Saturday, 29 October 2022

ග්‍රීසියේ ගිනි කන්ද කරා ගිය ගමන - ග්‍රීසියේ සංචාරය 5



ගිනි කන්ද තරණය කිරීමට ගිය ගමන එතරම් පහසු එකක් වූයේ නැත. ඉනෙස් එය මෙතරම් අමාරු වේ යැයි සිතුවේ නැති බව මට වැටහුනේ ඇය කන්දේ භාගයක් දුර ගොස් ඉදිරියට තව දුරටත් යාම ප්‍රතික්ෂේප කළ නිසාය. පළමුවෙන්ම අප කල වැරැද්ද වූයේ බෝට්ටු නවත්වන තොටුපලට පයින් යෑමට තීරණය කිරීමය. කේබල් කාරයක් තිබුනත් අප සිතුවේ පයින් පහළට බැසීමටය. එය වඩා බෑවුම් සහිත මාර්ගයක් නිසා පහළට යාම දියණියට පහසු වුවත් අප දෙදෙනාට පහලට බැසීමට සිදු වූයේ අපහසුවෙනි. බූරුවන් ගේ හා කොටලුවන්ගේ ගොම මග දිගේ පිරී තිබීම අපහසුව වැඩි කළේය. දියණිය කලින්ම ගොස් පෝලිමේ ඉදිරියෙන් සිටි නිසා පළමු රුවල් නැවටම නැගගත හැකි විය.


අපට  නොතේරුනේ ග්‍රීක දූපත් වාසීන් මෙතරම් පමාවී මේ සංචාර ආරම්භ කරන්නේ ඇයිද යන්නය. ඒ සමගම මට වැටහුනේ  ඔවුන්ට මේ ග්‍රීෂ්මය  හා දැඩි උණුසුම දරා ගත හැකිය යන්නය. ශ්‍රී ලංකාවේ  උපන් මටද මේ දැඩි උනුසුම  දරා ගැනීම මදක්  අපහසු විය.  ග්‍රීක වාසීන් ගේ එක ගතිගුණයක් වන්නේ පමාවී ඇහැරීමය. ඔවුන් වඩාත් ප්‍රාණවත් වන්නේ සිහිල් රාත්‍රියටය. ඔවුන් මේ පමාවී සංචාර ඇරඹීමේ හේතුවද එයයි. 

ගිනි කඳු මුදුන  උඩ සිට බලන විට පහත මුහුද කල්දේරාව  පියකරු දසුනකි. මේ පියකරු බව යටින් උණුවී ලෝදිය දමන ගිනි කන්දක් තවමත් ඇති බව මදකට අමතක වී යයි. ගිනි කන්ද පිහිට තිබෙන කල්දේරා ව මැද කොටසේ කුඩා දූපත් දෙකක් ඉස්මතුව  පෙනේ. මේවා නමින් පලයියා කමෙනි හා නෙයා කමෙනි නම් වේ.  ගැඹුරු මිහුදේ ඇතිවූ ගිනි කඳු පිපිරීම් නිසා ම දුඅත් මතුව ඇති බව භූ විද්‍යාඥයන් ගේ මතයයි. අවසාන මහා පිපීරිම 1950 වර්ෂයේ සිදුව තිබේ. අවසාන වරට ක්‍රියාකාරම් සටහන්ව ඇත්තේ 2011 -2012 වසර වලය. 

මුළු දූපතේ ම එක තැනක පමණක් ගහක් වැනි යමක්  දැකගත හැකි විය. ළඟින් බැලූවිට එය ගහකට වඩා පඳුරු ගොන්නක් බව පෙනේ.  


පහත ඇත්තේ සමහර ඡායාරූපය. 



කන්ද මැද විශාල ආවාටය මෙහි පෙනේ. 


මා ස්කොට්ලන්තයේ සහ එංගලන්තේ ද දුටු පරිදි කන්ද මුදුනේ මිනිසුන් කුඩා පාෂාණ  එකතුකර එක උඩ එක තබා යති. ඒ තමන් එහි නැග්ග බව ප්‍රකාශ කිරීමට මෙන්ම වයිකින් වරුන්ගේ චාරිත්‍රයකට අ නුව මියගිය නෑදෑයින් , යහළුවන් සහ ගොතරයේ අය ද වත්මනේ වෙසෙන අයද සිහි කිරීමට බවද අසා ඇත්තෙමි.  මමද ඒ පුරුද්දට අනුව යමින් පවුලේ අය සහ යහළුවන් උදෙසා කුඩා පාෂාණ ස්මාරකයක් හැදුවෙමි. 





පිපිරීම් ගැන සොයන මාපක. 




මේ ආවාට වල තවමත් සල්ෆර් සුවඳ යුතු දුම් පිටවේ. 


මේ සමරු ඵලකයේ ඇත්තේ සියලු ගිනිකඳු  පිපිරීම් වල ඉතිහාසයය. ක්‍රිස්තු පූර්ව 197 මෙහි දක්වා ඇතත් ක්‍රිස්තු පූර්ව 1600 පමණ සිදුවූ  මිනෝවන් පිපිරීම දක්වා නැත. 



අපි ආපසු නැවට පැමිණි පසු ඔවුහු අපව උණු දිය උල්පත් කරා රැගෙන ගියහ. උල්පත් ඇත්තේ දෙවන දුපතේ පැත්තකය. එයට යාමට මුහුදට පැන පිහිනා යා යුතුය. මේ සල්ෆර් ගඳ සහිත මඩ උල්පත් වල ඖෂධිය ගුණ ඇතැයි සිතා  හැමෝම පැන නාති. ඊට කලින් දවස සුදු වෙරළ නම් පෙදෙසේ පිහිනද්දී  ගල් කුලකට නැගීම නිසා මගේ ඇඟිල්ලක් කැපී තිබුණි. එනිසා මේ මඩ උල්පතට මා නොයා යුතුය යන අවවාදය ලැබුණු හෙයින් මට පින්තූර ගැනීමේ කාර්යයේ පමණක් නියැලෙන්නට සිදු වුනි. 


මේ දූපත් වලින් පැමිණෙද්දී ප්‍රධාන වෙරළවල් තුනක් දැකිය හැකිය. මේවා හඳුන් වන්නේ රතු වෙරළ, සුදු වෙරළ සහ  කළු වෙරළ වශයෙනි. මෙයින් සුදු වෙරළට යා හැක්කේ බෝට්ටුවකින් පමණි.  මටනම් වඩා සුන්දර වෙරළ සංචාරකයන් අඩු මෙම සුදු වෙරලය. එයට හේතුව සමහර විට ගොඩබිම් මාර්ගයක් නැතිවීම විය හැකිය. එසේම මුහුදේ සෑහෙන දුරක් යනතුරුම පිහිනිය හැකි ලෙස ඇත්තේ අඩි  පහක පමණ ගැඹුරකි. 

මේ නම් සැදී ඇත්ත වෙරළ ඇති කොටසේ කඳු වල වර්ණය නිසාය. පැරණි ගිනි කඳු පිපිරීම් වල ලාවා සහ පාෂාණ හේතුවෙන් මේ රතු, සුදු සහ කළු බිත්ති සෑදී තිබේ. මෙයින් වඩාත් වර්ණවත් එක වන්නේ රතු බිත්ති සහ රතු පාෂාණ සහිත රතු වෙරළය. 














ගමන අවසානයේ මේ රුවල් නැව් තවත් වෙරළකට අප රැගෙන ගියේ ආහාර ගැනීමටය. මේවායේ බොහෝ විට තිබුනේ මාළු , පොකිරිස්සන් , ඉස්සන් වැනි බාබෙකිව් කරනා ලද ආහාර ය. 






95 comments:

  1. ශ්‍රී ලංකා වාසි අප කන්නට බොන්නට කිසිවක් නොමැතිව ඉහල යන බදු බරට මුහුන දෙමින් ආර්ථික ගිනිකන්දක පාමුල සිටිනා විට ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රධානි අජිත් ධර්මකීර්ති මහතා රජයේ මුදල් වැය කරමින් ග්‍රීසියේ ගිනි කඳු නරඹමින් ප්‍රීති වෙයි,

    ReplyDelete
    Replies
    1. ඈ බං ඔය රනිල් ගේ මාජ්ජ ප්‍රොකාසෝක අර ධනුෂ්ක කියන ගොබිල නේද ? අරගලේ ඉඳල ගොඩ ගිය තවත්බුවෙක් නේ ඔය. උඹල ඒකටත් අහු වුනානේ ඉතින්

      Delete
  2. හරිම ආසාවෙන් කියෙව්වා. ග්‍රීසිය මා යන්නට බලා ඉන්නා රටක්. සටහනට ෆොටෝ එකතු කරලා තියෙන හින්ද කරුණු තවත් පැහැදිලි වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ. යන දවසක කියන්න පි නතර වී හිටි තැනුත් මතක තියනවා. යන්න ඕනේ රටක් ඇත්තටම

      Delete
    2. අනුරුද්ධ ආසා නැද්ද වැලිගම්පිටි යන්න

      Delete
  3. සුදු ජාතික මහත්වරුන්ට වෙන්වූ මෙවැනි ස්ථාන වලට කළු දුඹුරු සමක් සහිත නුගත් ආසියානුවන් යාමේදී විරෝධයක් මතු වෙන්නේ නැද්ද සර් ?

    ReplyDelete
    Replies
    1. කවුද ඔයාට එහෙම කිව්වේ /සුදු ජාතික මහත්වරුන්ට වෙන්වූ මෙවැනි ස්ථාන //😀 😃 😄 😁 😆 😅 😂 🤣

      Delete
  4. අන්තර් මහාද්වීප බැලස්ටික් මිසයිල
    නියුක්ලියර් වෝ හෙඩ්
    සිස්ට් පිකප්

    ReplyDelete
    Replies
    1. ඉදිරියට එන්න පුළුවන් දේවල්

      Delete
  5. ආගිය තතු කියා අරගෙන foto හෙම
    අජිත් පිස්සු වට්ටනවා අප සැවොම
    ගිහිං බලනු බොරු හින්දා අපි මෙහෙම
    දුරින් හිඳ බලා ලබනෙමු සැනසීම

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදි මහත්මයා

      Delete
    2. මතලන්ගේ බ්ලොග් එකේ දාන පන්නයේ කවියකුත් දාන්න නිදි මහත්මයා

      Delete
  6. ගල්ෆ් යුධ සංකූලතාව

    ReplyDelete
  7. නේවි පයිලට්

    ReplyDelete
  8. කන්නංගර එයාර් ලයින් සර්විස්

    ReplyDelete
  9. යන්න ආස හිතෙනවා අෆ්ෆා 😍

    ReplyDelete
    Replies
    1. රොහාන් මල්ලිට යන්න පුළුවන් වෙයි

      Delete
    2. රොහාන් මල්ලි ඔය නොදන්නා තැන්වල යන්න එපා. ගෙදරට වෙලා කරබාගෙන ඉන්න ගොනා වගේ. ( රසික සුරියාරච්චි වගේ )

      Delete
  10. අජිත් ධර්මකීර්ති බුද්දාගම හැරදා ක්‍රිස්තියානිකාරයෙක් වී ඇත. මේ වන විට ඔහු කරන්නේ ඔහුගේ ගෙවල් වල වට්ටක්ක පහන සදා ඉටිපන්දමක් පත්තු කරනව ජැක් ට. සඳුදට ළමයි එනවා දොරට තට්ටු කරන් ට්‍රික් ඔර ට්‍රිට් කියාගෙන. එයාලට දෙන්න රස කැවිලි බාල්දියක් ලැස්ති කරනවා.

    ReplyDelete
    Replies
    1. හැලොවින් කියන්නේ ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ නැති උත්සවයක්. ඒක පගන් හෝ පැගන් එකක්. ක්‍රිස්තියානිය එන්න කලින් තිබ්බ චාරිත්‍ර. ලංකාවේ යක්ෂ නාග ගෝත්‍රිකයන්ගේ තිබුන සිරිත් විරිත් නේ වෙස් මුහුණු හෙම . ඒවා පගන්

      Delete
    2. 'ක්‍රිස්තියානිය එන්න කලින් තිබ්බ චාරිත්‍ර.'

      ජැක් කියන්නේ ක්‍රිස්තියානි කම්මල්කරුවෙක්.

      ඔහුගේ කමිස සාක්කුවේ කුරුසයක් තිබුන නිසයි සාතන්ගේ බල බිදුනේ.

      අජිත් ඇයි මේ බොරු කියන්නේ ක්‍රිස්තියානිය එන්න කලින් තිබ්බ දෙ කියලා

      Delete
    3. ඔය ජැක් ගේ කතාව පස්සේ ආපු එකක් අයිරිෂ් මිතලොජි එක. ඒක අමෙරිකාවේ ජනප්‍රිය වුනේ අයිරිෂ් ජාතිකයෝ එහෙ පදිංචියට ගිය නිසා. https://www.history.com/news/history-of-the-jack-o-lantern-irish-origins

      Delete
    4. හැලොවින් පටන් අරන් තියෙනෙන් කෙල්ටික් මිනිස්සු ස්කොට්, අයිරිෂ් හෙම තමන්ගේ අස්වැන්න කාලෙට දෙවියන්ට සහ මලගිය ඥාතීන් ට සමරන්න. https://www.goodhousekeeping.com/holidays/halloween-ideas/g4607/history-of-halloween/#:~:text=Who%20Celebrated%20Halloween%20First%3F&text=Most%20scholars%20agree%20that%20Halloween,%22sow%2Dwin%22).

      Delete
    5. ලංකාවේ , ඉන්දියවේ අලුත් අවුරුදු අස්වැන්න - අලුත් අවුරුද්ද බුද්ධාගමට සම්බන්ධ එකක් නෙමේ. ඒක හින්දු දෙමල, සිංහල , තායි, ඔය ඕන රටක පවත්වනවා මුස්ලිම් අය ඇරෙන්න. ඒකත් ඔය වගේම උත්සවයක්. ආගමට සම්බන්ධ නැහැ. දෙසැම්බර් 25 ක්‍රිස්තු උපන්දිනය කියල දැම්මෙත් ඒ කාලේ එහම් පගන් උත්සවයක් තිබ්බ නිසා. දෙසැම්බර් 25 ඊට කලින් ක්‍රිස්තියානි එක්ක නෙමේ.

      Delete
    6. අජිත් මහත්තයා පගන් වලට අරං අයින් කරපු වේලිච්ච වට්ටක්කා ගෙඩියක්ද?

      Delete
    7. මළවුන්ගේ අවුරුදු දා

      එදිරිවීර සරච්චන්ද්‍ර කලකට පෙර මළවුන්ගේ අවුරුදු දා කියා නවකතාවක් ලිවුවා. නවකතාවලින් ඊනියා ජීවිත යථාර්ථයක් නිරූපණය කරන්නේ නැහැ. නිරූපණය කරන්න ඊනියා යථාර්ථයක් කියා දෙයක් නැහැ. මළගිය ඇත්තො වගේ ම මළවුන්ගේ අවුරුදු දාත් තවත් කතා පමණයි. මා මෙහි කියන්නේත් තවත් කතාවක් පමණයි. එය ලූලා ද සිල්වාගෙන් බ්‍රසීලයේ සමාජවාදය බලාපොරොත්තු වෙනවා වගේ කිසි දා ඉටු නොවන කතාවක් නොවෙයි. ලූලාගෙ කතාව අර අටුවන් බැහැපු මාක්ස්වාදීන්ගෙ තවත් සුරංගනා කතාවක් පමණයි. ලූලා කලිනුත් බලයේ හිටියා.


      මේ කතාව බටහිරයන්ගෙ සංස්කෘතිය පිළිබඳ කතාවක්. පැරණි බටහිර සංස්කෘතියෙ නොවැම්බර් පළමුවැනි දා කියන්නෙ අලුත් අවුරුද්දක ආරම්භය. අස්වැන්න කපා ගැනීමෙන් පසු ශීත කාලයට සූදානම් වීම. මෙය උතුරු යුරෝපයේ විශේෂයෙන් ම අයර්ලන්තයේ සෙල්ටික් ජනයාගේ අවුරුද්දක් කියා කියනවා. මෙය මළවුන් හා බැඳුණු එකක් ද වෙනවා. අවුරුදු දෙදහකට පෙර සෙල්ටික්වරුන් මේ අවුරුද්ද පවත්වල තියෙනවා.


      මේ දිනවල බටහිර රටවල ගස්වල කොළ හැලෙන කාලය. සෑම දෙයක් ම මිය යමින් ඇත්තෙ. නොවැම්බරය ඔවුන්ට ග්‍රීෂ්ම කාලයෙන් ශීත කාලයට මාරුවන මාසය. නොවැම්බරය මළවුන්ගෙ මාසය ලෙසත් කියැවෙනවා. ජීවමාන ලෝකය හා මළවුන්ගෙ ලෝකය වෙන් කිරීමක් ලෙසත් සැලකෙනවා. නොවැම්බර් පළමුවැනි දාට පෙර දින එනම් ඔක්තෝම්බර් තිස්එක්වැනි දා ඒ ලෝක දෙක අතර දැඩි වෙනස නැති වෙලා මළවුන් විවිධ ස්වරූපයෙන් ජීවමාන ලෝකයට එන බවත් සෙල්ටික් ජනයා විශ්වාස කර තියෙනවා. එදින ළමුන් විවිධ සතුන් භූතයන් වගේ සැරසී අර මළවුන් සිහි කිරීමක යෙදෙනවා. එහෙත් වර්තමානයෙහි එය උත්සවයක් ලෙසයි පැවැත්වෙන්නෙ.


      මෙයට අද කියන්නෙ හැලොවීන් කියල. දකුණු කොරියාවෙත් ක්‍රිස්තියානි සංස්කෘතියක් තියෙන්නෙ. ඔවුන්ටත් හැලොවීන් තිබිලා. හැලොවීන් කියන වචනයේ අර්ථය ගැන විවිධ අර්ථකථන තියෙනවා. අර නොවැම්බරයේ මළවුන්ගේ ලෝකයට යෑමට පෙර සෑඳෑව ලෙස සමහරු එය විග්‍රහ කරනවා. එය පැරණි අයිරිෂ් වචනයක් වු Samhain (සොවෙන්) යන්නෙන් බිඳුණු එකක් කියාත් කියනවා. ඒ කොහොම වෙතත් මෙය මළවුන්ගේ අවුරුදු දා ලෙස හඳූන්වන්න පුළුවන්.


      පැරණි සෙල්ටික්වරු නොවැම්බර් පළමුවැනි දා අවුරුද්ද පටන් ගැනීමට පෙර ලිප් නිවා දමා පසුව අවුරුද්දට ලිප ගිනි දැල්වීමක් කර තියෙනවා. ඔවුන්ගේ අස්වැන්න ලබා ගෙන ලිප ගිනි දැල්වීම සිහි කරන්නේ අපේ අලුත් අවුරුද්ද. අපේ අවුරුද්දේ යක්‍ෂ සම්භවයක් තියෙනවා ද? එහි මළවුන් පිදීමක් ආදි කාලයේ තිබුණ ද? මේ ශීත කාලයේ මගේ හිතට එන භූත සිතිවිලි වෙන්න පුළුවන්.


      මේ සෙල්ටික් චාරිත්‍රය රෝමානු කතෝලික සංස්කෘතියත් සමග මිශ්‍ර වී ඇති බව පැහැදිලියි. උතුරු යුරෝපය රෝමන්වරුන් විසින් පාලනය කෙරුණු කාලයක් තිබුණා. යේසුස් වහන්සේ කොහේ උපන්නත් කතෝලික ආගම ඇතිවුණෙ රෝමයේ. බෙත්ලෙහෙමේ නත්තලට හිමේ රිය අදින පිනි මුවන් නැහැ. එහි ශීත කාලයක් නැහැ. තුන්වැනි සියවසේ දි රෝමානු සිරිත් විරිත් කතෝලික ආගමට රිංගා ගෙන තියෙනවා. අද ලෝකයේ තියෙන්නෙ යේසුස් වහන්සේගේ ක්‍රිස්තියානියකට වඩා රෝමකයන්ගෙ හා ලුතර්ලාගේ කතෝලික/ක්‍රිස්තියානි නිකාය. නොවැම්බරයේ මළවුන් සිහි කිරීමක් කතෝලිකයන් අතරත් තියෙනවා. සෙල්ටික් සංස්කෘතිය හා රෝමානු කතෝලික සංස්කෘතියේ මිශ්‍ර වීමක් මළවුන්ගේ අවුරුදු දා දකින්න පුළුවන්. අයර්ලන්ත වැසියන් ඉංගිරිසින් මෙන් නොව කතෝලික බව අත්හැරියේ නැහැ.

      Delete
    8. මේ දිනවල ශීත කාලයක් නැති වුණත් දකුණු අර්ධද්වීපයේත් හැලොවීන් තියෙනවා. සංස්කෘතික සිරිත් විරිත් රටින් රටට යෑමේ දී සෘතු ආදිය සමහරවිට බලපාන්නෙ නැහැ. මගධයේ වහින කාලයට ථෙරවාදී භික්‍ෂූන් වහන්සේ වස් වසනවා. උන්වහන්සේලා ඒ කාලයට ලංකාවේත් යුරෝපයේත් ඇමරිකාවේත් ඕස්ත්‍රේලියාවේත් නවසීලන්තයේත් අප්‍රිකාවේත් වැස්සත් නොවැස්සත් වස් වසනවා. සමහර විට වස්සාන කාලය අවසන් වී කඨීන පින්කම් පවත්වන්න වෙන්නෙ නා කපන වැස්සෙ. එවිට විසාකාවන් වැස්සෙ තෙම් තෙමී පෙරහරේ යනවා. සංස්කෘතියේ කතාව එහෙමයි. අවශෝෂණය අනුකරණය ක්‍රියාත්මක වෙනවා. අප දැන් නම් දන්නෙ අනුකරණය පමණයි.


      මළවුන්ගෙ කතාව වැදගත්. අපි මරණයට බයයි. අප මළවුන් ගැන කතා කරනවා. අපට අවශ්‍ය සදාකාලික ව ජීවත් වෙන්න. පඬි නැට්ටන් කියාවි තමන් එහෙම නැහැ කියල. මරණයෙන් සියල්ල කෙළවර වෙනවා කියලත් කියාවි. ඒ බව දන්නෙ ඔවුන් ඇවිදින මළ කඳන් හින්දද දන්නෙ නැහැ. ඒ කොයි හැටි වුණත් ආගම්වල කියල දෙන්න සදාකාලික සැප විඳින ක්‍රමයක්. ස්වර්ගයට ගිහින් හරි බ්‍රහ්මන් සමග එක් වෙලා හරි (බ්‍රහ්මන් හා තමන් යනුවෙන් දෙදෙනකු නැති බව අවබෝධ කර ගැනීමෙන් හරි) සදාකාලික ජීවනයක් තමයි බලාපොරොත්තු වෙන්නෙ.


      බටහිර සංස්කෘතියෙ ඒ ස්වර්ග සම්පත් මිහිපිට විඳින්න දරණ උත්සාහයට දියුණුව කියා කියනවා. බටහිර ආර්ථිකය ස්වර්ගය සමග බැඳුණු එකක්. එය ආගමික සංකල්පයක්. ඊනියා නිරාගාමිකයනුත් ඒ ස්වර්ගය සමග බැඳුණු දියුණුව පසුපස යනවා. අපි එහෙම යන්න ගිහින් ලෝක අමාරුවක වැටිලා.


      බෞද්ධයන්ට තේරෙන්නෙ නැහැ තමන්ට සුරසැප විඳීම අවශ්‍ය නැහැ කියල. ඒත් බණට කියන්නෙත් දිව්‍ය ලෝක සැප සම්පත් විඳ අවසානයේ දී උතුම් වූ නිවන් සම්පත් විඳින්න කියල. දැන් සම්පත් බැංකුවකුත් තියෙනවා. මට තේරෙන ආගමක් නොවූ බුදුදහමෙ නම් කියන්නෙ යළි ඉපදීම නතර කරන්න කියල මිස සදාකාලික ජීවන සැපක් බලාපොරොත්තු වෙන්න කියල නො වෙයි. අප බය වෙන්න ඕන මරණයට නොවෙයි යළි ඉපදීමට.

      -නලින් ද සිල්වා-

      Delete
    9. නලින්ද සිල්වා ගේ ලිපියට අජිත් ධර්ම කීර්තිට කට උත්තර නෑ. දැන් හැංගිලා ඇති බයේ

      Delete
    10. හැංගෙන්නේ මොකටද නලින් ද සිල්ව අමතා කියල තියෙන්නේත් මම කියපු දේමනේ. හැලොවින් ක්‍රිස්තියානි චාරිත්‍රයක් නොවන වග. එයා අර මම දාපු අයර්ලන්ත ගැන ලිපිය පරිවර්තනය කරලද කොහෙද 😀

      Delete
  11. ඇයි අප්පා මෙව්වා බලල සන්තෝස වෙන්නේ නැතුව වැරදිම හොයන්නේ

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනෙ ඒකමයි. මාධ්‍ය ප්‍රකාශක වුනත් ඉතින් ලෝකෙ රටවල ඇවිදලා, වැදගත් ස්ථාන, සිදුවීම්, මිනිස්සුන්ගෙ හැසිරීම් රටා වගේ දේ ගැන දැනුමක් තියෙන කෙනෙක් වෙන එක හොඳ නැද්ද. (ඔය කියන මාධ්‍ය ප්‍රකාශක ගැනනම් මම කිසි දෙයක් දන්නෙ නෑ, මම කිව්වෙ in general). ඒ අතරෙ නිව්ස් වෙබ් අඩවියක දකුනු කොරියාවෙ සිදුවීම ගැන ලංකාවෙ කෙනෙක් දාපු කමෙන්ට් එකක් දැක්කා 'ඇයි මේ බෞද්ධ රටවල හැලොවීන් සෙලිබ්‍රේට් කරන්නෙ' කියලා. අනේ මංදා කොමන් සෙන්ස්???

      කියන්න ආපු දේත් අන්තිමට අමතක වුනා. මට අජිත්ගෙ මේ සීරීස් එකේ කොටස් මඟ ඇරිලා. ඔක්කොම හිමින් කියවන්න ඕනෙ.

      Delete
    2. ජනාධිපති ගේ මාධ්‍ය ප්‍රකාශක ධනුෂ්ක රාමනායක කියලා කෙනෙක්. ඔය කොමෙන්ට් දාන්නේ දන්න කෙනෙක් මයි. ඇරියස් එකක් කවර කරගන්න. හේ හේ 😉 ස්තූතියි ප්‍රතිචාර වලට ලෝටස් , කුමුදු. ලෝටස් මම ලින්ක් ටික දැන්නම්. ස්තුතියි මතක් කළාට

      Delete
    3. 'මාධ්‍ය ප්‍රකාශක වුනත් ඉතින් ලෝකෙ රටවල ඇවිදලා, වැදගත් ස්ථාන, සිදුවීම්, මිනිස්සුන්ගෙ හැසිරීම් රටා වගේ දේ ගැන දැනුමක් තියෙන කෙනෙක් වෙන එක හොඳ නැද්ද. '

      මහත්තයා එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයේ ද වැඩ කරන්නේ

      Delete
  12. ට්‍රැවලින් කියන්නේ ආගමක්....

    ReplyDelete
    Replies
    1. ඒක හරි. ඊළඟ ලිපි ටික බලන්නකෝ. මේ ඔක්කොම ලියන්නේ ඒ ලිපි වලට පසුබිම හදන්න

      Delete
    2. 'ට්‍රැවලින් කියන්නේ ආගමක්'

      ඇයි ලලිත් මහත්තය මේ වගේ සිංහල බුද්ධාගමට අගෞරව කරන්නේ? මහත්තයා පන්සලකට පල්ලියකට යන්නේ නැද්ද?

      ඇයි මේ වගේ අගෞරව කරන්නේ

      Delete
  13. ගූටාබේ මහත්තයා ලංකට්ටෙකත් මන්දිරේ දාලානේ රටින් පැන්නේ. දැන් ආයේ ඇවිල්ලා ඉන්නවා ලජ්ජා නැතුව. මිනිහට ලැජ්ජාවක් නැද්ද මන්දා.

    ReplyDelete
    Replies
    1. ගූටාබේ මහත්තය හොදයි අජිත් මහත්තයා එක්ක බලද්දී.

      ගුටාබේ ලංකට් දාලා දිව්වේ. අජිත් දුවන්නේ අනික් උන්ගේ ලංකට් සාක්කුවේ දාගෙන

      Delete
    2. 😀 😃 😄 😁 😆 😅

      Delete
  14. 'මියගිය නෑදෑයින් , යහළුවන් සහ ගොතරයේ අය ද වත්මනේ වෙසෙන අයද සිහි කිරීමට බවද අසා ඇත්තෙමි. මමද ඒ පුරුද්දට අනුව යමින් පවුලේ අය සහ යහළුවන් උදෙසා කුඩා පාෂාණ ස්මාරකයක් හැදුවෙමි. '

    අජිත් ධර්ම මහතා මෙහිදී අරගලය වෙනුවෙන් ස්වකීය ජීවිතය කැප කල විරෝධාර විප්ලවවාදීන් සිහි නොකිරීම මගින් ඔහු සිය දෙබිඩි ජීවිතය පෙන්වයි

    ReplyDelete
    Replies
    1. අරගලය බදා ගත්ත අය ඉන්නවනේ. අපි මොකටද

      Delete
  15. අජිත් මහත්මයා භාවිත කරන්නේ රුසියානු ගමන් බලපත්‍රයක්ද? ජර්මානු එකක්ද? බ්‍රිතාන්‍ය එකක්ද? ලාංකික එකක්ද?

    නැතිනම් සියල්ලම තිබෙනවද?

    ReplyDelete
    Replies
    1. ඔයවැනි ප්‍රශ්න වලට පිළිතුරු දීම අති භයානකය

      Delete
  16. දුර්දාන්ත වික්‍රමසිංහ ආණ්ඩුව පලවා හැරීමට හෙට නොවැම්බර් 2 පැවැත්වීමට නියමිත අරගලයට අජිත් ධර්මා මහතා සහය දෙනවාද

    ReplyDelete
    Replies
    1. කවුඩ් අකරන්නේ කියලත් දන්නේ නැතිලු. - ලාල් කාන්ත https://lankacnews.com/%e0%b7%84%e0%b7%99%e0%b6%a7-%e0%b6%85%e0%b6%bb%e0%b6%9c%e0%b6%bd%e0%b6%ba%e0%b6%a7-%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b6%b1%e0%b6%82-%e0%b6%b1%e0%b7%91-%e0%b6%9a%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b7%94/

      Delete
    2. අන්න ජවිපෙ විරෝධයක් පටන් අරන්

      Delete
    3. https://kolambagamaya.blogspot.com/2022/10/2-11.html

      Delete
  17. මුදල් ගෙවා ලබා ගත් ලාංකික පුරවැසි කමක් සහිත අජිත් මහත්මයා ඇයි අපට කරදර කරන්නේ

    ReplyDelete
  18. මෙවැනි ගමන් වලදී සමාජවාදය පිළිපදින්නේ කොහොමද අජිත් සහෝදරයා

    ReplyDelete
    Replies
    1. ඔය දෙක අතරේ සම්බන්ධේ මොකක්ද?

      Delete
  19. ජවිපෙ කොහොමද වැඩ කරන්නේ

    (නලින්ද ජයතිස්ස සහෝදරයා ෆේස්බුක්හි තැබූ සටහනක්.

    31/10/2022) බැංකුවේ ලාභය සේවකයින්ගේ දරුවන්ට බෙදන වරාය සමුපකාර බැංකුව...

    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සමුපකාර බැංකුවක් තියෙනවා. ඒක පාලනය වෙන්නෙ අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින්. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය මේ සමුපකාර බැංකුව පාලනයට මුලින්ම සම්බන්ධ වෙන්නේ 2004 අවුරුද්දේ. ඒ වරාය සේවකයින්ගේ ඡන්දයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට හතරදෙනෙක් පත්වීමෙන්. ඉන්පස්සෙ 2006 වර්ෂයේදී වරාය සේවකයින්ගේ ඡන්දයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරය බවට මේ වෘත්තීය සමිතියේ සාමාජිකයන් පත්වෙනවා. 2010 ඉඳන් අඛණ්ඩව වසර දහයක් සමුපකාර බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ජවිපෙට අනුබද්ධ වෘත්තීය සමිතියේ සාමාජිකයන් පත් වෙන්නේ නිතරගයෙන්.

    මේ සමුපකාර බැංකුව වාර්ෂිකව කරන ශිෂ්‍යත්ව ප්‍රදාන දෙකක් තියෙනවා. ඒ වරාය සමුපකාර බැංකුවේ සාමාජිකත්වය දරන වරාය සේවකයන්ගේ දරුවන් වෙනුවෙන්. එකක් ඒ වසරේ 5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවන්ට.අනෙක ඒ වනවිට විශ්වවිද්‍යාල වරම් හිමිවූ සහ දැනටමත් විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා දරුවන්ට. මේ ශිෂ්‍යත්ව ප්‍රදානයේ අවස්ථා තුනකට සහභාගි වෙන්න මටත් ආරාධනා ලැබුණා. තමන්ගේ අම්මා තාත්තා වරායේ වැඩ කරමින් රටට ඩොලර් උපයන අතරේ ඒ අය සමූපකාර බැංකුවේ තැන්පත් කරන මුදල්වල ප්‍රතිලාභ දරුවන්ට ලබා දෙනවා.

    මෙවර ඒ තිළිණ සහ ශිෂ්‍යත්ව ප්‍රදානය තිබුණේ නම වන වතාවට. 2012 අවුරුද්දේ 5 වසර දරුවන්ට ශිෂ්‍යත්ව 126ක් ලබා දීමෙන් ආරම්භ කරලා 2018 වන විට වනවිට ඒක 601 දක්වා වැඩි කරලා තිබුණා. ඒ කාලය තුළ පහ වසර දරුවන් 4983ක් වෙනුවෙන් ලබා දීපු ශිෂ්‍යත්වවල වටිනාකම රුපියල් මිලියන 66.5ක්. පසුගිය වසර නමය තුළ විශ්වවිද්‍යාල දරුවන් 2057ක් වෙනුවෙන් රු. මිලියන 36.5ක් වෙන් කරල තිබුණා. මේ වසරේදී විශ්වවිද්‍යාල දරුවන් 400ට ශිෂ්‍යත්ව ලබා දුන්නා. මමත් එක්ක මේ අවස්ථාවට සහභාගිවුණ සමුපකාර දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයා මේ බැංකුවේ සියලු ලේඛන පරීක්ෂා කරලා හරි අපූරු දෙයක් එදා හෙළිදරව් කළා.

    වරාය සමුපකාර බැංකුවේ වාර්ෂික ලාභයෙන් 62%ක්ම වරාය සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් පෙරළා යොදවනවා කියල කිව්වා. මේ ඉලක්කම ගැන ටිකක් පුදුම හිතිලා නැවත නැවත පරීක්ෂා කළා කියලත් කිව්වා. මේ වනවිට සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතියේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරන්නේ නිරෝෂන් ගොරකානගේ සහෝදරයා. ඔහු ඇතුළු වරායේ ප්‍රගතිශීලී කඳවුර රටට ඩොලර් ගේන මේ රන් බිජු දාන කිකිළිය රැකගන්න සටන් කරන අතරේ සේවක සමූපකාරයක කදිම ආදර්ශයක් සමාජගත කරමින් ඉන්නවා. කලින් මේ කටයුත්තේ පෙරමුණ ගෙන හිටපු චන්ද්‍රසිරි මහගම ගේ සහෝදරයාත් මේ වෙලාවේ මතක් කරන්න ඕනෑ. ජවිපෙ කොහොමද වැඩ කරන්නේ කියලා අවංකව දැනගන්න උවමනාවක් තියෙන කෙනකුට වරාය සමුපකාර බැංකුවේ පසුගිය වසර 9 ක කාලය දිහා එබිලා බැලුවත් ඇති.

    අජිත්ස මාජවාදී ක්‍රමයේ සාර්ථක බවට මේක උදාහරණයක් නේද

    ReplyDelete
    Replies
    1. මේක සමාජවාදී ක්‍රමයේ සාර්ථක කමක් කියල පෙන්වන්නේ කොහොමද? ඕකපටන් ගත්තේ රොබට් ඔවෙන් එංගලන්තයේ දී. රොබට් ඇවිල්ල මාක්ස් කියපු යුටෝපියානු සමාජවාදී කෙනෙක්. අනික ජවිපෙ ඕකෙන් දෙන්න තමන්ගේ පක්ෂයේ අයටනේ. වෙන අයට ලැබෙන්න නැහැනේ.

      Delete
  20. රනිල් හාමුට පෙන්න බල්ටියක් ගහපන් මයේ පුතා..
    නන්දදා මාම බලන්න යන පෙන්නපන් මයේ පුතා...

    ReplyDelete
    Replies
    1. නන්දා මාලිනි , සුනිල් ද ගහල තියෙන්නේ බල්ටිය?

      Delete
  21. කන්ද පුපුරපු කාලෙකවත් යන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මහත්තයා දෙමළ කොල්ලෙක්ගේ සීයා කෙනෙක්ද වතුකරයේ

      Delete
    2. එතකොට යන්න තැනක් නැතිවෙයි

      Delete
  22. ඇයි අපට සමකාමී විරෝධයක්‌ දක්වන්නට ඉඩක් දෙන්නේ නැත්තේ රනිල් හාමු

    ReplyDelete
    Replies
    1. මටනම් පේන්නේ ඕව ගේම් කියල. රනිල තව අල්ලන් ඉන්න

      Delete
  23. ඇමරිකාවෙන් ඩග්ලස් කියලා නැවක් එවලා තියෙන්නේ ඇයි කීර්ති සර් ? අරගලකාරයෝනට නැවේ ඉදන් වෙඩි තියලා මරන්නද රනිල් හාමු මේ ලෑස්ති වෙන්නේ?

    .....

    ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද ඇමෙරිකානු වෙරළාරක්ෂක (ඇමරිකන් කෝස්ට් ගාඩ්) නෞකාව “ඩග්ලස් මුන්රෝ" දීර්ඝ ගමනකින් පසුව කොළඹ වරාය වෙත පැමිණි බව ශ්‍රී ලංකාවේ ජනාධිපති ප්‍රකාශ කළේය. නාවිකයන් 270 ක් දෙනෙක් සේවය කරන මෙම යුධ නැවේ ප්‍රධාන තුවක්කුව මගින් කිලෝ මිටර් 850 ක් දුරට මිසයිල යැවිය හැක.

    පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 26 වැනිදා “ඩග්ලස් මුන්රෝ" නෞකාව වොෂින්ටන් නුවර සියැට්ල් වාරයේදී ශ්‍රී ලංකා නාවික හමුවදවට නිල වශයෙන් භාරදුන්නේය. සියැටල් සිට කොළඹ වරායට ඇති දුර කිලෝමීටර් විසි දාහකට ආසන්නය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකාවන් එතෙක් මෙතෙක් ඉතිහාසයේ මෙහෙයුම් දියත් කරන ලද වැඩිම දුර මෙය බවද ජනාධිපතිතුමා කියා සිටියා.

    ඩීසන්, ඉලෙක්ටිර්ක් එන්ජිං වලින් ක්‍රියාත්මක වන මෙම නවුකාවේ න්‍යෂ්ඨික යුධ ශීර්ෂ දෙකක් සවිකළ හැකියි. එක් වරක් ඉන්ධන/ සැපයුම් ලබාගත් පසු එක දිගට ගැඹුරු මුහුදේ දින 72 ක් මෙම නැවට සේවය කල හැකියි.

    ReplyDelete
    Replies
    1. පාවිච්චි කරල ඉවර වුනහම දෙන ඒවානේ

      Delete
  24. PTA යටතේ හිරේ දමා වද දුන් රිසාඩ් බදිර්දුන් සහෝදරයට සාධාරණයක් ඉෂ්ඨ කරන්නේ කවදාද? එම ත්‍රස්ත පනත තහනම් නොකරන්නේ ඇයි රනිල් හාමු ඔබලාගේ රජිත්?

    ReplyDelete
    Replies
    1. චන්දිම ගේ වෙබ් එක එකේ ඔය ප්‍රශ්නේ අහන්න. රනිල මේවා බලන්න එන්නේ නැහැනේ

      Delete
  25. මිනිස්සුන්ට මත්පැන් පොවලා වෙරි උනාම පස්සේ ඒ අයගේ ජිවිතයේ රහස් අහලා දැනගෙන ඒවා මගින් මිනිසුන්ව බ්ලැක්මේල් කරන අජිත් ධර්මකීර්ති මේ නින්දිත වැඩේ නවත්තන්නේ කවද්ද? චන්දිමත් මේ ගැන කිව්වා.

    පහල පින්තුරය බලන්නකෝ. ධර්මකීර්තිගේ බයානක හිනාව වෙනින් අයෙක්ට මත්පැන් පොවනා ගමන් දක්වන.

    මෙන්න පින්තුරය

    ReplyDelete
    Replies
    1. අපව දුසිරිතට යොමු කරන්නේ ඇයි අජිත් සර්?

      Delete
    2. මේ අර ජ්‍යෝෆ්‍රී බේකන් කියන ලස්සන බ්ලොග් එක ලියපු ලලිත් කරුණාරත්න 'මහත්මයා'ද නැත්නම් වෙන මොකෙක් හරි P ඩයල් එකක්ද? මොකා හරි.. නොදන්න හුත්තවල් කතා විදියට ෆොටෝ විදියට පබ්ලිශ් නොකර ඉන්නවද? ඔය ෆොටෝ එක ගත්තේ කොහෙදිද, ඕකේ අනිත් පැත්තේ ඉන්නේ කවුද, ඌ ජීවිතේට අරක්කු සිගරට් බොන එකෙක්ද, ඔතන හිටපු අනිත් සෙට් එක කවුද, අජිත් ඔතන ඔහොම හිනා වෙන්නේ ඇයි? ඔය දේවල් වලට උත්තර දෙන්න ඔහේ දන්නවද? චන්දිම කියපුවයි ඔහේ අජිත් ගැන දන්න ඒවායි අජිත් හැබාවටම කරන්නේ මොකක්ද කියන එකයි ඔහේලා විසඳ ගන්නවල.. ඒත් අදාළ නැති කතා වලට අදාළ නැති ෆොටෝ අමුණල එකේක කතන්දර ගොතල හත්පොලේ ගාන්න හදන්න එපා..

      Delete
    3. අනික දැන ගනින් මම ගුවං හමුදාපතිටත් පුකේ ඇරපු එකෙක්. දිවයින පත්තරෙත් ගියා මගේ වැඩ කෑල්ල. ඊට පස්සේ හිරේදී අනික් හිර කාරයෝ මගේ පුක පළපු එක වෙනම කතාවක්. දුෂ්කර ගොඩේ පැත්තක හිටියට අපිත් හොද චන්ඩි තමයි.

      Delete
    4. //කල්‍යාණ මිත්‍ර5 November 2022 at 03:06// :)) තැන්කියු බඩි.. දැන් හිතා ගත හැකි මොකක්ද වෙලා තියෙන්නේ කියල.. <3 මොනව උනත් හොඳ කමෙන්ට් එක.. මට කියාගන්න ඕනි වෙලා තිබ්බ ටිකක්.. :)))

      Delete
    5. දැන් චන්දිමට රනිල් වික්‍රමසිංහ ගෙන් ඇඩ් හම්බ වෙන්නේ නැත්නම් ඒක මගේ ප්‍රශ්නයක් නෙමේ ජෙෆ්රි. ඔයාගේ ලිපි ලංකානිව්ස්වෙබ් එකේ දම දමන පලියට කඩේ යන්න එපා. මිනිසුන්ගේ පෞද්ගලික පින්තූර අරගෙන දාන එක කැත වැඩක්. ඔය පින්තුරේ ඉන්න (කැපිල තියෙන) ඉවාන් බොන කෙනෙක් නෙමේ.අනික ඉවාන් කියන්නේ තවමත් මගේ හොඳ යාලුවෙක් නිසා එයාව බ්ලැක් මේල් කරන්න මට වුවමනාවක් නැහැ කියල හැමෝම දන්නවා. චන්දිම රුවන් ෆෙර්ඩිනන්ඩ් එක්ක දැන් අමනාප එක ගැනවත් සාධාරණ සමාජය ව්‍යාපාරයෙන් කැපෙන්න යනවා කියන එකවත් මට අදාල නැහැ. මම ඕවයින් ඈත් වෙලා ගොඩක් කල්. මම හිතන්නේ චන්දිම ලොකු වල්ගයක් පාගාගෙන ඉන්නව කියල. හැබැයි එයා මෙහෙ ඉන්න ලිපිනය දන්නා නිසා මට මේක අන්තරජාල වල බුලි කරන නිතිය යටතේ පොලිසි යන්න නම් පුළුවන්. පොලිසියේ කේස් එක ඕපන් කලහම ගූගල් දැන් දත්ත දෙන්න බැඳිලා ඉන්නව. ඔය ලියන විකාර මම ගණන් ගන්නේ නැතිවට ෆොටෝ දාල මඩ ගහන එක වෙනම ලෙවල් එකක්.

      Delete
    6. 'එයා මෙහෙ ඉන්න ලිපිනය දන්නා නිසා මට අන්තරජාල නිතිය යටතේ පොලිසි යන්න පුළුවන්. පොලිසියේ කේස් එක ඕපන් කලහම ගූගල් දැන් දත්ත දෙන්න බැඳිලා ඉන්නව.'

      ඊනියා අන්තර්ජාතික නීතිය යටතේ අපව හිරේ විලංගුවේ දමා අපට දඬුවම් දෙන්න හදන්නේ ඇයි ධර්මකීර්ති.

      සාධාරණ විවේචනයක් වත් දරා ගැනීමට නුබට නොහැකිද?

      අපව හිරේ දමා අපගේ ගුද මාර්ගයට කටුකම්බි දමා වදදීම නුඹට සතුටක්ද ධර්මකීර්ති?

      Delete
    7. උඹේ සාධාරණ විවේචනේ කොහේද තියෙන්නේ? පෙන්නපන් බලන්න
      පිස්සු හැදිලා වගේ ගොන් කතානේ ලියන්නේ //මිනිස්සුන්ට මත්පැන් පොවලා වෙරි උනාම පස්සේ ඒ අයගේ ජිවිතයේ රහස් අහලා දැනගෙන ඒවා මගින් මිනිසුන්ව බ්ලැක්මේල් කරන අජිත් ධර්මකීර්ති මේ නින්දිත වැඩේ නවත්තන්නේ කවද්ද? චන්දිමත් මේ ගැන කිව්වා.// දැන් මේවා ඔය වෙබ් අඩවි වලින් කරන වැඩ නේද ? අපි වගේ අය කරන දේවල් නෙමේනේ? අර කාගේ හරි ඩිල් හොයාගෙන ඒවා පල කරලා ඊට පස්සේ ඒ මිනිසුන්ව බ්ලැක් මේල් කරනවා ලිපිය ගලවන්න දෙන්න නම් සල්ලි දෙන්න කියල. එහෙමෙ නේද? ඒවත් මේකේ ලියන්නය?තමන් කරන දේවල් තමා ඔය අනුන් කරනවා කියල හිතාගෙන ලියන්නේ 😄

      Delete
  26. අනාගතයේ මරණය

    නෙට්ෆ්ලික්ස්වල තියෙනවා ෆියුචර් ඔෆ් කියලා සීරීස් එකක්. මේ ගැන මට මුලින්ම කිව්වෙ හසා. මේ සීරීස් එකේ එක එපිසෝඩ් එකක කතා කරනවා අනාගතයේ අපේ මරණින් මතු ජීවිතය ගැන. අනාගතයේදී අපේ මරණයෙන් පස්සෙ භෞතික ශරීරයක් විතරක් නෙමෙයි ඩිජිටල් ශරීරයකුත් ඉතිරි වෙනවා. භෞතික ශරීරය දිරා ගියත් අපේ ඩිජිටල් ශරීරය සදාකාලිකව පවතිනවා.

    මේ සිතාබැලීමෙන් පස්සෙ විද්‍යාඥයො උත්සාහ කරනවා අපේ ඩිජිටල් ශරීරය දිගටම පවත්වාගෙන යන්න. අපි විසින් ඉතිරි කළ සියලු දත්ත අනුව අපි වගේ සිතන ප්‍රතික්‍රියා දක්වන ඩිජිටල් පුනරුත්පත්තියක් අපිට දෙන්න. ඩිජිටල් කේත ඩීඑන්‍ඒ බවට පරිවර්තනය කරලා අපිව අපි කැමති ගහක් ලෙස අපේ දේහය දිරාගිය කොම්පෝස් මත පැළ කරලා ඒ ගහ ළගට ඇවිත් අපිත් එක්ක සංවාද කරන්න පවා හැකි වර්චුවල් තත්වයක් නිර්මාණය කරන්න ඒ අය උත්සාහ කරනවා.

    මේ විද්‍යාත්මක දේවල් ගැන පර්යේෂණ කොහොම වුනත් මේ සංකල්පමය සිතා බැලීම අතිශය අනාගතවාදීයි. ඉදිරියට ජීවත්වන පිරිසට වඩා විශාල ප්‍රමාණයක ඩිජිටල් මළවුන් ඉතිරි වෙනු ඇති. කොන්ක්‍රීට් සොහොන් කණු වෙනුවට ගස් වැවූ උද්‍යාන වැනි සුසාන භූමි ඉදිකිරීම කො‍හොමත් චමත්කාරයි. මියගිය සීයා ආච්චි එක්ක මුණුපුරන්ට ඒ අයගෙ මතක ඩීඑන්ඒ තුල රඳවාගත් ගහක් යට ඉඳන් කතාබහ කරන්න පුළුවන් වීම ආශ්චර්යයි.

    මේ ගැන හිතද්දි මට හිතුනෙ අපි ඇත්තටම පවතින්නෙ අනෙකා සමග ප්‍රතික්‍රියා කරන මොහොතේදී විතරයි කියල. අනෙකා නොමැති මොහොතකදි අපි ඇත්තටම පවතින්නෙ නෑ. නැත්නම් පවතිනවද කියල දැනගන්න අපිට පුළුවන්කමක් නෑ. ක්වොන්ටොම් විද්‍යාවෙ කතා කරනවා නිරීක්ෂකයාගේ නිරීක්ෂණය මත ඉලෙක්ට්‍රෝනවල චර්යාව වෙනස්වෙන හැටි ගැන. ඒ අනුව පූර්ණ වශයෙන් වාස්තවික තත්වයක් අපිට කතා කරන්න බැරි හැටි ගැන. ඒ වගේම අනෙකා නොමැති අවස්තාවක පැවැත්මක් ගැනත් අපිට කතා කරන්න බැරි වෙනවා.

    අපි යනුවෙන් යමක් පවතින්නෙ අප හා අනෙකා අතර. ඒ සිදුවන ප්‍රතික්‍රියාව තමයි ඒ මොහොතේ අපි වෙන්නෙ. මේ හින්දා ෆේස්බුක්වල එහෙම නිතර අපි දකින, ‘උඹ ඔහොම වෙයි කියල හිතුවෙ නෑ’ වගේ කතන්දර සරලව කියන්න පුළුවන් වුනත් ඊට වඩා සංකීරණයි. ඒ කියන්නෙ යමෙක් යම් කෙනෙක් හැටියට පවතින්නෙ අපි ඒ කෙනා සමග කරන ක්‍රියාව මතයි. යම් විදිහකින් අපි යමෙකුගේ ප්‍රතික්‍රියාවට අකමැති නම් එහි වගකීමෙන් හරි අඩක් අපේ ක්‍රියාවට පැවරෙනවා. කිසිම කෙනෙක් අපි එක්ක දක්වන ප්‍රතික්‍රියාව තවත් කෙනෙක් එක්ක දක්වන්නෙ නෑ. ඒ හින්ද අපි විවේචනය කරන කිසි කෙනෙක් අපෙන් ස්වායත්ත නෑ.

    තවත් සරලව කිව්වොත් අපිට miniමරුවෙක් වෙන කෙනෙක් තවත් කෙනෙකුට ආදරණීයයෙක් වෙනවා. miniමරුවා මුනගැහෙන්නෙ අපිට විතරයි. අපි නැතුව miniමරුවා පවතින්නෙ නෑ. ඒ මිනීමරුවාම වෙනත් කෙනෙකුගේ ක්‍රියාවට ප්‍රේමනීය ප්‍රතිචාර දැක්වීමක් කරනවා. මේ විදිහට දක්වන ප්‍රතිචාර සමස්තයක් අනුවයි අපිට පුද්ගලයා කියන පැවැත්ම කියවන්න සිද්ද වෙන්නෙ. එතනදි පුද්ගලයා නිර්මාණය වෙන්නෙ ඔහුට හෝ ඇයට මුණගැහෙන අනෙකුන්ගේ ස්වභාවය මතයි.

    අපිට කිසිම වෙලාවක එකම පුද්ගලයෙක් දෙවරක් මුණගැහෙන්නෙ නෑ. අපේ අනෙකා වෙනස් වෙනවා වගේම අපිත් වෙනස් වෙනවා. අපි වෙනත් ප්‍රතික්‍රියාවක් හරහා වෙනත් පුද්ගලයෙක් නිර්මාණය කරනවා.

    ඉතිං මට හිතුනෙ මේ ඝනීභූත වූ ඩිජිටල් පැවැත්මෙන් අපි කියන පුද්ගලයා නැවත නිර්මාණය කරන්න පුළුවන්ද කියන එකයි. මොකද වෙනස් වීම නතර වෙලා තියෙන හින්ද. අපි සමග අනෙකා ඇති කරගන්නා ක්‍රියාව සැලසුම් කරන ලද එකක් වෙන හින්ද. ඒක සජීවී අහම්බයක් නොවෙන හින්ද. එතනදි අපි නිර්මාණය කරන්නෙ මළ කෙනෙක්මයි. ඒක සජීවී සම්බන්ධයක් නෙමෙයි.

    නමුත් අනාගත සුසානයකදි ඒ මළවුන් සමග හෝ ඒ තරම් ඓන්ද්‍රිය සම්බන්ධයක් පවත්වන්න පුළුවන් වෙන එක කොහෙත්ම සුළුකොට තැකිය හැකි අරුමයක් නෙමෙයි. දැනට එක් එක් අය විසින් තමන්ගේ විකෘති මතක අනුව මළගිය කෙනෙක් ගැන කියන කතා වෙනුවට අපිට ඇතිරුණු පැතිරුණු ඒ අයගේම ඩිජිටල් ජීවිතය ඇතුලෙ සක්මන් කරන්න පුළුවන්. මෙච්චර කාලයක් පොතක ලියූ හෝ ෆොටෝ එකකට හසුවූ ඉතා සුළු කොටස් පමණක් ඉතිරි වූ ජීවිත වෙනුවට කරන හැම විහිළුවක්ම, බලන හැම වීඩියෝවක්ම, කරන හැම චැට් එකක්ම සුරක්ෂිත සුවිසල් ඩිජිටල් ඉතිරියක් අපිට ඇසුරු කරන්න පුළුවන්. ඒ නිසා අතීතයේ ඕනෑම කෙනෙකු පිළිබඳ දැනුමට වඩා වර්තමානයේ ඕනෑම කෙනෙකු ගැන අනාගතයේ ඕනෑම කෙනෙක් දැනගන්නා ප්‍රමාණය සුවිසල්.

    ඒත් අපිට ඒ පුද්ගලයා සමග ජීවමාන ඇසුරක් ලබන්න පුළුවන්ද? මං හිතන්නෙ බෑ කියල. මොකද ඒ පුද්ගලයා සහ අපි අතර ක්‍රියාව ප්‍රතික්‍රියාව ඝනීභවනය වුණු එකක්.

    ReplyDelete
    Replies
    1. ඉතා හොඳ ලියමනක් . ස්තූතියි

      Delete
  27. "අදින් අවුරුදු 65 කට කලින්". "ඒක ආපසු හැරීමක් නැති ගමනක්."

    මොස්කව් වීදි අයිනෙ තනිව ජීවත් වෙනව බොහොම පුංචි බැල්ලක්. එයාගෙ නම කුඩ්‍රජාව්කා Kudrjavka. ඒකෙ අදහස කැරලි ගැසුනු බැල්ල එහෙමත් නැත්තං බූල් බැල්ල.
    ඉඳල හිටල පා පහරක් කමින්.. හිම වැටෙන හීතලේ කඩ පිලක ගුදිරියකට රිංගමින් එයා අමාරු ඒත් නිදහස් ජීවිතයක් ගත කරනව. අවුරුදු තුනක් විතර වයස කුඩ්‍රජාවිකා හස්කි හා ටෙරියර් කියන සුනඛ වර්ග දෙකේ එකතුවක්.

    නිරෝගී පෙනුම... කඩිසර කම හා කාටවත් අයිති නොවීම කියන කාරණා මත මේ කුඩා බැල්ලව හමුදා භාරයට ගන්නව.
    එපා කියන්න කවුරුත් නෑ. එයාට වෛද්‍ය පරීක්ශණ වලට මූණ දෙන්න වෙනව.. එක එක වාහන ඇතුලෙ එහාට මෙහාට වැනෙන්න වෙනව.. මේ පොඩි එකීට පැවරෙනව මහා ලොකු කාර්‍ය භාරයක්… බෑ කියන්න එපා කියන්න බැරි.

    එයාට මහා දිග ගමනක් යන්න වෙනව මීට කලින් කවුරුත් නොගිය. බුරන්න ගත්තම නවත්තන්නෙ නැති එයාගෙ නම වෙනස් කරනව ඒ නිසාම .
    ලයිකා Laika … “පොඩි බුරන්නි” ඒකෙ අදහස.
    මහා අමුතු යානයක් ඇතුලට යන්න ලයිකට අණ ලැබෙනව ඉහලින්. ඒ පුංචි කුටිය ඇතුලෙ හිට ගන්න පුළුවන්.. දෙපැත්තට පොඩ්ඩක් හැරෙන්න පුළුවන්. එච්චරයි. ඒක හරියට පුංචිම පුංචි හිර ගෙයක් මහා සහතිකයක් ලියපු. කරන්න දෙයක් නෑ... මේ ගමන මානව සංහතිය වෙනුවෙන්... මිනිසාගේ ස්වර්ණමය අනාගතය වෙනුවෙන්.

    කුටිය ඇතුලෙ උශ්ණත්වය අංශක පහලවකට ස්වයංක්‍රීය සකස් කරන්නෙ යානය අහසට යද්දි ඇතිවෙන අධික උශ්ණත්වයෙන් වගේම ඉහල අහසෙ අධික සීතලෙන් මේ පොඩි හාදයාට අණතුරක් නොවෙන්න. පුංචි බිස්කට් කීපයක්.. හොඳටම ඇති බඩගින්න නිවාගන්න.

    මේක ආපහු එන ගමනක්ද වගේ ලයිකා බලනව….”උඹ ඉතිහාසයේ වීර චරිතයක් වෙනව.” .. තරු පලඳපු නිළධාරියෙක් කියනව. වීදුරු අතරින් ලයිකව පේන්නෙ යුධ වීරයෙක් වගේ.
    නොවැම්බර් තුන්වෙනිදා පාන්දර දෙකට ස්පුට්නික් 2 ගුවන් ගතවෙනව. ( Sputnik II ) . ඒක සාර්ථක ගුවන් ගත කිරීමක්. ආපහු එයිද..? කවුරුත් දන්නෙ නෑ.

    ඒ ගැන වැඩිපුර හිතන්න අපිට වෙලාවක් නෑ... එකක් සීතල යුද්ධය... අනික මේක මානව වර්ගයාගේ අනාගතය පිලිබඳ ප්‍රශ්ණයක්. පුංචි වීදි බල්ලෙක්ට ලොකු ගෞරවයක් අභ්‍යවකාශයට ගිය පලමු ජීවියා බවට පත්වෙන එක. මනුශ්‍යයාගේ අනාගතය නිර්මාණය කරන්න සහය වෙන එක මහා ලොකු කැපකිරීමක් .. වීර කමක්.

    1957 නොවැම්බර් තුන්වෙනිද ස්පුට්නික් II යානය අභ්‍යවකාශ ගත වෙනව කාසක්තානයේ බයිකොනූර් වලින් . ( Baikonur - Kasakastan)
    ඒ වෙද්දි කසකස්තානය සෝවියට් රුසියාවට අයිති රාජ්‍යයක්.
    ස්පුට්නික් දෙක සාර්ථකව ගුවන් ගත වෙලා කක්ශ ගත වෙනව. මාස පහක් ඇතුලත ස්පුට්නික් 2 ලෝකය වටේ දෙදාස් පන්සිය හැත්තෑ වාරයක් යනව. හරියටම දවස් 162 කට පස්සෙ ස්පුට්නික් ආපහු එනව.

    ලයිකා ජාතික වීරයෙක් නෙවේ ලෝක වීරයෙක් බවට පත්වෙනව.
    අභ්‍යවකාශ ගතවූ පලමු ජීවියා ගැන විවාද තියනව... මුනිවරු.. දෙවිවරු... සුරංගනාවො වගේ බොහෝ අයගෙ නම් අතරෙ ඒ තැන හිමි වෙන්නෙ පුංචි බැල්ලකට.
    එයාගෙ නම ලයිකා. සමහර වාර්ථා වලට අනුව ලයික දවස් පහක් වගේ ජීවත් වෙලා තියනව.

    ඒකෙ වගක් නෑ... එයා වීරයෙක්.

    මිනිස්සු වෙනුවෙන් ඩී එන් ඒ ගොතන මීයා ගැන අපි දවසක් කතා කලා. ලයිකා වගේම හාවන් ගිනි පිග්.. වඳුරන්... ලේනුන් වගේ මිලියන ගානක් සත්තු මිනිසාගෙ හෙට දවස වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ දෙනව.
    ඒක තමා මනුශ්‍ය ශිෂ්ඨාචාර ගොඩ නැගෙන විදිහ.
    අද සංචාරකයන් අභ්‍යවකාශයට යනව විනෝදයට... මිනිස්සු අඟහරු ලෝකෙ ජනපද හදන්න කතා කරනව.
    මිනිස්සු.. හෝමෝ සේපියන්ස්ල හරි දියුණුයි. ඒ අය වෙනත් ග්‍රහ ලෝක හොයාගෙන කොස්මෝ වලාකුළු අස්සෙ ඈතට ගමන් කරාවි. ඒ විතරක් නෙවේ අනාගතේ මිනිස්සු මිනිස්සු අතරම අභ්‍යවකාශයේ යුද්ධ ඇතිවේවි.

    "ලයිකා "... සදාකාලික වීරයෙක් ඒ අය කියනව.
    මේ මොහොතෙත් දාස් ගාණක් චන්ද්‍රිකා පෘථිවිය වටේ කැරකෙනව... ඉඳල හිටල පුංචි එලි පේනව. අවුරුදු 65 කට කලින් මේ පොඩි එකී හිටපු යානෙත් මේ වගේ කැරකෙන්න ඇති.

    ලයිකාගෙ සිරුර හෝ සොහොන ගැන අපිට කිසිවක් හොයාගන්න බෑ. නමුත් මොස්කව් වීදියක් අයිනෙ ලයිකගෙ පිලිමයක් තියනව බොහොම අපූරු... මෑත කාලෙ ඉදි කරපු. කොහොම වුනත් වීදිය කියන්නෙ ලයිකගෙ ගෙදර.
    ස්තුතියි ලයිකා.. වෙන මොනව කියන්නද.?...

    සමාවෙන්න කියන්න පරක්කු වැඩියි.

    ReplyDelete
    Replies
    1. මේ වගේ කතාවක් මම කියවුව මතකයි කොහේ හරි. ලයිකා බැල්ල ගැන. නැත්නම් චිත්‍රපටියක් https://www.youtube.com/watch?v=YqJ2DcQJcMw

      Delete
  28. මෙම ලිපිය ෆේස්බුක් ඔස්සේ ශෙයා කර ගැනීමට අවසර ද?

    සරෝජ්

    ReplyDelete
    Replies
    1. ෂෙයාර් කරල් තියෙන්නේ. එනිසා අනවශ්‍යයි

      Delete
  29. අජිත් ධර්මකීර්ති මහත්මයා, ඔබ එක්ස් කණ්ඩායමේන් ඉවත් උනාද? ඉවත් කරාද?

    ReplyDelete
    Replies
    1. හිටියේ නැහැනේ එනිසා අදාල නැහැ

      Delete
  30. මොකද අජිත් මහත්මයා කේන්ති අරන් වගේ කතා කරන්නේ? අප ඔබට කේන්ති ගැනීමට දෙයක් සිදුකර නැහැ.

    ReplyDelete
    Replies
    1. මම පිළිතුරු දෙනකොට කේන්ති ගිහින් කියල හිතෙනවද ? පිළිතුරු දෙනකොට හිතට අමාරුද

      Delete
  31. ධර්මකීර්ති මහතාට උත්තර නැති නිසා අපට දහදුරාවේ බැනවදිමින් අපව බ්ලොග් කරමින් කටයුතු සිදුකරයි.

    .බොරුවට කේන්ති ගන්නෙ උත්තර නැති නිසයි.

    අජිත් මහත්මයාව එක්ස් කණ්ඩායමෙන් දොට්ට තැබීමට තබා එක් කණ්ඩායමට ගත්තේවත් නැත. අජිත් මහත්තයෝ හෙලුවැල්ලෙන් සිටින නිසා දැන් බොහෝ ලැජ්ජ වෙන්සි සි ටි අතර අපට අපව එල වා දමමින් කටයුතු කරන්නේ ලැජ්ජාව මව හා ගැනීමටයි

    ReplyDelete
    Replies
    1. එක්ස් කණ්ඩායමකට යාමට මට අවශ්‍යතාවයක් වත් නැත. බොරුවට එක්ස් කියා පොරවල් වීමට අවශ්‍යත් නැත. ජනමාධ්‍ය හැකියාවක් නැති අය ජනමාධ්‍ය කරුවන් වුනු පසු කරන්නේ දැන්වීම් හඹා යාම සහ මිනිසුන් රැවටීමය.

      Delete
  32. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  33. සරෝජ් කතා කරද්දි අජිත්ට චූ යයි චන්දිම කතා කරද්දි ට කක්කා යයි

    ReplyDelete
    Replies
    1. සිරියස්ලි 😀, මම හිතන්නේ නම් වෙන එකක්. තිලිණි පියුමාලි ඇල්ලුවට පස්සේ තව තව කට්ටියට චූ සහ කක්කා යන සයිස් එකක් තියෙන්නේ. මේ අනුන්ට මඩ ගගහ වෙඩි කෑ ඌරෝ වගේ දඟලන්නේ ඒකයි. ඔහොම යන්

      Delete
  34. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  35. අප කවුරුත් සිදු කරන්නේ දේශපාලනයයි. අජිත් මහතාද එසේ යයි කියා සිතමු. ඒවා පෞද්ගලිකව ගත යුතු නැත. අන් අයට ගරු කරමු. ඔවුන්ගේ මතයද එසේය. විරුද්ධ වුවා කියා පරිභව කිරීම සුදුසු නැත. බොරු චෝදනා කිරීමද සුදුසු නැත.

    සියලු දෙනාම එසේ කටයුතු කිරීම වැදගත් බව සදහන් කරමි. ලක්ෂ ගණනක් සිටිනා සමාජ වෙබ් අඩවියක් 2006 සිට මා පාලනය කරන්නේ එම ක්‍රියාවලිය මගිනි. මාගේ වෙබ් අඩවියේ කිසිම සාමාජිකයෙක්ට අපහාස කිරීමට ඉඩ නොදේ. එමගින් ඉතාම ගුණයහපත් සාමාජිකයන් පිරිසක් එළකිරි ඩොට් කොම් හී සිටි.

    -රංග තේනුවර, ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම් (ලක්ෂ 6 කට වඩා ලියාපදිංචි සාමාජිකයන් සිටි)-

    ReplyDelete
  36. දීප්ති කුමාර ප්‍රමුඛ X කණ්ඩායම ඉස්සර කිව්වේ අපේ ළඟ තමයි දැනුම තියෙන්නේ, ලංකාවේ විශ්ව විද්‍යාල අතාර්කිකයි, අපි තමයි දන්නේ, අරුන් අරක දන්නේ නැහැ, මේක දන්නේ නැහැ, හරියට දන්නේ නැහැ, භාගෙට දැනගෙන... වගේ කතා. "දැනුම" පිළිබඳව ප්‍රශ්නයක්. හැබැයි යමෙක් තාර්කිකව අසන ප්‍රශ්න ඒ අය මගාහරිනවා.

    නිර්මාල් කියල තියනවා "දේශපාලනය යනු අපට සිතාමතා තිරණය කොට නිරත විය හැකි චර්යාවක් නොව. වෙනත් දෙයක් සිතාමතා සිදුකරන විට ඇතිවන අතුරු ප්‍රතිඵලයකි. කෙනෙක් තමන් දේශපාලනය කරනවා යැයි කීම විරුද්ධාභාසයකි!!!" කියල.

    නිර්මාල්ලා සමග සමීපව කටයුතු කරන ප්‍රභා-බුද්ධික යුවල (Samantha Bandara) කියනවා "ස්ත්‍රීවාදය ටිකක් දන්නා පිරිමින්ට වඩා මානව ගරුත්වය ගැන හැඟීමක් ඇති පිරිමින්ට යමක් තේරුම් කරලා දෙන්න පහසුයි" කියල.
    එනම් ස්ත්‍රීවාදය යනුවෙන් පරිපූර්ණ සංකල්පීය ගොඩනැංවීමක් ඇති බවත්, එය හරියාකාරව දන්නේ තමන් බවත්, හරියාකාරව නොදන්නා පිරිමින්ට වඩා මානව ගරුත්වයක් ගැන හැඟීමක් ඇති පිරිමින්ට යමක් තේරුම් කර දීම පහසු බවත්ය. එවිට තෙරුම්කොට දෙන්නේ බුද්ධික හෝ ඔහුගේ බිරිඳ වන ප්‍රභා විය යුතුය.
    ඒ අනුව ප්‍රශ්නය වන්නේ "මානව ගරුත්වය" යනු කුමක්ද යන්නයි. Sunil Wijesiriwardena විසින් ලියා ඇත්තේ ඒ පිළිබඳව විය යුතුය.

    නිර්මල්ගේ සහ ප්‍රභා-බුද්ධික යුවලගේ මේ ප්‍රකාශ දෙක තුලම තියෙන්නේ එකම අර්ථයක්.
    දේශපාලනය යනු අපට සිතාමතා තීරණය කොට නිරත විය හැකි චර්යාවක් නොවන බව නිර්මාල් විසින් පවසන විට එම ප්‍රකාශය පිළිගතහැක්කේ දෙන ලද තත්වයක් යටතේ මිනිසුන්ට දැක්වීමට සිදු වන අනීවාර්ය ප්‍රතිචාර පවතිනවාය යන අර්ථයෙනි. උදාහරණයකට යම් තත්වයකදී ආහාර-පාන සපයා ගත නොහැකි තත්වයක් උදා වුවහොත් මිනිසුන් ඊට ප්‍රතිචාර දක්වනු ඇත. එවිට එය සිතා මතා නිරත වන, මිඩංගු වන චර්යාවක් ලෙස සැලකිය නොහැකිය. අවශ්‍ය වන්නේ අහාර-පාන කෙසේ හෝ ලබා ගැනීම සඳහා ක්‍රියා කිරීමය. නමුත් ප්‍රශ්නය වන්නේ මිනිස් මූලික අවශ්‍යතා අහිමි වීම නිසා ඇති වන ප්‍රතිචාර දැක්වීම් සැම විටම දෘෂ්ටිවාදී වීම සහ දෘෂ්ටිවාදී ගූඩකරණයට තව තවත් ලක්වීමට නියමිතව තිබීමයි.

    සුනිල් විජේසිරිවර්ධන, විජයානන්ද ජයවීර වැනි අය උඩ දමන නිර්මාල් එක විටම ස්වයංසිද්ධ මිනිස් චර්යාවන් පිළිබඳව නන් දෙඩවීමෙන් පෙනී යන්නේ ඔහුට සංයුක්ත දේශපාලන ස්ථාවරයක් නොමැති බවය. එසේ ස්ථාවරයක් තිබේ නම් ඔහු "බුද්ධිමය සංවාදයේ" ඇති වැදගත්කම, 'දර්ශනය' විෂයේ ඇති වැදගත් කම, ඉතිහාසය පිළිබඳව ඔහුගේ ස්ථාවරය වැනි කාරනා වෙනුවෙන් පෙනී නොසිටිනු ඇත. අපට එවිට නිර්මාල් වෙතින් ඇසිය හැකි ප්‍රශ්නය වන්නේ "මිනිස් ස්වයංසිද්ධ ක්‍රියාව" වර්තමාන සමාජය තුල දේශපාලනිකව වලංගු වේද යන්න සහ එසේ වලංගු කොට ගැනීමට නම් බුද්ධිමය සංවාදය සහ දර්ශනය වැනි විෂයන් තුලින් එය සාක්ශාත්කොට ගත හැක්කේ කෙසේද යන්නයි.

    නිර්මල්ගේ බුද්ධිමය ප්‍රවේශයෙන් වෙනස්ව විමුක්ති දේශපාලනයේ ස්ථාවරය විය යුත්තේ දෘෂ්ටිවාදය විචාරය සහ පන්ති අරගලයයි. දෘෂ්ටිවාදය විචාරය අවශ්‍ය වන්නේ දැනුමෙන්, අධිකාරීත්වයෙන් පෙරවරණය වී ඇති සහ දිගින් දිගටම එසේ වන යථමය ප්‍රතීඝතාවය තුල ස්වයංසිද්ධ ක්‍රියාව ඉස්මතු කොට ගැනීම සඳහාය (revolutionizing subject). නමුත් නිර්මාල්ගේ අශාව දිගින් දිගටම ක්‍රියාත්මක වනුයේ "subject supposed to know", "subject supposed to believe" යන ස්ථාවරයන් රැකගැනීම වෙනුවෙනි.

    ReplyDelete
  37. අජිත් ධර්මකීර්ති මහතා,

    ඔබතුමා විදුලි ඉංජිනේරුවරයෙක් නේද ? පහත ඇති ලිපිය කියවා පිළිතුරක් ලබා දෙන්න.

    ලිපිය මෙතනින්

    1) දෙවක් ආරක්කු යනු කුමක්ද?
    2) කම්බි යොදා නොගෙන මෙවැනි විශාල කොන්ක්‍රීට් ඉදිකිරීමක් කරන තාක්ෂනය කුමක්ද? (කෙටියෙන්ම කිවොත් අපි පොඩි පහේ අඩි පහේ පහේ ලැට් එකක වහලෙට දාන ස්ලැබ් එකටත් කම්බි දානවනේ.)

    ReplyDelete
    Replies
    1. මහත්මයා මේක බොහෝ විට සිවිල් ඉංජිනේරු මහත්මයෙකු ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. මම විදුලි ඉංජිනේරු පදවියක කටයුතු කර නැහැ. එසේම ඔය ලිපියේ දෙවක් ආරුක්කු ගැන ලියා තිබෙනවා. එය ඉතා ආදී කාලයක සිට භාවිත කළ ක්‍රමයක් ජලයේ පීඩනය බැම්ම වෙත අඩු කර වැදීමට සැලැස්වීම සඳහා. රෝමානු කාලයේ සිට මේ ක්‍රමයට හදන ලද වේල්ල වල කම්බි යොදා නැහැ. එසේ කම්බි දීමක් අවශ්‍ය වන්නේත් නැහැ. අපට ස්ට්‍රෙන්ග්ත් ඔෆ් මැටිරියල් කියල විෂයයක් උගන්වනවා. ඔය කම්බි ආදිය දමන්න ඕනේ කෙලින් අතට හදන කණු සහ බිත්ති ආදියට කියල වගේ මට මතක.
      https://en.wikipedia.org/wiki/Arch_dam

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .