් දුවා යන්තම් දර්ශන හෙට්ටි ආරච්චි හොයා ගතිමි.




"දර්ශන ඔයා මේක දෙනවාද " බොහෝ අසරණ ලෙස කීවෙමි. 
"කෝ ඉන්ඩකෝ , යං අපි. මේක ඔයාම දෙන්න." දර්ශන කරුණාවන්ත ලෙස සිනාසුනේය. 
ඒ අතරේ මට මතක් වුනේ පද්මි කී කතාවය. 
"ඔන්න ඔයා, අර අහන්න ඉන්නවයි කියපු ප්‍රශ්න ටික අහන්න හොඳද? පොඩි ඉන්ටවිව් එකක් ගන්න. ඔයා හැමදාම අපට බනින ඒවා අහන්න ඔන්න. " 
මම හිතට දහිරිය ගෙන දර්ශන ගේ පිටි පස්සෙන් ඇදුනෙමි. දර්ශන නැවතුනේය. අසරණ ලෙස මා දෙස බැලුවේය. දැන් ෂාරුක් ඛාන් පේන්නේ නැත. ඔහු හිස් ගොඩට වැහිලාය.     
"කමක් නැහැ. මම දෙන්නම් කෝ"  මම නැවතත් පාර්සලේ ගතිමි.

දෙතුන් දෙනෙක් හැලුනේය. දර්ශන ගේ සහායට සිටින සගයන් දැන් පුටු එකතු කරනවාය. තැන අස් කරනවාය. මම පුටු අතරින් රිංගා ෂාරුක් ඛාන් පැත්තට පැන්නෙමි. තව දෙන්නෙක්  ඉස්සර වුනේය. ප්‍රශ්න අහන ගමන් ආයෙත් සෙල්ෆි පෝලිමකි. නලින්ද ජයතිස්ස අනුර සහෝ ට අභියෝග කරන්න හදනවා වත්ද  යයි  සිතුනි.

 ඒ අතරේ නීල් කතා කළේය. "ඒයි වරෙන් බං . අපි කාරෙකේ යන්න ලැහැස්ති "
"පොඩ්ඩක් ඉඳපන් සෙල්ෆි බළකාය අඩු වෙනකන්. මේක දෙන්නේ නැතිව එන්න බැහැ."
තවත් විනාඩි දහයක් පැන්නේය. මම පොඩ්ඩක් එහෙ මෙහෙ කැරකී  නිශ් ජයාට හා අයියාට පින්තූරයක් අරන් දුන්නෙමි. හදිසියේම  ඒ බලා සිටි ක්ෂණය උදා විය . සෙල්ෆි සෙට් දෙකක් මැද්දෙන් පරමාණුවේ න්‍යෂ්ටියට  ඇල්ෆා පාටිකල් යැව්වාක් මෙන් මාර්ගයක් විවර වුනේය. මම පුටුවකුත් පෙරලාගෙන ෂාරුක් ඛාන් ජයතිස්ස අසලට පැන්නෙමි.
"මේ නලින්ද , මම මේ අජිත්. පද්මි ගේ යාළුවෙක්. මේ පාර්සලේ දෙන්න පුළුවන්ද?"
"හා දෙන්නම්" ඔහු අසරණ ලෙස සිනාවී ටෙස්කෝ බෑගය ගත්තේය. දැන් මටත් අවුල්ය? මම ඔහුගෙන් කොහොමද කියාවත් ඇහුවේ නැත. මම ස්තූතියක් යන්තම්  කළෙමි. තවත් සෙල්ෆි මල්ලි කෙනෙක් වම් පැත්තෙන් ද අනික් සෙල්ෆි අයියා දකුණෙන්ද සෙල්ෆි නංගි කෙනෙක් ඉස්සරහින්ද  මතු වුනේය. මම හීන් සීරුවේ එතැනින් ලිස්සුවෙමි.

ඒ දෛවෝපගත මොහොතේ කොරිඩෝරය අසල තබා තිබෙන කුණු කූඩ අසලින් යද්දී මම ඒ සුවිසේෂි දසුන දුටුවෙමි.  ඒ කාලයේ පටන් දුයිෂෙන් පරපුරෙන් ආවා වූද, ෆේස් බුක් බලකායේ කවි වලින් නිසඳැස් වලින් කියවෙන්නා වූද බොහෝ  පුවත්පත් කලාවේදීන් නිතර මතක් කර දෙන්නා වූද පොතේ පතේ ලියැවුණු ජවිපෙ සාමාජිකාවක් හා සාමාජිකයෙක් මා ඉදිරියේ විරජමාන වූහ. ඇය නිහඬවම රූපාන්තරණය වුනු  පෝට්ටු කාරයන්  හා ජවිපෙ යාළුවන් බිම දමා ගිය  නිකන් ලැබුණු  තේ කෝප්ප ටිකද සොලියුෂන් අඩංගු පොත් ද , යුඇන්පී කාරයන් හා සජබයන්, සැඟවුණු අමුත්තන් මෙන් සිටි ජවිපෙ සාමාජිකයන් ද  විසින්  අච්චර කුණු  බාල්දි තිබියදී බිම පුටු අතර දමා ගිය කෑම බෑග හා  ප්ලාස්ටික් බෝතල් ද එකතු කරමින්  සිටියාය. ඔහු, කෙට්ටු මා වැනිම වූ  ඔහු  සෙල්ෆි ගැනීම පැත්තක තිබියදී කුණු පිරුණු කළු බෑග් එකතු කරමින්  විශාල ට්‍රොලියකට දමමින් සිටියේය. ඔවුන්  සමග සෙල්ෆි එකක්  ගනිම්දෝ නොගනිම්දෝ වැනි දයලෙක්තික උභතෝකෝටිකයකට  මැදිව තත්පරයක් සිටි මම වහා සිහි  එළවාගෙන ඒ පැත්තෙන් එලියට පැන ගතිමි.

නීල් කාරයේ දොර ඇරගෙන කෑ  ගැසුවේය. "ඉඳ ගනින් ඉක්මනට යමු මෙතැනින්". එළියේ තිබූ ටෙස්ලා, බෙන්ස් , බිඑම්බ්ලිව්, ෆෝ වීල් ඩ්‍රයිව් දුටු මට සිතුනේ මාලිමාවට චන්දය දෙන්නට පොඩ්ඩක් වත් බිය වෙන්නට එපා කියා ලංකාවේ යාළුවන්ට කියන්නටය. ඔයාලගේ ප්‍රොපර්ටි සේෆ් ය.  පිටි පස්සේ කාරයේ  චමිලා , සිසිරයාවත් දමාගෙන හැල්මේ එනවාය. 
"මචං දැන් සිසිරයා එක්සෙකටිව් කොමිටියේ නිසා ඌ ට එම්බසියේ ඇම්බසඩර් කම වත් ලැබෙයි නේද?" නීල් ඇසුවේය .
"පිස්සුද බන්, ඒ කාලේ ඉඳන් ජේවීපී කරපු දර්ශන ලා  වගේ අය ඉන්දෙද්දී . මූට සෙකන්ඩ් සෙකට්‍රි වගේ එකක් හම්බ වෙයි" මම කීවෙමි.

"තොපිල ට පිස්සුද යකෝ. මේක මේ පොහොට්ටුව, යූ ඇන් පී එක , සජබේ වගේ දේශපාලන පත්වීම් දීල ලන්ඩන් එවන සභාගයක් කියල හිතුවද" ආශා පිටුපස සීට් එකේ සිට සුන්දර  මධුර ස්වරයෙන් ගිරිය උළුප්පා ඉතා ආදරෙන් අප දෙදෙනා ඇමතුවාය.
"ඔය කිව්වට .." කියා මට ඒකට යමක් කියන්න හිතුනු මුත් කට පියා ගතිමි.  
ආශා අවුස්සා ගන්නවාට වඩා කොත්තු , තෝසේ  කන එක හොඳ යයි සිතා නීල් පාම්බිච් රෙස්ටුරන්ට් එක ගාව කාරය  නතර කලේය.
   
පසු සටහන:  පාර්සලය රැගෙන ගොස් පද්මිණි ට භාර දීම ගැන නලින්ද ජයතිස්ස ට ස්තුතියි.

අවවාදයයි: පරණ ගිලෙන නැව් වලින් පනින මීයන් ගෙන් ප්‍රවේසම් වන්න. උන් අලුත් නැව්ද හිල් කරන්නට ඉඩ තිබේ.   

-- අජිත් ධ. 
 

35 comments:

  1. මම ඔහෙ හිටියනම් වෙලාවක් තියනවනම් බලන්න යන්නෙ මේවා. මම ගිහිල්ලා තියෙන්නෙ එක පාරයි. ඒකත් අවු 18කට කලින්.ඒත් තාම ආසාවෙන් මතක් වෙනව. ගිහිල්ලා ලියන්නකො.
    https://pendonmuseum.com/

    ඉන්ටරෙස්ට් සහ ටේස්ට් එකිනෙකාගෙ වෙනස්නෙ. අනිත් එක අජිත්ට පෙන්ඩන් වගේ ඒවා ඕනෙ තරම් බැලුවෑකි නෙ. අපිට දේසපාලනේ ඕන තරම් තියනවා. ඉතින් දුර්ලභ ඒවටනෙ ආසා.
    මම කිව්වෙ මම මේ ජාතියෙ පෝස්ට්වලට වැඩිය විස්තරාත්මකව කමෙන්ට් නොකිරිමට එක්ස්කියුස් එකක් විදිහට. හැබැයි මේකෙ විෂය වස්තුව මට වැඩිය ඉන්ටරෙස්ටින් නැතිවුනාට ලිවීමේ විලාශයනම් එන්ටර්ටේනින්.

    ReplyDelete
    Replies
    1. Btw, ඉවාන් ලියලා තියනවා ආයිත් බ්ලොග් පෝස්ට් එකක් !හැබැයි ලිස්ට්වල යාවත්කාලීන වෙන්නෙ නෑ.
      https://iwanpaulooshaa.blogspot.com/2021/06/blog-post.html#comment-form

      Delete
    2. තව පොඩ්ඩෙන් පෙන්ඩන් බල බල ඉඳලා මේකට කොමෙන්ටෙකක් දාන්න අමතක වෙනවා :))

      //හැබැයි ලිස්ට්වල යාවත්කාලීන වෙන්නෙ නෑ.// මගෙත් නෑ. ආයේ ඇඩ් කරලා බලන්නෝනි බ්ලොග් රෝලට.

      Delete
    3. ප්‍රශ්නේ කියන්නේ ප්‍රදීප් ඕකට ගියා අවුරුදු ගානකට කලින්. ලන්ඩන් වල හැම මියුසියම් එහෙකටම ගිහින් තියනවා. සමහර වෙලාවට එනවා දේශපාලන හෝ වෙන මොනවා හරි රැස්වීම් නොගිහින් බැරි.

      Delete
  2. හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් තමයි රට ඉන්නා ගමන් ලංකාව හදන්න උපදෙස් දෙන එක.

    එක ඩොලර් එකක් ලංකාවට එවන්නේ නැහැ. මැදපෙරදිග සේවය කරන පිරිස තමයි මුදල් එවන්නෙත්.

    ReplyDelete
    Replies
    1. දුප් යන්න කියල කීවොත් අපේ ටොමියා වරදවා වටහා ගනී. බල්ලෝ හොඳයි උඹල වගේ කැනහිලුන්ට වඩා. මේ මම ඒ කාලේ දර්ශනවාදියෙකු ට දුන්න පිළිතුරක්. ඔහෙටත් අදාළ නිසා දානවා.//// මා අසන්නේ ‘කුමන හේතුවකට හෝ ලංකාවේ භූමියෙන් වි-ප්‍රදේශගත වූ නුඹලා එම රටවල ඇති වාමාංශික අරගල සමග ඒකාත්මික වන්නේ නැතිව ගෙදරින් විසිකළ ගෙම්බන් මෙන් නැවත නැවත ආපසු ගෙදර දෙසට ම හැරී ලංකාවේ ඇති බිබික්කම ගැන සොයන්නේ මන්ද?’// මම බ්ලොග් ලිපියකින් සවිස්තරාත්මක පිළිතුරක් දෙන තුරු මේ පිළිතුර taster එකක් ලෙස ගන්න. මහේෂ් මේ කතා සාමාන්‍යයෙන් මට කියන්නේ බයියෝ රැල මගේ බ්ලොගේ කොමෙන්ට් කරන. තෝ එහෙ ගියානම් එහෙට වෙලා ඉඳපිය . එහෙ ඒවා බලාගන් . තෝ මොකටද ලියන්නේ අපි ගැන. අපි බලා ගන්නම් . තව දරුණු භාෂවෙන් පරයා වගේ වචන පවා කියමින් දානවා පොස්ට්. සමහර ඒවා මම පල කරනවා, සමහර ඒවා පළ කරන්නේ නැහැ මෝඩ වැඩි නිසා හරි කුණු හරුප නිසා හරි. ඒ ගොල්ලන්නට දුන් උත්තර ටිකක් පස්සේ දාන්නම් දැනට මෙහෙම අහමු. මාක්ස් ලන්ඩන් ඉන්න කාලේ ඔයාගේ තර්කයට අනුව පැරිස් කොමියුනය ගැන හොයන්නේ නැතිව ලන්ඩන් වල දේශපාලනය කරන්න තිබ්බ නේද? ට්‍රොට්ස්කි මෙක්සිකෝවේ ඉන්න කොට මෙක්සිකෝවේ මිසක් සෝවියට් රුසියාවේ දේශපාලනය හොයන්නේ නැතිව මෙක්සිකෝවේ එකට සම්බන්ධ වෙන්න තිබ්බ නේද? ස්ටාලින් ගෙන් මැරුම් නොකා ඉන්නත් තිබුන. ආ එතකොට ලෙනින් – ස්විට්සර්ලන්තේ අරගලයට ඒකාත්මික වෙන්නේ නැතිව මොන බම්බුවක් කලාද රුසියාවේ දේශපාලනයට ඇඟිලි ගගහ ?
      මම නම් කියන්නේ දීප්ති වගේ කෙනෙක් මේ වගේ ප්‍රශ්නයක් ජිවිතේට අහන්නේ නැහැ කියල. මහේෂ් මේක ටිකක් බොළඳයි කියල හිතෙන්නේ නැත්ද? විවේචනයට උත්තර දෙනවා මිසක් උඹල මොනවාද කරන්නේ යකෝ අපිනේ භුමියේ දේශපාලනය කරන්නේ කියන තර්කය ඉස්සර මට දැම්මේ ජවිපේ සහ පෙසප සහෝදරවරු. දැන් ඔයත් පටන් ගත්තද? වැඩේ කියන්නේ මේකයි. අපි කරන හුඟක් දේවල් එළියේ ඉන්න අය දන්නේ නැහැ . දැනගන්න දෙන්නෙත් නැහැ. ඉතුරු ටිකට පිළිතුරක් බ්ලොග් එකෙන් දෙන්නම්. මගේ ලිපියේ උඩම කියල තියනවා මම දීප්ති සහ හපුගොඩ ගේ අදහස් වලට එකඟයි කියල . ඒක ඔයාට මිස් වුනේ කොහොමද දන්නේ නැහැ. මගේ ලිපියේ අදහස මොකක්ද කියලවිස්තර කරලා ලිපියක් බ්ලොග් එකේ දානවා.//https://kolambagamaya.blogspot.com/2019/04/blog-post_2.html

      Delete
  3. මම දිගටම කියෙව්වෙ.. 'දැන් නින්දෙන් අහැරුණා.. දැන් නිදන් ඇහැරුණා..' කියල කොයි වෙලාවක හරි කියාවි කියල.. ඇයි යකෝ හීනයක් වගේනේ. ඒත් ඉතිං ඔය ලංකාව නෙවෙයිනේ නේ?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගියා. ජාජබේ වුනත් දැන ගත්තා එහෙ කොහොම වුනත් මෙහෙ එහෙම කරන්න බෑ කියලද කොහෙද

      Delete
  4. හුම් හුම්... පණින මීයන්ගෙන් තමා පරවේසම් වෙන්ටම ඕනෑ.

    ReplyDelete
  5. අජිත්ගේ මානසික ව්‍යාධිය හොදටෝම වැඩිවී ඇති බව මෑත කාලීනව ඔහු පල කරන වෛරී අදහස් වලින් පෙනෙ. අනුකම්පා කරමු.

    ජාතික ජනබලවේගය සමග ඇත්තේ මෙවැනි අන් මත ඉවසීමට නොහැකි වෛරී සහගත පිරිසකි. අජිත් ධර්මකීර්තිද දැන් ජාතික ජනබලවේගයේ හමුවීම් වලට යමින් අන් මත නොඉවසමින්, අන් මත දරන අයට විවිද සතුන්ගේ නම් කියමින් බැන වදිනා තත්වයට පත්ව ඇත. අජිත්ගේ සැබෑ ස්වරුපය සියල්ලන්ටම කදිමට දැකගත හැකි වනු ඇත.

    අජිත්ගේ කොමෙන්ට් කිහිපයක්.

    'බල්ලෝ හොඳයි උඹල වගේ කැනහිලුන්ට වඩා.'
    'උඹල ඔච්චර මී හරක්ද'
    'අදාල නැහැයි කිවේ මිමින්නෝ දීප්තිගේ උත්තරේ'


    ජෙනරාල් ෆොන්සේකා කලවැද්දා කියලා බැන්නා. ෆොන්සේකා රට බාර ගත්තා නං හොදයි කියපු අජිත්ට මතක් උන සතුන්ගේ නම්.

    ReplyDelete
    Replies
    1. මේ තමයි මීමින්නා උඹ දැම්ම එක. ඒකට සහ රට ඉඳන් අරව මේවා ලියන්න එපා කියල මෙතන ලගින්න එන පොහොට්ටුවන්ට වෙන කතා කරන්න විධිහක් නැහැ. //දීප්තිගෙන් කීයක් ගත්තද පොස්ට් එක දාන්න? විලිලජ්ජා නැති මිනිහෙක් තමයි අජිත් කියන්නේ. දීප්තිට ඉංග්‍රීසි පොත් දුන්න නිසා එයාට ඉංග්‍රීසි පුළුවන් ඇතිලු. පොත් විතරක් නෙමෙයි, තව ඒවාත් දීලා ව‍ගේ පේන හැටියට.

      මෙම ලිපිය පිළිබඳව ලංඩනයේ සයිබර් ක්‍රයිම් චෙක් ආයතනයට අජිත්ගේ විස්තර සමග පැමිණිලි කල යුතුයි. සේවා ස්ථානයටත් දැන්විය යුතුය මෙවැනි සේවකයෙක් එහි තවරදුරටත් සේවය කිරීම ප්‍රශ්නකාරී බව දන්වා.//
      ගෝඨාභය ට චන්දෙ දෙන්න රට ඉඳන් ආපු එවුන් නේ. සජබේ එනවනම් මම කැමති එකම හේතුව ෆොන්සේකා හා චම්පික රණවක ඉන්න නිසා විතරයි. උඹලගේ නායක කලවැද්දෝ ටික ඇතුලට දාන්න පුළුවන් ෆොන්සේකාආවොත් විතරයි

      Delete
    2. අජිත්ගේ සැබෑ ස්වරුපය පෙන්නුම් කරන ලදි. අන්මත ඉවසීමට නොහැකි මෙවැනි ක්‍රෝධයෙන්, පලිගැනීමේ ආශාවෙන් පෙලෙන මොවුන් සමග කුමන කතාද.

      බලය ලැබුනහොත් මොවුන් විරුද්ධවාදීන්ට වෙඩි තබා මරා දමනු ඇත.



      Delete
    3. අර තාජුඩින් , එක්නැලිගොඩ , ලසන්ත වික්‍රමතුංග මර ල දැම්මේ අන්මත ඉවසීමට හැකි නිසාද? පළිගැනීමේ ආශාවෙන් නොපෙළෙන නිසාද? ඊයේ පෙරේද අරගලය කරපු කොල්ලෝ එහෙන් මෙහෙන් ඇලවල් දොළවල් වලින් මතු වුනෙත් ඒ නිසාද? මාලිමාවට බලය ලැබුනොත් උන් මොනවා කරයිද මම දන්නේ නැහැ. ඒත් ධමම්පදය කියෙව්වා නම් හොඳයි. පිටුපස හඹා එනව කියනවනේ. මම නම් ඕනෑම ආකාරයකභෞතිකව ජිවිත අහිමි කිරීමේ ක්‍රියාදාමයකට විරුද්ධයි. ෆොන්සේකා ඇවිත් කලවැද්දෝ ටික හිරේ දානවට නම් පක්ෂයි.

      Delete
    4. උතුරේ දෙමළ මිනිස්සුන්ට බර අවි වලින් පහර දෙන්න කියලා කියපු ජේවීපී එකත් එකතු කරන්න ලිස්ට් එකට

      Delete
    5. අනිවාර්යයෙන් ඇනෝ. මම ටිල්වින් එක්ක කරන සාකච්චාවේදී ඇහුව ඔය ගැන. 2005 රාජපක්ෂලා ගෙන ඒම ගැන හා යුද්ධයට සහභාගී වීම ගැන. හැබැයි එකක් ඕක කියන්න පුළුවන් කිහිප දෙනයි ඉන්නේ. මට පුළුවන්. සරෝජ් පතිරණ වගේ අයට පුළුවන්. දීප්ති ගුනරත්නට පුළුවන් . වික්‍රමබාහුට පුළුවන්. ඒ අයගේ අනුගාමිකයන්ට , සමාජවාදී සමානතා පක්ෂය වගේ ඒවාට පුළුවන්. පොහොට්ටුවන්ට හෝ වෙන කිසි අයෙකුට බැහැ.

      Delete
  6. විමසුම් කෙරෙයි ළඟදිම එන ඡන්දෙ ගැන
    දැන ගන්නට ලැබෙයි එක එක මත තිබෙන
    ස්තුතියි අජිත් එව්වා ලීම ගැන
    ඒවා කියවීම වඩවයි නැණ නුවණ

    ReplyDelete
    Replies
    1. නැණ නුවණ කොහොම වෙතත් සමහරු මේ අපිත් රැල්ලට කියල වරදවා වටහාගෙන

      Delete
  7. ඔබ ලියා තිබෙන සියලු කාරණා වලට වඩා මගේ සිත ගියේ ඔබගේ අවවාදයටයි. අනිවාර්යයෙන්ම ගිලෙන නැවෙන් පැනලා මේ නැවට ගොඩවෙන මීයන් ගැන ජාජබය පරිස්සම් වෙන්න ඕන. ඌන් මේ නැවත් ගිල්ලොනවා පරිස්සම් නුනොත්.

    ReplyDelete
    Replies
    1. ඕක හැම තැනම හැමදාම වෙච්චි දෙයක් යාලුව. 1921 ඉඳන් ලෙනින් ටත් වුනා

      Delete
  8. කියවා හමාර වූ පසුව දැනුන හැඟීම තමයි අසංවේදී යාන්ත්‍රික නවීකරණයක් ද කියන ප්‍රශ්නාර්ථය. අජිත්ගේ උපහාසාත්මක ස්වරය එයට හේතු වුනා වෙන්නත් පුළුවන්. අජිත් ඇත්තටම එහෙම දෙයක් අදහස් කරාද කියන එක තමයි ගැටළුව!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. පාඨකයා තීරණය කළ යුතුයි නේ ඒක. ඔයාගේ පරිවර්තිත කෙටි කතාව වගේ. පාඨකයා ගේ දෘෂ්ටිය ට හානි කරන්න මට බැහැ

      Delete
    3. දෘෂ්ටිකෝණයට

      Delete
  9. නවකතාවත් කියෙවිවා වගෙ රසබර ලෙස ලියපු මෙ සියලු තොරතුරැ කියවනකොට හරි ආඩම්බරයක් පැමිනියා . පත්මි නිසා මාලිමාවෙ තොරතුරැත් ඊට සමිබන්ද අයත් හදුනගන්න ලැබුනා . රනිල්ට වෙන්ව තිබිබ කතිරය මගේ මාලිමාවට නිසැකයෙන්ම දෙනවා

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට. මම ඇත්තටම මාලිමාවට චන්ද හොයන්න ලියපු එකක් නෙමේ. මට හිතුන දේ. උපහාසයත් තේරුම් ගියා නම් තවත් හොඳයි. අපි හැමෝම පරිපුර්ණ නැති නිසා මම විවේචනයක් නොකර ලිව්ව දේවලුත් තියෙනවා.

      Delete
  10. මේ අටංපහුර තාම කියෝල ඉවර කරගන්ඩ බැරි උනා. ඒ නිසා කමෙන්ට් කරන්නෙ කියවන් නැතුව.

    ඒක නෙමෙයි, ඔයා සුරංගට කියල බලන්ඩකො ආපහු ලියන්ඩ කියල. එයාට ආපහු ලියන්ඩ කියල කියන හැමෝට ම එයා බණිනව. ඒත් ඔයාට බණින එකක් නෑ. මං බැරිම තැන එයාගෙ චූටි මැණෙිකෙටත් කියල සුරංගට කියෙව්වා. තාම සාර්ථක නෑ.

    ReplyDelete
    Replies
    1. අටමට කියල ට්‍රාන්ස්ලේට් කරවගනින්කෝ. අටං පහුරනම්. සුරංග ට ඕන වැඩක් නේ එයා කරන්නේ.

      Delete
  11. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  12. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  13. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  14. අමන මී හරක් රැළක් පැමිණ නැවත තප්පුලන නිසා කොමෙන්ට් මොඩරේෂන් දැමීමට සිදුව තිබේ. කාලයාගේ ඇවෑමෙන් මෝඩයන් ඉවත්ව යනු ඇත. මුන්ට දැන් ආපහු පිස්සු හැදී ඇත්තේ දිල්රුක් විසින් අලුත් වට්සැප් ගෘප් එකක් සෑදීම නිසා විය හැකිය. එයට මගේ සම්බන්ධයක් නැතිමුත් කිහිප දෙනෙකුට ඌයියා වී ඇත. අලුත් බ්ලොග් එකතු වීම කරන්නේ තට්ටයගේ කොලම සන සඳකඩ පහන විසිනි. එයට මගේ සම්බන්ධයක් නැත. බ්ලොග් සම්මාන උළෙල ගැන පිළිතුරු ඕනෑ තරම් දී ඇති නිසා ඒගැන කතා කිරීමට අවශ්‍යතාවයක් මට තව දුරටත් නැත. මේ බ්ලොගයේ ඒවා තිබේ.තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් බූරුවන් බුරුවන්මය.

    ReplyDelete
  15. හිමිකම්

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .