Tuesday 30 August 2022

මිකොනොස් හි සවාරිය - ග්‍රීසියේ සංචාරය 2


මයිකොනොස්  ( මිකොනොස් ) කියන්නේ ග්‍රීක දුපතක්. විශාලත්වය වර්ග කිලෝමීටර් 85 පමණ, ජනගහනය දහදාහට මදක් වැඩියි. නමුත් සංචාරක සමයේ ඒ කියන්නේ අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා මිලියන් තුනක් පමණ පිරෙනවා. මුලදී 1955 ට කලින් හුඟක් දුප්පත්. කේරියන්ස්, ඉයෝනියන් වරු ඒ කියන්නේ හෙලස් කියන ජාතිය (වර්තමාන ග්‍රීක ) තමා මුල් පදිංචි කරුවන්. 

මිකොනොස් කියන්නේ ඇපොල්ලෝ දෙවියාගේ මුණුපුරා කියලයි කියන්නේ. නම හැදිලා තියෙන්නේ එහෙම.

මුලදී මේ මිනිස්සු පරෙය්යෝ අල්ලාගෙන උන්ගේ බිත්තර කාල තියනව. එහම පරෙය්යින්ට බිත්තර දාන්නම උද තට්ටුවක් හදපු  ගෙවල් තවම  තියනවා.  එළුවෝ ඇති කිරීම,  සහ ධීවර කර්මාන්තය  තමා යන්තමින් තිබිල තියෙන්නේ.නමුත් මේ ආහාර  නිෂ්පාදනය මදි. එනිසා  දූපත්  වාසීන් සහ ග්‍රීක රජය තීරණය කළා සංචාරක කර්මාන්තය වැඩි දියුණු කරන්න.   ග්‍රීසියේ මුලින්ම වගේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න කැපවුණු දූපත තමා මිකොනොස්.   ඔටෝමන් අධිරාජ්‍යයට එරෙහි නිදහස් සටනේ  ඉදිරියෙන්ම සිටි දුපතක්.


සොර්බා නමැති ග්‍රීකයා පොත කියවල තියන අය නම හඳුනා ගන්න ඇති.





අග නගරය වන හෝරා වල ගෙවල් අතරින් කෙටි අඩි පාරවල් තමා වැඩියෙන්ම තියෙන්නේ. මේ හැම මාවතක්ම වගේ ඉතාම පිරිසිදුයි. රුසියානු උක්රයින යුද්ධයට කලින් රුසියානුන් මෙහි වැහි වැහැල ඉඳල තියනව. දැන් එන්නෙම නැති තරම්. නමුත් සංචාරකයන්ට හැම පහසුකමක් ම සලසල තියෙන්නේ. මේ රටේ කැනබිස් හෙවත් කංසා විකිණීම තහනම් නැහැ. ඒවා හැදෙන්නේ නැති නිසා කැලිෆෝනියාව වගේ තැන්  වලින් තමා ආනයනය කරන්නේ. (ලංකාවට ඔත්තුවක්). හැබැයි වෙනත් මත්ද්‍රව්‍ය වලට  ඇබ්බැහිවූවන් නැහැ. 


රාත්‍රියේ පටන් ගන්න සාද අලුයම වනතුරු දික්වෙන නිසා උදේට නැගිටින්නේ බොහොම ටික දෙනයි. බේකරි වගේ ඒවා උදේ 9.00 ට විතර  අරිනවා. රෑට නිදා ගන්න හිතන් කෙනෙක් නගරයෙන් පිට නවත්නක් හොයා ගන්න එක හොඳයි.






අපි ගියා කුඩා ගොවිපළක ට.  තමන්ගේම වයින් නිෂ්පාදනය කරනවා. රතු වයින් සහ සුදු වයින්.  දවල් කෑමට වයින් විදිරුවක්  ඉල්ලුවොත් එක වීදුරුවකට ගෙව්වම ඕනෑ තරම් බොන්න පුළුවන්. ඉවර වෙන කොට පුරවනවා.එළදෙන්නු දෙතුන් දෙනෙක් සහ  බූරුවන් , එළුවන් හෙම හිටිය. බූරු කිරි වලින් රූප ලාවන්‍යයට අදාල දේවල් නිෂ්පාදනය කරනවලු. සංචාරකයන්ට ඒක පෙන්වල දවල්ට සහ රෑට ග්‍රීක ක්‍රමයට කෑමක් දීම අමතර ආදායම් ඉපයීමේ මර්ගයක්.


මේ පොඩි රටේ පල්ලි අටසීයක් විතර තිබෙනවා. එකම එකක් කතෝලික පල්ලියක්. අනිත් ඔක්කොම ග්‍රීක ඔර්තොදොක්ස්. පල්ලියේ  ඩෝම් එකේ වහල රතු නම් ඒක පෞද්ගලික පුද්ගලයෙක් හදපු එකක්. නිල් නම් නාවික හමුදාවේ උසස් නිලධාරියෙක් හදපු එකක්. නාවික හමුදාවට සෑහෙන තැනක් තිබෙනවා.


නගරයේ මැද උසට රවුමට හදපු ගොඩ නැගිල්ලක්. වහලයක් නැහැ. එතැන මැදට ගිහින් මොනව හරි හයියෙන් කීවොත් කියපු එක ආපහු ඇහෙනව. දෝංකාර දෙනවා, එතන දේශපාලකයෙක් ගිහිල්ල කතා කලොත් කියපු බොරුව ආයේ ඇහෙනවලු . එතකොට තක්කාලි වරුසාවක් දේශපක්ලකයාගේ ඔළුව අමත පතිත  වෙනවලු. 

මේ දූපතේ  ටැප් වතුර ලුණු රසයි. මුහුදෙන් පිරිසිදු කරලා ගන්නේ, ඒ නිසා බෝතල් වතුර තමා බොන්න තියෙන්නේ. ලීටරයක් යුරෝ එකක් වෙනවා.  වතුරත්, එළවලු පළතුරු  සහ අනික් හැම දෙයක්මත් එන්නේ ග්‍රීසියෙන්.  එනිසා ඒ දේවල් ගණන් වැඩියි. 

කාර් අඩු නිසා ටැක්සි ගණන්. කිලෝමීටර යක දුරත් යුරෝ 30- 40 වෙනවා. හොඳ  වෙලාවට.  අපට ඇවිදලා පුරුදුයි. අනික දූපත පොඩියි. 



මෙහෙ කනත්තවල් දෙක තුනක ස්මාරක ඉතාලියානු ක්‍රමයට හදල තියෙන්නේ. විසිතුරුයි, හොඳට නඩත්තු කරනවා. 

බස් සේවයක් තියනවා පරණ වරාය නගරයේ ඉඳල ඉඳල නව වරාය නගරයට. දූපත තුල  බස් සේවය හරියට ඒ කළේ ලංකාවේ ලංගම බස් වගේ. යන එන වෙලාවල් මිනිස්සු දන්නවා. බස් එක අඳුරන අයව මගදී වුනත් ගෙන යනවා.  
ඉතාමත් වැදගත් දෙයක් තමයි ඩෙලොස් කියන දූපතට පොඩි නැවකින් යන්න පුළුවන්. ඒ මේ දූපතින් පමණයි. ඒ දූපත සහ හෙළස් කියන ග්‍රීක ජනතාව අතර සම්බන්ධය පැහැදිලි කරන්න ඕනේ නිසා වෙනම ලිපියක් ලියනවා ඉදිරියේදී.



 ජනප්‍රිය  මුහුදු බස් සේවයකුත් තියනවා. ඒ බෝට්ටු බස් පටන් ගන්නකොට ඩීසල්  එන්ජින් නිසා එන සද්දේ හරියටම ලංගම ඩීසල් බස් එකක් වගේ  තමයි. කොන්දොස්තර කෙනෙක් ඉන්නව ටිකට් කඩන්න. දූපත වටේ තියෙන පුංචි වරායවල් හා ඩොක් ස්ටේෂන් වලට ඒවායින් ගිය හැකි. වීඩියෝවේ තියෙන්නේ විශාල නැවට නගින්න  කලින් අපි පරණ නගරයෙන් අලුත් නගරයට යන විධිහ.  මෙහෙ නව වරායේ රෝමන් අබ්‍රමොවිච්  වැනි රුසියානු ඔලිගාර්ක් ලගේ යොට්  නවතා තිබුනලු. ඒවා දැන් එතනින් ඉවතට ගෙනිහින්. එලෙමෙන්ට්ස් කියන ෆාහඩ් අල් අතෙල් ගේ යොට් එක දැක්කා අපි වරායෙන් එලියට යනකොට.   




ප්‍රසිද්ධ පින්තූරයක් සැරි සැරුව මතකද බුකියේ. බැදී තඩි මිනිහෙක් කට අරන් නිදාගෙන ඉන්න විධිහට තියෙන දූපත් දෙකක් ගැන. ඒ දෙකේ පින්තුරත් මෙතැන් ඇති. මිකොනුස් වලට කිලෝමීටරයක් වගේ දුරින් තියෙන්නේ.
මිකොනුස් වල 17 වන ශත  වර්ෂයේ පිහිටවපු  ඔතොඩොක්ස් තාපසාරාමයක්  තිබෙනවා තුර්ලියානි කියල.. එහි පින්තුරත් මේ සමග ඇති. 







නගරයේ ගෙවල් වලට යන්න තියෙන පොඩි මාවත්  හරිම පිරිසිදුයි.











මෙහි තිබුණු පරණ බලකොටුවක්.



මේ සුලන් මෝලවල් දැන් වැඩ කරන්නේ නැහැ. සිහිවටන ලෙස තබාගෙන සිටිනවා. ඒ වගේම සංචාරකයන් ආකර්ශනීය වෙන තැනක් වශයෙන් නඩත්තු වෙන්ව. 

34 comments:

  1. කෙළෙස් වැඩි කරයි මේ ලිපි හිටු කියලා
    කියවනවා මිසක් යන්නද ගන්න බලා
    මෙහෙ රට ඇතුළෙ ගමනුත් ඇත ඇණ හිටලා
    විකුණනතුරු දෙසිය විසිපහ හිඳිමි බලා!

    ReplyDelete
    Replies
    1. 225 දාගත්ත අයම තමයි එයාලව එළවන්න් ඕනේ

      Delete
  2. https://misschinesefood.com/the-braised-pigeon-eggs-with-mushrooms/

    https://www.theacevip.com/mykonos-mythology/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඊළඟට ලියන්නේ ඩෙලොස් ගැන

      Delete
    2. https://greekreporter.com/2022/06/18/the-island-of-delos-where-greek-myths-cults-and-history-come-alive/#:~:text=The%20island%2C%20referred%20to%20as,a%20place%20to%20give%20birth.

      Delete
  3. ආසාවෙන් කියෙව්වා. ෆොටෝ ගොඩක් එකතු කරලා තියෙන හින්ද හොදට විස්තර පැහැදිලි වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ

      Delete
  4. අජිත්, නියඟය ග්‍රීසියට හා දූපත්වලට බලපාන්නෙ කොහොමද, සයිප්‍රස්වගේ තැන්වල බොහොමයක් කුඩා අස්ථාවර ගංගා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. වතුර කොහොමත් නැහැනේ මේ දුපත් වල. මුහුදු වතුර තමා ශුද්ධ කරලා ගන්නේ නාන්න සහ අනිත් වැඩ වලට. බොන්න ඉතින් බෝතල් වතුර සහ වැහි වතුර

      Delete
  5. අජිත් Corfu යනවද?

    Gerald Durrell පොත් නිසා, මට චාන්ස් එකක් ලැබුනොත් යන්න ආස තැනක්

    ReplyDelete
  6. ශ්‍රී ලංකාවේ මිනිසුන් හාමතේ මිය යද්දී මෙම පුද්ගලයා ඒ ගැන වගේ වගක්‌ නැතුව විවිද රටවල ඇවිදිමින් කමින් බොමින් ප්‍රීතිවෙයි. මොහුගේ මෙම නිර්ලජ්ජිත ක්‍රියාකාරකම් ගැන විරෝධය දක්වමු

    ReplyDelete
    Replies
    1. ඇනෝ, ලංකාවේ මිනිස්සු හාමතේ මැරෙනවා කියල වාර්තාවක් නම් දැක්කේ නැහැ. නමුත් සමහරු දවසට එක වේලක් කා බව නම් දන්නවා.මම මුදලින් උදව් කරන පවුලක් එහෙම කිව්වා. ප්‍රශ්නේ ඇනෝ ලෝකයේ මිනිස්සු හාමතේ මිය යද්දී අපි අපේ ගමන් යන්න ඕනේ. අපි එහම යන තරමට තව කෙනෙක් ගේ බඩ ගින්න නිවෙනවා. ග්‍රීසියේ මිනිස්සු සංචාරකයන්ට සලකන්නේ සූස් දෙවියන්ට වගේ. ඉදිරියට ලියමු. අනික අපි අපේ මුදලින් ගමන් යනවා. රජයේ මුදලින් කන බොන ගමන් යන එවුන් ගැන කොහොමද කියන්නේ. පැජරෝ ඩිෆෙන්ඩර් බලකාය හෙම. උන්ව නවත්වන්න අදහසක් නැත්ද? මිනිස්සු හාමතේ මිය යනවා නම් 69 ලක්ස්හෙට කියන්න 100 ගානේ එකතු කරලා අරමුදලක් හදන්න කියල. එහෙම නැත්නම් ඒ වාහේ එකතු කර ගත්ත ඒවා ඉල්ලා ගන්න මිනිස්සුන්ට කන්න දෙන්න. ඕකුන් නේ වග කියන්න ඕනේ .

      Delete
  7. මිහායෙල් ගොර්බචොව්. - සෝවියට් සමුහාණ්ඩුව.

    හිසේ ලේ පැල්ලමක් සහිත මිනිසකු නිසා ලෝකයේ අවසානය සිදුවනු ඇතැයි බොහෝ කාලයකට පෙර යම් අනාවැකිකරුවෙකු විසින් පවසා තිබුණා. මිහායෙල් ගොර්බචොව් මහතා සෝවියට් නායකත්වයට පත් වීමෙන් පසු එකී කම්මුතුකරන්නාගේ (Terminator) චරිතය ඔහුට ආදේශ කරන්නට සමහරු උත්සාහ කළා. ගොර්බචොව්ගේ හිසේ පැහැදිලිව එවැනි පැල්ලමක් තිබුණා. ඒ නිසා අනාවැකි විශ්වාසකරන්නන් සිතුවේ මහා බලවතුන් අතර තිබූ සීතල යුද්ධය ගිණියම් වී ලෝකය න්‍යෂ්ඨික යුද්ධයක් දක්වා තල්ලු වී යනු ඇති බව.

    ගොර්බචොව් මහතාගේ ක්‍රියාකලාපය නිසා සෝවියට් දේශය කම්මුතු වී ගිය බව ඇත්ත. එසේම ලෝක සිතියමෙන් හරි අඩකටත් වඩා වසා පැතිර තිබූ රතු අධිරාජ්‍යය කම්මුතු වි ගිය බව ඇත්ත. නමුත් ලෝකයේ මතු පැවැත්ම වෙනුවෙන් ඔහු පියවර කිහිපයක් පස්සට ගත්තා. ඔහුගේ ක්‍රියාමාර්ග නිසා සම්ප්‍රදායික කොමියුනිස්ට් ලෝකය උඩු යටිකුරු වුවත් ඒවා ලෝක සාමය වෙනුවෙන් බොහෝ සෙයින් බල පෑවා.

    කොයි තරම් මහා බලයක් තිබුණත් මිනිස්සුන්ට වරදින්න පුළුවන්. මිහායෙල් ගොර්බචොව්ටත් එහෙම වැරදුණා. ඔහුට ඇත්තටම උවමනා වුණේ යල්පැන ගිය සීමාවන් ඉවත්කර කොමියුනිස්ට් රාජ්‍යයට දියුණු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ එකතු කිරීම බව පැහැදිලියි. ඔහු ඒ වෙනුවෙන් නිර්භීත ආරම්භයක් ලබා ගත්තා. නමුත් ඒ ප්‍රජාතන්ත්‍රවාදයම මකරෙකු මෙන් නැඟී සිට සෝවියට් සංගමය කෑලි කෑලිවලට කඩා දැම්මා. ඇමෙරිකාව නිරවු යුද්ධයේ ජයග්‍රහණය ලෙහෙසියෙන්ම අත්පත්කර ගත්තා. ඔවුන් ලෝකයේ තනි සුපිරි බලවතාගේ ස්ථානය තහවුරු කරගත්තා.

    1991 අගෝස්තු 19 වැනිදා හරියටම උදෑසන 6.06 ට සෝවියට් ටාස් පුවත් සේවය කිසිවෙකු බලාපොරොත්තු නොවූ නිවේදනයක් නිකුත් කළා. සෝවියට් සංගමයේ ජනාධිපති මිහායෙල් ගොර්බචොව් සහෝදරයාව සෞඛ්‍ය හේතු මත තනතුරෙන් ඉවත් කළ බවත් සෝවියට් සංගමයේ පාලන බලය හදිසි අවස්ථා කමිටුවට පවරා ඇති බවත් එයින් කියැවුණා. වැඩබලන ජනාධිපති තනතුර උප ජනාධිපති ග්‍රෙනඩි යනායෙව් සහෝදරයා වෙත පවරා ඇති බවත් එම නිවේදනයෙන් වැඩි දුරටත් කියැවුණා.

    ReplyDelete
    Replies
    1. ඒ වන විටත් මොස්කව් පාලනයේ මූලිකත්වයෙන් තිබූ රතු අධිරාජ්‍යය යම් ආකාරයකින් දෙදරා යමින් තිබුණා. නමුත් කොමියුනිස්ට් යාන්ත්‍රනය ආගමක් මෙන් ලොව පුරා තවදුරටත් ක්‍රියාත්මකව තිබුණා. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පවා කටයුතු කළේ ක්‍රෙම්ලිනයෙන් ලැබෙන පණිවුඩ අනුවයි. කොමියුනිස්ට් ලෝකයත් ක්‍රියාත්මක වුණේ හරියට රෝමානු කතෝලික පල්ලිය වගේ. කොමියුනිස්ට්වරුන්ගේ ශුද්ධෝත්තම පියතුමා තමයි සෝවියට් කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම්වරයා. චීනය, යුගෝස්ලෝවියාව වැනි රටවල් කිහිපයක් හැරුණාම කොමියුනිස්ට් ජාත්‍යන්තරය තවදුරටත් ක්‍රෙම්ලිනයේ නායකත්වය පිළිගත්තා. ඇතුළතින් හා පිටතින් ඉරිතලා ගියත් ඒ වන විටත් කොමියුනිස්ට් ජාත්‍යන්තරය හුස්ම ගනිමින් සිටියා. නමුත් ගොර්බචොව්ගේ ඉවත් කිරීම නිසා සියල්ල අවසාන විමට පාර කැපුණා.

      1917 දී ව්ලැදිමීර් උල්යානච් ලෙනින්ගේ නායකත්වයෙන් බිහිවූ මේ මහා දේශය පසුව ලොව පුරා රැල්ලක් මෙන් පැතිරී ගිය සමාජවාදී දේශපාලන මාදිලියට ජීවය සැපයූවා. දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රහණයත් සමඟ මහා බලසම්පන්න රාජ්‍යයක් ලෙස ඔවුන් වේගයෙන් ඉස්මතු වුණා. වසර 74 ක කාලයක් පුරා ගෝලීය දේශපාලනයේ එක් බල කේන්ද්‍රයක් නියෝජනය කළ සෝවියට් දේශය පරාජය කිරීමට එහි සතුරන්ට නො හැකි වුණා. නමුත් අවසානයේ මේ අපරාජිත දේශයේ නායකයාටම එය විසුරුවා හැරීමට සිදුවීම දෛවෝපගතයි. 1991 දී ඒ අවසනාවන්ත නායකයාගේ භූමිකාව රඟදැක්වූයේ ගොර්බචොව්.

      න්‍යායාත්මක මාක්ස්වාදය මහපොළොවේ යතාර්ථයක් බවට පත්කළ සෝවියට් දේශයේ බිඳ වැටීමට හේතු කවරේදැයි විවිධ පාර්ශව විවිධ අයුරින් අර්ථකතනය කරනවා. ඒ පිළිබඳව විවාදය දශක තුනකට පසුත් තවමත් නිමා වී නැහැ. බොහෝ සම්ප්‍රදායික මාක්ස්වාදීන් සියළු චෝදනා ගොර්බචොව් මහතාගේ ගිණුමට බැර කරන්නේ සෝවියට් ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට ඔහු විසින් ගන්නා ලද උත්සාහය සෝවියට් ශෝකාන්තයට හේතු වූ බව පවසමින්. බැලූ බැල්මට එසේ පෙනුනත් සෝවියට් දේශය නම් යකඩ තිරය ඇතුළතින් ඉරිතලා යමින් තිබුණේ ඊට දශකයකට පමණ පෙර සිට බව පෙනෙන්නට තිබෙනවා.

      1917 බෝල්ෂෙවික් විප්ලවයෙන් පසුව ගොඩනැඟුණු සෝවියට් දේශයේ අවසාන පාලකයා තමයි ගොර්බචොව්. විප්ලවයට නායකත්වය ලබා දුන් වී.අයි.ලෙනින් 1924 දී මියගියා. ඔහු සෝවියට් දේශය පාලනය කළේ සිව් වසරක් පමණයි. ඉන් පසුව බලයට පත්වූ ජෝසෆ් ස්ටාලින්ගේ පාලනය යටතේ ළදරු සමාජවාදී රාජ්‍යය ඒකාධිපති, ආඥාදායක අධිරාජ්‍යයක් බවට පරිවර්තනය වුණා. දෙවන ලෝක යුද්ධයේදී ලැබූ ජයග්‍රහණයත් සමඟ සුපිරි බලවත් රාජ්‍යයක තත්ත්වයට පත් වූ සෝවියට් දේශය යුද ශක්තිය අතින් දක්ෂිණාංශික සුපිරි බලවතා වූ ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ කරට කර සටනකට අවතීර්ණ වුණා. ස්ටාලින්ගේ දශක තුනක පාලනය නිමා වූයේ 1953 වසරේදී සිදුවූ ඔහුගේ මරණයත් සමඟයි.

      ඉක්බිති ස්ටාලින්ගේ අනුගාමිකයෙකු වූ ජෝර්ජි මෙලන්කෝව් සෝවියට් නායකයා බවට පත්වුවත් ඔහුගේ පාලනය මාස අටකටත් අඩු කාලයකින් නිමාවට පත්වුණා.

      කොමියුනිස්ට් පක්ෂයේ බලය අල්ලාගත් නිකිතා කෘෂෙෆ් සෝවියට් සංගමයේ පාලනය සියතට ගත්තා. ස්ටාලින් යුගයේ සිරගත කරන ලද දේශපාලන සිරකරුවන් නිදහස් කළ කෘෂෙෆ් වඩාත් මධ්‍යස්ථ හා විමධ්‍යගත කොමියුනිස්ට් පාලනයක් ගෙන ගියා. සෝවියට් දේශය අභ්‍යවකාශයට අවතීර්ණ වූයේ ද කෘෂෙෆ් යුගයේදී. මගේ මතය අනුව සෝවියට් දේශයේ ස්වර්ණමය යුගය තමා කෲෂෙෆ් යුගය.

      එකොළොස් වසරක කෘෂෙෆ් පාලනය නිමාවට පත්වූයේ ලියොනොඩ් බ්‍රෙෂ්නෙව් ඔහුගේ අනුප්‍රාප්තිකයා බවට පත්කරමින්. ස්ටාලින්ට පසුව වැඩිම කලක් සෝවියට් සංගමය පාලනය කළේ බ්‍රෙෂ්නෙව්. ස්ටාලින් තරමටම නොවුනත් බලය තමා වටා ඒකරාශී කරගැනීමට බ්‍රෙෂ්නෙව් කටයුතු කළේ සෙසු පක්ෂ සාමාජිකයන්ගේ බලතල ද සීමා කරමින්.

      Delete
    2. බ්‍රෙෂ්නෙව්ගේ දීර්ඝ පාලන කාලය සෝවියට් සංගමය ආර්ථික, සමාජීය හා දේශපාලන අංශයන්ගෙන් එකතැන පල් වූ යුගයක් වූ බවයි මධ්‍යස්ථ විචාරකයන්ගේ මතය. අභිමානවත් ලෝක බලවතකු ලෙස නැඟී සිටියත් සෝවියට් ක්‍රමය ඇතුළතින් ඉරිතලා යෑම ආරම්භ වූයේ මේ කාලයේ බව කිව හැකියි.

      ඒ වන විට ලෝක සිතියමෙන් භාගයකට වඩා වසාගත් සමූහාණ්ඩු 15 ක දැවැන්ත රාජ්‍යයක් ලෙස සෝවියට් සංගමය ගොඩ නැඟී තිබුණා. යුක්‍රේනය, බෙලොරුසියාව, ලිතුවේනියාව, ලැට්වියාව, එස්තෝනියාව, ජෝර්ජියාව ආදී යුරෝපා රාජ්‍යත්, කසකස්තානය, අසර්බයිජානය, උස්බෙකිස්තානය, කිර්ගීසියාව ආදී ආසියානු රාජ්‍යත් සෝවියට් සංගමය යටතේ ගොනු වී තිබුණා. සෝවියට් සංගමය ලෝකයේ වාමාංශික රාජ්‍ය පද්ධතියේ උත්තරීතර අණදෙන්නා බවට පත්ව සිටියා. කෙසේ නමුත් දරාගත නොහැකි තරම් වපසරියක පාලනයක් මොස්කව් කේන්ද්‍රීයව සිදුකරගෙන යෑම අනෙකුත් සමූහාණ්ඩු වල නායකයන්ගේ නොමනාපයට හේතු වී තිබුණා.

      වර්ෂ 1982 දී බ්‍රෙෂ්නෙව් මරණයට පත් වුණා. ඉන්පසුව සෝවියට් සංගමයේ නායකත්වයට පත්වූ යුරී අන්ද්‍රපෝව් ද වසර දෙකකින් මරණයට පත් වුණා. 1984 දී අන්ද්‍රපෝව්ගේ අනුප්‍රාප්තිකයා බවට පත් වූ කොන්ස්තන්තීන් චෙර්නෙන්කෝට වසරක්වත් බලයේ සිටීමට වාසනාව ලැබුණේ නැහැ. ඔහුත් මියගියා.

      වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ සෝවියට් නායකයන් තුන් දෙනෙකුම මියයෑම නිසා කොමියුනිස්ට් පක්ෂය සිය ක්‍රමෝපාය වෙනස් කළා. වයොවෘද්ධ නායකයන් වෙනුවට වඩාත් තරුණ නායකයෙකු පත්කර ගැනීමට පොලිට් බියුරෝවට අවශ්‍ය වුණේ ඒ නිසයි. ඒ අනුව 1985 දී මිහායෙල් ගොර්බචොව් සෝවියට් දේශයේ උත්තරීතර නායකයා බවට පත්වුණා. වෘත්තියෙන් නීතීඥයෙකු වූ ගොර්බචොව්ගේ වයස ඒ වන විට 52 යි.

      ගොර්බචොව් මහතා බලයට පත්වන විට සෝවියට් දේශය නිලධාරිවාදය, එක තැන පල්වන ආර්ථිකය හා අකාර්යක්ෂමක නිපැයුම් නිසා අර්බුදයට පත්ව තිබුණා. මේ සඳහා ගොර්බචොව්ගේ විසඳුම් වූයේ, වඩාත් නිදහස් ආර්ථික හා දේශපාලන ප‍්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් හඳුන්වා දීමයි. පසුකාලීනව දේශපාලන ශබ්දකෝෂයට එකතු වූ පෙරෙස්ත්‍රොයිකා හා ග්ලාස්නොස්ට් යනු මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාන්විතයන්ට ලබා දී තිබූ නාමයන්.

      පෙරෙස්ත්‍රොයිකා සහ ග්ලාස්නොස්ට් වැඩපිළිවෙළ පිළිබඳව ගොර්බචොව් මහතා විසින් මුලින්ම හෙළි කළේ 1985 ලෙනින්ග්‍රෑඩ් නගරයේදී සිදුකළ ප්‍රකාශයකින්. මේ හදිසි ප්‍රකාශයත් සමඟ එවකට ඇමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් පවා කළබල වුණා. එදිනම ධවල මන්දිරයේ හදිසි සාකච්ඡාවක් කැඳවූ ජනාධිපතිවරයා මේ පිළිබඳව තමාට වාර්තා කරන ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නා. ක්‍රෙම්ලිනයේ තම ප්‍රබල පසමිතුරා අල්ලන්නට හදන අඩව්ව ගැන නිවැරදි අදහසක් නොතිබුණු ධවල මන්දිර නිලධාරීන්ට පෙරෙස්ත්‍රොයිකා සහ ග්ලාස්නොස්ට් යන වචන වල තේරුම සොයා ගැනීමට රුසියානු ශබ්දකෝෂ සොයා දිව යෑමට පවා සිදුව තිබුණා.

      ඔහු පෙරෙස්ත්‍රොයිකාව ලෙනින්ගේ නව ආර්ථික වැඩපිළිවෙළට නව පණ දීමක් ලෙස තමයි හඳුන්වූවේ. එහෙත් මෙම ක‍්‍රියාමාර්ගවලින් විශේෂයෙන් ග්ලාස්ට්නොට්ස් හේතුවෙන් සෝවියට් රාජ්‍ය බලය දුර්වල වුණා. සමාජවාදය ගොඩනගමින් පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය අංගයක් වූ නිර්ධන පංති ආඥාදායකත්වය දුර්වලවීම බාහිර මෙන්ම අභ්‍යන්තර සතුරන්ට වාසිදායක වුණා.

      සමාජවාදය බිඳ වැටෙද්දී සෝවියට් රතු හමුදාව අකී‍්‍රයව සිටීමද මීට සාක්ෂි සපයනවා. ප‍්‍රමාණාත්මකව පිරිහෙමින් තිබුණු සෝවියට් දේශය, ගුණාත්මක බිඳවැටීමක් බවට පත් කිරීමට ගොර්බචෝෆ්ගේ ප‍්‍රතිසංස්කරණ හේතු වූ බව පැහැදිලියි.

      Delete
    3. කෙසේ නමුත් ඒ වන විට ගොර්බචොව්ගේ නායකත්වයට දැඩි අභියෝගයක් වෙමින් සුදෝ සුදු හිස කෙස් සහිත විනෝදකාමී පුද්ගලයකු රුසියානුවන් අතර වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබුණා. ඔහු බොරිස් යෙල්ට්සින්. කොමියුනිස්ට් පක්ෂයෙන් දේශපාලනය පටන් ගත්තත් පසුව ඔහු ලිබරල්වාදී ධනේෂ්වර කඳවුරේ රුසියානු නියෝජිතයා බවට පත්වෙමින් තිබුණා. මොස්කව් නගරාධිපති ලෙස කටයුතු කරමින් සිටි ඔහු පසුව රුසියානු ෆෙඩරේෂණයේ ජනාධිපතිවරයා බවට පත්වුණා. සෝවියට් කොමියුනිස්ට් පක්ෂය නිර්ධය ලෙස විවේචනය කළ යෙල්ට්සින් ගොර්බචොව්ට මහා හිසරදයක් බවට පත්ව සිටියා.

      ගොර්බචොව් කරන්න යන්නේ කුමක්දැයි යෙල්ට්සින්ට හරි අවබෝධයක් තිබුණෙ නෑ. ඇත්තටම පෙරොස්ත්‍රොයිකා හා ග්ලාස්නොස්ට් ප්‍රතිසංස්කරණ ඒ යුගයේ අවශ්‍යතාවයක්. කොහොමත් ස්ටාලින්ගේ දැඩි පාලනයෙන් සමාජවාදයට වු කැළලි වහන්න ගොර්බචොව්ට සැබෑ වුවමනාවක් තිබුණා. ඔහුට සෝවියට් දේශයට සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දීමේ දැඩි උවමනාවක් තිබුණා. උග්‍ර ධනවාදියෙකු වූ යෙල්ට්සින්ගේ කඩි කුලප්පුව නොවන්නට දියුණු මානවීය දේශපාලන අදහස් තිබූ ගොර්බචොව්ට මහා යුරේසියානු කලාපය තුළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ගොඩනැඟීමේ මනා ඉඩකඩක් තිබුණා.

      නමුත් සම්ප්‍රදායික දැඩි මතධාරී කොමියුනිස්ට් නායකයන්ට ලෝකයේ නැඟී එන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය පිළිබඳව අවබෝධයක් තිබුණේ නැහැ. ක්‍රෙම්ලිනය තවදුරටත් තම බල පරාක්‍රමයේ සංකේතය ලෙසයි ඔවුන් සැළකුවේ. ඒත් මොස්කව් ක්‍රෙම්ලිනය අභිබවා යමින් ඊට ආසන්නයේ පිහිටි රුසියානු පාර්ලිමේන්තුව කෙමෙන් කෙමෙන් ශක්තිමත් වෙමින් තිබුණා. සෝවියට් සමූහාණ්ඩු අතර දැවැන්තයා වූ රුසියානු ෆෙඩරේෂණය තුළ පවා ජන මතය වෙනස් වෙමින් තිබුණා. සෝවියට් සංගමයේ සමූහාණ්ඩු අතර "ලොකු අයියාගේ" භූමිකාව රඟදක්වනවාට වඩා නිදහස්, ස්වාධීන රුසියාවක් තුළ ජීවත් වීමේ කැමැත්ත වෙනුවන් රුසියානුවන් පෙනී සිටියා. මේක තමා ඇත්තටම ගොර්බචොව් හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලය. යකඩ තිරය ඈත් මෑත් වන විට මිනිස්සු ලෝකය දැක්කා. ඒ වගේම ඇමෙරිකානු CIA බළල් අත් සෝවියට් යාන්ත්‍රනය ඇතුළට රිංගා සිටි බව ද බැහැර කළ නොහැකියි.

      රුසියානු බලය තවදුරටත් සම්ප්‍රදායික කොමියුනිස්ට් නායකයන් සතුව තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදීන් වේගයෙන් ශක්තිමත් වෙමින් තිබුණා. මෙකී ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයේ හිඩැස පිරවූයේ යෙල්ට්සින්. පැරණි කොමියුනිස්ට් නායකයන් යෙල්ට්සින්ව ප්‍රතික්ෂේප කළා. ඔවුන් යෙල්ට්සින් දුටුවේ ඇමෙරිකාවේ පදයට නටන ලිබරල්වාදී බේබද්දෙකු ලෙස. ඔවුන් යෙල්ට්සින්ගේ දේශපාලන කැරිස්මාව අවතක්සේරු කළා. නමුත් ගොර්බචොව් මහතා සිටියේ අතරමැද තැනක. කෙසේ හෝ සියළු දෙනා එක්ව තබාගෙන තමා බලාපොරොත්තු වූ සෝවියට් උතෝපියාව නිර්මාණය කිරීමට හැකි වේයැයි ඔහු තවදුරටත් විශ්වාස කළා.

      දැන් අපි නැවතත් 1991 අගෝස්තු 19 දිනට යමු. ටාස් ගුවන් විදුලියේ හදිසි නිවේදනය නිකුත් වන විට මොස්කව් නුවර මිනිස්සු උදෑසන අවන්හල් තුළ කෝපි බොමින් සිටියා. නගරයට බලපෑ දැඩි සීතල සුළං මැදින් තවත් අමුතු දෙයක් සිදුවෙමින් තිබුණා. රතු හමුදාවේ යුද ටැංකි රතු චතුරශ්‍රයට නුදුරින් එක පෙළට කොහේ හෝ ගමන් කරමින් තිබුණා. එකී රථ ගමන් කළේ රුසියානු ධවල මන්දිරය දෙසට. ඒ සෝවියට් නව නායකත්වයේ උපදෙස් අනුව බව අමුතුවෙන් කිව යුතු නැහැ. රාජ්‍ය කුමන්ත්‍රණයක් දියත් වී ඇති බව තේරුම්ගත් අවන්හල් තුළ සිටි ජනතාව කසු කුසු ගාන්නට වුණා.

      තමාව ඉවත්කර සෝවියට් බලය ඇල්ලීමේ කුමන්ත්‍රණය සිදුවෙද්දී ගොර්බචොව් මහතා කොහොමත් මොස්කව් නුවර සිටියේ නැහැ.

      එක දිගට සිදුවූ දේශපාලන කඩා වැටීම් යම් තරමකට සමනය කළ ගොර්බචොව් මහතා අගෝස්තු මුල් සතියේ දිනයක විවේක ගැනීම සඳහා ක්‍රිමියාව බලා පිටත්ව ගියා. කොහොමත් ඒ වන විටත් යුරෝපයේ කොමියුනිස්ට් යුද-දේශපාලනික සංධානය බිඳ වැටී අවසන්ව තිබුණා. වෝර්සෝ සංවිධානයට අයත් චෙකොස්ලෝවැකියාව, පෝලන්තය, රුමේනියාව, බල්ගේරියාවේ ආදී කොමියුනිස්ට් ආණ්ඩු සියල්ල බිඳ වැටී තිබුණා. බර්ලින් තාප්පය බිඳ දමා නැගෙනහිර හා බටහිර ජර්මානු රාජ්‍යයන් දෙක එකතු වී තනි ජර්මානු රාජ්‍යයක් නිර්මාණය වී තිබුණා. ලිතුවේනියාව, ලැට්වියාව, එස්තෝනියාව යන බෝල්ටික් සමූහාණ්ඩු තුන තම ස්වාධීනත්වය ප්‍රකාශ කර තිබුණා. ඉන් පසුව කොමියුනිස්ට් බල කේන්ද්‍රයේ ආධිපත්‍යය ගොනු වී තිබුණේ ඉතිරි සෝවියට් සමූහාණ්ඩු කිහිපයක් තුළ පමණයි. මේ සමූහාණ්ඩු කිහිපය එකතු කර නව සෝවියට් පොදු රාජ්‍ය සංගමයක් බිහිකිරීමේ මූලික කටයුතු සිදුකර එකී ගිවිසුම් අස්සන් කිරීමට දින යොදාගෙන තමා ගොර්බචොව් මහතා විවේකය සඳහා ගියේ. තමන් නැවත පැමිණෙන තුරු මොස්කව්හි පාලනය සඳහා හදිසි අවස්ථා කමිටුවක් ඔහු විසින් පත්කළා.

      Delete
    4. කුමන්ත්‍රණකරුවන්ට උවමනා වුණේ මේ ගිවිසුම අස්සන් කිරීම වැළැක්වීමට. පැරණි සෝවියට් සංගමය නම් වූ සිහිනයෙන් මිදීමට ඔවුන් කැමති වූයේ නැහැ.

      සෝවියට් සංගමයේ බලය ඇල්ලූ කුමන්ත්‍රණ කණ්ඩායම අට දෙනෙකුගෙන් සමන්විතයි. පුදුමය නම් ඔවුන් සියළු දෙනා ගොර්බචොව් විසින් පත් කළ හදිසි අවස්ථා කමිටුවේම සාමාජිකයන් වීම. අගමැති වැලන්ටීන් පවුලෝව්, අභ්‍යන්තර කටයුතු ඇමති බොරිස් පූගෝ, ආරක්ෂක ඇමති හා සෝවියට් සංගමයේ මාෂල් දිමිත්‍රි යාදොව්, කේජීබී සංවිධානයේ සභාපති ව්ලැදිමීර් කෘච්කෝව් ආදී සෝවියට් පාලනයේ ප්‍රබලයින් මෙම අටදෙනාගේ කල්ලියට ඇතුළත්ව සිටියා. නව පාලනයේ නායකයා ලෙස බාහිරට පේන්න සිටියේ උප ජනපති ග්‍රෙනඩි යනායෙව් වුණත් ඇත්තටම තිරය පිටුපස සිට මෙය මෙහෙයවන ලද්දේ කේජීබී නායකයා බවයි පැවසෙන්නේ.

      හමුදා භටයින් හාරදහසක්, යුද ටැංකි 350 ක් සහ සන්නද්ධ රථ 300 ක් අගනුවරට පැමිණ තිබුණා. පීස්කෝව් හි කර්මාන්තශාලාවකින් මාංචු යුගල 250,000 ක් ඇණවුම් කර තිබුණු බවත් පසුව වාර්තා වුණා. ඕනෑම මොහොතක නව ආණ්ඩුවට විරුද්ධ වන ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හැකි වන සේ හිස් ආකෘති පත්‍ර දහස් ගණනක් මුද්‍රණය කර තිබුණා. අලුතින් පාලන බලය ලබාගත් හදිසි අවස්ථා කමිටුව මහජන රැස්වීම්, පෙළපාළි හා වැඩ වර්ජන ආදිය මාස හතරකට තහනම් කරමින් නිවේදනයක් ද නිකුත් කළා.

      අටදෙනාගේ කල්ලිය සූදානම්ව සිටියේ තමන් සතුව දැවැන්ත බලයක් ඇති බව පෙන්නුම් කිරීමටයි. ඔවුන්ට උවමනා වුණේ ඉක්මන් ජයග්‍රහණයක්. නමුත් ඒ වන විට ගොර්බචොව් මහතාගේ ප්‍රතිසංස්කරණ වල ආදීනව සෝවියට් සමාජය විසින් ඩැහැගෙන තිබුණා. පැරණි නිලධාරිවාදී, ඒකාධිපති ස්වරූපයේ රාජ්‍යයක් තවදුරටත් රට තුළ දක්නට ලැබුණේ නැහැ.

      “හමුදා නීතියෙන් කොමියුනිස්ට් ක්‍රමය රකින්න බැහැ” කියමින් තරුණයන් බෙරිහන් දුන්නා. සොල්දාදුවන් නගර වල ස්ථානගත වීමත් සමඟ නිදහස් මතධාරීන් රටහැර යන්නට සූදානම් වුණා. ඉදිරිය ගැන අවිනිශ්චිත වූ නිසා මිනිස්සු බඩුමුට්ටු එකතු කරන්නට වුණා. බේකරි වල පාන් පෝලම් හැදුණා.

      අට දෙනාගේ කල්ලිය තමන්ගේ ජයග්‍රහණය ගැන සිටියේ අධිතක්සේරුවක. ඒ නිසාම අවධානය යොමුකළ යුතුම බාධක ඔවුන්ගෙන් ගිලිහී ගොස් තිබුණා. ඒ වන විට මොස්කව් බලයේ තීරණාත්මක සාධකය ගොර්බචොව් නොවන බව ඔවුන් තේරුම් ගෙන සිටියේ නැහැ. ඒ නිසාම ඔවුන්ට බොරිස් යෙල්ට්සින්ව අමතක වුණා. ඔහුව අත්අඩංගුවට ගැනීමක් සිදුවුණේ නැහැ. ඇත්තටම ඒ වන විට මොස්කව්හි කොමියුනිස්ට් බලයේ ප්‍රධානතම සතුරා බවට පත්ව සිටියේ යෙල්ට්සින්. ඔහුට කළ හැකි භූමිකාව ගැන කුමන්ත්‍රණකරුවන් අවතක්සේරුවකින් සිටි බවයි පෙනෙන්නේ.

      කුමන්ත්‍රණයේ නායකයන් ඒ වන විට රැඳී සිටියේ මොස්කව් හි ධවල මන්දිරය තුළ. ධවල මන්දිරය යනු සෝවියට් රජයේ මූලස්ථානයයි. යෙල්ට්සින් මොස්කව්හි ධවල මන්දිරය ඉදිරිපිටට පැමිණීමත් සමඟ දහස් ගණන් ජනතාව ඒ වෙතට රොක්වන්නට වුණා. ඔහු යුද ටැංකියක් මතට නැඟ කුමන්ත්‍රණය හෙළා දකිමින් වේගවත් කථාවක් පැවැත්වූවා.

      සැබැවින්ම එය ලෝක ඉතිහාසය වෙනස් කළ මොහොතක්. තමන් කිසි ලෙසකින් පසුබැසීමට සූදානම් නැති බව ඔහු ධෛර්යමත්ව පෙන්නුම් කළා. උද්යෝගිමත් වූ ප්‍රතිසංස්කරණවාදීන් වීදි වලට බැස්සා. ඔවුන් හමුදා සෙබළුන්ගෙන් ඉල්ලා සිටියේ කුමන්ත්‍රණයට දායක නොවන ලෙසයි. බොහෝ හමුදා සෙබළුන්ට තමන් කාගේ අණ පිළිපදින්නේදැයි සැකයක් තිබූ බව පෙනී ගියා. කුමන්ත්‍රණය ආපසු හැරවෙන බවක් තමයි පෙනෙන්නට තිබුණේ. හමුදා සේනාංක පවා අවසානයේ යෙල්ට්සින්ගේ පැත්ත ගත්තා.

      Delete
    5. කුමන්ත්‍රණකරුවන් රැඳී සිටි රුසියානු ධවල මන්දිරය අසළට තවතවත් ජනතාව එක්රැස් වුණා. ඒ ප්‍රමාණය ලක්ෂය ද ඉක්මවා ගියා. ඔවුන්ට වෙඩි තබා මන්දිරය ආරක්ෂා කිරීමට එහි ආරක්ෂාව භාරව සිටි හමුදා ප්‍රධානියා කැමති වුණේ නැහැ. එසේ කළ හොත් විශාල ලේ වැගිරීමක් සිදුවිය හැකි බව ඔහු තේරුම් ගත්තා.

      අවසානයේ ධවල මන්දිරයේ ආරක්ෂාව භාරව සිටි හමුදා ජනරාල් වරයා කුමන්ත්‍රණයේ කොටස් කරුවකු වූ ආරක්ෂක ඇමති දිමිත්‍රි යාදොව් ඇමතුවා. තමන්ගේ සෙබළුන් තාවකාලික සෝවියට් පාලනයේ අණ ප්‍රතික්ෂේප කරන බව ඔහු වාර්තාකළා. ආරක්ෂක ඇමතිවරයා එය කේජීබී ප්‍රධානියාට දන්වා සිටියා.

      “එහෙනම් මේක අල්ලලා දාමු.” බලාපොරෝත්තු සුන් වූ කුමන්ත්‍රණයේ නායකයා අවසානයේ තම සගයන්ට පවසා සිටියා.

      අටදෙනාගේ කල්ලියට වුවමනාව තිබුණේත් විශාල ලේ වැගිරීමකින් තොරව නැවතත් සෝවියට් සංගමයේ බලය ස්ථාපිත කිරීමයි. මුල් අවස්ථාවේ සිටම දැඩි ආත්ම විස්වාසයකින් කටයුතු කිරීමට ඔවුන්ට නොහැකිව තිබුණා. ගොර්බචොව් මහතා බලයෙන් පහකළ බව පැවසීමට සංවිධානය කළ මාධ්‍ය හමුවේදී වුවත් යනායෙව් මහතා වෙව්ලමින් සිටි බව පෙනීගියා. තමන්ගේ අරමුණු පිළිබඳ අවිනිශ්චිතභාවයකින් හා දැඩි බියකින් ඔහු පසු වූ බවයි පැවසෙන්නේ. වගකීම් භාරගැනීමට කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ. කුමන්ත්‍රණයේ ඇත්ත නායකයා වූ කේජීබී ප්‍රධානියා ඉදිරියට පැමිණියේත් නැහැ.

      මේ අතර ජනාධිපති ගොර්බචොව් මහතාව ඉවත් කිරීමට හදිසි අවස්ථා කමිටුව විසින් ගත් තීරණය නීති විරෝධී බවත්, කමිටුවේ සියළු නියෝග අවලංගු කරන බවත් උත්තරීතර සෝවියට් සභාව විසින් අගෝස්තු 21 දා ප්‍රකාශයට පත්කළා. වැඩබලන ජනාධිපති යනායෙව් විසින්ම එම කමිටුව විසිරුවා හැරියා.

      අ‍ගෝස්තු 22 දා විශේෂිත ගුවන් යානයකින් ගොර්බචොව් මහතා මොස්කව් වෙත පැමිණුනා. නමුත් ඒ වන විට ඔහු සෝවියට් දේශයේ පාලකයා වුණේ සංකේතාත්මකව පමණයි. සියල්ල කණපිට ගැසී තිබුණා. ගොර්බචොව්ට තවදුරටත් කරන්නට යමක් ඉතිරි වී තිබුණේ නැහැ. ඔහුගේ නියෝග පිළිපදින්නට කෙනෙකු සිටියේ නැහැ. ඔහුට ඉතිරිව තිබුණේ යෙල්ට්සින්ගේ පදයට නැටීම පමණයි. යෙල්ට්සින් ජනතාව අතර වීරයෙකු වී සිටියා.

      තව දුරටත් සෝවියට් දේශයක් පැවතීම නිශ්ඵල බව සෑම පැත්තකින්ම පෙනීගියා. සෝවියට් සංගමයේ සම්පූර්ණ බලය බොරිස් යෙල්ටිසින් විසින් ඩැහැගෙන තිබුණා.

      යනායෙව් ඇතුළු අටදෙනාගේ කල්ලිය අත්අඩංගුවට පත්වුණා. එසේ අත්අඩංගුවට පත්වීමට මොහොතකට පෙර අභ්‍යන්තර කටයුතු ඇමති බොරිස් පූගෝ වෙඩිතබා ගෙන දිවි නසාගත්තා.

      සෝවියට් සංගමයේ ඇමතිවරු කිහිපදෙනෙක් නීති විරෝධී හදිසි අවස්ථා කමිටුවේ කටයුතු කර ඇති නිසා සෝවියට් රජය විසුරුවා හැරිය යුතු බව රුසියානු සමූහාණ්ඩුවේ පාර්ලිමේන්තුව මේ අතර යෝජනා කළා.

      අගෝස්තු 24 දා සෝවියට් දේශයේ සියළුම බලතල තමා වෙත පවරාගන්නා බව රුසියානු පාර්ලිමේන්තුව නිවේදනය කළා.

      එදිනම ගොර්බචොව් මහතා සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් ධූරයෙන් එනම් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වුණා. එසේම සෝවියට් කොමියුනිස්ට් පක්ෂය විසිරුවා හැරෙන බවත් ප්‍රකාශයට පත්කළා. ඒ වන විටත් සෝවියට් ආරක්ෂක හමුදා සහාය හිමිව තිබුණේ රුසියානු පාර්ලිමේන්තුවට.

      Delete
    6. කොහොම නමුත් දෙසැම්බර් දක්වා සෝවියට් සංගමයේ නාමික ජනාධිපති වරයා ලෙස ගොර්බචොව් මහතා කටයුතු කළා. දෙසැම්බර් 25 දින සවස ඔහු ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වුණා.

      1991 දෙසැම්බර් 26 දා උදෑසන ටාස් ගුවන් විදුලියෙන් මෙම නිවේදනය නිකුත් කෙරුණා.

      “සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයේ පැවැත්ම අද දින සිට අවසාන කරන බව උත්තරීතර සෝවියට් සභාව විසින් සෝවියට් දේශයේ මහජනතාව වෙත මෙයින් නිවේදනය කරනු ලැබේ.”

      විසි වැනි සියවසේ ලෝකය හොල්ලා ගෙන සිටි සෝවියට් දේශය 1991 දී එසේ අවසාන වුණා.

      සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයේ අවසානය පිළිබඳව එහි අවසාන පාලකයා වූ මිහායිල් ගොර්බචොව් මහතා පසුකාලීනව පැවසුවේ මෙහෙමයි.

      "සිගරට් එකක් පත්තු කරගන්න ගිහින් උන් මුළු ගෙදරටම ගිනි තිබ්බා. බලය අල්ලගන්න උවමනා වුණාට උන්ට ඒක ප්‍රජාතන්ත්‍රවාදීව කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉතින් ඔවුන් අපරාධයකට යොමු වුනා. ඒක කුමන්ත්‍රණයක්."

      පැරණි සෝවියට් දේශය ලෝක සිතියමින් ඉවත් වී ගොස් ඒ වෙනුවට රුසියාව ඉස්මතු වුණා. යෙල්ට්සින්ගෙන් පසුව ව්ලැදිමීර් පූටින් විසින් එහි සුක්කානම අතට ගත්තා. ඔහුගේ උත්සාහය වන්නේ යුදමය වශයෙන් සෝවියට් සුපිරි බලවතාගේ අනුප්‍රාප්තිකයා ලෙස රුසියාව පත්කිරීම බව පෙනෙන්නට තිබෙනවා. තම බලය ව්‍යාප්ත කිරීම සඳහා නැවතත් රුසියාව නොනවතින යුද්ධයක පැටලී සිටිනවා.

      පසු ගිය දශක තුන තුළ ලෝකයේ බොහෝ දේශපාලන පෙරළි සිදුවුණා.බලසම්පන්න කොමියුනිස්ට් ජාත්‍යන්තරය වෙනුවට දැන් තිබෙන්නේ ඒ ඒ රටවල ජාතිකවාදීන් විසින් උක්සට ගත් කොමියුනිස්ට් බෝඩ් ලෑලි පමණයි. එහි අතීත ශ්‍රී විභූතිය දැන් නැහැ. ඊට අමතරව නවීන ලෝකය සමඟ විසංවාදයක් නැති යල්පැනගිය සමාජවාදී විප්ලවකරුවන් මාක්ස්ගේ අනුගාමිකයන් ලෙස ගොඩනැඟී තිබෙනවා. ඔවුන් "කොමියුනිස්ට් ප්‍රකාශනය" හෝ "ප්‍රාග්ධනය" ආදී කෘති ගැන අහලාවත් නැති තොරම්බල්කරුවන් පිරිසක්. සමාජවාදය ඔවුන්ට විලාසිතාවක් පමණයි. සමහර සමාජවාදී රාජ්‍ය අන්තවාදී ආගමික කණ්ඩායම් විසින් අත්පත් කරගෙන තිබෙනවා.

      ලෝකය මේ සියළු අලකලංචි මැදින් ගමන් කරද්දී ගොර්බචොව් මහතා මොස්කව් නුවර නිවසට වී නිවිහැනහිල්ලේ ජීවත්වුණා. තමන්ගේ ප්‍රතිසංස්කරණ උත්සාහය නිසා ලෝකය උඩුයටිකුරු වුණත් ඔහුට පසුතැවිල්ලක් තිබුණේ නැහැ. ‍රුසියාව තම පැරණි සගයෙකු වූ යුක්‍රේනය සමඟ යුද්ධයක පැටලීම නිසා ගොර්බචොව් මහතා බොහෝ සෙයින් කම්පා වුණා. ඔහු විටින් විට මාධ්‍යවේදීන් හමු වෙමින් සැහැල්ලුවෙන් කාලය ගතකළා. අසනීපයෙන් පසු වූ හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් මියයෑමට පෙර ගොර්බචොව් මහතා ඇමෙරිකාවේ බුෂ්ගේ නිවසට ගියා. බුෂ් මහතා සමඟ පැරණි මතක අළුත් කරමින් සතුටු සාමීචියේ යෙදුනා.

      තමන් වටා ගොඩනැඟී තිබුණු අසීමිත බලය අතහැරීමට ඔහු දැක්වූ කැපවීම අගය කළ යුතුයි. එය එසේ මෙසේ බලයක් නොවෙයි. ලෝකයේ පැවත්ම පවා තීරණය කිරීමේ ව්ශ්වීය බලයක්.

      සෝවියට් දේශය තුළ සිදුකළ දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණයන්ට අමතරව ඔහු ලෝක සාමය වෙනුවෙන් ද බොහෝ පියවර ගත්තා. ඇමෙරිකාව සමඟ න්‍යෂ්ටික පාලන ගිවිසුමකට ඇතුළත් වුණේ ගොර්බචොව් යුගයේදී. ඒ නිසාම ඔහුට 1990 දී නොබෙල් සාම ත්‍යාගය පවා හිමි වුණා.

      මේ ප්‍රමාණික මිනිසා අගෝස්තු 30 වෙනිදා උදෑසන නික්ම ගියා. ඔහුගේ මරණයෙන් පසු ලියූ කුඩා සටහනකට මෙවැනි කමෙන්ටුවක් වැටී තිබුණා.

      "මහාමේරු පර්වතය වගේ තිබ්බ සෝවියට් දේශයට කෙළපු එකා.."

      අපි කාලයක් තිස්සේ අන්තර්ජාතික භූ-දේශපාලනය ගැන කතා කරනවා. මිහායෙල් ගොර්බචොව් යනු මට අනුවනම් විසිවැනි සියවසේ ලෝකයට බිහි වූ ශ්‍රේෂ්ඨතම නායකයෙක්. ඔහුව අපේ රටේ නිසි ඇගැයීමකට ලක්වුණේ නැහැ. පූටින්ලා ගැන දන්නා බොහෝ අය ගොර්බචොව්ලා ගැන අහලාවත් නැහැ. නමුත් ගොර්බචොව්ගේ යුගයේදී මෙරට කොමියුනිස්ට් පාක්ෂිකයන් ඔහුගේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉහළින්ම පෙනී සිටියා. යම් යම් හේතු නිසා මගේ ලැයිස්තුවේ ගොර්බචොව් ඉන්නේ ලෙනින්ටත් උඩින්.

      ගොර්බචොව්ගේ ශ්‍රේෂ්ඨත්වය තමා මාතෘභූමියේ යහ පැවත්ම හා එහි පුරවැසියන්ගේ පුද්ගල නිදහස පිළිබඳව ඔහු දැරූ නිර්භීත මතය. ජීවිතයේ අවසානය දක්වා ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටියා.1995 දී ප්‍රකාශයට පත්කළ Life and Reforms නම් වූ පොතේ ඔහු සඳහන් කරන්නේ ආරම්භ කරන ලද ප්‍රතිසංස්කරණවල වගකීමෙන් ඔහු කිසිදා නිදහස් නොවන බවයි.

      Delete
    7. ඊළඟට ලෝකයේ අනාගතය වෙනුවෙන් ඔහුට තිබූ සංවේදී තිගැස්ම. ඔහු ඒ වෙනුවෙන් පියවරක් නොවෙයි පියවර ගණනාවක් පසුපසට ආවා. නමුත් ඒ පසුබෑම් නිසා ලෝකය ඉදිරියට ගියා. ඔහු තමන්ගේ ප්‍රබල පසමිතුරා වූ එක්සත් ජනපදය සමඟ දියුණු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයක් පවත්වා ගත්තා. න්‍යෂ්ටික අවිහරන ගිවිසුම් අස්සන් කළා.මේවා ඉතා හොඳ පරිකල්පනයක් ඇති දුර්ලභ නායකයෙකුගේ ලක්ෂණ.

      නමුත් පරම්පරා ගණනාවක් තිස්සේ නිදහස භාවිතා නො කරපු සමාජයකට නිදහස හඳුන්වා දීමට යෑම දැලි පිහියෙන් කිරිපැණි කනවා වැනි වැඩක්. එතැන තමයි ගොර්බචොව්ට වැරදුණේ. ඔහුට උපදෙස් දීමට ප්‍රමාණවත් දැක්මක් තිබුණු උපදේශකයන් පවා පක්ෂය තුළ ඉතිරි වී සිටියේ නැහැ. එවැනි සමාජයකට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී උරුමය කැඳවා දීමට අඩු වශයෙන් දශකයක් පමණ කැපකළ යුතුව තිබුණා.

      මිහායෙල් ගොර්බචොව් මහතාගේ දේශපාලනය ගැන ලිවීම ඔහුගේ මරණය ගැන ලිවීමට වඩා අපට වැදගත්. ඔහු පැරණි පරම්පරාවට අමතකව ගිය එසේම නව පරම්පරාව නො දන්නා සමාජවාදී දාර්ශනිකයෙක්. ලෝකය වඩා යහපත් තැනක් කිරීමට පැමිණි පුද්ගලයෙක්.

      ඔහු ගැන නො කියවූ අය මේ ලිපියට පවා පහර ගසාවි. තමන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔහු එදා සිටම කොම්ප්‍රදෝරු සමාජවාදීන්ගේ නින්දා අපහාසයන්ට ලක්වුණා. ගොර්බචොව් යනු දේශපාලන පරාජිතයෙක් ලෙස තමා ඔවුන් සළකන්නේ.

      නමුත් අද ඔහු ජීවිතයෙන් නික්ම යන්නේ පසුතැවීමක් නැති ජයග්‍රාහිකයෙකු වශයෙන් බව පැහැදිලියි.

      බොන් වොයෙශ් ගෙරෝයි සෝවියට්කෝගෝ සොයුසා..!!

      පැරණි කොමියුනිස්ට් සිරිතට අනුව මිහායෙල් ගොර්බචොව් සහෝදරයාට අපගේ විප්ලවීය ආචාරය...!!!

      Delete
    8. //කුමන්ත්‍රණයේ නායකයන් ඒ වන විට රැඳී සිටියේ මොස්කව් හි ධවල මන්දිරය තුළ. ධවල මන්දිරය යනු සෝවියට් රජයේ මූලස්ථානයයි. යෙල්ට්සින් මොස්කව්හි ධවල මන්දිරය ඉදිරිපිටට පැමිණීමත් සමඟ දහස් ගණන් ජනතාව ඒ වෙතට රොක්වන්නට වුණා. ඔහු යුද ටැංකියක් මතට නැඟ කුමන්ත්‍රණය හෙළා දකිමින් වේගවත් කථාවක් පැවැත්වූවා// මම එදා එතන ඒ දිනවල මගේ පෙම්වතිය වූ නතාලියා චුදීනොවා සමග හිටියා ඇනෝ . එයා සපෝර්ට් කලේ යෙල්ට්සින් ට. මම ගොබචෝව් ට. මේ ලිපිය සංවේදී නමුත් හොඳ එකක්,.
      මම ෆේස්බුක් එකේ දැම්ම පොඩි නෝට් එකක්. ඒ කාරණය අමතක කරලා. නේටෝව ප්‍රසාරණය කරන්නේ නැති බවට ගොර්බා ට සහ යෙල්ට්සින් ට වුනුන් පොරොන්දුව ඔවුන් කඩ කළා. ඒ වගේම පොරොන්දු ආධාර කිසි දෙයක් දුන්නේ නැහැ. හෙල්මුට් කෝල් පසුව මේ ගැන සඳහනක් කළා. පුටින් වගේ කෙනෙක් එන්නේ නැහැ බටහිර ඒ ටික කළා නම්.

      Delete
  8. වැලැක්විය නොහැකි වූ කරුණු කිහිපයක් නිසා "ගිනි සිසිල" මාසික වැඩිහිටි සඟරාවේ සැප්තැම්බර් 2022 කලාපය අද උදෑසන නිකුත් නොවෙන බව කරුණාවෙන් දැනුම් දෙමි.

    -රසික සූරියාරච්චි, සංස්කාරක, "ගිනිසිසිල" වැඩිහිටි සඟරාව
    සිංහල සංස්කෘතික හමුවේ සමලිංගික ලේඛක සංසදය,
    නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය, ඕස්ට්‍රේලියාව

    ReplyDelete
  9. ලංකාව ඩිෆෝල්ට් කරපු එක පහුගිය ඉතිහාසයේ ගත්ත අදූරදර්ශී ම තීරණය. ඒක ගත්තෙ ණය ගෙවන්න සියළු සැලසුම් ක්‍රියාත්මක කරල තියෙද්දි. 2022 ⁣ගෙවන්න තිබුණ ණයවලින් 50%කට ආසන්න ව ගෙවන්න තිබුනෙ පළවෙනි කාර්තුවෙ. ඒව ගෙවල තිබුණෙ. දෙවැනි කාර්තුවෙ තිබුන චීනයට ගෙවන ඩොලර් මිලියන හයසීයක්. ඒ වෙනකොටත් චීනය හා ලංකාව අවසන් අදිය⁣රේ හිටියේ ඩොලර් බිලියන 2.5ක් ගන්න. (කමෙන්ටුව ඇති ලින්ක් එක බලන්න)චීනය මුල ඉඳලම කියපු දෙයක් තමා ඩිෆෝල්ට් කරන්න එපා. එහෙම කළොත් අපට ඒකට එකඟ වෙන්න බැහැ කියන එක. ඒ නිසා, ණය ගෙවන්න අඩු පොලියට ණයක් දීල, තව මිලියන 1500ක් දෙන්න නියමිත ව තිබුණ ඔය ගාමන්ට් ඇතුළු කර්මාන්ත කේෂ්ත්‍රයට සාමාන්‍යයෙන් ගේන අමුද්‍රව්‍ය ගේන්න. අනික Green Bond එකකින් තවත් ඩොලර් මිලියන 1000ක් ගන්න ස්ටෑන්බයි කරල තිබුනෙ. Credit suisse සමාගම ඒකට තෝරගෙන තිබුනෙ. මේ සේරම තියෙනකොට තමා එක පාරම ඩිෆෝල්ට් කළේ.

    ඩිෆෝල්ට් කළාට ලංකාවට ගො⁣ගෙව ඉන්න පුළුවන් ණය තියෙන්නෙ ඉතාම ටිකයි. ලෝක බැංකුව ණය, IMF ණය, ADB ණය නොගෙව ඉන්න බැහැ. මහබැංකුව අදත් ඒව ⁣ගෙවනවා. ජූලිවල ගෙවන්න තිබුණ ISB ණය මිලියන 1000 නොගෙව ඉන්න පුළුවන් වුනා. ඒකයි තව ඉතාම සුළු ණය ටිකකුයි විතරයි.
    ඒ වෙනකොට අපි අපනයනවලින් මාසයකට ඩොලර් බිලියනය උපයමින් හිටියා. මාර්තු මාසයේ සංචාරක පැමිණීම 106000යි. මේවැයිනුත් ඩොලර් එනවා. අනික් පැත්තෙන් ඉන්දියානු ක්‍රෙඩිට්ලයින් එක නිසා ඉන්ධන, ආහාර, ඖෂධ ආනයනයට අමතර ඩොලර් පිට යන එක නවතිනව. මොකද ඔය දේවල් 70%ක් අපි කොහොමත් ගෙනාවේ ඉන්දියාවෙන්.

    මේ සියලු සැලසුම් ක්‍රියාත්මක වෙමින් තිබියදී තමයි ලංකාව ණය ගෙවීම් පැහැර හැරියේ. ඒ ගැන විදේශ ඇමති අලි සබ්‍රි මහතා ඊයේ පාර්ලිමේන්තුදී කළ ප්‍රකාශය ඉතාම වගකීම් විරහිත එකක්. ඔහු ඩිෆෝල්ට් තීන්දුව ගන්නකොට ඉහත විස්තර ගැන දැනුවත්ව හිටිය නොවෙන්න පුළුවන්. ඒත් මුදල් බලතල තිබෙන පාර්ලිමේන්තුවටවත් නොකියා මේ තරම් බරපතල තීරණයක් ගැනීම නීතියට පටහැනියි.

    ප.ලි. අනික මේ සියල්ල මැද අප්‍රේල් 11 IMF සාකච්ඡාවලට යන්න තිබුනෙ. හැබැයි ඒ ඩිෆෝල්ට් නොකරපු පසුබිමක. සබ්‍රිල ගියේ ඩිෆෝල්ට් කරල. ගියාට පස්සෙ IMF එකෙන් කිව්ව, ඔය ගොල්ල ණයකරුවන් එක්ක සාකච්ඡා කරල අපි ගාවට එන්න කියල. ඇත්තටම වොෂින්ටන් ගිය ඩොලර් ටිකත් අපරාදේ.

    ReplyDelete
  10. ගෝඨාභය ගැන මගේ ගරුත්වයක් තිබෙනවා. ඒ ඔහු බලය අත්හැරිය ආකාරය නිසායි. ඔහු විසින් ගොනුකරගන්නා ලද අධිකතර විධායක බලතල ඔහු පාවිච්චි කළේ නැහැ. මිනිස්සු එලෙව්වාට වඩා ගෝටාම ගිය එකයි වුණේ. එලෙව්වාය කියල හිතාගෙන ඉන්න අය ඒක තේරුම්ගන්න එක තමන්ගෙ අවබෝධය සඳහා වටිනවා.

    ගෝඨාභය කියන්නෙ ඉතාම නරක කාලයකදී ලංකාව ඉතාම වැරදි ආකාරයට කළමනාකරණය කළ ජනාධිපතිවරයෙක්. ඔහුගේ ඉල්ලා අස්වීම ඒ සම්බන්ධයෙන් ඔහුගේ වගකීම භාරගැනීමක් ලෙස මා සලකනවා. ඒ මදි අයට පුළුවන් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න. මට නම් ඒ ඇති. පළිගැනීම කියන එකට වඩා මගේ අවධානය යොමුවෙන්නෙ රට ගොඩගැනීම කියන කාරණයට. පළිගැනීම ප්‍රමුඛ කරගත් අය කැමති දෙයක් කරගන්න.

    මං පෞද්ගලිකව හිතන්නෙ ඔහු කැමති රටක පාඩුවේ ජීවත්වෙන්නට ඔහුට ඉඩදිය යුතු බවයි. හැබැයි ඉතින්, ආරක්ෂක ලේකම් කාලෙ චෝදනා විභාග කළ යුතුයි. ජනාධිපති කාලෙ වුණත්, දූෂණ චෝදනා විභාග කළ යුතුයි. ඒක අධිකරණයේ වැඩක්. දේශපාලනයේ අවධානය යොමු කළ යුතු ඊට වඩා වැදගත් කරුණු ඕනැ තරම් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ගෝඨාබය යන්න අරගලය හේතුවක් වුනා කියන එකයි මගේ අදහස. ඔහුගෙන් පලිගන්න තරම් අදහසක් මට නම් හිතෙන්නේ නැහැ. නමුත් දෙමල ඩයස්පෝරා එක ඒකට බල කරයි කියා හිතෙනවා.

      Delete
  11. ජොබක් සෙට් වුනා..

    අඩෝ පොට් එකක ග්‍රැෆික් ඩිසයිනර් ජොබක් සෙට් වුනා. මම හිතුවෙ මගේ වැඩ ටිකත් කරගෙන හෙන ෆ්ලෙක්සිබල් schedule එකක් ඇති කියලා. පස්සෙ ඒකෙ ඩෑල් එකක් කෝල් කලා මට. එතනදි පොර කතා කරපු විදිහට නම් හෙන ටයිට් ශෙඩියුල් එකක් තියෙන්නෙ. උන්ගෙ office hours 9-6 ලු. සතියට දෙතුන් දවසක් එන්න වෙනවලු ඔෆිස් එකට. ඔෆිස් එක තිඹිරිගස්යායෙලු තියෙන්නෙ.මගෙන් ඇහුවා කීයක් බලාපොරොත්තු වෙනවද කියල. මම ඉතින් මගේවැඩ ටිකත් කරගෙන ශේප් එකේ ඒකෙ වැඩ කරනව කියල හිතාගෙන හිටපු නිසා හිතාගෙන හිතාගෙන හිටියෙ 50ක් තිබ්බත් ඇති කියල. ඉතින් මම 50ක් වගේ කියල කිව්ව.

    දැන් නම් හිතෙනව පාඩුයි කියල ඒ ගනන් කියපු එක. උන් මට ආර්ට්වර්ක් වගයක් එවනව කිව්වා මගේ ටයිමින් බලන්න ඩිසයින් එකක් කරන්න. බ්‍රහස්පතින්දාරෑට එවනව කිව්වෙ. එදා එව්වෙ නෑ. අන්තිමේ අද පාන්දර 1ට මැසේජ් එකක් දාලා තිබ්බා ඒකෙ ඩයල් එකක්. මම අක්කලගෙ ගෙදර ආවා. දැන් ඉතින් ඕක එව්වා කියල කරන්න විදිහක් නෑනෙ. මම කිව්වා සඳුද වෙනකන් කරන්න විදිහක් නෑ ගෙදර නෙමෙයි ඉන්නෙ අවුලක් නැත්තන් සඳුදට කරල එවන්නද කියල ඇහුවා.කමක් නෑ. හැබැයි තාම ආර්ට්වර්ක් ටික එව්වෙත් නෑ. සඳුදටම එවයිද දන්නෙත් නෑ.

    එහෙම පොට් එකක් ගූගල් එකෙත් නෑ එෆ්බී එකෙත් නෑ මැප් එකෙත් නෑ. මාව රෙකෲට් කරපු ඩයල් එක නම් කිව්වෙ කම්පැනි එක රීනේම් කරපු කතාවක්. ඔෆිස් එක රත්මලානෙලු තිබ්බෙ. අලුතෙන් තිඹිරිගස්‍යායට ගෙනියන කතාවක් තමා තියෙන්නෙ.

    50ක් කියල අන්තිමේ පුක ඉරාගෙන වැඩ කරන්න වෙයිද දන්නෙ නෑනෙ. මම අකමැතිම වැඩක් තමා කුනු කොල්ලෙට වැඩ කරන එක. එතකොට වැඩ කරන්න හිතෙන්නෙ නෑ. 😖

    Mama dan MK?

    ReplyDelete
  12. ඔයාගෙ කොච්චර දිගද?

    පිරිමියෙකුගේ ලිංගයේ ප්‍රමාණය සහ කාන්තාවක් ලබන තෘප්තිය අතර සම්බන්ධතාවයක් නෑ. ඇත්තටම පුරුෂ ලිංගයකට වඩා තෘප්තියක් ලබන්න පුළුවන් ඩිල්ඩෝස් නිෂ්පාදනය වෙලා තියෙනවා. කෙනෙක් එක්ක ලිංගිකව එකතු වීමෙන් ලබන තෘප්තියේ වැඩි කොටසක් රඳා පවතින්නෙ ඒ දෙන්නා අතර බෙදාහදාගන්නා ඉන්ටිමසිය මත. ඒ කියන්නෙ සමීපත්වය, තේරුම් ගැනීම, සංවාදය, ආදරය, උණුසුම, විවෘතභාවය ආදී කාරණා මත. පුරුෂ ලිංගයේ ප්‍රමාණය ගැන තියෙන්නෙ මානසික ෆැන්ටසියක්.

    කොහොම වුනත් පිරිමි සහ ගැහැණු දෙවර්ගයම උනන්දුයි පිරිමින්ගෙ ලිංගයෙ ප්‍රමාණය ගැන. පර්යේෂණ අනුව පෙනිලා තියෙන්නෙ මේ ලිංගවල ප්‍රමාණය සාමාන්‍යයෙන් අපි හිතනවාට වඩා කුඩා බවයි. ඒ වගේම රටක ජීවත් වෙන පිරිමින්ගෙ ලිංග බොහෝදුරට ප්‍රමාණයෙන් සමානයි. ඒ කියන්නෙ ලොකු වෙනස්කම් නෑ. පිරිමියෙකුගේ ලිංගයේ ප්‍රමාණය භූගෝලයට වඩා තීරණය වෙන්නෙ ජාන අනුව. ඒ වගේම කුඩා කාලයේ හරිහැටි පෝෂණය නොලැබීම වගේ කාරණාත් ලිංගය නිසි ලෙස නොවැඩීමට බලපාන්න පුළුවන්. ශරීරයේ ප්‍රමාණය සහ ලිංගයේ ප්‍රමාණය අතර සමීකරණයක් ගොඩනගාගන්න ගොඩක් අය උත්සාහ කළත් පර්යේෂණ අනුව පේන්නෙ එහෙම නිශ්චිතව කියන්න බැරි බවයි. ඒ කියන්නෙ උස වැඩියි කියන්නෙ ලිංගය දිගයි කියන එක නෙමෙයි. ඒ වගේම අත්ලෙ දිග, සපත්තුවෙ දිග, නහයේ දිග ආදියෙන් ලිංගයේ දිග සෙවීමත් බොරු කතන්දර විතරයි.

    රටින් රට ලිංගයේ ප්‍රමාණයේ ඇවරේජ් එකක් හදාගන්න එක ගොඩක් අමාරු වැඩක්. එකක් මේ ගැන තියෙන දත්ත ප්‍රමාණය කුඩා වීම. අනික මේ දත්ත ගොඩක් වෙලාවට ස්වයං මිනුම් විදිහට වාර්තා වීම. ඒ හින්ද පර්යේෂණාගාරයක කළ මිනුම් ඇසු‍රින් තරම් නිවැරදිභාවයක් මෙතන ගොඩනගා ගන්න බෑ.

    ලෝකෙ ඍජු වූ පුරුෂ ලිංගයක සාමාන්‍ය දිග සෙමි. 13.58ක් වෙනවා. ඒ කියන්නෙ අගල් 5.35ක්. රටවල් අනුව බැලුවම දිගම සාමාන්‍යය තියෙන්නෙ සෙමි 17.61ක්. ඒ කියන්නෙ අගල් 6.93ක්. මේ රට තමයි ඉක්වදෝරය. වැඩියෙන්ම සාමාන්‍ය ශරීර උස වාර්තා වෙන්නෙත් ඉක්වදෝරයෙන්. හැබැයි ඒක හැමතැනකදිම එහෙම වෙන්නෙ නෑ.

    පොඩිම ඍජුවූ ශිෂ්නයේ ඇවරේජ් එක වාර්තා වෙන්නෙ කාම්බෝජයෙන්. ඒක සෙමි. 10.01ක්. ඒ කියන්නෙ අගල් 3.95ක්.

    කෙලින් වුනාම පුංචිම පුරුෂ ලිංගයන් තියෙන පුද්ගලයෝ ඉන්න රටවල් අතර ලංකාවත් ඉන්නවා.

    ඉන්දියාව තමයි ලෝකෙ දෙවෙනියට කුඩාම පුරුෂ ලිංග සාමාන්‍යයක් තියෙන රට. අගල් 4යි. චීනෙ ඉන්නෙ ඉන්දියාවට වඩා චුට්ටක් ඉස්සරහින්. අගල් 4.3යි. උතුරු කොරියාව තමයි පුංචිම. අගල් 3.8යි. ඉතිං වෙන මොනවා නැති වුනත් ආසියාවෙ හැටියට අපේ පුරුෂ ලිංගෙ සයිස් එක ගැන නම් තරමක් ආඩම්බරෙන් පුළුවන්.

    -රසික සුරියරච්චි-

    ReplyDelete
  13. ගොර්බචොෆ් හා දේශපාලන කතා

    සසෙක්ස් විශ්වවිිද්‍යාලයේ සිටි ලාංකිකයන් අතරින් දේශපාලනය කතා කෙළේ ෆ්‍රැන්ක් ප්‍රනාන්දු හා මහේන්ද්‍රන් පමණයි. ෆ්‍රෑන්ක් දක්‍ෂිණාංශික මත දැරූ අයෙක්. ඔහු සෝවියට් දේශයටවත් ඊනියා සමාජවාදයටවත් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඔහුගේ කැමැත්ත තිබුණේ බටහිර ක්‍රමයට. ඔහු කිසි පරස්පරයක් නැතිව එහි ජීවත් වුණා. 1969-70 කාලයේ දී සෝවියට් සංගමය කඩා වැටෙන්න පටන් අරන්. 1953 ස්ටැලින්ගේ මරණයත් සමග තවදුරත් රාජ්‍ය ධනවාදය ක්‍රියාත්මක කිරීම අසීරු වුණා. ස්ටැලින්ගෙන් පසු බලයට පැමිණි කෘෂ්චොෆ් 1964 දී බලයෙන් පහවෙන විට නමින් සන්ධීය රාජ්‍යයක් වූ සෝවියට් සංගමය දෙදරා යෑම ආරම්භ වී තිබුණා. 1968 දී චෙකොස්ලොවේකියාවේ සිදු වූ ප්‍රතිසංස්කරණ සමග සෝවියට් සංගමය එරට ආක්‍රමණය කළා.

    සමසමාජ පක්‍ෂයේ අප ස්ටැලින්වාදයෙන් ඊනියා නියම සමාජවාදයකට සෝවියට් සංගමය පරිවර්තනය වේය යන බලාපොරොත්තුවක් ඇති කර ගෙන තිබුණා. කෙසේ වෙතත් ෆ්‍රෑන්ක් ඒ ආක්‍රමණය සම්බන්ධයෙන් 1969 මුල දී පවා විරුද්ධත්වයක් දැක් වූවා. කෘෂ්චොෆ්ගෙන් පසු බලයට පැමිණි බ්‍රෙෂ්නොෆ්ට එ කඩා වැටීම වළක්වන්න බැරි වුණා. එහෙත් කෘෂ්චොෆ් මෙන් ම බ්‍රෙෂ්නොෆ් ද බටහිර විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළා. මෙය වෙනස් කෙරුවේ පසුගිය දා අභාවප්‍රාප්ත වූ ගොර්බචොෆ්. ඔහු බ්‍රෙෂ්නොෆ්ගෙන් පසුව කීප දෙනකු නායකත්වය දැරීමෙන් පසු 1985 දී බලයට පත් වුණා. ඔහුගේ කාලයේ දී ආර්ථික හා දේශපාලන වෙනස්කම් ඇති කළ පෙරෙස්ත්‍රොයිකාවත් තොරතුරු දැනගැනීමට ඉඩ සැලසූ ග්ලාස්නොස්ට් ක්‍රමයත් ක්‍රියාත්මක කළා. ඔහු සෝවියට් සංගමයට අයත් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගහන්න ගියේ නැහැ. එමෙන් ම ඡන්දදායකයන්ගෙන් තුනෙන් දෙකකට වඩා කැමති නම් ඒ රටවලට සෝවියට් සංගමයෙන් ඉවත් වීමටත් හැකි වන පරිදි සෝවියට් ව්‍යවස්ථාව සංශෝධනය කළා. මේ සියල්ලෙහි ප්‍රතිඵලය වූයේ 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමයි. මේ සිද්ධි දාමයෙහි එක් අවස්ථාවක් වූයේ 1989 දී බර්ලින් තාප්පය කඩා වැටීමයි.

    ගොර්බචොෆ් ඉතිහාසගත වනු ඇත්තේ බටහිරත් සමග සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ ඊනියා සීතල යුද්ධය අවසන් කළ සෝවියට් සංගමය විසුරුවා හැරීමට කටයුතු කළ පුද්ගලයා හැටියටයි. එය ඔහුගේ ක්‍රියාවකට වඩා ඊනියා සමාජවාදයේ කඩා වැටීමක් ලෙස රාජ්‍ය ධනවාදයේ කඩා වැටීමක් ලෙස දකින්න පුළුවන්. එපමණක් නොව එය මාක්ස්වාදයේ අවලංගු බවත් වමාලා හැරෙන්න අනෙක් බොහෝ අය දුටු අවස්ථාව ලෙසත් දකින්න පුළුවන්. ස්ටැලින්වාදය කඩා වැටීම මාක්ස්වාදයේ නැවත නැගිටීමක් ලෙස දකින්නට බලා සිටි ට්‍රොට්ස්කිවාදීන්ට එය පහරක් වුණා. ඉන් පසු විවිධ පශ්චාත් මාක්ස්වාදී ගුරුකුල ඇති වුණා. අද සමහරුන්ට අනුව සමාජවාදය අනිවාර්යයයෙන් ම ඇති වෙන ඊනියා වාස්තවික යථාර්ථයක් නොව විය හැක්කක් පමණයි. නිවුටන් කිවුවලුු ඇපල් අනිවාර්යයෙන් ම වැටෙනවා නොව වැටෙන්න පුළුවන් කියා! මොවුන් මේ කියන්නේ ක්වොන්ට්ම් සම්භාවිතා ගැන නො වෙයි.

    අසූවේ දශකයේ මුල ම අපට මාක්ස්වාදයේ අවලංගු බව දැක ගන්න පුළුවන් වුණා. ඒ කාලයෙ ගොර්බචොෆ් බලයට පත්වෙලා තිබුණෙ නැහැ. ඒ කතාව පසුවට ආ ගිය තොරතුරුවලින්. අද ලංකාවේ වමාලාට වමක් නැහැ. ඔවුන්ට සකර්බර්ග් සරණයි. ඔවුන්ට තමන්ගේ ඇහේ තියෙන පරාලය පෙනෙන්නේ නැහැ.



    ෆ්‍රෑන්ක් ප්‍රනාන්දු හැරෙන්න දේශපාලනය කතා කළ අනෙක් තැනැත්තා මහේන්ද්‍රන්. ඔහුට තිබුණේ එක ම එක දේශපාලනයක්. ඒ සිංහල විරෝධයක්. එකල බොහෝ දෙනා එංගලන්තයට පශ්චාත් උපාධි සඳහා ගියේ ශිෂ්‍යත්වයකින් හරි රැකියාවෙන් ලැබුණු වැටුපෙන් හරි. රජයේ ශිෂ්‍යත්ව, පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව, කොළඹ ක්‍රම ශිෂ්‍යත්ව ආදී වශයෙන් ශිෂ්‍යත්ව තිබුණා.

    එයට අමතර ව විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරුන් ලෙස පරිවාස පදනමකින් බඳවා ගනු ලැබූ අයට වැටුප් සහිත ව නිවාඩු ලැබුණා. ඒ වැටුප එකල එංගලන්තයේ ජීවත් වීමට හොඳට ම ප්‍රමාණවත්. වෙනත් රජයේ රැකියාවල ද ඒ පහසුකම තිබුණා. එහෙත් මහේන්ද්‍රන්ට එවැනි ශිෂ්‍යත්වයක් හරි පරිවාස සහකාර කථිකාචාර්ය පදවියක් හරි තිබුණේ නැහැ. ඔහු එංගලන්තයට ගොස් තිබුණේ පෞද්ගලික වියදමෙන්.

    ReplyDelete
    Replies
    1. විශ්වවිද්‍යාලයේ පරිවාස සහකාර කථිකාචාර්ය පදවියක් ලැබීමට (දැන් කථිකාචාර්ය ලෙස ඒ තනතුරු නාමය වෙනස් කර තියෙනවා) පළමු පංතියේ හරි දෙවැනි පංතියේ (ඉහළ ශ්‍රේණියේ) හරි සාමාර්ථයක් තියෙන්න ඕන. එයත් ප්‍රමාණවත් නැහැ. එවැනි අයදුම්කරුවන් කිහිප දෙනකු සිටියොත් ඇතැමුනට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එහෙත් විශ්වවිිද්‍යාලවල මගඩි සිදුවෙනවා. සමහර විට විවිධ හේතු නිසා දෙවැනි පංතියේ(පහළ ශ්‍රේණියේ) සාමාර්ථ ලැබූ සිංහල දෙමළ මුස්ලිම් අයට එකී පදවි ලැබෙනවා. ඔවුන් මහාචාර්යවරුනුත් වෙනවා. කෙසේ නමුත් දෙවැනි පංතියේ (පහළ ශ්‍රේණියේ) සාමාර්ථයක් ලැබ තිබූ මහේන්ද්‍රන්ට අර විශේෂ හේතුවක්වත් තිබී නැහැ පරිවාස පදවියක් ලබා ගැනීමට. ඔය විශේෂ හේතු අතර බලවත් දේශපාලනඥයකුහේ ඉල්ලීම, අධ්‍යනංශ ප්‍රධානියාගේ මතවාදී පක්‍ෂපාතිත්වය ආදිය තියෙන්න පුළුවන්. ඒ අතර දේශපාලනඥයන්ගේ ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කෙරෙන අවස්ථා ද තියෙනවා. මහේන්ද්‍රන් සමත් වී ඇත්තේ 1965 වසරෙ. එකල ඔහට අර විශේෂ අවස්ථාවක් උදාවෙලා නැහැ.

      ඔහු තම වියදමෙන් එංගලන්තයට ගොස් කියා සිටියේ ඔහුට දෙමළ වීම නිසා පරිවාස සහකාර කථිකාචර්ය පදවියක්වත් ශිෂ්‍යත්වයක්වත් හිමි නොවූ බවයි. ඒ තමයි ඔහු දැන සිටි දේශපාලනය. ඔහු සසෙක්ස් විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේත් ඒ බව කියා තියෙනවා. ඒ තමයි දෙමළ ජාතිවාදය. එහෙත් ඔහුට ආචාර්ය උපාධිය නිම කර ලංකාවට පමිණි විගස කොළඹ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර්ය (අද කියන විධියට නම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය) පදවියක් ලැබුණා. මට වෙන්න ගියේ ඒකෙ අනෙක් පැත්ත. ඒකත් පසුවට.

      -එමිල් මහේෂ් වලතර-

      Delete
  14. බෝබැක් කන්ද මුදුනේ හිම වැටෙන මිටියාවතේ ඇමරිකන් සමලිංගික ගොපලු තරුණයන් දෙදෙනාගේ සමරිසි ආදර අන්දරය බෝබැක් මවුන්ටන්. අදම කියවන්න. වැඩිහියන්ට පමණයි.

    -රසික සූරියආරච්චි,
    සංස්කාරක, ගිනිසිසිල වැඩිහිටි සඟරාව
    සිංහල සංස්කෘතික හමුවේ සමලිංගික ලේඛක සංසදය
    නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය, ඕස්ට්‍රේලියාව

    ReplyDelete
  15. මගේ නම රසික. මට ඉස්කෝලේ දාලා තියපු නම තමයි 'බොක පෙට්ටි'. (සමහරු කියනවා හරි වචනේ බොක නෙමෙයි බොග කියලා. ඒත් අපි පාවිච්චි කලේ බොක කියන වචනේ,ඒකම මෙතැන් යොදා ගන්නවා.)
    මට ඒ නම වැටුනේ මේ හින්දයි.

    මම පොඩි කාලේ, 4 වසරේ ඉන්නකොට දවසක් ඉස්කෝලේ ගිහිං පාඩුවේ හිටියා.ඉතිං මම ඉස්කෝලේ ගිහිං දවල්ට කෑම එහෙම කළා ටිකක් වෙලා ඉන්නකොට හදුනා කක්කා බරක්. මම ඉතිං ඕක ඉවසං හිටියා. ඉස්කෝලේ මැඩම්ට හරි මිස්ලාට හරි මේක මම කිව්වේ නැත්තේ ලැජ්ජාවට. මොකද සාඩම්බර ලාංකිකයන් වන අපි කාටහරි කියලා වැසිකිලි යාමට මැලිවෙනවානේ. ඒක ලැජ්ජාවට දෙයක් කියලනේ අපි දන්නේ.

    ඒත් ඒත් ඉතිං ඔරලෝසුවේ කටු විනාඩියෙන් විනාඩිය යද්දී මට කක්කා බර ඉවසන්නම බැරි උනා. මට හිතුනා තනියම ගිහිං බොක දාලා එන්න. ඒත් වැඩේ උනේ බොක දැම්මට පුක හෝදන්න මම දන්නේ නැති එක.අනික රජයේ පාසල් වලටනේ අපි ගියේ. ඒවගේ වතුරත් නෑ. ඉතිං බැරිම තැන මම කලේ මේකයි.

    හිමිං සීරුවේ මගේ කෑම පෙට්ටියත් අරං ඉස්කෝලේ පැත්තකට ගියා. එතකොට ඉන්ටවල් ඉවර නිසා එකේ කෑම තිබුනේ නෑ. ඉතිං මම කලේ කෑම පෙට්ටියට කක්කා කරලා, ජෝකාගෙන් මගේ සිඟිති පුක පැත්ත පිහදලා ඒකත් දැම්මා කෑම පෙට්ටියට.

    ඉතිං ඊට පස්සේ මම පන්තියට ගිහිං ජෝකත් නැතිව සිවිල් පිට බොහොම සතුටෙන් හිටියා.

    ඒත් මිත්‍රවරුනි කර්මයක් පලදෙන්න තියෙනවා නං මහා මුහුද මැද සිටියත්,පර්වත වලින් වටවුන මහා ගල්ගුහාවක හිටියත් ඒක පළදෙනවා කියලා බුදුබනේ සදහන් වෙනවා. මටත් ඒක උනා.

    මම පන්තියට ගිහිං ටික වෙලාවකින් පන්තිය ඇතුලේ කසුකුසුවක් නැගුනා. දුමින්ද කියන ළමයා කලබල වෙලා පන්තියේ හැම තැනම ඇවිද ඇවිද මොකක්දෝ හොය හොයා ඉදලා එක පාරටම මිස්ට ගිහිං කිව්වා ‘මිස් මගේ වෝටර් කලර්ස් පෙට්ටිය නැති වෙලා’ කියලා. බලද්දී දුමින්දයාගේ වෝටර්කලර්ස් පෙට්ටිය නැති වෙලා. ඌ එක එකාට චෝදනා කරනවා ඔයා තමයි මගේ මෙව්වා එක ගත්තේ කියකියා.

    බැරිම තැන මිස් කරේ හැමෝගෙම බෑග් බලපු එක. ඉතිං ඔහොම එකෙකාගේ බෑග් බලාගෙන අවා. මගේ වාරෙත් ආවා. මගේ බෑග් එකේ බැලුවා මොකුත් නෑ. ඊට පස්සේ මිස් කරේ මගේ කෑම පෙට්ටිය ඇරලා බැලුවා ඔක්කොම ඉස්සරහා. ගූ හතයි, වැලි දෙකයි.

    කෑම පෙට්ටියේ තඩි ගූ බෙට්ටකුයි, ගූ ගෑවිච්ච ජංගියකුයි තියෙනවා. මගේ වැඩේ මාට්ටු. පස්සේ පස්සේ ඔය කතාව හැමෝම දැන ගත්තා. ඒත් මම ඕකට සැලුන්නෑ. ඊට පස්සේ මාව දන්නේ සමන් කිව්වම නෙමෙයි ඉස්කෝලේ දන්නේ බොක පෙට්ටියා කිව්වම.
    මුලදී මුලදී මට ඔය නම ඇල්ලුවේ නෑ. ඒත් අර හැමදාම දකින කුකුලගේ කරමලත් සුදුයි කියනවා වගේ මාත් ඔය නමට පුරුදු උනා. දැන් නං මම රැකියාවකුත් කරනවා රටේ ලෝකේ පිළිගත්තු.

    ඉතිං මම මේ කතාව කිව්වේ මොකද,උබලත් කියපල්ලකෝ උබලට වැටිලා තියෙන නම් එහෙම මොනාද කියලා.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .