Monday 5 September 2022

සැන්ටොරීනි මුහුදු කල්දේරාව කඳු මුදුනක සිට - ග්‍රීසියේ සංචාරය 4



සැන්ටොරීනි යන නම හැදී ඇත්තේ සෙන්ට් අයිරින් යන ඉතාලියානු ශාන්තුවරියගේ නමින් බව කියැවේ. එහි මුල් ග්‍රීක් නම ස්ට්‍රොගිලි ය, ක්‍රිස්තු පූර්ව  16-17 සියවසේදී (අවුරුදු 3600 කට ඉහත) මිනෝවන් පිපිරිම නමින් හැඳින්වෙන  මහා  භුමිකම්පාවකින්  හා ඉනික්බිතිව ඇතිවූ අඩි  600 පමණ උස සුනාමියෙන් මේ දූපත හා  එහි ජනාවාස සහමුලින්ම විනාශ වී ගොස් සැන්ටොරීනි, නියා කමේනි, පලායා කමේනි, අස්ප්‍රොනිසි සහ ක්‍රිස්ටියානා නමින් දුපත් පහක් නිර්මාණය වුනි.භූමිකම්පාවේ විශාලත්වය නිසාම කිලෝමීටර 20-40 අතර විශ්කම්භයක් සහිත  ආවාටයක් ඇතිවී එය මුහුදු වතුරෙන් පිරි ගියේය. පින්තූරයේ පෙනෙන්නේ එයයි. මේ අති විශාල වතුර පිරි ආවාටය කල්දේරා නමින් හැදින්වේ. මෙය ඇත්තටම මුහුදු වතුර පිරුණු විශාල කල්දේරමකි.  මේ පෙදෙසේ  ගිනිකඳු පිපිරීම් ආරම්භ වී ඇත්තේ වසර මිලියන් දෙකකට පමණ ඉහත  සිටය.  ආවාටයේ මැද ඇති දුපතේ තවමත් නිද්‍රාශීලි  ගිනි කන්දක් පවතී. ඒ ගැන ඉදිරියේ දී ලිපියක් ලියමි.

එසේම මෙහි මුලින් ජනාවාස ඉදිකළ මිනෝවන් වරුන් සහමුලින්ම වැනසී ගොස් ඇත්තේ මේ භුමි කම්පාව නිසාය. මිනොවන් වරුන්ගේ අතීත ශ්‍රී විභූතිය හා ඔවුන්ගේ මාලිගා පිහිටි අක්‍රොටිරි හා නොසස් ජනාවාස බැලීමට අපි ගියෙමු. ඒ පිළිබඳවද ඉදිරියේදී ලියන්නට සිතා සිටිමි.  විනාශ වී ගිය  ඇට්ලන්ටිස් නගරයද මිනෝවන් වරුන්ගේ බවට විශ්වාසයක් පවතී. ඒ සඳහා සාක්ෂි ද තිබේ. ඒවාද ඉදිරියේදී සඳහන්  කරමි. 

ඉන්පසු  මෙහි පදිංචියට පැමිණි ෆිනිශියන් වරු එයට කලිස්ටි යන නම තැබුහ. ක්‍රි.පූ. 9 වන ශතවර්ෂයේ (අවුරුදු  2920 කට ප්‍රථම) එය ආක්‍රමණය කල ස්පර්ටා හි  ඩෝරියන් වරු එයට ඔවුන්ගේ සෙනෙවියා වන තෙරාස් ගේ නම තැබුහ, තවමත් මේ දූපතේ කොටසක් තේරා නමින් හැඳින්වේ. හතරවන සියවසේ කුරුස යුද්ධය සමයේ එය අත්පත් කරගත් ක්‍රිස්තියානි  යුධකාමින් එය සැන්ටා අයිරිනි නමින් හැඳින්වූයේ එනමින් පල්ලියක් පෙරිස්සා පෙදෙසේ තිබු නිසා බව කියවේ,

අප ගමන් කල නැව සැන්ටොරීනි කරා ලඟා වෙනු පහත පින්තූර වල ඇත. ඉහත කි දූපත් ද පසුබිමින් පෙනේ. 












සැන්ටොරීනි වලට පැමිණි පසු අපි නවාතැනට යාමට ටැක්සියක් ගත්තෙමු. අපව රැගෙන ගිය කුලී රථයේ රියදුරු මහතා පැවසුවේ බස් ඇත්තේ ඉතා කලාතුරකින් බැවින් අපට බොහෝ තැන්වලට යාම අපහසු බවය. එය ඇත්තකි. ඔහු භාගයක් දුර  අප රැගෙන ගොස් තිබුනත් ආපසු හරවා ගෙන පැමිණ රථයක් කුලියට ගන්නට අවවාද කොට ඒ සඳහා  අපට උදව්ද  කළේය.  ඔහු අප රැගෙන ගියේ ඉහත  පින්තූරයේ ඇති තොටුපලේ සිට කඳු මුදුනේ භාගයක් පමණ දුරය. අය කළ මුදල් කුලී රථය ගැනීමට  සඳහා නැවත ලබා දුන්නේය. අප වැනි සංචාරකයන්ගෙන් ගසා කෑමට ඔහුට හැකියාව තිබුනද ඔහු එසේ නොකළේය.  

ඉතින් මුලින්ම අප කලේ නවාතැනට ගොස් බඩු මුට්ටු තබා ස්ටව්රෝස් පල්ලිය  බලා යෑමය.  එහි මුදුනේ සිට පහල කල්දේරම හොඳින් නැරඹිය හැකිය.  පල්ලිය ඇත්තේ අපි නැවතී සිටි ෆීරා පෙදෙසේ සිට මිනිත්තු 30 පමණ එහා ඇති  OIA අයා පෙදෙසේය.
 







අපි එහි වාහනය  නතර කල විට දුටුවේ බුරුවන් මගින් කන්ද උඩට ගිය හැකි බවය. ඇත්තටම එය අසීරු නැග්මකි. මහන්සි වී සිටි අප කලේ එතන සිටි තැනැත්තා ගෙන් ඒ ගැන විමසිමයි. උන් බුරුවන් නොව කොටළුවන් (mule) බව කි ඔහු කිසියම් මුදලකට අපව  උඩට රැගෙන ගියේය. පනස් ගණන්වල සිට හැත්තෑ ගණන් දක්වා  සංචාරකයන්  ගමන් ගොස් ඇත්තේ බුරුවන් හා කොටළුවන් මතිනි.  ගමන් පටන් ගැනීමට ප්‍රථම  ඔහු තම බිරිඳට කතා කොට ඔහු විසින්ම සාදන ලද වයින් ලිකියුර් බොන්නට දුන්නේ ඇය විසින් මිදී වලින්  සාදන ලද ජෑම් වර්ගයක්ද  කෑමට දෙමිනි. 

කොටළුවන් ඉතා පහසුවෙන් ගමන් කළද එය ලෙහෙසි ගමනක් නොවන බව අපට තේරුම් ගියේ ප්‍රපාතය අයිනෙන් ගමන් කරන විට පයක් ලිස්සුවොත් අප නවතින්නේ මුහුදේ බැවිනි. හැබැයි ඊට කලින් බෙල්ල බේරා ගැනීමටද නොහැකි  වනු ඇත. නමුත් පහල ආවාටය සහිත දර්ශනය ඇති සුන්දර එකකි. මේ සමග ඇති යුටියුබ් විඩියෝවෙන් එය නැරඹීය  හැකිය.


බසල්ට් 




බොහෝ පිරිස් මේ  කන්ද නගින්නේ එහි සිට පහලට කල්දේරාව මනරම් ලෙස නරමිය හැකි නිසාම පමණක් නොවේ. බැස යන හිරුගේ චමත්කාරය  ඉතා දර්ශනීය ලෙස නැරඹිය හැකි නිසාත්ය. නැවක් හිරු දෙසට යන දර්ශනය මට පෙනුනේ ඉමක් නොපෙනෙන තෙරක් නොපෙනෙන ගමනාන්තයකට යන ලෙසකි.  

කන්ද පහලට අප පැමිණියේ කොටළුවන් මතින් නොව පයින්ය. ඒ සඳහා පැය භාගයකට වඩා ගත වුනත්  වඩා හොඳින් ආවාට දසුන් නරඹන්නට හැකිවිය. එසේම ගිනි කන්ද පිපිරුණු පසු බිහිවූ ලාවා කොටස් හා බසල්ට් පාෂාණ ද වසර 3500 කට පසුත්  එහි වේ. මා අල්ලාගෙන  සිටින බිත්තිය එවන් බසල්ට් පාෂාණ වලින් සැදුනකි. 






ආපසු කන්ද බසින් එද්දී  පල්ලියේ පූජකතුමාද අපට මුණ ගැසුණි. නැවතී අප සමග කතා බහ කල ඔහු ඔහු අපේ නිවාඩුවට ආශීර්වාදයක් දීමටද  අමතක නොකළේය. 

ප.ලි - අංක තුන යටතේ ලිවීමට නියමිත් බෙසෝ දූපත් ගමන් පසුව ලිවීමට තබා ගතිමි.   

මුල් ලිපි 


33 comments:

  1. කියයි ෆොටෝ හිර කරගත් කතන්දරේ අපට හොඳින්
    පෙනෙයි ඔබ සතුය ධර්මේ - පෙර කළ පින්
    දැයක් එක්ව කර ඇති පව් පළ දීමෙන්
    අපි හිර වෙලා ඉන්ධන මිල වැඩි වීමෙන්

    ReplyDelete
    Replies
    1. කණගාටුයි අහන්නටත් ඔබේ වදන්
      මගේ පිනක් පවක් නොවේය ඒ නම්
      නැවතුනේ මම හොඳ රටකය හිතට අරන්
      හැට නම ලක්ශේ පින් ටික ටික එකතු කරන්
      මේ පාරවත් ගොඩ යාමක් හදා ගනින්

      Delete
  2. මේන් බලාපල්ලා කොළඹ ගමයාට රස්පුටීන් මුනගැහිලා....

    ReplyDelete
    Replies
    1. කොමියා ඒ වගේ තමයි හා හා

      Delete
  3. මෙම දිවයිනට පානිය ජලය, බලශක්තිය ලබා ගන්නේ කෙසේද අජිත් ධර්මකීර්ති මහත්මයා?

    - හේෂාන් දමින්ද (ප්‍රවීන පරිගණක ග්‍රැෆික් නිර්මාණ ශිල්පී) -

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක්. බලශක්තිය හුඟක් වෙලාවට සුර්ය කෝෂ වලින් විදුලිය සහ වතුර රත් කිරීම, ග්‍රීසියෙන් විදුලිය ලැබෙනවා ඊට අමතරව, ඩිසල් එන්ජින් තිබෙනවා. ජියෝ තර්මල් ශක්තියත් භාවිතා කරනවා. ගෙවල් වල වහල පැතලියි. කොටු වගේ වැහි වතුර එකතු කරනවා. වැහිවතුර ගබඩා කරනවා. ඊට අමතරව මුහුදු වතුර පිරිසිදු අක්රල් ගණන්ව. ඒවා බොන්න බැහැ. බෝතල් වතුර අතමයි.

      Delete
  4. හුම්... පොටෝ අල්ලන්න මරු පොට් එක්ක වාගේ

    ReplyDelete
  5. හරිම ලක්ෂණ නැති වෙළුණු පළාතක් වගේ නේද දිස්වන්නේ.

    ReplyDelete
    Replies
    1. මටනම් ලස්සනයි. ගිනි කන්දක් පිපිරුණු තැනක් නේ. ලංකාව තරමට සශ්‍රික නැහැ. හැබැයි සශ්‍රික ලංකාවට වඩා මිනිස්සු හොඳින් ජිවත් වෙනවා.

      Delete
  6. 'සැන්ටොරීනි වලට පැමිණි පසු අපි කුලියට කාරයක් ගත්තෙමු. අපව රැගෙන ගිය කුලී රථයේ රියදුරු මහතා පැවසුවේ බස් ඇත්තේ ඉතා කලාතුරකින් බැවින් අපට බොහෝ තැන්වලට යාම අපහසු බවය. එය ඇත්තකි. ඔහු භාගයක් දුර අප රැගෙන ගොස් තිබුනත් ආපසු හරවා ගෙන පැමිණ රථයක් කුලියට ගන්නට අපට උදව් කළේය.'

    රථයක් කුලියට රැගෙන ගමනේ භාගයක් ගොස් නැවත පැමිණ ආයේ රථයක් කුලියට ගන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ඔබතුම කිවට පස්සේ තේරුනේ. මෙහෙමයි ටැක්සියක ගියේ (කුලී රථයක) එයාම හරවාගෙන ඇවිත් කාරෙකක් කුලියට ගන්න කිව. අපට පවා ගෙන යන්න මගේ ලයිසන්ස් එකට. කොහොමද ඒක ලියන්නේ. දෙකම කුලියට නේ

      Delete
  7. හොද සටහනක්. ආසාවෙන් කියෙව්වා. දිගටම විස්තර ලියන්න.

    ReplyDelete
  8. මහත්තුරු හොදයි

    ReplyDelete
    Replies
    1. මොන මහත්වරුද මහත්මයා

      Delete
  9. අපි ඉතිං කවද ඕව බලන්න යන්නද. ඒ හින්ද මෙහෙමවත් කියන එක හොඳා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. යන්න පුළුවන් වෙයි කියල හිතමු. ඉන්දිය්වට යනව වගේ චාරිකා ඔගනයිස් කරමු

      Delete
  10. නිර්නාමිකව දාන්න. උදව්වක් බලාපොරොත්තු වෙනවා. 🙏

    විවාහ වෙලා වසර 7 යි. ගිය සතියේ දැන ගන්නවා මගේ wife මගේ හොඳම යාලුවා එක්ක 12 වතාවක් ලිංගිකව එකතු වෙලා කියලා. ඒ සිද්දිය සිදු වෙලා වසර 3 ක් වෙනවා. නමුත් මම දැනගන්නෙ ගිය සතියේ.

    අපිට දරුවෙක් ඉන්නවා අවුරුදු 5 යි. Wife ට තව දරුවෙක් දැන් හම්බ වෙන්න ඉන්නවා (මාස3). මෙයා ඒ යලුවට ලියපු ලියමනක් මට අහම්බෙන් හම්බ වෙනවා. ඒක දිගේ හොයාගෙන යනකොට මේ සියල්ල wife එයාගෙ කටින්ම කිව්වා. ඒ වෙනකොට වයස ඇයට 26 යි. යාලුවා මේ පෙළබවීම සිද්ධ කරගෙන තියනවා. ඒ දවස් වල එයත් බැදලා අපි ඉදපු apartment එකේම එහා පැත්තේ එයාල හිටියේ. මන් වැඩ අතරේ එයාගෙ wife නැති අතරෙ සැරින් සැරේ මේක සිදු වෙලා තියනවා. (එතකොට අපේ දරුවට වයස අවුරුදු 2ක් පමන) අපේ කාමරෙමයි මේක සිදු වෙලා තියෙන්නෙ. නමුත් පසුව ඒ යාලුවා සහ එයාගෙ බිරිඳ රට ගියා. තාමත් එයාල ඉන්නෙ රට.

    මන් Counselling ගියා, Doctors ලා හම්බුනා. ලොකු වෙනසක් නෑ. Wife කියනවා ඒක පෙලබවීමක් නැවත සිදු නොවන බව. දරුවෙකුත් බඩේ තියාගෙන දැන් එයත් දවසම අඩනවා මගේ වෙනස් වීමත් එක්ක.

    මන් මේකට ගත යුතු පියවර කුමක්ද. මට තව ඉන්න හිතක් නෑ. මෙතන රැඳෙන්න හිතක් නෑ. දරුවො නිසා ඉවසනවා. නින්ද යන්නෙ නෑ. අපේ කාමරෙ ඇද දකිද්දි පවා මට මැරෙන්න තරම් දුකක් එනවා.

    ReplyDelete
    Replies
    1. අපෝ හරිම සිම්පල් වැඩක් නේ කරන්න තියෙන්නේ. මුලින්ම උඹට කරන්න තියෙන්නේ උඹේ බිජ්ජයි පරම්පරා කූට්ටමයි ගලක් උඩ තියා තලපන්. ඊට පස්සේ කුරේටර් කැට ටිකක් වතුරෙන් මිශ්‍ර කරලා බීලා ගෑනිගේ සාරියක් අරන් ෆෑන් එකට ගැටගසා බෙල්ලට තොන්ඩුවක් දලා එල්ලියන්. ඒ එල්ලෙන්න කලියෙන් දිව ඇදෙන එක නවත්තන්න ගෑනිගේ ජංගියක් අරන් මුකේ වසාගනින්.

      Delete
    2. මම ඉතින් මානසික සායන සපයන කෙනෙක් නෙමේ. ඒ නිසා මට අවවාද දෙන්න බැහැ. නමුත් මෙහෙම හිතුවොත්. යාළුවෙක් ඔහොම එකක් කීව කියල. එතකොට මම කියනව ඌට මෙහෙම. උඹට චොයිස් කිහිපයක් තියනවා.
      1. බඩේ ඉන්න ළමය තමන්ගේ කියල ෂුවර් නම් ගැහැණියට කොන්දේසි සහිතව සමාව දීම. එහෙම නෙමේ නම් ලංකාවේ සංස්කෘතියට අනුව ඕක ටිකක් අමාරු වැඩක්. හැබැයි හැම දරුවෙක් ම තමන්ගේ කියල හිතා ගත්තොත් වැඩේ ශේප්.
      2.අර යකා දැන් ඉන්නේ වෙන රටක නිසා කරන්න බැරි වැඩක්. නමුත් එයාල ලංකාවට ආපු දවසක එයාගේ ගැහැණිය හම්බ වෙලා සිද්ධිය කියල සමහර විට එයත් එක්ක ටික දවසක එෆෙයාර් එකක් කිරීම.
      3. හොඳ එස්කෝට් සර්විස් එකක් හොයාගෙන කාන්තාවන් දොළහක් විතර සේවනය කරලා වයිෆ් ට කියනවා ඇක්සිඩන්ට් එකකින් වුනේ කියල
      4. ගැහැණියට කොන්දේසි යටතේ සමාව දීම. උදාහරණ වශයෙන් හැමදාම තමන් කැමති කෑම උයල බෙදල, කන්න දීල මසාජ් එකක් දෙන්න ඕනේ වැඩ ඇරිලා ආවහම,, ඊට පස්සේ සෙක්ස්, විරුද්ධ වෙන්න බැහැ , ඔලුවේ කැක්කුමයි, ඇඟ රිදෙනවා, නිදිමතයි කතා බැහැ , අම්මලාගේ ගෙදර යන්න චුරු චුරු ගාන්න බැහැ අවුරුදු 10 යනකන්. ඕන් ඔහොම . .
      5. ගෑනි දික්කසාද කිරීම. පරදාර සේවනය දික්කසාද කිරීමට හේතුවක් නිතිය යටතේ. හැබැයි එහෙම කරන්න ඕනේ ඊට පස්සේ තමන්ට තැවුලක් නැතිව ජීවත් වෙන්න පුලුවන්නම් විතරයි. ළමයෙක් ඉන්න නිසා එච්චර හොඳ චොයිස් එකක් නෙමෙයි.

      Delete
  11. තක්කාලි කියලා ජාතියක් ලෝකේ තියෙන්නේ ඇයි කියලා මම නම් කියන්න දන්නේ නෑ. සමහරු කියන විදිහට තක්කාලි තමයි ගුණෙන් වැඩිම පළතුර. සමහරු කියන විදිහට එළවළුව. කවුරු කොහොම කිව්වත් හේන්බටු තක්කාලියේ ඉඳලා ලොකු ගෙඩි මස් තක්කාලිය වෙනකම් තක්කාලි ලෝලියෙක් මම. ඉස්සර අපේ අම්මා කරවල හාල්මැස්සෝ මොන ජාතිය හැදුවත් තක්කාලි ඒකට වීසිකරන්න අමතක කළේ නෑ. එළවළු ගේන්න කඩේට ගිය කිසිම වෙලාවක එයා තක්කාලි අමතක කළේ නෑ. ඒ හින්දමද කොහේද තක්කාලිවලට මාත් මාර ආසයි.

    තක්කාලි රස රැසක් තියෙනවා මට හිතෙන විදිහට. පහළ ඌවේ හේන් පැල් වටේට හිනාවෙන පුංචි බටු තක්කාලිය හේන් හොද්දට වීසිකළාම තක්කාලිය ඒ හොද්දේ තවරන ඇඹුල් රසය මාරයි. සමහර වෙලාවට හේනේ ඉදෙන මඤ්ඤොක්කා කොළ මැල්ලුමට මේ හේන් තක්කාලි ගෙඩියක් එහෙට මෙහෙට කපලා දැම්මාම ඒකට එනවා අර මඤ්ඤෝකා කොළ රසට වෙනස් උත්තුංග රසක්.

    ඉස්සර අම්මා අපිට උණ හැදිලා කටට කිසි දෙයක් රස නැතිවුණාම උඟුර තුවාලවෙලා වගේ තියෙන වෙලවට හදාලා දෙන සම්බෝල වර්ග දෙකක් තිබුණා. එකක් තමයි පොල් ගලෝලා ළිපේ අඟුරු අස්සෙ සඟවලා කළුවට හිනාවුණාම එළියට අරං ගලේ ගම්මිරිස් එක්ක අඹරලා හදන සම්බෝලය. ඇත්තටම මේක සම්බෝල කීවට ලුණු මිරිසක් වගේ එකක්. කළුවට කළුවේ දිවග මේක තියාගත්තාම ඉතිං බත් ටික බඩට වැටෙනවා.

    ඊළඟට අපිට මෙහෙම වේලාවට දෙනවා තක්කාලි කපලා ලොකු ළූණු ගම්මිරිස් නයි කොච්චි එක්ක මික්ස් කරලා. මේකටනම් උඩින් දෙහි මිරිකනවා. දෙහියි නයි මිරිසුයි තක්කාලියි ලොකු ළූණුයි එකතුවුණාම එන රස නොදන්න කෙනෙක් ලංකාවේ ඉන්න විදිහක් නෑ. මේක උඩින් උම්බලකඩ ඕසෙට ඉස්සාම රස දෙගුණ වෙනවා. මෙහෙම සම්බෝලයක් හැදුවාම ඒකේ රසම කොටහා තමයි භාජනය අඩියේ ඉතුරු වෙන හොද්ද. මට හිතෙන්නේ රත්නපුරේ ට සුවිශේෂ රසක් තමයි මේ හොද්ද. මේක පස්සේ කාලේ ඔය තායි කාරයෝ එහෙම ඇවිත් රත්නපුරේ පදිංචි වුණාම වෙනම රසක් විදිහට බයිට් උඩින් උඩින් වැටුණා. රත්නපුරේ තියෙන රික්මන්ඩ් එක වගේ තැන්වල ඉස්සර බීපු එවුන්ට මේ රස අමතක වෙන්න විදිහක් නෑ. කරුමේ කියන්නේ මට මේකේ නම කටට එන්නෙම නෑ. ඒවෙනුවට කටට කෙළ උනනවා..

    මේ ළඟදි දවසක කන්න හදාගන්න කිසිම දෙයක් නැති වෙලාවක එහේ මෙහේ බැලුවාම තක්කාලි ගෙඩි දෙකක් හිනාවෙනවා. රසකාරක නූඩ්ලස් පැකට් පොඩ්ඩෙකුත් අයිනක හිටියා. දැන් ඉතිං කොරන්න දෙයක් නෑ. වතුර අඩු කෝප්පයක් විතර ළිපේ තියලා ඒකට ලොකුවට කපලා තක්කාලි ගෙඩි ටික දැම්මා. ඊළඟට ලොකු ළූණු ගෙඩියකුත් හතරට පහට කපලා වීසි කළා. වතුර එක නටාගෙන එනකොට බඩ නට නටා බඩගිනී කියනකොට නූඩ්ලස් එකත් අරකටම එකතුකරලා සෝයා සෝස් ටිකක් ලාවට සියඹලාවක් එකතුකරලා කරකෝලා ගත්තා. අම්මෝ අමා රස. තක්කාලි මස යාන්තමට මෙලෙක වෙනකොට ගන්න තියේනම් රහා වැඩී.

    කාලයක් මම සිංගප්පූරුවේ ලා විලා කියලා ඉතාලි රස සුවඳ ඇගට හලාගත්ත රෙස්ටුරෙන්ටුවක වැඩ කළා ඩීජේවරයෙක් විදිහට. (ඒක ගරු නාමයක් විතරයි..😁) ඉතිං උතුරු ඉන්දියානු යක්ෂයා අපි එහෙමයි ඒ චෙපාට කියන්නේ.. මිනිහා උදෙන්ම ඇවිත් කරන පළවෙනි වැඩේ තමයි ලස්සනම ලස්සන තක්කාලි පැටව් ටික පොත්ත යාන්තම් තැනින් තැන කොළුවට හැරෙනකම් අවන්ගත කරන එක. ඊටපස්සේ තමයි ඒකෙන් පීසාව උඩින් වනන තක්කාලි ජූසිව හදාගන්නේ.

    ඕයාලා තක්කාලිවලට ආසනම් තක්කාලි අවන්ගත කරලා කාලා බලන්න. ඇලුමිණියම් කොළයේ දවටලා පුච්චගෙන කාලා බලන්න. රස්නෙට පිට කට්ටකැඩිලා රස්නේ තක්කාලි ජූසිව දිවගට හලාගත්තනම් ඔබ තක්කාලි පෙරේතයෙක් වෙනවා නිසැකයි. ඒ ජූස් එකේ නැත්තං රස සිරපයේ රස පැණියෝ ඔබ ආසකරන හැම රසක්ම තියෙනවා. ඔබගේ දිව රසග්‍රහනකාමී නම් රාගීවරයෙක් විදිහට ඔබට තක්කාලි රස එක්ක හැමනෙන්න පුලුවන්..

    පීසා පස්තා ලසඤ්ඤා වගේ කෑම ජාති ගත්තාම ඒවාට මේ අපි කතාකරන තක්කාලියා නැතිව රසට සුවඳට ලාස්සනට හිනාවෙන්න බෑ. රස ගුලාවක් වෙන්නත් බෑ. එක එක තක්කාලි වර්ග එක එක රස වගේම එක එක කෑම වට්ටෝරු හැඩ කරනවා.

    ReplyDelete
    Replies
    1. තක්කාලියා කියන්නේ කෑම රස කරන කරපිංචා රම්පේ වගේ දෙයක් විතරක් නෙවෙයි තක්කාලියා කියලා කියන්නේ වෙනම කන්න පුලුවන් දහස් ගානක් රස වට්ටෝරුවල මුල් තැන හොබවන එළවළුවක්. ස්පාඤ්ඤය නම් අවුරුද්දකට සැරයක් තක්කාලිවලින් ගහගෙන මේ රස තක්කාලියාව රසට සමරනවා. ඒක තක්කාලි සෝස් එකක කිමිදිලා හිටියා වගේ වැඩක්.

      මස් මාළු කරවල මේ මොකක් උනත් තක්කාලි ජූස් එකෙන් තම්බගෙන කාලා බලන්න ඒක මොනතරම් රස ද කියලා. හරක් මස් වගේ තද මාංශයක් තක්කාලි එක්ක එකට හමන්නලා තිබ්බාම මස් අස්සට තක්කාලියා රිංගලා අපේ දිවට දෙනසැප ගැන නොදන්න කෙනෙක් මේ ලෝකේ ඉන්න විදිහක් නෑ. පොඩි පොඩි චෙරි තක්කාලි සැලඩයක හොවලා ලස්සනට හැඩ බලන ගමන් එකින් එක කටට වීසිකරගෙන බලන්න කොච්චර රසද කියලා. මස් තක්කාලිය යාන්තම් පුච්චලාවගේ අරං මීකිරි එකක දාලා ලුණු ඉසලා ගම්මිරිස් ඉසලා කාලා බලන්න කොහොමෙයි කියලා.

      ඉතිං මේක නිකමට වගේ ලීවේ අපි මේ රස උන්නැහේට සලකනවා මදි කියලා කියන්න. තක්කාලිවල ගුණ ගැන කතාවට මම රුසියෙක් නෙවෙයි. ඒත් සරළ අදහස තක්කාලි කියන්නේ ගුණවන්තයෙක් කියන එක. එක එක මල්ටි විටමීන අත්‍යාවශ්‍ය ලෝහ එහෙම දවටගෙන ඉන්න තක්කාලියා ගැන ටිකක් වැඩිපුර හිතන්න. අපි අහක දාන එළවළු අතරේ මුදුනින්ම ඉන්න කෙනෙක් තමයි මේ තක්කාලියා. ඔය ටකට ටකට කොත්තුවක් ඔබ ගෙදර හදාගන්නවානම් තක්කාලියෙක් දෙන්නෙක් දාලා හොඳට ගසාගෙන බලන්න. මුලින්ම තැටිය උඩ තියලා පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා සත් කරගන්න.

      ගෙදර තියෙන්නේ හාලුයි තක්කාලියි විතරයිනම් දෙකම එකට දාලා ඒකට තව කරපිංචා සුදුළූණු රම්පේ සේර කහා පොල් කිරි සුඟක් වගේ එකට සංයෝග කරලා උයලා බලන්න.. ආයි එළවළු සොයන්න කඩේට දුවන එකක් නෑ. ඒක තමයි තක්කාලියා අපිට සලකන විදිහ. පොල් කිරට තක්කාලි කෑලි දාලා හොඳට උම්බලකඩ වීසිකරලා උළුහාල් හොඳට දාලා තක්කාලි හොද්ද කාපු අය නොඉන්න විදිහක් නෑ. එහෙම අය රස මතක් කරගන්න. රතු පොල් සම්බෝලෙට චරස් ගාලා හැපෙන්න තක්කාලි වීසිකරන ඈයෝ මේක කියවන්නම ඕනී.

      තක්කාලි ගැන ලියන්න හිත හිතා ඉන්නකොට අද මේ පොටෝ එක ඇහැට පැන්නා. ඉතිං ඕන් ලීවා. තවත් තක්කාලියාගේ රස දන්න අය හලාගෙන බෙදාගෙන යන්න..

      Delete
    2. මම හොඳ මස් තක්කාලි කපලා ළුණු දානවා, ඒකට ලුණු ගම්මිරිස්, මිරිස්, උම්බලකඩ දාල සම්බෝලයක් හදල කනවා.

      Delete
  12. කාලෙක ඉදාලා තිබුණ ප්‍රශ්නයක් තමයි ඉස්සර තිබුණ හැම ජනාවාසයක්/ ගෝත්‍රයක්ම මොකක් හරි හේතුවක් නිසා විනාශ වෙලා යනවා, ඊට පස්සෙ ආයේ අලුත් ඒවා හැදෙනවා. ඒක ගැන මොකක්ද අදහස අජිත් මාමෙ.🤔

    ReplyDelete
    Replies
    1. ඒකට හේතුව දැන් කාලේ වගේ බේරෙන්න විධිහක් තිබ්බේ නැති එක. ජනගහනය අඩුයි. සුනාමියක්, භූමිකම්පාවක් ආවහම ඔක්කොම වගේ මැරෙනවා. නමුත් හැම ජනාවාසයක්ම /ගොත්රයක්ම් මැරුණේ නැහැ මම හිතන්නේ.

      Delete
  13. සම ලිංගිකයෙකු පාලනය කරන රටක "සාමාන්‍යය මිනිසුන්ට" බොහෝ වෙනස් කම් ඇති විය හැක.මන්ද එවැන්නෙකු භාහිරින් සමාජයට "විහිලුවක්" වුවද අභ්‍යන්තරිකව එවැන්නෙකු තරම් " සටකපටයෙකු " ලොවෙත් නැත.

    විශේෂයෙන් "නීතියට වගවන බොහෝ තැන්" එරට විහිලුවක් විය හැක..

    හොදැති උදාහරණය රනිල් වික්‍රමසිංහ නැමැති සමලිංගිකත්වයයි..

    ඔහු විධායක ජනාධිපති වන රටෙහි නීතියට අනුව කොටින්ම සමලිංගිකත්වයද විහිලුවකි.. අපරාධයකි...

    ReplyDelete
  14. https://en.wikipedia.org/wiki/My_Family_and_Other_Animals

    ReplyDelete
    Replies
    1. මම ෆිල්ම් එක නම් බැලුව.

      Delete
  15. කල්දේරා කියන්නේ පෘතුගාලේ වලං හදන අයටද?
    ඉස්සර මම අඳුනන ගෑණු ලමයෙක් හිටියා එයාගේඅග නමත් කල්දේරා.
    එක්කෙනෙක් කිව්වා මුංගේ මුත්තා පෘතුග්‍රීසි බලකොටුවකට හැලි අරක්කු විකුනුව කෙනෙක් කියලා.

    ReplyDelete
    Replies
    1. මේ පෘතුගාලේ නෙමෙයි ජගත් ග්‍රීසියේ තියන දූපත් සමුහයක්. කල්දේරා වචනේ ලතින් වචනයක්. එහි තේරුම උණුවෙන වතුර සහිත හැළිය කියන එක. කල්දේරම කියන වචනේ අපට ඇවිත් තියෙන්නේ එහමයි. කල්දේරා ප්රිතුගිසි වලින් කියන්නේ ඉංග්‍රීසි කොල්ඩ්රන් කියන එකමයි. A caldera (/kɔːlˈdɛrə, kæl-/[1] kawl-DERR-ə, kal-) is a large cauldron-like hollow that forms shortly after the emptying of a magma chamber in a volcanic eruption. When large volumes of magma are erupted over a short time, structural support for the rock above the magma chamber is lost. The term caldera comes from Spanish caldera, and Latin caldaria, meaning "cooking pot".[5] In some texts the English term cauldron is also used,[6] though in more recent work the term cauldron refers to a caldera that has been deeply eroded to expose the beds under the caldera floor.[5] The term caldera was introduced into the geological vocabulary by the German geologist Leopold von Buch when he published his memoirs of his 1815 visit to the Canary Islands,[note 1] where he first saw the Las Cañadas caldera on Tenerife, with Mount Teide dominating the landscape, and then the Caldera de Taburiente on La Palma.[7][5]

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .